යෝවන් මස්ක් පර්ෆියුම් එකේ ඡායාරූපයක් ඉහත දැක්වේ. |
ඊයෙ හවස හයට වගෙ කුස්සියට ගියා රෑට මක්කවත් තම්බ ගන්ට කියල හිතල. ගෑස් ලිප ඔන් කලම මෙන්න බොලේ ලිප පත්තු වෙන්නෙ නෑ. බලනකොට ගෑස් ඉවරයි. මොකද දන්නවයි මම කලේ? කෝල් එකක් දීල හන්දියෙ සුපර් මාකට් එකට කිව්වනං උං පැය බාගයක් ඇතුලත ගෑස් සිලින්ඩරයක් එවනව. මම කල්පනා කලා මෙහෙම . අවුට් ඔෆ් බොක්ස් තිංකිං ඒකට කියන්නෙ. ගෑස් එක ගෙන්න ගන්ට කොයි වෙලාවෙ බැරිද? ලියමු නවීන පන්නයේ කයියක්..එව්වට කියන්නෙ සංක්සිප්ත කයි....
ඒ වගේ සංක්සිප්ත කයියක් පිලිබඳව විශ්මිත අයිඩියාස් ආපු වෙලාවෙම සෙනිකව ලියල තියාගන්ට ඕමනයි. නැත්තං අමතක වෙනව. මයෙ හොඳ වෙලාවටද කොහෙද සතියකට සැරයක් එපාට්මන්ට් එක සුද්ද බුද්ද කරන්ට එන නේපාල් බුවාට ෆ්‍රිජ් එකේ දූවිලි පිහදාන්ට අමතක වෙලා. ඕකා සාමාන්‍යයෙන් එහෙම කරන්නෙ නම් නෑ. වෙරි එෆිෂන්ට් බුවා. හරි කොහොම හරි ඒකත් ජයසිරි මංගලම් කියල දකුණු අතේ දබරැඟිල්ලෙන් ලිව්ව ෆ්‍රිජ් එකේ දොරේ දූවිල්ලෙ කයියක්.
ඉවරවී ඇත ගෑස්,
උයනු නොහැක මට,
එබැවින් සාගින්දරේ ඉන්නෙම්ද?
ඊටින් ද රෙස්ටොරන්ට් කරමිද?
දැම්මේ නවීන පන්නයේ කෙටි කවිවල යටිපෙල තේරුමක් තියෙන්නෙ ඕනයි කියනවනෙ. අන්ඩර් වෙයාර් මීනිං නොහොත් අන්ඩර් වර්ල්ඩ් මීනිං නොහොත් අන්ඩර් හෑන්ඩ් මීනිං ..සිංහලෙං කිව්වොත් නම් යටි පෙළ අරුත… දුහුණන් දැනුම් උදෙසා මේ කයියෙ යටි පෙල මෙහෙමයි.
ජීවිතේ අපි බොහෝ දුර ගෙවනව. සමහරවෙලාවට අපිට ජීවිතේ ගෙනියන්ට ගැම්මක් නැත්තං හයියක් නැතිවෙනව. අර මයෙ කයියෙ ගෑස් ඉවරවෙනව කිව්වෙ ඒකට. එතකොට අපිට කරන්ට විකල්ප දෙකක් තියනව. එකක් ඔක්කොම අතෑරල දිවි නහගන්න එක. අර මම සාගින්දරේ ඉන්නව කිව්වෙ ඒකට. එහෙම නැත්තං වෙන කොහෙන්හරි ජීවිතේට ගැම්මක් අරගෙන ඉස්සරහට යන එක. කඩේකට ගිහිල්ල මොනවහරි කන එක නොහොත් ඊටිං ද රෙස්ටොරන්ට් කිව්වෙ ආන්න ඒකට. කොහොමද ඒක? හෙණ සිරානේ? මම ඕන ඔට්ටුවක් අල්ලනව මේ වගෙ සිරා කෙටි කයියක් ලියන්ට බෑ ඔබ තමුන්නාන්සේලා කාටවත්...හෙහ්..හෙහ්...වොන්න බෙට්?
