Thursday, February 18, 2016

389. පුවක් එෂැණිං - 4 - කළු කෝට් බෑය, අලි කරුණාව සහ දේවාලයේ සීසීටීවී




හිටපු ජනාදිපතිතුමා ඊයේ තම කලු කෝට් බෑයෙන් සැරසී උසාවි පැමිනියේය. 1977 අවුරුද්දේ පෙරකොරෝදයකු ලෙස දිවුරුං දුන්නාට පසු කෝට් බෑය එලියට ගත්තේ ඊයේ බැවින් කෝට් බෑය පුස් ගඳ හැමුවාට ගණන් නොගන්නා ලෙස ඔහු දෑත ඔසවා ආචාර කොට රැස්ව උන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය. 


"කොහොමත් මට දිගටම මේ කලු කෝට් බෑය පාවිච්චි කරන්ට වෙයි වගෙ කියල මට හිතෙනව. ඒ හින්ද අද ගෙදර ගිය ගමං මේක අව්වෙ දාල වේලන්ට ඕන." එතුමා ඉතා හැඟුම් බරව පැවසීය. "මම මේ කලුකෝට් එක දාගෙන ඉන්නෙ ජෙයරාජ්ට පිංසිද්ද වෙන්ට." එතුමා යලිත් හැඟීම් බරව පැවසීය.


ටං...ටිං...ටුං..........


මේ අතර වනජීවී දෙපාර්තමේන්තුව විසේස නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ පංසල් ගේට්ටු ගාව අලි පැටවුං දමා යාම සම්පූර්නයෙන්ම තහනං බවකි. 


දඩුවේ උම්මාලෝක සුවාමීන් වහන්සේ විසේස ප්‍රකාසයක් කරමින් ටමං වහංසේගේ පංසලට දිනපතා සොපිං බෑග්වල දමාගත් සුට්ටං අලි පැටවුන් හිතවත් දායක මහතුං විසිං රැගෙන විත් දමා යන බවද තමං වහංසේ බොහෝ අලි පැටවුං ගනනක් පංසල අතුගාන ඉදලෙං ගසා පන්නා දැමූ නමුත් එක් හුරතල් අලි පැටවෙකුට ආසා හිතී කවා පොවා ආදරෙං ඇතිකල බවත් දැං ඒ වෙනුවෙං තමං වහංසේ අත් අඩංගුවට ගන්නට යන බවත් පැවසුවෝය.

මුදල් අයකොට බන දෙසීමෙන් තමං වහංසේ උපයාගත් විසාල මුදල් සම්බාරය අලි පැටවාට කිරි දීමට වැයවූ බැවිං පහුගිය මාස තුනක් තිස්සේ වැඩ වාසය කරනුයේ සිවුරක් ගැනීමට පවා මුදල් නොමැතිව අඳනය පිටිං බවත් එනිසා පුංචි රුපියල් දහයක මුදලක් පරිත්තියාග කොට අලි දඩය ගෙවීමට ආදාර කොට සඟටොප් සුවය පාර්තනා කරගන්නා ලෙසද එටුමෝ කාරුණිකව බුද්දාලම්බන ප්‍රීතියෙං ඔද වැඩුනු බවුද්ද මහෝපාසිකාවංගෙං ඉල්ලා සිටියෝය.තමං පමනක් නොව මුගලං රහතුං වහංසේද එලෙසම කැලනිතිස්ස රහතං වහංසේද මෙසේ අලි පැටවුං හදාගත්බවද උං වහංසේ පැවසූවෝය.

ගොම්මංපිල මහතාට චන්ද කෙරුවාව කිරීමට රුපියල් සීය බැගිං ආදාර දුන්නානං තමංට අලි දඩය ගෙවීමට රුපියල් දහයක් දීම බවුද්දයින්ට අපහසුවක් නොවන බවද එතුමෝ මතක් කලෝය. එසේම බුදු හාමුදුරුවන්ද නාලාගිරි ඇතා, මුචලින්ද නාග රාජයා ඇතුලු බොහෝ සතුං සුරතලයට ඇතිකල බව බුද්ද චරිතයෙහි සඳහං වන බවද තමං වහංසේ කලේ ඒ සිරිත දිගටම පවත්වාගෙන යාම බවද එතුමෝ තව දුරටත් පැහැදිලි කලෝය.

