Saturday, August 3, 2013

208. පුදුකුඩිඉරුප්පු සහ වැලිවේරිය.....2009 සහ 2013.


සමාන්තර විශ්වයන් පිළිබඳව ඔබ අසා තිබේද? ආතර් සී. ක්ලාර්ක් සහ ස්ටීවන් බැක්ස්ටර් යන මහතුන් දෙපල එකතුව ලියූ A Time Odyssey තුන් ඈඳුතු විද්‍යා ප්‍රබන්ධ කථා මාලාවෙහි පෘථිවියට පැමිණෙන මිනිස් වර්ගයාට වටහා ගත නොහැකි පමණ තාක්ෂණයෙන් දියුණු ජීවීන් ( ඔවුන් ජීවීන් යන අපගේ නිර්වචනයට ඇතුළත් වන්නේ නම් ) පිරිසක පිළිබඳව සඳහන් වේ. ඔවුහු පෘථිවිය වසර දහස් හෝ ලක්ෂ ගණනක පරතරයෙන් යුතු එක් එක් යුග සමාන්තරව සහ සමගාමීව පවතින ලෙස කලාප වලට බෙදති. මේ සියල්ල සිදුවනුයේ ක්‍රි. ව. 2037 වර්තමානය ලෙස සලකන පෘථිවියේය. 

ඒ අනුව වානර මානවයින් හා සමගාමීව රඩ්යාර්ඩ් කිප්ලිං ( 19 වන සියවස අග භගයෙහි සහ 20 වන සියවස මුල භාගයෙහි ජීවත් වූ බ්‍රිතාන්‍ය සාහිත්‍ය ධරයෙකි ) දිවි ගෙවති. ඒ හා සමඟ ඒ අනුයාත කලාපයක මහා ඇලෙක්සැන්ඩර් සහ ජෙන්ගිස් ඛාන් එකිනෙකා හා යුද වැදීම පිණිස බල මුළු තර කරති.යුදෝපායයන් පිළිබඳව ජෙන්ගිස් ඛාන්ට උපදෙස් දෙනුයේ ක්‍රි.ව. 2037 තම වර්තමානය ලෙස සලකන සෝවියට් අභ්‍යාවකාශගාමියෙකි. 

ආතර් සී. ක්ලාර්ක් සහ ස්ටීවන් බැක්ස්ටර්ගේ මේ අපූර්ව වෘතාන්තය මසිතට පිවිසියේ එවන් එහෙත් ඊට වඩා අපට ඉතාම ආසන්න සිදුවීමක් හෝ සිදුවීම් කිහිපයක් පිළිබඳව සිත මෙහෙයවද්දීය. 

සැණෙකින් මසිතෙහි ආතර් සී. ක්ලාර්ක් සග ස්ටීවන් බැක්ස්ටර්ගේ මනෝරාජික ලෝකයෙහි මෙන් විවිධ කාල වකවානුවල සිදුවූ විවිධ සිද්ධීන් රඟ දෙන්නට වූයේය. ඒ එකිනෙක යම් සම්බන්ධතාවයක් ඇත්දැයි විභාග කිරීම ඔබට භාර කරමි. 

කාලානුක්‍රමික අනුපිළිවෙල අනුව මුලින්ම එහි දිස්වූයේ මාටින් නීමොලර් පියතුමාය. ඒ වනාහී ක්‍රි.ව. 1938 වර්ෂයයි. මුලින් හිට්ලර්වාදියකුව කටයුතු කල ඔහු පසුව හිට්ලර්ගේ බල වියරුව සහ යුදෙව් සංහාරය පිළිබඳ කලකිරී දැඩි නාසි විරෝධියෙකු විය.මේ ඔහුගේ සුප්‍රසිද්ධ ප්‍රකාශනයකි. First they came…….


First they came for the communists,
and I didn't speak out because I wasn't a communist.

Then they came for the socialists,
and I didn't speak out because I wasn't a socialist.

Then they came for the trade unionists,
and I didn't speak out because I wasn't a trade unionist.

Then they came for the Jews,
and I didn't speak out because I wasn't a Jew.

Then they came for the Catholics,
and I didn't speak out because I wasn't a Catholic.

Then they came for me,
and there was no one left to speak for me. 

“ජර්මනියේ නාසි වාදීන් මුලින්ම ඝාතනය කළහු 
කොමියුනිස්ට්වරුය. 
මම ඒ ගැන කිසිවක් නොකීවේ 
මා කොමියුනිස්ට්වාදියකු නොවන බැවිනි. 

ඊළඟට ඔවුහු ඝාතනය කළේ 
වෘත්තිය සමිති නායකයන්ය. 
මම ඒ ගැන බසක්වත් නොකීවේ 
මම වෘත්තීය සමිතියකට බැඳි නොසිටි බැවිනි. 

