අද මේ හතරවෙනි කොටස නිසා මම හිතුව කලින් කොටස් වලින් කියපු කතාව ආයෙම මතක් කලොත් හොඳයි කියල, කාරියක් නැහැනෙ නේද?
පළවෙනිම කොටසින් කිව්වෙ මගෙ ආදරයට නැවතීමේ තිත තියාපු විදිහ. මතකයිනෙ?
අංක දෙකෙන් කිව්වෙ මම හුදකලාව පොසොන් දා රෑ ගත කරද්දි ආපු අනපේක්ෂිත අමුත්තා ගැන, මතකනෙ......රන්බණ්ඩා.....
ඊළඟ කොටසෙදි රන්බණ්ඩ එයාගෙ කතාව පටන් ගත්ත, හැමදෙයක් ගැනම කලකිරිල ආපහු ගමට යන්ඩ තීරණය කරපු තැන දක්වා ඔන්න කතාව කියල ඉවරයි.
එහෙනං, ළමයිනේ,.....අද එතැන් සිට.....
යන්ඩ සූදානම් වෙලා මම මලීට කියන්ඩ ගියා. " මලී මම යන්නම්" කියාපු ගමන් ඒ කෙල්ල වැලහින්නියක් වගෙ අඬාගෙන මගෙ දෙපතුල් ගාව වැටුනා.මම උරහිසෙන් අල්ලල නැගිට්ටවන්ඩ හැදුවට හරි ගියේ නැහැ. " අනේ බුදු අයියේ, මට සමා වෙයං මයෙ අයියේ. මගේම තමයි වැරැද්ද. මේ කරපු දේට මට කවදාවත් හොඳක් නම් වෙන්නෙ නැහැ අයියේ, ඒක නම් මම දන්නවා හෙට ඉර පායන්නැහෙ " ඕං ඔහොම කිය කියා, මයෙ දෙපතුල් බදාන ඒකි අඬා වැටුනා.
" වෙන්ඩ තියෙන දේවල් ඒ ආකාරෙටම, නියම වෙලා තියෙන විදිහට වෙයි, මලී ඒක උඹටවත් මටවත් වෙනස් කරන්ඩ බෑ, මේ තමයි වෙන්ඩ තිබුනු විදිහ කියල හිතල මම හිත හදා ගන්නම් මලී, මගේ ජාති ජාතිවත් තරහක් නෑ "
එහෙම කියල මම මගෙ ඇඳුම් කෑලි දෙක තුනත් මල්ලක දාගෙන එලියට බැස්සා.මම ගුන්නෑපානට ආවෙත් මේ විදිහටම ඇඳුම් කෑලි දෙක තුනක් මල්ලක දාගෙන. ආපහු යන්නෙත් ඒ වාගෙමයි. ඒත් එකම වෙනස මුලු ලෝකෙම ඔලුව උඩ තිබ්බ වගෙ බරක් මම ආපහු ඇන්න යන එකයි.
ආපහු ගමේ ගිහින් මම අපෙ කුඹුරු ටික වැඩ කරගෙන හිටියා. අප්පොච්චිට මම කිව්වෙ කඩේ වැඩ මල්ලිට බාර දීල මම ආව කියලයි. උන්දෑ එතනින් එහාට මොකවත් ඇහුවෙ නැහැ. ඔහොම ඉන්නකොට මාස තුන හතරකට පස්සෙ ගුන්නෑපානෙන් ලියුමක් ආව මල්ලිගෙයි මලීගෙයි කසාදෙ ගැන කියල. අප්පොච්චි එහෙම නම් ගියා. කුඹුරු කිරි වැදෙන කාලෙ නිසා ඒ පිට දාල මම මග ඇරියා.මලී දැක ගන්ඩ හිතේ කොණක ආසාවක් නොතිබ්බමත් නෙවෙයී ඒත් මොකක්ද ඒකෙන් ඇති පලේ කියල මම හිත හදාගත්තා.
