Tuesday, April 9, 2013

177. පූර්ණ කාලීන පඳුරු වටා තැළීම - Beating around the bush full time


මේ වාං පතුල් කතාව නං අම්මාපල්ල අර කොටිදෙනට වෙච්චි වැඩේ අනික් එක මට වෙලා තියෙන්නෙ. දන්නවනෙ නේද අර ගස් දෙබලක් මැද්දෑවෙං පනින්ට ගිහිල්ල කොටි දෙන දෙබලෙ හිරවෙල වෙච්චි අලකලංචිය?....ආහ්හ්..දන්නෙ නෑය කිව්ව?.....මේ අපේ හෙන්රිය තමයි ඔය වගෙ කතා කියන්ට මරුව...අනේ බාං අර කොටිදෙනගෙ කතාවක් තියෙන්නෙ....කියහංකො තරහ නැතුව..ආ.. හා කිව්ව නේද?...හරි ඒකත් එහෙනං හරි...හෙන්රිය කියයි ඒ කතාව. මොකද මම දැං මෙතන ඕක කියන්ට ගියොත් අදත් කියන්ට වෙන්නෙ නෑ වාං පතුල් කතන්දරේ... 

හරි මම අර ඒ දවස්වල.... නමසිය බර ගණංවල කැළෑව මැද්දෑවෙ වැඩ කරන කාලෙ ගැන කිව්වනෙ. අපි කෑවෙ බිව්වෙ එක නිල නිවාසෙක පදිංචි වෙලා ඉන්න හත් අට දෙනා එකතු වෙල වියදම සමෝසමේ බෙදා හදාගෙන බඩු මුට්ටු ගෙනල්ලය කියලත් කිව්වනෙ..හරි...එතකොට ඒකට කියන්නෙ චමරිය කියාලය...එතනිං ගිහාම මාසෙං මාසෙට හැමෝන්ටම අනුපිළිවෙලිං චමරි මැනේජ්මන්ට් වාරය එනවය කියලත් කිව්වනෙ..හරේ..රායිට්....එහෙනං අද එතැන් සිට.....අර කලින් ටික ඇවිල්ල පුනරාවර්තයක් නොහොත් Recap එකක් 

රයිට් ඔන්න චමරිය කරන්ට මගෙ වාරෙ ආව. ඒ දවස්වල අපෙ ගෝලය හිටියෙ මාතර පුහුල් වැල්ලෙ හාදයෙක් ( දුහුණන් දැනුම් උදෙසා.... ගෝලයා = ඉවුම් පිහුම් කරන පුද්ගලයා නොහොත් කපිතාන් කුක් ) නම ඇවිල්ල සැමී..........මගෙ නෑනෙ ඔය බාගෙට වැඩ....ලෙඩා මලත් බඩ සුද්ද වෙල ඇති...පඩි දුන්න ගමම්ම රැකල හිටිය ඔෆිස් එක ගාව. නැත්තං අපරාදේ කියන්ට බෑ අපෙ ඉන්නෙ බොහොම සත්ගුණවත් යාළුවො නෙව...මොර මල්ල ( මොර මල්ල = වැටුප ) අතට ගත්ත ගමං ආය ක්වාටස් එක පැත්ත පලාතෙ එන්නෙ නෑ. ඔපීසිය පිටිපස්සෙ කටු කම්බිය උස්සල ගොඩ වෙනව පාරට. ඔය එන මොහොක හරි ලෑම්මාට්ටරේක හරි ගොඩ වෙල පාරට ගිහිල්ල එහෙම්මම නගිනව බස් එහෙක. ආය දවස් තුන හතරකිං ආපහු එන්නෙ තඹ පිච්චි අලුක්කාලක් අතේ නැතුව. 

" ඒයි චමරියට සල්ලි දීපං බං..." මම කෑගහනව.... 

" සමරෙයි, විජෙයි විතරයි තාම සල්ලි දීල තියෙන්නෙ...මේ සුමානෙ බඩු ගෙනාවම සල්ලි ඉවරයි. මගෙ අතිනුත් රුපියල් දාහකට වැඩිය දැනටම ගිහිල්ල තියනව. ඔන්න නොකිව්වයි කියන්ට එපල්ල..මම මේක නවත්තල දානව….." 

මම පොඩි තර්ජනයක් කරනව දවල් කන්ට කලින් ටැංකිය වටේ ඉඳං නාගන්න ගමං...ඒ දවස්වල ඒ කැලේ මැද්දෑවෙ මොන නල ජලයද?....අපෙ කෑම්ප් එක හදනකොටම ලොකු ළිඳක් එහෙම කපල උඩිසි ජල රැස්කුරුවක් ( overhead water tank ) සහ මහා පරිමාණෙ ලිඳක් හදල තිබ්බ. හෙහ්, හෙහ්...දන්නවනෙ සිරි ලංකාවෙ වැඩ වෙන විදිහ. ඔය පාංශු වාර්තා එහෙම බලාල තමයි මේ මහා ළිං රාජයා කැපුවෙ. ඒකත් සෙල්ලං එහෙම නෑ. විස්කම්බෙ තිබ්බ අඩි වලිම්ම හතළිහක් විතර. ලිඳ කපල බැලින්නං වතුර කඳුලක් තියා ආසාවට තෙතමනයක් නෑ. හැබැයි ඒ වෙනකොට අර උ.ජ.රැ. ( O.W.T.) ....ඒක හදලයි තිබ්බෙ. ඒකත් ආය සුලුපටු එකක් එහෙම නෙවෙයි. ටැංකිය තිබ්බ මයෙ හිතේ අඩු ගානෙ අඩි 30 x 20 x 10 වගෙ සයිස් එකට. 

