Monday, April 24, 2017

502. නිදහස් සිතුවිලි ගැන ලක්බිමේ.......

නිදහස් සිතුවිලි පිළිබඳව ලක්බිමේ පළවූ ලිපිය
ඉහත ඡායාරූපයෙහි දැක්වේ.


ඔබ බ්ලොග් රචනයේ යෙදෙන්නට පෙළඹුනේ කෙසේද?

ඉතාම අහම්බයෙන් කියල කියන්න පුලුවනි කිසිම සැකයක් නැතුව. ඇත්තටම බ්ලොග් එකක් ලියන්නට මාව පෙළඹුවෙ මගේ ළබැඳි හිතවතියක් වන රන්දිකා රණවීර ප්‍රනාන්දු මහත්මිය. තවත් විස්තර කලොත් මම බ්ලොග් ලිවීමෙහි යෙදෙනා නිදහස් සිතුවිලි බ්ලොගයේ හිමිකාරිය ඇයයි. තනිකරම ඇගේ දිරි ගැන්වීම මතයි මම මෙහෙම දෙයක් පටන් ගත්තෙ. ඒ හින්ද ඒ ගෞරවය සම්පූර්ණයෙන් ඇයට ලැබෙන්නට අවශ්‍යයයි.

ඔබේ පෞද්ගලික තොරතුරු දැනගන්න අප කැමතියි

මම දැනට මැද පෙරදිග ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක නිරත වෙලයි ඉන්නෙ. මගේ පියා ජීවතුන් අතර නැහැ. මගේ මව බාල සහෝදරියන් දෙදෙනා සහ මගේ භාර්යාවගෙනුයි මගේ පවුලේ උදවිය සමන්විත වෙන්නෙ.

බ්ලොග් රචනයෙහි යෙදීමට පෙර ඔබ වෙනත් ලේඛන කටයුතුවල යෙදී තිබුනාද?

කාලෙකට පෙර කවි සහ කෙටිකතා රචනයෙහි යෙදුනා විනෝදාංශයක් වශයෙන්. ඒත් පසුකාලීනම කාර්ය බහුලත්වය මත ඒ කටයුතු කෙමෙන් අතපසු වෙලා අන්තිමට නැත්තටම නැතිවෙලා ගියා.

කාර්ය බහුලත්වය අතරේ බ්ලොග් ලිවීමට කාලය හොයාගන්නේ කොහොමද?

මම බ්ලොග් ලිවීම අරම්භ කලේ රැකියාව උදෙසා විදේශ ගත වුනාට පස්සෙ. ළබැඳියන්ගෙන් වෙන්ව හුදකලාව ගතකරන කාලය මම යොදා ගත්තෙ ලිවීමට. ඒ නිසාම කාර්ය බහුලත්වය බාධාවක් වුනේ නැහැ බොහෝවිට. රැකියාවේ නිරතව ගතවන කාලයෙන් පසු මගේ කුටියේ ගතකරන කාලය මම බොහෝවිට යොදාගන්නෙ ලිවීම උදෙසා.

ලංකාවේ බ්ලොග් කියවන්නන් සාපේක්ෂව අඩුයි. සීමිත පිරිසක් සඳහා ලියන විට ලැබෙන ප්‍රතිචාර ගැන සෑහීමට පත්විය හැකිද?

ඔබ පවසන කරුණ සම්පූර්ණ සත්‍යයක්. ලංකාවෙ බොහෝදෙනෙක් බ්ලොග් කියල දෙයක් තියනවද කියලවත් දන්නෙ නෑ. ඒත් ඇත්තටම ඒ සීමිත පාඨකයින් සංඛ්‍යාවක් හෝ අප ලියන දේ කියවා ඊට ඔවුන් දක්වන අවංක ප්‍රතිචාර, ඒ කියන්නෙ අගය කීරිම් සහ විවේචන දෙකම ගැන මම මේ කියන්නෙ,පිළිබඳව අවංකවම සතුටු විය හැකියි. තව කාරණයක් පුවත්පතක පලවන ලිපියක්, ඒ වගේම කවිපොතක් කෙටිකතා පොතක් නැත්නම් නවකතා පොතක් වගේ නෙවෙයි බ්ලොග් එකක පලවන නිර්මාණයකට එසැණින් ප්‍රතිචාර ලැබෙනව. අන්න ඒක මම හිතන්නෙ ඉතාම සුවිශේෂී කාරණයක්.

