Thursday, August 15, 2013

111. මැරුණා නං....

ගිය අවුරුද්දේ ජූලි මාසේ ඔන්න මට මොකද්ද හිතිලා පුංචි පද පේළි කිහිපයක් ලියලා අපේ මිනි කවි බ්ලොග් එකට යවලා තිබෙනවා. ඒක පල වුනාට පස්සේ වෙච්ච පදපේළි සංවාදය අද අහම්බෙන් කියවන්න ලැබුනාම හිතුනා ඒ ටික ගෙනැත් මෙතැන තිබ්බා නම් හොඳයි කියලා. තව කොමෙන්ට් තිබුනා නමුත් එව්වා, කවි වගේ ලියපු එව්වා නොවන නිසා මෙතැනට ගෙනාවේ නැහැ.

මැරුණා නං....

හිතෙනවා මට
මැරිලා බලන්ට
කොමෙන්ටු වැටෙනා හැටි
මගේ බ්ලොග් එකට
රූ.... said...
මද්දුම බන්ඩාර නම් කිව්වෙ
අයියන්ඩි බිය නොවන්න
මැරෙන හැටි මම පෙන්වන්නම් කියලා..

ඉතින් අපිත් කියන්නම්
අක්කන්ඩි බිය නොවන්න
කෙමෙන්ටු වැටෙන හැටි
අපි පෙන්නවන්නම්..


තනෝජා රාජපක්‍ෂ said...
වැඩිමනත් කියයි
මෝඩ අම්මණ්ඩියෙක්
ඉතින් මැරියන්
කොමෙන්ටු බලන්ඩ


RanDil said...
කවි වලට ගෑණු පිරිමි කං
හොඳ නැහැ දෙන එකනං
:)
එතකොට මං කියනවා

කවිය කියවාපං
කවියා නොකියවාපං 


Ravi said...
එම්බා දරුව,
තොප කුමන මංගල්ලයක් නම්,
තෙපලන්නෙහිද?

එසඳ,
මා තනිව,
වියුණුව ඇදගෙන යනු කෙලෙසකද

එසේ හෙයින්,
තොපට පවසමි මෙලෙස,
පික්ෂු නම් නොකෙළිනු මැන,

මියෙන්නට පළමු,
චැට් එකෙන් වත්,
මාහට දැනුම් දෙනු මැන... 


තනෝජා රාජපක්‍ෂ said...
හරි හරි මෝඩයෙක්
කියමුකෝ හෙනම්..
ඒකයෑ කාරිය මෙන්න
මෙතනත් ඇවිත්

ගත් පුංචි තීරණය
වෙනස් වන්ටත් හැකිය
ඒත් කියලම පලලු
බ්ලොගෙ බූදලෙට ගන්න ;) 


RanDil said...
දැනුම් දෙමි
දැනුම් දෙමි
නොබා පසු වෙව
මා හිතාදර මිතුර

තේ කෝපි
සාදාගෙන
විස්කෝතු සමගින්
පිරිනමන්නට
දින හතක් පුරා
බ්ලොගෙටම වී
ඉන්නට සිදුවෙයි
නුඹ හට

දුක්බර සිතින්
දිග කොමෙන්ට්
දමන්නන් හට
දෙන්න ඕනෑ
කිරි කෝපි සමඟින්
සැන්ඩ්විචස්
'නිවන් සුව' හෝ
'ඔනිසුඅවේ' යනුවෙන්
කියන කම්මැලියන් හට
දෙන්න එපා එක
විස්කෝතු රොඩ්ඩක් !!! 


RanDil said...
පික්ෂුද බං
මා හිතාදර අක්කේ
උන්දැ ඔය කියන්නේ
කියලා පල යන අහක
වසා දමා මේ උලව්ව
මාත් පැත්තකට වෙන්ට
කියලා නෙව 


තනෝජා රාජපක්‍ෂ said...
අහා ඇත්තට
දෙන්ටෙපා යන්න
ඇබ්බැහිය කර ගත්තේ
දුක් ගොඩක් විඳල නෙව

උන්දෑගෙ ලස්සන
අරුත්බර සටහන්
පුංචි උන්හට දුන්නු
පිනම ඇති බොට ඔන්න

යන තැනක උඹ
නොකියාම පලයන්
හොරෙන් චැට් එකේවිත්
කියපිය විතරක්ම මට ;) 


Ravi said...
@ තනෝජා,

/ ගත් පුංචි තීරණය
වෙනස් වෙන්ටත් හැකිය,
ඒත් කියලම පලලු,
බ්ලොගෙ බූදලෙට ගන්ට, :) /

කිසි විටෙක නොසිතුවෙමි,
එලෙස තුන් සිතකවත්,
අහෝ ඔබ කියුම් බස්,
තවයි මා සිත් සතන්,

එසඳ ඒ මොහොතේම,
නැඟී රට ඉඳි රුකෙක,
ගෙලින් වැලලා ගනිමි,
එසැණින්මැ මියෙන්නෙමි. :( :( :( 


තනෝජා රාජපක්‍ෂ said...
@Ravi,

නැගුණිනම් ගසක ඒ
අනේ රටඉඳි ටිකක්
කඩා මා වෙත එවා
නැගු නැවත ඕනෙනම්

------------------

අනේ අයියණ්ඩියෙණි
සමාවුව මැන හෙනන්
තුන් හිතක් කාගෙවත්
දකිනු කෙලෙසක මෙමම්

දනිමි නුඹ ලියන්නේ
කාන්සිය හැර ගන්ට
හැකි නමුත් පුරවන්න
කම්මැලිය බව දනිම් ;)

