මුල් කොටස.....
දෙවන කොටස......
තෙවන කොටස.......
සිව්වන කොටස.....
'' චුට්ටී....මොකද අප්ප කරන්නේ? '' වසන්ත කුස්සිය දිහාට හැරිල කෑගැහුව.
මම එතනම බාගෙට ඇරල තිබුනු ජනේලෙන් මිදුල දිහාබලාගෙන මගෙ හිත පාලනය කරගන්න හැදුවා. මොන?.....යකාගෙ කම්මලට කඳුළු ගෑස් ගැහුවට හපං.....සිතුවිලි කෙල කෝටියක් විතර හිත ඇතුලෙ එහෙ මෙහෙ දඟලනව, නටනව, උඩ පනිනව, එක වැඩයි...මේක හරි යන්නෙ නෑ...වසන්තත් මම දැක්ක දෙතුන් පාරක් මගෙ දිහා හොරැහින් බලල අහක බලා ගන්නව.මගෙ මූණ බලන ඕනම කණෙකුට උනත් තේරෙනව මොනව හරි ලොකු අප්සෙට් එකක් නම් තියනවමයි කියල.
හිත සන්සුන් කරගන්න මම දන්න නොවරදින ක්රමේ අනුගමනය කලා බැරිම තැන. ඇස් පියාගෙන හුස්ම ඉහලට අරං පපුව පුරහම පුරවාගෙන පුලුවන් තරම් අල්ලගෙන ඉඳල, හෙමිහිට ආපහු පිට කරන එක. එක පාරක් එහෙම කලා. දෙවෙනි පාරටත් ඔන්න හුස්ම උඩට ඇදල පපුව පුරවාගෙන හෙමිහිට හිතින් ගනන් කලා.....එකයි දෙකයි....තුනයි...එච්චරයි මට ගණං කරන්න ලැබුනෙ.....
'' රවි අයිය තේ එක බොන්න,''
මගෙ ඉස්සරහම කනේ තිබ්බ වගෙ ඇහුණෙ ඒ චුට්ටිගෙ කටහඬ...
ඇස් ඇරිය ගමන් දැක්කෙ මම ඉස්සරහ ට්රේ එකක්...ඒක උඩ තේ කෝප්ප දෙකක්.....ට්රේ එක අල්ලගෙන ඉන්න චුට්ටිගෙ අත් දෙකේ ඇඟිලි වලින් පටන්ගෙන මගෙ ඇස් එයාගෙ අත් දිගේ ඉහලට ගිහිල්ල ඒ නිල් ඇස් ළඟ ආයෙම නැවතුනා.
දැන් මොහොතකට කලින් අඬපු සළකුණක්වත් ඒ ඇස් වල තිබුනෙ නෑ. ඒ ඇස් මා එක්ක හිනාඋනා. ඇස් වලින්ම චුට්ටි තේ කෝප්පෙ ගන්න කියල මට ඉඟි කලා. මම එයාගෙ ඇස් දිහාවෙ බලාගෙනම තේ කෝප්පෙ ගත්තා.
'' පොඩි අයියෙ බත් එක නම් හරි, තව අල හොද්දක් හැදුවා. බටු බැද්දා, චිකන් එකයි ගොටු කොළ සම්බෝලෙයි හදන්න තියනව.''
'' හරි අපි දෙන්න ඒක කරන්නම්...රවි ඇති නේද මචං?'' වසන්ත මා දිහා බැළුව.
'' ඇති බං ආයෙ මොනවද ඔය මදෑ.....''
තේ බීල අපි දෙන්නත් කුස්සියට ගියා.චුට්ටි කුස්සියෙ ලිප ළඟ ඉඳල මා දිහා බලල හිනාවෙලා ආපහු ලිපේ තිබ්බ මොනව හරි හැඳි ගාන්න ගත්තා.
'' වසා දීපං මම මස් එක හදන්නං '' මම වැඩේ බාරගත්ත.
‘’ රවි අයියට පුළුවන්ද?.....'' චුට්ටි යන්තම් ඔළුව හරවල මා දිහා බලල ඇහුව.
‘’ අය මොනවද?....මට බැරි දෙයක් තියෙනවද, නංගි......හෙහ්, හෙහ්,..... මම මස් අංශයෙ වැඩේ කරන්නම්.....වසන්ත උඹ ගොටුකොල සම්බෝලෙ හදපං හරිද?...''
