Monday, August 12, 2024
166. Online ප්‍රේමයේ උප්පත්ති කාලය ගැන ආරංචියක්
Sunday, August 4, 2024
696. ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ ගැන මගේ මතක...
දැං අර ගංගාරාමෙ හාන්දුරුවො මැරිල ගියානෙ..කට්ටියක් එයාගෙ හොඳ කියනව කට්ටියක් නරක කියනව..මම මේ ඒ ගැන මොකවත් කියන්ට හදනව එහෙම නෙවෙයි..
කොහොමත් කිව්වත් කියන්ට වෙන්නෙ නරක තමයි..ඒ මොකද කියනවානං මට මනුස්සයෙක් මලාට පස්සෙ හොඳට වැඩිය මතක හිටින්නෙ නරක..
ඒ කිව්වෙ දැං ජැක්සන් මලාට පස්සෙ මට මතක බුවා සුගතපාල ද සිල්වා මහත්මයාගෙ මරාසාද් නාට්‍යයෙ යොන් පෝල් මරා විදිහට රඟපාමින් ප්‍රදර්ශනය කල විශිෂ්ඨ හැකියාව නෙවෙයි ඇස් දෙකත් දොම්බං කරගෙන කට හරව හරව මයිනා පැවත එන්නෙ බුදු හාමුදුරුවන්ගෙ පරම්පරාවෙන්ය කියල කියනව...කාලෝ ගැනත් එහෙමයි...වාසුදේව ගැනත් එසේමයි..
හරි එව්ව ඇරිච්චාවෙ..කියන්ට ආපු කතාව කියමු..
ඔය ගංගාරාමෙ අල්ලපු ඉඩමෙ ඒ කාලෙ තිබ්බලු ප්‍රයිවට් කම්පනි එහෙක හෙඩ් ඔෆිස් එකක්..අපි කියමු සත්සර ට්‍රේඩිං සමාගමය කියල..ඕකට ඔන්න එක පාරක් අලුතෙං පත්වෙලා ආවලු බොහොම ලස්සන ගෑණ් ළමයෙක් රිසෙප්ෂනිස්ට් හැටියට..
මේ ළමය ඉතිං හැමෝත් එක්කම සුහදව කාගෙත් හිත දිනාගෙන අපූරුවට රාජකාරියත් කරගෙන ඔන්න දැං ඉන්නවලු..හැබැයි මේ ළමයගෙ එක වැරැද්දක් තියෙන්නෙ පොඩ්ඩ ඇත්තං කලබල වෙනවලු..කලබල උනාම කියන්නෙ මොනවද කරන්නෙ මොනවද කියල එයාටම තේරුමක් නැතිලු..ටෝටලි මඤ්ඤමයිස්ඩ්ලු...රිසෙප්ෂන් එකේ ඉඳගෙන ඉන්නකොට ඩිරෙක්ටර් කෙනෙක්ගෙං කෝල් එකක් ආවොත් පුටුවෙං නැඟිටලලු ආන්ස්වර් කරන්නෙ..ඒ වගේම මේ ළමයට පොඩි නුහුගුණ ගතියකුත් තිබ්බලු.
අනික් අය ඔය නිකරුනෙ කලබල වෙන එක නවත්ත ගන්න කියල අවවාද කලාට කොහෙද මේ ළමයට ඒක අතෑර ගන්නම බෑලු..ඉතිං ඔය නිකරුනේ කලබල වෙන වැඩේ සහ නුහුගුණ සීන්ස් එක හින්ද මේ ළමය ඔෆිස් එකේ කොල්ලංගෙන් බයිට් වෙන එකත් සීමාවක් නෑලු..
ඔන්න දවසක් දවල් කෑම පැය ඉවරවෙලා මේ ළමය ඇවිල්ල රිසෙප්ෂනිස්ට් පුටුවෙ ඉඳගත්ත විතරයිලු ෆෝන් එක රිං වෙන්ට ගත්ත..මේ ළමයා ආන්ස්වර් කලා..
"හෙලෝ සත්සර ට්‍රේඩිං..හව් කැන් අයි හෙල්ප් යූ?"
"මේ.....කැන් හෙල්ප් යූ නෙවෙයි ළමයො... අපේ ඇතා එහෙම ඔය පැත්තෙ ආවද? මේ උදේ කිතුල් වගයක් කකා හිටිය..දැං බැඳල හිටපු තැන පේන්ට නෑනෙ.."
"කවුද මේ කතා කරන්නෙ කියල කියනවද කරුණාකරල? "
"ඇයි ළමයො මාව ඇඳින්නෙ නැද්ද? මම මේ ගංගාරාමෙ පොඩි හාමුදුරුවො..අපි අල්ලපු වැටේ ඉන්නෙ..ඔය ළමය ඔතෙන්ට අලුත් ඇති නේද? නැත්නම් මාව කටහඬින් අඳුරනව ඔතන වැඩ කරන පරණ අය ඔක්කොම.."
මේ ළමයා බයවුණු පාර පුටුවත් පෙරළගෙන නැඟිට්ටෙ..
"අනේ හාමුදුරුවනේ සමාවෙන්න..මම මේ රස්සාවට ඇවිල්ල වැඩි දවසක් නෑ.."
"හරි හරි මම හිතුවා..මම හිතුවා..හරි ඇතා ඇවිල්ල ඉන්නවද කියල පොඩ්ඩක් බලල කියනවද මට? "
"එහෙයි හාමුදුරුවනේ..එහෙයි එහෙයි "
ඔන්න එතකොටම කලිං සෙට් කරගත්තු විදිහට ස්ටාෆ් එකේ එක කොල්ලෙක් එතෙන්ට එනව..
"ඇයි සුලෝචනා මොකක්ද ප්‍රශ්ණෙ? "
"අනේ සුජිත් මේ ගංගාරාමෙ පොඩි හාමුදුරුවො ටෙලිෆෝන් එකෙං කතා කරන්නෙ.."
"ඉතිං? "
"එතුමගෙ ඇතා මෙහෙ ආවද කියල අහනව.."
"හරි හරි මම දැක්ක දැං ටිකකට ඉස්සෙල්ල අපේ අර පිටිපස්සෙ අඹ ගහ යට කුරුම්බා කෝම්බෙකිං පුට්බෝල් ගගහ ඉන්නව.."
"ඈ? ඇත්තු පුට්බෝලුත් ගහනවද? "
"මමත් හැබැයි ඔය දැක්කමයි..වෙන්න ඇති සමහරවිට... පූරුවෙ පිං කරපු සර්දාවන්ත ඇත්තුනෙ.."
"හරි හරි.." කියල කෙල්ල ආයම ටෙලිෆෝන් රිසීවරේ කණේ තියාගත්ත.."
"අපෙ හාමුදුරුවනේ...ඔව්..ඔව්..ඔබ වහන්සෙගෙ ඇතා මෙහෙ ඇවිත් තියනව..අපේ අර පිටිපස්සෙ තියනව අඹ ගහක් ඒක යට ෆුට් බෝල් ගගහ ඉන්නවලු.."
