Monday, May 25, 2015

321. විත්‍යා ඝාතනයෙන් අනතුරුව...

Image - Tamil Guardian
විත්‍යා මියගියාය. නැත. ඇය දූෂණය කොට තිරශ්චීන ලෙස ඝාතනය කරනු ලැබුවාය.ඒ සාහසික අපරාධය පිළිබඳව කටයුතු කිරීමේදී ඇගේ ජාතිය කුමක්ද යන්න කිසිලෙසකින් වැදගත් නැත. එසේම ඒ නිහීන අපරාධයට වගකියයුතු අමනුෂ්‍යයින්ගේ ජාතියද කිසිදු ලෙසකින් වැදගත් නොවේ.සිදුවිය යුතුව තිබුනේ ඇගේ දූෂකයින් / ඝාතකයින් අත් අඩංගුවට ගෙන නීත්‍යානුකූලව කටයුතු කිරීමය. ඔවුනට සාධාරණ නඩුවිභාගයකින් අනතුරුව දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාර නියමිත දඬුවම් ලබා දීමය. ඒ ප්‍රශස්ත තත්වයයි. සාධාරණ සමාජයක, යුක්තිය අගයන දේශයක කාරණා කටයුතු සිදුවන්නේ ඒ අයුරිනි.

එහෙත් මේ ශ්‍රී ලංකාවය. මෙහි කාරණා කටයුතු සිදුවන්නේ ලොවෙත් නැති ලොවි ගහෙත් නැති ගහ උඩත් නැති ආකාරයටය. විත්‍යාගේ මරණයට කිසිදු අයුරකින් සිංහලයෙක් සම්බන්ධව බවට මෙතෙක් කරුණු හෙළිවී නොමැත. එවන් තත්වයක් තුල නිසි පරිදි කල් ඉකුත් නොවී පරීක්ෂණ සිදුකෙරිණිනම්, සැකකරුවන් අනලස්ව අත්අඩංගුවට ගැනිනිනම්, නීතිය අතටගන්නට තැත්කල පොදු ජනයා හේතුකොටගෙන සිදුවූ මේ ව්‍යසනය මෙන්ම ශ්‍රී ලංකා පොලීසියටත් ඉන් අනතුරුව අනායාසයෙන් ඇඟිල්ල දිගුවන රජයටත් විඳින්නට සිදුවූ අපකීර්තියද වළක්වා ගැන්මට මතු නොව උතුරේ ජනයා අතර රජයට සහ පොලීසියට යම් ප්‍රසාදයක් ගොඩනඟාගන්නටද උදාවූ මහඟු අවස්ථාවක් මඟහැරී ගියේය.

ඒ වෙනුවට සිදුවූයේ පොලීසිය සහ එහිම දිගුවක් ලෙස රජය හත්පලේ ගාගැනීමය. සුපුරුදු පරිදි යළිදු තම පක්ෂග්‍රාහී ස්වභාවය හා / හෝ අකාර්යක්ෂමතාවය මොනවට ප්‍රදර්ශනය කල, නීතිය රකින්නට දිවුරුම්දී සිටින පොලීසිය ඉතාම සරලව පැවසුවහොත් වැඩේ අනාගත්තේය. ඔවුනට නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කලේ කවුරුන්ද යන්න කිසිදු වැදගත් කමක් නැත. ඒ නියෝජ්‍ය ඇමතිවරයකු වේවා, පසුගිය රජයේ ඇමතිවරයකු වේවා, නීති පීඨ කථිකාචාර්යවරයකු වේවා, ඒ කිසිදු කරුණක් ඔවුන්ගේ වරද ලඝු කීරිමට හේතුවන්නේ නැත. ඉතාම පැහැදිලි එලෙසම බැලූ බැල්මට කැපීපෙනෙන කාරණය නම් සුපුරුදු පරිදි ශ්‍රී ලංකා පොලීසිය තම රාජකාරිය ඉටුකිරීමට අසමත් වීමය. නැතහොත් තමන් මහජන මුදලින් ලබාගන්නා වැටුප වෙනුවෙන් ඉටුකල යුතු රාජකාරිය චේතනාන්විතව පැහැරහැරීමය.

පසුගිය දසවසර මුලුල්ලේ දුර්දාන්ත දේශපාලුවන්ගේ අතකොළු මෙන් ක්‍රියාකල, එසේම උසි ගැන්වූවිට ඔවුන්ගෙ විරුද්ධවාදීන් පසුපස දඩ බල්ලන් සේ හඹාගොස් සපාකෑමෙහි මනා පරිචයක් ඇති ශ්‍රී ලංකා පොලීසියෙහි උසස් නිලධාරීන්හට ඒ අමන පාලකයන් පළවා හැර මාස හතරක් ගතවූවද තවමත් රාජකාරිය හරිහැටි ඉටුකරන අයුරු මතක්වී නැත. ඔවුහු තවමත් වහලුන් මෙන් කටයුතු කිරීමට කැමැත්තෝ වෙත්දැයි සැකයක් ද පැන නැඟීම කිසිසේත් වැළැක්විය නොහේ.

එලෙසම ඉකුත්ව ගිය කාලය තුල ඒකාධිපති පාලකයින් වෙතින් නොයෙක් අයුතු ලාභ ප්‍රයෝජන සහ වරදාන ලබා සුපුරුදු බත් බැලයෝ, යලිත් එවන් දෑ අපේක්ෂාවෙන්, තමන්ට ඒ අවස්ථාව නිර්ලෝභීව උදාකරදුන්, ජනතාව කණ හරහා පහරදී පළවා හැරි අමන පාලන තන්ත්‍රය නැවත බලයට පත්කරනු වස් මෙවන් නිහීන උපක්‍රම යොදනුයේද යන සැකයද ඉඳුරාම බැහැර කරනු නොහේ.පවතින රජය රට අභ්‍යන්තරයේ මෙන්ම ජාත්‍යන්තරවද අපකීර්තියට පත් කීර්‍රිම ඉදිරි මහ මැතිවරණයෙන් සොරුන් සහ තක්කඩියන් යළිදු බලයට පත්කිරීමට ඇති ඒකායන මාර්ගය බව ඔවුහු හොඳින් දනිති.කෙසේ හෝ උගුලෙන් නැතිනම් හබකෙන් හෝ බලයට ඒමට හිටපු මහරජාණන් සිතෙහි බුර බුරා නැඟෙන නොසිඳෙන ආශාව පිළිබඳව මඳක් කල්පනා කොට බලන කල්හි කොතරම් අභව්‍ය ලෙස එක් වරම හැඟී ගියද මෙවන් කුමන්ත්‍රණයක් පිළිබඳ අදහස එක්වරම ඉවත දමනු නොහැක.

