Friday, April 26, 2013

181. වාං පතුල් කතාව තව දුරටත් - ලෝකයේ වැඩිම මීදුම සහිත ගම්මානය සහ ජීප් රියදුරන්ගේ කතා....


හරි පේමදාස මහත්තෙයගෙ පිළිම කතාව අහවරයිනෙ.ආපහු යමු අර අවුකන කිට්ටුව මළගෙදර කතාවට. ඒක ඉවරයක් කරල ඉන්ට එපාය ආයෙම වාං පතුල් කතාවට ප්‍රවිස්ට වෙන්ට ඉස්සර...එක්කො අර තැචර් නෝනා මහත්මිය ගැන කියනකොට බාගෙට කියාපු දොස්තර සහ වහ බීපු කෙල්ල ගැන කියනවද?....නෑ ..මළගෙදර ගැන කියලම ඉමු එක්කො.... 

දැං මම කිව්වනෙ කලාවැවේ බන්ඩ් එකේ ජීප් එක නවත්තල අවුකන පිළිමෙ පේන තෙක් මානෙ ඉඳගෙන අපි පොඩි කර්මාන්තයක් කරන්ට පටං ගත්තය කියල. මතට තිත තියන උදවිය ඒ වැඩේ පටං ගත්ත නොපමාව.අප්පමාදෝ අමර පදං… 

අර ඇඩ්ඩස් ලියාපු තුණ්ඩු කෑලි සාක්කුවෙ දාගෙන ආපු එවුං....ඒ වෙනකොට මොබයිල් තියා ලෑන්ඩ් ෆෝන්ස් උනත් ඒ හැටි සුලබ නෑ.ඊටත් කාලෙකට පස් සෙ තමයි ගඩොල් බාග වගෙ මොබයිල් ෆෝන්ස් ඇවිල්ල මොබයිල් පිස්සුව ගහපු අපෙ එවුං සිගනැල් යන්තං එන තැං හොයන්ට ගඩොල් බාගෙත් කණේ ගහගෙන ගම මුළුක්කාදියෙ ඇවිදින්ට පටං ගත්තෙ... 

සමහර වෙලාවට සිගනැල් තියෙන්නෙ ගමේ ඔන්න එකම තැනකට විතරයි. 

" රපියෙල් ආතගෙ ගේ පිටිපස්සෙ දෙණිය පල්ලෙහ දිය වරකාවෙ තුං බලේ දකුණු අත්තෙ මැද්දෑවට විතරයි ඔන්න අහල ගං හතකටම සිගනැල් අහුවෙන්නෙ. " 

මේ වගෙ අවුරුදු කාලෙට ඉතිං කොලඹ රටේ රස්සාවල් කොරන්ට ගිය කොල්ලො බල්ලො ඔක්කොම ආයෙම ගමට ඇවිල්ල නෙව ඉන්නෙ. කීයක් හරි හොයාගත්තු හැම එකාම ඔන්න ගඩොල් බාගෙකුත් ඇන්න තමයි ගමේ එන්නෙ. ගමේම ඉන්න ඔය ගොයිතැනක් බතක් කරාන ඉන්න යාලුවොන්ට වැඩ පෙන්නන්ටත් එපාය.අනික ගමේ ඉන්දැද්දි සෙනේවන්තකොම පොරකාස කරල " මට නං බැහ් " ගාපු අංගනාවියංට අගේ පෙන්නන්ටත් මේක හොඳ චෑන්ස් එක. 

ඔක්කොම හොඳයි.මුක්කම නරකයි කිව්වැහෙ එකම පරහක් තියෙන්නෙ ඔය කොයි එකටත්, සිදාදියෙං හොයා ගත්තු කෙළි පැටික්කිට අයි ලව් යූ කියන්ටද එහෙම නැත්තං හතර දිබ්බාගෙ ඉන්න යාලුවොන්ට හැපී නිව්වියර් කියන්ටද ඔය කෝකටත් එකම තැනයි තියෙන්නෙ. අන්න හරි. එතන තමා. රපියෙල් ආතගෙ දිය වරකාවෙ තුං බලේ........ 

ඉතිං ඔන්න පෝං හිමියො ඔක්කොම එකතුවෙලා අර කිව්ව වරකාව උඩ හදපි ලී මැස්සක්... 

විගැහිං මැස්සට නගින්ට එවුම්ම එකතුවෙලා හදාගත්ත ලණු ඉණිමඟකුත්....දැං ඔන්න එකා එකා මාරුවෙං මාරුවට අර මැස්සට නඟිනව... කෝල් ගන්න...ව බහිනව..ඊළඟට පෝලිමෙ ඉන්න එකා ඊට පස්සෙ. 

මල් කඩන්ට ගිහාම දන්නවනෙ කොල්ලො.. ආය වෙලාවක් කලාවක් නෑනෙ. අනික ඔය මැස්සට උනත් සිගනැල් එන්නෙ හුළං අත මේ පැත්තට ඇල්ලුවහම විතරයි. ඉතිං මල් කැඩිල්ල මඟදි හුටස්..ආයම හුළං අත අල්ලනකල් බලා ඉඳල ඕන මල් කැඩිල්ල පටං ගන්ට. එහෙම ඉවසන්නෙ කොහෙද පල්ලෙහා පෝලිමේ ඉන්න එවුං " ඒයි අඩෝ ඔය මදැයි, බැහැපං බිමට, අපිත් මෙහෙ ඉන්නවා " ඔහොම කැක් ගගහ අර ලණු ඉණිමඟ හොල්ලනව. වැඩේ කියන්නෙ ඒ ඉණිමඟ හොල්ලනකොට අර මැස්සත් එක්කමයි හෙල්ලෙන්නෙ... 

" ඉඳපල්ල බං ටිකක්..කාළකන්නි...මොන මඟුලක්ද මේ?..." 

මැස්ස උඩ ඉන්න පුෂ්පහාරකට ( Flowers picker හෙවත් මල් කඩන්නා ) මල. 

" මොකක්ද ඔයා කිව්වෙ?..... කාලකන්නි? කාටද එහෙම කිව්වෙ?...." 

ඔන්න එහා පැත්තෙ ඉන්න කෙල්ලටත් මල පැනල.. 

" දෙයියෝ සාක්කි ඔයාට නෙවෙයි ළමයො.... මේ පල්ලෙහ ඉන්න වසවර්තියන්ට මම කාලකන්නි කිව්වෙ... ඔයාට එහෙම නෙවෙයි " 

මොන? ….කෙල්ල ෆෝන් එක ඕෆ් කරල. ඉතිං ආය ගනිංකො මුල ඉඳල කෝල් එක..ඒ අස්සෙ පල්ලෙහා ඉන් න එවුං ඉණිමඟ හොල්ලනව මැස්සත්තෙක්ක කඩාගෙන දෙරිගහගෙන පල්ලෙහාට පත බෑවෙන සයිස් එකට. 

රපියෙල් ආත ඊයෙ අවුරුදු ආතල් එකට හැළි අරක්කු වඩියක් දෙකක් ගසල ඇරල ඉස්තෝප්පු කෑල්ලෙ බූරු ඇඳේ දපා තියල සපාන් එකේ බුදියාගෙන උන්නෙ. මේ කොල්ලොංගෙ කැම්බැල්ලෙට උන්දැගෙ නින්ද කැඩුනා. 

" මොකාද යකෝ ටිකක් නිදියගන්ට දෙන්නෙ නැතුව මේ මරහඬ තියන්නෙ? " 

කියාල කැක් ගහගෙන උන්දැ බැස්ස එළියට.ගෙදර ඉන්නෙ උන්දෙයි උන්දෙගෙ මනුස්සය මැරිච්චි ලොකු දුවයි විතරයි. වයලට් ලොකු අම්ම… 

" මොකද අප්පච්චි මේ කෑහැහිල්ල? " 

ලොකු අම්ම කුස්සිය පැත්තෙං දොට්ට බැස්ස. 

" කවුදෑ බං අර දිය වරකාව ගාව එහාට මෙහාට වෙනව පේන්නෙ? ….මොකදෑ උං එතන කරන්නෙ? " 

" ආ..ඒ අර ගම් මංඩියෙ කොල්ලො ටික නෙව.උං ඇවිල්ල ඇත්තෙ ඔතන ටැලිපෝං කොරන්ට." 

" ඈ?? ටැලිපෝං කොරන්ට?....මේ අපෙ දිය වරකාව ගාවට?..ටැලිපෝං කොරන්ට තැපැල් කංතෝරුවට යනව මිසක මෙතන කොහොමද ටැලිපෝං කොරන්නෙ? " 


" අප්පච්චිට ඔව්ව තේරෙන්නෙ නෑ. උං එතන කරගන්න දෙයක් කර ගත්තාවෙ අප්පච්චි මෙහාට වෙල ඉන්ට…" 

ඔය රපියල් ආතා ඇවිල්ල හිට අපෙ උන්දැගෙ අප්පච්චිගෙ ( මයෙ මාමණ්ඩිගෙ ) දුරිං මාම කෙනෙක් වෙනව. 

ඔය මොබයිල් සිග්නල් නැති කේස් එකට හේතුව ඇවිල්ල අපෙ උන්දගෙ ගම තියෙන්නෙ සම්පූර්ණයෙන්ම කඳු වලල්ලකිං වට කොරල. පාත්තරේ වාගෙ ඔන්න කොටිම්ම. මහනුවර රජ්ජුරු ගොල්ල ඔය එක එක වැරදි වලට අච්චු කොරපු සුද්දො එහෙම පදිංචි කෙරුවයි කියන්නෙ ඔය එවුන්දලයෙ ගමේ ඒ කාලෙ. ඒ කියන්නෙ එහෙ පදිංචි කලොත් ආය පැනල ගිහිල්ල එහෙම හමාරයි. එච්චරටම දුස්කරයි ඒ පළාත... දැනට උනත් ඒ ගමේ ඉන්නව බෝම සුදු පාට නිල් ඇස් එහෙම තියන අපූරු ළමිස්සියො..... 

අපෙ උන්දැත් එක්ක පයුරු පාසානෙ පටං ගත්තු මුල් කාලෙම ඔය හිරකාරයො පදිංචි කොරපු විස්තරේ මට කිව්වෙ මගෙ හොඳම යාලුවෙක්ගෙ අයිය කෙනෙක්. මිනිහ ඇවිදිල්ල හිට නුවර යුගයෙ ඉතිහාසය ගැන පස්චාත් උපාදියක් එහෙම කොරල ඔය ගැන හොඳටම දන්නව. මටත් ඉතිං කට එක විදිහකට තියාන ඉන්ට බැරි හැටියක්...ඊලඟට අරුන්දැ හම්බ උන මුල් දවසෙම දීල ඇරිය.. 

