Screech Owl |
වර්ෂා a.k.a. වැසි දැරිය ලියල තිබ්බ බොහොම අපූරු සටහනක් මේ විදුලිය කැපීම ගැන. "සොඳුරු අඳුර" කියවල නැත්තං ගිහිල්ල කියවන්න. බොහොම අපූරු සිතුම් පැතුම් තියෙන දරුවෙක් ඒ.
වර්ෂාගෙ සටහනට ප්‍රතිචාර විදිහට මම කිව්ව කාලෙකට ඉස්සර ලයිට් කපපු කාලෙක මගේ අත්දැකීම් ගැනත් ලියන්ට ඕන කියල. ඉතිං මේ තමයි ඒ මම කියාපු සටහන.
1996 අවුරුද්දෙ විතර මතකද රටපුරා දවසට පැය අටක් විතර ලයිට් කැපුව? දවල් දවසෙ පැය හයකුත් රෑට පැය දෙකකුත් ද කොහෙද? ඒ දවස්වල අපි දෙන්න බැඳපු අළුත. මගෙ ක්වාටර්ස් එකේ හිටියෙ...බකමූණෙ. බකමූණ දන්නව නේද? මාතලේ දඹුල්ල පාරෙ නාවුල මංසන්ධියෙන් දකුණට හැරිල ගිරිතලේ පාරෙ කිලෝමීටර් 30ක් වගෙ යන්ට ඕන බකමූණට.
1996 අවුරුද්දෙ තමයි ලංකාව ක්‍රිකට් ලෝක කුසලානෙ දිනාගත්තෙ. අවසන් තරඟයෙන් අපි ජයග්‍රහණය කරල අදට හරියටම අවුරුදු විස්සයි. 1996 මාර්තු 17 වෙනිද ඒ සදානුස්මරණීය දිනය. ලයිට් කැපිල්ලටත් ඔය ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයි. ඒකෙ පූර්වාපර සන්ධි ගැලපීම මෙහෙමයි. ඒ දවස්වල ලංකාවෙ විදුලි අවශ්‍යතාවයෙන් වැඩිපුර ප්‍රතිශතයක් නිෂ්පාදනය වුනේ ජල විදුලි බලාගාර වලින්.
ගල් අඟුරු බලාගාර, තාප බලාගාර, ඩීසල් බලාගාර ඔය ඔක්කොම ආවෙ ඔය 1996 අවුරුද්දෙ ඇතිවුනු මහා විදුලි අර්බුදයට විසඳුම් විදිහට. විදුලි අර්බුදයට හේතු වෙන කාරණා ගැන බොහොම රසවත් ලිපියක් ලියල තිබ්බ ඉකොනොමැට්ටා.
1996 අවුරුද්දෙ විදුලි අර්බුදය ඇතිවුනේ වැස්ස නැති නිසා. වැස්ස නැති හින්ද ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් අඩුවුනා. ඒ නිසා බහුතර ප්‍රතිශතයක් ජලවිදුලිය මත යැපුණු විදුලි බල මණ්ඩලයට රටේ ඉල්ලුම සපුරන්ට නොහැකිවුනා. 1996 අවුරුද්දෙ ඔය අධික නියඟ ආවෙ ගොයම් පූදින කාලෙ. මම වැඩ කරපු බකමූණ දිහා ගොවිබිම් වලට ඔය වතුර හිඟය තදින්ම බලපෑවා.
මොකද කිව්වොත් බකමූණට වතුර දෙන්නෙ ඇලහැර - මින්නේරිය යෝධ ඇළෙන්. යෝධ ඇළට එන්නෙ පොල්ගොල්ල වේල්ලෙන් හරවල බෝවතැන්න උමඟ හරහා එන මහවැලි වතුර. පොල්ගොල්ලට වතුර එන්ට ඊට උඩහ තියෙන කොත්මලේ ජලාශයෙන් වතුර නිකුත් කරන්ට ඕන. කොත්මලෙන් නිකං ජලය නිකුත් කරන්නෙ නෑ. කොත්මලෙන් ජලය නිකුත් වෙන්නෙ එහෙ ටර්බයින් යන්ත්‍ර ක්‍රියාත්මක උනහම.
එහෙ ටර්බයින් ක්‍රියාත්මක වෙන්නෙ ජාතික විදුලි නිෂ්පාදන මාස්ටර් ප්ලෑන් එක අනුව. විදුලි අර්බුදය හින්ද ඔය බලාගාර ආශ්‍රිත ජලාශවලින් ජලය නිකුත් කලේ බොහොම සීමාසහිතව සහ ඒ වගේම පාලනයක් ඇතුව. මට සීයට දෙසීයක්ම සහතිකයි බකමූණෙ ගොවියන්ගෙ කිරිවදින ගොයම හේ බාල තව් මැරෙන එක කොත්මලේ විදුලි බල නිෂ්පාදනය කරන්නෙ කොයි වෙලාවටද කියල තීරණය කරද්දි ප්‍රධාන සාධකයක් වුනේ නැති බවට.
එහෙ ටර්බයින් ක්‍රියාත්මක වෙන්නෙ ජාතික විදුලි නිෂ්පාදන මාස්ටර් ප්ලෑන් එක අනුව. විදුලි අර්බුදය හින්ද ඔය බලාගාර ආශ්‍රිත ජලාශවලින් ජලය නිකුත් කලේ බොහොම සීමාසහිතව සහ ඒ වගේම පාලනයක් ඇතුව. මට සීයට දෙසීයක්ම සහතිකයි බකමූණෙ ගොවියන්ගෙ කිරිවදින ගොයම හේ බාල තව් මැරෙන එක කොත්මලේ විදුලි බල නිෂ්පාදනය කරන්නෙ කොයි වෙලාවටද කියල තීරණය කරද්දි ප්‍රධාන සාධකයක් වුනේ නැති බවට.
ඉතිං ඔය කොත්මලෙන් පල්ලෙහාට ජලය නිකුත් කිරීම දැඩි පාලනයකට යටත් කරපු එක බකමූණ පැත්තෙ කුඹුරුවලට බොහොම නරකට බල පෑව. ඒ එක්කම ඒ ජල හිඟය අපිටත් බලපෑව මොකද ගොවියො වතුර නැති හින්ද අපිව කන්ට හැදුව.
අපේ අයි.ඊ. මහත්තය උදේ මාව දැක්ක ගමං අහන්නෙ " වීරෙ ඊයෙ කොත්මලේ ටර්බයින් කීයක් වැඩකරලද? මෙගවොට් කීයක් නිෂ්පාදනය කරලද? " ඔන්න ඔහොමයි.
( සමාවෙන්න- පොඩි පැහැදිලි කිරීමක් කල යුතුයි....අයි.ඊ. කිව්වෙ ඉරිගේෂන් එන්ජිනියර් නොහොත් වාරිමාර්ග ඉංජිනේරු )
"මොකටද අයි.ඊ. මහත්තය ඒ විස්තර හොයන්නෙ? අයි. ඊ.මහත්තය මොකෝ මෙහෙං අයිං වෙලා විදුලි බල මණ්ඩලේටවත් යන්ට ද හදන්නෙ?" කියල මම ඇහුව.
"පිස්සුද බං? මේ හදාගත්තු පැළ දාල දාල කොහෙ යන්ටද මේ පැන්සන් යන්ට ඔන්න මෙන්න කියල තියෙද්දි? මම මේ විස්තර හොයන්නෙ අද ජල හිඟය ගැන රැස්වීමක් තියනවනෙ ඇළිකිඹුලාවෙ. මම මේ හදන්නෙ කොත්මලේ ඊයෙ නිෂ්පාදනය කරපු මෙගවොට් ගාණ ගැනවත් කියල එතනිං ඔලුව බේරගෙන එන්ට"
"ඔය මෙගවොට් කතා කියල ඔලුව බේරගන්ට වෙන්නෙ නෑ අයි.ඊ. මහත්තය. මෙච්චරයි වතුර හම්බවෙන්නෙ.ඒක රජයේ ඉහළින්ම ගත්තු තීරණයක්. අපිට බලපෑම් කරල ඒක වෙනස් කරන්ට බෑ. ඒ හින්ද ඔය මහත්තුරුම තීරණය කරල කියන්ටකො කොහොමද මේ හම්බවෙන වතුර ඩිංග බෙදා ගන්නෙ කියල. ඔන්න ඔහොම කියල එයාලටම ඒ වැඩෙත් බාර දෙමු..." මම එහෙම කිව්වෙ වෙලාවෙ හැටියට හොඳම විසඳුම ඒක හින්ද.
ඔහොම තමයි ඒ කාලෙ අපි ඔලුව බේරගෙන හිටියෙ. කොහොම හරිඔය කොත්මලේ මෙගවොට් කතාව කොච්චර නැඟල ගියාද කිව්වොත් "අද කොත්මලේ මෙගවොට් කීයද බං?" කියන එක ඒ දවස්වල අපි අතරෙ බොහොම ජනප්‍රිය කැච් ෆ්‍රේස් එකක් වගෙ වෙලා තිබ්බෙ.හරියටම අර මේ පහුගිය ටිකේ "සුජී ඔය ෆෝන් එක දීපං ළමයෙකුට" කතාව වගෙ.
