Friday, March 8, 2013

167. වාං පතුල් ගැන නොහොත් දෙයියෝ සාක්කි කබරය ඉස්සරහ.....


රයිට් එහෙනං එන්ට බලන්ට කට්ටියම ..ඉඳගන්ටලාකො හත්තට පොලකිං බණ අහන්ට වගෙ...ඔය කොහෙට කොහෙට හරි හේත්තු වෙල කකුළු කාරිය දිගඇරගෙන..අද කියන්ට යන්නෙ විමලෙගෙ වාං පතුල් කතාව.ඔය මොකෑ ලන්ත දේස වාසීන් දඩයමට උපං හපන්නු. විමලෙත් රස්සාවට එන්ට කලිං නං දරාපු දඩයක්කාරය.අපි ඔය කැළේ ඇතුලෙ ජීප් එකේ එහෙම යනකොට අතෑරල දාපු වැව් පිටැන්නි වල ඉන්නව පමණක් වෙලාවට මුවෝ රංචු රංචු හැන්දෑ කොරේ ඉරේලිය වැටිල දිලිසි දිලිසි. අපි ඔන්න දවසක ජීප් එක ..... ඒ දවස්වල තිබ්බෙ 31 ශ්‍රී හාරදාස් කාණ්ඩෙ කොළපාට මිට්සුබිසි ජීප් එව්ව අපිට දීල..ලෝං වීල් බේස්..ආය නෑ පට්ට වාහනේ..කැළේ කොළේ Off Road යන්ටද, දඹුල්ල හබරණ කොරියන් කාරයො හදාපු ලංකාවෙ පළවෙනි හයිවේ එකේ හැටට හැටේ සුරුස් ගාල යන්ටද ඔය කෝකටත් මිට්සුබිසි ජීප් එක කියාපු වාහනේ. 

ඒ වගෙ වාහනයක් ආවෙම නෑ ඊට පස් සෙ...එතනදි උනේ මයෙ හිතේ ඇමරිකන් ඩිසයින් එකයි ජපං තාක්සනෙයි දෙක එකතු වෙච්චි එකෙන් තමයි එච්චර සාර්ථක වාහනයක් හැදුනෙ. ජිප් කියල අපි වාහන වර්ගයක් හැඳින්නුවට ඇත්තටම ජීප් කියන්නෙ ඇමරිකාවෙ වාහන හදන සමාගමක්.1988 විතර වෙනකල් ජපානෙ මිට්සුබිෂි සමාගම ජීප් කෝපරේෂන් එක්ක එකතුවෙලා මිට්සුබිෂි ජීප් එක හැදුව. ඊට පස් සෙ තමයි ජපනා පජෙරෝ එක හදන්ට පටන් ගත්තෙ. 

හරි ඒ නිමා වූයේ ජීප් පිළිබඳ අතුරු කතාව නොහොත් වැල් වටාරමයි. නැවත ප්‍රස්තුත ප්‍රධාන කථාවට සැණෙකින්... 

අපි ඔය කැළේ ඇතුලෙ ජීප් එකේ එහෙම යනකොට අතෑරල දාපු වැව් පිටැන්නි වල ඉන්නව පමණක් වෙලාවට මුවෝ රංචු රංචු හැන්දෑ කොරේ ඉරේලිය වැටිල දිලිසි දිලිසි.අපි ඔන්න දවසක ජීප් එක පලු ගහක් යට නවත්තල හෙමීට බැහැල ජීප් එකටම හේත්තුව දාල මුවංගෙ සෙල්ලං බලාන ඉන්නව. 

ඔය කියන දවස්වල අපෙ එකෙක් ගාවවත් තිබ්බෙ නෑ හරි හමං කැමරාවක්...අම්මප හොඳ ලෙන්ස් සෙට් එකක් තියන කැමරාවක් තිබ්බනම් පොටෝ ගන්ට තිබ්බ චායාරූප තරඟ වලින් දිනන්ට තරමෙ... 

ඔහොම අපි මුවෝ බල බල ඉන්දදැද්දි ඔන්න විමලෙය දකුනු හක්කෙ තියන හපේ මාරුකරනව උතුරු හක්කට...ඒ කරල පැත්තකට හැරිල කෙලපාරක් දෙනව දකුනතේ දබරැඟිල්ලයි මැදඟිල්ලයි එකට තියල ඒ මැදිං ජිප් එක ඉස්සරහ තිබ්බ කරඹ පඳුරෙං බාගයක් ලේ පාට වෙල යන්ට. ඒ කරල උඩ බලාගෙන හපේ එහාට මෙහාට මාරු කරකර අනික් එවුං දිහා හොරෙං බලල මෙහෙම කියනව.. 

" අම්මප මයෙ කානු දෙකේ තුවක්කු බටේ තිබ්බ නං එක වෙඩිල්ලයි තියන්නෙ, ආං අර ඉස්සරහම හුඹහ ගාව ඉන්න මුව නාම්බා කැරකිල උඩ පැනල මැරිල වැටෙන්ට " 

අනික් එවුං විමලෙව කන්ට වගෙ රවන්නෙ.. 

"නෙද්දකිං විතරක් මේ පව්කාරය කිව්ව කතාව බලාපල්ලකො අර අහිංසක සතා දිහා බලාගෙන.... මොන හිතකිංද බං ඔහොම කියන්නෙ උඹ? "

ඔය අපේ ඉන්නවනෙ සත්ගුණවත් පරාර්තකාමී ඉඩං අහිමි දානපති උදවිය..ඔන්න එවුං පටං ගන්නව විමලයට දෙස්ස කපන්ට. විමලෙත් අරින්නෙ නෑ මා දිහා බලල ඇහැක් කාරිය ගහනව ඒකා....ආයෙම හපේ මාරු කොරනව අනික් හක්කට.... 

" අහිංසකයි තමයි බං කවුද නෑ කිව්වෙ...ඒත් තවත් අහිංසකයි පදමට පහේ කාරිය වැටිල මද ගින්නෙ ඉදිල මේසෙට වැඩැම්මුවම...හෙහ්, හෙහ්, " 

විමලෙය බඩ හොල්ල හොල්ල හිනාවෙනව. අනික් එවුන් නේද?....ඌව කන්ට පුලුවන් නම් කාවි එතනම ලුණුත් නැතුව..ඒ තරමට මල...හෙහ්, හෙහ්, 

ජීප් නවත්තගෙන ඉන්නව කිව්වම තව කතාවක් මතක් උනා ඔන්න..වැල් වටාරං නං තමයි..ඒත් මෙතෙන්ට එන උදවිය හුඟ දෙනෙක් ඔය වැල් වටාරං වලට බොහොම මනාපයි කියල කියල තියන හංද ඒකත් කියලම ඉඤ්ඤංකො හොඳද? 

අපෙ ඔය ඉඳිකිරීම් වැඩ කෙරුනෙ කොන්ත්‍රාත් ක්‍රමයට. ඒ කිව්වෙ අපෙ ආයතනයෙ ලියාපදිංචි කොන්ත්‍රාත් කාරයො ඉන්නව. ඒ අයට පිළිවෙලට වැඩ ප්‍රදානය කරනව. 