පොලීසියේ මෙන්ම ත්‍රිවිධ හමුදාවෙහිද බහුතරයක් ඉහළ නිලතල දරනුයේ පසුගිය දුර්දාන්ත රජය විසින් පත්කල, උසස්වීම් ප්‍රදානය කල ඔවුන්ගේ වහලුන්ය. තම ස්වාමීන් යලි බලයට ගෙන ඒමට මේ වහලුන් ඕනෑම අලජ්ජි ක්‍රියාවක නිරතවනු ඇත. මේ ඛේදජනක සිද්ධිය සිදුවූ වහාම හිටපු මහරජු කල ප්‍රකාශය මෙවන් අනතුරක් පිළිබඳව අප සිත් අවදි කරවයි. ඔහු පැවසූයේ එල්.ටී.ටී. ඊ. ත්‍රස්තවාදය ආරම්භ වූයේද මෙවන් පොලීසියට සහ උසාවියට ගල් ගැසීම් වලින් බවත් වහාම පොලීසිය ක්‍රියාත්මක වියයුතු බවත්ය.

එම ප්‍රකාශය සත්‍යයකි. එහෙත් ඒ කිසිසේත්ම මරා අදහස් කල අයුරින් නම් නොවේ.එල්.ටී.ටී. ඊ. ත්‍රස්තවාදය ආරම්භ වූයේ මෙවන් ගල් ගැසීම වලින් බව සත්‍යයකි. එකලද තමන්ට සිදුවූ අසාධාරණයන්ට සුදුසු පිළියම් නොලැබෙන කල්හි පොදු ජනයා අතට අසුවන දෙයින් පොලීසියට පහර දුන්හ. එල්.ටී.ටී. ඊ. ත්‍රස්තවාදයට අතු රිකිලි දමා වර්ධනය වන්නට මල් පුබුදා පල බර වන්නට සුදුසු තෝතැන්නක් නිර්මාණය කොට දුන්නේ ඒ පොදු ජනයාගේ සිත් තුල වූ අපරිමිත වේදනාවයි. බුබුළුලන අසහනයයි. කැකෑරෙන වෛරයයි. උතුරේ නොව දකුණේද එසේමය. අන්තරේ භික්ෂු උත්තමයින් සෘද්ධි බල නොලබාම පොලීසියේ යකඩ වැටවල් දිගේ ඉහළට සක්මන් කරන්නේ ඒ වේදනාව නිසාමය. ඒ අසහනය නිසාමය. ඒ වෛරය නිසාමය. එසේ පැවසීම කිසිසේත්ම අන්තරේ භික්ෂූන්ගේ හැසිරීම හෝ ඔවුන්ගේ අසාධාරණ ඉල්ලීම් අනුමත කීරිමක් නොවන බව සැළකුව මනාය.

ඉල්ලිම් කොතරම් සාධාරණ වුවද, අසහනය වෛරය කොතරම් උග්‍ර වුවද නීතිය අතටගෙන ක්‍රියාකිරීමට මහජනයාට ඉඩදීමට නොහැක. එහෙත් එවන් තත්වයක් පාලනය කිරීම ඉතාම සංයමයෙන් කලයුතුය. ත්‍රස්තවාදය යලි හිස ඔසවන බවත් වහාම ඒ පාලනය කල යුතුබවත් පවසමින් මරාතුමන් අදහස් කලේ පොලීසිය උද්ඝෝෂකයින්ට විරුද්ධව දැඩි පියවර ගත යුතුබව විය හැක. එසේ පැවසීමෙහි වරදක් ද නැත. ඔහුගේ පාලන කාලය තුල ඔහු ක්‍රියාකලේ ඒ අන්දමටය. එහෙත් අතිගරු මරාතුමාට නිතර අමතක වන ඉතා වැදගත් කරුණක් ඇත. එනම් ජනවාරි නම වන දින සිට ඔහු මේ රටේ පාලකයා නොවන බවයි.

එබැවින් පොලීසියට උපදෙස් දීම මෙන්ම " අපිට දුන්නොත් කොරලා පෙඤ්ඤඤ්ඤං " වර්ගයේ ගොන් පාට් ද අපට මේ මොහොතේ අවශ්‍ය නැත.එතුමාගේ කිරිල්ලේ හොඳකම නිසාම ලොව දරුණුතම ත්‍රස්තවාදයක් පරදවා යන්තමට වසර හයක්වත් ගතවන්නට පෙර ඒ ත්‍රස්තවාදයෙන් පීඩා විඳි ජනතාවම එතුමා පළවා හැරිය බව කිසිවකුට අමතක නැත.මැයි 19 වන දින ත්‍රස්තවාදයෙන් මිදුනු දින සමරනු ලෙසම ජනවාරි 8 රාජ්‍ය  ඒකාධිපතිවාදයෙන් මිදුනු දිනය ලෙස සැමරිය යුතුය.

එලෙසම මරා ප්‍රකාශ කලත් නැතත් පොලීසිය ක්‍රියාත්මක වියයුතුය. පොලීසිය පමණක් නොව රජය ද ක්‍රියාත්මක වියයුතුය. ඒ අන් කිසිවක් සඳහා නොව විත්‍යාට අත්වූ ශෝචනීය ඉරණම උතුරේ මෙන්ම දකුණේද කිසිදු යුවතියකට මින් මතු අත්නොවීම උදෙසාය.

