Wednesday, October 4, 2017

535. The Story Of My Marriage - 44 - Stepping on Bala's throat……………….

පොළව මත දිගාව සිටින්නෙකුගේ ගෙල සහ හිස
ප්‍රදේශය තවෙකෙකු විසින් පාගාගෙන සිටිනා
අයුරු ඉහත ඡායාරූපයෙන් දැක්වේ.
Google Images

අනන්‍යා ගෑණු ළමයගෙ සැප සනීප කොහොමදැයි කියල සෑහෙන කාලෙකින් හොයල බලන්ටත් බැරි වුනා. කොහෙද එකක් කියලය වැඩ?....අපේ ගරුටර සන්ගෙයා වාන්සෙල පාත්තරෙයි සූත්තරෙයි උස්සගෙන "හොරු වෙනුවෙන් අපි" කියල සල්ලි පින්ඩපාටෙ යනව. එතනිං ගියහම සිවුරු කරේ තියන් සරනාගත දඩයමේ යනව. ඒ ගැන මොකවත් ලිව්වෙ නැත්තං උන්නාන්සෙල තරහ වෙනව.

අපේ ගමේ පන්සලේ නායක හාමුදුරුවොත් මේ ඊයෙ පෙරෙයිද අපෙ ප්‍රියම්බිකාස් තොමෝ පන්සලේදි මුණ ගැහිච්ච වෙලාවක ඇහුවලු.. "මොකෝ අක්කෙ අයිය ටික දවසකිං අපි ගැන මොකවත් ලිව්වෙ නැත්තෙ? අපි එක්ක අමනාපෙන්වත්ද?" කියල...පන්සලේ නායක හාමුදුරුවොත් අක්කෙ අයියෙ කියල කියනකොට තමයි දෙයියංටම ඔප්පු වෙච්චාවෙ අපි අඩේ දැං වයසක උන්දල නෙවද කියල කෙලමෝලෙං පිටිඋරේට ඇන්නැහෙ තේරෙන්නෙ...හෙහ්,හෙහ්,

ඒ ගමන අපේ ප්‍රියාම්බිකාස් තෙමේ මට කතා කරල කිව්ව "අන්න නායක හාමුදුරුවො ඇහුව කාලෙකින් එයාල ගැන මොකවත් ලිව්වෙ නැත්තෙ මොකදැයි කියල" .....ඔන්න ඔය හින්ද අනන්‍යා ගැන ලිවිල්ල පැත්තක තියල හාන්දුරුවො ගැන ලියන්ට මට සිද්ද උනානෙ.

ඒකෙං මේකෙං අනන්‍යා ළමය අමතකම වෙලා ගියා. ඒ අස්සෙ අර සඳවතී කියන අම්මණ්ඩි ගිහිල්ල මට ආඩපාලි කියල තිබ්බ අනන්‍යා ගැන ලියන්නෙ නැතය කියල. එහෙම කියල තිබ්බෙ අර ඔල්මොරොංදං බබලතෙක් ඉන්නෙ ලිකිතාය කියල. ආං ඒ බබලතාත් එක්ක. ලිකිතටත් ඕක මදැයි ඉතිං...ඒ පාර දෙන්නම එකතුවෙලා එතන මගෙ සායම ඇරල තිබ්බ....ඔය ලිකිතයි කියන්නෙ අර එක පාරක් මම ලිව්වෙ සම්බාවිය කවි ලිවීමට උපදෙස්...ආන්න ඒ වගෙ වැල ගෙඩියක් පතබෑවුනත් කවියක් ලියන ජාතියෙ අංගනාවියක්...

ඉතිං ඔය නොයෙක් කරුනු කාරනා සලකල බලල මම තීරනය කලා ආයම අනන්‍යා ළමය ගැනත් ලියන්ට ඕමනයි කියල. අපේ සිත්තමී ලමය දවසක් මට දැනමුතු කමක් දුන්න කාලෙකට පස්සෙ කතාවක් ආයම පටන් ගන්නකොට ඒකෙ මෝස්ට් රීසන්ට් ඇපිසෝඩ් දෙක තුනකවත් ලිංක් දාන්නෙයි කියල. ඒ හින්ද ඔන්න ආය මොකටද දෙකක් තුනක් කියල මම දානව සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව අනන්‍යාගෙ කතන්දරේ පහුගිය ඇපිසෝඩ් පහේම ලිංක්...එහෙම හොඳේ?






