අපේ විචාතුමා.. ඡායාරූපය Transylvania බ්ලොග් අඩවියෙනි. |
අප්‍රේල් සහ මැයි මාස ලාංකික බ්ලොග්කරුවන්ට මාරාන්තික අපල කාලයක්ද කියල වෙලාවකට හිතෙනව.
මම බ්ලොග් ලියන්ට ඇවිදිල්ල මාස හයක් යන්ට උනේ නෑ සහෝදර බ්ලොගර් කෙනෙක් මියගියා. ඒ දිලුම් ...දිලුම් දිසානායක....දිලුම් බ්ලොග් එකක් ලිව්වෙ ඉලන්දාරියා යන නමින්.
මට මතක විදිහට කණෙහි ඇතිවූ දරුණු ආබාධයකට ප්‍රතිකාර ගනිමින් සිටියදී ඇතිවූ යම් සංකූලතාවයක් නිසා දිලුම් අප අතහැර ගියා.
ඉලන්දාරියා ගැන මම ලිව්ව සටහනට මෙතනින් පිවිසෙන්න පුලුවන්.
ඒ 2011 මැයි මාසෙ………….
ඊලඟට හරියටම අවුරුද්දයි ගත වුනේ....2012 මැයි මාසෙ ඔබා නොහොත් ඔබ්සර්වර් නොහොත් සනත් විජේවර්ධන අපෙන් සමුගත්තා.
ඔබා පදිංචිවෙලා හිටියෙ ඕස්ට්‍රේලියාවෙ පර්ත් නගරයෙ. හදිසියේම එහෙදි ඔහු මියගිය බව අපිට දැනගන්නට ලැබුනා.
මේ ඔබා ලියපු අවසන් සටහන....
එතකොට මේ මම ඔබා වෙනුවෙන් ලියපු මතකානුස්මරණය...
වියුණු අවකාශයේ තවත් අසමසම ලක්ෂණයක් මම හිතන්නෙ මේක. ඒ කිව්වෙ ලියපු පුද්ගලයින් මෙලොව අතහැර ගිහිල්ල සෑහෙන කලක් වුනත් ඔවුන්ගේ නිර්මාණ කී ස්ට්‍රෝක් කීපයක පරතරයෙන් අප අතරම පවතින එක.
මේ දෙන්නගෙන් ඉලන්දාරියා ජිවිතේ හිරිමල් වියේ පසුවූවෙක් වන විට ඔබා ජීවිතේ සැඳෑ සමය ගත කලෙක්...ඒත් මරණයට දින නියමවෙලා තියෙන්නෙ කවදද කියන එක වැදගත් නෑ. එනකොට දුන්නු වීසා එක එක්ස්පයර් වෙනකොට යන්නම වෙනව. ආය ඤං පචං මොකවත් බෑ. ආන්න ඒකයි ඒකෙ අවයවය..
හිතවතෙකුගෙ සහෘදයකුගෙ නික්ම යාමකදි අපි අනිවාර්යයෙන් මරණය ගැන ආයෙම හිතන්න පෙළඹෙනව. එහෙම අවස්ථාවක හැර අපි ඔය මරණය ගැන සිතුවිල්ල හිතේ පතුලෙම තියන යකඩ සේප්පුවකට දාල ඉබ්බෙකුත් දාලයි තියෙන්නෙ.
එක අතකට එහෙම නැතුවත් බෑ. අපි හැමෝම කවදාහරිම මැරෙනව තමයි. ඒත් ඉතිං එහෙමෙයි කියල 24/7 මරණය ගැන හිත හිත ඉන්ටත් බෑනෙව. ඔලුව නරක් වෙයි එහෙම හිතන්ට ගියොත්.
