Friday, September 22, 2017

532. පුවක් එෂැණිං 32 - චීවරදාරී නාඩගම නොහොත් සන්ගයා වාන්සේලාට මල පැනීම සහ අසදෘශ මහා සල්ලි පින්ඩපාත හිඟමන.....

අසදෘශ මහා සල්ලි හිඟන පින්ඩපාතේ වඩින
අටිඝරු මහා ෂන්ග රට්නේ...
(අසදෘශ කියන්නෙ පෙර නොවී වීරූ කියන එක.
එහෙම බැලුවම මේ සල්ලි හිඟමනට අසදෘශ
කියන නම හොඳටම ගැලපෙනව.
මොකද මීට කලිං අම්ම මුතුං කාලෙදිවත් සාදුලා
මෙහෙම සල්ලි හීඟමනේ ගිහිල්ල නැහැ නෙව)

මේ දවස්වල දිවඉණ පුරා මහ විසාල හාහෝවක් යනව අපේ ඝරුටර මහා ෂන්ඝරට්නේට චීවර දාරීන් කියල ඇමතුවයිය එතනිං ගිහාම එහෙම කරන එක සාකල්ලියයෙන්ම වැරදියිය කියල. ඒ ආස පොලෝ නුහූලන මහා අපරාදෙ කරල තියනවයි කියන්නෙ අපේ පීල්ඩ් මාසල් තුමයි රන්ජන් රාමා නියෝජ්ජිය ඇමතිතුමයිලු.

අපේ පීල්ඩ් මාසල් තුමාට මල් මිටක් තියල වඳිංට උවමනයි මේ කරපු වැඩේ නොහොත් දෙබරෙට ගල් ගැසීම ගැන. උන්නැහේ පිරබාහරන් ප්‍රමුක කොටි නඩේ යුද්දෙං පැරැද්දෙව්ව වගේම මේ රට දියුණුවෙලා කාටත් දෙයියනේ කියල නිවී හැනහිල්ලෙ ඉන්ට පුලුවන් තැනක් කරන්ටනම් තව අත ගහන්ට අත්තියාවස්යම වැඩකට තමයි ඔය අත ගහල තියෙන්නෙ. 

ඒ කිව්වෙ අපේ සංග කස්ටියට තමන්ගෙ තැන මතක් කරල දෙන එක. එයාල හිතාගෙන ඉන්නෙ කහ රෙද්ද තනි උරේට හෝ දෙවුරට දාගත්තම අනිකුත් සාමාන්නිය මිනිස්සුන්ට ජීවත්වෙන හැටි, එතකොට පිලිපැදියයුතු වත් පිලිවෙත් ඒ වගේම චන්දෙ දෙන්ට ඕනෙ කාටද? ඒ වගේ කාරනා කාරනා ගැන නිසි නින්දේ තීරන ගැනීමේ අයිතිය තමන්ට ඒ මොහොතේ ඉඳල නිකම් මේ ප්‍රාතිහාරියකිං වගෙ නිල බලෙම්ම ලැබෙනවයි කියලනෙ.

කොටිම්ම පහුගිය දවස්වල පවුලකට ඉන්ට ඕන ලමයි ගාන පවා අර කිරම මොන ජෝතිද කියල චීවරදාරියෙක් නියම කලා නෙව. කොහොමද සෙල්ලම? නරක නෑ නෙවද? ඒ එක වහන්දෑ කෙනෙක්. තව එක්කෙනෙක් ඉන්නව රටේම තියන පලතුරු එක්කහු කරල චයිත්තිය වටේ ගොඩ ගහල පලතුරු පූජා තියනව. ඒ අර මහ මෙව්නාවෙ වහන්දෑ. තව උන්නැහේ කෙනෙක් කකුල තියන්නෙ පොලවට මල් ඇතුරුවොත් විතරයි. කාලයක් තිස්සෙ පුරුද්දක් විදිහට මල් ගැහුවම යටි පල්ලෙ ගැට එනව. කකුල බර කරල තියනකොට බොහොම වේදනාකාරීයි. පලමෝත අත්දැකීමෙං කියන්නෙ...හෙහ්,හෙහ්...(පලමෝත අත්දැකීං = First hand experience- Copy right Taboo) එහෙම උනහම ඔය අරලිය, සමං පිච්ච, දාස්පතියා වගෙ මල් බිමට ඇතුරුවහම යටි පතුලට කියන්ට බැරි තරං සනීපයක් දැනෙනවයි කියල ටටු ඩට්ටෝ පවසා වදාරන සේක. නෝ එනි ඉම්ප්ලිකේෂන්ස් හියර්... යූ අන්ඩස්කර්ට්?

ඒ අල්ල පනල්ලෙ තව වහන්දෑ කෙනෙක් උසාවිවල නඩු කාරයින්ට නඩු අහන්නෙ කොහොමද කියල නොමිලේ උපදෙස් දෙන්ට ගිහිල්ල නිකං අපරාදෙ වැලිකඩ බෝඩිමේ කූරු ගනං කරන්ට වැඩම කරනව. තව උන්නාන්සෙ කෙනෙක් අලිපැටව් කෙරේ පතල මහා කරුනාවෙං අලි මේච්චලේට ගිහිල්ල කල්දේරං බත් කනව. ඊට පස්සෙ අලුත්ම සීන් කෝන් එක අර හිටපු නීලකාසය ආයම පත් කරගන්ට අල්ලසක් විදිහට සිල් රෙදි බෙදන්ට සල්ලි පාස් කරල දුන්නු තක්කඩි දෙන්නට උසාවියෙං නියම කරපු දඩේ ගෙවන්ට සල්ලි එකතු කරන්ට කියල මහා ෂංඝ රට්නේ ටෙමේ පාරවල් දිගේ හිඟමනේ වඩිනව.

