Monday, May 16, 2011

සොළොස් වසකට පෙර වෙසක් මසකදී.........1





මම කාලෙකට ඉස්සරවෙලා කිව්ව මතකද මට අර එක්කෙනෙක් හමු උන විදිහ බස් එකේදි? ම්ම්ම්..... ඔව්, මාස පහකට විතර කලින්.නෑ...නෑ.....ළමයිනේ මාස පහකට විතර කලින් කිව්වෙ එයා හම්බවුනේ මාස පහකට විතර කලින් කියල නෙවෙයි........මම ඒ කතාව කිව්වෙ මාස පහකට විතර කලින් කියලයි මම මේ කිව්වෙ, වරදවා වටහා ගන්න එපා. Don't Misunderskirt , Okay? හරි එතන ගැටලුවක් නැහැනෙ, හරි,

කතාව කිව්වෙ කොටස් දෙහෙකින්.

අතීතාවර්ජන.....1

අතීතාවර්ජන.......2

හරි ඔන්න ඉතින් ඔය ආදර කතාව ගලාගියා අවුරුදු දෙකකට කිට්ටු කාලයක්. දෙගොඩ තලා ගලා ගියයි කියන්නත් බැහැ, නිවී සැනසිල්ලෙ නදී තොමෝ ලතාවකට බැස ගිය පරිදි නිවී හැනහිල්ලෙ ගලා ගියා කියන්නත් බෑ.

පොඩි පොඩි ඔය බාධක නොතිබුනාමත් නෙවෙයි. හැබැයි අපරාදෙ කියන්න බෑ ඒ බාධක ආවෙ මේ අපේ මනුස්සලෝකෙන් නම් නෙවෙයි ඔන්න. උදලු මුල්ලු, අලවංගු දැම්ම තරමක් දැම්මෙ උඩ ඉන්න කට්ටිය....... දෙයියොමත්ම නෙවෙයි ඔය......ඉන්නෙ ග්රබහ තාරකා කියල කට්ටියක් අන්න ඒ අය. හෙහ්........හෙහ්,

අර ටී.වී. ප්රෝ ග්රෙම් එකක් එහෙම තියෙනව නේද පාර කියන තාරකා, කියල, බලල ඇතිනෙ නේද?

මොන පාර කිවිල්ලක්ද, ඔය තාරකාය කියන මගෝඩියො බැලුවෙම මගෙ පාර වහල දාන්ඩ, හෙහ්.......හෙහ්.....අපි නම් සැලෙයි එව්වට...නැද්ද?

වැඩේ ඉතිං මම නොසැලුනාට අපේ මූලස්ථානය, නැත්නම් Headquarters,අපෙ මව් තුමී ටිකක් ඔය තාරකා අර්බුදය නිසා දෙගිඩියාවෙන් හිටියෙ.අන්තිමට බැරිම තැන මම මේ තාරකා පලහිලව්ව කිව්ව මගෙ හොඳම යාලුවෙක් හිටිය ඔය දවස්වල අපෙ ගෙවල් කිට්ටුවම, මහින්ද කියමුකො නම, මහින්දගෙ තාත්තට. හරිම නිවිච්ච සාධාරණ දැනුම් තේරුම් ඇති මනුස්සය. මම අදටත් හදවතින්ම ගරු කරන පුද්ගලයෙක්.

" ඉන්නකො පුතා මම කියන්නම් ඕකට කරන්න ඕන හොඳම වැඩේ.මගෙ හොඳම හිතවත් හාමුදුරු කෙනෙක් ඉන්නව. ඔය පොරොන්දම් බැලිල්ලට හරිම ප්රේසිද්ධයි. ඒ වගේම ඒ මත්තෙම රැඳිල ඉන්න කෙනෙකුත් නෙවෙයි. හරිම සාධාරණ ප්රලශ්නයක් තේරුම් ගන්න පුලුවන් මනුස්සයෙක්. අපිට හොඳ පිළිතුරක් හොයා ගන්න බැරිවෙන එකක් නැහැ" මයෙ හිත ඩිංගක් විතර සමහන් උනා ඒ පිළිතුරෙන්.