ඔය සද්දන්ත කොන්කිරිට් අටමගලෙ ආය කඩල දාන්ටය. ඒක තිබ්බ අපි ඒ පැත්තෙ වැඩ කටයුතු අහවර වෙල කෑම්ප් එක අතඇරල එනකල්ම. තවමත් ඇති කැලේ මැද සම්ටයිම්ස්..හැබැයි අලිංට පිටවල් උලාගන්ට නම් කියාපු බාන්ඩෙ.... 

ඉතිං අර වතුර නැති ළිඳ..වතුර නැත්තං ඒක ළිඳක් වෙන්නෙ කොහොමද කියලත් තර්කානුකූල ප්‍රශ්නයක් මතුවෙනව.හරි මහා වළ කියමුකො. ඒ වල ඔන්න කොහෙන්ද පස් ගෙනල්ල වහල දැම්මා. කපන්ඩ වියදම වෙනම වහන්ඩ වියදම වෙනම....ඔන්න තව අපූරු කතාවක් මතක් උනා. ඒකත් කියලම ඉමු. නැත්තං හිතට නිකං මහ මොකද්දෝ මොකද්දෝ වාගෙ... 

ජේ ආර් ලොක්ක මතකයි නේද?...අර අන්තිම කාලෙ හවහට හවහට බැන්ඩි සුට්ටක් එහෙම ගන්නවය... ඒ එක්කම තමං දැං ඉන්නෙ නිවනට බෝම කිට්ටුවෙන්ය කියල කිව්වෙ ..අන්න ඒ හාදය...ඔවුන්දගෙ උපං දිනේ සැත්තැම්බර් 17. එදාට ඒ කාලෙ පැවැත්තුව දීප වියාප්ත මහා පැල සිටුවීමේ උත්සවයක්. මහා කිව්වම එව්ව පැල කියල කියන්නෙ කොහොමද කියල අහන්ට එපා ඔන්න දැං ...හෙහ්, හෙහ්, 

13 වරටත් පවත්වන මහා බත් දන්සැල...... පාර හරහ ඇදල තිබ්බ දඩාර් සයිස් බැනර් එකක්.. 

" අඩේ බඩගින්නකුත් තියනව. මොකෝ කියන්නෙ? කමුද ගිහිල්ල? " මම ඇහුව.. 

" අඩේ බෑ බං…. මට ඔය ලොකු ඇට බත් එච්චර අල්ලන්නෙ නෑ. පොඩි ඇට බත් දෙන තැනකිං කමු….හීන් බත් දන්සැල කියල බෝට් එකක් තියනවද කියල බලාපල්ල…" එහෙම කිව්වෙ ඔය විමලෙයම තමයි. ඒ එක පාරක් වෙසක් එකකට ගල් විහාරෙ ගිහිල්ල. 

ඉතිං අර කලිං කිව පැල හිටුවීම අපිත් බොහොම ඉහලින් සැමරුව. ඊට සතියකට විතර කලින් ඔන්න ඩෝසර් දාල මහ විසාල ගස් ඔක්කොම ගලෝල ගිණි තියල දානව. ඊට පස්සෙ නියමිත දිනේට, අරුන්දැගෙ උපං දිනේට ක්‍රමානුකූලව ලනු ඇදල සමාන පරතර වලින් වලවල් කපල ඊට කලින්දා හෙඩ් ඔෆිස් එකෙන් ගෙනල්ල දුන්නු පැළ හිටෝනව. ආ ඊට කලිං ජාතික කොඩිය අඩ කුඹු කරනව. 

මේ ඔය ජාතික පැල හිටවීමේ දිනයෙ වෙච්චි සිද්දියක්. ඒ දවස්වල මේ කතාව පත්තරෙත් ගියා.ඔන්න එක රජයේ ආයතනයක ලොක්ක තමංගෙ කාර්යාලෙ පැල හිටුවිමේ උස්සවේ පවත්තල ඉවර වෙල ගියාලු අනික් ප්‍රාදේශීය කාර්යාලවල මේ වැඩේ කෙරෙන්නෙ කොහොමද කියල පරීක්සා කොරන්ට.ඔන්න එක තැනක මරු වැඩක් වෙනවලු. එකෙක් උදැල්ලකුත් අරගෙන කිසි කිසි ගාල වලවල් කපාගෙන කපාගෙන යනවලු ලවක් දෙවක් නැතුව.තව එකෙක් ඔන්න විනාඩි දෙකක් තරම බලාගෙන ඉඳල ඌත් උදැල්ලක් අරගෙන අර කලිං එකා කපාගෙන කපාගෙන යන වලවල් ටික එක සීරුවට වහගෙන වහගෙන යනව. 

