ජනාධිපති තාත්තා පොතෙහි ඡායාරූපයක් ඉහත දැක්වේ. |
"අපෙ මහත්තයා... අපෙ මහත්තයා…….." ජයන්ති නෝනා කුස්සියෙ ඉඳල ඉස්තෝප්පුවට ආවෙ එහෙම කෑගහගෙනම.
"කොහෙ යනවද මන්ද මේ මනුස්සය...." ඈ ඉණට අත්දෙකත් තියාගෙන තොල මතුරමින් වටපිට බැලුවෙ මිදුලට බැහැල මිදුල මැද සාරෙට වැවිල තියෙන උණ පඳුර යට හිටං. ජයන්ති නෝනල අවුරුදු දෙකාමාරකට කලිං මේ ගෙදර පදිංචියට එද්දි ඔය උණ පඳුර ඔතන තිබ්බෙ නෑ. ජයන්ති නෝනගෙ මහත්තය ඔය බම්බු ගැහිලි වලට බොහෝම කැමති හින්දම ඔය උණ පඳුර ඔය කොහෙන්දෝ උගුලගෙන ඇවිල්ල මිදුල මැද්දෑවෙම හිටවගත්තෙ මෙහෙට ඇවිල්ල මාසයක් යන්ටත් ඉස්සරවෙලයි.
"පත්තර කාරය එනකල් ගේට්ටුව ගාවට ගියාවත්ද? මම කොච්චර කියනවද උදේ පාන්දර මේස් බැනියම පිටිං පත්තරේ ගන්ට ගේට්ටුව ගාවට යන්ට එපාය කියල...කෝ කිව්වට අහන එකක්ය...මේ මනුස්සය හදන්ට නම් බෑ මේ කපේදි…අදත් ඇඳගෙන ඉන්නෙ අර ඒ කාලෙ ජේ.වී.පී. කාරයො වෙඩි තියන්ට එද්දි කැලේ පැන්න වෙලාවෙ එරමිනිය අත්තකට ඇමිණිල පිට මැද්දෑවෙම්ම ඉරිල තියන මේස් බැනියමද මන්ද...කොච්චර එපා කිව්වත් අහනවය? ඕකමනෙ අඳින්නෙ..ඕකමනෙ අඳින්නෙ..ඒක එළලන්ට දෙන්නෙත් නෑ..අනේ මන්ද මේ මනුස්සයගෙ වැඩනං.."
"හූ..හූ...නෝනේ මම මෙහේ…" ගරු ජනාදිපතිතුමා එහෙම කෑගැහුවෙ තාප්පෙ අයිනෙ තියෙන කෙහෙල් ගස් ගෝටෙ අස්සෙං ඔලුව එලියට දාල දත් තිස් දෙකම පෙන්නල හිනාවෙලා.
ඔය කෙහෙල්ගස් ගෝටෙ හැදුනෙ ගරු ජනාදිපතිතුමා මේ ගෙදරට එනකොට ගමෙං ගෙනාපු රතඹල මොටෙයියෙක් හිටෝල. රතඹල ගස්වල කොළ හයියයි ලොකුයි. බත් ඔතන්ට කියාපු ජාතිය. කොච්චර රජ බොජුං වළඳන්ට චෑන්ස් එක තිබ්බත් ගරු ජනාදිපතිතුමා දවල්ට කන්නෙ එදා වගේම ජයන්ති නෝන උයල කෙහෙල් කොලේ ඔතල දෙන බත් එක. ඒ වැඩේටමයි ඔය රතඹල පඳුර ඔතන හැදුවෙ.
ගරු ජනාදිපතිතුමාගෙයි ජයන්ති නෝනගෙයි එකම පුත්තර රත්නේ වන දහම් බබා සහ ඒ බබාගෙ යාලුවො තමයි වලක් එහෙම කපල විජේරාම හන්දියට යනකල් පාර දෙපැත්තෙ තිබ්බ ගොම්බෙටි එහෙම වීල් බැරෝ එහෙකිං එකතු කරං ගෙනල්ල දාල පී.එස්.ඩී. එකේ කට්ටිය ඩිෆෙන්ඩර් එකකිං යවල පිලියන්දල පැත්තෙ කුඹුරකිං පිදුරු එහෙම හොයාගෙන ඇවිල්ල වලට දාල පුස්සල රතඹල පැලේ හිටෙව්වෙ. දහම් බබා එහෙම කීකෝරුවට හිටිය ඒ දවස්වල. ඒත් පස්සෙ පස්සෙ නරක ආස්සරේ හින්ද රෑට රෑට නයිට් කලබ් ගානෙ ගිහිල්ල ගුටි ඇණගෙන එහෙම නහත්ති උනා.
පස්සෙ දහම් බබා ආයම පුනරුත්තාපනය වුනේ තනිකරම ජයන්ති නෝනෙගෙ කීම් බහට. ගරු ජනාදිපතිතුමාට වඩා දහම් බබා බයයි ජයන්ති නෝනෙට.
