රාජා රවී වර්මා (1848-1906) නම් සුප්‍රසිද්ධ ඉන්දීය චිත්‍ර ශිල්පියාගේ නිර්මාණයක් වන මේ චිත්‍රයෙහි දැක්වෙනුයේ පහනක් රැගත් රූමත් ඉන්දීය කාන්තාවකි. (Google Images අනුග්‍රහයෙනි) |
"හා..හා..හා..දැන්නෙ මට තේරුනෙ..ඔයා මේ මට ආදරේ කරන්නෙ, මාත් එක්ක අහවල් වැඩේ කරන්නෙ වෙන කිසිම දෙයක් හින්ද නෙවෙයි අපේ රටේ මතු දියුණුව උදෙසා...එහෙම නේද?"
"මෙහෙමයි ඉතිං ඇත්තම කිව්වොත්…. ඒකත් එක හේතුවක් කියල සමහරවිට කියන්ටත් බැරිකමක් නැත්තෙම නෑ කියල මම කිව්වොත්......." මම මද සිනහවකින් යුතුව පැවසීමි.
සයනය මත වූ කොට්ටයක් සුරතට ගත අනන්‍යා ඉන් මට දමා ගැසුවාය. අප දෙදෙනාගෙම මවුබිම එනම් ඉන්දියාවේ මතු දියුණුව උදෙසා ඉක්බිති අප දෙදෙන නැවත වරක් ලෝකාස්වාද රතියෙහි යෙදුනෙමු.
"ක්‍රිෂ්..ඒයි මෙන්න මේ දොර අරිනවකො…"
නොනවත්වා දොරට මහහඬින් තඩිබාමින් බෙරිහන්දෙන රාමනුජම්ගේ කැම්බැල්ලය තද නින්දකට සමවැදහුන් අපදෙදෙන ඉන් අවදිකළේය. අවදිවූවද අනන්‍යා තවමත් මා පසෙක වැතිර හුන්නේ අඩ සිහියෙන් මෙනි. බීර මතින් රිදුම්දෙන හිස දෑතින්ම පිරිමදිමින් මම සෙමෙන් නැඟිට සයනයේ හිඳගතිමි. තවත් මොහොතක් හිස පිරිමදිමින් එළෙසම හුන් මම අවසානයේ දැඩි අපහසුවෙන් දොර වෙත ගොස් සොයිබය පන්නා එය විවර කළෙමි.
"මොකෝ මේ කෑගහන්නෙ?"
මගේ හඬෙහි ගැබ්වූ අමනාපය කෙරෙහි කිසිදු සැළකිල්ලක් නොදැක්වූ රාමනුජම් මා දෙස රවා බැලීය.
"අයිසෙ මම දැං මිනිත්තු පහක් තිස්සෙ දොරට ගහනව. මොකද දොර අරින්නෙ නැත්තෙ?"
"හරි ඉතිං මේ ඇරියෙ...මොකද කියනවකො තමුං මිනිත්තු පහක් තිස්සෙ දොර කඩන්න හදන්නෙ?" මම දෑස් තරව පියාගත්වනම හිස දෙපසට සෙළවූයෙමි. "මේ ඔලුව කැක්කුමක් හැදිල ඉවසන්ට බෑ. ඒකයි ටිකක් නිදාගත්තෙ"
"ඔව් ඔව්..මම දන්නව…" රාමනුජම් හිස උළුවස්සෙන් ඇතුලට රුවා කුටිය ඇතුලත විපරම් කීරිමට උත්සාහ කරමින් පැවසීය. මම ඔහුට බාධාවන ලෙස දොර අඩවල් කොට එළිපත්ත මත සිටගතිමි.
"ඉතිං දැන්වත් කියනවකො මොකද මේ කලබැගෑනිය කියල" මම යලිත් ඇසීමි.
"කලබැගෑනිය තමයි අන්න අපෙ ගෙවල් අයිතිකාරය ඇවිල්ල ඉන්නව තමුංව හම්බවෙන්ට."
"මාව හම්බවෙන්ට? ඒ අහවල් දේකටද?" මම යලිත් දෑතින් හිස බදා ගනිමින් පැවසුවෙමි.
"ඒක මට කිව්වෙ නෑ. ඉතිං ඉස්සෙල්ල එනවකො කාමරෙං එළියට ඒක අහගත්තෑකිනෙ එතකොට පැහැදිලිවම" රාමනුජම් ඉවත්ව යාමට හැරී යලි නතරව මදෙස බලා මිත්‍රශීලි ස්වරයකින් කථා කලේය. "මේ ක්‍රිෂ් ඒ මනුස්සය එක්ක එකට එක කියාගෙන යනව එහෙම නෙවෙයි හොඳද? මේ තමයි මේ පැත්තෙම තියන හොඳටම පහසුකම් තියන චමරිය. අනික නුංගම්බක්කම් වල කොහොමත් ආය වෙන තැන් නෑ නවතින්ට. ඒ හින්ද මෙතන නැතිවෙනවට මම කැමති නෑ. අන්න ඒක මතක තියාගන්න ඒ මනුස්සය එක්ක කතා කරනකොට. ප්ලීස්..."
මම දොර වසා දමා ඇඳ විට්ටම මත දමා තිබූ මගේ කමිසය අතට ගත්තෙමි. අනන්‍යා සුරතෙහි පිටි අල්ලෙන් දෙනෙත් වසාගත්වනම තවමත් සයනයෙහි දිගාව හුන්නාය.
