පුංචි වුනත් සුළු නොවේ දසැඟිලි උදව්...
දිනක් ඇති වූ කුණාටුවකින් මුහුදේ මහා කළබැගෑනියක් ඇතිවිය. ඒ නිසා උපන් විශාල මුහුදු රළකට හසු වූ පසැඟිල්ලන් මිලියන ගණනක් මුහුදු වෙරළට පතිත වී මුළු වෙරළ ම පසැඟිලි විමානයක් දේ දිස්වන්නට විය.
කුණාටුව අහවර ව හිරු එළිය දැඩි වත්ම, දැඩි වත් ම විජලනයට පත් වන්නට වූ පසැඟිල්ලන් මියෙන්නට පටන් ගති. මේ අතරතුරේ මුහුදු වෙරළේ ඇවිදින්නට ආ පුංචි පුතෙක් මේ විසල් පසැඟිලි පැදුර දැක පුදුමයට පත් වූයේය. එක්වනම ඒ සතුන් මුහුණ පා ඇති අනතුර වටහා ගත් ඔහුගේ පුංචි හිතට කළ යුත්තේ කුමක්දැයි වහා වැටහිණි.
පසැඟිල්ලන් එකා බැගින් අතට ගත් ඔහු, උන් මුහුදේ හැකි තරම් දුරට විසි කරන්නට පටන් ගත්තේය. වෙරළේ වේලී මිය යන්නට හිටි පසැඟිල්ලන් බොහෝ ප්‍රමාණයකට එයින් නැවතත් ජීවිතය පිළිබඳ බලාපොරොත්තු හිමි වන්නට විය.
ඒ අතරතුරේ වෙරළේ ඇවිදින්නට ආ වැඩිහිටියෙක් මේ කටයුත්ත දුටුවේය. මිලියන ගණනක පසැඟිල්ලන් අතුරින් අතට අහුවෙන එවුන් අල්ලා විසි කරමින් ඒ දරුවා යෙදී සිටිනුයේ පලක් නොමැති කාර්යයකැයි සිතු මිනිසා පුංචි පුතු වෙත ලංවිය.
“මොනවද ළමයෝ මේ කර කර ඉන්නේ? පොඩ්ඩක් වටපිට බලන්න! මෙතන කෝටි ගාණක් පසැඟිල්ලෝ. මුළු වෙරළම උන්ගෙන් වැහිලා ගිහිල්ලා. මුන් සේරම මැරිලා යන එක වලක්වන්න ඔයාට පුළුවන්ද? ඔයා ඔය කරන වැඩෙන් කිසි වෙනසක් වෙන්නේ නැහැ!“
පුංචි පුතු ලඟ ම සිටි පසැඟිල්ලා අතට ගෙන මොහොතක් ඒ සතා දෙස බලා සිට, මිනිසාට පෙන්වා යමක් පවසා හැකි තරම් වෙර ගෙන ඌ මුහුදේ ඈතට විසි කළේය.
“නැහැ මාමේ, මේ වැඩෙන් ලොකු දෙයක් වෙනවා...
මේ පසැඟිල්ලාගේ ජීවිතයට ලොකු වෙනසක් සිද්ධ වෙනවා...
මේ පුංචි සතාගේ ඉරණම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා...
ඒ මදියි කියලා මාමාට හිතෙනවද?“
පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු
කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි
*************************************************
ඔබට සුළු දෙයක් - නමුත් එය විසල් දෙයක්...
එක් කාන්තාවක් මස් නිශ්පාදනය කරන ආයතනයක සේවය කළාය. දිනක් සේවා කාලය අවසානයේ යම් කාර්යයක් සඳහා ඇය මස් තැන්පත් කර තබන ශිත කාමරයට ඇතුළු වූවාය. නමුත් මොහොතක් ගත වන්නටත් ප්‍රථම එහි දොර වැසී අඟුළු වැටිණි. එය පිටතින් පමණක් විවර කළ හැකි දොරක් වූ අතර එයින් ගැලවී යාමට වෙන අන් මගක් නොවීය.
ඇය හැකි උපරිම සරින් කෑ ගසමින් දොරට ගසන්නට වූවාය. ඒ හඬ කිසිවෙකුට නෑසී අවකාශයට විහිද ගියේ ඒ වන විට ආයතනය තුළ සේවය කරන සියලුම පිරිස පිටව ගොස් අහවර ව තිබූ නිසාත් ශීත කාමරයෙන් නැගෙන හඬක් ඉතාමත් ලඟ සිටින කෙනෙකුට මිස වැඩි දුරකට නෑසෙන නිසාත්ය.