මේ අතර නිවේදනයක් නිකුත් කරන සත්ව ප්‍රේමියෝ සංවිදානය පවසන්නේ උම්මාලෝක හිමියන් බලවත් සත්ව ප්‍රේමියෙක් බැවිං තමංට අනවස්සිය සියලු බල්ලං සහ බලලුං එතුමාගේ පංසල් ගේට්ටුව අසලට ගෙන ගොස් දමන්නට කිසිදු අවහිරයක් නැති බවකි.


ටං...ටිං...ටුං..........


සීනිගම දේවාලයේ පිංකැටය හොරු බිඳ ඇති බව මේ අතර එහි ප්‍රදාන කපු මහතා පැවසීය. තමං මේ පිළිබඳව දෙවියන්ට පැමිණිළි කල විට "තොපි කොහොමත් ඕකෙ තියන සල්ලි පිල්ලි ගහන එකේ හොරු බින්දට මට පාංද?" යනුවෙන් දෙවියං උදහස්ව වදාල බව කපු මහතා තව දුරටත් පැවසීය. 


එසේම "මට මේ දවස්වල ඔය හොරු අල්ලංට වෙලාවක් නෑ. හෙට අනිද්ද ටුවෙන්ටි ටුවෙන්ටි වර්ල්ඩ් කප් එක එනව ඒක බලන්ට තියනව. අනික අර ඒකාබද්ද විපස්සෙ පොල් ගහපු වැඩේ ගැන හොයල බලන්ට තියනව. ඒ හින්ද හොඳ සීසීටීවී කැමරා හත අටක් ගෙනල්ල පිං කැටේට පෝකස් කරල හයි කොරාපිය" යනුවෙන් දෙවියං උපදෙස් දුන් බවත් කපු මහතා ප්‍රකාස කලේය. 


එපමනක් නොව දිවිය ලෝකය පුරාද මේ දිනවල සීසීටීවී කැමරා සවිකරගෙන යන බවද දෙවියං පැවසූ බවද කපුවා සඳහන් කලේය.එසේම දේවාලයේ පිංකැට කැඩූ හොරුං අල්ලා දඬුවං දීමට දෙයියංට බැරිවුනාට තම බඩු බාන්ඩ සොරාගත් සොරුංට පලිගසා මිරිස් අඹරන බැතිමතුං විචිකිච්චාවක් කිසිසේත්ම ඇතිකරගත යුතු නැති බවද දේවාල බූමියෙං පිට සිදුවන හොරකං ඇල්ලීම සහ හොරුංට දඬුවං දීම දෙය්යං විසිං දිගටම කරගෙන යන බවද කපු මහතා තවදුරටත් කියා සිටියේය.


ටං...ටිං...ටුං..........

75 comments:

  1. Laughed so much- a big dose of humour in the morning. Thank you Ravi.

    ReplyDelete
  2. "මම මේ කලුකෝට් එක දාගෙන ඉන්නෙ ජෙයරාජ්ට පිංසිද්ද වෙන්ට." Absolute truth.

    ReplyDelete
    Replies
    1. සිරිමාවෝ උදව්කලා කියලත් කතාවක් තියනවානේද

      Delete
    2. අටම්,

      සිරිමා ඒ කාලෙ අගමැති ( 70 - 77 ).... මරාට පෙරකදෝරුවෙක් වෙන්නම පාර්ලිමේන්තුවෙ පණතක් සම්මත කරගත්ත මම අහල තියන විදිහට. ඒ වෙනකොට මරාට ලෝ කොලේජ් යන්න බෑ එක්කො අධ්‍යාපන සුදුසුකම් නෑ නැත්තං වයස පැනල. ඒ හින්ද පණතක් ගෙනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ වයස් සීමාව හෝ අධ්‍යාපන සුදුසුකම් අදාල වෙන්නෙ නැද්ද ඔන්න මොකක්ද කියල,

      Delete
    3. මට තියෙන පුරස්නේ නම් උසාවි ගියා නඩුවට කතා කළා කියන එක තවත් ඇන්දිල්ලක් ද කියලා. කොටුවේ උසාවිය ගාවින් යනවා එක දවසක් වත් සරමක් ඇදපු පෙරකදෝරුවෙක් දැක්කේ නැහැනේ.

