Wednesday, October 25, 2017

541. The Story Of My Marriage - 48 - It was all about a B.M.W. 5 series car……


B.M.W. - 5 කාණ්ඩයේ මෝටර් රථයක් ඉහත ඡායාරූපයෙහි දැක්වේ.
මුම්බායි ගුවන් තොටුපොළට ඔහු සඳහා එවන ලෙස අනිල් තම
ලේකම්වරියට නියෝග කලේ  මෙවන් මෝටර් රථයකි.

"හ්ම්ම්ම්..මොකක්ද තමාගෙ නම?" අනිල් මදෙසට තම සුරත දිගුකොට විමසීය.

"මගෙ නම ක්‍රිෂ් සර්…." මම සිහින් හඬින් පැවසීමි.

"තමුං මේ දකුණෙ කෙනෙක් නෙවෙයි නේද?" අනිල් දෙබැම මඳක් රැළි ගන්වමින් විමසූයේ මගේ කථා විලාසය චෙන්නයි වැසියකුගේ උච්ඡාරණ ඌරුවට සමාන නොවුනු බැවින් විය යුතුය.

"නෑ සර් මම මැඩ්රාස් යකෙක් නම් නෙවෙයි" එසේ පැවසීමට මසිත බලවත් ආශාවක් පැනනැඟුනද තව දුරටත් මැඩ්රාස් යක්කුන්ද සමඟ එකට සේවය කලයුතු බැවින් මම එසේ නොපැවසීමි. 

"නෑ සර් මම දිල්ලියෙ………"

"පන්ජාබි... එහෙම නේද?"

"ඔව් සර්…" මම හිස සළමින් ඒ එසේ බව හැඟවූයෙමි.

අනිල් කිසිවක් නොපවසා මගේ මුහුණ දෙස මොහොතක් බලා සිට හිස පස්සට වීසිකොට මහහඬින් සිනාසුනේය. කිසිවකු තමා ඉදිරියේ අසරණව සිටිනු දැක මහත් ප්‍රීතියට පත්වූ පරපීඩා කාමියකු (Sadist) අයුරින් මහ හඬින් සිනාසුණේය.

"මොකක්ද තමුන්ට වුනේ? කොහොමද මෙහෙට එන්ට වුනේ? එච්.ආර්. එක (Human resources division) මොකක් හරි පිස්සුවක් කෙලින්ට ඇති ආය කතා දෙකක් නෑ…"

"තමුසෙට මොකටද අයිසෙ ඒක? මම මෙහෙට ආවෙ මට ඕන හින්ද…" මම එසේ සිතුවා පමණි.

ඒ සමඟම අනිල්ගේ ජංගම දුරකථනය යලි නාද විය. එවරද ඇමතුම මුම්බායි සිට ඔහුගේ ලේකම්වරියගෙනි. ඇය චෙන්නයි සිට මුම්බායි දක්වා ව්‍යාපාරික පංතියේ ප්‍රවේශ පතක් මිළදී ගැන්මට සමත්වී තිබිණි. එළෙසම අනිල් වෙනුවෙන් දිල්ලි ගුවන් තොටුපොළවෙත B.M.W. වර්ගයේ මෝටර් රථයක් එවීමටද ප්‍රවාහන අංශය එකඟවූ බවද ඇය සඳහන් කළාය.

"ආ.. B.M.W. එකක් නම් අවුලක් නෑ. ඒත් ට්‍රාන්ස්පෝට් එකට කියනව 5 සීරීස් එකේ එකක්ම එවන්නෙයි කියල. තේරුණා නේද?..." අනිල් පැවසුවේ වමතේ ඇඟිලි පහ දිගහැර අප ඉදිරියේ විදහා දක්වමිනි.

"මතකනෙ අර BankAm කට්ටිය එක්ක අපි කරපු ටාටා ඩීල් එක? ඒ ඩීල් එක ක්ලෝස් කරල මම ආපහු ආවෙ අර මෝඩය BankAm එකේ M.D. එක්ක. දන්නවද එයා පෝට් එකේදි මට වෙච්චි අපහාසෙ? අර මිනිහට යන්න B.M.W. 5 සීරීස් එකක් එද්දි මට එවල තිබ්බෙ ටොයෝටා එකක්. පොඩ්ඩක් කල්පනා කරල බලනව ඊට පස්සෙ කොහොමද මම ඒ මිනිහගෙ මූණ බලන්නෙ කියල...ෂිට්...අයි වෝස් නෙවර් සෝ එම්බැරස්ඩ්" 

මුම්බායිහි හොඳම වර්ගයේ නිවසක වටිනාකමට වඩා අඩු වටිනාකමක් ඇති මෝටර්රථයක් ඔහු උදෙසා ගුවන් තොටුපොළට නොඑවන බවට ලේකම් වරිය නැවත වරක් සපථ කල ඉක්බිති අනිල් මුව පුරා සිනාසෙමින් දුරකථන ඇමතුම විසන්ධි කළේය.