ඉතිං මම තීරණය කලා රෑට ඔය රෙස්ටොරන්ට් එහෙකිං මොනවහරි කනව කියල. ඒ කරල කාමරේට ගියා මගේ සුපුරුදු දුඹුරු පාට ටී ෂර්ට් එක ඇඳ ගන්ට. අම්මට උඩු...ටී එක අතට ගත්ත විතරයි දාඩිය ගඳ ආව නහය කඩල යන්ට. මොකද මේ දවස්වල මෙහෙ ලේ උනුවෙන්ට තරමට රස්නෙ හින්ද මර දාඩිය. කොටිම්ම ෂවර් එක යට නාන කොටත් දාඩිය දානව.
ඒත් මේ ටී එක ඇවිල්ල හිට මගෙ ෆේවරිට් ටී එක. ඒ හින්ද හුස්ම නාල්ලා ටී එක ඔලුවෙන් දාල ඇඳගෙන මයෙ තියනව සිරා පර්ෆියුම් එකක් නම ඇවිල්ල හිටං යෝවන් මස්ක්. ඒක ගහ ගත්ත ටිකක් වැඩිවෙන්ට අර බෝංචි කොටුවකට ග්‍රමොක්සෝන් ගහන්නැහෙ. එතනම තිබ්බ මගෙ ලියන මේසෙ. ඒකෙ ඉඳගෙන ගත්ත ඒ ලඟම තිබ්බ ඊයෙ බඩු ගෙනාපු තුණ්ඩුව. තුණ්ඩුවෙ පිටිපස්සෙ ලිව්ව කවියක්.
බැරිය ගඳ ඉවසනු,
මගෙම දහදිය වුනත්,
මටම ඉවසනු නොහැකිනම්,
කෙසේ ඉවසන්නෙම්ද අනෙකෙකු?
දැං මේ කයියෙ අන්ඩර්වෙයාර් මීනිං එක මෙහමයි. ඔය සමහර අපි කරන දේවල් ඇත්තටම අපිටම අප්පරසන්නයි.. එහෙම උනහම වටපිට මිනිස්සුන්ට කොහොම ඇද්ද?
ටී එකත් දාගෙන මයෙ කෝකටත් තයිලය වගෙ තියන ඩෙනිමත් ජොක්ලස් ඇඳගෙන නොහොත් සිවිල් පිට මම එලියට බැස්ස. ජොක්ලස් අන්සය ගැන ලියපු සන්ක්සිප්ත කයිය මෙහෙමයි.
ඩෙනිමක් ඇඳ ඇත යටිකයට,
එහෙත් යටටනම් නැත ඇඳ,
හුළං සර වැදේ නිතියෙන,
ආතල් ද බොහොමයි කිරිපල්ලට.
දැං ඔය කවියෙ තියන හතර පදේ ඔන්නම් දෙකට බෙදල සන්ක්සිප්ත කවි දෙහෙකට ලියන්ටත් ඇහැකි මෙන්න මෙහෙම කිසිම ගේමක් නැතුව……
ඩෙනිමේ ඇරුනු කකුල් අතරින්
ගලා එන සුලඟ අහා සනීපය..
අහා..අහා..අහා…
දෙවෙනි කයිය මෙහෙමයි…
කිරිපලු තෙමේ සුවවිඳී...
සුළඟේ ආතලය විඳගෙන....
ඉස්සරහ දොර ඇරගෙන ඔන්න දොට්ට බැස්සයි කියමුකො. මම ඉන්නෙ හතරවෙනි තට්ටුවක. මලා ජෝන්...ලිෆ්ට් එක ගාව බිත්තියෙ පොඩි නෝටිස් එකක්. "Lift out of order... Sorry for the inconvenience …"
ඉතිං මොකේදැයි දං වළඳන්නෙ කියල ඇහුවලු ලොකු හාන්දුරුවො පොඩි හාන්දුරුවංගෙන්...එහෙම්මම නෙවෙයි ඒ ප්‍රස්නෙ ඇහුවය කියන්නෙ...තාලෙට කවියෙන් ගායනා කර කර..අපි අද කතා කරන්නෙ කවිගැන හින්ද මම ඒ කතාවත් ලියන්නම්කො එහෙනං..ඔන්න මෙහෙමලු..