"හප්පේ ඔන්න බලන්නකො ළමයො..මම මේ දහ අතේ ගිණි පත්තු වෙලා හොයනව..මූ මෙහෙ ආතල් එකේ ෆුට්බෝල් ගහනව..අද හොඳ වැඩක් කරන්නම් මම..ඉන්නකො මමම ඇවිල්ල ඔය ගෙහෙඩියා අල්ලගෙන යන්නං..අනේ ළමයො මං එනකං සතාට කොහෙවත් යන්න නොදී බලාගන්න හොඳද? "
"එහෙමයි අපෙ හාමුදුරුවනේ.."
"හරි හරි ඔයා යන්න ඕන නෑ..හාමුදුරුවො එනකල් මම ඇතාව බලාගන්නං..." සුජිත් වැඩේ බාරගත්තා..
"අනේ තෑන්ක්ස් සෝ මච් සුජිත්.."
විනාඩි දහයකිං විතර ඔන්න සුජිත් ආයම ආව සුලෝචනා ලඟට..
"අන්න වැඩේ හරි..හාමුදුරුවොම ඇවිල්ල ඇතාව ආපහු අරගෙන ගියා..ඔයාට කියන්ට සුලෝචනා..හාමුදුරුවො ඇවිල්ල වැට ලඟ ඉඳල මෙහාට එන්ට නේද කිව්වෙ කණ්ඩුල කිව්ව ගමං පොල් කෝම්බෙත් අතෑරල දාල බලු කුක්කෙක් වාගෙ හාමුදුරුවංගෙ පස්සෙ වැටිල ගියානෙ.."
"එහෙම තමයි අනේ පන්සල්වල හැදෙන පිංවන්ත ඇත්තු.."
විනාඩි දහයකිං විතර ආයම ෆෝන් එක රිං වෙනව..
"හෙලෝ සත්සර ට්‍රේඩිං..හව් කැන් අයි හෙල්ප් යූ?"
"ඉයා..ගුඩ් ආෆ්ටර්නූන්...ඊස් අවර් ප්‍රීස්ට් දැට්ස් අවර් පොඩි හාමුදුරුවෝ ස්ටිල් දෙයාර්? "
"මේ අයි නෝ හූ ඊස් ස්පීකිං දෙයා ප්ලීස්? "
"අයෑම් ගංගාරාමෙ ඇතා හියර්..."
"වට්? ඇතා?.." සුලෝචනා රිසීවර් එකත් මේසෙ උඩ තියල දනි පනි ගාල පුටුවෙන් නැඟිට්ට..නැඟිට්ට නෙවෙයි ඇත්තම කිව්වොත් නැඟිට්ටුනා....වෙලාව කියන්නෙ සුජිත් ආයම ඔන්න කොහෙද ගිහිල්ල මේන් එන්ට්‍රන්ස් එකෙං ඇතුල් වුනා..
"අනේ සුජිත් හොඳ වෙලාවට ඔයා ආවෙ.."
"ඇයි මොකෝ නංගි අවුල?"
"මේ ඇත්තුන්ට කතා කරන්න පුලුවන්ද? "
"සාමාන්‍යයෙන්නම් බෑ..ඒත් මම අහල තියනව මේ ගංගාරාමෙ ඇතාට කතා කරන්න පුලුවන්ය කියල..මම හිතන්නෙ බොරුවක් වෙන්න ඕන.."
"බොරුවක් නෙවෙයි අනේ..අන්න ඇතා තමයි ටෙලිෆෝන් එකෙං කතා කරන්නෙ..අනික විස්වාස කරන්ටත් බෑ ඇතාට ඉංග්‍රීසිත් පුලුවන්නෙ.."
"මොකක්? දෙයියෝ සාක්කි..එහෙනං ඒ කතාව ඇත්ත..හරි දැං ඇතා මොකද කියන්නෙ?"
"ඇතා අහනව හාමුදුරුවො මෙහෙ ඉන්නවද කියල.."
"හාමුදුරුවො මෙහෙ කොහෙද? මම බලා ඉන්දැද්දිනෙ හාමුදුරුවො ඇතාත් එක්කරගෙන පංසලට ගියේ.."
"හරි හරි එහෙනං වැරදීමක් වෙන්න ඇති..මම ඇතාට කියන්නංකො.."
සුලෝචනා ආයම රිසීවර් එක ගත්තා..
"හෙලෝ මිස්ටර් ඇතා..ඉට් සීම්ස් ද ප්‍රීස්ට් හැඩ් ගෝන් බැක් ටු ද ටෙම්පල් විත් යූ සම් ටයිම් බෑක්...."
"වට් නොන්සන්ස්.. මම අද දවසම පංසලෙං එලියට එක අඩියක් තිබ්බෙ නෑනෙ..එහෙනං මේ මනුස්සය වෙන ඇතෙක් එක්ක ඔය යන්ට ඇත්තෙ..මට ඉංග්‍රීසිත් අමතක වෙනව මෙව්ව ඇහෙන කොට..හරි අද ආවාවෙකො හාමුදුරුවො..හොඬවැලෙං දෙකක් තට්ටෙට පතබාලයි මම පස්ස බලන්නෙ..හරි හරි මම තියන්නං..ඔය ළමයට බොහොම ස්තූතියි.."
සුලෝචනා රිසීවර් එක තියල ඇස් දෙකත් ලොකු කරගෙන දිග හුස්මක් පාතට හෙලුවා..ඒ කරල මෙහෙම කිව්ව..
"අනේ සුජිත්.. මේ රස්සාව නම් හරියන එකක් නෑ..රිසෙප්ෂනිස්ට් ජොබ් එක බාර ගනිද්දි මම දන්නෙ නෑනෙ ඇත්තුන්ටත් ආන්සර් කරන්න ඕනය කියල..බලන්ඩකො ඉන්ටවීව් එකේදි අපේ මැනේජිං ඩිරෙක්ටර්වත් ඔහොම කතාවක් නිකමටවත් කිව්වෙ නෑනෙ.."
Saturday, July 20, 2024
695. බෙරේකිම් නිවුස් නොහොත් මෙන්න ළමයි මැටිවරන කොමිෂමෙං මේ දැන් නිකුත් කල අති විසේස නිවේදනයක්
සී ලංකාවේ ජනාපෙතිවරනයකට ඉදිරිපත්වන සෑම අපේක්ෂකයෙක්ම රාහු කාලය මඟහැර තම කේන්දර අනුව සුබ මුහුර්තයකිං නාම යෝජනා බාරදීම මෙතෙක් පැවති චාරිත්‍රයකි.
එබැවින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාපෙතිවරනයට ඉදිරිපත්වීමට අපේක්සා කරන සෑම අපේක්සකයෙක්ම තම කේන්දර පිටපතක් සහ උපන් වේලාව නොපමාව මැටිවරන කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස මෙයිං දැනුං දෙමු.
Wednesday, July 17, 2024
694. මැයි මාර ප්‍රසංගය සහ තවත් අදාල සහ අදාල නොවන කතා...
