Monday, March 7, 2016

395. පුවක් එෂැණිං - 7 - වම දකුණ නොහඳුනන ජීවකයෝ



පේරාදෙණිය රෝහලේ සල්ලිය වයිද්දිවරයකු විසින් දැරියකගේ වම් දණහිස වෙනුවට දකුණු දණහිසට සැත්කමක් කිරීම පිළිබඳව අද ආන්ඩුවේ වයිද්දිවරුංගේ සංගොමේ විසිං පුවත්පත් සාකච්චාවක් කැඳවා තිබින. එහිදී ඒ පිලිබඳව තම අදහස් ප්‍රකාස කල එම සංගොමේ මාද්දිය ප්‍රකාසක තුමා පැවසූයේ ඒ පිලිබඳව තම සංගොමය වැඩිදුරටත් කරුනු පරීක්සාකරගෙන යන බවකි. මේ දිනවල තම සංගොමේ පූර්න කාලීනව ඉක්කා ගිවිසුම සහ මුද්‍රණ දෝස පිලිබඳව කරුනු සොයාබැලීමේ යෙදී සිටින බැවින් මේ අවස්තාවේ හරිහැටි යමක් ප්‍රකාස කිරීම අපහසු බව එතුමා තවදුරටත් පැවසීය. එහෙත් මෙවන් සිද්දීන්ගෙන් පෙනී යන්නේ පෞද්ගලික වයිද්දිය උපාදි සහ ඉක්කා ගිවිසුම යටතේ ඉන්දියානු වයිද්දිවරුං මෙරටට ගෙන්වීමේ අවදානම බව  එතුමා ප්‍රකාස කලේය. 


"දැං අපි මෙහෙම හිතමු. අපේ පලපුරුදු සල්ලිය වයිද්දිවරු යටතේ පුහුනුව ලබපු ලංකාවෙ ඉහලම බුඩ්ඩිමත් සිස්සයිං අතරිං වයිද්දි විද්දාලයට තේරුනු අපේ සල්ලිය වයිද්දිවරුංටත් වම දකුණ මාරු වෙන්ට පුලුවන් නං අපේ සංගොමේ සල්ලිය පුහුනුව ලබාදීම ප්‍රතික්සේප කරපු පවුද්ගලික වයිද්දිය විද්දාලයෙං පිටවෙන වයිද්දි වරු කොහොම වම දකුණ හරියට හොයාගනියිද? ඒකෙම්ම පේනවනෙ මේ පෞද්ගලික වයිද්දිය විද්දාලෙ තියන බයානක කම?" එතුමා පැවසීය.

"අනික ඔය ඉක්කා ගිවිසුම කියන්නෙ බොහොම බයානක එකක්.මම හිතන්නෙ ටක්කෙටම ඔය වම දකුණ මාරු වෙච්චි සල්ලිය වයිද්දිවරයා සල්ලියකරුමෙ කරන වෙලාවෙත් ඉක්කා එකෙං රටට වෙන්ට යන මහා විනාසෙ ගැන බොහොම විස්සෝපෙං ඉඳල තියෙන්නෙ වෙන්න ඕන. ඒකයි ඔය සුලු වැරදීමක් වෙලා තියෙන්නෙ. අනික මෙතන ඇත්තටම රෝගියගෙ නෑදෑයංගෙ පැත්තෙනුත් වරදක් තියනව.අර නාගොඩ ඉස්පිරිතාලෙ වම් පියයුරයි දකුණු පියයුරයි මාරු උනාට පස්සෙ අපි ඉල්ලීමක් කලා යම් රෝගියෙක් සල්ලිය කරුමෙකට බාජනය කරන්ට සල්ලියාගාරෙට ගේනකොට ඒ එක්ක රෝගියගෙ නෑදෑයෙක් අනිවාර්යයෙන්ම ඇවිල්ල සල්ලිය කරුමෙ කරන වයිද්දිවරයට අදාල අවයවය පෙන්නල දෙන්ටයි කියල. ඒ කියන්නෙ... දොස්තර මහත්තයො මේක තමා අපෙ බාප්පගෙ දකුණු කකුල.අරක එහෙම නෙවෙයි. ඒක ඇවිල්ල වම් කකුල.....ඔව් ඔව් බාප්පට කකුල් දෙකයි තමයි තියෙන්නෙ..නෑ..නෑ..කවදාකවත් බාප්පට කකුල් තුනක් තිබ්බෙ නෑ මං දන්න තරමිං... අන්න ඒ වගෙ.අනික ඔය සමහර පලාත්වලවල අපි වම් කකුල කියල කියන එකට එයාල කියන්නෙ දකුණු කකුල කියල. එහෙම දේවල් තියනව. ඒ හින්දතමයි අපේ සංගොමේ අර විදිහෙ යෝජනාවක් ගෙනාවෙ. කොහෙද මේ සවුක්කිය ඇමටිටුමා ඒ යෝජනාව පිලිගත්තෙ නෑ. ඒකයි මේ ඔක්කොම මෙහෙම සිද්ද වුනේ." එතුමා එක දිගටම කියාගෙන කියාගෙන ගියේය.