ආ ඔය මම කියාපු මහින්දගෙ තාත්ත ගැන තව ලස්සන කතාවක් තියනව. ඒකත් කියලම ඉම්මුකො.මහින්ද තාත්ති කියාපු නිසා අපිත් ඔක්කොම කතාකලේ තාත්ති කියලයි.

මුලින්ම ඔන්න මම මහින්දලගෙ ගෙදර ගිය දවස.අපෙ තව යාලුවො දෙන්නෙකුයි,මමයි,ඔන්න පොඩි කර්මාන්තයක් කරන්න ලෑස්ති වුනා ගෙදර ඉස්සරහ කාමරේ.දන්නවනෙ කර්මාන්ත.......කිව්වම නේද?, මේ.......වෙන මොකවත් නෙවෙයි කොකා කෝල ටිකක් බොන්න. ඔය කොකා කෝල කියන ජාතිය තියනව නේද?..........අප්පොච්චියේ නීට් බොන්නම බැහැ නෙව. වමනෙට එනව. ඒ නිසා අපි කරන්නෙ ඔය තව මොනව හරි බීම වර්ගයක් ෂැන්ඩි කර ගන්න එකයි..... ඒ කිව්වෙ මිශ්රඑ කර ගන්න එක. එදා මට මතක විදිහට අපි ගෙනාවෙ බ්රැින්ඩි බෝතලයක්ද කොහෙද ෂැන්ඩි වලටෙයි කියල.

මහින්දයි තාත්තයි දෙන්නම හොඳ කර්මාන්ත කරුවො උනාට,උඩරට වැදගත් පරම්පරාවකින් පැවතෙන උදවිය නිසාවෙන් දෙන්න සමගාමීව, ඒ කිව්වෙ එකට කර්මාන්තෙ කරන්නෙ නැහැ. එහෙම කරන එක අපේ සිංහල බෞද්ධ හැදියාවට ගැලපෙන්නෙ නැහැනෙ...... එකඟයි නේ මගෙ කතාවට නේද? මොන මොන දේ කලත් අපෙ හැදියාව කියන එක ඉතා වැදගත්. දිවි හිමියෙන් අන්න ඒක ආරස්සා කොර ගන්න එපාය. හරි......හැදියාව ගැන ඒ ඇති දැනට........ඉතිං ඔන්න ඉස්සරහ කාමරේ කර්මාන්තෙ සූදානම් කරල අපෙ මිත්තරය, ඒ කිව්වෙ මහින්ද ගියා " වොෂ් එකක් දාගෙන එන්නම්, මචං එතකල් උඹල වැඩේ පටන් ගනිල්ල" කියල.

තාත්ති ඉතින් ඔය වෙලාවෙ සාලෙ පත්තරයක් බල බල ඉන්නව. අපෙ එකෙක් දොර රෙද්ද මෑත් කරල කතා කලා"තාත්ති, එන්නකො පොඩ්ඩක්" කියල. අනේ තාත්තිත් ආව. අපි කොකා කෝල බෝතලේ කඩල එහෙම වැඩේට මුල පිරුව.වීදුරු උඩට උස්සල හෙමිහිට තට්ටු එහෙම කරල.......දන්නව නෙව, පළපුරුදු උදවිය, තාත්ති සව්දිය පිරුවා "එහෙනම් පුතාල, දිව්ය. ඖෂධයක් වේවා!!! " කියල, ඒ කරල......ඉතින් .....වෙන මොනව කරන්නද.......... බිව්වා.



