'' මේ කතාව මුල ඉඳම්ම මම පටන් ගන්නම් අයියෙ,...... අපෙ අම්මට හිටියෙ එකම වැඩිමල් සහෝදරයෙක් විතරයි.ඒ මාම අම්මට වඩා අවුරුදු හතක් විතර වැඩිමල්.අම්මට වයස දහයක් වගෙ වෙද්දි අටමස්තානෙ වන්දනාවක ගිහිල්ල එද්දි බස් එක පෙරලිල අම්මගෙ අම්මයි අප්පච්චියි..... ඒ කිව්වෙ අපෙ ආතයි අත්තම්මයි දෙන්නම අන්තරා වෙලා.අම්මයි මාමයි ඒ ගමන ගිහිල්ල නෑ.....''
චුට්ටි මා අතින් හිස් කෝප්පෙ අරන් ගිහිල්ල කෝප්ප දෙකම මේසෙ උඩින් තියල ආයෙම ඇවිදිල්ල ඉඳ ගත්ත.
ඔන්න අන්තිමට විස්තරේ. මම ඇහිපිය නොහෙලා චුට්ටිගෙ මූණ බලාගෙන උන්නා.
'' අම්මලගෙ නෑදෑයන්ගෙන් කිසිම උදව්වක් ඒ දෙන්නට ලැබිල නෑ.ඒත් ඒ ලොකු මාමගෙ හිත හරිම හයියයි. නංගි, උඹ බයවෙන්න එපා... මම ඉන්නව ඕන දේකට.... එහෙම කියල අම්මගෙ හිතත් හදල තියෙන්නෙ ඒ මාම....''
'' නංගි.... අර මේ ඊයෙ මුරුංග පොතු ගෙනියන්න ආවෙ ...ඒ මාමද?......අර මම බොහොම ආසාවෙං පරණ විස්තර අහගෙන හිටියෙ...හෙහ්, හෙහ්, ''
මට හිනා ගියා ඒ වෙලාවෙ මේ කෙල්ල කරපු විගඩං මතක් වෙලා...
'' හි, හි, '' කෙල්ලටත් හිනා....'' නෑ, නෑ...ඒ අපෙ අප්පච්චිගෙ අක්කගෙ හස්බන්ඩ්....මේ අපේ අප්පච්චිගෙ ගම...අම්මල ආනමඩුවෙ......''
'' ඒ මාමට හොඳට ඉගෙන ගන්නත් පුලුවන්ලු. ඒත් ඉගෙනීම අත ඇරල කුඹුරු කිරිල්ල පටන්ගෙන තියනව ජීවත් වෙන්න වෙන ක්රමයක් නැති නිසා. හැම වෙලේම අම්මට කියල තියෙන්නෙ මම කොහොම හරි උඹට වියදම් කරන්නම්. උඹ නංගියේ හොඳට ඉගෙන ගනිං කියලයි. ඒ මාමගෙ උත්සාහය හින්දමයි අම්මට යුනිවසිටි යන්න ලැබුනෙ කියලයි අම්ම නිතරම කියන්නෙ.කොහොම හරි අම්ම යුනිවසිටි ගියා. එහෙදි තමයි අප්පච්චිව හම්බ වෙලා තියෙන්නෙ.ඉතිං අම්මගෙ ජීවිතේ සාර්ථක උනේ ලොකු මාමගෙ කැපවීම නිසාය කියල අම්මගෙ පුදුම ගෞරවයක් භක්තියක් තියෙන්නෙ ලොකු මාමට.''
'' අයිය අහගෙන නේද ඉන්නෙ?......අයිය හිතනව ඇති මේ අම්මගෙ මාමගෙ කතා මොකටද මට දැනගන්න ඕන දේට කියල.....නෑ අයියෙ මේ කතාව මුල ඉඳල කිව්වෙ නැත්නම් අයියට හරියට තේරුම් යන එකක් නෑ කියල මට හිතෙනව. ඒකයි මම මුල ඉඳන්ම පටන් ගත්තෙ.....''