අනිල්ගේ මානසික තත්වය ක්‍රමයෙන් යහපත් වන්නා හා සමඟම ඒ හා සමානුපාතිකව සම්මන්ත්‍රණ ශාලාව තුල වාතාවරණයද යහපත් වන්නට වූයේය. පෙණහළු පුරවා ඉහළට ඇද තද කොටගෙන හුන් හුස්ම යලි පහළට යවා සියල්ලෝම ආතතිය මදක් ලිහිල් කොට ගත්තෝය.

"හරි මොකද්ද අපි කතා කර කර හිටියෙ?" අනිල් එසේ පවසා මා දෙස බලා යලිත් සිනාසුණේය. "කොහෙද තමා M.B.A. කලේ?" 

"I.I.M.A. (Indian institute of management-Ahmedabad)" මම පැවසූයෙමි.

"මගේ උත්තමාචාරය ඔබතුමාට" අනිල් එසේ පවසා තම සුරත නළලෙහි තබා හිස නවා උපහාසාත්මකව මට ආචාර කළේය.

"නිකං ගොං පාට් දාන්න එපා මනුස්සයො. මම මෙතන මම ඉගෙන ගත්තෙ කොහෙද කියල කයිය ගැහැව්වෙ නැහැනෙ. තමුසෙනෙ මගෙන් ඒ ගැන ඇහුවෙ.....ඒ අහපු හින්දයි මම කිව්වෙ...මම තොල් සපාගත්වනම එසේ සිතුවෙමි.

"මම ගියෙ I.I.M.C. එකට (Indian institute of management-Calcutta) මම I.I.M.A. එකටත් ඇප්ලයි කලා. ඒකෙ වේටිං ලිස්ට් එකේ මගෙ නම තියනව කියල මට එහෙං ලියුමකුත් ආව. ඒත් මට I.I.M.A. එකෙන් කතා කලේ නෑ. සමහරවිට මම තමුං තරං වැඩ කාරයෙක් නෙවෙයි වෙන්නැති...නේ?" අනිල් මදෙස බලා තම දකුණැස වසා ඉඟි මැරුවේය. 

අනිල් මගෙන් ඒ ප්‍රශ්ණයට පිළිතුරක් අපේක්ෂා නොකල බැවින් මම මුණිවත රැකීමි. සම්මන්ත්‍රණ ශාලාවේ සිටි I.I.M.C. ආයතනයෙහි ඉගෙනුම ලැබූ තවත් කණිෂ්ඨ නිලධාරියකු ඉදිරියට ගොස් තමන් හඳුන්වා දුන්නේය. අනිල් ඔහු වෙත පැමිණ අත්ලෙන් අත්ල ගටා (High five) තම සහෝදරත්වය පළකළේය. ඉනික්බිති ඔහු යළිත් මදෙසට හැරුනි.

"ඒත් ඉතිං අවුලක් නෑනෙ....මම ඔව්ව ගණං ගන්නෙ නෑ. මොකද අන්තිමට මම චීෆ් මැනේජර් වුනා. ඒත් I.I.M.A. ගිය කිසිම කෙනෙකුට ඒ තත්වෙට එන්ට බැරිවුනා"

