නෝනේ..................
නෝනා හරිම හැඩකාරයි - ඒ වගේම දඟකාරයි
සුසිනිදු දිදුලන වරලසක්ලු - සුසිනිදු සුදු මුදු සමක්ලු
ලඟට ඇවිත් අතගා බලන්න - කෙනෙකුට ආසාවක් දැනෙනවාලු
නෝනේ.....................
මං නං මහ හඩු පාටයි - ඒ වගේම හරි මෝඩයි
හැඩපළු ගෙතිච්ච කෙස් කැරැල්ල - කොරළ පිපුනු ගොරහැඩි සම
ලඟට ඇවිත් අතගා බලන්න - කෙනෙකුට ආසාවක් නැතුවානේ
නෝනේ.....................
කොළඹ රටට ලඟපාතක - උපන්න නුඹ සුකොමාළව
පිට කවරේ ඉඳන් හැඩට - පානා ලස්සන හිනාවකට
අසුරු සැනින් එක මොහොතට -දහසින් බැඳි පියලි ලැබුවට
උපන්න මම දුර ඈතක - අති දුෂ්කර පලාතක
කවරේ තුල දවස පුරා - දහදිය බිඳු ගඟක් සදා
සතෙන් සතේ එකතු කරන් - රුපියල් ලබනා (ක්)අරුමය
නෝනේ............ නෝනා මගේ නංගිගේ වයසේ ඇති............ ඒත් නංගියේ කියන්න බැරි තරමට........................
නෝනා හරිම හැඩකාරයි - ඒ වගේම දඟකාරයි
සුසිනිදු දිදුලන වරලසක්ලු - සුසිනිදු සුදු මුදු සමක්ලු
ලඟට ඇවිත් අතගා බලන්න - කෙනෙකුට ආසාවක් දැනෙනවාලු
නෝනේ.....................
මං නං මහ හඩු පාටයි - ඒ වගේම හරි මෝඩයි
හැඩපළු ගෙතිච්ච කෙස් කැරැල්ල - කොරළ පිපුනු ගොරහැඩි සම
ලඟට ඇවිත් අතගා බලන්න - කෙනෙකුට ආසාවක් නැතුවානේ
නෝනේ.....................
කොළඹ රටට ලඟපාතක - උපන්න නුඹ සුකොමාළව
පිට කවරේ ඉඳන් හැඩට - පානා ලස්සන හිනාවකට
අසුරු සැනින් එක මොහොතට -දහසින් බැඳි පියලි ලැබුවට
උපන්න මම දුර ඈතක - අති දුෂ්කර පලාතක
කවරේ තුල දවස පුරා - දහදිය බිඳු ගඟක් සදා
සතෙන් සතේ එකතු කරන් - රුපියල් ලබනා (ක්)අරුමය
නෝනේ............ නෝනා මගේ නංගිගේ වයසේ ඇති............ ඒත් නංගියේ කියන්න බැරි තරමට........................
අන්න තිත්ත ඇත්ත.
ReplyDeleteමාර අදහසක්නෙ ...... නියමයි ......
ReplyDeleteබලන්න ඒකෙත් හැටි. අඩුගානෙ තේ දළු නෙලන කෙල්ලකගෙ පසුබිම් රූපයක්වත් තේ කවරෙ නෑ... එක අතකට තේ දළු නෙළන එකත් ලස්සන සුදු කෙට්ටු නංගිල කලානම් තේ වලට තවත් හොඳට ඉල්ලුමක් හදාගන්න තිබුණා. :D
ReplyDeleteසැබෑ කතාව. කොයි දේටත් ඔහොමනේ. වීවින් උනත්. වියන මිනිස්සු කොච්චර මහන්සියෙන් සාරි වියනවද කවුරුහරි කෙනෙක් ඇඳගෙන උජාරුව පෙන්නනවා. ඒ මනුස්සයොන්ට අදින්න හරියට සාරියක්වත් නෑ හැබැයි.
ReplyDeleteඅර වඩුවගේ ගෙදර පුටු නෑ කියන කතාව වගේ තමා ඔය කතා.
ලස්සන අදහසක්...
ReplyDeleteතේ දල්ලේ කඳුල:-
ReplyDeleteළපටි මුදු කොළ දෙකයි,
මුදුනෙ දලු රිකිල්ලයි,
රළු ඇඟිලි පහස ලැබ,
කූඩයට වඩිනු ඇත,
සැඳෑ හිරු නිවෙන සඳ,
දහදියට ලැබෙන මිල,
දරු පවුලෙ කුසගින්න,
යන්තමට නිවනු ඇත,
වේලිලා ගිනි පවනෙ,
ඇඹරිලා යන්තරේ,
හැදෙන්නෙ තේ කොලේ,
කළුම කළු මං වාගෙ,
කවරෙ ඉන්නේ නුඹයි,
නුඹේ කිරි හිනාවයි,
ලෝකයම දකින්නේ,
මං නොවේ නුඹ තමයි,
This comment has been removed by the author.