" හා.. මෙහෙ වරෙං මයෙ අප්පච්චි..උඹ මෙන්න මෙතන හික් ගහ ගාව ඉඳල ආං අර වංගුවට එහායිං තියෙන නුග ඇටුවම ගාවට යනකල් තියෙන බෝක්කු ටික ඔක්කොම හදාපං...හරිය? " 

" ඒයි කිරිපුතා..ඉතිං කොහොමෙයි බොල?...තාත්තගෙ කොන්දෙ අමාරුව දැං හොඳෙයි?...හරි බොලාට දැං සල්ලිත් අමාරු ඇති නෙව..ම්ම්ම්ම්ම්..උඹට මම දෙන්නං හරි..මගේ මේ දකුණු කකුල ගාව ඉඳල ආං අර ...මේ මෙතනට වරෙං බං...අන්න හරි ආං අර පේනව නේද අතන දුඹුරු පාට බල්ලෙක් ඉන්නව.... ඒකා නෙවෙයි බං ....ඒ බල්ල කොහෙද දුඹුරු පාට?....අර ඊට එහායිං ඉන්න එකා..හරි ඌ තමයි..අන්න එතනට වෙනකල් තියන ඔක්කොම පෝල් බට ( පෝල් බට කියන්නෙ කුඹුරු වලට ඇලේ ඉඳල වතුර දෙන බට ) ටික එලාන පලයං ගිනි කසය වගෙ.ඉවර උනාම මට කියාපං තව වැඩක් පංගාර්තු කොරන්ට..." ඔන්න ඔහොම 

ඉතිං ඔහොම කොන්ත්‍රාත් කොරන්ට ඇවිල්ල හිටිය අකුරණ පැත්තෙ මුස්ලිම් මහත්මයෙක්. මම මහත්මයෙක් කියල කියන්නෙ මහත්මයෙක් කියාල කැත නැතුව කියන්ට පුළුවන් මනුස්සයෙක් හින්ද. පැංසොං පලච්ච ඉංගිරිස් ගුරු තුමෙක්.ඔය අපෙ හෙන්රීස් ද ඩූඩ් ගෙ එහෙම සීනියර් පොරක් හෙහ්, හෙහ්,....හොඳ මහත්තයෙක් උනාට අපේ එවුංට ඔය ලොක්කව පෙන්නන්ටම බෑ. නයාට අනුගකොල වාගෙ ඔන්න කොටිම්ම. හිතාගන්ට පුළුවන්ද හේතුව?.....හෙහ්, හෙහ්, වෙන මොකවත් නෙවෙයි කඩ්ඩ කඩ්ඩ...ඒ මනුස්සයට අර අවුරුදු හතළිහක විතර පුරුද්ද අතැරගන්ට පුළුවන මේ මාස හයකිං?...උන්දැ ඉන්නෙ කඩුව අතට ගත්තු ගමන්...අපිව දැක්ක හැටියෙ කඩුව වනාගෙන එන්නෙ සටනට... 

නෝමල් කඩ්ඩ නං ඔය මොකක් හරි කොරල සේප් උනෑකි..මිනිහ එක්ක එව්ව බෑ..ක්ලැසික් කඩ්ඩ තියෙන්නෙ...ශේක්ස්පියර් නාට්ටිය ලිවෙ අන්න ඒ කඩ්ඩ...ඉතිං අපේ එවුංට මිනිහ පෙන්නන්ට බැරි එක පුදුමයක්ද? රයිට් පඳුර වටේ තැලිල්ල ඔය මදෑ...බහිමු කතාවට...අපේ චමරි ( චමරි කිව්වෙ අපි හත් අට දෙනා නැවතිලා හිටපු ක්වාටර්ස් වලට )ඕන කෑම බීම බඩු ගේන්ට සතියකට සැරයක් දෙනව ජීප් එකක් කදුරුවෙලට යන්ට. 

මාසෙං මාසෙට මාරුවෙං මාරුවට අපි චමරියෙ ඉන්න අයගෙං කවුරු හරි බාරගන්නව Chummery Management එක. ඒ කිව්වෙ මාසෙ මුල හැමෝගෙන්ම සල්ලි එකතු කරල, ඕන කරන කෑම බීම ගෙනල්ල එදිනෙදා උයන්නෙ මොනවද කියල ගෝලයට ( උයන්ට හිටිය කොලුවට අපි කිව්වෙ ගෝලයයි කියල ) දැනුම් දීල ඒ විදිහට හරියට කෙරෙනවද කියල හොයා බලල මාසෙ අන්තිමට මුළු වියදම එක එක්කෙනා හිටපු දවස් ගනන අනුව සමානුපාතිකව බෙදල චමරිය ක්ලෝස් කරල දාන එක ඒ මාසෙ චමරිය බාර ගන්න පුද්ගලයගෙ වගකීම.... 

ඉතිං ඔන්න චමරිය කරන්ට මගෙ ටර්න් එක ආපු වෙලාවක්. කදුරුවෙල යන්ට ජීප් එක ආව අපෙ කවාටර්ස් එක ඉස්සරහට. මම යන්ට ලෑස්තිවෙලා එලියට බැස්ස. ඒ වෙලාවෙ ඔන්න මගෙ තව යාලුවෙක් කොණ්ඩෙ කපාගන්ටද මොකටද කියල ඌත් නැග්ග ජීප් එකට. මිනිහගෙ නම නිව්ටන්...ආහ්.. මේ කියන දවස්වල මිනිහ වැටිල හිටියෙ අර මම කලින් කියාපු ඉංග්‍රීසි ගුරු තුමාගෙ සයිට් එකට. ගිය වෙලාවෙ ඉඳලම කඩ්ඩ කියල නිව්ටන්ට ජීවිතෙත් එක්ක එපා වෙලයි හිටියෙ. 

" ඇයි වීරෙ බලාපංකො මචං මේක සිංහල රට...අනික මේ හද්ද කැළෑව මැද්දෑවෙ. මේ නසරානිය කඩ්ඩෙම්මනෙ කතාව. මම වෙලාවක ඕකට කතාකරනව සුද්ද සිංහලෙං උතුර දකුන මාරුවෙන්ට ඌ දන්නෙ නෑ නිව්ටන් කියන්නෙ කව්ද කියල….." 

නිව්ටා දවසක් මා එක්ක කිව්ව දෙකක් දාගත්තු වෙලාවක.. 

ඔන්න රෑ අටහමාරට විතර ඇති.... අපි බඩුත් අරගෙන ආපහු එනව, ජීප් එක පුරවල හාල්, පරිප්පු, මුංඇට කඩල..කව්පී...තුනපහ..අරවද මෙව්වද ඔක්කොම...ඔය මිට්සුබිෂි ජිප් වල ඉස්සරහ ඩ්‍රයිවර් එක්ක දෙන්නයි , පිටිපස්සෙ මූණිං මූණ බලාගෙන හරස් සීට් දෙකයි. එක සීට් එහෙක තුන් දෙනෙක්ට පහසුවෙන් ගිහෑකි. මම ඉස්සරහ සීට් එකේ ජනේලෙ ගාව. පිටිපස්සෙත් ඔය කවුරු කවුරු හරි හිටිය.... නිව්ට හිටියෙ අන්තිම කෙලවරේ..පිටිපස්සෙ දොර ගාවම. 