එහෙත් ඒ වනවිටද මම ඔහු පසුපසින් පැමිණේය යන අපේක්ෂාවෙන් බාලා තම කුටිය වෙත යාමට ආපසු හැරී සිටි බැවින් මම ඉතිරි වදන් ගිලගෙන ඔහු පසුපසින් ගියෙමි. මම ඔහුගේ කුටියට ඇතුළු වූ වහාම බාලා දොර වසා අගුළු දමා ජනේලයෙහි තිරයද පහතට දැම්මේය. ඉක්බිති ඔහු මේසය මතවූ දුරකථනය නාද නොවනු පිණිස එහි රිසීවරය ඉවත්කලේය.

"මළ කෙලියයි මොකක්ද මේ මනුස්සය මේ කරන්න හදන්නෙ? එක්කො මිනිහ ලෑස්ති මාව සේවයෙන් පහ කරන්න නැත්නම් මට අඩන්තේට්ටම් කරන්න. මිනිහ බෝයිකොට් කෙනෙක්ද මන්ද...බයෙත් බෑ...ඔෆිස් එකේ වෙන කවුරුවත්ම ඇත්තෙත් නෑ මේ වෙලාවට"...දෑස් හයාගත්වනම මම එසේ සිතූයෙමි.

බාලා තම අසුනේ හිඳගෙන දෑත් මේසය මත තබා ඊට වාරුවී මදෙස බැලීය. 

"ක්‍රිෂ් ඉඳගන්න….." මේසය ඉදිරිපසවූ අසුන් දෙක දක්වමින් ඔහු හිස සොළවා ඉඟි කලේය. මම ඔහු දෙසටම යොමුකොටගත් දෑසින් යුතුව සෙමෙන් පහත්ව ඉන් එක් අසුනක හිඳගතිමි.

"ඉතිං ක්‍රිෂ්?....මොකද වෙන්නෙ?" බාලා මා දෙසට නැවී විමසූයේ ඉතා පහත් හඬිනි. 

මේ දැඩි රහස්‍ය වාතාවරණය තවත් කුළුගන්වන පිණිස දෝ ඔහු එසේ විමසීමට පෙර කුටියෙහි එකම දොරටුව මීට මොහොතකට පෙර ඔහු විසින්ම අගුළු ලා වැසූ නමුදු යලිත් වරක් හිස හරවා හාත්පස ඉතා ප්‍රවේශමෙන් පරීක්ෂා කලේය.

ඔහුගේ මේ උද්වේගකර නාටකාකාරී (Melodramatic) හැසිරීම දෙස මා බලාසිටියේ මුවඟට නැඟි සිනහව වළකාගනු පිණිස තොල් සපාගනිමිනි.

"ඇයි මිස්ටර් බාලක්‍රිෂ්ණන් මම හවස ඔයාට පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එක එව්වනෙ. ඔයා ඒක අනුමතත් කලානෙ. ඉතිං තවත් මොකක්ද ප්‍රශ්ණෙ?"

මම නොඉවසිල්ලෙන් විමසූයේ මගේ ඒකායන ප්‍රාර්ථනය බාලාගෙන් හැකි විගස මිදී නවාතැන වෙතට ගොස් ඇඳට වැටීම මිස ඔහුගේ විකාරරූපී නාටකාකාරි රඟපෑම්වලට සහාය වීම නොවූ බැවිනි.

"හරි හරි යාලුවා ඒකෙ අවුලක් නෑ. ටිප් ටොප් එකට තියනව. මට මේ ඔයා එක්ක කතාකරන්ට ඕන වෙන කාරණයක් ගැන"

බාලා මට කිසිදිනෙක යාලුවා යයි අමතා නැත. මේ නුපුරුදු සුහද ඇමතීම මගේ සිතට යම් සැකයක සේයාවක් ගෙන ආවේය. "මොකාටද මෙයා ඒ පාර එන්ට හදන්නෙ... ම්ම්ම්...බලමු..." එසේ සිතමින් මම අසුනෙහි පසුපස ඇන්දට හේත්තුවී දෙපා  දිගහැර ගතිමි.

"මොකක්ද ඔය වෙන කාරණය?" මම බැරෑරුම් මුහුණින් යුතුව විමසීමි. 

"කාරණයක් කිව්වෙ ක්‍රිෂ් ඇත්තටම කිව්වොත් උදව්වක්.."

"හරි හරි ඉතිං ඔය කාරණය හරි උදව්ව හරි මොකක් හරි කියන්නකො මිස්ට බාලක්‍රිෂ්ණන් තවත් එහාට මෙහාට අදින්නෙ නැතුව" මම නොඉවසිල්ලෙන් යුතුව පැවසීමි.