ඔහොම තවත් මාස කීපයක් වාගෙ ගත උනා. මම කුඹුරු කරගෙන ඔහේ ජීවිතේ ගත කලා.අප්පච්චි මට මඟුල් ඔත්තු හොයන්ඩ මහන්සි උනාට මම මොනව හරි කියල එව්ව මග ඇරියා.
දවසක් ගුන්නෑපානෙ මාම ලියුමක් එවල අප්පච්චි තකහනියක් එහෙ ගියා. දවස් තුනකට පස්සෙ ආවෙ. මූණ හරිම නැහැ එනකොට. " පොඩි එකයි අර කෙල්ලයි හැමදාම සණ්ඩු සරුවල්ය කියන්නෙ. හීන් බණ්ඩ දැන් නොසෑහෙන්ඩ බොන්ඩත් පුරුදු වෙලානෙ "
අප්පච්චි කිව්වෙ " අනේ ලොකු පුතේ මොකදෑ අපි කරන්නෙ " කියල අහනව වගෙ මගෙ මූණ දිහා මහ අසරණ විදිහට බලන ගමන්.
මගෙත් හිතේ ගිණි පත්තු උනා. එදා රෑ මම කුඹුරෙ පැල් කොටේ හිටියෙ. ලෝකෙන්ම තනි වෙන්න ඕන උනාම මම කරන්නෙ කුඹුරෙ පැලට යන එකයි. මගෙ හිතේ කල්පනා කලේම මලී ගැන. මොනවද වෙලා තියෙන්නෙ කියල හොයා බලන්ඩ යන්ඩ හිතුනත් ආයෙම මට හිතුන මේ වෙලාවෙ යන එකෙන් තව ප්‍රශ්නයක් මතු වෙන්ඩ පුලුවන්ය කියල.
ඊට සතියකට විතර පස්සෙ මලී මට ලියුමක් එවල තිබ්බ, එහෙ එන්ඩෙයි කියල.ඒත් එහෙම යන එක හොඳ මදිය කියල මට හිතුන නිසා මම ගියේ නැහැ. තව මාසෙකට විතර පස්සෙ ආයෙම ලියුමක් ලැබුනා. ඒකෙ ලියල තිබ්බ දේවල් දැකල මට කඳුලු ආව මහත්තයො.අන්තිම දවසෙ එයා කියාපු දේ කවදාවත් මේ කරපු දේට මට හොඳක් වෙන්නෙ නැහැ ඒ කතාවත් මතක් කරල කියල තිබ්බ ඒක ඒ විදිහටම වෙලයි දැන් තියෙන්නෙ කියල. වැඩි දවසක් නොගිහින් පණ නහගන්නව කියලත් කියල තිබ්බ.
මම අප්පච්චිටත් නොකියම පිටත් උනා. ඒ කෙල්ල මාව දැක්ක ගමන් මගෙ දෙපතුල ලඟ වැටිලා අඬන්ඩ පටන් ගත්ත. අර එදා මම යන්ඩ යනව කියපු දවසෙ වගේම. වෙනස එදා වගෙ නෙවෙයි අද අඬා වැලපුනෙ පපුවම ගැලවිලා එලියට එන විදිහට.මේ මාස හත අටට මලී වෙනස් වෙලා අඳුනන්ඩ බැරි තරමට. ඒ දවස්වල මූණෙ තිබ්බ සිරියාව හොරු අරන් ගිහිල්ල වගෙ, ඇස්වල තිබ්බෙ බලන්ඩ බැරි තරම් වේදනාවක්, කලකිරීමක්.