එදා කොහොමහරි හඳත් නැති දවසක්...ඇටපල් කළුවර...කෑම්ප් එකට කිලෝ මීටර් පහක විතර මානෙ ප්න්න අපි එනව. පාරෙ තාර නෑ. නිකම්ම ග්‍රෙවල් විතරයි. ජීප් එකේ වෝල්ට් දොලහෙ බැටරියෙන් පණගැන්වුනු හෙඩ් ලෑම්ප්ස් දෙකේ එලිය කළුවර ඉරාගෙන ඈතට විහිදෙනව තනි කෙලින්. එදා කොහොම හරි බඩු වලට ඕඩර් එක දීල නිව්ටයි මායි කදුරුවෙල මහ ඉස්පිරිතාලෙ ඉස්සරහ රෙස්ටෝරන්ට් එකෙන් බියර් බෝතලේ ගානෙ ගැහැව්ව. ඒ ලාවට තියෙන බියර් මතයි, වටේ පිටේ මෙලෝ දෙයක් පේන්නෙ නැති කමයි ජිප් එකේ එන්ජිමේ ඒකාකාරී සද්දයයි ..ඔය ඔක්කොම නිසා මම හිතන්නෙ මට ලාවට නින්ද යන්න ඇති. 

එක විඩේටම මට ඇහැරුනේ ජීප් එකේ බ්‍රේක් පාරට. දනි පනිගාල ඉස්සරහ තිබ්බ හැන්ඩ්ල් එක අල්ලගෙන මම හැරුන ඩ්‍රයිවර් දිහාට. රියදුරු තෙමේ නමින් මුතුබණ්ඩා වීය. 

"මුතූ මොකෝ බං?..." මම ඇහුව . 

මේ වෙනකොට ජීප් එකේ හෙඩ් ලයිට්සුත් ඕෆ් කරල. හතර අතම ගන අන්දකාරෙ. 

" මහත්තය කබරයද කොහෙද ඉන්නව ඉස්සරහ වංගුවෙ …" 

ඔන්න දැං ආයෙම පොඩ්ඩක් පඳුරු තැලිල්ලක් කරන්ට වෙනව..ඒ මොකටද?..පාත්‍ර වර්ගයාට මේ දැන් එක්වුණු අති ගෞරවාර්හ කබරයා මහතා පාඨක ඔබ තමුන්නාන්සේලාට හඳුන්වා දීම උදෙසා. රයිට් කබරයාස් ගෙ පැටිකිරිය මෙහෙමයි. කබරය කියන්නෙ තනි අලියෙක්. අලියෙක් කිව්වට යාන්තමට මෝදු වෙච්ච දල දෙකකුත් තිබ්බ.ඒ නිසා ඇත්තම කියනව නං ඇතෙක් මත් නෙවෙයි ඒත් වෙන්ට ඇතෙක්..හරි මොකා හරි..ඌට කබරය කිව්වෙ උගෙ ඉස්සරහ කකුල් දෙකෙයි එක කණකයි කබර වගෙ පැල්ලං තිබ්බ හින්දයි කියලයි මිනිස්සු කියන්නෙ.මමත් දෙතුං පාරක් ඔය කබරයව දැකල තියනව. අනේ අප්පේ මම නං ඒකගෙ කබර නරඹනු උදෙසා හිටිය එකක් නෑ. පන එපා කියල දිව්ව මිසක. 

ඔය කබ්රාල් නාහෙට අහන්නෙ නැති ගොබිල. ඒ අහල පහල ගම්මාන වල මිනිස්සු කීප දෙනෙක් පස්සෙ එලවල තිබ්බ. එක පාරක් පුෂ් බයිසිකල් කාරයෙක් පස්සෙ පන්නල මිනිහ බයිසිකලේ දාල කොහෙටද ඇලකටද කොහෙද දණි පණිගාල පැන්නට පස්සෙං පහු බයිසිකලේ එක්කල ඔට්ටු වෙලා කුඩු සංසාර කරල දාල තිබ්බ. ඔන්න ඔහොම රෙපියුටේෂන් එකක් සහිත කබරයා තමයි ඉස්සරහ වංගුවෙ ඉන්නෙ. අපි ජීප් එක ඇතුලෙ සියලු ලයිට් නිවල ඉන්නව. මීක් සද්දයක් නෑ. වටේ පිටේ ඇහෙන්නෙ රැහැයියංගෙ නාදෙ විතරයි.එක වෙලාවකට රැහැයි සද්දෙ වැඩි වේගන ගිහිල්ල එක පාරටම නවතිනව. ඒ රැහැයි සද්දෙත් නතර වෙච්ච වෙලාවක ඔන්න මොකක්ද අමුතු හිතාගන්න බැරි සද්දයක් ඇහෙන්න ගත්ත ඉස්සරහ වංගුව දිහායිං 


" මුතූ හෙඩ් එක ඩිප් කරල ඔන් කරපංකො " මම හෙමිහිට කිව්ව. 

යාන්තමට වංගුවට පැතිරිච්චි එලියෙං අපි දැක්ක කබරය ඉන්නව වංගුව ළඟම අඩි විස්සකට වගෙ එහා ඉළුක් ලන්දෙ. අපි දිහාට හැරිල නෙවෙයි ..පැත්තකට හැරිල..ඌ තණකොල පඳුරු හොඬෙං ගලවල පස් එහෙම අයිං වෙන්ට කකුලෙ ගහනව කටේ දාගන්ට ඉස්සරවෙලා. ඒ සද්දෙ තමයි අපට අර ඉස්සරවෙලා ඇහුනෙ.. 

" ඕෆ් කරපං යකෝ ලයිට් එක. උඹලට පිස්සුද?..ඕක දැං ලයිට් එලියට මෙහෙට ආවොත් මහ ජංජාලයක් වෙන්නෙ.." 

දත්මිටිකාගෙන එහෙම කිව්වෙ නිව්ටා...මුතූ ලයිට් එක ඕෆ් කලා.. 

අපි ආයෙම අටපල් කළුවරේ ගිලිල හිටිය. රැහැයි සද්දෙ විතරයි..ඒ ඇර මුලු ලෝකෙම නිස්සද්දයි..ආ නෑ..ඒ අතරෙ රැහැයි සද්දේ නතරවුනු වෙලාවට අර කබරයා තණකොල පඳුරුවල පස් ගසා දාන සද්දෙ හොඳටම ඇහුනා. 

ඔහොම අපි හිටිය සෑහෙන වෙලාවක්.....වෙලාව ගැනනම් මතකයක් නෑ..පරාන බය කියන එක ආහම ඔය වෙලාවක් කාටද මතක තියෙන්නෙ...නැද්ද?..ඔන්න හිටි හැටියෙම පිටි පස්සෙං වැටිච්චි එක පාරටම තව වාහනේක හෙඩ් ලයිට් එළියක්. 

