Tuesday, May 24, 2011

73. මම දුර ඈතක.............. නෝනා ලඟ පාතක............


නෝනේ..................

නෝනා හරිම හැඩකාරයි - ඒ වගේම දඟකාරයි

සුසිනිදු දිදුලන වරලසක්ලු - සුසිනිදු සුදු මුදු සමක්ලු

ලඟට ඇවිත් අතගා බලන්න - කෙනෙකුට ආසාවක් දැනෙනවාලු


නෝනේ.....................

මං නං මහ හඩු පාටයි - ඒ වගේම හරි මෝඩයි

හැඩපළු ගෙතිච්ච කෙස් කැරැල්ල - කොරළ පිපුනු ගොරහැඩි සම

ලඟට ඇවිත් අතගා බලන්න - කෙනෙකුට ආසාවක් නැතුවානේ


නෝනේ.....................

කොළඹ රටට ලඟපාතක - උපන්න නුඹ සුකොමාළව

පිට කවරේ ඉඳන් හැඩට - පානා ලස්සන හිනාවකට

අසුරු සැනින් එක මොහොතට -දහසින් බැඳි පියලි ලැබුවට

උපන්න මම දුර ඈතක - අති දුෂ්කර පලාතක

කවරේ තුල දවස පුරා - දහදිය බිඳු ගඟක් සදා

සතෙන් සතේ එකතු කරන් - රුපියල් ලබනා (ක්)අරුමය





නෝනේ............ නෝනා මගේ නංගිගේ වයසේ ඇති............ ඒත් නංගියේ කියන්න බැරි තරමට........................

25 comments:

  1. අන්න තිත්ත ඇත්ත.

    ReplyDelete
  2. මාර අදහසක්නෙ ...... නියමයි ......

    ReplyDelete
  3. බලන්න ඒකෙත් හැටි. අඩුගානෙ තේ දළු නෙලන කෙල්ලකගෙ පසුබිම් රූපයක්වත් තේ කවරෙ නෑ... එක අතකට තේ දළු නෙළන එකත් ලස්සන සුදු කෙට්ටු නංගිල කලානම් තේ වලට තවත් හොඳට ඉල්ලුමක් හදාගන්න තිබුණා. :D

    ReplyDelete
  4. සැබෑ කතාව. කොයි දේටත් ඔහොමනේ. වීවින් උනත්. වියන මිනිස්සු කොච්චර මහන්සියෙන් සාරි වියනවද කවුරුහරි කෙනෙක් ඇඳගෙන උජාරුව පෙන්නනවා. ඒ මනුස්සයොන්ට අදින්න හරියට සාරියක්වත් නෑ හැබැයි.

    අර වඩුවගේ ගෙදර පුටු නෑ කියන කතාව වගේ තමා ඔය කතා.

    ReplyDelete
  5. ලස්සන අදහසක්...

    ReplyDelete
  6. තේ දල්ලේ කඳුල:-

    ළපටි මුදු කොළ දෙකයි,
    මුදුනෙ දලු රිකිල්ලයි,
    රළු ඇඟිලි පහස ලැබ,
    කූඩයට වඩිනු ඇත,

    සැඳෑ හිරු නිවෙන සඳ,
    දහදියට ලැබෙන මිල,
    දරු පවුලෙ කුසගින්න,
    යන්තමට නිවනු ඇත,

    වේලිලා ගිනි පවනෙ,
    ඇඹරිලා යන්තරේ,
    හැදෙන්නෙ තේ කොලේ,
    කළුම කළු මං වාගෙ,

    කවරෙ ඉන්නේ නුඹයි,
    නුඹේ කිරි හිනාවයි,
    ලෝකයම දකින්නේ,
    මං නොවේ නුඹ තමයි,

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ලස්සන අදහසක්...පටන්ගන්නකොට මම හිතුවේ නෝනා ගැන ලියලා කියලනේ....:DDD

    ReplyDelete
  9. @ හිස් අහස,

    සඳරු මල්ලියේ,

    මම නෙවෙයි කොල්ලො මේ පෝස්ට් එක ලිව්වෙ. මේක ලිව්වෙ අපේ රන්දිල් මැඩම්. නිදහස් සිතුවිලි වියුණුවෙ අපි දෙන්නගෙම නිර්මාණ පළවෙනවා.