ලොක්ක හොල්මන් ද පොල්කොළ...... තක්බීර් වෙල බලා හිටිය ටික වෙලාවක් ඇස් දෙකත් ජිල්බෝල වගෙ කරගෙන මේ නාඩගම දිහාවෙ,..ඔන්න බැස්ස වාහනෙං....අර වලවල් කපන්නා සහ වහන්නා කොච්චර උනන්දුවෙං ඒ වැඩේ යෙදිල හිටියද කිව්වොත් ලොක්ක දඩාං ගාල ජීප් එකේ දොර වහපු සද්දෙට තමයි ඔලු උස්සල බැලුවෙ. අප්පට සිරි ලොක්කා...ඔන්න වලාපොට එහෙම කඩල දාල ඔලුවත් කහ කහ ආව ලොක්ක ලඟට.. 

" සේර්..... .." 

" මොකද තමාල දෙන්න මේ කරන්නෙ? …" 

" සේර් අද පැල හිටුවීමේ දිනයනෙ……" 

" හරි, හරි..තමාල හිතුවද මම මේ ඒක දන්නෙ නෑ කියල....මට කියනව මොකක්ද මේ කරන වැඩේ තේරුම?....එක්කෙනෙක් වලවල් කපාගෙන යනව ඒ එක්කම අනික් එක්කෙනා ඒ වලවල් වහගෙන යනව…" 

" ඒක සේර් මෙහෙමයි..ඊයෙ අපෙ බොස් අපිට කතා කරල කිව්ව සයිමන් උඹ හෙට උදෙ ඇවිල්ල වලවල් හාරපං, සිමියොං උඹ අර වැට අයිනෙ පැකට් කරල තියෙන පැළ වලකට එක ගානෙ දාගෙන පලයං...එතකොට ඇල්බට්...ඇල්බට් ඒ  වලවල් වගල දාපං…කියල " 

" ඉතිං?..." 

" මම තමයි සයිමන්..මේ ඇල්බට්...සිමියොංගෙ පොඩි එකාට සනීප නැතිවෙලා සිමියොං අද වැඩට ආවෙ නෑ……" 

ආ ඔය මහා ටැංකි රාජයා තෙමේගෙන් අපි කිසිසේත්ම පූර්ව සැලසුම්වල අඩංගු නොවුනු අනපේක්ෂිත ප්‍රයෝජනයක් ගත්ත. ඔන්න කාලෙං කාලෙට කොටි ඒ අහල පහල තිබ්බ ගම්මාන වලට පැනල අමු අමුවෙ මිනිස්සු ගෑණු ළමයි අහුවෙන අහුවෙන අය මරල දානව..ඔන්න අපේ කට්ටිය සති දෙකක් විතර යනකල් රෑ ගෙවල් වල බුදියෙන්නෙ නෑ. එක්කො කැළේ අස්සෙ, එහෙම නැත්තං ගෙවල්වල වහලවල් උඩ.....හත් අට දෙනෙක් ඔය ටැංකියට නැඟල ඒක අස්සෙත් බුදිය ගත්ත.පරාණ බය කියන එක කොයි සතාටත් පොදුයි නෙව...මමත් කැළෑව අස්සෙ බුදිය ගත්ත හරියටම දවස් දෙකක්. හප්පච්චියේ කොටි ගහල මැරුනනං දාගෙං සම්පතයි කියල හිතුන ඒ දවස් දෙකට. මදුරුවොය කියන්නෙ...පොඩි ගේ කුරුල්ලො විතර ඇති. 

" මදුරුවො නෙවෙයි මුං නං යක්කු වගෙ ජාතියක්.... " ඔන්න එකෙක් චටාස් ගාල දෙනව වැඩේ....එහෙම කරල කොහෙ ඉවර කරන්ටද? 

" යකෝ මදුරුවො තලන්ට එපා, ඊට පස්සෙ ලේ සුවඳට තව එවුං එනව පෙරහැර වගේ.. " ඔන්න තව එකෙක් අරූට උපදෙස් දෙනව.... 

" තලන්නෙ නැතුව මක් කරන්නද **** උඹ මට කියන්නෙ? "

කලුවරේ මෙලෝ දෙයක් පේන්නෙ නැති උනාට මට මට මැවිල පේනව ඌ අරූ දිහාවෙ රවාගෙන ඉන්න හැටි… 

" හොඳට ලේ බොන්න දීපං, ඒ කරල හෙමීට පරිස්සමිං එලවල දාපං, මරන්න පොඩි කරන්න එපා...." ඔය විමලය. ඕක ඔය වගෙ එව්ව තමයි කියන්නෙ.... 

" උඹ මගෙං මොකවත් අහගන්න එපා...ලේ බොන්ට දීල හෙමීට එලවල දාන්ට. යකෝ මගෙ ලේ තියෙන්නෙත් පයින්ට් 5 ක්ද කොහෙද? "

අරූ බනිනව විමලෙට අම්ම මෝ නැතුව. ඒ කතාව ඇත්ත...ඔයිට මාස තුනකට විතර කලින් තෝපාවැව මහ විද්‍යාලෙ තිබ්බ ලේ දන්දීමේ කඳවුරකට අපිත් ගියා. ලේ ගන්ට කලින් හැමෝගෙම ලේ බිංදුවක් දානව පල්මානික්කම් දියරයට..ලේ බිංදුව පතුලට ගියොත් විතරයි ලේ ගන්නෙ. මේ යක්සයගෙ ලේ බිංදුව බැරිවෙලාවත් ගියේ නෑ පාතට. උඩම තිබ්බෙ. 