ඉතිං ඔන්න ඔහොමයි අපේ රට ජාතිය ආගම චිරාත් කාලයක් පවතිනා අයුරු රැකබලා ගන්නෙමැයි දිවිහිමියෙන් සපත කොට සිටින තමන්ම පත් කොටගත් ජාතියේ මුර දේවතාවුං වහන්සේලාගේ හැසිරීම. (Executives of self appointed national security service)

ඔය ජාතික සිකුරුටි කොම්පැණියෙ එක ලොක්කෙක් තමයි ගුල්ලේ ඇනවන්ස උන්නැහැ. පීල්ඩ් මාසල් ඉස්සෙල්ලම චීවරදාරියා කියල කිව්වෙ එටුමාට. නමසිය අනූගනන්වල මුලහරියෙ වගෙ තෙවන ඊලම් යුද්දෙ ඇරඹුනාම රටපුරා හෙන හාහෝවක් ගියා. ගායකයො ගායිකාවො රොද බැඳගෙන සිංදු කියන්ට ගත්ත රනවිරුවන් ගැන. ඒක කමක් නැතය කියමුකො. තමන්ගෙ රට ජාතිය ආරක්සා කරන්ට ඉදිරියට යන හමුදාවෙ දහිරිය වර්දනය වෙන ආකාරෙ ගීත කියන්ට ඕනම ගායක ගායිකාවකට අයිතිය තියනව.

ඒත් මෙතන අවුල වුනේ ඔය ගීත වැඩි හරියක් ලිවෙ ඔය ගුල්ලේ ඇනවන්ස උන්නැහැ. සනත් නන්දසිරි කියපු මේ ගීතෙ ලිව්වෙත් එටුමාම තමයි. "අසිපත කොපුවෙන් එලියට ගන්නේ..ලේ නොම තැවරී නැත යලි ලන්නේ....."

කොහොමද බුද්ද පුත්තරයෙක් ලියාපු ගීතය? එලස් නේ? බුදු හාමුදුරුවො හිටියනං "දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ,  සත්තුන්ට පවා කරුණාව මෛත්‍රිය දක්වන්ට කියල දේසනා කරන මගේ ගෝලයෙක් මොනවද මේ කියන විපිරියාස කතා?" කියල දැඩිව විස්සෝපයට පත්ව දෙව්රම් වෙහෙරෙ බාල්කෙක මුචලින්ද නාග රාජයගෙං බෙල්ලෙ වැලදාගෙන පිරිනිවන් පානව ඔන් ද ස්පොට් ඇන්ඩ් ඕල්සො විත් ඉමීඩියට් ඉෆෙක්ට්.

ඉතිං මම කියන්නෙ මෙච්චරයි. මෙහෙම මිනිස්සුන්ට චීවරදාරියා කියල කියන එකත් හොඳ වැඩියි. සිංහලයෙක් විදිහට එහෙම ගීත ලියන්ට එටුමාට අයිතිය තියනව. ඒකෙ නෝ ඉෂූ ඇට් ඕල්. ඒත් සිවුරක් දාගත්තු බුද්ද පුත්‍රයෙක් විදිහට එහෙම මරාපියව් කොටාපියව් කියල ගීත ලියන්ට උන්දැට කිසිම අයිතියක් නෑ. එහෙම ලියන්ටම ඕන නං ලේ දාතුව එච්චරම කකියනවනම් සිවුර ගලවල දෙහි ගහක වනල ඕන එකක් ලියාගන්ට අපෙ උන්නාන්සෙ. ඒකට අපි මොකවත්ම නොකියන්නෙමු.

අනික මෙහෙම හිතන්ටකො. දැං මොකක්ද ඔය චීවරදාරියා කියල කියන්නෙ? චීවර=සිවුර....දාරියා=දරන්නා නැත්නම් හැඳගෙන සිටින්නා. ඉතිං හාමුදුරු ගොල්ල ඉන්නෙ සිවුරක් නැත්තං වෙන අහවල් ඉටි ගෙඩියක් ඇඳගෙනද? ඉතිං සිවුරක් ඇඳගෙන ඉන්න මනුස්සයට චීවරදාරියා නොකිය ආය වෙන අහවල් බිබික්කමක් කියන්ටද? යම් නිලයක් දරන්නා වනාහී නිලදාරියා වෙයි. ඒ වගේ තමයි ඔය චීවරදාරී කේස් එකත්. නතිං මෝ නතිං ලෙස්.

මෙතන වෙලා තියෙන්නෙ වෙන මොකවත් නෙවෙයි මේ අපේ සාදුලගෙ තියන හීන මානෙ. බලෙං කියවගන්ට ට්‍රයි එකක් දානව අටිඝරු මහා ෂන්ඝරට්නේ කියල......හෙහ්, හෙහ්. පව් මෙයා...සෝ බෑඩ්...කියන්නත් සෑඩ්...අනුකම්පා කරනව ඇරෙන්න වෙන අහවල් දෙයක් කොරන්නද? ඔය හීනමානෙ කියන එක ඇවිල්ල බොහොම දරුනු ලෙඩක්. අධිමානය සුවකරගන්න එක ලේසියි. හීන මානෙ ඊට වඩා කේස්.

ඔය අටිඝරු මහා ෂන්ඝ රට්නේ සීන් එක ගැන අපූරුවට ලියල තිබ්බ සිසිර කුමාර මානික්ක ආරච්චි මහත්තය. ඔහේල බහුතරයක් උන්නැහේ ගැන අහලවත් නැතුව ඇති. හැත්තෑව දශකයේ බොහොම ප්‍රසිද්දියටපත් පුවත්පත් කලා වේදියෙක්. ඒ වගේම ගත් කතුවරයෙක්. ඔහු ලියූ පොත් අතර "සිරිලංකා ඉල්ලංකා" "සාගරයක් මැද අමන රටක් ඇත" සහ "මනෝසීල" යන විචාර ග්‍රන්ත ඉතා ප්‍රසිද්දය. ප්‍රසිද්ද කිව්වෙ ඒ කාලෙ හොඳද? මට මතක නෑ කෝකෙද කියල ඒත් ඒ එක පොතක තිබ්බ ඔය අටිඝරු මහා ෂංඝරට්නේ ගැන මෙහෙම සටහනක්.