ඊළඟට ඔවුහු ප්‍රොතෙස්තන්ත්‍රයන් ඝාතනය කළහ. 
මම කිසිවක් නොකීවෙමි 
ඇයි මම කතෝලිකයකු නොවැ

 අවසානයේ ඔවුහු මා වෙත පැමිණියහ. 
එවිට මා වෙනුවෙන් ඉදිරිපත් වීමට 
කිසිවෙක් ඉතිරිවී නොසිටියහ.” 

දෙවන දර්ශනය ; වර්ෂ 1982..කොළඹ මහාධිකරණ ශාලාව..තමනට දඬුවම් නියම කිරීමෙන් පසු අධිකරණ ශාලාව අමතා 1983 ජූලි මස දේශප්‍රේමීන් විසින් වැලිකඩ බන්ධනාගාරය තුලදීම ඝාතනය කරන ලද සෙල්වරාජා යෝගේන්ද්‍රන් හෙවත් කුට්ටිමනී මෙසේ ප්‍රකාශ කලේය. ඒ සත්‍ය වශයෙන්ම අධිකරණ ශාලාව නොව මුළු මහත් දකුණු ශ්‍රී ලංකාවම ඇමතීමක් යයි එකළ අපි කිසිදු ලෙසකින් නොසිතූවෙමු. 

" ඉතිහාසය එකම වටයේ යළි යළිත් කැරකෙයි. තමිල් ජනයාගේ නිදහස සිංහල පීඩිත ජනයා නොතකා හරින්නේ නම් අලිමංකඩ හා කරෙයිනගර් හමුදා වධ කඳවුරු කුරුණෑගලට සහ හම්බන්තොටට ගෙන එන දිනයක් උදාවනු ඇත " 

එසේමය. 1987 සහ 1988 දී ඒ වධ කඳවුරු දකුණට ගෙන එනු ලැබීය. එහෙත් මාටින් නිමෝලර් පියතුමාගේ සුප්‍රසිද්ධ ප්‍රකාශයෙහි සරණ පැතූ අපි නිහඬ වීමු. 

යලි බොහෝ කලක් ගත නොවීය. වධ කඳවුරු යලි උතුර බලා ගියෝය.. අපි ඔවුන් වෙනුවෙන් බෝධි පූජා පැවැත්වූයෙමු.බැනර් දැමීමු. උතුරේ වධ කඳවුරු පිළිබඳව විටින් විට මාධ්‍ය කිහිපයක තොරතුරු පළ වුවද ඔවුන් ද්‍රෝහීන් ලෙස නම් කොට අපි යලිදු නීමොලර් ප්‍රකාශය සරණ ගියෙමු. 

තෙවන දර්ශනය..2009 අප්‍රේල් / මැයි පුදුකුඩිඉරුප්පු....ඔවුහු උද්ඝෝෂණය නොකළෝය. ඔවුන් අයැද සිටියේ ජීවිතය පමණි. " ෂූට් පන්න වේනාම් …." 

එදවස වැලිවේරිය මංසන්ධිය හරහා අති විශාල බැනරයක් විය. රණ විරුවනි, අපි ඔබ සමඟයි.. යෝධ අකුරින් ඒ හරහා ලියවී තිබිණි. ඒ අසල වූ විහාරයෙහි සතියකට අවම වශයෙන් තෙවරක් රණවිරුවනට සෙත් පතා බෝධි පූජා පැවැත්විණි. 

සිව්වන දර්ශනය - 2013 අගෝස්තු 1 - ස්ථානය වැලිවේරිය මංසන්ධිය. 

බීමට පිරිසුදු ජලය ලබාගැනීමෙහි තම මූලික අයිතිය උදෙසා උද්ඝෝෂණයෙහි නිරතවූ නිරායුධ ජනතාව ඉදිරියෙහි වූයේ ෆ්ලැක් ජැකට්ස් නොහොත් සිරුරු ආරක්ෂිත ඇඟලුම් වලින් සැරසී ටී 56 අතදරා සිටි සෙබළුන් පිරිසකි. " වෙඩි තියන්න එපා " ඔවුහු ද එසේ අයැද සිටියහ. 

එහෙත් වෙලඳ කලාප සේවකයින්ගේ සහ ධීවරයින්ගේ මෙන්ම ඔවුන්ගේ ද ආයාචනය ඇසුණු කිසිවෙක් එහි නොවූහ. 

ඒ මියගියේ රණ විරුවණි අපි ඔබ සමඟයි බැනරය පොල් ගසේ ගැටගැසීමට ගසට නැඟි තරුණයකු විය නොහැකිද?.... සුදු වතින් සැරසී රණවිරුවනට සෙත් පතා බෝධි පූජාවකට සහභාගී වූවකු විය නොහැකිද? 