'' නෑ...චුට්ටි මම සාවධානව අහගෙන ඉන්නෙ...මට තේරෙනව. මේ විස්තර වල සම්බන්ධයක් නැත්නම් ඔයා මෙහෙම කතාව පටන් ගන්නෙ නැහැනෙ කවදාවත්....ප්රශ්නයක් නෑ....කියන්න, කියන්න,''
'' අම්මගෙ අනාගතය ගැනම කැපවුනු නිසා මාම කසාදයක් ගැනත් හිතල නෑ. අම්ම බැන්දටත් පස්සෙයි එයා බැඳල තියෙන්නෙ. ''
'' දැං එතකොට ඒ මාම එහෙම ඉන්නෙ කොහෙද චුට්ටි? ''
හීතල හුළඟක් අඩවල් කරපු දොරෙන් ඇතුලට ආව. මම නැඟිටල ගිහිල්ල දොර වැහුව.
'' අම්මලගෙ ගමේ මාම හිටියෙ. හිටියෙ කියන්නෙ අයියෙ අවුරුදු තුනකට ඉස්සර මාම නැතිඋනා කැන්සර් එහෙකින්.අම්මයි අප්පච්චියි පෙරේද ගියේ ඒ දානෙට.''
'' ඔන්න දැන් තමයි රවි අයියෙ..... කතාවෙ ඔයාට අදාල කොටස එන්නෙ. '' චුට්ටි මයෙ මූණ බලල හිනාඋනාට ඒ හිනා උනේ අඬන්ඩ බැරි නිසා කියල එයාගෙ වේදනා බර දෑස මට කිව්වා.
'' ඒ මාම මට හරිම ආදරෙයි. අන්තිමට හුස්ම යන්ට ඉස්සර අම්මට කියල තියෙනව...නංගියෙ උඹෙ චුට්ටිට මම හරිම ආදරෙයි. උඹ මට පොරොන්දු වෙයං උඹෙ චුට්ටිව මගෙ පුතාට බන්දල දෙනවයි කියල. ඉතිං අම්ම වෙන මොනව කරන්නද?....තමං වෙනුවෙන් අච්චර කැපකිරීමක් කරපු එකම අයියගෙ අවසාන ඉල්ලීම අහක දාන්නෙ කොහොමද?...අම්ම පොරොන්දු වෙලා.''
චුට්ටි මේ කතාව කියාගෙන ගියෙ මගෙ මූණ දිහාම බලාගෙන. මමත් ඇස් අහකට ගන්ට බැරුව එයා දිහා බලාගෙන හිටිය. මගෙ ඉරණම විසඳෙන හේතු සාධක.....මේ කතාව දැනගන්ට නෙව මම මෙච්චර දත කෑවෙ.....
'' අම්ම එහෙම පොරොන්දු වෙච්ච එක සාධාරණයි කියල අයිය හිතනවද?''
ඉඳගෙන හිටපු පුටුව මා ළඟටම ඇදගෙන චුට්ටි මගෙ දකුණු අත අත් දෙකින්ම අල්ලගෙන මගෙ මූණ දිහා ඇහිපිය නොහෙලා බලාගෙන ඇහුවා.
උත්තර දෙන්ට ඉස්සරවෙලා මම දිග සුසුමක් හෙලුවා. චුට්ටිගෙ අත අරගෙන සිප ගත්තා.
'' ඒ ප්රශ්නෙට එහෙම උත්තරයක් දෙන්ට අමාරුයි නංගි. අම්ම ඒ වෙලාවෙ පත් වෙච්ච තත්වෙ මට හිතාගන්න පුළුවනි.මාම ඒ වගෙ ඉල්ලීමක් නොකලානම් හොඳයි කියල තමයි මට කියන්න තියෙන්නෙ. ''
'' මගෙ හොඳ අයිය....අයිය එහෙම කරුණු තේරුම් ගත්ත එක මට ලොකු සැනසීමක්....අම්ම ගැන මට මුලුන්ම ඇති උනේ තරහක්....ඒත් දැන් මගෙ ඒ තරහ නෑ. කියාගන්ට බැරි මොකක්දෝ හිස් බවක් මයෙ හිතේ තියෙන්නෙ, ''
'' මොකක්ද මස්සිනාගෙ නම? ''
මම අහක බලාගෙන ඇහුව.