" මේ ඔයාලගෙ ගම සෙංකඩගල රජ කාලෙ පාවිච්චි කොරල තියෙන්නෙ හිරකාරයො පදිංචි කරන්ටෙයි කියල දන්නවද? " 

ඔන්න ඔහොම….. මම හිතුවෙ අනේ මේ මනුස්සය අපේ ගම ගැනත් හොයල තියනව. කොච්චරනං හොඳද? කියල හිතල සෙනෙහෙ තව මෝරාවිය කියල..කොහෙද? 

" හුහ්, හිරකාරයො එතකොට නේද? අපිත් එතකොට හිරකාරයොංගෙං පැවත එන කට්ටිය වෙන්ට ඇති එහෙනං…" 

ඔහොම කියල මා දිහාවෙ රවාගෙන ඉඳල එයාලගෙ ඉස්කෝලෙ ගාවදි ගස්සගෙන බැහැල ගියෙ නැත්ද බස් එකෙං...මම ඉතිං අර මොනවද කාපු රිළව වගෙ බලං උන්න කටත් බාගෙට ඇරගෙන. ( පැහැදිලි කිරීමයි - ඒ කාලෙ සඳුදා උදේට වැඩට ගියෙ දෙන්නම එක බස් එකේ. එයයි මඟදි ඉස්කෝලෙ ගාව බහිනව. මම තව දුර ගිහිල්ල අපෙ ඔෆිස් එක ගාවිං බහිනව ) 

පස්සෙ " අනේ අපහාසයක් කොරන්ට මයෙ තුං හිතකවත් තිබ්බෙ නැතිය. ඉතිහාසය විෂයය ගැන මම බොහොම උනන්දු නිසා ඒ විස්තර හොයල බැලුවය.මට ඒ ගැන තොරතුරු දුන්නු යාලුවගෙ අයිය එක්ක ආයෙම වචනයක් වත් කතා කරන්නෙ නැත. ඒ යාලුවටත් වෙඩිං එකට ඉන්වයිට් කරන්නෙ නැත. මිං මනත ඔය හිරකාර සීන් එක ගැන කිසිම වචනයක් කියන්නෙ නැත " කියල දහ අතේ පොරොන්දු වෙලා නොවඳිනා වැඳුං වැඳලයි එවුන්දැ ෂේප් කොර ගත්තෙ..අනෙ අම්මප මොකටදෑ ආය බොරුවක් මුසාවක් කියන්නෙ ? 

අම්මප පුදුම වැඩේය කියන්නෙ. ඔහොම වැඩම නෙව මට වෙන්නෙ. මේ බොහෝම සද් බාවයෙං පිරිසිදු හිතිං කොරන වැඩ. කැරකිල එන්නෙම හිනෙකිංවත් නොහිතූ විදිහට නොපිටටමයි. අර කතාවක් තියෙන්නෙ වඳින්ඩ ගිය දේවාලෙ ඉහේ කඩා වැටෙනවය කියල.මට වෙන්නෙ වඳින්ට ගිය දේවාලෙ ඉහේ කඩා වැටෙනව මදිවට දේවාලෙ කඩා වැටුනෙ මම හින්දය කියල ඒ අබූත චෝදනා වලටත් උත්තර දෙන්ට වෙන එකයි...අනෙ අම්මප .... 

හැබැයි ඔය හිරකාර කේස් එක මොකක් උනත් උන්දලයෙ ගම නම් මාරම ලස්සනයි.හීතල කාලෙ උදේ අට නමය වෙනකල්ම අර වටේටම තියන කඳුවැටිවල බාගෙයක් විතර මීදුමිං වැහිල. කියල වැඩක් නෑ. මහජන සම්පතවත් ඇදුනොත් ඔන්න පොඩි ගේ කෑල්ලක් හදාගෙන පදිංචියට යන්ට මරු පළාත. 

අහ්හ්...ඔන්න මීදුම කියනකොට මතක් උනේ...අපෙ ලොක්කිලගෙ ගෙවල් පහු කරල හැතැක්ම හතරක් විතර කන්ද උඩස්කරේට ගිහාම හම්බ වෙනව ඔන්න ගම්මානයක්.ඒ තමයි ලංකාවෙ වැඩියම ...ලංකාව පැත්තම තිබ්බාවෙ ...මුලු ලෝකෙම වැඩියම මීදුම තියෙන ගම...දවසෙ විසිහතර පැයේම ඔහොම මෙහෙම පේන්නෙ නැති තරමට මීදුම ඔන්න කොටින්ම කිව්වොත්. කොච්චර මීදුමද කිව්වොත් ඒ ගමේ ගෙවල් කීයක් තියනවද පවුල් කීයක් ඉන්නවද කියල උනත් කිසි කෙනෙක් දන්නෙ නෑ හරියටම. 

කොටිම්ම වෙන මොකවත් ඕන නෑ කිසිම කෙනෙක් දන්නෙ නෑ ඒ ගම්මානෙට කියන නම මොකක්ද කියලවත්...ඔන්න වැඩේ හැටි...දැං අවුරුද්දකට විතර ඉස්සර ආව ගිනෙස් පොතෙං සුද්දො දෙන්නෙක්...මේ ගම්මානෙ ගැන ගිනෙස් පොතට දාන්ට..ලෝකෙ වැඩිම මීදුම තියෙන ගම්මානෙ හැටියට.ඒත් වැඩේ පොටෝ එකක්වත් ගහගන්ට තියා ඒ අහල හතර මායිමට වත් යන්ට බෑ නෙව. මෙලොව දෙයක් පේන්නෙ නෑ.. උං දෙන්න තාම ඉන්නව මයෙ හිතේ සීමොං ආතලගෙ ගේ පිටිපස්සෙ පරණ කඩ කෑල්ලෙ නැවතිලා..මීදුම අඩුවක් වෙනකල්..පොටෝ එකක්වත් අරගෙන ගිහිල්ල ගිනෙස් පොතට දාන්ට. 

හරි ඒ මීදුං කේස් එක එතනිං ඉවරයි කියමුකො. ආපහු එමු කලාවැවේ ඉවුරට. ඈත පේනව මහ විසාල නුගයක් වගෙ ගහක් යට පොඩි දේවාලයක් වගෙ එකක්. ඕක වටේ ඉන්නව පේනව සෙනඟ සෑහෙන්ට. 

" මචං අන්න අරෙහෙට යමං….." අර මම කිව්වෙ රෑ දෙගොඩහරියක් වෙනකල් තුණ්ඩු ලියාපු එවුං....ලියාගෙන ආපු තුණ්ඩු කෑලි ආයෙම අරං යන්ටය. කාට කාට හරි දීල දාන්ට එපාය...නැද්ද මං අහන්නෙ? 

ඔය කාලෙට ඉතිං ඔහොම තමයි...පාර දිගේ ඉන්න කෙල්ලංට අනම් මනම් කියන්ට, කෝචොක් කොරන්ට , ඇඩ්‍රස් ලියපු තුණ්ඩු කෑලි විසි කරන්ට ඔව්ව ඔය නාඹර වයසෙ ඉන්න කොයි කොල්ලත් කොරන වැඩ. හැබැයි ඔව්වයිං මෙහෙම දේවලුත් වෙන්ටත් බැරිකමක් නෑ. 

ඔන්න එක පාරක් අලුතෙං ආව අපිට ජීප් ඩැයිවර් කෙනෙක්.එච්චර වයස එහෙම නෑ. ඔන්නම් අවුරුදු විසි පහක් වගෙ ඇති. ආහ්..ඊට කලින් ඉන්න තව ඩැයිවර් කතාවක් කියල ඉන්න...මේ මනුස්සයත් අලුතෙන් ජීප් පත්වීමක් අරං ආවෙ...ඒත් ඊට කලින් අපෙ ආයතනයෙම ට්‍රැක්ටර් රියදුරු විදිහට අවුරුදු පහලවක් වගෙ වැඩ කරල තියනව.වයස ඇති හතලිහක් හතලිස් පහක් වාගෙ. 

නම පොඩි මහත්තය...අපි කියන්නෙ පොඩි මහත්තයා මහතා කියල.මේ මනුස්සය ජීප් එක ඩ්‍රයිව් කරද්දි ඇඟේ ලේ නෑ. ට්‍රැක්ටර් එළෝල පුරුද්දට මේ යස්සය මඩ වලක් උඩිං යද්දි කකුල් දෙකම උස්සනව. සමහර වෙලාවට ඔහොම ඇක්සලරේටරෙන් එක පාරටම කකුල ගත්තම ජීප් එක හිටිනව අර මඩ වල මැද්දෑවෙ. ඉතිං බැහැල තල්ලු කොරපල්ලකො අර මඩ ගොඩේ...අරූව කන්ඩ පුළුවන් නං කනව කොල්ලො අමුවෙම්ම. ඕකා බේරුණේ වෙන මොකවත් නෙවෙයි අවුරුදු හතළිහක් හතළිස් පහක් උනයි කියන්නෙ බ්‍රොයිලර්ල නෙවෙයිනෙ. කරි චිකන් වාගෙ. හපන්ඩ ගිහිල්ල දත් කඩා ගන්නෙ මොකටද කියල අපි නිකං හිටියෙ. 

හරි පොඩි මහත්තයගෙ කතාව ඉවරයි.දැං අර කලිං කියාපු තරුණ පහේ ඩ්‍රයිවර්ගෙ කතාව. නම ගුණතිලක.... මනුස්සය ගැන කතා දෙකක් තියනව. . මේ පලවෙනි කතාව. … 

ඔන්න ගුණතිලක පත්වීම බාරගෙන දවස් දෙකයි නැත්තං තුනක් ඇති. අපෙ එක ජීප් එකක් වැඩ කරපු ඩැයිවර් ගියා නිවාඩු.ගුණතිලක තමයි නිවාඩු කොලේ අත්සන් කලේඇක්ටිං විදිහට. ඔන්න ගුණතිලක ඉස්සෙල්ලම අපෙ ඔෆිස් එකට ආවට පස්සෙ වාහනයක් එළෝනවමයි මේ.. 