වසර සතරකට ඉහත අපි මහ මඟ කිරිබත් උයා කෑවෙමු.නන්දා මාලිනිය හා එක්ව ඉතින් අපි ගයමු. " දසතින් ගලා ක්ෂීර පායාස ධාරා හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී. "

ප. ලි - කිසිවක් කිසිවකුට නොමිළයේ නොලැබේ. මේ වනාහී යුද ජයග්‍රහණය වෙනුවෙන් ගෙවිය යුතු මිළයි. තව කොපමණ කලක් මෙසේ මිළ ගෙවිය යුතුද යන්න තීරණය කිරීම කලයුත්තේද අපමය. 

Note -  පුදුකුඩිඉරුප්පු ආසන්නයෙහිදී 2009 අප්‍රේල් සහ මැයි මාස වලදී හමුදා ප්‍රහාර වලින් බොහෝ නිරායුධ දමිළයින් මියගිය බවට චෝදනා එල්ලවිය.එහෙත් රජය දැඩි අවධාරණයෙන් ප්‍රකාශ කලේ හමුදාව කිසිම විටක නිරායුධ මිනිසුන්ට වෙඩි නොතැබූ අතර තමන් යෙදුනේ මානුෂික මෙහෙයුමක බවය. 

28 comments:

  1. කිසිවක් කිසිවෙකුට නොමිලයේ නොලැබේ,එංගලන්තයේ පැවැත්වුනු රාත්‍රී භෝජනයකදී කතාවකට ආරාධනා ලැබූ ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාද සිය කතාව ආරම්භකර ඇත්තේ මේ වාක්‍යය අවධාරණය කරමිනි.

    ReplyDelete
  2. Meyath manushika meheyumak ??

    ReplyDelete
  3. සාබිතුත් මේ වර්ස් එකම දාලා තිබ්බා පෝස්ට් එකක තව කාටූන් එකකුත් එක්ක. ඒ කාටූන් එකේ තියෙන්නේකො‍ටු දෙකයි. එකක් පළවෙනි කො‍ටුවේ සෙබලා උතුරට තුවක්කුව මානාගෙන ඉන්නකොට දකුණේ වැසියා හුරේ දානවා. දෙවනි කො‍ටුවේ ඒ සෙබලාම දකුණට තුවක්කුව මානනවා. දකුණේ පොරට තරු පේනවා.

    මම ඒකට දාපු කමෙන්‍ටුව මේකයි.

    මේ කාටූන් එක වැරදියි සාබිත්. මේ යටම කො‍ටුව දෙපාරක් එන්න ඕනෙ. ඒ කියන්නේ ඒක කොපි කරලා පේස්ට් කරන්න ඕනෙ ඔය දෙකටම උඩින්. ඇයි බං, හැත්තෑ එකේ භීෂණය. එතකොට අසූවේ අග භාගයේ භීෂණය? මම හිතන්නේ එක පාරක් නෙවෙයි උඩින් තියලා Ctrl+V X 2 (දෙපාරක් අලවන්න) ඕනේ.

    එතකොට අපි හැත්තෑ එකේ අසූ නමයේ වන්දි ගෙව්වේ මොන වරදකට රිටර්න් එක හැටියටද? අපරාදේ කියන්න බෑ අපි ජීවිතේ හොඳම කාලේ කරලා තියෙන්නේ වන්දි ගෙවන එකම තමයි.

    වතුර ගැන වෙනම කමෙන්ට් එකක් දාන්නම්. අපි වතුරට ගෙවන හැටි!

    ReplyDelete
  4. යුද්දය අවසන්වී කාලයක් ගතවී ඇත. සොල්දාදුවන් කොපමණ දිවි දුන්නාදැයි ඔබට අමතක වී ඇත පාරට බහින කෙනාට නිවසට එනකන් ජීවිතය රැක ගන්නේ කෙසේදැයි සිතු කාලය ඔබට අමතක වී ඇත දිනාගත් සාමය එදා සහ අද සන්සන්දනය කර අවතක්සේරුවකට ලක් කර ද්‍රෝහියෙකු නොවන්න. නැතහොත් ඔබට මට සහ රටේ සියලුදෙනාට මේ වෙනුවෙන් යම් දිනෙක විපාක විදීමට සිදුවනු ඇත මේක ලියන මාද සොල්දාදුවෙකි.

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/photo.php?fbid=496839000400842&set=a.108638882554191.17672.100002242409052&type=1&theater

      මේකත් බලන්න

      Delete
    2. කියන්නෙ ගල් මුල් වලින් ගහනකොට කරබගෙන ඉන්න කියලද ?

      Delete
    3. / යුද්දය අවසන්වී කාලයක් ගතවී ඇත. /

      මම පවසන්නේද එයමය. යුද්ධය අවසන්ව කාලයක් ගතව ඇත. එබැවින්ම යුද මානසිකත්වයෙන් මිදිය යුතු කාලය එළඹ ඇත.

      එහෙත් රට කරවන පාලකයින්ට තවමත් යුද්ධය අවසන්ව නොමැති බව පෙනේ.මීට පෙර කටුනායක සහ මීගමුව යුද පිටි බවට පත් කල ඔවුහු පසුගිය බෘහස්පතින්දා වැලිවේරියට යුද්ධය රැගෙන ආවෝය.