විචා හමුදා සේවයෙන් විශ්‍රාම ගිහිල්ල වියුණුවක් ලියන්ට පටන්ගත් පුද්ගලයෙක්. ඒ එක්කම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිපූර්ණ වියුණු රචකයෙක්. ඔහු තමන් ලියන දේ පිළිබඳව දවසෙන් සෑහෙන ප්‍රමාණයක් වැය කරල අධ්‍යයනය කරල, ඒ ලියන කරුණුවල මූලාශ්‍ර ගැන පූර්ණ වශයෙන් සෑහීමට පත් වෙලයි යම් ලියවිල්ලක් ප්‍රසිද්ධ කලේ.
ඉතින් එහෙම දැඩි කැපවීමකින් වියුණුකරණයෙහි නියැලුනු හින්දම වෙන්න ඕන අනවශ්‍ය කමෙන්ට් වලින් ඔහු බොහොම ඉක්මණට කෝපයට පත්වුනා. එහෙම වෙන්නත් එපාය එක අතකට. අච්චර මහන්සියෙන් සමහරවිට පවුලේ උදවියගෙ නොරිස්සුමට පවා ලක් වෙමින් කරුණු සොයා බලල ලිපියක් ලියල පල කලාම පාඨකයො ඒ ගැන කතා නොකර වෙන අභූත චෝදනා එල්ල කරනකොට කෝපයට පත්වෙන එකේ කිසිම පුදුම වෙන්ට දෙයක් නෑ.
විචා ඇවිල්ල අන්න ඒ ජාතියෙ පැෂනේට් බ්ලොගර් කෙනෙක්. හමුදාවෙ විනය නිසාමද කොහෙද ඔහු කරන දේ හරියටම කරන කෙනෙක්…වියුණු ලොවෙහිදී ඔහු මට අනන්ත මුණ ගැසී තිබුණත් සැබෑ ලොවෙහිදී ඔහු මුණ ගැසීමට නොලැබීම ගැන මම තවමත් දුක්වෙනව.
Eulogy නැත්නම් මරණානුස්මෘති සැමරුම් සටහන් කියල කියන්නෙ යම් කිසිවකු මිය ගියහම ඔහුගේ හෝ ඇයගේ ගුණානුස්මරණය කරමින් පබඳින කව් පෙලක් එහෙම නැත්නම් ලියන ලිපියක් එහෙමත් නැත්නම් කරන කථාවක්....ලෝක ප්‍රසිද්ධ මරණානුස්මෘති සැමරුම් සටහන් බොහොමයක් තියනව...ඒවයින් මම කැමතිම දෙකක් මේ. ඉස්සෙල්ලම ෂේක්ස්පියර්ගෙ හැම්ලට් නාට්‍යයෙ හැම්ලට් මරණාසන්න මොහොතෙ හොරේෂියෝ මෙහෙම කියනව.
Now cracks a noble heart. Good night sweet prince:
And flights of angels sing thee to thy rest!
උදාර හදකිය නිසල වූයේ,
සුබ රැයක් දයාබර වූ කුමරුනි,
දෙවඟනන් කැල ගයන ගී සර,
අසමින් නිදනු මැනව සදා ඔබ,
දෙවැන්න මාක් ට්වේන් තරුණ වියේදීම මියගිය තම දියණිය වෙනුවෙන් ලියූ පැදිපෙලක අවසාන පද කිහිපය.
Warm summer sun, shine friendly here
Warm western wind, blow kindly here;
Green sod above, rest light, rest light,
Good-night, Annette!
Sweetheart, good-night!
උණුසුම් වූ ගිම්හාන හිරු මඬල,
මෙහි ඔබේ සැඩ වූ රැස් මුදු කල මැනව,
උණුසුම් වූ අවරදිග මාරුතය,
මෙහි සුමුදු ලෙස හමනු මැන,
හරිතවන් තණ බිස්ස,
ඇය මත සැහැල්ලුව රැඳෙනු මැන,
සුබ රාත්‍රියක්, දයාබර ඇනට්,
මා සොඳුර, ඔබට සුබ රාත්‍රියක්!