'' අජන්ත....අජන්ත අයිය අපෙ පොඩි අයියට වඩා අවුරුද්දක් බාලයි....''
'' මිනිහ මොකෝ කරන්නෙ?.....''
'' රස්සාවක් ඕන නෑ අයියෙ එයාට...කුරුණෑගල මීගමු පාරෙ එයාලගෙ තියනව ලොකු හාඩ්වෙයාර් එකක්. අපෙ මාම බැඳපු නැන්දගෙ ඒ දේපළ ඔක්කොම.''
'' ඉතිං චුට්ටි...මොකද අජන්තට කැමති නැතිවෙන්ට හේතුව කියන්නකො බලන්ට.....''
මම පුටුවෙ හරි බරි ගැහිල හේත්තු වෙලා එහෙම ඔළුව පිටිපස්සට අත්දෙක බැඳගත්ත.
'' ඒකම තමයි අයියෙ මටත් හිතාගන්ට බැරි....අජන්ත අයියගෙ කිසිම වැරැද්දක් නෑ කියන්ට .....ඒත් ...ඒත්.......''
චුට්ටි නැවිල එහා පුටුවෙ තිබ්බ පුටු කොට්ටෙ අරගෙන උකුලෙ තියාගෙන ඒක මිරිකමින් කතා කලේ.....
'' ඒත් මට අජන්ත අයිය ගැන කැමැත්තක් ඇතිවෙන්නෙම නැති හැටි......''
'' අම්ම මා ගැන පොරොන්දුවුනෙ අවුරුදු තුනකට කලින් කියල මම කිව්වනෙ... යුනිව්සිටි සිලෙක්ට් උනොත් හොඳයි. නැත්නම් තව අවුරුද්දක් දෙකක් ඇතුලත මට අජන්ත අයියව බඳින්නම වෙනව.......''
චුට්ටි මගෙ මූණ බැලුව.....මම ඉතිං මොනව කියල කියන්නද?.....එපා බං උඹ අජන්තව බඳින්න...කියල කියන්නද?....මම චුට්ටිගෙ මූණ බලාගෙන එහෙම්මම හිටිය මොකවත්ම නොකිය.
'' අපෙ පොඩි අයිය හරිම තරහයි මේ වැඩේට..දෙතුං පාරක් අම්ම එක්ක රංඩුත් උනා....අම්මලට මාමලට ඕන විදිහට චුට්ටිගැන තීරණ ගන්න එක අන්තිම අසාධාරණයි කියල පොඩි අයිය ඒ දවස්වල ඉඳලම කියනව. ''
'' වසන්ත කැමති නැද්ද අජන්තට? ඈ...චුට්ටි?''
'' පොඩි අයිය කැමතිම නෑ. මොන හේතුවක්ද මන්දා.....ඌ මට අල්ලන්නෙ නෑ. අරක්කු ටිකක් වත් බොන්නෙ නෑ ඒ යකා...කියල බණිනව....''
චුට්ටිට ඔන්න හිනාවක් ගියා සෑහෙන වෙලාවකට පස්සෙ.
සාවධානව බැරෑරුම් මූඩ් එකෙන් කතාව අහගෙන හිටියට මටත් හිනාවක් පැන්න ඉබේටම.
'' හෙහ්, හෙහ්, වසන්තය එහෙම කිව්වද?.....මේකා තියන්ට වටින්නෙ නෑ නෙව....''

කෝ ඉතුරු ටික ?
ReplyDeleteයකෝ..මේක නෙව වැඩේ......මේ කොටල කොටල වකුටු වෙච්චි ඇඟිලි ඩිංගිත්තක් දිගඇර ගන්ට දීපල්ලකො හත් දෙයියනේ.........
Deleteඔවු ඔවු බොලං, ඔය මතින් දුමින් පස්පවින් තොරයි කියන එවුවො ඉන්නවනේද, අලීම භයානකයි.. :)
ReplyDeleteමොනව කියනවද මලේ, මෙහෙම කතාවකුත් අහල ඇතිනෙ නේද?