පැය පහකට පමණ පසුව, සීතලෙන් ගැහෙමින් මරණය අභියස දෑස පියාගෙන සිටි ඇයට දොර විවර වන හඬ ඇසිණි. වහා දෙනෙත් විවර කළ ඈ දුටුවේ ආයතනයේ ආරක්ෂක නිලධාරියාය. එය සැබවින්ම ආශ්චර්යයමත් ගැලවීමක් විය. අවේලාවේ ශිත කාමරය විවර කිරීම සාමාන්‍යය ආයතන පටිපාටියට පිටින් ගිය දෙයකි. එවන් දෙයක් කරන්නට අවශ්‍ය වූයේ මන්දැයි, කුහුලින් යුතු වූ ඇය පසු දිනෙක ඔහුගෙන් විමසා සිටියාය.
“නෝනා..., මං මේ ආයතනයේ වැඩ කරන්න පටන් අරං දැන් අවුරුදු තිස් පහක් වෙනවා. සිය ගණනක් මිනිස්සු උදේ හවා මං ඉස්සරහින් වැඩට යනවා, එනවා.
ඒත් ඔය අතරින් බොහොම සුවල්ප දෙනෙක් මට උදේට 'සුභ උදෑසනක්' කියනවා. හවසට 'සුභ රාත්‍රියක්' කියනවා.
නෝනාත් ඒ සුවල්ප දෙනා අතරින් කෙනෙක්. අනිත් අය සේරෝට ම මං කියලා කෙනෙක් නැහැ වගේ තමයි ඉතිං.
වෙනදා වගේ එදාත් උදේ නෝනා මට 'සුභ උදැසනක්' කීවා. ඒත් හවස් අතේ 'සුභ රාත්‍රියක්, හෙට හමුවෙමු' යි කියන නෝනාගේ හඬ ඇහුණේ නැහැ නේද කියන එක මට බොහොම තදින් දැනෙන්න වුණා.
පැයක් විතර බලලා, සේරම කට්ටිය ගියාට පස්සේ හොයලා බලන්න පටන් ගත්තේ ඒ නිසයි.
නෝනයි තව කිහිප දෙනෙකුයි නිසයි මාත් මේ පොළොවේ ජිවත් වෙන කවුරු හරි මනුස්සයෙක් නේද කියන එක මට දැනෙන්නේ.
කවදාවත් වරදින්නේ නැති වචන ටික එදා හවස ඇහුණේ නැති නිසා මට දැනුණා මොකක් හරි වුණා තමයි කියලා. අන්න ඒ නිසා තමයි මං පුළුවන් හැම තැන ම බල බල නෝනා වෙනුවෙන් මුළු ෆැක්ටේරිය පුරාම ඇවිද්දේ.”
නොපිරිහෙලා පවත්වාගෙන ගිය සුහදශීලිවූත් කාරුණිකවූත් හැසිරීමේ ආනිසංසය ඇගේ දිවි රැකීමට පසු පසින් පැමිණ තිබුණේ ඒ ආකාරයෙනි.
පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු
කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි
*************************************************
යහගුණ දත් පුංචි හිතක්
අයිස්ක්‍රීම් බඳුනක් එතරම් මිල නොවූ අතීතයේ දිනෙකදී දස වියැති පුංචි පුතෙක් කෝපි වෙළෙඳසලකට ඇතුළු වී, කොනකට වන්නට වූ මේසයක් බලා අසුන් ගත්තේය. සේවිකාවක් පැමිණ ඔහු ඉදිරි පිටින් වතුර වීදුරුවක් තැබුවාය.
“ලොකු අයිස්ක්‍රීම් බඳුනක් කීයක් විතර වෙනවද නැන්දේ?” පුංචි පුතා ඇසුවේය.
“සත 50යි” සේවිකාව කීවාය.
ඔහු හිමින් තම පසුම්බිය පිටතට ගත්තේය. අනතුරුව එය ඇකයේ තබාගෙන එහි වූ කාසි ප්‍රමාණය පිළිබඳ ව කල්පනාකාරී අධ්‍යයනයක නියැලෙන්නට වන.
“එතකොට පොඩි අයිස්ක්‍රීම් දීසියක්?” අනතුරුව ඔහු ඇසුවේය. තවත් පාරිභෝගිකයින් කිහිප දෙනෙකු ඉඩ ඇති තැනක් විමසමින් අවට සැරිසරනු දුටු සේවිකාව මදක් නොසන්සුන් වූවාය.
“සත 35යි”
ඔබ එහි වූයේ නම් එවර නැගුණු ඇගේ හඬ තද වැඩියැයි ඔබට ද සිතෙනු නොඅනුමානය.
නැවතත් තමන් අතේ වූ කාසි විමසා බැලූ දරුවා සෑහීමට පත්ව මෙසේ පැවසුවේය.