දැන් මේ අතිගරු මහා සංඝරත්නය කියන බණ පිලිගත යුතුය කිසිම ප්‍රශ්නයක් නාසා ඒ බණ  පිලිපැදියයුතුය කියල මතයක් රට පුරා පැතිර යන්නේය. ඒ ගැන මා අසා ඇති කතාවක් කියන්නටයි මේ සූදානම. 

ජෙමා ගමේ කොස් පොල් කඩන්නාය. ඒ දවල්ටය. රෑට ඔහු දවල්ට මුදලට කැඩූ ගස්වලටම නැඟ හොරපොල් කඩයි. ඊට අමතරව ගෙට ගන්ට අමතකව වැලක ඇති සරං තුවා, කලිසං, ගවුං යනාදී සියල්ල අතගාගෙන යයි. ජෙමාගේ මේ අවකල්ක්‍රියා ඉවසනු නොහැකිව අවසානයේ ගමේ මිනිස්සු එකතුව පොලීසියට පැමිණිලි කරයි. පොලීසිය ජෙමා අල්ලා උසාවියට ඉදිරිපත් කරයි. ජෙමාට මාස තුනක සිරදඬුවක් නියමවේ. 

තුන් මස අවසානයේදී හිරගෙදරින් එලියට එන ජෙමාට පරන පුරුදු රස්සාව දිගටම කරගෙන යනු නොහැකි බව වැටහේ. ඔහු ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් හමුවීමට යයි. ලොකු හාමුදුරුවෝ නෑකමින් ජෙමාගේ මාමාය. පන්සල බාරකාරත්වය තමන්ගෙන් පසු පැවරීමටද කිසිවකු නැති නිසා ලොකු හාමුදුරුවෝ ජෙමා මහණ කිරීමට එකඟ වෙති. සුබ මුහුර්තයකින් ජෙමා මහණ කරනු ලබයි. යන්තම් මාස තුනකට එපිට ජෙමාගේ මුහුනටම කෙළගැසූ උදවිය කහකඩය හැඳි ජෙමා තෙරුන් වහන්සේ ඉදිරිපිට වැඳ වැටෙති. "අපි වඳින්නෙ චීවරේටනෙ. ඒක ඇතුලෙ ඉන්න මනුස්සයට නෙවෙයිනෙ" ඔවුහු තම සිත් රවටා ගැනීම/සනහා ගැනීම උදෙසා තමන්ටම තොල් මතුරාගනිති. 

එදිනම සවස් භාගයේ ජෙමා තෙරුන් වහන්සේ සොරකමෙහි ආදීනව අලලා සුමදුර දර්ම දේසනයක් ද පවත්වති. ඒ වණ ඩිංජ ශ්‍රවණය කරනා සැදැහැති උපාසක උපාසිකාවෝ අනූපමේය ශ්‍රද්ධා භක්තියෙන් යුතුව දොහොත් මුදුනේ තබා සාදුකාර දෙන්නෝය. 

මේ ටික මම ලිව්වෙ මතකයෙන්. ඒ හින්ද සුට්ටක් විතර එහෙ මෙහෙ වෙච්ච තැන් එමට ඇති. ඒත් සිසිර කුමාර මාණික්ක ආරච්චි මහත්තය ලියපු කතාවෙ සාරය මෙතන තියනව.

අදත් අඩු වැඩි වශයෙන් සිද්ද වෙන්නෙ මේකම තමයි. එක වෙනසක් තියනවනම් තියෙන්නෙ අද සිවුර දාගන්න ජෙමාල සාසනේට ඇතුල් උනාට පස්සෙ කරන්නෙ හොර පොල් කඩනව වැලක තියෙන රෙද්දක් අතගාගෙන යනව වගෙ සිල්ලර හොරකං නෙවෙයි. ඊටවඩා මහා පරිමාන එව්ව.

පීල්ඩ් මාසල් තුමාට තව චෝදනාවක් තියනව හාංදුරුවංට හිඟන්නො කිව්වයි කියල. ඉතිං හාමුදුරුවො කියන්නෙ හිඟන්නො නෙවෙයිද? පිඬු සිඟා වඩිනව කියන්නෙ මොකක්ද? කෑම හිඟමනේ යන එක. අනික සල්ලි ඉල්ලල ගෙයිං ගෙට යන එක හිඟමනක් නෙවෙයිනම් වෙන අහවල් එකක්ද? මේකෙ වැඩේ වෙලා තියෙන්නෙ චීවර දාරීන්ට තමංගෙ අරමුන ඉස්ට කරගන්ටත් ඕන ඒ කිව්වෙ අර තක්කඩි දෙන්නගෙ දඩේට ඕන මුදල මිනිස්සුංගෙං එකතු කරගන්ටත් ඕන. එහෙම නැත්තං පොඩි සංදර්සනයක් දාල කැමරා ඉස්සරහ රඟන්ටත් ඕන. ඒත් ඒක හිඟමං ඉල්ලීමක් කියල පිලිගන්ට කැමැත්තකුත් නෑ. එහෙම බෑ හාංදුන්නේ....දොං නං දොං...සිමං නං සිමං....දොං සිමං දෙකක් බෑ....හොඳෙයි?...තේරුනෙයි?

