මුල් කොටස.....
දෙවන කොටස......
සෙනසුරාදාවක්.....
දවල්ට කාල එහෙම කෑම්ප් එකෙන් පිටත් වුනු මම හවස හතර වගෙ වෙනකොට වසන්තලගෙ ගෙවල් කිට්ටුවෙන් බැස්ස.....වසා බහින තැන කියල තිබුනු නිසා අවුලක් උනේ නෑ, කොන්දොස්තර මලය මාව බැස්සුව නියම තැන.
ඔය කාලෙ මගෙ තිබ්බ පරණ හමගිය ලෙදර් ට්රැවලිං බෑග් එකක්, නුවර මාකට් එකෙන් ගත්තෙ ඒ දවස්වලත් බර ගාණක් උනා, නියම ඔරිජිනල් ලෙදර් එක.... පරණ වෙන්න වෙන්න එනව අමුතුම ක්ලැසික් ලුක් එකක්...ලීවයිස් ඩෙනිම් වගෙ තමයි, මගෙ මේ බෑග් එක අපෙ යාළුවො අතර මාරම ජනප්රියයි,මට ඕන උනාම බෑග් එක හොයාගෙන කෑම්ප් එක පුරහම ඇවිදින්ට වුනු වාර අනන්තයි අප්රමාණයි ඔන්න කොටින්ම කිව්වොත්.
ඉතිං මගෙ ඔය ක්ලැසික් ගමන් මල්ලත් කරේ දමාගෙන මම බැස්ස බස් එකෙන් ආයෙ මොනවද ලෝඩ් බකිංහැම් වගෙ....
පාර අයිනෙ පොඩි තේ කඩයක්.....ඉස්සරහ මහ විසාලෙට පැතිරිච්ච ජෑම් ගහක්, ගහේ මුල වටේට පරණ ලොරි ටයර් එකක්, ඒ එක්කම ගහ යට ගඩොලින් බැඳපු කණු දෙකක් උඩ පිට ලෑල්ලක් තියල හදපු ලී බංකුවක්,...බංකුවෙ ඉඳගෙන හිටියෙ වසන්ත...
'' අම්මට උඩු උඹ ආව එහෙනම්....හෙහ්, හෙහ්, උඹව දැකපු කල් මචං....'' වසන්තය එතනම මාව බදා ගත්ත.....ආයෙ මොනවද ඉතිං මයෙ ප්රාණසම මිත්තරය නෙව......
'' වරෙං වරෙං පෙලේන්ටියක් ගහලම යමු.''
'' ඒයි මල්ලි අපිට ප්ලේන්ටි දෙකක් දාපං.....'' කඩේ කොල්ලට කෑගහල කියල වසන්ත බංකුවෙ ඉඳගත්ත......මමත් ඒ ළඟින් ඉඳගත්ත, මූ මහත් වෙලා......පොඩි රැවුලකුත් වවල.....හෙහ්, හෙහ්,
'' අඩේ උඹට අල්ලල ගිහිල්ල වගේ අලුත් රස්සාව.....මස් ඩිංගක් එහෙම දාල තියෙන්නෙ ඇඟ පතට,''
'' හෙහ්, හෙහ්...ටිකක් මහත් උනා තමයි මචං.....හවසට හවසට රවුමක් දෙකක් දුවල වත් ඇඟ බස්ස ගන්න ඕන......ඒයි මල්ලි ඔය පරණ වෙච්ච වඩේ එහෙම තියනව නම් අරං වරෙං...පුරා විද්යාවෙං ඇවිල්ල අත් අඩංගුවට ගන්න ඉස්සරවෙලා....'' වසාගෙ කතාවට මට මැරෙන්ඩ හිනා...ඕකගෙ කට ඔහොම්මම තමයි....
කඩේ පොඩි එකා වඩේ පිඟානක් ගෙනත් තිබ්බ බංකුවෙ අපි දෙන්නට මැද, '' ගනිං බං කාපං...'' වසන්ත මට වඩයක් දුන්න.....