ඔබට පාඨකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොනවාද?

බොහෝවිටම පැසසුම් තමයි. දැඩි මතභේදයට හේතුවෙන කරුණු පිළිබඳව මම ලියනවා බොහොම අඩුයි. ඒ නිසා විවේචන බොහොම අඩුයි. එකම විවේචනයක් තියෙනව නම් තියෙන්නෙ එක දිගට එකම කතාවක් නොලියා අර කතාවෙන් කොටසකුයි මේ කතාවෙන් කොටසකුයි වගෙ ලියල පාඨකයා තුෂ්නිම්භූත කරවනවයි කියල. අනික් අතට මම හිතන්නෙ මේ වෙනකොට එහෙම ලියන එක මගේ අනන්‍යතාවය වෙලා ඉවරයි. ඒ හින්ද මට ඕන වුනත් ඒ ශෛලියෙන් මිදෙන්න බැරිතැනටම ඇවිල්ල.

ලංකාවේ බ්ලොග් ලියන්නන්ට ලැබෙන ප්‍රතිචාර ගුණාත්මකද?

කිසිම සැකයකින් තොරව එක හෙලාම ඔව් කියල කියන්නට පුලුවන්. යමක් ලියල බ්ලොග් එකේ පළකලහම පාඨකයො දක්වන ප්‍රතිචාර මත සමහරවිට රචකයා කිසිසේත්ම අදහස් නොකල මානයකට බලාපොරොත්තු නොවුනු දිශාවකට සාකච්ඡාව ඇදිල යන්න පුලුවන්. ඒ වගේම බොහෝ විට එහෙම සිද්ධ වෙලා ඉතාමත් හරබර ඒ වගේම ජීවිතයට ඉතාම වැදගත් කරුණු ඒ සංවාද වලින් ඉස්මතු වෙලා තියනව.

බ්ලොග් රචනයෙහි යෙදීමට ප්‍රිය කරන අයට ඔබ පැවසීමට කැමති කුමක්ද?

එහෙම උපදෙස් විදිහට නම් යමක් කියන්න මගේ කැමැත්තක් නෑ. මොකද බ්ලොග් ලිවීම කියන්නෙ අනෙකුත් හැම කලා කටයුත්තක් වගේම සම්පූර්ණ නිදහස ඇතුව නිරතවිය යුතු කටයුත්තක්. සමහරවිට වෙනත් බොහෝ කලා කටයුතුවලටත් වඩා නිදහස් මාධ්‍යයක් කියල කියන්නත් පුලුවන්. ඒ කියන්නෙ අනෙකුත් මාධ්‍යයන්ට ඇති සීමාකාරී බාධකයන් බ්ලොග් ලිවීමෙහි නෑ. යමක් කියනවනම් කියන්න තියෙන්නෙ "සහෘදයිනි, ඔබේ සිතැඟි පරිදි නිදහසේ නිරතවීමට හැකි මාධ්‍යයක් වන බ්ලොග් ලිවීමෙහි ඇති නිදහස උපරිමයෙන් භුක්ති විඳින්න. සිත් සතුටින් එහි නිරත වන්න" කියල තමයි.

ලක්බිමෙහි ලිපියට මෙතනින් පිවිසිය හැක.

82 comments:

  1. ලියයි ලිපිය ඉන් අපි නිති තුටු කෙරුණා
    එයයි නුඹේ දස්කම්වල රැඳි කරුණා
    අදයි දැක්කෙ රවි අයියගෙ රුව වරුණා
    බයයි මුකුත් නොකියා යන්නට හැරුණා.......

    ජයවේවා!!!


    ReplyDelete
    Replies
    1. දුමින්ද,

      අපොයි අර අහවල් දේකටද බං බය වෙන්නෙ? අපි ඇවිල්ල බෝම අහිංසක ඩෑල්..හරිය?

      Thanks Dumee...:)

      Delete
  2. ශුභපැතුම් !