උදේ අපි කට්ටිය නැග්ග වාහනේට වැඩ බිම් වලට යන්ට. ෆීල්ඩ් යනව කියල තමයි ඒකට කිව්වෙ.එදා අපේ නේවාසික ඉංජිනේරු තුමාත් ( හෙළ වදනින් කිව්වොත් වැසි මැවිසුරුවාණෝ ) ඔන්න ගොඩ උනා වාහනේට ..." යමුකො ....මමත් එනව අද " කියල. දෑන් ඔන්න යනව බොරළු අතුරපු පාරක් දිගේ. ඔය අපි වැඩ කරපු හරිය මහ කැළෑවෙයි කිව්වට තැනින් තැන විතරයි එක යායට මහ ගස් තිබ්බෙ. වැඩිපුරම තිබ්බෙ මාන තලාවල්. කාලාන්තරයක් තිස්සෙ හේං කොටපුවගෙ ප්‍රතිපල තමයි ඒ.හේනක් කොටන්නෙ අළුතින් කැළේ කොටහක් කපල දාල ගිනි තියල වටේට දඬු වැටක් ගහල ඒකෙ ඔය කැකිරි, තියඹරා, බටු, බඩ ඉරිඟු,, කුරක්කං වගෙ බෝග ජාති වගා කරල.අර කපාපු කැලේ ගිනි තිව්වම පස හොඳට සාරවත් වෙනව.එක හේනක අස්වැන්න කපා ගත්තම මිනිස්සු කරන්නෙ ඒ යාබදව තව කැලෑවක් කොටල ආයෙම අලුතෙං හේනක් හදා ගන්න එක. 

ඔහොම කාලාන්තරයක් කලාම අන්තිමට ඉතුරු වෙන්නෙ පඳුරුයි මාන ඉලුක් විතරයි. අපි මම ඔය කියන දවසෙ ගියෙත් අන්න එහෙම සරුවට හැදිච්ච මාන තලාවක් මැදිං ඩෝසර් කරල පස් සෙ ග්‍රෙවල් දාල හදාපු පාරක.ඔන්න අපෙ වැසි මැවිසුරු තුමා ඉස්සරහ සීට් එකේ. අපි කට්ටිය පිටි පස්සෙ. ඒ දවස්වල අපි හදාගෙන ගිය එක වැවකට යන්ට ඔය පාරෙ මඟක් දුර ගිහිල්ල වමට හරවන්ට ඕන. දෙපැත්තෙම අඩි හයක් වගෙ උසට මාන ගාල නිසා ඒ අතුරු පාර ළඟට එනකල්ම හොයන්ට අමාරුයි.ඒ නිසා ඉස්සරහ හිටපු අපෙ ලොක්ක ඩ්‍රයිවර්ට කිව්ව මීටර් පනහක් තරම මෙහාදි, " ගුණතිලක... ඔය ඉස්සරහිං වමට හරවන්ඩ " කියල. 

දන්නවද මේ යක්සය කරපු වැඩේ.ජීප් එක ඒ වෙලාවෙ කිලෝ මීටර හැටකට වගෙ ආවෙ. මේ ගොං වස්ස ආපු වේගෙම්ම කැපුවෙ නැද්ද ජීප් එක වමට..අර හෙණ මාන ගොල්ල මැද්දෑවට. 

ජර බර බරාස් බර..බරාස්...බරාස්..බර...බරාස්....ගෑව..එක පාරට හතර අතම අඳුරු වෙල ගියා. අර මාන ගොල්ල උසයි අඩි හයක් හතක් තරම.වාහනයක් එළවද්දි මොකක් හරි බලාපොරොත්තු නොවිච්චි දෙයක් උනාම බොහෝවිට ඉබේම වෙන දෙයක් තමයි ත්වරකය ( Accelarator ) පෑගෙන එක. මේ යකාටත් ඒකම උනා. ඒත් අර මාන ගොල්ල පොඩි කරගෙන යන්ට මොකෝ මේක ඩෝසර් එකක් වත් යුද්ද ටැංකියක් වත් නෙවෙයි නෙව. ඒත් එන්ජින් පවර් එකට  මීටර් දහයක් විතර ගිහිල්ල එහෙම්මම නැවතුනා. ඒත් අර මනුස්සය බයටම ඇක්සලරේටරේ පාගගෙන. එන්ජින් එක මරහඬ දෙනවා. ඔන්න එතකොට තමයි අපි කාටත් සිහියක් පතක් ආවෙ. ලොක්ක කෑගැහුව ඉස්සරහ සීට් එකේ ඉඳගෙන හොඳ කුණු හරපෙකුත් කියල. 

" අත ඇරපං ******, ඇක්සලරේටරේ." 

මොන සමයංද?....... ඒක ඉන්නව ඉස්සරහ බලාගෙන ස්ටියරිං එකත් ලෑල්ලටම පාගගෙන අත්දෙකත් එක්කලා දරදඬු වෙල. ඒ පාර ලොක්ක ගැහුව මුගෙ කම්මුලට එකක්. ඔන්න ඒ පාර තමයි මූට හරි සිහිය ආවෙ. අත්දෙකත් අත ඇරුන ස්ටියරිං එකෙං, ඇක්සලරේටරෙනුත් කකුල ගන්ට ඇති. එන්ජිමත් එහෙම්මම බග් ගාල හිටිය.දෑන් ඔන්න අර සද්ද බද්ද ඔක්කොම නැවතිල මීයට පිම්බ වගෙ නිස්සබ්දතාවයක් ආව. අපි ඔක්කොම ඉන්නව බලාගත්තු අත බලාගෙන මොකද උනේ කියල හිතාගන්ට බැරුව. ඔන්න එක පාරටමමගෙ දකුණු කණ ගාවිම්ම.. 

" බුදු අම්මෝ, අපි ඉවරෝ, අයියෝ, අප්පෝ, අම්මෝ…" 

කියල මර විලාපයක් පටං ගත්තෙ නැද්ද? 

ඒ ඇන්ටා....ඕකට තිබ්බ පොඩි ලෙඩක්...මේ යස අගේට අපි එක්ක ඉන්නව කෑගගහ හිනා වෙවී. වාහනේකට නැඟපං...එක විනාඩි දෙකයි යන්නෙ මූ කට කපල බුදි. ජීප් එකෙත් එහෙමයි. ගෙදර යන්ට බස් එකට නැග්ගත් එහෙමයි. ආය නෑ සමාවක්. 

අච්චර වල ගොඩැලි උඩිං විසික්ක වෙවී යද්දි උනත් ඇන්ට ආය නෑ බබා වගෙ නිදි. වෙලාවකට අපට ඊරිසියත් එක්ක. ඕකගෙ ගෙවල් ඔන්න ඔය දිගන පැත්තෙ. වැඩට යන්න ඕකා නුවරට ඇවිල්ල නඟිනවනෙ කදුරුවෙල බස් එකේ. මොනවද ට්‍රිනිටි එක පහු වෙනකල් ඇහැරං ඉඳියි. ඊට පස් සෙ කෙලිම්ම බෙල්ල කඩා වැටෙනව ( මහනුවර පිළිබඳව හාංකවිසියක් නොදන්නා දුහුණන් දැනුම් උදෙසා - ඔබ මහනුවර සිට කදුරුවෙල බලා ගමන් කරද්දී බස් නැවතුම්පලින් පිටත්වී විනාඩි දහයක් පමණ ඇතුලත ත්‍රිත්ව විද්‍යාලය පසුකල යුතුය ) 

ඕකගෙං ඉස්සරෝම රස්සාවට ගිය දවස්වල උංගෙ අම්ම ඇහුවලු 

" නුවර ඉඳල කදුරුවෙල යනකොට මොනවද පුතේ පහු වෙන්නෙ?.." . 

" ඒ හැටි දෙයක් නෑ අම්මෙ ඔන්න ට්‍රිනිටි එක පහුවෙනව, ඊට පස් සෙ කදුරුවෙළ " ඕන්න ඇන්ටගෙ උත්තරේ. 

 " හෑ..කදුරුවෙලය කියන්නෙ ඒ හැටි මේ ඊමමද? "

අම්ම පැයක් විතර කටත් ඇරගෙන උන්නයි කියලයි ඔන්න කියන්නෙ..

ඕං ඔය ඇන්ට තමයි අර විලාප ගැහුවෙ. වෙනද වගේම ඒක නාවල කිරි දීල නිදි කෙරෙව්ව බබා වගෙ නිදාගෙන ඉඳල තියෙන්නෙ. එක පාරට සර..බර..බරාස් ගාන සද්දෙට මූ උඩ ගිහිල්ල බිම වැටිල එකත් එකටම ජීප් එක පෙරළිලා තමයි.. එහෙම හිතලයි මූ මේ විලාප තියන්ට ගත්තෙ. 

" ඔන්න ඕකගෙ විලාපෙ නවත්තන්ට කියනවද කවුරු හරි...." 

ලොක්ක ආයෙම කෑගැහුව. මම ඇන්ටගෙ උරහිස අල්ලල හෙලෙව්ව. ඌ ඇස් දෙකත් පියාන ජීප් එකේ වහලෙ කැන්වස් රෙද්ද රඳෝල තියෙන යකඩ බට දෙකක එල්ලිලා එක සීරුවට කෑගහනව. 

" බුදු අම්මෝ,…. අපි ඉවරෝ…., අයියෝ, අප්පෝ, අම්මෝ

" ඒයි ඇන්ටො කට වහගං බං...ජීප් එක පෙරලුනේ නෑ...." 

දෙතුං පාරක් උරෙස්සෙං අල්ලල හෙල්ලුවට පස්සෙ තමයි ඕන්න උගෙ අඳෝනාව ටික ටික අඩුවෙලා නැතිම වෙලා ගිහිල්ල ඒකා ඇස් දෙක ඇරල වටපිට බැලුවෙ.. 