" අයියා මට මේ පලදීල තියෙන්නෙ අයියට පිටු පෑව එක. එයා එදා ඉඳම්ම මට බැණ අඬගහනව මයෙ හිත තියෙන්නෙ අයිය ගාවෙයි, මම එයාව රැවැට්ටුවයි කියල.රැවැට්ටුවයි කියන කතාව ඇරෙන්න ඉතිරි හරිය නම් බොරුවකුත් නෙවෙයි අයියා.ඒ දවස්වල මම නිකම් පිස්සුවෙන් වාගෙ හිටියෙ. පිස්සුව හොඳ වෙලා ඇහැරලා බලනකොට වෙන්න තිබ්බ දේ වෙලා ඉවරයි. ඊට පස්සෙ මම පුලුවන් තරම් උත්සාහ කලා හොඳ බිරිඳක් විදිහට ජීවිතේ ගෙනියන්න. ඒත් හිත කියන එක මේච්චල් කරන්න පුලුවන් කාටද අයියා "
මම මලීව උරහිසෙන් අල්ලල නැගිට්ටෙව්ව. කෙල්ල ඔහේ හිතේ තියෙන දුක් කන්දරාව කියවගෙන ගියා ඇල්ලකින් වතුර ගලන්නා වගේ. නිහඬව අහගෙන ඉන්න එක විතරයි මට කරන්ඩ ඉතුරු වෙලා තිබුනෙ. වෙන මොනවයි කියල කරන්ඩද මම හැබෑටම.ජීවිතේ අපි හැමෝටම බරපතල විදිහට වැරදිලා කියන එක විතරයි මට තේරුම් ගිය එකම කාරණේ.
" එයා මාව තේරුම් ගත්තනම් මේ විදිහට කාරණා සිද්ද වෙන්නෙ නැහැ කොහෙත්ම. ඒත් එයාට ඒ කිසිදෙයක් තේරුම් ගන්න හැකියාවක් වත්, ඊටත් වැඩිය උවමනාවක්වත් තිබ්බෙම නැහැ.දවස තිස්සෙම අයිය ගැන කියල මට වගපල කියන එකතමයි එයා කරපු එකම දේ. ටිකින් ටික එයා හොඳටම බොන්ඩ පුරුදු උනා. මොනවද කරන්නෙ කියල මට හිතාගන්ඩ බැරිඋනා අයියා. කුණාටුවකට අහුවෙලා මාව ගහගෙන යනව, කිසිම විදිහකින් බේරෙන්ඩ බැරුව මම අසරණ වෙලා කියලයි මට දැන් හිතෙන්නෙ. බැරිම තැන මොනව උනත් කමක් නැහැ, ඉස්සරහට වෙන ඕනම දෙයක් මීට වඩා හොඳ මිසක නරක් වෙන්න බැහැ කියල හිතල තමයි මම අයියට එන්ඩෙයි කියල ලියුම දැම්මෙ "
ඔහොම මලී පිස්සියෙක් වගෙ කියවද්දි " ආ......ඔය ඇවිල්ල ඉන්නෙ, හොර වාහෙ..... දැං ඉතිං මොන අඩුවක්ද? ඔච්චරනෙ අඩු වෙලා තිබ්බෙ" කියාගෙන මල්ලි සාලෙ දොරකඩට ආව. කෙලින් ඉන්න බැහැ, හොඳටම බීල..... උලුවස්ස එක අතකින් අල්ලගෙන එල්ලිලා වගෙ හිටියෙ.
" මල්ලියේ " මට කියන්ඩ හම්බ උනෙ එච්චරයි.
" මේ...... උඹ මට මල්ලි කියන්න එපා. තේරුණාද? උඹෙයි මගෙයි සහෝදරකං මම අතඇරල හුඟක් කල්.ඒ උඹ මේකි මගෙ ඇඟේ ගහල මාරු වෙච්ච දවස් වලමයි " මල්ලි ඔය ටික කියැව්වෙ දකුණතේ දබරැඟිල්ලත් විඩෙන් විඩේ මා දිහාට උරුක් කරමිනුයි.
" කට තිබ්බ පළියට ඔහොම කතා කරන්ඩ එපා මනුස්සයෝ " මලී බැරිම තැන කෑගැහුවා.