එකක් KCC එකේ සරසවි පොත් සාප්පුව..කලින් නම් ඒකට අල්ලල තිබ්බ විජිත යාපා එකටත් යනවමයි...ඒත් දැන් අවුරුදු තුනකට වගෙ ඉස්සර විජිත යාපා එක එතනිං අයිං කරගෙන පේරාදෙණිය පාරෙ ආර්පිකෝ සුපර් මාකට් එක පහුකරල මීටර් 50 වගෙ එහා තැනකට ගෙනිච්ච..එතනට යන්ට ඕනය කියල මම අනන්තවත් හිතල ඇති ඒත් අන්තිමට දැං මාස හයකට වගෙ ඉස්සර ඒක වහල දානකන්ම මට එතනට යන්ට බැරි උනා කියහල්ලකො..
සාමාන්‍යයෙන් එහෙම වෙනව..ඉතාම අත්‍යාවශ්‍ය භාන්ඩයක් ඇරෙන්න වෙන දේකට අපි පුරුදු පාරෙං වෙනම යන්ට ඉතාම කම්මැලියි..මම වගෙ පොත් පිස්සෙක්ට උනත් ඒ ධර්මතාවය පොදුයි..
සරසවි එක නුවරට ඇවිල්ල දැං අවුරුදු විසි පහයි..මේ පහුගිය දවස්වල ඒ වෙනුවෙන් සරසවි ප්‍රකාශන 25%ක් මිල අඩුකරල විකුණුව KCC සරසවි එකේ වගේම ත්‍රිකුණාමල වීදියෙ ඔරිජිනල් සරසවි එකේ..මම හිතන්නෙ අවුරුදු 50 සංවත්සරේට එයාල 50% මිල අඩු කරල විකුණයි..ඒ වගේම අවුරුදු 100 සංවත්සරේට නොමිලේම පොත් දෙයි..එහෙම තමයි එයාල හිතාගෙන ඉන්නෙ මහිතේ..
ඉතිං ඔය 1999 අවුරුද්දෙ සරසවි එක නුවරට එන්ට ඉස්සෙල්ල 86/87 කාලෙ ඉඳල විජිත යාපා එක නුවර තිබ්බ..ඒ කාලෙ තිබ්බෙ කාසල් ස්ට්‍රීට් එකේ..කාසල් බාර් එක ඉස්සරහම..මම ඉතිං ඒ කාලෙ වැලිකන්දෙ මහවැලියෙ වැඩ කරන කාලෙ මාසෙකට සැරයක් නිවාඩු දාල ගෙදර ආහම පහුවදාම නුවර ගිහිල්ල විජිත යාපා එකෙං අලුතෙං ආව පොත් හත අටක් ගන්නව..ඒ කරල ඒ එක්කම ඉස්සරහිං තියන කාසල් බාර් එකට ගිහිල්ල මුල්ලක් අල්ලගෙන කාලක් සහ බියර් එකක් ගහන ගමං ගත්තු පොතේ පරිච්ඡේදයක් දෙකක් කියවල ඉවර කරනව..ක්ලාක් ලොක්කගෙ ස්පේස් ඔඩිසි තුන් ඈඳුත්ත, එතකොට ජෙෆ්‍රි ආචර්ගෙ , මයිකල් ක්‍රයිටන්ගෙ එහෙම පොත් බර ගාණක් මම ඔහොම විජිත යාපා එකෙං ගත්ත..
ඒ කාලෙ කාසල් එකේ වැඩ කරපු වේටර්ල ඔක්කොමල මම අඳුනනව එතෙන්ට ගිහිල්ලම.....කාසල් එකේ කතා දෙක තුනක් මම මීට කලිං බ්ලොග් එකේ ලියලත් ඇති..ඒ කාලෙම වගෙ කාසල් බාර් එක වැහිල එතන වන් ප්ලස් වන් කියල ඇඳුං කඩයක් දැම්ම..දැන්නම් ඒකත් නැද්ද කොහෙද..මොන ක්ලබ්ද කියල එකක් ඒත් ඇඳුං ක්ඩයක් මහිතේ එතන දැං තියෙන්නෙ..කාලෙකිං ඒ පැත්තෙ ගියේ නෑ..විජිත යාපා එකත් වැහුනට පස්සෙ ඉතිං යන්ට උවමනාවක් නෑනෙ..
එතකොට නුවර ආවම යන අනික් තැන.... ඒ ඇවිල්ල මාකට් එකේ යට තට්ටුවෙ දකුණු පැත්තෙ තියන මිඩ්ලන්ඩ්ස් හෝටලේ..එතනිං එළවළු රොටියක් හෝ මාළු පාන් එකක් කාල ටී එකක් ගැහුවෙ නැත්තං නුවර ආවයි කියල දැනෙන්නෙ නැති ගතියක් මට තියෙන්නෙ..
ආ..ආය එතනම එළියෙ උඩ තට්ටුවට යන පඩිපෙල ගාව වඩේ විකුණන මනුස්සයගෙන් වඩේ 20 ක් විතරත් අනිවා ගන්නව..පොඩි වඩේ එකක් රුපියල් දහයයි..වඩේ අරගෙනම මිනිහ දැං මගෙ ගජ යාලුව...ගෙවල් ඒ ලඟම මල්ලිකා ස්ටුඩියෝ එක පිටිපස්සෙ..මිනිහ මුස්ලිම්..එයයි තව සිංහල හාදයෙකුයි හවුලේ තමයි බිස්න්ස් එක කරන්නෙ..
එතන මිනිහට වාඩි වෙන්ට පොඩි පකිස් පෙට්ටියක් තියනව..මම ඉතිං ඕක උඩ වාඩිවෙලා මනුස්සය එක්ක පොඩි කයියක් එහෙම ගහල තමයි එන්නෙ..ආ..මේ ඒක නෙවෙයි පකිස් පෙට්ටියට ඒ නම හැදුන හැටි දන්න කවුරු හරි ඉන්නවද? මට කලිං ඕක මතක තිබ්බ වගෙ මතකයි..දැං අමතකයි..
හරි මැයි මාර කතන්දරේට ආපහු එමු..ආ..ඊට කලිං මැයි මාරෙ එක්කම මම ගත්ත ෆීල්ඩ් මාර්ෂල් සරත් ලොක්කගෙ සොයං ලිකිත චරිතාපදානෙ.."යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව"..මේ දවස්වල කියවගෙන යනව..
වැඩේ කියන්නෙ පිටු 612ක්..සයිස් එකත් 9"x7" වගෙ..බරත් කිලෝ එකක් විතර..මම සාමාන්‍යයෙන් පොත් කියවන්නෙ ඇඳේ දිගාවෙලා හින්ද පැයක් වගෙ කියවන කොට අත් රිදෙන්ට ගන්නව..ඒ හින්ද පොත පැත්තක තිබ්බම ආය දවස් දෙක තුනකිං තමයි කියවන්ට ගැනෙන්නෙ..මම නම් කියන්නෙ ඔය වගෙ විසාල පොත් මිලදී ගන්න වයසක පාඨකයින්ට උප්පැන්නෙ චෙක් කරල නොමිලේ සිද්ධාලේප ඩප්පියක් හෝ වින්ටොජිනෝ ටියුබ් එක දෙන්ට ඕන..