      Delete
    4. @Ravi

      සිංහලෙන් විභාගේ කරාද මොකක්ද එකක් මං අහල තිබුනේ

      Delete
  3. උම්මාලෝක හිමියන් :)

    ReplyDelete
    Replies
    1. Ian / Atam,

      දඩුවේ උම්මා....දඩුවේ උම්මා.....දඩුවේ උම්මා....:)

      Delete
    2. our guys say "Baduwe Ummaloka" and "Baduwe Udugasamloka" and "Uduwe Gagubasamloka". hiks

      Delete
  4. හම්මියෝ ලොකයියෙ
    මේ පාර පුවක් එෂැනිං නං පට්ටයි..
    අර උඩුවේම බලන්න උඩුවේම බලන්න කියල කියල අර කට කැඩිච්ච කතාවක් හදල තිබ්බෙ ඔය උන්නාන්සෙට නේහ්...

    හැක් හැක්

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      කවුද බං එහෙම කිව්වයි කියන්නෙ?.....:)

      Delete
    2. අනේ මංද ලොකයියෙ ඔය කොල්ලො තමා කියන්නෙ හිටං

      Delete
  5. අප්පට සිරි. දැන් දෙවියොත් දියුුණු වෙලානෙ.

    ReplyDelete
    Replies
    1. මෙතූ,

      ඒකනෙ, දිවැසිං බලනවට වඩා ලේසියිනෙ සීසීටීවී එකෙං බලන එක...;)

      Delete
  6. පරිවාස දෙපාර්තුමේන්තුවෙන් වෙනම පරීක්ශනයක් කරනවළු ආයිබෝං; මේ අලි පැටියව පන්සල ගාව දාලා ගිය අලි අම්මව හොයාගන්න.උන්ගේ අමාරුව හොඳකරගන්න එක එකා එක්ක නිදිවැදිලා හම්බවෙන ළමයි මේ අගිංසක හාමුදුරුවන්ගේ ඇඟේ ගහන එක මහ හෙන කැත වැඩක් නොවැ.

    ReplyDelete
    Replies
    1. කටුසු,

      ඒකනෙ බං...ලෝක අපරාදයක්නෙ..මේ ජම්බෙ වගෙ කිරි සුදු පාටට බැබලි බැබලි ඉන්න හාංදුරුවො. අලිපැටියෙක් ජාතක කලාය කියල නිකමට හිතන්ට වත් පුලුවංද? සහගහන කතා මෙව්ව..ඔන්න අර මේ දවස්වල හැමෝම කතාකරන අනික් උන්නාන්සෙ නං හිතන්ටවත් පුලුවනි..නැද්ද?

      Delete
  7. මම නම් කියන්නේ හීලෑ අලි ඇතුන්ගේ සංගමේ ඔක්කොම උන් අලියා දාලා පාගන්න ඕන කියලා...

    රවී තුමාගේ අදහස මොකක්ද මේ ගැන..

    දැන් බලන්න උන්ගේ වැඩ නිසා අමාරුවේ වැටෙන්නේ මේ වෙසිගේපුත්තු නේ... සමා වෙන්න බුදු පුත්තු නේ...

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      මම නම් කියන්නෙ හීලෑ අලි හිමියංගෙ සංගමේ එවුං පන්සලේ සලපතල මලුවෙ මුනිං අතට බුදි කරවල දෙන්ට ඕන පිට හරහට දේයි දෙයි ගාල අර සාලවනේ හිටියයි කියල තොරං වල කියන ඇත්‍රාජයගෙ මොකක්ද එකෙං...:)

      Delete
  8. “උඩුවේ බලන“ කියලත් කාලයක් කිව්ව පොරට.

    ReplyDelete
  9. පොල් ගහන්ඩ ගිහිං අර තට්ට ගුණවර්දනගෙ පර්ස් එකටත් ගහල. ඒකට උන්දැ තව පොලෙයක් ගහන්ඩ ඇති මයෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. Dracky,

      පර්ස් එක පස්සෙ හම්බවුනාලු කානුවක් පල්ලෙ තිබිල සල්ලි රහිතව...:)

      Delete
  10. උඩුවේ ධම්මාලෝකෝත්තරයන් වහන්සේ චුල්ල හත්ථි පචෝපම සූත්‍රය දේශනා කරති..

    පින්වතුනි සාධුකාරයක් දෙන්න..