"අනන්‍යා මේ……" මම ඇයගේ උරහිසින් අල්ලා සෙලවීමි.
"මට නිදිමතයි අනේ...කරදර නොකර ඉන්නකො" ඇය මගේ අත ගසාදමමින් නොරිස්සුමෙන් පැවසුවාය.
"ඒයි නැඟිටින්නකො..අපේ ගෙවල් අයිතිකාරය ඇවිල්ල ඉන්නව අන්න.."
"ඉතිං මට මොකද? ඒ මනුස්සය ඔහෙ ඇවිල්ල ගෙවල් කුලී එකතුකරගෙන ආපහු යන්නෙ නැතෑ.."
"හ්ම්ම්ම්..ඒකත් එහෙමද? එහෙනම් ඔයා ඔහොමම නිදාගන්නකො….හැබැයි මිනිහ තනියම නෙවෙයි ඇවිල්ල ඉන්නෙ..ඔයාලගෙ තාත්තත් අන්න ඇවිල්ල ඒ මනුස්සය එක්ක. ... "
"දෙයියෝ සාක්කි…………" අනන්‍යා දුනුදියෙන් මිදුනු දුන්නක් මෙන් වහා කෙලින්ව ඇඳ මත හිඳ ගත්තාය.."අපෙ තාත්ත? …මෙහෙ? "
"හෙහ්,හෙහ් ඔච්චර බය තිබ්බම ඇති තාත්තට..මම බොරුවට කිව්වෙ…ඔහෙ ආපු තාත්තෙක් නෑ"
ඇගේ දැඩි ලෙස බියපත් මුහුණ හිසරදය අතරින් වුවද මගේ මුවගට සිනහවක් ගෙන ආවේය.
"අපේ ගෙවල් අයිතිකාරය ඇවිල්ලලු. එහෙම කිව්වට ඔයා නැඟිටින්නෙ නැති හින්දයි මම අරම බොරුවක් කිව්වෙ…"
"නරකම නෑ කියපු බොරුව..මේ මගේ පපුව තාමත් ගැහෙනව.."
"පපුව තාමත් ගැහෙනව? හෙහ්..හෙහ්..කෝ බලමු ….." මම වහා පියවරක් තබා ඇය වෙතට ලංවුනෙමි.
"නෑ..නෑ..ඕන නෑ..තමුන්ට බලන්ට දෙයක් නෑ ඒකෙ...ඒක ඔහෙ ගැහිච්චාවෙ…" ඇය මවෙතින් වහා ඉවතට ගොස් ඇඳුම් අඳින්නට පටන් ගත්තාය.
මම දොර විවරකොට සාලයට ගියෙමි. මගේ සගයෝ සියලුදෙන බැරෑරුම් මුහුණුවලින් යුතුව සාලයේ රැස්ව සිටියෝය. නිවෙස් හිමියා තදින් පියාගත් තොල්සඟලින් යුතුව විශාලතම අසුනේ හිඳ සිටියේ සෙල් පිළිමයක් පරිද්දෙනි.
"මිස්ටර් පුන්නු ඉතිං?" මම ඔහුවෙත හිස මදක් ඇලකොට ඒ අසලවූ අසුනකට බර දුනිමි.
සැටවියද ඉක්මවූ අපගේ නිවෙස් හිමියා නමින් පුන්නුය. මගේ ආචාරය අවම වශයෙන් පිළිගත් බවක් හෝ නොහැඟවූ හෙතෙම පෙර පරිදිම කිසිදු හැඟීමකින් තොර මුහුණින් යුතුව එක එල්ලේ ඉදිරිය බලාගත්වනම පසුවන්නට විය.
දැඩි නිශ්ශබ්දතාවයෙහි ගැලී ගෙවීගිය තවත් මිනිත්තු කිහිපයකට පසු මගේ කුටියෙහි දොර විවරකොටගෙන අනන්‍යා පිටතට පැමිණියාය.
"හලෝ හලෝ හලෝ…." ඇය අප දෙස බලා මුව පුරා සිනාසුණාය. "ඔක්කොමල මෙතන නේද? ඒක හොඳයි.....ඉන්නකො මම තේ හදන්නං ඔය හැමෝටම....මොකද කියන්නෙ? තේ එකක් බොමු නේද?" එසේ පවසමින් ඇය මුළුතැන්ගෙය දෙසට හැරුණාය.
"මේ අනන්‍යා... දැං අපිට තේ ඕන නෑ.... මම කියන්නද? ඔයා දැං යන්න…..මම හෙට එන්නං ඔයාව මුණ ගැහෙන්න"
අනන්‍යා විශ්මය පත්ව ආපසු හැරුණාය.."ක්‍රිෂ්…මම..මේ…"
එහෙත් ඒ සමඟම සාලයෙහි පවත්නා වාතාවරණය එතරම් යහපත් නොවන බව ඇයට වැටහීගියා වියයුතුය.
"හරි හරි මම යන්නම් එහෙනං…. අපි ආය හම්බවෙමුකො... බායි.." එසේ පවසමින් මගේ කුටිය තුලට ගොස් එහිවූ ඇගේ අත්බෑගය සුරතට ගත් ඇය ඉදිරි දොර විවරකොටගෙන නික්ම ගියාය.
