Saturday, March 22, 2014

249. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 14…. ඉඳගෙන ලෙවල් ගැනීම සහ ක්‍රය ශක්තිය හීන වීම

මම එක පාරටම ඔලුව උස්සල ඈ දිහාවෙ බැලුව. ඈ සාලෙ මුල්ලක හේත්තු කරල තිබ්බ කණ්ණාඩිය ඉස්සරහ හිටගෙන නෙරිය හදනව.

" ඔයා එන්න ඕන නෑ වැඩත් තියනවනෙ. මම ඉරිද දවල්ට බත් දෙකකුත් අරගෙන එන්නං, "

" ඒත් මගෙ හිතට හරි නෑ අනේ. අම්මට මොකද දන්නෙ නෑ නේද? "

" නෑ ඒ හැටි අමාරුවක් නෑ. එයාට ඔය හිටපු ගමං එනව කොන්දෙ අමාරුවක්. ඒක වෙන්ට ඇති. මම ගිහිල්ල බලල ඩොක්ට කෙනෙක් ගාවට එක්ක යන්ට ඕනනම් ඒකත් කරල බෙහෙත් අරං දීලම එන්නම්. "


පහුවදා සිකුරාද..... " ***, මම එන්නං ගිහිල්ල " කියල ඈ යන්න ගියා. ඇස් වල කඳුළු දිලිසෙනව වගෙ මම දැක්කට සහතික කරලම කියන්ට බෑ. මම අර තරු දාල තියෙන්නෙ ආය මේ කුනුහබ්බයකට එහෙම නෙවෙයි ඔන්න...හරිද? ඒ ඇවිල්ල එයයි මට කතාකරන නම. එයාටත් මම කතාකරන එහෙම විශේෂ නමක් තියනව. ඒ නම් දෙක දන්නෙ අපි දෙන්න විතරමයි. අපෙ සෙනේහෙ පටන් හත්තු අලුතමතමයි අපි එහෙම විශේෂ නම් දෙකකින් එකිනෙකා අමතන්න පටන් හත්තෙ.එයාට නම් හැබැයි සමහරවෙලාවට මට කියන සුවිශේෂී නම කියවෙන්න එනව මහ සබා මැද....මම මොනව හරි කියල ඒක යටපත් කරල ෂේප් කරල දානව.

දෙන්න දෙමහල්ලන්ට එකිනෙකා අමතන්න එහෙම තමන් විතරක් දන්න තමන්ටම සුවිශේෂී නම් දෙකක් තියන එක බොහෝම සෙනෙහෙබර ඒ වගේම රොමෑන්තික කාරණයක් කියලයි මම හිතන්නෙ. ඔහෙලට කොහොමෙයි හිතෙන්නෙ? එහෙම සුවිශේෂී නම් දෙකක් නැත්තං වහාම එහෙම නම් දෙකක් හදාගන්ට..කාලෝ අයංතේ මේ එයට කාලයයි.

පහුවෙනිදත් අපේ සති ප්‍රගති සමාලෝචන රැස්වීම තිබ්බ.

" මොකෝ බං? උඹෙ හරි නෑ මූණත් එක්ක...මොකෝ අවුල? "

අපෙ ලොක්ක කොහෙද ගිහිල්ල එන්ට පරක්කු උන නිසා රැස්වීමත් පටන් ගත්තෙ ටිකක් පරක්කු වෙලා. ඒ අතරෙ කැන්ටිමෙන් රුලං කෑල්ලක් කාල ප්ලේන්ටියක් ගහන ගමං සුමනෙ ඇහුව.

" කෝ නංගි? මේ සුමානෙත් මෙහෙද?"

" ආ..නෑ..නෑ..ඊයෙ ගෙදර ගියා.."

" ආ..එහෙමනම් අද පොඩ්ඩක් දාගමු...හෙහ්, අවුලක් නෑනෙ.."

" එයයිලගෙ අම්මට සනීප නෑ කියල ගියේ මචං ඒකයි මට මේ පොඩ්ඩක් අප්සෙට් වගේ…"


" ආහ්...එහෙමද? මොකෝ අම්මට? "

සුමනෙ අඳුනනව එයාලගෙ ගෙදර ඔක්කොමල. කසාදෙ රෙජිස්ටර් කොරන්ඩත් අපි දෙන්න ඕකගෙ බයික් එකේනෙ ගියේ. සාක්කියට අස්සං කලෙත් සුමනෙම තමයි.

" නෑ, මේ..ඒ හැටි අමාරුවක් මොකවත් නැතය කියල තමයි කිව්වෙ..අම්මයෙ තියනව හිටපු ගමං පොඩි කොන්දෙ අමාරුවක්..ඒක ආයම මතු වෙලයි කියල තමයි කියන්නෙ.."

" ඉතිං මොකද මචං උඹ කරන්න හිතාගෙන ඉන්නෙ? "

" මම හිතාගෙන හිටියෙ අද පොඩ්ඩක් සන්තර්පණය වෙන්නම්ය කියල. ඒත් හිතට හරි නෑ බං..අම්ම මට මාරම ආදරෙයි. "


" මම දන්නව..මම ඉතිං අම්මගෙ ලේලිනෙ. මෙයා තමයි පුතා..කියල නංගි කියනවලු නේද? "

" ඔව්නෙ හෙහ්, හෙහ්,සුමනෙ කොහොමද දන්නෙ? " 


ඔය කතාව සුමනෙට කිව්වෙ නෑ මම මට මතක විදිහට..

" හිහ්, නංගිම තමයි දවසක් මා එක්කලා කිව්වෙ. "

" ඒකනෙ බං...මම කියන්ටද? මම දවල්ට කාල යන්නං..බොන්ට බෑ අද…"

" කමක් නෑ මචං මොකෝ ආය අරක්කු කියන්නෙ නොබීපු දෙයක්ය?..උඹ එහෙනං පලයං .."


" ඕ කේ.. එහෙනං එහෙම කරමු. ෂෙහ් , අද මේ ලොක්ක කොහෙ ගියාද මන්ද..කලින් රැස්වීම පටං ගත්තනං කලිං ඉවර කරන්ට තිබ්බනෙ. බලපංකො දහයට කාලයි. "

අපෙ ඔය රැස්වීමට සාමාන්‍යයෙන් වෙන විශේෂ මොකක් හරි දෙයක් ඈඳුනෙ නැත්තං පැය තුනක් වගෙ යනව. උදේ නමයක පටන් ගත්තම දහය හමාරට වගෙ කට කපල ටී එකකුත් එක්ක දෙනව පත කේක් කෑල්ලක්.රැස්වීම කෙරෙන ගමම්ම එව්ව සප්පායං උනාම තව පැය එකහමාරකිං වගෙ වැඩේ අහවරයි. ඒ කියන්නෙ දොළහට වගෙ.

" ලොක්ක ඔය කොහෙද ගියයි කියන්නෙ මේ උදේම? "

" අන්න අර ගලතරඔය හරහ අමුණක් බැඳල දෙන්ටෙයි කියල මිනිස්සු ඉල්ලනවනෙ දැන් සෑහෙන කාලෙක ඉඳල.ඒ ගැන වාර්තාවක් ඉල්ලුවලු සඳුද මිනිස්ට්‍රි එකෙන්. ඒ ගැන බලන්ටයි ඔය ගියේ. "

" අඩේ එහෙමද? ඉතිං කවුද ලොක්ක එක්ක ගියේ? ඕකෙ ලෙවල් ලයින් එකක් වත් ගන්ට එපාය වාර්තාවක් දෙන්ට. "


අමුණක් ඇලක් වැවක් වගෙ හදන්ට සැලසුම් කරන්ට ඉස්සරවෙලා පොළවෙ උස් පහත් තැන් අතර හරියටම වෙනස මැන ගෙන ඒ දත්ත සටහන් කරගන්න එක ඉතාම වැදගත්.ඒකට වෙනම උපකරණයක් තියනව. ලෙවල් එක ඒකටකියන්නෙ.ත්‍රිපාදිකයක් ( Tripod ) උඩ 
ලෙවල් එක සවිකරල ඒකෙ උපනෙතට ඇහැ තියල බලල තමයි පොළවෙ මට්ටම් ගන්නෙ. 

ලෙවල් ගන්නෙ මෙන්න මෙහෙම

" ලකියව එක්ක ගියාය කියන්නෙ…"

සුමනෙයි මායි අසෝකයි ලක්ෂ්මනුයි තමයි ඔය කාලෙ එහෙ හිටියෙ තාක්ෂණ අංසෙ. අසෝක මතකයි නේද? අර නෙලුම් බැඳල හිටියෙ.

" ලකියව ? "

මට හිනාව නවත්තගන්ට බැරිඋනා…

" අම්මාපල්ල ඔය යස්සය ගලතර අමුණෙත් ඉඳගෙන ලෙවල් ගත්තෙ නැත්තං ඇති…"

" මොකට කියනවද ඒ හරිය? හෙහ්, හෙහ් "


සුමනෙත් හිනාවට හවුල් උනා..ඒ ඉඳගෙන කතාව මෙහෙමයි. ඕක උනේ ඔයිට සති දෙහෙකට තුනකට ඉස්සර.

ඔය කුඹුරු පැළ ගොයම කාලෙ සහ ආය පූදින කාලෙ ගොවියන්ට කොච්චර වතුර තිබ්බත් මදි. කුඹුරු වලට අනෝතත්ත විල වාගෙ වතුර පුරෝගත්තෙ නැත්තං එවුන්ට නින්ද යන්නෙ නෑ. " වතුර මදි මහත්තයා වතුර මදි " ඕක තමයි කොයි වෙලාවෙත්.

ඒත් ඉතිං වතුර දෙන්ට පුළුවන් සීමාවක් තියනවනෙ. මම කලිං කිව්වෙ යෝද ඇලෙන් තමයි ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල ඔය ඔක්කොම වැව් වලට වතුර දෙන්නෙ. ඉතිං එව්වට යන වතුර ඔක්කොම අපේ ගොවියො ඇඬුවයි කියල උන්ට දෙතෑකිය? ඔන්න ඔය කචල් එක නිසා ගොවි මහත්තුරු කොරන්නෙ ඔය කොහෙ හරි වෙල්පහු වතුර පාරක් හරස් කරල පොඩි ඇනිකට් කෑල්ලක් බැඳගෙන කුඹුරු වලට අමතර වතුර පාරක් හරවා ගන්න එක.

වෙල්පහු වතුර කියන්නෙ කුඹුරු වලින් පිටාර ගලන වතුර. එව්ව ගලාගෙන ගිහිල්ල ආපහු පල්ලෙහා වැවකට එකතු වෙනව . ඒ වැවට පල්ලෙහා කුඹුරු අස්වද්දන්ට ආයම ඒ වෙල්පහු වතුර පාවිච්චි කරනව. ඔහොම අමුණක් බැඳගෙන මීටර් තුන් සීයක විතර ඇළක් කපල වතුර ගන්ට යාය 23 පැත්තෙ ගොවියො කට්ටියක් සංවිධානය වෙලා තිබ්බ. ඇළේ පතුලෙ ලෙවල් දෙන්ට ගියේ අපේ ලකියා.

ඔන්න ඕකා ලෙවල් දීල ආව. ඒ දීපු ලෙවල් වල හැටියට ගොවියො ඇලත් කැපුව. පහුවදා මෙන්න හෙණ ගෝසාවක්. අර ඇලේ වතුර ගලන්නෙ නෑ කියල විරෝධය පළ කරන්ට ඒ ඇල කපාපු ගොවියො තිහක් විතර ඇවිල්ල අපෙ ඔෆිස් එක වට කරලා. මේ ප්‍රශ්නෙට විසඳුමක් හැටියට අපෙ ලොක්කා කලේ අදාල පාර්ශ්වයන් ඔක්කෝම ගෙනල්ල අපේ ශ්‍රවණාගාරයෙ රැස්වීමක් තිබ්බ.

දැං ඔය Stake Holders කියල තමයි ඒ අයට කියන්නෙ. ඒ කියන්නෙ මොකක් හරි ව්‍යාපෘතියකින් ප්‍රතිලාභ ලැබෙන, ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවන හෝ ඒ ව්‍යාපෘතියෙන් නිසි හෝ අනිසි බලපෑමක් ඇතිවන අය. සිංහලෙන් අදාල පාර්ශ්වයන් කිව්වැහැකි.

" මචං මාර වැඩක්නෙ මම ලෙවල් දුන්න හරියට. ඒ ****** පුතාල නියම විදිහට ඇළ කපා ගත්තෙ නැතුවට මම පළිද? "

ලකියා අපෙ ඔෆිස් එක දෙකක් වෙන්ට කෑගහනව.