ඉතිං ලෝක කුසලානෙයි ලයිට් කැපිල්ලෙයි සම්බන්ධෙ ගැන කිව්වෙ නෑනෙ නේද? ඒක මෙහෙමයි. ඔය ලයිට් කැපිල්ල පටංගන්ට ආණ්ඩුව කලින් සළසුම් කරල තිබ්බෙ මාර්තු මාසෙ මුල ඉඳල. ඒත් ඒ වෙනකොට අපේ ක්‍රිකට් ටීම් එක හනුමා දරපලන්නා වගෙ හතර අතටම එන එන එකාට නෙලනව. නොවැරදීම කප් එකත් උස්සයි කියල රටේම මිනිස්සු විස්වාස කරන්ට පටංගෙනත් තිබ්බෙ.
ඒ අස්සෙ ලයිට් කපල මිනිස්සුංට මැච් ලයිව් බලන එක නැතිකලොත් එහෙම චන්ද්‍රිකාගෙ පතුරු අරී කට්ටිය එකතුවෙලා. ඒ හින්ද ආණ්ඩුවෙ ලොකු ලොක්කො කතාවෙලා කලේ ලයිට් කැපිල්ල කල් දැම්ම. එක්කො ලංකාව කප් එක ගන්නකං එහෙම නැත්තං නොකවුට් වෙනකල්. මොන නොකවුට්ද? ගහගෙන, ගහගෙන, ගහගෙන ගිහිල්ල අර මම කලිං කිව්ව විදිහට 1996 මාර්තු 17 වෙනිද කප් එකත් අරගෙනයි නැවතුනෙ. ඒ හින්ද කට්ටියට ජයපැන් බීල ජයග්‍රහණය උත්සවශ්‍රීයෙන් සමරන්ටත් දවස් දෙක තුනක් එහෙමත් කල් දීල මට මතක විදිහට මාර්තු 20 වගෙ ඉඳල තමයි ලයිට් කැපිල්ල පටං ගත්තෙ.
ඉතිං ඔය කාලෙ අපි හිටියෙ බකමූණෙ ක්වාටර්ස්වල කියල කිව්වනෙ.එව්ව බොහොම පොඩි ක්වාටර්ස්. නිදන කාමර දෙකකි. සාලෙකි. බාත් රූම් එකකි. කුස්සියකි. පොඩි ඉස්ටෝරු කාමරේකි.එච්චරකි. එහෙම කතා කරන්නෙ අපෙ ඒ දවස්වල හිටපු අංශ ප්‍රධානියා. ගම මාතර වලස් මුල්ල පැත්තෙ."මෙතෙන්ට ඉදලකි කොස්සකි අරං ඇවිත් පොඩ්ඩක් අතුගාලා දාන්ට" "උදේ දානෙට බතකි සම්බලකි කිරි හොද්දකි තිබ්බම ඇතිවෙයි නේද වීරෙ?" එහෙම තමයි ඒ මහත්මයගෙ කතාබහ.
ඉතිං අර ක්වාටර්ස් වල වහල ඇස්බැස්ටස්. බොහොම පොඩියි කාමර එහෙම. අපිත් ඉතිං බැඳපු අලුතනෙ අවුලක් නෑ.ඇලී ගැලී වසන්ටයි තියෙන්නෙ...හෙහ්,හෙහ්, ඒත් ලයිට් කැපුවම නම් මක් කරලවත් ගේ ඇතුලෙ ඉන්ට බෑ. ජනෙල් අරින්ටත් බෑ. මදුරුවො කියන්නෙ දෙන්නෙක් තුන්දෙනෙක් එක පාර ඇඟේ හැප්පුනොත් අපි බිම වැටෙන සයිස්.
"මේ මේක කරන්ට බෑ ඒයි...යමු අපි දෙන්නම එළියට. අර පිටිපස්සෙ මුරුංගා ගහ යට මේ වේවැල් පුටු දෙකත් අරගෙන ගිහිල්ල ඉඳගෙන ඉමු ලයිට් එනකල්" දාඩිය තුං කංසෙං ගලද්දි මම ඈ අමතල කිව්ව.
"පිස්සුද? හොඳට හිටියි මේ ගේ ඇතුලෙත් මදුරුවන්ගෙන් බේරෙන්ට බැරි එක එලියට ගියොත් ලේ ඔක්කොම උං බීල තියෙයි ලයිට් එනකොට"
"ඇයි අර සුමනෙ දුන්න ඔයිල් එක ගාගමුකො බලන්ට. ඒක වැඩ කරනවද කියලත් බලතැහැකි එතකොට."
සුමනෙ කියන්නෙ මගෙ යාලුවෙක්. මිනිහගෙ මස්සිනා ඒ දවස්වල හිටියෙ ආමි එකේ.ඔය වවුනියාව පැත්තෙ කොහෙ හරි. ආමි එකට දෙනවනෙ මදුරුවො කනවට ගාන්ට තෙලක් වගෙ ආලේපයක්. එව්වයිං පොඩි බෝතල් හතර පහක් සුමනෙ මට ගෙනත් දුන්න ඊට සති දෙහෙකට තුනකට වගෙ උඩදි.
"යං යං යං …." උන්දැ මූණත් විරවගෙන එහාට මෙහාට ඇඹරෙනව දැකල මම බල කලා. "හරි හරි අප්සෙට් වගෙ නං ආයෙ එන්ට බැරිය ආපහු ඇතුලට. මොකෝ පයිං එන්ට බැරි තරං දුරක්ය?" මම කිව්ව.
ඔන්න කොහොම හරි අර තෙලත් අතපයේ ගාගෙන වේවැල් පුටු දෙකත් උස්සගෙන අපි දෙන්න ගිහිල්ල මුරුංගා ගහ යට ඉඳ ගත්ත.
"ඉන්ටකො මම කහට දෙකක් හදන්නං. කිතුල් හකුරුත් තියනවනෙ." මම නැඟිටල කුස්සියට ගියා.
ඊට කලිං සුමානෙ එයාලගෙ ගෙදර ගිහිල්ල ආපහු එද්දි එයාලගෙ අම්ම කිතුල් හකුරු බෑ දෙකක්ද තුනක්ද ඔතල දුන්න. "මේං මේක දාගන්ටකො ඔයාගෙ බෑග් එකට…." ඈ ඒ පාර්සලේ එහෙම්මම මට දුන්න.
එතන කිතුල් හකුරු බෑ තුනක් තිබ්බ. "හෙහ්, පාත්තයගෙ රිස්ස යන්ට අර කොහෙද මිනිස්සු කට්ටියල් හකුරු බෑ තුන තුන මුලකට තියල වෙලුව වගෙ අම්මත් මගෙ රිස්ස යන්ට කියලද දන්නෙ නෑ හකුරු බෑ තුනක් ඔතල දුන්නෙ?" මම ඒ වෙලාවෙ එහෙම කිව්ව.
"ඇයි ඒ මොකද එහෙම කිව්වෙ?"
"එහෙම කිව්වෙ මාත් පාත්තයෙක් හින්දනෙ..හෙහ්,හෙහ්"
උඩරට මිනිස්සු පාතරට මිනිස්සුන්ට අපහාසාත්මකව කියන්නෙ පාත්තයා කියල. "එවුං පාත්තයොනෙ. ඒකුං එක්ක කවුද හිර ගනුදෙනු කරන්නෙ?" එහෙම නැත්තං "ඒ මිනිස්සු පාත්තයො උනාට වැදගත් මිනිස්සු"
ගෑස් එක ඔන් කරල මම කේතලේ ලිපේ තියල ආයම ඇවිල්ල ඉඳගත්ත.එදා කොහොම හරි තිත්ත කළුවර දවසක්. හඳ එළියක් කියන නාමයක් නෑ. අහසෙ තරු දිලිසුනෙ නිල් මැණික් වගෙ.
"මේ ..ඒයි….අරක ග්‍රහලෝකයක් නේද?" අපෙ නිල නිවාසෙටම පල්ලෙහායිං තිබ්බ තනිකඩ නිවාසෙ වහලත් එක්ක වහගෙන සරුවට හැදිල තිබ්බ කොහොඹ ගහට පැත්තකිං දිලිසි දිලිසි තිබ්බ තරුවක් පෙන්නල ඈ ඇහුව.
"නෑ ඒක තරුවක්. නිවි නිවි දිළිසෙන්නෙ තරු. ග්‍රහලෝකයක් නම් එක දිගටම එලිය පේනව. ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ස්ටාර් "
"ලයිට් ගිහාම සද්ද බද්දත් ගොඩක් අඩුවෙනව නේද?" කහට උගුරක් බීල ඈ කිව්ව.
"ඔව් ඔය අහල පහල ක්වාටර්ස්වල ටී.වී. රේඩියෝ ඔක්කොම ලයිට් ගිහාම වැඩ නෑනෙ. ඉතිං සද්ද හුඟක් අඩුයි. හොඳට කන්දිහාගෙන ඉන්ටකො ඔයාට වෙනදට නෑහිච්ච සද්ද බොහොම හොඳට ඇහෙයි."
මම එහෙම කියනවත් එක්කම මොකෙක්ද කුරුල්ලෙක් පියාඹගෙන ඇවිල්ල ඒලඟම තිබ්බ අඹ ගහේ වැහුව.
"ඒ මොකෙක්ද ඒ?...." ඈ රහසින් වගෙ ඇහුව.
"මම හිතන්නෙ බස්සෙක් වෙන්න ඕන.වවුලෙක් වෙන්න බෑ. වවුලෙක් ආවනං ඔයිට වඩා සද්දයි. මොකද උගෙ අත්තටු දිගඇරියම කොළ අතුවල වැදෙනවනෙ. එතකොට සද්දයි."