ඔහොම කොකා කෝල වඩි දෙක තුනක් අරගෙන, විස්තර එහෙම කතා කරකර ඉඳල, මහින්දගෙ කටහඬ ඇහෙනකොට " පුතාල එහෙනම් වැඩේ කරගෙන යන්න, මම පස්සෙන් පහු ආයෙ එන්නම්කො " කියල තාත්ති ගියා එලියට. මහින්ද ආව. " අප්පට සිරි, උඹල වැඩේ පටන් අරගෙන තියෙන්නෙ. හරි......හරි.......ගනිං මටත් වීදුරුවක් " කියල ඔන්න රටේ නැති වල් පල් කතා කර කර, අපි කර්මාන්තය කරගෙන ගියා.

ටිකකින් මහින්ද එළියට ගියා, තාත්ති ආයෙම සාලෙ පත්තරේ බලනව.ඔන්න දැන් මෙහෙමයි දෙබස.

" තාත්ති අර මගෙ යාලුවො තාත්තිව අඳුන ගන්න ඕනය කියනව. පොඩ්ඩක් කාමරේට ගියානම් "

" ආ හරි, හරි ලොකු පුතා, මම ඒ ගොල්ලව අඳුනා ගත්ත ටිකකට කලින්. පුතා අඳුනා ගන්නකො. තව ටිකකින් මට ආයෙම බැරිය අඳුනා ගන්න "

හිනා වෙල පණ ගියෙ නැතුව විතරයි අපෙ. ඔය කතාව තාත්තයි පුතයි දෙන්නම ෆුල් සීරියස් කිව්වෙ.........හෙහ්,......හෙහ්,

මහින්ද ආපහු ආව කාමරේට. " උඹල නිකම් වත් කිව්වෙ නෑ මට තාත්ති මෙතනට ඇවිත් ගියේ කියල නේද? "

" කියන්ඩ උඹ ඇහුවයෑ, ඇහුවනම් අපි කියනවා "

ඔන්න ඔහොමයි මම මේ කියන තාත්තිගෙ විස්තරේ.

ඉතින් ඔන්න සතිඅන්තෙක අපි දෙන්න, ඒ කිව්වෙ තාත්තියි මායි ගියා මේ මහා බාරදූර කර්තව්යමයට. ම්ම්ම්ම්........බාරදූර කියන්ඩ එන්නෙ භ යන්න......ද?.....නැත්නම් නිකම්ම බ යන්න ද? හරි...හරි.......මොක උනාම මොකද...... නැද්ද? කෝකටත් භ කියල දාමුකො......හරි........භාරදූර කර්තව්ය්යට. මගේ ජීවිතේ.........ගමන් මඟ තීරණය වෙන හැරවුම් ලක්ෂ්යනයක් තමයි එදා. සිංහලෙන් කිව්වොත් ටර්නිං පොයින්ට් එකක්.

" මොනවද තාත්ති ගෙනියන්ඩ ඕනෙ? "

" මොකවත් ඕන නැහැ පුතා, මම බුලත් අතක් ලෑස්ති කරල ගෙනාව, ඔය රුපියල් පණහක් වාගෙ තිබ්බ නම් ඇති. කේන්දර කොපි දෙක ගෙනාවද?........ හරි එහෙනම් යමුකො දවල් වෙන්ඩ ඉස්සරවෙලා "

අපි කන්ද නැඟල ආවාසෙට යනකොට දෙතුන් දෙනයි හිටියෙ. පැත්තක තිබිච්ච බංකුවෙ වාඩිවෙලා අපේ වාරෙ එනකල් හිටියා. එක්කෙනා එක්කෙනා ඇතුල් කාමරේට යනවා. විනාඩි පහළහකින් විස්සකින් වාගෙ පිට වෙලා යනවා. ඔන්න අපේ වාරෙත් ආව.

" යමු පුතා ඇතුලට, ඔය බුලත් අත පුතාම පිළිගන්වන්ඩ හාමුදුරුවන්ට " තාත්ති ඉස්සරවෙලා ගියා ඇතුලට. මමත් ඒ පස්සෙන්.