හැබැයි තව බෑ වාද
යන්ට ඕනෑ මෙමට
අර කෙල්ලො දෙන්නාම
බලන් ඇති මඟ දැන්ම :) 


පූසා said...
එහෙනං
අපිටත් බලන්ට තිබ්බා
සමහරු
මරණේ මාර්කට් කරං
හිට්ස් එකතු කරන හැටි! :D

19 comments:

  1. මටත් මෙහෙම හිතෙනවා අනේ :D

    ReplyDelete
    Replies
    1. වැඩක් නැහැ අනේ........ මං මේ කල්පනා කර කර හිටියේ පිං පව් විතරක් නෙමෙයි පාස්වර්ඩ් යූසර්නේම් එහෙමත් වින්නානෙත් එක්ක ගෙනියාගන්න ක්‍රමයක් දාලා සිස්ටම් එක අප්ග්‍රේඩ් කරන්න හිතෙන්නේ නැද්ද දන්නේ නැහැ සිස්ටම් එක හදපු අයට.... :D නැත්තං ඉතිං තව අවුරුදු 100ක් යද්දි දැන් තියෙන සේරම ෆේස් බුක් ප්‍රොෆයිල්, ඊ මේල් එහෙම මළ ප්‍රොෆයිල් වෙනවානේ...........

      Delete
  2. මටත් හිතයි මැරිලා බලන්න. කට්ටිය හිටු කියලා කොමෙන්ටු දායි (කියන්න බෑ. දැන් තියෙන තරංවත් නැති වෙයි ද මන්ද!)

    ReplyDelete
    Replies
    1. මැරුණට පස්සේ මං මළා කියලා පණිවුඩයක් එවන්ට වෙයි........ :)

      Delete
  3. අපි හිතා හිටියෙ නං
    මැරිලම තමයි කියා
    පුදුම ආතල් එකෙං
    හිටියෙ රවියා සමග

    බැලින්නම් දැං බොලේ
    මැරිලා නෑ මේ උන්දි
    අනේ හත් දෙයියනේ
    මළ ගේ වගේ දැන්

    ReplyDelete
    Replies
    1. නැහ් නැහ් එහෙම වෙන එකක් නැහ්............ ආයෙම අයිඩ්ල් වෙන්න වෙයි වගේ............. :)

      Delete
  4. කට්ටිය බය උනාට මැරෙන එකත් ෆන් ඇති..
    ඔය ඔන්න මෙන්න මැරෙන්න හිටපු උං උංගේ අත්දැකීම් එහෙම කියන්නේ...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඉතිං.......... ඒකත් මැරිලාම තමයි බලන්න වෙන්නේ....... :)

      Delete
  5. මැරෙනවා නම් ඉතින් දැන්ය කියලා පරක්කු නෑ ඕන්..
    අපි එනවා හත් දොහේම නිදි වරන්න !

    ReplyDelete
    Replies
    1. හපොයි.......... අපිය කිව්වේ................ කොහොම වුනත් බෑංක් ලෝන් එකක්වත් දාලා තියලා තමයි යන්න වෙන්නේ.... :)

      Delete
  6. අනෙ මන්ද බන් අයියෙ

    ReplyDelete
    Replies
    1. ගහන ගහන හෙණ ලංකාතිලකෙට කිව්වලු...

      ඒකත් මට කියන්නෙ? මං අර මක්කා කලාටද?

      Delete
  7. ඇත්තමයි බං, අපි හිතා උන්නේ උඹ කජ්ජ ගහලා තමයි කියලා රවියා දිගටම ලියනකොට. අහන්න කීප වතාවක් හිතුවත්, අරූ ලියන ඒවා කියෙව්වම ඒක අමතක වෙනවා. :D

    ReplyDelete
    Replies
    1. හ්ම්..... හිතේ ඇති කට්ටියට කජ්ජ ගහයි කියලා අද හෙට.....

      Delete
  8. අම්මට උඩු..නෙල්සන් නේද?...මතකද ඩේවිඩ් ෂෙපර්ඩ්?...අන්න ඒ වගෙ එහෙනං 112 ලියනකල් කකුලක් උස්සගෙන ඉඳහං..නැත්තං බොහොම අපලයි...හෙහ්, හෙහ්

    ReplyDelete
  9. මේ කවි වාදෙ නම් නැගලා ගියා නේන්නං...වෙල්කම් රන්දිල්..

    ReplyDelete
  10. මැරිලම බලන්න හිතෙනවා.ගෑණිවයි ලමයවයි බලාගන්නවද පොඩ්ඩක්.

    ReplyDelete
  11. ඇත්තෙන් ම නංගියේ
    තැබු බව මේ වාගෙ
    හර බර වාදයක්
    නෑ සිතේ කොනකවත්

    ගෙනත් තියලා මෙතන
    කෞතුකාගාරෙ වගෙ
    කරන්නට සත්කාර
    හිතුවාද කවිවලට

    ලියපු කවි තැන නොතැන
    කොහේ කොතනක ඇතිද
    එකතු කරනට සිතේ
    ඒත් කෙලියක් නෙමේ... :(

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...