'' අඩේ නියම වඩේ මචං.....උම්බලකඩ තියනව මදි නොකියන්ඩ '' මම කිව්ව,
'' වඩේ දහයක් දොළහක් අරං යමු රෑට......වැඩි වෙන එකක් නෑ.....'' වසන්ත මගේ දිහාට හැරිල කිව්වා.
'' මචං...මට අහන්නත් බැරි උනා...කොහෙද උඹෙ මේ විකාර කතා හින්ද මොකවත් මතක තියේය......ජයා කීයටද එන්නෙ? ''
'' අඩෝ ඒක කියන්ඩ බැරි උනානෙ රවියො....ජයා එන්නෙ නෑ මචං....ඊය මට ලියුමක් එවල තිබ්බ...උංගෙ කම්පනි එකේ අලුත් ප්රොජෙක්ට් එහෙකට හදිස්සි ඩ්රෝයිංස් වගයක් අඳින්න් වෙලා....ඌ වීක් එන්ඩ් එකෙත් වැඩ....අපරාදේ....මට උඹල දෙන්න දකින්න පුදුම උවමනාවක් තිබ්බෙ මචං...උඹවත් ආපු එක ලොකු දෙයක්....''
පෙලේන්ටිය ගහල ඉවර වෙලා මම නැග්ග වසන්තගෙ බයික් එකේ පිටිපස්සෙං....මගෙ අසහාය මල්ල දාගත්ත කරට...
තාර පාරෙ කිලෝ මීටරයක් විතර ගිහිල්ල අපි හැරුණ වැලි පාරකට....පාර දෙපැත්තෙම පේන තෙක් මානෙ කුඹුරු, බණ්ඩි පීදෙන කාලෙ.....ලියදි පුරා වතුර පිරිල, කුඹුරු යාය දිහා බලා හිටිය ඇහැකි නොකා නොබී මාසයක්...එච්චර මනස්කාන්ත දර්ශනයක් ඒක.......
බයික් එක එක පාරට පැත්තකට ඇල උනා.... වසන්ත ආයෙම කන්ට්රෝල් කර ගත්ත.
'' යකෝ බලාගෙන,මේකෙ වැටුනොත් එහෙම දනිස් පොල්කටු කඩෙන් තමයි අරන් දාගන්න වෙන්නෙ,'' මම කෑගැහුව. මට හෙල්මට් එකකුත් නෑ...වැටුණොත් එහෙම සොරිම තමා
'' උඹ ඇඹරෙන්නෙ නැතුව ඉඳහංකො එක විදිහකට, අනික ඔය පරණ බෑග් කබල බර වැඩි. මොනවද බං ඕකෙ ඔය හැටි?''
'' මේකෙ මගෙ මොකවත් වැඩිය නෑ බං....උඹලට ගත්ත තෑගි තමයි ඔය බර...හෙහ්, හෙහ්,''
'' හෙහ්, හෙහ්.....හෙහ් '' වසන්තත් මගෙ හිනාවට හවුල් උනා....
'' අද රෑට චුට්ටි උයන්නෙ.....අපි දෙන්නත් චුට්ටිට උයන්ඩ පොඩි සපෝට් එකක් දීල වැවට ගිහිල්ල නාගෙන එමු '' මී හරක් නඩේකට ඉඩ දෙන්න පාරෙ අයිනට කරල බයික් එක නවත්තල වසන්ත කිව්ව.