" හරි හරි බං උඹ ලෙවල් දීල ආවනෙ. එවුං ඇළ කපද්දි ආයම ලෙවල් චෙක් කලේ නෑ නේද? "

" පිස්සුද බං? උං රෑ වැඩ කරනව කිව්වෙ. ඒක ලේසියි කියල. මට ඇහැක රෑ තිස්සෙ ඔතන ගිහිල්ල ඉන්ට. "

" එහෙම බෑ කියල බෑ...මචං රාජකාරිය කරනකොට වෙලාවක් කලාවක් බලන්ට බෑ. උඹලට පඩියක් ගෙවනවනෙ…"


මම බොහොම බැරෑරුම් මුහුණින් කිව්ව. ලකියා මොහොතක් මගෙ මූණ දිහා බලාගෙන හිටිය මූණ කුණ්ඩ හට්ටිය වගෙ කරගෙන......

" අනේ මේ උඹ ***** නැතුව ඉඳහං. " කියල බස බස ගාල යන්ට ගියා පස්සවත් නොබල. සුමනයයි මායි කඳුලු පයිනකල් හිනා උනා.

ඔන්න ඇලේ ලෙවල් අර්බුදය විසඳන්ට කැඳවපු අර මහා රැස්වීම ආරම්බ උනා කියමුකො. ගොවිසංවිදානෙ සබාපති තුමා නැඟිටල කරුණු ඉදිරිපත් කලා. ඔය සමහර ගොවි මහත්වරු ඉන්නව හරබර වචන දාල කතා කරන්ට බොහොම මනාපයි. කාටවත් තේරෙන්නෙ නැති වචන දාල කතාකරන එක බොහොම ගරු නම්බු ලැබෙන වැඩක් කියලයි එයාල හිතන්නෙ.

ඔන්න එක පාරක් ඒත් ඔය යෝද ඇල කට්ටෙටම හිඳිච්චි නියං කාලෙක තියන වතුර ටික බෙදා ගන්නෙ කොහොමද කියල තීරණය කරන්ට රස්වීමක් තිබ්බ. ඔය එක මයික් ටයිසන්ගෙ බාප්පගෙ පුතා ටයිප් එකේ සබාපති කෙනෙක් කතාකරගෙන ගියා වරුවක් විතර.

" ඇත්ත වශයෙන්ම මේ අපේ අසරණ ගොවි මහතුන්ගේ ක්‍රය ශක්තිය අන්තිම පහත් තත්වයට ඇද වැටිලයි තියෙන්නෙ මේ වෙනකොට.... මම ඒක කියන්නම ඕන ගරු මහත්වරුනි.........."

ඔන්න එතුමා කියාපි. මායි සුමනෙයි අපෙ අයි.ඊ. මහත්තයයි ඉස්සරහ ස්ටේජ් එකේ ඉඳගෙන උන්නෙ. රැස්වීම තිබ්බෙ ඉස්කෝලෙ සාලාවෙ.

ඔය වෙලාවෙ අපෙ අයි.ඊ. මහත්තය ( ආ..අයි.ඊ. මහත්තය කියන්නෙ වාරිමාර්ග ඉංජිනේරු තුමා. Irrigation Engineer... මම අර කලින් දවසක කිව්වෙ..උඹ හිතං හිටියෙ චන්ද්‍රිකා උඹෙ බටේ පාත්කරල දෙන්ට එයි කියලද ඈ යකෝ? ..අන්න එහෙම අපෙ සියාතු මාමට කිව්වෙ එතුමා තමයි ) සාක්කුවෙං ගත්තු විට පාර්සලේ දිග අරිනව.විට මැලේ ඔතල තිබ්බෙ ඊට කලින් සතියෙ ජල ප්‍රශ්නය විසඳීමට ක්‍රියාත්මක කලයුතු ක්‍රියාමාර්ග කියන මාතෘකාවෙන් හෙඩ් ඔෆිස් එකෙන් එවල තිබ්බ ලියුමක. මම ඒක සුමනෙට ඇඟිල්ලෙං ඇනල පෙන්නුව. සුමනෙ අහක බලාගෙන හිනා උනා.

විට පාර්සලේ දිග ඇරිල්ල පැත්තක තියල එතුමා මගෙ දිහාට නැමුන.

" ඈ බං..වීරෙ..අර මොනවද අර යකා අර දොඩවන්නෙ? ක්‍රය ශක්තිය? අම්ම මුතුං කලෙ අහපු වචනයක්ද බං ඒ? "

මමත් අයි.ඊ. මහත්තය පැත්තට නැමුණ." ඔය ක්‍රය ශක්තිය කියන්නෙ අයි.ඊ. මහත්තය අර අහවල් වැඩේටනෙ. .....කම් සැප විඳීම.... ඒකටම තමයි. "

" ඉතිං මේ ****** පුතා ඒක කාටත් තේරෙන විදිහට එහෙම නොකියා මොනවද මේ කියන අපබ්‍රංස? "

" ඒකනෙ අයි.ඊ. මහත්තයා.කාට කියන්ටද මෙව්ව.."


මම සුමනෙ දිහාවට හැරිල ඉඟි මැරුව. සුමනෙ තොල් විකාගෙන අහක බලා ගත්ත. ඔන්න තව විනාඩි පහක් තරම ගියා. අයි.ඊ. මහත්තය හක්කෙ දෙපැත්තට කර කර විටේ හපනව. අර ක්‍රය ශක්තිකාරයා තවම කතාව.

" ඔබ තමුන්නාසේලාගෙන මම ඉල්ලා සිටින්නේ අපගේ හීන වී ගිය ක්‍රය ශක්තිය වර්ධනය කර ගැනීමට කුමන හෝ වැඩ පිළිවෙලක්........ "

" ඈ වීරෙ.."


අයි.ඊ. මහත්තය ආයෙම මගෙ පැත්තට නැමුණ. සුමනෙත් මගෙ එහා පැත්තෙ ඉඳල මගෙ දිහාට නැමුණ.

" ඔව්..අයි.ඊ. මහත්තය? "

" ඉතිං බං වයසට යනකොට ක්‍රය සක්තියද මොකද්ද එක හීන වෙනව තමයි. දැං මේ මගෙ උනත් එහෙමයි....ඉතිං ඒකට අපි මොනව කරන්ටද? මේ යකා ඒක මේ රැස්වීම වල කියන්නෙ ඒකත් අපෙ වැරැද්ද වගේනෙ. අනික ඒක වර්ධනය කරවල දෙන්ටෙයි කියන්නෙ අපට. අපි කොහොමද ඒක කරන්නෙ? ඔය තියෙන්නෙ අනන්ත තෙල් බේත්..එව්වයිං ටිකක් අරගෙන ගාල තවල කාරිය බලනව මිසක...."

" ඇත්ත ඇත්ත අයි.ඊ. මහත්තය.."


තොල් හපාගෙන ඉඳල මට ලේ රහක් වගෙත් ආව.... සුමනෙගෙ ඇස් වලින් කඳුලු පනින්න ඔන්න මෙන්න.

" ඉඳපංකො මම නැඟිටල කියන්ට ක්‍රය සක්තිය හීන උනාට අපිව අල්ලගන්ට එපාය කියල. "

අයි.ඊ. මහත්තය නැඟිටින්ට හැදුව.

" එපා. එපා. බොස්.. ඔන්න ඔහෙ ඕක අල්ලල දාන්ට. අපි රැස්වීමෙං පස්සෙ මිනිහට හෙමිහිට ඕක කියමු. "

මම එතුමාගෙ අතින් අල්ලල ආයම ඉන්දෙව්ව. ඔය අයි.ඊ. මහත්තයත් නියම බුලට් එක. අපිටම හරියන පිස්සු ලෝකෙ. ඇත්තට කියනවද අපිව අන්දන්ට කියනවද කියල අපිටම හිතාගන්ට බෑ.

පස්සෙං පහු දවසක මම අල්ල ගත්ත අර ක්‍රය ශක්ති සබාපතියා.

" සබාපතිතුමා අර මොකද්ද එදා අර රැස්වීමෙදි කිව්ව වචනෙ? ක්‍රය ශක්තිය.? මොකක්ද හැබෑටම ඒ? "

" හිහ්,හිහ්, ක්‍රය ශක්තිය කියන්නෙ මහත්තයා මිළදී ගැනීමේ හැකියාව.. "

" අම්මපා? ඉතිං කොහෙන්ද ඔය වචනෙ හොයා ගත්තෙ? "

" හිහ්..හිහ්..අපේ ලොකු දුව උසස් පෙළ ආර්ථික විද්‍යාවනෙ කරන්නෙ. මම එයාගෙන් තමයි ඕක දැනගත්තෙ "


ඉතිං ආපහු අර ඇලේ ලෙවල් අර්බුදයට....ගොවි සංවිදාන සබාපති තුමා කිව්වෙ මෙහෙමයි. ඇලේ ලෙවල් වැරදිය කුඹුරෙ වතුර ආපහු ඇල දිග ගිහිල්ල අමුණට යනවය අරකද මේකද රටේ නැති කතන්තර. එතුමාගෙ කතාවෙන් පස්සෙන් පහු අපෙ ලොක්ක ඔන්න කතා කලා.

" හරි දැන් අපි වැරැද්දක් වෙලා තියනවනම් ඒක නිවැරදි කර ගමු. ඊට කලින් ඔය ඇළේ ලෙවල් දුන්නු අපේ ලක්ෂ්මන් මහත්තයගෙනුත් අහල ඉන්ට එපාය. නැත්නම් ඒක හරි මදිනෙ. ඔය ඔය මහත්තුරුගෙ මතයනෙ. ඔව් ලක්ෂ්මන් මහත්තය මොකද කියන්නෙ මේ ගැන? "

ලකිය කොහොමත් වැඩි කතා කාරයෙක් නෙවෙයි අනික කලබල උනාම පොඩි ගොත ගැහෙන ගතියකුත් තියනව. ඔන්න ලකිය නැඟිටපි.

" බොස් මම ඉ..ඉ..ඉ...ඉඳගෙන ඒ ඇලේ ලෙවල් හරියටම දුන්න. මට කියන්ට තියෙන්නෙ එ...එ...එ...එච්චරයි. " 

දඩස් ගාල ආපහු ඉඳගනිපි.

අර කලින් කතා කරපු ගොවි සංවිදාන සබාපති තුමා උඩ පැනල ආයම නැඟිට්ට.

" අන්න ඒකනෙ සර් ..අපි ඉතිං බොරු නෙවෙයිනෙ කියන්නෙ. ඉඳගෙන ලෙවෙල් දුන්නම කොහොමද ලෙවල් හරියන්නෙ?..පුදුමයක් නෙවෙයි කුඹුරෙ වතුර ආපහු ඇනිකට් එකට එන එක…"

" ඈ???......... "


ලකිය ඇසුත් ලොකු කරගෙන සබාපතිය දිහා බලා හිටපු විදිහ මට මේ දැනුත් පේනව පේනව වගේ.ආ..උගෙ කටත් බාගෙට ඇරිලයි තිබ්බෙ. ලකිය කතා කරන්නෙ එහෙම තමයි. මචං මම ඉඳගෙන ඊයෙ රෑ පොතක් කියවනකොට....මම ඉඳගෙන උදේ ඔෆිස් එද්දි..ඔන්න ඔය වගෙ.

ඒ ඒ පුද්ගලයට නැත්නම් ප්‍රදේශයට ආවේණික වදන් භාවිතය නිසා බොහොම අපූරු සිදුවීම් ඇතිවෙන්න පුළුවන්. මාතර පැත්තෙ කොල්ලෙක් කොළඹ රස්සාවකට ආව. එකට වැඩ කරන කොළඹ කිට්ටුව කෙල්ලක් ගැන මිනිහගෙ ඇතිඋනා පිළිබඳ සිතක්. ඒත් කෙල්ලගෙ නෑ ඒ හැටි ගෝ එකක් මේ වැඩේට. වදෙන් පොරෙන් මිනිහ කැමති කරව ගත්ත කෙල්ලව නිවාඩු දවසක හම්බවෙලා ටිකක් කතා කරන්න. ඔන්න දෙන්න හම්බ උනාය කියමුකො. ඒත් කෙල්ල නෑ කිසිම කිසියම්ම කතාවක් බතාවක් ගල්බීත වෙලා වගෙ බලාගෙන ඉන්නව.

" මක්කැයි නංගි දොඩන් නැත්තෙ? "

ඉවසල ඉවසල බැරිම තැන කොල්ල ඇහුව.

" මේ කාලෙ දොඩං අවාරෙනෙ අයියෙ ඒකයි "

කෙල්ල කිව්ව. මේ ඔය තැඹිලි පාට දොඩං පිටරටිං ගෙන්නන්ට පටං ගන්ට කලිං කතාවක් හොඳද?

