හදිසියේ කඩා වැටුනු මීතොටමුල්ල යෝධ කුණු කන්ද ඉහත ඡායාරූපයෙන් දැක්වේ. ඡායාරූපය ගුවන් හමුදාව මඟින් ගන්නා ලද්දකි. |
මේ කුණු කන්ද බැලුවා ඔරවන් මදෙස,
ඒ කුණු කන්ද නෑගම් ආ අද දවස,
ඔබ මා අතැර සදහට නික්මුනු දවස.
වැහිබර අහස කඳුලක් හෙලනට තතනයි,
සුළඟේ වැලපිල්ල හිත සැතකින් සූරයි,
ළය පැලහෙනා ගින්දර නෙත කඳුළු දවයි,
සිහිනය මියගියේ කුණු කන්දට වැහිලයි.
ඔබ මා සුරත එල්ලී මෙහි ආ දවස,
මේ කුණු කන්ද වැඩ සිටියා ඔරවාන,
ඒ කුණු කන්ද නෑගම් ආ අද දවස,
ඔබ මා අතැර සදහට නික්මුනු දවස.
:( :(
ReplyDeleteඅර්ධ සහශ්‍රයට සුබපැතුම් ජයවේවා !
Delete[°•_•°] {`^`…´^´} (~•`_´•~),
Deleteඔව්, ඉතාම කණගටුදායක අවස්ථාවක් සහෝදරයා..ඒ එක්කම සුබ පැතුමට ස්තූතියි...
ඒ ගැන සිතන විට කියා ගන්න බැරි කාලකන්නි කමක් සිතට දැනෙනවා නේද?
ReplyDeletep/s:
කුණු කළමණාකරනය ප්‍රශස්තව කෙරෙන ලංකාවක 1,000 ලිපිය ලියවේවා!
රසික,
Deleteඅපොයි කියල වැඩක් නෑ..කුණු වලට යටවෙලා මියයන්නට සිදුවීම මොන තරම් අවාසනාවක්ද?
P/S - ස්තූතියි ඔබේ ප්‍රාර්ථනයට...
මතකය එදා මීතොටමුලු කුණු උසය
ReplyDeleteදුකකිය පරිසරේ වැනසූ එක දොසය
අනගිය නුඹ ලියූ පදවැල නම් රසය
සතුටුය නුඹේ පන්සීයක් ලිපි රසය.....
ජයවේවා!!!
දුමී,
Deleteපන්සියයක් ලියන්නට
දිරිය වූයේ
ඔබ සැම මිස
වෙන කවුරුද?
පොස්ට් 500ලිව්වාට සුබ පැතුම් රවීයියේ.
ReplyDeleteමීතොටමුල්ලේ මිනිසුන්ගේ ජිවිත වලට අගයක් දීලා තිබ්බේ නැහැ වගේම ඒ තරම් ඛේදවාචකයක් වෙලා ඒ මිනිස්සු මැරුණාට පස්සෙවත් හරි වටිනාකමක් දීලා නැහැ
බොහොම ස්තූතියි මනෝජ්...
Deleteමේක පින්ච් පොයින්ට්ගෙ එකේ කොපියක් නෙවෙයිද
ReplyDeleteඇනෝ,
Deleteපින්ච් පොයින්ට් තුමාත් මේ අදහසින්ම පෝස්ට් එකක් ලියල තියනව නේද? මම දැක්කෙ ඔහේ කිව්වට පස්සෙ...:)
පං සීයට සුබ පැතුම් !!
ReplyDeleteකුණු කේස් ඇදගන්න ඕන නෑ.
Thanks Prasanna...
Deleteඔබ මා සුරත එල්ලී මෙහි ආ දවස,
ReplyDeleteමේ කුණු කන්ද වැඩ සිටියා ඔරවාන,
ඒ කුණු කන්ද නෑගම් ආ අද දවස,
ඔබ මා අතැර සදහට නික්මුනු දවස.
ජය වේවා ..!!!
Thanks Sumudu...
Deleteකඩා වැටුන මීතොටමුල්ලේ කුණු කන්දන්දට, සියලු ගොසිප් වෙබ් අඩවි ලෙසින්ම බ්ලොග් ලෝකයද යටවී ඇති බවයි පෙනී යන්නේ.
ReplyDeleteඇනෝ,
Deleteමේ වගෙ අහස පොළව නුහූලන ඛේදවාචකයකදි එහෙම වෙනවනෙ...
ජීවත් වීමට නුසුදුසු පරිසරයක ජීවත් වෙන්න සිද්ධ වීම නිසා මරා දමනු ලැබූ මිනිස්සු..!