    අවුලක් නහැනේ..... මෙන්න ලින්ක් එක...

    http://www.lakbima.lk/oldpapers/daliylakbima/2017/April/last_23_04_17/manjusawa.pdf

    ReplyDelete
    Replies
    1. Unknown,

      ආය අහවල් අවුලක්ද? ඒ සබැඳිය දාන්න බැරිවුනු එක මගෙන් වෙච්ච අතපසුවීමක්.. Thanks so much

      Delete
  3. බ්ලොග් කියවන්න වුනේම නෑ පහුගිය ටිකේ. අහම්බෙන් වගේ මේකත් දැක්කේ.
    රවී තුමාට අපි ගරු කරනව මදි වගේනේ. එහෙම කිව්වේ ඉතින් අර කොච්චර බැන්නත් ඒවා ගනන් ගන්නේ නැතිව ඔහේට ඕනේ විදියට එක එක කතා දෙසීයක් විතරම මික්ස් කර කර ලියනවට හරි?

    ReplyDelete
    Replies
    1. රංගි,

      අඩේ හිතුවක්කාර කමට ගරු කරනවද බොලේ?

      ස්තූතියි මැඩම්...:)

      Delete
  4. අදනෙ දැක්කෙ බුවාව...අප්‍රමාණ සංතෝශයි !!

    ජයෙන් ජයම වේවා !!

    ReplyDelete
  5. මේ ලිපිය ෆේස්බුක් හි කියවූ අය ප්‍රශ්න කර තිබුණා රවී ගේ මේසය උඩ ඇති ඒ පොඩි කුප්පි මෙනවාද, තහනම් උත්තේජක ද කියා.

    ReplyDelete
    Replies
    1. රසික,

      ඒ ඇවිල්ල සුට්ටං පෙති ජාතියක්..මම උදේ හවස කෑමට පෙර එක එක ගන්නව...:)

      Delete
  6. හම්මේ සුබ පැතුම් ලොකු අයියේ . සම්මානේ ගන්න ආවනං තමා ලස්සන

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      එන්න බැරිවුනු එක ගැන මටත් බොහොම කණගාටුයි...ලබන සැරේ නම් අනිවා එන්නම් කට්ටිය හම්බ වෙලා යන්න...:)

      Delete
  7. අන්තිම ප්‍රශ්නයට පිළිතුර තමයි මම කැමතිම කොටස.

    //අනික් අතට මම හිතන්නෙ මේ වෙනකොට එහෙම ලියන එක මගේ අනන්‍යතාවය වෙලා ඉවරයි. ඒ හින්ද මට ඕන වුනත් ඒ ශෛලියෙන් මිදෙන්න බැරිතැනටම ඇවිල්ල.//
    මේ සාකච්ඡාවෙදිනම් අනන්‍යතාවය නැති කරගෙන වගේ! අහපු ප්‍රශ්න වලටමනේ උත්තර දීල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. //මේ සාකච්ඡාවෙදිනම් අනන්‍යතාවය නැති කරගෙන වගේ! අහපු ප්‍රශ්න වලටමනේ උත්තර දීල තියෙන්නේ//
      ෆොටෝ එක දාලනෙ, නැත්නම් තාම මුද්‍රණ කර්මාන්තෙ ගැන කතාව . බ්ලොග් වලට එන්නෙ අගෝස්තු දෙවෙනි සතියෙ

      Delete
    2. Econ,

      /මේ සාකච්ඡාවෙදිනම් අනන්‍යතාවය නැති කරගෙන වගේ! අහපු ප්‍රශ්න වලටමනේ උත්තර දීල තියෙන්නේ./

      හෙහ් ඔය සාකච්චාවට ගිහිල්ල වෙච්චි හෙයියම්මාරුව ඉකෝන් දන්නෙ නෑනෙ. ආ..හෙයියම්මාරුව වචනෙ මූලාරම්බෙ ඉකෝන් දන්නව නේද? මට මතකයි කාලෙකට ඉස්සර දැනට අසනීපෙන් ඉන්න අපේ විචා තුමා ඔය හෙයියම්මාරුව වචනෙ හැදිච්චි හැටි ගැන අපූරු පෝස්ට් එකක් ලිව්ව....

      සාකච්චාවෙ ප්‍රස්න වලට මම මුලිම්ම උත්තර දුන්නෙ ඔහොම නෙවෙයි. එක ප්‍රස්නෙකට දල වසයෙන් වචන දෙතුන් දාහක් වැටෙන්ට උත්තර දුන්න.

      ඒ පාර ඔන්න ඒ පත්තරේ නෝම් මහත්තයට තද වෙලා මට වගපල කිව්වෙ නැද්ද? "මේ ඔහේ හිතාගෙන ඉන්නෙ මේ ඉරිද අපේ මුලු පත්තරේම දාන්න හිතාගෙන ඉන්නෙ ඔහෙගෙ ඉන්ටවීව් එක විතරයි කියලද? අපිට මේ නිව්ස් හිඟයක් එහෙම නෑ ..හොඳද?" ඔන්න ඔහොම කියල.