ඔය මයික් ටයිසන්ලගෙන් බේරෙන්ටම බැරි මංගල මහ සබාවල. එතන කතා පවත්වන්ට ගියාම වචන පැටලි පැටලි වට පිට බල බල පැද්දි පැද්දි වරුවක් කතා කරනව. මනාල යුවලට ආයෙ නෑ විකාරෙ හැදෙනව. මොකද කොයි වෙලේ මෙතනිං පැනගන්ටද කියල නෙව ඉන්නෙ ඒ දෙන්න..

දවසක් ඔය ජාතියෙ ටයිසන් බුවෙක් ඔන්න කතාවක් පවත්තනවලු. කතාව ඇදෙනවලු වරුවක් විතර..එකම, එකම, ආයම, ආයම කියනවලු..

" ඇත්ත වශයෙන්ම අද දින විවාහප්‍රාප්ත වූ මේ නවක දම්පතීන් යහපත් දූ දරුවන් ලැබ චිරාත් කාලයක්....."

මේ කෙහෙල්මල ඉවසන්ටම බැරි තැන එකෙක් නැඟිට්ටලු..

" සමාවෙන්න මහත්මයා. මම දන්න විදිහටනම් යහපත් හරි අයහපත් හරි දූ දරුවන් ගහෙං ගෙඩි එන්න වගෙ ඉබේම ඇති වෙන්නෙ නෑ. ඒ වැඩේට ඊට කලින් යම් නියමිත ක්‍රියාවක නිරත වෙන්ට වෙනව. මට පේන්නෙ ඔය මහත්තය තවදුරටත් මේ කතාව දිගටම මෙහෙම කරගෙන ගියොත් මේ නවක දම්පතීන්ට මෙතනම තමයි ඒ අදාල කටයුත්තෙත් නිරත වෙන්ට වෙන්නෙ..."

රයිට් ආපහු යමු මුලටම..කතාරම්බයට...අන්තිමට කොහොම හරි අපෙ ලොක්කත් ඇවිල්ල රැස්වීමත් තියල දවල් එකට වගෙ බත් ටිකකුත් කාල මම බස් එකේ නැග්ග මාතලේ එයාලගෙ ගෙදර යන්ට.

79 comments:

  1. හයියෝ මාස ගානක් බලාගන හිටියේ බොන්ඩ නේද

    ReplyDelete
    Replies
    1. අටම්පහුර,

      ඒකනෙව අටමො..බොන එකත් එපා වෙනවනෙ බං...:(

      Delete
  2. පව පව නැතුව වෙන අහවල් එකක්ද

    ReplyDelete
    Replies
    1. සිතුවම්,

      අම්මට උඩු නයා!!! උඹ දැක්ක කල්..බෝම තන්තෝසයි..බෝම තන්තෝසයි..ඉතිං? ඉතිං?....ලියාපංකො බං මොන මොනව හරි....:)

      පව ..පව..පව...පාරුවේ පුවක් තමයි බං...වෙන මොනවද?

      Delete
  3. හැමදේම "ඉඳගෙන" කරන කෙනෙක් මේ අහල පහලත් ඉන්නවා නේ?? :D

    කාලයක් අපි එක්ක හිටිය එකෙක් කියන දේවල් වල අන්තිමේට "හරිය" කියල අහනවා.....ඌට ඕක කියලම මහන්සි ඇතිනේ...ඉතින් අපි කරුණා සිත පෙරදැරිව,, ඌ මොනවා හරි කිව්වහම ඕක සමූහ ගායනාවක් විදිහට කරන්න ගත්තා.... අනේ...දෙමාසයක්‌ යද්දී මිනිහ ඒක සදහටම අතෑරලා දාපි....

    ReplyDelete
    Replies
    1. අයාල්,

      / හැමදේම "ඉඳගෙන" කරන කෙනෙක් මේ අහල පහලත් ඉන්නවා නේ?? :D /

      ඉන්නව ඉන්නව මේ කිට්ටුවමයි ඉන්නෙ...හෙහ්,හෙහ්

      / කාලයක් අපි එක්ක හිටිය එකෙක් කියන දේවල් වල අන්තිමේට "හරිය" කියල අහනවා. /

      මනුස්සය ෂුවර් ඇන්ඩ් ෂොට් දකුණෙ එකෙක් වෙන්ට ඇති. මාතර දිහා එවුංගෙ තමයි ඔය හරිය කෑල්ල තියෙන්නෙ.

      Delete
  4. අපොයි... මේ ගමනවත් පොඩ්ඩක් හලාගන්න බැරි වෙලානෙ. ඒකත් ඊගාව කොටසටම ගිහිල්ලද කොහෙද.

    අපොයි ඔය මංගල සභාවල, අවමංගල සභාවල ඉන්න ඔය මයික් ටයිසන්ලනං පේන්න බැරි උං තමයි.

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      / අපොයි... මේ ගමනවත් පොඩ්ඩක් හලාගන්න බැරි වෙලානෙ. ඒකත් ඊගාව කොටසටම ගිහිල්ලද කොහෙද. /

      Foreplay is more important than the actual deed itself.

      අපොයි ඔය මංගල සභාවල, අවමංගල සභාවල ඉන්න ඔය මයික් ටයිසන්ලනං පේන්න බැරි උං තමයි.

      අති දීර්ඝ කතා ගැන කතා දෙකක් මේ...

      ඔන්න කතාව ඇදෙනව ඔට්ටපාලු වගෙ. ඒ මදිවට කිසිම ගත යුත්තකුත් නෑ. ප්‍රේක්සකයොන්ට ඈණුං යනව. ඒ පාර කථිකයා කිව්වලු මෙහෙම ..

      " මම මේ කතා කරනෙ තමුන්නාන්සෙලා වෙනුවෙන් නෙවෙයි අපේ අනාගත පරපුර වෙනුවෙන් "

      ඒ පාර එක්කෙනෙක් නැඟිටල ඇහුවලු..

      " දැං ඔය මහත්තය අනාගත පරපුරත් මෙතෙන්ට එනකල්ම කතා කරන්ටද ලෑස්තිය? "කියල.

      මේ දෙවෙනි කතාව...

      කතාව අතරමඟදි එකා එකා නැඟිටල ගිහිල්ල ඔන්න අන්තිමට සාලාවෙම ඉතුරු උනේ එකම එක මනුස්සයයිලු.

      " මට හරිම සතුටුයි, අඩු ගානෙ ප්‍රබුද්ධ එක ශ්‍රාවකයෙක්වත් අද මගේ දේශනයට........ "

      මිනිහට එච්චරයි කියන්ට හම්බ උනේ. අර මනුස්සය අතක් උස්සල දේශකයගෙ කතාව නතර කරවලා මෙහෙම කිව්ව.

      " මඟුලක් කතා කරනව. ඔය මයික් එකයි සවුන්ඩ් සිස්ටම් එකයි මගේ. ඒක ආපහු අරගෙන යන්ටයි මම මේ ඉන්නෙ "

      Delete
    2. දෙවෙනි කතාවනං කලින් අහල තියෙනව.

      Delete
  5. //" ***, මම එන්නං ගිහිල්ල " // ඕක දැක්ක ගමන් කොපි කර ගත්තෙ ඒ මොකක්ද කියල අහන්න. චැහ්.. පේලි දෙකයි ආවේ, උත්තරේ දීලනෙ. :D

    අර කිලෝමීටර් දිගට කතා පවත්තන උන් නම් කොහෙත් ඉන්නව. දවසක් මල ගෙදරකදි එහෙම එකෙක් ගුටිත් කනව කතාව හින්දා. වැස්සකුත් වහින්න ඔන්න මෙන්න. මිනිහා කතාව නවත්තන්නෙ නෑ. පාලියි, සංස්කෘතයි, ඉතිහාසෙයි.. දන්න සේරම දිගාරිනවා..

    ReplyDelete
    Replies
    1. චන්දන,

      අපි පොඩි කාලෙ හිටිය වෘත්තීය කතා පවත්වන්නො..මළගෙවල්, මඟුල් ගෙවල් දෙකොට්ටාසයටම. දෙකක් දාගත්තම සමහරවිට කතිකයට මල ගෙවල් මඟුල් ගෙවල් මාරුවෙනව.

      " මේ අබිනව දම්පතීන්ට සසර වසන තුරු මෙවන් අකල් මරණයක් අත් නොවී මතු ආත්ම බාවයන්හිදී................."

      ආය හිටිය වෘත්තීය හඬා වැළපෙන්නො. ඔය මීගමුව තුඩාව පැත්තෙ බබලත්තු තමයි ඒ වැඩේට බොහොම දක්ස...විලාප තියනව කියන්නෙ කොණ්ඩෙත් කඩාගෙන පොළවෙ පස් කනව. ඒ දවස්වල ප්‍රභූ මල ගෙවල්වල ඒ වගෙ විලාප තියල ඇඬුවෙ නැත්තං ඒක මහ මදිකමක් හැටියටයි සැලකුවෙ.

      Delete
  6. " මොකෝ බං? උඹෙ හරි නෑ මූණත් එක්ක...මොකෝ අවුල? "

    " කෝ නංගි? මේ සුමානෙත් මෙහෙද?"

    මාරයි නේ මෙහෙම ඇහුවම!

    ReplyDelete
    Replies
    1. රාජ්,

      සුමනෙ ඒ වාක්‍ය දෙක එක ළඟ කිව්වට මල්ලි ඒ දෙක සම්බන්ධ කරගන්ට එපා. හෙහ්, හෙහ්, මම හිතන්නෙ සුමනෙ උනත් එහෙම ඇඟවීමක් අදහස් කලේ නෑ එතන.

      Delete
  7. ඔය ඉඳගෙන කියන ගෑනු ළමෙක් මේකෙත් ඉන්නව නේද රවී.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ඉන්නවා ඉන්නවා මචං ඉඳගෙන :)

      Delete
  8. අර ට්‍රයිපොඩ් එක උඩ තියෙන අහවල් එකට කියන්නේ තියොඩලයිට් නෙවෙයිද මචං?

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      ඒක වෙනයි මචං. තියොඩලයිට් එක ලෙවල් එකට වඩා සංකීර්ණයි. ඒකෙන් කරන්න පුළුවන් බොහොම පුළුල් පරාසයයක වැඩ කටයුතු.

      ඉඩමක වර්ග ඵලය මැණීම, සැලසුමක ඇඳ ඇති ගොඩනැඟිල්ලක්, මහාමාර්ගයක්, පාලමක් හෝ එවන් ඕනෑම සිවිල් ඉදිකිරීමක පාදම ( Foundation ) පොළව මත සළකුණු කිරීමේ ඉඳල ඉතා උස් ගොඩනැඟිල්ලක උස මැනීම දක්වා බොහොමයක් වැඩ තියොඩලයිට් එකෙන් කරගත්තැකි. සිංහලෙන් කියන්නෙ විකෝණමානය. මිනින්දෝරුවො ගාව තියෙන්නෙ ඔය තියොඩලයිට් එක.

      මම මෙතන කිව්වෙ ලෙවල් එක ගැන. ඒක බොහොම සරළයි.පොළවෙ යම් ස්ථාන දෙකක් අතර උසේ වෙනස මැනගන්ට විතරයි ඒකෙන් පුළුවන්.

      පලි - උඹ මිනින්දෝරු කෝලම දැකල තියනවද? මම පොඩි කාලෙ පෙරහැරක දැක්ක. අම්මාපල්ල අපේ ගැමියංගෙ රසඥතාවය, නීරීක්ෂණ ශක්තිය මොන තරම් දියුණුද කියල පුදුම හිතෙනව ඒ වගෙ එකක් දැක්කම.

      මිනින්දෝරුවො පාරක් හරි ඉඩමක් හරි මනින විදිහ හරිම අපූරුවට නිරූපණය කරනව මිනින්දෝරු කෝලමෙන්. පෝල ( Pole ) කියල රතු සහ සුදු පාටිං පින්තාරු කරපු සෘජු දණ්ඩකට නාභිගත කරල තමයි තියොඩලයිට් එකෙන් මිනුම් ගන්නෙ. පෝල් කියල මිනින්දෝරුව කෑගහල සංඥා කරනව ඒ දණ්ඩ එහාට මෙහාට කරන්නෙයි කියල.