අනන්‍යා නික්මගිය වහාම නැඟීසිටි නිවෙස් හිමියා මගේ කුටියට හිස පොවා ඉව කලේය.
"මොනවද ඒ බෑඩ් ස්මෙල් එක?... කුකුල් මස් නේද?" ඔහු මදෙස හැරී විමසීය.
මම ඒ නෑසුණාක්මෙන් නිහඬව උන්නෙමි.
ඉක්බිති ඔහු තම සුරත දිගුකලේ සයනය අසල වූ කුඩා මේසය මතවූ හිස් බීර බෝතල දෙසටය.
"අර මොනවද බියර් නේද? ඒ ඔක්කොමත් හරි කියමුකො. දැං අර ටිකකට ඉස්සෙල්ල අපිට තේ පොවන්ට කතාකලේ... කවුද ඒ ගෑණු ළමය?"
"ඒ ළමය වැඩ කරන්නෙ එච්.එල්.එල්. එකේ. …"
අනන්‍යා සේවය කරන එච්.එල්.එල්. සමාගම යනු ඕනෑම ඉන්දියානුවෙක් නම කිව් පමණින් හඳුනන ඉන්දියාවේ අංක එකේ වෙළඳ සමාගමයි. එහෙත් අනන්‍යා එහි සේවය කරන බව මේ අවස්ථාවෙදී මවිසින් පවසන ලද්දේ මන්ද යන්න මටද වටහාගත නොහැකිය.
අනන්‍යගේ රැකියාව පිළිබඳව මවිසින් පවසන ලද්ද නෑසුණාක් මෙන් නිවෙස් හිමියා මදෙස දබරැඟිල්ල දිගුකලේය.
"කුකුල්මස්…. බියර් ….ඊට පස්සෙ ඒ ඔක්කොමත් හරි ගෑණු ළමයිත් මේකට ගේනව....කරුණාකරල මට කියනවද මොකක්ද මෙතන මේ සිද්ද වෙන්නෙ කියල?..මීට කලින් කවදාවත් මෙහෙම දේවල් මේ ගෙදර සිද්ද වුනේ නෑ"
"නෑ තමයි මෙහෙම දේවල් කොහෙද මෙහෙ සිද්ද වුනේ? ඉන්න ඔක්කොම ගල් බිල්ලො වගෙ කාමරවලට වෙලා හිටිය විතරයිනෙ. කුකුල්මස්, බියර් සහ ගෑණු ළමයි..ඉතිං මොකද? ජීවිතේ ආශ්වාදය කියන්නෙ ඒක නෙවෙයිද? ජීවිතේ විඳිනව කියන්නෙ ඒක නෙවෙයිද? ඔය ජාති තුන නැත්නම් පිරිමි කියන ජාතිය ජීවත් වෙලා වෙන ආය අහවල් දෙයක් කරන්ටද?" එසේ කෑගසා පැවසීමට මට කොතෙකුත් අවශ්‍ය වූ නමුදු මම දැඩි ආයාසයෙන් මුණිවත රැකීමි.
මගේ සගයෝ සියල්ලෝම මුහුණු පහතට හරවාගත්වනම සිටියෝය. නිවෙස් හිමියාහට මෙතරම් ක්ෂණිකව මේ තොරතුරු ලබාදුන්නේ කවුරුන් විසින් වන්නට හැකිදැයි මම කල්පනා කරන්නට වීමි. මගේ සගයෝ කිසිසේත්ම කළ්‍යාණ මිතුරන් ලෙස හැඳින්විය නොහැකි වුවද ඔවුන් කිසිවිටෙක මෙවන් නිහීන ක්‍රියාවක නිරතවේයැයි මම කෙසේවත් නොසිතුවෙමි. බොහෝ විට මෙසේ කරන්නට ඇත්තේ මුරකරු විසින් වියයුතු යැයි අවසන මම තීරණය කළෙමි.
"මම කිසිම කිසි දවසක හිතුවෙ නෑ ඔය ළමයි මේ වගේ දෙයක් කරයි කියල.." නිවෙස් හිමිතෙමේ පැවසූයේ දැඩි හැඟීම්බර හඬකිනි..
"මිස්ටර් පුන්නු..මම වරද පිළිගන්නව. බියරුයි කුකුල් මසුයි ගෙනාවෙ මමයි. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් අද එන හින්ද…."
"ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්?" නිවෙස් හිමියා විස්මයපත්ව විමසූයේ එම වදන මින් පෙර කිසි දවසක නොඇසූ පරිද්දෙනි.
"ඔව්..මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්. මගෙ බැච් මේට් යුනිවසිටි එකේ. අනික හරිම හොඳ ගෑණු ළමයෙක්.."
නිවෙස් හිමියා අවඥාවෙන් කට ඇදකලේය.
"ඒ ළමය දෙමළ... අනික බ්‍රාහ්මණ වංශයෙ" මම තව දුරටත් අනන්‍යාවෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ දරමින් පැවසූයෙමි.
"එතකොට තමා?"
"මම පංජාබි………." මම මුහුණ සඟවාගනු උදෙසා හිස පහතට හරවාගනිමින් පැවසූවෙමි.
"ඉතිං තමා වගෙ කෙනෙක් එක්ක එහෙ මෙහෙ ඇවිදින්ට යනවයි කියන්නෙ මොකක්ද ඒ ගෑණු ළමයගෙ තියන වැදගත්කම?"