"ඉතිං බස්සෙක් නම් හූම් හූම් කියන්ට එපාය…"
"හෙහ්..හැම වෙලේම බස්සො කෑ ගහන්නෙ නෑ. උංට මොකක් හරි හේතුවක් තියෙන්න ඕන කෑගහන්ට. බොහෝවිට උංගෙ අඩවිය ගැන අනික් බස්සන්ට දැනුම් දෙන්ට. සද්ද නොකර ඉන්ටකො තව ටිකකිං ඌ පටන්ගනී නාදෙ. දන්නවද බස්සො කෑ ගහන එක නවත්වන්ට කරන්ට පුලුවන් වැඩක්?"
"පොලු කෑල්ලකිං ගහල ඌව එලවල දාන එකද?"
"නෑ..නෑ….මම කියන්නෙ බස්සා එලවන්නෙ නැතුවම ඌව ගොලුකරවන්ට විදිහක්....බස්සා කෑගහන රිද්මය අල්ලගෙන හරියටම ඒ වෙලාවටම ලිබ්බටේ ලිපට දැම්මොත් බස්සා එහෙම්මම ගොලු වෙනවලු."
"හිහ්...හිහ්...කවුද අප්පේ ඔව්ව කියන්නෙ?"
"මම පොඩි කාලෙ අපේ අත්තම්මයි මට ඔහොම කියල දුන්නෙ…"
"ඉතිං ඔයා එහෙම දාල බැලුවද ලිබ්බටේ ලිපට?"
"ඔව් දවසක් මම හරියටම අත්තම්ම කියාපු විදිහටම බස්සා කෑගහන අඬ අල්ලල ලිබ්බටේ ලිපට දැම්ම"
"ඉතිං ඌ ගොළු වුනාද?"
"ගොළු උනාද නම් මන්ද.ඊට පස්සෙ කොහොම හරි ඌ කෑගැහුවෙ නම් නෑ..හිහ්..හිහ්"
"ඌ ඉගිල්ලිල යන්ට ඇති වෙන කොහාට හරි"
"එහෙම වෙන්ට ඇති. හැබයි අඹගහේ ඉන්න බසු තඩිය කෑගැව්වත් අපිට ඕකෙ සත්ත බලන්ට වෙන්නෙ නෑ."
"ඒක ඇත්ත. ලිබ්බට කොහෙං හොයන්ටද දැං?"
අපි දෙන්නම විනාඩි දහයක් තරමෙ කිසිම සද්දයක් නොකර හිටියෙ බස්සා කෑ ගහයිද කියල බලන්ට අපි දෙන්නටම ඕන වෙලා තිබ්බ නිසා.
"සලාං ............" එක පාරටම පල්ලෙහා ඩෝමිටරි එක පැත්තෙං ආපු සද්දෙං හාත්පස නිහඬතාවය බිඳිල ගිය මගෙ රෝමෝද්ගමනය කරවමින්. ඒ එක්කම අඹ ගහේ අතුපතර අස්සෙ ඉඳල මොකෙක් හරි ලොකු කුරුල්ලෙක් ඉගිලිල ගියා. කණ විනිවිදගෙන ගිය සද්දෙට මට එක පාරට පල්ලෙහා ඩෝමිටරි එක දිහා බැලුන හින්ද අර අඹ ගහේ හිටපු මොකා හරි ඉගිලිල යන සද්දෙට ආපහු ඔලුව හරවල ඒ පැත්ත බලනකොට ඌ පියාඹලා ගිහිල්ලත් ඉවරයි.
"මොකාද කියල හරියටම දැක්කෙ නම් නෑ. ඒත් බොහෝ විට බස්සෙක් වෙන්න ඇති." ඌ පියාඹලා ගිය දිහාව බලාගෙන මම කිව්ව.
"අම්මේ මම බයවුන පාර..මොකක්ද ඒයි ඒ සද්දෙ?" පපුවට අතකුත් තියාගෙ ඇසුත් ලොකු කරගෙන ඈ ඇහුව.
"ඔය විකිය හරි කවුරු හරි කලුවරේ පිඟානක්වත් බිඳින්ට ඇති"
විකියා නොහොත් වික්‍රමසිංහ කියන්නෙ අපෙ ගබඩා පාලක නොහොත් එස්. කේ. නොහොත් සැකේ.
විකියා නොහොත් වික්‍රමසිංහ කියන්නෙ අපෙ ගබඩා පාලක නොහොත් එස්. කේ. නොහොත් සැකේ.
"මොකක්ද බං ධර්මෙ උඹ මේ කලේ? කලුවරේ එක්කො ටෝච් එකක් අරං යන්ට ඕන..බලපං දැං මම කන්නෙ මොකේද?" ආයම ඩෝමිටරි එක පැත්තෙං මතුවෙලා හාත්පස සිසාරා ගිය විකියගෙ කටහඬ එතන වුනේ මොකක්ද කියල විතරක් නෙවෙයි වැරදිකරු කවුද කියලත් අපිට කිසිම සැකයකින් තොරව පැහැදිලි කලා.
"හරි හරි කෑනුගහ ඉඳපං....මම උඹට පිඟානක් ගෙනල්ල දෙන්නං" ධර්මයාගේ ප්‍රතිචාරය අපට ඇසුනේ යන්තමට.ධර්මේ කොහොමත් බොහොම සන්සුන් යන්තමට කනට ඇහෙන නෑහෙන මට්ටමට කතාකරන පුද්ගලයෙකි. ඔහු අපේ කාර්යාලයේ ගිණුම් ලිපිකරුවා ය.
"පිඟාන ගෙනත් දෙන එක නෙවෙයිනෙ ........" ඉන්පසු විකියා මොකක් කිව්වද කියල හරිය ඇහුනෙ නැත්තෙ ධර්මයාට බනිමින්ම ඌ ඩෝමිටරි එකේ එහා පැත්තට ගිය හින්ද වෙන්න ඕන.
"මදැයි බස්ස කෑගහනව අහන්ට හිටිය. අර මනුස්සය පිඟාන පොළවෙ ගහපු පාරට බස්සා ආය මේ අහල ගං හතකවත් නොඉඳ යන්ට ඇති…" ඈ කිව්වෙ හිනාවෙවී.
"හෙහ්..හෙහ්..ඒක ඇත්ත...හෙට දැං ඔෆිස් එකේ කණක් ඇහිල ඉන්ට වෙන්නෙ නෑ. විකිය පටන් ගන්නව උගෙ පිඟාන ගැන අඳෝනාව. ආ..ඒක නෙවෙයි අර යෙරපියන් කමියුනිටි එකෙන් අපිට ආධාර දෙනවනෙ ඇළවල් ප්‍රතිසංස්කරණය කරන්ට. ඒකට සුද්දො දෙන්නෙක් ඇවිල්ල ඉන්නව..ඊයෙ මරු වැඩක් උනානෙ"
"දැං ඔයාම නේද මට කිව්වෙ සද්ද කරන්නෙ නැතුව ඉමු කියල. අර මුනිවත ද මොකක්ද එක රකිමුය කියල"
"හරි හරි සොරි සොරි...හරි පූර්ණ නිශ්ශබ්දතාවය මෙතැන් සිට... හරිද?." මම කට තද කරල පියාගත්ත.
අහස ඉමතෙක් විහිද ගිය තරු වියන යට එකලාව වැතිර හිඳ,
මන්ද මාරුතයේ සැලෙන අඹ දළු නඟන සිරිසිරිය අසමින,
වමත දිගුකොට ඇගෙ සුරත ගෙන පහස එහි සිත පුරා විඳිමින,
සහස්වර මම සපථ කරනෙමි ජීවිතය නිසැකවම මෙයමය,
ඉවර නෑ හරිය?...ඝනාන්ධකාරයෙහි අසිරිය තව තියනව..හොඳද?
Screech Owl - Image Courtesy - The Internet Bird Collection
යකෝ දැන් වතුර නෙවෙයි දැන් කේතලෙත් උනුවෙලා ඇති .
ReplyDeleteතේ හදපු හැටි නැති උනාට බීපු හැටිනං තියෙනව. හැක්..
Delete//"ලයිට් ගිහාම සද්ද බද්දත් ගොඩක් අඩුවෙනව නේද?" කහට උගුරක් බීල ඈ කිව්ව.//
ඇනෝ,
Deleteආය ඉතිං තේ හදපු හැටිත් කියන්ට ඕනද බොල?...:)
ප්‍රසන්න,
Delete/ තේ හදපු හැටි නැති උනාට බීපු හැටිනං තියෙනව. හැක්../
අන්න ඒකනෙ බං ඒ මදැයි
//මට සීයට දෙසීයක්ම සහතිකයි බකමූණෙ ගොවියන්ගෙ කිරිවදින ගොයම හේ බාල තව් මැරෙන එක කොත්මලේ විදුලි බල නිෂ්පාදනය කරන්නෙ කොයි වෙලාවටද කියල තීරණය කරද්දි ප්‍රධාන සාධකයක් වුනේ නැති බවට.//
ReplyDeleteකතාව ඇත්ත. සාමාන්‍යයෙන් ඕක ඔය විදිහට වෙන්නේ නැහැ තමයි. ප්‍රධාන හේතුව රජයේ ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නැති එක. බොහෝවිට වෙන්නේ කඹ ඇදිල්ලක්. එතෙන්දී ප්‍රධාන සාධකය වෙන්නේ අංශ දෙක භාරව ඉන්න දේශපාලඥයින්ගෙන් වඩා බලවත් කවුද කියන එකයි. සමහර වෙලාවට වතුර රඳවාගෙන සිටීම නිසා කුඹුරු පාළු වෙනවා. සමහර වෙලාවට කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා වතුර අරින්න සිදුවීම පසුව විදුලිය කපන්න හේතු වෙනවා. (දැන් මේ තත්ත්වය වෙනස්. තාප බලාගාර නිසා. ඔය දවස්වල තනිකරම වගේ හැදුවේ ජලවිදුලිය නිසා වැඩේ අන්තිම දරුණුයි.)