      මම දැකපු මිනින්දෝරු කෝලමෙත් කාකි කොට කලිසමක් ඇඳල කලු සපත්තු දාපු මිනින්දෝරුවෙක් පාර දිගට යනව පෝල් පෝල් කියල කෑ ගගහ. මම ඒ කාලෙ හිතුවෙ එහෙම කියන්නෙ කාගෙ හරි නමක් කියල. පස්සෙ කාලෙක මිනුම් විද්‍යාව විෂයයක් හටියට ඉගෙන ගද්දි තමයි මට තේරුණෙ යකෝ අර පෙරහරේ පෝල් කිය කිය කෑගගහ ගියෙ මේකට නේද කියල. මුල්ම දවස් දෙක තුනේ මනිද්දි පෝල් කියද්දි මට හිනාව නවත්තගන්ට බෑ. පස්සෙ අපේ සර් මගෙන් අහල මට ඔය විස්තරේ කියන්ට උනා මුලු පන්තියටම. හෙහ්, හෙහ්, ඒ කතාව ආයම වෙලාවක සවිස්තරව කියන්නංකො.

      Delete
    2. තියොඩලයිට් එකක් උනත් කැමරාවක් උනත් ට්‍රයිපොඩ් එකක් උඩ තියන්ඩ කර්ටල්බෙීස් එකක් ඕනමයි අයියේ ,

      ගොඩක් තැන්වල වෙන සීන් එකක් ඕක කෙලින් කරලා තියන්ඩ ගන්න එකත් මතකයි , කෙලින් කරල තියන එකත් මතකයි , ඒකයි අරකයි බැදලා තියන්ඩ ගන්න එක මතක නැ ඉදගන

      Delete
    3. අටම්,

      / කර්ටල්බෙීස් එකක්  /

      කර්ටල් බේස් එකක්? මොකක්ද මලේ ඒ? මම දන්න විදිහට නම් ඉන්ස්ට්රුමන්ට් එක ට්‍රයිපොඩ් එක උඩ සවිකරන්නෙ ට්‍රයිපොඩ් එකේම තියෙන ලොකු බටර් ෆ්ලයි නට් එකක් වගෙ එකක් කරකවල. ඉන්ස්ට්රුමන්ට් එකේ යට පැත්තෙ තියනව ඒ නට් එකට සෙට් වෙන්ඩ ත්‍රෙඩ්ස්.

      Delete
  9. හප්පේ රවීයියේ මේක කියවලා ඉඳගෙන මයේ ඇහැනුත් කදුළු පැන්නා හිනාවට.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      හිනාවෙයං බං හිනාවෙයං …..බලාපං නිකමට වගෙ, මූණ බුකවගෙන ඉන්නවට වඩා කොච්චර ලේසිද පහසුද කියල කට කණේ තියාගෙන හිනාවෙනකොට....හෙහ්,හෙහ්,

      ස්තූතියි මල්ලි.................. :)

      Delete
    2. //මයේ ඇහැනුත් කදුළු//
      වෙන කොහෙන්ද බන් උබෙ කදුලු පනින්නෙ

      Delete
    3. අඩේ ඇත්තට මේකනම් හිතන්න ඕනේ ප්‍රශ්නයක් තමයි බං...:D

      Delete
    4. Manoj,

      / හප්පේ රවීයියේ මේක කියවලා ඉඳගෙන මයේ ඇහැනුත් කදුළු පැන්නා හිනාවට. /

      නෑ මල්ලි ...උඹ හරි මල්ලි උඹ හරි..මගෙ ඇහෙනුත් කඳුළු පැන්නය කියල උඹ කිව්වෙ මම මෙහෙම ලිව්ව නිසා....

      / සුමනෙගෙ ඇස් වලින් කඳුලු පනින්න ඔන්න මෙන්න.  /

      Delete
  10. බුද්ධිය පටු වන තරමට කතාව පළල්ය කියනවනේ. මටත් පෙන්නන්න බැරි ඔය මයික් ටයිසන්ලා තමයි. තාත්තගේ අවමඟුල් උත්සවේ වෙලාවේ ගමේ ටයිසන්ලා කීප දෙනෙක්ම මාත් එක්ක අමනාප උනා කතාවක් කරන්න දුන්නේ නැ කියලා. බැරි වෙලාවත් එකෙකුට හරි දුන්නනම් භූම දානය නෙවේ කරන්න වෙන්නේ මමියක් කරලා කටුගෙට භාර දෙන්න. ඉඳගෙන :)

    ReplyDelete
    Replies
    1. itnishantha,

      People who loves the sound of their own voice...එහෙම කට්ටියකුත් ඉන්නවනෙ මල්ලි.......... :)

      Delete
  11. අම්මපා ගොයියෝ උඹ විස්තර කරන අපූරැවට හැම සිද්ධියක්ම චරිතයක්ම මැවිලා පේනවා. ක්‍රය ශක්තිය මම අදමයි ඇහුවේ.
    අර මයික් ටයිසන්ලා සිංදු කියන්න ගියාමත් ඉන්නවනේ. දෙකක් අනුමත උනාට පස්සේ මයික් එකක් අහුවුනොත් ආයේ අරන් බොරැ.
    මනාල යුවලගේ කථාව කියවලා හිනාව නවත්වා ගන්න බැරිවුනා.
    අවසාන වශයෙන් උඹ බිබී නොඉඳ අරයලාගේ ගෙදර ගිය එක හොඳයි. ඒ ආදරේ හැම වෙලේම කිය කිය පෙන්නා පෙන්නා නොහිටියට හිතේ වැඩෙමින් පවතින බව මාත් දන්නවා. උඹට ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. Chandana,

      / ක්‍රය ශක්තිය මම අදමයි ඇහුවේ. /

      ක්‍රය ශක්තිය කියන්නෙ මලේ ඉංගිරිසියෙන් කිව්වොත් Purchasing Power . ඔය අලුත් වචන අහු උනාම එව්ව නිතර පාවිච්චි කරන එක මගෙ සිරිතක්. ක්‍රය ශක්තිය හීන වෙලා කියන එක ඒ කාලෙ අපි කට්ටිය අතර බොහොම ජනප්‍රිය Catch-phrase එකක් වෙලා තිබ්බ.

      / අර මයික් ටයිසන්ලා සිංදු කියන්න ගියාමත් ඉන්නවනේ. දෙකක් අනුමත උනාට පස්සේ මයික් එකක් අහුවුනොත් ආයේ අරන් බොරැ. /

      අපේ හැබැයි මල්ලි එහෙම එක දිගටම සිංදු කියන එවුංනං හිටියෙම නෑ..ඒත් එක එකාට ආවේණික ගීත තිබ්බ අසෝක වීදුරුවෙ කට්ටෙ ගාවට පුරෝල දෙක වදිනකොට ඔන්න උංගෙං බේරුමක් නෑ ඒක කියන්ට ඕනය කියල..

      ඔන්න එකෙක් ඉන්නව ඌට කියන්ට ඕන " සුදු අසු පිට උඩ නැඟලා " තව එකෙක්ට අප දෙදෙනා දිහා බල බලා "

      ඔය අප දෙදෙනා දිහා බල බලා සිංදුව කියන්ටම ඕන එකා ඒක කියන්නෙ ඇස් වහගෙන. සිංදුව ඉවර වෙනකල් ඌ නෙවෙයි ඇස් දෙක අරින්නෙ...හෙහ්, හෙහ්, උගෙ තියනව කොන්දේසි මාලාවක්, අනික් අය කාටවත් සිංදුව කියන්ටවත් මියුසික් දෙන්ට වත් සපුරා තහනම්. ඌම තමයි පුටු බාපතට අතින් ගහ ගහ මියුසික් දෙන්නෙ..ඒ අස්සෙ මුඛ සංගීතයත් ඌම දෙනව.

      අප දෙදෙනා දිහා බල බලා,
      පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා
      වන්දනාවේ ගියා සමනලුන්..
      අප දෙදෙනා දිහා බල බලා,
      ටටර ටටර ටටර ටටර ටටර ටටර ටං ටං

      තව එකෙක් " හන්තාන කඳවුරේ මැදුරු කුළුනු සුදු සඳළු තලා පිස මේ එන්නේ " සිංදුව කියන්නෙම " හන්තාන අඩවියේ " කියල. අපි බොන්ට පටංගන්න කොටම ඌට තර්ජනය කරනව අද හේම තෝ හන්තාන අඩවියේ කියල කිව්වොත් අම්මපල්ල කුලල මිරිකන එක මිරිකනවය කියල කෝ ඒක කියන්නෙම අඩවියේ කියල. " මධු සාද සහ ගීත - මතක මංපෙත ඔස්සේ ආපසු ගමනක්." එහෙම ලියන්ට ඕන වෙනම සටහනක් ඒ ගැන.

      Delete
    2. ඒකට වෙනම සටහනක් ලියපන් රවී....වෙන පෝස්ට්වල රිංගවන්න එපා. ඒකෙ ඇති හොඳ බයිට් ගොඩාක් මගේ හිතේ.

      Delete
  12. ගුරුවරී ගැන ඇබින්දක් තියනවා අද :)
    අර මිනින්දෝරු කෝලම ගැන ලියන්න දවසක රවී තුමා, පෙරහැරක මිනින්දෝරු කෝලමක් තිබුණ කියන්නේ ආයේ, මම දැකලම නැහැ, නියමයි.
    අපේ survey camp එකේ අපට උපදෙස් ලබා දෙන්න හිටියා විශ්‍රාමික මිනින්දෝරු මහත්වරු. එයාල ටිකක් වැඩිහිටි වයසේ අය නිසා අපේ තරුණ කොල්ලෝ එක්ක වැඩ කරද්දී පරම්පරා ගැටුම එක්ක, හරිම අක්කරතැබ්බ සිද්ද වෙනවා. ඔය වගේම පෝල් පෝල් කියලා සහ තව එක එක වචන කියලා කෑගහනවා හප්පේ හරිම නාටකයක් එතන.

    ReplyDelete
    Replies
    1. එක් මානවිකාවක්,

      ගුරුවරී ගැන ඇබින්දක් තියනවා අද :)

      ඒ මදැයි බං... ඕනවට වඩා එයාල ගැන ලියන්ට ගියාම කරේ උරේ යන්ටයි හදන්නෙ කරේ උරේ කරේ උරේ… :) :)

      / අර මිනින්දෝරු කෝලම ගැන ලියන්න දවසක රවී තුමා, පෙරහැරක මිනින්දෝරු කෝලමක් තිබුණ කියන්නේ ආයේ, මම දැකලම නැහැ, නියමයි. /

      කියලා වැඩක් නෑ බං..ඒක නං නියමයි. මට මිනින්දෝරු කෝළම කොච්චර හිතට ඇල්ලුවද කිව්වොත් ඒකත් එක්ක මමත් යනව පෙරහැර යන පාර දිගේ. ඒත් ඒ කාලෙවත් ඊට පස්සෙවත් මම ඔය මිනින්දෝරු පාටියක් දැකල තිබ්බෙ නෑ. ඒ නිසා ඒ මොකක්ද කියල හරිම අවබෝධයක් තිබ්බෙ නෑ.

      එක්ටැම්ගේ චිත්‍රපටයෙ මට මතක විදිහට මිනින්දෝරු චරිතයක් තිබ්බ. ඒකෙදි ඔය පෝල් අල්ලනව එහෙම දැකල මට ඒත් මතක් උනා හිච්චි එකා කාලෙ දැක්ක මිනින්දෝරු කෝලම. ඒත් බං සර්වේ ක්ලාස් එකේ ප්‍රැක්ටිකල් එකේදි තමයි මට හරියටම තෙරුම් ගියේ අවුරුදු දහයකට වගෙ කලින් දැක්ක මිනින්දෝරු කෝලම.

      රවුං වීදුරු නැති කන්නාඩි දෙකකුත් දාගෙන මූණ පුරා රැවුලක් අලෝගෙන කාකි කොට කලිසමයි අත්කොට පරන කමිසෙකුයි ඇඳලා පෝල් පෝල් කිය කිය අර මිනින්දෝරුව පාර පුරා දුවනව. හිටපු ගමං නැමිල පාත් වෙලා අතේ තියන මොකක් හරි ( මට මතක නෑ හරියට. ඒ මම හිතන්නෙ තියොඩලයිට් එක වෙනුවට ගත්තු මොකක් හරි වෙන්න ඕන ) බිම හිටවල ඒකට ඇහැ තියල එබිල බලනව. ඒ කරල ඇස් දෙක දොඹ ගෙඩි වගෙ කරගෙන වටේ බලා ඉන්න කොල්ලො කෙල්ලො දිහාවෙ බලනව. පොඩි එවුං හූ තිය තිය හිනා වෙනව. ආයම පෝල් පෝල් කියල කෑ ගහල පාර පුරා දුවනව. ඉතිං හිතාපං සර්වේ ක්ලාස් එකේදි මට කඳුලු පනිනකල් හිනා ගිය එක පුදුමයක්ද ඔය කෝලං මතක් උනාම.

