Friday, April 21, 2017

501. How Many Zeroes Are There In A Billion? Someone Please Tell Me Quickly Because I Have Just Won A Billion Rupees....


Slumdog Millionaire චිත්‍රපටයේ රඟන
දේව් පටේල් සහ අනිල් කපූර්

ඔවුහු මා අත් අඩංගුවට ගත්හ. සමාවන්න පළමුව ඔවුහු යනු කවරහුද යන්න මවිසින් පැහැදිලි කල යුතුය. ඔවුහු යනු පොලිස් නිලධාරීහුය.

වඩාත් පැහැදිලිව පැවසුවහොත් වංචා විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීහුය. ඔවුහු මා අත් අඩංගුවට ගත් හේතුව ඇසුවහොත් ඔබ විශ්මයට පත්වනු නිසැකය. ඔවුහු මා අත් අඩංගුවට ගත්තේ සාමාන්‍ය දැනුම ප්‍රශ්ණ විචාරාත්මක තරඟයකට ඉදිරිපත්වීම හේතුකොටගෙනය. නැත. එසේ පැවසීම නිවැරදිම නොවේ. මම එම ප්‍රශ්ණ විචාරාත්මක තරඟයට ඉදිරිපත්වූ බව සැබවි. එහෙත් ඔවුන් මා අත් අඩංගුවට ගත්තේ හුදෙක් එසේ ඉදිරිපත් වීම නිසාම නොවේ. ඉදිරිපත්ව සියළුම ප්‍රශ්ණ වලට නිවැරදි පිළිතුරු සැපයීම හේතු කොටගෙනය. 

තව දුරටත් පැහැදිලි කලහොත් එසේ කොට සියළුම ප්‍රශ්ණ වලට නිවැරදි පිළිතුරු සපයන්නට සමත්වන ජයග්‍රාහකයාට හෝ ජයග්‍රාහිකාවට ප්‍රදානය කරන බවට එහි සංවිධායකයින් සපථ කල මහා ත්‍යාගයට හිමිකම් පෑම හේතු කොටගෙනය. එම පොරොන්දු ප්‍රකාර මහා ත්‍යාග මුදල කොපමණදැයි ඇසුවහොත් එසේ සංවිධායකයින් පොරොන්දු ත්‍යාගය ප්‍රදානය කිරීම පසෙක තබා මා අත් අඩංගුවට ගැනීමට පොලීසිය හා එක්ව කුමන්ත්‍රණය කිරීම පිළිබඳව ඔබ කිසිසේත්ම විශ්මයට පත් නොවනු ඇත.

එසේය මා පිය සහෘදය, ඒ මවිසින් ජයග්‍රහණය කල ත්‍යාග මුදල රුපියල් කෝටි සියයකි. නැතහොත් ඔබ සැමට සුපුරුදු වදනින් පැවසුවහොත් රුපියල් බිලියනයකි.

පොලිස් නිලධාරීහු මා අත් අඩංගුවට ගැනීමට පැමිණියේ මධ්‍යම රාත්‍රියද පසුව අවම වශයෙන් හෝරා දෙකක් තුනක් හෝ ඉක්ම ගිය පසුවය. ඒ වනාහී මගේ ලෑලි ගැසූ කුඩා කුටිය එළිපත්තේ කෙළිදෙලෙන් පසුවන අයාලේ යන සුනඛයින් පවා සුපුරුදු ලෙස අළුයම් යාමයෙහි කොහේ හෝ අතුරුදන් වූ ඉක්බිතිය. එබැවින් පොලීසිය මා සොයා පැමිණෙන කල්හි මා වෙනුවෙන් හඬ නැඟීමට මා වෙනුවෙන් විරෝධය පාන්නට අවම වශයෙන් සුනඛයෙක් හෝ මගේ ලෑලි ගැසූ කුඩා කුටිය අවට නොවීය.