ඒ වගේම තවත් පැත්තක් තියෙනවා. දැන් ඔය ජලවිදුලිය හැදීම ලංවිමට ලාබ එළදෙනගේ කිරිබුරුල්ල පැත්ත විතරක් අයිති නිසා. කට පැත්ත මහවැලියට. ලංවිම කරන්නේ තාපවිදුලියේ පාඩු ජලවිදුලියෙන් අල්ලන එක. වතුර වෙනුවෙන් ගෙවීමක් කරන්නේ නැහැ. මේ නිසා ලොකුම ප්‍රශ්නයට මුහුණ දීලා ඉන්නේ මහවැලියේ නඩත්තු භාර අංශ. ඔවුන්ගේ වියදම එක්කෝ ගොවීන්ගෙන් අයකර ගන්න ඕනෑ. මේක කරන්න අමාරුයි කියන එක කියන්න දෙයක් නෑනේ. නැත්නම් ලංවිමෙන් ගන්න ඕනෑ. ඔය දෙකම වෙන්නේ නැති නිසා ඒකාබද්ධ අරමුදලෙන් හිඟාකන්න වෙලා තියෙන්නේ. ඒකට මුදල් අමාත්‍යාංශය පස්සේ ගිහින් අඬන්න ඕනෑ. අන්තිමට ලැබෙන මුදලින් කරන්න වෙන්නේ අවම නඩත්තු පමණයි. දැන් මේ වේලි අවුරුදු 30කටත් වැඩිය පරණයි. නඩත්තු කටයුතු හරියට නොකරනවා කියන්නේ අවදානමක්. මහවැලි වේල්ලක් හදිස්සියෙවත් ගියොත් සිදුවන විනාසය සුනාමිය වගේ එකක් නෙමෙයි. උඩ එකක් ගියොත් යට ඒවත් යනවා. එහෙම එකක් වුන දවසට බනින්න ගොඩක් අය ඉඳියි. මුදල් අමාත්‍යංශයේ අයට බනින්නත් බැහැ. එතන ගෙනියන එදාවේල ගේම අනුව 'අවදානමක් ඇති' දෙයක් වලක්වාගන්න ලොකු මුදලක් වෙන් කිරීමේ හැකියාවක් නැහැ. බොහොම කණගාටුදායක තත්ත්වයක්.
ඉකෝන්,
Deleteබොහොම ස්තූතියි..ඔබ ඇත්තම තත්වය හරියටම විස්තර කලා..මම මහවැලියෙන් අයින් වෙච්චි 1999 වගෙ කාලෙ ඔය විදුලි බල මණ්ඩලයට සපයන වතුර ට යම් මිලක් අයකිරීම ගැන සාකච්ඡා පැවැත්වෙමින් තිබුනා.ඊට අමතරව මම ඔය මේ පෝස්ට් එකේ කියන්නෙ සුද්දො දෙන්නෙක් ගැන. එයාල ඇවිල්ල තිබ්බෙ යෙරපියන් කමියුනිටි එකෙන්.
E.C. එක ආධාර දුන්න ඇල වේලි සහ නිර්මිත ප්‍රතිසංස්කරණය කරල ගොවි සංවිධාන වලට භාර දෙන්ට. ඊට පස්සෙ එව්වයෙ නඩත්තු කටයුතු ගොවියොම කරගන්ට ඕන. කන්නෙකට යම් දායක් මුදලක් එකතුකරල ඒක ගොවි සංවිධානෙ අරමුදල හටියට තියාගෙන ශ්‍රමය තමන් සපයල අවශ්‍ය නඩත්තු කටයුතු තමන්ම කර ගැනීම. ඒකයි ඒ වැඩ පිළිවෙලේ මුඛ්‍ය ඵලය විදිහට ඉලක්ක ගත කරල තිබ්බෙ.මම ඒ කාලෙම එහෙං ආව නිසා ඊට පස්සෙ ඒ වැඩ පිළිවෙලට මොකක් උනාද කියල නම් නොදනිමි.
ප්‍රධාන වේලි වල ආරක්ෂාව ගැන නිසි කටයුතු කරන්ට අලුතින්ම ඒකකයක් පිහිටවල තියනව මම හිතන්නෙ...
ලින්ක් එකනම් වැඩ කළේ නැහැ. ඇත්තටම අළුත් තත්ත්වය මමත් හරියටම දන්නේ නැහැ. (මේ සම්බන්ධ පුරෝගාමී මෙහෙවරකට සම්බන්ධ වූ කෙනෙක් ලෙස) එහෙම ආයතනයක් දැන් පිහිටවා තිබීම ගැන තියෙන්නේ සතුටක්.
Deleteලින්ක් එක දැන් වැඩ කළා. අවුරුදු 13කට පෙර යෝජනා කෙරුණු දේවල් අවසානයේදී අවශ්‍ය පරිදි සිදුවී තිබීම ගැන සතුටුයි. ඒ වගේම මේ සම්බන්ධව මුල සිටම තනියම ලොකු සටනක් කළ ඒ සඳහා සුදුසුම පුද්ගලයා ලෙස සැලකිය හැකි ඉංජිනේරු අරුප්පලව ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස පත් කර තිබීම ගැනත් සතුටුයි.
Deleteඉකෝන්,
Deleteඔබත් මේ සම්බන්ධ විශාල කාර්ය භාරයක් කල කෙනෙක් එහෙනම්..ප්‍රීතියි ප්‍රීතියි මහරජ....ප්‍රීතියි ප්‍රීතියි...:)
//සුද්දො දෙන්නෙක් ඇවිල්ල ඉන්නව..ඊයෙ මරු වැඩක් උනානේ//
ReplyDeleteඒකත් ලියුවානං හෙනද යකෝ
ඉඳහං ඉඳහං පොඩ්ඩක් ඉවසගෙන. ඒකත් තවා මාස ගානකිං හරි ලියයි. අර DD බෝතලෙත් තාම මේසෙ උඩ එකේ.
Deleteඅටමා,
Deleteඉඳහංකො ඉවසල. ඔය එක සුද්දෙක්ගෙ තෝල්කය හැටියට ගොවි රැස්වීම් වලට යන්ට උනේ මට. අම්මප එහෙදි වෙච්චි දේවල් කියල වැඩක් නෑ...ඉඳහං එව්වත් කියන්නං ක්‍රමයෙන්....:)
ප්‍රසන්න,
Deleteඅම්මප උඹට ඔය DD බෝතලේ අමතක වෙන්නෙම නෑ නේද? හරි..හරි..ඉඳහං විජහට ඒක ලියල අසෝකගෙ චැප්ටර් එක ක්ලෝස් කරල දාමු...:)
එතකොට වීරෙ කියන්නෙත් රවි.
ReplyDeleteම්ම්.. රවින්ද්‍ර වීරසෙකර වගේ නමක්??
ඇනෝ,
Deleteඅපොයි නෑ...මගෙ නම රහසක් නෙවෙයි.. රවී වීරසිංහ....
රවියො එතකොට මුරුංග ගහ යටදි, බටේ ලිපට දැම්මෙ නැතෙයි?
ReplyDeleteහෙහ් හෙහ් මරු කමෙන්ට් එක
Deleteකොහෙද ඊට කලිං අර ධර්මය පිඟානක් බින්දනෙ.
Deleteඇනෝ,
Deleteයකෝ මෙව්ව මේ පොඩි එවුනුත් කියවනව...:)
ඉයන් සහ ප්‍රසන්න,
Deleteඋඹලටත් ඔහොම එකක් තමයි ටක් ගාල මීටර් වෙන්නෙ නේද?
කේතලේ සමාරවිට උණු වෙලා වැක්කෙරුණද දන්නෙත් නෑ නේහ්..
ReplyDeleteඇයි අප්පා සතියක් විතර යයිනෙ ඕක උණු වෙන්ට.. සමාරවිට කියන්න බෑ මාදසයක් දෙකක් වෙන්නත් පුලුවං.. හෙහ්..
සුද්දො දෙන්නත් කෝම හරි ක්‍රොස් ඕවර් කර්න්ට...
නෑ නෑ මං කීවෙ උංව ක්‍රොස් කරවන්ට හෙම නෙවී ඈ... හෙහ් හෙහ්
//"ලයිට් ගිහාම සද්ද බද්දත් ගොඩක් අඩුවෙනව නේද?" කහට උගුරක් බීල ඈ කිව්ව//
Deleteතේ හදන කෑල්ල මගෑරිලද කොහෙද මහේෂ්... අර උන්නා හැටියට මලා මදැයි කියනවා වගේ ඔන්න ඕක අල්ලලා දාන්න..