41 comments:

  1. ඇයි බං ඔක කලේ මරා කියල කෙටියෙන් ලිවුවනං ඔච්චර පල් හෑලි ගහන්න ඕනැයැ. 1600/= දවසෙ ගතමනාව ලැබෙනවනෙ. උබගෙ මැණියො උබව ලැබෙන්න කලින් බස් හෝල්ට් වල කැරකිලවත් ඔච්චර ගානක් දවසට හම්බ කරන්න නැතුව ඇති. අනේ එතුමිය දන්නව නං උබ ඔච්චර කලවං කියල අර "අළුත් පරපුරේ" එකා කිවුව වගෙ බෙල්ල මිරිකල කාණුවට දානවා. මොනව කරන්නද එනපොට හොද නැතිකොට නේද? ......ඔන්න ඔහේ තව එකක් ලියමු. මේව බලල රටම දැනුවත්වෙලා මරා එළවලම දායි.

    ReplyDelete
    Replies
    1. // ඇයි බං ඔක කලේ මරා කියල කෙටියෙන් ලිවුවනං ඔච්චර පල් හෑලි ගහන්න ඕනැයැ. 1600/= දවසෙ ගතමනාව ලැබෙනවනෙ. //

      සාරාන්සකරනය.... සීයට සීයක් එකඟයි...!!

      Delete
    2. හිතවත් ඇනෝ,

      / ඇයි බං ඔක කලේ මරා කියල කෙටියෙන් ලිවුවනං ඔච්චර පල් හෑලි ගහන්න ඕනැයැ. /

      මරා ගැන ලියනකොට එහෙම කෙටියෙං ලියල කොහොමද අනේ. නයිකසිරීන් විරාජමාන සිරි ලංකේස්වරාදිපති, සුනාමි සහනාදාර බක්සක, ගවුතම බුද්ද පරපුරෙන් පැවතෙන හිටපු මහාරාජෝත්තමයානන් ගැන එහෙම කෙටියෙන් ලියල කොහොමෙයි?

      එතුමගෙ අර චරිතාපදානෙ එතුමා පිලිසිඳගත්ත විදිහ විස්තර කරල තියනවලු තනිකරම මුද්‍රිත පිටු තුනක්ම...හෙහ්..අන්න එහෙව් උත්තමෙක් එතුමා..බොලා මේ කියනව කෙටියෙං ලියන්ටෙයි කියල.

      / උබගෙ මැණියො උබව ලැබෙන්න කලින් බස් හෝල්ට් වල කැරකිලවත් ඔච්චර ගානක් දවසට හම්බ කරන්න නැතුව ඇති. /

      ඕක ගිය පාරත් කිව්වනෙ බං..මයෙ මෑනියො ගැන..මම උත්තරේකුත් දුන්නනෙව. එතුමී බස් හෝල්ට් ගානෙ ගියෙ නැතය. කට්ටිය ගෙදෙට්ට ආවය කියල.. අලුත් දෙයක් හිතාගන්ට බැරිනං ලැජ්ජවෙන්ට එපා කියහං..මමම මොනව හරි කියල දෙඤ්ඤං...හෙහ්,

      ඔබතුමා හෝ තුමිය මොනව උනත් මෑනියොන්ට ගරු කරන ඇනෝ බවතෙක්. මේ පාරත් අපෙ මෑනියන්ට එතුමී කියල කටපුරා කියල තියනව. අපරාදෙ කියන්ට නරකයි. බොලාගෙ ලොක්කා වගේමයි..ලොක්කත් ලෝස් නැතුව කෝටි ගානක් වියදම් කරල හැදුවනෙ අම්ම තාත්ත සිහිවෙන්ට අනුස්මරණ කෞතුකාගාරයක්.. අන්න එහෙමයි දෙමව්පියන්ට ආදරේ ඇති දරුවො....:)

      / ඔන්න ඔහේ තව එකක් ලියමු. මේව බලල රටම දැනුවත්වෙලා මරා එළවලම දායි. /

      නැතුව ..නැතුව.....ලියන්ට ඕන ලියන්ට ඕන..කොහොමහරි මේ වසංගතෙං රට බේරගන්ට ඕමනයි..එහ්හෙනං...

      Delete
    3. @ Anonymous

      ඈයි බන් මේ බලුවෑඩේ අක තියලතියෙන්නෙත් මරාග් ගෝලයෙක් නේද?රටේ වලත්ත වෑඩක් කලොත් මරාගේ බල්ලෙක් තමයි ඉතින්.
      මරාගේ ගෝලයෝ ඔක්කොම අසහනකාරයෝ..................තූ නොදකින් සක්කිලි බල්ලෝ.

      Delete
  2. අපේ පොලිස් එහෙම තමා. දැන් අරුන් කියයිද චන්නෑ ඊලාං පොලෝසිය තිබුනනම් ඔහොම වෙන්නෑ, ඒක නිසා අපිට මේ පොලිස් එපා... අරකද, මේකද කියලා.,මුන් ඉල්ලනනේ ටිංකිරි නාන්නේ.., කවුද කියලා තිබුනා දැන් පොලිස්පති රනිල් වික්‍රමසිංහ කියලා. ඇත්තද මංදා...පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      පොළෝසිය නම් කියල වැඩක් නෑ මල්ලි.....එවුං තමයි මේ තියෙන පුරස්න වැඩි කරන්නෙ....:)

      Delete
  3. මං මේ කල්පනාකරන්නේ අගමැතිවෙන එක ෂුවර් කියල අන්දපු හඳහං කාරයා කවුද කියල.
    තියන ගොංකමේ හැටියට සුමනදාස ආයිත් කිව්වත් විස්වාසකරයි

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      මරාස් එක පාරක් කොලු ගැටය කාලෙ මැදමුලන වත්ත පිටිපස්සෙ අනෝද ගහක් යට වාඩිවෙලා ඉද්දි එක පාට්ටම නින්ද ගියාලු. නින්දෙම්ම අහුනලු බොහොම බලසම්පන්න කටහඬක් නිකම් මේ මේ දෝංකාර දෙනව වගෙ..ද..ර්..ර්...ර්...රු..ව්..ව්..ව්..ව. ව..හා..හා...ම...ම.... තො...ප...ප...ප...මේ මේක හරියන්නෙ නෑ..දෝංකාර සීන් එක එහෙම්මම ලියන එක මහ වදයක්..කියවන ඔබ තමුන්නාන්සෙලාටත් ඇණයක්..ඒ නිසා නෝමල් ලියන්නං...දෝංකාර දෙන සීන් එක උපකල්පනය කරගන්ට හොඳද?