" දෙයියෝ සාක්කි මේ මොකාද මේ වෙලාවෙ? දැං අර යකා කුලප්පු උනොත් අපි ඔක්කොම ඉවරයි " 

නිව්ටන් පිටිපස්සෙ දොරේ වීදුරුවෙං බලා හිටියෙ දකිණු අතිං ඇස් දෙකත් මුවාකරගෙන ලයිට් එලියෙ සැර නිසා. 

ඒ ආපු වාහනේ ජීප් එක ලඟටම ඇවිල්ල නැවැත්තුව. ඒ කරල හෙඩ් ලයිට් දෙතුං පාරක් ඕෆ් කරල ආයෙම ඔන් කලා… 

" නිව්ටන් කවුද බලාපං ඒ? " මම පස්ස හැරිල කිව්ව.. 

" පේන්නෙ නෑ හරියටම..දෙයියෝ සාක්කි මේ අර සම්සුඩීන්නෙ. මේ ******* ***** කොහෙ යනවද මේ රෑ ජාමෙ. " 

අර මම කලින් කිව්ව ඉංග්‍රීසි ගුරුතුමාගෙ නම සම්සුඩීන්.මිනිහට තිබ්බ සුදු පාට කැන්ටර් ලොරියක්.යකඩ බාර් වගේකුත් පටවල තිබ්බ ලොරියෙ යාන්තමට පෙනුන. ආයෙම හෙඩ් ලයිට් ඔන් සහ ඕෆ්.. 

" මූට නං පිස්සු...කබරයත් එක්ක සෙල්ලං කරන්ඩද මේ ******** ***** හදන්නෙ.." නිව්ටන්ට කතාකරගන්ට බෑ මල.. 

" ඒ මනුස්සයට කෑ ගහල වැඩක් වෙන්නෙ නෑනෙ බං කබරය ඉන්නෙ ඉස්සරහ වංගුවෙ..කොහොමත් අපේ ජීප් එක නිසා උංට ඒකව පේන්නෙ නෑ. දැං ඔය මිනිහ හෝන් ගැහුවොත්නං මල කෙලියයි වෙන්නෙ. මේ නිව්ටා..උඹ බැහැල ගිහිල්ල සම්සුවට විස්තරේ කියාපං…" 

" පිස්සුද උඹට?..මම එක අඩියක් තියන්නෙ නෑ ජීප් එකෙං එළියට..උඹට ඕන නං බැහැල ගිහිල්ල කියාපං…" නිව්ටා මගෙ ඇඟට ගොඩ උනා. 

ඒ කතාවත් ඇත්ත තමයි . මම ඊට පස්සෙ මොකවත් කියන්ට ගියේ එහෙම නෑ. 

ඔන්න තව ටිකකිං ලොරිය රේස් කරන්ට පටං ගත්ත. 

" ආං අරූ ඒ පාර එන්ජින් එක රේස් කරනව. ඊලඟට ඕක හෝං එකත් ගහල කබරය කුලප්පු කලේ නැත්තං බලපං" මම හෙමිහිට කිව්ව 

" ඕකගෙ ඔය දහිර වාට්ටුවෙ හෝන් එක වැඩ නෑ දෙයියො බැලුව වගෙ වෙලාවට. නැත්තං මෙලහට ඔය ***** ***** ඕක ගහල මේ පලාත දෙවනත් වෙන්ට. " නිව්ටා කිව්වෙ තටම තටම.. 

" මේක හරියන්නෙ නෑ..මූ එක්ක බෑ..ඉඳපං මම ඕකට.." 

නිව්ටා එහෙම කියල පිටිපස්සෙ දොර ඇරල බැස්ස බිමට. ඔන්න ලොරියෙනුත් සම්සුඩීන් ගොයියත් ලොරියෙන් බිමට බැස්ස. තනි සුදු ඇඳුම, තොප්පිය ඇටපල් කලුවරේ දිලිසුනා. 

" Oh, Mr. Newton…I was wondering….whats the matter now? Is there any trouble? " සම්සුඩීන් එතන ඉඳලම කෑගැහුව. 

" මූට හෙමීට කතා කරන්ට බැරි හැටියක් අම්මප…" නිව්ට එහෙම කියල ගියා ඉස්සරහට. 

" ට්‍රබල්?..... ට්‍රබල් තමයි ඕයි දෙයියෝ සාක්කි කබරය ඉස්සරහ.....වෙන ඇති රෙද්දෙ ට්‍රබල් එකක් නෑ…

නිව්ට එහෙම කියල ආපහු ඇවිල්ල ජීප් එකට නැඟල දොර වහ ගත්ත.බඩ පපුව හීතල වෙලා තිබිච්ච වෙලාවක නෙවෙයි නං අනෙ අම්මප මැරෙන්ඩ හිනා යනව ඌ ඒ කියපු විදිහට. 

" අනෙ අම්මප මේ වගෙ වෙලාවකත් මූට බෑනෙ කඩ්ඩ වනන්නෙ නැතුව ඉන්ට. කබරය ඇවිල්ල දේයි දේයි ගාල හතර අතේ දෙනකොටත් මූ මම දන්නව කබරයටත් කඩ්ඩ දානව... ට්‍රබල්... උගෙ ආච්චිගෙ ට්‍රබල්.." 

නිව්ටන් තනියම කියවනව පිටිපස්සෙ කළුවරට වෙලා. තව ටිකකින් ආයෙම අපි හෙඩ් ලයිට් ඔන් කරල බලනකොට කබරය පේන්ට හිටියෙ නෑ.නිව්ටගෙයි සම්සුවගෙයි පටලැවිල්ලට ඌත් බය උනාද මන්ද කොහොම හරි ඌ යන්ට ගිහිල්ල..අපිත් දෙයියන්ට පිං පෙත් එහෙම දීල ජීප් එක ස්ටාට් කරගෙන එන්ට ආව. 

පසුව ලියමි - 

අනේ අදනං සමාවෙන්ටම ඕන...වාංපතුල් කතාව ලියන්ට කියලයි ඉඳගත්තෙ..ඒක ගැන එක වචනයක් ලියන්ට බැරිඋනා...හරි ලබන පාරනං ඒ ගැන ලියනව ලියනව ලියනවමයි... 

43 comments:

  1. යන්නේ කොහෙද මල්ලේ පොල්. අනේ *කේ.
    නයාට අනුගකොල ඒ මොනවද ඒ. නොදන්නා පුකවල් ලියන්න එපා.

    ReplyDelete
    Replies
    1. පොඩි කතාවක් අහගන්නකො ඉස්සරවෙලාම.