පුන්නු මහතා ජයග්‍රාහී ලීලාවෙන් විමසූයේ ප්‍රශ්ණ විචාරාත්මක තරඟයක රුපියල් දස ලක්ෂයක් දිනාගත හැකි අවසන් ප්‍රශ්ණය බරකොට විමසන පළපුරුදු ප්‍රශ්ණ විචාරකයකුගේ හැසිරීම් ස්වභාවය ආරූඪ කරගනිමිනි.
ඔහුගේ ප්‍රශ්ණය ඉතාම තර්කානුකූල බැවින් මට ඊට දිය හැකි පිළිතුරක් නොවීය. එබැවින් මාතෘකාව වෙනස් කීරිමට මම තීරණය කළෙමි.
"පුන්නු මහත්මයා මේ... කිව්වට අමනාප වෙන්න එපා. මේක ඉස්කෝලෙක හොස්ටල් එකක් නෙවෙයි. අපි ඔක්කොම වැදගත් රස්සාවල් කරන අය. ප්‍රොෆෙෂනල්ස්ල කොටින්ම. ඉතිං අපි පදිංචි වෙලා ඉන්න ගෙදර ඇතුලෙ අපිට ඕන දෙයක්...."
"මතක තියාගන්නවා මේක මගේ ගෙදර….." මිට මොළවාගත් සුරතින් මේසයට දැඩි පහරක් එල්ල කරමින් පුන්නු මහතා බිරුසන් දුන්නේය.
ඔහු කොතෙක් බිරුසන් දුන්නද නොබියව සහ සෘජුව මගේ අදහස් ප්‍රකාශ කිරීමට මම ඉටා ගතිමි.
"ගෙදර ඔය මහත්තයගෙ තමයි. මම ඒක නෑ කිව්වෙ නැහැනෙ. ඒත් අපේ බැංකුව ඔයාගෙ ගෙදර බදු අරගෙන තියෙන්නෙ. බැංකුවෙන් අපිට මේ ගෙදර දීල තියනව පදිංචි වෙන්නෙ. ඉතිං හරියට තර්කානුකූලව බැලුවොත් ඔය මහත්මයම මේ ගෙදරට වැද්ද නොගන්නත් අපිට අයිතිය තියනව…."
කිසිවත් කතාකරගත නොහැකිවූ නිවෙස් හිමියා මදෙස දෑස් විදහා බලා සිටියේ සවන් අදහාගත නොහැකි පරිද්දෙනි.
"මොකක් කිව්ව? මොකක්?.........." සිහි එළවාගත හැකිවූ ඇසිල්ලේ ඔහුගෙ මුවින් ඒ වදන් පිටවූයේ වෙඩි සැරසේය.
තත්වය තවත් බරපතල වීමට පෙර සාමයේ කුමරුගේ භූමිකාවට පණ පෙවීමට එවිටම ඉදිරිපත්වූයේ රාමනුජම්ය.
"පුන්නු මහත්මයා අපිට සමාවෙන්න. මෙහෙම උනේ අපෙත් වැරැද්ද හින්ද. ක්‍රිෂ් මෙහෙට ඇවිල්ල තවම සතියක්වත් ගියේ නෑ. මෙහෙ මස්මාංශ සහ මත්පැන් සම්පූර්ණයෙන්ම තහනම් කියල අපිට තිබ්බ ක්‍රිෂ්ව දැනුවත් කරන්න. ඒක අපේ අතින් වුනේ නෑ. ඒක අපේ අතින් වුනු අඩුපාඩුවක්..ඒ වගේම වරදක්"
"ඔව්..එහෙනං දැන්වත් ඒ ගැන මේයාට බොහොම පැහැදිලිව විස්තර කරල දෙන්න. මෙහාට මත්පැන් එක බිංදුවක්වත් ගේන්න බෑ. සම්පූර්ණයෙන්ම තහනම්...." එවර නිවෙස් හිමියා පැවසූයේ තරමක් නිවුණු ස්වරයකිනි. "මම ජීවිතේට මත්පැන් බොනව තියා අතිං අල්ලලා වත් නෑ. ඔන්න හොඳට අහගන්ට ඔය ළමයි..." ඔහු හිස වනමින් පැවසූයේ ජයග්‍රාහී විලාසයකිනි.
"මත්පැන් විතරක් නෙවෙයි මට පේන්නෙ මේ මනුස්සය ජීවිතේටම ගෑණියෙකුත් අතින් අල්ලලවත් නෑ වගෙ..අනේ ඉතිං මොකටද මම කියන්නෙ?" මම එසේ තොල මතුරාගතිමි.
"ක්‍රිෂ් කරුණාකරල මිස්ටර් පුන්නුගෙන් සමාව ඉල්ලන්න.." රාමනුජම් මදෙස හැරී ඉල්ලා සිටියේය. "මේ ප්‍රශ්ණෙ මෙතනින්ම ඉවරයක් කරල දාමු අපි...එහෙම හොඳයි නේද?"
මම හිස හරවා අවට බැලීමි. මා වටා සිටින්නෝ සියල්ලෝම ද්‍රවිඩයෝය.එල්.ටී.ටී.ඊ. කළු කොටි භටයින් අනුඛණ්ඩයක් මෙන් ඔවුහු මා වටකොටගෙන සිටින්නෝය. සමාව අයදිනු හැරෙන්නට මට වෙනත් කිසිදු විකප්ලයක් ඉතිරිව නැත.