'' ඈ...ඒ මොකෝ බං.... කෝ අම්මල? ''
'' අම්මයි අප්පච්චියි ගියා මචං ආනමඩුවෙ අපෙ මාමලගෙ ගෙදර...එහෙ අද රෑ පිරිතක්,..... ලොකු නංගි පලවෙනි පාර ඒ එල් ඇණ ගත්තනෙ මේ දවස්වල කුරුණෑගල යාළුවෙක්ගෙ ගෙදර නැවතිල ක්ලාස් යනව. ''
චුට්ටි....ගීතිකා....නිල් පාට ඇස්...ආයෙම මගෙ හිතේ හොල්මන් කරන්න පටන් ගත්ත....ආයෙම කිව්වොත් වැරදියි....මේ අවුරුද්දකට කිට්ටු කාලෙදි ඒ ඇස් මගෙ හිතේ පදිංචි වෙලයි හිටියෙ. හිත පුරාම තිබ්බෙ ඒ නිල් පාට ඇස්.....
සමහරවිට මේ කතාව කියවන ඔයාල හිතයි මේ මොන විකාරයක්ද කියල....වැව් බැම්මක අරක්කු බොන ගමන් අහම්බෙන් කියවිච්චි සිංදුවක තිබ්බ වචන තුනක් ගැන ඇතිවෙච්චි කතා බහකදි ඇදිල ආපු මම ජීවිතේට දැකල නැති කෙල්ලෙක් ගැන අවුරුද්දක් තිස්සෙ හිත හිත හිටියයි කියන්නෙ, පිස්සුව.... තරු පහේ එකම තමයි ,කියල හිතුවත් මම ඔයාලට දොස් කියන්නෙ නෑ.....
අනික මේ අවුරුද්දකට කිට්ටු කාලෙ ඇතුලත මම නිකමට වත් එයා ගැන හොයන්න උත්සාහ කලෙත් නැහැ......වසන්තගෙන් මට ඕන හැටිය අහන්න තිබුණ චුට්ටි ගැන....වසා මට බොක්ක උනත් දෙන එකා....ඌ කිසි දෙයක් හිතන්නෙ නෑ...අනික මම වසාට කිව්වනම් මගෙ හිතේ තියන දේ මට සීයට දෙසීයක් සහතිකයි ඌ මට සම්පූර්ණ සහයෝගය දෙනව.....
මේ ගැන පැහැදිළි කිරීමක් කරන්න නම් මා ගැන පොඩ්ඩක් කියන්න වෙනව......... මම ඒ කාළේ ඉඳලම අනික් මිනිස්සු හිතන විදිහට ක්රියා කරන විදිහට නෙවෙයි හිතුවෙ වැඩ කෙරුවෙ. ඒ මගෙ ජන්ම ගතිය.හැම දෙයක් ගැනම මට මගේම අදහස් තිබුන. ඒ අනුව වැඩ කරන්න මම පුලුවන් තරමට උත්සාහ කලා.
ආදරේ ගැනත් මට තිබුනෙ අමුතුම අදහස් මගෙ යාළුවො කිව්වෙ, වීරෙගෙ මඤ්ඤං අයිඩියාස්... කියල.....හෙහ්, හෙහ්,
දෛවය..ඉරණම ඔය වගෙ දේවල් මම විශ්වාස කලා....අපේ සහකරු නැත්නම් සහකාරිය අපිට මුණගැහෙන්න නියම වෙලා තියනව නම් කොහොමත් ඒ දේ වෙනවයි, සසර පතාගෙන ආපු හැටියටයි ඔය ඔක්කොම වෙන්නෙ ..ඔන්න මම හිතපු හැටි....මගෙ ඉවරයක් නැති පොත් බැලිල්ලත් මම හිතන්නෙ මේ අදහස් වලට හේතුවක් උනා.....පොත් වල තියෙන්නෙම ඔය වගෙ කතා නෙව....අදටත් මම ඒ අදහස් අත ඇරල නෑ....රොමෑන්ටිසම් කියන එක ජීවිතයට අත්යාවශ්යයයයි කියලයි මගේ විශ්වාසය.