" ආ පෙරලුනේ නැද්ද?... එහෙනං මොකක්ද අර ජර බර ගාල ඇහිච්ච සද්දෙ? " 

ඔන්න මානගාල යන්තං එහාට මෙහාට කරල අපි බැස්ස ජීප් එකෙං. අපරාදෙ කියන්ට බෑ ජීප් එකනං හොල්ලන්ට වත් බෑ. පොඩි පල්ලමක වගෙ අපි ඇවිත් තියෙන්නෙ පාරෙ ඉඳල. එතන තියන විදිහට හරවන එක නම් බොරු. මාන ගාලෙ රිවර්ස් කරන්ඩත් බෑ. ඒ පාර අනික අය එතනම ඉන්දැද්දි මමයි තව එහෙකුයි පයිම්ම ආව ආපහු කෑම්ප් එකට. ඒ දවස්වල හොඳ වෙලාවට කුඹුරු ලෑන්ඩ් ලෙවලිං වලට ගෙනාපු ඩෝසරයක් තිබ්බ අපි ගාව. ඒක අරගෙන ගිහිල්ල ටෝ රෝප් එකක් ( වාහනයක් මඩෙහි එරුනු වැනි අවස්ථාවක ඩෝසරයක් හෝ වෙනත් වාහනයක් යොදා ගොඩට ඇදීමට යොදා ගන්නා කුඩා යකඩ තන්තු අඹරා සැදූ යකඩ කඹය ) ඒකට අමුණල ඇදල තමයි අර ජීප් එක ආයෙම පාරට ගත්තෙ... 

71 comments:

  1. ඇන්ට තමයි ඇන්ට.උදේ පාන්දර කෝපිත් ඉස්මොල්ලේ ගියා.
    මී දුමින් වැහිලා තිබෙන පැත්ත කිව්වෙ නකල්ස් පැත්තේද?

    ReplyDelete
    Replies
    1. / ඇන්ට තමයි ඇන්ට.උදේ පාන්දර කෝපිත් ඉස්මොල්ලේ ගියා. /

      හපොයි කෙන්ජි..කෝපි ඉස්මොල්ලෙ ගියානං කේස්...කෝපි වල තියෙන්නෙ කැෆේන්..ඕක ගිහිල්ල පෙණහළු වල තැන්පත් උනාම දීර්ඝ කාලීනව අතුරු උපද්‍රව ඇතිවෙන්ට පුළුවනි. පොඩි ප්‍රතිකර්මයක් කියන්ටද? කැෆේන්වලට හොඳම ඇන්ටිඩෝට් එක ඇවිල්ල කහ..මෙහෙම කරන්නකො...කහකුඩු ඇල්වතුරෙ දියකරල බොනගමං වාං පතුල් කතා ඊළඟ කොටස කියවන්න...අද්දුටුවයි..සත්තයි..කහ වතුර ඉස්මොල්ලෙ නොගියොත් මුදල් ආපසු...

      / මී දුමින් වැහිලා තිබෙන පැත්ත කිව්වෙ නකල්ස් පැත්තේද? /

      නැහැ කෙන්ජි, අපෙ උන්දැගෙ ගම ඇවිල්ල මාතලේ ඉඳල කිලෝමීටර් අටක් විතර එහා තියෙන්නෙ.

      Delete
    2. ආසාවට පරණ එකක් කියවත්දි දැක්කෙ. මට පේන විදිහට හාමිනේ ඇටිපොල පැත්තේ වෙන්නටෝන‍ෙ.

      Delete
  2. ;;අහ්හ්...ඔන්න මීදුම කියනකොට මතක් උනේ...අපෙ ලොක්කිලගෙ ගෙවල් පහු කරල හැතැක්ම හතරක් විතර කන්ද උඩස්කරේට ගිහාම හම්බ වෙනව ඔන්න ගම්මානයක්.ඒ තමයි ලංකාවෙ වැඩියම ...ලංකාව පැත්තම තිබ්බාවෙ ...මුලු ලෝකෙම වැඩියම මීදුම තියෙන ගම...දවසෙ විසිහතර පැයේම ඔහොම මෙහෙම පේන්නෙ නැති තරමට මීදුම ඔන්න කොටින්ම කිව්වොත්. කොච්චර මීදුමද කිව්වොත් ඒ ගමේ ගෙවල් කීයක් තියනවද පවුල් කීයක් ඉන්නවද කියල උනත් කිසි කෙනෙක් දන්නෙ නෑ හරියටම.;;;

    ඔන්න ඔය ටික කියවද්දී ලස්සන වසිලිස්ස මතක් වෙනවා ...

    ReplyDelete
    Replies
    1. මටනම් මතක් උනෙ පොඩ්ඩිගෙ අතින් කාර් නවත්තන ගොය්ය ඉන්න දිහාව..

      Delete
    2. බොලා දෙන්නටත් මතක් වෙන එව්ව අම්මපා....:)

      Delete
  3. Ravi's Blog Folk Story Series - Ravige Blog Jana Kathaa Maalaawa :)

    ReplyDelete
    Replies
    1. සිහල වියුණු ජන සාහිත්‍යයෙන් බිඳක් පාඨක ඔබගේ පහන් සංවේගය උදෙසා මෙසේ සටහන් කර තබන්නෙමි....පපර..පපර..පපර..පාං..පාං..පාං

      ( පහන් සංවේගය = Oil lamp sadness )

      Delete
  4. ඇති යන්තං මම බයේ හිටියෙ වාං පතුල් කතාව දායි කියල :)

    ReplyDelete
    Replies
    1. විකාරද අමරදේව.....එහෙමත් දානවද වාං පතුල් කතාව...හෙහ්, හෙහ්,

      Delete
  5. වාංපතුල් කියන කතාව නම් මොකක්ද දන්නෙ නෑ... කොහොමත් යන විදිහට ඒක කියන්න සෑහෙන කාලයක් යයි වගේ... මේකෙ කියල තියෙන කතා ටික නම් මරු... :)

    ReplyDelete
    Replies
    1. වාන් පතුල් කියන්නේ මොකක්ද කියල දැන් මුන්දටත් මතක නැහැ සාතන් . ඒ හින්දා ඒ ගැන කල්පනා කරන්න එපා

      Delete
    2. @ සාතන්,

      වාං පතුල් = පදම් කල මුව හෝ ගෝණ සමින් නිමැවුනු කැළෑබද පෙදෙස්වල දඩයක්කාරයින් විසින් භාවිතා කරනු ලබන ඇස්වටය තෙක් පාදය ආවරණය වූ පාවහන් විශේෂයකි.

      ස්තූතියි සාතන්....

      Delete
    3. @ බින්දි,

      අඩේ එහෙම නෑ හයිද?...අපිට ඇවිල්ලා මුල මතකයි හොඳට හයිද?

      Delete
    4. චික් විතරක් උඹ වැඩේ කෑවනේ අයියේ... දැන් ඉතිං අපිට බලං ඉන්න එකක් නෑනේ... ඔච්චර වැදගත් වචනයක්... ඔච්චර පාටක කුතුහලය අවුස්සපු වචනයක්.... ඔච්චර දුර ඇදං යන්න පුලුවං වචනයක්.. මේ වගේ කොමෙන්ට් කට්ටක ලියලා දැම්මහම මොකද්ද අගේ... කෑවා කෑවා.. දැන් ඉතිං ගිහින් අලුතෙන් වචනයක් හොයං එන එකයි..

      Delete
    5. @ තිසර,

      අනේ බොලේ..මෙවුං ගොඩදෙනෙක් වාං පතුල්ය කියන්නෙ මොකක්ද කියල දන්නෙ නෑය කියල හිතුන හින්දයි මම ඕක පැහැදිලි කොරල දුන්නෙ...

      අර පේන්නැත අරකා, අර සෙන්න ගොබිල...ඒකා හිතාගෙන ඉඳල තියෙන්නෙ වානක පතුලය කියල. අනික් එව්වො තවත් කොහෙ කොහෙ හරි පතුල්ය කියල හිතාගන්ට කලියෙං තමයි මම ඔය කිව්වෙ.

      Delete
  6. මෙදා පොටේ නම් පැටලිලා තියෙන්නේ එසේ මෙසේ මාන ගාලක නෙවෙයි ගොයියෝ.... එතනත් කතන්දර සාගරයක්..... හි හි...

    ReplyDelete
    Replies
    1. අර මැජික් කාරයො කටිං රිබන් එළියට ගන්නව දැකල ඇති නේද හිරු?...හෙහ්,හෙහ්, කොච්චර ගනිං.. නෑ ඉවරයක්...කතන්දර කියන එව්වත් එහෙම තමයි...එකක් එළියට ඇදිල එන්නෙ ඒ පස්සෙං තව තුන හතරක්වත් පටලවගෙන..:) :)


      Delete
  7. මොබය්ල් සිග්නල් කතාව කීවම මටත් තියනව ඔයවගෙ අත්දැකීමක්. 2003 දි විතර අපි ගියා මගෙ නැන්ද කෙනෙක් ඉන්නවා හසලක කොලොන්ගොඩ දිහාවෙ..එතකොට ඉතින් අපිත් මල් කඩන කාලෙ..අපෙ මනුස්සයට ඒ කාලෙ මන් කොහෙගියත් පැයෙන් පැය කෝල් කරන්න ඔනෙ..එහෙ කොහෙද සිග්නල්..මන් ඉතින් එහෙ උන්න අය්යය් අක්කය් එක්ක ගිය වෙලෙ ඉන්දන් ෆෝන් එකත් උස්සන් ඇළවල් නියරවල් ගානෙ දුවනව.. අම්මගෙන් හොඳ බැනුම්.. මෙ කතාව කියොපු කමන් මට ඒක මතක් උනා..
    මෙ අය්යෙ හැබෑට මොනාඩ ඔය වාන් පතුල් කියන්නෙ? ඇත්තටම එහෙම කතාවක් නැ නෙද?

    ReplyDelete
    Replies
    1. මාත් ඔය ඉස් ඉස්සෙල්ලම මොබයිල් එකක් අරං අපෙ උන්දැට කෝල් එකක් දුන්න ( එතකොට පේමය දණි පනි ගල අළු ගසාදාල මෝරගෙන එන කාලෙ )

      ඔන්න ඉතිං විස්තර කතා කරල ඉවර වෙල අන්තිමට...

      " හරි එහෙනං බුදු සරණයි මම තියන්නං …" එයයි කිව.

      හරි, හරි…. බුදු සරණයි..මමත් බහින්නං …" මම කිව්ව.

      " ඈ?? මොකක්ද ඒ බහින කතාව? කොහෙන්ද ඔයයි බහින්නෙ?..." එයා ආයෙම ඇහුව.

      " අපේ පුංචි මාමලහෙ ගේ පිටිපස්සෙ තියන සියඹලා ගහේ මුදුනෙ මම මේ ඉන්නෙ..ඒකයි බහින්නංය කිව්වෙ .."

      " ආ...එහෙමද එහෙනං ආයෙත් බුදු සරණයි..පරෙස්සමෙං බහින්ට.."

