Saturday, March 15, 2014

248. විශ්වාස කරන්නේනම් විශ්වාස කරන්න..Believe it or not ( With apologies to Robert Ripley ) - Operation First Anniversary.

දකුණේ ගුවන් තොටුපොලක් හැදීම එතුමාගේ හීනයකි.වරායක් හැදීම ද එහෙම එකකි. ඒ කිව්වෙ හීනයකි. ඒ හීන දෙකම එතුමා කොහොමහරි හැබෑ කරගත්තේය. තව මොනවත් හීන තියෙනවාද කියලා දන්නේ උඩ ඉන්න දෙයියන්ම විතරය. අවුලක් නැත. එහෙම හීන තියනවානම් ඒ ඔක්කොම හීන හැබෑකර ගන්ට එක මොහොතින් ණය දෙන්ට ඇස් හීන් මිනිසුන් වසන රටක් සැදී පැහැදී ඉන්නවාය.

ගල් අඟුරු විදුලි බලාගාර එහෙම හදා දෙන්ට ඔවුන් එක පයින් ලෑස්තිය. එහෙම හදපුවා අවුරුද්දේ වැඩි කාලයක් වැඩ නොකරනවානම් ඒක ඇස් හීන් මිනිසුන්ගේ වරදක් නොවේය. ඒකෙ වැරැද්ද මේ රටේ වසන අවාසනාවන්ත කාළකන්නි මිනිසුන්ගේය. ගල් අඟුරු බලාගාරය වැඩ කලත් නොකලත් ඒකට දුන්නු ණය පොළියත් එක්කම ගෙවන්ට ඕනෑය. ඒකෙ ආය දෙකක් නැත.ණය ගිවිසුමේ එහෙම කොන්දේසියක් ඇතිවාට සැක නැත.

මේ බලාගාරය නිතරම අබ්ලික් වෙන එක ගැන එතුමා එහෙට කතා කරලා ඇහුවාය.

" හලෝ..හලෝ..මේ මොකද ඔහෙලා අපට දුන්නු ගල් අඟුරු බලාගාරෙ නිතරම කැඩෙන්නෙ? "

" කැඩෙනවා???... නෑ වෙන්ට බෑ.."
එහෙං උත්තර ආවේය.

" නැත්තෙ මොකද? ඒක වැඩ කරනවාට වැඩි කාලයක් තියෙන්නෙ කැඩිලනෙ.."

" නෑ.නෑ ඒක වෙන්ට බෑ. ඔය අපි ඔහෙලට එවපු බලාගාරෙ මෙහෙ අවුරුදු විස්සක් යස අගේට වැඩ කලානෙ. ඉතිං කොහොමද ඕක දැන් හරියට වැඩ කරන්නෙ නැහැය කියන්නෙ.."
එහෙං විස්මයට පත්වූ හඬකින් උත්තර ලැබුනේය.

" ඒකත් හරි තමයි බලාගෙන යනකොට " එතුමා කිව්වා නොව එතුමාට කියවුනේය.

නෙලුං පොකුනක් සහ නෙලුං කුලුනක් හදන එකද එතුමාගේ හීනයකි. ඒ දෙකෙං පොකුන නම් හදා ඉවරය.කුලුන වැඩ පටන් අර ගෙනය. ඔව්වට නම් දාපු මනුස්සයා මොනව උනත් හැබෑ දක්සයෙක්ය. නෙලුං කිව්වම අර වතුරෙ පිපෙන මලට අමතරව අම්බානක ගහනවා යන තේරුමත් එනවාය." ඌට නෙලුවා කට්ටිය වටකරගෙන " " නෙලපිය නෙලපිය ඕකට " අන්න එහෙමය. එතකොට මේ පොකුන සහ කුලුන දෙකෙන්ම රටේ එදාවේල හොයා ගන්ට දහ අතේ දඟලන මිනිස්සුංටම නෙලිල්ලක් තමයි සිද්ද වෙන්නෙ කියන අදහසින් ඔව්වට නෙලුං පොකුන සහ නෙලුං කුලුන කියල නම් දැම්මා වෙන්ටත් පුලුවනිය. ඔව්වා දන්නේ ඒ ගොල්ලන්මය.

වරායේ මහ ගල් පතයක් නිසා නැව් එන්නේ නැතිබව මිනිස්සු තැන තැන කියන්නෝය.ඒ ආර්තික විද්දියාව ගැන මෙලෝ හසරක් නොදන්න මෝඩ බුවාලාය.නැව් නාවාට වරායේ ගල කැඩීමේ වියාපුරුතිය හින්දා රස්සාවල් දහස්ගනනක් ඇතිවෙනවාය. ඒ මෙහෙමය. ගල තියෙන්නේ වතුර යටය. වතුර යට තියෙන ගලක් කඩන්ට ගොඩ ඉඳං බැරිය.ගිණි මද්දහනේ මහ පාර මැද වෙඩි තියාගෙන ඔලුවෙ වෙඩි උණ්ඩයකුත් එක්ක ඉන්නවයි කියන අතීතය මොකවත් මතක නැති මහජන නියෝජිතයෙකුට උනත් ඒක තේරෙන්ට ඕනෑය.

ඉතිං වතුර යට ඇති ගල කඩන්ට වතුරේ කිමිදෙන්ට ඕනෑය. ඔන්න එතකොට කිමිදුම් කරුවන්ට රැකියා අවස්තා උත්පාදනය වෙනවාය.වතුරේ කිමිදෙන්ට සාටක සහ නැෂනල් ඇඳගෙන බැරිය. ඒකට අමුඩයක් ගහ ගන්ට ඕනෑය. එතකොට අමුඩ නිස්පාදනය ඉහල ගොස් තවත් රැකියා අවස්තා උත්පාදනය වෙනවාය. අමුඩ ඇඳගෙන කිමිදී ගල් කඩා ආපහු උඩට ආවාම ඇඟ පිහගන්ට ඕනෑය. අන්න එතකොට බූල් තුවා නිස්පාදනය ඉහල යනවාය.

වතුර යට බොහොම වෙලා ඉන්නකොට ඇඟපොත හීතල වෙනවාය. වෙව්ලන්ට ගන්නවාය. ඒකට ප්‍රතිකර්මය නම් එක්කෝ මලක් හෝ සුමිහිරි පානය ජුංඩකි.ආන්න බලන්ට මල් වගාව සහ ලඳු කැලෑවල, බඩවැටිවල කෙරෙන දේසීය කර්මාන්ත එතකොට දියුණු වෙනවාය. ඒ වරායේ ගල ගැනය.

ගුවං තොටුපොලට ගුවං යානා එන්නේ නැත කියලත් ඔය හැම දේකම වැරදිම හොයන කොහාටවත් නැති අපතයෝ කිය කිය යනවාය. ඔය මොකවත් නොදන්න මෝඩයෝ හිතාගෙන ඉන්නෙ ගුවං තොටුපොලක්ය කිව්වම නිතර දෙවේලේ මේ කෙහෙල් වත්තට නැත්තං ගුණසිංහ පුරේට බස් එනව වගෙ පෙලේං එන්ට ඕනෑය කියලාය. එහෙම ඕනෑ නැත. අපේ සාඩම්බර අතීතයෙං ඕනෑනං උදාහරන දිය හැක. අපේ ජාතියේ ස්‍රේස්ට අතීත නරපතියානන් වන රාවනා මහරජතුමාගේ ( ඕං නමඃ නමෝ නමඃ ශ්‍රී රාවණා, සිද්ධි රස්තු!!! ) එයා පෝට් එක තිබුනාය කියන්නේ වාරිය පොලය. ( වා = වායු හෝ ගුවන්, රිය = රතය , පොල = තැන, එතකොට වාරියපොල = ගුවනේ ගමන් කරන 
රත නැවතුම් පොල )

ඒ කාලෙ මුලු ලෝකෙටම ගුවං යානයක් තිබුනේ එතුමාට විතරය. එතකොට වාරියපොල ගුවං තොටුපොලට බස්සවන්නේ එතුමාගේ දඬුමොණරය විතරය. ඒකත් ඔය කාලාන්තරයකට සැරයක් එතුමා ගුවන් ගමනක යෙදුනොත් විතරය. අර සීතා නම් ඇහැට කනට පේන ගැටිස්සී උස්සගෙන ආවා වගේය. ඒ ඇවිදිං ගොඩ බැස්සාය කියන්නෙත් ඔය වාරියපොලටමය. 