      ඔන්න එකෙක් ගියාලු ඉන්ට්වීව් එහෙකට. පරීක්සක මන්ඩලේ මෙයාගෙන් ඇහැව්වෙ ඔක්කොම රස්සාවට කිසිම සම්බන්දයක් නැති ප්‍රශ්නලු.අන්තිමට ඇහුවලු ප්‍රංශයෙ අගනුවර මොකක්ද කියල. මෙයයි කිව්වලු ලන්ඩන් කියල. ඒ පාර පරීක්සක මණ්ඩලේ ප්‍රධානියා කට කොණකින් හිනාවෙලා ලොකු දේශනයක් දෙන්න ලෑස්ති උනාලු සාමාන්‍ය දැනීමයි අරකයි මේකයි රටේ නැති එව්ව ගැන. මිනිහ ඇහුවලු මේ පොඩ්ඩක් ඉන්නවද?.." මම පැරිස් කියල කිව්වනම් මට රස්සාව දෙනවද? " කියල

      අන්න ඒ වගේ මට අහන්න තියෙන්නෙ මෙච්චරයි, නයාට අඳුකොළ කියල ලිව්වනම් මම පුකවල් ගැන දන්නවයි කියල ඔබ තුමා පිළිගන්නවද? :) :)

      Delete
    2. @ Ravi,

      හැහ් හැහ්... මරු උත්තරේ... :D

      Delete
    3. මේ ප්‍රතිචාරය දැමූ පුද්ගලයා මීට කලින් මේ අඩවියට ගොඩ වැදී නැත්තෙක් විය නොහැක.
      එසේම මෙය රවී ලියූ දෙයක යම් අඩුපාඩුවක් වෙතොත් එය පෙන්වා දෙන චේතනාවෙන් ලියූ යමක් ද නොවේ.
      ප්‍රතිචාරයෙන් වෑහෙන ඊර්ශ්‍යාව පැහැදිලිවම රවීගේ ජීවිත අත්දැකීම්වල සුන්දරබව සහ ඒවා ලියන අපූරුව ගැන ඇතිවූවක් බව පෙනේ.
      දිය යුතු හොඳම පිලිතුර රවී දී ඇති නිසා අප වෙනත් යමක් කිව යුතු නැත.
      මාගේ එකම පැතුම වන්නේ මේ පුද්ගලයාට තවත් අයෙකුගේ හැකියාවන් ගැන හෝ අත්දැකීම් ගැන ඊර්ශ්‍යා කිරීමෙන් තමුන්ට අත්වන වාසියක් හෝ සැපයක් නැතිබව අවබෝධකරගන්නට තරමට හෝ ඥානය පහල වේවා යන්නයි

      Delete
    4. බ්ලොග් ලියන හුඟක් එවුන්ගේ තියන ඔලුව ඉදිමීම තමුන්ටත් තියනවා. යාළු බ්ලොග් කාරයෝ ගොම්පස් ඇල්ලුවාට වැඩක් නැහැ උන්ගෙනුත් බොහොමයක් තමුසේ වගේම අච්චාරු භාෂාවෙන් ලියන පුස්සෝ. බ්ලොග් එකක් ලියන්නේ කැමති කාටත් බලන්න සහ අදහස් දක්වන්න. එහෙම නෙවෙයිනම් තමුසෙට කියවන්න විතරක් ලියාගන්නවා. හිකිස් හුකුස් එල පට්ට කිය කියා අදහස් දක්වන්නේ තමුසේ වගේම හරි හමන් හැදියාවක් නැති මේ ලෝක සම්මජාතියකට වැරැද්දක් පෙන්නලා දුන්නාට පිළිගන්නේ නැති පුස්සෝ. හැබැයි පුස්සන්ට මෙහෙම නිකම් පිනුම් ගහන්න ඉඩ දෙන්න බැරි නිසා තමයි අපි මේ වගේ තිපල් කසාය පොවන්නේ. හැදෙනවානම් හැදියල්ලා. නැත්නම් මකබෑවියල්ලා.

      Delete
    5. මේ පිලිතුරු දී ඇත්තේද මුලින් ප්‍රතිචාර දැක්වූ ඇනෝ ම නම් මේ පිලිතුර ඔබටයි.

      /යන්නේ කොහෙද මල්ලේ පොල්. අනේ *කේ.
      නයාට අනුගකොල ඒ මොනවද ඒ. නොදන්නා පුකවල් ලියන්න එපා./

      වැඩියමක් ඔබට කීමට නැත.
      ඔබ ලියු මේ ප්‍රතිචාරයේ භාෂාව දෙස ඔබම නැවත සිතා බලන්න.
      අනුන්ට තිපල් කසාය පොවා අනුන්ගේ භාෂා විලාසය නිවැරදිකරන්නට ඔබට ඇති සුදුසුකම් ඔබ ඉන් පමණක් නොව ඊට පසුව දුන් පිලිතුරෙන්ද මනාව පෙන්වා දී ඇත.



      Delete
    6. රවි අය්යේ, ඔය ඇනෝලා ටික හොඳ අය්යා වගේ ඩිලීට් කරලා දාන්ඩකෝ.

      Delete
    7. @ AnonymousMarch 8, 2013 at 1:49 PM

      / බ්ලොග් ලියන හුඟක් එවුන්ගේ තියන ඔලුව ඉදිමීම තමුන්ටත් තියනවා. යාළු බ්ලොග් කාරයෝ ගොම්පස් ඇල්ලුවාට වැඩක් නැහැ උන්ගෙනුත් බොහොමයක් තමුසේ වගේම අච්චාරු භාෂාවෙන් ලියන පුස්සෝ. /

      ඔබගේ අදහස් දැක්වීමට ඔබට ඇති අයිතියට ගරු කරමි.එසේම ඒ අදහස් පිළිනොගැනීමට මට ඇති අයිතියටද ඔබ ගරු කරන්නු අතැයි බලාපොරොත්තු වෙමි.

      / බ්ලොග් එකක් ලියන්නේ කැමති කාටත් බලන්න සහ අදහස් දක්වන්න. එහෙම නෙවෙයිනම් තමුසෙට කියවන්න විතරක් ලියාගන්නවා /

      පිළිගනිමි. ඒ එසේ නොවේයයි කොතැනකදීවත් මවිසින් පවසා නැත. එනිසාමය මම ඔබේ කමෙන්ටුවට පිළිතුරු සැපයූයේ.

      / හිකිස් හුකුස් එල පට්ට කිය කියා අදහස් දක්වන්නේ තමුසේ වගේම හරි හමන් හැදියාවක් නැති මේ ලෝක සම්මජාතියකට වැරැද්දක් පෙන්නලා දුන්නාට පිළිගන්නේ නැති පුස්සෝ. /

      ඔබ පෙන්වා දෙන්නේ ඔබ සිතන අයුරු මවිසින් කරනා වැරැද්දකි. ඒ වැරැද්දක් නොවන බව මම සිතමි.කරුණාකර එසේ සිතීමට සහ ඒ අනුව ක්‍රියාකිරීමට මට ඇති අයිතියට ගරු කරන්න.