“එහෙනං නැන්දේ මට ඒකක් දෙන්න. මං ගාව ගානට සල්ලි තියෙනවා”
ඇනවුමට අදාළ පීරිසිය ගෙන ආ ඇය බිල සමග එය දරුවා ඉදිරිපිටින් තබා යන්නට ගියාය. ඔහු බොහොම සතුටින් එය රස වින්දේය. අනතුරුව නියමිත මුදල අයකැමිවරයාට ගෙවා පිටත්ව ගියේය.
දරුවා පිටව ගිය පසු පුරුදු පරිදි මේසය පිස දැමීමට සේවිකාව ඒ දෙසට ගියාය. මේසය මත වූ දෙය දැකීමෙන් දරා ගැනීමට අපහසු තරමේ යමක් සිය උගුරේ හිරවූවාක් මෙන් ඇයට දැනෙන්නට විය.
ඒ මේසය මත වූයේ වෙන කිසිවක් නොවේ. ඇගේ සේවය ඇගයීම පිණිස ඔහු තබා ගිය සත පහළොවක් වූ සංතෝසමයි.
පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු
කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි
************************************************
පසු ලිවීම : නෙළුම් යාය සම්මාන උළෙල පිළිබඳ විස්තර පසුවට
කතා ටික නම් බුකියෙන් කියෙව්වා
ReplyDeleteසම්මාන වලට සුබපැතුම් !!
සුභ පැතුම් වල හැබෑ හිමිකරු වහා පැමිණ පිළිතුරු දෙනු ඇති. ස්තුතියි මගේ පුංචි කතා කියවා අදහස් දක්වනවාට :)
Deleteගස්ලබ්බගෙ පාසල් ගේට්ටුවේ හිටපු පුග්ගලයා පැරලයිස් උනාම බලන්න ගෙදර ගිය වෙලාවෙ එයාගෙ ඇස් වලින් වැටුණු කඳුළු කැට මතක් වුනා..
ReplyDelete(නෙළුම් යාය විස්තරය ඉක්මනින් දෙන්ඩෝ....)
ජයවේවා..!!
අපේ ඔෆිස් එකේ නං ගේට්ටුවේ සිකුරිටි කෙනෙක් නැහැ. ඒත් හස්බන්ඩ්ගේ ඔෆිස් එකේ ඉන්නවා ෆර්ම් එකකින් ආපු අය. ඒ අයට අපේ පුතා (තාම අවුරුදු 3යිනේ) එතනින් යන එනකොට ගුඩ් මෝනින් ගුඩ් නයිට් සී යූ බායි ආදී වචන කියනවා. නිකමට හරි එයා එහෙම කිව්වේ නැත්තං ඒ අයටත් අප්සෙට්. එයාලා කතා කරලා ම කියවා ගන්නවා දැන් එතනින් යද්දි එද්දි මට මේ කතාව මතක් වෙනවා :)
Deleteකලින් කියවල තිබුනට ආයෙ ආයෙ කියවන්ඩ වටින කතා...
ReplyDeleteඔයා නෙළුම් යායේ මාධ්‍ය ප්‍රකාශක ද ? :D
ස්තුතියි ස්තුතියි. ආයේ ආයේ ස්තුතියි.
Deleteඅනේ ඉතිං එහෙම අහන්න එපා. ඒ උත්සවය ගැන මගේ අදහස් ගැනයි මං කියන්න හිතුවේ :)
දෙවනි කතාවනං ලොවෙත් පට්ටයි ඈ... ඒක නං ටාං ගාල බොක්කටම වදිනෝ...
ReplyDeleteඔයා නෙළුම් යායේ මාධ්‍ය ප්‍රකාශක ද ? :D ×2
හැක් හැක්
තව කතාවක් දෙකක් බොක්කට වැදුනොත් බොක්කක් ගන්න වෙයිද මල්ලි කඩෙන්වත්? :D
Deleteඅනේ ඉතිං එහෙම අහන්න එපා. ඒ උත්සවය ගැන මගේ අදහස් ගැනයි මං කියන්න හිතුවේ :) x 2
හැක් හැක්
කතා ටිකනං බුකියෙත් කියෙවුව. නියමයි.
ReplyDeleteඔයා නෙළුම් යායේ මාධ්‍ය ප්‍රකාශක ද ? :D ×3
මාත් ඔන්නොහෙ නිකමට වගේ අැහුව්වෙ. හැක්..
ඔයා නෙළුම් යායේ මාධ්‍ය ප්‍රකාශක ද ? :D ×4
Deleteඇයි යකෝ අපිට බැරිද අහන්න?