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඒකනම් මරු....:)

      උඩුවේ ලෝක දම්මා,
      අලියා පිටට නැග්ගා,
      සල්ලි නැති හින්දා,
      දහය ගානේ හිඟා කෑවා,

      බාග්ගියවත් පිංවතුනි,

      අද අප මේ කරගන්ට යන්නේ මහත්පල මහානිසංස කුසල කරුමයක්. අපේ උම්මාලෝක ගරු සුවාමීන් වහංසේ වැලිකඩ බන්දනාගාරයට ධර්ම චාරිකාවේ යෙදීමට නියමිතව සිටිනවා.

      එබැවිං ඒ ගමන වැලැක්වීමට ඔබගේ නොමසුරු ආදාරය රුපියල් දහයක් පරිත්තියාග කොට උඩුවේගේ මීලඟ බනට නොමිලේ සහබාගීවීමේ මහාර්ග බාග්ගිය අත්කරගන්න…

      මෙයට සාසනාලයෙන් යුතුව

      උඩුවේ රැකගැනීමේ වියාපාරය.

      Delete
  11. ලවී හලී නලකයි.

    ReplyDelete
  12. පහුගිය කාලෙ තැං තැං වලින් දාල ගිය වාහන හම්බවෙනකොට මම හිතාගෙන හිටියෙ අපේ වත්තටත් කවුරුහරි ඔය ඩිපෙන්ඩරයක් වගේ සුලු දෙයක්වත් දාල යයි කියල. දැං ඉතිං පන්සල් ගේට්ටු ගාව දාන්න බැරි එකේ ඔය අලි පැටියෙක් අපේ ගේට්ටුව ගාව දාල ගියාට අහිතක් හිතන්නෙ නෑ.

    දැං සක්කරය පඬුපුල් එක ගාලෝල ඒ වෙනුවට DVR එකක් හයිකරගෙන ද ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      / දැං ඉතිං පන්සල් ගේට්ටු ගාව දාන්න බැරි එකේ ඔය අලි පැටියෙක් අපේ ගේට්ටුව ගාව දාල ගියාට අහිතක් හිතන්නෙ නෑ./

      යකෝ උඹට කඩේ වහ දාල අලියට කිතුල් හොයන්ට රට පුරා යන්ට වෙයි ඔන්න...හෙහ්,හෙහ්,

      Delete
    2. අලියට කිතුල් කැපුවද බොල? (නාට්ටියේ නම මතක නෑ)

      Delete
  13. mata Tenisonwa mathak une puwak esanin kiyawanyaddi. :)

    ReplyDelete
    Replies
    1. සෙනරත්,

      පුවක් කතාව කිව්වෙ ටෙනිසන්ද? මට ඔය වචනෙ මතක තිබ්බට කවුද එහෙම කිව්වෙ කියල මතක නෑ...:)

      Delete
  14. පුවක් එෂැණිං මෙච්චර පරක්කු මොකද කියල හිතහිත හිටියෙ. ලංකාවේ පට්ටම විහිලු ටික යන්නෙ දැන් ප්‍රවෘත්ති වලට , චැනල් දෙක තුනක නිව්ස් බැලුවම හොඳ ගනං . අර N සිල්වා ගැන මොකුත් ලියල නැහැනෙ :)

    ReplyDelete
    Replies
    1. කසුන්,

      එන්. සිල්වා කිව්වෙ ගෙදර යන ගමං ( හිටපු නඩුකාර ) සිල්වද? නැත්තං මහා ප්‍රාඥ්ඥ එන්. ද සිල්වද?

      මොකද මිනිහ කියල කරල තියෙන්නෙ? ලිංක් එකක් දාපංකො තරහ නැතුව….තව පුවක් එකක් ලියන්නං...හෙහ්,හෙහ්..ඔය සිල්වල ජෝඩුවම මගෙ ප්‍රියතම සබ්ජෙක්ට්ස්...:)

      Delete
    2. https://www.youtube.com/watch?v=KgwvOPA-Sg8

      Delete
    3. සරත් එන් සිල්වා , ආයේ MR ට කඩේ යනව මදිවට මද්දුම බංඩාරට අලුත් උප්පැන්යකුත් ලියල :)

      Delete
  15. හිනා.. හිනා... අනේ මන්ද මේ නම් අරුම පුුදුම රටක් තමයි.

    ReplyDelete
    Replies
    1. තරූ,

      අරුම පුදුම ඒ රටේ..පණමට පොල් ගෙඩි හැටේ...:)

      Delete
  16. සුපර්................ රවී සහෝ සුපර්.............