ඔය පොඩි හාංදුරුවොයි ලොකු හාංදුරුවොයි දෙන්නම කවි කාරයොලු. නිකම් මේ සාමාන්‍ය කතාබහක් උනත් කරනවයි කියන්නෙ තාලෙට ගායනා කරකර ඒ මදිවට නට නට. ඉතිං දවසක් ලිඳ ලඟ පොඩිනම ලොකු හාංදුරුවංගෙ පාත්තරේ සෝදද්දි ඇති වීරියෙං අතුල්ලලද කොහෙද පතුලෙ හිලක් හැදුනලු. පොඩි නම ඒ පාර පාත්තරෙත් ඔලුවෙ තියාගෙන මෙහෙම තාලෙට කිය කිය නට නට පන්සලට ආවලු .
ලොකු හාමුදුරුවනේ..
හරි වැඩක් උනානේ….
පාත්තරෙ හිලක් උනානේ….
මේක අහල ලොක්කට මල පැන්නලු. ඒත් උන්දැ තරහ නොපෙන්නා මෙහෙම තාලෙට කිය කිය නට නට මිදුලට බැස්සලු.
පොඩිනම XXX තියෙන්නේ,
අම්මගෙ XXXX දං වලඳන්නේ?
ඉතිං ඔය ලිෆ්ට් එක නොහොත් උත්තෝලකය කැඩිල තිබ්බ එක ගැනත් මම ලිව්ව ඔන් ද සපෝට් කයියක්. මොකේද ලිව්වෙ ඇහුව? හෙහ්.....මම ඔය එලියට බහිනවනම් බහින්නෙ අනිවා කලසං සාක්කුවෙ පොඩි නෝට් පොතකි කමිස සාක්කුවෙ පෑනකි සහිතව. ඔය දකුණෙ පෙලක් ඈයො කතා කරන්නෙ එහෙම. උදේට බතකි සම්බලකි හරි ගැස්සුවම ඇත? ඒ අහන්නෙ උදේ කෑමට බතකුයි පොල් සම්බලේකුයි හැදුවම ඇති නේද? කියල.
ඉතිං මෙන්න උත්තෝලකේ ඉස්සරහ ඉඳගෙන (ඉඳගෙන නෙවෙයි ඇත්තටමනම් හිටගෙන) මම ලියපු කයිය.
උත්තෝලකය නොසැලෙයි,
එහෙත් මම සැලෙමි,
තරප්පුවෙන් බසිමි,
උත්තෝලකය පරදමි.
ඒ කියන්නෙ සරලව නොහොත් සිම්ප්ලි කිව්වොත් ලිෆ්ට් එක කැඩිල හින්ද මම පඩි පෙළෙන් බැස්ස කියල. ඒත් ඔය සමහර අයට එහෙම සරළ තේරුං හරියන්නෙ නෑ. යටි පෙළක් නොහොත් අන්ඩර්වෙයාර් එකක් ඕනමයි. ඒ අන්ඩවෙයාර් බවතුන්ට සහ බවතියන්ට ඕනම නම් මෙන්න යටි පෙළක්. උත්තෝලකය කැඩිල කියන්නෙ මගෙ ගමනට දෛවය විසින් කරන බාදාවක්. ඒත් මම පසුබට වෙනවද? වට් නොන්සන්ස්..මම අදිස්ටාන පූර්වකව පඩිපෙලෙන් බැහැල මගෙ අරමුන ඉස්ට සිද්ද කරගන්නව. That's the Underwear...You underskirt guys & gals?
දැං ඔන්න පඩි පෙලෙන් පහලට බැහැල පාරට ගියාය කියමුකො. පාරෙං එහා පැත්තෙ තියෙන්නෙ හද්ද පරණ ගෙදරක්. ඒකෙ තාප්පෙ සිදුරක හැදිල තියන බෝ ගහක්. අඩි හත අටක් වගෙ උසයි. ඕකෙ බෝ කොළ වේලිල තිබ්බට මම කිසිම දවසක දැකල නෑ පාරෙ එහෙම වැටිල තියනව.