"එහෙම නැත්තං අපේ විකල්ප යෝජනාවකුත් තියනව. අපි අපේ ලාංචනෙයි ඊට යටිං සංගොමේ නමයි දාල ඉස්ටිකර් එකක් ගහල රට පුරා ඉස්පිරිතාල වලට නොමිලේ බෙදල දෙනව. එව්වයෙ තියෙන්නෙ එක එක අවයව වල නං. බාසා තුනෙම්ම තියනව. මේක ඇවිල්ල මගේ වං අත..This is my left hand ...ඉදු එනදු එඩතු කායි, මේක ඇවිල්ලා මගේ දකුණු කකුල ..This is my right leg....ඉදු එනදු වලදි කාල්... සල්ලියාගාරෙට රෝගියාව ගේනකොටම අතපය හතරෙ ඔය ඉස්ටිකර් අලවල ගේන්ට ඕන. එතකොට මේ වගෙ වැරදීම් වෙන්නෙ නෑ. අපේ සංගොමේ අරමුදල් යොදවල රෝගීංගෙ යහපත වෙනුවෙං කරන ප්‍රජා සත්කාරයක් හැටියටයි අපි මේක කරන්නෙ."

සරීරය ඇතුලත දෙක දෙක බැගින් ඇති අවයව හඳුනාගැනීමට රජයේ වයිද්දිවරුංගේ සංගොමේ කුමන පියවරක් ගන්නට යන්නේදැයි මාද්දිය වේදියකු නැඟූ පස්නයට පිලිතුරු දුන් ප්‍රකාසක තුමා මෙසේ පැවසීය.

"ඒ ප්‍රස්නෙ විසඳන්ට අපේ යෝජනාව මෙහෙමයි. දැං ඇඟ ඇතුලෙ අවයවවල සල්ලිය කරුම කරන්ට ඕන රෝගීන්ට අපි කලින් මූලික සල්ලියකරුමය කියල එකක් කරනව. උදාහරණයක් හැටියට දකුනු වකුගඩුවෙ සල්ලිය කරුමයක් කරන්ට ඕන ලෙඩෙකුට අපි කලින්ම අතිරේක සල්ලිය කරුමයක් කරල වකුගඩු දෙකේ අර ඉස්ටිකර් දෙකක් අලෝනව.මේක දකුණු වකුගඩුව..එතනිං ගිහාම මේක වං වකුගඩුව කියල. පස්සෙ දෙවනුව නියමිත සල්ලියකරුමෙ කරනව. එතකොට වයිද්දිවරයට කොහෙත්ම වරදින්ට විදිහක් නෑ."

"අවයව මාරුවෙලා ඉස්ටිකර් ඇලෙව්වොත් එහෙම මොකද කරන්නෙ?" මාද්දිය වේදියකු ඇසුවේය. "මම මේ කියන්නෙ මේ දකුණු වකුගඩුව කියල පෙණහැල්ලෙ එහෙම ඉස්ටිකර් එකක් අලවල තිබ්බොත් එහෙම."