පොන්සේකා ලොක්කට කිව්වනම් එයා උනත් එව්වට යන වියදම දෙයි එයා ගානෙ..
"යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව" ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ස්වයං ලිඛිත චරිතාපදානය - සමඟ වයස්ගත ඔබට සිද්ධාලේප 100g ඩප්පියක් සහ වින්ටෝජීනෝ 100ml ටියුබයක් නොමිලේ..
හරි ඒක මොකක් හරි මැයි මාර සීන් එක මෙහෙමයි..මම මැයි මාරෙ කියවලා ඒ ආතල් එකේ ඉන්නකොට ඔන්න පුදුම වැඩේ කියන්නෙ මූණු පොත කළඹවගෙන මැයි මර රැල්ලක් ආවනෙ..ඒ කියන්නෙ MMP එක හෙණ වාව් පොතක් කිව්වට එයාලට එහෙම දැනුනෙ නෑ කියල..ඒක ඉතිං එහෙම තමයි..එක එක්කෙනාගෙ රස වින්දනය, යමක් ග්‍රහණය කර ගැනීමේ හැකියාව වෙනස්නෙ..
දැං ඔය ගුරුගීතය තියෙන්නෙ Teacher's Song... ඒක මාරම පොතක් කියල දෙනෝදාහක් උඩ දාන හින්දම මම තුන් හතර පාරක්ම කියෙව්ව මොකෝ බොලේ මේ කට්ටිය මේක ගැන මේ හැටි මැරෙන්න හදන්නෙ කියල හොයා ගන්ට ම්හු..මට නං එහෙම් වාව්නස් එකක් ආවෙ නෑ..එව්ව එහෙම තමයි..
අනික තමන්ට ඒ වගෙ ඇත්තම ජීවන අත්දැකීමක් එහෙම තිබ්බොත් පොත තවත් හදවතට සමීප වෙනව..ඒ අතර අපේ සන්මිත්‍ර ප්‍රබල සූපවේදිනියක් Cum සම්මානලාභී ලේඛිකාවක්ද වන සානිකා සසීපියා මහත්මිය (එතුමියගෙ ඇත්තම නම ශානිකා ශෂීප්‍රියා හොඳද ?) අපූරු කව් පෙලක් ලියල තිබ්බ MMP ගැන..මමත් ඒකට කමෙන්ට් එකක් එහෙමත් දැම්ම..
මේ ශානිකාගෙ කව්පෙල...
සංචරණි ඔයා....!!
සුදු පාට මීඳුමේ දුහුල් තිර ඉරාගෙන
අවාරෙත් රතු පාට මැයි මාර හිනාවෙන
ඈත දුර ගවරවෙල කන්ද දෙස බලාගෙන
ඇබිති තුත්තිරි මලකි ජීවිතේ කියාදෙන
ආදරෙත් රැගෙන නිති පෙත් මඟට වඩින්නී
ඉගුරු මල් සුවඳක්ව හාත්පස පිරෙන්නී
මුඳු මන්දහාසයක් කන්ද වෙත පුදන්නී
අනුප්‍රාසම රසට සුදු පාද තබන්නී
හරිත පැහැ කඳු විළුඹ පාමුලෙන් මැකී
සළඹක්ව දුර ඇදෙන දුම් රියේ නැගී
කියන්නට කලින් මගෙ සෙනෙහසේ හැටී
නොඑන්නට ගියපු නුඹ මීඳුමක් වැනී
ඔබ නැතුව කල්පයක් කඳු අතර ගෙවුණී
ඔබ නැතත් ඔබෙ නමට මැයි මාර පිපුණී
කොහේ හෝ ඔබ ඉතින් වෙසේනම් සුවෙණී
නොකී හින්දාම පෙම රහයි සංචරණී
මේ මගේ කමෙන්ට් එක...
කවදාකවත් ඔබව හමුනොවෙන බව දනිමි,
සිහිනයෙන් ගෑ පමණ සෙනෙහසක සුව විඳිමි,
මිහිදුමින් වෙලුනු ඔබෙ රුව සැඟව යනු දකිමි,
හැමදාම හිමිදිරියෙ කවුළු දොර හැර තබමි,
මැයි මාර ප්‍රසංගය මම ගත්තෙ සති දෙහෙකට ඉස්සෙල්ල කැන්ඩි බුක් ෆෙයාර් එකෙං..පෙරෙයිද තමයි කියෙව්වෙ..තාම ඒ මූඩ් එකේ ඉන්නකොට තමයි ඔයයිගෙ මේ කවි පෙල දැක්කෙ....
Saturday, May 4, 2024
693. නලින් ද සිල්වා ගැන මගේ මතක......
නලින් ද සිල්වා ගැන බොහෝ දෙනෙක් ලියනව ඉස්සෙල්ලම නලින් ලොක්කා හම්බ උනේ අරමයි මෙහෙමයි අපි කතා කලේ අරවයි මේවයි කියල..
මෙතන ඉතිං නෝන්ඩි වෙන්න බෑ නෙව... ඒ හින්ද මමත් කල්පනා කලා සජීවීව නලින් ලොක්කා හම්බ උන දවස ගැන පොඩි විස්තරයක් ලියන්ට..
ඒක උනේ මට මතක විදිහට 1992 නැත්නම් 1993 අවුරුද්දෙ විතර..ස්ථානය මාතලේ හෝටලයක්..මට හෝටලේ නමත් මතක නම් නෑ..එතන එදා තිබ්බ මංගල්‍ය උත්සවයක්...මහවැලියෙ මගෙ අතිජාත මිත්‍රයෙක්ගෙ විවාහය එදා..
මගේ මිත්‍රය ගැන මම බ්ලොග් එකේ ලියල තියනව සෑහෙන පෝස්ට් තොගයක්..අන්න එහෙම චරිතයක් බුවා..
අපේ ඉතිං විවාහ මංගල්‍යයන්හි අනිවාර්යයෙන්ම මත්පැන් තියෙන්ටම ඕන..බොන්ට දෙන්නෙ නැත්නම් විකල්පය මෙහෙමයි.. ජෝඩුවට දෙන්ට ලියුම් කවරෙක දාල සල්ලි ගේනවනෙ..අපි ඔය සල්ලි ගේන්නෙ මාරු කරල පොඩි කොලවලිං..ඒ කාලෙ ඉතිං දෙන්නෙ රුපියල් තුන්සීයක් හාරසීයක් වගේනෙ උපරිම පන්සීයයි..ඔය ගාණ ගේන්නෙ පණහෙ සීයෙ කොළවලිං..