ඒ පාර එතන හිටපු දොස්තර මහත්තුරු නේස් නෝනල ඔක්කොම කලබොල වෙලා මුව වහාම ඇඳක බාවල අපි ගිය අනික් අයගෙං ගත්තු ලේ පයින්ට් හතරක්ද කොහෙද ඒ වෙලාවෙම මේකට පාරවිලයනය කරල ඇම්බියුලන්ස් එහෙක දාල ලයිට් දාගෙන නලා පිඹගෙන තමයි මනුස්සයව ආපහු එව්වෙ... 

ඔය වැඩේ මතක තියනකල් අපි අරූව දකින දකින වාරයක් පාසා දත්මිටි කනව. " අම්මප මූ ඉන්න ලස්සන බලාපල්ලකො හොඳ සනීපෙට... අපෙං ලේ එහෙම අරගෙන...."

රයිට් ඒ අතුරු කතාව එතකින් නිමියේය. හරි කොතනින්ද මම මේ පඳුරු තැලිල්ල පටන් ගත්තෙ?....මදුරුවො ලේ බොන එක...ආ...හරි..අර අපෙ කෑම්ප් එක මැද තිබ්බ මහා ටැංකි රාජයා ගැන කියල නේද? එතනට ආවෙ අපෙ ගේ පිටිපස්සෙ ටැංකිය වටේ ඉඳගෙන නාන සීන් එකක් ගැන කියල..හරි හරි... 

ඉතිං මම කෑගහනව දීපල්ල බං චමරියෙ වියදමට සල්ලි කියල. ඔන්න එක එකාගෙ එක්ස්කියුසස්...නාහෙං අඬනව..ඤුරු ඤුරු ගානව ....එක වැඩයි.. 

"අනේ මල්ලි අපෙ ලොකු අම්ම කොටහලු උනානෙ බං මේ පහුගිය සුමානෙ..ඉහදිය වක්කරන්නෙ ලබන සඳුද...පඩිය ඔක්කොම ඒ උත්සවේ වැඩවලට යනව...අනේ බං මේ පාර පඩි ගත්තම මේ මාසෙටයි ලබන මාසෙටයි දෙකම එකවර දෙන්නං ..එතකං ඉවසහං හොඳ එකා වගෙ හොඳේ?.." ඒ අමරෙ....ඇත්තද බොරුද මන්ද බොරු උනත් මොකෝ මම යන්ටෙයි කියලයි උගෙ ගෙදර හැබෑ බොරු බලන්ට..අනික ඕක කන්තලේ පැත්තෙ... 

ඔන්න මේ තව එකෙක්ගෙ ඇඬියාව..... 

" අනේ මචං අපෙ ආච්චිගෙ ඉඳුල් කට ගෑමේ උස්සවේ ලබන සතියෙ. ආච්චි සෑහෙන කාලෙක ඉඳල අපෙ ගෙදරමයි ඉන්නෙ..ඒ නිසා වියහියදං ඔක්කොම කරන්ට වෙලා තියෙන්නෙ මට...මොකද කරන්නෙ?.." 

මොනව කොරන්ටද? ඌ දිහා කන්ට වගෙ රවාගෙන ඉන්නව මිසක ඉඳුල් කටගාන්ට නියමිත ආච්චිගෙ දුව මතක් කර කර.... 

ඇක්ස්කියුසස් ගැන කියනකොට ඔන්න ජොලි කතාවක් මතක් උනා..මේක මම කියෙව්වෙ මොකක් හරි අමරිකන් සඟරාවක.... 

A highway patrolman was at the end of his duty shift. Just 10 more minutes to go and he was really looking forward to go home to his kids. 

මිනිහ ඉතිං අත් ඔරලෝසුව දිකා බල බල බොහොම නොඉවසිල්ලෙං ඉඳිද්දි ඔන්න කෙලගෙන ගියා කාරෙකක් ස්පීඩ් ලිමිට් එක ඉක්මවල. ඉතිං මොකද කරන්නෙ What the hell... just my luck....කියල අපෙ පොලිස් කාරයත් වීයූඌඌඌ..වීයූඌඌඌ..වීයූඌඌඌ..ගාගෙන නලාවත් ගහගෙන ලයිටුත් දාගෙන අරූ පාරෙ පන්නන්ට ගත්ත....අර මනුස්සයත් සයිඩ් ග්ලාස් එකෙන් දැක්ක පොලිස් වාහනේ එනව...ලෑල්ලටම පෑගුව....110..120...130...දැං වාහන දෙකම යනව ෆෝමිලා වන් රේස් එකක් වගෙ. 

අන්තිමට විනාඩි පහලවක් විතර පන්නල කොහොම හරි අර යකාව අල්ල ගත්ත. වාහනෙං බැහැල පොලිස් කාරය ආව කාරෙක ගාවට..ජනේලෙං එබිල මෙහෙම කිව්ව... 

" Okay, I am already past my duty time and am tired like hell. I don’t want a load of paper work or take you back to the station. So..I am giving you a chance…I have heard all sorts of outrageous excuses for speeding during my career ..if you can come up with an excuse that I haven't heard before, a real ingenious one,you can go scot free...what about it? 

අර පොර ටිකක් කම්පනා කලා.... 