DeleteAlcohol may be man's worst enemy, but the bible says love your enemy - Frank Sinatra
චුට්ටි පව් රවි අය්යේ... අද කතාව ඉවර කරයි කියල බයේ හිටියෙ
ReplyDeleteපව් තමයි අනේ...මොකදෑ කොරන්නෙ?......යකෝ රවි පව් කියන්නෙ නෑ නෙව මේ එකෙක්වත්......හෙහ්, හෙහ්,
Deleteදෙමාපියො ලමයි ගැන ඔය වගේ තීරණ ගැනීම සාපේක්ශව දැන් අඩු වුණාට තාමත් තියෙනවා ...
ReplyDeleteඉතිං චුට්ටි කැම්පස් ගියෙ නැහ්... අජන්තව බැන්ද ! එහෙමද ?
ඔය ඉතිං, ඉඳහංකො කතාව කියනකල්.....
Deleteමෙන්න අදිනවො !!
ReplyDeleteචුට්ටක් ඔහෙ ඇදල දාමු කියල හිතුන සරත්.....හෙහ්, හෙහ්,
Deleteමේක හින්දි ෆිල්ම් එකක් නම් මෙහෙමයි වෙන්නේ - චුට්ටි යි රවී අයියයි හැඬු කඳුලින් දෙමාපිය කැමැත්තට ඉඩ දෙනවා. කෝම හරි අන්තිමට චුට්ටිගේ මංගල්ලෙට රවී අයියටත් එන්ට වෙලා. එයා ඇවිත් අහිංසක අසරණ ලීලාවෙන් මගුලට උදව් කරනවා. චුට්ටි කඳුළු සලනවා. රවී අයිය අන්තිම පාරට කවි සින්දු නිසඳැස් ගොඩා ආ ක් ලියල සමු ගැනීමේ ලිපියක් ලියල, චුට්ටිගේ සුරතල් බූල් බල්ලා ටෆී අතේ ඒක චුට්ටිට යවනවා. සුරතල් බල්ලා ගිහින් ඒක අජන්තට දෙනවා. අරක්කු සිගරට් නොබිව්වට අජන්ත හිත හොඳ කොල්ලා. ඉතින් එයත් හැඬු කඳුලින් චුට්ටියි රවී අයියයි අත් දෙකෙන් අල්ලන් ඇවිත් දෙන්නව පෝරුවට නග්ගනවා. ඊට පස්සේ හැමෝම නටනවා.
ReplyDeleteරවී අයියේ, චුට්ටිට සුරතල් බල්ලෙක් හිටියේ නැතෙයි?
හෙහ්, අමා කතාව නම් මල් හතයි.....මේ ...මේක අහපංකො.... පල්ලෙහා තට්ටුවෙ ඉන්නව ඉන්දියන් එකෙක්. මගෙ හොඳ ගජය. උගෙ අක්ක බැඳල ඉන්න මස්සිනාගෙ බාප්පගෙ පුතා ඉන්නෙ කරන් ජොහාර්ගෙ අල්ලපු ගෙදර. කරන්ගෙ ඊළඟ ෆිල්ම් එකට ස්ක්‍රිප්ට් එක ලියන්න උඹට අල්ලල දෙන්නෙයි?.....මොකෝ කියන්නෙ?.....හා ද?
Deleteමම ලියනව නම් ඔය කතාව ලියන්නෙ මෙහෙම.....දැන් රවී චුට්ටිගෙ බල්ල ටෆීගෙ බෙල්ලෙ බැඳල කවි නිසඳැස් එහෙම මහ ගොඩක් ලියල චුට්ටිට යැව්වනෙ.මේ වල් බල්ල චුට්ටි හොයාගෙන යද්දි පාරෙ අපූරු බැල්ලියක් ඉන්නව දැකල උගෙ රාජකාරිය ඔක්කොම අමතකවෙලා යනව ඒ පස්සෙ. ඔය අතරෙ බළු වෑන් එක ඇවිදිල්ල මූවත් අල්ලගෙන ගිහිල්ල කූඩු කරනව. ඉතිං අජන්තට කවි අනම්මනම් ලැබෙන්නෙ නැති නිසා අර රවියි චුට්ටියි පෝරුවට නග්ගන සීන් එක කෙරෙන්නෙ නෑ. අජන්තයි චුට්ටියි බඳිනව. රවි ඇඬූ කඳුලෙන් ඒ දිහා බලා ඉන්නව. ඔන්න ඒ දර්ශනය ඉවරයි.