      / හැබැයි පුස්සන්ට මෙහෙම නිකම් පිනුම් ගහන්න ඉඩ දෙන්න බැරි නිසා තමයි අපි මේ වගේ තිපල් කසාය පොවන්නේ. හැදෙනවානම් හැදියල්ලා. නැත්නම් මකබෑවියල්ලා. /

      වියුණු ලෝකයේ පිණුම් ගසන්නේයයි ඔබ කියනා පුස්සන්ට තමන්ගේ ශ්‍රමය සහ අගනා කාලය මිඩංගු කොට, එසේම වෙහෙසව උපයාගත් තම ධනය වැයකොට තිපල් කසාය නිපදවා පෙවීමේ මහඟු සත් කාර්යයට උරදී සිටින සත් ගුණවත් පරාර්ථකාමී සැඟවුනු නිර්නාමික උතුමාණනි.

      තිලෝ ගුරු අප බුදු පියාණන් හටද තම සුහුරාණන් වූ දෙව්දතුන් යහමඟට ගැනීමට නොහැකි විය. ලොව සැමකලම අප වන් පවිටු පුස්සන් සිටියහ. ඒ එකලද එසේය. අද ද එසේය. හෙටද එසේමය.

      කිසිවකු හැදීමට මට හැකියාවක් ඇතැයි මම කිසිසේත් විශ්වාස නොකරමි. එසේම එසේ කිරීමට තැත් කිරීමට වඩා මට වෙනත් බොහෝ වැදගත් වැඩ අනන්ත ඇත.එළෙසම ඔබ අනුන් හැදීමේ උදාර කර්තව්‍යයෙහි නිරතවීමට අදිටන් කරගෙන සිටින්නේ නම් ඒ ඔබගේ අයිතියයි.මම ඊට ගරු කරමි.

      Delete
    8. @ ඉඳුවරී,

      මොකටද අනේ එහෙම කරන්නෙ?....ඔන්න ඔය තිබ්බාවෙ...අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හැමෝටම එක විදිහට තියෙන්නෙ ඕනනෙ. නිර්නාමිකව උනත් ඒකෙ වෙනසක් නෑ.

      දැන් වෙන මොකවත් ඕන නෑ..ඔයා ගැනම බලමු. ඔයාත් ඔය ප්‍රොෆයිල් එකෙන් එන්නෙ මොකක් හරි හේතුවක් නිසානෙ. අනික ඔය ඇනෝ කමෙන්ට්ස් ඔක්කොම දැම්මෙ ඔයා වෙන්නත් පුළුවන් නේද?...හෙහ්, හෙහ්, මම මේ එහෙමමෙයි කියල කියනව එහෙම නෙවෙයි හොඳේ?....එහෙම වෙන්නත් පුළුවන් නේද කියලයි මම මේ කියන්නෙ...සත්‍යය ප්‍රබන්ධයට වඩා විශ්මයජනකයි කියල අහල ඇතිනෙ නේද?

      Delete
    9. හෙහ් හෙහ් බලාගෙන යනකොට ඒ කතාවෙත් ගතයුත්තක් තියෙනවා. ඔයත් ඉතින් ඇනෝ විදියටනේ ඇවිත් ඉන්නේ. ඔයාට උනත් ඔයටික කරන්ඩ බැරිකමකුත් නෑ. සත්‍ය ප්‍රබන්ධයට වඩා විශ්මයජනකයි නේන්නම්.

      Delete
  2. HAMLET
    How strange or odd soe'er I bear myself,
    As I perchance hereafter shall think meet
    To put an antic disposition on

    ReplyDelete
    Replies
    1. නිව්ටා මේක දැක්කොත් මොනවා කියයිද කියලා මම කල්පනා කලේ අරුණි!

      Delete
    2. :) :) නිව්ටා මොකට ද ඩූඩ්ලා හිටියෑම මදෑ!!!!

      Delete
    3. @ අරුණි,

      අරුණි දන්නවය ඔය සේක්ස්පියර් නොහොත් හෙල්ල හොල්ලන්නාගෙ කිරි අත්ත දෙවුන්දර අහය කියල....ඔන්න මෙහෙමයි කතාව...ඔය මනුස්සය මුදු ගිහිල්ල කුණාටුවකට අහුවෙල ගහගෙන ගිහිල්ල අනික් ඔක්කොම මැරිල මිනිහ විතරයි බේරිල තියෙන්නෙ, මාල දිවයින් කිට්ටුවදි මරණාසන්න වෙල ඔරුවෙ පාවෙද්දි මිනිහව බේරගෙන තියනව ඉංගිරිසි නැවකිං..ඒකෙං එයයි ගිහිල්ල එංගලන්තෙට.

      මිනිහ දස්සය...ඔන්න ඉංගිරිසි එහෙම අගේට ඉගෙන ගෙන එහෙං පෙළවහකුත් කරගෙන මිනිහ බින්න බැස්ස ඇවන් කියන ගඟ කිට්ටුව තියන ස්ට්‍රැට්ෆර්ඩ් කියන ගමේ. මෙහෙ ඉන්දැද්දි මිනිහ නංදරාපු නාඩගං කාරය. ඒ මතක තිබිච්ච නාඩගං ඔක්කොම මෙයා කියල දුන්න එයයිගෙ මුණුබුරාට. මුණුබුරාගෙ නම ඇවිල්ල විලියොං සේක්ස්පියර්...සේක්ස්පියර් කියන්නෙ එයාලගෙ මුල් පෙළපත් නම ඒ කියන්නෙ සෙක්කුපේරුගේ ඉංගිරිසියට හරව ගත්ත විදිහ.

      සීය කියාපු නාඩගං කතා ඔක්කොම අගේට මතක හිටිය විලියොං මුණුබුරේට. එයයි ලොකු මහත් වෙල ඒ නාඩගං කතා ලිව්ව නාට්ටිය හැටියට...දැං බලන්න රෝමියෝ කියන්නෙ රොමානිස් කියන ඔරිජිනල් සිංහල නම ඉංගිසියට හරෝගත්ත විදිහ. එතකොට ජුලියට්?...අදත් බලන්න දකුණෙ ඕනම ගමකට ගිහිල්ල ජුලියට් නෝනා කෙනෙක් නැද්ද කියල..ඔය වගෙ උදාහරන ඕන තරං දෙන්න පුලුවන්...

      ඔන්න ඕක තමයි හසන්ත මහත්තයෝ කියන්නෙ ආශ්චර්යය කියල. සුද්දො කොච්චර අපිව පාගන්ට හැදුවත් එයාලගෙ කලා ශිල්ප විද්යා ඥාණය ඒ ඔක්කොම මේ අපේ රටෙං ගිය එව්ව. ඒ ඔක්කොම අපේ උරුමය....ඒක කොච්චර උත්සාහ කලත් හංගන්න බෑ.

      Delete
  3. කබරයා ඇවිල්ලා හතර අතේ දේයි දේයි ගාලා දෙනකොට, අරූ ඌට කඩ්ඩ දාන චිත්තරූපෙ මවා ගත්තම, තදින් සිනා

    අදනම් ආපහු හැරෙන්න බරි වෙන්නම ට්‍රැක් පැනලා නේද ? කමක් නෑ ඒකත් හොඳා..

    ReplyDelete
    Replies
    1. උඹ මුගේ හැටි දන්නෙ නෑ සෙන්නා.