'' හරි, මම ඒක කරන්නම්,''
කුස්සියෙ මේස දෙකක් තිබ්බ...ලිප කිට්ටුවම තිබ්බ මේසෙ උඩ තියාගෙන මම වැඩේ පටන් ගත්ත.
චුට්ටි ලිප ළඟ මට අඩි තුනක් විතර එහායින්.ඔලුව යන්තම් හැරෙව්වම එයාගෙ මූණෙ ප්රොෆයිල් එක යස අගේට පේනව. ගින්දර සැර වැටිල සුදු මුහුණ රතු වෙලා. මම බලා ඉන්නව කියල කෙල්ල දන්නව.ලිප දිහාම බලාගෙන හොද්ද හැඳි ගෑවට කෙල්ලගෙ මූණෙ හීන් හිනාවක් තිබ්බ දිගටම නොමැකී.
වසන්ත ගොටු කොල මිටිය සුද්ද කරන්නෙ අපිට පිටුපාල, කුස්සියෙ තිබ්බ අනික් මේසෙ ලඟ ඉඳල. ඒ නිසා මට හිතේ හැටියට චුට්ටි දිහා බලා ඉන්න පුළුවන් උනා.ටිකකින් කෙල්ල ඔළුව හරවල මා දිහා බැලුව. පස්ස හැරිල වසන්ත දිහාවෙත් බලල එහෙම ආයෙම මගෙ මූන බලල ''බලාගෙන, අත කැපෙයි" කියල හඬ නොනැගෙන්ට දෙතොල් වලින් කිව්ව.ඒ කරල ආයෙම හිනා උනා. '' කමක් නෑ, කැපිච්චාවෙ'' මමත් තොල් වලින් විතරක් කිව්ව.
'' නංගි, එනසාල් කුරුඳු එහෙම තියනවද?.....'' වසන්ත ඇහුවම චුට්ටි ඒ දිහාට හැරුනා.
'' එනසාල් නම් ඉවරයි මම හිතන්නෙ අයියෙ.... ඉන්න බලන්න ''
මම හිටපු මේසෙ ලඟම බිත්තියෙ රාක්ක ගහල ඒවයෙ තමයි තියල තිබ්බෙ කුළුබඩු අනම්මනම් දාපු ටින්.චුට්ටි මගේ ළඟට ආව.
'' අයියෙ අර රතුපාට ලේබල් එකක් ගහපු ටින් එක අරන් දෙනවද? ''
'' මේකද? ''
මම එයාහෙ අතට ටින් එක දෙද්දි අපේ අතැඟිලි එකට ගැටුනා.... ඒ මුල්ම වතාව.....මේ වෙලාවෙ නම් චුට්ටි රතු උනාද කියල මට හරියටම කියන්න බෑ, ගින්දර රස්නෙට කොහොමත් එයාගෙ මූන රතු වෙලා තිබුණු නිසා.
'' එනසාල් එහෙම නම් ඉවරයි පොඩි අයියෙ.....''
'' ඉන්න මම පටස් ගාල ගිහිල්ල අරගෙන එන්නම්,....රවී, මචං මම මේ ළඟ කඩයක් තියනව ඒකට ගිහිල්ල එන්නම් '' වසන්ත එහෙම කියල කුස්සියෙන් පිට උනා.
'' එනසාල් ඇත්තටම ඉවරද චුට්ටි?...'' විනාඩි දෙකක විතර නිශ්ශබ්දතාවයට පස්සෙ මම ඇහුව.
' ඇයි මම බොරු කියන්නෙ මොකටද? ''
'' නෑ, ඉතිං මට නිකමට හිතුන......හෙහ්, හෙහ්,''
ටිකකට කලින් අර විදිහට ඇඬුවෙ ඇයි කියල අහම්දෝ නාහම්දෝ කියල මම ආයෙම කල්පනා කලා. කමක් නෑ එයාම කිව්වනෙ මගෙන් ඒ ගැන අහන්න එපා ප්ලීස් කියල ඒ නිසා මම අන්තිමට තීරණය කලා මේ වෙලාවෙ ඒ ගැන නාහ ඉන්න.
'' රවි අයිය තිසා වැවේදි දවසක් ලස්සනට සිංදුවක් කිව්වලු නේද? '' ලිපේ තිබ්බ හොද්ද බාන ගමන් චුට්ටි ඇහුව.
මතු සම්බන්ධයි....( මහ එපාම කරපු වචනෙ තමයි මේක...ඒත් මොනව කරන්නද, නැතුවම බැහැ අනිත් අතට...හෙහ්, හෙහ් )

ලස්සනයි... ඉතුරු ටික දානකල් බලන් ඉන්නවා.. හරියට චුට්ටි ගේ මතකය වගේ...