"මේ කොල්ලො උඹ කලබ් බැයිනං ඕන මල දානයක පලයං..මට කමක් නෑ. ඒත් ඒ කොහෙ ගියත් මම කෙහෙල් කොලේ බැඳල දෙන බත් මුල අරගෙන ගිහිල්ල කන්ට ඕන. ඔන්න අම්ම නරකයි කියන්ට එපා පස්සෙං පහු" ජයන්ති නෝන එහෙම සැර දැම්ම පුතන්ඩියට......
"අනේ අම්මේ නයිට් ක්ලබ් ගිහිල්ල බත් මුල් දිගඇරගෙන කතෑකිද? මටනම් බෑ.." දහම් බබා නහුකුණු ගෑවට ජයන්ති නෝනෙ එක්ක කොහෙද ඒ සෙල්ලං. අන්තිමට ඔයිං මෙයිං දහම් බබා නයිට් ක්ලබ් යන එක අතෑරලම දැම්ම.
"දෙයියම්පල්ල මේ මනුස්සයට කියන දෙයක් තේරෙන්නෙ නැති හැටියක්. තමං කවුද කියලවත් මතක නෑ වෙලාවකට. තාම හිතාගෙන ඉන්නෙ අර විසි තුනේ වසම කරන කාලෙ කියලද කොහෙද..." ජයන්ති නෝනෙ ඔහොම කියව කියව දනිපනි ගාල ගියා කෙහෙල් ගෝටෙ ගාවට.
"මොනවද අපෙ මහත්තය ඔය කෙහෙල් ගස් අස්සෙ කරන්නෙ? අන්න අර ගේට්ටුවෙ ඉන්න පී.එස්.ඩී. කට්ටියත් ආවුදත් ඇදගෙන මෙහාට එනව මේ විපිරියාසෙ දැකලද කොහෙද…"
"ආ...බයවෙන්ට එපා..එයාල ඒ එන්නෙ කෙහෙල් කොළ කපන්ට…"
"කෙහෙල් කොළ?... ඒ මොකටද?"
"නෑ නෝනෙ මම මේ කල්පනා කලේ දවල්ට ඔපිස් එකේදි ඔයා බැඳල දෙන බත් එක ලිහාගෙන තනියම කන එක මට මහ මොකද්ද වගේ"
"ඉතිං?"
"ඉතිං ඒ හින්ද මං හිතුව මගෙ ඔය ඉන්න ලේකම්ලයි සම්බන්දීකරන නිලදාරීලයි ලිපිකරුවොයි ඔක්කෝටමත් එක්ක බත් බැඳගෙන යන්ට කියල"
"මොකක්? ඒ කියන්නෙ මට හැමදාම බත්ගෙඩි තිහ හතළිහක් වත් බඳින්ට වෙනව?"
"හරි හරි කලබල වෙන්ට එපා. නෝනෙට ඔව්ව ඉතිං නුපුරුදු දේවල් නෙවෙයිනෙ. මතකද ඒ දවස්වල කොළදිං කාලෙ එතකොට නෙලුං කාලෙ එහෙම නෝනෙ හැමදාම හතළිහකට පණහකට බත් උයනවනෙ. ඒ කාලෙ ආයම ඇවිල්ල කියල හිතාගන්ටකො. හෙහ්..හෙහ්"
ගරු ජනාදිපතිතුමා එහෙම කියල ජයන්ති නෝනෙත් එක්ක මිදුල හරහ ගිහිල්ල ඉස්තෝප්පු කෑල්ලට ගොඩවෙලා හාන්සි පුටුවෙ ඈඳිගත්ත.
"කෝ අපේ ලොකු දෝණි එහෙම පේන්ට නැත්තෙ?"
"අන්න කාමරේට වෙලා අර පොත එලි දැක්වීමේ මංගල්ලෙ කටයුතු ලැහැත්ති කරනව... "
"මොන පොතද?"
"මොන පොතද කියල අහන්නෙ? අර අපෙ මහත්තයම කිව්වෙ තමුං ගැන පොතක් ලියන්ටෙයි කියල...අන්න ඒක ...වෙන ආය අහවල් පොතක්ද?"
මාසෙකට හමාරකට වගෙ උඩදි ගරු ජනාදිපතිතුමා ලොකු දෝණියන්දැට කතා කොරල තමං ගැන පොතක් ලියන්ට කියල කියපු වෙලාවෙ ලොකු දෝණි ඒකට එක හෙලාම විරුද්ද උනාය.
ලොකු දෝනි කිව්වෙ "තාත්තෙ තාත්තට තව හුඟක් වැඩ කරන්ට තියනව මේ රට වෙනුවෙං. මිනිස්සුන්ට වෙච්චි පොරොන්දුම නම් කීයක්ද? ඒ හින්ද මගෙ සුදු තාත්ත වගෙ අපි ඉස්සෙල්ල එව්ව ඉස්ට කරල ඉමු. ඊට පස්සෙ බැරිය පොතක් ලියන්ට ..." කියාය.
ලොකු දෝනි කිව්වෙ "තාත්තෙ තාත්තට තව හුඟක් වැඩ කරන්ට තියනව මේ රට වෙනුවෙං. මිනිස්සුන්ට වෙච්චි පොරොන්දුම නම් කීයක්ද? ඒ හින්ද මගෙ සුදු තාත්ත වගෙ අපි ඉස්සෙල්ල එව්ව ඉස්ට කරල ඉමු. ඊට පස්සෙ බැරිය පොතක් ලියන්ට ..." කියාය.