අපේ අතීතය අන්න ඒ වගේය. එහෙමනම් ශ්‍රී රාවණා යුගයේ අතිත ශ්‍රී විබූතිය යලි ඇතිකිරීමට නම් මාස දෙකකට සැරයක් වගෙ ගුවං යානයක් ගොඩ බස්සන ගුවන් තොටුපොලක් තිබීම අත්‍යාවශ්‍යය. දකුණේ හැදුවේ අන්න එහෙම එකකි. මේ සුට්ටං කාරනේවත් නොතේරෙන මෝඩයිං උඩ පැන්නාට කරන්ට දෙයක් නැත.

ඒ ගුවං තොටුපොලට ගුවං යානා එන්නේ නැත්තේ දාවන පතය හරහා මොණරු පියාඹන නිසාය කියන කතාව ද ඔය වගේම මෝඩ කතාවකි. දකුනේ දක්ස වෙඩික්කාරයින්ට රැකියා අවස්තා උත්පාදනය වීම ඔය මොණරුන් පියෑඹීමේ කේස් එකේ අනිවාර්ය ප්‍රතිපලයකි.

එසේත් නැත්නම් විකල්පයක්ද ඇත. ආගමන, විගමන නිලදාරීන් සහ රේගු නිලදාරීන් බඳවාගන්නාවිට වෙඩි තැබීමේ දක්සතාවයද සලකා බැලිය යුතුය. ලිඛිත පරීක්සනයෙන් පසු කට්ටියම මිදුලට එක්කගෙන ගොස් අඩි දෙසීයක් දුරින් ඇති සජීවී ප්‍රමාණ මොණර රූපයකට වෙඩි තැබීමට සැළැස්විය යුතුය.එවිට ලිඛිත පරීක්සනයෙන් ලබාගන්නා ලකුනු වලට වෙඩි තැබීමේ පරීක්සනයේද ලකුනු එකතු කොට දක්ෂයින් තෝරා ගැනීමට පුලුවන.

එහෙම තෝරාගන්නා රේගු සහ ආගමන විගමන නිලදාරීන්ට විවේක වෙලාවට දාවන පතේ හරහා පිහාඹන මොනරුන්ට වෙඩි තැබීමේ නිරත විය හැක. මාසය අන්තිමේ නියමිත වැටුපට අමතරව මරන ලද මොනරුන් ගනන අනුව දිරි දීමනාවක් ගෙවීමෙන් මේ මයුර ඝාතන ව්‍යාපෘතිය වඩාත් සාර්තක කර ගත හැකි බවට සැක නැත.

දකුණේ ගුවන් තොටුපොලට මාස තුනකින් ගුවං යානයක් බස්සවා නැත. සුමාන දෙකෙකට උඩදී එතුමා ගමේ ගියේය. එතුමා ආපු ආරංචියට ගමේ හිතවත්තු නෑදැයෝ වට උනෝය.

" ආ..විලියොං අයියා.." එතුමා පොඩි එකා කාලෙ එකට හොටු නාවර පෙරාගෙන සෙල්ලං කරපු යාලුවෙක් දැක කටපුරා හිනාවී කතාකලේය.

" එහෙමයි.." විලියොං අයියා දෙකට නැමී අහිංසක ලෙස හිනැහුණේය.

" ඉතිං කොහොමද? " එතුමා ආයම ඇසුවේ විලියොං අයියාගේ උරහිසට අතක් තබමිනි.

" අනේ අප්පෝ..කියන්ට තරං නං වරදක් නෑ.. ඒත් මේ..ඒත් මේ.." විලියොං අයියා තැටමුවේය.

" ඔව් මොකද්ද ප්‍රශ්නෙ?...බය නැතුව කියන්ට…" එතුමෝ විලියොං අයියා දිරිමත් කලෝය.

" නෑ…..මේ නෑ..මේ අපේ මිනිබිරීට ආසියාන්තරාවක් බලන්ට ඕනය කියල අර පෙලේං බාන පිටැන්න ගාවට එක්ක ගියා. දැං මාස තුනකිං මෙහා පෙලේං එකක් බැස්සුවෙ නැතිලු එහාට. ඒකි හරිම දුකෙං ඉන්නෙ.." විලියොං අයියා බෝම දුක්මුසුව කිව්වේය.

" මොනවා ??? " එතුමා ඉඳගෙන උන් හාන්සි පුටුවෙන් උඩ පැන නැඟිට්ටේය.අතේ තිබූ බෝලය මිරිකාගෙන මිරිකාගෙන ගියේ ඇති වීරියෙනි.

ඔය බෝලයක් අතේ තියාගෙන මිරිකීමේ සෙල්ලම එතුමා ඉගෙන ගත්තේ අර ආදං ගෙන්ය. ආදං කිව්වට අර ඒවත් එක්ක සමෝසමේ ඇපල් කාපු ඒදං උයනේ හිටපු ආදං එහෙම නෙවෙයිය. මේ ඇවිල්ලා ආදං ජිල්ක්‍රිස්තුය. 2007 ලෝක සූරතා අවසාන තරඟයේ ගොල්ෆ් බෝලයක් මිරිකමින් පන්දුවට පහරදී ශතකයක් රැස්කලේ ඔය ආදං නම් බුවාය.ආදංගේ එදා ඒ බෝල මිරිකීමේ සෙල්ලමිං අපිට කෙලවුනේ නන්නත්තාර වෙන්ටය.එතුමා ඒ මැච් එකද බලන්ට ගියේය. ඔය බෝල මිරිකීමේ ආශ්චර්ය එතුමා ඉගෙන ගත්තේ අන්න එදාය.

" ඉන්ට ...මම දැන්මම පියවරක් ගන්නව ඔය ගැන. මාස තුනකින් එක ප්ලේන් එකක්වත් ආවෙ නෑ?... මම මේ කිසිදෙයක් දැනගෙන හිටියෙ නෑනෙ. " එතුමා වහාම කොළඹට කතා කලේය. ඒ දෙවෙනි එතුමාටය.

" මොකද මේ මෙහෙට මාස තුනකිං ප්ලේන් එකක් බස්සල නැහැය කියන්නෙ? "

" ********************** "


" එව්වයිං මට වැඩක් නෑ. මේ අපේ විලියොං අයියගෙ මිණිබිරීට ප්ලේන් එකක් බස්සනව බලන්ට ආසයිලු. වහාම තව සති දෙකක් ඇතුලත මෙහාට ප්ලේන් එකක් බස්සන්ට කටයුතු සලස්වන්ට ඕන, තේරුණෙයි? "

" ********************** "


" මම කිව්වනෙ මට වැඩේ කෙරෙන විදිහෙං වැඩක් නෑ..මට ඕන වැඩේ කෙරෙන්ට විතරයි. "

" ********************** "

" යුද්දෙ ගැන මම කිව්වෙත් එහෙමනෙ. මේකත් ඒ වගේම කෙරෙන්ට ඕන. එච්චරයි. "


" ********************** "

" මේ දහ අට වෙනිද මේක විවුර්ත කරල අවුරුද්දකුත් වෙන්ට එනව. එදාට මේකෙ හරක් බැඳල තනකොල කවන්ටද මට සිද්ද වෙන්නෙ? වහාම මොනවහරි කරල දහ අට වෙනකොට ප්ලේන් එකක් බස්සවන්ටම ඕන...."

" ********************** "


" මේ එව්ව කියල හරි යන්නෙ නෑ. තමුං යුද්දෙ කලා තමයි. වෙලාවට ආයුද ටිකයි මැරෙන්ට හරි ඉස්සරහට යන්ට කොල්ලොයි ඉන්නකොට යුද්දයක් කරන එක මහ ලොකු දෙයක්ද? දැං යුද්දෙ ඉවරයිනෙ..මදැයි ඔය යුද්දෙ යුද්දෙ කියල ඒ පිට දාල ආතල් ගත්ත. දැං මම මේ කියන එක කරනව. "

" ********************** "

" මොකක්? මම කරන්නෙත් ඒකමයි කිව්ව? "


දඩාස් යන අනුකරනයෙන් ටෙලිපෝනය පොලවේ ගැසූ එතුමෝ බෝලය ඇති විරියෙං මිරිකාගෙන මිරිකාගෙන ගියෝය..

" සති දෙකකිං ප්ලේන් එකක් මෙහාට බායි. පොඩි එකී එක්ක ගිහිල්ල පෙන්නන්ට. " එතුමා විලියොං අයියා දෙසට හරී දැනුම් දුන්නේය.

" ඔබ තුමාට පිං " විලියොං අයියා දෙකට නැමුණේය.

කොළඹ සිටි දෙවෙනි එතුමාගේ නැට්ට ගිණිගත්තේය. ලොක්කාට මල පැන්නාම වෙන ගිනි විජ්ජුම්බර පොඩි කාලේ සිට අත්විඳ පුරුදු එතුමෝ තම විශ්වාසනීය හදිසි මෙහෙයුම් බලකාය සේවයට කැඳවූයේය. ඔවුන්ට තත්වය පැහැදිලි කල දෙවෙනි එතුමා කොයි මක් කරලා හරි තමන්ව බේරාදෙන ලෙස ඉල්ලා සිටියෝය.

