මුල් කොටස.....
දෙවන කොටස......
තෙවන කොටස.......
තිසා වැවේ වැව් බැම්ම.....ආදර නිල් දෑසේ.........විමානයේ කවුළු දොරින් නෙත් හී සැර විදලා.....කුමාරියක් කතා කරයි කාටද අත වනලා.....අවුරුද්දකට විතර ඉස්සෙල්ල....හිතේ ඇඳිච්ච ඒ රූපෙ.....
චුට්ටි ඇඳල හිටියෙ එක්කො රතුයි සුදුයි ඉරි වැටිච්චි එහෙම නැත්නම් කොටු වැටිච්චි ෂර්ට් එකක්....ස්කර්ට් එක මට මතක විදිහට කලු පාටයි.කුස්සියෙ ඉඳල ආව නිසා වෙන්න ඕන මූණ පුරා දාඩිය බිංදු.....තුවායක් වගෙ මොකක්ද එහෙකිං මූණ පිහ පිහ ආවෙ.
මෙච්චර කාලයක් ගිහිල්ලත් ඒ විස්තර මට මතක තියන එක නෙව පුදුමෙ...එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ හදවතට සමීප ඒ වගෙ සිද්ධීන් මතක තියෙනව ගලේ කෙටු ඉරක් වාගෙ....
චුට්ටි සාලෙ දොර ළඟ නතරවෙලා ඔළුව උස්සල මගෙ දිහා බැළුව....දෙයියෝ සාක්කි....ඇත්තම නේන්නම්...එයාගෙ ඇස් නිල් පාටයි.....
අපි දෙන්නගෙ දෑස් මුල් වරට හමු උනු ඒ මොහොත මට තාම මතකයි.මූණ පිහදාපු තුවාය හරි මොකක් හරි එක පාතට දාල එයා මා දිහා බැලුව. මම එයා දිහා බලාගෙනම එතන තිබුණු පුටුවක ඇන්ද අල්ල ගත්ත. එහෙම්මම අපි දෙන්නම ගල් උනා.එයාගෙ කන් දෙකට ලේ පුරාගෙන එනව මම දැක්ක. බෙල්ල පහුකරල උරහිස් දිහාවටත් ඒ රත් පැහැය විහිදුනා.මගෙත් මූණ රතු වීගන එනව මට තේරුණා.ඒත් ඇස් අහකට ගන්න බැරුව අපි දෙන්නම එහෙම්මම හිටිය මූණෙං මූණ බලාගෙන....
'' මචං මම බයික් එක හෝදගෙන එන්නම්......චුට්ටි, රවියට තේ එකක් එහෙම දෙන්න....'' වසන්ත එහෙම හෙමිහිට කියල එතනින් යනව මට යාන්තමට වගෙ මතකයි......
කල්ප කාලාන්තරයක් වගෙ දැනිච්චි මිනිත්තුවක් දෙකක් වගෙ කාලෙකට පස්සෙ '' ඇත්තම තමයි......'' මම කිව්වෙ රහසක් කියන්න වගේ
'' මොනවද?...'' ......චුට්ටිත් කතාකලේ ඒ විදිහටමයි.
'' ඔයාගෙ ඇස්......''
'' ඉතිං?......''
'' නිල්ම නිල් පාටයි....''
'' ඒක බොරුවක් කියලද හිතුවෙ?.....'' දොර ගාවින් ඉස්සරහට එන ගමන් එයා ඇහුව. පොඩි හිනාවක් දෙතොලෙ නැටුව.
'' නෑ එහෙම්මමත් නෑ.....'' මම පුටු ඇන්ද අතඇරල වට පිට බැළුව.
'' කෝ මේ වසන්ත?....කොහෙට ගියාද?...''
'' හිකිස් ....'' චුට්ටිට හිනාවක් පැන්නා.
'' කොයි ලෝකෙද හිටියෙ? අයිය බයික් එක හෝදන්ට යනවයි කියල ගියා මතක නැද්ද?''
'' මේ ලෝකෙ නම් නෙවෙයි තමයි පහුගිය මිනිත්තු පහ හය හිටියෙ.....'' මම ආයෙම එයාගෙ ඇස් දිහාවෙ බලාගෙන හෙමිහිට කිව්වා....
ආයෙම එයා රතු උනා...හෙහ්, හෙහ්, මෙයා පටස් ගාල රතු වෙනවනෙ.....රතු උනාම තවත් ලස්සනයි......