සතියකට වගෙ ඉස්සර දවසක් ඒත් මම ඔතනිං යනකොට වේලිච්ච කොළයක් ගහෙං වැටිල හුළඟෙ පාවෙලා ඇවිල්ල මගෙ ඉස්සරහම වැටිල ඒක මට පෑගුනා. අපි ඇවිල්ල බක්තිමක් බවුද්දයො නෙව. ලංකාවෙදි නම් මැරූකොට බෝ කොලයක් පාගන්නෙ නෑ. මෙහෙදිත් එහමම තමයි. ඒත් වැඩේ වුනේ මේ බෝ කොලේ පෑගෙන එක මට වලක්ව ගන්ට බැරිවුනා. පුදුම වැඩේ කියන්නෙ ඊයෙත් ඒ වැඩේ එහෙම්මම උනා කියමුකො. අර කලින් දවසෙ වගේම වේලිච්ච බෝ කොළයක් හුළඟෙ පාවෙලා ඇවිල්ල මගෙ කකුලට කකුලට කිව්වට ඇත්තටම නම් සෙරෙප්පුවට පෑගුනා.
ඔන් ද ස්පොට් එතනම නැවතුනා. නෑ..නෑ..බෝ කොලේ උඩම නෙවෙයි. එතනින් අඩියක් ඉස්සරහට ගිහිල්ල නැමිල බෝ කොලේ අතට අරගෙන බෝ ගහෙන් සමාව ඉල්ලල බෝ කොලේ ඒ ගහේම දෙබලක රැඳෙව්ව. මම බක්තිමත් බවුද්දයෙක් හින්ද අවුලක් නෑ. ඒත් අන්නියාගමිකයින්ට බෝකොල පාගන්ට දෙන්ට ඇහැක? නැද්ද? ඊට පස්සෙ බෝගහට පිට දීල හිටගත්ත. මයෙ කලසං සාක්කුවෙං නෝට් පොත ගත්ත. කමිස සාක්කුවෙං පෑනගත්ත. ඔන් ද ස්පොට් ලිව්ව සන්ක්සිප්ත කයියක්.
බෝ රදුන් වැලිකතරේ..
හෙලන්නට වියළි බෝ පත්...
බලාහිඳී එනතෙක්...
බැතිමත් බොදුනුවෙක්.
මේ ඊමම තියනව ලංකාවෙ මනුස්සයෙක් කරන රෙස්ටෝරන්ට් එකක්. මම ගියෙ ඒකට. මම රෑට කන්ට අරං එන්ට ගියේ බීෆ් රයිස් එකක්. ඒත් බීෆ් ඉවරයි කියල කියාපි රෙස්ටොරන්ට් එකේ මල්ලි. ඒ පාර සී පුඩ් රයිස් එකක් අරගෙන ආව. යද්දි සහ සී පුඩ් රයිස් එක අරගෙන එද්දි සිද්ද වෙච්චි සිද්දීන් ගැන මම ලියපු සන්ක්සිප්ත කවි ආය දවසක දාන්නම්කො.
ආ...මේ පල්ලෙහායිං තියෙන්න්නෙ මම කලින් දවසක ලියපු සන්ක්සිප්ත කවි කීපයක් සහ සම්බාව්ය කවි ලිවීමට උපදෙස් මාලාවක්..
හැපී පොයං රයිටිං ඕල් ඔෆ් යූ ...ඉටීස් වෙරි වෙරි ඊසි..ලයික් ඊටිං කජු....
කියෙව්වා යටිපෙළ
ReplyDeleteකැහැවවා යටිපෙළ
මෙන්න මගෙන් සන්ෂිප්ත විචාරයක්...
Deleteමෙතුමාගේ සන්ෂිප්ත කවිවලින්, බොහෝමයකින්ම කියවෙන්නේ ජීවිතේ අබියෝගවලට මුහුණදිමේ ශ්‍යඛ්‍යතාව, උත්සහවන්ත බව නිරූපනය වෙනවා... ඒ වගේම මිනිසා ජීවිතේ නිදහස් සුවය විදීමට ඇති කැමැත්ත 3වන කවියෙන් පෙන්නුම් කරනවා..
Rasika,
Deleteකසමින් සිටිද්දි යටිපෙල,
ඇඹේණිය මා දයාබර,
කහ කහ ඉන්නෙ ඕයි,
ගන්නවකො ඕකට බෙහෙතක්,
පැවසූහ ඉතා සෙනෙහෙබරව.