හාමුදුරුවො මම හිතාපු තරම් වයස නෑ. කලුවර කවිච්චියක ඉඳගෙන හිටිය පැත්තකට හැරිල.ඉස්සරක මිටි මේසෙක උදේ ඉඳල ලැබුනු බුලත්,පලාපල විස්තර ලියාපු කොටුරූල් පොත් මහ ගොඩක්.

තාත්ති ඉස්සරවෙල වැඳ නමස්කාර කලා. මම ඊළඟට බුලත් අතත් පිළිගන්වල වැන්දා. හාමුදුරුවො බුලත් අත අරගෙන අර මිටි මේසේ උඩම තිබ්බා.ඊට පස්සෙ තට්ටෙ එහෙම පිරිමදිමින් කතා කලා.

" අපෙ මහත්තය බොහොම කාලෙකින් නෙව, දැන් දකින්නෙත් කලාතුරකින් "

" කාලෙකින් මේ පැත්තෙ එන්ඩ උනෙත් නෑ අපෙ හාමුදුරුවනේ, අද නම් ආවෙ........මේ පුතාගෙ වැඩකට,..........මේ අපේ ලොකු පුතාගෙ යාලුවෙක්,........පොරොන්දම් ගැලපීමක් බලාගන්ඩය කියලා ඔබ වහන්සෙට කියල "

මම කේන්දර දෙක දීල එකත්පස්ව පැත්තකට උනා.

" හ්ම්ම්ම්ම්ම්ම්......ඉඳගමු, ඉඳගමු...." හාමුදුරුවො ජනේලෙ අයිනෙ තිබ්බ මිටි පුටු දෙකක් පෙන්නුවා. තාත්තියි මායි ඔන්න ඉඳගත්ත. ඔහොම ගියා පැය බාගෙකට කිට්ටු කාලයක්. මම ජනේලෙන් එලියෙ පේන බුදුගෙයි වහලෙ පරෙයියො එහෙ මෙහෙ දඟලනව බලාගෙන හිටියා. කාමරේ ඇතුලෙ සද්දෙකට ඇහුනෙ කවිච්චියට එහා මුල්ලෙ තිබුනු පංකාව වටේට කරකැවෙමින් හුළං විදින සද්දෙ විතරයි.

අන්තිමේ හාමුදුරුවො ගනන් හැදිල්ල අහවර කරල කෙලින් වෙලා කවිච්චියෙ හේත්තු උනා.

" මහත්තයා......මේ......පොරොන්දම් වල නම් නොගැලපීමක් ඇත්තටම තියෙනව,....ඒත් ඒක ලොකුද පොඩිද කියල තීරණය වෙන්නෙ ඔය දෙන්න.....ඒ කිව්වෙ මහත්තයයි ඒ නෝනයි මේ ගැන හිතන විදිහට, නැත්නම් මේ තත්වෙ බාරගන්න විදිහට තමයි.හිතනෙ මහත්තය ඔය ඔක්කොටම මුල. හිතට කරන්න බැරි දෙයක් නෑ." හාමුදුරුවො කේන්දර දිහා බලාගෙනමයි ඔය ටික කිව්වෙ.

" ඒ කිව්වෙ හාමුදුරුවනේ? "

" ඒ කිව්වෙ........හොඳයි මම මෙහෙම අහන්නම්කො, මහත්තය මේක යෝජනාවක්ද එහෙම නැත්නම්....................... " හාමුදුරුවො මා දිහාට හැරිල ඇහැව්වා.

" යෝජනාවක් නම් නෙවෙයි හාමුදුරුවනේ " මම බිම බලාගෙන යන්තමට හිනාවෙන ගමන් කිව්ව,

" අන්න ඒක තමයි මම කියන්නෙ, පොරොන්දම් ගලපල බලද්දි පොඩි පොඩි ප්රටශ්න තිබ්බට, ඒ ඔක්කොම හිත කියන එකට යටයි.මහත්තයට එක හිතින් ඉන්න පුලුවන් නම්, ඒ නෝනත් එහෙම නම්, වෙන මොනවද තියෙන ප්රටශ්නෙ? " හාමුදුරුවො කිව්වෙ ඔලුවත් හොල්ලන ගමන්,

" ඒකනම් ඇත්ත හාමුදුරුවනේ..................... " මම තාත්තිගෙ මූණ බැලුවා.