ReplyDeleteස්තූතියි ජීව්....ඉක්මනින් ලියන්නම් ඉතිරිය....
Delete//බත් එක නම් හරි, තව අල හොද්දක් හැදුවා. බටු බැද්දා, චිකන් එකයි ගොටු කොළ සම්බෝලෙයි හදන්න තියනව.//
ReplyDeleteඇතිදත් කියලා අහනවා.
නංගිලා ඉන්න අයට හොඳ අවවාද රැසක් ගෙන දෙන කතාවක්. තමන්ගේ නැඟනිය යහලුවන සමග තනිකර නොයන්ට…:D
නිල් ඇස්නේ හ්ම්ම්ම්...:)))
ඒ අවවාදෙන් වැඩක් නෑ...බලාගෙන ඉන්ටකො මොකද වෙන්නෙ කියල.....හෙහ්, හෙහ්,
Deleteඔය කරලා තියෙන්නෙ වැඩක්.හැබෑටම අයියෙ තව කොච්චර කොටස් මේකෙ තියෙනවාද??
ReplyDeleteදැනට නම් හිතාගෙන ඉන්නෙ තව කොටස් හතර පහකින් ඉවර කරන්න කියල.....උඹ කියනවනම් නඟේ ඇදගෙන යඤ්ඤා....විස්සක් වත්....හෙහ්, හෙහ්,
Deleteඅනේ එපෝ.... දවසින් දවස කොටස ගානෙ දානවානම් ඒත් කමක් නෑ ඔන්න ඔහේ.... ;)))
Deleteආ අයෙමත් මතු! :P
ReplyDelete//බත් එක නම් හරි, තව අල හොද්දක් හැදුවා. බටු බැද්දා, චිකන් එකයි ගොටු කොළ සම්බෝලෙයි හදන්න තියනව.//
මට මේ බත් එක කන්ටම හිතුන මේ ටික කියවද්දී. දෙවෙනියට හිතුනේ ශික් විතරක් මට මෙහෙම අයියල නැහැනේ කියල. හි හි!
මේ චුට්ටි නම් ඇත්තටම enigmatic ම තමා...
/ ආයෙමත් මතු../ .
Deleteහුහ්.... ආයෙමත් මතු...අම්මප ඒක කිව්ව ලස්සන එහෙම.....මගෙං අහගන්ට එපා කණ පුරෝල මොකවත් හෙම......ආව මට අවවාද දෙන්ට.......හෙහ්, හෙහ්,
චුට්ටි ඇත්තටම Enigmatic ම තමා බං.....මගෙ ජීවිතේට හම්බ උනේ නෑ එහෙම කෙල්ලෙක්....හෙහ්, හෙහ්,
මූ අද දවසම ගත්තනෙ චිකන් කපන්නයි, ගොටුකොළ සුද්ධ කරන්නයි.. මේක මෙගා එකෙත් හොදම එක.. මැදින් ඇඩ් නැති එක විතරයි වෙනස..
ReplyDeleteමෙගා?......මලේ උඹ දැකල නෑ මෙගා එහෙනං......ඔන්න ඔය ඔතනම උඩ ඉන්නෙ....මෙගා චක්‍රවර්තී.......එක දවසට දකුණු අත උස්සනව විතරයි...හෙහ්, හෙහ්,
Delete/* '' එනසාල් ඇත්තටම ඉවරද චුට්ටි?...'' විනාඩි දෙකක විතර නිශ්ශබ්දතාවයට පස්සෙ මම ඇහුව. */
ReplyDeleteහෙහ්, වීරෙ හිතං ඉන්ඩ ඇති චුට්ටිත් එයාගෙ ජාතියෙම කියලා... :D
/*මේ වෙලාවෙ නම් චුට්ටි රතු උනාද කියල මට හරියටම කියන්න බෑ, ගින්දර රස්නෙට කොහොමත් එයාගෙ මූන රතු වෙලා තිබුණු නිසා.*/
මේ වාක්‍යයෙ මුල හරිය කියවගෙන යද්දි මම අග හරිය බලාපොරොත්තු උනේ මෙන්න මෙහෙම:
මේ වෙලාවෙ නම් චුට්ටි රතු උනාද කියලා මට හරියටම කියන්න බෑ, මොකද මගෙ රතු වෙච්ච මූණ එයාට පෙනෙයි කියලා මම අහක බලාගත්ත නිසා... :D :D
/*''බලාගෙන, අත කැපෙයි" කියල හඬ නොනැගෙන්ට දෙතොල් වලින් කිව්ව.ඒ කරල ආයෙම හිනා උනා. '' කමක් නෑ, කැපිච්චාවෙ'' මමත් තොල් වලින් විතරක් කිව්ව.*/
ඔව්, කැපුනට පස්සෙ බෙහෙත් දාගන්නත් බැරියෑ... නේද? :D :D :D
/ හෙහ්, වීරෙ හිතං ඉන්ඩ ඇති චුට්ටිත් එයාගෙ ජාතියෙම කියලා... :D /
Deleteවීරෙ නෙවෙයි බොල රවි...මට වීරෙ කිව්වෙ වැඩ කරපු ප්‍රොජෙක්ට් එකේ එවුං විතරයි....