      " දරුව...තොපගේ නම අද සිට පර්සි මහේන්ද්‍ර නොව මහින්ද ලෙස වෙනස් කර ගනුව. තොප මෙරට අටවන මහින්ද මහා රාජෝත්තමයාණන් ලෙස දිනෙක අනිවාර්යයෙන් කිරුළු පළඳිනු ඇත. එදින සිට කල්ප විනාශය තෙක් මේ දිවයිනේ රාජ්‍යත්වය උසුලනුයේ රාජපක්ෂ පරපුරයි..."

      ඔන්න ඔය අනාවැකි සීන් එක නිසා තමයි බුවා ඔය මැරෙන්ට හදන්නෙ, අපට වද නොදී මේක අතෑරල යන්නෙ නැතුව.

      පලි- රජවිල්ල කොහොමවෙතා මිනිහ අටවන මහින්ද නමට හරියන්ට නම් වැඩ කරල තියනව අපූරුවට. නැව් නො එන වරායක් ඇටෙව්ව. මොණරු ලගින එයාපෝට් එකක් ඇටෙව්ව.එක නාඩගමක් පෙන්නන්ට ලක්සම හතරක්ද කොහෙද අයකරන රඟහලක් ඇටෙව්ව. කිසිම හිරිකිතයක් විලි ලැජ්ජාවක් නැතුව රටේ සල්ලි වියදං කරල ඇටෙව්ව ඒ ඔක්කෝටම තමංගෙ නමත් දගත්ත...හෙහ්,හෙහ්,

      Delete
  4. //ඇයි බං ඔක කලේ මරා කියල කෙටියෙන් ලිවුවනං ඔච්චර පල් හෑලි ගහන්න ඕනැයැ// පෝස්ට් එකටත් වැඩිය උඩම ඇනෝගේ කොමෙන්ට් කෑල්ල නැගල ගියා.. දිව බොරු කියන්නේ නැතුවාවත්ද මංදා අනේ.. හැබෑට කොච්චර කෙටියෙන් කියන්න තිබ්බ එකක්ද රවී අයියා මේ පල් හෑලි ලියලා තියෙන්නේ.. සැක්.. අන්තිමයි හොඳේ.. :p

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      මොනව වුනත් ඒ ඇනෝ ඇත්තටම අවංකයි...:)

      Delete
  5. Replies
    1. කළ්‍යාණ,

      තෑන්ක්ස් මල්ලි...:)

      Delete
  6. මෙහෙමයි......... සමහර සිද්ධි තියෙනවා දේශපාලයට භාවිතා කරන්න හොද නැති ඒවා.... මේ මරණයත් ඒහෙම ඒකක්...... ඒත් මේකත් දේශපාලනයට අරං.... දැන් මිනිහෙක්ට හයියෙන් වාතයක් ගියත් ඒක දේශපාලනයට ගන්නවා... පන්සල් ගානේ ඒවා කතා කරනවා..... මේ අනවශ්‍ය දේශපාලනීකරණය හොද දෙයක් නෙමෙයි......

    ReplyDelete
    Replies
    1. කුරුටු,

      කතාව ඇත්ත, හැම දේකින්ම තමන්ගෙ බල ව්‍යාපෘතියට වාසියක් ගන්නෙ කොහොමද කියල බලන දේසපාලුවො හින්දයි කිසිදෙයක් හරියට කරන්ට බැරි...

      Delete
  7. නරකද මහින්ද මහත්තයට බනිනවට වඩා මෙන්න මෙයාට නීතිය ටිකක් කියලා දුන්නනම්..

    http://cmb.academia.edu/ThamilmaranVeeravaguThambirajah

    ReplyDelete
    Replies
    1. සරස,

      ඒ මනුස්සය එහෙම කලාද කියල අපි කවුරුත් හරියටම දන්නෙ නෑ. හරි. මිනිහ එහෙම කලාමය කියමු. ඒක වැරදියි..ඒකෙ තර්කයක් නෑ. ඒත් ඒ මනුස්සය කරපු බලපෑමට පොලීසිය යටවුනේ ඇයි? අන්න එතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ. එහෙම පොලීසිය යටවුනේ ඕනම දෙකයි පණහෙ එකෙක්ට යම් බලපුලුවන්කාරකමක් තියනවනම් ඒ මිනිහ කියන විදිහට වැඩ කරන්ට පොලීසියට සිද්ද වෙලා තියන නිසා. ඇයි පොලීසියට එහෙම පීචං වෙන්ට සිද්ද වුනේ..මරා පොලිස් කොමිසම නැතිකරල දාපු නිසා. ගොට්ටා පොලීසියෙ කොන්ද බින්ද නිසා...

      ඔය මරාස්ට ස්වාධීන කොමිසන් කියන එව්ව නයාට අඳුකොල වගෙ. හෙහ්..හෙහ්.. එතුමා ඔය ආයම බලය ඉල්ලන්නෙ කොහොමහරි කරල ඔය පිහිටවන්ට යන කොමිසන් ටික නැති බංගස්තාන කරල මේ රට ආයම විනාස කරල දාන්ට. අන්න ඒකයි මම මරාට විරුද්ධ. නැතුව ආය මේ වෙන මොකවත් අමාරුවකට එහෙම නෙවෙයි සරස....:)

      Delete
    2. මහේස්වර නෝනාගේය් සහ තමිල්මාරන් නීති පීටාදිපති ගේ බලපැම මත ඔය සුවිස් තට්ටයා නිදහස් කල DIG මහත්තයා ට හැර අන් සියලු ජේශ්ට පොලිස් නිලදාරීන් ට දඬුවම් මාරුවීම් දුන්නේ මහින්ද මහත්තයා ගේ බලපෑම නිසා වෙන්න ඇති නේද?