" ආ......උඹේ කට දැන් බොහොම සැරයි නේද? පහුගිය ටිකේ අඬ අඬ හිටපු ගෑණි, ඇයි දැන් උඹෙ වාහෙ ආවනෙ.... හිටපං උඹේ කට මම අද මට්ටු කරනවා "
මල්ලි....ඇත්තටම මල්ලි නෙවෙයි එතන හිටියෙ යක්ෂයෙක්.....ඔව් සිහි විකල් වුනු යකෙක්......මලීගෙ බෙල්ල මිරිකන්න පටන් ගත්තා. මම මල්ලිගෙ බෙල්ලෙන් අල්ලල ඇදල ගත්තා. කකුල එතන තිබ්බ පුටුවක පැටලිල මම වැටෙනකොට ඔලුව ලඟ තිබ්බ මේසෙ කෙරෝලක වදිනව මට මතකයි. අඩ සිහියෙන් වගෙ මට දැනුන මල්ලි මගෙ පපුව උඩ නැගගෙන මගෙ බෙල්ල මිරිකනවා. මම ඒ අත් දෙක ගලවන්ඩ උත්සාහ කලත් ටිකින් ටික මට තේරුන මගෙ හයිය නැතිවෙලා යනවා. අලු පාට අඳුරක් මගෙ ඇස් ඉස්සරහට ගලා එන්ඩ පටන් ගද්දි කන් දෙකේම මහා සද්දයක් ඇහෙන්ඩ පටන් ගත්තා.ඒත් ටිකකින් බෙල්ල තද කරන ගතිය එක පාරටම නැතිවෙලා ගියත් එක්කම එකපාරටම හීතල හුලඟ මගෙ පෙනහලු වලට පිරෙනව මට දැනුන. ඒ එක්කම මම හිතන්නෙ මට සිහිය නැතිඋනා.
මූණට හීතලක් දැනිල මට ආයෙ සිහි එනකොට ඔලුව පුපුරන්ඩ වගෙ කැක්කුමයි. මලී මගෙ මූණට වතුර ඉහිනව අඬ අඬ. " අයියෙ....අයියෙ....ඇහැරින්ඩකො....අයියෙ ....අනේ අයියෙ,....කතාකරන්ඩකො ‘’
රන්බණ්ඩ ආයෙම කතාව නවත්තල ටිකක් වක්කර ගත්තා. මගෙ අතෙත් වීදුරුව එහෙම්මම දැන් සෑහෙන වෙලාවක ඉඳල.ඊලඟ හරිය අහන්න ඉස්සර මම කෝකටත් වීදුරුවෙ තියන හරිය උගුරට හලා ගත්ත.
වක්කරගත්තු වඩිය උස්සල ඒ දිහා ටික වෙලාවක් බලාඉඳල "මහත්තය හිතන්නෙ මොකක් වෙලා තියෙන්න ඇති කියලද?" රන්බණ්ඩ ඇහුවා.
මතු සම්බන්ධයි............
මලී අතට අහුවෙච්ච මොකකින් හරි හීන් බණ්ඩට ගහලා වෙන්න ඇති. ඒකෙන් හීන් බණ්ඩට එක්කෝ ගොඩක් තුවාල වෙලා නැත්තං ජීවිතේ නැති වෙලා ඇති. රන් බණ්ඩාගේ කතාව මතු සම්බන්ධ වෙද්දි අහපු ප්‍රශ්නෙට මටනං ඔහොම තමයි හිතුනේ.
ReplyDeleteමුළු කතාව ගැනම මගේ අදහස කතන්දරේ ඉවර උනාම තමයි මං කියන්නේ. එතකල්, ලස්සන, කියවන්න ආස හිතෙන, සිදුවීම් මැවිලා පේන කතාවක් කියලා විතරක් කියන්නංකෝ...
මට ඊලඟ කොටස කියවන්ඩ බැරියෝ!!!!!!!!!!!!!!!!