(සටහන - අනිල් මෙසේ හැසිරීමට හේතුව පාඨක ඔබට පැහැදිලි කිරීම මගේ යුතුකමක් බව මම කල්පනා කරන්නෙමි. එසේ නොමැත්තේනම් අනිල්ගේ මනෝභාවය වටහා ගැන්ම ඔබට නිසැකවම දුෂ්කර වනු ඇත. ඉන්දියාවේ M.B.A. උපාධිය ප්‍රදානයකරන ආයතන අතර ඉහළම පිළිගැනීමට ලක්වන්නේ ඉන්දීය රජය මඟින් පවත්වාගෙන යන්නාවූ I.I.M. (Indian institute of management) හෙවත් ඉන්දීය කළමණාකරන ආයතනයන්ය. ඉන්දියාව පුරා පිහිටුවා ඇති වර්තමානයේ සංඛ්‍යාවෙන් විස්සක් වූ මෙම ආයතනයන්ට සිසුන් බඳවාගනු ලබන්නේ ලෝකයේම සමත්වීමට ඉතාම අසීරු විභාගයක් ලෙස සළකනු ලබන C.A.T. විභාගය (Common admission test) සමත්වූවන් අතරිනි. පසුගිය වසරේ මෙම විභාගය සමත්වූයේ ඉදිරිපත්වූවන්ගෙන් 2% ටත් අඩු ප්‍රමාණයකි. විභාගය සමත්වූවන්ගෙන්ද ඉහළම ළකුණු ලැබූවෝ ඉහළම කීර්තියක් දිනා ඇති I.I.M.A. (Indian institute of management - Ahmedabad) වෙත ඇතුළුවීමට වරම් ලබති. අනිල් විසින් ක්‍රිෂ් උපහාසයට සහ සමච්චලයට ලක් කරනු ලැබූයේ I.I.M.A. ආයතනයට ඇතුළුවීමට නොහැකිවීම පිළිබඳව අනිල්ගේ සිතෙහි තවමත් පවතින ඉච්ඡා භංගත්වය හේතුකොටගෙනය.)

"ගණං ගන්නෙ නෑ බම්බුව තමයි. තමුසෙ තාමත් හිත යටිං පසුතැවෙනව I.I.M.A. එකට සිලෙක්ට් නොවුනට. නැත්නම් මොන මඟුලකටද මෙච්චර වෙලා I.I.M.A. එක ගැන කියෙව්වෙ? තමුසෙට තියෙන්නෙ හීනමානෙ... මෝඩය..." මම යටි සිතින් අනිල්ට බැණ වදිමින් මුව පුරා සිනාසුණෙමි. 

ජීවිතයේ එක් ඉතාම ආහ්ලාද ජනක හැකියාවක් නම් තමන් ඉදිරියේ සිටින්නකුට යටි සිතින් පස් පඩංගුවේ බැණ වදිමින් මුව පුරා සිනාසීමට ඇති හැකියාවය. මම එය මනාසේ ප්‍රගුණ කොට ඇත්තෙමි.

"හරි එව්ව ඔක්කොම අතෑරල දාල අපි මේ අද තියෙන ප්‍රශ්ණෙ ගැන බලමු. හරි එතකොට ක්‍රිෂ් තමුන්ට තමයි මේ ඉන්ටනෙට් ස්ටොක්ස් අපේ ගණුදෙනු කාරයින්ට විකුණන අයිඩියා එක ආවෙ? එහෙමද?" එසේ විමසූ අනිල් ඉක්බිති බාලා දෙසට හැරුණේය. "ඉතිං ඇයි බාලා මෙයාට අවවාද කරල වැඩේ නැවැත්තුවෙ නැත්තෙ?. මෙතන වගකිවයුත්ත හැටියට බාලා එහෙම කරන්න ඕන ..."

"මේකනෙ සර් ඇත්තටම සිද්ද වුනේ. මම හැම වෙලේම නවකයින්ට අවස්ථාව දෙනව එයාලටම තීරණ ගන්ට. අනික ක්‍රිෂ් I.I.M.A. එකේ ඉගෙනගත්තු කෙනෙක් හින්ද මම හිතුවා............" බාලා ඉතා සටකපට ලෙස අනිල්ගේ I.I.M.A. ආයතනය කෙරෙහි ඇති ද්වේෂය තම ප්‍රයෝජනයට ගනිමින් තෙපළේය.

"I.I.M.A. කෙහෙම්මල........" අනිල් එසේ පවසා යලිත් හැරී මදෙස බැලීය. "ක්‍රිෂ් තමා දන්නවද තමාගෙ මේ මෝඩ තීරණ හින්ද සිටි බැංකුවට වෙච්ච පාඩුව කොච්චරද කියල? මේ නැති වෙච්චි ගණුදෙනු කාරයින්ගෙ ගිණුම් වල සල්ලි තිබ්බ කෝටි ගාණක්. මම හිතන්නෙ නෑ තමුන්ට අවුරුදු පහක් දවල් රෑ නොබල වැඩ කලත් මේ වෙච්ච පාඩුව මකන්ට පුලුවන්ය කියල....." මම නිසොල්මන්ව පහතට යොමුකොටගත් දෑසින් යුතුව පසු වූයෙමි.