      Delete
    3. මහේස්වරන් නෝනා මහින්ද මහත්තයා නැවත ගේන්න ඔනෑ කියන සිරි ලන්කා නිදහස් පක්සෙ මන්තී කෙනෙක් වෙන්න ඇති නේද? ඒකනේ එයාටත් කිසිම නීතිමය කටයුත්තක් තාම වෙලා නැත්තේ...

      Delete
  8. //පසුගිය දසවසර මුලුල්ලේ දුර්දාන්ත දේශපාලුවන්ගේ අතකොළු මෙන් ක්‍රියාකල, එසේම උසි ගැන්වූවිට ඔවුන්ගෙ විරුද්ධවාදීන් පසුපස දඩ බල්ලන් සේ හඹාගොස් සපාකෑමෙහි මනා පරිචයක් ඇති ශ්‍රී ලංකා පොලීසියෙහි උසස් නිලධාරීන්හට ඒ අමන පාලකයන් පළවා හැර මාස හතරක් ගතවූවද තවමත් රාජකාරිය හරිහැටි ඉටුකරන අයුරු මතක්වී නැත. ඔවුහු තවමත් වහලුන් මෙන් කටයුතු කිරීමට කැමැත්තෝ වෙත්දැයි සැකයක් ද පැන නැඟීම කිසිසේත් වැළැක්විය නොහේ.//
    රවි අය්යේ. චන්ද්‍රිකා මෑඩම්ගෙ කාලෙ රට හරියටම පාලනය වුනා කියල කියන්න හදනවද එහෙම නෑත්නම් මරා එක්ක තියෙන තරහද මේ එලියට එන්නෙ. මරා කියන්නෙ පට්ට හොරෙක් රට කාපු තක්කඩියෙක් කියමුකො. එතකොට කලින් පාලකයො වෑරදි කලේම නෑද්ද?

    ReplyDelete
    Replies
    1. Ano,

      / චන්ද්‍රිකා මෑඩම්ගෙ කාලෙ රට හරියටම පාලනය වුනා කියල කියන්න හදනවද /

      චන්ද්‍රිකත් බොහොම වැරදි කලා. මම නෑ කියන්නෙ නෑ. 1994 අවුරුදු දහ හතක එජාප පාලනය පරාජය කරල චන්ද්‍රිකා බලයට එනකොට මට පුදුම සතුටක් ඇතිවුනේ. ඒත් ඒ නෝන මහත්මයා මගෙ බලාපොරොත්තු බහුතරයක් විනාස කරල දැම්ම. මම මීට කලින් සටහන් කීපයක ඒ ගැන ලියල තියනව. ඒත් මරා එක්ක සාපේක්ෂව බැලුවොත් චන්ද්‍රිකා දාහක් හොඳයි...:)

      / එහෙම නැත්නම් මරා එක්ක තියෙන තරහද මේ එලියට එන්නෙ. /

      ඇත්තටම ඔව්. මම එහෙම නෑ කියල කොහවත් කියල නෑනෙ. මම මරාට එකහෙලාම විරුද්ධයි.ඒ වෙන දෙයක් හින්ද නෙමෙයි මම මගෙ රටට ආදරේ හින්ද...

      / මරා කියන්නෙ පට්ට හොරෙක් රට කාපු තක්කඩියෙක් කියමුකො. එතකොට කලින් පාලකයො වෑරදි කලේම නෑද්ද? /

      මේ රටේ පාලකයො අඩු වැඩි වශයෙන් වැරදි කලා. ඒක වෙනම කතවක්. ඒත් රටේ ඉහළම පදවිය දරපු පුද්ගලයා රටේ බහුතරයක් අතින් ප්‍රතික්ෂේප වුනාට පස්සෙ නම්බුකාර විදිහට ගුඩ් බායි කියල ගෙදර යන්න ඕන. මේක එහෙමද? එල්ලිලාම ඉන්නවනෙ මේකෙම.නිකමට හිතෙන්නෙ නැද්ද ඇයි මෙහෙම කරන්නෙ කියල.

      Delete
    2. \ඒත් මරා එක්ක සාපේක්ෂව බැලුවොත් චන්ද්‍රිකා දාහක් හොඳයි...:) /

      අයිසේ රවී, ඔහේ කතා කරන්නේ කටින් නෙමෙයි පුකෙන් වෙන්ට ඕනේ. චන්ද්‍රිකා ගෑණිගේ හොඳ කියන්න බැහැ ගූ කන වරිගයේ එකෙකුට මිසක්කා.

      Delete

    3. //අයිසේ රවී, ඔහේ කතා කරන්නේ කටින් නෙමෙයි පුකෙන් වෙන්ට ඕනේ. චන්ද්‍රිකා ගෑණිගේ හොඳ කියන්න බැහැ ගූ කන වරිගයේ එකෙකුට මිසක්කා.//

      Truth, whole truth, nothing but the TRUTH!

      Delete
    4. Ano & Sarasa,

      අයිසේ රවී, ඔහේ කතා කරන්නේ කටින් නෙමෙයි පුකෙන් වෙන්ට ඕනේ. චන්ද්‍රිකා ගෑණිගේ හොඳ කියන්න බැහැ ගූ කන වරිගයේ එකෙකුට මිසක්කා.