"මට සමාවෙන්න…………" දිගු සුසුමක් හෙලා පැවසීමි.
"හරි මීට පස්සෙ මෙහාට ගෑණු ළමයි කිසිම කෙනෙක් එක්ක එන්න බෑ. දෙමළ හරි බ්‍රාහ්මණ හරි වැදගත් හරි, බැච් මේට් හරි.....ඒවයිං වැඩක් නෑ.. කිසිම ගෑණු ළමයෙක් මේ ගෙදර එළිපත්ත පනින්න බෑ. පැහැදිලියි නේද?" නිවෙස් හිමියා පැවසූයේ තම සුරතෙහි දබරැඟිල්ල මගේ නාසයෙහි කෙළවර වදින තරමට දිගුකොට සොළවමින්ය.
"හරි ….එතකොට බියරුයි කුකුළ් මසුයි?" මම ඇසෙන නෑසෙන හඬින් විමසීමි.
"එව්ව කොහොමත් කලින් ඉඳල තහනම්……." සෙන්දිල් බොහෝ තෘප්තිමත් හඬකින් පැවසීය.
මා අවට රැස්ව සිටියෝ යලිත් වරක් තම ජීවිත චාරිත්‍ර වාරිත්‍ර සහ තහනම් නීතිවලින් සිරවීමේ ප්‍රීතිය බෙදාගනුවස් එකිනෙකා දෙස බලා මද සිනහ පෑවෝය.
ඊලඟ වර අනන්‍යා සමඟ එක්ව ඉන්දියාවේ මතු දියුණුව උදෙසා කටයුතු කරන්නට සුදුසු තැනක් පිළිබඳව මම දෙබැම ද රැළිකොටගෙන සිතන්නට වූයෙමි.
සිතු විලසින්ම ඇගෙ රුචියට ඉඩ දුන්නූ
ReplyDeleteමතු දියුණුවට රති කෙළි එක පිට පැන්නූ
මිතුරන් එකතුවී ක්‍රිෂ් අද බේරා දුන්නූ
ගෙතු බොරු නිසා ආයිත් ඒවිද පුන්නූ.....
ජයවේවා!!!
Dumee,
Deleteමේ XXX එක්ක බෑනෙ හැම වෙලේම කවි ලියනව,
පේ වෙලාම ඉඳල දුමිය හතර පදේ ගැට ගහනව,
බේ බේ බේ යපිලට බේ යුඹ වාගේ කවි ලියනව,
සේ අයි නව් ලිස්න් ටු මී ළඟදිම උඹ පොරක් වෙනව,
ඉන්දියාවේ දියුණුව නැති උනේ ඔන්න ඕක හිංදයි
ReplyDeleteසුරංග,
Deleteඅන්න ඒකනෙ බං උඹට තේරුණා...
මේ කොල්ලො ඔය ඉන්දියාව පැත්තක තියපංකො ..උඹ බදුල්ලෙ දියුණුවට කටයුතු කරපංකො උදේ සවස කෑමට පෙර...මොකෝ කියන්නෙ? හාද? බෑද?
හම්මේ
ReplyDeleteඉවාන්,
Deleteමොකෝ බං හම්මේ කිව්වෙ? උඹ රටේ දියුණුවට කටයුතු කලද මේ විජහට?
ඔය වගේ තැනක තව කල් ක්‍රිශ් කොහොම ඉදීද මන්ද....
ReplyDeleteඇත්තටම ඔතනට අනන්‍යෙග තාත්ත ආවනම් මොනව වෙයිද??
නිර්මාණී,
Delete/ඇත්තටම ඔතනට අනන්‍යෙග තාත්ත ආවනම් මොනව වෙයිද??/
තාත්ත එතනත් ද හින්දු පත්තරේ කියවන්ට ගනියි මේ ලෝකෙ වගක් නැතුව...
අම්මප නේද රටේ දියුණුව වෙනුවෙන් ඒ කරුමාන්තෙ කරගෙන යන්නවත් ඉඩ නැති රටක් කොහොම දියුණු වේද ඉතිං?
ReplyDelete(දිලීප ඔයා දැං රිටයර් වෙන්න අපිට රවියා ඉන්නවා...)
දිල්ෂාන්,
Delete/අම්මප නේද රටේ දියුණුව වෙනුවෙන් ඒ කරුමාන්තෙ කරගෙන යන්නවත් ඉඩ නැති රටක් කොහොම දියුණු වේද ඉතිං?/
අන්න ඒකනෙ බං.. අර අපේ ඩොක්ටර් හර්ෂ ද සිල්වා වගෙ ප්‍රාමාණික විද්වතුන් ඒකනෙ පහුගිය දවසක දහසක් වැඩ රාජකාරි තියෙද්දි එව්ව ඔක්කොම බල්ලට දාල නිදහස් චතුරශ්‍රෙ ජාතියේ දියුනුව වෙනුවෙන් කටයුතු කරන කොල්ලො කෙල්ලොන්ට වලි දාපු සිකුරිටි මල්ලිලාට නීතිය කියල දෙන්ට ගියේ...
අන්න අනාගතය දක්නා මහා ප්‍රාඥයො...