බාලාත් සමඟවූ එකඟතාවය බිඳ දමා සත්‍යය වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න කෑගසා පැවසීමට මට සිතුනේ වරක් හෝ දෙවරක් නොවේ. "මේ යකාගෙ මල මඟුල් කෝපි කෝප්පෙත් එපා මට. මොකටද මෙහෙම ආත්ම ගෞරවේ නැති කරගෙන? දෙයියම්පල්ල මට කියන්ට හිතෙනව බාලගෙ රෙද්ද හැලෙන්ට....." මම වේගයෙන් හුස්ම ඉහළ පහළ හෙලමින් මටම තොල මතුරා ගතිමි.

අනිල් යලිත් බාලා දෙසට හැරුනි. "බාලා…. ඇයි බාලා එකක් දෙකක් ලොස් වෙනකොටත් පොඩ්ඩක් හොයල බැලුවෙ නැත්තෙ? ඔයා එහෙම කලානම් මෙච්චර වැඩේ දුර දිග යන්නෙ නෑනෙ …"

"සර් කියන එක ඇත්ත සර්. ඒත් මේ වැඩේ එක පාරටමනෙ වුනේ. එහෙම හොයල බලන්ට කාලයක් තිබ්බෙ නෑ. අනික මම ඒ කාලෙ අපේ බැංකුවට හුඟක් ලාබයක් ලැබෙන වෙන අත්‍යාවශ්‍ය වැඩක ෆුල් ටයිම් යෙදිල හිටියෙ"

"අත්‍යාවශ්‍ය ....හ්ම්ම්ම්....බම්බුවක් යෙදිල හිටිය ලාබයක් ලැබෙන අත්‍යාවශ්‍ය වැඩක…" මම යලිත් තොල මතුරා ගතිමි. ඒ ඉතා ලාභදායක අත්‍යාවශ්‍ය කාර්යය කුමක්ද යන්න පිළිබඳව අනිල් ද ඉන් ඉදිරියට ප්‍රශ්ණ නොකලේය. 

"හරි අපි එහෙනං දවල් කෑමට නවත්තමු. ඉතිරි හරිය කෑමෙන් පස්සෙ.." අනිල් එසේ පවසා තම අසුනින් නැඟී සිටියේය. අපි ද ඒ අනුව නැඟී සිටියෙමු.

අපගේ කාර්යාලය අසලම වූ ඉහළ පෙලේ ආපන ශාලාවක සූදානම් කොට තිබූ දිවා භෝජන සංග්‍රහයට මම සහභාගී නොවූයෙමි. ප්‍රථම හේතුව නම් පසුදින අනන්‍යාගේ සොහොයුරාහට ඔහු එලඹෙන සතියෙහිදී මුහුණ දියයුතු විභාගයක් උදෙසා ත්‍රිකෝණ මිතිය ඉගැන්වීමේ කාර්ය භාරය මට පැවරී තිබීමය. එබැවින් ඒ සඳහා අදාල පාඨග්‍රන්ථ කිහිපයක් හෝ අධ්‍යයනය කොට මගේ ත්‍රිකෝණමිතිය පිළිබඳ දැනුම යලි යාවත්කාලීන කොටගත යුතුය. 

දෙවන හේතුව නම් ආහාර ගන්නා අතර අනිල්ගේ කුඩු කේඩු කථා යලිත් අසන්නට මට කිසිදු අවශ්‍යතාවයක් නොවීය. තෙවන හේතුව නම් චෙන්නයිහි ඕනෑම ඉහළ පෙලේ ආපන ශාලාවක අමුත්තන්හට සංග්‍රහ කරනුයේ තෝසේ, ඉට්ලි, සාම්බාර් සහ වඩේ යන දකුණු ඉන්දීය සාම්ප්‍රදායික ආහාර වලින් පමණක්ම වීමය. මට මේ වනවිට සාම්බාර් සුවඳ පවා ඉසිලීමට නොහැකි ලෙසට අපෝ වී තිබිණ. අනිල්ද දකුණු ඉන්දියානු ආහාර පිළිකුල් කරන බවට මට කිසිදු සැකයක් නොවීය. ඔහු තම අපුල සඟවාගෙන වඩේ සහ සාම්බාර් අහාරයට ගන්නා අන්දම සිතින් මවාගෙන මම මහත් සේ ප්‍රීති වූයෙමි.

තෝසේ, සාම්බාර් සහ වඩේ කිසිසේත්ම අනිල්ගේ සිත් නොගත්බවට නොවරදින සාධකයක් ලෙස දිවා ආහාරයෙන් පසු ඔහු රැස්වීම ඉතා කඩිනමින් සමාප්ත කලේය.