ජීවිතේ හාපුරා කියල මුණ ගැහිච්චි කෙල්ලෙක් එක්ක විනාඩි පහක් ඇතුලත මේ වගෙ සමීපව කතා කලේ කොහොමද කියන එක පස්සෙ හිතල බලනකොට මටම පුදුමයි.ඒත් චුට්ටි එක්ක කතාකරන්න මට එහෙම අපහසුවක් දැනුනෙම නෑ. මට හැඟුනෙ අපි දෙන්න අවුරුදු ගානක් ආශ්රය කලා කියලයි.චුට්ටි කතා කරපු විදිහෙන් එයාටත් එහෙමම හැඟුනු බව මට පැහැදිලිවම තේරුණා.
'' අයිය ඉඳගන්න,මම තේ එකක් හදාගෙන එන්නම්,''
'' අය අහවල් තේ....අපි අතන ජෑම් ගහ ළඟ කඩෙන් තේ බීල ආවෙ, ඔයත් ඉඳගන්නකො, මට ඔයාට ගොඩක් දේවල් කියන්න තියෙනව,''
'' මට නම් කිසිම දෙයක් නැහැ අයියට කියන්න....'' චුට්ටි මම ඉස්සරහ වේවැල් පුටුවක වාඩිවෙලා දෑතම උකුලට අරගෙන මා දිහා ඔලුව උස්සල බලල ආයෙම බිම බලාගත්ත.
'' ඒ කිව්වෙ නංගි?......'' මගෙ කටහඬ එක පාරටම උස් උනේ මම නොදැනුවත්වම...
'' මට හිතෙන්නෙ මම අයියට කියන්න ඕන දේවල් ආත්ම ගානකට ඉස්සරවෙලා කියල ඉවර කලයි කියල.....'' ඒ ටික කිව්වෙ නම් බිම බලාගෙන...
'' ඔයාට නංගි එහෙමද හිතෙන්නෙ?......'' මම ඇහුවෙ රහසින් වගේ.
'' ඔව් ඒත් ආයෙම කියන්න ඕන කියල අයිය හිතනව නම් ,අහගෙන ඉන්න ලෑස්ති නම් මම ආයෙම කියන්නම්......'' එයා කිව්වෙ මගෙ ඇස් දිහා කෙලින්ම බලාගෙන ඇහිපිය නොහෙලා.
'' කියන්න ගීතිකා, මම ලෑස්තියි අහන් ඉන්න, මේ ජීවිත කාලෙම මදිනම් ලබන ආත්මෙ...ඒත් මදිනම් මුළු සංසාරෙම මම ලෑස්තියි අහගෙන ඉන්න...ඔයා කියන්න....''
ඒ ටික කියල මම බිම බලාගත්ත තව දුරටත් එයාගෙ දෑස් දිහාවෙ බලන් ඉන්න මට ශක්තියක් තිබ්බෙ නෑ.
සිහින් ඉකි බිඳුමක් ඇහිල මම එක පාරට ඔළුව උස්සල බැලුව.
'' නංගි, ඇයි මේ?.... මම මොකුත් වැරදි දෙයක් කිව්වද? ''
ඉකි බිඳුම් අතරින්ම එයා කතාකලා...'' නෑ අයිය කිව්වෙ හරිම දේ, අවංකවම කියල මම දන්නව, ඒකයි මට දරාගන්න බැරි.....මගෙන් මීට වඩා මොකුත් අහන්න එපා...ප්ලීස්......'' චුට්ටි නැඟිටල දුවගෙන ගියා ගේ පිටිපස්ස පැත්තට.
මමත් නැඟිට්ට. නැඟිට්ට නෙවෙයි මට නැඟිට්ටවුනා. ඒත් මම ආපහු එහෙම්මම ඉඳගත්ත.
විනාඩි දහයක් පහලවක් ඇතුලත මේ වෙච්ච දේ මොකක්ද කියල හිතාගන්න බැරුව මම එහෙම්මම පුටුවෙ ඉඳගෙනම හිටිය.
බයික් එකේ සද්දෙ ඇහිල මම පුටුවෙන් නැඟිටල එලියට යනකොට වසන්ත අඹ ගහ යට බයික් එක නවත්තල බැහැල එනව.
'' ඒයි මොකද බං කරන්නෙ?....උඹ තේ එකක් වත් බිව්වද?....කෝ චුට්ටි? '' වසන්ත මගෙ කරට අත දා ගන්න ගමන් ඇහුව.