මම හිතන්නෙ සාසනේ අනාගතය ගැන හිතුවොත් චීවරදාරීන්ට තව ඔප්ෂන් එකක් තියනව. ඔය නිකං බොරු මහා ෂංගරට්න කෑලි පැත්තක තියල කෙලිම්ම බහිනව බිස්නස් එකට. අර අලි මේච්චල් චීවරදාරිය නං ආරංචි විදිහට දැනටම ඒ වැඩේ පරං අරගෙන. මම මේ කියන්නෙ බන කියන්ට ගානක් අය කරන එක. ඒ වගේම පාන්සුකූලෙටත් සාදාරන ගානක් කස්ටිය කතාවෙලා නියම කරන්ට. නෝ එනි පොබ්ලම්. එහෙම උනහම කාටත් පහසුයි. 

එතකොට පාන්සුකූල දෙන්ටම ඕනෙ කියල හිතන අයට ඇඩ්වාන්ස් එකක් දීල හාමුදුරුවො එක්කගෙන ඇවිල්ල ඒ අවස්ය දේවල් කරගත්තෑකි. හැබැයි ඉතිං දන ගහල වැඳිලි බෑ. අතට අත දීල නැත්තං ආයිබෝං කියල හාන්දුරුවො පිලිගත්තම හොඳටම ඇති. එතකොට "ආය අහවල් පාන්සුකූල.....මොන බොරු වැඩද ඔව්ව?"  කියල හිතන අයට නිකං ඉන්නත් පුලුවන්. අවුලක් නෑ.

මෙහෙම අන්ඩස්ටෑන්ඩිං එකකට එන එකේ තව ප්‍රයෝජනයක් තියෙන්නෙ ඊට පස්සෙ චීවරදාරීන්ට තමං කැමති ඕනම දේසපාලුවෙකුට කඩේ ගිහෑකි කිසි අවුලක් නැතුව. මරා පස්සෙ ගියා හරි රනිලා පස්සෙ ගියා හරි කියල කවුරුවත්ම දොසක් කියන එකක් නෑ.

නිකං උගුරට හොරා බේත් කන්නෙ නැතුව එහෙම කලානම් අපිටත් පහසුයි... චීවරදාරීන්ටත් පහසුයි...


43 comments:

  1. මොකක්ද ඔයි මේක ලියලා තියෙන භාෂාව? සිංහල බස කන්නේ නැතුව ඉන්නවා හලෝ

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      එහෙම ලිව්වෙ උපහාසාත්මකව ...:)

      Delete
  2. හිනා ගියාට හිනා උනේ නැහැ...

    මේ උන්නැහේ... ආයෙමත් නම් මේ බාසාවෙන් ලියන්ට එපා හරිද? ඔබතුමාට පුළුවන්නේ ලස්සනට උපහාසය හංගන්න සමනය සිංහල ඇතුලෙත්.

    පෝස්ටුව ගැන නම් කියල වැඩක් නැහැ...

    ReplyDelete
    Replies
    1. ලීකිට්ස්,

      ටෑන්ක්යූ..ටෑන්ක්යූ..ටෑන්ක්යූ...:)

      Delete
  3. රවී සෑර්...එක දිගට පුවක් එෂැණිං නොදා ඊළඟට ඝාතකයකුගේ කතාව පාර්ට් 2 වත් දාමුද හිටං ??? දැන් දැන් පුවක් එෂැණිං අර හැමදාම දකින කුකුළාගේ අහවල් එක වගේ වේගෙන යනවාදෝ මන්දා.

    ReplyDelete
    Replies
    1. උදය,

      ඔබ හා එකඟයි.. එෂැණිං පුවක් දැනට ඇති වගෙ නේද? හරි..ඊලඟට ඝාතකයගෙ කතාව ලියල ඉවරයක් කරමු....Thanks Udaya...:)

      Delete
  4. Samppornayen ekaga wemi. Me unnahala Apita Niwan dakina Hati kiya denna hadanaw. Munich awilla pansakoolaya dunnoth marichcha ekaga aniwaryayenma apartment gatha wenawa. Puwak eshanin has a new way of writting style and interesting to read. Keep it up

    ReplyDelete
  5. //තුන් මස අවසානයේදී හිරගෙදරින් එලියට එන සිරාට// කොහොමද බොල ‍ජෙමා සිරි උනේ. හිරේදි අම්බානක නෙලලද ඌට

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ස්තූතියි ස්තූතියි ස්තූතියි....

      ව.ක්‍රී.ප. නි. ක ( වහාම ක්‍රියාත්මකවන පරිදි නිවැරදි කලෙමි.)

      Delete
  6. මෙහෙම ලියලා යන්න ලොවක් හොයාගනින් අපහාසය බුමරන්ගයක් වුන දාට ඔය හිනාවෙන කවුරුත් ළඟ නැහැ

    තමන්ගේ එවුනට අපහාස වෙන ඒවා මකා දමනවා අනික්දෙ එවුන්පි ගැන අපහාසයෙන්ට ලියනවා කාට්ටු චරිතයක් කියලා ලෝකෙට පන්නලා දෙනවා තු නොදොකින්

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      අපහාසයක් කියන්නෙ අසත්‍ය චෝදනාවක්නෙ..එතකොට කරුණාකරල මට කියනවද මෙතන මම කරල තියන අසත්‍ය චෝදනාව මොකක්ද කියල...


      කෙලින්ම කියන්න ආමන්ත්‍රණය තමුසෙ හරි ඕයි හරි XXXගෙ පුතා හරි කමක් නෑ කියන්න හාමුදුරුවරු මේ තමුසෙ කියන අහවල් එක කරල නෑ.. ඒක පට්ටපල් බොරු ..අන්න එහෙම කියනවද කරුණාකරල...