මත්පැන් සපයන්ට සූදානමක් නැති සයිස් එකක්නං තියෙන්නෙ අපි කට්ටිය කරන්නෙ ඉස්සෙල්ලම අර ජෝඩුවට දෙන්ට ගෙනාපු සල්ලි වලිං පණහ පණහ එකතු කරල බයික් එකක් තියෙන එක්ක තව එකෙක් කිට්ටුවම තියන බාර් එකට යවල අරක්කු, බයිට්, සෝඩා, සිගරට් එහෙම ගෙනල්ල හෝල් එකේම කොහෙ හරි මුල්ලක එහෙමත් නැත්තං මිදුලෙ ගහක් යට පුටු දෙක තුනක් රවුමට ඇරේන්ජ් කරල වැඩේ කරගෙන යනව..
ඒ කාලෙ මට මතක විදිහට ගල් එකක් එකසිය පණහක් වගෙ වෙන කාලෙ..ඉතිං බොහෝවිට පණහක කලෙක්ෂන් එකක් ඇති හොඳටම.... මදිම වගේ නම් ඒ වෙනකොටත් කෙලිං කටිං ඉන්න එවුං ආයම විසිපහක් තිහක් වගෙ එකතු කරල තව බඩු ගේනව..අන්තිමට ලියුං කවරෙ ඉතුරු වෙච්චි ගාණ කීයක් හරි ඒක තමයි ඉතිං ජෝඩුවට දෙන්නෙ..
ඩෝප් වැඩි වෙච්චි එවුං සම්ටයිම්ස් සල්ලි දෙන්නෙත් නැතුව එනව...වංජාවකට එහෙම නෙවෙයි..ෆොගොටිනික් වෙලා..ඒ කියන්නෙ අමතකම වෙලා..අනික උස්සං ඇවිත් වාහනේට දාන එවුංට කොහෙද සල්ලි දීල එන්ට සිහියක් පතක්..
ඉතිං ඔය මනමාලය සතියකට පස්සෙ විතර ආපහු වැඩට එනවනෙ..එදා තමයි ඔන්න මඟුල දවසෙ සල්ලි දෙන්ට අමතක වෙච්චි එවුං ඇවිල්ල සල්ලි දික් කරන්නෙ..අනේ බං එදා අමතක උනානෙ සල්ලි දෙන්ට ආ..මෙතන තියනව හාරසීයක් හරි තුන්සීයක් හරි කීයක් හරි..බොහෝවිට වෙන්නෙ ඒ සල්ලි එදාත් ඌට දෙන්නෙ නෑ ...එව්ව එකතු කරල ආයම අරක්කු ගෙනල්ල බොනව..
හරි ඒ අනම්මනම් කතා ඇති..දැං එමු නලින් ඩි සිල්වගෙ සීන්ස් එකට..
අර මගෙ යාලුවගෙ මාතලේ වෙඩිං එකේනං එහෙම කලෙක්ෂන් දාන්ට උනේ නෑ..මොකද ඌ නාන්ට බඩු ලෑස්ති කරල තිබ්බ..මධුපානෝත්සවය ලෑස්ති කරල තිබ්බෙ වෙඩිම තිබ්බ හෝල් එකේම පැත්තක තිබ්බ ලී සොල්දරයක් උඩ..
අපි ඉතිං ගිහිල්ල යාලුවට "හලෝ මචං..හව් ආ යූ?..බෙස්ට් විෂස් ෆෝ අ මෙරී ක්‍රිස්මස්" කිව්ව....ඒ එක්කම ඇහිබැම උස්සල උගෙං අහනව "වෙයා ද හෙල් ඊස් ද ප්ලේස්?" කියල....ඌ ඇස් කරකෝල කටත් එක්ක අඹරවල පෙන්නනව අර මං කියපු සොල්දරේට නඟින පඩි පෙල..අපි ඉතිං තවත් ප්‍රමාද නොවී අප්පමාදෝ අමත පදං කියල සොල්දරේට නඟිනව..
දැං වැඩේ සොල්දරේ උඩ නැඟල යනව..සිංදුවක් එහෙමත් හෙමිහිට කියවෙනව ඩොලැක්ක පාරකුත් එක්ක..
ටොයිලට් තිබ්බ පල්ලෙහා..පම්ප් එක දාන්ට අර සොල්දරේ ඉඳල ලී පඩි පෙලේ බැහැල මංගල සබාව මැද්දෙං ගිහිල්ල හෝල් එකේ කෙළවරටම යන්ට ඕන..
ඔන්න එක පාරක් පම්ප් ටයිට් එකක් ඇවිල්ල මම ලී පඩිපෙලේ අත්වැට එහෙමත් අල්ලගෙන ඒකටම බරවෙලා පරිස්සමට පල්ලෙහාට බැස්ස..
ඉතිං මම දැං බොහොම පරිස්සමට මංගල සබාව මැද්දෙං සීරුවට අඩිය තිය තිය ටොයිලට් පැත්තට යනව.. එක පාරටම පුටුවක ඉඳගෙන හිටපු බුවෙක් පුටුව පස්සට තල්ලු කරල නැඟිට්ට..නැඟිට්ට පාරට තව පොඩ්ඩෙං මගෙ ඇඟේ හැප්පෙනව..මම සාමාන්‍යයෙන් බිව්වම බොහොම ආචාරශීලියි..සාමාන්‍යයෙනුත් එහෙම තමයි..බිව්වම උපරිමයි..එහෙම කට්ටිය ඉන්නව..බොන්ඩ බොන්ඩ ඇග්‍රෙසිව් සහ බොන්ඩ බොන්ඩ පොලයිට්..මම දෙවෙනි කැටගරි එකේ..
ඉතිං මම අර අර එකපාරටම නැඟිට්ට බුවාට වෙරි සොරි කියල ඔලුවත් පාත් කලා..එතකොට පොරත් ඔලුව උස්සල බැලුව....හිනා උනාද නැද්ද? මොකවත් පිලිතුරක් දුන්නද? ඒ මොකවත්නම් මට මතක නෑ ඇත්තම කිව්වොත්..ඒත් මෙන්න යකෝ..මේ පොර නලින් ද සිල්වා වගේමයි..ආය ඇරපු අතක් නෑ..කපාපු පලුවෙ අනික් එක..මම ඉතිං ඔයා නලින් ද සිල්වද? කියල අහනව ඒ වෙලාවෙ..කරුමෙ කියන්නෙ මට ඒ වෙලාවෙ නලින් ද සිල්වා කියන නම අමතක උනා කියහල්ලකො...
පම්ප් එක දාන ගමනුත් මම මතක් කලා නලලත් රැළි කරගෙන මොකාද මේ පොර වගේම මම දන්න පොර කියල..ම්හු මතකෙට එන්නෙම නෑ..ඒ පාර මම ඉතිං පම්ප් එක දාල එහෙම ඉවර වෙලා කර කර හිටපු වැඩේ කරන්ට ආපහු සොල්දරේට නැග්ග..
නලින් ද සිල්වා ඒ දවස් වලත් පුවත් මවන්නෙක්..ඔය කාලෙ මං හිතන්නෙ අර කොළඹ විශ්ව විද්‍යාලෙ ඒ කාලෙ හිටපු කුලපති ජීඇලා එක්ක වලියක් ගිහිල්ල පොරව යුනිවසිටි එකෙං දොට්ට දාල තිබ්බ කාලෙ වෙන්න ඕන..දිවයිනට ජාතික චින්තනේ ගැන කොලමකුත් ලිව්ව..ඒ හින්ද පොර සාමාන්‍යයෙන් රටේ තොටේ ප්‍රසිද්ධයි.....