තාත්ති අත්දෙක දණිසට බරකරල ඉස්සරහට බර උනා"අපෙ හාමුදුරුවනේ මෙතන ඒ උනාට මේ නොගැලපීම අනික් අයට ප්රුශ්නයක් වෙයි නේද? "

" ආ, ඒක එච්චර දෙයක් නෙවෙයි, මම පොරොන්දම් ගැලපීම් විස්තරේ මෙහෙම ලියල දෙන්නම්කො, සුලු නොගැලපීමක් තිබුනද ප්රෙබල ගැලපීම් හේතුවෙන් විවාහයට සුදුසුයි කියල, බොරුවකුත් නෙවෙයිනෙ මහත්තය.හිත් ගැලපෙනව නම් ඊට වඩා ආයෙ අහවල් පොරොන්දම්ද " හාමුදුරුවො හිනා වෙවී කිව්ව.

අපි දෙන්නට හාමුදුරුවො තේ දෙකකුත් ගෙන්නල දුන්න. තාත්තියි හාමුදුරුවොයි පරණ ආගිය කතා කතාකරකර තව ටික වෙලාවක් හිටිය. ඒ කරල අපි යන්ඩ නැඟිට්ට.

" හෙට උදේ මේ වෙලාවට වාගෙ එන්ඩකො, මම විස්තරේ ලියල තියන්නම්" අපි වඳිනකොට හාමුදුරුවො කිව්ව.

" දැන් හරිනෙ පුතා වැඩේ, හෙට උදේ පුතා ඇවිත් පොරොන්දම් විස්තරේ අරන් යන්න, නැත්නම් මට උනත් ඇවිත් ගතෑකි. මොකෝ මහ දුරක්ය? " තාත්ති කිව්වෙ අපි කන්ද බහින අතරෙ.

" ආපෝ ඕන නෑ තාත්ති කරදර වෙන්න එපා. මම එන්නම් "

පහුවදා මම ආවා. පොරොන්දම් විස්තරේ අර ගත්තා.හාමුදුරුවොත් ඒ කියාපු විදිහටම ලියලත් තිබුනා. එතනින් පස්සෙ ග්රිහ තාරකා වලින් තිබ්බ කරදරේ නැතිවෙලා ගියා. සියලු කටයුතු සාර්ථකව කෙරුනා. පොරොන්දම් වලට වඩා හිත තමයි වැදගත් කියල හාමුදුරුවො කියාපු කතාව ඇත්තම ඇත්ත කියල මට අද වෙනකොට බයනැතුව කියන්ඩ පුලුවන් කියල විතරක් කිව්වම ඇති නේද හොඳටම.



මතු සම්බන්ධයි...............






























24 comments:

  1. අදුරුදු 16ක විතර අත්දැකීමෙන් කියනවනම් තව මොනවද..

    දාල තියෙන ලින්ක් දෙකම යන්නෙ එකම තැනකට. යන්තම් එකක් කියවපු ගමන් මතක් වුනා මොකක්ද මේ කියල...

    ReplyDelete
  2. අමුතුවෙන් කියන්න දෙයක් නෑ අයියා. අයියලාගේ ජීවිත දෙස බැලුවම ඒ කතාව ඇත්ත කියා හොඳටම වැටහෙනවා. එහෙනම් වෙනදාට කියන කතාව නොකියා මගේ සුභ පැතුම එකතු කරන්නම්. ආවාට වඩා බොහොම දුර ගමනක් යන්න තියනවානේ. හැමදාම මේ සමගිය එලෙසින්ම රැඳේවා..!!!