"හරි දිගින් දිගටම කතා කරන්න දෙයක් නෑ. මට මෙච්චරයි කියන්න තියෙන්නෙ. කවුරුත් සාවධානව අහගෙන ඉන්න. අපේ ගණුදෙනු කාරයො සංඛ්‍යාව වහාම වැඩි වෙන්න ඕන. එක්කො අපෙං ගිණුම් අයින් කරගෙන ගිය අය කොහොම හරි ආයෙ එක්කරගන්න. එහෙම නැත්තං අලුත් අය හොයාගෙන ගිහිල්ල ඒ අය අපිත් එක්ක එකතුකරගන්න. මට ඔය දෙකෙන් කොහොම උනත් කමක් නෑ. මට ඕන ගණුදෙනු කාරයො. තේරුනා නේද? හරි බොහොම ස්තූතියි රැස්වීම ඉවරයි" 

අනිල් අසුනින් නැඟීට පිටවීමේ දොරටුව දෙසට පියවර කිහිපයක් තබා යලි ආපසු හැරුනේය. "ආ..තව ඉතාම වැදගත් කාරණයක් කියන්න තියනව මට අමතක වෙච්ච. බාලා මතක ඇතුව අනික් පාර මොනව හරි රහට කන්න පුලුවන් දෙයක් සූදානම් කරන්න දවල් කෑමට......"

"හරි සර් මම පොරොන්දු වෙනව අපි ඔක්කොමල දවසෙ පැය විසිහතරෙම මහන්සි වෙලා හරි ගනුදෙනු කාරයො හොයල ගේනව කියල. ආ....එතකොට ලබන පාර දවල් කෑමත් සර්ට කැමති විදිහට සූදානම් කරන්න මම පොරොන්දු වෙනව"

රැස්ව සිටි සියල්ලෝම තම අසුන් වලින් නැඟිට හිස් ඉහළ පහළ සොළවා එකඟත්වය පල කලෝය. I.I.M.C. ආයතනයෙහි ඉගෙනගත් තැනැත්තා හැරෙන්නට වෙනත් කිසිවකුහෝ සම්පූර්ණ රැස්වීමෙහිදී එකද වදනක් හෝ කථා කොට නොතිබිණි.

"අවසාන වශයෙන් මම මේ ටිකත් කියන්න ඕන. මේ ඉන්ටර්නෙට් ස්ටොක්ස් කේස් එක හින්ද බැංකුවට ලොකු පාඩුවක් උනොත් බොහෝවිට අපිට සේවකයො අයින් කරන්න වෙයි. ඒ කියන්නෙ චෙන්නයි බ්‍රාන්ච් එකේ ලොකු දියුණුවක් පෙන්නුවෙ නැත්තං මෙහෙනුත් බර ගානකට ගෙදර යන්න වෙයි. මට කණගාටුයි. ඒත් ඇත්ත කියන්න එපාය..." අනිල් එසේ පැවසුවේ ඔහු වටා රොක් වෙමින් හුන් සියල්ලන්ගේ මුහුණු භීතියෙන් ත්‍රස්ත කරවමිනි.

"ආ...ආ...තමුං..." අනිල් මගේ උරහිසට තට්ටු කලේය. "මොකක්ද නම කිව්වෙ?"

"ක්‍රිෂ් ….."

"හ්ම්ම්ම්.....ක්‍රිෂ්......බොහොම ඉක්මනට තමුංගෙ වැරදි හදාගත්තෙ නැත්නම් මම දන්නෙ නෑ මොකක් වෙයිද කියල…."

"මොන බම්බුවක් වෙන්ටද ඕයි?....ඕනනම් තමුසෙල මාව අස් කරයි.....එච්චරනෙ...හුහ්.....ඉතිං අස් කරනව....හූ කෙයාර්ස්?" ඒ වනාහී මගේ සුපුරුදු මටම පවසා ගැනීමයි.

අප කාර්යාලයේ ප්‍රධාන දොරටුව අසල අනිල් ගුවන් තොටුපොල කරා ගෙනයන B.M.W. රථය නවතා තිබිනි. අනිල් එහි පසුපස අසුනට ගොඩවූයේ අප සියල්ලන්ගේ සිත් මහත් සැනසිල්ලකින් පුරවා ලමිනි.

"බොහොම ස්තූතියි ක්‍රිෂ්.....මම ඇත්තටම ඔයාට ණයගැතියි…." මම මගේ අසුනට පැමිණ අසුන්ගත් වහාම බාලා මගේ මේසය අසලට පැමිණ පැවසීය. 