      උදෑසන බීමට ජලය ඉල්ලා කෙරෙන උද්ඝෝෂණයට පිටත්ව ගිය තම මව, පියා හෝ සහෝදරයා සවස ආපසු නිරුපද්‍රිතව නිවසට පැමිණේද යන්න සැක සහිතනම් දිනාගත් සාමයක් ගැන කෙසේ උදම් අනමුද? සාමය යනු එල්.ටී.ටී. ඊ. බෝම්බ පිපිරවීමකින් මිය නොයන බවට සහතිකය පමණක් නොවේ. රට රැකීමට දිව්රුම් දී සිටින ආරක්ෂක හමුදාවන්ගේ වෙඩි පහරින් මිය නොයෑමේ සහතිකයද ඊට එක හෙලාම අයත්ය.

      උද්ඝෝෂණයකින් සෙසු මහජනයාහට බාධා සිදුවන්නේ නම් අවම බලය භාවිතාකොට ඒ විසුරුවා හැරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. කඳුළු ගෑස්, රබර් උණ්ඩ, වතුර විදීම ඒ උදෙසා පිළිගත් ක්‍රමෝපායන්වේ. හමුදාව යනු එවන් පුහුණුවක් ලද පිරිසක් නොවන් බැවින් ඔවුන්ගේ පිළිගැනීම අනුව අවම බලය භාවිතා කිරීම යනු ඉවක් බවක් නොමැතිව වෙඩි තැබීමයි. වැලිවේරියේ සිදුව ඇත්තේ වෙන කිසිවක් නොව එයයි.

      මේකත් බලන්න...

      සොල්දාදුවෝ, දැන් බැහැපිය කරෙන් බිමට..

      Delete
    4. @Pfg Cooray
      මම ඔබට අනුකම්පා කරමි.ඒ ඔබ එක් සොල්දාදුවෙක් පමනක් නිසාමය.ඔබේ හිසට ඉලක්ක කර ඇත්තේත් ,අද ඔබ අපිට ඉලක්ක කරන ඒ තුවක්කුවමය.එය ඔබට වැටහෙන විට ඔබ ප්‍රමාද වැඩිය.කුඩු කාර ඇමති පුත්තුන්ගෙන් ඔලු කටු කුඩුවෙන්න සප්පායම් වෙන මේජර්ලා ඉන්න රටේ ඔබ වැනි පුද්ගලයින් නැත්තේද නොවේ.ඔබ කල සේවයට පින් දුන් මිනිසුන්ට දුන් හමුදා උත්තමාචාර්‍ය්යද මේ?

      Delete
  5. සොල්දාදුවාගේ වග කියයුත්තේ රටට මිස රට කන දේශපාලුවන්ට නොවේ තමනට වඩා අසරණ බලය අඩු පිරිස් තුවක්කුවේ බලයට යටකිරිම දේශ මාමක නොවේ සොල්දාදුවා විනය ක් නැති ටෙරා කෙනෙකු විය යුතු ද

    ReplyDelete
  6. @කුරේ
    මම ඔබට අනුකම්පා කරමි.ඒ ඔබ එක් සොල්දාදුවෙක් පමනක් නිසාමය.ඔබේ හිසට ඉලක්ක කර ඇත්තේත් ,අද ඔබ අපිට ඉලක්ක කරන ඒ තුවක්කුවමය.එය ඔබට වැටහෙන විට ඔබ ප්‍රමාද වැඩිය.කුඩු කාර ඇමති පුත්තුන්ගෙන් ඔලු කටු කුඩුවෙන්න සප්පායම් වෙන මේජර්ලා ඉන්න රටේ ඔබ වැනි පුද්ගලයින් නැත්තේද නොවේ.ඔබ කල සේවයට පින් දුන් මිනිසුන්ට දුන් හමුදා උත්තමාචාර්‍ය්යද මේ?

    ReplyDelete
  7. සම්පූර්ණයෙන්ම එකඟයි...

    මිනිසුන්ට පිරිසිදු ජලයේ අවශ්‍යතාවය තදින්ම දැනුනේ බස්නාහිරට මේ ජල ගැටලුව උදාවූ පසුවය. එතෙක් ඔවුන් සිතා සිටියේ තමන් නිරෝගී ජන කොටසක් බවය.

    එහෙත් උතුරු මැද පළාතේ ගොවියන් රෝගී වූයේ මිට කලක සිටය. එදා සිට මේවන තෙක් ඔවුහු කිසිවෙක් උතුරු මැද ජනතාව මුහුණ දෙන පානීය ජල ගැටලුව පිළිබඳ ඇසක් ඇර බැලුවේ නැත. මට කණගාටු එයයි.

    මේ වසරේ මුලදී මාතුබු එවන් සටහක් කෙටියෙන් මෙහි තබන්නම්.