ඔතන චුට්ටිගෙ වැඩේදිත් මම කල්පනා කලේ එහෙම.......සෙනෙහස මට උරුමනම් මට ලැබෙයි කියලයි.....,අනික ආදරය හිතේ තියාගෙන ඉන්න එක මට සැපතක් උනා ප්රකාශ කරනවට වැඩිය....ලොවටම සැඟවූ මගේ සෙනෙහස....හෙහ්, හෙහ්,
ඔහොම සෙනෙහස හිතේ හිරවෙලා තියනකොට කවි උනත් ලියවෙනව දුන්හිඳෙන් වතුර ගලන්නැහෙ.....
ලොවට සැඟවූ මගේ සෙනෙහස,
කියාගන්නට නොහැකි වූ සඳ,
හදවතේ ඉම්කොණෙක රැඳිලා,
සදා රහසක් වීය ලොවටම,
රුව නොදැක බැඳි මගේ සෙනෙහස,
හඬක් නොඇසී පිරුණු සෙනෙහස,
නීල නෙතු යුග වෙතට බැඳුනේ,
අපරිමිත වූ මගේ සෙනෙහස,
'' මොකද බං බාවනා කරනවද?....බැහැපං බැහැපං ඔන්න ගෙදරත් ආව,''
මම හීනෙකින් ඇහැරල වගෙ වටපිට බලමින් බයිසිකලෙන් බැස්ස. වසන්තලගෙ ගෙදර.....මිදුල මැද ලොකු අඹ ගහක්.....ගහ වටේට ගල් බැම්මක් බැඳල ඒ උඩ මල් පිපිච්ච රෝස පඳුරු ඉන්දපු මැටි පෝච්චි හත අටක්......දාස් දෙන අව්වෙ සැර මැකුනෙ ඈත වෙල්යාය දිහාවෙන් හමාගෙන ආපු හුළඟෙන්,
මම වසන්ත පස්සෙන් ගෙට ඇතුල් උනා...
'' චුට්ටී... '' වසන්ත කෑගහගෙනම සාලෙ මැදින් ගේ පිටිපස්සට ගියා.
මම බෑග් එක ටීපෝ එකක් උඩ තියල වේවැල් පුටුවක ඉඳගත්ත.
සාලෙ වම් පැත්තෙ බිත්තියෙ එල්ලල තිබුන මම හිතන්නෙ වසන්තගෙ පවුලෙ ෆොටෝ එකක්.මම හෙමිහිට ඒ පැත්තට ගියා.
'' රවී මේ තමයි මගෙ චුට්ටි නංගි,''
වසන්තගෙ කටහඬ ඇහුන මගෙ පිටිපස්සෙන්...මම හෙමිහිට ඒ දිහාට හැරුන.
මතු සම්බන්ධයි.......
ane aiye hondama thanin nawatthalane..man nam hithuwe adawath nil as deka apita pennawi kiyala.. :(,
ReplyDeleteravi aiyath balan giyama lesi na, kee denek gana adahas pahala welada tharuna kaale.. sandaru mallita deweni na wage.. :)
ane mata thama ranrosa potha hoyaganna bari unane -- Mekuwi
// ravi aiyath balan giyama lesi na, kee denek gana adahas pahala welada tharuna kaale.. sandaru mallita deweni na wage //
ReplyDeleteකොලු වයසට එහෙම හිතෙන්නැත්තං උගෙ හෝමෝනවල අඩුපාඩුවක් තියෙන්න ඕන.. :)
// අනික ආදරය හිතේ තියාගෙන ඉන්න එක මට සැපතක් උනා ප්රකාශ කරනවට වැඩිය //
අම්මප රවි අයියෙ, නොඇගවු ආදරය මාර ලස්සනයි, අහිංසකයි නේද.. පට්ට රොමැන්ටික්.. :D
@ MekuWi,
ReplyDelete/ ane aiye hondama thanin nawatthalane..man nam hithuwe adawath nil as deka apita pennawi kiyala.. :(,/
ඉන්න ඉන්න ඉවසල ඉන්න...ඊලඟ කොටසෙ...හොඳේ...