" හරි සර් මොකද කෙරෙන්න ඕන? " බලකායේ ප්‍රදානියා ඇසුවෝය.

" කොහොම හරි ප්ලේන් එකක් බාවලා දෙනව ඕයි අර වේලි වේලි තියන එයා පෝට්ටෙකට. " එතුමෝ බැගෑපත්ව ඉල්ලා සිටියෝය.

" හරි සර් ඕකත් ඒ හැටි දෙයක්ද? අර එල්.ටී.ටී. කාරයා. කනක්ක පුල්ලෙද කවුද, හැමෝගෙම ඇස් වලට වැලි ගහල අල්ලගෙන ආපු අපිට ඕක මහ දෙයක් නෙවෙයි. හරි අපි ඒ වැඩේ කරපු දිහායින්ම වැඩේ පටන් ගමු. සර් බය වෙන්න එපා. දහ අට වෙනිදා වෙනකොට ලෝකෙ තියන ලොකුම ප්ලේන් එකක් එහෙට බාල තියෙයි.සර් බය නැතුව සංවත්සර උත්සවේ ලෑස්ති කරන්නකො. "

Image - Daily Mirror

64 comments:

  1. ඈ බං රවී දැන් ඕක හෙට අනිද්දා මත්තලින් බාපුවහාම ඔබාමාට වස ලැජ්ජා හිතිලා මානව හිමිකම් චෝදණාවලින් අපිව නිදහස් කරයිද? බුදු අම්මේ බන් උඹටත් හිතෙන දේවල්. ෂුවර් එකට ඔය ගේම ගහන්න ඇත්තේ විලියොං අයියාගේ ගෙදර උදවිය ගැන හිතලා නොවෙයි දකුණේ ඡන්දෙ අල්ලලා. රොකට් පුතාගේ ප්ලෑන් එකක් වෙන්න ඕන ෂුවර් එකටම.

    ReplyDelete
    Replies
    1. අරූ,

      කියන්ට බෑ බං, අන්තෝ ජටා බහි ජටා කියලත් කියනවනෙ. ඒ කියන්නෙ උදේම අන්තෝනි අයිය ජටාව බැඳල එලි බැස්සම හොඳට බඩ සුද්ද වෙනවයි කියල නෙව. රොකට් පුතා දැන් අබ්බියාවකාසෙට යන්ටයි ලෑස්තිය.අර චීනෙට සල්ලි ගෙවල ගත්තෙ පරණ ලදරමක්..චන්ද්‍රිකාවක්...ඕකට ගිහිල්ල සුමානයක් ඉඳල එන්ටයි කියනව එයයිගෙ ආසාව.

      Delete
  2. අම්මට සිරි එහෙනං මේකයි ශිද්දිය. 18 වෙනකොට ලෝකෙම කොරවෙයි ලංකාවේ වැඩ්ඩන්ගේ වැඩ බලලා.
    ආය මොනවද අයියා ඇස්ච්ර්යිය. හෙලයා එදා ඉඳන් විස්මිත දේට සුරුවෙක් නොව.

    ReplyDelete
    Replies
    1. itnishantha,

      එහෙනං එගෙනං එහෙනං බුදු මල්ලියේ...මේක ඇවිල්ලා ආස්චර්යේ උල්පොත, තෝ තැන්න,නිජබිම.ක්ෂීර පතය,

      Delete
  3. පුළුවන් එකෙක් අන්න අර නාසා එකට මේ පණිවිඩේ යවහල්ලා. අන්න උන් ගේමට බහින්න යන්වලු. අපරාදෙනෙ ඔය චන්ද්‍රිකා අරවා මේවා එක්ක ඔට්‍ටු වෙවී ඕක හොයන්න දගලන කාලයයි, සල්ලියි...කිව්වත් වගේ අරුන්දව කාටවත් නොතේරෙන්න කුදලගෙන ආපු අපේ කොල්ලන්ට ඕවා ගෙම්ද ? හෙහ් හෙහ්...

    කොහෙද යන නැහැදිච්ච වරත්තුවෙකුත් මේ වගේ කතාවක් කියලා තිබුනා යාහූ එකේ. ඌ නාසා එකට ඇඩ්වයිස් කරනවා ශ්‍රී ලංකාව පැත්තෙත් පොඩ්ඩක් බලන්නලු....එහෙනම් මිනිහටත් මේ සිද්දිය වාර්තාවෙලා තියනවා.

    << quote >>

    NASA...

    Please go re-check flight DATA of flight path...thru lower altitude via Bay of Bengal..round the cape of Sri Lanka and India then thru the Arabian sea straight into the regions of Former States of USSR Southern airfields abandoned and unobserved by authorities...

    tajik,uzbek,kazakh,Kyrgyz,Turk area and abandoned airfields..

    This is a hunch...hope I am not too far off this data..

    You just need to verify at the approximates times from the time it was spooted on Radar in the area..

    Thanks.

    << un-quote >>


    අපූරුයි රවී අයියා මේ සොයා ගැනීමනම්, හරිම අපූරුයි. :D

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      / කිව්වත් වගේ අරුන්දව කාටවත් නොතේරෙන්න කුදලගෙන ආපු අපේ කොල්ලන්ට ඕවා ගෙම්ද  /

      උඹට කියන්ට බං ඔය කේ.පී. උස්සං කොළඹට ගේනකල් ඌ දන්නෙත් නැතිලු. කොටිම්ම ඕකා ඒ වෙලාවෙ කුවාලලම්පූර් වල උගෙ හෝටල් කාමරේ කම්සැප විඳිමින් උන්නයි කියන්නෙ. එව්ව මොහොකටවත් බාදා නොවෙන්ට දෙන්නත් එක්කම ගෙනාවයි කියන්නෙ බොහොම සූක්සම විදිහට ඔය සුවිසේස මෙහෙයුම් බලකාය. කුවාලලම්පූර්වල පටන්ගත්ත වැඩේ උන්දැ ඉවර කලේ කොළඹදි..කොහොමද පිස්සු පීකුදු නේද?අර රතුපස්වල ආමි එක අතර ඉඳල උද්ගෝසන කාරයන්ට වෙඩි තිබ්බ තුංවන පාර්ස්වය මතකද? ඒත් මෙයාලම තමයි.

      Delete
    2. නෑහ්හ්හ් මාරයිනෙ... ඒ කියන්නේ කම් සැපට අබමල් රේනුවකවත් භාධාවක් වෙලා නෑහ්... එහෙනම් ඉතින් ඕකුන් මේක උස්සලා මෙහෙම හංගන් ඉන්න එක අහන්නත් දෙයක්ද ? හෙටානිද්දා මැලේශියාවෙන් කියයි මේක අපිමයි උස්සගත්තේ කියලා.. අනිවා...

      Delete
  4. හ්ම්ම්... අතුරුදහන් වීම ගැන නම් හරිම කනගාටුයි.
    නමුත් මේ ලිවීම තුල තියන උපහාසය නම් මරු..

    ReplyDelete
    Replies
    1. එක් මානවිකාවක්,

      ඇත්ත මනුස්ස ජීවිත දෙසිය ගාණක් කියන්නෙ සෙල්ලමක් නෙවෙයිනෙ. මමත් ප්‍රාර්තනා කරන්නෙ ඔවුන් සියලු දෙනාම නිරුපද්‍රිතව යලි තම නෑදෑ හිත මිතුරන් වෙත පැමිණේවා කියලයි.

      ස්තූතියි මැඩම්!

      Delete
  5. ඉතින් බලහන් රවි අයියෙ උබත් කරන වරෙත්තු වැඩ.විස්වාසෙට දෙවෙනි බොට මෙක කිවුවම උබ එක පොරසුද්ද කොලා.බලහන් දැන් එතුම පත්වෙන අසීරුතාවෙ කොච්චරද කියල.එහෙග්නන්

    ReplyDelete
    Replies
    1. දමිත්,

      අසීරුතාවට පත් උනහම හොඳම ප්‍රතිකර්මෙ තමයි මලේ ජාපාල කුඩු ටිකක් බීල බැල තණ ගහක් උඩට එළිබහින එක. :)

      Delete
  6. එතුමා රජ වැඩකාරයෙක් මචං,අර බෝලෙ මිරිකිල්ල කොහෙන් ඉගෙන ගත්තද කියල දැනගත්තෙ අදයි ඔන්න,සංවත්සරේ කවදටද බං තියෙන්නෙ බලන්න යන්නත් එපැයි.