      Delete
    2. අපහාසයක් කියන්නෙ අසත්‍ය චෝදනාවක්නෙ...... ඔහේ අරාබියේහරි ලංකාවේ කොහේ හරි ඉදන්මේවා ලියලා චිවරන්ට කරන්නේ අපහසක් නොවෙයිද
      ඔබතුමා සල්ලි දන් දුන්නේ නැත්තනම් ඔයාගේ එකවුන්ට් එකන් ඔටෝ කෑපුනෙත් නැත්නම් එම චිවරයෝ මොනවා කලත් ඔබට මාර කික් ආතල් එකක් ඇතිවෙන්නේ අපහස කිරීමේ චේතනාවෙන් නොවේද
      උන්කරන් දේ උන් ගෙනියයි නම් ඔබට ඇති අවුල?

      Delete
    3. Ano,

      /ඔහේ අරාබියේහරි ලංකාවේ කොහේ හරි ඉදන්මේවා ලියලා චිවරන්ට කරන්නේ අපහසක් නොවෙයිද/

      ඉතිං මම අහන්නෙත් ඒක තමයි..මොකක්ද මම කරපු අසත්‍ය චෝදනාව? චීවරදාරීන් සල්ලි හිඟමනේ ගියේ නෑ කියනවද?

      /ඔබතුමා සල්ලි දන් දුන්නේ නැත්තනම් ඔයාගේ එකවුන්ට් එකන් ඔටෝ කෑපුනෙත් නැත්නම් එම චිවරයෝ මොනවා කලත් ඔබට මාර කික් ආතල් එකක් ඇතිවෙන්නේ අපහස කිරීමේ චේතනාවෙන් නොවේද උන්කරන් දේ උන් ගෙනියයි නම් ඔබට ඇති අවුල?/

      ෂහ් මාර තර්කයක්නෙ ඔබතුමා ගේන්නෙ...

      ඒ කියන්නෙ අපෙ දෑස් ඉස්සරහම අපි හිතමු මැරයෙක් ඇවිල්ල යුවතියකට බලහත්කාරකම් කරන්න හදනව. එතකොට අපි අහක බලාගෙන ඉන්න ඕන ආ...ඌ කරපු දේවල් වලට ඌට විපාක ලැබෙයි..මට ඕව වැඩක් නෑ කියල එහෙමද කියන්නෙ?

      ඇයි ඔබට තේරෙන්නෙ නැත්තෙ මේ චීවරදාරීන් කරන්නෙ සම්පූර්ණ අයුතු වැඩක් කියල. එයාල කරන්නෙ මහජන මුදල් අවභාවිතයට යොදවල රටේ නීතිය අනුව වරදකාරයො වුන පුද්ගලයින් දෙදෙනෙක් නිවැරදි කාරයොය එයාල ඒ කලේ වරදක් නෙවේය කියල මතයක් ජනතාව අතර ඇති කරන්ට හදනව.

      අපේ මිනිස්සුත් අර කහකඩේට පොඩි කාලෙ ඉඳලම හිතේ ඇටුවම් බස්සල තියෙන අනවශ්‍ය ගෞරවය හින්ද ඒ කියන ඕන එකක් හිස් මුදුනින් පිලිගන්නව. මේක සෙල්ලමක් නෙවෙයි. මේ විදිහට ඉස්සරහට චීවර දාරීන්ට බලපාන කිසිම තීන්දුවක් අධිකරණයකින් දෙන්න වෙන්නෙ නෑ. එයාල බහියි පාත්තරත් උස්සගෙන පාරට...

      Delete
    4. එයාල බහියි පාත්තරත් උස්සගෙන පාරට..ඉතින් බැහැපු දෙන්.

      චීවර ධාරීන් ඔවුන්ගේ පාඩුවේ සිගමන් බැරිනම් පිඬු සිඟා වැඩිය දෙන්. සල්ලි දෙන එවුන්. දීපු දෙන් හොර කමකට හරි මොකට හරි චිවරයන් ඒවා පාවිචිචි කරපු දෙන්. චිවරයන් මිනිසුන්ගෙන් බලෙන්, මංකොල්ල කමින් කිසිදෙයක් ලබා ගැන නැහැනේ උසාවියකින් පිඩුසිඟා වදින්න තහනම් කරලත් නැ. සාමකාමිව පාරේපිඬු සිඟා යනවා බුරුවො මුදල් දෙනවා නම් ගත්තට ඇති වරද මොකක් ද බුදු දහමේ තිබුනත් නැතත් ඔවුන් කැමති දේ ඔවුන් කරනවා

      අපහාසයක් කියන්නෙ අසත්‍ය චෝදනාවක්නෙ. "අසත්‍ය චෝදනාවක්නෙ" කියල ඔබමනේ ලියලා තියෙන්නේ මම කොහෙවත් කියලා තියනවද එක අසත්‍යක් කියලා එක සෑම කෙනෙක්ම දැක්ක දෙයක්
      ඉතින් එහෙම කරනඑක ගැන මෙසේ ලිවීමෙන් ඒ චිවරයින්ට අපහාසයක් නොවෙයිද ඔබ කරන්නේ
      එම චිවරයෝ මොනවා කලත් ඔබට මාර කික් ආතල් එකක් ඇතිවෙන්නේ අපහස කිරීමේ චේතනාවෙන් නොවේද


      අපෙ දෑස් ඉස්සරහම අපි හිතමු මැරයෙක් ඇවිල්ල යුවතියකට බලහත්කාරකම් කරන්න හදනව.දැන් මේවගේ දෙයක් ඔබ ඉදිටියේ වෙලා තිබෙනවද? මැරයෝ මෙහෙම පෙන්න කරනවද ? එකියන්නේ මිනිස්සුන්ට පෙනී පෙනී පට්ට දවල් මගපාරේ රෙදි ගලවාගෙන ආතල් ගන්නවා ද ලංකාවේ

      Delete
    5. Ano,

      /එයාල බහියි පාත්තරත් උස්සගෙන පාරට..ඉතින් බැහැපු දෙන්./

      ඔබේම තර්කය අනුව මෙහෙම හිතල සැනසෙන්න මා හිතවත් ඇනෝ...