/ ravi aiyath balan giyama lesi na, kee denek gana adahas pahala welada tharuna kaale.. sandaru mallita deweni na wage.. :) /
හෙහ්, හෙහ්, මොනව කියනවද බොලේ...ජීවිතේ කියන එක එහෙම තමයි....මිනිස් හිත කියන එක මහ පුදුමයි.....අපි ඉතිං ඔය කොයි ගහටත් කොට කොට යනව කෙහෙල් ගහ හම්බ වෙනකල්...එහෙම තමයි එව්වයෙ හැටි.....හෙහ්, හෙහ්,
/ ane mata thama ranrosa potha hoyaganna bari unane -- /
ඔයා කොළඹ කිට්ටුව නම් ඉන්නෙ මරදානෙ ගොඩගේ එකේ ඇති අනිවාර්යයෙන්ම....පිට පළාතක නම් සරසවි පොත් සාප්පුවක බලන්න, බොහෝ විට තියෙයි..
@ Buratheno,
ReplyDelete/ අම්මප රවි අයියෙ, නොඇගවු ආදරය මාර ලස්සනයි, අහිංසකයි නේද.. පට්ට රොමැන්ටික්.. :D /
හෙහ්, හෙහ්, මොනවද ලතා මේ කතා කිව්වලු....නොහැඟවූ ආදරයෙ ආතල් එක ගන්න බෑ අම්මප වෙන කිසිම දේකින් මයෙ මලේ.....ඇත්තම ඇත්ත....
The eternal torment of unexpressed love....
නොහැඟවූ ආදරය,
මගේ සැඟවුණු ආදරය,
ළයට තුරුළු කොට හිඳින්නෙමි මම,
ජීවිතය පවතින තුරාවට.....
කොහොමද?....පිස්සු හැදෙනව නේද?...පිස්සු හැදෙන සඳ
කතාව කියවන්ට පටන් ගත්තාම හිතුනේ අර ෆේමස් බෑග් එකේ අමුතු රහසක් තියනවද කියලා. තාම ඉතින් දන්නේ නෑ. පනින්නේ නැතුව කියවලාම බලමු නේද?
ReplyDeleteඅනේ පව් චුට්ටිට වෙන්ට යන දේ ගැන හිතනකොටත් බඩ පපුව දාගෙන යනවා. හී හී ....පව් චුට්ටි.
වීරේ යනු, වඩේ ඕනේම වෙලාවක කෑමට කැමති, ගී ගැයීමට හැකි, ලස්සන කෙල්ලන් දුටු විගස ඔකඳ වෙන සිතක් ඇති, සිතෙන් ආදරය කිරීමට දක්ෂ කෙනෙකු බව දැනට පෙනේ. ඉදිරියට තව බලමු.
කතාව ලස්සනයි.
හිනා මූනු දාන්ට බැරිවෙලා. දැන් දාන්නම්. :D:D:D
ReplyDeleteඅනේ ඒ උනාට නොහැඟ වූ ආදරේ ගැන හිතල පස්සේ පසු තැවෙන්න වෙනවා...නැද්ද මං අහන්නේ? හඟවන්නේ නැතිව ඉඳල අදාළ කෙනාගේ මගුල් ගෙදර ආරාධනා පත්‍රය ලැබුණු දවසට එහෙම ඔය සුන්දරත්වේ නැහැනේ..
ReplyDeleteරවී අයියේ ඉක්මනට 4 කොටස දාන්න... (මටයි කියන්නේ මෙයා හි හි )
අඩේ අදත් දැක්කෙ නෑ නේද???
ReplyDeleteකමක් නෑ.බලමුකෝ ඊලග එකෙන් හම්බ වෙයි නෙ. :D
ආදරේ හිතේ තියන් ඉන්නකොට තමා අගය වැඩි.අහන්නත් දෙයක්ද. ;))
මතුසම්බන්දයි.