      /  ඒත් මරා එක්ක සාපේක්ෂව බැලුවොත් චන්ද්‍රිකා දාහක් හොඳයි...:) /

      සාපේක්ෂ කියල වචනයක් මම පාවිච්චි කරල තියනව ඔය මහත්තුරු දෙන්නට පෙනෙයි පරිස්සමින් කියවල බැලුවොත්..ඒකෙ තේරුම දන්නෙ නැත්තං කියන්න තව සරලව පැහැදිලි කරන්නම්,

      Delete
  9. //රවි අය්යේ. චන්ද්‍රිකා මෑඩම්ගෙ කාලෙ රට හරියටම පාලනය වුනා කියල කියන්න හදනවද එහෙම නෑත්නම් මරා එක්ක තියෙන තරහද මේ එලියට එන්නෙ. මරා කියන්නෙ පට්ට හොරෙක් රට කාපු තක්කඩියෙක් කියමුකො. එතකොට කලින් පාලකයො වෑරදි කලේම නෑද්ද?//

    ඉල කැඩෙන හිනා

    ReplyDelete
    Replies
    1. සරස මහත්මයා,

      ඔබේ ඉළ කැඩුනෙ හිනාවෙලා. ඔබ සන්තෝස වෙන්න ඕන ඒ ගැන. ඒත් ඔබ අහල තියනවද ගුටි කාල ඉළ කැඩිච්ච මනුස්සයෙක් ගැන? ( අනිවාර්යයෙන් අහල නම් ඇති ඒත් මතක නැතුව ඇති. Selective Amnesia නැත්නම් වරනීය විස්මෘතිය කියන්නෙ බොහොමයක් මිනිස්සුන්ට හැදෙන ලෙඩක්.විශේෂයෙන්ම මරාගෙ වහල්ලුන්ට ඒ ලෙඩේ තදින්ම තියනව. මම හිතනව ඔබට ඒ ලෙඩේ වැළඳිල නැතිය කියල. ඒත් අවාසනාවකටවත් වැලඳිලානම් මෙන්න මතකය අලුත් කරගන්න ) ඒ මනුස්සය තමයි රටම ගරු කරන කලාකාරයෙක් වන ලක්ෂ්මන් විජේසේකර. බොහොම අහිංසක මනුස්සයෙක්.

      මොකද දන්නවද ඒ මනුස්සයගෙ ඉල කැඩුවෙ? තමන් කැමති අපේක්ෂකය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කලාය කියල. මරා සහ ඔහුගේ සට්ටඹින්ට අනුව ඒකත් මාරාන්තික අපරාධයක්. අන්න ඒ මජර, දුර්දාන්ත, යක්ෂාවේශ පාලනය නැවත එනවට මම බයයි සරස මහත්මයා... වෙන දේකට නෙවෙයි. ආයම එහෙම කැලේ නීතිය රජකරනවට, මිනිස්සුන්ට බල්ලො බලල්ලු ගානට දාල පාරෙ දාගෙන ගහනවට මම කැමති නෑ මහත්මයා. මම හිතන්නෙ දැන් ඔබට වැටහුනාද මන්දා මම මරාට මේ තරම් විරුද්ධ ඇයි කියල. ඒත් තේරුනේ නැත්නම් ඔයිට වඩා වටහා දෙන්ට ක්‍රමයක් මම දන්නෙත් නෑ...

      Delete
    2. අපේ කාලෙ නම් ඉල කැඩෙන්න පරිප්පුව දුන්නේ මචාර්ය සරත්චන්ද්‍රටයි සොබිත ගනින්නාන්සෙටයි...

      ඊට පස්සෙ චන්ද්‍රලේකා ගේ කොන්ඩෙ කපල රූකාතව බාබකිවු කරන්න හැඩුවේ මහින්ද මහත්තයා නේ?

      අර අනෝජා වීරසින්හ ගේ ගේ ගිනි තිබ්බෙත් මහින්ද මහත්තයා.... සටන කතෲ මරුවෙත් එතුමා ම තමා...

      ඒ තියා යාපනේ පුස්තකාලෙ ගිනි තිබ්බෙත් මහින්ද මහත්තයා නේ...

      ඒ කාලේ ඩොට්ටර් පෝල් ගේ දුව ව ගාලුමුවදොර දී සමූහ දූසනයට ලක් කල ගෝනවල සුනිල් ට ජාඅන්දිපති සමාවක් දීලා ඊට පස්සේ මුලු දිවයිනටම බලපාන සාමදාන විනිස්චයකාරයෙක් කලෙත් මහින්ද මත්තයා නේද?


      ආන්න ඒකයි මම මහින්ද මහත්තයට ෆුඩ් සිටි යන්නේ...

      Delete
    3. සරස,

      චන්ද්‍රිකාගෙ කාලෙ වෙච්ච එව්වයි, යූ.ඇන්.පී. කාලෙ වෙච්ච එව්වයි ඔක්කොම පටලවාගෙන ඔබතුමා..හරි මොකහරි ඔය කියන එව්ව ඔක්කොම චන්ද්‍රිකා කලා තමයි. ඒත් අර කතාවක් අහල තියනවනෙ " උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ " කියල. අන්න ඒ වගෙ චන්ද්‍රිකා නෝනා තමන්ගෙ පාලන කාලය තුලදි කරපු සියලු වැරදි වලට මම සමාව දුන්නා අර මරා ගොයිය ගෙදර යවන්න එතුමිය කරපු කාර්ය භාරය ගැන සළකල. තෑරුණැයි ඔහෙට?

      Delete
    4. ඒ තියා යාපනේ පුස්තකාලෙ ගිනි තිබ්බෙත් මහින්ද මහත්තයා නේ...

      //ඒ කාලේ ඩොට්ටර් පෝල් ගේ දුව ව ගාලුමුවදොර දී සමූහ දූසනයට ලක් කල ගෝනවල සුනිල් ට ජාඅන්දිපති සමාවක් දීලා ඊට පස්සේ මුලු දිවයිනටම බලපාන සාමදාන විනිස්චයකාරයෙක් කලෙත් මහින්ද මත්තයා නේද?//

      මේ වැඩ කලෙත් චන්ද්‍රිකා වෙන්න ඇති? එයාටත් සමාව දුන්නද?