      මම ඒ පාර කිව්ව "අනේ නෝනා සමාවෙන්ට. මම මේ හිතාගෙන උන්නෙ මේ ඉරිද මුලු පත්තරේම යන්නෙ නිදහස් සිතුවිලි ගැන විතරක්ය. ඒක මේ අර හිටපු ගමං ඔය පත්තර වලිං විසේස කලාප නිකුත් කරන්නෙ..අන්න ඒ වගේ සීන්ස් එකක්ය කියල. ලක්බිම ඉරිදා සංග්‍රහය නිදහස් සිතුවිලි විශේෂ කලාපය කියල."

      ඔහොම විසේස කලාප නිකුත් කලා පත්තර වලිං... චාල්ස් ඩයනගෙ මඟුලට එතනිං ගිහාම අනූහයේ වර්ල්ඩ් කප් එක දිනුවම එහෙම. චාල්ස් ඩයනගෙ මඟුල කාලෙ ලංකාවෙ ටී.වී. තිබුනෙ නෑ. ඒ හින්ද පාදුක්කෙ චන්ද්‍රිකා පෘථිවි මධ්‍යස්ථානෙ මගෙ යාලුවෙක් හිටිය. අපි එහෙ ගිහිල්ල මඟුල ලයිව් ඇට් එයිට් බැලුව..අපි නොදන්න ලයිව්...

      අර මම ඒ නෝනට කලින් යවල ප්‍රතික්සේප වෙච්චි උත්තර වෙනම පෝස්ට් එකක් විදිහට දාන්නංකො. ඒක දාන්ටත් කොහොමත් පෝස්ට් තුන හතරක් වත් යයි.

      පලි - මේ වැඩේ මම කිව්වෙ මේ ඉන්ටවීව් එකේ වැඩේ තනිකරම කෝ ඕඩිනේට් කලේ අපේ රන්දිල් මැතිණිය.එතුමිය එකම කොන්දේසියක් දැම්ම හැබැයි. එතුමී ගැන ගුන වර්ණනාවක් කරන්ටම ඕනයි කිව්ව. මම ඉතිං ඒ හැටි කැමති වුනේ නෑ එහෙම එකකට. කොහෙද බෑම කිව්වනෙ. ඒ පාර එයාම ලියල එව්ව එකක්. මම කිව්ව අනේ ඒකට නම් මට එකඟ වෙන්ට බෑය කියල. ඒ පාර කොහොම හරි ඔය පලවෙනි ප්‍රස්නෙට මම ලියපු උත්තරේ අයින් කරල එයාම තමයි ඔය එයයි ගැන හේතු පාටයක් වගෙ එකක් ලියාගෙන තියෙන්නෙ...ආය ඉතිං මොකටද ඔය ගැන නිකං වදවෙන්නෙ කියල ඔහෙ ඕන එකක් කරගත්තාවෙ කියල මම කරබන උන්න.

      Delete
    3. අන්තිම ඡේදය විතරයි විස්වාස කරන්න පුළුවන්. "එක ප්‍රස්නෙකට දල වසයෙන් වචන දෙතුන් දාහක් වැටෙන්ට" කියන එක කොහොමත් විස්වාස කරන්න අමාරුයි.

      //චාල්ස් ඩයනගෙ මඟුල කාලෙ ලංකාවෙ ටී.වී. තිබුනෙ නෑ.//
      ඔය කාලේ ටීවී ඇවිත් තිබුණා. හැබැයි ජාතික රූපවාහිණිය පටන් අරන් තිබුණේ නැහැ. අයිටීඑන් එක පමණයි. ඒකෙත් බොහෝ විට ගියේ ඉංග්‍රීසි වැඩසටහන්. අතරින් පතර සිංහල හා දෙමළ වැඩ සටහන් තිබුණා. අපේ ගෙදර රූපවාහිණියක් නොතිබුණත් වෙන ගෙදරක රුපවාහිනීයකින් ඔය මඟුල පැය ගාණක් බලපු බවනම් මතකයි. ඒ වගේම, ඔය මඟුල බලන්නම විශාල පිරිසක් (විශාල කිවුවට ඒ කාලයේ ඒ සඳහා හැකියාවක් තිබුණු අය අතරින්) රූපවාහිනී යන්ත්‍ර මිලදී ගත්තා. මේ වගේ දේවල් වලට රත්නපුරේ මැණික් ව්‍යපාරිකයින් අතර තියෙන තරඟයෙන් ප්‍රයෝජන අරගෙන ඔවුන් බොහෝ දෙනෙක්ට රූපවාහිනී යන්ත්‍ර වගේම දීසි ඇන්ටෙනාත් විකුණා ගැනීමට අදාළ වෙළඳ නියෝජිතයින් සමත් වුනු බවයි මම හිතන්නේ.