"ආ එහෙම ප්‍රස්නයක් වුනොත් කරන්න ඕන මොනවද කියල ඉතාම පැහැදිලියි. ඒ වෙලාවට වයිද්දිය ආඥාපනතෙ 61 ( ඒ ) වගන්තිය යටතේ ක්‍රියාකරන්ටයි තියෙන්නෙ."

" මොකද්ද ඒ වගන්තිය? "

"අනික් දවසෙ වෛද්‍ය ආඥාපනත කියවල එන්ට. එතකල් මම අදට කියන්නං ඔය වගන්තියෙ මොකක්ද?.... ඒකෙං කියන්නෙ මොකද්ද කියල..,මෙහෙමයි... ශල්‍යකර්මයකදී ඉවත්කලයුතු අවයවය පිළිබඳව සැකයක් හෝ විචිකිච්චාවක් මතුවූ කල ඒ අවයව දෙකෙන්ම අර්ධයක් බැගින් ඉවත්කල යුතුය." එසේ පවසමින් ප්‍රකාසක තුමා පුවක්පක් සාකච්චාව අවසාන කලේය. 

මේ අතර සවුක්කිය අමාට්ටියන්සය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මින් ඉදිරියට රජයේ වයිද්දිය විජ්ජාල වලින් උපාදිය ලබා පිටවන සියලුම වයිද්දිවරුංට පත්තීම් දීමට පලමු රෝගීන්ගේ වම් හා දකුණු අවයවයන් වෙන්කොට නිවැරදිව හඳුනාගැනීමට සතිදෙකක පුහුණුවක් ලබාදීමට ඇමටිතුමා තීරනය කර ඇති බවකි.

එම විසේස පුහුනුවෙන් සමත්වන වයිද්දිවරුන්ට M.B.B.S. උපාධි නාමයට අමතරව V.D.H. යන අකුරු තුනද බාවිතා කිරීමට අවසර ඇති බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහංවේ.

V.D.H. = වම දකුණ හඳුනන

46 comments:

  1. මේව ඇහුවම අපේ වම-දකුණ මාරුවෙනව

    ReplyDelete
    Replies
    1. එදිරි,

      ඒකනෙ..... කියන්නේ කාටද?...:)

      Delete
  2. අර මැක්කගේ කතාව වගේ , ජීමොආ (GMOA) එවුන්ටත් හැම තිස්සෙම ඉක්කා තමා

    ReplyDelete
    Replies
    1. හැබැයි මටනං හිතෙන්නේ ඉන්දියාවෙන් දොස්තරලා එන එක හොඳයි , එතකොට උන්ට අල්ලගෙන ගහන්නවත් බැරිය හිතේ තරහ යනකං , මොකෝ ගැහුවා කියල උන් ස්ටයික් කොරන්නය

      Delete
    2. ඉවාන්,

      ඒකනෙ මහ එවුං ඉක්කා අල්ලගෙන දඟලනව ඒක අස්සෙ පොඩි එවුං වම වෙනුවට දකුණ කපනව...:)

      Delete
    3. \අර මැක්කගේ කතාව වගේ , ජීමොආ (GMOA) එවුන්ටත් හැම තිස්සෙම ඉක්කා තමා/
      එය තරමක් හෝ සමාන කල හැකි වන්නේ 'ඉයන් ගොයියාට මහින්ද වගේ' ය කියන උපහැරණයට පමණය
      මිනිහට මේ දවස් ඔල මලබද්දේ හැදිලය කියලයි කියන්නේ. ඒකට රෝග නිධානෙත් මහින්දලු
      ඉයන් ඉතරක් නොවේ, අපේ රවී මහත්තැනුත් ඊට සෙකන්ඩ් වන්නේ නැති ඔරිජිනල්ම මැක්කෙක් බවටය රට්ටු පවසන්නේ