ගරු ජනාදිපතිතුමා ඒ කතාවට එකඟ වුනේ නැතය. "නෑ..නෑ...දෝණි මේක අහන්ටකො. මට නිතරම මම කවුද කියල අමතක වෙනව. ඇත්තම කිව්වොත් ඒකයි ඔය මගෙං කෙරෙන්ට ඕන දේවල් හුඟක්ම නොකෙරෙන්නෙ. සමහරවෙලාවට දවස් දෙක තුන මම හිතාගෙන ඉන්නෙ මම ඉන්නෙ තවම අර විසිතුන වසම කරන කාලෙය කියල. අම්ම උදේම බත් ගෙඩිය බැඳල ගෙනත් දීල අද ඔෆිස් යන්නෙ නැද්ද කියල අහනකොට තමයි මට මතක් වෙන්නෙ යකෝ සාක්කි ඒ වසම කරන කාලෙ ගෙවිල ගිහිල්ල දැං සෑහෙන්ට කල් නෙවදෙයි කියල. ඒ හින්ද මම ඔයාට ඔය පොතක් ලියන්ට කියල කියන්නෙ මම කවුද කියල නිතරම මතක් වෙන්ට. පොතේ මුල පිටුවෙ ලොකුවට දාන්ට ඕන නම ජනාදිපති තාත්තා කියල. එතකොට නිතරම ඔය පොත පේන්ට තියනකොට මට මතක් වෙනව මම කවුද කියල.තේරුණා නේද?"
"හරි හරි තාත්ත ඔච්චරම කියනවනම් බලමු. ඒත් තාත්තෙ මට ඔය දෙකයි පණහෙ වැඩ කරන්ට බෑ පරමාර්තෙ මොන තරං උතුං උනත්. ඒ හින්ද මෙහෙම කරමු මම අපේ ස්ටාෆ් එකේ ළමයෙකුට කියල පොත ලියවන්නං එහෙම හොඳයි නේද?"
"හරි කමක් නෑ. ඒත් ලිව්වෙ ඔයයි කියල පොතේ නම වැටෙන්න ඕන"
"අනේ මන්ද මම ඔය වගෙ බොරු සෝබන වලට මගෙ නම් ඒ හැටි කැමැත්තකුත් නෑ. හරි තාත්තට ඕනම නම් එහෙම කරමු"
අන්තිමට එහෙම තමයි වැඩේ සිද්ද වුනේ. ලොකු දෝනිගෙ ගෝලයෙක් පොත ලිව්ව. ඒත් කත්තුරු හැටියට ලොකු දෝනිගෙ නම දැම්ම. දැං මේ වෙනකොට පොතේ වැඩේ ඉවරයි. තව දවස් දෙකයි තියෙන්නෙ පොත දොරට සහ ජනේලෙට වැඩීමේ මංගල්ලයට.
"කෝ කතාකරන්ට ලොකු දෝනිට මෙහාට. දොරට වැඩීමේ උස්සවේ ගැන විස්තර ටිකක් අහන්ට"
ගරු ජනාදිපතිතුමා බඩ අතගගා එහෙම කිව්වම ජයන්ති මැණිකෙ ගිහිල්ල ලොකු දෝණිට කතා කරගෙන ආව.
"ඇයි තාත්තෙ?"
"දැං මොකද උස්සවේ වැඩ කටයුතු ඔක්කොම සූදානංද?"
"ඔව් තාත්තෙ…"
"කාටද දැං ආරාදිත දේසනේට එන්ට කියන්ට හිතාගෙන ඉන්නෙ?"
"කවුරු හරි සම්මාන දිනපු රටම පිලිගත් විද්වතෙක් හරි පොත් කත්තුරු කෙනෙක් හරි ගෙන්නන්ටයි මම හිතාගෙන ඉන්නෙ. ඇයි තාත්ත කවුරුහරි ගැන හිතාගෙන ඉන්නවද? "
"දැං දරුවො මෙහෙමයි ඕක වෙන්න ඕන...ඔය දේසනෙං පස්සෙ රටේ මිනිස්සු මා දිහා අමුතුම ඇහැකිං බලන්ට පටං ගන්ට ඕන...අම්මට උඩු මූ නෙව යකෝ පොර..අපි මෙච්චර කල් හිතාගෙන හිටියෙ සරල ගැමියෙක් ගොයි නායකයෙක් කියලනෙ..බලාගෙන යනකොට එහෙම නෙවෙයිනෙ...අන්න එහෙම මිනිස්සුන්ට හිතන්ට වෙන විදිහෙ දේසනයක් එතන කෙරෙන්ට ඕන"
"ඒත් තාත්තෙ තාත්ත මෙච්චර දවස් ප්‍රමෝට් කලේ එහෙම සරල ප්‍රතිරූපයක් නේද? සරල ජනපති, රජරටින් පැමිණි ගොවි නායකයා, නිවහල් ගැමියා අන්න එහෙම නේද? ඉතිං මොකෝ මේ එක පාරටම?"