/ මේ වෙලාවෙ නම් චුට්ටි රතු උනාද කියලා මට හරියටම කියන්න බෑ, මොකද මගෙ රතු වෙච්ච මූණ එයාට පෙනෙයි කියලා මම අහක බලාගත්ත නිසා... :/
සිකේ, අම්මප මට එහෙම ලියන්න මතක් උනේ නැහැ නෙව.....නියමයි නඟේ.....දාපං පහක්...
/ ඔව්, කැපුනට පස්සෙ බෙහෙත් දාගන්නත් බැරියෑ... නේද? :D :D :D /
අම්මප උඹට නං දිවැස් තියනව.....බෙහෙත් දානවට වැඩි සීන් එකක් ඉස්සරහට එනව....හෙහ්, හෙහ්,
ආ මට මැවිලා පේනවා.
Deleteඅර මෙයි හූනා හින්දි ෆිල්ම් එකේ වගේ සීන් එකක් වෙයිද? (ඒකෙ නම් කොල්ලට වෙඩි වැදෙනවද කොහෙද හැබැයි හික්)
රවී අයිය අත කපාගෙන සානුකම්පිත විදිහට ඉන්නවා. චුට්ටි සෙමෙන් ඇල්මෙන් ඩෙටෝල් දානවා. රවී අයිය බොරුවට ත් එක්ක ඌයි ගානවා. චුට්ටි ත් අර සුශ්මිතා කරා වගේ හිමීට තුවාලෙට පිඹිනවා.
ඊට පස්සේ...කොටු කොටු
හික්
@ අමා,
Deleteඅමා, අඩේ උඹල ඔක්කොටම එක පාරටම දිවැස් පහල වෙලා නෙව.....හෙහ්, හෙහ්, හරියටම හරි.....
උඹ හොඳ එකී නිසා කාටවත් කියන්නෙ නැහ්නං දෙන්නං Sneak Preview එකක්.
මෙහෙමයි සීන් කෝන් එක...හරිය?
අපි මිදුලෙ අඹගහයට බොනව. වසන්තයට වැඩි වෙනව.ඌට දෙහි ටිකක් හදල දෙන්න ඕන නිසා මම යනව ගේ පිටිපස්සෙ තියන දෙහි ගහ හොයාගෙන.
'' මමත් එනව අයිය '' කියල චුට්ටිත් මයෙ අත අල්ලං ඔන්න එනව. අපි දෙන්න අත් අල්ලගෙන සිංදුවකුත් මුමුණමින් යද්දි ( සිංදුව නං මතක නෑ...මොකක් හරි ආතල් හින්දි සිංදුවක්....පරන ෆිල්ම් එහෙක.ආරාධනා, ඒක් පූල් දෝ මාලි, ගීත් එහෙම නැත්නම් අභිමාන්...ඔය හතරෙන් එහෙක කියල විතරක් මතකයි ) මළ කෙලියයි අතරමං වෙනව නෙව.
ඔහොම ඔහොම පාර හොයාගන්ට බැරුව ඉබාගාතෙ යද්දි ඌරොන්ට බැඳපු තුවක්කුවක මරුවැල පෑගෙනව චුට්ටිට. ( දන්නවනෙ බැඳපු තුවක්කු කියන්නෙ මොනවද කියල......)
මම ඉතිං චුට්ටි බේරගන්ට ඉස්සරහට පනිනව.