      / අපේ survey camp එකේ අපට උපදෙස් ලබා දෙන්න හිටියා විශ්‍රාමික මිනින්දෝරු මහත්වරු. එයාල ටිකක් වැඩිහිටි වයසේ අය නිසා අපේ තරුණ කොල්ලෝ එක්ක වැඩ කරද්දී පරම්පරා ගැටුම එක්ක, හරිම අක්කරතැබ්බ සිද්ද වෙනවා. ඔය වගේම පෝල් පෝල් කියලා සහ තව එක එක වචන කියලා කෑගහනවා හප්පේ හරිම නාටකයක් එතන. /

      හරිම සුන්දරයි ඒ මතක සටහන් ..නැද්ද බං?

      Delete
    2. මිනින්දෝරු කෝලම ගැන
      ඒක නම් නියමයි වගේ.. ඇත්තටම මිනින්දෝරුවෙක් වැඩ කරනව දකිනකොට සාමාන්‍ය කෙනෙකුට, ඕක කෝලමක් වගේ පේන්න බැරිකමක් නැහැනේ..

      තියදොලයිට් ගැන
      තියදොලයිට් කිවුවම මතක් උනේ.. මගේ යාලුවෙක් හිටියා ප්‍රායෝගික පුහුණුව ලැබුවේ බෙන්තොට. ඉතා ප්‍රචලිත පැරණි හෝටලයක අලුතින් ඉදි කරන කාමර සංකීර්ණයක ඉදිකිරීම් කටයුතු. කොහොමහරි, අලුතින් විවාහ උණු යුවල ඉන්නා කාමර තියෙන්නේ නව ඉදිකිරීමට මුහුණලා ලු. ඔය ඉදිකිරීම් කරනකොට, සේෆ්ටි නෙට් එකක් දානවා නේ කොළ පාට. ඒ නිසා නව යුවලට පේන්නේ නැහැ අලුතින් ඉදිකරන ගොඩනැගිල්ලේ ඉන්න අපේ යාලුවන්ව. නමුත් අපේ අයට ඔවුන් කරන කියන දේවල් පේනවා හොඳට. හප්පේ ඔය දවස් වල කට්ටිය තියදොලයිට් එක සෑහෙන්න භාවිතයට අරන් තියනවා..
      (මම දන්නවා, කරපු වැඩේ කැතයි. නමුත් මේක කියවන අයට මීට පස්සේ වත් පරිස්සම් වෙන්න හිතෙනවා නම් ඒ මදැයි.)

      /හරිම සුන්දරයි ඒ මතක සටහන් ..නැද්ද බං?/
      මතක සටහන් නම් අපූරුයි රවී තුමා. ඒ දවස් වල නම් ගෙදරින් ඈතට වෙලා සාංකාවෙන් හිටියේ. නමුත් දැන් කල්පනා කරද්දී හරිම අමුතු සතුටක් දැනෙනවා.

      Delete
    3. එක්ස් මානවික්ස්,

      / හප්පේ ඔය දවස් වල කට්ටිය තියදොලයිට් එක සෑහෙන්න භාවිතයට අරන් තියනවා.. /

      හාපෝ...උඹල බොහොම නරක අය නෙව...:)

      අපිනම් ඔහොම එව්වා කොලේ නෑ. සික්..අපිට හෝටලෙක රාජකාරි සෙට් උනේ නෑ නෙව...අපරාදෙ..

      තිසාවැවේ කණ්ඩියෙ එක පාරක් ලෙවල් ලයින් එකක් ගද්දි මම ලෙවල් එක හැරෙව්ව ඈත නාන තොටුපොලක් පැත්තට.

      " ඒයි මෙහෙ වරෙල්ල බං..මේං බලාපංකො වැඩේ..අම්මට උඩු!! "

      මම කෑගැහුව අයි පීස් එකට ඇහැ තියාගෙනම.

      " අම්මට උඩු! අයිං වෙයංකො පොඩ්ඩක් මටත් ඕක බලාගන්ට "

      කවුද මගෙ උරහිසට අත තියල කිව්ව. ඔලුව උස්සල බැලින්නං අපේ සර්වේ සර්!!!

      / නමුත් මේක කියවන අයට මීට පස්සේ වත් පරිස්සම් වෙන්න හිතෙනවා නම් ඒ මදැයි /

      පරිස්සම් වෙන්ට තියෙන්නෙ ලබන ආත්මෙ තමයි...හෙහ්,හෙහ්.

      Delete
    4. කොල්ලොන්ගේ කොලුකම් රවී තුමාලගේ කාලෙත් එහෙමයි, දැනුත් එහෙමයි :)

      Delete
    5. //තිසාවැවේ කණ්ඩියෙ එක පාරක් ලෙවල් ලයින් එකක් ගද්දි මම ලෙවල් එක හැරෙව්ව ඈත නාන තොටුපොලක් පැත්තට.//රවීයයියේ උඹ කන්නයි තනන්නේ.අලිද..?

      Delete
    6. මනෝජ්,

      / රවීයයියේ උඹ කන්නයි තනන්නේ.අලිද..?  /

      පිස්සුද බාං එහෙම මෝඩ වැඩ කොරන්නෙ නෑ මම....හෙහ්, හෙහ්, එදා නාන තොටුපොලේ හිටියෙ අපෙ උන්දැගෙ පවුලෙ කස්ටිය තමයි. උන්දැල එදා අනුරාදපුරේ ගිහිල්ල වට වන්දනාවෙ. ඔය වෙලාවෙ තිසා වැවේ බැහැල නානව.

      මම ඉතිං ලෙවල් එකෙන් දැක්කනෙ උන්දැව..ඒ පාර අපි කලිං හිතං හිටියෙ ඉසුරුමුණිය පැත්තට ලෙවල් ගන්ට. පස්සෙ හෙමීට නාන තොටුපොල පැත්තට වැඩේ අරගෙන ගියා. ඒ කරල එතන එවුන්දල අස්සෙම ලෙවල් එක හිටවල ලෙවල් ගත්ත ඕසෙට.

      හොඳ විස්සාසෙට ගනිං මලේ , එක පැයක් විතර එතන තිබ්බ රෙදි අපුල්ලන ගල් උඩ හිටං ලෙවල් ගත්තයි කිව්වම. අන්තිමට එයයිලගෙ මාමල කට්ටියක් අපිට නෙලන්ට සැට් වෙනකොට තමයි ලෙවල් එකත් කරේ තියාගෙන දිව්වෙ යන්ට ආත බුත කඩාගෙන...

      Delete
    7. රවියියේ උඹ දන්නවයි අනුරාධපුරේ පොතනගම.?ඔය පුත්තලම් පාරේ තියෙන්නේ.අපේ අම්මාලාගේ ගම එහේ නොවැ.එහේ ඉතින් ගොයියෝ අපේ නෑදෑ පරපුරක්ම ඉන්නවා.එයාලා නාන්න කොරන්න,රෙදි හෝදන්න එහෙම යන්නේ ඔය තිසා වැවට.මොකෝ වැව තියෙන්නේ ගෙදරට බොහොම කිට්ටුවෙන්.ඉතින් බං රවියියේ මම කියන්න ගියේ උඹේ ඔය තියදොලයිට් එකද,මොකක්ද එකට ඔය වෙනින් ඒවයේ ලෙවල් ගන්න ගිහින් අපේ මාම කෙනෙකුට සෙට් වුණා නම් සොරිම තමයි ඈ.මොකෑ උන් මාමලා නොවී විටෙක වසවර්ති මාරයෝ වගේ තමයි.

      Delete
  13. ඔය මයික් ටයිසන්ලා එක්ක වැඩ කරන්න ගිහාම එපා වෙන්නේ වෙලාවක් කලාවක් ඇතිව වැඩක් කරන්න වෙන්නැති නිසා..රවීගේ මේ කතාව නිසා කාලෙකට පස්සෙ ඇඩ් එකක් දාන්න චෑන්ස් එකක් වැදුනා. මේ දැන් අයිතිකාරිත් අතෑරලා දාලා තියන බ්ලොග් එකක පලවෙච්ච ලිපියක්..

    http://ru-sirini.blogspot.com/2012/06/4.html

    ReplyDelete
    Replies
    1. රූස්,

      මොකෝ බොලේ උඹට උනේ?...රූ සිරිනී අතෑරලම දැම්මද? අපොයි එහෙමම කොරන්ඩත් එපා බොලේ :(

      Delete
  14. ග්ග්ග්ර්ර්ර්ර්ර්ර්....

    ReplyDelete
    Replies
    1. සෙන්නාස්,

      මොකෝ බං? හෙහ්,හෙහ්..මටත් ඔහොම තමයි බං..හොඳ අපූරු කතාවක් කියවනකොට නින්ද ගිහිල්ල දන්නෙම නැතුව ගොරවනව....අපි නම් වයස්ගත උදවිය කියමු. ඒත් මේ බොලා මොකද මේ?

      Delete
  15. කෝ ඕනිම ටික නෑනේ...... එදා සෙට් උනාද නැත්නම් නැන්දම්මා බලන්න ගියාද...... ගියහම ගුරුවරීගෙන් බොහොම රෝමෑන්තික ප්‍රතිචාරයක් ලැබෙන්න ඇති....

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      මොන සෙට් විල්ලක්ද බං? නැන්දම්ම අසනීපෙන්ය කියාපු පාර මස්කට්, බූන්දි, රුලං අලුවා, ඥාණකතා, සව්බොර එහෙම පොදි බැඳගෙන උන්දැ බලන්ට ගියා නෙව ..:)

      Delete
  16. එහෙම වචන තියෙනවනේ බං එක එකා පුරුදු වෙච්ච. සමහරු ඉවරයක් නැතුව "අනිවාර්යයෙන්ම," කියනවා. කොටහේනේ හිටපු එක ප්‍රින්සිපල් කෙනෙක් හැමදාම කියන්නේ ස්ටාෆ් එකේ සමහරුන්ට තියෙන්නේ "වන්නාටවාදී ආකල්පයක්" කියලා. මම ඇහුවමයි ඔය වචනේ. ඕක ඉංග්‍රීසියෙන් wanton මම හිතන්නේ. තව එකේ හිටියා ඌට "භෞමික අඛන්ඩතාවය" තමයි නිතරම කටේ තියෙන්නේ. තව එකෙක් කොච්චරවත් හැම මගුලටම "අනුගත වෙනවා."

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      / "වන්නාටවාදී ආකල්පයක්" කියලා. මම ඇහුවමයි ඔය වචනේ. ඕක ඉංග්‍රීසියෙන් wanton මම හිතන්නේ /

      නෑ මචං ඒක ඇවිල්ල පරණ සිංහල වචනයක් වන්නාටය කියන්නෙ වෙන දෙයක් උනාවෙ කියන එක.ඔය ලොක්ක වන්නාටවාදී කියල හඳුන්වල තියෙන්නෙ ඔහෙ ඕන එකක් වෙච්චාවෙ කියල නිකං ඉන්න අය වෙන්න ඕන.

      මේ අර බං බෝසතාණන් ඇතෙක් වෙලා ඉපදිලා ඉඳගෙන දළ පරිත්‍යාග කරපු ජාතකේ මතකද ? අන්න ඒකෙන් උපුටා ගත්තු කෑල්ලක්..