විචා විශ්‍රාමික හමුදා නිලධරයෙක් හින්ද හමුදාවට අදාල මේ උද්ධෘතයෙන් මම මේ ගුණානුස්මෘති සැමරුම් සටහන නිමා කරන්නට කල්පනා කලා.
"If it moves, salute it; if it doesn't move, pick it up; and if you can't pick it up, paint it."
So My Dear Wicharaka,
Course you didn't move,
But strode like a colossus among us,
So I salute you with profound regrets in my heart,
Because we never had the opportunity to meet in real life,
But we would meet there somewhere,
Where you are now of course,
Until then….
My deeply respectful salute to you Wicha….
ඔහු ගැන වැඩිම විස්තරයක් දන්නෙ නැතී
ReplyDeleteඔහු ව එක වරක් පමණක් දැකල ඇතී
ඔහු හොඳ රචකයෙකු බව මා අසා ඇතී
ඔහු ට සුභ ගමන් පතනෙමි හදින් බැතී.....
ඔහුගේ අවසන් සටහන් විශ්මය දනවන සුළුයි. දැන හෝ නොදැන ඔහු එම සටහනෙන්, තමන් සමුගන්න බව කියා තිබෙනවා. මරණය මිනිස්සුන්ට කලින් දැනෙනවාද කියලා හිතෙනවා...
ReplyDeleteනිදහස්..!
ReplyDeleteඇත්තම කියනවානම් මේ ලිපිය තමයි විචාගේ අකල් මරණය ගැන ලියවුනු මම කියෙව්ව හොඳම ලිපිය.
නිවන පව් පිං ගැන විශ්වාස නොකරන මම නං හිතන්නෙ කවුරු උනත් ටිකට් එක ලැබුන ගමන් යන්න වෙනව.
සුභ ගමන් විචා මාමි
🙏
ඉතාමත්ම අගනා ලියවිල්ලක්!!!!!!!!!!!!!!
ReplyDeleteදවස් කීපයක් හරියට බ්ලොග් කියවන්න බැරි වුණා, අද උදේ බලනකොට එක පාරටම දැක්කේ විචා තුමාගේ නික්මයාම.
ReplyDeleteඔහු අසනීපෙන් හිටි බව අරහෙන් මෙහෙන් දැක්කත්, මම හිතුවේ ඔහු සුව වෙලා නැවත ලියාවි කියල.
කොහේ හෝ ඉඳන්, දිගින් දිගටම ඔහු ආස දේ ලියන්නට, සුභ ගමන් පතමි...
ඔබා මාමා අහිමි වුනු වෙලාවෙ දැනුනා වගේම දුකක් විචාරක තුමා වෙනුවෙනුත් දැනෙනව.අනුන් වෙනුවෙන් කාලය කැප කරපු සොඳුරු මිනිස්සු.
ReplyDeleteගිය තැනක හොඳින් ඉන්න ලැබේවි සුබ ගමන්!
(කමෙන්ට් එක පබ්ලිස් කරන්න හදද්දි අකුරු හරියට ටයිප් කරලද දන්නෑ කියල හිතෙන්න හේතුවක් වුනු අයගෙන් එක්කෙනෙක් විචාරක තුමා )
සුභ ගමන් මගේ ජේෂ්ඨ සගයාට!!!
ReplyDeleteමරණය කියන්නෙ ජීවිතයෙම වැදගත් කොටසක් .
ReplyDeleteWicharakata niwan suwa...!
ReplyDeleteMe satahana itha wedagath Ravi...
Wicharakata niwan suwa...!
ReplyDeleteMe satahana itha wedagath Ravi...
හොඳ බ්ලොග් සටහනක්.
ReplyDeleteඇත්තටම ඒ වගේ කැපවීමකින් වෙනකෙකුට දැනුමක් ලබාදෙන්න කැපවුන කෙනෙක් දැක්කමයි.
සුබ ගමන් විචා.
ඔබේ මේ සටහන ඉතාම වටිනවා ....රවී...