ReplyDeleteමට නම් බයේ බෑ. රන් බංඩා අතින් මොකක් හරි වැදිලා හීන් බංඩා මැරිලා ගියාවත්ද? අපොයි මේ මොන වින්නැහියක්ද? මගේ ලොකුම ප්‍රශ්නේ 'මලී'ට මොකද උනේ කියන එක. අහිංසක කෙල්ල. මදෑ ආදරේ හොයාගන ගියා. පාඩුවේ හිටියානම් ඔය එක විපතක්වත් නෑ නෙවැ.
ReplyDeleteදැන් යන ටෙලිනාට්‍ය ෆිල්ම් වලට වඩා හොඳ නිර්මාණයකට වස්තු බීජයක්. මිනිස් සිත් සතන්වල ක්‍රියාකකාරිත්වය, උතුම් පුරුෂයෙක් කියන්නේ කවුද කියන එක දැන්මම ඉස්මතු වෙනවා. මිනිසුන්ට වරදින තැන් හොඳින් පෙන්වනවා. කලින් කොටසේ අය කීවනේ මලීට ඇති ආදරේ රන්බණඩා කීවනම් ඔහොම වෙන එකක් නෑ කියල. ඒත් ඇය ඒබව දැන ගෙනම නේද රූපයෙන් වැඩි හීන්බණ්ඩා එක්ක යන්න කැමති වෙලා තියෙන්නේ..
ReplyDelete//එපා එපා රැවටෙනු රූපෙට එපා රැවටෙනු කියන්නේ මේනිසා වෙන්න ඇති//
කතාව නම් අයියේ උපරිමයි. ඉතිරියත් ඉක්මනට ලැබෙයි නේද?
හෙහ් හෙහ්................
ReplyDeleteඋඹලා හිතන්නෙ මොකක් වෙන්න ඇති කියලද?
ඕක අපෙ අහපු විදිහ අපූරුයි රවි අයියෙ.
මරු කථාව.........
ReplyDelete"ඉතිරි කොටහ කවදය දාන්නෙ මහත්තය" කියල රන්බණ්ඩ ඇහුවය කියන්නෙ...
මටත් හිතෙන්නේ හීන් බන්ඩා මියැදිලා . රංබන්ඩා පොලීසුයට අහුවෙනවට බයේ පැනලා යන අතරේ වෙන්න ඕන ..
ReplyDeleteඊලඟ කොටස කියවනකම් මටත් ඉවසීමක් නෑ බොහෝවිට ඊලඟ කොටසින් කතාව ඉවර වේවිද ? මම ආසාවෙන්ම කියවපු තවත් එක කතාවක් ..
මලී හීන් බන්ඩව මැරුව....රණ්බන්ඩ , ඒ වැරුද්ද තමන් පිට දාගෙන හිරේ ගියා..
ReplyDeleteහ්ම්..........ගැහැණු ගැහැණු...හැඟීම් වලට ඉඩ දීලා , අනාගතයක් නොපෙනෙන ගැහැණු. අහිංසකයව, රණ්බන්ඩව මොන එහෙකට ආයෙත් කැදව ගත්ත ද?
අමතක කරන්න බැහැ කියල තේරුනේ , හීන්බන්ඩත් එක්ක දීග ගියාටත් පස්සෙද? ගොඩක් ගැහැණුන්ට තමන්ගෙ හිත තේරුම් ගන්න කල් යනවා. අන්තිමට , තමන්ට තමන් තේරුම් යනකොට ..ගොඩාක් කල් ගිහින් ...ගොඩාක්..
“ එක්ටැම් ගේ “ චිත්‍රපටිය මතක් වුනා...
හ්ම්.... ලියමු රවි අයියා... ඔයා නම් හරිම දක්ෂයි අයියා....