ඔවුහු පළමුව පා පහර දී මගේ කුටියේ ලෑලි දොර බිම දැමූහ. ඇත්ත වශයෙන්ම එසේ බලහත්කාරකම් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොවීය. ඔවුහු දොරට තට්ටු කොට කථා කලේවී නම මම කිසිදු විරෝධයකින් තොරව පිටතට පැමිණෙන්නෙමි. එලෙසම ඔවුනට මා අත් අඩංගුවට ගැන්මට අවශ්‍ය බව පැවසූයේ නම් මම වදනකින් හෝ එරෙහි වීමට උත්සාහ නොකොට ඔවුන් සමඟ පොලීසිය වෙත යන්නට තීරණය කොට සිටියෙමි. ඇත්ත වශයෙන්ම මම ඔවුන් අපේක්ෂාවෙන් පසුවුණෙමි.

එහෙත් පොලිස් නිලධාරීන් ක්‍රියාකරන අන්දම ඔවුන්ටම ආවේණික ක්‍රමවේදයකි. හැකි සෑම අවස්ථාවකදීම තම බල පරාක්‍රමය ප්‍රදර්ශනය කිරීම ඔවුන්ට බලවත් ප්‍රීතියක් ගෙන දෙන්නක් බව මම පළමෝත අත්දැකීමෙන් දනිමි.

එසේ හෙයින් ඔවුහු පළමුව මගේ කුටියේ ලෑලි දොර පාපහර දී බිම හෙලූහ. දෙවනුව මගේ දෑතට විලංගුලා, වහලය මත කරකැවෙමින් දිදුලන රක්ත වර්ණ ආලෝකයෙන් හාත්පස ඒකාලෝක කරමින් ගෙමිදුල මධ්‍යයේ නතරකොට තිබූ ජීප් රිය වෙත මා රැගෙන ගියෝහ. මගේ කුටිය අවට ඇසට අසුවන මානය තෙක් පැතිරගිය නානාවිධ ද්‍රව්‍ය වලින් නිමැවුනු පැල්පත් සමූහයෙහි ඒ වනවිටත් නිදි නොමැතිව සහස් සංඛ්‍යාත මිනිසුන් සමූහයක් වූ බවට මම කිසිදු සැකයකින් තොරව දැනහුන් නමුදු ඒ කිසිවකු අවම වශයෙන් මා වෙනුවෙන් වදනකිනුදු  විරෝධයක් නොපෑහ.

මගේ අසල්වාසින් කිසිවකු මා වෙනුවෙන් එසේ ඉදිරිපත් නොවී තම නිවෙස් තුලම හිඳ අඳ ගොළු බිහිරන්සේ මුනිවත රැකියද ඔවුන් නරුමයින් ලෙස හැඳින්වීමට යුහුසුළු නොවන ලෙස මම ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමි මා දයාබර පාඨකය. පොලිස් නිලධාරීන් රක්ත වර්ණ ආලෝකයෙන් දිදුලන ජීප්රියාරූඪව පැමිණ කිසිවකු හෝ අත්අඩංගුවට ගෙන රැගෙන යාම අප වසන ධරාවි පෙදෙසේ ඉතා සුලභ සංසිද්ධියකි.

එලෙසම පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නෙකු වෙනුවෙන් විරෝධය පෑම සපුරාම නිශ්ඵල ක්‍රියාවක් බව මගේ අසල්වාසීහු අත්දැකීමෙන්ම දනිති. ඊට අමතරව එසේ විරෝධය පෑම බොහෝවිට අත්අඩංගුවට පත්වන්නාගේ තත්වය තව දුරටත් අනතුරුදායක කරවීමටද හේතුවිය හැක. එසේ හෙයින් එදින පොලිස් නිලධාරීහු පැමිණ මා විලංගු ලා රැගෙන යද්දී ඒ පිළිබඳව තමනට හැකි පමණ හෝ විරෝධය පෑවේ මගේ කුටිය අසල වූ ඉපැරණි සියඹලා ගසෙහි මට මතක ඇති කාලයේ පටන් පදිංචිව හුන් මහළු බස්සා පමණි.