මම ඉතිං ගිහිල්ල අපේ එවුංගෙං ඇහැව්ව "කවුද බං අර ප්‍රසිද්ධ ප්‍රොපා? ජීඇලා කොලඹ යුනිවසිටි එකෙං එලියට දැම්මෙ? අර ඉරිදා දිවයිනට කොලමක් ලියන්නෙ?" කියල..
මොන? උං එකෙක් වත් එහෙම එකෙක් ගැන දන්නෙවත් නෑ..ඒක අස්සෙ එකෙක් සද්දයක් දැම්ම "මොනවද බං උඹල මේ ඩොකෙක් ගැන කියවන්නෙ? වරෙල්ල වරෙල්ල සිංදුවක් කියමු.." කියල..මමත් ඉතිං තව එකකුත් දාගෙනම සිංදුවට ජොයින් උනා..
සිංදු කිව්වට බිව්වට මගෙ සිහියෙ තිබ්බෙම අර පල්ලෙහා තට්ටුවෙ දැකපු බුවා..කවුද කවුද කවුද මූ?"... යුරේකා..Finally the penny dropped.. නලින් ද සිල්වා..පල්ලෙහා ඉන්නෙ නලින් ද සිල්වා..
"අඩේහ්..අර පල්ලෙහා ඉන්නෙ බං නලින් ද සිල්වා..එහෙම නැත්තං පොරගෙ නිවුන්නා." මම කෑගහල කිව්ව..ඔන්න ඒ ගමන නම් දෙතුන් දෙනෙකුට නලින් ද සිල්වා මතක් උනා..
"එහෙනං යමල්ලකො නලින් ද සිල්වා බලන්ට.." කියල එකෙක් කිව්ව...
අපි තුං හතර දෙනෙක් පඩි පෙලේ බාගයක් බැහැල පල්ලෙහා හෝල් එකට එබුනා..පොර ඉඳං හිටපු පුටුව හිස්..
"ඒක තමයි කිව්වෙ උඹට ඩෝප් වැඩියිද කොහෙද බං.." එකෙක් මගෙ පිටට පාරක් ගැහැව්ව..
"අනික නිසාන් මේ මාතලේමනෙ ගම..ඔය නලින් බුවා ගාල්ල පැත්තෙ මම දන්න විදිහට..ඉතිං කොහොමද ඒ යකා මුගෙ වෙඩිං එකට එන්නෙ?.."..තව එකෙක් කිව්ව (නිසාන් කිව්වෙ අපෙ යාලුවා a k a මනමාලයා)
"හරි හරි එහෙම වෙන්නැති එහෙනං.." මමත් කිව්ව..
අපි ආපහු සොල්දෙරේ උඩට ගිහිල්ල කර්මාන්තය පටං ගත්ත..අන්තිමට කොහොම හරි වැඩේ ඉවර වෙනකොට අපි ඔක්කෝටම හොඳ ගණං..තරප්පුවෙ අත්වැටේ එල්ලීගෙන පාතට බැස්සෙ..මනමාලය පිටත් වෙන්ටයි සූදානම..අපි ඉතිං මනමාලයට සුබ පතංට ඌ ඉස්සරහ පෝලිං ගැහුන. ඒ ඉන්දැද්දි මම නිකමට වගෙ ඔලුව හරවල බැලුව....මෙන්න යකෝ අර නලින් වගේ පොර ආයම ඉන්නව..
ඒත් ඇත්තම කිව්වොත් මේ පාරනම් මටත් ෂුවර්ම නෑ මේ ඉන්නෙ නලින් ද සිල්වාමද කියල..ඩෝප් සීන් එකත් වැඩියිනෙ..මට හිතුනෙම මේ ඩෝප් වැඩි කමට පේන Hallucination එකක්ය කියල..
මනමාලය ගාවට ගියාම මම ඌව බදාගෙන සුබ ප්‍රාර්තනා කලා "Happy wedded life Machng...."
ඌ ඇහුව "කොහොමද මචං? මොකුත් අඩුපාඩුවක් එහෙම උනේ නෑ නේද? "
මම කිව්ව "පිස්සුද ලොක්කා? මොන අඩුපාඩුවක්ද? හොඳටම ගහල ඉන්නෙ..කොටිම්ම මට මේ හෝල් එකේ ඉන්න එක පොරක් පේන්නෙම අර ඩොකා.. නලින් ද සිල්වා,,අන්න ඒ පොර වගේමයි"
මනමාලයෙ උගෙ අතිං මගෙ කට වැහුව "කෑගහන්ට එපා XXX... ඒ ඉන්නෙ නලින් ද සිල්වා තමයි.."
"හුxxx, ඒ කොහොමද බං ඒ? පොර උඹෙ කවුද?"
"මගෙ වයිෆ්ගෙ අක්ක බැඳල ඉන්නෙ නලින් ද සිල්වා.."
"යකෝ උඹ නිකමටවත් කලිං කිව්වෙ නෑ නේද? කිව්වනං පොරත් එක්ක සෙට් වෙන්න තිබුනනෙ... ෂැහ් අපරාදෙ.."
"මේ නිකං විකාර කියවන්ට එපා බං..පොර බොන්නෙ නෑ...
"හරි හරි එව්වයිං කමක් නෑ..දැං කෝ පොර? මම ටිකක් කතා කරන්න ඕන.."
"මේ විකාර කරන්ට ලැහැත්ති වෙන්ට එපා මෙතන..අනේ මචං මේ වීරෙව එක්කං ගිහිල්ල කන්ඩ සෙට් කරපං.." මගෙ පිටිපස්සෙං හිටපු යාලුවො දෙන්නට මනමාලයා කිව්වා..
"හරි හරි කන්ට බැරිය... කෝ කියපංකො උඹෙ මස්සිනා?"
" පොර ගියා දැං පැය බාගයක් විතර ඇති...." මගෙ යාලුවා මනමාලයා කිව්ව..
ෂැහ් අපරාදෙ නේද? එදා මට නලින් එක්ක කතා කරන්න තිබ්බනං මොනව වෙන්ට තිබ්බද කියල දෙයියො තමයි දන්නෙ....සමහරවිට ලංකා ඉතිහාසෙම මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්ට තිබ්බ....
Who the hell knows? Stranger things have happened and are still happening in this world..Don't you agree, My friends?
Monday, November 20, 2023
692. පුවක් එෂැණිං - 76 - ලෝක කුසලාන අවසන් තරඟයෙන් පසු
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඕස්ට්‍රේලියානු අගමැති කාර්යාලය පවසන්නේ එම අකලංක සහයෝගයට කෘතගුණ දැක්වීමක් ලෙස ඕස්ට්‍රේලියාවට බෝට්ටුවලින් නොපැමිණෙන ලෙස දන්වා ඕස්ට්‍රේලියානු රජය මඟින් පලකල විද්‍යුත් මාධ්‍ය දැන්වීම් දින තුනක කාලයකට අත්හිටුවන ලෙසද එතුමා උපදෙස් දුන් බවයි..