    ReplyDelete
  3. මම කවදාවත් ඔය කේන්දර සාස්තර වගේ දේවල් විස්වාස කරේ නෑ ..ඒත් මගේ තාත්තා මැරෙන්න කලින් කෙනෙක් කියපු එක අනාවැකියක් නිසා මමත් මේ දේවල් ගැන තවසැරයක් හිතන්න පටන්ගත්තා .

    මේ ලස්සන කතාව මම මුලක ඉඳලම කියෙවුවා හිතට වදදීගෙන ඇස්වලට බැන බැන බලපු කතාවක් නෙවේ ..මටත් නොදැනීම මම රසවිඳපු කතාවක් .රවී කවමදාකවත් ඔය ලියන එකනම් නතර කරන්න එපා ! තව තවත් ලියන්න

    ReplyDelete
  4. කේන්දර දිහා බොහොම මැදිහත් සිතින් බලන් උද්වියගෙන් මිසක් ඕවා අන්ධ බක්තියෙන් ඔලුව උඩ තියන් ඉන්න අයගෙන් උපදෙස් ගන්න නරකයි

    ReplyDelete
  5. මම ආසම නැති කොටස තමයි
    ෴ මතු සම්බන්ධයි ෴

    කේන්දර කීවම අයියා.ඕවයෙ ඇත්තක් නැත්තමෙත් නැහැ. හරියට ඉතින් මෙහෙමයි... දහයක් කීවොත් එකක් හරි ඇත්ත වෙනව නෙව.

    හැබැයි අයියා... මේ මගේ කේනදරෙත් පුංචි පහේ අවුලක් තියනව.. මටත් ඉන්නව නම් “ එක හිතින් “ ඉන්න පුලුවන් කෙනෙක් .....

    ReplyDelete
  6. ජීවිතය සුන්දරයි, මිනිසුන් ජීවත් වෙන අන්දම අනුවයි ඒ සුන්දරත්වය රැඳෙන්නේ. හැමදා ඒ සුන්දර ජීවිතය ලස්සනට ජීවත්වෙන්න හේතු වාසනා වේවා!

    ඔබ දෙපළට සුභ පැතුම්!

    ReplyDelete
  7. මගේ කේන්දරේ ගැන නම් කියලා වැඩක් නෑ. එච්චර බලගතුයි. :D දැන් ඔය තාරකා කීවේ කවුද? තාරකා සහ ග්‍රහයන් දෙවර්ගයක් නේද? පේන හැටියට නම් අහිංසක කවුරු නමුත් අමාරුවක වැටෙන්ටයි යන්නේ.

    ඉතුරු හරිය බලලාම තීරනයක් ගමු නේද?

    ReplyDelete
  8. පට්ට හාමුදුරු කෙනෙක්නෙ බං අයියෙ.. ඇත්ත නොවැ කතාව, ඔය ඔක්කොම හිතට යටයි.. එහෙනං ඉත්තිං ආයිමත් පාරක් ඕල් ද ‍බෙස්ට් කිවුවා වීදුරුව උස්සලාම.. චියර්ස් ආ.. :)

    පලි: අම්මප අර කතාව ඇත්ත නොවැ.. මටත් ඔය කොකාකෝලා නිකං බොන්ටම බෑ නෙවැ.. අනික මං කොහේදෝ මන්දා කියෙවුවා ඒවා නිකං බොන්ට හොද නෑලු, ඇසිඩ් ගතිය වැඩිලු.. මාත් කොරන්නෙ ඉතිං ඔය වොඩ්කා ටිකක් විතර මික්ස් කොරගන්න එක තමා..

    ReplyDelete
  9. .@ තාරක Dilsh@n

    ඇත්ත, ඇත්ත, වසර දහසයක් කියන්නෙ සෑහෙන කාලයක් තමා.