මහේෂ් සහ රූ,
Deleteආය තේ හදන හැටි උඹල දන්නෙම නැද්ද ඒකත් ලියන්ට කියල කියන්නෙ ඈ?
/"ඔය මෙගවොට් කතා කියල ඔලුව බේරගන්ට වෙන්නෙ නෑ අයි.ඊ. මහත්තය. මෙච්චරයි වතුර හම්බවෙන්නෙ.ඒක රජයේ ඉහළින්ම ගත්තු තීරණයක්. අපිට බලපෑම් කරල ඒක වෙනස් කරන්ට බෑ. ඒ හින්ද ඔය මහත්තුරුම තීරණය කරල කියන්ටකො කොහොමද මේ හම්බවෙන වතුර ඩිංග බෙදා ගන්නෙ කියල. ඔන්න ඔහොම කියල එයාලටම ඒ වැඩේත් බාර දෙමු..." මම එහෙම කිව්වෙ වෙලාවෙ හැටියට හොඳම විසඳුම ඒක හින්ද./
ReplyDeleteමීට නරකද අර කලිං කතාවක තිබ්බ වගේ, පැට්ටෙක් දෙන්නෙක් ගහල ගිහිං, කියන කියන දේට හිනාවෙලා ආවනං?
ඒ තනියෙං ඉන්න කාලෙ බං. දැං ඉන්නෙ ගුරුවරී එක්ක හින්ද ඒ සෙල්ලං වානා.
Deleteඅම්මප බං...!
Deleteඩ්‍රැකී,
Delete/ මීට නරකද අර කලිං කතාවක තිබ්බ වගේ, පැට්ටෙක් දෙන්නෙක් ගහල ගිහිං, කියන කියන දේට හිනාවෙලා ආවනං? /
ඒ කියන කියන එකට හිනාවෙලා ෂේප්වෙලා ආවෙ රෑ වතුර බෙදන්ට ගිහිල්ලනෙ. එතකොට එහෙම පුලුවන්. මෙතන එහෙම බෑ. රැස්වීමක තුන්හාර සීයක් ඉස්සරහ මිනිස්සු ප්‍රශ්ණ ඇහුවම හිනා වෙලා නිකාඉන්ට බෑනෙ. කුණුහරප අහන්ට වෙයි...හෙහ්,හෙහ්,
ප්‍රසන්න,
Deleteයස් ඔබ හරි..එහෙම ප්‍රශ්නෙකුත් නම් තිබ්බ තමයි...හෙහ්,හෙහ්,
පාත්තය කියන්නෙ පාතය කියන එකලු නේද? මට මතකයි ඇල්. ඩී. මැන්දිස් ගෙ අනංගල ප... හුටා - වැරදුනා පනංගල අයිය පොතේ තිබ්බ ඔය ගැන කතාවක්...
ReplyDeleteඩ්‍රැකී,
Deleteපණංගල අයියා පොතේද ඒ පාත්ත සීන් එක තිබ්බෙ? මටත් මතකයි ඒක...කතාව කියන කෙනා ගුරු පත්වීමක් ලැබිල යනව උඩරට. මට මතක විදිහට ගලගෙදර පැත්තෙ. මිනිහගෙ පන්තියෙ ළමයෙක්ගෙ අම්ම තමයි කියන්නෙ තමන්ගෙ පුතාට " යන්නෙ එහෙම නෑ පාත්තය එක්ක කතාවට " කියල.
අඩේ ඒ කතාව තියෙන්නෙ නස්පැත්තිය පොතේ නේද? කියල මට දැං ඔන්න මතක් වුනා. අර තුවාලෙකට වහන මැස්සො අතිං ගහල මරන සීන් එකක් තියෙන්නෙ. හෙහ්..පොඩි කාලෙ මම ඔය කෑල්ලට හරිම ආසයි. රෑට කන්ට ලෑස්තිවෙනකොට මම ඔය ටික හයියෙං කියවනව. අපෙ අත්තම්මගෙං බැණුං කෝටියයි...හෙහ්,හෙහ්,
ඔය කියන කාලේ තමා අපි උසස්පෙළ කරපු කාලේ.. ඉන්වර්ටර් සර්කිට් ගහගෙන මොටෝසයිකල් බැටරි ගලෝගෙන සෑහෙන්න ගේමක් දුන්න අපිත් ඒ පැය දෙක තුන එලිය කරන්න. ඉන්වර්ටර් සංකල්පය කොයිතරම් නැගල ගියාද කියනවනම් එක අත්‍යවශ්‍ය ට්‍රාන්සිස්ටර් එකක් බලන් ඉද්දි මිල වැඩිවුනා තුන්හතර ගුණයකින්.
ReplyDeleteමදුරු කරදරේ ඇරෙන්න මටනම් ඔය ලයිට් කැපිල්ලේ කිසිම අවුලක් තිබ්බේ නැහැ. මගේ ලෝකය කාමරේ විතරක් නිසාත් රූපවාහිනිය එක්ක වැඩි ගනුදෙනුවක් නැති නිසාත් මගේ ප්‍රේමිය වෙච්චි කාමරේ තිබ්බ රේඩියෝව බැටරි බලයෙන් මගේ වින්දනය ලයිට් නැතුවත් එක දිගටම සැපයුවා. සිරස FM පටන් ගත්තු මුල් කාලේ නිසා රේඩියෝ කලාවත් ඒ කාලේ බොහොම විනයක් ඇතුව තිබුනනේ..
අපෙ යාළුවෙක් ඉන්වර්ටර් හදල විකුණල, රීකන්ඩිෂන් ප්‍රෙස් කබ් එකක් ගත්ත.
Deleteමං අර "ඩොක්ටර් වන් ෂොට් සහ ඉලේක්ට්‍රොනික්ස්" කතාවෙ කියපු, දේවාරෑඪයෙන් ටී වී හදන බුවා තමයි ඒ.
අම්බලං,
Delete/ සිරස FM පටන් ගත්තු මුල් කාලේ නිසා රේඩියෝ කලාවත් ඒ කාලේ බොහොම විනයක් ඇතුව තිබුනනේ../
ඔව්,..සිරස පටන් ගත්තෙ 1994 වෙන්න ඕන....
" හසකැන් මවනා..ගී මල් පුදනා..උදේ..දිවා..රැයේ..පවන් රොදේ..ඇසේ..සී...ර..ස....එෆ්..එම් "
/ආ..ඒක නෙවෙයි අර යෙරපියන් කමියුනිටි එකෙන් අපිට ආධාර දෙනවනෙ ඇළවල් ප්‍රතිසංස්කරණය කරන්ට. ඒකට සුද්දො දෙන්නෙක් ඇවිල්ල ඉන්නව..ඊයෙ මරු වැඩක් උනානෙ"
ReplyDelete"දැං ඔයාම නේද මට කිව්වෙ සද්ද කරන්නෙ නැතුව ඉමු කියල. අර මුනිවත ද මොකක්ද එක රකිමුය කියල"/
සැක් ඉතරක්. චන්ද්‍රාවො වැඩේ කාල නෙව. පඳුරක් දෙකක් තලාගෙන ගමනක් යන්ඩ යද්දි, හීන් සිනිඳු ඇඟිලි තුඩිං අල්ලල නවත්තගත්ත. බබලත්තු ඔහොම්මමයි අප්පා.
ඒ කියද්දි මතක් උනේ, බාහිර උපාධි පංතියෙ අපේ ලොකු සර් දවසක් අභයගිරි සංකීර්ණෙ මහසෙන් මාළිගාව කියල හඳුන්වන පංචාවාසයෙ සඳකඩ පහණ ගාව ඉඳං ඒක ගැන විස්තර කරනව.
"මේ තුංවෙනි පේළියෙ තියෙන ඝනකම ලියවැලෙන් පෙන්නන්නෙ, පරණවිතාන මාම කියන විදිහට භවය ආකූල ව්‍යාකූල වෙච්ච, එකට පැටළිලා ගෙතිලා තියෙන ලතාවක් විදිහට නොකැඩී ගමන් කරන බව... - භවය ලතාවකට ගමන් කරනව - භව ලතා - ඔන්න ඕකයි ගෑණු උදවියට බවලතා කියල කියන්නෙ."
පස්සෙ බඩ එහෙම අතගාල, හෙමිං කියනව... (සමහර විට කෙල්ලො සෙට් එක තරහ උනොත් දවල්ට කන්ඩ හම්බෙන් නෑ කියල මතක් වෙලා වෙන්ඩැති)"නෑ නෑ. ස්වභාවයෙන්ම ලතාවක් වගේ නිසයි බවලතා කියන්නෙ" කියල
ඩ්‍රැකී,
Delete/ ඒ කියද්දි මතක් උනේ, බාහිර උපාධි පංතියෙ අපේ ලොකු සර් දවසක් අභයගිරි සංකීර්ණෙ මහසෙන් මාළිගාව කියල හඳුන්වන පංචාවාසයෙ සඳකඩ පහණ ගාව ඉඳං ඒක ගැන විස්තර කරනව. /
මහසෙන් මාළිගය කියල හඳුන්වන ගොඩනැඟිල්ලෙ තමයි හොඳටම සුරක්ෂිත සඳකඩපහණ තියෙන්නෙ. මම අභයගිරියෙ වැඩ කරපු කාලෙ ඔය මැද විසාල ගොඩනැඟිල්ලයි මුළු හතරෙ කුඩා ගොඩනැඟිලි හතරකුයි තිබ්බ ගොඩනැඟිලි සංකීර්ණ හැඳින්නුවෙ පංචායතන කියලයි.