      මොකක් වුනත් රවීගේ සාකච්ඡාවක් පත්තරේ වැටිච්ච එක ලොකු දෙයක්! දැන් ඉතින් බ්ලොග් ගැන ජනාධිපතිතුමා උනත් දන්නවා ඇතිනේ. හැබැයි ඉතින් නිදහස් සිතුවිලි කියවල රවී ප්‍රශ්න වලට පිළිතුරු දෙන ක්‍රමය ජනාධිපති තුමාත් කොපි කළොත් තමයි අවුල.

      Delete
  8. ආන්න එහෙමයි එ අවයවෙ

    ReplyDelete
    Replies
    1. දමිත්,

      උඹ මොකෝ මයෙ මාමණ්ඩිගෙ වැඩ ආවරණය කරන්ට බාර ගත්තද?

      Delete
  9. සාකච්ඡාවේදීත් අනන්‍යතාව තියා ගත්ත නං තමා හොඳ.

    ReplyDelete
    Replies
    1. හැලප,

      මම ෆුල් ට්‍රයි එකක් දුන්න. කොහෙද බෑම කිව්වනෙ

      Delete
  10. ලක්බිම පත්තරේ සදරු ගැන ගිය ලිපියක් නිසා තමයි මමත් බ්ලොග් කියන එක දැනගත්තෙ..
    කාලය වැයකරමින් අපි වෙනුවෙන් ලියන රවී වීරසිංහට ජය වේවා !!!

    ReplyDelete
  11. පඳුරක් දෙකක් නැතුව ලියල තියෙන මේ දෙබස් ඛණ්ඩ ටික මටනම් හරි නැහැ බම්...

    මොනවද දැන් පාවිච්චිය, Corex D සමග ත්‍රයිලෝක පත්‍ර ද කියලත් හිතෙනවා වටපිට බැලුවම...

    ReplyDelete
    Replies
    1. Lokka,

      කොහෙද බං අපිට ඕන හැටියට බෑනෙ ....:)

      ඒ තියෙන්නෙ මහානුබාවසම්පන්න බේත් අවුසද වගයක්

      Delete
  12. "එකම විවේචනයක් තියෙනව නම් තියෙන්නෙ එක දිගට එකම කතාවක් නොලියා අර කතාවෙන් කොටසකුයි මේ කතාවෙන් කොටසකුයි වගෙ ලියල පාඨකයා තුෂ්නිම්භූත කරවනවයි කියල. අනික් අතට මම හිතන්නෙ මේ වෙනකොට එහෙම ලියන එක මගේ අනන්‍යතාවය වෙලා ඉවරයි. ඒ හින්ද මට ඕන වුනත් ඒ ශෛලියෙන් මිදෙන්න බැරිතැනටම ඇවිල්ල."
    එවා හොඳයි interview වලට.දැන් The Story Of My Marriage 40 ලියන්න ලෑස්ති වෙනවා හොඳයි

    ReplyDelete
  13. සුබ පැතුම් රවී අයියේ, අංකල් කියන්න තරම්ම නාකි නෑ වගේ.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. Pathum,

      ස්තූතියි පැතුම්..මොන නාකිද බං?...:)

      Delete
  14. සුබ පැතුම් ... ඇත්තටම හරිම සන්තෝසයී.. කත්‍යානා අක්කා බ්ලොග් අඩවි සියල්ලේම එකතුවකුත් දමා තිබුනා. සෑහෙන්න වෙහෙස වෙලා කරලා තියෙනවා. පෝස්ට් එක සාර්ථකයි.

    ReplyDelete
  15. රවි මාමේ.. මෙපමණ කලක් මම ඔබට රවි අයියා ලෙස ඇමතීම සම්බන්ධව සමාව ඉල්ලා සිටිමි

    ReplyDelete
    Replies
    1. දේශක අයියාට සමාව දුනිමි!