'' තේ හදන්නද කොහෙද කියල ඔන්න කුස්සිය පැත්තට ගියා. '' මම ඒ ටික කොහොම කියාගත්තද මන්ද...මගෙ කටහඬේ අමුත්තක් තේරිලද කොහෙද වසන්ත හැරිල එක පාරට මගෙ මූණ බැලුව. මම හෙමිහිට අහක බලා ගත්ත.
මතු සම්බන්ධයි........

happe maara siddiyak ne, hambuwela palaweni winadi 10,15ma ochchara darunu katha bahak? mekath saleem anarkali wage aathma katahawakda?--Mekuwi
ReplyDeleteකෙලලා තියෙන්නෙ තාප්පෙටම.. ඔහොමත් කියනවද බොල දැක්ක ගමන්ම..
ReplyDelete@ Mekuwi,
ReplyDeleteඒකනෙ අනේ කියන්නෙ....මගෙ ඔළුව නරක් උනා ඒ වෙලාවෙ.....හෙහ්, හෙහ්,
පෙර ආත්ම කතාවක් නම් නැහැ මෙතන.....
@ Buratheno,
ReplyDelete/ කෙලලා තියෙන්නෙ තාප්පෙටම.. ඔහොමත් කියනවද බොල දැක්ක ගමන්ම../
අනෙ ඇත්තමයි මල්ලි....ඔහොමම උනා නෙව....මගෙත් ඔළුව නරක් උනා ඒ වෙලාවෙ.....ඒ කෙල්ල එහෙම කියයි කියල මම හීනෙකින්වත් හිතුවෙ නෑ.....මට ඔයාට ගොඩක් දේවල් කියන්න තියෙනව කියන එක ජෙනරල් ඕපනිං ලයින් එකක්නෙ බං කෙල්ලො ටැකල් කරද්දි....කවුද හිතුවෙ මේ කෙල්ල මෙහෙම දෙයක් කියයි කියල ලබ්බ ගලේ ගැහුව වගෙ.....මම ඔල්මොරොන්දන් වෙලා, අඤ්ඤකොරොස් වෙලා.....තවත් උඹල ඔය වගෙ වෙලාවට කියන්නෙ...අන්න ඒ ඔක්කොම දේවල් වෙලා ගියා....හෙහ්, හෙහ්,
නිල් ඇස් දැකල හොල්මං වෙලා ඉන්න අල්ල පනල්ලෙ මෙහෙම දෙකුත් එයාම කිව්වම........
මමම දන්නෙ නෑ ඔය වචන ටික මගෙන් කොහොම කියවුනාද කියල....සමහරවිට එයා කිව්ව කතාවට පිළිතුරක් විදිහට ඉබේම කියවෙන්න ඇති.....කොහොම හරි එහෙම තමයි ඔන්න උනේ.....හෙහ්, හෙහ්,
මාර සිද්දිය..
ReplyDeleteහ්ම්ම් ඇඩේනවා.. ලස්සනට කියලා
// මට හිතෙන්නෙ මම අයියට කියන්න ඕන දේවල් ආත්ම ගානකට ඉස්සරවෙලා කියල ඉවර කලයි කියල....//
ReplyDeleteහප්පේ චුට්ටි මොකෝ එහෙම කිව්වෙ ? පුනරුත්පත්තියක් වද්ද ?
හරි මන් දන්නවා මෙතන සිද්ධිය.
ReplyDeleteදැන් ඊළඟට දෙන්න මුණ ගැහෙන කොට වෙන සීන් කෝන් එක මේකයි :
රවී අයිය : චුට්ටි...ඔයා එදා මට කතාකරන්න දුන්නේ නැනේ...මට තියේ ඔයාගෙන් එකම එක දෙයක් අහන්න...
චුට්ටි : හ්ම්ම් හොඳයි අයියට ඕනෙම නම් අහන්න
රවී අයිය : නංගි...මම නිල් ඇස් වලට හරිම ආසයි. මට කියන්නකෝ ඔයා ඔය නිල් පාට කොන්ටැක්ට් ලෙන්සස් ගත්තේ කොහෙන්ද කියල. මැක්සා ලෙන්සස් නංගි. මටත් ගන්ට ඕනේ ඒකයි.
හි හි හිකිස්!
මේකත් මෙගා එකක් වෙයි වගේ...
ReplyDeleteමොකක්ද අප්පා මාත් හිතුවෙ මේකෙ පෙර ආත්ම කතාවක් එයි කියලානෙ.
හනේ.......... ඉති...න්...... ඊ..ට පස්සෙ.......?