    1958 න් පසු ව ඇති වු නව සමාජ දේශපාලනික විපර්යාසයන් හේතුවෙන් රජරට වැව කේන්ද්‍ර කරගනිමින් බිහි වූ ගොවි ජනපද ක්‍රමය නිසා කෘෂිකර්මාන්තය සිඝ්‍ර දියුණුවක් ලබන්න හේතුවක් වූවා සේ ම අනෙක් අතට කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ගැමි ජනතාවගේ නොදැනුවත් කම නිසා ම වර්තමානයේ දීර්ඝ කාලින රෝගීන් බවට පත්වන්නේ පසුගිය දශක හය හමාරකට ආසන්න කාලයක් පුරා සිය ගොවිතැන් කටයුතු සඳහා ඉවක් බවක් නොමැතිව දිගු කාලිනව පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය භාවිතා කිරිම හේතුවෙන්.

    එසේ ප්‍රමිතියකින් තොරව මෙරටට ආනයනයනය කරන කෘෂි රසායන ද්‍රව්‍යවල අඩංගු ආසනික්, රසදිය, කැඩ්මියම්, (බැර ලෝහ ) සහ යුරේනියම් (විකිරණ) වැනි උග්‍ර විෂ සහිත රසායන ද්‍රව්‍ය පොළව මතුපිට ඇති වැව් , ගංගා, ඇළ දොළ, පොකුණුවලට සේ ම භූගත ජලයටත් මිශ්‍ර විම ය. මේවා වරක් පරිසරයට ඇතුළු වූ පසු ඉවත් නොවේ. විශේෂයෙන්ම මේ බැර ලෝහ ස්වභාවික පරිසර චක්‍රයේ ක්‍රියා කාරීත්වයට ඇතුළුවී ඇත.

    මුළු රජරට ප්‍රදේශයේම පානීය ජලයේ රසායනික සාන්ද්‍රණය ඉහල යාම හේතුවෙන් මේ වන විට විශාල වශයෙන් වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතී. බොහෝ වකුගඩු රෝගීන් තමන්ට එවැනි රෝගයක් වැළඳී ඇති බව දැනගන්නා විට හෝ රෝහල්වල කෙරෙන පරීක්ෂණ මගින් එකී රෝගී තත්වය නිශ්චිතවම වැළඳී ඇති බව තහවුරු කර ගන්නා විට ඔවුන්ගේ වකුගඩු වලින් 40% - 50% අතර ප්‍රමාණයක් අක්‍රිය වී අවසන්ය. යමෙකුට මේ රෝගය වැළඳුන පසුව නියතයෙන් ම හිමි වන්නේ මරණයයි. ඒ අනුව උතුරු මැද පළාතේ ග්‍රාමීය ජනතාව උග්‍ර පානීය ජල ගැටලුවකට මෙන්ම දැන් වකුගඩු අක්‍රිය වීමේ රෝගයට ද මුහුණ දෙමින් සිටී.

    එහෙත් මේ දක්වා රජරට ගැමි ජනතාව තව දුරටත් සිය ගම්බිම්වල ඇති ළිංවලින් මෙන්ම වැව් , ගංගා, ඇළ දොළ, පොකුණුවලින් සිය පානිය ජල අවශ්‍යතා සපුරා ගැනිම හැර වෙනත් කළ යුතු දෙයක් ඔවුනට නොමැත. එදා යුද්ධයේදී හඬ අවදිකළ රාජ්‍ය නොවන සංවිධාන පවා මේ මොහොතේ නිහඬය.

    එදා කාලිංග මාඝ යුද්ධයෙන් පසු සියවස් ගණනාවක් අහිමි ව තිබූ රජරට සශ්‍රීකත්වයේ ශිෂ්ඨාචාරය යළි පණ ලැබූයේ 19 වන සියවසේ සහ 20 වන සියවසේ දී ය. ඒත් ඒ ‍ඓතිහාසික ශිෂ්ඨාචාරය යළිත් රෝගී වෙමින් පවතී.
    එහෙම දිවියක් ගෙවන රජරට ජනතාව තවමත් නිහඬව ඒ ජලය පානය කරමින් දිවි ගෙවති. සැම පවුලකම එක් අයෙක් දෙදෙනෙක් වකුගඩු රෝගයෙන් පෙළේ සත්‍ය එයයි.

    බස්නාහිර මිනිසුන් මේ කිසිවක් ක්ෂනිකව අපේක්ෂා කලේ නැත. එහෙත් මරණය එක අතකින් පානීය ජලයෙන්ද අනෙක් අතින් ජලය පිළිබඳ හඬ නැගීමෙන් ඇති වන අතුරු ඵලයේ ප්‍රතිඵලය ගිනි අවියෙන්ද පිළිගැනිමට සිදුව ඇත.

    ඔබේ ලිපියේ අවසන් ඡේදයත් එක්ක දැන් අපි ලෝකයට කුමක් කියමුද?