    ReplyDelete
    Replies
    1. කුරුටු,

      තෑන්ක්ස් සෝ මච්....:)

      Delete
  17. ගෙදර දොර තදකරල වහල ගේට්ටුවටත් ඉබ්බෝ හය හතක දාලා ඉන්නේ , ඇයි දෙයියනේ කවුරු හරි අලි පැටියෙක් , කොටි පැටියෙක් එහෙම ගෙනත් දැම්මොත්

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      අන්න ඒක හොඳයි බං කෝකටත් තෛලය කියල...හෙහ්,හෙහ්,

      Delete
  18. සාමාන්‍යයෙන්නම් මම මේ පුවක් එෂැණිං සීරීස් එකට වඩා කැමති වාං පතුල්, ගුරුවරියක සමඟ ජීවිතය, දඩයක්කාරයාගේ කතාව වගේ ඒවාට. ඒකට මොකද අදනම් දීල තියෙනවා සුදු තට්ටේ හිල් වෙන්නම. සුපිරි !

    ReplyDelete
    Replies
    1. උදය,

      ස්තූතියි..අම්මප මේ සිවුරු කාරයො හිතාගෙන ඉන්නෙ මිනිස්සු කියන්නෙ හරක් රැලක් කියල වෙන්ට ඕන. එක අතකට එහෙම හිතන එකේ වැරැද්දකුත් නෑ උංගෙ පස්සෙං වැටීගෙන සාදු සාදු කියාගෙන යන අමන රැල ගැන කල්පනා කලාම...:)

      Delete
  19. මේ හාන්දුරුවෝ සත්ව කරුණාවට කරපු වැඩක්.පවු ඌ ඌ ......

    ReplyDelete
    Replies
    1. ලලිත්,

      එහෙනං එහෙනං...මේ මොනව කියනවද? සත්ත කරුනාවෙ අන්තිම උපරිම අවස්තාව....උන්නැහැ පයිං වැඩම කරන්නෙම නෑල්ලු කූඹි පෑගෙයි කියල. පුටුවක ඉඳගන්නවලු ඊට පස්සෙ දායකයො හතර දෙනෙක් ලී දෙකක් පුටුවට බැඳල පුටුව උස්සගෙන යනවලු කරේ තියං...:)

      Delete
  20. මේ රටට මෙහෙම උනේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      කුවේණිගෙ සාපෙ හින්ද බොලේ..කුවේණිගෙ සාපෙ හින්ද...විජේ මල්ලි කුවේණියි ලමයි දෙන්නයි එලවල දැම්මම කුවේණි විජයගෙං පැවත් එන හැමෝටම සාප කලාලු. ඒ සාපෙං ගැලවෙන්ට තියෙන්නෙ එක ක්‍රමයයි. අපි විජයගෙං පැවතගෙන එන අය නෙවෙයි කියල ජනමත විචාරණයකිං බහුතරයක් අනුමත කරන්න ඕන. එතකල් ඒ සාපෙ බල පැවැත්තෙනව...:)

      Delete
    2. විජය කියන්නෙ අර නලුව නෙමෙයි නේද?

      Delete
    3. ප්‍රසන්න,

      / විජය කියන්නෙ අර නලුව නෙමෙයි නේද? /

      නෑ..නෑ..එතුමා නෙවෙයි..එතුමා නෙවෙයි...මට මතකයි 94 අවුරුද්දෙ චන්ද්‍රිකා ජනාදිපතිකමට ඉල්ලද්දි යූ.ඇන්. පී. එකේ කවුද එකෙක් ඔය විජය-කුවේණි කේස් එක විජය-චන්ද්‍රිකාට සමාන කරල අපහාසාත්මක ප්‍රචාරයක් ගෙනිච්ච.එතනත් ලමයි දෙන්නයි දුවයි පුතයි, මෙතනත් ලමයි දෙන්නයි, දුවයි පුතයි.

      ඊළඟට කුවේණි සාප කලා වගෙ චන්ද්‍රිකාත් රටටම සාපයක් වෙයි කියල ඔන්න ඔහොම කතාවක්. ඒ කාලෙ ඩොට්ටර් මැරවිං හිටියෙ යූ. ඇන්. පී. එකේ නං ආය කතා දෙකක් නෑ ඒ යකා තමයි ඕක කියන්ට ඇත්තෙ. ඒ කාලෙ ඕකා අනික් පැත්තෙ නං වෙන කවුරු හරි....:)

      Delete
  21. සභාවේ තදින් සිනා!

    මේක මරු රවි!