ReplyDeleteක්ලයිමැක්ස් එකේදි නවත්තනව හරියට පොල්ලෙන් ගැහුව වගේ, ඊලඟට අපිට කිරිපණු ගාය හැදිල වගේ නලිය නලිය බලං ඉන්න වෙනා ඊලඟ කෑල්ල එනකං.
ReplyDeleteඔය අප්‍රකාශිත ආදරෙ තියනව නේද. ඒක හරියට හීතලම හීතල කාලෙක නිවෙ නිවී දැල්වෙන පුළිඟුවක් ගේ, ඒකෙ රස්නෙට පිච්චිලා යන්නෙත් නෑ, එක දිගට සීතල මැකෙන්නෙත් නෑ. මහ අමුත්තක් දැනන හැඟීමක් !!
@ Podi Kumarihami,
ReplyDelete/ කතාව කියවන්ට පටන් ගත්තාම හිතුනේ අර ෆේමස් බෑග් එකේ අමුතු රහසක් තියනවද කියලා. /
අහවල් රහසක්ද ආයෙ.... බෑග් එකේ විස්තරේ මම කිව්වෙ තනිකරම බෑක් ග්‍රවුන්ඩ් එකක් විදිහට....
/ අනේ පව් චුට්ටිට වෙන්ට යන දේ ගැන හිතනකොටත් බඩ පපුව දාගෙන යනවා. හී හී ....පව් චුට්ටි./
උන්දැට ආයෙ අහවල් කෙංගෙඩියක් වෙන්ටද?.....ඔය හිටියෙ යස අගේට....
/ කතාව ලස්සනයි./
ඉස්ටූටියි....
@ අමා,
ReplyDelete/ අනේ ඒ උනාට නොහැඟ වූ ආදරේ ගැන හිතල පස්සේ පසු තැවෙන්න වෙනවා...නැද්ද මං අහන්නේ? හඟවන්නේ නැතිව ඉඳල අදාළ කෙනාගේ මගුල් ගෙදර ආරාධනා පත්‍රය ලැබුණු දවසට එහෙම ඔය සුන්දරත්වේ නැහැනේ../
හෙහ්, හෙහ්, එතකොට තියෙන්නෙ විප්‍රයෝග රසය....හම්මා..ඒකෙ ආතල් එක ඔයිට එහා.....
/ රවී අයියේ ඉක්මනට 4 කොටස දාන්න... (මටයි කියන්නේ මෙයා හි හි ) /
හෙහ්, මම ටිකක් දිගට මොනව හරි ලියනව..ඒකට උඹ..... තනිකර මොත්තෙනෙ ගෙනියන්නෙ....හෙහ්, හෙහ්, උඹෙ කතාව කියවනකොට මට මතක් වෙන්නෙ රූපවාහිනී පටන්ගත්තු අලුත පෙන්නපු දිමුතු මුතු ටෙලි ෆිල්ම් එක. ඒකෙ හිටියෙ දේවිකා මිහිරානි. ජනේලෙ කූරු අල්ලගෙන ඈත බලාගෙන ඉන්නව.හෙමිහිට මූණ හරවල කැමරාව දිහා බලල ආපහු ජනේලෙන් ඈත බලනව. ඔය ටිකට පැය බාගෙ ඉවරයි. වන් එපිසෝඩ් මුඩිංජි.....හෙහ්, හෙහ්,
@ නිසුපා,
ReplyDelete/ ආදරේ හිතේ තියන් ඉන්නකොට තමා අගය වැඩි.අහන්නත් දෙයක්ද. ;))/
අඩෙ අප්ප...උඹල ඔක්කොම ආදරේ හිතේ හංගං ඉන්න කස්ටිය වගෙ බලාන ගිහාම........මම හිතුවෙ මේ මට විතරයි නුහුගුණේ කියල....
Wecome to the Club...Nisupa, welcome to the club.....
@ වර්ණා,
ReplyDelete/ මතුසම්බන්දයි./
හෙහ්, හෙහ්, කවුරු හොයා ගත්තද මන්ද එළ කිරි වගෙ කෑල්ල.......නැද්ද හා?.....