      Delete
  3. මේ ලංකාවෙ දොස්තරලා හිතාගෙන ඉන්නේ ඒ අය තමයි ලංකාවෙ බුද්ධිමත්ම අය කියල .එතකොට ඔය උසස් පෙල පාස් වෙලා වෙන දේවල් කරන එවුන් මැට්ටො.ලංකාවෙත් Medical negligenceගැන නීති තියනව නම් සහ ඒව හරියට ක්‍රියාත්මක වෙනව නම් මේගොල්ල පිස්සු නටන්නෙ නෑ.ඔය කෑ ගැහැව්වට අපි රට යනව ඉයල කොහේ ගියත් ආයි විභාගයක් ලියල තමයි ප්‍රැක්ටිස් කරන්න වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      මොනව නැතත් මාන්නෙ නං තියනව ඉහටත් උඩිං...:)

      අපෙත් වැරැද්ද..දොස්තරල කිව්වම අපිත් ඔලුව උඩ තියාගෙනනෙ ඉන්නෙ.

      Delete
  4. පොඩ්ඩක් ඉන්න රවි....

    නිදහස් අද්ධ්‍යාපනය අනතුරේ !
    උපාධි කඩ වසා දමනු !
    ඉන්දියානු ආක්‍රමණය පරදවමු !

    හරි දැන් කියන්න මොන කකුලද කපන්න ඕනෙ කියල.
    ඒකෙ ලේන්සුවක් බැඳගෙන එන්න.

    ReplyDelete
    Replies
    1. නිදහස් අද්ධ්‍යාපනය අනතුරේ ! 
      උපාධි කඩ වසා දමනු !
      ඉන්දියානු ආක්‍රමණය පරදවමු !

      ප්‍රා, …..තව තියනව.

      සම සෞඛ්‍ය උපාධි කාල සීමාව අඩු කරනු!
      තීරු බදු වාහන සහනය යලි ලබා දෙනු!

      Delete
    2. ප්‍රා සහ ඉයන්,

      දෙවෙනි ලෝක යුද්ද කාලෙ බ්‍රිතාන්‍ය හමුදාවට බඳවාගත්තු අපේ අයට මාච් කරනකොට ලෙෆ්ට් රයිට් කිව්වට තේරෙන්නෙ නැති හින්ද කලාය කියන්නෙ එක කකුලක ලේන්සුවක් බැඳල ලෙන්සු කකුල නිකං කකුල කිය කිය කෑගගහ මාච් කරන්ට කියපු එකලු.

      Delete
  5. ලංකාවේ හුකට් සහ බූටිමත් පයිත්තියන් වරුන්ට කටාර් ඉංජිනේරු සංසදයේ සභාපති තුමා කරන පුවක් කතා හෙලා දකිමු.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      මොන සංසදයෙ?

      Delete
  6. රවි, ඒ කියන්නෙ හඳයල, රංජිතම්ල ගෙ ක්ලාස්වලද හිටියෙ?
    අජිත්නම් දැන් අඟුරුවැල්ල පාරෙ පදිංචිය.
    ගිය අවුරුද්දෙත් ගියාම සෙට් වෙලා ආවෙ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      නැහැ ඊට අවුරුදු දෙකක් හෝ තුනක් වගෙ පස්සෙ

      Delete
  7. මෙහෙමනේ මචං ඔය වම දකුණ ලෙඩාගේ එකයි අපේ එකයි දෙකක්නේ....... ලෙඩාගේ ඔලුව පැත්තෙන් බලලා ලිව්වට වැඩේ කරන්න කකුල පැත්තෙන් යද්දි වෙන එකක්..... පව් බං අහිංසකයෝ.......

    ReplyDelete
    Replies
    1. කුරුටු,

      හැබෑටම ඒකද දන්නෙත් නෑ අවුල....

      Delete
  8. තව කාලයක් යනකොට එක ළඟ සල්ලියාගාර දෙකක ගෑනියෙකුට සහ පිරිමියෙකුට කොරන සල්ලි කරුමයක් අස්සේ මොන මොනවා මාරුවෙයිද මන්දා.