.@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,
ReplyDeleteනඟේ, මොකෝ කියන්නෙ? කවි ලිවිල්ල අත ඇරල බැඳෙමුද C.I.D. එකට, උඹට ගැලපෙන්නෙ ඒ වගෙ රස්සාවක්.....හෙහ්, හෙහ්,
ස්තූතියි නංගි, උඹලගෙ අගය කිරීම් මට ලොකු ශක්තියක්,
.@ hansakinkini,
ReplyDeleteඅපොයි ජනූ නංගියේ, ජීවිතේ අපිට අකමැති දේවල් බොහෝ වෙලාවට කරන්ඩම වෙනවා. ඒ අපිට වෙන විකල්පයක් නැති නිසයි. අපෙ දෙමව්පියන්ගෙ, යාලුවන්ගෙ සතුට වෙනුවෙන් අපිට කැපකිරීම් කරන්ඩ වෙන එක වළක්වන්ඩ බෑ. ඒ නිසා මේකත් එහෙම අවස්තාවක්ය කියල හිතාගෙන රවි අයියා වෙනුවෙන් ඒ කැපකිරීම මම කරනවයි කියල එක හිත් හිතාගෙන ඊලඟ කොටසත් බලාපන් මයෙ රත්තරං නංගියේ, හොඳේ?
.@ Podi Kumarihami,
ReplyDeleteඕං අනිත් එක්කෙනා, අද කතාව බලන්ඩ ඇවිත් තියෙන්නෙ ඔක්කොම C.I.D. එකේ කට්ටිය නෙව,
/ පාඩුවේ හිටියානම් ඔය එක විපතක්වත් නෑ නෙවැ. /
ඇත්ත, ඇත්ත පොඩ්ඩියේ, හැමදාම වගෙ ඔයා කියන්නෙ ඇත්ත, හැබැයි එහෙම පාඩුවෙ හිටියනම් මට රන්බණ්ඩ මුණගැහෙන්නෙත් නැහැ, මේ කතාවත් නැහැ......හෙහ්, හෙහ්,
.@ Priyantha,
ReplyDeleteස්තූතියි ප්‍රියන්ත, ඉක්මනට දාන්නම් ඉතිරි හරිය,
.@ නිශ්,
ReplyDeleteහෙහ්, හෙහ්, ......ස්තූතියි නිශ්,
.@ අලුත් කොල්ලා,
ReplyDeleteමරු කතාව......කොල්ලො,
ඉතිං උඹෙන් ඇහුව නං උඹම දාහං ඉතිරි කොටස......හෙහ්, හෙහ්,
.@ හිස් අහස,
ReplyDeleteඅම්මප, උඹත් දැන් පොලිස් අපරාද අංසෙද වැඩ කරන්නෙ සඳරුවො?
හෙහ්,හෙහ්,......ස්තූතියි මල්ලි, ස්තූතියි,
.@ සොඳුරු සිත,
ReplyDeleteබලමු වත්ගෙ අපරාධ පුරෝකථනය හරියාවිද කියල නේද?
/ අමතක කරන්න බැහැ කියල තේරුනේ , හීන්බන්ඩත් එක්ක දීග ගියාටත් පස්සෙද? ගොඩක් ගැහැණුන්ට තමන්ගෙ හිත තේරුම් ගන්න කල් යනවා. අන්තිමට , තමන්ට තමන් තේරුම් යනකොට ..ගොඩාක් කල් ගිහින් ...ගොඩාක් /
ගැහැණුන්ට විතරක් නෙවෙයි නංගි පිරිමින්ටත්, සමහර විට මැරෙන තුරාමත් තමන්ට තමන් තේරුම් ගන්න බැරි වෙන්නත් පුලුවනි නේද?
එතකොට මෙහෙම හිතෙන්නෙ නැද්ද? තමන්ට තමන් තේරුම් ගන්න බැරුව වෙන කෙනෙක්ව තේරුම් ගන්නෙ කොහොමද?
එක්ටැම්ගේ.....හ්ම්ම්ම්ම්.....මට එක්ටැම්ගේ සදා අමරණීය වෙන්නෙ කපුගේගෙ ගීතය නිසා " දහසක් මල් මැද එකම මලයි පැතුවේ........."