      මේකා ඉස්සෙල්ලම ටයිප් කලේ මෙන්න මෙහෙම:

      167. වාං පතුල් ගැන නොහොත් දෙයියෝ සාක්කි කබරය ඉස්සරහ.....

      රයිට් එහෙනං එන්ට බලන්ට කට්ටියම ..ඉඳගන්ටලාකො හත්තට පොලකිං බණ අහන්ට වගෙ...ඔය කොහෙට කොහෙට හරි හේත්තු වෙල කකුළු කාරිය දිගඇරගෙන..අද කියන්ට යන්නෙ විමලෙගෙ වාං පතුල් කතාව.

      (ADD TEXT HERE)

      පසුව ලියමි -

      අනේ අදනං සමාවෙන්ටම ඕන...වාංපතුල් කතාව ලියන්ට කියලයි ඉඳගත්තෙ..ඒක ගැන එක වචනයක් ලියන්ට බැරිඋනා...හරි ලබන පාරනං ඒ ගැන ලියනව ලියනව ලියනවමයි...

      පස්සෙ අර ADD TEXT HERE කියන කෑල්ලට පෝස්ට් එක දැම්මා. :D

      Delete
    2. @ඩූඩ්,
      +++++++++
      හැබෑවටම මේක තමා වෙලා තියෙන්නෙ.නැත්තම් යාපනේ යන්න ගියපු මනුස්සයා හම්බන්තොට යයිද?

      Delete
    3. ඩූඩේ,

      ස්ටාටරේ ගැහෙනවා බන් පත්තු වෙන්නෙ නෑ.. මක්කැයි කොරන්නෙ :-)

      Delete
    4. Kick it, Dude.
      මේකා ප්ලෑන් කරලා තමයි ඔය දකුණට සිග්නල් දාලා වමට හරවන්නෙ. ඒක රවිගෙ ඉට්ටැයිල් එක. අනන්‍යතාවය :D

      Delete
    5. @ රූ,

      හෙහ්,හෙහ්, ඇත්ත ඇත්ත ඔය කොහෙ කොහෙත් යන්ට පිටත් උනු උදවිය ඔක්කොමලා දැං වැල නොකැඩී යන්නෙ හංබංතොට දිහාවෙ තමයි බොල...

      Delete
  4. අපේ නැදෑ ගෙදරක හිටියා පණුවා කියලා බල්ලෙක්. ගෙදරට මිනිස්සු ආවහම අම්ම පුතාගෙන් අහනවා පුතේ පණුවා කූඩුවේද කියලා. අපු කස්ටිය ඉතින් උඩ බිම බලනවා. මාත් බැලුවා යකෝ කබරයෙක් ඉන්නවා කියල ලයිටුත් ඕෆ් කරගෙන ඉන්නෙ ඇයි කියලා.

    අපි නං දැන් මාතෘකාව බලල නෙමෙයි කතාව කියවන්ට එන්ටර් වෙන්නේ... නිකං හිත කඩාගන්නෙ මක්කටැයි..

    ReplyDelete
    Replies
    1. අපෙ ලොකු අම්මගෙ ගෙදර හිටපු බල්ලගෙ නම හපයි...ඉතිං ගෙදරට අමුත්තෙක් ආහම මූ බුරාගෙන යනව. ලොකු අම්ම එලියට බැහැල කෑ ගහනව...හපයි, හපයි, හපයි කියල.ආපු මනුස්සය පණ කඩාගෙන දුවනව ලොකු අම්මගෙ අම්මට ( ඒ කිව්වෙ අපෙ අත්තම්මට ) බැණ බැණ..මේ අම්මණ්ඩි හපයි හපයි කියල බෙරිහන් දෙන්නෙ අර යස්ස බල්ලට අඬ ගහල බැඳල දාන්නෙ නැතුව..... ඔන්න ඔහොම කියව කියව.

      ඔය බල්ල ඇත්තටම මහ යස්ස බල්ලෙක්.ඕක ඉන්න තාක් මම හිතන්නෙ ඕනනං ලොකු අම්මලගෙ ගෙදරිං කන්න ඇති උපරිම වේල් දහයක්. ඒකා ජීවත් උනේම ලියුං කාරයගෙ බත් කෙණ්ඩෙං කෑල්ලක්, එහෙම නැත්තං බෝතල් පත්තර කාරයගෙ විලුඹෙං කෑල්ලක්, එහෙමත් නැත්තං ඔය පාරෙ යන බබලතෙක්ගෙ පස්චාත් බාගයෙං කෑල්ලක් කඩාගෙන....

      Delete
  5. හැක් හැක්!! මං ඔය කතා ටික කලින් දන්න හන්ද උඹ බේරුණා කියල හිතාගං අයියෙ

    ReplyDelete
    Replies
    1. හුහ්, නැත්තං උඹ මාව එල්ලයි එහෙනං...අනේ මෙහ්....

      Delete
  6. හි හි.. ඇත්තටම ඔච්චර බයයිද රවි සීයා ඈ.... අපිට මේවා මෙහෙම කිව්වට කමක් නෑ.. මුණුපුරු මිණිපිරින්ට කියන්න ඕනේ...

    “ මමත් දෙතුං පාරක් ඔය කබරයව දැකල තියනව. මං දෑහින්ම දැකලා තියෙනව නොවැ ඕකගේ කබර.. එහෙනං..”
    කියලා... හරිද රවි සියේ... හි හි

    ReplyDelete
    Replies
    1. එහෙම නෙමෙයි බොල කියන්න ඕන...මෙන්න මෙහෙම...

      " ඒ දවස්වල දරුවනේ ඔන්න හොඳ විස්වාසෙට ගනිල්ල හොඳේ… ඔය කබරය කියන අලිය හරිම සැරයි. කිසි කෙනෙකුට කිට්ටු වෙන්ට දෙන්නෙ නෑ. ඒත් මම විතරයි ඒකට බය නැතුව කිට්ටු උනේ...හෙහ්, හෙහ්, කිට්ටු උනා විතරක් නෙවෙයි මම ඒකගෙ කබර අතගාලත් තියනව මේ අත් දෙකෙං ..අනේ අම්මප ඇත්ත.. "

      හෙහ්, ඔන්න තවත් සෝක් කතාවක් මතක් උනා..ඒක නම් මෑතක වෙච්චි එකක්..යාලෙදි...අපෙ බොස්ට වෙච්චි වැඩක්..අලි දෙන්නෙක් මාරු වෙලා...හෙහ්, හෙහ්..ඉන්නකො ඒකත් කියන්නං ආයෙම වෙලාවක...

      Delete
  7. මමත් දැකලා තියනවා ඔයින් කබරයෙක්.. (හැබැයි පෙරහැරක යනකොට) (හා..මං පෙරහරේ යද්දි නෙවියි ඌ පෙරහැරේ යද්දි)
    උන් හරි බයානකයි කියලා තමයි කියන්නෙ..