"මම පහුගිය දවස් දෙක තුනේම රෑ දෙගොඩහරිය වෙනකල් වැඩ කලා මේ ප්‍රසන්ටේෂන් එක ඉවරයක් කරන්ට. මිස්ටර් බාලක්‍රිෂ්ණනුත් ඒක හොඳටම දන්නවනෙ. ඒ හින්ද මට ඕන පුලුවන් ඉක්මනට චමරියට ගිහිල්ල මොනවහරි තියන දෙයක් කාල ඇඳට වැටෙන්න....."

"හරි හරි ක්‍රිෂ් තරහ ගන්න එපා..මම කියන්නං...ක්‍රිෂ් ඔයා දන්නවනෙ..මම මගෙ මුළු ජීවිතයම කැපකලේ මේ සිටි බැංකුවට. ඇත්තම කියනවනම් මට පෞද්ගලික ජීවිතයක් කියල එකක් නෑ. මගේ ජීවිතේ මේ රස්සාව.."

"මොනවද මනුස්සයො මේ කියවන වැල්වටාරං? දැන් එකපාරක් මම පැහැදිලිව කිව්වනෙ මට ඕන ගිහිල්ල ටිකක් දෙයියනේ කියල නිදාගන්ට. ඒ හින්ද කියන්ට තියන දෙයක් කෙලින්ම කියනවකො දෙයියංගෙ නාමෙන්..." බාලාගේ මුහුණට දමා ගැසුවාක් මෙන් එසේ පැවසිය යුතුයයි මට එකවරම සිතිණි. මසිතට එක්වරම නැඟුනේ එතරම්වූ කෝපයකි. 

එහෙත් ඒ සමඟම මම වෑයමෙන් සිත සන්සුන් කොට ගතිමි. "මොනව උනත් ටිකක් නුහුගුණේ වගෙ තිබ්බත් බාලා ඇවිල්ල හිත හොඳ මනුස්සය. ඔය මම මෙහෙට ආපු දවසෙ ඉඳල මනුස්සය ඔක්කොම කලේ මගෙ හොඳට. අඩුමගානෙ මිනිහ හිතන විදිහට මගෙ හොඳට. මට එව්ව ඇල්ලුවෙ නැති වුනාට ඒ මනුස්සය අහවල් දෙයක්ය කියල කරන්ටද? අනික් අතට මේ කොටස් වෙළඳපලේ කඩා වැටිල්ල හින්ද අපේ ලෝං ටර්ම් කස්ටමර්ල නැති වෙච්ච එක ගැන කෙලින්ම වැරැද්ද ඇවිල්ල තියෙන්නෙ බාලගෙ කරපිට. ඒ හින්ද මිනිහ මේ ටිකේ ඉන්නෙ පුදුම ප්‍රෙෂර් එකකින්. ඒ හින්ද ඔය එයාට  ඕන විදිහට කියන දෙයක් කියාපුවාවෙ. මට තියෙන්නෙ අහගෙන ඉන්න එකනෙ...බැරිම උනොත් ම මේ පුටුවෙම පොඩි නින්දක් ගහන්ට උනත් බැරුවය..." එසේ සිතා සිත සන්සුන් කොටගත් මම ළයමත දෑත බැඳගෙන බාලා දෙස බලා සිනාසුණෙමි. 

"ඔව් බාලා කියන්න...." මගේ සිනහවෙන් සහ සුහද ඇමතුමෙන් බාලාගේ සිතෙහිවූ කනස්සල්ල මඳක් හෝ පහව යන්නට ඇත. ඔහුද මදෙස බලා යම්තමට දසන් දැක්වෙන පරිදි සිනාසුණේය.

"හරි අර මම කලින් කිව්ව වගේ ක්‍රිෂ් සිටි බැංකුව කියන්නෙ මගෙ ජීවිතේ. මෙතන මගෙ රස්සාව නැතිඋනොත් එහෙම මට දිවි නහගන්නව ඇරෙන්ට වෙන විකල්පයක් නෑ. එහෙම දෙයක් වුනොත් මම කොහොමද මගෙ අහල පහල අයට, භාර්යාවට දරුවන්ට නෑදෑයන්ට මූණ දෙන්නෙ?..ඇත්තම සිද්ධිය කවුරුවත් දන්නෙ නෑනෙ. ඊගාවට ඔය කොටස් වෙළඳපොල අනම් මනම් ඒ හුඟ දෙනෙකුට තේරෙන්නෙත් නෑ. අනිවාර්යයෙන් මේ හතර අතේම කතාව පැතිරෙන්නෙ මම බැංකුවෙන් සල්ලි හොරකම් කරල රස්සාවෙන් දොට්ට දැම්මය කියල. ඒකෙ ආය දෙකක් එහෙම නෑ...අනික් අතට..අනික් අතට.."