ඔබගේ අගය කිරීමට මගේ හෘදයාංගම ප්‍රණාමය, ඒ වගේම "නිදහස් සිතුවිලි" වෙනුවෙන් ඔබ කරන කාර්ය භාරයට රන්දිල්ගේ සහ මගේ නොමසුරු ස්තූතිය, නංගි,
Mere words are not enough to express my deep gratitude Nangi, this is from the depth of my heart, thanks again,
ඕක නෙවැ මං හැමදාමත් කියන්නෙ.. රන්බණ්ඩලා දැක දැකත් එයාලගෙ අගේ තේරුම් ගන්නෙ නැතුව ආසාවන්ට වහල්වෙලා ගල්බණ්ඩලා පස්සෙ යන ගැහැණු නිසා අන්තිමට රන්බණ්ඩලාගෙ ජීවිතත් නැති නාස්තිවෙලා යනවා.. අන්තිමටම ඒකෙ දෝස්මුරේ එන්නෙත් කාටද, රන්බණ්ඩලාටම තමා.. කියන්නෙ "ඇයි වදේ රන්බණ්ඩා ආදරේ හිතේ තියාගෙන හිටියෙ මුලින්ම ඇහුවනං ඉවරනෙ" කියලා.. ඒ ඇහුවත් ඔච්චර තමා, එතකොට කියයි "මං අයියට සැලකුවෙ සහෝදරයෙකුට වගේ, මං ආදරේ හීන්බණ්ඩට" කියලා.. අන්තිමට කොහොමවුනත් කතාව ඉවරවෙන්නෙ එකම විදියට..
ReplyDeleteදැන් මෙතන වුනත් මලී වැරැදියි වෙච්ච දේට.. හීන්බණ්ඩත් එක්ක ගැටුම් ආරවුල් ඇතිවෙනවනං ඒවා විසදගන්ට එයා දැනගන්ට ඕන, මොකද එයා ගත්ත තීරනේ ප්‍රතිඵල තමා මේ.. ගෙයි ගිනි පිටට දීලා, රන්බණ්ඩට ලියුං යවලා ගෙන්න ගන්න කලිං හිතුවෙ නැද්ද මෙහෙම දේවල් වෙන්ට පුලුවන් කියලා..
කට්ටිය ආවේගශීලි වෙලානේ දැන්මම , රවි අයියා කතාව ඉවර උනාම තමා කමෙන්ට් එක දාන්න වෙන්නේ. දැන්නම් මට මුකුත් හිතා ගන්න බැහැ.
ReplyDeleteඅදයි මුළු කතාවම කියෙව්වේ. ම්.. කවුරු හරිද? කවුරු වැරදිදද? කොහොම කියන්නද? හිත කියන්නෙ වෙනස් වෙන දෙයක්. කතාව ලස්සනයි
ReplyDeleteමැණික්
මං කතාව කියෙව්වට ඊට පල්ලෙහායින් දාපු එක කමෙන්ට් එකක්වත් කියෙව්වෙ නැත්තෙ ඒව කියෙව්වොත් අනිත් කොටසෙ තියෙන රසය පිළුණු වෙන්න පුළුවන් හන්ද. ඒක හින්දම අන්තිමට අහපු ප්‍රශ්ණෙට මම උත්තර දෙන්න යන්නෙ නෑ.
ReplyDeleteරංබණ්ඩා ගම යන දොහේ මලී බිම වැටිල කකුල් දෙක අල්ලල වැන්දෙ ණය කාරයෙක් ණයක් ගෙවල නිදහස් වෙන්නැහේ අහවරයක් කොරල දාන්න ඇහැක් වෙයි කියල හිතල වෙන්ඩැ. ඒත් මලී නොදන්න දෙයක් උන්දැගෙ පපු කැනැත්තෙ තිවුන. ලබා උපන්න හැටියට මිසක් අමුතුවෙන් වෙනස් කොරන්න ඇහැක් දෙයක් නෙමෙයි ජීවිතේ කියල හිත හදා ගන්න රංබණ්ඩට ඇහක් උනාට මලීට බැරි උනේ රංබණ්ඩගෙම කරුමෙට.