"ඔව්..බාලා...අමතක කරන්න එපා...මම අද බාලා හින්ද කලේ ජීවිතේටම කිසිම කෙනෙකුට කරන්නෙ නැති උදව්වක්….." මම ඔහුගේ දෑස දෙස එක එල්ලේ බලාගෙන පැවසූයෙමි.

38 comments:

  1. මදැයි ඔයින් ගියා.
    ඔය දිවා ආහාර වේලට පොඩි බෝතලයක් දෙකක් එහෙම තිබුණනං සිද්ධියෙ ඇත්ත තත්තෙ ‍හෙළිවෙන්න තිබුණ. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      එහෙම වෙන්නත් පුලුවන් තමයි. ඒත් ඔය තමිල්නාඩු හින්දු ආගමිකයො බහුතරයක් මතින් තොරයිලු. එහෙම ලු කියල කිව්වෙ මගේ අත්දැකීම් නම් ඊට හාත්පසින්ම වෙනස් හින්ද.

      අවුරුදු දහයකට දොළහකට වගෙ උඩදි චෙන්නයි ගිය වෙලාවක රම් බෝතල් දෙකක් ගන්ට ගිහිල්ල බාර් එකට පාරෙ ඉඳල නඟින්ට තියෙන පඩි දහය දොළහ නැඟ ගන්ට වරුවක් විතර ඉන්ට වුනා...හෙහ්,හෙහ්,..

      එදා ඒ පඩි පෙලේම ඉඳගෙන රම් බාගයක් විතර ගහල මම අහල පහල ඔක්කෝටම කියල දුන්න අපේ රාවණ රජ්ජුරුවො කියන්නෙ කොයිතරම් ධීර වීර පුරුෂයෙක්ද එතකොට රාම කියන්නෙ මොනතරම් දුර්ජනයෙක්ද කියල.

      මිනිස්සු තුස්නිම්බූත වෙලා මගේ විස්තරේ අහගෙන ඉඳල අන්තිමට "යේ භගවාන්...ඕ මුරුගාන්..." කියල නලලෙ අත් තියල සාදුකාර දුන්න..අම්මා..මට හෙණ සැළකිලි..හරියට හිමාල අඩවියෙං වැඩපු ඉරිසින්නාන්සෙ කෙනෙකුට වගෙ ඒ මිනිස්සු මට සැළකුවෙ...

      ඔන්න අහගං මම කලිං කියල නැත්තං එහෙම..අන්න එහෙමයි අපි..කොහෙ ගියත් උපන් බිමේ නම තියල ඇති...හාද?

      Delete
    2. අමුවෙන් රම් ගහපුවම එහෙම තමයි බං. රාමායණය,මහා භාරතය විතරක් නෙවෙයි වේද කාව්‍ය උපනිෂද් පවා මතක් වෙනවනෙ. උඹ එච්චර වෙලා පෝලිමේ හිටපු බාර් එක කෝකද කියල මම මේ කල්පනා කරන්නෙ.

      Delete
    3. හැලප,

      තැන හරියටම කියන්න මතකයක් නෑ බං..සෝ ලෝං එගෝ නෙව.කොහොමහරි බාර් එකට තිබ්බෙ අපි නැවතිච්ච හෝටලේ ඉඳල විනාඩි පහළවක වගෙ වෝකිං ඩිස්ටන්ස්. හෝටලේ නම මේ ළඟක් වෙනකල් මට මතක තිබ්බ. දැන් මතක නෑ. ගෙදර ඇති විස්තර. අපෙ උන්දැට කියන්නං හොයල කියන්ටෙයි කියල.

      කොහොමහරි මචං ඒ හෝටලේ තිබ්බෙ අර බොහොම අඩු මිළට පොත් විකුණන්ට තියෙන්නෙ පාර දිගට පොඩි පොඩි කඩ දාල. අන්න ඒ කිට්ටුව. මරීනා බීච් එහෙමත් වැඩි දුරක නෙවෙයි..

      ආ..ඔන්න තව එකක් මතක් වුනා. අර බාර් එකේ පඩි පෙලේ වාඩිවෙලා ඉන්නකොට ඉස්සරහ පේන්ට තිබ්බ තට්ටු දහයක් දොළහක් විතර තියන ප්‍රයිවට් හොස්පිට්ල් එකක්.මට යන්තං වගෙ මතකයි ඒකෙ උඩම ගහල තිබ්බ නියොන් ලයිට් එක පත්තුවෙලා දිළිසෙනව. "....well private hospital" වගෙ නමක් ඔන්න තිබ්බෙ.