"නෑ..නෑ..ඒ සරලාභිධාන ග්‍රාමීය ගොවි නායක ප්‍රතිරූපය එහෙම්මම තියෙන්න ඕන. මට ඕන ඒක එහෙම්ම තියෙද්දිම මිනිස්සු ලවා හිතවන්ට යකෝ සරලයි නම් තමයි ඒත් මේ මනුස්සයගෙ තියනවනෙ ඊට එහා ගිය මොකක්දෝ මහ අපිට නොතේරෙන ගැඹුරු බාවයක්...අන්න එහෙම... තේරුණාද දෝණිට? ආ..තව එකක් ඒ දෙසනේ අහල මිනිස්සු නිකං තක්කු මුක්කු වෙලා යන්ටත් ඕන..දේසනේ ඉවර උනාම නින්දෙං ඇහැරල වගෙ තමංගෙ එහා පැත්තෙ ඉන්න මනුස්සය දිහා බලල මොකක්ද බං ඒ කිව්වෙ? කියල තුස්නිම්බූත වෙලා අහන සයිස් එකේ දේසනයක් තමයි මට ඕන.."
"හරි හරි මට තේරෙනව තාත්ත කියන එක...ඔව්වට කියන්නෙ "What the fuck did I just heard" කැටගරි එකේ දේශණ කියල"
"අන්න හරි... ඉතිං දෝණි එහෙම කෙනෙක් ගැන දන්නවද?"
"දන්නව දන්නව..ඕකට නියම බුලට් එකක් මට මතක් වුනා…"
"කවුද ඒ? ඔයාගෙ යාලුවෙක්ද?"
"නෑ..නෑ..මගෙ යාලුවෙක් මිනිහව දන්නව..එයාගෙ දේසනයක් ඇහුවම බුදු හාමුදුරුවංගෙ උනත් ඔලුව නරක් වෙනව ෂුවර් ඇන්ඩ් ෂොට් කියලයි මගෙ යාලුව කිව්වෙ.."
"අන්න හරි එහෙම කෙනෙක් තමයි මම හොයන්නෙ…"
"අනික එයාගෙ දේසන පොතේ නමටත් ගැලපෙනව. දැං අපේ පොතේ නම ජනාදිපති තාත්තානෙ. මම කියන මනුස්සය නිතරම කතා කරනව සංකේතීය පියා කියල කවුදෝ කෙනෙක් ගැන. නියමෙට ගැලපෙනව. අපිට ඕනනම් පොතේ නමත් පොඩ්ඩක් වෙනස් කරතෑකි. ජනාදිපති තාත්තා නොහොත් මගේ සංකේතීය පියා…අන්න එහෙම "
"ඒ මොන විකාරයක්ද? ඒක හරියන්නෙ නෑ දෝණි. එහෙම නම දැම්මොත් මිනිස්සු කල්පනා කරයි යකෝ එතකොට මේ ඉන්නෙ සංකේතීය පියානං කවුද බොලේ ඇත්තම තාත්ත කියල. මට රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැල යන්ට නැතිවෙන පොටක් ඒක....." මෙතෙක් වෙලා නිහඬව සිටි ජයන්ති නෝනා පොතේ නම වෙනස් කරනවට තම විරෝදය පලකලේ එහෙමයි.
"ඔව් නේද? අම්මගෙ කතාවෙත් ඇත්තක් තියනව..අපි පොතේ නම එහෙම්මම තියමු…" ගරු ජනාදිපතිතුමා ඔලුව හොල්ල හොල්ල කිව්ව.
"හරි එහෙනං නම එහෙමම තියමු. එතකොට තාත්තට ඒ දේසනේදි විසේසෙං කියවෙන්ට එහෙම ඕන මොනවහරි කාරනා තියනවද?"
"නෑ එහෙමට විසේසයෙන් කියවෙන්ට ඕනයි කියල මොකවත් මේ වෙලාවෙ මතක්නම් වෙන්නෙ නෑ.... දේසනේ අවසානෙදි සබාතොමෝ අඤ්ඤකොරොස්ව සහ තුස්නිම්බූතව ආහ්ලාදජනකව විසිර ගියෝය....අන්න ඒ ජාතියෙ දේසනයක් කෙරුනොත් මට ඒ ඇති...."
"හරි හරි මනුස්සය ඒක නියමෙට කරයි. එයා ඔය පස්චාත් නූතන වාදය වගෙ එව්ව ගැන පරතෙරටම හදාරපු කෙනෙක්.."
"මොකක්? පස්චාත් මරන පරීක්සන? දෝණි ඔයා මේ මිනී කපන මනුස්සයෙක්ද කොහෙද දේසනේට ගෙන්නන්ට යන්නෙ මට පේන විදිහට.."