    ReplyDelete
  8. ප්‍රකාශිත යුද්ධයක් තියෙන අවස්ථාවක, අවි ගත් ත්‍රස්තවාදීන්ට පහරදීම සහ රතුපස්වල නිරායුධ උද්ගෝශකයන්ට පහරදීම සන්සංදනය කරන්න එපා. ඒ දෙක සිද්ධි දෙකක්.
    (සමහරු බොරදියේ මාලුබාන්න හදනවා.ඒකයි මෙහෙම ලියුවේ)

    ReplyDelete
    Replies
    1. අවිගත් ත්‍රස්තවාදීන්ට නොව නිරායුධ ජනයාට පහරදීම පිළිබඳවය ජයශ්‍රී මම කතාකලේ.

      එවැන්නක් සිදුනොවූ බව හමුදාව පුන පුනා ප්‍රකාශ කලද වැලිවේරියේ අත්දැකීම අපට ඇහැට ඇඟිල්ලෙන් ඇන කියාදෙන්නේ කුමක්ද?...තමන්ගේම ජාතියේ උන්ට මාධ්‍යවේදීන් ඇතුළු දෙනෝදාහක් ඉදිරියේ වෙඩි තැබූවන් කිසිදු සාක්ෂි කරුවකු නොමැති උතුරේ මහ වන මැද කුමක් නොකළේදැයි ඔබට කිව හැකිද?

      Delete
    2. ජයශ්‍රී මේ රවි අහන ප්‍රශ්නය තමයි දැන් ඇසිය යුතු නිවැරදිම ප්‍රශ්නය.

      චැනල් 4 අමතක කරන්න. බටහිර කුමන්ත්‍රණ අමතක කරන්න. අපේ වැරදි හදා ගැනීම කල් දැමීමට, ඔය නිදහසට කාරණා පාවිච්චි කලා හොඳටම ඇති දැන්.

      යුද්ධයක් අවසන් වූ රටක, ජනතා උද්ගෝෂණයක් මැඩ පැවැත්වීමට හමුදාවක් යා යුතු නැහැ. මේ හමුදාව ආයුධ දරාගෙන, හමුදා වාහන සහිතව ගමන් කරන අයුරු නරඹන්න. මිනිසුන් තුල යුද මානසිකත්වයක් ඇති කරන්නේ ඔවුන් නොවේද? ජනතා උද්ඝෝෂණ පාලනය කිරීමට හමුදාව පුහුණුව ලබන්නේ නෑ. එය කල යුත්තේ පොලීසියයි. මේ ඉන්නේ කුපිත වුණු වැලිවේරිය ජනතාව මිසක් හමුදාවකට පහරදෙන්න පුහුණු වූ, සැලසුම් හැදූ ත්‍රස්තවාදීන් නෙමෙයි.

      Delete
  9. අපි මේව ගැන කොපමන කතා කලත් රට පාලනය කරන තිරිසන්නු තව තවත් ඉදිරියට මෙයට වඩා දේවල් කරනව.
    මේ අධම ක්‍රියාවලින් පෙන්නන්නෙ "තොපි අපේ වැඩ වලට විරුද්ධ වෙන්න එපා"කියල.
    විරුද්ධ උනොත් මරනං සරනං ගච්චාමි කියල.

    ReplyDelete
  10. අපේ ආඩම්බරකාර තාත්ත ඉන්නව නෙවෑ .අපි එයාට කියමු අපෙ දුක.එය පිහියි අපෙ කදුලු

    ReplyDelete
  11. ඉතිහාසය විසින් නැවත නැවත සනාත කල සංසිද්ධියක්, අපි නැවත නැවත අමතක කරමින් සිටිනවා. අවශ්‍ය වෙලාවට කොහෙන් හරි සම්බන්ධතාවයක් හොයාගෙන මේ අපේ එකෙක් කියන්නත්, ඕනේ නැති වෙලාවට අල්ලපු ගෙදර එකා පවා, අපෙන් දුරස් කරලා පෙන්වන්නත් අපි හරිම දක්ෂයි.

    ReplyDelete
  12. යුද්ධය දිනා දුන්න සොල්දාදුවාට මේ විදිහට බනින එකත් වැරදියි. ඔහු මේ වගේ නොවැදගත් දේවල් කරන එකත් වැරදියි.

    ReplyDelete
  13. චැනල් ෆෝ එකෙන් ෆිල්ම් හදන්න ඕන නෑ. අර නවී පිල්ලේ, වැලිවේරිය පැත්තෙ නම් යවන්න එපෝ..