Nirmani,
Delete/ ඒ වගේම මිනිසා ජීවිතේ නිදහස් සුවය විදීමට ඇති කැමැත්ත 3වන කවියෙන් පෙන්නුම් කරනවා.. /
බම්බුව තමයි,
ඇත්තේ ජොකුන් දෙදෙනෙකි,
එකෙක් සෝදා වෙලී නැත,
අනිකා සෝදා වනා ගිණි අව්වේ,
මට අමතකව දවස් දෙකක් තිබිණි වැලේම,
කරකුට්ටං වුනු තරම කිවහොත්,
ඇන්දිය නොහැක තුනේ පන්තියේ ලමයෙකුටවත්,
එබැවින්ය දනුව ඔබ නිර්මාණිය,
මා සිවිල් පිට බැස්සෙ පාරට..
ඔය සම්බාව්‍ය කාව්‍යෝපදේසෙ ලීවට පස්සෙ පොරොන්දු වුණේ සම්බාව්‍ය කතාන්දර ලිවීමේ උපදේස ලියමනකුත් ලියනවාය කියලා නේද? ඒක කෝ?
ReplyDeleteසිත්තමී,
Deleteඅප්පට සිරි ගජය,
එහෙම එකකුත් තියෙනවා නොවද?
බජනය කරනු මැන සමාදිය,
අකස සක....
(අකස සක = අවශ්‍ය කටයුතු සඳහා සටහන් කොට ගතිමී)
හා දෙමු බලන්ට මේ සංෂිප්ත කවියට විචාරයක්...
ReplyDeleteආවේ තුනේ කෝච්චියට
නමුදු නැග්ගේ දෙකේ කෝච්චියට
බැස්සේ කොටුවෙන් හතට
අහෝ ගමනක දිග
Nirmaani,
Deleteතුනට ඉට්ටේසමට ආවෙමි,
එනමුත් තුනට ආවේ දෙකේ කෝච්චිය වෙමි.
එහි නැඟ,
සෙනෙහෙබර මව්ගුණ සිහි කරමින්,
පෝටරයාගේ සිට ජී.එම්.ආර්. දක්වා,
ගාට ගාටා පැමිණ බැස්සෙමි කොටුවෙන්,
හතේ කණිසමද පසුවී.
(G.M.R. = General Manager of Railways)
නෑ නෑ අප්පා... මේකායි සංසිද්ධිය..
Deleteදීර්ග නිවාඩුව අවසන් කර අපි ඊයේ නුවර ඉස්ටේසමට2ට විතර ආවා 3 කෝච්චියේ ටිකට් ගන්ට.... මොකෝ කලින් ටිකට් බුක් කරන්ට බැරි උනානෙ... කොහෙද ස්ත්‍රියක් අර යකඩ කටෙන්ම කියුවනේ ටිකට් ඉවරයි කියලා.. ඉතින් මොකේද දං වලදන්නෙ... 2ක තිබුන පොල්ගහවෙල යන කෝච්චියක්..... ඒකෙ ගිහින් පොල්ගහවෙලින් කොටුවෙ යන එකක නගිමුයි කියලා සාමූහික තීරණයක් ගත්තා.. එතනින් ආව කෝච්චිය පරක්කු වෙලා ඇවිත් 7 15 වෙනකල්ම ආවේ... ඒ මදිවට නුවරින් ආව කෝච්චි දෙකම අපි ළඟින් ගියේ හද පාරමින් .. හත්මුතු පරම්පරාවට නොබැන මේ වෙලාවට මොනව කරන්ටද...
නිර්මාණි නිර්ණිමාය
Deleteහත්මුතු පරම්පරාවක් මක් කරන්නද
කසුනා හැම වෙලේම
පරක්කු වෙනකොට
අනන්‍යා එහේ
ReplyDeleteක්ලියෝ පැට්ටා මෙහේ
අපිට උන හෙනේ
මූ කවි ලියන එක නේ
මේකෙ අන්ඩවෙයාර් එක ගැන කතා නොකර ඉමු. හැක්..