මයෙ දකුණු දනහිස් දෙකෙං පල්ලෙහ එකට වෙඩි වදිනව. මම එහෙම්මම '' චුට්ටියේ ...'' කියල කෑ ගහල වැටෙනව...'' රවි අයියේ ...'' කියල චුට්ටිත් මරහඬ තියනව. මේ ගෝසාවට වසන්තයගෙ ඩෝප් හිඳිල ඌ වැනි වැනි දුවං ඇවිල්ල චුට්ටිත් එක්ක එකතු වෙලා මාව වත්තං කරගෙන ගෙදරට එක්ක යනව....හෙහ්. හෙහ්.
End of Sneak Pre-view
ගේ පිටිපස්සෙ දෙහි ගහ හොයාගෙන යද්දි අතරමං වෙලා, බැඳපු තුවක්කු වෙඩිල්ලක් කාපු කතාවේ ඉතුරු හරිය මෙන්න මෙහෙමලු......
Deleteචුට්ටිගෙ අයියා ගියාලු වෙද මහත්තයව එක්ක එන්ඩ. ඒ යද්දි බයිසිකලේ පැච් එකක් ගිහිං හරි මොකක් හරි අලකලංචියක් වෙලා ආපහු එන්ඩ පරක්කු උනාලු. වෙදාත් නෑ, වෙදා එක්ක එන්න ගිය කෙනත් නෑ කිය කිය ගෙදර ඉන්න දෙන්නා බලං ඉන්නවලු.. කවුද, රවි අයියයි, චුට්ටියි. රවි අයියා ඇඳි පුටුවක දිගා වෙලා වෙඩි වැදිච්ච කකුල බංකුවක් උඩින් තියාගෙන ඇස් දෙක පියාගෙන දත්මිටි කාගෙන ඉන්නවලු. විටින් විට කෙඳිරිත් ගානවලු. චුට්ටි නවත්තගන්න බැරුව හෝ ගාලා අඬනවලු. එයා හොඳටම බය වෙලා. ඔන්න ටිකකින් රවි අයියා ඇස් ඇරියලු. "චුට්ටී..." චුට්ටි අඬ අඬම ලඟට ඇවිත් දණ ගහගෙන රවි අයියගෙ අතින් අල්ලගත්තලු. "අඬන්න එපා..." එහෙම කිව්වම ඔන්න චුට්ටිගෙ ඇඬිල්ල වැඩි උනාලු. කට කොනට හීන් හිනාවක් දාගත්ත රවි අයියා හෙමින් සැරේ අත උස්සලා චුට්ටිගෙ ඇස් වල කඳුළු පිහදැම්මලු. ඊට පස්සෙ, "හොඳ ළමයා වාගෙ මට වතුර වීදුරුවකුයි පිහියකුයි අරං එන්න," කියලා කිව්වලු. "පිහියක් මොකටද?" චුට්ටි අර නිල් පාට ඇස් දෙකත් ලොකු කරගෙන ඇහුවලු. "ගේන්නකො."
ගේ ඇතුලට දුවගෙන ගිය චුට්ටි ආපහු දුවගෙනම ආවලු. එයා ගෙනාපු වතුර වීදුරුව බීගෙන බීගෙන ගිය රවි අයියා පිහිය අතට අරන් බැලුවලු. "හ්ම් මේක හොඳයි." එයා අමාරුවෙන් පුටුව ඉස්සරහට නැවිලා වෙඩි වැදුණ කකුලේ දණිස්සෙන් පහළට ලෙයින් පෙඟිලා තිබ්බ කලිසම් කකුල කැපුවලු. "චුට්ටි.. මේ පිහිය ලිපට අල්ලලා හොඳට රත් කරගෙන එන්න...." චුට්ටි සද්ද නෑලු. රවි අයියා ඔළුව උස්සලා බැලුවලු. චුට්ටි අත් දෙකේම නියපොතු හප හප කඳුළු බේරෙන නිල් පාට ඇස් වලින් ඒ වෙද්දිත් ලේ ගලන තුවාලෙ දිහා බලාගෙන ඉන්නවලු. "චුට්ටි..." ඔන්න ඒ ගමන චුට්ටි රවි අයියා දිහා බැලුවලු. එයා පිහිය දික් කලාලු. චුට්ටි ඔළුව වන වන අඩියක් දෙකක් පස්සට ගියාලු. "රවි අයියට රිදෙයි..."
"දැනුත් රිදෙනව තමයි ළමයෝ..." දැන් රවි අයියගෙ ඇස් දෙකත් නිලංකාර වේගෙන එනවලු. ඒත් එයා අමාරුවෙන් දිගටම කතා කළාලු. "උණ්ඩෙ අහක් කරලා ඉන්න ඕනේ, අයියයි වෙද මහත්තයයි එද්දි කීය වෙයිද දන්නෙ නෑ."