    ReplyDelete
    Replies
    1. මේකෙ මාතෘකාව ගැන කියන්න අමතක උනා,පිස්සුද මචං උඹ වගේ බහුශ්‍රතයෙක් කියනවනං විස්සාස නොකර කොහොමද.

      Delete
    2. එතකොට කවුද robert ripley කියන්නේ ?

      Delete
    3. Senna,

      Robert LeRoy Ripley  (December 25, 1890 – May 27, 1949) was an American cartoonist, entrepreneur and amateuranthropologist, who created the Ripley's Believe It or Not! newspaper panel series, radio show, and television show which feature odd facts from around the world.

      Subjects covered in Ripley's cartoons and text ranged from sports feats to little known facts about unusual and exotic sites; but what ensured the concept's popularity may have been that Ripley also included items submitted by readers, who supplied photographs of a wide variety of small town American trivia, ranging from unusually shaped vegetables to oddly marked domestic animals, all documented by photographs and then depicted by Ripley's drawings.

      Delete
    4. හැලප,

      සංවත්සරේ දහ අට වෙනිද. එදාට මරිය ( MRIA ) ගුවන් තොටුපොලට බහින ඔක්කොම ගුවං මගීංව රතු කාපට් ඔලුවෙ ඉඳල පොරවල පිලිගන්ට සියලු කටයුතු සූදානං කොරලයි තියෙන්නෙ. ඊට අමතරව රචින්න පත්තු කරල දෙපරැන්ද අස්සෙ ගහනව.

      කුරක්කං තලප, බඩ ඉඟුරු තම්බපුවා. මොණර මාලු,ඉස්තරං මී කිරි සහිත රාජ්ජිය බෝජන සංග්‍රහයකුත් ලෑස්ති කරලයි තියෙන්නෙ. පිරිමින්ට කුරක්කං පාට ජොක්කු සහ ඉස්තිරියාවංට ඒ පාටම තිසර පට ප්‍රදානය කරනව ගරු එතුමාගෙ සුරතිම්ම. එව්වයෙ රත්තරං පාටිං ලියල තියනව " මරිය ගුවන් තොටුපොල - ආසියාවෙ ආස්චරිය " කියල.අනික හැමෝන්ටම ප්‍රදානය කරනව ගෞරව නාමයක්.." සිරි ලංකා මහීෂ " කියලා. උඹත් එදාට යනවනං ජොකාගෙ සයිස් එක එහාට දන්නල තියපං කෝකටත් කියල.

      Delete
  7. මම නිකමට හිතුවා මේක මත්තලට ගෙනාවද කියලවත්.. ඒ උනාට මෙහෙම සීන් කෝන් එකක් කියලා දැනන් උන්නේ නෑ.. උඹේ මාගල් වගේම මේකත් පට්ටේ උපරිම... ඉඳලා හිටලා කාළින ඒවත් ලියහන් මේ වගේ.. අතීතකාමයේම වෙලී ගැලී නොඉඳ....

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      ස්තූතියි මාතලන්....:) :)

      Delete
    2. රවි අය්‍යට සුුදු වෑන් හීනෙන් පෙනවද මේ දවස්වල

      Delete
    3. එදිරි,

      උඹල තමයි මේ කටකතා පතුරුවන්නෙ :)

      Delete
  8. උඹ මගේ එකෙන් කොප්පෙ ගැහුවද එහෙම න්ත්තන් මේක අර ටෙලිපොතිවගේ අටමගලයක්ද??? :D :D


    අතුරුදන්වූ යානය ගැන ලොව කලඹන අනාවරණය. Breaking news – Missing Airplane Found in…

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      හෙහ්, හෙහ්, ඔන්න බලාපං ඒකෙත් හැටි..ඕක අර හෝමියෝපතිද මොකද්ද වෙන්ට ඕන...නැත්තං අර එක්කුසේ උපන්න ටුවින්ස්ලට එකම අදහස එක පාරම පහල වෙනවයි කියනවනෙ. යකෝ..තෝයි මායි එහෙම එවුං දෙන්නෙක්ද දන්නෙත් නෑ...හෙහ්,හෙහ්,

      හැබෑටම මයෙ ඉඳල තියනව මාස තුනකට වැඩිමල් නිවුං අයිය කෙනෙක්. වට්ටාරම රජමහ විහාරෙ පෙරහැර බලන්ට ගිහිල්ල ඒකා අතුරුදහන් වෙලා. අම්මාපල්ල උඹද දන්නෙත් නෑ ඒ?

      හෙමිහිට අම්මගෙං අහල බලාපිය අම්මෙ මෙහෙම එකක් තියනව ඇත්තදැයි කියල...වැඩේ ඇත්ත නං කියාපං..අපෙ මහ ගෙදර පල්ලෙහා කොහිල වල ගාව අක්කර කාලක කෑල්ලක් ඒ මගෙ නැතිවෙච්චි සහෝදරයගෙ නමට තාම ලියල තියෙන්නෙ. ඩී. එන් .ඒ. පරීක්සනේකට සල්ලි එකතුකරගෙන කියාපං..වැඩේ සහසුද්දෙම්ම ඔප්පු උනොත් උඹට සුමානෙකට සැරයක් නොම්මර එකේ කොහිළ අළ හොණ්ඩර දෙකක් ගැලවෙන අගනා කොහිල වලක් හම්බ වෙනව. සෙල්ලංද කොල්ලෝ කිව්වලු..

      ඔය කාන්තාර වලට වෙලා දුක් විඳින්නෙ අහවල් මඟුලකටද?.... කොහිල අල අරගෙන ඉරිද පොලවල් දෙක තුනකට ගියානං සල්ලි තමයි..තේරුණෙයි?

      Delete
    2. පෝස්ට් එකට වඩා, මට රවියගේ මේ කොමෙන්ට් එක මසුරන්...

      Delete
    3. එතකොට ඉන්දික කොහිලය වෙයි,හරියට අර වම්බට්ටා වගේ.කාටද ආඩම්බර

      Delete
    4. හැලපේ......වම්බටු කන එක එපාකෙරෙව්වා ඔය වම්බට්ටා. උඹ හදන්නේ දැන් කොහිල කන එකත් එපා කරවන්නද?

      Delete
    5. හරියට හරි මචෝ සීන් එක. මම අම්මගෙන් ඇහුවම අම්ම කිව්ව පොඩ්කට තාත්තගෙන් අහන්න, ඔහොම යමක් එයාටත් මතකයි කියල.

      ඒ දවස්වල හැමෝම කිව්වලු ඇයි ඔය අතෑරිච්ච ළමයෙක් ගෙනවෙ කියල. ඒත් ඒ ගොල්ලො ගනන් අරගෙන නෑ. හැබැයි පස්සෙ අහල පහල කෙල්ලෙක් තියා චීත්තයක්වත් පේන්න බැරි උන තැන ලොකුනැන්දල එහෙමත් කිව්වලු කරපු මෝඩකම පේනව නේද කියල.

      ඒ හින්ද වයසට කලින්ම තප්පදෝරු ස්ත්‍රීරත්නයකට මාට්ටු කරදීල ගමෙන් යවල තියෙන්නෙ.

      තාත්තට මතක ඔය පෙර හැර තිබ්බෙ 1925 හරි 28 වගේ කියල ආච්චි කිව්ව බවක්ලු. කොහෙද විස්තරේ හරියට අහගන්න විදියක් නෑ බං ලොකු නැන්දත් මියෑදිල, ආච්චිත් වැළිගම්පිටි. අනික තාත්තත් උපදින්න කලින්නෙ ඔය පෙරහරෙන් අමතකවෙලා ගිය ලොකුතාත්තව ගෙනල්ල තියෙන්නෙ.

      ලොකුතාත්තගෙන්ම්ම අහන්න තිබ්බ පොරට සිහිකල්පනාව තිබ්බනං. ඒත් දැන් වයස නිසා ඇල්සයිමර්ද අන්සභාගෙද අරවද මේවද..මනුස්සයට ඇඳෙන් බහින්න බෑ. ඒ අතින් උඹ වාසනාවන්තයි තාම හොඳට ඉන්නව මදිවට කම්පීතරේ ලියුමුත් ලියනව කියල තාත්තත් කිව්ව.

      අර කොහිළ කෑල්ලෙ විස්තරෙත් මම කිව්ව. තාත්ත කිව්ව ලොකුඅම්මගෙන් අහල ඕනනං එයාට ඉල්ලගන්න කියන්නං කියල. පුලුවන්නං උඹෙ නම්බරේ ( ඕක අපිදන්නව උනාට එහෙම කියන්න බෑනෙ ) දීහන් මම උන්දැලට යවන්න.