      අර කොහෙද යන එකෙක් චීවර දාරීන්ට අපහාස කරල බ්ලොග් ලියනවා..ඉතිං ලියපුදෙන්...

      Delete
    6. හහහහහා ඇනෝ ඉවරයි....

      Delete
    7. සැනසෙන්න හෝ වැනසෙන්න , මා හිතවත් ඇනෝ..

      අපහාස කරල බ්ලොග් ලියනවා..ඉතිං ලියපුදෙන්...

      එතකොට ඇනෝ කෙනෙක් ඔබ දන්න බ්ලොග් ලියන යට අපහසයක් වේවි කියලා දාන කොමන්ට් මොඩරේට් කරලා කපා දානවා ඔබ චිවරයන්ට අපහාස වෙන බොලොග කොමන්ට් පළකරනවා

      අන්න එකයි දෙපිට කාට්ටු වැඩේ අපිට බ්ලොග් ලියන්නත් එකයි චීවරධාරයත් එකයි ඔබේ බ්ලොග් දෙගොල්ලන්ටම් එකසේ බෙදන්න හඬ ඔබේ අතෙනේ

      දැන් කියන්න එපා "මේ මගේ බ්ලෝග මට ඕනැ දෙය මන් කරන්නේ කියලා " එක අපි පිලිගන්නවා ඇනෝ ඇවිත් මෙහෙම කියනවට අකමැතිනම් මාතලන් ,රුවන් එම් ජයතුංග, ලිඛිතාs urangamlr
      ඉයන් කල්‍යාණ මිත්‍ර . විචරක් දියණිය තව කීප දෙනෙක් වගේ ඇනෝ සම්පුරන්යෙන්ම වහල් දාලා
      බයි පාස් ලයිෆ් එකේ ලොන්ත පොල් කික් ආතල් එකක් ගන්න

      Delete
    8. ඇනෝ,

      /එතකොට ඇනෝ කෙනෙක් ඔබ දන්න බ්ලොග් ලියන යට අපහසයක් වේවි කියලා දාන කොමන්ට් මොඩරේට් කරලා කපා දානවා ඔබ චිවරයන්ට අපහාස වෙන බොලොග
      කොමන්ට් පළකරනවා/

      මේ දෙකේ වෙනස මෙහෙමනෙ ඇනෝ...දැං ඔය සල්ලි හිඟන පිණ්ඩපාත චාරිකාවෙ ප්‍රධාන සංවිධායකවරුන් විවේචනය කරල අදහස් පලකරන්ට තැනක් තියනවනම් මම එහෙම කරනව.

      කේ.වජිර, ඇම්. අබේතිස්ස වගෙ චීවරදාරීන් බ්ලොග් ලියන්නෙ නෑනෙ. ඒ හින්ද මම ඒ ගොල්ලංව විවේචනය කරන්නෙ මෙතන. ඒ කිව්වෙ මගෙ බ්ලොග් එකේ. අනික් එක පොදුවේ ෂංඝරට්නේ විවේචනය කරන්ට එහෙම කියල තැනක් නෑනෙ. මොකෝ මල්වත්තට අස්ගිරියට බ්ලොග් තියනවය. ඒ වගේම එයාලගෙ වැඩ පිලිවෙල විවේචනය කරන කමෙන්ට්ස් වලටත් මම ඉඩ දෙනව. ඒත් ඉහත හේතුව මතම.

      ඒත් අනික් අතට මම අර ඩිලීට් කරපු කමෙන්ට්ස් වල තියෙන්නෙ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන අය පිළිබඳව අපහාසාත්මක කාරණා. ඒ කරුණු ඔබට ගිහිල්ල කෙලින්ම එයාලගෙ බ්ලොග් එකේ ලියන්ට කියලයි මම කිව්වෙ.

      ඒත් වැඩේ එයාල ඔක්කොම තමන්ගෙ බ්ලොග් එකේ ඇනෝ කමන්ට්ස් වහලනෙ නේද? ඉතිං මොකද කරන්නෙ... නැද්ද? ඒත් ඉතිං එහෙමෙයි කියල අල්ලපු ගෙදර වත්තෙ රි රී හිටපු බල්ලා ඒ ගොල්ල ගේට්ටුව වැහුවට පස්සෙ මගෙ වත්තට ඇවිල්ල රෙනව නම් ඒකට ඉඩ දෙන්ටත් බෑනෙ නේ? ඒ හින්ද මමත් ගේට්ටුව වහල දැම්ම...හෙහ්,හෙහ්,

      Delete
    9. .බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන අය පිළිබඳව අපහාසාත්මක කාරණා. ඒ හින්ද මමත් ගේට්ටුව වහල දැම්ම...හෙහ්,හෙහ්,..
      ..බයි පාස් ලයිෆ් එකේ ලොන්ත පොල් කික් ආතල් එකක් ගන්න දිගටම ගන්න

      ඉතින් රවී ඔබට සතුටුයිද දැන් ? සැනසීමෙන් නිදාගන්න සුබ ගමන්


      Delete
    10. Ano,

      /ඉතින් රවී ඔබට සතුටුයිද දැන් ? සැනසීමෙන් නිදාගන්න සුබ ගමන් /

      Thanks dear...will do as you say...:)