ReplyDeleteඅර දෙන්නට දෙන්නා මූණ බලාගෙන රතු වෙච්ච හැටි ගැන ලියලා තිබ්බ විදිහ හරිම ෂෝක්. මං ආසම ඒ කොටසට. මටනම් මායි සිත්තරයි මුලින්ම හම්බ වෙච්ච දවස මතක් උනා ඒ ටික කියවද්දි.
:D :D :D
@ වර්ණා,
ReplyDelete/ හ්ම්ම් ඇඩේනවා../
අම්මප?.....මටත් ඇඬුන බොලේ ලියද්දි....මෙච්චර කාලයක් ගිහිල්ලත්.....:( :(
ස්තූතියි වර්ණා....
@ සම්මානි,
ReplyDelete/ හප්පේ චුට්ටි මොකෝ එහෙම කිව්වෙ ? පුනරුත්පත්තියක් වද්ද ? /
නෑ කිව්වම බොල එක පාරක්......නෑ...No....नहीं...... இல்லை....
@ අමා,
ReplyDeleteහෙහ්, හෙහ්, උඹත් එහෙනං අතුරු කතාවක් ගෙතුව නෙවද?....මරු, නියමයි,
ඒත් ඔය මම කියන කාලෙ කොස්මටික් ලෙන්සස් තිබුනෙ නෑනෙ බං....
@ නිසුපා,
ReplyDelete/ මේකත් මෙගා එකක් වෙයි වගේ.../
එහ්හ්හෙන්නං......මගෙ නෑනෙ ඔය සුළුවෙං වැඩ...කොහොමත් කොටස් විස්සකිං එහාම තමා.....හෙහ්, හෙහ්,
/ මොකක්ද අප්පා මාත් හිතුවෙ මේකෙ පෙර ආත්ම කතාවක් එයි කියලානෙ./
මොකක්ද මේ බොලා හැමෝටම වෙලා තියෙන්නෙ හැබෑටම?.....පෙර ආත්මෙ ..පෙර ආත්මෙ......
@ සිතුවිලි,
ReplyDelete/ මටනම් මායි සිත්තරයි මුලින්ම හම්බ වෙච්ච දවස මතක් උනා ඒ ටික කියවද්දි./
අම්මප කියාපං.....නඟේ,
උඹල දෙන්නත් රතු වෙලා ඇඹරි ඇඹරි ඉන්නව මට නිකං මැවිල පේනව වගේ.......හෙහ්, හෙහ්,
දෙයිහාමුදුරුවනේ..... මේ මොකක්ද වෙන්නෙ..... මට කියහං අයියෙ උඹෙ සිකුර නළලෙ සනීපෙට පුටුවක් තියාගෙන කකුල් දෙකත් පද්ද පද්ද උන්නද කියල ඒ කාලෙ. ආයෙ කියන්න දෙයක් ඉතිරි කරල නෑ අපූරුවට වචන ගලපල තියනව. නිකං මේක කියෙව්වට පස්සෙ "දැං නම් මළත් කමක් නෑ" කියල හැඟීමක් එනව මටනං [එහෙම කිව්වට කොහොමෙයි මැරෙන්නෙ දැංම........ හෙහ් හෙහ්.....]
ReplyDelete@nawammawatha
ReplyDeleteසිකුර නේද?......ඒ කාලෙ....උඹට කියන්ට මලේ....ඔය අසමජ්ජාතිය ඉන්නොව නෙවද?....මම කිව්වෙ මේ සිකුර....මට යාන්තං දොලහ දහතුන වෙන්ඩ හම්බ උනේ නෑ.....පස්පොල යාන්තමට කළුවෙගන ආව විතරයි.....නැග්ගෙ නැතෑ මුන්දැ මයෙ නළලට...ඊට පස්සෙ මුත්තාපල් නොයං කියල වැට කඩොලුත් ගහගෙන අඹු දරුවොත් එහෙම එක්ක ඇවිදිල්ල හිට පැල පදියං වෙච්චි....ඒ ආ විඩේ තාමත් එහෙමයි.....මම මේ බොහොම අමාරුවෙං කොන්ට්‍රෝල් කොරගෙන ඉන්නෙ...මොකදැ කොරන්නෙ....කිව්වට අහන එකක්ය....යන්ඩම බෑ කියනව නෙව....
ස්තූතියි මලේ.....හෙහ්, හෙහ්, මලත් කමක් නෑ කියල හිතුනය?.....මටත් එහෙමම හිතුන බොල.....ඒත් අර කිව්වහෙ මැරිල කොහොමෙයි?.....නේද?