      මොනා උනත් නහින දෙහින කාලෙ හොස් ගාන්න වියටක් තියල හරි එකුස උපන් සහෝදරය හොයල දුන්නට මට ගොඩක් පින් ලැබේවියි කියල කට්ටියම කිව්වට ඒක අර ප්ලේන් එකේ උන්නු අහිංසකයොන්ට අනුමෝදන් කරන්නෙයි කිව්ව.

      එහෙනං ඉඩ තීන වෙලාවක මෝල්ටඩ් මිල්ක් එහෙකුත් අරන් ගිහින් බොලෑ අය්යව බලල වරෙන්. නැත්තන් පරක්කු උනොත් යන්න වෙන්නෙ අටපිරිකරන් අරන් තමා.

      ප/ලි. උඹට මතකනෙ අර රයිගමයයි ගම්පලයයි වෙළඳාමෙ ගිය කතන්දරේ. ඒ හින්ද "පාරගතෝ බල විරිය සමන්ගි, තන්සුග තන්සර නත්තමු පේමී" කියල ඔන්න මන් ගියා ...

      Delete
    6. ඉන්දික නොහොත් සිංහයා පුතා විසින් බලාගන්නා පිනිසයි!

      ඉන්දික පුතේ,

      අම්මට උඩු දෙයි හාන්දුරුවොම සාක්කි.මයෙ නැතිවෙච්චි අයියණ්ඩි එහෙනං ඉන්නව නේද? හප්පච්චියේ මට පුදුම තන්තෝසයක් ඕං..ඇයි අප්පා අවුරුදු අනූවකට වගෙ එකා නෙව එවුන්දැ අන්තස්දාන උනේ. මයෙ බුදු සිංහයා පුතේ උඹැහෙ නං දෙයියෙක් අනෙ අම්මපා....ඉඳපං අමුඩ ලේංසුව ගලෝල කඳුලු පිහගන්නකං...ආ..දැං හරි...තන්තෝසෙට බං තන්තෝසෙට...තන්තෝසෙට උනන කඳුලු.

      හරි ආය ඩීඑන්නේ පරීක්සන කෙහෙල්මලක් ඕන නෑ. උඹල ඔක්කොම එකහෙලා කියනවනං මම එහෙමයි කියල පිලිගන්නං..ඒකෙ ආය කිසිම හැකක් තියාගන්ට එපල්ල. අනික කොහොමත් අවුරුදු අනූව වගෙ පැන්නම ඔය ඩීඑන්නේ කියන ජාතිය වේලිලා යනව..හ්ම්ම්ම්..එහෙමයි දන්න කියන අය කියන්නෙ.

      හැබැයි මයෙ කිරි පුතේ පොඩි පුරස්නයක් නං තියනව. අර කොහිළ වළේ ඔප්පුව නමසිය විසි ගණංවල ලියාපු එකක් නෙව. අවුරුදු 50 පැන්නම මයෙ පුතේ ඔය ලේකන පුරාවිද්දියා පනත අනුව පවුරානික ලේකන ගනයට වැටෙනව. එතකොට එව්වයෙ යම් සංසෝදනයක් කරනව නං පුරා විද්දියා දෙපාර්තමේංතුවට කියල අවසර ගන්ට ඕන. ඒකට ටිකක් ලොකු මුදලක් වියදං වෙනව.

      අම්මාපල්ල මයෙ ගාව යහමිං සල්ලි බාගෙ තිබ්බනං මම ආය දෙපැත්තට ඇඹරෙන්නෙ නෑ ඔය ගාණ ගෙවල බොලායෙ ලොකු තාත්තට ඔය ඉඩං කෑල්ල ලියල දෙනව. ඒත් බං මම දැං ලෙඩා දුකා වෙච්චි. අතේ තියන පණං හතර බේත් වලටත් මදි. උඹේ ලොකු තාත්තත් ඇල්සයිමර් ද මොකද්ද මහ බයානක ලෙඩකින් පෙලෙනවයි කිව්ව නේද? ඒ නිසා එවුන්දැට කරදර කරන එකත් හරි නෑනෙ. ඉන්දික පුතේ,..උඹ විතරයි මයෙ දෙයියා යමක් කමක් හම්බ කරගෙන යම් තැනකට ඇවිල්ල ඉන්නෙ.

      ඒ හින්ද අපි මෙහෙම කරමු උඹ ඒ පුරාවිද්ඩිදියාවට ගෙවන්ට ඕන ගාස්තුව මට එවාපං..මම බොලායෙ ලොකු තාත්තගෙ නමට ඉඩම ලියඤ්ඤං..ඒ මනුස්සය ලෙඩා දුකා වෙච්චි. උඹටම තමයි ඔය කොහිළ වල අයිති වෙන්නෙ ඊළඟට. හොඳ විස්සාසෙට ගනිං කොලුවො තුං හතර මුරයක් කොහිල ගලෝනකොට උඹට වියදං වෙච්චි ගාන ආපහු ඇවිල්ල. දෙයියම්පල්ල.

      හරි එහෙනං ඉන්දික පුතේ වැඩේට උඹ කැමතියිනෙ..හෙහ්, මම දන්නව උඹ ඇවිල්ල සත්ගුනවත් පරාර්තකාමිය නෙව ..උඹ කීයටවත් බෑ කියන්නෙ නෑ..

      ඒ වගටත් මෙසේම,

      උඹේ නොදුටු බාප්පා වම්හ.

      Delete
    7. හැලපස්,

      මචං ඔය වම්බොට්ටට ඒ නම වැටුනෙ කොහොමද දන්නවය? මිනිස්සු හිතාගෙන ඉන්නෙ මිනිහ වම්බොටු වැව්ව හින්දය කියල..හෙහ්, හෙහ්, පිස්සුද බං? එහෙනං ඉතිං ඒ මනුස්සය විතරය එහෙ වම්බටු වැව්වෙ?

      වම්බටු පැහිය කාල තියද? මාරම රහයි. ඔය පැහිය හදන්ට වම්බටු මැරිනේට් කරන්න ඕන. ඔය වම්බොට්ට ඒකට අමුතුම ක්‍රමයක් හොයාගත්ත. ඒ නිසයි ඌට වම්බොට්ටයි කියල නම වැටුනෙ...

      Delete
    8. අරූ,

      / හැලපේ......වම්බටු කන එක එපාකෙරෙව්වා ඔය වම්බට්ටා. /

      වම්බොට්ටට එහෙම කියන්නෙ ඇයිද කියල උඹත් දන්නව වගෙ මට පේන්නෙ...හෙහ්, හෙහ්,

      Delete
    9. ආදරණීය රවී ලොකුතාත්තාවෙතය,

      ලොකුතාත්තේ..ගාලු දිස්තිරික්කයේ, අක්මීමන මැතිවරන කොට්ඨාසයේ, ගණේගොඩ ගමේ මුල් ඇති තාත්තාට අනුව අපේ පරම්පරාවේ ක්‍රමයට පියාගේ අය්යා ලොකු තාත්තාය. ඒ නිසා අපේ තාත්තා උපදිනවිට පාළහ පැන තිබූ උන්දැගේ හදාගත් අය්යාගේ එකුස උපන් නිවුන් සෝයුරා වන උඹට බාප්පා කීමට මට කට වත් ඇඟිලිවත් නැවෙන්නේ නැතිය. ඒ හින්දා උඹට ලොකුතාත්තා කියන්නටම වෙනවාය.

      අර කොහිළ වලේ ඉඩම ලියාදෙන සීන් එක උඹැහැට විසාල පිනක් වෙන නිසා මම බාර ගන්නෙමි. නැතුව මට ආයි අමුත්වෙන් මඩ වලවල් මේ ජාල ලෝකෙ තියෙද්දි ඕන වන්නේ නැතුවය. ඒත් ඉතින් උඹ ඕක මටම ඩ්ෆ්හෙන්නට තනන නිසා පන්නිපිටිය පැත්තේ දන්නා කියන බුවෙකුට උකස් කොට ඔප්පුව පෙරළාගන්න ගානක් ඉල්ලාගන්නයයි යෝජනා කරමි.මන්ද, මන්ද මන්දකට අසුවී මේදිනවල අන්ද මන්ද වී සිටින බැවිනි. පසුව උඹ ඉඩම මටම ලියා දුන්නාට පසු මම එය උගෙන් බේර ගන්නට බලාපොරොත්තුවෙමි.

      ඊට අමතරව ලොකුතාත්තාගේ ලෙඩට දුකට අපිට සෑහෙන්න විය හියදම් ඇති නිසා තව යමක් දුන්නොත් භාර නොගෙන ඉන්නට එපායැයි ලොකු අම්මා කීවාය. ඒ නිසා උඹට පුලුහන්නම් පොල් කොස් ගස් ඇති ඉඩම් කෑල්ලක් දෙකක්ද ඔය ගොඩටම දමා දෙනමෙන් ඉල්ලනවාය.