    ReplyDelete
  10. @ Priyantha

    ස්තූතියි ප්‍රියන්ත ඔබගේ සුබපැතුමට,

    ReplyDelete
  11. @ හිස් අහස,


    ඔය කේන්දර ගැන කියනවනම් මල්ලි, මටත් උනේ ඔයා කියාපු දේම තමයි. මම කවමදාවත් ඔය කේන්දර කියන ජාතිය විශ්වාස කලේම නැහැ. අඩු ගනනෙ අද උනත් මම නිකමට වත් මගෙ කේන්දරේ බලවන්නෙ වත් නැඇ.

    ඒත් මටම විශ්වාස කරන්න බැහැ සඳරු, ඔය මගෙ විවාහයෙදි පොරොන්දම් බලන්න ගිහිල්ල කියපුව සෑහෙන දුරට ඇත්තම උනානෙ. ඒ වැඩේ ඇත්තටම සම්භාවිතාව අනුව වෙච්ච දෙයක් නම් නෙවෙයි.

    ඒ කියල අදටත් මම කේන්දර විශ්වාස කරන්නෙ නෑ. හැබැයි එතන වුනුදේ ගැන අදටත් මට තර්කානුකූල විග්‍රහයක් නැහැ කියල තමයි අවංකව කියන්න තියෙන්නෙ.

    ඔබගේ අගය කිරීමට නැවත වරක් ස්තූතියි සඳරු, බොහොම ස්තූතියි.

    ReplyDelete
  12. @ TG

    ඔබ හරි TG, ඒත් මම උපදෙස් ගන්න නම් නෙවෙයි ගියේ......හෙහ්, හෙහ්, මේ කෙහෙල්මලෙන් ගොඩ එන්ඩ විදිහක් හොයාගෙනයි මම ඒ හාමුදුරුවො ළඟට ගියේ.

    හැබැයි ඔයා කියනව වගෙ ඒ හාමුදුරුවො බොහොමත්ම මැදහත් සිතින් මේ ප්‍රශ්නෙ දිහාවෙ බැලුව නිසා ප්‍රශ්නය සමථයකට පත් උනාය කියල තමයි කියන්න තියෙන්නෙ.

    ReplyDelete
  13. @ සොඳුරු සිත,

    / මම ආසම නැති කොටස තමයි ෴ මතු සම්බන්ධයි ෴ /

    හපොයි, නංගියේ සමා වෙන්න, මොකද කොරන්නේ ඉතිං අප්පා? මට ඔය කෙටියෙන් ලියල පුරුද්දක් ඇත්තෙම නැහැ නෙව.මේ තරමටත් කෙටි කර ගත්තෙ පුදුම දුකක් විඳල ඔන්න ඇත්තම කිව්වොත්,තිරිංග කියන එව්වනම් අනෙ අම්මප අහුවෙන්නෙම නෑ......හෙහ්......හෙහ්,

    ඔබේ පැතුම් එලෙසින්ම ඉටු වේවා! නංගි, එලෙසින්ම ඉටු වේවා!

    ReplyDelete
  14. @ ගල්මල්-Coral

    ස්තූතියි ඩීන් මහත්මයා මේ පැත්තෙ එනවාට සහ ඔබේ සුබ පැතුමට,

    ReplyDelete
  15. @ Podi Kumarihami,

    / මගේ කේන්දරේ ගැන නම් කියලා වැඩක් නෑ. එච්චර බලගතුයි /

    කේන්දර බලගතු වැඩි උනහමත් කරදරයි කියලත් මම අහල නම් තියෙනවා,........හෙහ්.........හෙහ්,

    / දැන් ඔය තාරකා කීවේ කවුද? තාරකා සහ ග්‍රහයන් දෙවර්ගයක් නේද? /

    මෙතන තාරකා කිව්වෙ ඔය මිනිස්සුන්ට බලපානවය කියන ග්‍රහයින්ටම තමයි. ග්‍රහ තාරකා කියලත් කියනවනෙ. ඒ නිසයි එහෙම කිව්වෙ.