මේ ක්‍රිශ් වුයි රවී යි සහෝදරයෝද? සමානකම් බොහොමයි
ReplyDeleteඉයන්,
Deleteවෙන්නත් ඇති බොලේ වෙන්නත් ඇති...
මට එහෙම හින්දම වෙන්නැති මේ යකාගෙ කතන්දරේ කියවපු ගමං අල්ලල ගියෙත්...:)
ඉන්දියාවේ මතු දියුණුව උදෙසා කටයුතු කරන්නට අතින් වත් අල්ලන්න ඕන නැතිව ඇති මං හිතන්නෙ ඔටු දේශෙ අවුරුද්දකටත් වඩා එක දිගට වැඩ කර කර ඉන්න සමහර උන් , හිටි ගමන් පාටි දෙනව වයිෆ්ට බබෙක් හම්බුනා මං තාත්තා කෙනෙක් වුනා කියල හිටං :D
ReplyDeleteමේ පාර පාට නම් ඇස් වලට අමාරුයි රස්නෙයි
///මේ පාර පාට නම් ඇස් වලට අමාරුයි රස්නෙයි///
Deleteමුන්ට කොහෙද එව්වයේ ගාණක්, බ්ලොග් එකත් හදල කාන්තාරේ වගේ...
ඉර වීදුරු දාගෙන වෙන්න ඇති මේ ස්ක්‍රීන් එක දිහා බලනවා ඇත්තේ...
[°•_•°] {`^`…´^´} (~•`_´•~),
Delete/ ඔටු දේශෙ අවුරුද්දකටත් වඩා එක දිගට වැඩ කර කර ඉන්න සමහර උන් , හිටි ගමන් පාටි දෙනව වයිෆ්ට බබෙක් හම්බුනා මං තාත්තා කෙනෙක් වුනා කියල හිටං :D/
අන්න ඒකටත් තියෙන්න ඕන සුවිශේෂී හැකියාවක් බොල..හැමෝටම ඔහොම බෑ
[°•_•°] {`^`…´^´} (~•`_´•~) And Lokka,
Delete/මේ පාර පාට නම් ඇස් වලට අමාරුයි රස්නෙයි/
ඇත්තටම ඇහැට අමාරුයි වගෙද බං? බොරු නේද?
ලබන නිවාඩුවේදී මේ කතාව ආයේ මුල සිට කියවන්න මේ සැරේ ෂුවර් එකට පොරොන්දු වෙනවා. ඊට පස්සේ වැදගත් කමෙන්ට් එකක් දාන්නම්
ReplyDeleteමතක නැතිවීම මතකයන් ලිවීමට බාධාවක් නොවේ කියල පුරාණ සූර්ය වංශික බ්ලොගර්ලා ලියල තියනවා
Deleteනොකියවීම කමෙන්ට් කිරීමට බාධාවක් නොවේ කියන එක මං සෑහෙන කාලෙක ඉඳං ප්‍රැක්ටිස් කරනවා. (සැ.යු. වැදගත් කමෙන්ට් හා මා සමග සම්බන්ධතාවක් නැත)
පැතුම්,
Deleteහරි හරි අවුලක් නෑ...හෙමිහිට කියවපං...
මේක නොකියෙව්වත් කමක් නෑ...මතක ඇතුව රටේ මතු දියුණුවට කටයුතු කරපං..ඕකේ?
Pra,
Delete/මතක නැතිවීම මතකයන් ලිවීමට බාධාවක් නොවේ කියල පුරාණ සූර්ය වංශික බ්ලොගර්ලා ලියල තියනවා,/
ඔය සූර්ය වංශික බ්ලොගර්ල ඕක කියල තියෙන්නෙ ශ්ලෝකයකින්...
ස්මරණං වියැකිනං නහිතං බාධකේන,
රචනං ස්මරණ ස්මරණං ස්මරණංච,
සත්‍ය මේ ස්මරණං රචනේච,
චිත්තේන ස්මරණං රමණීයේන,
මතකය නැතිවීයාම තම මතක සටහන් ලිවීමට කිසිසේත්ම බාධාවක් නොවේ. මතකයන් මතක ඇතුවාක් මෙන සිතා ලියන්න. සත්‍ය මතකයන්ට වඩා ඒ සිතා ලියන මතකයන් බොහෝ රසවත් විය හැක.
බලහං ඉතිං ඉන්දියාවෙ මතු දියුණුව උදෙසා කටයුතු කරන එවුවංට අකුල් හෙලන්නෙත් ඉංදියාවෙ එවුවොම වෙච්චිකොට.
ReplyDeleteප්‍රසන්න,
Deleteකොහෙත් එහෙම තමයි බං කොහෙත් එහෙම තමයි, දුස්ටයො, දුර්ජනයො, පාපිස්ටයො, බාලාපරාද කාරයො, බැඳුම්කර වංචනිකයො,
හි හී ෆිල්ම් එකේ මෙච්චර රසවත් දිග කතන්දරයක් නෑනේ .. මේකනම් මරු අප්පා
ReplyDeleteසඳා,
Deleteඑහෙම තමයි හලෝ,..ෆිල්ම් එකේ කොහෙද මෙව්ව?
සුපිරි.. අද නම් කොමෙන්ට් නොකර ඉන්නම බැරි උනා...
ReplyDeleteකුෂ්,
Deleteකුෂ් කිව්වම මට මතක වෙන්නෙ මෙහෙ තියනව කුස් කුස් කියල මරු කෑමක්. තුර්කියෙ එකක් මම හිතන්නෙ..
