Monday, April 17, 2017

500. මීතොටමුල්ල……..

හදිසියේ කඩා වැටුනු මීතොටමුල්ල යෝධ කුණු කන්ද
ඉහත ඡායාරූපයෙන් දැක්වේ. ඡායාරූපය
ගුවන් හමුදාව මඟින් ගන්නා ලද්දකි.

ඔබ මා සුරත එල්ලී මෙහි ආ දවස, 
මේ කුණු කන්ද බැලුවා ඔරවන් මදෙස,
ඒ කුණු කන්ද නෑගම් ආ අද දවස,
ඔබ මා අතැර සදහට නික්මුනු දවස.


වැහිබර අහස කඳුලක් හෙලනට තතනයි, 
සුළඟේ වැලපිල්ල හිත සැතකින් සූරයි, 
ළය පැලහෙනා ගින්දර නෙත කඳුළු දවයි, 
සිහිනය මියගියේ කුණු කන්දට වැහිලයි.

ඔබ මා සුරත එල්ලී මෙහි ආ දවස, 
මේ කුණු කන්ද වැඩ සිටියා ඔරවාන, 
ඒ කුණු කන්ද නෑගම් ආ අද දවස, 
ඔබ මා අතැර සදහට නික්මුනු දවස.



42 comments:

  1. Replies
    1. අර්ධ සහශ්‍රයට සුබපැතුම් ජයවේවා !

      Delete
    2. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      ඔව්, ඉතාම කණගටුදායක අවස්ථාවක් සහෝදරයා..ඒ එක්කම සුබ පැතුමට ස්තූතියි...

      Delete
  2. ඒ ගැන සිතන විට කියා ගන්න බැරි කාලකන්නි කමක් සිතට දැනෙනවා නේද?

    p/s:
    කුණු කළමණාකරනය ප්‍රශස්තව කෙරෙන ලංකාවක 1,000 ලිපිය ලියවේවා!

    ReplyDelete
    Replies
    1. රසික,

      අපොයි කියල වැඩක් නෑ..කුණු වලට යටවෙලා මියයන්නට සිදුවීම මොන තරම් අවාසනාවක්ද?

      P/S - ස්තූතියි ඔබේ ප්‍රාර්ථනයට...

      Delete
  3. මතකය එදා මීතොටමුලු කුණු උසය
    දුකකිය පරිසරේ වැනසූ එක දොසය
    අනගිය නුඹ ලියූ පදවැල නම් රසය
    සතුටුය නුඹේ පන්සීයක් ලිපි රසය.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී,

      පන්සියයක් ලියන්නට
      දිරිය වූයේ
      ඔබ සැම මිස
      වෙන කවුරුද?

      Delete
  4. පොස්ට් 500ලිව්වාට සුබ පැතුම් රවීයියේ.

    මීතොටමුල්ලේ මිනිසුන්ගේ ජිවිත වලට අගයක් දීලා තිබ්බේ නැහැ වගේම ඒ තරම් ඛේදවාචකයක් වෙලා ඒ මිනිස්සු මැරුණාට පස්සෙවත් හරි වටිනාකමක් දීලා නැහැ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝජ්...

      Delete
  5. මේක පින්ච් පොයින්ට්ගෙ එකේ කොපියක් නෙවෙයිද

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      පින්ච් පොයින්ට් තුමාත් මේ අදහසින්ම පෝස්ට් එකක් ලියල තියනව නේද? මම දැක්කෙ ඔහේ කිව්වට පස්සෙ...:)

      Delete
  6. පං සීයට සුබ පැතුම් !!

    කුණු කේස් ඇදගන්න ඕන නෑ.

    ReplyDelete
  7. ඔබ මා සුරත එල්ලී මෙහි ආ දවස,
    මේ කුණු කන්ද වැඩ සිටියා ඔරවාන,
    ඒ කුණු කන්ද නෑගම් ආ අද දවස,
    ඔබ මා අතැර සදහට නික්මුනු දවස.

    ජය වේවා ..!!!

    ReplyDelete
  8. කඩා වැටුන මීතොටමුල්ලේ කුණු කන්දන්දට, සියලු ගොසිප් වෙබ් අඩවි ලෙසින්ම බ්ලොග් ලෝකයද යටවී ඇති බවයි පෙනී යන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      මේ වගෙ අහස පොළව නුහූලන ඛේදවාචකයකදි එහෙම වෙනවනෙ...

