Monday, June 6, 2011

අපරිමිත වූ මගේ සෙනෙහස සදා ඔබටය මගේ සොඳුරිය..........



(සසර ගමනේ සෙවනැල්ල සේ මා අසල සිටිනා දයාබර බිරින්දෑට සෙනෙහසිනි. )

ලොවේ සහසක් මුවින් නැඟ එන,
රොස් පොරොස් බස් අසා ඔබ සිත,
ලසෝතැවුලින් වැලපෙනා කල,
හිසතබා හඬනට උරහිසක් වෙන්නම්,


දුක් කඳුළු වැහි අනෝරාවේ,
විපිලිසර වී මුලා වූ සඳ,
ඔබ හිසට සුව සෙවණ ගෙන දෙන,
වනස්පතියක් වෙලා මම ඉන්නම්,


විඩාබර දිවි ගමන නොනිමෙන,

පිපාසිත වූ කලට ඔබ හට,
සදා සිහිලස නිවා සරතැස,
සෙනෙහසේ දිය ගඟුල මම වෙන්නම්,


ඉමක් නොපෙනෙන මෙදිවි කතරේ,
නිමා නොවනා සසර ගමනේ,
අත් නොහැර සෙවනැල්ල සේ මම,
අනන්තය තෙක් ඔබ සමඟ එන්නම්,



35 comments:

  1. අවුරුදු 16ට පේළි 16කින් බටර් ගෑවා නේද? ඉන්න ඉන්න, මං මේකේ ප්‍රින්ට් එකක් අරං ගුරුතුමීට යවනකං, :D

    ReplyDelete
  2. සසර ගමනේ..
    විඩා නිවුනේ..
    ඇගේ සෙවනේ...
    සුවය විඳනේ...

    දෙදෙනාටම සුභ පැතුම්..
    කිරි හා පැණි මෙන් වැජඹේවා..!!!

    ReplyDelete
  3. /සෙවනැල්ල සේ මම,
    අනන්තය තෙක් ඔබ සමඟ එන්නම්.../

    අනර්ගයි! වාසනා වේවා!

    ReplyDelete
  4. රවී අයියාටත්, ගුරුතුමී අක්කාටත් දීර්ඝායුෂ ලැබේවා...! සෙනෙහස වැඩේවා...!

    ReplyDelete
  5. හරිම ලස්සන පද බැඳුමක් රවී අයියේ . .

    අක්කන්ඩිගේ හදවත රිදෙව්වේ කව්ද හැබෑට . .

    දෙමු අපි ගේමක් . .

    ඕනෙත් නෑ . .

    මොන දේ උනත් වනස්පතියෙක් වගේ උදේ රෑට වෙනසක් නැතුව ජීවිතේට ආලෝකයක් දෙන්න "රවි" මන්දලක් ඉන්නකොට ගැරඳි මරන්නේ මක්කටෙයි නේද අයියේ . .

    අක්කගේ හිත මොකකට හරි හේතුවකට පෑරිල නම් ඉක්මනට සුවපත් වේවා . . .

    ReplyDelete
  6. ලස්සනයි... :)
    ඔබ දෙපලට ජය..!!

    ReplyDelete
  7. මගෙන් සුබ පැතුම් දෙන්නාටම........මේ සෙනෙහස සදාරැදේවා !

    ReplyDelete
  8. හැමදාටම සඳාව ආදරෙන් බලාගන්නවා ඇති කියලා හිතනවා. ඔය දෙන්නට සුබ අනාගතයක් රවි.

    හැබෑට කවුද එයාගේ හිත රිදෙව්වේ???

    ReplyDelete
  9. උත්කෘෂ්ඨයි,.....
    ස්පේලින්ග්ස් හරි නේ...

    ReplyDelete
  10. රචි අයියා සහ එයාගේ ලස්සන බිරින්දෑට තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !!

    ලස්සන කවි අදහසක් රවී අයියේ !!

    බිරිඳට බොක්කෙන්ම ආදරෙයි වගේ ?