යථාර්තය එසේ වුවද පොලිස් නිලධාරීන් මා අත් අඩංගුවට පැමිණි කල්හි මගේ නිර්දෝෂිත්වය ඔවුනට හැඟවීමට යම් ක්‍රියාමාර්ගයක් මවිසින් ගත යුතු විනිදැයි මම බොහෝ විට කල්පනා කරමි. විරෝධය පෑම පසෙක තිබියේවා මා අත් අඩංගුවට ගැනීමට හේතුව පිළිබඳව හෝ ඔවුන්ගෙන් විමසීමක් කල බවක් මගේ මතකයෙහි නොමැත.

බොහෝවිට අප වැන්නවුන් එසේ නිහඬවම පොලීසියට එසේත් නැතහොත් නීතියට අවනත වන්නේ යම් ප්‍රබල හේතුවක් නිසා විය යුතුය. එසේය. මම ඒ පිළිබඳව බොහෝ ගැඹුරින් කල්පනා කොට ඇත්තෙමි. මේ මිහිකත මත ඔබගේ පැවැත්ම පවා නීති විරෝධී වන්නේනම් ඔබට සිදුවන්නාවූ යම් අසාධාරණයක් පිළිබඳව ප්‍රශ්න කිරීමට හා/හෝ  ඊට ඔබගේ විරෝධය ප්‍රකාශ කිරීමට ඔබට හිමිකමක්, අයිතියක් හෝ බලයක් ඇත්ද?

ඔබ ආසියාවේ විශාලතම නාගරික මුඩුක්කුවෙහි දිවිගෙවන, රාත්‍රියෙහි නිදාගැන්මට පමණක් භාවිතා කරන නිවස යයි හඳුන්වන අල්ලක් වන් වපසරියට පවා කිසිදු රජය පිළිගන්නා නීත්‍යානුකූල  හිමිකමක් නොමැති, මතකයෙහි ඇති කලෙක පටන් දරිද්‍රතාවයෙහි පත්ලෙහි ගැලී අනන්තවූ දුක්ඛ දෝමනස්සයන් විඳිමින් එයින්ම පත්තියම්වූ මිනිස් සත්වයකු වන කල්හි ඔබගේ අයිතිවාසිකම් සහ හිමිකම් පිළිබඳව කථා කිරීමට ඔබට ධෛර්යයක් උපදින්නේ කෙලෙසද?

එළෙසම මේ දුර්භාග්‍යය මවෙත කැඳවා ගන්නා ලද්දේ මවිසින්ම බවට අදහනා වැඳ නමස්කාර කරනා සියළු දෙවි දේවතාවන්ගේ නාමයෙන් දිවුරා පැවසීමට සූදානම් මගේ මිතුරන් සහ අසල් වාසීන් ඔබට අවශ්‍යනම් සහස් සංඛ්‍යාතව සොයාගත හැකිවනු ඇත.

"ඔය මිනිහට අපි අනන්ත කිව්ව. ඔය කෙහෙල්මල් ප්‍රශ්න අහන තරඟෙට යන්ට දඟලනකොටම අපි කටේ කෙල හිඳෙනකල් කිව්ව. කෝ ඇහුවද? ඔය කර ගත්තෙ ගිහිල්ල..ඕක තමයි අපි කිව්වෙ එදා ඉඳලම………"

මගේ වියපත් අසල් වැසියෝ තම පැසුණු හිස් ඉහළට සහ පහළට සෙමෙන් සොළවමින් ඔවුනට සවන් දීමට සූදානම් ඕනෑම පුද්ගලයකු හා කිසිදු සැකයකින් තොර ස්වරයකින් පවසනු ඇත.

ඔවුන්ගේ වැටහීම අනුව මවිසින් කිසිදා සමාව නොලැබෙනා වරදක් කොට ඇත. එනම් ධරාවී වාසී තුන්වන පන්තියේ පුරවැසියකු කිසිදා අතික්‍රමණය කල නොයුතු ශුද්ධ වූ තහනම් රේඛාවකින් එපිටට මා පය තබා ඇත.