      / මෙ අය්යෙ හැබෑට මොනාඩ ඔය වාන් පතුල් කියන්නෙ? ඇත්තටම එහෙම කතාවක් නැ නෙද? /

      වාං පතුල් = පදම් කල මුව හෝ ගෝණ සමින් නිමැවුනු කැළෑබද පෙදෙස්වල දඩයක්කාරයින් විසින් භාවිතා කරනු ලබන ඇස්වටය තෙක් පාදය ආවරණය වූ පාවහන් විශේෂයකි.

      සත්තකමයි..එහෙම කතාවක් තියනව බොල...ඔන්න අර ජනූ ගොයිය දන්නව ඒ ගැන..ඒකනෙ උන්දැ ඔය සද්ද නැතුව ඉන්නෙ..:)

      Delete
    2. මොකෑ ජනූරිස් විතරක්.? මාත් දන්නව බොල.. බොට ඕන නම් මං ජනුවගෙ බොලොග් එකෙන් හොයලා ඒ කතාව මෙතෙන්ට ගෙනත් දාඤ්ඤං..:P

      Delete
    3. >>> වාං පතුල් = පදම් කල මුව හෝ ගෝණ සමින් නිමැවුනු කැළෑබද පෙදෙස්වල දඩයක්කාරයින් විසින් භාවිතා කරනු ලබන ඇස්වටය තෙක් පාදය ආවරණය වූ පාවහන් විශේෂයකි. <<<

      හපොයි එහෙමද ??? මම මේ මෙච්චර කල් හිතන් හිටියෙ වානක පතුලක වෙච්ච මොකක හරි සිද්දියක් කියලා..ඔය වාං පතුල් කතාව ඇහෙද්දිම මගෙ හිතේ මෙච්චර කල් ඇඳුන චිත්තරූපෙ, වතුර හිඳිච්ච විශාල වැවක් හා ඒකෙ බන්ට් එක ආසන්න චිත්ත රූපයක්.. දැන් ඉතින් ඕක හරෝපල්ලකො මුව හම් සපත්තුවකට.. :D :D

      Delete
    4. හයියෝ.. සෙන්නට වෙච්ච වැඩේ... හි හි..

      Delete
    5. @ බූරාස්,

      මා මෑණියන් ශ්‍රී නාමයෙන් ශපථ කරන්නෙමි,එම්බා බූරාභිධානයනි, තොපට ද අනවශ්‍ය මංගල්‍යයක් ඇත්තේද? ( මංගල්‍යයක් වෙනුවට වස්ත්‍රයක් යන වදන තොප රුචිවේ නම් ආදේශ කොට ගත හැක )

      Delete
    6. @ සෙන්නා,

      / මම මේ මෙච්චර කල් හිතන් හිටියෙ වානක පතුලක වෙච්ච මොකක හරි සිද්දියක් කියලා.. /

      දෙයියෝ සාලෙ ඔව්..මං කියන්නේ ඔච්චරයියෝ..ඔය අපෙ අත්තම්ම බොහොම පුදුමයට පත්වෙන දෙයක් ඇහුවම උන්දැට කියවෙන වචන සෙට් එකක්...අම්මප කිව්වට විස්වාස කරපන් උඹෙ අර වානක පතුලෙ කතාව කියෙව්වම මටත් කාලෙකට පස් සෙ එගෙම කියවුනා කිව්වම...හෙහ්, හෙහ්,

      යකෝ...වානක පතුලෙ මොනව වෙන්ටද බං..එක්කො ඉබ්බෙකුයි ඉබ්බියෙකුයි පෙං කෙලියි. නැත්තං මඩ කනයෙක් ගුලක් හාරගෙන ඒක අස්සට වෙලා ඉඳියි..ඒත් නැත්තං කක්කුට්ටෙක් කෙලිං යන්ට පැටවුන්ට පුරුදු කරයි...ඒ ඇර ආය අහවල් දෙයක් වෙන්ටද බොල වානක පතුලෙ?

      Delete
    7. කවුද දන්නෙ මොන මොන කෙලි වෙලාද කියලා... දැන් මේ අපි වාන් පතුල් හෙඩිම යටතේ කියවන කතා බලපුවම මොනවැයි නොවෙන්න බැරි.. හැහ් හැහ්...

      Delete
    8. @බූරයියා: තව ටිකක් ඉවසල බැරිම වෙලාවක් ආවොත් ගහන්ඩ ඒ තුරුම්පුව තියාගනිං අයියෙ.. මුගෙ හැටි දන්නව නෙව... අර මැජික් කාරයගෙ කටෙං එන පටිය කොන්ටෝල් කරන්ඩ බැරිම වුණොතිං වැඩේ දෙමු..

      Delete
  8. Katha tika Niyamayi. eewa idiripath karala thiyena widiha eeyatath wada haondayi.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පෙදරේරුවා....:)

      Delete
  9. මොකක්ද ඔය වාං පතුල් කතාව කියන්නෙ. අපි මීට කලින් එහෙම එකක් අහල නෑනෙ. :D

    අපොයි ඒ කාලෙ මෝබයිල් සිග්නල් හොයන එක තරං පජාත වැඩක් තවත් නෑ. රපියල් ආතට අර සිග්නල් පොට් එක කුලියට දීල ගානක් හොයාගන්න තිබ්බ ඒ කාලෙ.

    ReplyDelete
    Replies
    1. මාත් හිතුවේ එතන පොඩි කඩ කැල්ලක් එහෙම හදල කෝපි ටිකක් කාරිය විකුනන්න ඇති කියල

      Delete
    2. @ Praසන්ன,

      අඩේ කවුරුවත් දන්නෙ නෑ වගෙ මේ වාං පතුල් කියන්නෙ මොනවද කියල :(

      වාං පතුල් = පදම් කල මුව හෝ ගෝණ සමින් නිමැවුනු කැළෑබද පෙදෙස්වල දඩයක්කාරයින් විසින් භාවිතා කරනු ලබන ඇස්වටය තෙක් පාදය ආවරණය වූ පාවහන් විශේෂයකි.

      Delete
    3. @ Bindi,

      / මාත් හිතුවේ එතන පොඩි කඩ කැල්ලක් එහෙම හදල කෝපි ටිකක් කාරිය විකුනන්න ඇති කියල /

      ඔහේ මේ කෝපි විකිණිල්ලක් ගැන කියනව...

      ඔය රපියෙල් ආතලයි ඉඩමෙ අහු උනෙ ඩයලොග් සිග්නල්..ඊට අවුරුදු දෙහෙකට විතර පස් සෙ අපෙ උන්දලයි ගෙවල් එක්කම පිටිපස්සෙ තියන කන්දෙ ගැහුව මොබිටෙල් කුලුණක්..කරුමෙය කියන්නෙ ඕකෙ සිග්නල් අහු උනේ අපෙ මාමණ්ඩියගෙ තක්කාලි තවානක් දාල තිබ්බ ලියද්දක්..අන්න ඒකට විතරයි..ආය මොනවද?....තවාන ගන්ට දෙයක් නෑ...අලි පෑගුවට හපං..මාමණ්ඩිය ගෙදර ඇවිල්ල කියපු එව්ව මට මෙතනෙ කියන්ට විදිහක් නැති එකයි මට තියෙන දුක...හෙහ්, හෙහ්,

      තැපැල් ඇමතිගෙ අම්මගෙං පටං ගත්තම අර කුළුන හදන්ට බවුංඩේසං කපාපු මනුස්සයගෙ අම්මා දක්වා සියළුම මෑණි වරුන්ට පිං පෙත් දුන්න ආය නෑ පණ පිටිං දිවිය ලෝකෙ යන්ට ..පණ පිටිං...

      Delete
  10. රස කතා ගොඩයි. කොහෙද මේ මීදුම පිරිච්ච, සුද්දො හිර කරල හිටිය පැත්ත? පන්විල තැන්නද?

    ReplyDelete
    Replies
    1. සුද්දො හිරකරල හිටියෙ නං එළදැත්තෙ..

      ස්තූතියි නලිනි...:)

      Delete
  11. //දැනට උනත් ඒ ගමේ ඉන්නව බෝම සුදු පාට නිල් ඇස් එහෙම තියන අපූරු ළමිස්සියො..... //

    මට නම් හිත ගියෙම මේ කතාවට..!!
    මීදුම ගැන කියද්දි නම් මතක් වුනේ මන්දාරම් නුවර..එහෙත් ඉන්නවලුනේ ඔය ගිනස් පොතෙන් ආපු සුද්දෝ දෙන්නෙක්!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම ඉන්නව රූ..මම ඔය දෙවෙනි රාජසිංහ රජ්ජුරුවංගෙ කාලෙ සුද්දො හිරකරල හිටපු ගම්මානෙකට ගියා. එළ දැත්ත කියල එහෙට කියන්නෙ..අදටත් ඉන්නව ඒ ගමේ ඒ සුද්දංගෙං පැවතෙන කට්ටිය. හම සුදුම නෑ. ඒත් අනික අයට වඩා ලා පාටයි. ඇස් නිලපාටක් වගෙ තියනව.

      / මීදුම ගැන කියද්දි නම් මතක් වුනේ මන්දාරම් නුවර../

      දෙයියෝ සාලේ ..උඹත් දන්නවය මන්දාරම් නුවර ගැන....හෙහ්, හෙහ්, මගෙ යාලුවෙක්ගෙ ගෙවල් ඔහෙ..එකපාරක් අපි දවසක්ම ගතකලා මන්දාරම් නුවර...මේ මීදුමෙන් වැහිච්ච ගම්මානෙ ගැන මම ලිවෙ ඒ ගමන මතක් කරගෙන තමයි...

      Delete
    2. පිදුරුතලාගල කන්ද නගින්න ගිහින් දවසක් රෑ නැවතුනා අපිත්..හපොයි සීතල..ඇට මිදුලු කාගෙන යනවා..ඒ මදිවට එදා උයපු බත් එකෙත් ලුණු නෑ..!!ඒ ගැනත් දවසක ලියන්න ඕන..

      Delete
    3. @ රූ,

      පිදුරුතලාගල නගින්ට අඩේ එහෙනුත් පුලුවන්ද? ඔයාල මන්දරම් නුවරට ආවෙ රිකිල්ලගස්කඩ රාගල පාරෙන්ද?

      Delete
  12. එකම රස ගුලාවක්නේ...මේ හගුරන්කෙත පැත්ත ගැනද කියැවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නැහැ ..මම ලිව්වෙ නම් මාතලේට ටිකක් එහා තියන ගම්මානයක් ගැන..