" About two weeks ago my wife ran away with a cop, when I saw you coming after me so fast I thought it was that cop trying to hand her back to me……" 

35 comments:

  1. අනෙ අම්මපා රවී අයියෙ උඹත්...

    ReplyDelete
    Replies
    1. මොකද බං????...රවි අයියෙ උඹත් ඇවිල්ලා පිස්සු ලෝකයක්ද? එහෙම නැත්තං උඹත් ඇවිල්ල නියම බුවෙක්ද?.....එහෙමත් නැත්තං සික්ස්ටි ෆෝටි පොලියෙස්ටර් කොට්න් ෂර්ට්ස් වගෙ ඒ දෙකේම සම්මිශ්‍රණයක්ද?

      අපෙ උන්දැත් නිතරම කියනව " අම්මප ඔයාට නම් පිස්සුම තමයි" කියල. වcජන හතරයි මම කියන්නෙ...'' පිස්සු නැත්තං ඔයාව බඳියිද? " ආය උන්දැ නෝ කතා...රවාගෙන ඉඳල යනව ගස්සගෙන...හෙහ්, හෙහ්.

      Delete
  2. ඔය චමරිය වැහුවනං මේ කතාවෙ ඉතුරු ටික කරගෙන යන්න පුලුවං වෙයි.

    ReplyDelete
    Replies
    1. හරි හරි බොලේ ..ඉවසපං..ඉවසපං...ඉවරයක් කරනවා...ඉවරයක් කරනවා..වහාම...වහාම...:) :)

      Delete
  3. අම්මපා මේ දේශපාලුවන්ගේ වැඩ ගැන අහද්දි ඇගේ ලේ ටික රත්වෙනව නේ... ඕවා නැතුව ඕනේ මඟුලක් ලියාගත්තනං ඉවරනේ... ෂික්.... හිනාවෙන්නද අඬන්නද මන්දා මේවා කියෝලා... දැන් ඉන්න අයත් ඒ තරම් වෙනසක් නෑ නේ...

    ReplyDelete
    Replies
    1. දේසපාලුවන්ගෙ වැඩ?...අඩේ මම දේසපාලුවෙක්ගෙ වැඩක්ය කියල කිව්වෙ ජේ.ආර්. ලොක්ක හවහට හවහට බැරැන්ඩි සුට්ටක් ගසල අරින එක සහ උන්දැ අර නිවං සම්පත්තිය සාක්සාත් කරගන්ට බොහොම ආසන්නයි කියාපු කතාව විතරයි නෙව...ඒ දෙකේම මට නම් වැරැද්දක් පේන්නෙ නෑ :( :(

      Delete
  4. ඉළ රිදෙනවා රවියො හිනාවෙලා,මේ ඒක නෙවෙයි අර ගස් දෙබලෙ හිරවුණේ කොටිදෙන නෙවෙයි කොටියා.

    ReplyDelete
    Replies
    1. / ඉළ රිදෙනවා රවියො හිනාවෙලා /

      ඕකට තියනව පොඩි බෙහෙතක්...පරණ බෙඩ් ෂීට් එකක් හරි දොර රෙද්දක් හරි අරගෙන ඉළ බැරැන්ද වටේ ඔතල ගැට ගහගං පුළුවං තරං තදට.අද්දුටුවයි, සත්තයි ප්‍රත්තියාක්සයි...හරි නොගියොත් මුදල් ආපසු...අප කරදුන් ගුරුකමක් වැරදුනේ නැත...

      / මේ ඒක නෙවෙයි අර ගස් දෙබලෙ හිරවුණේ කොටිදෙන නෙවෙයි කොටියා /

      නෑ..බොලේ..මම මේ කියන කතාවෙ දෙබලෙ හිර උනේ නං කොටිදෙනමයි...අර පත්තරේ වැටිච්චි කතාවක් එහෙම තියෙන්නෙ ..ඒ කතාව මම මේ කියන්නෙ...උඹ ඔය කියන්නෙ කොටියෙක් හිර උනාය කියල ඒත් ඒ කතාවෙම තවත් වර්ෂන් එකක්.

      එක එක වර්ෂන්ස් ගැන කියනකොට මේ මට මතක් වෙච්චි පොඩි කතාවක්. මේක උනේ එක ඉස්කෝලෙක තුනේ පංතියෙ.

      " සුලෝචනා මම ඊයේ කියල පටන්ගෙන වාක්‍යයක් කියන්න බලන්න " ටීචර් කිව්ව

      " මම ඊයේ තාත්තා ලඟ නිදා හනිමි. "

      " වැරදියි..වැරදියි..ලමයො...මම ඊයේ තාත්තා ලඟ නිදා ගතිමි. "

      " එහෙනම් මිස් මට නින්ද ගියාට පස්සෙ ඇවිල්ල උදේ මම ඇහැරෙන්ඩ කලින් යන්ට ඇති…"

      Delete
  5. හුටා... ඌට ගෑණි එච්චරටම එපා වෙලාද... හි හි.. පොලොස්කාරය කණ පැලෙන්න දුන්නෙ නැද්ද දන්නෑ

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං කණ පැලෙන්න දෙන්නෙ මොකටේ අර?....ඌත් දවසක් හරි බැඳල හිටපු එකෙක් නෙව....:)

      පොලිස් කාරයට හෙනම හැපී....