      උපුටනය / " එසේ නම් මම තොපට ජීවදන්ත ගෙණෙමි කියා මාර්ගෝපකරණ ගෙණ කර්කශ වූ කියතක් ගෙණ බෝධිසත්වයන් වසන්නාවූ ස්ථානයට ගියේය. බෝධිසත්වයෝ ඔහු දැක කුමක් නිසා අවුදැයි විචාළෝය. ස්වාමීනි මම දුක්ඛිතයෙමි කාපනයෙමි ජීවත්ව ගත නොහමි නුඹවහන්සේගෙන් දළකැබෙල්ලක් ඉදින් දුන්සේක් වී නම් දළකැබැල්ල ඇරගෙණ ගොස් විකොට ඒ මිලයෙන් ජීවත්වෙමි සිතා ආමි කීය. එබස් ඇසූ මහබෝසතානෝ පින්වත වන්නාටය තට දළදෙමි දළ කපන්ට කියතෙක් ඇද්දැයි විචාළෝය. කියත ඇරගෙණ ආමි කිය. එසේවී නම් කියතින් දළ කපා ගෙණවයි කියා බෝධිසත්වයෝ පා හකුළුවා උරව් ලා වැදහුන්නුය. ඒ අසත්පුරුෂයා බෝධිසත්වයන්ගේ දළ අක් දෙකම කපා ගත්තේය. බෝධිසත්වයෝ ඒ දළ කැබලි දෙක සොඬින් ගෙණ පින්වත් වූ පුරුෂය මට මේ දළදෙක අප්‍රියය අමනාපයයි නොදෙමි, මාගේ මේ දළදෙක මටවඩා දහසක් ගුණයෙන් ලක්ෂයක් ගුණයෙන් ස්වධර්මයන සර්වාකාරයෙන් ප්‍රතිවේධ කරන්ට සමර්ථ වූ සර්වඥතා ඥානය නැමති දන්තයෝම අතිශයින් මට ප්‍රිය වන්නාහුය. මේ මාගේ දන්තදානය සර්වඥතාඥාන ප්‍රතිවෙධයට ප්‍රත්‍යය වේවායි කියා සර්වඥතාඥාණය ඇපකොට දළ සඟල දුන්නාහුය. ඒ අසත්පුරුෂවූ පාපියා දළ සඟල ගෙණගොස් විකුට ඒ මිල නිමාගිය කල්හි නැවතත් බෝධිසත්වයන් සමීපයට අවුත් ස්වාමීනි නුඹ වහන්සේගේ දළ විකොට ලබනලද මිල මාගේ නය ගෙවන්නට පමණක් සැහිනෑ එසේ හෙයින් ඉතිරි දළ දුනමැනවයි කිය. බෝධිසත්වයෝ යහපතැයි ගිවිස පළමු පරිද්දෙන් කප්පවා ඉතිරි දළ දුන්නාහුය. ඒ පුරුෂයා ඒ දළත් විකොට නැවත අවුත් ස්වාමීනි ජීවත්වගත නොහෙමි මුල් දළ දුනමනවයි කීය. බෝධිසත්වයෝ යහපතැයි ගිවිස පළමු පරිද්දෙන්ම දුන්නාහුය. ඒ පාපී පුරුෂයා මහාබෝසතානන්ගේ රිදීදමක් හා සමාන වූ සොඬ මඩිමින් කෛලාසකූටයට හා සදෘශවූ කුඹත්තට නැගී දෙදළ විළුඹින් ඇන මස්පීරා රළු කියතින් මුල්දළ කපාගත නොහි වෙහෙසෙන රග බලා සොඬින් කියතකොන අල්වා දළකපා මුල්සිඳුවා ගෙණ ගියෝය. ඒ පාපීවූ පුරුෂයා මහබෝසතානන්ගේ දෘෂ්ටිපථයෙන් ඉවත්ව ගියෙන් මදකින්ම දෙලක්ෂ සතළිස්දහසක් ඝනකඩ මහබොල් පොළව සිනේරු යුගන්ධරාදී වූ භාරයන් හා දුර්ගන්ධ පිළිකුල් මළ මුත්‍රාදීය ධරන්ට සමර්ථවන්නේ වී නමුත් මහබෝසතානන් ගේ ගුණ රාශිය ධරාගත නොහෙන්නීය මෙන් පැලී විවරවුව, එකෙණෙහිම අවිචිමහ නරකයෙන් වහ්නිජවාලා නික්ම ඒ මිත්‍රද්‍රෝහී පුරුෂයා කුලසන්තකව රතු පලසකින් පොරවන්නාක් මෙන් වසාගෙණ අවිචිමහානරකයට ගෙණ ගියේය. මෙසේ පාපීවූ පුද්ගලයා පොළොවට වනකල්හි ඒ වන ලැහැබ වසන්නාවූ වෘක්‍ෂ දේවතාවා අකෘතඥ මිත්‍රද්‍රෝහී පුද්ගලයාට චක්‍රවර්තී රාජ්‍යශ්‍රීය දීත් සතුටුකරවන්ට නොපිළිවනැයි වනලැහැබ එකනින්නාද කොට මෙසේ ධර්මදේශනා කෙළේය. බෝධිසත්වයෝ ආයුපමණින් සිට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මහණෙනි දේවදත්ත ස්ථවිරයෝ අකෘතඥ වූවෝ දැන්මතු නොවෙති පෙරත් ආකෘතඥ වූවොම වේදැයි මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා මේ සීලව නාගරාජ ජාතකය නිමවා වදාළස " / උපුටනය නිමාව

      මේ නම් ඒ තරම්ම පරණ නෑ..ඊයෙ පෙරෙයිද ලියවුනු කථා වස්තුවකින් උපුටාගත් කොටසක්....

      උපුටනය / " මෙබසින් ඉතාමත් සොවින් බරවූ ඒ අසරණ පියාණන් ද වන්නාටය කුමක් කෙරෙම්ද....මේ වනාහි අප පූර්ව ආත්ම භාවයෙක කොට ඇත්තාවු මහා අකුසල කර්මයෙක් ගෙවීමට නියමව ඇත්තාසේ සිතා, සිත සනසා ගම්හ යයි සිය ඇඹේණියන්ද බණවා පියා, දියණියට ජනනි යයි නම් තැබූ සේක. " / උපුටනය නිමාව

      Delete
    2. පුදුම සමානකමක් තියෙනවා නේද ඒකේ ඉංග්‍රීසි තේරුමෙත්?

      wanton /wɒn.tən/ /wɑn.t ə n/ adjective WITHOUT CARE

      1. formal (of something bad, such as damage, cruelty , waste) extreme and showing no care at all
      wanton destruction of human life
      a wanton disregard for safety
      wanton extravagance

      Delete
    3. @ ඩූඩ්.&රවී......මචන්ස්ලා wonton කියලා චයිනීස් කෑමක් තියෙනවා. ඒක wanton කියලත් ස්පෙල් කරනවා. ඒකත් වෙන දෙයක් උනාවේ කියලා කන්න පුළුවන් දෙයක්. කෑවාට පස්සේ තමයි හිතාගන්න පුළුවන් wanton එක ෆිල් කරලා තියෙන්නේ මොන ජාතියකින්ද කියලා :D

      Delete
  17. ඇ බන් රවි අයියෙ එතකොට උබ කාලෙකින් ලැබුන චැන්ස් එක අතැරියද.නියමයිනෙ.
    එක නෙමෙයි දැන් උබෙ ක්‍රය ශක්තිය කොහොමද

    ReplyDelete
    Replies
    1. දමිත්,

      / ඇ බන් රවි අයියෙ එතකොට උබ කාලෙකින් ලැබුන චැන්ස් එක අතැරියද.නියමයිනෙ. /

      එහෙම තමයි ඩෝ අපි හයිද? කන බොන එව්ව වෙනයි, එව්ව දෙවනුව..යුතුකං කියන එව්ව පළමුව...හයිද? :)

      ඒකනෙ බං ඔය හැමෝම මට මාරම ආදරේ.....හෙහ්, හෙහ්,

      / එක නෙමෙයි දැන් උබෙ ක්‍රය ශක්තිය කොහොමද /

      ආහ්..එව්ව දෙයියංගෙ පිහිටයි. කිසි අවුලක් නෑ...උඹට කියන්ට මේ ළඟදි ....එක්කොත් පස්සෙ කියන්නං.....:)

      Delete
  18. ඕකනේ කියන්නේ මැරීගෙන නැහිගෙන බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට වුනහම අගයක් නැති වෙන වෙලාවල් තියෙනව,
    මයික් ටයිසන්ලා නම් මටත් පේන්න බැහැ . පලවෙනි දවසේ නම් උන් සෙට් වුනේ නැහැ . හැබැයි දෙවෙනි දවසේ අපේ එක මාම කෙනෙක් දෙකක් දාල පටන් ගත්තේ නැද්ද .පරම්පරාවේ පට්ටන්දරේ දිග අරින්න ...මට නේද දත් මිටි කැවුන .අදටත් වීඩියෝ එකේ එතෙන්ට ආවම යකා නගිනවා ..

    ReplyDelete
    Replies
    1. Bindi,

      / ඕකනේ කියන්නේ මැරීගෙන නැහිගෙන බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට වුනහම අගයක් නැති වෙන වෙලාවල් තියෙනව, /

      එහෙම එකක් නෙවෙයි බොලේ..මට හිත් දුන්නෙ නෑ අම්මා අසනීපෙං ඉද්දි ආතල් එකක් ගන්ට. හිතට මහ මොකදෝ මොකදෝ වගෙ උනා. කුච් කුච් හෝතා හේ.

      / මයික් ටයිසන්ලා නම් මටත් පේන්න බැහැ . පලවෙනි දවසේ නම් උන් සෙට් වුනේ නැහැ . හැබැයි දෙවෙනි දවසේ අපේ එක මාම කෙනෙක් දෙකක් දාල පටන් ගත්තේ නැද්ද .පරම්පරාවේ පට්ටන්දරේ දිග අරින්න ...මට නේද දත් මිටි කැවුන .අදටත් වීඩියෝ එකේ එතෙන්ට ආවම යකා නගිනවා ../

      අනෙහ්, පලයං බං යන්න...අපි නොදන්න දත්මිටි..බොලාගෙ කස්ටියම ( මම කියන්නෙ නෑ උඹමයි කියල ) මාමව සෙට් කරන්න ඇති ෂොට් දෙකකුත් දීල එහෙනං අපේ වගතුග ගැන කියන්ටකො අර ඒ පැත්තෙ නෑදෑ සනුහරේට දැනගන්ටත් එක්කලා කියල. හෙහ්, හෙහ්....

      " හුහ්, අපි එසේ මෙසේ උදවියද මෙහෙම හිටියට...හරියට කුල ගොත් බැලුවනං ඔය ආපු මිනිස්සුංට අපි එක්ක පෑහෙන්ටවත් බෑ..එහ්හෙන්නං...සීතාවක රාජසිංහ රජ්ජුරුවංගෙ මඟුල් ඇතාගෙ මැක්කො කැඩුවෙ කවුද? ඒ තානාන්තරේ බාර වෙලා හිටියෙ අපෙ මීමුත්තට. ඒ රාජකාරියට තුටු පඬුරු විදිහට තමයි අපිට ඔය නින්ද ගමක් එහෙම හම්බ උනේ. දැං එව්වයෙ කෑලිවත් නෑ එව්ව මෙතෙන්ට ඕන නෑ..."

      Delete
    2. සීතාවක රාජසිංහ කිව්වම මතක් වුනේ අපේ ආතා ඒ කියන්නේ අම්මගේ තාත්ත ඉස්සර කියන කතාවක් . එයයිගේ පරම්පරාවේ එක්කෙනෙක් හැංගිලා ඉඳල පරංගින්ට වෙඩි තියලාලු එදිරිසිංහ ආරච්චි කියන නම ලැබුනේ. අපි දන්නේ නැහැ ඔහෙට ඕනනං දිවිය ලෝකේ ගිය කාලෙක අහල බලන එකයි.

      Delete
    3. / එයයිගේ පරම්පරාවේ එක්කෙනෙක් හැංගිලා ඉඳල පරංගින්ට වෙඩි තියලාලු එදිරිසිංහ ආරච්චි කියන නම ලැබුනේ /

      හැංගිලා ඉඳල?????? අම්මාපල්ල ...කාටවත් කියන්ට එහෙම එපා ඔය මා එක්ක කිව්වට..හැංගිලා ඉඳල.....හතුරට මූණ දීලා හටං කරල රට වෙනුවෙන් තමංගෙ ලේ හලල ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු එඩිතර ජාතියක් නෙවද බොල හිංගලයයි කියන්නෙ? කවද්ද බොල හිංගලයො හැංගිල වෙඩි තිබ්බෙ? " පපුවේ මිස ලේ පැල්ලම් නෑ පිටි පස්සේ, හතුරට ළය දී මිස හෙළයා නෑ මැරුණේ, අසිපත කොපුවෙන් එළියට ගන්නේ, ලේ නොම තැවරී නැත එහි ලන්නේ." සනත් නන්දසිරි ගොයිය අර යුද්දෙ කාලෙ කිව්ව මතකද? සිංදුව ලිවෙ ගුල්ලේ ඇනවංස.

      / අපි දන්නේ නැහැ ඔහෙට ඕනනං දිවිය ලෝකේ ගිය කාලෙක අහල බලන එකයි. /

      අහන්ටෝන අහන්ටෝන.." මොනවද මේ ඔහෙ ඒ කාලෙ කලාය කියන සංගෙ නැති වැඩ? හැංගිලා ඉඳල වෙඩි තිබ්බය කියන්නෙ? අනික එහෙම කලාමය කියමු. ඔහෙගෙ පරම්පරාවෙම අර මී මිණිබිරීට වටිනවය ඔය කතාව හංදියක් හංදියක් ගානෙ කිය කිය ඇවිදින්ට..වස ලැජ්ජාව නෙව ලොක්කා. වහාම මේ ගැන මොනව හරි කොරන්ට වෙයි ඕං ..." එහෙම තමයි මම කියන්ට හිතාගෙන ඉන්නෙ...හෙහ්,හෙහ්,

      Delete
    4. බලසෙනගට සමර ගී...ගුල්ලේ හෝ ගාලා සින්දු ලිව්වා ඒ දවස්වල. දැන් ලියන්නේ නැහැ මගේ හිතේ. ගී උල්පතට ගුල්ලො ගහලද කොහෙද.