      Delete
  2. දැක්කද රවී උන්නාන්සේ දෙකක් දාගන්නැතුව ලිව්වම තියෙන වෙනස? එක පඳුරක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      මේකෙ පඳුරු තලන්ට එහෙමකට බෑනෙ බොල..අනුංගෙ කතාවක්නෙ...ඒත් මමත් අරින්නෙ නෑ..කොහෙට කොහෙට හරි කෑල්ලක් දෙකක් රිංගවල දානව මොන ජිල්මාල් එකක් හරි දාල..අපි එහෙමයි...

      Delete
  3. //"හ්ම්ම්ම්.....රවී......බොහොම ඉක්මනට තමුං මේ කතාව ලියල ඉවර කරේ නැත්නම් මම දන්නෙ නෑ මොකක් වෙයිද කියල…."//

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      හෙහ් හෙහ්..මොකක්ද වෙන්ටද බොල?

      ආ..ඒක නෙවෙයි අන්න බං මයිත්‍රියා ට්‍රැවිස් ලොක්කව අයින් කරල නේ?...මෙන්න ඒ කරල ඒ මගෝඩිය අද මෙහෙ ඇවිත් ඉන්නව...:)

      Delete
  4. මෙව්වම ලිය ලියා හිටියං හරි. අන්න එක්කෙනෙක් අලුත් වියවස්ථාවට අකමැත්ත පළකරන අයට කෙටුම්පතෙන්ම කොටන හැටි උපදෙස් දීලා. එව්ව පේන්නෙ නෑ. දැං ළමා ළපටි දෙතුන්දෙනෙක්ම ඉන්න ජෝඩුවකගෙ පරණ හුටපට ලියනව මෙතන. ඔහොම ගිහිං අන්තිමට වෙන්නෙ කිරිකැට් කණ්ඩායමත් අතන මෙතන කඩපිල්වල දාං අදින තැනට වැඩ සිද්දවෙන එකයි.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      කවුද බොල උඹ වගෙ හැපිචෝල් කාරයෙක් කියන එව්ව කොරන්නෙ?

      මට ඉතාම රුවෙන් ගුණෙන් යුතු යුවතියන් කීප දෙනෙක්ම කිව්ව දී... ග...ට...ම දී...ග...ට...ම...දී...ග...ට...ම... අනන්‍යාගෙ කතාව ලියා...ගෙන ලියා....ගෙන ලියා....ගෙන යන්ටකො අනේ පීස්... පීස්... පීස්... කියල.

      මම කරන්නෙ ඒ ඇත්තිලගෙ ඉල්ලීම පරිදි කටයුතු කොරන එක. මට පොඩි කාලෙ ඉඳල තිබ්බ ලක්සනයක්නෙ ඕක.. ඔය මානවිකාවක් මොකක් හරි යං ඉල්ලීමක් කලොත් බෙල්ල කඩාගෙන හරි ඒක ඉස්ට කරල දෙන්ට කටයුතු කොරන එක.

      බැන්ද අලුත අපෙ ප්‍රියම්බිකාස් තොමෝත් තුං හතර පාරක්ම උන්දැගෙ පරන හම්පඩ ඩෙනිම් කලසං දෙක තුනයි ටී සේට් හතර පහයි මල්ලක ඔබාගෙන ගෙදර යන්ට ලෑස්ති වුනා මගේ ඔය අහල පහල වනිතාවන්ට පණ දීගෙන ඉන්න එක ඉවසන්ට බැරුව.

      දැං එහෙමකට නෑ කලබොලයක්...කම්මලේ බල්ල වගෙ ඔහෙ ඉන්නව නොදුටුවාසේ...නෑසූ සේ...:)

      Delete
    2. //ඔය මානවිකාවක් මොකක් හරි යං ඉල්ලීමක් කලොත් බෙල්ල කඩාගෙන හරි ඒක ඉස්ට කරල දෙන්ට කටයුතු කොරන එක.//

      රවී තුමා, මේ රුපියල් ලක්ස දහයක් වගෙ නැද්ද ගන්ට?

      Delete
    3. Ek Maanavikaa,

      No problem at all..what's your account no.?

      Delete
  5. මේ කතාව දිගටම ලියන්න හිතේවා

    ReplyDelete
    Replies
    1. නිමේෂ්,

      ස්තූතියි ස්තූතියි..එසේම වේවා!!!

      Delete
  6. මිස්ටර් රවී තුමෝ දැන් මේ කතාවෙ හිටපු අනන්නා කෝ හැබෑටම

    ReplyDelete
    Replies
    1. සොඳුරු,

      ඉඳපංකො ටිකක් ඉවසල...යකෝ මේක මාර කෙළියක්නෙ..කතාවක ප්‍රධාන චරිතය උනත් හැම පිටුවෙම නෑ...හුහ්...