එලෙසම එම තුන් දිනක කාලය තුල ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සාදරයෙන් පිළිගෙන එරට පුරවැසිභාවය ලබාදී මෙල්බර්න්, සිඩ්නි, පර්ත්, බ්‍රිස්බේන් සහ ඇඩිලේඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණ අසල නොමිලයේ නිවෙස් ලබාදී පදිංචි කීරිමටද කටයුතු කරන ලෙසද අගමැති තුමා උපදෙස් ලබාදුන් බවය. තවද ඔවුන්හට එම ක්‍රිකට් ක්‍රීඩාංගණවල රැකියාවන්ද ලබා දෙනු ඇත.
මෙසේ පැමිණෙන්නන් ඕස්ට්‍රේලියාවට සහයෝගය පලකරමින් තමන් විසින් පලකල මුහුණු පොත් පෝස්ටුවල මුද්‍රිත පිටපතක් තමාගේම නිර්මාණයක් බවට පසුගිය දින සාමදාන විශ්චයකරුවන්/කාරිනියන් ලෙස පත්වීම් ලද කලාකාරිනියන්/කාරයින් විසින් සහතික කොට රැගෙන ඒම අනිවාර්ය වේ..
ටං..... ටිං..... ටුං
****************************************************
මේ අතර ඊයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් ඉන්දියානු කණ්ඩායම පරාජය කිරීමෙන් පසු උද්ගතව ඇති තත්වය පිළිබඳව සාකච්ඡා කීරිමට හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා ඇත..
ඉන්දියානු කණ්ඩායම පරදවා ඕස්ට්‍රේලියාව විසින් ලෝක කුසලානය දිනාගනු ලැබූවද මෙම ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට පෙර මෙමෙ ලෝක කුසලාන තරඟාවලියේදීම දකුණු අප්‍රිකා කණ්ඩායමට පරාජය වී ඇති අතර දකුණු අප්‍රිකා කණ්ඩායම නෙදර්ලන්ත කණ්ඩායමට පරාජය වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම විසින් නෙදර්ලන්ත කණ්ඩායම පරාජය කල හෙයින් සත්‍යය වශයෙන්ම සහ සාධාරණ ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූරයින් වශයෙන් නම්කල යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ මතය වේ.
එබැවින් එම තත්වය පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කීරිමට අගමැති දනිස් ගූවාඩන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු අනුකමිටුවක්ද පත් කෙරෙනු ඇත...
යෝජිත අනුකමිටුව පහත සඳහන් සාමාජික/ජිකාවන්ගෙන් සමන්විත වනු ඇත.
1. කමිටුවේ සබාපති අගමැති දනිස් ගූවාඩන
විදේස ඇමති පදවිය දරන සමයේහි ශ්‍රී ලංකාවට විරුද්ධව මානව හිමිකම් කඩකීරිම සම්බන්ධයෙන් එ.ජා. සංවිධානයේදී යෝජනාවක් සම්මතවූ විට එහිදී ඡන්දය දීමෙන් වැලකී සිටි රටවල් සංඛ්‍යාවද ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දුන් රටවල් ලෙස සැලකිය යුතුයැයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් බොරළුගොඩ ප්‍රමේයය යනුවෙන් පෛතගරස් ප්‍රමේහයට අනතුරුව ලොව පුරා ගණිතඥයින්ගේ සම්භාවනාවට ලක්වූ ගණිත ක්‍රමයක් හඳුන්වා දුන් මෙතුමා මෙම යෝජනාවේ ගණිතමය තත්ත්වය පිළිබඳව සොයා බලනු ඇත.
2. හිටපු කීඩා ඇමතිවරයෙක් වන මෛන්දානම්ද නිව්විලේජ්හවුස්
2011 ලෝක කුසලාන අවසන් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් විකුණා ඇති බව තම රහස් පර්යේෂණ මඟින් සොයාගත් මෙතුමා වනාහී කුප්‍රකට කිරීඩා විකාරදවරයෙකි.
3. හිටපු කීඩා ඇමතිවරයෙක්ව වන පේසන්න රානටුංග
අයතා ගනුදෙනු මඟින් මුදල් ඉපයීම පිලිබඳව විශේෂඥ දැනුමකින් හෙබි මෙතුමා අයිසීසී සංවිදානයට යම් මුදල් අතමිටමෙලවීමක් මඟින් හෝ ලෝක කුසලානය අප රටට ලබාගැන්මට හැකිදැයි සොයාබලනු ඇත.
4. විදේස ඇමති ආලි සබීරි
හිටපු ජනාපෙතිතුමා ජනාපෙති පදවියට පත්වීමට පෙර ඔහුට විරුද්දව පවරා තිබූ දූසන සහ වංචා නඩු 23 කින් එකද දිනයක් හෝ රිමාන්ඩ් භාරයට පත්වීමට ඉඩ නොදී බේරාගත් දෙස් විදෙස් පතල කීර්තියකින් හෙබි නීති විකාරදවරයෙකු වන සබිරි මහතා ලෝක කුසලානය ලංකාවට ලබාදීමට කරන ඉල්ලීමෙහි තීතිමය තත්වය පිලිබඳව ඉතාමත්ම ගැඹුරින් සොයා බලනු ඇත.
5. නියෝජ්‍ය ඇමතිනී ඩෛනා විලේජ්හවුස් මහත්මිය..
කාන්තා අයිතිවාසිකම් පිලිබඳව පාර්ලිමේන්තුව තුල මෙන්ම ඉන් පිටතද නිරන්තරයෙන් හඬ නඟන මෙතුමිය මෑතකදී අනුල්ලංඝනීය කාන්තා අයිතිවාසිකමක් වන පිරිමින්ගේ කලිසං ගැලවීමේ අයිතිය උදෙසා පාර්ලිමේන්තු ලොබිය තුලදීම සටන් කල වීරෝදාර කාන්තාවකි..ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදීම තරඟාවලියෙන් ඉවත්වීමට ඔවුන්ගේ කාන්තා අයිතිවාසිකම් කඩවීම හෝ ඔවුන්ට ත්‍රෛලෝක විජයපත්‍ර භාවිතා කීරිමට ඉඩ නොදීම හේතුවිනිදැයි මෙතුමිය විසින් සොයාබලනු ලබන අතර මෙම යෝජනාවට අයිසීසී පා ලක මණ්ඩලය එකඟ නොවුවහොත් ඔවුන්ගේ කලිසම් ගැලවීමට ඇති හැකියාව පිලිබඳවද වැඩි දුරටත් සොයා බලනු ඇත.
Friday, November 17, 2023
691. පුවක් එෂැණිං - 75 - වැඩබලන පොලොස්පති පත්කිරීම, ක්‍රිකට් පරාජය සහ ගෝටාබයගේ පෙටි කෑෂ්...