ස්තුතියි කෝ එකෙක් පසන්න අනෙකත් පසන්න දෙන්නාගෙන් එක්කෙනෙක්වත් ආවේ නැහැ නෙව :D
Deleteඅනේ ඉතිං එහෙම අහන්න එපා. ඒ උත්සවය ගැන මගේ අදහස් ගැනයි මං කියන්න හිතුවේ :) :Dx3
ඔන්නොහේ ඔයාටත් කිව්වා හැක්...
අනේ ඉතිං එහෙම අහන්න එපා. ඒ උත්සවය ගැන මගේ අදහස් ගැනයි මං කියන්න හිතුවේ :) :D ×4
පුළුවන් පුළුවන් මොකෝ බැරි?
කතා ඔක්කොම කියෙව්ව.
ReplyDeleteඔයත් අර රවි අයිය වගේ පස්සට දාන ඒවා අව්රුද්දකින් විතර ලියන කෙනෙක් ද?
ස්තුතියි කසුන්. නැහැ අද පල කරන්න තමයි හිතාගෙන ඉන්නේ. අද නොවේ වුණොත් හෙටවත්! :)
Deleteබාලගිරිදෝසේ නොහැදේවා. අර රවී කියන හාදයටනම් හැමදාම ඔය ලෙඩේ තියෙයි.ඉ
Deleteවැඩ අස්සේ ටික ටික ලියන ගමන් :)
Deleteරසවත් කතා ටිකක් මමත් මේ කතාවේ ඉන්න තාරකා මාළු ගැන කතාවක් මීට ගොඩක් කලින් කියෙව්වා
ReplyDeleteමේ මම ලිව්ව පෝස්ටුව http://swanthought.blogspot.com/2014/08/blog-post.html
නිදහස් සිතිවිලි ගැන මට කිව්වෙ ඉයන් .. මේ පැත්තට එන්න පාර කිව්වට ඉයන් ට ස්තුතියි.ෆලෝ කරා දිගටම එන්නම් :)
අගෙයි හංසි. ඔයාගේ පෝස්ට් එක කියවන්න මේ යන ගමන්.
Deleteහැමදාමත් එන්න ලස්සන ලස්සන කතා ලියන සම්මානනීය බ්ලොග්කරුවෙක් ඉන්නවා මේ පැත්තේ :)
අහ්හ් කියන්න බැරි උනා... කලින් කියවන්න බැරිඋන The Story Of My Marriage කතා පෙළ කියවන්න ආසාවෙන් ඉන්නවා . bookmark කරගත්ත. ඉඩක් ලැබුන වෙලාවට ඉක්මනටම කියවන්න ඕන :)
ReplyDeleteඔයාට කිව්වහම මොකද මටත් තාම සේරම කියවන්න බැරි වුණා. හෙට අනිද්දා සේරම ටික කියවන්න ඉන්නේ. :)
Deleteමේ ටිකත් ඔක්කොම බුකියෙන් කියෙව්වානේ අක්කේ.
ReplyDeleteරන්දිකා අක්කා නෙළුම් යායේ මාධ්‍ය ප්‍රකාශක නෙමේ නිල නියෝජිතනේ හිටං.
වැඩේ මේවා ෆේස් බුක් එකේ දාන්නේ එතැන වෙනම පංකා පාදමක් තියෙනවා කියලා හිතුණු නිසා. බලං ගියහම පංකා පාදම් දෙකම එකයි වගේ :D
Deleteනෙළුම් යායේ නෙමෙයි, නිදහස් සිතුවිලි වල නෙළුම් යාය වෙනුවෙන් නිල නියෝජිත :D
අඩේ.. රවි මාමට සම්මානයක් හම්බුණාද..?? අපි දන්නෙත් නෑ.. සුබ පැතුවා කියන්න..))
ReplyDeleteමාග්‍රට් මීඩ් කියා තියෙනවා හදවතින් වැඩ කරන පුංචි කණ්ඩායමකට ලොකු පිරිසක් විසින් කරනවට වඩා වැඩක් කරන්න පුළුවන් කියලා.. ඒක මතක් වුණා මේවා කියවද්දි..
එකක් නං මොකද? තුනක් ම ලැබුණා වැසී. කෝ මේ කවුරුත් පාර්ටි ඉල්ලන්නෙත් නැහැනේ.
Deleteස්තුතියි වැසි අදහස් දැක්වීමට
සම්මාන උළෙලේදී වැඩියෙන්ම සම්මාන ගත්ත කෙනා.. මිට පස්සේ නොලියා හිටියොත් හෙම නේ බලා ගන්නේ.. හැක්..
ReplyDeleteආන් දැක්කානේ මෙයා ෆින... ෆින කියන්නේ ඒකට තමයි :D
Deleteඅනේ රන්දිලයෝ.... දැක්ක කල්...
ReplyDeleteහුරේ... බිඟුවා දැක්ක කල්... :)
Delete