      Delete
  16. රවිය එක්ක ඉන්ටවිව් කරලමනං මේක දැම්මෙ පත්තරේ සම්පූර්ණ පිටුවක් ගානෙ මාස පහක් හයක් ආටිකල් එක කරන්න වෙනව. මේක තනිකරම ප්‍රෝඩාවක්, කුමන්ත්‍රණයක්. අපිනෙ මිනිහගෙ හැටි දන්නෙ. හැක්..

    එනිවේ, සුබ පැතුම් රවී අයියේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      මම හිතන්නෙ බ්ලොග් එක කියවල පත්තරේ කට්ටිය දැනගෙන වැඩේ..ඒ පාර ඔය ප්‍රශ්න මට ඊ මේල් කරල තිබ්බ. මෙව්වට කෙටියෙන් පිළිතුරු එවන්න කියල....:)

      Delete
  17. හෘදයාංගම සුබ පැතුම් මිස්ටර් රවි අයියාට! :D නිදහස් සිතුවිලි අඩවියේ අයියා ලියපු කතා වලින් මම කැමතිම එකක් වෙච්ච සලීම්-අනර්කලී කතාවෙනුත් කොටසක් පත්තරේ දැක්කාම තවත් සතුටු හිතුණා.

    ReplyDelete
  18. congrats!

    Nice designer stubble.

    ReplyDelete
    Replies
    1. Pra,

      Heh,heh...but it was a little bit too long for my liking,

      Thanks Pra...

      Delete
  19. ජයවේවා රවි මාමේ.... (බොට මෙච්චර කල් අයියා කීම ගැන සමාව බජනය කරමි)
    සෙනසුරාදාම දැක්කා පත්තරේ...

    ReplyDelete
  20. Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      Thanks ...:)

      Delete
  21. හම්මේ ඉතිම් .. කවදද මේවා සමරන්නේ?

    ReplyDelete
    Replies
    1. Kalyana,

      ළඟදීම..ළඟදීම...:)

      Delete
  22. අප්පද බොල මේ ඒ රවියද.
    උඹට මතකද අපි සරත්ලගෙ ගරාජ් එකේ ඉඳල ලොරියකද කොහෙද ක්‍රැන්ක් ෂාෆ්ට් එකක් කරගහගෙන ආව නුවර පාර දිගේ සෙම්මේරිස් එකට.

    කෑගල්ලෙ ඇනෝ

    ReplyDelete
    Replies
    1. http://ranrandil.blogspot.com/2014/10/286-welcome-back-my-dearest-yaal-devi.html

      Delete
    2. කෑගල්ලෙ ඇනෝ,

      මට පේන්නෙ මේකා මේ නීලකාස තක්කඩියෙක්ද කොහෙද? කෑගල්ල ගැන මම ලියපුව මතක තියාගෙන ඉඳලා ආපිට මටම කියනවද කොහෙද?..හෙහ්,හෙහ්,

      Delete
  23. ලන්ඩන් තට්ටාජිත්ගෙ ෆේස්කට් එක ලාවට

    ReplyDelete
    Replies
    1. ඒක තමයි,
      බ්ලොග් කාරයොන්ගෙ තාත්තලා එකෙක්මද මන්දා

      Delete
    2. ඇනෝ,

      එහෙනං එහෙනං අජිතයයි මායි ආයනෑ කපාපු පලුව තමයි...:)

      Delete
  24. අඩේ රවී තුමා හරි හැන්ඩ්සම් කොල්ලෙක් නේ :)

    //එකම විවේචනයක් තියෙනව නම් තියෙන්නෙ එක දිගට එකම කතාවක් නොලියා අර කතාවෙන් කොටසකුයි මේ කතාවෙන් කොටසකුයි වගෙ ලියල පාඨකයා තුෂ්නිම්භූත කරවනවයි කියල.//

    ඒක මේ අපි විහිලුවට කියන කතාවක්නෙ, සීරියස් ගන්න එපා :)

    ෆොටෝ එක දැක්කම නම් හිතුන, අනේ අම්මේ අපි මෙච්චර කල් බයිට් කරලා විහිලු කලේ මේ වගේ වැඩිහිටි මනුස්සයෙකුට නේද කියල. අද ඉඳල සංයමයෙන් කමෙන්ට් කරන්නට සිතා ගතිමි.