    ReplyDelete
  14. ණයක් ගත්ත විට අදාළ පොලියක් තියෙනවා .නය ගන්නා කෙනා අනිවාර්යෙන් එම පොලිය ගෙවිය යුතුයි .පොලිය ගෙවන්නට නොහැකිනම් ණය නොගෙන සිටිය යුතුයි .ණය රැගෙන අදාල පොලිය ගෙවන්න කිව් විට ආඩපාලි කීම මිනිසුන්ට තරම් නොවෙයි සිංහල ජනතාව පසුගිය කාලයේ මේ ආණ්ඩුවෙන් අති විශාල ණයක් ගත්තා දෙමලාට ගේම දීම නමින් .මේ ගෙවන්නේ ඊට අදාල පොළියයි එමනිසා නීතියට අනුවත් යුතුකමක් ලෙසත් එම පොලිය ගෙවිය යුතුමයි

    ReplyDelete
  15. තිසර කියන කතාවනම් ඇත්ත. ඒක මේ රටේ මිනිසුන්ගේ ස්වභාවය ඒක අපි එදා ඉදල දැනගෙන හිටියා. හැම උපහාරයක්ම කියපු නෑදෑකම් අවශ්‍යතාවය අනුව රැවටීමක් බව අවබෝධයෙන් තමයි අපි වැඩ කරේ හැබැයි ඒවා උපේක්ෂාවෙන් විද දරා ගන්න හැම කෙනෙකුටම අපහසුයි. ඒ පුද්ගලයින්ගේ පීඩනය යම් අවස්තාවක මුදා හරින බව මතක තබා ගත යුතුයි. මගේ අත්දැකීම අනුව සොල්දාදුවන් වැඩි පිරිසක් අතර සමාජය කෙරෙහි දැන් ඇත්තේ වෛරයක්.

    ReplyDelete
  16. කුරේ මහත්තයා හමුදා සේවය කියන්නේ තවත් එක රස්සාවක් පමණයි .බොරුවට ඇඳගන්න එපා ඔය ගොල්ල වැඩකලේ පඩියට නේද .පිනට නෙවෙයිනේ .

    ReplyDelete
  17. පඩියට පමණක් වැඩ කරන්නේනම් පැය 24 සේවයට කැපවී පෞද්ගලිකත්වය අහිමි කර ගත යුතු නැත.

    ReplyDelete
  18. අපි යම්කිසි රැකියාවකට යනකොට ඊට අදාලා නීතිරීති කියවලා කැමතිවෙලයි යන්නේ .අපිට පඩි තීරණය වන්නේ ඒ අනුවයි .පැය 24 රාජකාරිය යනු හමුදා සේවයට අදාල කොන්දේසියක් පමණක් මිස පොරටෝක් දියයුතු දෙයක් නොවේ .මමත් වසර ගණනාවක් පැය 24 රාජකාරි සහිත රැකියාවක් කලා මට පඩි ලැබුණා මම වැඩ කලා ඒකෙ ඇති මහා ලොකු දෙයක් මටනම් පෙනුනේ නැහැ .තමන්ගේ රාජකාරිය අනෙත් අයගේ එකට වඩා වැදගත් බව සිතීම මානසික අසමබර බවේ ලක්ෂණයක් පමණි

    ReplyDelete
  19. J R ලොක්කා පොලෝසිය බල්ලට දැම්මා වගේ MR ලොක්කා ආමි එක බල්ලට දාන්න වගේ මේ හදන්නේ.
    අන්තිමට තමුන් army එකේ කියන්න ලැජ්ජා වන ගානට මේ කෙහුරු පඩත්තල වැඩ වලට ගිහිල්ලා.
    අර උඩින් දමිත් තරංග කියලා තියෙන්නේ ලෙසටම
    //යුද්ධය දිනා දුන්න සොල්දාදුවාට මේ විදිහට බනින එකත් වැරදියි. ඔහු මේ වගේ නොවැදගත් දේවල් කරන එකත් වැරදියි//

    ReplyDelete
  20. කුරේ මහත්තයෝ ආමි එක කියන්නේ මොකක්ද කියලත් ලංකා ආමි එක කියන්නේ මොකක්ද කියලත් පැහැදිලිව දන්නවා. ඔය පොර ටෝක් දෙන ගොඩක් ආමි කාරයෝ පොරවල් කරෙත් දේසපාලුවෝ. කොච්චර මුරුංගා ඇත්තේ තිබ්බද කියනවනම් ගොඩක් ආමි කාරයෝ හිතාගෙන ඉන්නේ ඇත්තටම තමන් ජනතා වීරයෝ කියලා. ගොබෙල්ස් න්‍යායට අනුව දැන් වෙලා තියෙන්නේ ආමි එකේ මිනිසුන්ට තමන් ආමි එකට ගියේ ඇයි කියන එක අමතක වෙලා. හැමෝම හිතාගෙන ඉන්නේ තමන් ගේ රට ජාතිය බේරගන්න ආමි එකට බැඳුනා කියලා. එතකොට දැන් කවුරුත් අඩු අධ්‍යාපනයට, දිළිඳුකමට ලබා ගන්න පුළුවන් හොඳම රස්සාව හොඳම අවස්තාව ලබා ගන්න ආමි එකට ගියා නෙවෙයි. "එතකොට කවුරුත් සියඹලා ගෙනල්ලා නැ. තාර බර අරපුවාම මලු ටික විතරයි ".