"අනේ මට බෑ ඕක කරන්න."
"ඔයාට තමයි මේක කරන්න වෙන්නෙ..... මං වෙනුවෙන්........ චුට්ටි..." චුට්ටිගෙ නිල් පාට ඇස් දෙක දිහා බලාගෙන එහෙම කියලා රවි අයියා පුටු ඇන්දට ඔළුව හේත්තු කරගෙන ඇස් දෙක පියාගත්තලු. ආයෙත් එයාගෙ ඇස් දෙක ඇරුනේ කකුලේ තුවාලෙ ලඟ හම පිච්චීගෙන යනවා වගේ දැනිලාලු. චුට්ටී එතන බිම දණ ගහගෙන වෙව්ලන අත් වලින් පිහියත් අල්ලගෙන උණ්ඩේ අයින් කරන්න හදනවලු. රවි අයියා දත්මිටි කාගෙන ඉවසගෙන හිටියලු. වැඩි වෙලාවක් නොගිහිංම පිහි තුඩේ ඇමිණිලා වෙඩි උණ්ඩෙ එළියට ආවෙත්, රවි අයියගෙ බෙරිහං දීමෙං ගෙයි වහළෙ උළු උඩ ගියේත්, වෙද මහත්තයවත් එක්කගෙන චුට්ටිගෙ අයියගෙ බයිසිකලේ ගේට්ටුවෙන් ඇතුල් උනේ එකම මොහොතෙදිලු.
මගෙ ඉහිංකනිං දාඩිය දාල.....මුළු ඇඟම තෙමිල වගේ....ඇස් නිලංකාරවීගෙන වගෙ ආවට මම හොඳ හුස්මක් අරගෙන ඇස් තදින් පියාගෙන ටික වෙලාවක් හිටිය. ටික ටික පපුව ගැහෙන වේගෙ අඩුවෙලා එක විදිහක් උනා.මම ඇස් ඇරල බලනකොට අනේ පව් චුට්ටි මා ලඟ දණ ගහගෙන මයෙ දාඩිය පිහිනව.
Delete''චුට්ටි '' මම අමාරුවෙන් හිනා උනා...
'' මයෙ අයියෙ....ඔයාට හුඟක් අමාරුද?''
චුට්ටිගෙ ඇස් දෙකෙන් ගලාගිය කඳුලු බිංදු දෙකක් මයෙ අත උඩට වැටිල අත දිගේ සීතලට ගලාගෙන ගියා.
'' නෑ නංගි දැන් හොඳයි...ඔයා නම් කියල වැඩක් නෑ....හරිම නිර්භීත කෙල්ලෙක්....''
චුට්ටි කඳුලු අතරින් හිනා උනා....මට මොහොතකට වේදනාව අමතකම වෙලා ගියා. චුට්ටි මෙහෙම හිනාවෙනව දකින්න තියේ නම් කාලතුවක්කු උණ්ඩයක් වැදුනම මොකෝ කියලයි මට හිතුනෙ.
වසන්ත වෙද මහත්තය එක්කල ගෙට ඇතුළු උනේ ඔන්න මේ වෙලාවෙ...
'' අනේ මචං වෙරිම සොරි...මේ පොඩි බෙහෙත් වගයක් හොයාගෙනම යමු කියල වෙද මහත්තය කියාපු නිසා පොඩ්ඩක් පරක්කු උනා...'' වසන්ත මා ලඟ දණ ගහ ගත්ත...මම අමාරුවෙන් හිනාවෙලා අතින් කිව්ව ඒකට කමක් නෑ කියල.....
වෙද මහත්තය පොඩි පුටුවක ඉඳගෙන මගෙ තුවාලෙ හෙමිහිට දබරැඟිල්ලෙන් තද කරල බැළුව. වේදනාව ඉවසගන්ට බැරුව මම චුට්ටිගෙ අත මිරිකගත්ත.
'' වසන්ත මහත්තය...ඌරන්ට බඳින තුවක්කු වලට මහසෝං දැහැන මතුරලයි බඳින්නෙ. මහත්තය දන්නවද දල ඌරංගෙ පිටේ මහසෝන ඉන්නව...තුවක්කුවට දැහැන මතුරල තිබ්බෙ නැත්නම් වෙඩි වදින්නෙ නෑ ඌරට.....'' වෙද මහත්තය ඔලුව උස්සල වසන්ත දිහාවෙ බැළුව.