      තව ලොකු තාත්තා නඩත්තු ගෙවන පවුල් දෙක තුනක ඉළන්දාරි වෙනුවෙන් යමක් කරන්නට උඹ මේ අවස්ථාවක් කොරග්න්නවා ඇතියයි හිතමු. ඒ විස්තර ලියන්නට ගියහොත් මගේ ජොබට තට්ටු වෙන නිසා ඩබල්සීරෝ වන් මුලට දමා අර අංකයෙන් මට අමතන්නේ නම් කුරුතග්න වෙමි.

      පොඩි ලොකු තාත්තේ, උඹට ළමයි නැත්තම් ඒ දේ පොළ මා නමට ලියනවාට මම අකමැතිවෙන එකක් නැතැයි හිතමි. ඒ ගැන පොඩ්ඩක් හිතා බලහන්ය.

      එහෙන පාන්සකූලේට පෙර හමුවන පැතුමින් නවතිමි.

      උඹට සියළු දේවතා පිහිටෙන් ඔප්පු අස්සනට යෝධබල යෝධ වීරිය ලැබේවා.

      ජය!

      Delete
    10. මයෙ බුදු පුතේ,

      උඹ වාගෙ පුත්තරයෙක් මයෙ මේ නහින දෙහින කාලෙ අහම්බෙං ලැබිච්චි පස් වනක් පිරීතිය කරන කොටගෙන නෑදෑකං පවා අමතක වෙලා ගියෙමි. ඇත්තම නෙවෙන්නම්ය.. බාප්පා නොව ලොකු තාත්තා තමාය.

      කොහිල වල ඉඩමේ ඔප්පුව උගසට තියන එක හරි නොයමි. ඒ මොකද කිව්වොත් ඒක ලියලා තියෙන්නේ මගෙ අයියාගේ නමටය. ඒ කිව්වෙ දැං ඔය උඹගේ ලොකු තාත්තාගෙ නමටය. උගස් තියන්ටත් ඔප්පුව අයිතිකාරයාම එන්ට ඕනෑය.දැං උඹලාගේ ලොකු තාත්තාගේ නම වෙන එකක් නිසාවෙන් පලමුව මේ දෙන්නාම එක්කෙනාය කියලා දිවුරුම් පෙස්සමක් අස්සං කරන්ට ඕනෑය. ඔය වැඩ කටයුතු වලට බොහොම වියදම් යනවාය. ඉතිං පුතේ උඹලා ගාව කාසි නැත්තං මේ වැඩේ කරන්ට බැරිය.බොලාට ඉතා අනර්ග කොහිල වලක් සහිත සාරවත් ඉඩමක් නොමිලේ දෙන්ට තනන කොට උඹ සූජානං වෙන්නේ ඔප්පු ගාස්තුත් මගෙම්ම කෙලවාගන්ටය. එව්වා නම් පුතෝ හඳේය.

      ඒ නිසාවෙන් සල්ලි වියදම් කරන්ට සූදානම් නැත්තං කතා කරන්ට එපාය. මොනවා උනත් මයෙ පුතා පොරෝපයිල් එකේ දාගෙන ඉන්නෙ නං උඹටම ගැලපෙන රූපයක්ය. ඔය සිංහයා කියන සතා සත්තුං අතර අන්තිම කම්මැලියාය. කිසි දවසක දඩයමක් කරන්නේ නැත. ගෑණු සත්තු දඩයමක් කල පසු එතැනට කඩා පැන මහා ගෝසාවක් කර උං පන්නා දමා හොඳම හරිය කාදමයි. අන්න එහෙම අනුන්ගෙම්ම වැඩේ කරගන්නා සතෙකි ඔය සිංහයා. .

      එහෙම බලනකොට අපේ ජාතික සංකේතයටනම් හරියටම හරිය. ගෑණුංගෙන් යැපීම සහ බොරු සද්දේ යන දෙකම සිංහයාට සහ අපේ පිරිමින් යන දෙගොල්ලටම පොදුය. ඒ නිසාවෙන් මයෙ පුතේ මොනවා නැතිඋනත් උඹට හරියටම ගැලපෙන සතාගේ රූපය උඹ පොරෝපයිල් එකට දාගෙන ඉන්න එකනම් කීයත් වටිනවාය.

      මීට,

      සත්ගුනවත්,

      පොඩි ලොකු තාත්තා.

      Delete
    11. හෙහ් හෙහ් හෙහ්...

      අනේ බං පොඩි ලොකු තාත්තේ,

      ඔන්න උඹේ හැව විසික්ක උනාය. නෑ කමකුත් හදාගෙන එනවිට මට ආ කුයිලේ හරියටම හරිය. උඹැහැත් අර නයිජීරියානු ජාතකයේ කාගෙදෝ අමතක වුනු සල්ලි මල්ලක් මට දෙන්නට ඩොලර් ජුන්ඩක් ඉල්ලන අම්බ කයිරාටික රාළෙක් බව දැන් ඉතින් කිරි ගහේ ප්ලේන් එක හැපුනාට වඩා බුදු සුවර්ය.

      හිමීට කොහිළ වලක් පෙන්නා මගෙන් ගානක් කඩා ගෙන අර මීමුරේ ආතාගේ ගේමක් ආයි මට දෙන්නට උඹ හිතුවා වගේය. හප්පේ ආයිනම් සුම්මාය. ගිණි විසිවෙන්නට කාපු මට ආයි කළාමැදිරියෝ මඟ එනකොටම මාට්ටුය.

      ඉතින් ලොකු අපුච්චියෙ ගේම වැරදුනු නිසා අහක ඉන්න සින්හයාට අල්ලන් නෙලන්න ගත්තා වගේ පෙනෙනවාය. ඒකනම් පොඩි ලොකු තාත්තේ අර කොහිළවලේ අල නොබලා මඩ තැලීමක් වගේය. ඒ නිසා උඹ ගොඩින් එන තෙක් මම නවතිනවාය.

      උඹට ගොක්කොල, සුදුකොඩි සරණයි!!!

      Delete
    12. ඉන්දික,

      සිකේම සික්ය. ඊයෙ ඉඳල නැහිච්ච නැහිල්ල අපම අපරාදේය. දිව විකාගෙන මේ හැටි පට්ටන්තර හෑල්ලක් කෙටුවේ කීයක් හරි කොටා ගඤ්ඤම්ය යන උත්තරීතර පාර්තනාව පෙරදැරි කරගෙනය. උඹ මීට පෙර ගිණි පෙනෙල්ලෙන් බැටකා පළපුරුදු බුවෙක් බව මට අමතක විය. ඒ බව මට කලින්ම මතක් කොරන්ට තිබුනාය. එහෙම නොකරපු එක බොහොම වැරදිය. වියුණු කලාවේ ආචාර ධර්ම වලට කොහෙත්ම නොගැලපේය. අද වියුණු කලාවට වී ඇති සන්තෑසිය ඕකය. වියුණු ලියන්නෝ ආචාර ධර්මනොදනිති. දන්නවා වුවද පිලිනොපදිති.

      නැවත හමුවෙමුය. එතෙක් ආයුබොහෝ වේවාය.

      Delete
  9. ඕන් බලහං රවී අයියේ, මාස හය හතක ඉඳන් බොලාගේ පෑන් කෙනෙක් වෙච්චි මට අද තමයි අකුරු දෙක තුනක් කොටාගන්න ඇහැක් උනේ.
    ඊයෙ රෑ අද උදේට උයන්න හාල් නැහැයි කියල කිව්වම හයිවේ එකේ කොළඹ ගිහින් හාල් කිලෝ දෙකක් අරං ආවා. ඒ එද්දි මටත් හිතුණා ඕක ඔහොම්මමද උනේ කියලා. ඒත් ඉතිං බොලාගේ කරුමෙට වැඩි දුරට හිතන්න උනේ නෑ. බස් එකට නැගල ටිකට් එකක් අරං වාඩිවෙන්න හදනකොටම බහින තැනටම ආවනේ. එතනින් එහා මොනා හිතන්නද? අපේ ඉන්න කෙලෙහි ගුණ නොදත් පසුගාමී ආකල්ප තියෙන උන් එක්ක.ගෙදෙට්ට එනකොටම කරච්චලේ "තමුසෙට මන් හැමදාම කියනව තුන් වේලටම බත් කන්න අපි කෝටිපතියො නෙවෙයි මයෙ දෑවැද්දට හම්බ උන පොල් ගස් දෙක හින්ද තමයි මෙච්චරවත් කාල ඇඳලා ඉන්නේ තමුසෙ හම්බකරන තුට්ටු දෙකෙන් ලයිට් බිලවත් ගෙවාගන්න බැරි'ය අරකය මේකය කියලා. ෂික් විතරක් මුන්ට තේරෙන්නැති හැටි අපේ දියුණුව. ළිං මැඩි ගෑණු. :(

    ReplyDelete
    Replies
    1. AKM,

      ඇත්ත, ඇත්ත බං..මේ පසුගාමී ගෝත්‍රික අදහස් එක්ක බෑ මොකවත් කොරන්ට. මම නං කියන්නෙ අපි ඔය කොට්ට උර ඇතුලට අත දාල අනික් පැත්ත හරෝනව වගෙ මිනිස්සුංව සම්පූර්ණයෙන්ම අනික් පැත්තම හරෝල මිනිස්සු හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕමනයි.