    ReplyDelete
    Replies
    1. විචා,

      අම්මප ඔහෙටත් කල්පනාවට එන දේවල්...:)

      Delete
  9. නිහතමානී වෛද්‍යවරු බහුතරයක් අතර ඔළුව ඉදිමුවගත්ත කාළකන්ණී ටිකක් ඉඳගන හැමිනෙනවා.සෑම වෘතියකටම එක හා සමානලෙස ගරුනොකරන්න තරම් මොවුන්ගේ ඔළුව ඉදිමුනේ කොහොමද කියලා හිතාගන්නත් බෑ.ඔය වෛද්‍යවරුන්ගෙන් සිදුවුන වැරද්දකින් තමන්ගේ දියනිය අහිමිවූ කෙනෙක් පවරලා තිබුන නඩුවක් මම පොඩිකාලේදී තිබුනා. "අර්සකුලරත්න" කියලා නමක් ඒ නඩුවේ තිබුනා මතකයි.පැමිනිලිකරුද විත්තිකරුද කියලා මතක නෑ.ඒ නඩුවෙන් පැමිනිලිකරු ජයග්‍රහනයකලා.ඒ කාල වකවානුවේ රක්ශණ සමාගමකින් රක්ශණයකුත් හදුන්වලා දුන්නා වෛද්‍යවරුන්ට තමන්ගේ අතින් සිදුවන වෘතීමය වැරදිවලට වන්දීගෙවන.හැබැයි ඒ නඩුවෙන් පස්සේ ආපහු එහෙම සිද්දියක් වුනා කියලනම් මතකයක් නෑ.

    අනුමාන තොරතුරු විතරක් සදහන්කලාට සමාවෙන්න.ඔයකාලේ 3-4 වසරේ වගේ හිටියනිසා නිශ්චිත තොරතුරු ගැන මතකයක් නෑ.

    ReplyDelete
    Replies
    1. කටුසු,

      උඹ මල්ලි ඔය කියන්නෙ මහාචාර්ය ප්‍රියානි සොයිසා එදිරිව රියන්සි අර්සකුලරත්න නඩුව….මම බොහොම උනන්දුවෙන් විස්තර කියවපු නඩු විභාගයක්. මම හිතන්නෙ සම්පූර්ණ නඩුවට අවුරුදු දහයක් වගෙ ගියා.

      මහාචාර්ය සොයිසා මහත්මියගෙ වැරදි රෝග විනිශ්චය නිසා තම දියණිය මියගියා කියල චෝදනා කරමින් නීතිඥ රියන්සි අර්සකුලරත්න වන්දි ඉල්ලා නඩු පැවරුවා. දිස්ත්‍රික් උසාවියෙන් මහාචාර්ය සොයිසා වැරදිකාරිය කරමින් මිලියන පහක වන්දියක් ලැබුනා. අභියාචනාධිකරණයෙනුත් ඒ තීන්දුවමයි. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මහාචාර්ය සොයිසා මහත්මිය නිදහස් වුනා. ඇගේ වැරදි රෝග විනිශ්චය පිළිබඳ නිගමනය එහෙමම තිබියදී ශේෂ්ඨාධිකරණය තීරණය කලේ දැරියගේ රෝගයේ බරපතල කම අනුව නිවැරදිව රෝග විනිශ්චය කලත් ඇගේ ජීවිතය බේරාගැනීමට අවස්ථාවක් නැති බවයි.

      මෙතනින් සහ මෙතනින් වැඩි විස්තර බලාගත්තෑකි අවශ්‍ය අයෙකුට.

      Delete
    2. අර්සකුලරත්න මහතා මම පෞද්ගලිකව හඳුනනවා. මෙම නඩුව ගැන ඔහුගෙන් කවදාවත් අසා නැහැ. හේතුව එයට මූලික වුණේ ඔහුගේ දියණියගේ අභාවය නිසා. ඔහු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තනතුර දක්වා ගොස් විශ්‍රාම ගියා. අද ඔහු හැටන් නැශනල් බැංකුවේ සභාපති. රවීට එහෙම ඒ ගැන වැඩි විස්තර දැනගැනීමට කුතුහලයක් තිබෙනවානම් ඔහුව හඳුන්වා දිය හැකියි.