@ nawammawatha,
ReplyDelete/ ක්ලයිමැක්ස් එකේදි නවත්තනව හරියට පොල්ලෙන් ගැහුව වගේ,/
හෙහ්, හෙහ්, ඔන්න බලාපං මලේ මට මතක් වෙන්නෙම වෙන කේස් එකක් නෙව උඹ ඔහොම කියනකොට........
/ ඔය අප්‍රකාශිත ආදරෙ තියනව නේද. ඒක හරියට හීතලම හීතල කාලෙක නිවෙ නිවී දැල්වෙන පුළිඟුවක් ගේ, ඒකෙ රස්නෙට පිච්චිලා යන්නෙත් නෑ, එක දිගට සීතල මැකෙන්නෙත් නෑ. මහ අමුත්තක් දැනන හැඟීමක් !! /
හෙහ්, නියම අර්ථ කථනය...නවම්...නියමයි...අම්මප උඹල ඔක්කොම අප්‍රකාශිත ආදරේ විශේෂඥයොනෙව බලාගෙන යනකොට.
කතාන්දරේ ලියාගෙන යද්දි රවි අයියට හිතුනෙ මෙහෙම නේද? (අර ලියලා තියෙන කවි දෙකට මාත් තව දෙකක් ඔන්න එකතු කරනවා.)
ReplyDeleteනොහඟවා සඟවලා සැමගෙන්
සිත් මඬල අද්දරක රැඳැවූ
නෙතින් නොම දැක බැඳුනු හද පෙම
අවදි වී ඇත නොසිතු විලසින
නීල නෙතු යුග අරා හද ගැබ
සිත් අහස මත දිලෙන තරු ලෙස
මතක සිතුවිලි නගයි දළ රළ
එහි ගිලී කිමිදී නහමි මම
'කිරි අප්පට බල්ලො පැනපි' මෙහෙ එන්න බැරි වුන දවස් ටිකේ නියම කතාවක් යන්න පටන් අරන්නෙ. දැනුයි කියෙව්වෙ පෝස්ට් තුනම.
ReplyDelete[හැත්තෑ ගනං වල අග හරියෙ මටත් තිබ්බ අර වගේ ලෙදර් බෑග් එකක්]
@ සිත්තමී,
ReplyDeleteහෙහ්, හෙහ්, හැමදාමත් වගෙ අපූරුයි නඟේ....
සැඟවු සෙනෙහස සහස් නෙතකින්,
හිතක් පතුලේ පුළිඟුවක් සේ,
නිබඳ දිදුලයි කල්ප ගනනක්,
සිසිරයේ දැවෙනා උණුසුමක්,
හදේ බිහි දොර පියන් අතරින්,
මතක සුවඳක් ගලා එන්නේ,
නෙතින් කඳුලක් නොසලනෙමි අද,
ඉරණමට අවසරයි එතෙකින්,
@ Observer,
ReplyDeleteඒකනෙව බොලේ.....මම ඒත් බැලුව ඔබ් කොහේ ගියාද කියල.....හෙහ්, හෙහ්,
අර දිමුතුමුතු එක මතක් කලාට රොම්බ තෑන්ක්ස් බං අයියෙ.. අපිත් ඔය කතාව කියනවා ඒ දවස්සොල, හැබැයි මට මතක විදියට උන්දෑට මේ පැත්ත බලන්ටම එක එපිසෝඩ් එකක් යනවා, අනිත් පැත්ත බලන්නෙ ඊලග සතියෙ.. :))
ReplyDeleteඅම්මපා නවම් කොලුවො, දාපංකො පහක්.. උඹ ලාස්සනට කියන්න ඕන දේ කිවුවා..
eelanga post ekediwath ara nil as wa apita pennanawada.. ravi ge kamathhta prakasha karai da..
ReplyDeleteඅපුරුයි ලියන විදිහ
ReplyDelete