    හරිම සතුටුයි බ්ලොග් ගැන පුවත්පතක ලිපියක් පලවීම ගැන. කමෙන්ට්කරුවන් නිසා ඇති වන සජීවී සංවාද ගැනත්, බ්ලොග් කලාවේ තියන නිදහස ගැනත් කතා කරපු නිසා මම මේ ලිපියට කැමතියි.

    ReplyDelete
    Replies
    1. Manavika,

      /ඒක මේ අපි විහිලුවට කියන කතාවක්නෙ, සීරියස් ගන්න එපා :)/

      මොන පිස්සුද? මමත් ඒක විහිලුවට වගේ තමයි අර කිව්වෙ...

      /අද ඉඳල සංයමයෙන් කමෙන්ට් කරන්නට සිතා ගතිමි./

      ආය අහවල් සංගමයක්..කලින් කරපු විදිහටම කමෙන්ට් කරන්න නෝ ප්‍රොබ්ලම් ඇට් ඕල්...:)

      Thanks Madam...:)

      Delete
  25. මේක කලින පත්තර පිටුවෙන්ම කියෙව්වා.. රවී මාමිවත් දැක ගත්තා ඕං

    ReplyDelete
    Replies
    1. සඳවතී,

      පත්තර පිට්ටෙං ඔහෙ දැක්කැයි මාව?...:)

      Delete
  26. හදපිරි සුභ පැතුම්.
    සිංහල බ්ලොග්ගල..

    ReplyDelete
  27. මේ රවී මාමෙ, මෙලෝ රහක් නැතුව සාකච්ඡාව ගලාගෙන ගිහින් තියෙන්නෙ. මේක මීට වඩා රසවත් විදිහට කියන්නම තිබුනෙ නැද්ද ඔහේට. ඒකෙන් දැං කාරි නෑ. ඊලඟ පෝස්ට් එක ලියන්නයි තියෙන්නෙ ආයෙ රස වෑහෙන්න.

    ReplyDelete
  28. හුහ්... මේ අපි වගේ අයගෙන් ඇහුවනම් කියනවා ලෙසටම පාඨක ප්‍රතිචාර ගැන!!! වෙලාවට ලියපු එක්කෙනා ඒක රවී ගෙන්ම අහල......හි හි හි හි...
    (You guys thinking what I am thinking?????)

    ඒ උනාට ෂෝක් අනේ...

    ReplyDelete
  29. හුදී ජනයා කියනවානේ අය්ය කියන එක වැරදී කියල... ඉතින් රවී මාමෙ සුභපැතුම්...

    ආ ඒක නෙවෙයි... කියන්නමයි හිටියෙ... අර q an a පොතේ පරිවර්ථයන දැම්මට පස්සේ මං මේ බලන් හිටියේ ආයෙත් ඒකෙ කොටසක් දානකල් කියලා... වැඩේ කියන්නෙ මං ඊයෙ හීනෙනුත් දැක්කා දෙවෙනි කොටස පෝස්ට් කරලා තියනවා.. දැන් අහන්න එපා මොකද කියල තිබුනේ කියල... මොකද අවශ්‍යම දේ එකනේ.. ඒත් ඒ ගොන් හීනෙ ඒක පෙනුනෙ නෑ....

    කරුණාකරල ඒකෙ දෙවනි කොටස දාමුනේද...

    ReplyDelete
  30. ඒකෙන් මේකෙන් මූණත් බලාගත්තා, දැන් ඉතින් පාරක තොටක දැක්කත් අඳුරගන්න බැරියැ! සුභපැතුම් රවී!

    ReplyDelete
  31. වේලෙන්නත් කලින් පත්තරේ ගිහින් වගේ ! රූපෙ දැක්කේ අදනේ. රවී ලොක්කට තියෙන්නේ නියම ලේඛකයෙකුගේ පෙනුමක් :) සුබ පැතුම් !

    ReplyDelete
  32. නියමය්නේ. සුහ පැතුම් අය්යේ, දැන් ලේසි නෑ බලනකොට ජාතික වස්තුවක්නේ . අපි සලකනවා මදි හැබෑටම .

    ReplyDelete
  33. පත්තරේ ඉන්න කොට පොඩ්ඩක් මේකප් උලලා එහෙම ඉන්න එපැයි රවීයියේ.