      ස්තූතියි නලින් ..:)

      Delete
    2. උඹත් එතකොට කේතලෙන් මල්ලක් ගත්ත කොල්ලෙක්, ඈ? :D

      Delete
    3. @ Henry,

      කෙහෙල්මල් කේතලයක් ගැනිල්ලක් ආය.......මම දන්න දහීරිය දැම්ම ඔය කේතලෙං බේරෙන්ට...කොහෙද නාටාමි කොක්ක ගැහුවනෙ හදවතම පලාගෙන යන්ට..ආය කොහෙද ඊට පස්සෙ?..නෝ හෙල්ලුං..පොල් මැල්ලුං

      Delete
    4. @රවී,හෙන්රි,
      ඇයි අයියා මාතලේ පැත්තේ කෙල්ලොන්ට මොනවද වෙලා තියෙන්නේ..එක එක ඒවා කියන්න එපා හරිද? අපේ අප්පචිලාට කියලා තරවටු කරනවා ඕං..!!

      :P

      Delete
    5. @ රූ,

      මල මඟුලයි..ජූලි හතයි..මගේ පුතා ඔක්කොම කයි කිව්වලු...කිරි අප්පට බල්ලො බුරපි ..උඹත් බොලේ කේතලේ මල්ලක්ද එතකොට?..කියන්ට එපාය කලිං..කවුදෑ දන්නෙ?......උඹ අපෙ හාමිනේ දන්නව ඇති එකත් එකටම එහෙනං...හප්පා, උන්දැව නොදන්න කෙනෙක් නෑ මාතලේ...ටවුම හොල්ලගෙන හිටියෙ ඒ දවස්වල...හරස්ගම සඳාඅක්ක කිව්වම ආය නෑ ඉතිං...උඹ ඔය මාතලේය කිව්වට මම කියන්නං බලා හිටිය වගෙ..බස් එකේ පැය තුනක් ගිහිල්ල. රෙදි උස්සගෙන ගංගා දෙකකිං එගොඩවෙලා තව පයිං යන්නත් ඕන ඇති හූ හත අටක දුර...හෙහ්, හෙහ්,

      Delete
    6. @රවී,
      අනේ අයියා ඔහොම කෝචෝක් කරාන්ඩ හොඳද?
      අනික මාතලේ පැත්තේ ගංගා කොහෙද අනේ..!! ඒ කියන්නේ සඳා අක්කා හරස්ගම පැත්තෙද? මතක් කලා කියන්ට..

      අපේ ගෙදරට යන්ට ඔය කියනවා වගේ අමාරු නෑ..රෑක යනවා නම් ඉටිපන්දම් පැකට් එකක දුර..ත්‍රී විල් එකක යනවා නම් කැසට් පටි දෙකක දුර..!! හික්ස්..

      Delete
    7. රූ,

      / අනික මාතලේ පැත්තේ ගංගා කොහෙද අනේ..!! /

      ඇයි බං සුදු ගඟ කියන්නෙ ගඟක් නෙවෙයිද?....බණ්ඩරපොල පාරෙ කිලෝ මීටර් හතරක් ඇති මාතලේ ටවුමෙ ඉඳල....අනික උඹ දන්නවද මාතලේ ටවුම යටිං යනවය කියල ආසියාවෙ ලොකුම භූගත ගංගාව....ඒකෙං මතුවෙන දිය බුබුළු තමයි ඔය නාවුල දිහාට යනකල් දිගටම තියෙන්නෙ.

      Delete
    8. @රවී,

      මේ කොමෙන්ටුව මිස් වුනා නෙව..
      සුදුගඟ කියන්නේ නම් ගඟක් තමා.ඒත් ඒක හොඳයි ගංගාවල් දැකලා නැති අයට..හ්ම්..
      ඔයා ලොකුම භූගත ගංගාව නං හරි ප්‍රසිද්ධයිනේ..ඒකලුනේ මාතලෙන් එහාට කෝච්චි පාරවල් නැත්තේ..!!
      ඔයා දන්නවද දන්නෑ..අපේ ඉස්කෝලේ තිබ්බ අරලිය ගහ යට පොළවට කන තිව්වාම ඔය භූගත ගංගාව ගලන සද්දේ ඇහෙන්නවා කියනවනේ..ඔය ඉස්කෝල් අවුරුදු තුනක් විතර හිටියා..මට විතරයි නෙව ඔය සද්දෙ ඇහුන්නැත්තේ..!!
      අපේ අම්මත් කලබල වෙලා මාව කන්දොස්තර කෙනෙක් ගාවටත් අරගෙන ගියා මොකද මම ගෙදර ඇවිත් භූගත ගංගාවේ හෝගාන සද්දෙ ඇහෙන්නෑ කියලා නාහෙන් අඬනවා නිසා..!!
      ඔන්න ඔහොමයි මම ඔය භූගත ගංගාව ගැන දැනගත්තේ..පස්සෙන් පහු නං බෝවතැන්නට ගිහිං ඕක උඩට මතුවෙන තැනත් බලාගත්තා..!!

      Delete
  13. අයිය මේ කියන්නෙ මන්දාරංනුවර ගැන වෙන්ට ඕනෙ??

    බලපං අයියෙ.. දැං කට්ටිය එන්නෙ වාංපතුල් කතාව කියවන්ඩ නෙවෙයි. පඳුරු තැලිල්ල කියවන්ඩ..
    ඒකෙත් ගතියක් තියෙනව!!

    කාලෙක ඉඳල කියන්ඩ හිතං ඉන්න යමක් තියෙනව අයියෙ බොලාගෙ ලියවිල්ල ගැන.
    ඒකෙ විශේෂත්වය තමයි නොකඩවා එකකට එකක් පස්සෙ ඈඳෙන අතීත රස කතා සාගරය... අපි වහ වැටිල ඉන්නෙ ඒකට.උඹ මාතෘකාව විදියට මොකක් දැම්මත්,ලියවිල්ල මාතෘකාවට අදාල නැතත් අපි එන්නෙ ඒක කියවන්ඩ.
    ඊලඟ එක තමයි බොලාගෙ කමෙන්ට්. බලපං. අපි මොකක් ලිව්වත් උඹට ඒකට පැදුරක්, මාගලක් විතර ලියන්ඩ කතාවක් තියෙනව.
    මේතරං මතකයක්!! සුදුසු වෙලාවට සුදුසු තැනට සුදුසු දේ මතක් වෙන ගුණයක්!!
    ආයෙ වෙන මොනවද ඕනෙ බං..??

    ReplyDelete
    Replies
    1. / අයිය මේ කියන්නෙ මන්දාරංනුවර ගැන වෙන්ට ඕනෙ?? /

      අම්මප බොලා ඔක්කෝටම දිවැස් තියනවද කොහෙද? අර රූත් කියල තියෙන්නෙ මන්දාරම් නුවර මතක් උනාය කියල...ඇත්තම ඇත්ත බං...මම මේ මීදුමිං වැහිච්ච ගම්මානෙ ගැන ලිවෙ මන්දාරම් නුවර එක පාරක් ගිය මතක සටහන් ඇසුරෙන්...

      මයෙ යාලුවෙක්ගෙ ගෙවල් එහෙ..මන්දාරම් නුවර...ඕකා අපිත් එක්ක පණ පිහිටුවල කියනව එහෙ සිරියාව..මචාං..මාර ලස්සනයි..මීදුම අරමයි..මෙහෙමයි...සිලි මලු වලට දාගන්ට පුලුවන් තරං ගනකමයි..රටේ නැති විස්තර..ඔව්ව අහල අපිටත් එහෙ ගිහිල්ලම බලන්ට පුදුම ඕන කමක් තිබ්බෙ...

      වැලිමඩ දිහාවෙ එක පාරක් අපි ගියා මළගේක. රටේ හතර දිබ්බාගෙම්ම ආපු එවුං තිහ හතළිහක් අපි එක්ක හිටපු නිසා කොහොමත් මාසෙකට එකක් නං කොහෙ හරි දීපංකරේක මළගෙයක්නම් සැට් වෙනවාම තමයි.මාසෙ අන්තිම කිට්ටු වෙනකොටත් එහෙම එකක් සැට් උනේ නැත්තං අපෙ හිටිය මළගෙවල් / මඟුල් ගෙවල් කණ්ඩායම කියල කට්ටියක්. ( මංගල / අවමංගල අධ්‍යක්ෂවරු කියල නම වැටිල තිබ්බෙ ) ඔන්න අපිට හිතට හරි නෑ...

      " ඒයි වීරෙ..අරූගෙං අහල බලපංකො.." මට තමයි ඒ වැඩෙත් පංගාර්තු වෙන්නෙ..

      මම හෙමීට කිට්ටු කරනව ඌ ගාවට...

      " මේ අබේ...."

      " මොකෝ බං ? "

      " උඹලයි අර ආච්චි කෙනෙක් පහුගිය ටිකේ ඉස්පිරිතාලෙ හිටිය නේද ? "

      " ඔව්ව්ව්...ඉතිං?....." ඌ අහන්නෙ නලලත් රැලි කරගෙන,

      " නෑ..මම මේ ඇහැව්වෙ..දැං කොහොමද ආච්චිට? "

      " ආ..ආච්චිට දැං හොඳයි..ඊයෙ ගෙදර එක්ක ආව…"

      " ෂෙහ්..ඒකත් හරි යන්නෙ නෑ එහෙනං…"

      " මොකක්?...මොකක්ද හරියන්නෙ නැත්තෙ?...." අබේ නැඟිට්ට පුටුවෙං මූනත් එක්ක රතුවෙලා...

      " හරි ,හරි බං කලබල වෙන්ට එපා.මම මේ කිව්වෙ අපි හිටියෙ ආච්චිව බලන්ට ඉස්පිරිතාලෙට යන්ට කියල ..ඒක හරියන්නෙ නෑ කියලයි මම මේ කිව්වෙ. "

      අබෙයට විස්වාස නෑ ඒත් . රවාගෙනම හිටිය මගෙ දිහාවෙ සෑහෙන වෙලාවක්.

      හරි...මන්දාරම් නුවර ගිය කතාව ආය දවසක කියන්නං...නැත්තං මෙතනම පෝස්ට් එකක් ලියවෙන්නයි යන්නෙ.