"නෑ..නෑ..තාත්තෙ මිනී කපන එකක් නෙවෙයි ….ඒක ඇවිදිල්ල හිට මේ සම්බාවිය වචනයක්. පෝස්ට් මොඩර්නිස්ම්...කවුරුවත් ඕකෙ තේරුමක් හරියට දන්නෙ නෑ. ඒත් හැමෝම ඔය ගැන කතා කරනව"
"අන්න නියමයි. එහෙම වචන පුලුවන් තරම් දේසනේට දාන්ට කියන්න ඔය මනුස්සයට...අර පෝස්ට් ඔෆිස් වචනෙත් අපූරුයි. මොකද මම පොඩි එකා කාලෙ අපේ ගෙදර තමයි ගමේ උප තැපැල් කන්තෝරුව තිබ්බෙ. ඒ හින්ද ගමේ හැමෝම අපේ ගෙදරට කිවෙ තැපැල් කන්තෝරු ගෙදර කියල. ඒ හින්ද පෝස්ට් ඔෆිස් තාත්තා කියන එක හොඳටම ගැලපෙනව"
"හරි මම එහෙනං ඒ මනුස්සයට කියන්නං පෝස්ට් ඔෆිස් පියා කියල එයාගෙ කතාවෙදි මතක ඇතුව කියන්ටෙයි කියල….."
ඉතිං ඔන්න ඔහොමයි ජනාදිපති තාත්තා පොත ලිවීමේ සහ එය දොරට වැඩීමේ මංගල්ලයේ පසුබිම් කතාව. ඒත් එක පොඩි මිස්ටේක් එකක් වුන. අර මම කියපු සම්බාව්ය දේසකයා තමන්ගෙ දේසනේදි පෝස්ට් ඔෆිස් පියා කියල කිව්වෙ නෑ. එයා කිව්වෙ පෝස්ට් මොඩර්න් පියා කියල.
ඒ සම්බාව්ය දේසනේ වීඩියෝ ක්ලිප් එක ඔන්න පහළ තියනව....
ඒ සම්බාව්ය දේසනේ වීඩියෝ ක්ලිප් එක ඔන්න පහළ තියනව....
ප්‍රසන්න,
ReplyDeleteකොහොමද බොල ඔහොම අඩුගානෙ තිතක්වත් නැතුව කමන්ට්ස් දාන්නෙ? ..:)
ඌ නොවැ බං ඔය කමෙන්ට් සංවිධානෙ සබාපතියද මොකාද එකා. ඉතිං ඌට බැරිනං අපටද පුළුවන්.
ReplyDeleteවීඩියෝ එකේ 1:20-1:39 අතර ප්‍රේක්ෂකයින්ගේ මුහුණු ටික දැක්කම පේනවා වැඩේ සාර්ථකයි කියලා.
ReplyDeleteඉකෝන්,
Deleteකියල වැඩක් නෑ ඉකෝන්...මොකට මේ මනුස්සයට මේකෙ දේශනයක් දුන්නද මන්ද...දීප්ති කියන එව්ව තේරෙන්ඩ ඔය ජිජැක්ල ලකාන්ල ඩෙරීඩල ෆුකෝලගෙ තියරි ගැන දැනගන්ට ඕන.එහෙම නැත්තං එයාගෙ දේශන අහගෙන ඉන්න එක හරියට අර හරකා කෝච්චිය දිහා බලා උන්න වගෙ තමයි.
මට හිතෙන්නෙ කවුරුහරි මේක සංවිධානය කල අයට ඕන වෙන්ට ඇති මේකට නිකං අර සිරා නැත්නම් ප්‍රබුද්ධ ස්වරූපයක් දෙන්ට. ඒක වෙන්ට ඕන දීප්තිට ආරාධනා කලේ.හැබැයි මට හිතෙන්නෙ ඒක බෑක්ෆයර් වුනා.
ඔය මොඩර්න් පියාගෙ බහුබූත නැතුවට මෛත්‍රිපාල ගැන ඇඬෙන්ඩ කතා කරන්ඩ පුලුවන් දේවල් තියනව ඕන හැටිය. 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙලා ඒ මනුස්සය කරපු කැපකිරීම පෙන්වපු නිර්භීතකම සහ ධෛර්යය වචන වලින් කියන්ට බෑ.ඒ ගැන කතා නොකර මේ පුබ්බඩය අර ටීචර් කෙනෙක් චතුරිකාට දාපු සත්තමක් ගැන මරු කියවනව. අහෝ දුකකි! ඉරකි!! තිතකි!!!
හා දැන් උබ හිතං ඉන්නේ උබට විතරයි දීප්ති කියන එව්වා තේරෙන්නේ කියලාද? උබලට ඕනි එපා විදියට උත්සව සංවිධානය කරන්නේ නෑ හරකෝ. අනික උබට විදියට කවුරුවත් ගිහින් උත්සව වල කතා පවත්වන්නේත් නෑ. නාකි හම්පඩයා හිතං ඉන්නේ ඌ සියල්ල දත් කියලා.
DeleteAno,
DeleteAgreed 100%
ජයන්ති නෝනෙට කෙහෙල්පත්වල බත් ගෙඩි බැඳීම වෙනුවට කරන්න විකල්පයක් තියෙනවා.
ReplyDeleteමුලින්ම අහලපහල උන්දලා ටිකක් එක්කහු කරගන්නව. අරලිය හාල් කිලෝ දහයෙ මිටි දෙකක් විතර දාලා බතකි, කිලෝ එකක් තරම බල කරෝලයෙක් අරං හොද්දකි, තව පොල් ගෙඩි දෙහෙක තරම සම්බලකි, මදි පාඩුවට අල කිලෝ දෙකක තරම අල බැදුමකි, පපඩම් පැකැට් දෙක තුනකි බැදලා හදාගන්නව. බත් ටික බට පොතු පෙට්ටි දෙහෙක දාලා හොදි මාලු පිනි එහෙමත් බාස්කැට්ටල දාලා අහුරගෙන ඔපිස්සෙකට පයින්ඩෙයක් දෙනව.