ReplyDeleteඅපි අපෙන් වෙන්වුන අයගේ මතක හිතේ පතුලේම සේප්පුවක දාල වහල තියෙන්නේ...ඇත්ත...ආයෙම දෙයක් උනාම ඒ ඔක්කොම ආපහු එලියට එනවා ....
සුබ ගමන් විචාරක තුමනි
සුබ ගමන් විචාරක තුමණි :(
ReplyDeleteරවිගේ සටහනට විශ්ව සාහිත්‍යයෙන් ලබාගෙන ඇති උපුටන හරිම වැදගත්. කෙනෙකුගේ නික්ම යාම පිළිබඳව නිර්ව්‍යාජ අදහස් ඒවායේ තිබෙන්නේ.
ReplyDeleteවිචාරක, අපි නැවත එහේ දී ම දවසක හමුවෙමු!
ReplyDeleteබයවෙන්න එපා, ඊළඟ වීසා එක ඔබතුමාට
Deleteසුබ ගමන් විචාරක තුමාට. ඇත්තටම මේ ඔක්කොම බ්ලොග් ලෝකෙට තදින්ම දැනුනු මරණ.
ReplyDeleteවිචාරක ගියත් විචාරක ලිව්වා දේවල් තවත් කාලයක් යනකම් සිංහල පාඨකයන්ගේ බුද්ධිය,රසය වර්ධනය කරාවි.අනිත් එක ඔහු සිංහල බ්ලොග් අවකාශයට සිදු කෙරුවේ විශාල සේවයක්.විශේෂයෙන්ම සිංහල පාඨකයින් උදෙසා ඔහු ලියු ලිපි වලින් බොහෝ දෙනෙක් ඒ විෂයන් ගැන හොඳ දැනුමක් ලබා ගත්තා.
ReplyDeleteවිචාරකතුමා වෙනුවෙන් වටිනා සටහනක්...
ReplyDeleteහැමදාමත් විචාගේ මතකය අපි අතර රැඳී තියේවි...
Bohoma kanagatu puwathak,
ReplyDeleteWicharakathuma venuwen Kala satahana anargai
ඇසින් නොදැක්ක වුනාට හදවත දැනුන පුද්ගලයෙක්. විචාරක තුමාට නිවන් සුව පතමි. ඔබ තුමාගෙන් උගත් දේ බොහොමය. ඔබ නැති අඩුව සිංහල බ්ලොග් ලෝකයට ලොකු අඩුවක් වෙවි.. Good Bye Sir.....
ReplyDeleteකැපවීමෙන් හරියට දෙයක් කල බව හොඳටම ශුවර් මනුස්සයෙක්.ඉලක්කම් වලින් වයස ගියාට හදවතින් තරුණ අපූරු අයෙක්..
ReplyDeleteසුභ ගමන් විචා.
ජයවේවා..!!
He wrote with a passion but was very concerned with the quality of the writing.
ReplyDeleteHis posts were very informative but were highly entertaining.
RIP, W.
මට තේරෙන්නේ නෑ රවී මට හැඟීම් දැනීම් නැති වේගෙන යනවද කියලා.
ReplyDeleteසමහරවිට මම මරණය දකින පැත්ත හින්දා එහෙම වෙනවද මන්දා. ඔහු අසනීපයෙන් හිටි බව දැනගත්තා.ඉතින් ඒක හින්දාම ඔහු මිය ගිය එක ගැන මට දැනෙන්නේ සතුටක්.( කෙනෙක් මියගියාම දුක් විඳින්නේ නෑ කියලා මම තදින් අදහන කෙනෙක්.)