ReplyDelete/වියෝ වූ පසුවයි දැනෙන්නේ ආදරේ අභිමන්
හැඬුදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම්/
@ නවම් මාවත
ReplyDeleteසහතික ඇත්ත සහෝදරයා.... ඒක නම් රංබන්ඩගෙ කරුමෙම තමයි.
ඉක්මනට දාන්නකෝ බලන්න ඉතුරු ටිකත්.........
ReplyDelete.@ Buratheno,
ReplyDeleteහරි, හරි, මලේ උඹ කියන එකත් ඇත්ත තමයි බලාගෙන ගිහාම, හෙහ්.......හෙහ්,
ඒත් මේ හිතෙයි කියන කෙහෙල්මල එක්ක නෙව මොකොවත් හරියාකාරව කොරන්ඩ බැරි,
.@ neetha,
ReplyDeleteඒකනෙව ඔන්න බලාපංකො, නඟේ, අර රන්බණ්ඩවත් මේ විදිහට උඩ පැන්නෙ නැහැ නෙව, මේ අපේ කස්ටිය ගෙන් නෙව බේරෙන්ඩ බැරි,
ආන්න උඹ හරි නඟේ, කෝකටත් කියල කතාව ඉවරවෙන කල් ඉවසං ඉන්න හිතා ගත්තු එක නම් නුවණක්කාරයි තමයි.
.@ මැණික්,
ReplyDeleteස්තූතියි, මැණික්,
ඒක නෙවෙයි, සන්තූරිට වෙච්චදෙයක් එහෙම දන්නෙ නැතෙයි? පව්, අගේ ඇති කෙලි පොඩ්ඩි,
.@ nawammawatha,
ReplyDelete/ ඒක හින්දම අන්තිමට අහපු ප්‍රශ්ණෙට මම උත්තර දෙන්න යන්නෙ නෑ. /
ඒකනෙව කියන්නෙ,....... කියලා වැඩක් නෑ, නවම්, කියලාම වැඩක් නෑ,
රන්බණ්ඩා මගෙනුයි ප්‍රශ්නෙ ඇහුවෙ, හෙහ්.......හෙහ්, මෙන්න බලාපංකො වැඩේ, මේ ගොල්ලොනෙ ඒකට උත්තර බඳින්ඩ ඉදිරිපත් වෙලා ඉන්නෙ,කාට කියන්ඩද අප්පා මෙව්වා.....මට නම් තේරෙන්නෙ නැතුවා,
/ ඒත් මලී නොදන්න දෙයක් උන්දැගෙ පපු කැනැත්තෙ තිවුන. ලබා උපන්න හැටියට මිසක් අමුතුවෙන් වෙනස් කොරන්න ඇහැක් දෙයක් නෙමෙයි ජීවිතේ කියල හිත හදා ගන්න රංබණ්ඩට ඇහක් උනාට මලීට බැරි උනේ රංබණ්ඩගෙම කරුමෙට. /
හිත කියන එක ගැන උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ නවම්, හෙහ්......හෙහ්, ඔය මඟුල ගැන උඹත් දන්නව, මාත් දන්නව, හෙහ්......හෙහ්,
.@ කල්හාර දිසානායක,
ReplyDeleteහරි හරි, ඉක්මනට දානවෝ, ඉක්මනට දානවෝ,
බොහෝ දුරට සමාජයේ සිදුවන සත්‍ය කතාවක් වගේ.
ReplyDeleteසංවේදියි...ඉතිරි කොටසත් කියවන්න ආසාවෙන් ඉන්නවා.
@ නිල් අහස,
ReplyDeleteකතාව ඉවරෝ, අන්තිම කොටසත් අද දැම්මෝ,