Thursday, May 19, 2011

හද කම්පාකල නික්මයාමක්..............




සුපුල් විකසිත වන්ට පෙරදිම,
පරවු අරවින්දයකි මල ඔබ,
සසර පෙර කල අකුසලක්විද,
නික්ම යන්නට කිමද කාරණ,

නුදුටුමුත් කිසිදිනක ඔබ රුව,
සදා සොයුරකු වීය අප හට,
නිවෙන්නට පෙර තිරය අවසන,
පහන් සිල එළි කරයි දසතම,

හදේ සෝ දුක් සුසුම් නැගෙනා,
නෙතඟ උණු කඳුලැල්ය ගලනා,
බුදුන් පාමුල වැතිර පතනා,
පැතුම මෙලෙසයි සදා බැතිනා,

සසර මඟ ඔබ පැතුම් සැමදා ඉටු වේවා!
නැවත අප අතරම විගස ඔබ ඉපදේවා!
අකල් වූ මරණයක් ඔබ හට නොවේවා!
සසර කෙලවර නිවන් සුවයෙන් නිවී සැනසේවා!

8 comments:

  1. නුඹට නිවන් සුව පතමි ඉලං අයියේ...!!!

    ReplyDelete
  2. කොහේදෝ ඈතක සිට අප අතරට වැද අපේම කෙනෙකු වූ ඔබ අද අපිට නොකියාම කොහේදෝ ඈතක සැඟව ගිහින්. එහෙත් ඔබ උන් ඒ සුවඳ අපි සිටිනා තාක් කල් ලොව පවතිනු ඇත.
    ඔබට නිවන් සුව....

    ReplyDelete
  3. කතා බස් කොට නොමැත කිසි දිනක මුන ගැසී
    ඇතිවීය මිතුදමක් නව ලොවක තෙද බලෙන්
    නික්ම යා යුතුය ඔබ කැඳවීම ළද හෙයින්
    නමුදු නොමැකේ දිලුම්, "ඉලංදාරිය" හදවතින්

    ඔබ පැතු ළොව ඔබට ලැබේවා....!!!!

    ReplyDelete
  4. ඉලංදාරියා විලස ඇවිත් සයිබර් අවකාෂායේ එකිනෙකා යාකර දිලුම් වටා තැනුන පවුර ලෝක සත්‍යය විසින් යටපත් වූවා. එහෙත් දිලුම් හැම දා ඉලංදාරියා සේ අප සිත්වල රැඳේවි.

    දිලුම් මල්ලියේ ඔබට නිවන් සුව පතන්නෙමු.

    ReplyDelete
  5. දිලුම් සොයුර ඔබට නිවන්සුව ලැබේවා...

    ReplyDelete
  6. කිසිදා නොදුටු දිලුම් සොයුර,

    ඉපදෙන, භවයක් පාසා ඔබට මෙවන් අකල් මරනයක් නොවේවා.

    නිවී සැනසීමේ සුවය අත්වේවා.

    ReplyDelete
  7. සිතාගන්නට නොහැකි පුවතින්
    කම්පනය වූ සසල හදකින්
    හදේ තෙරපෙන වේදනාවෙන්
    දයාබර සොයුරාණනේ
    නොදුටු ප්‍රිය මිතුරාණනේ
    සසර වසනා තුරා කිසිදා
    මෙවන් වියොවක් යළි නොවන්නට
    ඔබට දිරි පතනෙම්...
    ගුණදමින් පිරි මිනිස් බවයෙන්
    සසර මග දුර ගෙවා යන්නට
    ඔබට සෙත් පතනෙම්...
    අවසනදි ඔබ පැතූ ලෙසකින්
    අමා මොක් සුව ලබා නිවනින්
    සැනසෙනා ලෙස ඔබට සුව පතනෙම්...

    ReplyDelete
  8. සදාදර සොයුරාණෙනි…
    මතු උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයකට පත් නොවී හැකි ඉක්මනින් සත්‍යාවබෝධය කොට ලොව්තුරා නිවන් සැප සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා යැයි පතමි……

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...