      Delete
    3. ඉයන්,

      ස්තූතියි අර්සකුලරත්න මහතා හඳුන්වා දීමට ඉදිරිපත්වීම පිළිබඳව. ඒත් මම හිතන්නෙ නෑ එහෙම අවශ්‍යවෙයි කියල. මම ඔය නඩුව ගැන ලියවුනු දොස්තර කොල්වින් ගුණරත්න මහතාගෙ පොතත් කියෙව්ව.අනික ඒ වගෙ ඛේදවාචකයක් ගැන ආයම මතක් කරන එකත් සුදුසු නෑ කියලයි මට හිතෙන්නෙ.

      Delete
  10. සල්ය කරුම,දොස්තර පාට් පොඩි කාලෙ ඉඳං හුරු ගස්ලබ්බට එක එක ඒවා හිතෙනවා. ලෙඩාට සිහි තියෙනවා නං වාට්ටුවෙ ඉඳංම හොඳ අවධානෙං ඉන්න එක වටිනවා.බොහොම පොඩි කාලෙ,හොස්පිටිතාලෙං අර අතේ බඳින කාඩ් කෑල්ල කියවලා ගස්ලබ්බා පුරුස නිමිත්ත බේරගත්තෙ අනූ නමයෙං.කොරන්න තිබුනෙ ඇපෙන්ඩිසෙක්ටොමි ද මොකද්දෝ... අතේ බැන්දෙ වෙන මඟුලක්.කියවපු නිසා බේරුනා .. හෙහ් හෙහ්..
    හැබැයි රවියයියෙ සිහි නැති කොරන්න කලිං කීප සැරයක්ම ලෙඩාගෙනුත් අහල කොන්ෆෝම් කොර ගන්නවා..(එක එක එව්වට ඕක අස්සට ගිහිල්ලම දැං කට පාඩං වගේ.) මක්ක හරි අවුලක් යන්න ඇති.ඩොකා ලට ඉතිං වරදින්න චෑන්ස් එකක් නෑ නෙව.ඒක පිට දාල අපට දාන සැර හිංදම කතා කොරගන්නත් බැරි වෙන එකත් හැබෑව..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      ඇපෙන්ඩෙක්ටමි මටත් කලා බං අවුරුදු තිහකට වගෙ ඉස්සර. ඒ දවස්වල සිහිනැතිකරන්නෙත් නෑ. කටට පාංකඩ ඔබල මූණත් එක්ක වැහෙන්ට පරණ සරං කෑල්ලක් වගෙ මොකක්ද එකක් එතුව. ඊට පස්සෙ ඇටෙංඩංල දෙන්නෙක් දෙපැත්තෙං ඇඳට නැඟල අත්දෙක පාග ගත්ත. තව දෙන්නෙක් කකුල් දෙක උඩ ඉඳගත්ත. ආය මොනවද ? සුරුස් ගාල බඩ කැපුව....:)

      Delete
  11. Replies
    1. කළ්‍යාණ,

      අර තරුරාසිගෙ නාට්ටිය කන්ඩායමට කියල උඹ ඕක කියවනකොට ඒ සීන් එක නාට්‍යානුසාරයෙන් රඟ දක්වන්ට සෙට් කරපං....හෙහ්,හෙහ්,

      Delete
    2. අපට එකක් දෙනවා කියල පොරොන්දු වුණා කෝ ඒක

      Delete
    3. අජිත්,

      අලුතෙන් එකක් ලියන්න ඕනද? මම හිතුවෙ ලියපුවයින් හොඳයි කියල ඔයගොල්ලන්ට හිතෙන කෑලි අරගෙන කියවනව කියලනෙ....:)

      Delete
  12. මං හිතන්නේ ඕකට හේතුව රෝගියාගෙ දකුණ සහ දොස්තරගේ දකුණු පැත්ත යන දකුණු දෙක පටලැවීම. සමූහ පිංතූර වල නං කියවලා අදාල පුද්ගලයා හොයාගන්න එකත් අමාරු වෙන්නේ ඒකනෙ.