      Delete
  19. පහුවදා සිකුරාද..... " ***, මම එන්නං ගිහිල්ල " කියල ඈ යන්න ගියා.. :O රවිය්යට නෝනා කතා කරන්නෙත් @#$@# කියලද? :O

    ඔය ගම්වල තියෙන රැස්වීම් වලනම් ඉල ඇදෙන සිද්ධි වෙනව. මම සීනිබෝල හිටවපු පැත්තක (ඔහොම කිව්වම ගොඩක් අය දන්නව) කාලයක් වැඩ කළා. ඒක මගේ පළවෙනි ජොබ් එක වගේම දෙවැනි මහසභා රැස්වීම. අපේ සෙට් එකේ හිටපු අනිත් උනුත් දීර්ඝ සති අන්ත නිවාඩුව නිසා වේලාසනම කතා තියල පැනගත්ත. අන්තිමේදී රජය නියෝජනය කරන අධීක්ෂණ නිලධාරියොයි මායි විතරයි ස්ටේජ් එකේ.
    දැන් මම ස්ටේජ් එකේ හිටගෙන ඉන්නවා හීන් දාඩිය එහෙමත් දාගෙන. ඉස්සරහම පේළියේ හිටපු චන්ද්‍රා අක්ක අවු:දෙකහමාරක විතර පොඩි එකාවක් උකුල උඩ තියාගෙන වාඩිවෙලාම ගෙවල්වලට යන පාරක් ගැන දුක් ගැනවිල්ලක් කියෝනව.

    "මහත්තයො, සියදෝරිසාගේ ගෑනි ඔය පාරත් අල්ලාගෙන තේ පේලියක් හිටෝගෙන."

    ඔන්න ඔය අස්සෙ පොඩි එකා සද්දේ දානවා. ඔන්න චන්ද්‍ර අක්ක පොඩි එකාව අනිත් ඇලේට ගන්න ගමන්
    "ඔය පාරේ දාපු මායිම් ගල් ටිකත්.....

    පොඩි එකත් අරින්නෑ. ඔන්න චන්ද්‍ර අක්ක ඉස්සුවා ටීෂර්ට් එකයි තියෙන ඔක්කොම. ගැහුවා පොඩි එකාගේ කටේ කුක්කුව.
    ඔන්න දැන් ආයෙමත් චන්ද්‍ර අක්ක දෙනවා ගේම. ඊළඟට මගේ වාරෙ.

    දැන් චන්ද්‍රක්කේ ඔයාල මේ ගැන ඒජී....

    පොඩි එකා කර කර හිටපු වැඩේ අමතක කරලා සද්දේ ආපු දිහාව බලන් ඉන්නවා. චන්ද්‍රක්ක මං අහන දේට හූමිටි තියනවා. එතකොට පොඩ්ඩ කට ඇරන් ඒ දිහාව බලනවා. හංසයා ආඩම්බරෙන් ඔලුව උස්සන් කතා කරන වේගෙට තාලෙට පැද්දෙමින් එකඟත්වය පල කරනවා.

    මට නේද... චන්ද්‍රක්ක දිහා බලන්නත් බෑ. අහක බලන් ප්‍රශ්ණ අහන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. අකම්,

      යකෝ හිනාවෙලා පණගියා බං..උඹටත් හොඳ දේවල් වෙලා තියනව නේද? ගොඩක් ඔය ගම්වල එහෙම බබලත්තුන්ට ඕකෙ ගානක් නෑ.ඔහෙ ඕන තැනක ඇඳං ඉන්න ටී ෂර්ට් එක හරි බ්ලවුස් එක හරි පාත්කලා ඊටපස්සෙ තිසර පටේ ටිකක් එහාට කලා. ගැහැව්ව පයෝධර තුඩ පොඩි එකාගෙ කටේ...හෙහ්,හෙහ්,

      Delete
  20. ඉතින් බන් අර කතාව හරියට හරිනේ, උඹලා නවත්තන්න හැදුවට. ඇත්තටම ගොවියන්ගේ ක්‍රය ශක්තිය හොඳටෝම හීන වෙලා නේන්නන් තියෙන්නේ. අර ඉස්සර මඟුල් ගෙවල් වල කතා පවත්වන එක මට පෙන්නන්න බැරි එකක්. ඇයි බන් ගෙදර එන්න විදියක් නෑ ඔක්කෝම කතා අහගෙන ඉන්න ඕන. ඔක්කෝටම හපන් හිටගෙන කවි කියන්න පටන් ගත්තාම. අපේ එකෙක් උන්නා ඌ හිටගෙන කවි වගේ කිව්වට හැමදාම කියන්නේ එකම කවි සෙට් එක. මට ඕක මගුල් ගෙවල් තුනක් යද්දි මාට්ටු උනා. මම ඇහුවා මාමේ ඔයා නිකන් එවෙලෙ හදලා කියනවා වගේ කිව්වට හැමදාම එකම කවි ටික නේද කියන්නේ කියලා. මූ කියාපි පල හුත්තිගෙ කොල්ලා මගෙන් ගුටි නොකා කියලා. ඕක අපේ අම්මට ඇහිලා මගුල් ගෙදර හෙන හුට පටයක් ගියා. බැලින්නම් අනිත් උනුත් දන්නවා මූ කියන්නේ එකම කවි සැට් එක කියලා. මූ අපේ එකානේ. අනිත් පැත්තේ උන් මේක දන්නේ නෑ. උන් හිතන්නේ මූ මාර කයි පඳ බඳින්නෙක් කියලා.

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      අම්මට තද නොවී තියෙයියැ බාං, මාම අම්ම ගැනනෙ අර කියල තියෙන්නෙ..හෙහ්,හෙහ්,

      මගෙ ලොකු අම්මගෙ පුතා වැඩ කලා මම අර කැලේ මැද ඉන්න සමයෙ අපේ කැෂියර් විදිහට. දවසක් අපි කට්ටිය පඩි ගන්ට ගියාට ඔන්න පඩි නෑ. කවදාවත් එහෙම වෙන්නෙ නෑ. ඒත් එදා චෙක් එකේ මොකක්ද ද මඤ්ඤමක් කෙලල එකවුන්ටන්ට් ද කොහෙද ඔන්න කොහොම හරි අපට පඩි නෑ.කට්ටියටම බුදු මල.

      එනගමං අපෙ ක්ලබ් එකක් තිබ්බනෙ. ඒකෙ බාර කාරයටත් වලියක් දාල බලෙම්ම වගෙ නයට බෝතල් තුන හතරකුත් අරගෙන ඇවිල්ල ඔන්න දැං බොනව. අපෙ එකෙක් ඉන්නව අපෙ අර අයියටමයි බණින්නෙ. ඇත්තටම ඒකගෙ කිසිම වැරද්දක් නෑ. ඒ යකා මක් කරන්නද? සල්ලි ගෙනාවොත් ඌ පඩි ගෙවයි. චෙක් එක අප්සෙට් උනාම ඌ මොනව කරන්ඩද? අර මගෙ යාලුවට කිව්වට අහන්නෙම නෑ. දැං මටත් ගානට වගෙ වැදිල...

      අරූ තාම අයියට බණිනව " කැෂියරයගෙ අම්මට ****** "කියල ඔන්න ඒකා මහ හයියෙං කිව්ව.

      මට නේද උතුර දකුන මාරු උනා. වැදිලත්නෙ හිටියෙ. අල්ල ගත්ත අරූගෙ බෙල්ලෙං " අඩෝ මේ ****…. තෝ දැනගනිං ඒ මගෙ ලොකු අම්ම කියල" අරූ බය වෙච්ච පාර මාව බදාගෙන සමාව ඉල්ලුව. " අනේ බං කවුද දන්නෙ? උඹ කලිං කියන්ට එපාද? " ඔන්න ඔහොම ...පහුවදා අපි දෙන්නටම ඔය සීන් එක මතක් වෙලා මැරෙන්ඩ හිනා. ඔයි යකා ඕක අපෙ අයිය එක්කත් කියල.

      මගෙ වෙඩිං එක දවසෙ ඔය දෙන්නම ඇවිත් හිටිය. ලොකු අම්මත් හිටියනෙ. මම අරූ බොන තැනට ගිහිල්ල ඌට කණට කරල කිව්ව " අන්න බං ලොකු අම්මනං ඇවිල්ල ඉන්නව " කියල.අරක්කු උගෙ ඉස්පොල්ලෙ ගිහිල්ල ඒකා නොමැරි බේරුනෙ පූරුවෙ වාසනාවකට

      Delete
    2. ආයෙත් කියන්න තියෙන්නේ උඹේ පෝස්ට් වලට වඩා මේ කොමෙන්ට්ස් මරු බං..

      Delete
  21. අයි. ඊ. මහත්තයාට ක්‍රය ශක්තිය ගැන පහදලා දෙන්න ලැබුනා නම් තමයි නියම... එහෙනම් මේ කතාවට තවත් ලස්සන කොටසක් එකතු වෙන්න තිබ්බා... කට්ටිය ගුටි කාපුවා හෙම...
    අනේ පව් ලකියා... අපේ මාමා කෙනෙකුත් හිටියා ඕනම දේකට 'කියලහල්ලා' කියල කෑල්ලක් එකතු කරන්න... මට මතක විදියට ඕක කියන්නෙ 'කියල ඉවර වෙලා/කියලා අහවර වෙලා' කියන එකට...

    ReplyDelete
    Replies
    1. Miyuru,

      / අයි. ඊ. මහත්තයාට ක්‍රය ශක්තිය ගැන පහදලා දෙන්න ලැබුනා නම් තමයි නියම /

      පිස්සුද බං? හොඳට හිටියි..

      " මේ ගොවි මහත්වරු ක්‍රය ශක්තිය හීනවෙලා කිව්වට වයසට යනකොට එහෙම වෙනව. ඒක ස්වාභාවිකයි. වළක්වන්ට බෑ. දැං බලන්න වෙන මොකවත් ඕන නෑ. මේ මගෙත් එහෙමයි. මේ බලන්න. "

      ....කියල ලොක්ක ප්‍රායෝගිකව පෙන්නන්ට ගියානං එහෙම මහ ජංජාලයක් වෙන්නෙ. එහෙමත් බැරී පුතයෙක් නෙවෙයි ඔය වාහෙ.

      Delete
  22. අනේ..ඔය පාරේ මිණුම් උපකරණ තියාගෙන කරන වැඩ ගැන මටනම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.. ඒ නිසා ඒවා ගැන දැනගන්න ආසයි..
    මේ රවී.. මොකෝ මේ තැන් දෙකකම "ග" & "හ" පටලවලා ලියලා තියෙන්නේ.. // සෙනේහෙ පටන් හත්තු// & // අමතන්න පටන් හත්තෙ// ... සකෘදාගාමී වෙලාද ලිවුවේ ඈ...?? :)
    ලස්සන ලියවිල්ල... :)

    ReplyDelete
    Replies
    1. සඳා,

      අඩේ තැන් දෙහෙක වැරදිලා නේද?....මම සාමාන්‍යයෙන් අකුරු අඩුපාඩුකම් සහ අත්වැරදීම් ගැන පරිස්සමින් හොයල බලනව. පබිලිස් කලාට පස්සෙ උනත් දැක්කොත් දුටු වහාම හදනව. අඩේ මේ දෙක දැක්කෙ නෑ නෙව.

      ඒක වෙන්ඩ ඇත්තෙ G සහ H අකුරු කී බෝඩ් එකේ එකම ළඟනෙ තියෙන්නෙ. ඒකයි. ස්තූතියි සඳා…

      ඉතාම සෝදිසියෙන් කියවන බව සහ ඒ වගේම ඇස් පෙනීම ඉතාම හොඳ බව පෙනී යනවා. බොහොම සන්තෝසයි, බොහොම සන්තෝසයි. තව තවත් කොළ කන්න…...දැං බලන්ට ඔය හරක් සහ එළුවො ..උං කිසිම දවසක දැකල තියනවද කන්නාඩි දානව..නෑ නේ.....අන්න දැක්කද?

      ස්තූතියි සඳා…ආයෙම තවත් ස්තූතියක්..ඒ ඇවිල්ල පැසසුමට :)

      Delete
  23. මට කම්මැලියි බං කොමෙන්ට් කරන්න, ඔන්නොහේ ඊළඟ එකේම කරනවා...