      බොහොම ස්තූතියි ජනූ ප්‍රසංසාවට...දැං මම උඹේ ලිවිල්ල ගැන කියන්ට ගියොත් ඒක අර අත්තුක්කංසනයක් වෙනව. දන්නවනෙ අත්තුක්කංසනය කියන එක නේද? අන්‍යෝන්‍ය වශයෙන් පිට කසා ගැනීම.නැත්තං උඹ බෝලෙ උස්සල දුන්නම මම ඩෑෂ් පාර දෙනව , මම බෝලෙ උස්සල දුන්නම උඹ ඩෑෂ් පාර දෙනව. ඒ හින්ද ඒ පිටවල් කසාගැනිලි ඩෑෂ් ගැහිලි ඔනැන්නෙ නෑ. කීවයි කියල හිතාගංකො..ඒ ඇති.

      Delete
    2. අඩේ බං මං උඹට වරහං ඇතුලෙ එහෙම දාන්ඩත් හදල පිට කැසීම අනවශ්‍ය හේ කියල ආයෙ නිකං හිටිය උඹ ඒක කිව්ව ගමංම මට උඩ දාල දෙයි කියල හිතලම.. යාන්තං ඇති මං බේරුණා...

      Delete
    3. ආන්න ඒකට තමයි බොල ටෙලිපති කියන්නෙ...

      හෙහ්, හෙහ්, උඹට කිව්වම මොකද බාං.මේ ළඟක් වෙනකල් මම හිතන උන්නෙ ටෙලිපති කියන්නෙ ටෙලිවිසං එකේ ලොක්කයි කියල නෙව. ඇයි දැං බලාපං...තැපෑලෙ ලොක්ක ඇවිල්ල හිට තැපැල් පති..පොලිස් ලොක්ක පොලිස්පති...හමුදාවෙ ලොක්ක හමුදාපති....පුරේ ලොක්ක පුරපති..යුවතිගෙ ලොක්ක යුවති පති..ඒ වගෙ ටෙලිවිසං ලොක්ක ටෙලිපති....අවුලක් නෑනෙ?..:) :)

      Delete
    4. බම්බුව තමයි, ටෙලිපති කියන්නේ අර ටෙලිසීන් මාකටින් එකේ අයිතිකාරයා බං.

      Delete
  14. අපේ අම්මත් රජ උපමාවල් තමයි ගන්නේ. ඉස්සර ඉස්මුරුත්තාව හැදෙනකල් කෑවාම අම්මා කියන්නේ හරියට කොසොල් රජ්ජුරුවො වගේ කියලා. බොරු කියලා මාට්‍ටු වුනාම කියන්නේ චේතිය රජ්ජුරුවෝ වගේ කියලා...

    ReplyDelete
    Replies
    1. ඒ බං අම්ම " අපේ මේ හෙන්රිය වගේ "' කියල කියන්නෙ මොන වගේ අවස්තාවකදිද?....( ඔබගේ කීර්තිනාමයට කැළලක් වේයයි සිතන්නේ නම් පිළිතුරු දීමෙන් වැළකී සිටිය හැක. )

      Delete
    2. අම්මා එහෙම කියනවා ඔය හෙන ස්මාට් පොරක් දැක්කාම, අතිශයින්ම කඩවසම් බුවෙක් දැක්කාම, හිත හොඳ බුවෙක් දැක්කාම, එතකොට කොයිතරම් ස්මාට් වුනත්, කඩවසම් වුනත් නිහතමානී බුවෙක් දැක්කාම එහෙම. මම මේ උඹ අහපු නිසයි කිව්වේ. ඇත්තෙන්ම මම ටිකක් අපහසු තාවයට පත් වුනා තමයි උඹ එහෙම ඇහුවාම,

      Hook line and sinker?

      Delete
    3. / අම්මා එහෙම කියනවා ඔය හෙන ස්මාට් පොරක් දැක්කාම, අතිශයින්ම කඩවසම් බුවෙක් දැක්කාම, හිත හොඳ බුවෙක් දැක්කාම, එතකොට කොයිතරම් ස්මාට් වුනත්, කඩවසම් වුනත් නිහතමානී බුවෙක් දැක්කාම එහෙම. /

      අනේ මචං ඔව්ව ගණං ගන්න එපා...මොනව කිව්වත් අම්මනෙ කියල හිත හදාගනිං..තරහක් හිතේ තියාගන්න එපා... උඹ දන්නවනෙ අම්මල කියන ජාතිය…They are experts in using sarcasm and oxymorons.The problem is more often than not they use it so subtly we don’t even aware of being lead up the garden path. So don’t despair. As they say better late than never..At least now you know.

      Bitter sweet, Deafening silence, Dry drunk, Forward retreat, Irregular patter

      ඉංග්‍රීසියෙන් නම් ඔක්සිමොරොන්ස් ඕන තරම් තිබ්බට සිංහලෙං මචං ඔරිජිනල් එව්ව හොයාගන්න මාර අමාරුවක් තියෙන්නෙ. මම මේ ළඟදිම ලියන්න ඉන්නෙ Oxymorons in Sinhala කියල පෝස්ට් එකක්. අනේ තෑන්ක්ස් සෝ මච් හෙන්රි මේ උඹ දුන්නු උදාහරණ මම පාවිච්චි කරන්නම් ඒ පෝස්ට් එකට.

      සිංහල භාෂාවේ විරෝධෝක්ති - Oxymorons in Sinhala

      ඉහත මාතෘකාවෙන් වියුණු සටහනක් ලිවිය යුතුයැයි බොහෝ කලක සිට සිතා සිටියද ඒ සඳහා උදාහරණ සොයා ගැනීමේ අපහසුව හේතුකොටගෙන ඒ දිනෙන් දින අතපසු විය.ජීවිතයේ බොහෝවිට සිදුවන්නාවූ අහඹු සිදුවීමකට අගනා උදාහරණයක් ලෙස දෝ මා හිත මිත්‍ර හෙන්රි ඊට මැනවින් සරිලන උදාහරණ කිහිපයක්ම සැපයීය. හෙන්රි..මා හිතවත ඔබට මගේ හෘදයාංගම ස්තූතිය......පහත පලවන සියල්ල හෙන්රි ගේ නිර්මානයෝය. ඊට ලැබිය යුතු ගෞරවය හුදෙක් ඔහුටම හිමිය.

      ස්මාට් හෙන්රි, කඩවසම් හෙන්රි, හිතහොඳ හෙන්රි, නිහතමානී හෙන්රි,

      සැ. යු. - සිංහල විරෝධෝක්ති සඳහා නිදර්ශන ලෙස ඉහත වදන් භාවිතා කරන්නේ නම් ඉන් පෙර කරුණාකර හෙන්රි මහතාගේ ලිඛිත අවසරය ලබාගැනීමට කාරුණික වන්න, ස්තූතියි.

      Still Hook line and sinker ?

      Delete
  15. බොලාගේ වාං පතුල් කතාව බොලාම තියගනිං ! නිකන් ඒක මාතෘකාවට දාලා මාන පඳුරු තල තල ඉන්නේ නැතුව!

    ReplyDelete
    Replies
    1. මොනවද බං මේ..උඹ ෆුල් ටයිම් ඉඟුරු ගහගෙනද ඉන්නෙ?....කාලෙකට පස්සෙ ආහම දෙතුං පලකිං වාඩිවෙලා ආගිය තොරතුරු කතාබහ කරල එහෙම ඉඳපල්ලකො....මේක එහෙමද? ගොඩ වෙන්නෙම බැණ අඬගහගෙන..බොල මේ හෙටානිද්ද දීගයන්ට ඉන්න අංගනාවියො වෙච්චි. කොයි වෙලෙත් ඉන්ට එපාය හිනාවෙච්චි ගමං....

      Delete
    2. හෙට අනිද්දා මක්කා වෙනවයි කීවා???!! ඔය මගෙන් අහගන්ඩ තම්යි ඉතිං සුද්ද සින්හලෙං
      ඕං ඈඳි ගත්තා.. දැන් ඉතිං සලකපල්ලා....නැද්ද කූල් මොකුත් හෙම ..

      Delete
  16. //බලාපොරොත්තු නොවිච්චි දෙයක් උනාම බොහෝවිට ඉබේම වෙන දෙයක් තමයි ත්වරකය ( Accelarator ) පෑගෙන එක//

    හිහි...පෙර අත්දැකීමක් ඇත. හැබැයි මෙච්චර සංගදියක්නම් උනේ නැත :) තඩි ලේනෙකුට සිය දිවි හානි කරගැනීමට ආධාර කළා පමණි.

    දැන් එතකොට ඔය කියපු ඩ්‍රයිවර්ගේ දෙවැනි කතාවයි, ඇඩ්‍රස් ටික දෙන්න නුගේ යටට ගියපු කතාවයි, ඊ ළඟ වාන් පතුල් කතාවෙන් අපිට අහගන්න පුළුවන් වෙයි නේද? අඩු ගානේ කළා වැව්‍ ඉවුරෙන් එලියට යා ගත්තොත් ඒත් ඇති.

    එක්කෝ ඒත් ඕන නැත. මේ කතාවේ අග මුල ට්‍රැක් කරගෙන ඉන්න එකම මොලේට හොඳ ව්‍යාමයක් බැවින් ඔන්න ඕහේ ඕන තරම් කතා ලියන්ටයි කියා ඉල්ලමි. මොකක් ලිව්වත් එක වගේ සිරාය :))

    ReplyDelete
    Replies
    1. / හිහි...පෙර අත්දැකීමක් ඇත. හැබැයි මෙච්චර සංගදියක්නම් උනේ නැත :) තඩි ලේනෙකුට සිය දිවි හානි කරගැනීමට ආධාර කළා පමණි. /

      ඔහොම උනාම වෙන්නෙ බොලේ කලබල වෙච්චි පාර බ්‍රේක් පෑගෙන්නෙ හරියටම ලේනා උඩදි....

      මමත් ඉස්සොරොම එල්ෆ් එහෙකිං පුරුදු වෙද්දි පාර හරහ පැනපි මී හරකෙක්. මොනවද බය වෙච්චි පාර ඇක්සලරේටරේ පෑගුණ ලෑල්ලටම. වෙලාවට බෆලෝ සෝල්ජර්ගෙ පශ්චාත් භාගයෙ යාන්තමට වැදුනෙ. වැඩේ කියන්නෙ ඒ හරකා ඔය කොහෙන්ද පෙරලිල පස්ස කකුලක පොඩි නොන්ඩියක් තිබිල තියනව..ඒක හොඳ උනා නෙව. අපෙ එවුං මට ඊට පස්සෙ මට කතා කලේ පසූ වයිද්දිය කියල...හෙහ්, හෙහ්

      / දැන් එතකොට ඔය කියපු ඩ්‍රයිවර්ගේ දෙවැනි කතාවයි, ඇඩ්‍රස් ටික දෙන්න නුගේ යටට ගියපු කතාවයි, ඊ ළඟ වාන් පතුල් කතාවෙන් අපිට අහගන්න පුළුවන් වෙයි නේද? /

      අනිවාර්යයෙං ..අනිවාර්යයෙං....ලියනව..ලියනව...