    ReplyDelete
    Replies
    1. උඹ ලියන ඒවැත් තියෙන්නේ උතුර දකුණ මාරුවෙච්ච එව්වා නේද

      Delete
    2. සුරංග,

      ඒකට කරන්ට තියෙන්නෙ ලෙඩයි දොස්තරයි ඔපරේසං එකට කලිං වට මේස සාකච්චාවක් තියල තීරණය කරන්න ඕන ඔපරේසං එක කරද්දි වම දකුණ විදිහට සලකන්නෙ ලෙඩාගෙ වම දකුණද දොස්තරගෙ වම දකුණද කියල.

      Delete
  13. හා හා ලංකාවේ දොස්තරලාට මුකුත් කියන්න එපා.. එයාල හරිම බුද්ධිමත් සත්ව කොට්ඨාශයක්.. හැක්..

    ඔය වම දකුණ මාරු වෙච්චි දොස්තරට ඩ්‍රයිවින් පුරුදු කරපු එකා ජීවත්ව ඉන්නවනම් ඌ කියයි කී වතාවක් නූලෙන් ජීවිතේ බේරගත්තද කියල...

    ReplyDelete
    Replies
    1. අම්බලං,

      ආය මොනවද ඉතාම ඉහළම බුද්දිමත්තු කියලනෙ හිතාගෙන ඉන්නෙ...

      Delete
  14. මේවට හිනාවෙන්නද අඬන්නද කියල තේරෙන්නේ නෑ රවී.

    ReplyDelete
    Replies
    1. උදය,

      ඔබ හා එකඟයි.

      Delete
  15. ඉඳහං අදම මගේ අවයව වල අදාල එක වම ද දකුණද කියල පච්ච කොටාගන්නව. හැක්.. නිකං මොකටද හොඳට තියෙන ඒව කපාගන්නෙ.

    ReplyDelete
    Replies
    1. පච්ච කොටන එකාට වම දකුණ මාරු වෙන එකක් නෑ නේද?

      Delete
    2. කොටාගන්න එකා ඒ වෙනකොට සිහියෙන් හිටියොත් එහෙම වෙන එකක් නෑ.

      Delete
    3. තිසර සහ ප්‍රසන්න,

      / පච්ච කොටන එකාට වම දකුණ මාරු වෙන එකක් නෑ නේද? /

      එහෙම අතපහුවීමක් උනත් අවුලක් නෑ බොලව්. ඌටම කියල දිගට ඊතලයක් ගහ ගනිං අදාල අවයවයට.

      Delete
  16. බටහිර වෙදකම දැන් කාලෙ අධිපතියෙක් වෙලා. උං නියම කරන දේවල් කරන්ඩම වෙනව ගොඩක් වෙලාවට. පස්සෙ කාලෙකදි ඒ සමහර දේවල් වැරදියි කියල හොයාගන්නව. (මං ‍ආවේගයෙන් කියල වගෙයි. මේ ගැන පෝස්ට් එකක් දාන්න හිතාගෙන ඉන්නව)

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      සමහර ප්‍රතිකාර එහෙමයි. කලිං හොඳයි කියපුව පස්සෙ හොඳ නෑ කියනව.

      Delete
  17. ඔය සල්ලිය වෙදෙක් මම A/L කරන කාලේ මගෙ ඇහැක් පොට්ට කරල දැම්මා පස්සෙ ලස්සන උත්තර ටිකකුත් දුන්නා. ටික කාලෙකට පස්සෙ දේවතාවියක් වගේ වෛද්‍යවරියක් ගොඩක් මහන්සි වෙලා ආයෙත් පෙනුම අරං දුන්නා (ශතයක් වත් අය නොකර) ඒ මනුස්සකමට නම් හැමදාටම ගරු කරනව, මං මැරෙනකං පිං දෙනව.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      හප්පේ එහෙම එකකුත් උනාද?

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...