    ReplyDelete
  11. ඈත භවයක පටන් සසරේ,
    එක්ව සපැමිණි හිරු සඳුය ඔබ
    සප්ත සමුදුර මහා මේඝය,
    පරදවන සෙනෙහෙන් බැඳුනු ඔබ
    කඳුල සුසුමට ඉඩක් නැති ලොව,
    සිනහ දල්වන යුවති පති ඔබ
    සදා නොවෙනස් ආදරෙන්,
    සැමදා හිඳින්නට වරම් ලදි ඔබ

    ReplyDelete
  12. බදින්න ආස හිතෙනවා..පද වැල දැක්කම.
    ඒ වගේම හාමිනේ කෙනෙක් අපටත් ලැබුනොත් කොයිතරම් හොදද.
    ඔබ දෙපලට..සදා ජය පතමි.

    ReplyDelete
  13. හරිම ලස්සනයි අයියෙ. අම්මෝ ආදරේ දෝරෙ ගලනවා.

    ReplyDelete
  14. අඩේ මොකෝ මේ දවස් ගානක ඉඳල බටර් ගාන්නෙ. හෙන දතක් ගලවන්න වගේ සුජානම. එහෙමත් නැත්නං ගෙදර යන්න බැරි තරං නසරාණි වැඩක් වත් කොලැයි ඔහේ ?

    හේතුව මොකක් උනත් ආදරේ සුන්දරයි [පස්සෙ අහුවෙලා ගුටි කැවත්] :D

    ReplyDelete
  15. @ රන්දිල්,

    යවාපං, යවාපං,....... යවල මාව එල්ලයි එහෙනං........හෙහ්, හෙහ්,

    ReplyDelete
  16. @ priyantha

    ස්තූතියි මල්ලි, හෙහ්.....හෙහ්, කිරි පැණි නම් අවුලක් නෑ, ඒත් මේ වැජඹෙන එක තමයි.............

    ReplyDelete
  17. @ ගල්මල්-coral

    ස්තූතියි ඩීන්, ඉතිං........... මේ දවස්වල මාර රස්නෙ නේද?

    ReplyDelete
  18. @ sameerausa,

    ස්තූතියි සමීර මල්ලි, ආයෙ කොහෙ වැඩෙන්ඩද බං ඔය සෙනෙහසද මොකක්ද එක?

    ReplyDelete
  19. @ දුකා,

    ස්තූතියි අගය කිරීමට,

    මේ පොඩි කේස් එකක් දුකා, ඔව්ව ඔහොම තමයි, ජීවිතේ ඔය වගෙ සිත් තැවුල් ඉතිං අමුතු දේවල් නෙවෙයි නෙව,

    මම කිව්ව මෙහෙම " මේ ඔයා බය නැතුව ඉන්නකො, මම ආපු ගමං ඕකුන්ගෙ ගෙවල් හිටං ගිණි තියලයි පස්ස බලන්නෙ.....හුහ්, එහෙනං...... ඔවුං දන්නෙ නෑ මගෙ හැටි, ....ම්ම්ම්. එතකල් මේ කවියක් ලිව්ව ඒක එවන්නංකො දැනට " කියල

    ReplyDelete
  20. @ හිමකුමාරි,

    ස්තූතියි නංගි,

    ReplyDelete
  21. @ දිල්,

    ස්තූතියි දිල්,

    එහෙනං...එහෙනං....සදා රැඳේවා, සදා රැඳේවා.....

    ReplyDelete
  22. @ Podi Kumarihami,

    ස්තූතියි පොඩ්ඩි,

    මේ දන්නෙ නැද්ද අනේ, මිනිස්සු ඔය කිසි දෙයක් නොහිතා ඔහේ කටට ආවට කියන දේවල් නෙව, යාලුවොම තමයි......හෙහ්, හෙහ්,

    ReplyDelete
  23. @ රත්ගමයා,

    ඉකේයියා....බං, ඉත්තේරුවෙම්ම වැරදියි නෙව,

    " උක්කුරුස්ටයි" මෙන්න මෙහෙමයි හරි විදිහ,...... හෙහ්...හෙහ්,

    ReplyDelete
  24. @ හිස් අහස

    May 330 Million Gods Bless You Too, Amen !!!.........heh, heh,

    ස්තූතියි සඳරු මල්ලියේ,

    ReplyDelete
  25. .@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,

    සනාතන සෙනෙහසේ දීපය,
    දැල්වෙනා ගණ අඳුර දුරු කොට,
    එතෙර වන්නට රුදුරු කතරින්,
    පාර කියනා තාරකාවිය,