    ReplyDelete
  22. උපාසකම්මේ මේන් අර අපේ හාමුදුරුවන්ට බනින එකා. උපාසකම්මලා හාමුදුරුවන්ව යටකරගන්නවා වගේ,............. හුටා නෑ නෑ මූව යටකරගෙන නෙලන්නකෝ.

    එතකොට සීනිගම දෙයියොත් පල්වුනා ඈ.

    යකෝ මම හිතුවේ අර කෝට් බෑය එතැනදී ඉල්ලගත්ත එකක් කියලා. මොකද පිටිපස්සේ ඉඳලා එකෙක් ඒක හොරෙන්ම ගලවගන්නවා පෙනුනා.

    ReplyDelete
    Replies
    1. විචා,

      කෝට් බෑය එතනදිම ගලව ගත්තද? එහෙනං නොවැරදීම ඔය මරාගෙ පක්කලි පෙරකොරෝද කාරයෙක්ගෙං එතනදි ඉල්ල ගත්තු එකක්...:)

      Delete
  23. කලු කෝට් එක දිගටම දාන්න හිතුවේ ගොම්මන්පිලගේ විරෝධතාවට සහාය දෙන්නත් එක්කමද දන්නේ නෑ.

    අපේ පන්සලේ හාමුදුරුවොත් බයේ ඉන්නේ අලි පැටවු එහෙම දායකයෝ ගෙනත් දාලා යාවි කියලා. දායකයෝ සත පහකට ශුවර් කරන්න බෑනේ මේ කාලේ.

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      උඹ මල්ලි මෙහෙම නෝටිස් එකක් ලස්සනට ලියල ප්‍රින්ට් අවුට් එකක් අරගෙන හාංදුරුවංට දීහං පංසලේ ගේට්ටුවෙ එල්ල ගන්ට කියල

      " Nessun piccoli elefanti per essere abbandonati nel tempio si prega "

      මෙහෙම්මම ලියන්ට එපා හොඳද? වැරදි ඇති එමට...එව්ව හදහං....

      Delete
    2. නෑසුනත් පක්කලි එලිෆන්ට්ලට පෙරහරේ ඉස්සරහින් යන අපේ බොන්ඩිට නෙලන ටෙම්පෝ එකෙන් සිරාගේ ප්‍රෙග්නන්ට්...........????????????

      Delete
    3. විචා,

      ස්නේක් ඊට් ද රෝෂ් ෆාන් කිව්වලු...මේක නම් මල් හතයි...:)

      Delete
    4. මෙහෙම ලිවුවනම් තමයි වඩාත් හොද.

      si prega, Nessun piccoli elefanti per essere abbandonati nel tempio. Grazie.

      Delete
  24. අයියෝ රටකට ගිය කලක්..

    ReplyDelete
    Replies
    1. අම්බලං,

      රටකට ගිය කලක්, ශ්‍රමන වේසදාරීන්ට ගිය රටක්...:)

      Delete
  25. Issara api iskoledi kivuwe wal aliyata kakul pahay. mada kakulen gula harai kiyala. Eththatama me ali horu mada kakulen prayojanayak gaththada danne.

    ReplyDelete
  26. අලි විතරක් නෙමේ කොටි වලස්සු හිටං ගිහින් දාලා එන්න තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      අන්න හරි..සත්තු කිව්වම කවුරුත් සත්තුනෙ නැද්ද? නයි පොළොංගු එහෙමත් අහු උනහම මරන්නෙ නැතුව සොපිං බෑග් එහෙකට දාල අරගෙන ගිහිල්ල උම්මාලෝකගෙ පංසලේ තාප්පෙ උඩිං වීසි කරන්ට තියෙන්නෙ කෙලිම්ම උංදැගෙ ආවාසෙ ජනේලෙං ඇතුලට ගිහිල්ල ඇඳ උඩටම වැටෙන්ට....

      Delete
  27. කාලෙකට පස්සේ බ්ලොග් එක බලන්න ආවේ.. රවී අයියත් ගන්න ආතල්.. හෙහ් හෙහ් අපරාදේ කියන්න බෑ හාමුදුරුවරුත් මෙච්චර ආතල් දුන්න කාලයක් මිට කලින් නම් තිබිල නෑ මම හිතන්නේ

    ReplyDelete
  28. මදැයි පෝය දවසේ නිව්ස් ඇහුවා . හෙහ් හෙහ් හේ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...