මුම්බායි තදාසන්න මත්පැන් අලවිහලක වේටර්වරයකු වූ මට මුළු මහත් ඉන්දියාව පුරා විකාශය වන රූපවාහිනී ප්‍රශ්ණ විචාරාත්මක තරඟයකට ඉදිරිපත්වීමට පමණ ධෛර්යයක් ලැබුනේ කෙලෙසකද? එලෙස ධෛර්යක් තිබියේවී නමුදු එවන් කාර්යයකට නිර්භයව ඉදිරිපත්වීමට පමණ ඔහුට ඒ පිළිබඳව ඇති දැනුම කවරේද? 

"මොන පිස්සුද මේ මනුස්සය ජීවිතේට ඉස්කෝලෙකට ගිහිල්ල නෑ. පොතක් කියවන්න දන්නෙ නෑ. අඩුම ගානෙ පත්තරයක්වත් නොකියවන මනුස්සයෙකුට පුලුවන්ද ඔය වගෙ තරඟෙකට ගිහිල්ල අඩුම ගානෙ ප්‍රශ්ණ දෙකකටවත් උත්තර දෙන්න? මොන විකාරද?"

මා ඉදිරිපිට නොවූවද මගේ ආපන ශාලාවේ මා හා එකම රැකියාවෙහි යෙදෙන මගේ සගයින් එකිනෙකා හමුවූ කල්හි එලෙස මා පිළිබඳව පවසන බව මම දැන සිටියෙමි. ඔවුන්ගේ වැටහීම අනුව වේටර්වරුන් අත් පා සතර පමණක් භාවිතා කල යුතුය. හිස් කබල තුල පිහිටි මොළය නම්වූ අවයවය භාවිතා කිරීම ඔවුනට සපුරා තහනම්ය.

ආපන ශාලාවේ මගේ සගයින් කිසිවකු මා මුහුණ දුන් ප්‍රශ්ණ විචාරාත්මක තරඟය නරඹන්නට නොපැමිණීම ඇත්තෙන්ම අභාග්‍යයකි. මවිසින් සියළු ප්‍රශ්නයන්ට පිළිතුරු දුන් ආකාරය දුටුවේනම් ඔවුන් දැඩි විශ්මයට පත්වනු නිසැකය. සත්‍ය වශයෙන්ම එදින මගේ පිළිතුරු දීම වඩාත් නිවැරදිව පවසන්නේනම් එදින මගේ අසාමාන්‍ය භාග්‍යය පිළිබඳව මමද තවමත් විශ්මයට පත්ව සිටින්නෙමි.

එම වැඩ සටහන විකාශය වන්නට නියමිතව ඇත්තේ ඉදිරි සතිය තුලදීය. වැඩ සටහන තවමත් විකාශය නොවූවද මවිසින් යම් සැළකියයුතු පමණ මුදලක් ජයග්‍රහණය කොට ඇති බව මා සේවය කරන මත්පැන් හලෙහි කණින් කොණින් පැතිර ගියේ විදුලි වේගයෙනි. මගෙන් ඒ පිළිබඳව විමසූ කිසිවකුහට මම එක එල්ලේ පිළිතුරක් නොදුන්නෙමි.

එහෙත් මගේ දෙකට දෙවාරමේ පිළිතුරු පිළිබඳව රහසේ රැස්ව සාකච්ඡා කල මගේ සගයින්ගේ ඒකමතික නිගමනය වූයේ මවිසින් යම් සැළකිය යුතු මුදලක් ජයග්‍රහණය කොට ඇති බවය. ඒ අනුව ඔවුහු දින තුනකට ප්‍රථම මා වෙනුවෙන් මගේ ජයග්‍රහණය සැමරීමේ සාදයක් සංවිධානය කළෝය. මත්පැන්හල රාත්‍රියේ වසා දැමුණු පසු ඇරඹි සාදය පසුදා හිරුනැඟෙන තෙක් පැවතිණි.අප සියල්ලන්ම සිතැඟි පරිදි රස මසවුලෙන් සන්තර්පනය වූයෙමු. මත්පැන් පානය කලෙමු. එකිනෙකා වැළඳගෙන නර්තනයෙහි යෙදුනෙමු.