    -----------------------------------

    සිරිත් ලෙස මෙහි පැමිණෙනා,
    කවි දමක් ගෙල පලඳනා,
    කවිකාරි මගෙ නගේ ඔබටද,
    අසිරි පතනෙමි සෙනෙහසින් හද,

    ReplyDelete
  26. @ නිල් අහස,

    බැඳහං, බං බැඳහං,

    By all means, marry. If you get a good wife, you'll become happy; if you get a bad one, you'll become a philosopher. - Socrates

    දැක්කනෙ, මම එහෙම නෙවෙයි ඔන්න සොක්කරටීස් ගොයිය බොහොම අනාදිමත් කාලෙක තමයි ඔහොම කිව්වෙ,

    උඹට කියන්ඩ කොල්ලො, මට තාම ෂුවර් නෑ ඔන්න මම වැටෙන්නෙ ඔය දෙකෙන් කොයිකටද කියල......හෙහ්, හෙහ්,

    ReplyDelete
  27. @ පිණිබිඳු,

    හෙහ්...හෙහ්, දෝර ගලනව නෙවද?.....පරාක්කරමේ හොරොව්ව ඇරිය වගේ?

    ReplyDelete
  28. @ nawammawatha,

    ඔන්න, ඔන්න, අනෙ අම්මප නවං, වැදගත් දෙයක් කියන්ඩ නැහ්නං කට වහං හිටුකො, විකාර කියවන්නෙ නැතුව,

    " මේ ඔයා ඔය නවං කියන එව්ව ගනං ගන්ඩ එපා හොඳද? මූට බාගෙට පිස්සු, මක් කිව්ව? ඒකෙ ඇත්තකුත් ඇති කියල ඔයාටත් හිතෙනව කිව්ව, ඔන්න මදෑ වෙච්චි දේ, දුටුවද මේකා කොරපු වින්නැහිය, වඳින්ඩ ගිය බෝගහ කොන්දට කඩා වැටෙනව කියන්නෙ මේං මෙව්වට තමයි අම්මප,"

    ReplyDelete
  29. මේ දවස්වල තියෙන රශ්ණය ගැන කියලා වැඩක් නෑ, ගස්වල පිරිලා තියෙන ඉඳි ගැට පැහෙන්නත් එපැයි.

    ReplyDelete
  30. මොකක් හරි ලොකු වැඩක්වත් තියනවද අක්කට කියලා කර ගන්න .......

    ඔය කියලා තියන ටික ඉතිං අපි කැමති වුනත් නැතත් කරන්න ඕන එව්වනෙ ......

    කොහොම උනත් ලස්සනට ලියලා තියනවා ....
    නියමයි ......

    ReplyDelete
  31. @ මනුසත්,

    බොහොම ස්තූතියි මනුසත්,

    ReplyDelete
  32. @ කල්හාර දිසානායක,

    / මොකක් හරි ලොකු වැඩක්වත් තියනවද අක්කට කියලා කර ගන්න ......./

    අනේ නිකා ඉඳහං, එයාට කියල කරව ගන්ඩ ඇති එකක් නෑ බං,

    / ඔය කියලා තියන ටික ඉතිං අපි කැමති වුනත් නැතත් කරන්න ඕන එව්වනෙ ....../

    පිස්සුද මල්ලි, එහෙම එකක් නෑ, මම දන්න එවුන් අනන්ත ඉන්නව ඔව්ව මොකවත්ම නොකරන, ඒත් පවුල් ජීවිතෙත් ඔය කොහොම හරි ගෙනියනවත් එක්ක,

    බොහොම ස්තූතියි මල්ලි අගය කිරීමට,

    ReplyDelete
  33. ඔහ්හෝ..... හරිම ප්‍රේමාන්විතයි නේ......... හරිම ශෝක්

    ReplyDelete
  34. fantastic !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!i shared it via my facebook profile

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...