      " You are cool dude lets go for a drink " said the cop laughing holding his sides

      Delete
    2. ඌ ඉවරයි.දැන් ඔය පොලිස් කාරයා එක්ක ඩ්‍රින්කල් එකක් දාල යනකොට ඊළඟ පොලිස් කාරයා බැස්ටිය දෙනවා.ඉක්මනින් ගෙදර යාම බොරු.

      Delete
  6. යන්නෙ ෙකාහෙද මල්ලෙ පොල් කිව්වලු...

    ReplyDelete
    Replies
    1. යන්නෙ කොහෙද කියල ඇහුවම කෙලිම්ම යන තැන කිව්වම ඒකෙ නෑනෙ කිසිම ගතියක්..එතනිම්ම වැඩේ ඉවරයි..එහෙම නෙවෙයි නෙව...මල්ලෙ පොල් කිව්වම තව අතුරු ප්‍රශ්න රාශියක් මතු වෙනව.

      1. ඇත්තටම මල්ලෙ තියෙන්නෙ පොල්ද?
      2. මල්ලෙ පොල් කීයක් තියනවද?
      3. පොල් ගත්තෙ කීය ගානෙද?
      4. පොල් ගෙනියන්නෙ රොටී හදන්නද?
      5. හතරවන ප්‍රශ්නයට පිළිතුර ඔව් නම් රොටී කීයක්
      හදනවද?
      6. හතරවන ප්‍රශ්නයට පිළිතුර නැහැ නම් ඒ ඇයි?
      7……..
      8………

      ඉතිං බලන්න බණ්ඩා, එක පාරම වැඩක් ඉවර කරල දාන එකද මේ වගෙ දිගට ඇදගෙන යන එකද වඩා ජොලි?

      Delete
    2. 9) මේ ඔයි පොල් ගත්තේ කීය ගානේද?
      10) හැබෑට? ඒ ගානට පොල් ගත්තේ කොහෙන්ද?
      11) නැහ්! ඒ පැත්තේ ගියේ පොල් ගන්ටමද?
      12) හ්ම්... ඒ පැත්තේ නේද අර ජපන් බෝනික්කෝ වාගේ නිවුන් ළමිස්සියෝ දෙන්නෙක් ඉන්නේ?
      13) අහ්! කඩේ කරන්නේ ඒ දැරිවියෝ දෙන්නද?
      14) ඉතිං මේ මහ රෑ ගියේ පොල් ගේන්ටද?
      15) කෝ ඉතිං ඔයි ලාබෙට හම්බුනු පොල්?
      16) කෝ මල්ලක් පේන්ටත් නැහැනේ?
      17).....
      18).....

      Delete
  7. මම මේ කියවන්නෙ පංච තන්ත්‍රෙද ?

    ReplyDelete
    Replies
    1. පංච තන්ත්‍රෙත් ලියවෙන්න ඇත්තෙ මේ වගෙ තමයි සෙන්නා...හෙහ්, හෙහ්,

      Delete
  8. අර කතාව ඔබා දැම්මනෙ එක වතාවක්. මට මතක් වුනා මමනෙ බොලේ චිත්‍රේ ඇන්දෙ කියලා. මෙන්න ලින්ක් එක. ආයෙ මම මොකටද කතාව කියන්න ගිහින් රසය මරන්නේ?
    රවියගෙ කමෙන්ට් එකකුත් තියෙනවා ඒකෙ පශ්චාත් බාග ගැන.

    http://observer-nireekshaka-observer.blogspot.com/2012/02/blog-post_19.html

    ReplyDelete
    Replies
    1. ගිහිල්ල බැලුව බොලේ..ඔබා මතක් වෙල හිතත් නිකං මොකදෝ වෙලා ගියා. :(

      Delete
    2. මොකද්ද බං හැන් රියෝ, උඹලා හැඩ වැඩ දදා කොමෙන්ට් කොරන හැටි කියල දෙනවා, ඒත් ඒක සැරෙන් ඔබලා යන්ඩ ලින්කුවක් දාන්නෙ නෑ. අපි ඉතිං කොපි කොරං ගෙනියන්න ඕනේ :(

      Delete
    3. තිසර,

      ඕක තමයි කියන්නෙ...

      1. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි සිට,
      2. වඩුවගෙ ගෙදර අටුව කඩල හදපු පුටුව නෑ,
      3. Your slip is showing my dear henry, dear henry your slip is showing
      4. පෙරලෙන ගලේ පාසි නොබැඳේ.
      5. ණයට දීමෙන් මුදලත් මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පවතී බිතුසිතුවම් මැකී නොයනු ඇත මා ආ.....

      Delete
  9. මේ නම් පදුරු තැලිල්ලක්ම තමයි... මං හිතන්නෙ තාම කියන්න ඕන කරන කතාව කියන්න නැතුව ඇති...

    ReplyDelete
    Replies
    1. තවම බැරිඋනානෙ අප්පා..කොහෙද මේක අතුණුබහන් අදින්නා වගෙනෙ. එකක් ඉවරවෙන කොට තව එකක් හිතට එන එක නෙව කොරන්ටම බැරි වැඩේ...:)

      Delete
  10. හෙහ් හෙහ්... මරු...