මතු දියුණුව උදෙසා වැඩ කරද්දි බියර් වලට වඩා හොද දේවල් නැද්ද ---ඉන්දියාවෙ
ReplyDeleteකම්මල,
Deleteමම හිතන්නෙ එතන වුනේ අර අම්මණ්ඩි ගේන්න කිව්වෙ බියර්නෙ..ඒකයි
ඔය කතාවෙ කොතන වත් නැද්ද පුන්නු ගෙට එනකොට ලෙස්සල වැටුන කියල එහෙම? නෑ මම කිව්වෙ ක්‍රිශ් ඉංදියාවෙ මතු දියුණුවට වැඩ කරනකොට රාමානුජම් ලා නිකන් ඉන්න නැතිව ඇතිනෙ...හෙහ් හෙහ්
ReplyDeleteජයවේවා..!!
මොන පිස්සුද බං, උංට එච්චර දෙයක් කරන්න පුලුවං උනානං පුන්නු උනත් ඉතුරු කරන එකක් නෑ. හැක්..
Deleteඒකත් හැබෑව.. නැහ් නං ඔය සද්දෙ බෝඩිමකට ඇවිත් දැම්ම කියන්නෙ නිදහස් පසුපස ආර සංග්‍රහයක් ලැබෙනවා නෙව
Deleteගස් සහ ප්‍රසන්න,
Deleteපිළිතුරු දීමෙන් වැළකී සිටිමි
බෝඩින්කාරයෝද හිරකාරයෝද මුන්.හරියට වහල්ලු වගේනේ ඉන්නේ.
ReplyDeleteමනෝජ්,
Deleteසිරකරුවෝද බෝඩිංකරුවෝය,බෝඩිං කරුවෝද මනුෂ්‍යයෝය.
ඔය නුංගම්බක්කම් වලම ගෙයක් කුලියට අරගෙන මාත් අවුරුදු ගාණක් හිටියා. හැබැයි මමනං ගේ කුලියට ගද්දිම අයිතිකාරයගෙන් කොන්දේසි ඇහුවා. බීල කෑ ගහන්න පුලුවන්ද, මස් මාංශ ඕනෑ දෙයක් උයන්න පුලුවන්ද, යාළුවො ආවහම ගේ දෙදරන්න සිංදු කියන්න පුලුවන්ද(මිනිහ යට තට්ටුවෙ හිටියෙ) එන යන අයගෙ සීමාවන් තියේද ආදී වශයෙන්. කිසි ප්‍රශ්නයක් නෑ ඕනෑ දෙයක් කරගන්න කියල පොර අවසර දුන්නා. මොකද මං වගේ කෙනෙක් අහිමි කරගන්න මිනිහ කැමති උනේ නෑ. කිව්වත් වාගෙම මම ගේ අත් ඇරලා එනදා වෙනතුරු මගෙන් සිද්ද වෙච්ච හැම හිරිහැරයක්ම මනුස්සය තුෂ්නීම්භූතව විඳ ගත්තා. අදටත් මම ඉන්දියාවට ගියොත් මිනිහා බලන්න යනවා. දැන් නම් හොඳටම වයසයි ඉන්නවද දන්නෙත් නෑ.
ReplyDeleteහැලප,
Deleteමීනම්බක්කම් කියන්නෙ චෙන්නයි එයාපෝට් එක තියන ප්‍රදේශය නේද? ඔය එයාපෝට් එකේ අර එයා ලංකා ප්ලෙන් එකකට බෝම්බ තියපු එක ගැන පොතක් ලිව්ව ඇස්. පියසේන මහත්මය පොතේ නමත් මට මතක විදිහට මීනක්බක්කම්..
මම 2006 අවුරුද්දෙ චෙන්නයි ආපු වෙලාවෙ අපිත් එක්ක ආපු එක්කෙනෙක්ගෙ පාස්පෝට් එක නැතිවෙලා අලුතින් බලපත්‍රයක් ගන්න ගියා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයට. ඒක තිබ්බෙ අල්වපෙට් කියන ප්‍රදේශයෙ. චෙන්නයි බෞද්ධ විහාරයටත් ගියා. ඒත් ඒක තිබ්බෙ කොහෙද කියලනම් මතකයක් නැත.
හපොයි මෙහෙමත් ජීවිත.. :)
ReplyDeleteලඟදි අපේ ඉන්දියන් ඩබලක් මගෙන් ඇහුව "භගට්" දන්නවද කියල. මම ඇහුව "චේතන් භගට් ද?" කියල.
Deleteඋන් බඩවල් අල්ලගෙන හිනා වෙලා, "මෙහෙම දෙයක් උනා" කියල ඒක ෆේස්බුක් නුත් දැම්ම.
බැලුවම අහල තියෙන්නේ "භගට් සිං" ගැන. :)
පේන හැටියට ඉන්දියන් කාරයෝ චේතන් භගට් ට වැඩිය කැමති නෑ වගේ. එයාලගේ වසර දහස් ගණනක් තිස්සේ පැවතෙන සංස්කෘතිය, සදාචාරය විහිළුවට ලක් කරන නිසා වෙන්න ඇති.