ඔහු මඳක් නතරව හිස පහතට හරවා ගත්තේය.

"ඔව් අනිත් අතට මොකක්ද?"

"අනිත් අතට ක්‍රිෂ්ට එහෙම ප්‍රශ්ණයක් නෑනෙ ක්‍රිෂ්.....නෑ මම මේ කිව්වෙ ඔයාට මේ රස්සාව ගැන එහෙමට ආසාවක් නෑනෙ. කරුණාකරල මම කියන එක වරදවා වටහා ගන්ට නම් එපා ක්‍රිෂ්…" බාලා මදෙස බැගෑපත් බැල්මක් හෙලුවේය.

බාලා පැවසූයේ සියයට සියයක් සත්‍යයකි. එහෙත් යමෙකු "මම කියනදේ වරදවා වටහා ගන්න එපා" යනුවෙන් මුලින් පවසා පවසන ඕනෑම කරුණක් වරදවා වටහා ගැනීම එය අසා සිටින්නාගේ පරමවූද අනුල්ලංඝනීය වූද අයිතියකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේ වරදවා වටහා ගැනීම අනුඡේදය යටතේ ඇති 14A වගන්තියේ තුන්වන අනුවගන්තියෙන් ද එම අයිතිය තහවුරු කොට ඇති බව මම දැන සිටියෙමි. එබැවින් ඔහු පවසන කිසිම දෙයක් වරදවා වටහා නොගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටීමට බාලාට කිසිදු නෛතික අයිතියක් නොමැති අතර එවන් ඉල්ලීමක් පිළිගැනීමට මමද බැඳී නොමැත්තෙමි.

මගේ අනුල්ලංඝනීය අයිතිවාසිකම් සහ ඔහුගේ ඉල්ලීමෙහි ඇති නීතිවිරෝධීභාවය පිළිබඳව බාලා දැනුවත් කළයුතුයැයි මට හැඟී ගියද මම ඒ වෙනත් දිනකට කල් දමා බාලා ඇමතුවෙමි. 

"මිස්ටර් බාලක්‍රිෂ්ණන් එහෙම කතා කරන එක සම්පූර්ණයෙන්ම වැරදියි. මම මේ පහුගිය දවස් තුනේම රෑ දොළහ එක වෙනකල් මෙහෙ තනියම වැඩ කරලයි ඔය ප්‍රසන්ටේෂන් එක හැදුවෙ. මගෙ තනියට දුක සැප අහන්ටවත් හිටියෙ මදුරුවොයි ඒ ඇරුනු කොට අර ඒ.ටී.එම්. මැෂින් එක ගාඩ් කරන්ට ඉන්න වයසක මනුස්සයයි විතරයි. අනික  අපේ ගණුදෙනුකාරයින්ට ඔය කොටස් විකුනන්ට කියල මට බලකලේ මිස්ටර් බාලමනෙ...මම එහෙම කලේ ඔයා කියපු හින්ද...ඉතිං කොහොමද කියන්නෙ මම මේ රස්සාවට ආදරේ නෑ කියල?"

ක්‍රමයෙන් ඉහළ යන උද්යෝගයෙන් යුතුව මම කියවාගෙන ගියෙමි. සිටි බැංකුවෙහි රැකියාව පිළිබඳව මෙපමණ උද්යෝගයක් මසිත ඇතිවෙතැයි මම කිසිදා සිහිනයකිනුදු නොසිතුවෙමි. ජීවිතය සහ රුචි අරුචිකම් වෙනස්වන ඉක්මන පිළිබඳව මට මහත් පුදුමයක්ද දැණිනි.

"ෂ්..ෂ්..ෂ්...අනේ කෑගහන්ට එපා ක්‍රිෂ්…" මහත් බියට පත් බාලා එසේ පැවසූයේ හුනස්නෙන් පවා නැඟිට වටපිට බලමිනි. 