      දෙයියම්ප..උඹල වගෙ කඩි කුලප්පුව හැදිච්චි අම්මණ්ඩිල එක්ක ඉහ ගහල ඉන්නවට වෙනම තෑගි දෙන්ට ඕන අදාල පුරුසයින්ට...:)

      Delete
    2. හැම පිටුවකමයැ අප්පා දැන් පිටු වලින් බැලුවොත් පිටු දහය පහලවකම ඒකී නෑ නොවැ.මට මේ සැක ඔයැයිට ඔය මානවිකාස් එක්ක තියෙන කේස් එක නිසා ඒකිට මොකක් හරි අකරතැබ්බයක් වෙලාද කියලා.ඉවසීම....? හැක්.. මේ බ්ලොගේ දාන මොකක් හරි එකක ඒ කොටහක් කියවලා අනික් කොටහ කියවන්න බලන් ඉන්න අපිට ඉවසීම ගැන ආයෙ අමුතුවෙන් කියල දෙන්න එපා මහත්තයො.. හක හක

      Delete
    3. සොඳුරු,

      මොකදෑ කොරන්නෙ බං?..භගටා ලියල තියෙන්නෙ එහෙම නෙව...පඳුරු තැලිල්ල වෙනයි..ඒත් අයි කාන්ට් චේන්ජ් ද ප්ලොට්...යූ නෝ නෝ?

      Delete
  7. බයෙන් සිටියෙ ක්‍රිශ් වෙව්ලා
    මොකින් මොකක් වෙයි කියලා
    ඉතින් ඕන නෑ බයිලා
    ඔයින් ගියා ඇති අනිලා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී...:)

      Delete
  8. ඔයා හරි හොඳ වෙලානෙ රවී අය්යෙ. දැන් ඉස්මනට කතාව දානවානෙ... මේ දැන් එහෙම කියුවයි කියලා ආයෙ පරක්කු කරනවා එහෙම නෙවෙයි ඕන්...

    මෛත්‍රී ලොක්ක ඔය පැත්තෙ ඇවිත් නේද. ඒ ප්‍රවෘත්ථිය ඇහෙනකොටම අපි රවී අය්යව මතක් කළා. හචිස් යන්නත් ඇති...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      යස් වී ආ ගුඩ් බෝයිස් නව්..:)

      මයි ට්‍රී බලන්ට යන්ට වෙලාවක් තිබ්බෙ නෑ. ශ්‍රී ලාංකික ප්‍රජාවට විවෘත ආරාධනාවක් තිබ්බ එන්ටෙයි කියල..ඒත් නෝ ටයිම්....:)

      Delete
  9. හ්ම්ම්.. මොනව වෙයිද කියල බලන්න වෙන්නෙ තවත් ඉස්සරහට තමයි. බලමුකො.

    රවී තුමා ලොක්ක බලන්න ගියේ නැද්ද? ශ්‍රී ලාංකිකයින් සමග හමුව පෙන්නුවා ටී වී එකේ. අපි රවී තුමා ඉන්නවද කියලත් බැලුව. :)

    ReplyDelete
    Replies
    1. එයා වහල වෙන්නේ රනිල් හාමුටනේ නංගි !

      Delete
    2. වහල කිවුවම මතක් උනේ.

      අපට සිවිල් ඩිපාට්මන්ට් ගිහිපු ගමන් වහල ගැන උගන්නන්න ආපු ප්‍රොෆ් ට, ළමයි ආදරේට දාපු නම තමයි "වහල".

      Delete
    3. ඒක් මානවික්ස්,

      /රවී තුමා ලොක්ක බලන්න ගියේ නැද්ද? /

      වෙලාවක් තිබ්බෙ නෑ බං...:)

      Delete
    4. ඇනෝ,

      ඔබට ඔහොම කියල එපා වෙන්නෙ නැති වුනාට මට ඔය චෝදනාවට උත්තර දීල එපා වෙලයි තියෙන්නෙ...:)

      Delete
  10. තව එකක් ලියන්න අයියා

    ReplyDelete
  11. හෆ්පා. BMW උනාට මදි 5 series වෙන්නත් ඕනා. සහගහන කතා නේ මෙව්වා

    ReplyDelete
  12. පෙට්‍රල් ගහන් ඇවිත් කතාව දිගටම ලියන්නො....

    ReplyDelete
  13. ක්‍රිස් වගේම රවියත් බේරුනා කියල හිතා ගන්

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...