ඒත් ඉතින් ඒ සංස්කෘතිය සදාචාරය එක්ක කැමති කෙනෙකුට වත් wine, women and song (මේ කතාවේ song වෙනුවට තියෙන්නේ chicken) විඳින්න බැරි නම්, අනේ මන්ද.
මම මේ නිකමට අහන්නේ, රටේ දියුණුව වෙනුවෙන් කරයුතු කරන්න ක්‍රිෂ් ඔය තරම් ආසයි නම්, අනන්‍යා නාල කරල ඉන්නවා ඇති නේද? පුදුමයි.
මානවික්ස්,
Delete/හපොයි මෙහෙමත් ජීවිත.. :)/
ඇයි මොකද එයාලට වෙලා තියෙන්නෙ?
/පේන හැටියට ඉන්දියන් කාරයෝ චේතන් භගට් ට වැඩිය කැමති නෑ වගේ. එයාලගේ වසර දහස් ගණනක් තිස්සේ පැවතෙන සංස්කෘතිය, සදාචාරය විහිළුවට ලක් කරන නිසා වෙන්න ඇති./
කොහෙත් එහෙමනෙ අනේ..මතකද පහුගිය දවස්වල අර විමුක්ති ජයසුන්දර එහෙම මරාගෙන කන්න හැදුව හමුදාව අපකීර්තියට ලක්කරනවයි කියල.ප්‍රසන්න විතානගේටත් එහෙමයි. ෆිල්ම් එක මට මතක විදිහට පුරහඳ කළුවරද කොහෙද..අර ජෝ අන්ධ ගැමියෙකුගෙ චරිතයක් රඟ පෑවෙ.
වෙන මොකවත් ඕන නෑ මාර්ටින් වික්‍රමසිංහ මහත්මයටත් ඒ කාලෙ සාහෙන විවේචන ආවලු විරාගය ලිව්වම. අරවින්දගෙ චරිතයෙන් සිංහල බෞද්ධ තරුණයා අවතක්සේරුවට ලක්කරලයි කියල..
මම මේ දවස්වල කියවනව "විකාස් ස්වරූප්" කියන ඉන්දීය තානාපති නිලධාරියා ලියපු "ස්ලම් ඩෝග් මිලියනේයර්" පොත. අර සුප්‍රසිද්ධ චිත්‍රපටයක් එහෙම නිෂ්පාදනය කලේ මේ පොත ආශ්‍රයෙන්.
ඔය පොතේ ඉන්දියානුවන්ගෙ ගති පැවතුම් පහත් කරල ලියල තියනවය එතකොට ඉන්දීය සිරිත් විරිත් අවමානයට ලක් කරල තියනවය කියල රචකයටත් සෑහෙන විවේචන තිබුනලු. තාම උනත් මම දන්න හුඟක් ඉන්දියානුවො ඒ ෆිල්ම් එකට සම්මාන ලැබුනට කිසිම කැමැත්තක් නෑ..
ReplyDelete{{ඊලඟ වර අනන්‍යා සමඟ එක්ව ඉන්දියාවේ මතු දියුණුව උදෙසා කටයුතු කරන්නට සුදුසු තැනක් පිළිබඳව මම දෙබැම ද රැළිකොටගෙන සිතන්නට වූයෙමි}}
Ediri,
Delete:)
මේ උන්නැහැ මේක මේ කපේදි ඉවර කරන්නෙ නෑ. ඒ නිසා මං ගිහින් අර මොන මගුලක්ද මන්දා කියන පරිවර්තනය අරං ආව. අර දවස ගානේ කොටස් දාන කතාකාරයො වගේ මේක ඉවරයක් කරන්න මුන්දැට කිසිම උවමනාවක් නැති හැටි අම්මප.
ReplyDeletekasun,
Delete/අර දවස ගානේ කොටස් දාන කතාකාරයො වගේ මේක ඉවරයක් කරන්න මුන්දැට කිසිම උවමනාවක් නැති හැටි අම්මප./
ඒ කතාව ඒ අම්මණ්ඩි වයස දහ අටේදි අම්ම තාත්ත දෙන දෙයක් කාල බීල ඉන්ට බැරුවට ලියපු එකක් නෙව. එයා දැං කරන්නෙ ඒක ටයිප් කරල පබ්ලිෂ් කරන එක...
මේක එහෙමද? මම අලුතෙන්ම ලියන්ට එපාය..ඒ හින්ද ඒ පිස්සු හටනගෙ කතාව එක්ක මේ කතාව සන්සන්දනය කරන එක නම් හරිම අසාධාරණයි ගොයියෝ..තේරුණෙයි ඔහෙට?
ඉතිම් කොහොමද හැබෑට ඉංදියාව රටක් විදියට ඉස්සරහට යන්නේ?..
ReplyDeleteKalyana,
Deleteබෑ නේන්නං....බෑම තමයි....
සියල්ලන්ටම,
ReplyDeleteසමාවෙන්ට ඕමනයි..පහුගිය සතියෙ නොසෑහෙන්ට බිසී උනෙමි. ඒ හින්ද කමෙන්ට් වලට උත්‍රද පරක්කු උනෙමි. අද යන්තමට නිවාඩුවක් ලැබුනෙමි. එබැවින් පොඩි ආතල් එකක් ගන්න ගමං උත්‍ර ලියමි....:)
the story of my marriage එක දිගටම කියවුයෙමි. ඉක්මනට 40ත් ලියන්නො
ReplyDelete