"ඔෆිස් එකේ මේ වෙලාවෙ වෙන කවුරුවත් නෑනෙ මිස්ටර් බාලා...ගාඩ් විතරයි ඉන්නෙ..මිනිහත් එළියෙ...අනික ඔයාමනෙ මේ කාමරේ දොරත් වහල අගුලුත් දැම්මෙ. ඉතිං මොකක්ද මේ විකාරෙ? අපි මෙතන මේ ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකක් රඟපානව නෙවෙයිනෙ මේ හැටි බය බිරාන්ත වෙන්ට" මම ද අසුනින් නැඟිට්ටෙමි.

"හරි හරි ක්‍රිෂ් කලබල වෙන්නෙ නැතුව ඉඳගන්නකො" බාලා වහා මේසය වටෙන් පැමිණ මගේ උරහිසින් අල්ලා අසුන මත ඉන්දවීය. 

"හරි අපි පොඩ්ඩක් වෙලා ඉමු හිත සන්සුන් වෙනකල්…." කුටියෙ මුල්ලක වූ වතුර ෆිල්ටරය වෙත ගිය බාලා ප්ලාස්ටික් කෝප්ප දෙකකට ජලය පුරවාගෙන විත් ඉන් එකක් මා ඉදිරියේ තබා ඔහුගේ අසුන වෙත ගියේය.

"ක්‍රිෂ් මම ඔයාගෙ කැපවීම, හැකියාව, ඒත් එක්කම මේ රස්සාවට තියෙන ආදරය අවතක්සේරු කරල කතා කරනව එහෙම නෙවෙයි මේ...කරුණාකල එහෙම ඔයාට හැඟීමක් ආවනම් අපේ කතාව තව දිග දුරට ගෙනියන්ට කලින් ඒ වැරදි වැටහීම හිතෙන් අයින් කරගෙන ඉන්ට ඕන. ඒක බොහොම වැදගත්…"

"හරි හරි මගේ හිතේ වැරදි වැටහීමක් නෑ. මිස්ටර් බාලා රස්සාවට තියෙන මගේ කැපවීම අවතක්සේරු කරල කතා කලේ නෑ කියල මම පිළිගන්නම්කො. ඉතිං දැන්වත් කියනවද කියන්ට ආපුඑක?.."

"තව තත්පර තිහක් ඇතුලත තමුසෙ ඔය කියන්ට තෙපරබාන මල ඉලව්ව කිව්වෙ නැත්තං දෙයියම්පල්ල මම තමුසෙගෙ හොම්බට දෙකක් අනිනව.." මම යටිතොල සපාගත්වනම එසේ සිතුවෙමි. මගේ සිතතුල මා දැනටමත් බාලාගේ ඉදිරි දත් හතරක් කැඩෙන්නට පහර දී ඔහුගේ කෙස් දෙමිටක් දෑතින්ගෙන ගලවා ඊට අමතරව දකුණු පයින් උගුරු දණ්ඩ පාගාද අවසානය.

"මේ බැංකු ජීවිතේදි අපි එකිනෙකා ගැන අපි බලාගන්ට ඕන ක්‍රිෂ්. මොකෝ මෙහෙදි අපි එකිනෙකා ආරක්ෂා කරන්ට දෙමව්පියො නැත්නම් භාර්යාවො එන්නෙ නෑනෙ. ඒ හින්ද අපිට අපේම පිහිට තමයි"

බාලාගේ උගුරු දණ්ඩ පෑගූ ඉක්බිති පෑගිය යුත්තේ කුමන ප්‍රදේශයදැයි මම දෙබැම රැළිකොටගෙන කල්පනා කළෙමි. "පෙනහළු හරිය පාගනවද? එහෙමත් නැත්නම් පිත්තාශය හරිය? අග්න්‍යාශය හරිය උනත් නරක නෑ...වකුගඩුත් තියනවනෙ ...දෙකක්ම…වකුගඩු දෙක හරියටම මැදින් පෑගුවොත් මොකක් වෙයිද?"

"හතේ පන්තියෙදි විතර සෞඛ්‍යය සහ ශාරීරික අධ්‍යාපනය පාඩමේදි මිනිස් සිරුරේ ඉන්ද්‍රියයන් පිහිටන ස්ථාන ගැන කියල දුන්නනම් තවමත් මතකයි. ඒත් මට ෂුවර් නැත්තෙ බාලගෙ ඇඟේ එව්ව තියෙන්නෙ සාමාන්‍යයෙන් තියෙන්ට ඕන තැන්වලමද කියන එක. මට හිතෙන්නෙ කෝකටත් අහලම හිටියනම් හොඳයි වගෙ..ඔව්..."

"මේ මිස්ටර් බාලා මට පොඩි ප්‍රශ්ණයක් තියනව….." මම සුරත ඔසවා එසේ පැවසුවහොත් ඔහු පෙරලා මෙසේ විමසනු ඇත.