      Delete
    5. // උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ " කියල. අන්න ඒ වගෙ චන්ද්‍රිකා නෝනා තමන්ගෙ පාලන කාලය තුලදි කරපු සියලු වැරදි වලට මම සමාව දුන්නා අර මරා ගොයිය ගෙදර යවන්න එතුමිය කරපු කාර්ය භාරය ගැන සළකල. //



      ඔබට යම් උතුම් කාර්යයක් කිරීම නිසා කෙනෙකුට කොන්දේසි විරහිත සමාව දීම ගැන අදහසක් තිබීම ගැන සතුටුයි...

      අර බුදල් නා ප්‍රබූවරයා හා ඔහු ගෙන් පැවත එන අයට විජයබාහු රජුජුරුවෝ දුන්න සමාව වගේ... පනාකඩුවේ තඹ සන්නසේ තියෙන්නේ...

      අපිත් මේ රට කන්න ආව ප්‍රබාකරන් ට ටින්කිරි දුන් මහින්ද මහත්තයට ඔහු කොපමන වැරදි කලත්, අනාගතේ කරන්න හිටියත් බ්ලැන්කට් සමාවක් දෙනවා....

      Delete
    6. Muth ballek wela hamarai sa rasa.
      Kalakanniyaa
      Jaha palaneta kade gihin mahindata banina umbata adatath genith ekka athal ekak aragena budiya gannawath wasanawa naththe thoge sakkili kam nisa.
      Nomari ithuru wechcha LTTE karaya pawa e sathuta windinawa
      Hadenna balapan. Hadunoth umbata nathath genita hari sepak

      Delete
    7. නිර්නාමික මහත්මයා,

      / Muth ballek wela hamarai sa rasa./

      බල්ල කියන එක අපහාසයක් කියල මම සලකන්නෙ නෑ මහත්මයා. බල්ලො හොඳයි බොහොම වෙලාවට මිනිස්සු එක්ක සසඳල බැලුවම. බල්ලො හැංගිල ඉඳල බුරනව හුඟක් අඩුයි. අනික බල්ලන්ට යමක් කිව්වම තේරෙනව. අපෙ අත්තම්මට ඔය බල්ලො ට්‍රේනිං වැඩේ නියමෙට කරනව. අලුතෙන් ගෙදෙට්ට බලු පැටියෙක් ගෙනාහම ඔන්න ඒකා සාලෙ මැදම රෙනව. අත්තම්ම කරන්නෙ ඒකා එතනට අරගෙන ගිහිල්ල ගූ ගොඩ පෙන්නල කෝටුවකින් රිදෙන්ට පාරක් දෙකක් ගහනව. ආය ජීවිතේට ඌ ගේ ඇතුලෙ රෙන්නෙ නෑ. අන්න එහෙමයි බල්ලො. ඒත් මහත්මයා කියන්ට කණගාටුයි අපි මිනිස්සු කියන හඳුන්වන ජාතිය බහුතරයක් එහෙම නෑ. කොච්චර ගහපං ආයම සාලෙම රෙනවා.. ආයම සාලෙම රෙනවා.

      Delete
    8. Sarasa,

      / අපිත් මේ රට කන්න ආව ප්‍රබාකරන් ට ටින්කිරි දුන් මහින්ද මහත්තයට ඔහු කොපමන වැරදි කලත්, අනාගතේ කරන්න හිටියත් බ්ලැන්කට් සමාවක් දෙනවා..../

      ඔබතුමා සමාව දුන්නට නීතියෙන් හෝ ලෝක ධර්මයෙන් සමාවක් ලැබෙන එකක් නෑ මම හිතන්නෙ. අන්න හෙට අනිද්ද ගොස්ට මහත්තය කුදලගෙන යන්ටයි හදන්නෙ, රවිරාජ් ඝාතනයට. හෙල්පිං හම්බන්තොට කේස් එකත් ආය ඇදෙන සයිස් එකක් තියෙන්නෙ. ඒ නිසා ඔබතුමාගෙ ඔය බුලංකේට්ටු පාඩොං එකෙං තඹ සතේක වැඩක් වෙන එක්ක නෑ මයෙ හිතේ....:)

      Delete
  10. මේකෙදි හරියට නීතිය ක්‍රියාත්මක වීම ගැන කතාවෙන එක පැත්තක දාලා දේශපාලන වාසි ගන්න ඒ ගැන කතා කරන්න යන එක ගැනයි ඇත්තටම දුක් වෙන්න ඕන.. කොතන බැළුවත් ඒ පැත්තට මේ පැත්තට බෝලේ පාස් වෙනවා මිසක වෙන දෙයක් ගැන කතාවක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි වෙන්නෙ දිනේෂ්....ලෝකෙන් උතුම් රට ලංකාවයි..ලංකාවයි...සිරි ලංකාවයි....:)

      Delete
  11. ලoකා ඉතිහාසයේ JRට පස්සේ බිහිවෙච්ච කාලකන්නිම දේසපාලුවා මහින්ද.
    ඌට ඔන මොන ක්‍රමයෙන්හරි රජසෑප.ඵක ගන්නේ තම්බි මරලද තම්බින්ට පස්චාත්බාගේ දීලද,දෙමලු මරලද සිoහලු මරලද කියන ඵක පොරට අදාල නෑ.පොර කරන්නේ අවස්තාවට අනුව පොරට වෑඩියෙන්ම වාසි වෙන ගේම්ඵක ගහන ඵක.ඵ්කෙන් රටකට පසුකාලීනව ඈතිවෙන්න ප්‍රතිපල ගෑන හිතන්න කිසිම උවමනාවක් නෑ.මේ සිද්දියත් ඵ වගේ තමයි.
    මේ සිද්දේදී මහින්ද පෙන්නන්නේ තමුන්ගේ දේශපාලන නොදියුනුබාවයේ සහ කාලකන්නිබාවයේ දිග පලල තමයි !

    ReplyDelete
    Replies
    1. දැන් "සරසයා" ඇවිත් මෙතනත් කලිසම ගලවයි !!!