කියන්ඩ තියෙන හරිය කට්ටිය කියල තියෙන්නෙ, දැන් ඉතින් බලා ඉමු ඉතුරු හරිය කියවන්න
ReplyDelete//මෙච්චර කාලයක් ගිහිල්ලත් ඒ විස්තර මට මතක තියන එක නෙව පුදුමෙ...එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ හදවතට සමීප ඒ වගෙ සිද්ධීන් මතක තියෙනව ගලේ කෙටු ඉරක් වාගෙ....//
ReplyDeleteඒත් හැබැයි මෙහෙමත් කියලා තියනවා... :D:
//එක්කො රතුයි සුදුයි ඉරි වැටිච්චි එහෙම නැත්නම් කොටු වැටිච්චි ෂර්ට් එකක්........තුවායක් වගෙ මොකක්ද එහෙකිං මූණ පිහ පිහ ආවෙ.//
වසන්තත් යාලුවෙක් ගෙදරට ආව හැටියෙම බයික් එක හෝදන්ට ගිහින්නේ....
තවත් ප්‍රශ්නයක්? එක්කොත් ඕනි නෑ…:D
ස්තූතියි ඔබ්.....
ReplyDelete@ Podi Kumarihami,
ReplyDelete/ ඒත් හැබැයි මෙහෙමත් කියලා තියනවා... :D: /
හෙහ්, හෙහ්, වැරැද්දක් අල්ල ගත්ත කොහොම හරි නේද?........වෙරි ගුඩ්, වෙරි ගුඩ්,
එතන මම කියන්න හැදුවෙ මේකයි.....මෙච්චර කාලයක් ගිහිල්ලත් එදා චුට්ටි ඇඳන් හිටපු ෂර්ට් එකේ පාට මට මතක තියනව කියන එකයි.කොටුද ඉරිද කියල නම් ඇත්තටම මතක නෑ.....
/ වසන්තත් යාලුවෙක් ගෙදරට ආව හැටියෙම බයික් එක හෝදන්ට ගිහින්නේ..../
ඉන්ටකො ඉවසල.....වසන්ත එහෙම කලේ නිකම්ම නෙවෙයි.......හෙහ්, හෙහ්,
//ඉන්ටකො ඉවසල.....වසන්ත එහෙම කලේ නිකම්ම නෙවෙයි.......හෙහ්, හෙහ්,//
ReplyDeleteඉවසල ඉන්නම්, ඒ වුනාට වසන්තත් එහෙනං සපෝර්ට් කියල හිතුන
ඇස් දෙකේ පාට නං ෂුවර් නෑ...ඒ වුනාට උඩ තියෙන පිංතුරේ පොඩි කුමාරිහාමිගෙ ප්‍රොෆයිල් ෆොටෝ එකට ලඟින් යනව කියල හිතුන....හෙහ්...හෙහ්...
ReplyDelete@ Podi Kumarihami,
ReplyDelete/ තවත් ප්‍රශ්නයක්? එක්කොත් ඕනි නෑ…:D /
ඒක ඇත්තටම උනේ මෙහෙමයි.....එක්කොත් ඕන නෑ...හෙහ්, හෙහ්,
.@ Observer,
ReplyDelete/ ඉවසල ඉන්නම්, ඒ වුනාට වසන්තත් එහෙනං සපෝර්ට් කියල හිතුන /
එහෙනං....එහෙනං,
/ ඇස් දෙකේ පාට නං ෂුවර් නෑ...ඒ වුනාට උඩ තියෙන පිංතුරේ පොඩි කුමාරිහාමිගෙ ප්‍රොෆයිල් ෆොටෝ එකට ලඟින් යනව කියල හිතුන....හෙහ්...හෙහ්.../
දෙයීයන්ටම ඔප්පු වෙච්චාවෙ.... ඇත්තම නෙවෙන්නං...මේ කියනකල් මට මීටර් උනේ නැති හැටි අම්මාපල්ල...
Testing
DeleteDone
Delete@ Observer,
ReplyDeleteබලාගෙන. කතාව කියන්නේ චුට්ටියෙක් ගැන. මගෙ නමත් ඉතින් පොඩ්ඩි. හී හී...
@ඔබා අයියා,
ReplyDeleteඑයාට තියෙන්නෙ Brown eyesලුනේ.. :p
ko meke ithuru tika?
ReplyDeleteසමාවෙන්න.... බ්ලොග් එකේ පොඩි අවුලක් තිබුන..දැන් හරි, අද දාන්නම්....
Delete