අළුයම් කාලයේදී සිහිසුන්ව මේසයක්ද පෙරලාගෙන ඇදවැටීමට මොහොතකට පෙර අපගේ වයස්ගත ප්‍රධාන බාර්ටෙන්ඩර්වර්යා ඔහුගේ තරුණ දියණිය පිළිබඳව විවාහ යෝජනාවක් මවෙත ඉදිරිපත් කලේය. කිසිම විටෙක මුහුණෙහි සිනාවක් දැකිය නොහැකි අපගේ කළමණාකාරවරයා පවා එදින මා හා යන්තමට සිනාසුනේය. සාදය අතරමඟදී මා ඔහුගේ කාර්යාලයට කැඳවූ හෙතෙම පසුගිය මස හිඟ වැටුප් මුදල මා අත තැබීය. එලෙසම ඔහු එදින වෙනදාමෙන් "කාලකණ්නියා" හෝ "පිස්සු හුටං" යන වදනින් මා ආමන්ත්‍රණය නොකලේය.

එහෙත් මේ මොහොතේ ගෝඩ්බෝලේ ඊටත් වඩා බොහෝසේ අප්‍රසන්න නාමකරණයෙන් මා අමතමින් පසුවන්නේය. අඩි දහය x අඩි හයක ප්‍රමාණයේ කුටියක පොළව මත මම එරමිණිය ගොතාගත්වනම පසුවන්නෙමි. දැඩිසේ මළ බැඳුනු යකඩ දොරකින් සහ කුඩා කවුළුවකින් සමන්විත මේ කුඩා කුටිය තුල පවත්නා දැඩි උණුසුම කෙසේවත් ඉවසිය නොහැක. 

බොහෝවිට මේ කුටියේ පූර්ව වාසියාගේ පයට පොඩිවී ගියේ යයි විශ්වාසයෙන් යුතුව උපකල්පනය කල හැකි කහ පැහැ අඹ කැබැල්ලක් මා ඉදිරියේම ගල් අතුල කිලිටි පොළව මත දක්නට ඇත. ඒ වෙත ලඟාවූ අඳුරු රතු පැහැති විශාල කැරපොත්තෙක් ඒ මත නැඟී තටු විදහා පියාන්නටදෝ සූදානම් විය. මම ඇසි පිය නොහෙලා කැරපොත්තා දෙස බලා සිටියෙමි. අද අළුයම අත් අඩංගුවට පත්වූ මොහොතේ පටන් කිසිදු ආහාරයක් නොලැබුනු හෙයින් මගේ කුසෙහි සාගිනි හැඟීම් අවදිවන්නට පටන්ගෙන ඇත.

තව නොබෝ වේලාවකින් මා යලි ප්‍රශ්න කරනු පිණිස චෝදානාගාරය වෙත රැගෙන යන බව මට මීට අඩ හෝරාවකට පමණ ප්‍රථම දැනුම් දෙනු ලැබීය. තවත් හෝරාවකට පමණ පසු කිසිවකු සිර කුටිය වෙත ලඟාවන පියවර හඬින් මම දෑස් විවර කළෙමි. ඉන්ස්පෙක්ටර් ගෝඩ්බෝලේ සිර කුටිය ඉදිරිපිට මදෙස කෝපාවිෂ්ඨ දෙනෙතින් යුතුව බලා සිටියේය. 

ඔහු දෙස මොහොතක් බලා සිටි මම දෙනෙත් පහතට යොමුකොට තැලුනු අඹ කැබැල්ල දෙසට යොමු කලෙමි. රතු අඳුරු පැහැති කැරපොත්තා තවදුරටත් ඒ මත නොවීය. 

"හ්ම්ම්ම්..ඌ ගිහිල්ල යන්ට.." මම සෙමෙන් පැවසුවෙමි. 