ReplyDeleteලස්සන අදහසක්...පටන්ගන්නකොට මම හිතුවේ නෝනා ගැන ලියලා කියලනේ....:DDD
ReplyDelete@ හිස් අහස,
ReplyDeleteසඳරු මල්ලියේ,
මම නෙවෙයි කොල්ලො මේ පෝස්ට් එක ලිව්වෙ. මේක ලිව්වෙ අපේ රන්දිල් මැඩම්. නිදහස් සිතුවිලි වියුණුවෙ අපි දෙන්නගෙම නිර්මාණ පළවෙනවා.
ඔය ඉහළින් තියෙන කමෙන්ට් එක නම් මම ලිව්වෙ.....
තේ දළු ඒ තරම් සුමුදු උනේ..ඒ කාන්තාවන්ගේ අතැගිලි පහසින් කියලා ..අඩුම ගානේ තේ දල්ලක් වත් දන්නේ නැතුව ඇති.
ReplyDeleteකාටත් හිතන්න අවස්ථාවක් දීපු පෝස්ට් එකක්.නියමයි.
අනේ මන්දා... කතාව නං ඇත්ත. තව කොච්චරක් ඇත්ද ඔය වගේ...
ReplyDeleteෂේහ්.....නියමයි....
ReplyDeleteමරේ මරු අක්කෝ....
@ හාවි
මොකෝ එකපාරට සාරි මතක්වුනේ? හික් හික්...
වෙනස්ම වෙනස් විදිහට හිතන රන්දිල් අක්කා ලියාපු තවත් සුපිරි ලිවිල්ලක් ..
ReplyDeleteඇත්තමයි අපේ ගෙදරටත් ඔය තේ පැකට් ගේනවා .අනන්ත ඔය ඇඩ් එක මමත් දකිනවා ඒත් ඒ කවරේ පිටුපස කතාව මට කවමදාකවත් දැනිලා නෑ .. මේක නොලීවනම් මට කවදාකවත් ඒක පෙනෙන එකකුත් නෑ ..
අක්කේ ..පෝස්ට් එකනම් මාර පහර!
නම වරද්ද ගත්තාට සමාවෙන්න ..
දහදියෙන් සම කළ නොහැකි, මුදලින් මැවෙන පරතරය.
ReplyDeleteහිතන්න යමක් ඉතිරි කරන නිර්මාණයක්.
කවරෙට රඟ දෙන්නී හා කවර කරන්නට රඟ දෙන්නී...
ReplyDeleteසුපිරියි පදපෙල. නන්දා මාලිනියගේ තිරය ඇරෙනවා තිරය වැහෙනවා ගීතය මතක් වුනා.
ස්තුතියි පිණිබිඳු
ReplyDeleteස්තුතියි කල්හාර දිසානායක
ඒක තමයි නේද හරේෂ්.
මොනවා කරන්නද හා පැටික්කියේ. මේ ගෑණු කෙනාගේ රූපයක් දැම්මා නං කට්ටිය තේ බොන එකකුත් නැති වෙයි මං හිතන්නේ
ස්තුතියි දිනේෂ්
ReplyDeleteඅමු කටෝර විදිහට මම ලිව්ව දේ සියුමැලි විදිහට රවී ලියලා තියෙනවා. ස්තුතියි රවී. සියුමැලි විදිහට කොළඹ නෝනාගේ පැත්තෙන් බලලා ලිව්වා නං තවත් අගනා නිර්මාණයක් බිහිවෙයි කියලා හිතනවා
ReplyDeleteඑහෙමද කුමාරිහාමියේ....... එහෙම හිතුනා නං මගේ උත්සහය යම් පමණකට සාර්ථක වෙලා තියෙනවා.
ReplyDeleteස්තුතියි නිල් අහස
ReplyDeleteprasanna86k ස්තුතියි ඔබටත් අදහස් දැක්වීම පිළිබඳව
ReplyDeleteස්තුතියි හසියා මලේ....... මෙතැන මොකද ඔයා හාවිගෙන් ප්‍රශ්න අහන්නේ :D
ReplyDeleteසඳරු නම් ටපලවා ගත්තා නෙවෙද? බොහොම ස්තුතියි මලේ
ReplyDeleteනලිනි චන්දිමා ස්තුතියි අක්කේ අගය කිරීමට
ReplyDeleteස්තුතියි ඩීන්
ReplyDeleteකවරෙට රඟ දෙන්නී හා කවර කරන්නට රඟ දෙන්නී... ඒ ලස්සන ගැලපෙන වදනටත් ස්තුතියි නැවතත්