    ඔය ගැන ගොඩක් දේවල් කතා කරන්න ගියොත් ලේ නරක කරගන්න වෙන්නේ.

    පැය 24 ම කැප වෙලා සේවය කරන ජාතික විරුවන් වන ඕගොල්ලන්ට මාස 6ක් පඩි ගෙවන්නේ නැ කීවොත් බලන්න පුළුවන් කැප වීමේ තත්වේ. ඔය මහත්තයා විතරක් නෙවේ ආමි එකේ ඉන්නේ ඔය මහත්තයා විතරක් නෙවේ ආමි එකේ හිටියේ ඔය මහත්තයා විතරක් නෙවේ ආමි එකේ ඉන්න හිතාගෙන ඉන්නේ. අපි නොදන්නා චෙස්

    ReplyDelete
  21. අපි කවදාවත් වැටුප වෙනුවෙන් පාරට බැහැල තියෙනවද ? සමහර දේවල් වලට පිළිතුරු දෙන්න ගියොත් මගේ කාලයයි අපතේ යන්නෙ.දේසපාලනඤ්ඤයො අපිව ඇන්දුව කියල අපි එදා ඉදල දන්නවා ජනතාවගෙත් සමහර කොටස් අපිව ඇන්දුව කියල අපි දන්නව ඒ දේවල් උපේක්ෂාවෙන් ඉවසුව මිසක් නොදැන හිටිය නෙවෙයි මක්නිසාද පවතින රජයට පක්ෂපාතී වීම සොල්දාදුවාගෙ යුතුකමක් හමුදාවෙ ඉන්න වැඩි පිරිසක් දිළිඳු පවුල් වලින් ආපු අය තමයි මේ විදිහට පහර ගහන්න දිළිඳුකම ඔබට ලොකු හේතුවක් වගෙයි මටනම් පෙනෙන්නෙ ජීවිත අවදානමේ දැමීම මුදලින් තක්සේරු කල නොහැකි බව මතක තබා ගන්න. තම ජීවිතය පරදුවට තබන කෙනා විරුවෙක් තමයි. සොල්දාදුවා තම අභිමානය හා ෙගෟරවය රැක ගැනීම වෙනුවෙන් සටන් කල යුතු බවයි දැන්නම් පෙනෙන්නෙ

    ReplyDelete
  22. වැටුප නෙවේ කිසිම දෙයක් වෙනුවෙන් ඔයාලට පාරට බහින්න බැ. එක යුතුකම් නෙවේ එක තමයි නීතිය. හිතට එකඟව ඇත්ත කතා කරොත් ඔය කියන විරුවෝ ඉන්නේ 0.1%ක් විතර තමා. දිළිඳු පවුල් වල සහ නුගත් ගොඩක් දෙනෙක් ජීවිතේ අවදානමට දාගෙන වීරයෙක් වෙන්න නෙවෙයි හමුදාවට බැඳෙන්නේ. සල්ලි තියන් උගත් ගොඩක් දෙනෙක් හමුදාවට බැඳෙන්නේ එකෙන් ලැබෙන තනතුර ආභරණයක් වෙන නිසා. තමන්ගේ ජීවිතේ බබ්ලවා ගන්න මිසක් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් හමුදාවකට් යන ප්‍රමාණය බොහොම අල්පයි නොගිනිය හැකියි. කන්න ගියාම කබ්‍රය්ත් තලගොයා කරගන්නවා වගේ තමයි ඔය කතාවත්. කොහොම උනත් මටනම් මුදල් ලබාගෙන ජීවිත නැති කරන්නා කවුරු උනත් කුලියට මිනි මරණ කෙනෙක් විතරයි. අවස්තාවක් ලැබුනොත් මම පොස්ට් එකක් දාන්නම් සම්පුර්ණ විස්තරයක්ම.
    මොනවා උනත් ඇට මිරිකිමත්, දික පුමත් , උඩින් එන ඕන බෙට්ටක් එහෙයි කියා පිලිගන්නත් පුලුවන්නන්ම් ලංකා ආරක්ෂක අංශයක ගොවුරවනීය සාමාජිකයෙක් වෙන්න පුළුවන් මොලේ කලඳක් නැතත්. මතක තියා ගන්න රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න දිවුරුම් දෙන ඔබ ජනතාව දෙසට තුවක්කුවක් එල්ල කරනවානම් ඉහලින් ලැබෙන නියෝගයක් නිසා.......අවශ්‍ය නැ අපි මේ ගැන කතාව මෙතනින් නවත්වමු. මතක තියා ගන්න හැමෝම ආරක්ෂක අංශ සාමාජිකයොත් නෙවේ එහෙම නැතුවත් නෙවේ.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...