"මොකක්ද කිව්වෙ?" ගෝඩ්බෝලේ  බිරුසන් දුන්නේය. 

මම මුවින් නොබැන පහතට හරවාගත් දෙනෙතින් යුතුව පසුවීමි.

"හ්ම්ම්ම්..එනව එළියට..අපිට තියෙන වැදගත් දෙයක් සාකච්චා කරන්ට...තමුසෙ මේ ගිය සුමානෙ ප්‍රශ්න දොළහකට හරියට උත්තර දුන්නලු නේ? හරි යමු මම පටන් ගන්නං දහතුන්වෙනි ප්‍රශ්නෙ ඉඳල... මම අහන ප්‍රශ්න වලටත් හරි උත්තර දුන්නොත් තමුසෙ ගොඩ ….."

ගෝඩ්බෝලේ එසේ පවසා මහ හඬින් සිනාසී සාක්කුවෙන් ගත් යතුරකින් අගුල විවෘත කොට සිර කුටියෙහි දොර විවර කලේය.


"Slumdog Millionaire"  චිත්‍රපටයට පාදකවූ
විකාස් ස්වරූප් ලියූ "Q & A " නම් නවකථාව

විකාස් ස්වරූප්

31 comments:

  1. අන්න කරනවනං පරිවර්තනය.. පට්ට ඈ! අකුරක් නෑර ආසාවෙන් කියෙව්වා!

    ReplyDelete
    Replies
    1. Kalyana,

      හෙහ්,හෙහ්..තැන්ක්යූ..තෑන්ක්යූ..

      අපි බලමු මොනවහරි කරන්ට...:)

      Delete
  2. රවී අය්යෙ, කමී අය්ය කියුව වගේ මේකත් පරිවර්තනය කරන්නකෝ... මේකත් කොටස් වශයෙන්වත් දාන්නකෝ... මොකද ඒ තරම් හිත ඇදගත්තා මේ කතාව... නියමයි...

    ReplyDelete
    Replies
    1. මගේ වයස දැන් 65යි. ඔයි අලුත් මගුල් පටන් ගන්න කලින් අර බාගෙට ලියපුව ඉවරයක් කොල්ල හිටු මෙ ඇස් දෙක පියාගන්ට කලින්.

      Delete
    2. නිර්මාණී,

      අර Ano කිව්වත් වගෙ අල්ලගත්තු කොටි වලිගත් තියනවනෙ බං..

      ඒත් අනික් අතට නහයට උඩිං ගැලුවම ආය කොහොමත් එකයි කියල මේ කොටි වලිගෙත් අල්ලගන්ට හිතෙනව වෙලාවකට...හෙහ්,හෙහ්,..ලෙට්ස් සී ....You never know what's beyond the next bend. That's what keep you going forward ...

      Delete
    3. ඇනෝ,

      "65ත් වයසක්ද නංගී?" කියලයි අපි ඒකාලෙ කිව්වෙ....:)

      Delete
    4. අනේ ඔව් අය්යෙ... මේ කොටිවලිගෙත් අල්ලගෙන ලියාගෙන යමු... කෝකත් එකයිනෙ... මට ඒතරමට කතාව අල්ලලා ගියා...
      මොකද කියන්නේ මේකත් පටාන්ගමුද???

      Delete
  3. මම ෆිල්ම් එක 20 - 30 වතාවකට වඩා බැලුවා. මාර ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. කුරහන්,

      පොතයි ෆිල්ම් එකයි සෑහෙන වෙනස් මල්ලි..ඒත් අවුලක් නෑ..පොත ඒ විදිහටම ෆිල්ම් එකට ගන්න ඕන කියල නීතියක් නැහැනෙ. සිනමානුරූපීව අවශ්‍යයයි කියල හිතල කතාව වෙනස් කරන්න ඇති.