ඔන්න දවස් තුන හතරකට පස්සෙ අජන්ත නගර සබාවට යකඩ වගයක් සප්ලයි කරන්න ඕඩර් එකක් ගන්න කියල ගිහාම දකිනව චුට්ටිගෙ බල්ල කූඩුවක ඉන්නව. අනේ, අජන්ත ටෆී ව ගන්නව එලියට. ඔන්න උගෙ බෙල්ලෙ ගැට ගහල තියෙන රවීගෙ කවි නිසඳැස් අජන්ත දකින්නෙ එතකොටයි. ගෙදර යනකල් බොහොම කල්පනාබරව ගිය අජන්ත තීරණයක් ගන්නව.
පහුවදාම අජන්ත තමන්ගෙ සියලුම දේපල චුට්ටිගෙ නමට ලියල සිංහරාජ වනන්තරේට යනව තපස් රකින්ට. මාසෙ හයකට විතර පස්සෙ උසස් වීමක් හම්බ වෙලා යනව හිමාල වනයට.
ඉතිං අපෙ කතා නායිකාව සහ නායකය..ඒ දෙන්න කසාද එහෙම බැඳල බොහෝම තන්තෝසෙං කල දවස ගෙවනව.......
ඇයි අමා... කතාවේ මුල් ම කොටසෙම තියෙන්නේ චුට්ටි අජන්තව බැඳලා ළමයිනුත් ඉන්නවා කියලා.... හෙහ් හෙහ්... ඒ කියන්නේ මුල් කොටස් කියවලා නැහැ....
Deleteරවියා අදත් ඉවර කරලා නෑ නෙව
ReplyDeleteමේකව තියන්න වටින්නෙ නෑ නෙව.......
හෙහ්, හෙහ්, තියන්න වටින්නෙ නෑ නේන්නම්....ඕකා...අන්තිම නරකයි...
Deleteමේ අමාලා දෙන්නෙක් හන්දා හරියට පැටලෙනවා. දැන් අපේ අමා කවුද? දෙවෙනි අමා එයා නම්, එයාගේ කතාවේ අවසානයට ඔන්න පොඩ්ඩිත් කැමතියි. නටන්ට උනත් ආව හැකි. එහෙම තමා ඉතින් මේ කතාව ඉවර වෙන්ටත් ඕනි. දුක ඒවා දැකලා , ඇතිවෙලා තියෙන්නේ...:D
ReplyDeleteහපොයි පිස්සුද දැන්ම ඉවර කරනවා එහෙම නෙමේ ඕං...!!!
හූ................... හූ......................:D
Delete@ Podi Kumarihami,
Deleteඅමාගෙ කතාව සෝක් නේද?........හෙහ්, හෙහ්,
අන්තිම දර්සනේට නටන සීන් එකක් ඕනමයි....ඔයාගෙ නමත් දාගන්නම්කො ඒකට......
අප්පේ එහෙමත් සිද්දියක්ද හ්ම්ම් හ්ම්ම්ම්
ReplyDeleteඑහෙනං, එහෙනං, එහෙනං.....
Deleteපුද්ගලික හේතූන් මත මට මේකට කමෙන්ට් කරන්න බෑ රවී අයියේ..
ReplyDeleteහපොයි, මලේ එහෙමත් එකක්ද?....හරි හරි ප්‍රශ්නයක් නෑ.....
DeleteAll ways a true love means a lot to any person. I love this story very much ravi uncle.
ReplyDeleteThank you so much Warsha....
Deleteahh වර්ෂෝ අන්කල් නෙමෙයි මේ අයියා
Deletewhy.. I am 15. I thought he is an uncle.
Deleteඅනේ මන්දා දැන් නම් කතාව ඉවරයි වගේ..වකුටු වෙච්ච ඇඟිලි ටික දිගෑරගෙන ඉතිරි කෑල්ලත් ලිව්වනං ඕං..
ReplyDeleteමේ කොටසත් කියෙව්වා
ReplyDelete