      Delete
  10. වෙනදා නම් රවීගේ පෝස්ට් කියවලා හිත සැහැල්ලු වෙනවා.. ඒත් අද නම් මාගේ ඇඟත් එක්ක වෙවුලනවා.. ඒ මොකද මට අප්පිරියම ජාතිය ගැනයි.. එයාලගේ වැඩ ගැනයි ලියලා තියෙන නිසා..

    හැබැයි රවී.. නියමෙට ලියලා තියෙනවා... :)

    ReplyDelete
    Replies
    1. සඳා,

      හැමදාම හිත සැහැල්ලු වෙන එව්වම ලියල බෑනෙව මැඩම්, Once in a while we have to get out of our comfort zone :)

      Delete
  11. //ලිඛිත පරීක්සනයෙන් ලබාගන්නා ලකුනු වලට වෙඩි තැබීමේ පරීක්සනයේද ලකුනු එකතු කොට දක්ෂයින් තෝරා ගැනීමට පුලුවන.//

    e lakunu ehen aragena me lakunu mehen aragena e deka mewwa karala ekak hadala sammatha apagamanayath yodala thama sudussa thoranta one. hitapu vibaga komasaristhumagen nomile upades ganta puluwan

    ReplyDelete
    Replies
    1. Ano,

      අම්මාපල්ල ඒ පිස්සු හටන මතක් වෙනකොටත් ඔලුව විකාර වෙනව. ඔය මනුස්සය පුවත්පත් සාකච්ඡාවක් මුලු රටටම පේන්ට ඔය ලකුණු එකතු කරන විදිහ පෙන්නුවනෙ..මෙහෙම අරගෙන..මෙහෙම අරගෙන..මෙහෙම කරල..මෙහෙම කරල...අපි දෙකම එකතු කරල...හෙහ්,හෙහ්,

      ඒ වීඩියෝ එක හොයාගන්ට බැලුව හම්බ උනේ නෑ..මේ ඒ දවස්වල W3 ලංකා වෙබ් අඩවියට මම ඒ ගැන දාපු කමෙන්ට් එකක්...

      / හෙහ්, හෙහ්....දැන් හරිනෙ....බොරුවටනෙ කට්ටිය කෑගැහුවෙ....මිස්ටර් අනුර එදිරිසිංහ ඔය පැහැදිළි කලේ යස අගේට....'' මෙන්න මෙහෙම '' අනෙ අම්මප මෙව්වට අඬන්ඩද හිනාවෙන්ඩද කියන එකයි මට හිතාගන්ට බැරි.......පොඩි මල්ලිල මොන හාල්පාරුවොද?....මෙයානෙ පොර....

      මම යෝජනා කරනවා 2011 ශ්‍රී ලාංකීය ජනතාවට කල උත්තරීතර සේවය වෙනුවෙන් මිට්ට එදිරිසිංහට '' මෙන්න මෙහෙම චක්‍රවර්තී '' ගෞරව නාමය ප්‍රදානය කල යුතුයි කියල.

      හප්පච්චියේ...විශ්‍රාම ගිය එක නම් හරිම අපරාදයක්....මුන්දැ මැරෙනකල් තනතුරේ තියාගත්ත නම් තමයි වටින්නෙ....../

      Delete
    2. //හප්පච්චියේ...විශ්‍රාම ගිය එක නම් හරිම අපරාදයක්....මුන්දැ මැරෙනකල් තනතුරේ තියාගත්ත නම් තමයි වටින්නෙ......// LOL

      Delete
  12. අන්න දෙරණ අටේ නිව්ස් වල ජ්‍යෝතිෂ්‍ය කට්ටිය ප්ලේන් එකට වෙච්ච දේ කිව්වා .. අර චන්ද්‍රසිරි ගොය්යා ෂුවර් එකටම කිව්වේ නියමුවාගේ අනුදැනුම ඇතිව උස්සල කියලා .. දවස් 14ක් ඇතුලත දැනගන්නේ කියල .. මත්තල සීන් එක දැනගෙන වගේ . අනේ ඇත්තට අද පෝය කියලවත් මේ උන්දලට ගානක් හැටි.

    //එතකොට මේ පොකුන සහ කුලුන දෙකෙන්ම රටේ එදාවේල හොයා ගන්ට දහ අතේ දඟලන මිනිස්සුංටම නෙලිල්ලක් තමයි සිද්ද වෙන්නෙ කියන අදහසින් ඔව්වට නෙලුං පොකුන සහ නෙලුං කුලුන කියල නම් දැම්මා වෙන්ටත් පුලුවනිය. // අනේද කියන්නේ සැලරි අතට එනවා විතරය් වාෂ්ප වෙනවා :(

    ReplyDelete
    Replies
    1. Mekuwi,

      / අර චන්ද්‍රසිරි ගොය්යා ෂුවර් එකටම කිව්වේ නියමුවාගේ අනුදැනුම ඇතිව උස්සල කියලා ./

      මොකද්ද බං ඔය පොර ආද්දියාත්මවේදී කියල නමක් දාගෙන ඉන්නෙ? හෙහ්,හෙහ්

      පිස්සු හටනක්නෙ. පරසක්වල ගැහුවනෙ ඔය බුවා 2005 දි රනිල් ජනාදිපතිවෙනවයි කියල....

      Delete
  13. සුදු වෑන් එයි හොඳේ...)))

    ReplyDelete
    Replies
    1. දිලිනි,

      සුදු වෑන් එනවනම් එන්නෙ උඹව හොයාගෙන. උඹයි මෙතන රජය අපහසුතාවයට පත්වෙන විදිහට කටකතා පතුරවන්නෙ…

      මම කලේ මගෙ හිතේ ඇඳිච්චි කතන්දරයක් කියන එක..අනික ඔය ලොක්කො හැමෝම දහ අතේ දිවුරන්නෙ රටේ තවම බාසනයේ නිදහස යස අගේට බැබලි බැබලි තියනවයි කියල. මම කලේ ඒක ප්‍රයෝජනයට ගත්ත එක. එහෙම කලාම සුදු වෑන් එනවයි කියල නැති බීසනයක් මවා පාල එතුමන්ලා අපහසුතාවයට පත් කරන්නෙ මට පේන්නෙ උඹ :)

      Delete
  14. හෆ්ෆා, එහෙනම් ඒකද මෙතන තියෙන සිද්දීය.. අපි මෙච්චර කල්පනා කලා ඒකට මොකද වුනේ කියලා.. රවී අයියා කියනකන් මෙහෙම දෙයක් කල්පනා උනේම නෑනේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      අන්න ඒකනෙ මල්ලි කියන්නෙ...පෙට්ටියෙං එලියට බැහැල හිතහං බං පෙට්ටියෙං එලියට බැහැල හිතහං .....:)

      Delete
  15. රවී අයියේ,
    තිස් අවුරුදු යුද්දේ නිමා කොට රට කොට උඩ තියෙන මොහොතක මේ රටට විජාතික බලවේග අත පොවනකොට.(ඇත්තටම උන් මක්කටයි රවියයියේ මෙහෙටම අත පොවන්නේ?)බොලා මෙහෙම සටහනක් තැබීම උතුරා පිටාර ගලා යන ජට්‍යලයෙන් හෙලා දකිමි...:D

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      අනේ මට තේරෙන්නෙ නෑ බං.ඔය විදේසික බලවේගයි, ඩයස්පෝරා ද කියන කවුදයි කොයි වෙලෙත් බලා ඉන්නවයි කියන්නෙ මෙහෙට්ට අත පොවන්ට නෙව. මෙවුංටත් ආය වෙන වැඩක් නෑ මම හිතන්නෙ අපේ මේ පොඩි ලබ්බක් වගෙ තියන අමුතු ඇටේට අත පොවනව ඇරෙන්ට...