    ඔය ඉහළින් තියෙන කමෙන්ට් එක නම් මම ලිව්වෙ.....

    ReplyDelete
  10. තේ දළු ඒ තරම් සුමුදු උනේ..ඒ කාන්තාවන්ගේ අතැගිලි පහසින් කියලා ..අඩුම ගානේ තේ දල්ලක් වත් දන්නේ නැතුව ඇති.

    කාටත් හිතන්න අවස්ථාවක් දීපු පෝස්ට් එකක්.නියමයි.

    ReplyDelete
  11. අනේ මන්දා... කතාව නං ඇත්ත. තව කොච්චරක් ඇත්ද ඔය වගේ...

    ReplyDelete
  12. ෂේහ්.....නියමයි....
    මරේ මරු අක්කෝ....

    @ හාවි

    මොකෝ එකපාරට සාරි මතක්වුනේ? හික් හික්...

    ReplyDelete
  13. වෙනස්ම වෙනස් විදිහට හිතන රන්දිල් අක්කා ලියාපු තවත් සුපිරි ලිවිල්ලක් ..

    ඇත්තමයි අපේ ගෙදරටත් ඔය තේ පැකට් ගේනවා .අනන්ත ඔය ඇඩ් එක මමත් දකිනවා ඒත් ඒ කවරේ පිටුපස කතාව මට කවමදාකවත් දැනිලා නෑ .. මේක නොලීවනම් මට කවදාකවත් ඒක පෙනෙන එකකුත් නෑ ..

    අක්කේ ..පෝස්ට් එකනම් මාර පහර!

    නම වරද්ද ගත්තාට සමාවෙන්න ..

    ReplyDelete
  14. දහදියෙන් සම කළ නොහැකි, මුදලින් මැවෙන පරතරය.
    හිතන්න යමක් ඉතිරි කරන නිර්මාණයක්.

    ReplyDelete
  15. කවරෙට රඟ දෙන්නී හා කවර කරන්නට රඟ දෙන්නී...
    සුපිරියි පදපෙල. නන්දා මාලිනියගේ තිරය ඇරෙනවා තිරය වැහෙනවා ගීතය මතක් වුනා.

    ReplyDelete
  16. ස්තුතියි පිණිබිඳු

    ස්තුතියි කල්හාර දිසානායක

    ඒක තමයි නේද හරේෂ්.

    මොනවා කරන්නද හා පැටික්කියේ. මේ ගෑණු කෙනාගේ රූපයක් දැම්මා නං කට්ටිය තේ බොන එකකුත් නැති වෙයි මං හිතන්නේ

    ReplyDelete
  17. ස්තුතියි දිනේෂ්

    ReplyDelete
  18. අමු කටෝර විදිහට මම ලිව්ව දේ සියුමැලි විදිහට රවී ලියලා තියෙනවා. ස්තුතියි රවී. සියුමැලි විදිහට කොළඹ නෝනාගේ පැත්තෙන් බලලා ලිව්වා නං තවත් අගනා නිර්මාණයක් බිහිවෙයි කියලා හිතනවා

    ReplyDelete
  19. එහෙමද කුමාරිහාමියේ....... එහෙම හිතුනා නං මගේ උත්සහය යම් පමණකට සාර්ථක වෙලා තියෙනවා.

    ReplyDelete
  20. ස්තුතියි නිල් අහස

    ReplyDelete
  21. prasanna86k ස්තුතියි ඔබටත් අදහස් දැක්වීම පිළිබඳව

    ReplyDelete
  22. ස්තුතියි හසියා මලේ....... මෙතැන මොකද ඔයා හාවිගෙන් ප්‍රශ්න අහන්නේ :D

    ReplyDelete
  23. සඳරු නම් ටපලවා ගත්තා‍ නෙවෙද? බොහොම ස්තුතියි මලේ

    ReplyDelete
  24. නලිනි චන්දිමා ස්තුතියි අක්කේ අගය කිරීමට

    ReplyDelete
  25. ස්තුතියි ඩීන්

    කවරෙට රඟ දෙන්නී හා කවර කරන්නට රඟ දෙන්නී... ඒ ලස්සන ගැලපෙන වදනටත් ස්තුතියි නැවතත්

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...