"ඔව්..ක්‍රිෂ් කියන්න... මොකක්ද ප්‍රශ්ණෙ?"

"මිස්ටර් බාලා ලඟදි ෆුල් බොඩි ස්කෑන් එකක් එහෙම කලේ නැද්ද?"

බාලා එවිට විශ්මයෙන් විශාල වූ දෑසින් යුතුව මෙසේ විමසනු ඇත. "ඇ.. ඇයි.. ඇයි ක්‍රිෂ් එහෙම දෙයක් මේ වෙලාවෙම අහන්න ඔයාට හිතුනෙ?"

"නෑ මිස්ටර් බාලා මට දැනගන්ට ඕනෙ ඔයාගෙ වකුගඩු පිත්තාශය අක්මාව එහෙම ඒ නියමිත තැන්වලම තියනවද කියල"

"ඈ? ඒ මොකටද ඒක දැනගන්නෙ?" ඔහු යලිත් විමසනු ඇත. 

"නෑ නෑ කලබල වෙන්ට එපා. එහෙම වෙන දේකට නෙවෙයි. මිස්ටර් බාලව බිම හරහ දාල ඔයාගෙ වකුගඩු පිත්තාශය එතකොට අක්මාව එහෙම පාගන්ට මට හිටපු ගමං ලොකු ආසාවක් ආව..ඒකයි…"

25 comments:

  1. ඇති යාන්තම් දාල තියෙන්නේ.. ඒ මදිවට පෙරවදනකුත් දාල... අනේ මේ, ඔබතුමා ඔය ඔහේ ඉන්න ගමන් මෙහෙ වෙන එව්වා ගැන ලියන්ට ගියොත් මෙලෝ දෙයක් කරගන්න වෙන්නේ නැහැ. එතරම් මේ පැත්තේ සූ ගාල නිවුස්.. හෙන හැපනින් හොඳේ.. කරුණාකරලා පටන්ගත්ත කාරිය කරලා ඉන්නවා නම් තමයි හොඳ..

    ඒ අස්සේ මටත් එව්වා මෙව්වා කියල.. මගේ කවි වලට මෙව්වා කියලා.. හුහ්.. ඔව් වොව්... ඔබතුමාගේ ඒ කවි පෝස්ට් එකෙන් පස්සේ අපේ අහ ආපු ඔක්කොම මොලේ කොලොප්පන් කොමෙන්ටු දාල තිබ්බේ. මතක් කරපු එක හොඳි.. මම ඕකට අහුවෙද්දෙන්කෝ කියල හිටියේ.. වැඩේ කියන්නේ මට ඒක මතක බැරි වෙලා තිබ්බේ.. ඇයි හත්වලාමේ පෝස්ට් එකක් වෙනුවෙන් කවියක් තලාගත්තහම මෙයා එනවා ඒවායේ අග-මුල හොයන්ට.

    දැන් බලන්න ඉස්සර වෙලා තිබ්බ වෙඩික්කාරගේ එකේ, අපි ඇහුවද අර විද්‍යාත්මක තත්වේ ( එකෙක් අහලා තිබ්බේ ඈන්ගල් එකත් එක්ක බැලුවහම පොඩි එකාගේ උසත් එක්ක තියෙන ගැටුම..) නෑනේ??

    කොහොම හරි ඉතින් අපි සයිටම් අතාරින්නේ නැහැ වගේ තමයි , මේකම ඉල්ලපු නිසා දැක්කද.... හුහ්.. එව්වා කොහෙද මේවයේ අපිටත් අයිතියක් තියෙනවා හරිද?

    ReplyDelete
    Replies
    1. ලිඛිතා,

      /අපි ඇහුවද අර විද්‍යාත්මක තත්වේ (එකෙක් අහලා තිබ්බේ ඈන්ගල් එකත් එක්ක බැලුවහම පොඩි එකාගේ උසත් එක්ක තියෙන ගැටුම..)/

      ආ..ඒක අහල තිබ්බෙ අර පිස්සු හටන ශ්‍රංගයනෙ...ඕකට බාගෙට නෙවෙයි තුන්කාලක් පිස්සු.

      අර අපූරු ගෑණු ළමය භාග්‍යා කෙල්ලත් ඕක එක්ක වසන්ට බෑය කියල එතනිං අස්වෙලා ගිහිල්ලලු.