      එහෙම කල එකෙන් වැරැද්දක් වෙලත් නෑනෙ... 2009 අවුරුද්දෙ ඔස්කා සම්මාන අටක්ද කොහෙද ලැබුන මේ ෆිල්ම් එකට

      Delete
  4. Translation eka nn lassanta krla tyenwa

    ReplyDelete
  5. ආයෙ පාරක් චිත්‍ර පටිය බලන්න හිතුන. ඇත්තටම දැනගෙන හිටියෙ නෑ මේ චිත්‍ර පටියට පාදක උන පොතක් තියනව කියල.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      හැබැයි ගොයියෝ මෙහෙම එකකුත් තියනව. පොතේ කතාවම නෙවෙයි ෆිල්ම් එකේ තියෙන්නෙ.සෑහෙන්න වෙනස්..

      ෆිල්ම් එකේ ඉන්න ප්‍රධාන කාන්තා චරිතය පොතේ නෑ. එතකොට කථා නායකයගෙ සහෝදරයෙක් ඉන්නෙ ෆිල්ම් එකේ. පොතේ එහෙම කෙනෙක් නෑ....

      ඒත් කතා දෙකක් විදිහට දෙකම රස විඳින්න පුලුවන්. මම ෆිල්ම් එකට වඩා කැමති පොතට...:)

      Delete
  6. පෝස්ට්වලින් පොතක් කරන්නෙයි කිව්ව. නෑ තාම
    වෙනත් විදිහකට (remember?)පොතක් කරන්නෙයි කිව්ව. ඒක ගැන කතා කරන්නෙවත් නෑ.
    ට්‍රාන්ස්ලේෂන්වත් කරයිද?

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      මොකක්ද ප්‍රා වෙනත් විදිහක කතාව? නෝ රිමෙම්බර් ඇටෝල්..

      ඔව්ව සම්මා සතියෙන් ඉන්න වෙලාවක කියන්න එපාය. එහෙම නැතුව කොහෙද බොලේ මතක තියෙන්නෙ?...:)

      Delete
    2. Sigh....... emailed AGAIN.....sigh

      Delete
    3. Pra,

      Got it again...sorry sorry sorry...will seriously think about your suggestion...

      Hey why that sarcastic smile? did I give the same reply before?..:)

      Delete
    4. Yeah, will continue to do so until the end of your natural (and my unnatural) life I reckon.

      Delete
  7. මුරුංගා අත්තේ තියන්න කියනවා නෙමේ රවීයියේ උඹේ පරිවර්තන නියමයි.

    ReplyDelete
  8. මේ පරිවර්තනයත් නියමයි.

    හැබැයි, අර උඩ ඇනෝ කියපු එකම තමයි කියන්න තියෙන්නෙ, වයස 65ක් නැති උනාට, මෙහෙම වරහන් ගොඩක් අරිනකොට අපි ඔක්කොම මතක තියන්, කුතුහලෙන් ඉන්න එපාය! ඊට පස්සෙ හරියට නින්ද යන්නෙත් නෑ අලුත් කොටස දාලද බල බල ඉන්නකොට.

    ක්‍රිශ් ටයි අනන්‍යා ටයි වෙන දේ ගැන කියුරියස් නිසා මම ඔන්න ඔහේ ෆිල්ම් එක බලල දැම්ම. :)
    මම ෆිල්ම් ෆෑන් කෙනෙක් නෙවෙයි. අවුරුදු දෙකකින් විතර ෆිල්ම් එකක් බැලුවේ රවී තුමාගේ පරිවර්තනය නිසා. :)

    ReplyDelete
    Replies
    1. මානවිකා,

      /මම ෆිල්ම් ෆෑන් කෙනෙක් නෙවෙයි. අවුරුදු දෙකකින් විතර ෆිල්ම් එකක් බැලුවේ රවී තුමාගේ පරිවර්තනය නිසා. :)/

      ප්‍රීතියි! ප්‍රීතියි!! චිත්තප්ප්‍රීතියි!!!...අන්න එහෙමයි අපේ වැඩ...:)

      Delete
  9. Film eka nawatha balannata sithwiya..