ඒකාලෙ නේද අර සිරස රේඩියෝවෙ ගාමින්දයි සුනෙතුයි "ලයිට් එන තුරු" කියල අරේ මරේ වැඩසටහන පටං ගත්තෙ?
ReplyDeleteමට මතක විදියට ඕකේ නම "ගමට ලයිට්". සිරස FM එකේ ඒ දවස් වල ගියපු නියම වැඩසටහනක් නේද? මම ගාව ඕකේ mp3 collection CD එකක් තිබුණා අපේ මලය කාටද ඒක දන් දෙනකන්. දැන්නම් සිරස ඇතුළු බහුතරයක් FM අජූතයි.
Deleteගමට ලයිට් කිව්වෙ මට මතක හැටියට ඒකෙ අනුග්‍රාහකයංගෙ මොකක් හරි. අනුග්‍රහය දැක්කුවෙ, සෝලර් පැනල් කම්පැනියක්. මට විස්තර මතක නෑ. උදය හරි ඇති.
Deleteමං ගාව තියෙනව කලෙක්ෂන් එකක්. වෙලාවක හොයාගෙන කම්ප්‍රෙස් කරල අප්ලෝඩ් කරන්නං. ඒ කාලෙ මගෙ තිබුණ රේඩියෝ කාඩ් එකක්. ඒකෙං රෙකෝඩ් කරපුවත් තියෙනව. පස්සෙ සිරස වෙබ් සයිට් එකෙත් තිබුණ සමහර කොටස්...
අරේ... අරේ...
Deleteආ.. එඤ්ජ එඤ්ජ.. මම මෙහේ..
කලෙක්සොන් එක මා ගාව තිබේ, හාඩ් ඩිස්ක් එකක් පුරෝලා (පරණ PC එකට කෙලවෙන්ට කලින් backup එකක් අරන් තියාගත්තා).. ඕවා විතරක් නෙවෙයි, විට්ටර් මාමගෙ ** 'ස'යන්න, අට්ටාපිටිය ගඟ දෙපසේ, ආදී මෙකී නොකී සෑම දෙයක්ම සුරැකිව තිබේ.. :-D
//විට්ටර් මාමගෙ ** 'ස'යන්න// අඩේ... අන්න බඩු. තව එකක් තිබුණා නේද අර මොරටුවේ ගෑනු පීටර්ගේ කතා එහෙම තිබුන. මට මතක විදියට සෙට් එකක් බීල සොමියක් දාගෙන ඉන්න වෙලාවක එකෙක් කියන කතා සෙට් එකක්. මතක් වෙනකොටත් හිනා යනවා.
Deleteබුරා ගාව නැත්තං ඉතිං ජාතික ලේඛනාගාරෙත් නෑ.
Delete"කුමටද සොබනියෙ *** ගහන්නේ - හේතුව මම නොදනිම්
කොංගෝ වනයේ අැති ඔබෙ ** වෙත - මගෙ........ "
"ආ කව්බෝයි අයියා - ආ මල්ලී, ෂෝ එක ඉවර වෙලා ගලක් කපමු ඈ..."
"පුල් ආතල් නේද ජෝඩු දාල යනකොටෝ...?"
මෙව්වා අප්ලෝඩ් වේවා..!! විවා එකක් හදාගෙන,ලෑලි කෑල්ලක් ගහගෙන අහන්න බැරියැ
Deleteමෙව්වා අප්ලෝඩ් වේවා..!! x2
Deleteඔන්න බුරා ට ගානක් හොයාගන්න අවස්ථාවක්. හැක්..
Deleteමොකෝ කියන්නෙ ප්‍රසා.. සීඩී ටිකක් ගහලා, සති පොලේ දාලා විකුණමු ද? ඕනනං ඔය ඩිමෝ බට්ටෙක් අල්ලගෙන රට පුරා බෙදා හරින්ටත් පුළුවන්.. මාකටින්වලටත් ඒකෙම කෑලි ටිකක් පාවිච්චි කරන්ට බැරිය, ලවුස්පීකරයක් ගැටගහගත්තම.. :-D
Deleteඩ්‍රැකී,
"කුමටද සොබනියෙ ඇඟිලි ගහන්නේ - ඇයි ඔතරම් තදියම්"
"ආ.. ජෝඩු දාලා යනකොට හරි සොමි නේද?"
"බලන්න සන්තානම් මෑණියනෙ, මේ ** *** කොල්ලො මෙතැනටත් ඇවිල්ලනෙ!"
"යන්න වල් පඳුර. ඔයාලට තද වෙනකොට තමා අපිව මතක් වෙන්නෙ"
අනේ මෙව්වා අප්ලෝඩ් වේවා..!!
Deleteඔය ලයිට් කපන අස්සෙ නේද අර පැයක් ඉස්සරහට පස්සට ගිය එකත් උනේ.
ReplyDeleteඅර අාලේපෙ නොගෑවට බොලා දෙන්නගෙ කච කචේ හින්ද මදුරුවෙක් අහලක පහලකවත් ඉන්න හැටියක් නෑ.
ඉතිං කියමුකො බලන්න පිඟං කේස් එකට ඊට පස්සෙ උනේ මොකක්ද කියලත්.
ප්‍රසන්න,
Delete/ ඔය ලයිට් කපන අස්සෙ නේද අර පැයක් ඉස්සරහට පස්සට ගිය එකත් උනේ./
ඔව්..ඔව්..චන්ද්‍රිකායි අනුරුද්ධයි එකතුවෙලා පැයක් ඉස්සරහට දැම්මනෙ වෙලාව බලශක්තිය ඉතුරුකරන්ටෙයි කියල.පස්සෙ ඒක පැය බාගයකින් ආපහු පස්සට දැම්ම. ඉතුරු පැය බාගෙ හැදුවෙ මට මතක විදිහට තවත් අවුරුදු දෙකක් විතර ගිහිල්ලද කොහෙද?
/ ඉතිං කියමුකො බලන්න පිඟං කේස් එකට ඊට පස්සෙ උනේ මොකක්ද කියලත්. /
පිඟං කේස් එක එතනිං ඉවරයි බං..ආය මොකවත් උනේ නෑ...:)
ගෑස් එකට කේතලේ තියල ආවට පස්සෙ ගුරුවරී අතට කහට එක ආපු පිළිවෙල ගැන රවී අයියට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරන්න වෙයි. නැත්තං මේ කට්ටිය ඔහෙව බ.ව.දූ.වි.කො.ස. ට අරං යයි.
ReplyDeletePrasanna,
DeleteYes, coming colour no good :)
කෝ අර "The Story Of My Marriage" ? ඒක ආපහු ලියන්නෙ නැද්ද ? අන්තිමට ලියල තියෙන්නෙ දෙසැම්බර් 8
ReplyDeleteRobert,
Delete/ අන්තිමට ලියල තියෙන්නෙ දෙසැම්බර් 8 /
නැහැනෙ ජනවාරි 13 තව කොටසක් ලිව්ව මම. හරි..හරි..වහාම ඊලඟ කොටස පළකරන්නංකො.
පහුගිය දවස් ටිකේ අපි දෙන්නත් කළුවරේ ඉස්තෝප්පුවේ ඉඳගෙන කතාකරමින් හිටියා. මම ඇයට කියා දුන්නා, කොහොමද කළුවරේ සතුරාට ලංවී පහර දෙන්නේ කියලා. ඇය මට කියාදුන්නා බෝග වගාවේදී ස්වභාවික ක්‍රම සහ පෙරමෝන උගුල් මගින් පලිබෝධ නාශක කටයුතු කරන හැටි. (ඇය කෘෂිවිද්‍යා ගුරු උපදේශිකාවක්ව සිට විශ්‍රාම ගත්තේ)
ReplyDeleteමට මේ පහුගිය කළුවර කාලයේ අහස දකිනකොට මතක්වුණේ;
පිය සමර කවි පංතියයි
විචා,
Deleteහෙහ් බොහොම සොඳුරු මොහොතක්...නේද?
ඔය ලයිට් කපන කාලේ අපේ ගෙදර අයත් කලේ ඉස්තෝප්පුවේ පුටු තියාගෙන අම්මා සහ තාත්තා කියන අතීත කතා අහපු එක. ලයිට් කපන නිසා මටත්, විශේෂයෙන් මලයටත් පාඩම් වැඩවලට අම්මා තග දාන එක ටිකක් අඩු වෙලා තිබුණේ. අපි ඉතින් ඉගෙනගන්න හරි ආස ළමයි නොවැ.
ReplyDeleteතේ හදාදෙමින්, ලාම්පුවට තෙල් දමමින් අම්මා අපිට පාඩම් වැඩවලට උදවු කල හැටි මතක් උනා. ඒ සොඳුරු මතකයන් අවදි කලාට ස්තුතියි :)
උදය,
Deleteජීවිතේ එන ඕනම බාධකයකින් යම් ප්‍රයෝජනයක් ගත හැකියි..:)
96 world cup එක ගැන තියන සුන්දරම මතකය තමයි රූපවාහිනියේ ගිය කමිං ඇඩ් එක.. විනාඩි කීපයක් තිස්සේ play වුනු ඒ වීඩියෝ එකේ තිබුනේ එක එක ටීම් එක ගැනයි,ප්‍රසිද්ධ ඈයෝ කවුද දිනන්නේ කියලා අනාවැකි කියන කෑලි වලිනුයි..ලංකාවේ එක්කෙනා විතරක් (කවුද කියලා මට නම මතක නෑ..අපේ ටීම් මැනේජර්ද කොහෙද) කිසි සැකයක් නැතිව කිව්වා..I think Sri Lanka will win" කියලා.