      Delete
  7. අනේ අම්මපා මේ වහන්තරාව අතියුතුං මහා සංග රත්නෙට මෙව්වා කියාලා අන්තිමේ කොයි වල යන්නද? ඈ? අන්තිමේ පාංශුකූලෙ දෙන්ට හාමුදුරුකෙනෙක් නැතිවෙයි ඕන්න.
    දැං ඔය එක්කොම පැත්තක දාලා තියලා නිර්මල බුද්ධ ධර්මය ලියාගෙන යංකො බලන්න. මටත් වෙලාවක හිතෙනවා මේ අනුංගෙ ඇදකුද හොය හොයා කුණුගොඩවල් බ්ලොග් එකේ ලියනවට වඩා සරල බසින් ත්‍රිපිටකයෙ තියෙන දහම් කරුණු දිගෑරලා ලිව්වනං හරි කියලා.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      /අනේ අම්මපා මේ වහන්තරාව අතියුතුං මහා සංග රත්නෙට මෙව්වා කියාලා අන්තිමේ කොයි වල යන්නද?/

      තොටගමුවෙ රාහුල හාමුදුරුවො මහණ වෙන්ට ඉස්සරවෙලා කොල්ලා කාලෙ වීදාගම හාමුදුරුවන්ට කියපු එක උඹ අහල ඇති නේ? "මේ වල අහවර උනහම උඩහ වලට යනව හාමුදුරුවනේ...."

      /අන්තිමේ පාංශුකූලෙ දෙන්ට හාමුදුරුකෙනෙක් නැතිවෙයි ඕන්න. /

      මලාට පස්සෙ අහවල් පාංසුකූලද කොල්ලො? පාංසුකූලෙ දුන්නත් එකයි නොදුන්නත් එකයි...වැළලුවත් එකයි...පිච්චුවත් එකයි..පැදුරක ඔතල කැළේ ගැහුවත් එකයි. කරවල වලට වේලුවත් එකයි...

      /මටත් වෙලාවක හිතෙනවා මේ අනුංගෙ ඇදකුද හොය හොයා කුණුගොඩවල් බ්ලොග් එකේ ලියනවට වඩා සරල බසින් ත්‍රිපිටකයෙ තියෙන දහම් කරුණු දිගෑරලා ලිව්වනං හරි කියලා./

      ඒක නම් මරු බං...අන්න කරනව නං වැඩ...:)

      Delete
    2. //මටත් වෙලාවක හිතෙනවා මේ අනුංගෙ ඇදකුද හොය හොයා කුණුගොඩවල් බ්ලොග් එකේ ලියනවට වඩා සරල බසින් ත්‍රිපිටකයෙ තියෙන දහම් කරුණු දිගෑරලා ලිව්වනං හරි කියලා.//
      මේ සුරං ගොයියො මගෙන් මොකවත් අහගන්නැතුව අර ලියන විදියට ලියාගෙන හිටු.

      Delete
    3. ///මටත් වෙලාවක හිතෙනවා මේ අනුංගෙ ඇදකුද හොය හොයා කුණුගොඩවල් බ්ලොග් එකේ ලියනවට වඩා...///

      රවීගේ කණ්නාඩි කුට්ටමට සුරන් හංගලා ගහපු කණේ පාර පෙනුනේ නැහැ නේද...

      Delete
    4. ලොක්කා,

      එහෙම දෙයක් මට ඇත්තටම හිතුනෙ නම් නෑ මොකද සුරංගයත් ලියන්නෙ බොහෝවිට උගෙ අත්තම්මගෙ පරණ සීන් ගැන නෙ. ඒ හින්ද මම හිතුවෙ ඌ ඒ කියන්නෙ ඒ ගැන හිතලයි කියල.

      අනික් අතට හීන් නූලෙං කණේ පාරක් ගැහුව උනත් කමක් නෑ මලේ...පරණ කුණු කන්දල් (මම දන්නව උඹ පරණ කුණු කන්දල් කියල අදහස් කරන්නෙ මගෙ ඔය විමලෙගෙ කතා එතකොට ගුරුවරියක සමඟ මගේ ජීවිතය වගේ එව්ව නෙවෙයිනෙ නේ? උඹ අදහ්ස් කරන්නෙ මරාගෙ සුනාමි ගැහිල්ල,ඩුබායි ෂෙරටන් හෝටලේ ගත්තු විදිහ, බැසිලගෙ මල්වානෙ මාලිගාව, තාජුඩීන් මරපු විදිහ, සිරන්ති නෝනගෙ සිරිලිය මගඩිය වගෙ එව්වනෙ නේද? හෙහ්,හෙහ්)අවුස්සන එක කරන්ටම ඕන මල්ලි..මොකද මේ නීලකාසය ආයම බලයට ආවොත් එහෙම මුලු රටම විනාසයි ආය ඒකෙ දෙකක් නෑ...

      Delete
  8. යකෝ මේ වාහෙගෙ අනුමැතියත් ගන්ට වෙලානෙ කොමෙන්ට් දාන්න.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      මමත් කැමති නෑ බං වැඩේට..මෙච්චර කාලයක් එහෙම එකක් තිබ්බෙ නෑනෙ මේකෙ..

      ඒත් මේ ඊයෙ පෙරේද ඉඳල සත්ගුණවත් පරාර්ථකාමී ඇනෝ කෙනෙක් හෝ ඇනෝ කස්ටියක් තමන්ගෙ ඩේටා වියදම් කරගෙන මට උපදෙස් දෙන්ට ලැහැත්ති වෙලා ඉන්නව.

      මම බ්ලොග් එකේ කමෙන්ට් සම්බන්ධව කටයුතු කරන්ට ඕන කොහොමද? එතකොට තියන්ට ඕන කමෙන්ට් මොනවද? ඩිලීට් කරන්ට ඕන කමෙන්ට්ස් මොනවද? යනාදී කරුණු පිලිබඳව එයාල හෝ එයා මට නොමිලේ සාරගර්බ උපදෙස් දෙනව.