ප්‍රසන්න,
Deleteඅනන්‍යා ඔහේ සිටියෙමි,
ක්ලියෝපැට්‍රාවන් ගැනද නොතකමි,
ඉතිරින් ගැන සිතා මහද,
පුරවා නොගන්නෙමි සෝ තැවුලින්.
ඔහේගෙ ඔය යෝවන මස්ක නමැති මළඉලව්වෙ ගඳ බෝ ගහකටවත් උහුලන්න බැරි හැඩයි.
ReplyDeleteප්‍රසන්න,
Deleteඑසේ නොකියව සබඳ,
ඒ වනාහී ඉතා සුගන්ධවත් විලවුනක්මය,
නැවත දිවයිනට එන කල,
තොපටද එකක් ගෙන දෙම්හ,
පලි -
තොප එය කඩේ තබා,
නොවිකුණතැයි කරමි උපකල්පන,
මටම කියලා ලියල වගේ.... හම්මේ ඈ !!
ReplyDelete(හුහ්... මදැයි කවි කියවන්න ආව.... )
මට මතකයි එකපාරක් මේ විදියටම වැඩබැරිදාස කවියෙක් උනානේ.. ( ආ.. නෑ ඒ වැඩබැරි දාස නෙවෙයි, කුසුම් පුරේ එක්කෙනා)
Deleteඒකෙ අවසානේ මොකද උනේ කියලා දන්නවද මෙයා?
ලිඛිතා,
Delete/මටම කියලා ලියල වගේ.... හම්මේ ඈ !!/
තී වෙනුවෙන්ම ලියන්නට වියුණු සටහන්,
තී කවරෙකැයි සිතා ඉන්නෙම්ද?
හුහ්..
මා මෑණියන් වහන්සේ පල්ලය,
මේ ඉතිරින් සිතා සිටින තරම....
හැයි මොකද? මේ ඉස්තිරින් එහෙම තමයි....
DeleteLikhitha,
Delete/මට මතකයි එකපාරක් මේ විදියටම වැඩබැරිදාස කවියෙක් උනානේ../
වැඩ බැරිදාස නොකියවීමි,
මා කියවූයේ කුඩා කල,
අභාවප්‍රාප්තවූ මේ පසුගිය දින,
ඩී.බී. කුරුප්පු වියතාණන් පරිවර්තනය කල,
"දැත්තගෙයි යාලුවන්ගෙයි හපන්කම්" ය.
එහි දැත්තා කවි ලියන,
කතාවක් මතකය යන්තමට,
ඔහු බහුලව කවි ලියූවේ කෙල්ලන් ගැනය.
/ඒකෙ අවසානේ මොකද උනේ කියලා දන්නවද මෙයා?/
මතක නැත මැතිණිය...
එයා සත්‍යවාදී කවි ලියන්නය කියල ගිහින් කුසුම් පුරේ උන්දලාගෙන් හොඳට බඩකට පුරා කෑවානෙ!! ඒ උනත් අන්තිමට කිව්වේ 'මේ උන් මෝඩයෝ... මම වගේ විධග්ග කවි ලියන කවිකාරයෝ ගැන අගයක් නොදන්නාකම' කියල.
Deleteහි හි හි
නෑ නෑ.. ඔන්න බලමුකෝ ඒකෙත් හැටි! මෙමරි කැපෑකුටියේ අවුලක් ඇවිත් වගේ පර්ෆියුම් පාර හින්ද
Deleteමම බලපු පොතේ නම් වැඩබැරිදාස කවි කියලා ලිව්වේ එක එක්කෙනාගේ ඕපාදුප සහ ඇද. සමහර ඒවා බොරු, අපහාස. ඉතින් කුසුම් පුරේ උන්ට තද උනා නෙව!!
"කඩිනම් රාළට හැදුණා බඩගින්නක්
Deleteගිල්ලා හීතල ඉස්තිරික්කයක්"
"දක්සපාල ගියේ ගඟට නාන්නට
එළුවට උඩින් පැනලා වැටුණා වලකට"
@AnonymousSeptember 6, 2017 at 10:31 PM
Deleteආ.. මේ තියෙන්නේ!
සූකිරි ගැන ලියලා උදහසට ලක් උනේ... නියමයි නේද?