ReplyDeleteඑහෙම කිවුවෙ මැනේජර් දුලිප් මෙන්ඩිස් තමා.. හැබැයි කිසි සැකයක් නැතුව කිවුවා කියන්ටත් අමාරුයි.. එයා ඉතින් තමන්ගෙ ටීම් එක දිනනවා කියන්නෙ නැතුං වෙන මොනා කියන්ට ද? :-D
Deleteඒත් බුරා අනිත් ඈයෝ තමන්ගෙම ටීම් එකම රෙකමන්ඩ් කලේ නෑ මතක විදිහට...ඒ වෙලාවෙදි ලංකාවට එච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා හැමෝම සැක කරන කොට දුලිප් එහෙම කිව්ව එක වටිනවා අඩුම ගානෙ කැමරාවටවත්
Deleteරූ,
Deleteමට එහෙම ඇඩ් එකක් මතක නෑනෙ.
දිනුවට පස්සෙ රූපවාහිනියෙ දාපු අර ප්‍රසිද්ධ ගීතය නම් මතකයි...
We are the Champions,
We are the Champions,
We are the Champions………... of the World !!!
මොකද බං රවී අයියේ කොහෙවත් ඉන්න බස්සෙක්ගේ ෆොටෝ එකක් මේකේ එල්ලුවේ...
ReplyDeleteඅපිටමය කියල බකමුනෝ කීයක් කියල ඉන්නවද...
ජලවිදුලි බලාගාරයක විදුලි උත්පාසනය සම්පුර්ණයෙන්ම නතර කරන්නේ නැහැ නේද...
එහෙම shut down එකක් කරන්නේ අලුත්වැඩියා කටයුත්තකදී පමණක් බව තමයි මම අහල තියෙන්නේ...
ඒ කියන්නේ අවම විදුලි නිපදවීමට අදාළ ජල ප්‍රමාණය පහළට යනවා, නමුත් එය ගොවීන් සඳහා ප්‍රමාණවත් මදිකම තමයි පුෂ්නේ. නැද්ද මං අහන්නේ...
ඈ වැඩේ කෑවේ නැත්තන් සුද්දෝ දෙන්නෙක් එක්කාසු කරගෙන තලන හොඳ පඳුරක් බලන්න තිබ්බා. ඈ ඒක ඇහුවේ නැතුවට කාරී නැහැ. අපිට කිව්වනම් ඒ කතාව...
Lokka,
Delete/ මොකද බං රවී අයියේ කොහෙවත් ඉන්න බස්සෙක්ගේ ෆොටෝ එකක් මේකේ එල්ලුවේ...අපිටමය කියල බකමුනෝ කීයක් කියල ඉන්නවද…/
මේ බං එදා අර අඹ ගහේ වහල හිටිය බස්සනෙ...ඒකයි උගේ පෝටොස් එකක් දැම්මෙ...මේ..බස්සගෙයි බකමූණගෙයි වෙනස මොකක්ද? බස්සා ප්‍රමාණයෙන් කුඩයි..එච්චරද? නැත්නම් විශේෂ දෙකක්ද?
/ ජලවිදුලි බලාගාරයක විදුලි උත්පාසනය සම්පුර්ණයෙන්ම නතර කරන්නේ නැහැ නේද...එහෙම shut down එකක් කරන්නේ අලුත්වැඩියා කටයුත්තකදී පමණක් බව තමයි මම අහල තියෙන්නේ… /
මම හිතන්නෙත් එහෙම තමයි. ඒත් මම හරියටම දන්නෙ නෑ..පොඩ්ඩක් දන්න කෙනෙක්ගෙන් අහල බලන්න ඕන...
/ ඒ කියන්නේ අවම විදුලි නිපදවීමට අදාළ ජල ප්‍රමාණය පහළට යනවා, නමුත් එය ගොවීන් සඳහා ප්‍රමාණවත් මදිකම තමයි පුෂ්නේ. නැද්ද මං අහන්නේ…/
කොහොමත් ගඟේ වතුර බොහොම පොඩ්ඩක් හරි පල්ලෙහාට නිදහස් කරනවා. ඉහළ කොත්මලේ වේල්ල නිසා හිඳිල ගිය සෙන්ට් ක්ලෙයාර් ඇල්ල පැය තුනකටද කොහෙද සැරයක් පැය බාගයක් වතුර එවල සංචාරකයින්ට දැකගන්ට සලස්වනව කියල ඒ දවස්වල කිව්ව මට මතකයි. එහෙම දැනට කරනවද කියල නම් නොදනිමි.
/ ඈ වැඩේ කෑවේ නැත්තන් සුද්දෝ දෙන්නෙක් එක්කාසු කරගෙන තලන හොඳ පඳුරක් බලන්න තිබ්බා. ඈ ඒක ඇහුවේ නැතුවට කාරී නැහැ. අපිට කිව්වනම් ඒ කතාව…/
නෑ....නෑ..ඒ සුද්දො දෙන්නගෙ කතා මම කොහොමත් කියනව....පිස්සු හැදෙන කතන්දර එව්ව...:)
ඔය ලයිට් කපාපු කාලෙ අපිටනං අවුලක් නෑ. ඒ මොකද කියනවනං අපිට ඒ කාලෙ ලැයිට් නෑ. ඒ උනාට වැඩේ කියන්නෙ චන්දිරිකා මැඩං (ආං එහෙමයි අපේ ගමේ ඈයො කියන්නෙ) පැයක් පස්සට දාලා (මේ කියන්නෙ වෙලාව) හරිම ආතල්. අපි තිත්තපල් කරුවලේ ඉස්කෝලෙ යනව. යංතං නං ලකුණු කරන වෙලාවට තමා ලමයිංගෙ මූනු පේන්නෙ. වෙනද වෙලාවට රෑට කෑවොත් ඉර එලිියෙංම පිඟාන බලතෑකි. ඔය දවස්සල සිරසෙ වැඩසටහනක් ගියා ‘ලයිට් එනකං‘ කියලා. මතකෙයි? ඒ කාලෙ මිනිස්සුංගෙං වෙලාව ඇහුවම ‘අලුත් වෙලාව‘, ‘පරන වෙලාව‘ කියල දෙකක් කියනව. සෑහෙන කාලයක් ගිහිං තමා ආපහු ඒක හයිගැස්සුවෙ. ඒත් පැය බාගෙද කොහෙද?
ReplyDeleteමං මේම හිටියට ඉලෙක්ට්‍රොනික් පිස්සෙක්ව සිටිය කාලයක් තිවුනා. ඒ කාලෙ ගෙනා ලට්ට ලොට්ට තාමත් තියෙනව. ඉතිං මෙදා ගමන ලැයිට් ගිය වංගියෙ මං ජාති වැඩක් කොලා. සුදු පාට එලිය තියෙන එල්ඊඩී හතර ගානෙ ශ්‍රේණිගතව අමුනලා ගෙයි තැං තැංවල බිත්තියෙ හයිකලා. මොටෝ සයිකලේ තියෙන්නෙ ගෙයි හංදා ඒකෙ බැට්ටියෙං වෑර් පොටවල් දෙකක් ඇදල ඇරං අර බලුප් පත්තු කලා. පරන ටෙලිපෝන් බැට්ටි වලිං හදපු ඔය විදිහෙ බලුප් වගේකුත් තිවුනනෙ ගෙදර. එව්වත් අර බැට්ටියෙන්ම චාජ් කලා. වටේ උං කලුවරේ ඉටිපංදං දුං කද්දි අපි සෑහෙන කල එලියට හිටියා. ආං බලමු වැඩේ.
ඔය ‘නිසාන් පත්‍රය‘ කියන කාරෙකෙං ඕනැ වෙලාවට 230 විදිලිය ගන්න පුලුවං කියලා කියනවනෙ. මේං මේක පොඩියක් කියවලා බලන්නකො (https://www.facebook.com/groups/Carindustrial/531392910355924/). හරි වටිනව. අපි නොදන්න දේවල් රැසක් මේක ලියාපු මහත්තැං මේ ටික කාලෙට කියාදීල තියෙනව.
ඒක හරි වැදගත්. මයෙ තියෙනව නිසාන් පුත්තරයෙක්. බලන්ඩ ඕනෙ...
Deleteමටත් තියෙනව ආධාර පත්‍රයක්. බැරිද ඒකෙනුත් මොකක් හරි කරගන්න.
DeleteSuranga,
Delete/ ඒ කාලෙ මිනිස්සුංගෙං වෙලාව ඇහුවම ‘අලුත් වෙලාව‘, ‘පරන වෙලාව‘ කියල දෙකක් කියනව. /
ඔව්..ඔව්..අපෙ උන්දෙගෙ මාමෙක් හිටිය යූ.ඇන්. පී අරටුවක්..චන්ද්‍රිකාගෙ වෙලාවෙං මට ඇති වැඩක් නෑ..කියල ගෙදර ඔර්ලෝසු එකක්වත් වෙනස් කරන්ට දුන්නෙ නෑ..පරණ වෙලාවම තියාගෙන හිටිය.