නමුත් කලින් සඳහන් කරපු මලගෙවල් දෙකේදිම මම හෙනටම කම්පා වුනා. දිළුම් ගේ අවමගුලට මම සහාභාගිවුනත් එක්ක. ඊටත් වඩා මම දිළුම් වෙනුවෙන් කරන්න පටන්ගත්තු වැඩ වගයකුත් එතකොට අතරමග. ඒක ලොකු ශොක් එකක් ගෙනාවා. ඔබා නැති වුනාම මම දවසක් දෙකක් යනකම් නියුට්‍රල් වුනා. මියදෙන්න මොහොතකට කලිනුත් අපි ත් එක්ක කොමන්ට් කරපු කෙනෙක් එහෙම මියයන්න පුළුවන්ද? අනික කිසිම ලෙඩක් නැතිව අන්තිම මොහොත වෙනකම්ම ජීවිතේ වින්ද කෙනෙක්?
වැඩිහිටියෙක් වුනාට ඔබා එක්ක තිබුනේ හරිම ෆ්‍රෙන්ඩ්ලි සමාගමයක්. කවදාවත් හිත රිදෙන වචනයක් කාටවත් කියනවා මම දැකලාම නෑ.
ඒත් මේ මරණෙදි මට එහෙම දැනුනේ නෑ. සමහරවිට ඔහු මට ඔහු ගැන තියලා තිබ්බ මතකය සොඳුරු නොවුන නිසාත් වෙන්න පුළුවන්. එකම එක දවසක් ඔහුගේ පෝස්ට් එකකට හරිම කොමන් කොමන්ට් එකක් දැම්මම මට මගේ ජාතිය, ජන්මය, මා පැවතෙන සමාගම්, NGO හා මා ගැන ලොකු ෆයිල් ඔහු සතු බව කීවා. ඇත්තටම මම ලොකු හොරෙක් හා ඉන්ටර්පෝල් වලින් පවා හොයන බයානක කෙනෙක් වගේ මොනාදෝ දේවල් එලියට දාන බවකුත් කියලා තිබුනා. 2013 හෝ 2014දි මට මතක විදියට. අනේ එදා ඉඳන් මම ඔය බ්ලොග් එක පළාතකවත් ගිහින් නෑ. බොරු කියන්නේ මොකටද මම හිතුවේ මානසික අසහනයකින් පෙළෙන කෙනෙක් කියලා.
කොහොමත් ඒ වගේ සමාගම් වලට මම බයයි. (අනික ඉතින් බොරු මොකටද මම නොදන්න අපරාදකාරයෙක්, හොරෙක් වෙන්න මට උවමනාවක් තිබුනෙත් නෑ. )
මේක මට විතරක් වුන දෙයක් වෙන්නැති අනිත් හැමෝම ඔහු ගැන සුන්දර මතක කියනකොට මට මෙහෙම කියන්න වෙන එක. ඒත් මේ ඔහුට අපහාසයක් වෙන්න කොමන්ට් එකකුත් නෙමෙයි. ඇත්ත ඇති සැටියෙන් හා මට අවංකවම දැනුන හැඟීම.
සමා වෙයන් හිත රිදුනා නම්...
ඔහු ඉක්මණින් සැනසීම හොයාගත්ත එක ගැන නම් මට අපමණ සතුටුයි. (මට අනුව ජීවත්වීම කියන්නෙම දුකක් විතරයි. )
//හිතවතෙකුගෙ සහෘදයකුගෙ නික්ම යාමකදි අපි අනිවාර්යයෙන් මරණය ගැන ආයෙම හිතන්න පෙළඹෙනව. එහෙම අවස්ථාවක හැර අපි ඔය මරණය ගැන සිතුවිල්ල හිතේ පතුලෙම තියන යකඩ සේප්පුවකට දාල ඉබ්බෙකුත් දාලයි තියෙන්නෙ.//
ReplyDeleteරවී සෑර්, වැඩේ මේකනේ.
ඔය පතුලේම තියෙන යකඩ සේප්පුව ටිකක්කල් යනකොට මළකඩඅල්ලලා දිරනවා.
ඉබ්බා තිබුනට වැඩක්නෑ
With u...
ReplyDeleteReturn
If
Possible
Because, soil needs a little salt...