'' නැත්නම් ඌරගෙ උස ගානට පාරට පහත් වෙච්ච අත්තක් පහු කරල තුවක්කුව බඳින්ට ඕන, එතකොට මහසෝන ඌරගෙ පිටිං බහිනව...ඒ වෙලාවෙ වෙඩි තිබ්බ නම් හරි....'' මමත් නැවති නැවති අමාරුවෙන් කියාගත්ත....මේ වගෙ වෙලාවක වත් මට කට පියාගෙන ඉන්ට බැරි හැටියක් අනෙ අම්මපල්ල
'' මහත්තයත් දන්න දේවල්....හරියටම හරි..'' වෙද මහත්තය මා දිහා බැලුවෙ ඒ විඩේ අමුතු ගෞරවයකින්....
මට දැනුන චුට්ටි මගෙ අත මිරිකනව......
'' හරි කතාව ඇති....මේ කකුලෙ තියන උණ්ඩෙ එළියට ගන්ට කලින් මහසෝං පූජාවක් තියන්ට ඕන, ඒකට ඕන කලමනා ඔක්කොම මම අරගෙනයි ආවෙ....චූටි නෝනෙ ගේන්ටකො පොඩි පුටුවකුයි, සුදු රෙද්දකුයි දුං කබලකුයි විගහට වැඩේ පටං ගන්ට.''
චුට්ටියි මායි මූණෙං මූණ බලා ගත්ත ගමන් හිටිය මිසක චුට්ටි ගියේ නෑ ඉල්ලපු කලමනා ගෙනෙන්ට.
'' ඇයි නෝනෙ?.....'' වෙද මහත්තය මාරුවෙන් මාරුවට අපි දෙන්නගෙ මූණු බලන ගමන් ඇහුව.
මම දැක්ක වසන්තත් බලා ඉන්නව මේ මොකද වෙන්නෙ කියල හිතාගන්ට බැරුව.
'' වෙද මහත්තය...අපි උණ්ඩෙ එළියට ගත්තනෙ.....'' මම එහෙම කියල චුට්ටිගෙ මූණ බැලුව...එයා නිල් ඇස් දෙකත් ලොකු කරගෙන මා දිහා බලල ඉහලට පහලට ඔළුව වනල මගෙ කතාව අනුමත කලා.
'' හප්පච්චියේ...මේ මොකක්ද මේ මහත්තයල කරල තියෙන්නෙ....එහෙම දැහැන කපන්නෙ නැතුව උණ්ඩෙ එළියට ගන්න සිරිතක් තියනවද? අනික කවුද ඒ වැඩේ කලේ චූටි නෝනෙද?''
චුට්ටි ඇස් දෙකේ කඳුළු පුරවාගෙන '' ඔව් '' කිව්ව ඇහෙන නෑහෙන අඬින්.
'' අන්න ඒකනෙව ඉස්තිරී අතකින් එහෙම දෙයක් කරන්න හොඳම නෑ.තුවාලෙ හොඳ වෙන්නෙම නෑ '' වෙද මහත්තය එහෙම කිව්වෙ බොහෝම බැරෑරුම් විලාසෙං
'' මොකද වෙද මහත්තය දැන් අපි කරන්නෙ? '' වසන්ත නොඉවසිලිමත්ව ඇහුව.
'' කරන්ට තියෙන්නෙ එක දෙයයි මම මේ පූජාව ලෑස්ති කොරනකල් ඔය චූටි නෝනෙ ආපහු උණ්ඩෙ දාන්ට අපෙ මහත්තයගෙ තුවාලෙ ඇතුලට.''
'' ඈ...හ්!!!!.....'' .
චුට්ටිටයි මටයි කියවුනේ එක වෙලාවටම...මම එයාගෙ මූණ බැලුව..චුට්ටි ඔලුව දෙපැත්තට වැනුව..
'' අනේ මට නම් බෑ ඒක කරන්න බෑ, බෑ, බෑ මයි''
"ඔයාට තමයි මේක කරන්න වෙන්නෙ..... මං වෙනුවෙන්........ චුට්ටි..." චුට්ටිගෙ නිල් පාට ඇස් දෙක දිහා බලාගෙන එහෙම කියලා මම පුටු ඇන්දට ඔළුව හේත්තු කරගෙන ඇස් දෙක පියාගත්තා.
ane ada kathawa diga madi wage.. heta udema ithuru tika daandoo... aththamai aiye meka nattiyak wage mawila penawa kiyawaddi -Mekuwi
ReplyDeleteමීට වැඩිය දිගට ලිව්වම කියවන්ට එපා වෙනව.....හෙට දාන්නම් අනික් කොටස ....ස්තූතියි මෙකුවි....