      ඔන්න ලීවෙ නැත්තං ඉජුඃ, ඉජුඃ කියල කමෙන්ට් කරාපං ඉජුඃ, ඉජුඃ කියල,

      Delete
    2. මචං, නොදන්න කොමට අහන්නේ. පසු වෛද්ය කියන එකෙයි ගයිනොකොලජිස්ට් කියන එකෙයි මොකුත් සම්බන්ධයක් තියෙනවද?

      දැන් ඩොකාලා කලබොල වෙන්ඩ ඕනෙ නෑ මේකට. මම ඇහුවේ මේ රවී එක පාරක් ගයිනෝ කෙනෙක් වෙන්ඩම ගියා. පස්සෙ පසු වෛද්‍ය කියලා නික් නේම් එකක් දාගත්තා. අන්න ඒකයි.

      ඉජුඃ, ඉජුඃ

      මේ පොඩ්ඩක් ප්‍රැක්ටිස් කොලා මචං.

      උඹේ ඔය වාං පතුල් කතාවේ අල ගිය මුල ගිය තැන් මම දන්නවා මචං, අර බුරා කිව්වා වගේ. මටත් ඔන්නම් ඒක මෙතන ගෙනල්ලා අලවන්නත් පුලුවන් කමෙන්ට් එකක් හැටියට.

      ඉජුඃ, ඉජුඃ

      Delete
  17. අන්න බලන්න කීකරු සේවකයො.. එහෙමයි.. බොසා කිව්වද ඌ කළා.. ආයෙ තැන නොතැන වැඩක් නෑ..

    වැසි මැවිසුරු = මේ කියන්නෙ වැස්ස වලාහක දෙවියො ගැන වෙන්ඩැති.. :D

    මමත් පන බයේ අන්තිම අහට ආවෙ වාන් පතුල් කතාව කියලවත්දෝයි කියලා.. කියනවා එහෙම නෙමේ ඕක..

    ReplyDelete
    Replies
    1. වැසි මැවිසුරු කියන්නෙ බොල හුදු හෙළුවෙං නේවාසික ඉංජිනේරු කියන එකට.

      නේවාසික = වාසය කරන = වසන = වැසි

      ඉංජිනේරු = යමක් නිර්මාණය කිරීමෙහි ශූරයා = මැවීමෙහි ශූරයා = මැවිසුරු

      Delete
  18. ඔන්න රවී වාං පතුල් ගැන නං කියල අහුවෙන්න එපා
    වාං පතුල් ඉවර කලොත් අපිට මෙච්චර රසවත් පඳුරු තැලිල්ලක් කොහෙද

    ReplyDelete
    Replies
    1. නෑ..බං..තව ඔන්න ඔහෙ කොටස් දෙක තුනක් ඇදල දාල මේක ඉවර කරඤ්ඤං. ඒත් බය වෙන්ට එපල්ල...තව මොකක් හරි පටලෝල ගන්නං මම පඳුරු තලන්ට නිමිත්තක් හැටියට...ඒක මහ දෙයක්ද බං....හෙහ්, හෙහ්,

      Delete
  19. අර ගමේ... ළමිස්සියෝ සුදු පාටට පේන්න ඇත්තේ මීදුමට වෙන්න ඇති.... ඔය කියන විදිහට ඔය ගමේ මිනිස්සු ගෙදර ඉන්න අනික් එවුන්වත් අඳුරන්නෙ නැතුව ඇතිනේ... ඒ කාලේ ඉතිං වැසිකිලි තිබ්බේ ගෙයිං පිටතනේ.. මලාට වැසිකිලිය හොයාගන්න බැරුව ඇති. මට ඉතිං තව තව ජාති මතක් වෙනවා... එක්කෝ ඔන්නොහේ ඕන්නෑ..

    ඔය ගඩොල් බාගේ මුලින්ම දුන්නේ සෙල්ටෙල් කියලා කොම්පැනියක් මට මතක හැටියට... ඒ කාලේ අවුරුදු 14, 15 ගැටයා උනත්, ඩෙනිමක් ගහලා, බූට් සපත්තු දෙකක් දාලා, පංසලේ හාමුදුරුවන්ගේ සෙල්ටෙල් එක ඒරියල් එක එලියට පේන විදිහට සාක්කුවේ ඔබා ගත්තහම, කට්ටිය හිතන්නේ මම හාමුදුරුවන්ගේ බොඩිගාඩ් කියලා... ඒ හාමුදුරුවන්ට දේසපාලන සම්බන්ධතා එහෙමත් තිබ්බ නිසා වෙන්ටැ.

    වතාවක් වාහනේක යන ගමන් පාරේ සර්පයෙක් ඉඳලා, අපේ පියාණන්දෑ කකුල් දෙකම උස්ස ගත්තනේ... තව පොඩ්ඩෙන් නවතින්නේ ඉස්සරහ ගිය වාහනේ ඩිකියේ...

    ReplyDelete
    Replies
    1. / අර ගමේ... ළමිස්සියෝ සුදු පාටට පේන්න ඇත්තේ මීදුමට වෙන්න ඇති.... ඔය කියන විදිහට ඔය ගමේ මිනිස්සු ගෙදර ඉන්න අනික් එවුන්වත් අඳුරන්නෙ නැතුව ඇතිනේ... ඒ කාලේ ඉතිං වැසිකිලි තිබ්බේ ගෙයිං පිටතනේ.. මලාට වැසිකිලිය හොයාගන්න බැරුව ඇති. මට ඉතිං තව තව ජාති මතක් වෙනවා... එක්කෝ ඔන්නොහේ ඕන්නෑ /

      හෙහ්, හෙහ්..මම අර කලින් කිව්වෙ මන්දාරම් නුවර අපෙ යාලුවෙක්ගෙ හෙදර ගිය ගමනක් ගැන. මම මේ කතාවෙ ගම්මානෙ ගැන ලිව්වෙ එදා එහෙදි හීංවට අඩියක් ගහන ගමං අපි කට්ටිය දොඩවපු විකාර අනුසාරයෙං..කොච්චර හිනා උනාද කිව්වොත් අන්තිමට බීපු එකෙනුත් කිසි වැඩක් නැතිඋනා....මයෙ යාලුවගෙ අම්ම ( නියම උඩරට විදිහට බෝරිච්චි අත්දාපු හැට්ටයක් සග ඔසරියක් ඇඳගෙන හිටපු වයස හැටක විතර බොහොම ගාම්භීර පෙනුමක් තිබ්බ කුල කාන්තාවක් ඒ අම්ම ) අන්තිමට අතිං කට වහගෙන හිනාඋනා " අනේ මේ පුතාල කියන එව්ව " කියල.ආයෙම වෙලාවක ඒ කතා ටික ලියන්නංකො, " මන්දාරම් නුවර මීදුම ගැන ගෙතූ අන්දර " කියල හෙහ්, හෙහ්,

      / ඔය ගඩොල් බාගේ මුලින්ම දුන්නේ සෙල්ටෙල් කියලා කොම්පැනියක් මට මතක හැටියට /

      හරි මල්ලි. 1987/88 විතර තමයි ඉස්සෙල්ලාම මොබයිල් ෆෝන්ස් ලංකාවට ආවෙ. මුල්ම කම්පනි එක තමයි සෙල්ටෙල්. පස්සෙ ඒක වැහිල ගියා. 2006 විතර මට මතකයි වෙන නමකින් ( නම මතක නැත ) ආය සෙල් ටෙල් පටන් ගන්න ගියා ලොකු ප්‍රමෝෂන් එකක් එහෙම දීල. ඒත් ඒ වැඩේ හරිගියෙ නෑ.

      මොබයිල් ෆෝන් එකට පර්යාය පදයක් විදිහට සෙල්ටෙල් කියන වචනෙ පාවිච්චි උනා බොහොම කාලයක් යන තුරු.

      " ඒයි අරූ ගාව තියනව මරු නොකියා සෙල්ටෙල් එකක්, ලේටස්ට් එකලු…"

      ඔය වගෙ පර්යාය පද තව තියනව..

      " ඒයි කදුරුවෙල ගිහිල්ල එනකොට මට සයිස් දහයෙ ඩී.එස්.අයි. බාටා දෙකක් අරං වරෙං.." ඒ පුංචි බණ්ඩ..මගෙ තව යාලුවෙක්

      " මහත්තය, අනික් පාර හිල්ටියක් ගන්නකොට මකිටා එකක් ගන්ට. ඒක තමයි හොඳම....." ඒ අපේ සයිට් එකේ හෙඩ් බාසුන්නැහේ ( හිල්ටි මකිටා දෙකම පවර් ටූල්ස් වල වෙලඳ නම්. ඒත් ලංකාවට මුලින්ම ආවෙ හිල්ටි බ්‍රෑන්ඩ් එක නිසාද මන්ද හෑන්ඩ් ඩ්‍රිල්ස් වලට එහෙම බාසුන්නැහෙලා කියන්නෙම හිල්ටියක්ය කියල.)

      Delete
    2. /හරි මල්ලි. 1987/88 විතර තමයි ඉස්සෙල්ලාම මොබයිල් ෆෝන්ස් ලංකාවට ආවෙ. මුල්ම කම්පනි එක තමයි සෙල්ටෙල්. පස්සෙ ඒක වැහිල ගියා. 2006 විතර මට මතකයි වෙන නමකින් ( නම මතක නැත ) ආය සෙල් ටෙල් පටන් ගන්න ගියා ලොකු ප්‍රමෝෂන් එකක් එහෙම දීල. ඒත් ඒ වැඩේ හරිගියෙ නෑ./

      ඔය කියන්නෙ සෙල්ටෙල් ගැන නෙවේ, කෝල්ලින්ක් ගැන මගෙහිතේ. සෙල්ටෙල්නෙ ටීගො වෙලා පස්සෙ එටිසලාට් උනෙ. හැබැයි කෝල්ලින්ක් ටික කාලයක් වහල තිබුනට ඒක තමයි 'හුච්' වෙලාතියෙන්නෙ

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...