"අපෙ මහත්තයා. ඇඹුල රෙඩි. ඇන්න එන්න ඔයි මොකක් හරි වාහන කට්ටක් එවන්නකො"
සුලු මොහොතින් ඩබොල් කැබ්බෙකක් එනව. ජයන්ති නොනයි අතවැසි උණ්දලා ටිකයි වාහනේට නගිනව. බත් දාපු බටපොතු පෙට්ටි දෙක වාහනේ පිටිපස්සෙං තියලා කට්ටිය පස්සෙ සීට්ටෙකෙං ඉඳගන්නව. රියදුරුට අණ දෙනව.
"මේ උන්නැහේ ඩිංගක් හෙමීට යං. ගස්සන්නැතුං. මේ හොදි බැස්කැට් කැලතෙන්ට ඇහැක්"
"එහෙමයි ලොකු හාමිණේ"
රියදුරුත් ජටාව ගලවල අතට අරගෙන උත්තර දෙනව. හැමෝම ජ.ලේ.ක වෙත පිටත්වෙනව. මගදි ජයන්ති නෝනෙ කෑ ගහනව රියදුරුට.
"මේ උන්නැහේ. ඔය මග තියෙන ඉබ්බං වල ගාවිං ඩිංගකට නවත්තනව හොඳා. නෙලුං කොල ඩිංගක් කඩාගන්ට. බත් කන්ට ඔයාකාර පිඟන් කොයි නැත්තං"
ඒගමන පාලම උඩ වාහනේ නවත්තල ගෑනු කට්ටිය දියේ බැහැල සාරි කැහැපොට ගහගෙන නෙලුම් කොල කඩනව
"හා යං"
දිය බේරීගෙන වාහනේට නැගලා ජයන්ති නෝනෙ කියනව.
වාහනේ ගේට්ටුවෙන් ඇතුල්වෙද්දිම දොරකඩ ඉන්න සිකුරුටි උන්නැහැ බෙරිහං දෙනව.
"ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනැල්ලා"
කාර්යාලෙ කාර්ය මණ්ඩලේම එකපාර බිම්මහලට දුවන්නෙ පයිල්, කොම්පියුටර් පෙරලගෙන
"හා හා ඉන්න. හැමෝටම තියෙනව."
උන්දැ බිමට බැහැලා කෑම බීම හට්ටි, පෙට්ටි, බාල්දි බිමට බානව.
"මේ උණ්නැහැට කීවට ඇහුවෙ නෑනෙ. අල හොද්ද බාගෙයක්ම අහකගියා වාහනේ ගැස්සිල්ලට"
රියදුරුට ආඩපාලි කියන ගමං ගෑණු කට්ටිය කෑම බෙදන්න ගන්නව. කාර්ය මණ්ඩලේ හැමෝම කාර්යාලයෙ ඉස්තෝප්පුවෙ බිම ඉඳගෙන නෙලුං කොළ අතේ තියාගෙන කෑම බෙදනකං බලා ඉන්නවා. ජයන්ති නෝනත් පෙරේත බැල්ම ඇතිවෙනවට බත් පෙට්ටිය උඩිං තියාගෙන ආ අඟුරු කැට දෙකයි, මිරිස් කරල් දෙක තුනයි වාහනේ සීට් එක උඩිං තියලා පලවෙනුවටම තමුංගෙ සුවාමියට බත් පීරිසියක් බෙදනව...................
ඇනෝ,
Deleteඅම්මට උඩු පිස්සු පීකුදු, Mother's voodooo & crazy liver....ela de braaa... නියමයි බං නියමෙනුත් නියමයි...
"මදි පාඩුවට අල කිලෝ දෙකක තරම අල බැදුමකි,"
Delete"මේ උණ්නැහැට කීවට ඇහුවෙ නෑනෙ. අල හොද්ද බාගෙයක්ම අහකගියා වාහනේ ගැස්සිල්ලට"
අල බැදුම හොද්දක් උනේ කොහොමද? මුල අග කිසිම සම්බන්ධයක් නෑ නි ඔයි උබේ පොස්ට් එකේ.
නියම අනෝ කොමෙන්ට් එක
Deleteමේ වගේ ගොන්පාර්ට් ලියන්නේ ඇයි රවී ?
ReplyDeleteඇනෝ,
Deleteමේ වගෙ ගොන් පාට් වලට කමෙන්ට්ස් දාන්නෙ ඇයි ඇනෝ?
මේ වගේ ගොන්පාර්ට් ලියන්නේ ඇයි රවී....මොකක් හරි සම්මානයක් ලබාගනීමේ ස්ථිර අදිෂ්ඨානයක් ඇතිව අනාගත වසරේ මෙඝා බ්ලොග් කරුවා වශයෙන් කිරුළු පැළඳ වීමට ...ඇයි අවුල්ද ?