Deleteකතාවනම් මරු.. අන්තිම වචනේ තමි දිරවන්නෙම නැත්තේ
ReplyDeleteස්තූතියි නංගි,
Deleteඋඹ අන්තිම වචනෙ කෑවද බොල.... නැහ්නං දිරවන්නෙ නෑ කියල දන්නෙ කොහොමෙයි?
ලස්සන කතාවක් අදමයි ඉස්සෙල්ලම කියෙව්වේ..
ReplyDeleteඅර කෑම වට්ටෝරුවක් හරිම ශෝක්..කටට කෙල ඉනුවා...පපඩම් අඩුයි නේද
ස්තූතියි පුංචි කුමාරිහාමි,
Deleteඅඩේ ඇත්තම නෙවෙන්නං, මේ චුට්ටි පපඩං හදල නෑ නෙව, අහුවෙච්චාවෙකො ඕකි....
ජීවිතේට නවල් එකක් එක හුස්මට කියවල අහවර කරන්න වෙලවක් හොයාගන්න් බැරි නම් අතටවත් ගන්නෙ නැති, ඩවුන්ලෝඩ් කරපු ටී වී සීරීස් එපිසෝයිඩ් පහ හයක් බලල මිසක් නවත්තන්නෙ නැති මට මේ කතාව කෑල්ලෙන් කෑල්ල කියවනව කියන්නෙ මරන්න වගේ වැඩක් රවී අයියෙ. උඹ නං මහ හිතක් පපුවක් නැති මනුස්සයෙක් බං [;) අපි නොදන්නවැයි ඒකෙ රඟේ නේද ?]
ReplyDeleteඅපූරු කතාවක් [පූර්වයේ නොවූ / පෙර නො ඇසූ] කියල කට පුරාම කියන්න පුළුවන්. මට ඔය කුස්සියේ සිද්ධිය කියනකොට මතක් වෙන්නෙ කාලෙකට ඉස්සෙල්ල ලියාපු "කබී අල්විදනා කෙහෙනා ලක්මි" පෝස්ට් එකේම දිගුවක් [තවම නොලියාපු]. මේකෙයි ඒකෙයි සෙනසකට තියෙන්නෙ අහවර වෙච්ච එනසාල් ගේන්න යන්න අපි දෙන්න ඇරෙන්න වෙන කවුරුවත් නොඉඳපු එක.
හිතට සමීප සිද්ධියක් මතක් වෙච්ච නිසා කොමෙන්ට් එක ඩිංගිත්තක් දිග උනා, ඕං මං ගියා.
ස්තූතියි නවම්......උඹේ ප්‍රශංසාව මට වටිනව කියන්ට බැරි තරම්.....මම කලිනුත් දවසක කිව්ව වගෙ සිංහල වියුණු කියවීමේදී අඩේ මටත් මෙහෙම ලියන්ට පුලුවන් නම් කියල හිතෙන රචකයො දෙතුන් දෙනා අතර ඉහලින්ම ඉන්නෙ උඹ....අනෙ අම්මප...
Deleteමට මේ කොටස කියෝල ආව බඩගින්නක් ...හෙහ්.....හෙහ්.....
ReplyDeleteඉස්සරත් මේ පැත්තෙ ඇව්ත් තිබුනට කවදාවත් comment කරල නම් නෑ. ඒත් අද නම් comment එකක් දාන්නමයි හිත කියන්නෙ. කතාව නම් නියමයි. ඒත් ඉතින් දැන් බලන් ඉන්න එපැයි ඉතිරි ටික ලියනකන්. තව ටිකක් දිග උනත් කමක් නෑ අයියේ කතාව ඔහොම මගින් නම් ඉවර කරන්න එපෝ... කතාව ඊයේ කියවලත් මේ අදත් ආවේ ඉතිරිය බලන්න. කෝ තාම නෑ නෙ. :(
ReplyDeleteඔය යන්නෙ ලෙසටම.ගොඩාක් දවස්වල කරන්නෙ රවීට කොටස් තුන හතරක් ලියන්න දීලා කියවන්න පටන් ගන්න එක තමා.මේක මුල ඉදන්ම කියවගෙන යන නිසා නිකන් මදි මදි වගේ.ඉවසන් ඉන්ඩ අමාරුයි.
ReplyDelete