ReplyDeleteවර්ෂා,
Deleteඅන්න හරියටම හරි...
නෑ... පාලකයන් විදිහට මිනිස්සු 225ක් පත්කරගැනීමට නොහැකි ජනතාවකගෙන් දඬුවම් ලබපු සුලු පිරිසක්
Deleteකසුට්ටා , අන්න කතාව .
Deleteකටුසු,
Delete++++++++++++
500 ට සුබ පැතුම් රවී! පුදුම කාලකණ්නිකමක් හිතට දැනෙනවා.
ReplyDeleteස්තූතියි උදය..( සුබ පැතුමට හොඳද? )
Deleteකුණු වගේම පැත්තකට දාලා තිබුණු මිනිස්සු කොටසක්...දැන්වත් ඇස් ඇරලා ඒ මිනිස්සුදිහා බැලුවොත් හොඳයි.. අනික වෙනද වැහි කාලෙට සිදුවෙන වගේ මිනිස්සු යට උනේ පස් කන්දකට නෙවෙයි... අපේම රටේ මිනිස්සුන්ගෙන් කුණුවලට.. ඒකයි නේද දුක....
ReplyDelete500 වන පෝස්ටුවට සුභ පැතුම්.... තව තවත් ලියන්න හැකි වේවා..
ඔබටත් ස්තූතියි නිර්මාණි...
Deleteපංසීයට සුබ පැතුම් !!
ReplyDeleteකුණු ගැන නොදොඩා ඉමු...
ස්තූතියි විදානේ...
Deleteමේ ගීත පද පේළි දකිද්දි මතක් වුණේ ඊයෙ අහන්නට ලැබුණු කතාවක්... නුවර ඉඳන් මීතොටමුල්ලට හොර රහසේම පිටත් වෙලා ආව ළාබාල මනාලියක්... විවාහ වෙන්නට තවමත් නීතියෙන් අවසර නෑ. අැයගේ ප්‍රේමවන්තයත් මිය ගිහින්. මේ ළාබාල පතිනිය ඔහුට පාංශුකූලය දෙන්නට වාඩි වුණාලු. ඇයගෙ අනාගතය මොන විදියට විසඳේවිද?
ReplyDeleteමේ වගේ තවත් පීඩාවට පත්වුණු දස දහසක් මිනිසුන් ලංකාව පුරාම ඉන්නවා. වාසනාවන්ත භූමියක් මේ වගේ අපායක් කරගත්තෙ අපිමයි නේද කියල හිතෙනවා. අපිත් යම් තරමකින් හරි දායක වෙලා තියෙනවා කියන වරදකාරී හද රිදුමක් මට තියෙනවා.
තරුරසී,
Deleteහපොයි හිත කීරිගැහෙන කතාවක්!
ලොකු අයියේ 500 ට සුබ පැතුම්.
ReplyDeleteකුණු ගැන මොනවා කතා කරන්නද දැන්
Thanks Ivan...
Deleteසුබ පැතුම් :)
ReplyDeleteගොඩක් සංවේදී සටහනක්.
Thanks Maanavi...
Delete500 ට :-)
ReplyDelete500ට ලියන්න වුන දේ :-(
ප්‍රා,
Deleteකියල වැඩක් නෑ... බලමුකො ප්‍රා ඒකෙත් හැටි..500ට ලියන්න වුනේ ඛේදවාචකයක් ගැන නෙ.
මම 500 වෙනි පෝස්ට් එකට දාන්න කියල වෙනස්ම මාතෘකාවක් ගැන ලිපියක් බාගෙට ලියල තිබ්බෙ...දැං ඒක ඉවරයක් කරන්න කම්මැලියි වගෙ...:)
:(( මොනවා කියන්නද?
ReplyDeleteඒත් 500 ට සුබ පැතුම්.
Thanks Sayuri.
DeleteCongratz for 500 brother
ReplyDeleteThanks Dracky...
Deleteමහ කාලකන්නි දවස් ටිකක්.. මොකක්වත් ලියන්න,හිතෙන්නේ නෑ මේ ගැන..
ReplyDeleteපන්සියවෙනි ලිපියට සුභ පැතුම් රවී අයියා.. දාහ ලියනකොටත් මේ ප්‍රශ්ණේ මෙහෙමම තියෙයිද මංද..
500 ලියන්න උනේ මේ වගේ මූසල සිද්ධියක් ගැනවීම කණගාටුයි. හැබැයි ලිපි 500 ලියනවා කියන්නේ පට්ට වැඩක්
ReplyDelete