Deleteඇනෝ,
Deleteඔබ හරි එහෙම බලාපොරොත්තුවකුත් නැත්තෙම නෑ...;)
හැලප්ස්,
ReplyDeleteඒකත් හරි තමයි බලාගෙන යනකොට...:)
අඩේ කියන්න හිතාන ආව එකත් අමතක වුනා අර ආතල් ඇනෝ කමෙන්ට් එක කියෝලා.
ReplyDeleteඔහෙල දෙන්නටම ජයවේවා කිව්වා හරිය
[°•_•°] {`^`…´^´} (~•`_´•~),
DeleteThanks
"සිරී....කන්න එන්න" ජයන්ති සිය සැමියාට කතා කලේ දහවල් ආහාරය සඳහාය.
ReplyDelete"සිරී....සිරී...." පිලිතුරක් නැත.
"දුව ගිහින් බලන්න තාත්තට නින්ද ගිහින් වත් ද කියල" ජයන්ති සිය වැඩිමහල් දියනියට කීවේ බත් මුට්ටිය ගෙන ඒමට කුස්සියට යන ගමන්ය
"හරි අම්මෙ...මම කතා කරගෙන එන්නම්" පියාගේ ඉහල මාලයේ පිහිටි නිදන කාමරය වෙත පිය මනින අතරේ චතුරිකා කීවාය. සිය ග්‍රාමසේවක වැටුප ඉතා අරපරෙස්සමෙන් භාවිතා කරමින් තම පියා මේ නිවස සාදා එයට ගොඩ වැදුනු දවස චතුරිකාට අද මෙන් මතකය.
"තාත්තෙ කන්න යමු" ජනේලයෙන් එලිය බලා ගැඹුරු කල්පනාවක නිමග්නව සිටි ඔහු තිගැස්සුනේය. "හ්ම්ම් යමු මං එන්නම්" සිරිසේන ඇය දෙස නොබලාම කීවේය.
කෑම මේසයේ තමන් හැමදාම වාඩි වන තැන ඔහු වාඩි වූයේය. සුපුරුදු පරිදි ජයන්ති මැණිකේ තමන් කැමති ලෙසටම කෙසෙල් කොලයට බෙදා තිබුනේ පොලොන්නරුවේ ඔහුගේ බාල සොහොයුරා විසින් අස් වද්දන ලද කුඹුරෙන් ගන්නා ලද අරලිය හාලින් පිසූ බත් ය. වෙනදා කෑම වෙලාවට ජයන්ති මැණිකේ දෙස ආදරයෙන් බලා "මැදමුලනය වගේ එක එක බඩු හුරතල් කරන්න මට ඕනෙ නෑ මගේ ජයන්ති මැණිකෙ ඕනෙවටත් වඩා ඇති" යනුවෙන් සිතන ඔහුට අද නම් ජයන්ති මැණිකේ ගැන වගේ වගක් නැත. කිසිදු කතාවක් නැතිව බත් පත පහුරු ගාමින් සිටි ඔහු "මට කන්න බෑ. මං උඩට ගිහින් හිටං පොඩ්ඩක් ඇල වෙනව" යනුවෙන් පැවසුවේ චතුරිකා පුදුම කරවමිනි. ඇය පුදුම වූයේ හිටගෙන ඇලවෙන්නේ කෙසේද යන්නට නොවේ. (සිය පියාගෙ මුවින් නිකුත් වන එවැනි උහතෝකෝටික ඇයට හොඳට හුරුය). ඇය පුදුම වූයේ වෙනදා කෑම මේසයේදී ඉතා සැහැල්ලුවෙන් විහිලු තහලුවෙන් සිටින සිය පියා කුමන ගිනිවිජ්ජුම්බරයක් නිසා මෙසේ සිටියිද යන්න තේරුම්ගත නොහැකිවය. කිසිවක් නොකියා ඉහල මාලයට ගොස් දොර වසාගත් ඔහුගෙන් කිසිවක් නොවිමසීමට ජයන්ති මැණිකේත් චතුරිකාත් වගබලාගත්තේ කිසියම් බැරෑරුම් දෙයකින් ඔහු පීඩනයට පත් වෙමින් සිටින බව ඉවෙන් මෙන් වැටහුනු නිසාය.
දහවල් ආහාරය නිමවා පැයක් යනතුරු වත් ඔහු කාමරයෙන් පිටතට නො ආ නිසාත් මෙතරම් වේලාවක් ඔහු කිසිදා නොනිදන නිසාත් ඔහු කුමක් කරම්දැයි බැලීමට චතුරිකා සිතුවාය.
පියාගේ කාමරයේ දොර වසා ඇත. ඇය හඬ නොනැගෙන සේ සෙමෙන් සෙමෙන් දොරේ හැඬලය කරකවා තල්ලු කලේ පියා xxx අතට ගෙන ස්වයං වින්දනයේ යෙදී සිටනවාදෝ දැයි දෙගිඩියාවෙනි. "කමක් නෑ එහෙම උනොත් දොර වහල දාල දැක්කෙ නෑ වගේ ඉන්නව" ඇය සිතාගත්තාය.
ඔහු උඩුබැලි අතට ඇඳේ දිගා වී සිවිලිම දෙස බලාගෙන දැඩි කල්පනාවක නිරතව සිටියේ කන්නාඩි කුට්ටමත් පැළඳගෙනමය.