    ReplyDelete
  34. මඩ ගහල ජහ පාලනේට කඩේ ගියාට නේ ඕක හම්බ උනේ, වෙන මොන කතාද

    ReplyDelete
  35. ශා ශා...මාරු ලිපිය...රවී ව දැක්කේ ඔන්න මේකෙන්....ආයේ ආයෙමත් සුබ පැතුම් හොඳේ

    ReplyDelete
  36. හිතවත් රවී,
    බ්ලොග් වාර්තාවක් පිහිටුවීම ගැන මගේ සුබ පැතුම්. මම මේ වැඩේට නවකයෙක් නිසා තවම පුරුදු වෙනවා. හරි අමරුවෙන්නෙ post එකට log උනේ. ලක්බිම interview සටහන කියෙව්වා.බොහෝ අය ඔබට ආමන්ත්‍රණය කළ ආකාරයත් වෙනස් කරලා වගෙයි. කාටත් දැන ගන්නට වයසත් කියන්න වෙනවා. මට නම් මේ ලෙසටම 'රවී' කියන්න හැකි වගෙයි. ඊට පස්සේ තමයි 'නිදහස් සිතුවිලි' වල තිබෙන පටලැවිලි සහිත ස්වභාවය තේරුම ගත්තේ. ඒ අනන්‍යතාවය විශ්ව සාහිත්‍යයටම අලුත් එකක්ද?. මට මතකයි අපි කුඩා කාලේ 'A tale of two cities' කියවද්දිත් ඔය වගේ පටලැවිලි තිබුනා. පත්තරේ තිබුණු photo එක දැක්කහම දැකලා පුරුදු වගෙත් දැනුනා. අපේ දුව (මලී) කියා තිබෙන්නේත් ඒ වගේ අදහසක්. තව තවත් දිනුම්,පැසසුම්,පිළිගැනීම්,අගයකිරීම් ආදී දේ ඉදිරියටත් ලබා ගැනීමට මගේ සුබ පැතුම්.

    ReplyDelete
  37. Well done boss! Happy abt you like crazy...

    ReplyDelete
  38. තට්ට රවියට එන්න කියාපිය
    මේවට රිප්ලයි දෙන්න කියාපිය

    ReplyDelete
    Replies
    1. Sorry Mr. Chairman,

      Busy like crazy, replies will be posted tomorrow ( our holiday here )

      Delete
  39. හප්පා ඔය ඉන්නෙ දිලිසි දිලිසි
    එල ඈ..........

    ReplyDelete
  40. සුබ පැතුම්...!! මගේ නම් මේ පලවෙනි කමෙන්ට් එක.. 'STORY OF MY MARRIAGE' කියවන්න පස්සෙන් පස්සට ගිහිල්ල නැවතුනේ ඔක්කොම කතා මුල ඉඳලම කියවනවා කියල හිතාගෙන. මේ දවස්වල දඩයක්කාරයා කියවනවා.. (හප්පෝ එක නම් ඉවර වෙන්නෙත් නැහැ අය්යෝ..) කමෙන්ට් නොකිරීම වරදක් බව දන්නවා..සමාවෙන්න.!!

    ReplyDelete
  41. අම්මට උඩු! හොලමංද පොල්කොල!

    ඔබට පාඨකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොනවාද? ලංකාවේ බ්ලොග් ලියන්නන්ට ලැබෙන ප්‍රතිචාර ගුණාත්මකද? කියලා ඇහුවාම උඹට කොමෙන්ට් සංගමේඔ සභාපති ඇතුලු අවසේස අපිව මතක්වුනාද මචං? මං හිතන්නෙ නෑ. ඒකනෙ අරෙහෙම කිව්වෙ.

    බොහෝවිටම පැසසුම් තමයි. දැඩි මතභේදයට හේතුවෙන කරුණු පිළිබඳව මම ලියනවා බොහොම අඩුයි. කියනකොට උඹව මරාව මතක් වුනේ නෑ කියහං.

    මගේ සුභ පැතුම් මචෝ


    ReplyDelete
    Replies
    1. රවිය ඒ ටික කියල තියෙන්නෙ මෙයාට මල් කොමෙන්ට් දාන ගෑණුළමයි ටික විතරක් මතක තියාගෙන. හැක්..

      Delete
  42. රවි අය්යා හිතුවට වඩා නාකියෙක් නෙ.. සුභ පැතුම් ලොක්කා..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...