    ReplyDelete
    Replies
    1. අම්බලං,

      බලන්න බලන්න..කතාව නම් පොතේ කතාවට වඩා වෙනස්..ඒකට මක් වෙනවද?

      Delete
  10. මොකද කියන්නෙ ඔහෙත් මේ එකේකේව පටං ගන්න හැටියට පාන්දර ඇවිල්ල කුදලගෙන යන්න තමයි සිද්ද වෙන්නෙ දැං. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      මාව කුදලගෙන යන්ට බැරිය බාං..

      අන්න අරෙහෙ ආයම බ්ලොග් වසන්තෙ පටංගෙන. මේපාරත් කප් එක ගහන්ට හිතාගෙන නොම්මර එකේ කොමෙන්ට් දාපං විජහට...:)

      Delete
  11. "එසේය මා පිය සහෘදය, ඒ මවිසින් ජයග්‍රහණය කල ත්‍යාග මුදල රුපියල් කෝටි සියයකි. නැතහොත් ඔබ සැමට සුපුරුදු වදනින් පැවසුවහොත් රුපියල් බිලියනයකි."

    මිලියනයට බිංදු 6 යි.
    බිලියනයට බිංදු 9 යි.

    Slumdog Millonare මිසක්
    Slumdog Billonare නෙවේ.

    https://www.youtube.com/watch?v=-PV4zEju1Hk

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      මම කලිනුත් කිව්ව වගෙ "Q & A" පොතේ කියවෙන කතාවෙයි ඒ පොත ආශ්‍රයෙන් හදපු "Slumdog Millionaire" චිත්‍රපටයෙ කතාවෙයි සෑහෙන වෙනස් කම් තියනව.

      එකක් ඔය අවසාන ත්‍යාග මුදල. චිත්‍රපටයෙ ඒ මුදල රුපියල් මිලියන විස්සක් නැත්නම් කෝටි දෙකක්. ඒත් පොතේ අවසාන ත්‍යාග මුදල කෝටි සියයක්. නැත්නම් බිලියනයක්.

      The bestselling book behind the Oscar-winning film SLUMDOG MILLLIONAIRE directed by Danny Boyle

      Former tiffinboy Ram Mohammad Thomas has just got twelve questions correct on a TV quiz-show to win a cool one billion rupees. But he is brutally slung in prison on suspicion of cheating. Because how can a kid from the slums know who Shakespeare was, unless he is pulling a fast one.

      In the order of the questions on the show, Ram tells us which incredible adventures in his life on the streets gave him the answers. From orphanages to brothels, gangsters to beggar-masters, and into the homes of Bollywood's rich and famous, Ram's story is brimming with the chaotic comedy, heart-stopping tragedy and tear-inducing joyousness of modern India.

      Q&A - Vikas Swarup

      Delete
  12. අනේ රවී ඔන්න ඔහෙ මේකත් පරිවර්තනය කරලා කොටස් වශයෙන් දාන්න අනේ....අපි එන්නම් කියවන්න...

    ඔය දේව් පටේල් රඟපාපු අළුත් චිත්‍රපටියක් ළඟදි බැලුවා ලයන් කියලා..ඇත්තටම රඟපෑම හොඳයි..

    ReplyDelete
  13. චිත්‍රපටයට පදනම් වෙච්ච මෙහෙම පොතක් තියෙන බවවත් දැනගෙන හිටියෙ නෑ අයියේ. ස්තූතියි ඒ ගැන කිව්වට. ඒ වගේම පරිවර්තනයත් හැමදාම වාගේ හරිම අපූරුයි. අඩුගානේ මේකවත් පරිවර්තනය කරලා පොතක් විදිහට පළ කරනවානම්. :)

    ReplyDelete
  14. පොතටත් චිත්‍රපටියටත් තව දුරට (අපගේ පාඨකයින් අතරත්) හොඳ ප්‍රචාරයක් ලැබෙන්නට නියම ක්‍රමය ඔබගේ පරිවර්තනය වන බව විශ්වාසයි.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...