    ReplyDelete
    Replies
    1. සාතන්ගේ හෝරාව කියන්නෙ ඩීමන් ආනන්දගෙ පොතක්..ඒ දවස්වල මම ඕක කියෙව්වෙ බයේ ගැහි ගැහි...හෙහ්, හෙහ්,

      ස්තූතියි සාතන්.......:)

      Delete
  11. අනේ!! මිං මනත මං නෙවෙයි ආයෙ වචනයක් කියන්නෙ උඹේ මේ පඳුරු තැලිල්ල ගැන.. කවුද දන්නෙ බාගෙදා මේ පඳුරු තලල තලල එව්ව ගිනිලාල උඹ පස්සෙං පහු හේනක්වත් වපුරන්ඩ ඉන්නවද කියල?? ඒ හන්ද මොකද්ද මේ උඹ කොරන්ඩ හදන්නෙ කියල බලං ඉන්නව මං...
    ඇරත් මායි පෙම්බරයයි කතා වුණේ ඔය පඳුරු තැලිල්ලෙං වෙන එකම අලාබහානිය උඹ කියන්ඩ ආව කතාව පස්සට යන එක විතරනෙ... දැං ඔය උඹ ලියාගෙන යද්දි මතක් වෙන කතා සමහර වෙලාවට මතක් වෙන්නෙජීවිතේටම ඔය පාර විතරක් වෙන්ඩත් පුලුවංනෙ.. ඉතිං ඒක අපි වෙන කොහෙ හරි ලියල තිබුණෙ නැත්තං ඕක කවදාවත් අපිට දැනගන්ඩ බැරි වෙනව. එහෙම ලියල ලැයිස්තුවක් ලිව්වට ඒ කතාව ලියන මූඩ් එක එන්ඩ තව හත් කල්පයක් යයි... ඒ හන්ද ඔය ලියං යන විදියටම ලියං පලයං අයියෙ...

    ReplyDelete
    Replies
    1. නෑ බං දැං ඇති...අර කතාවකුත් තියෙන්නෙ ඕන ****** පණං අටයි කියල, ඒ වගේම අතිරහ උනත් කාගෙන කාගෙන යනකොට එපා වෙනව කියලත් තියනව....තව තියනව ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ.......අන්න ඒ ඔක්කොම රුවං වැකි සලකා බලල මම තීරණය කලා වාං පතුලේ කතාව ව.ක්‍රී. ප. නිමාවකට පත් කරන්ට.

      උඹට කියන්ට ඔය අපෙ චමරිය ගැන ඒකෙ හිටපු එව්වො ගැන ලිව්වැකි ඇස් පියාගෙන කතා සීයකට එහා පැත්තෙ..අනෙ අම්මප....

      සුට්ටං එකක් කියන්නං..ඒ දවස්වල ඒ පැත්තෙ ඕසෙට මැලේරියාව....කොහොමත් මාස හතර පහකට සැරයක් එකෙකුට හැදෙනවමයි.

      ආ..ඉඳපංකො ඔන්න මලේරියාව ගැන කිව්වම තව කතාවක් මතක් උනා....අවුරුදු තුනකට විතර ඉස්සර මෙහෙ අපෙ තියනවනෙ සංගමයක්...ඒකෙං සංවිධානය කලා ලේ දන්දීමේ ව්‍යාපාරයක්. මමත් දුන්න ලේ......දවස් තුනකට පස්සෙ ඔන්න එනව කෝල් එකක් මගෙ ලේ වල මැලේරියා පරපෝෂිතයො ඉන්නවයි කියල....ඒ සත්තු ඇවිල්ල බොහොම දුර්ලභයිලු. ඉතිං මට එන්නෙයි කියල අම්මට සිරි කිං පයිසාල්ට වගෙ තමයි සැලකුවෙ. කන්ඩද බොන්ටද නාන්ටද...හෙහ්, හෙහ්, සෞඛ්‍ය ඇමති එක්ක පෝටොස් හිටං ඇල්ලුව ඔන්න කිව්වට විස්වාස කරපං.එන්ට ලෑස්ති වෙද්දි ඔන්න කෑම බීම ලිස්ට් එහෙකුත් දුන්න එව්ව කන්ට එපාය කියල අර සත්තුංට අගුණයි කියල...තාරාවංගෙ තටු.....මල්ගෝවාවල මල...එතකොට මානෙල් මලේ රේණු...ඇපල් අල....ඔන්න ඔව්ව එදයිං එදයි මම කට හරියෙ තියන්නෙ නෑ....

      හරි කියන්ට ආපු කතාව...ඉතිං අපෙ එකෙක් හිටිය ඌට මැලේරියාව හැදුනම කන්නෙ අරතාපල් තම්බල බටර් එක්ක අනල...ඔය අසනීපෙ හැදුනම ආය නෑ හොදි ඕන නෑ...දවස් හතර පහක් යනව යන්තං කෙලිං වෙන්ට...ඒ සම්පූර්ණ කාලයම අරකා කන්නෙ අල සහ බටර් විතරයි...අනික් එවුංට ඉතිං යස්සය ආරූඩ වෙනව...පුලුවන් නං බටර් නැතුවම ඕකව කනව.අනික් එවුං ඒකට බණින එව්ව සාලෙ ඉඳගෙන , ඒකා කාමරේ ඉඳගෙන උත්තර දෙන එව්ව බැරි මරගාතෙ...කියල වැඩක් නෑ...මතක් වෙන කොටත් පුදුම සනීපයක් හිතට.