      අනික ඕක ඒ කිව්වෙ අමූලික බොරු. එහෙම ගෑණු ළමේකුට වදින විදිහට වෙඩි තියන්න පුලුවන්. මම එහෙම වෙඩි තැබිල්ලක පොඩි ශක්‍යතා අධ්‍යයනයක් කලා (Feasibility study). නිසැකවම එහෙම වෙන්න පුලුවන්.

      ඉඳහල්ලකො මම කොහොමද එහෙම වෙන්නෙ කියල සිතියම් සහිතව පැහැදිලි කරන්නං නුදුරු අනාගතයෙදි.

      Delete
    2. ඉතින් ඒ ප්‍රශ්නේ අපි වෙනුවෙන් අහපු ඌ වෙනුවෙන් අපි කතාකරන්ට එපැයි.... පිස්සු හැදෙන්නේ නැද්ද ඉතින් මේවා කියෝන පාඨකයින්ට!!

      ඔව් ඉතින් ඕක උතුර පැත්තට වෙඩි තිබ්බය කිව්වත්, දකුණු පැත්තේ ඉඳපු 'ගෑනු ළමයෙක්ට' නම් වදින විදියට ලියන්න බැරි ගොය්යෙක් නෙවෙයිනේ ඉතින් රවියෝ ඔබතුමා.. අපි නොදන්නවය! කෝ අර මිරිස්ගල පොඩ්ඩක් මගේ කට අතුල්ලගන්න

      Delete
  2. ඕන්න ඉතින් බලමුකෝ... ඔරිජිනල් පොතේ එකම එක පිටුවනේ මේ යෝදයා මේ පෙරවදන් ලියාගෙන.... අපිටත් හූ කියාගෙන ඇවිත් දාල තියෙන්නේ... ඇත්තමයි රවියා දැන් බාලා නෙවෙයි ඔබටුමාගේ තමයි දැන් අර විදියට බිම දාල පාගන තැන අහන්නේ.... ගර්ර්ර්ර්ර්ර්

    ReplyDelete
    Replies
    1. කතාවේ හතරෙන් තුනක්ම "පෙරවදන".....:D

      Delete
    2. ලිඛිතා,

      /ඔරිජිනල් පොතේ එකම එක පිටුවනේ මේ යෝදයා මේ පෙරවදන් ලියාගෙන.... අපිටත් හූ කියාගෙන ඇවිත් දාල තියෙන්නේ... /

      හෙහ්..හෙහ්..උඹ ඒ පාර ඔරිජිනල් පොත බලලම මට කෝචොක් එක දානව නේ?..

      යකෝ ප්‍රස්නයක් දිහා පෙට්ටියෙං පිට හිතන්ට පුරුදු වෙයං....දැං බලපං මෙහෙම..තමං ලියන කතාවක පඳුරු තලනවය කියන එක ගේමක් නෙවෙයි..සෝ ඊසි..

      ඒත් බං අනුන්ගෙ කතාවක ඒ කතාවට ගැලපෙන විදිහට, කතාව ඔරිජිනලි ලියපු බුවා හීනෙංවත් නොහිතපු විදිහට පඳුරු තලනව කියන්නෙ ලේසි කෙලියක් නෙවෙයි හොඳද?

      ඔන්ලි අ ජීනියස් කුඩ් ඩූ දැට්...යූ ගෙට් වට් අයි මීන්?...ප්ලීස් නෝට් දැට් අයෑම් නොට් ඉම්ප්ලයිං එනිතිං..ජස්ට් සේයිං ද ඔබ්වියස්...:)

      Delete
    3. මනෝජ්,

      හරි හරි බං උඹ හිතන්නෙ එහෙම පෙරවදං ලියන එකම උනත් ලේසි කෙළියක් කියලද?

      Delete
    4. ලියන කතාවක පඳුරු තැලිල්ල තව ඉවසුවෑකි.. ඒක ඉතින් කතාව් කොටසක්ය, කතාවේ ජිවගුනයට ඒක ඕනෙමය කියල හිත හදාගත්තය කියමුකෝ. මේක මේ ලියපු කතාවක ග්‍රෑම් දහයකට තාර කිලෝ හතළිහක් දානවා වගේනේ... ඒවායින් කාරී නැහැ කතාව ලියමු!!!

      කැරකිල්ල වගේ

      Delete
    5. ප.ලි. : කියෙව්වා නේන්නම් මේ බාලගිරිය දිහා බලන් ඉන්න බැරිකොට අරගෙනම කියෙව්වා..