    ReplyDelete
    Replies
    1. තිසර,

      හරි, හරි නෝ ප්‍රොබ්ලම්...මම දැක්ක.... මේ ටිකේ දිව විකාගෙන කමෙන්ට් කලානෙ නැද්ද? වැරදි පෙන්වා දෙන කමෙන්ට් ඉවත් කිරීම සහ සමලිංගික ගීත සාහිත්‍යය පිළිබඳව අදහස් දක්වලා මල්ලි උඹට වෙහෙසයි මම හිතන්නෙ...හෙහ්,හෙහ්

      Delete
  24. //ඔය අයි.ඊ. මහත්තයත් නියම බුලට් එක. අපිටම හරියන පිස්සු ලෝකෙ. ඇත්තට කියනවද අපිව අන්දන්ට කියනවද කියල අපිටම හිතාගන්ට බෑ. //

    අපේ උපිස් එකෙත් කාලෙකට උඩදි හිටියා එක්තරා මහත්මයෙක්, ඒ මහත්මයාත් මේ සැම්පලේමයි. ආයේ දෙකක් නැහැ. හැබැයි ඒ මහත්මයා අයිඊ මහත්මයෙක් නෙමෙයි කිව් ඇස් මහත්මයෙක්.......... :D (දන්නෝ දනිති)

    ප. ලි.

    මට අද මගේ මහත්මයා තකහනියේ කෝල් කරලා කියනවා අර රවී මරු එව්වා නේද ලියන්නේ... මං ඇහැව්වා ඇයි ඇයි මොනවද ලියලා තියෙන්නේ කියලා

    නැහැ නැහැ අර බ්ලොග් එකේ ලියලා තියෙන්නේ.. මං ඔයා ලියපු එව්වාත් කියැව්වා (ඒක නං ශේප නියායේ වචනයක් බව වරහන් ඇතුලේ කියැවුනා :D ) අර ඉඳගෙන ලෙවල් ගැනිල්ල ගැන. අද උදේ මට ටිකක් ෆ්‍රී වුනා මං පහළට පහළට කියවාගෙන ගියා කියලා කිව්වා

    මං කිව්වා මටත් කියවන්න බැරි වුනා. ගිහින් කියවලා එන්න ඕනෑ කියලා මේ දැන් ආවේ කියවන්ට. බොසුත් ඉන්න අල්ල පනල්ල‍ේ යාන්තං ලේන්සුව හපාගෙන කියවලා ඉවර කලා...
    :D :D :D

    ReplyDelete
    Replies
    1. Randil,

      / හැබැයි ඒ මහත්මයා අයිඊ මහත්මයෙක් නෙමෙයි කිව් ඇස් මහත්මයෙක්.. /

      කවුරු ගැනද බං ඔය කියන්නෙ? අර මෝල් ගහක් ගිලල රෙන්ට බැරුව වගෙ නහයට කෙලිං බලාගෙන එහෙ මෙහෙ ඇවිදින පොර ගැනද ? හෙහ්, හෙහ්, ඒ පිස්සු යකක්නෙ..මතක් කරන්ට එපා..

      / මට අද මගේ මහත්මයා තකහනියේ කෝල් කරලා කියනවා අර රවී මරු එව්වා නේද ලියන්නේ. /

      හෙහ්,හෙහ්, තැන්කියු කිව්වයි කියාපං

      / බොසුත් ඉන්න අල්ල පනල්ල‍ යාන්තං ලේන්සුව හපාගෙන කියවලා ඉවර කලා… /

      බොසා ඇහුවෙ නැද්ද කන්නාඩිය උඩිං බලල කාරිය " රන්දිකා, අර එස්ටිමේට් එක හදල ඉවරද ඔය ලේන්සු කන්ට පටං ගත්තෙ කියල " ...:) හෙහ්, හෙහ්,

      " දෙයියෝ සාක්කි බතුත් කනවද? " කියල මම ලිව්වෙ ඔය ඔහෙගෙ බොසා කියාපු කතාවක් තමයි. තව තියනව උන්දැගෙ ඔලුව නරක්වෙන කතා...හෙමිහිට ලියන්නංකො.

      Delete
  25. හොක් හොක් හොක්.. ආයෙ ආව නෙව මමත් උඹෙ කතා බලන්න. හිටින් මුල ඉදන් එනකල්.

    ReplyDelete
    Replies
    1. Nawamamawatha,

      අම්මට උඩු නයා..මේ අපේ නවමාබිදානයා නේද? කොහෙද බොල ගිහිල්ල හිටියෙ? තෝ නැතුව අම්මාපල්ල මර පාලුවෙං මම හිටියෙ..කොටිම්ම පිස්සං කොටුවෙං පැනල ගෙදර ආහම බං අර එක පිස්සෙක්වත් නැතිඋනාම වටේ ඉන්න එවුං ඔක්කොම හොඳ සිහිය තියෙන එවුං උනාම දැනෙන්නෙ හිතට මහ පාලුවක්..අන්න ඒ වගේ කොල්ලො..මයෙ අම්මාපල්ල ඇත්ත.

      යකෝ අවුරුද්දකටත් වැඩිය උනා නේද?.... අන්තිමට බොට මතකෙයි අපි දෙන්න අර දවල්ට කන්ට ගියා. උඹ අර මාව එක්ක ගියෙ " අයියෙ යමං නියම තැනක් තියනව දවල්ට කන්ට ඔන්න උඹ ගෙවන්ට එහෙම සූජානං වෙන්ට එපා බිල මයෙ ගානෙ "කියල.

      ඒ කරල කාල ඉවරවෙලා මතකෙයි උඹ සාක්කුවට අත දාල " හුටා අයියෙ මයෙ පර්ස් එක දාල ඇවිල්ල නෙව ඔපීසියෙ. මොකෝ කොරන්නෙ දැං? " කියල ඇස් දෙකත් ලොකු කොරාන මා දිහාවෙ බලා උන්නු හැටි..

      ඒ වංගියෙ මම කිව්ව " කමක් නෑ බං ඒකෙ අවුලක් නෑ මම ගෙවඤ්ඤම් " කියල.

      ඒ පාර උඹ කියපි " අයියෙ චූටි මැණිකෙ අද ගෙදර එනකොට රෑ වෙනව මම හිතාගෙන හිටියෙ මෙතනිම්ම රෑට කෑම දෙහෙකුත් අරංයන්ට "කියල.

      " හරි මල්ලි අවුලක් නෑ. තව දෙකක් ගනිං "ඔන්න මම කිව්ව.

      " අයියෙ මේ…"ඒ පාර උඹ ආයෙම කෙඳිරි ගෑව.

      " ඇයි බං?..."මම ඇහුව..

      " ගෙදර බල්ලෙකුත්නං ඉන්නව. නෑ එක්කො ඌට ඕන නෑ.. "

      " නෑ.නෑ, බං එහෙම හරි නෑනෙ බල්ල උනත් ඌත පණ තියන සතෙක්නෙ. ගනිං ඌටත් එකක්. "

      ඒ පාර උඹ බල්ලටත් එකක් ගත්ත. අම්මපා මට ඒ දවස මයෙ පණ තියනකල් අමතක වෙන එකක් නෑ..හෙහ්,හෙහ්,

      Delete
    2. නොදකිං යකෝ රවියෝ උඹ කරන වැඩ බලහං. දැං මූට උන් හිටි තැන් අමතක වෙලා අන්න මං කවුද කියලා පෝස්ට් එකකුත් දාලා. දැන් උඹ කරපු වැඩෙන් මූ ආයෙම අවුරුදු කීපෙකට මේ පැත්තේ පස් පාගන එකක් නෑ. කැත වැඩේ, ඈ. :-O

      Delete
  26. මචං....උඹලාගේ අයි.ඊ.මහත්තයා නම් ක්ලාස් පොරක් බන්. මට නම් ඊරිසියාවේ බැහැ. බුලත්,පුවක් ඔතාගෙන ආපු කොලේ තමයි කොලේ. ආසයි බන් එහෙම අයත් එක්ක වැඩකරන්න.
    මිනින්දෝරු කෝළමේ පෝල් පෝල් සීන් එක දැකලා තිබුනාට ඒ මොකක්ද කියලා අදයි දැණගත්තේ.
    මයික් කටාලා ගැනනම් කියලා වැඩක් නැහැ රවී..ඒකට අපේ තාත්තා බන්. එයාට තමයි හැමෝම කතා දෙන්නේ. ඒවුනාට ඒවා හරි රසවත්. ශෝට් ඇන්ඩ් ස්වීට්. පොර මාරුවෙනවා ටක් ගාලා නැවත මාරුවෙනවා අඩිපුඩි කාමරේට.

    ReplyDelete
    Replies
    1. Aru,

      / උඹලාගේ අයි.ඊ.මහත්තයා නම් ක්ලාස් පොරක් බන් /

      නියම බඩුවක් පොර...කිසිම දෙයක් හීනෙං යන අධෝ වාතයක් තරමටවත් ගණං ගන්නෙ නෑ...විට මැලේ ඔය අතට අහුවෙච්ච කොල කෑල්ලක ඔතාගෙන සාක්කුවෙ දාගෙන ඉන්නව..ඕන සිරා පොරක් ඇවිල්ල තියාපං රැස්වීමක්.පොරට කිසි ගානක් නෑ..පැත්තකට වෙලා ඉඳගෙන අර විට පොදිය දිග ඇරගෙන ඉතිං ගහනව හපේ...තව ලියන්නං මනුස්සය ගැන...හෙහ්,හෙහ්,

      He is an Institution by himself කියල කියන්නෙ අරූ..මචං අන්න ඒ ජාතියෙ මනුස්සයෙක් කතා දෙකක් නැතුව.

      / මිනින්දෝරු කෝළමේ පෝල් පෝල් සීන් එක දැකලා තිබුනාට ඒ මොකක්ද කියලා අදයි දැණගත්තේ /

      අඩේ බං උඹ මිනින්දෝරු කෝලම දැකල තියනවද? ඔන්න බලාපං ඇට් ලාස්ට්..මෙතෙක් කාලෙකට ඕක දැකපු එකෙක් මට හම්බවෙලා නෑනෙ. හැමෝගෙම්ම වගෙ මතක් උනාම අහනව. ම්හු කියල ඔක්කොමල කියන්නෙ. සමහරු හිතන්නෙ මම මේ බොරුවක් කියනවයි කියල..උඹ කොහෙද බං ඕක දැක්කෙ?

      Delete
    2. මමත් පොඩි කාලේ අවිස්සාවේල්ල පැත්තේ පෙරහැරක දැක්කේ වගේ මතකයි. පහතරට බෙරයක් ගගහා තව කෙනෙක් යනවා. මිනින්දෝරු වගේ යන පොර අඩිය තියන්නේ ඇඟ හොලවන්නේ අර බෙර පදේ තාලයට. මට මතක හැටියට මචං ඇල්බීසියා පොලු තුනක් ට්‍රයිපොඩ් එක වගේ හිටින්න ගැටගහලා තිබුනේ. ඕක අකුලගෙන කිහිල්ලේ ගහගෙන යනවා සෙනග නැති හරියෙදි. මම පෝල් පෝල් කියලා හිතුවේ ගෝලයාගේ නම කියලා.

      Delete
  27. සුපිරි පොස්ටුව,
    පෝස්ටුව වගේයැ කොමෙන්ට් ටික,
    දැනුම් සාගරයක්, රස ආකරයක්.
    හිනා කාල මැරෙනව....

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හෙහ්,හෙහ්, බොහොම ස්තූතියි විදානෙ මලේ...:)

      Delete
  28. අනේ මන්දා මේ රවියගේ යාං හෑලි කියවලා මටත් දැන් නුහුගුණේද කොහෙද. ඒ වුනාට මේ කතා අස්සේ අර වාං පතුල් කතාවත් ලියනවා හොඳෙයි.

    ReplyDelete
    Replies
    1. රංගි,…….. හරි බං හරි..ලියමු ලියමු ඔය ඔක්කොම ලියමු :)

      Delete
  29. අන්තිම ඡේදෙන් කතාවේ සෑහෙන කොටසක් කවර කරලනේ. හිතල බලනකොට "ඉඳගෙන" කියන එක එච්චරම අවුල් වචනෙකුත් නෙමේනේ. මටත් සමහර වෙලාවට ඕක කියවෙනවා..."අරයා ඉඳගෙන අරම කියනවා"..."මෙයා ඉඳගෙන මෙහෙම කියනවා" හිහ්.

    ReplyDelete
    Replies
    1. සයුරි...එහෙමනම් අවුලක් නෑනෙ බොලේ..ඉඳගෙන...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...