    / පේන හැටියට නම් අහිංසක කවුරු නමුත් අමාරුවක වැටෙන්ටයි යන්නේ. /

    හෙහ්,.....හෙහ්, බලන්නකො කවුද අමාරුවෙ වැටුනෙ කියලා, හොඳේ,........ පොඩ්ඩියේ,

    ReplyDelete
  16. @ Buratheno,

    / පට්ට හාමුදුරු කෙනෙක්නෙ බං අයියෙ../

    පට්ට හාමුදුරුකෙනෙක්ම තමයි මල්ලි, හෙහ්......හෙහ්, කියලාම වැඩක් නෑ,තවමත් ඉන්නව මයෙ හිතේ.මම ඊට පස්සෙ මගෙ ඔය කේන්දර කචල් යාලුවො ඔක්කොම එතුමා ගාවට පිටත් කලා......හෙහ්......හෙහ්,

    / ඇත්ත නොවැ කතාව, ඔය ඔක්කොම හිතට යටයි../

    හිතට යටයි මල්ලි ඔක්කොම, ඒකෙ ආයෙ දෙකක් නෑ. එක හිත තියනම් ආයෙ අනික් දේවල් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ කොහොමවත්ම. මම ඉතින් ඔය ගැන විශේෂඥයෙක් නෙව.......හෙහ්, හෙහ්,

    / එහෙනං ඉත්තිං ආයිමත් පාරක් ඕල් ද ‍බෙස්ට් කිවුවා වීදුරුව උස්සලාම.. චියර්ස් ආ.. :) /

    Heh, heh, All the very best, Malli, Three Cheers.......heh, heh,

    ReplyDelete
  17. අනේ මේ පැත්තේ එන්න ටිකක් පමා උනා රවි අයියේ, සමා වෙන්න. වළව්වටත් නිවී හැනහිල්ලේ ගොඩවෙන්න ඉඩක් ලැබුනෙ නෑ තාම. ඔන්න එහෙනම් මේ සුභ කාරණාව ගැන මගෙනුයි මගෙ මහත්තයගෙනුයි හද පිරි සුභ පැතුම් පිළිගන්නකෝ.

    සොළොස් වසකට පෙරාතුව ඔබ
    සිත් අහස පෑයූ සුපුන් සඳ
    සසර සරනා තුරා සැමදා
    ඔබේ ජීවන පහන වනු ඇත

    ගලන ගඟුලක් ලෙසින් ආ මග
    නොනැවතී තව පෙරට යන්නට
    සදා සැනසුම සතුට සපිරුණ
    සුභ ගමනකට අසිරි දෙපලට

    ReplyDelete
  18. හිත් වලින් ඇති වෙච්ච බැඳීම් තරු වලට නවත්තන්න පුලුවන්ද

    ReplyDelete
  19. ඇත්තටම ඔය ග්‍රහයෝ අපේ හිතේ බලේට යටයි තමා........

    ඉක්මනින් ඉතිරිය ලියන මෙන් කාරුණීකව ඉල්ලා සිටිමි.

    ReplyDelete
  20. @ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,

    පමාවූ මුත් කිමද කාරණ?
    ඔබේ සුපැතුම් නිවයි මා හද,
    නඟේ ඔබ හා ඔබේ හිමි සඳ,
    පිළිගනිමි සතොසින් සෙනෙහෙ මැද,

    ReplyDelete
  21. @ පිණිබිඳු,

    පිස්සුද නඟේ, එහෙම කොහෙ කරන්ඩද?

    ස්තූතියි ඔබටත්.

    ReplyDelete
  22. @ හා පැටික්කි ( MS )

    හරි, නංගි ඉක්මනටම ඉතිරි හරිය ලියන්නම්. ස්තූතියි ඔබට.

    ReplyDelete
  23. මගෙයි වයිෆ්ගෙයිත් කේන්දර සීටය සීයක් ගැලපෙන්නෙ නැහැ ......... ඒත් අපි හරියට ඉන්නවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ ....

    ReplyDelete
  24. @ කල්හාර දිසානායක,

    මොනව කියනවද? අහවල් පොරොන්දම්, නැද්ද?

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...