    කොහාමින් කොහොම හරි මම මේ කතාවෙන් ගත්ත ආදුරුසය තමා කබර ඇති අලියන්ට කඩ්ඩෙන් වැනීමෙන් ඔවුන් පලවා හැරිය හැකිය..!!

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් කබ්රාල්ලට බඩු ෂුවර් ක්‍රමේ තමා අලි මංතර ඉංගිරිසියෙං කියන එක..

      අන්න උඹේ අර ලිස්ට් රාජයාට දාගන්ට පුලුවන් තව කතාවක් උඩහ ලියද්දෙදි මම හිරූස්ට කිව්ව.

      Delete
  8. මටනං දැං චිත්‍රයක් අඳින්න හිතිලා තියෙන්නේ අයියේ. ඒ තරමට කතාවෙ මුල ඉඳන් අගටම හිතේ මැවුනා හරි ලස්සනට. ඔන්න වෙලාවක් හම්බුනොත් ඇඳලා එවන්නංකො ඈ? :)

    ReplyDelete
    Replies
    1. අඩේ..අඩේ..පොඩ්ඩක් ඉඳහං..අලි ගැන තව කතාවක් තියනව..ඒත් අපේ යාලුවෙක් අලිය පන්නං එද්දි සරම ගලෝල දාල දුවපු එකක්.එතකොට අලිය සරම එක්ක ඔට්ටු වෙනවයි කියල තමයි කියන්නෙ. ඒත් අපේ අනික් එවුං නං කියන්නෙ සරම එක්ක ඔට්ටු විල්ල කොහොම වෙතත් ඒක ඉව කරපු ගමං අලිය මරහඬ තියාගෙන ආපහු දිව්වය කියල කැළේ කඩාගෙන..හැබෑට ඊට පස්සෙං පහු ඒ අලිය පේන්ට හිටියෙත් නෑ තමයි...

      මේ නෝනො අනේ බාං ඒ කතාව ඇඳහංකො හොඳ එකී වාගෙ...:) :)

      Delete
  9. කතාවට වඩා ලස්සනයි රවිගේ අර කමෙන්ට් එක...හී හී...

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, ස්තූතියි පොඩ්ඩි.

      Delete
  10. ඔන්න ඔහේ මාතෘකාව අල්ලලා දාන්න . මොකද මේකා කවදාවත් මාතෘකාවට ලියන එකෙක්ය ..[ ඔය කිව්වට අපිත් එහෙම තමයි ..]

    අද අපි සම්සුදීන් ගැනයි මුවෝ ගැනයි කබරයා ගැනයි ..ගොඩාක් දන ගත්තා . ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න .

    ලේසි නැහැනේ මේ බ්ලොග් කෙරුවාව . ..D

    ReplyDelete
    Replies
    1. ආය අහවල් මාතෘකා..නැද්ද බින්දි?.....හෙහ්, හෙහ්,

      කිසිම අරමුණක් නැතුව හුළඟෙ පවෙන කුරුලු පිහාට්ටක් වගෙ ඉබාගාතෙ යන්ට තියේනං මටද?...හෙහ්, හෙහ්, ඊට වඩා දෙයක් නෑ..සක්කර දෙයියො පල්ලා..මේ ඇත්තමයි...

      Delete
  11. //කබරය ඇවිල්ල දේයි දේයි ගාල හතර අතේ දෙනකොටත් මූ මම දන්නව කබරයටත් කඩ්ඩ දානව//

    "තෝත් ඔබ" වගේ තියෙයි. :D

    ReplyDelete
    Replies
    1. ඔය සම්සුඩීන් ගොයිය ඉන්නව නේද? ආය නෑ වතුර කඩ්ඩ වගෙ.....ඒකෙ වැඩේ මනුස්සයට එච්චර සිංහල බෑ..ඉතිං එක්කො දෙමළ එක්කො කඩ්ඩ..අපිට දෙමලත් බෑ..කඩ්ඩත් බෑ..ඉතිං අන්තිමට අර හතර බීරි කතාව වගෙ තමයි..අතිං පයිං කතා කරනව ගොලුවො වගෙ.

      ඉවර කරපු වැඩ වලට ගෙවීම් කලේ අපේ මූල්‍ය අංශයෙන්. ඒකෙ හිටපු ක්ලාක් මයෙ හොඳ යාලුව. ඌට නම් කඩ්ඩ කියන එක අරහං.. ඔන්න සම්සුව මට කියනව පේමන්ට් එකක් කිට්ටු උනාම,

      " Mr. Weerasinghe, Please tell your friend that I would be coming to collect my payment tomorrow ''

      මම ඉතිං අරූට කියනව...

      '' ඒයි මේ…. අන්න සම්සුව හෙට එනව කිව්ව පේමන්ට් එක ගන්ට..හොඳද? ''

      '' මේ උඹේ ඔය සම්සුවට කියාපං ඔෆිස් එකේ දොර ගාව ඉඳලම හැමෝටම ඇහෙන්ට කඩ්ඩ වනාගෙන ආවොත් එහෙම මම ඕකට සත පහක් දෙන්නෙ නෑ කියල. මොනවද එහෙනං ආයෙ? ''

      ඌ මගෙ ඇඟට ගොඩ වෙන්නෙ හරියට මම ඌට කඩ්ඩ දාගෙන ගියා වගෙ..කාටද කියන්නෙ ඉතිං මේ අවනඩු...හෙහ්, හෙහ්,

      Delete
    2. මැවිලා පේනවා සීන් එක.. :D

      Delete
  12. හැලප අයියගෙ පෝස්ට් එහෙකදී හිරුවගෙන් පාර අහගෙන මේ පැත්තෙ ආවේ. කාලෙකට පස්සේ හිනාඋනා මදි නොකියන්න.

    අපේ හෙන්රි අයියත් ගාමිණි මහත්තයත් එක්ක ඔහොම දුවලා තියෙන්නේ.... මතකයි නේ.

    ඔයත් වන ජීවියෙක්ද? එහෙනම් මං ආසම ජොබ් වලින් එකක් කරන වාසනාවන්තයෙක් ඔයා. ඔන්න අදම මගේ බ්ලොග් රෝල්ට දාගත්තා. අද ඉඳන් මාත් සාමාජිකයෙක් මේ පැත්තෙ. ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හප්පච්චියේ..හිරූස් ගොයිය මයෙ බොහොම හිතේසිවන්තියෙක් නෙව..සන්තෝසයි..බොහොම සන්තෝසයි AKM...අර හෙන්රි ගොයිය අකමා කියන්නෙ බොට නේද?..හෙහ්, හෙහ්,

      මම වනජීවී එකේ නම් නෙවෙයි බොලේ..:(

      Delete
    2. අකමා මම වෙමි. අඩේ මගෙ ගෙස් කිරිල්ල..... :(

      Delete
  13. සෙන්නා ගෙ මගපෙන්වීම යටතේ මෙහි ආවෙමි. ලිපි කියවා නොහිම් සතුටක් වින්දෙමි. ඉඩ ලද සැමවිටම එන්නට ඉටාගත්තෙමි. ජයවේවා. තව තවත් සාර්ථක වේවා!

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...