      Delete
  12. \ඔවුනට නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කලේ කවුරුන්ද යන්න කිසිදු වැදගත් කමක් නැත. ඒ නියෝජ්‍ය ඇමතිවරයකු වේවා, පසුගිය රජයේ ඇමතිවරයකු වේවා, නීති පීඨ කථිකාචාර්යවරයකු වේවා, ඒ කිසිදු කරුණක් ඔවුන්ගේ වරද ලඝු කීරිමට හේතුවන්නේ නැත. /

    ඔව් වොව්. ජහපාලනේ එව්වෝ ඒ වගේ වැරදිවැඩ කරද්දී ඒවා හොයන්නේ නැතුව හොයන්න ඕනේ නිලධාරීන්ගේ වැරදි වැඩ ගැන තමයි.
    තමුසෙත් වෘකහම පොරව ගත්තු හිවලෙක් වීම ගැන ලැජ්ජයි. ලැජ්ජයි ඕයි ලැජ්ජයි

    \කෙසේ හෝ උගුලෙන් නැතිනම් හබකෙන් හෝ බලයට ඒමට හිටපු මහරජාණන් සිතෙහි බුර බුරා නැඟෙන නොසිඳෙන ආශාව පිළිබඳව මඳක් කල්පනා කොට බලන කල්හි කොතරම් අභව්‍ය ලෙස එක් වරම හැඟී ගියද මෙවන් කුමන්ත්‍රණයක් පිළිබඳ අදහස එක්වරම ඉවත දමනු නොහැක./

    ජන්දේ කිට්ටුව හමුදා කුමන්ත්‍රණයක් ගැන දෙඩෙව්වා, දැන් ඒ පාර තව කුමන්ත්‍රණයක්.
    ඉස්සර රජගෙදර රිළව කරපු වැඩේ කරන්නේ ඔහේද. රිලවා ටිකක් හොඳයි, ඌට තිබ්බේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ. තමුසෙලාට මහින්ද
    තමුසෙලා බයවෙලා දඟලන්නේ තමුසෙලාගේ වචන වලින්ම කියනවනම් සත පහකට වැඩක් නැතුව පැරදිලා ගෙදර ගියපු මහින්දට නොවැ. ලැජ්ජයි ඕයි ලැජ්ජයි.

    තමුන්ලා අර හොරට පත්කර ගත්තු නපුංසකයා(ප#යා) වෙනුවෙන් මේ තරම් පුඩ් සිටි යන්නේ හිරිකිත ගතියක් දැනෙන්නේ නැද්ද.

    ReplyDelete
    Replies
    1. Ano,

      / තමුසෙලා බයවෙලා දඟලන්නේ තමුසෙලාගේ වචන වලින්ම කියනවනම් සත පහකට වැඩක් නැතුව පැරදිලා ගෙදර ගියප මහින්දට නොවැ. ලැජ්ජයි ඕයි ලැජ්ජයි. /

      අන්න මහත්මයා වචනෙ..පැරදිලා ගෙදර ගියපු...පැරදිලා ගියපු එක එහෙම්මම ඉන්නවනං අවුලක් නෑනෙ. මේ යකා ආයම ආයම ගෙවලය වගෙ මේක අස්සෙම රිංගන්ට එන එක නෙව කාල ඉන්ට බැරි.

      අනික බය වෙන්ට ඕනනෙ මහත්මයා. යකා යන්තමට එලව ගත්ත තමයි, ඒත් ආයම එන්ට වත්ත වටේ හොල්මං කරනකොට බය හිතෙනව තමයි. මොකද අපි දන්නවනෙ යකාගෙ තරම..කිසිම අණක් ගුණක් තියෙන යකෙක් නෙවෙයිනෙ ඕකා. දොල පිදේනිය හම්බවෙනව නම් ඕනම දහදුරා වැඩක් කරයි. එහෙම යක්කුන්ට අපි බයයි නංගියේ......හෙහ්,හෙහ්,

      Delete
  13. තවමත් ඇති වුණ වෙනස මහින්ද වෙනුවෙට මෛත්‍රී පත්වුණ එක විතරමද කියල හිතෙනවා.. අවුරුදු ගාණක් ගැඹුරටම මුල් ඇදපු පරිහානියක් වෙනස් කරන එක, එතනින් සමාජය ගොඩගන්න එක ලේසි නැහැ.....

    ඒ වෙනුවෙන් ඉදිරියටත් ජනතාව නැගී ඉන්න වෙනවා.. අර පොලිසිවලට, උසාවියට ගල් ගහනව වගේ බාල වැඩවලින් නම් නෙවෙයි.. නමුත් ඒ මොහොතෙ ඒ මිනිස්සුන්ගෙ කේන්තියත් සාධාරණයි...

    ReplyDelete
  14. උතුරේ,දකුණේ කියලා වෙනසක් නැහැ මේ වගේ සිද්දියක් වුනාම හැඟීම් පාලනය කරගන්න අමාරු ඒ සිදුවීමෙන් පිඩාවට පත් වෙච්චි කම්පාවට පත්වෙච්චි අය අධිකරණයට,පොලිසිය වැනි නිතිය ක්‍රියාත්මක කරන ආයතන වලට විරුද්ධත්වය දක්වන්න එකතු වෙනවා.

    අමතකද අගුලාන පොලිසියට වෙච්චිව දේ.මේ සිදුවීමෙන් පස්සේ පොලිසියේ නිලධාරීන් මාරු කොට තිබෙනවා.එතනින් නතර නොවී මේ සිදුවීමේ පොලිස් පරීක්ෂණ වලට බදා කල යම් අය වේද තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නිතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක කරන්න ඕනේ.

    ඒ වගේම ජාතිවාදය වගේ කුණු ගොඩක් අවුස්සලා හරි බලයට එන්න හදනා අභයාරාමවාසි මැදමුලන මරා ගේ දුෂ්ට අභිලාශත් පරජය කරන්න ඕනේ.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...