සා බොරෝ පට්ටනෙ....
ReplyDeleteඅපේ පැත්තෙනම් අර කවිය මෙහෙමයි කියන්නෙ
හාමුදුරුව නෙ
හරි වැඩක් වුනා නෙ
පාත්තරෙ බිම වැටිලා ඉරක් ගිය අනෙ
අම්මට හු*ල තියෙන් නෙ
ප*ද දන් වලඳන් නෙ....
ඒකෙත් පොඩි ලල් එකක් තියනව නෙ....
ඩෙනිමක් ඇඳ කවිය තමා හොඳම. //කිරිපලු තෙමේ සුවවිඳී...සුළඟේ ආතලය විඳගෙන....// මේ ආතල් එක දෙවැනි වෙන දෙයක් හිතාගන්න බෑ :D
ReplyDeleteඅසික්කිත කයි?
ReplyDeleteකොටි වලිගයක් අල්ලාගත්තාද සකී
ReplyDeleteයටි පෙල අරුත කවි ලියනට මට නොහැකී
වැටි වැටි ඇවිද්දත් ඒ ගැන ඇත්තේ දුකකී
හිටි වන කවියකින් ඇමතුම පුරුද්දකී
ජයවේවා!!!
රවී මහත්තයා තනියමද ජිවත් වෙන්නේ? නියම සන්තෝෂෙන් ඉන්නවා ඇති නේද? හිතුන වෙලාවක හිතුන විදියට ඕනි දෙයක් කෑව බීවා, හිතුන තැන ඇවිද්දා. අඩියක් ගහන්න හිතුනොත් ඒකත් ගහනවා ආතල් එකේ. කොටුවක් පනිනවා නං, මාසජ් එකකට යන්න ඕනි නං එහෙමයි. පිං කරපු ජිවිත අප්පා.
ReplyDeleteමේ මොන කලබගෑනියක්ද
ReplyDeleteහොඳට හිටි රවියාට
හුනියමක්වත් කරලාද
වහාම හෙටානිද්දා
ගෙන්නා ගනිං එතුමියව
ඉබ්බා ඇත කටුව ඇතුලේ
ReplyDeleteහොද්ද ලිප උඩ ඇතිලියේ
තැබෑරුමෙ තවම බෝතලේ
වැඩට දැන් වර ලොක්ක කෝල් කලේ
හුහ් මේවගෙත් තියනව අන්ඩර් වෙයාර් යටිපෙල මීනිං සබංබාව්‍ය විදියට හිතුවොත් විතරයි තේරෙන්නෙ 😆😆
කෝ එතකොට අර ඩෙනිමේ කවියේ අන්ඩර්වෙයාර් එක? මන් හිතන්නේ එකක් ඇඳලා හිටියේ නැති හින්දා කවියටත් එකක් දාන්න නැතුව ඇති?
ReplyDeleteහපෝ අර ටී ෂර්ට් එකට සෙන්ට් ගහපු එක දැක්කම මට මතක් උනේ දවසක් AC බස් එකක මනුස්සයෙක් වමනේ දාලා තවත් එකෙක් සෙන්ට් එකක් ගැහුවම ඇති වෙච්ච ගඳ සංකලනය.
ඔය ජොකාලස් ජෝගියට
ReplyDeleteඅපේ පැත්තේ කියන්නේ
ගෝ කොමාන්ඩෝ කියලා නොවැ
අපොයි ඒකෙත් හැටි
සැන්ට් ගසාගෙනවත්..
ReplyDeleteඋත්තෝලකේ නැතුවත්..
කෑම ගෙන එන්ටවත්..
සිවිල් පිට නම් යාම නොහොබිත්...
නුවරෙහි කටාරා...
අඟනෝ බුර්කා ඇඳලා...
සිටි අයුරු දැකලා...
සූටි කයියා බිම බලාලා...