මේක මේ සතියකට දවස් දහයකට විතර කලිං බ්ලොග් එකේ දාන්ට කියල හිතාගෙන ලියපු එකක්..කොහොමහරි මේ දවස්වල අධික වැඩ රාජකාරි හින්ද අමතක මතක බැරි උනා කියහල්ලකො..
****************************************************
හිටපු පොලොස්පතිතුමාම සති තුනක කාලයක් සඳහා නව පොලොස්පති ලෙස පත්කිරීමට අතිගරු ජනාදිපතිතුමා තීරණය කොට ඇති බව ජනාපෙති මාජ්ජි අම්සය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී...
මීට පෙර දවරක් මාස තුන බැගින් සේවය දිගු කල නමුත් මෙවර එසේ කිරීමට ව්‍යාවස්ථා සභාව විරුද්ධවීම නිසා සේවා දිගුව සති තුනකට සීමා කිරීමට අතිගරු ජනාපෙතිතුමා තීරණය කොට ඇත...
සතිතුන අවසානයේ එතුමාම යලිත් පත්කිරීමට ව්‍යවස්ථා සභාව නැවත වරක් විරුද්ධ වුවහොත් සේවා දිගුව සති දෙකකට සහ ඉනික්බිති සති එකහමාරකට , ඉන්පසු සතියකට වශයෙන් සේවා දිගුවන් ලබාදෙනු ඇත..පසුව දවස් තුනකට, දවස් දෙකකට, දවසකට, වරුවකට, පැය හයකට සහ පැය තුනකට වශයෙන් සේවා දිගුවන් ලනාදීමට අතිගරු ජනාපෙතිතුමා තීරණය කොට ඇති බව ජනාපෙති මාජ්ජි අම්සය වැඩි දුරටත් නිවේදනය කරයි..
ටං..... ටිං..... ටුං
****************************************************
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල ලබන අන්ත පරාජයන් පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන තම තනතුරින් ඉල්ලා අස්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පෞද්ගලික සමාගමේ ලේකම් තනතුරේ කටයුතු කල මොහාම් ඩී සිල්වානෝ මහතා නිර්භයව තීරණය කොට ඇත..තේරීම් කමිටුවක් සහ නොයෙක් නොයෙක් මාදිලියේ පුහුණු කරුවන් ( වේගපන්දු පුහුණු කරුවන්, පාදඟපන්දු පුහුණු කරුවන්, පිටදඟපන්දු පුහුණු කරුවන්, කඩුල්ල අසල සිට උඩ පන්දු රැකීමේ පුහුණු කරුවන්, කඩුල්ල අසල සිට උඩ පන්දු අතහැරීමේ පුහුණු කරුවන් යනාදී වශයෙනි ) රැසක් SLC පෞද්ගලික සමාගමින් වැටුප් ලබාගත්තද ඒ සියලු තේරීම් සහ පුහුණු කටයුතු සිදු කෙරුනේ තමන් විසින් බැවින් සම්පූර්ණ වරද භාරගෙන ඉල්ලා අස්වීමට තීරණය කල බව එතුමා ඉතා හැඟුම් බරව ප්‍රකාශ කලේය..
එලෙසම කෝප්ප කමිටුවේ නිර්දේශ පරිදි මෙවර ලෝක කුසලාන තරඟාවලිය සඳහා තරඟ වදින කණ්ඩායම දිරි ගැන්වීම පිණිස නළු නිළියන් ක්‍රිකට් ආයතනයේ වියදමින් ගෙන නොගිය අතර එම නළු නිලියන් නටමින් ගයමින් සිනාසෙමින් කල දිරිගැන්වීම් මෙවර දක්නට නොලැබීම අපේ කණ්ඩායමේ මානසික ඒකාග්‍රතාවය බිඳ වැටීමට හේතුවූ බවද ආයතනයේ ඩොලර් 30,000ක් වැටුප් ලබන උසස් දක්ෂතා විශේෂඥතුමා ( High Performance Specialist) පැවසීය..
එසේම 2027 එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම උදෙසා ඉන්දීය කණ්ඩායමට එරෙහි තරඟයේදී පන්දුවාර 19.1 තුලදී සියළු ක්‍රීඩකයින් දැවීගිය අවස්ථාවේ සිටම තමන් නවතම සැළැස්මක් සකස් කිරීමට මුල පිරූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති සැම්මි සිල්වා මහතා මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී..එහි මූලික පියවර පරිදි 2027 ලෝක කුසලානය පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකාවට යාම සඳහා SLC ආයතනයේ නිලධාරීන් 12 දෙනෙකුට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහ තමන්ගේ හිතවත් නළු නිළියන් 6 දෙනෙකුට ව්‍යාපාර පංතියේ ගුවන් ප්‍රවේශ පත්‍ර සහ තරු 5 හෝටල්වල නවාතැන් පහසුකම් වෙන්කර ගැනීමට දැනටමත් කටයුතු කරගෙන යන බව ඔහු ඉතාම හැඟීම් බරව පැවසීය..
ඊට අමතරව 2027 ලෝක කුසලානය ජයග්‍රහණය කොට ලංකාවට ගෙන ආපසු එම කුසලානය මහජන ප්‍රදර්ශණය උදෙසා තැබීමට මනරම් කුටියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ඉදි කිරීම සඳහා ලියාපදිංචි කොන්ත්‍රාත් කරුවන්ගෙන් මිල ගණන් කැඳවීමද ඉදිරි දින කීපය තුල ආරම්භ කිරීමට නියමිතය..
ටං..... ටිං..... ටුං
****************************************************
හිටපු ජනාපෙති ගෝටාබේ මහතා ජනාපෙති මන්දිරය අතහැර පලායද්දි ගෙනයාමට නොහැකිව අත්හැර දමා ගිය රුපියල් මිලියන 17 ක මුදල ආපසු එතුමාටම භාරදීමට ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ අල්ලස් කොමිසම තීරණයකරයි..
මෙම මුදල් සම්භාරය තමාට හිමි පෞද්ගලික මුදල් බවටත් තම වියදමින් රට පුරා පැවැත්වූ ගම සමඟ පිළිසඳර වැඩසටහන් සඳහා ඉදිකල පිදුරු සෙවිලිකල මඩු සහ ගස් උඩ නංවා ප්‍රශ්න ඇසීමට සූදානම් කල පාක්ෂිකයින් සඳහා ගෙවීම් කටයුතු කිරීමට Petty Cash ලෙස මෙලෙස ජනාපෙති මන්දිරයේ තබාගත් බවටත් හිටපු ජනාපෙති තුමා කල ප්‍රකාශය පදනම් කරගෙන මෙම තීරණය ගත් බව කොමිසමේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි..
තවද අරගලකරුවන් මන්දිරය වටලන විට එතුමා අනුභව කරමින් සිටි පැපොල් පලුවද සොයා එතුමා වෙත භාරදීමට ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු නොනවත්වා ඉදිරියට කරගෙන යන බවද කොමිසම පවසයි..
ටං..... ටිං..... ටුං