      Delete
  3. ගවුරවනීය මහා සංගරක්නයෙන්නවසර, මැච් දිනවන මෑණිගෙන්ද, හීලෑ යක්කුන්ගෙන්ද, හිකජුපාමගෙන්ද, රෝහිඤ්ඤා සරණාගත මහත්තුරු, නෝනලා බබාලාගෙන්ද අවසරයි,

    මෙයින් එක කටන්දරයක්වත් ඉවරෙට අහගන්නකං රටේ මුකුත්ම වල්බූතයක් නටන්නෙපායැයි ඉල්ලමු. මේ ඉල්ලීම කඩකොට අපි නරක අය කියන්න එපාය.
    ඉස්තූතියි.

    ReplyDelete
    Replies
    1. සුරංගයා,

      හෙහ් උඹේ අවසර ගැනිල්ල නම් පංකාදු පහයි...:)

      සිවුරු කරේ තියාගෙන නටන සංගයාගෙං අවසරයි,
      පිරිකරකුත් අරගෙන ගිහිල්ල රෙද්දෙ රෙවෙන්ට අහගත් දිනෙස් ලොක්කාගෙං අවසරයි,
      කවදාවත් කතාවක් අවසාන නොකරන ගොමු තැළීමේ විශාරද සූර්යාභිධාන මහා ප්‍රාඥයාගෙන් අවසරයි,
      සේරි වාණිජ පරම්පරාවෙන් පැවත එන ගොඩකවෙල ප්‍රදේශයේ මහත්ධන සිටුවරයාගෙන් අවසරයි.......:)

      Delete
  4. ඇත්තටම ඇයි ඔහෙට හිතුනෙ නැත්තෙ ඔය පිත්තාශයට, අක්මාවට යටින් තියෙන මොකක් හරි අයවයවක් පාගන්න. එහෙම උනානං සමහරවිට බාලා කාරයව නිවන් දක්කන්න තිබුණ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      එහෙමත් හිතුන..ඒත් මට ආයම හිතුන බාලා ඇවිල්ල ස්වපීඩක කාමලෝලියෙක්ද (Masochist) කියල...එහෙම උනොත් බඩු බනිස් වෙලා මට ගැලවිල්ලක් නැතිවෙයිද කියල හිතලයි මම එහෙම නොකලෙ...

      Delete
  5. ඔය අන්තිම සංවාදය ඒ පොතේ තිබ්බ එකක්ද? වෙන පොතක තිබ්බ එකක්ද? අතින් දැම්ම එකක්ද?

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      අතිං අතිං බං අතිං...බගටට කොහෙද මෙහෙම එකක් ලියන්ට තරං පරිකල්පන සක්තියක්...:)

      Delete
    2. මට මතක නැහැ මෙහෙම කැල්ලක් තිබ්බ කියල

      Delete
  6. අනේ මෙච්චරයි ද ලිවුවෙ?

    කමක් නෑ, වැඩ ඇති නේ. හෙමීට ඉතුරු ටිකත් ලියමු, ඔන්නොහෙ.

    අර කලින් ලිපියෙ කොමෙන්ටුවක ලිවුව වගේ, මේක පරිවර්තනය කරල හිරේ යන්න එහෙම වෙන එකක් නෑ නේද?

    ReplyDelete
  7. හා, අපි වගේ පොඩි එව්වො කියන එව්වත් අහනව නේ එහෙනං. :D

    ReplyDelete
  8. Apith ithin duwagena awa kiyawanta kiyala, harima rasai eth ithin dapu dadiya tika yannath kalin kathawa iwara wela nee

    ReplyDelete
  9. Thanks Ravi. After reading this Krish & Ananya's story from your blog, I couldn't resist my feelings to read the Chetan Bhagat's original book. Luckily I could find this book from library, which I finished the week before and last week I finished his half Girlfriend novel. Very interesting and easy reads. And your translation is equally interesting too. Keep up the good work!!!

    ReplyDelete
  10. තව ටික කාලයක් ගියා නම් ආයෙ මුල ඉදලා කතාව කියවන්න වෙනවා...
    අන්තිමට මට හිතුනෙ නම් බාලගෙ නෙවෙයි, රවි අය්යගෙ බෙල්ල පාගන්ට.. ඇයි අප්පා කියවෙම නෑනෙ මොකකද කියලා...

    ReplyDelete
  11. මේ සමගම බගට ගේ Half Girlfriend novel එකත් පරිවර්තනය කරන්න පටන් ගන්නකෝ

    ReplyDelete
    Replies
    1. ඔබතුමා මේ මොනව කියනවද? බාගෙට ලියපු කතන්දර එමට.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...