----ජොකෝපදේශය----
ඕක මම අහලා තියෙන්නේ මෙහෙමයි
ReplyDeleteහාමුදුරුවනේ
හරි වැඩක් උනානේ
පාත්තරේ බිමට වැටුනනේ
පාත්තරේ ඉරක් ගියානේ
අම්මට Xකලා තියෙන්නේ
Xත්තෙද දන් වලදන්නේ
වේලිච්ච බෝ කොලේ දෙබලක ගහලා, බීෆ් රයිස් එකක් ගන්ඩ ගිය එකෙත් හෙන යටිපතුල් කේස් එකක් තියනව වගේ. :)
ReplyDelete'කෙසේ ඉවසයිද අනෙකෙකු?"
ReplyDeleteයටිපෙල ට දාඩියදාපුවම කහයි බලාගෙන
ReplyDelete:-D :-D :-D
කටාර් රටෙන් පායන 'ඉර'..
ReplyDeleteපිස්සුවෙන්ද බලන්න..
මා පවසන ඒ යටිපෙළ..
ඔබට හැකිද දකින්න..
මෙහෙට හරි වැස්ස
ඔහෙට ගිනි අව්ව..
එකම ජාලේ දෙකෙළවර ..
ඒත් බලහන් සමසිතින්..
ඩේටා කකා ඉන්න අපූරුව..
හැම කවියේම ඇත යටි පෙලක්
ReplyDeleteනමුත් යටි කයට නැහැ වස්ත්‍රයක්
සමුදෙන්න සමු ගන්න නම්..
ReplyDeleteරිදවන්නේ ඇයි මේ තරම්...
කලින් ඇඳි හඩු දුබුරු ටී සර්ටය
ReplyDeleteපෑනක් සහිත කමිස සාක්කුව වූ අරුමය
දැක කොමෙන්ට් නොකරන මට
කවක් නොලියා සිටිය නොහැකි විය
Asanga,
Deleteටීකමිස අඳින්නෙමි,
කොලර් සහ සාක්කු ඇති ඒවාට ප්‍රිය කරමි,
කොලර් එක කොහොම වුවත්,
සාක්කුව නම් ඕනෑමය.
අපූරුයි කියා
ReplyDeleteඅන් අයටත් පෙන්වූ බ්ලොග් එකේ
මොනවද යකෝ මේ ලියන්නේ?
මා කෙසේද දැන්
රෙද්දක් ඇඳන්
පාරේ කරන්නේ ගමන්?
කටාර් පොලිසියෙන්
අල්ලා කරාවි අවමන්
අනිත් දවසේ යමන්
යටට ඇඳුමක් ඇඳන්
මානවික්ස්,
DeleteAttagirl.... අන්න එහෙමනෙ ඉන්න ඕන....හැමෝම දැං කවියො සහ කිවිඳියො...සන්තෝසයි..සන්තෝසයි...අප්‍රමාණ සන්තෝසයි...
/අපූරුයි කියා
අන් අයටත් පෙන්වූ බ්ලොග් එකේ
මොනවද යකෝ මේ ලියන්නේ?
මා කෙසේද දැන්
රෙද්දක් ඇඳන්
පාරේ කරන්නේ ගමන්?/
But why this kolaveri? I don't underskirt at all....සෝ බෑඩ්..කියන්නත් සෑඩ්...
මෙන්න බලන්න මේ පහත තියන එක. මේ අර අපේ සයුරි නෝන මහත්තය කියන විදිහට හඳ අල්ලපු රටේ කට්ටිය...
/Vanity Fair teamed up with 60 Minutes to conduct a fashion-based poll, asking Americans everything from what their biggest fashion nightmare would be, to identifying big industry names to... how often they go commando. According to the results, more people do it than you might think.
25 percent of those polled admitted they go sans underwear at least sometimes. Of that 25 percent, 13 percent said they do it “occasionally,” 5 percent confessed they ditch their underwear “once a week” and 7 percent said they went without undergarments “all the time.”/
ලෝකෙ දියුණුම සහ ධනවත්ම රටේ එහෙමනම් අපි කමාන්ඩෝ ගියාම මක් වෙනවයි? Most probably that may be the reason we are still a third world country...must write a blog post on that ...:)
බ්‍රිතාන්‍ය කිරීටයේ රජකම හිමි ජෝර්ජ් කුමරු පාසැල් ගිය මුල්ම දිනය අද වේ.
ReplyDeleteරවී අර කළු දොදොල් කෑල්ල ඇද්දේ නැද්ද?
ReplyDelete