      ඒ අතර බ්ලොග් එකේ ස්ක්‍රීන් ෂොට්ස් එහෙම අරගෙන සේව් කරල තියාත් ගන්නව. ඒ වගෙ බොහොම කාර්යක්ෂම සහ සංවිධානාත්මක ඇනෝ කට්ටියක් ඒ උදවිය. ආ..ඒ අතර මගේ ආකල්ප වර්ධනය සහ දැනුම වැඩි දියුණු කිරීම පිළිබඳව නොමිලේම උපදෙසුත් දෙනව.

      ඉතිං මලේ මම කල්පනා කලා මොනව උනත් ඒ මිනිස්සුන්ගෙ ඩේටා නාස්ති වෙන එක අපරාදෙනෙ. ඒ හින්ද කමෙන්ට් මොඩරේෂන් දැම්ම බොහොම අකමැත්තෙං උනත්...වට් ටු ඩූ?...:)

      Delete
    2. ඉතින් රවී ඔබට සතුටුයිද දැන් ? ඇනොලගේ ඩේටා ඉතුරු කරලා.... උඹ සල්ලි දීලා ඩේටා ගත්තට උන්ට ඩේටාවලට ඕවට හොඳට බ්ලොග් සක්විති හොඳට ගෙවනවා උන්ට අවුලක් නැ මකුවත් , හිකුවත්

      Delete
  9. අම්මට හුඩු රවියට අපහස කරලා කොමන්ට් දාලා දෙපිට කාට්ටු චරිතයක් කියලා ඔය ඔක්කොම මකලාදහන් අපිටත් ලැජ්ජයි බ්ලොන්

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      නෑ...නෑ..එතන අපහාසයක් නෑ..කතාව ඇත්ත..කතාව ඇත්ත...:)

      මේ ඊයෙ පෙරේද අර බුකී තිලංග අර්ජුනට විරුද්ධව දාපු අපහාස නඩුවෙ තීන්දුව දුන්න උසාවිය. ඒකෙදි අර්ජුනගෙ ලෝයර්ස්ල තර්ක කලාය කියන්නෙ තිලංග බුකී කාරයෙක්ය කියල රටම දන්න එකේ ඒක අර්ජුන ප්‍රසිද්ධියේ කිව්වයි කියල අපහාසයක් වෙන්නෙ නැහැය කියල. උසාවිය ඒ තර්කය පිලිඅරගෙන නඩුව අහක දැම්ම.

      ඒ හින්ද සත්‍ය කරුණු මත පදනම්ව නගන චෝදනාවක් කොහෙත්ම අපහාසයක් වෙන්නෙ නෑ...;)

      Delete
  10. අති විශේෂ පැහැදිලි කිරීමක්. මානික්ක ආරච්චි සායි බබා ගැන ලියල තිබුන එක පොතක මේ වගේම.අපරාදෙ මගෙ ලඟ තිබුන එයාගෙ පොත් ටික වේයන්ට අහුවෙලා නාස්ති වුනා.

    ReplyDelete
    Replies
    1. කුමාර,

      ඔව්..මටත් මතකයි සායි බාබාගෙ අර විභූති මැවිල්ලයි ඔර්ලෝසු මැවිල්ලයි ගැන ලියල තිබ්බ බොහොම අපූරුවට...

      අනික තව ඒ කාලෙම වගෙ (හැත්තෑව දශකයෙ මුල හෝ හැටේ දශකයෙ අග) කතරගම දේවාලෙ කොත නැතිවෙච්චි කේස් එකක් ගැන ලියල තිබ්බ හිනාකාල මැරෙන්ට...:)

      Delete
  11. මොකා මොනවා කිව්වත් උඹ දිගටම මේ වගේ ඒවා ලියපං මචං. අපි ඉන්නවනෙ කියවන්න.අපත්‍ය දෙයක් ලියඋනොත් මම කියන්නා.හයිද රවියෝ.

    ReplyDelete
  12. Karanna hondai liyanna giyama eka weradi.
    Owa ganan ganne nethuwa liyanna

    ReplyDelete
  13. ඔය මැණික් ආරච්චිගේ පොත් තියෙනවා දැතියා ඔපිසර උන්නැහේගාව.

    ReplyDelete
  14. කාලීන විවේචනය . තවත් ලියන්න .

    ReplyDelete
  15. පාත්තරේට ඩියුටි අඩු වාහන ගෙන්නන බලපත්‍ර කීපයක් හය මාසෙකට සැරයක් වත් පාත්තරේට වැටුන කාලෙ ගැන වික්සෝප වීමට ඒ ගොල්ලන්ටත් අයිතියක් තියෙනවා. ආයිමත් එහෙම කාලයක් ආවොත් ඒවගේ 'දාන' ලැබෙන්න තියෙන අවස්ථාව හදාගන්නත් වැඩිකරගන්නත් එක්ක වොයිස් කට් එකක් දෙක දුන්නට, සාසනේ පොඩ්ඩක් විකුණුවට මොනව වෙනවද? චීවරයක් දාගත්තම බුද්ධාගමේ අයිතියත් ඔප්පුවකින් ලැබෙනව කියල දන්නෙ නැත්ද?

    ReplyDelete
  16. දොස්-තරල & චී වර දාරින්
    හම්මෝ ලෝක ගෝලෙ කැරකෙන්න ඕනෙත් උන්ට ඕන විදිහට.අනිත් උන් ඔක්කොම අයින් වෙලා පයිං යන්නෝන.

    ReplyDelete
  17. / ඔය නිකං බොරු මහා ෂංගරට්න කෑලි පැත්තක තියල කෙලිම්ම බහිනව බිස්නස් එකට. // ආයේ බහින්න දෙයක් තියනවද බන් වැඩි හරියක් බිස්නස් කාරයෝ නෙමෙයිද ඉන්නේ

    ReplyDelete
  18. අම්මප කටේ මසුරන් දාන්න වටිනව,ඔය සිවුරු ඇන්දට ඒ ගොල්ලො ගොඩක් ඉන්නෙ හෙලුවෙන්.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...