      / උතුරා පිටාර ගලා යන ජට්‍යලයෙන් හෙලා දකිමි /

      Thanks Malli, you are the best ..heh,heh

      Delete
  16. අම්මප බොල, ආශ්චර්යෙ කොල්ලො වැඩක් දුන්නොත් ආයෙ ඉතිං අහන්න දෙයක්යැ. මෙච්චර කාලෙකට අතුරුදං වෙච්ච ප්ලේන් එකක් හොයන්න නාසා එකට යනකල් දුර ගියේ නෑනෙ. මුංටික මේක වැනිෂ් කරල තියෙනව ආයෙ තෙල් සුවඳවත් නැතිවෙන්න.

    නෙලුං නේද... එක්කො ඒකගැන කතා ඕන නෑ.

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      මොනවද මලේ මේ කතා?...එහෙම තමයි අපේ සුරු විරුවෝ..

      Delete
  17. අනිච්චේ... මෙහෙමත් ලෝකයක්. පෝස්ට් එකට හපන් රවි අයියගෙ කමෙන්ට් ටික. :D :D

    ReplyDelete
    Replies
    1. චන්දන,

      අනේ අනිච්චං කනේ කඩුක්කං!!!

      ස්තූතියි මල්ලි :)

      Delete
  18. "නෙලුං කිව්වම අර වතුරෙ පිපෙන මලට අමතරව අම්බානක ගහනවා යන තේරුමත් එනවාය" "එතකොට මේ පොකුන සහ කුලුන දෙකෙන්ම රටේ එදාවේල හොයා ගන්ට දහ අතේ දඟලන මිනිස්සුංටම නෙලිල්ලක් තමයි සිද්ද වෙන්නෙ කියන අදහසින් ඔව්වට නෙලුං පොකුන සහ නෙලුං කුලුන කියල නම් දැම්මා වෙන්ටත් පුලුවනිය."


    එහෙම නෑත්නම් ගහනවා කියන එකේ මූල්යමය තේරුම ගත් කල කුලුන පොකුන පමණක් නොව වරාය, එයාපෝර්ට්, හයිවේ ඈතුලු සමස්ත සන්වර්දන ක්‍රියා වලියටම "නෙලුං " නම දෑමීම සුදුසු නේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      / එහෙම නෑත්නම් ගහනවා කියන එකේ මූල්යමය තේරුම ගත් කල කුලුන පොකුන පමණක් නොව වරාය, එයාපෝර්ට්, හයිවේ ඈතුලු සමස්ත සන්වර්දන ක්‍රියා වලියටම "නෙලුං " නම දෑමීම සුදුසු නේද?

      හෙහ්, හෙහ්, හෙහ්, එහෙම බැලුවොත් ප්‍රා මෙහෙම කිව්වැකි.

      වත්මන් රජයෙහි ක්‍රියාකලාපය හැඳින්වියහැකි එක් වදනක් වේනම් ඒ නෙලීම යන්නයි.ඒ නෙලීම වචනාර්ථයෙන් හෝ සංකේතාත්මකව විය හැක. කෙසේ වුවද නිසැකවම ඒ වනාහී නෙලීමකි. බටහිර කුමන්ත්‍රණකාරීන්ගේ සිට දෙමළ ඩයස්පෝරාව හරහා විපක්ෂය සහ මානව හිමිකම් ක්‍රිකාරීන් හැමට ඒ නෙලීම පොදුය.

      එළෙසම සංකේතාත්මකව සැළකිමෙහිදී නොරොච්චෝලේ බලාගාරය, දකුණු අධිවේගීමාර්ගය දිවිනැඟුම, උතුරු වසන්තය යන ව්‍යාපෘතීන් සියල්ල එසේ නෙලීම් ලෙස වර්ගකලහැක.


      හෙහ්, හෙහ්, නෙලීම වනාහී.....කියල ලියන්ට ඕමනයි පෝස්ට් එකක්…

      ස්තූතියි ප්‍රා, නිර්මාණාවේශයට මඟ පෑදීම පිළිබඳව ( Inspiration කියන එකට නිර්මාණාවේශය කියල යෙදුවෙ. පිළිගත් වචනයක් වෙන නෑ මම හිතන්නෙ )

      Delete
  19. කොහෙන් මෙහෙම ලියන්න අදහස් එනවද මන්ද.. එල..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      ඒකත් වෙලාවකට මහ කරුමයක් පැතුම්...:)

      මම ඔය ගෙදර සමහර වෙලාවට ගෙදරදි අපෙ උන්දැ එක්ක රජ්ජුරුවංගෙ ඉඳල පහලට පතුරු ගහනව. එවුන්දැ කෑ ගහනව." දැං ප්‍රෙෂර් එකත් නග්ග ගන්නව නිකං නිස්කාරනේ..අම්මප මේ මනුස්සයට බැරි හැටි මේ රටේ ලෝකෙ අනික් මිනිස්සු ඉන්නව වගෙ ඇහැ කණ පියාගෙන ඉන්ට.." ඇත්තත් තමයි බලාගෙන ගියාම. ඒත් මොකද බං මලේ කොරන්නෙ? හිතට හිතෙන එව්ව ආය මකන කෑල්ලක් අරගෙන මකල දාන්ටය?

      ස්තූතියි මල්ලි...:)

      Delete
    2. මට නම් ජිවිතේට උනන්දුවක් ඇති වෙන සබ්ජෙක්ට් එකක් නෙවෙයි.. හෙහ් හෙහ්... අපි නිකන් කාලේ කනවා විතරයි ඕව කතා කරලා.. කතා ගොතල ආතල් එකක් ගන්න නම් හොඳයි වෙන නම් මෙලෝ ප්‍රයෝජනයක් මට පෙන්නේ නෑ.. තම තමන් උනන්දු වෙන සබ්ජෙක්ට් තමා ඉතින්... මොනවා වුනත් මේක ලියල තියෙන විදිය නම් ගති..

      Delete
  20. බොරුනේ අයියා නාමල් අයියා මේ ලගදූ ටූටරේට දැම්මා නේ මත්තලට මෙන්න පුග්ගලික ජෙට් යානාවක් ආවා කියලා පොටෝ එකකුත් එක්ක,,,ඊට පස්සෙ අයහපත් කාලගුනේ නිසා කටුනායකට යන පෙලෙන් 2 මත්තලට බැස්සා,ඔන්න කියාපි පෙලෙන් නාවට අපි ආදායම් ගන්නවා මත්තල උඩ අහසේ යන පෙලෙන් වලින්,,ඒවගේ යන මගියෝ පඩුරු දාලා යනවා ඇති සුවර්

    ReplyDelete
    Replies
    1. ඩිලාන්,

      / බොරුනේ අයියා නාමල් අයියා මේ ලගදූ ටූටරේට දැම්මා නේ මත්තලට මෙන්න පුග්ගලික ජෙට් යානාවක් ආවා කියලා පොටෝ එකකුත් එක්ක,,, /

      හෙහ්,හෙහ්, බොරු බං ඔය..ලොකු මොණරෙක්ද කොහෙද පිහාබන ඇවිදිං රන්වේ එකට පාත් උනාය කියලයි මට නං ආරංචිය..:) :)

      / ඔන්න කියාපි පෙලෙන් නාවට අපි ආදායම් ගන්නවා මත්තල උඩ අහසේ යන පෙලෙන් වලින්,,/

      යස් එහෙම ආරංචියක් නම් තියනවාය. මත්තල උඩිං යන පෙලේං වලිං බද්දක් අයකරන්ට යනවය කියල. එහෙම සල්ලි නොගෙව යන ආසියන්තරා වලට ගල් ගහන්ට ඒ වැඩේට සමර්ත කොල්ලො වීර පලු ගස් උඩ නග්ගලා තියන්ට අදහසකුත් තියනවා කියලා ආරංචියක් ආවෙමි.

      Delete
  21. මේ ලිපිය රාජ්‍ය රෙදි අපුල්ලන අමාත්‍යංශෙට යොමු කළා නම් බඩුම තමා :D

    ReplyDelete
    Replies
    1. හසිත,

      හප්පච්චියේ..බුදු මලේ... පිස්සු නම් නොකෙලිනු මැන!!

      Delete
  22. //නෙලුං කිව්වම අර වතුරෙ පිපෙන මලට අමතරව අම්බානක ගහනවා යන තේරුමත් එනවාය." ඌට නෙලුවා කට්ටිය වටකරගෙන " " නෙලපිය නෙලපිය ඕකට " අන්න එහෙමය. //

    මේක දැක්කහම මට මතක් වුනේ, තව තේරුමක් මේකෙන් ගම්‍ය කරගතහැකි නේද? පල වැල නෙලා ගන්නවා යන අරුතින්, හදන්න හදන්න නෙලිල්ලක් නෙව....... :D

    ReplyDelete
    Replies
    1. රන්දිල්,

      හැබෑටම එහෙම නෙලිල්ලකුත් තියේ නේද? :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...