      හරි දැං මම කරන්නෙ මෙහෙමයි..ඔය මතක් වෙච්ච එව්වයෙ ලිස්ට් එකක් හදලයි තියෙන්නෙ...එව්ව ලියන්නං වෙනම වාං පතුල් ආශ්‍රිත අතුරු කතා...කියල එහෙම හොඳයි නෙවද?ෆෙම්බ්‍රාස්ටත් කියාපං මම මෙහෙම කිව්වය කියල...නැත්තං උන්දැගෙ හිත නාක් වෙයි....පව්නෙ...:(

      Delete
  12. '''ඒ පාර එතන හිටපු දොස්තර මහත්තුරු නේස් නෝනල ඔක්කොම කලබොල වෙලා මුව වහාම ඇඳක බාවල අපි ගිය අනික් අයගෙං ගත්තු ලේ පයින්ට් හතරක්ද කොහෙද ඒ වෙලාවෙම මේකට පාරවිලයනය කරල ඇම්බියුලන්ස් එහෙක දාල ලයිට් දාගෙන නලා පිඹගෙන තමයි මනුස්සයව ආපහු එව්වෙ... ''

    කොටහළු වෙච්ච ලොකු අම්මයි ඉඳුල් කටගාපු ආච්චියි දෙන්නමත් හරි ඔන්න ඔය කෑල්ලත් හරි....

    පන්චතන්ත්‍රය නෙමේ සෙන්නෝ ගජබින්නලන්කාරය ..

    ReplyDelete
    Replies
    1. ඔන්න බලාපල්ලකො උඹත් කියන එක...බලාපං මම මෙව්ව ඔක්කොම ටැග් කරල තියෙන්නෙ ♫ ♪ ජීවිතයෙන් බිඳක් ♪ ♫ කැටගරි එක යටතෙ..හදාපු කතානං එහෙම දාන්ට පුලුවන්ද හා හොඳයි?...අර කෝරළේ මහත්තය කියන්න වගෙ.... ඈඈඈ...දීපංකො පුළුවනං උත්තර...හෙහ්, හෙහ්, හෙහ්...

      Delete
    2. ජිව්තයෙන් බිඳක් ...හික් . මට මතක් වුනේ අපේ පොඩි එකී මොන්ටිසෝරියේ ඉන්න කාලේ දවසක් ගෙදර ඇවිත් කියනව '' අම්මි දන්නවද අපේ ටිචට දුවල දහයක් ඉන්නවා '' කියලා . අනේ පස්සේ බලද්දී ඒ මනුස්සය බැඳලාත් නැහැ ..

      හැබැයි එයාගේ ඒ කතන්දර අපි හරියට රස වින්දා . මේවත් එහෙම්ම තමයි .

      Delete
    3. පොඩි එවුංගෙ කතානං ආය කියල වැඩක් නෑ බින්දි..හෙහ්, හෙහ්,

      අර ඔයයිගෙ ලොක්කි කීව්ව " No, no, you were not even in the prosess " කතාව මේ ලඟදි අපි පොඩි ආතල් එකක් ගන්න වෙලාවකදි මම කියල කට්ටිය මැරුන හිනා වෙල...හෙහ්, හෙහ්.

      දුවට අවුරුදු පහක් විතර ඇති.....දඟ මල්ල....

      " දුවේ ඔයා නෝටි වැඩක් කලාම අම්මගෙ එක කෙස් ගහක් සුදු වෙනව..තේරුනාද?... " අම්ම දවසක් කිව්ව .

      " තේරුණා..තේරුණා...මට තේරුණා ආච්චිගෙ ඔළුව ඔක්කොම සුදු උනේ කොහොමද කියල…"

      Delete
  13. ඇත්තම කියන්නට මේ පඳුරු තැලිල්ලෙ කියන දේවල්වල අගමුල පටලෝගන්න දෙතුන් සැරයක් කියවන්න ඕන..ඊටපස්සෙ හිනා වෙලා මදි නිසා තව සැරයක් කියවන්න ඕන හිතේ හැටියට හිනාවෙන්න..!

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, බොට නං රූ උතුර දකුනත් මාරුවෙලා වගෙ පේන්නෙ...

      / මේ පඳුරු තැලිල්ලෙ කියන දේවල්වල අගමුල පටලෝගන්න…/

      දැං උඹට ඕන අගමුල පටලෝගන්නද පැටලුං ඇරගන්නද?...හා..කියාපං බලන්ට.......:)

      Delete
  14. මගේ යාලුවෙකුත් හිටියා ඔහොම මදුරුවන්ට ලේ බොන්න දෙන ජාතියේ. එයා ඌට හොඳටම ලේ බොන්න දීලා පස්සේ මදුරුවා අමාරුවෙන් වෙරි වෙලා වගේ වැනි වැනි යන හැටි බලාගෙන ඉඳලා ඌට හිනා වෙනවා. හැබැයි සමහර මදුරුවෝ මද පමණට අරගෙන කිසි ගානක් නැතුව ඉගිලිලා යනවා.

    ReplyDelete
  15. රවි අයියා ඇතුළු පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  16. Heya i am for the first time here. I came across this board and I
    find It really useful & it helped me out a lot.

    I hope to give something back and aid others like you helped me.


    Feel free to visit my website

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...