      Delete
  9. ජීවත් වීමට නුසුදුසු පරිසරයක ජීවත් වෙන්න සිද්ධ වීම නිසා මරා දමනු ලැබූ මිනිස්සු..!

    ReplyDelete
    Replies
    1. වර්ෂා,

      අන්න හරියටම හරි...

      Delete
    2. නෑ... පාලකයන් විදිහට මිනිස්සු 225ක් පත්කරගැනීමට නොහැකි ජනතාවකගෙන් දඬුවම් ලබපු සුලු පිරිසක්

      Delete
    3. කසුට්ටා , අන්න කතාව .

      Delete
    4. කටුසු,

      ++++++++++++

      Delete
  10. 500 ට සුබ පැතුම් රවී! පුදුම කාලකණ්නිකමක් හිතට දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උදය..( සුබ පැතුමට හොඳද? )

      Delete
  11. කුණු වගේම පැත්තකට දාලා තිබුණු මිනිස්සු කොටසක්...දැන්වත් ඇස් ඇරලා ඒ මිනිස්සුදිහා බැලුවොත් හොඳයි.. අනික වෙනද වැහි කාලෙට සිදුවෙන වගේ මිනිස්සු යට උනේ පස් කන්දකට නෙවෙයි... අපේම රටේ මිනිස්සුන්ගෙන් කුණුවලට.. ඒකයි නේද දුක....

    500 වන පෝස්ටුවට සුභ පැතුම්.... තව තවත් ලියන්න හැකි වේවා..

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි නිර්මාණි...

      Delete
  12. පංසීයට සුබ පැතුම් !!

    කුණු ගැන නොදොඩා ඉමු...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානේ...

      Delete
  13. මේ ගීත පද පේළි දකිද්දි මතක් වුණේ ඊයෙ අහන්නට ලැබුණු කතාවක්... නුවර ඉඳන් මීතොටමුල්ලට හොර රහසේම පිටත් වෙලා ආව ළාබාල මනාලියක්... විවාහ වෙන්නට තවමත් නීතියෙන් අවසර නෑ. අැයගේ ප්‍රේමවන්තයත් මිය ගිහින්. මේ ළාබාල පතිනිය ඔහුට පාංශුකූලය දෙන්නට වාඩි වුණාලු. ඇයගෙ අනාගතය මොන විදියට විසඳේවිද?

    මේ වගේ තවත් පීඩාවට පත්වුණු දස දහසක් මිනිසුන් ලංකාව පුරාම ඉන්නවා. වාසනාවන්ත භූමියක් මේ වගේ අපායක් කරගත්තෙ අපිමයි නේද කියල හිතෙනවා. අපිත් යම් තරමකින් හරි දායක වෙලා තියෙනවා කියන වරදකාරී හද රිදුමක් මට තියෙනවා.

    ReplyDelete
    Replies
    1. තරුරසී,

      හපොයි හිත කීරිගැහෙන කතාවක්!

      Delete
  14. ලොකු අයියේ 500 ට සුබ පැතුම්.

    කුණු ගැන මොනවා කතා කරන්නද දැන්

    ReplyDelete
  15. සුබ පැතුම් :)

    ගොඩක් සංවේදී සටහනක්.

    ReplyDelete
  16. 500 ට :-)

    500ට ලියන්න වුන දේ :-(

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      කියල වැඩක් නෑ... බලමුකො ප්‍රා ඒකෙත් හැටි..500ට ලියන්න වුනේ ඛේදවාචකයක් ගැන නෙ.

      මම 500 වෙනි පෝස්ට් එකට දාන්න කියල වෙනස්ම මාතෘකාවක් ගැන ලිපියක් බාගෙට ලියල තිබ්බෙ...දැං ඒක ඉවරයක් කරන්න කම්මැලියි වගෙ...:)

      Delete
  17. :(( මොනවා කියන්නද?

    ඒත් 500 ට සුබ පැතුම්.

    ReplyDelete
  18. මහ කාලකන්නි දවස් ටිකක්.. මොකක්වත් ලියන්න,හිතෙන්නේ නෑ මේ ගැන..
    පන්සියවෙනි ලිපියට සුභ පැතුම් රවී අයියා.. දාහ ලියනකොටත් මේ ප්‍රශ්ණේ මෙහෙමම තියෙයිද මංද..

    ReplyDelete
  19. 500 ලියන්න උනේ මේ වගේ මූසල සිද්ධියක් ගැනවීම කණගාටුයි. හැබැයි ලිපි 500 ලියනවා කියන්නේ පට්ට වැඩක්

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...