ඒ මනුස්සය තැපැල් දෙපාර්තමේන්තුවෙ වැඩ කල්ල පැංසොං පලච්ච මනුස්සයෙක් හින්ද රටේ ලෝකෙ වෙලාවට වැඩිය පැයක් පහුවෙලා වැඩ කලාට අවුලක් වුනේ නෑ.අනික ඒ මාමයි නැන්දයි විතරයි ගෙදර උන්නෙත්. දරුවො දීග තලග ගිහිල්ල රට පුරා හිටියෙ.
හැබැයි බොලේ හාන්දුරු ගොල්ල දාන වලට එහෙම වැඩම කලේ පරන වෙලාවට නේද? පන්සල්වල එහෙම ඒ පැය ඉස්සරහට කරකැව්වෙ නැද්ද කොහෙද? කේන්දර නක්ෂස්ත්‍ර වැඩ කෙරුනෙත් පරණ වෙලාවට.
/ අපි නොදන්න දේවල් රැසක් මේක ලියාපු මහත්තැං මේ ටික කාලෙට කියාදීල තියෙනව. /
ඉස්තුතියි කොල්ලො..ඇත්තටම ඒ ලිපියනම් බොහොම වටිනව...බොහොම වටිනව…
උලමා ගැන කතා ටිකකුත් ඈට කිව්වනම් තවත් ෆන්
ReplyDeletehttps://www.youtube.com/watch?v=p46A3HMuoCo
https://en.wikipedia.org/wiki/Devil_Bird
ප්‍රා,
Deleteඋලමා කෑගහනව අපි දෙන්නා දෙපාරක් අත්තනකඩවල ඉද්දි ඇහුවා. ඒ සද්දෙනම් හැබැයි මේ රෙකෝඩිං එකේ තියන සද්දෙට වඩා බොහොම භයංකාරයි.අන්තිමට කෑගැහිල්ල ඉවර වෙද්දි ගොරොද්දෙ අදිනව වගෙ සද්දෙකුත් එනව.
මැච් එක දවස්වල අපේවිදුලිය කැපුවා.. ගස්ලබ්බ මැච් එක බැලුවෙ පහුවදා නැවත විකාශයෙන්.ඒත් මැච් එක අහන්න ගස්ලබු පියා තකහනියක් බැට්‍රිකෑලි හොයන්න කඩේ දුවපු හැටි තාම මතක් වෙනො.
ReplyDeleteවිජිලිය ගැන එයාල මෙහෙමයි කියන්නෙ..
https://www.facebook.com/CeylonElectricityBoard/videos/427500077444283/?pnref=story
ජයවේවා..!!
ගස්,
Deleteඔව්..ඒ දවස්වල පත්තරේ තිබ්බ වර්ල්ඩ් කප් ෆයිනල් එක බලන්න පැහැදිලිව බලන්න ඇන්ටෙනා එක යකඩ බටේක ගැටගහල උස්සද්දි වාරු නැතුව ගිහිල්ල හයි ටෙන්ෂන් ලයින් එකක ටච් වෙලා දෙන්නෙක්ද කොහෙද මැරුනයි කියල. මට මතක විදිහට බලංගොඩ පැත්තෙ වෙන්න ඕන.
ස්තූතියි ගස්..බොහොම වටිනව වීඩියෝ එක..නොදන්න දේවල් බොහොමයක් දැනගත්ත.
නාවුල මංසන්ධියෙන් දකුණට හැරිල බකමූණට යනවට වඩා දඹුල්ල විහාර හංදියෙන් හැරිල බකමූණට යන එක ලේසියි දැන් :)
ReplyDeleteකසුන්
Deleteඒ කිව්වෙ කණ්ඩලම වෑවලවැව හරහා යන පාරෙන්ද? ඒත් ඊටත් පහසුයි මම හිතන්නෙ දඹුල්ල ටවුමෙ ඉඳල නාවුල පාරෙ කිලෝමීටර් පහක් වගෙ එනකොට දඹුළු ඔයේ පාලමත් එක්ක වමට තියෙන පාරෙන් ආවම.... ඒ පාර කළුන්දෑව හරහා ගිහිල්ල වැටෙන්නෙ බකමූණ පොලීසිය ළඟට. ඔය කළුන්දෑව කියන්නෙ බොහොම පැරණි ගමක්.
කණ්ඩලමට යන්නෙ නෑ දඹුල්ල බකමූණ ප්‍රධාන පාර ,කණ්ඩලම දැන් අතුරු පාරක් වෙලා තියෙන්නේ ,විනාඩි 15න් 15ට වගේ දඹුල්ල බකමූණ බස් තියනව.
Deleteදැන් බකමූණ පැත්තේ වැඩට යන අයට අඹන ,කෝන්ගහවෙල,ඇළහැර වගේ පාසල් වල උගන්වන ගුරුවිරියො බස් වලදි හම්බවෙන්නෙත් නෑ :)
>>ගල් අඟුරු බලාගාර, තාප බලාගාර, ඩීසල් බලාගාර ඔය ඔක්කොම ආවෙ ඔය 1996 අවුරුද්දෙ ඇතිවුනු මහා විදුලි අර්බුදයට විසඳුම් විදිහට.<<
ReplyDeleteමේක හරිද මචං? ඔය කැළණිතිස්ස බලාගාරේ මම දන්න දා ඉඳන් ඔතන තියෙනවනේ. ඒක පස්සේ පුළුල් කරා, එතකොට පෞද්ගලික එකක් පටන් ගත්තා තාප්පයක් බැන්දා හෙම තමයි පස්සේ පස්සේ. ඒත් ඕක පටන් ගත්තේ ඔයිට කලින්.
Henry,
Deleteමේක හරිද මචං? ඔය කැළණිතිස්ස බලාගාරේ මම දන්න දා ඉඳන් ඔතන තියෙනවනේ. ඒක පස්සේ පුළුල් කරා, එතකොට පෞද්ගලික එකක් පටන් ගත්තා තාප්පයක් බැන්දා හෙම තමයි පස්සේ පස්සේ. ඒත් ඕක පටන් ගත්තේ ඔයිට කලින්.
ඔබ හරි හෙන්රි....මම කියපු එක හරියටම හරි නෑ...කැළණිතිස්ස බලාගාරය අපි ඉස්කෝලෙ යන කාලෙත් ඔතන තිබ්බතමයි...:)
මට මතක විදිහට හදිසි විදුලි බිඳවැටීමක් වුනොත් රටේ අගනුවර වන කොළඹට විදුලිය දෙන්නයි කැළණිතිස්ස ඩීසල් බලාගාරය පිහිටෙව්වෙ.
දැන් අපිට මෙහෙම අඳුරේ කොච්චර කාලයක් බලාගෙන ඉන්න වෙයිද දන්නේ නෑ.
ReplyDeleteදිනේෂ්,
Deleteඅඩේ ඉතාලියටත් ලයිට් නැද්ද? අනේ සකෝ බලලෝ කිව්වලු...:)
මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද වෙළඳ දැන්වීමට පමා වෙලා ස්තූතිය.. මේ පෝස්ටුව කොහොමින් හරි මඟ ඇරිලා නෙව.
ReplyDeleteඒත් ඔය වැසි දැරිය අපූරු සිතුම් පැතුම් තියෙන දරුවෙක්ය කියන කතාවට කොයි තරම් දුරට එකඟ වෙනවද කියල මං කල්පනා කළේ.. නුහුගුණේ නම් පොඩ්ඩක් විතර තියෙනව අපූරු සිතුම් පැතුම් කොහොම වෙතත්..))
අඳුරත් එක්ක සිහි ගැන්වුණු සොඳුරු මතක අපි එක්ක බෙදාගත්තටත් ස්තූති කරන්න එපායැ..
සුන්දර සටහනක්..!!
වැසි දැරිය,
Delete/ මේ පෝස්ටුව කොහොමින් හරි මඟ ඇරිලා නෙව./
හරි ඒක වෙන්න ඇත්තෙ මෙහෙමයි.මේ පෝස්ට් එක දාපු දවසෙම මම තව පෝස්ට් එකක් පබ්ලිෂ් කලානෙ. එහෙම උනහම බ්ලොග් රෝල්වල අර පස්සෙ දාපු එක තමයි අප්ඩේට් වෙලා පෙන්නන්නෙ...
ඔබටත් ස්තූතියි වර්ෂා...:)
//මාතර වලස් මුල්ල පැත්තෙ."මෙතෙන්ට ඉදලකි කොස්සකි අරං ඇවිත් පොඩ්ඩක් අතුගාලා දාන්ට"//
ReplyDeleteඅපිත් ඒ පැත්තේ තමා හරිය. හැබැයි ඉතින් ඔය "එච්චරකි" කියලා කියපු එකනම් වැරදි. බතකුයි සම්බෝලෙකුයි කියන එක බතකි සම්බෝලෙකි කියලා කිව්වට, එච්චරයි කියන එක "එච්චරකි" කියලනම් කියන්නේ නැහැ. :p
අනුකරණය උනත් දැනගෙන කොළොත් තමා හොඳ...හෙහ් හෙහ් :)
සයුරි,
Deleteහෙහ්...අලි මදිවට වළස්සු කිව්වලු. ඔහේ ඒ අහය? කවුදකි දන්නෙකි. කියන්ටකි එපායකි....:)
එළ කතාවක් නේ මිස්වෙලා. විදුලිය ගැන කතා නොකර ඉම්මු. කාමරේ තව කෑල්ලක් එනවද?
ReplyDelete