"මෛත්‍රීපාල උඹ පලයන්. උඹට දිනන්න පුලුවන්. උඹ පස්ස ගහන්න නම් එපා පුතෝ මම වැඩේ ඔක්කොම ලෑස්ති කරල තියෙන්නෙ. උඹ පස්ස ගැහුවොත් මම නරක ගෑනි කියන්න එපා" ඔහු සිත තුල චන්ද්‍රිකා මැඩම්ගේ තර්ජනාත්මක වදන් රැව් පිලිරැව් දුන්නේය. ඒ සමගම ඔහුගේ සිතට තරහක් ආවේ ඇයගේ මෑනියන්ගේ එනම් සිරිමා මැතිනියගේ රියැදුරු ලෙස රොස්මිඩ් වලව්වේ සේවය කරන අතරතුර ඔහු ඇමතූ ලෙසින් දැනුත් ඔහුව ඇමතීම නිසාවෙනි.
"පලයන් පොට්ට xxx යන්න උඹ දැන් හිටපු ජනාධිපති විතරයි. මම මේ පක්ශෙ ලේකම්. ඒ වගේම ලොකු ඇමති ධුරයක් දරන කෙනෙක්. එන්න එපා ඔය පාට් මට දාන්න දැන් ඉස්සර වගේ......ඔව් ඔය නාකි හොල්මන කිව්ව පලියට මම යන්න ඕනෙ නෑ" ඔහු සිය සිත සමගම වාද කරගත්තේය
හෙන ගැහුවාක් මෙන් ඔහුට එවේලේම මතක් උනේ සිගරට් පැකට්ටුවේ සීයට අසූවක් අවවාදාත්මක වදන් ගැසීමට ගොස් මැදමුලනයා ඔහුට දුන්න වදන් පෙළ ය.
"ඕකෙ අවවාදාත්මක වදන් ගැහුව කියල මිනිස්සු සිගරට් බොන එක නවත්තන්නෙ නෑ xxx. වදන් පැත්තක තියල ඔය පැකට් එක ගහගනින් xකේ....ගහගෙන ඒකෙ ෆොටෝ එකක් දාපන්. අන්න එතකොට නම් මිනිස්සු සිගරට් බොන එක නවත්තයි.බාරදීපු වැඩේවත් හරියට කරගන්න බැරුව එනව මෙතන වදන් දෙන්න. තොට අගමැතිකම දුන්නෙ නැත්තෙත් ඕකයි කොන්ද පන නැති පොන්නය" එලෙස කියත්ම ඔහු දෙපසින් රාක්ශයින් දෙදෙනෙකු මෙන් සිටි බැසිල් සහ ගෝටා බඩ අල්ලාගෙන තමන්ට සිනාසුනු අයුරු ඔහුට මතක් විය. ඒ සමගම ඔහුගේ සිතට දැඩි අධිශ්ඨානයක් ආවේ මැදමුලනයා සහ සහෝදර හැත්ත කෙසේ හෝ ගෙදර යැවිය යුතුය කියා ය.
"ටහුකන්ඩ අර නාකි හොල්මන කියන එකවත් කොරල බලමු හිටං. මං හෙටම යනව අනිත් පැත්තට" යයි සිතා දැඩි අධිශ්ඨානශීලීව, තිරසාර ලෙසින් ඇඳෙන් නැගිටිද්දී හීනියට පඩයක් ගියේ ඔහුටත් නොදැනීමය.
-- චතුරිකා සිරිසේන විසින් රචිත 'ජනාධිපති තාත්තා' කෘතියෙන් උපුටා ගන්නා ලදි
හැක්..
ReplyDeleteබොලාල දන්නවද කී බෝඩ් එකේ අනික්වට වැඩිය ටිකක් දිග කී එකක් තියෙනව.
'What the fuck did I just heard' ඒකනං මරු ටෝක් එක.
ReplyDeleteමේකෙ ඉන්න ඇනෝලත් මාර කමෙන්ට් දාන බුවාලනෙ.
Dafuq did i just read?
Deleteමම ඔහොම දාන්නත් ටයිප් කරල නිකා හිටිය. හැක්..
Deleteරවී අය්යගෙ කතාවත් මරු.... ඇනෝගෙ කතාවත් මරු"D
ReplyDeleteනියමයි...ඇනෝ කොමෙන්ට් ටිකත් මරු.
ReplyDeleteදැන් රවී ගෙන් පෝස්ට් සහ ප්‍රී මොඩර්න් බ්ලොග් පෝස්ට් බලාපොරොත්තුවෙනවා අපි
ReplyDeleteඒක නං පට්ට පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙනව
ReplyDeleteහැක්
ඒක කියෝලා මාව අන්නකොරෝස් උනා..නේන්නම්....නියමයි ඈ
ReplyDeleteනියම පෝස්ට් මොඩර්න් ලිපියක් යකෝ , හිනා කාල මැරිලා ආයි ඉපදුන :)
ReplyDeleteරවී උතුමාගෙයි ඇනෝලගෙයි කතා ටික නං පට්ට සිරා.හිනා ගිහින් මලා....
ReplyDeleteමලා කීවට මලේම නෑ