චුට්ටියි මමයි නිවිල තිබුනු පහන් ඔක්කොම තෙල් දාල තිර හදල පත්තු කලා....අපි දෙන්නම දැල්වූ පහන් දෙකක් අරගෙන එකින් එක පහන ලඟට ගිහිල්ල පහන් දල්වපු ඒ සුන්දර දර්ශනය දැනුත් මතක් වෙද්දි හිතට නැඟෙන්නෙ වචනයෙන් කියාගන්න බැරි පිවිතුරු හැඟීමක්.....පහන් එකිනෙක දැල්වෙද්දි, ඒ පහන් වලින් නැඟුනු ආලෝකය චුට්ටිගෙ මුහුණ පුරා තැවරිල ඒ මුහුණ දිදුලද්දි මම ඒ දිහා බලා හිටියෙ මයෙ ඇස් අහකට ගන්ට බැරි ගානට.
ඔන්න ඉතින් අන්තිමට මුළු බෝධි ප්‍රාකාරෙම පහන් ආලෝකයෙන් දිලෙන්න පටන් ගත්ත.අපි දෙන්න පස්සට වෙලා ඒ දිහා බලා හිටියෙ කියාගන්න බැරිතරම් සන්තෝසෙකින්......
" පොඩි හාමුදුරුවන්ට ආයෙ බෝධි පූජා තියන්ට කඩෙන් තමයි තෙල් ගෙනෙන්ට වෙන්නෙ''
මම චුට්ටිගෙ මූණ බලල හිනා උනා....
'' හි හි......ගේන්නෙ නැතෑ ඕනම නම්....''
'' අඩේ ඒක නෙවෙයි චුට්ටියේ.....මම මේ කල්පනා කලේ.....අද පෝයත් නෙවෙයි..මේ පගන් කැටියම පත්තු කරල අපිට ප්‍රශ්නයක වෙයිද මන්ද.....''
'' අය අහවල් ප්‍රශ්න....කවුද එහෙම ප්‍රශ්න කරන්න ඉන්නෙ.....රවි අයියගෙ කට විතරයි.... මාර බය ගුල්ලෙක්නෙ.....හි, හි, හි,''
චුට්ටි වට පිට බලල මගෙ අත අල්ල ගත්ත.
'' හුහ්, බය ....මම කොහෙද බය?.......මම ඇවිල්ල බය කියන වචනෙ තේරුම වත් දන්නෙ නැති කොල්ලෙක් නංගි තේරුණාද?......ඒ නිසා එහෙම කතා කරන්න එපා...මගෙ හදවත දහස් කඩකට බිඳිල සුනු විසුනු වෙලා යයි ඔන්න. ඔයාට තමයි කෑලි අහුලන්න වෙන්නෙ......''
චුට්ටිට බකස් ගාල හිනාගියා. ඒත් හිනාව නැවතුනා ඒ එක්කම. හප්පච්චියේ නොහිතාම උනත් මගෙ කටින් පිටවුණු වචනෙ බරපතල කම මට තේරුනෙ ඔන්න එතකොටයි.....
'' සොරි චුට්ටි...මම ඒක හිතල කිව්ව එකක් නෙවෙයි....නිකම්ම මට කියවුනා.....''
'' කමක් නෑ අයියෙ.....නොහිතා කිව්ව උනත් ඒ කතාවෙ...........''
එතනින් එහාට මොනවත්ම නොකිය චුට්ටි මගෙ මූණ ටිකවෙලාවක් බලන් ඉඳල බිම බලාගත්ත.ඉතිරි හරිය කියන්න ඕන උනේ නෑ...චුට්ටි මොකක්ද කියන්ඩ ගියේ කියල මම දැනගෙන හිටිය සහසුද්දෙන්ම.....
එයත් බිම බලාගෙන මමත් බිම බලාගෙන.....එහෙම නිහඬවම ගෙවුනු මිනිත්තුකීපයකට පස්සෙ.....බෝ පත් සිලි සිලි හඬවමින් හමා ආ සීතල සුළඟකින් මගෙ මුළු සිරුරම කිළිපොලා ගියා....
'' චුට්ටි...සීතලයි නංගි...අපි යමුද?......'' නිහැඬියාව බිඳිමින් මම කිව්වා.
'' යමු එහෙනම් අයියෙ...පොඩි අයිය මොනව කරනවද මන්ද තවම'' .....චුට්ටි තවමත් මගේ දිහා බැලුවෙ නෑ...
'' ඒයි ඔය දෙන්න කොහෙද හිටියෙ?....මම මේ හොයන්න යන්නයි ලෑස්ති උනේ....'' වසන්ත ආවාසෙන් එළියට බැහැල අපි දිහාට එනව....
'' රවී.... මචං, මේ උඹ එහෙනම් චුට්ටි එක්කල ගෙදර පලයං.....මම පොඩි හාමුදුරුවො එක්ක මේ ළඟ පන්සලකට ගිහිල්ල එන්නම්.හෙට බණට එන්න හිටිය හාමුදුරුවො අසනීප වෙලාලු. වෙන හාමුදුරු කෙනෙක් හොයා ගන්න
වෙලා. පන්සලේ ඩ්‍රයිවරුත් ගෙදර ගිහිල්ල. මට කා එක ඩ්‍රයිව් කරන්න වෙලා මචං.....මම පුලුවන් ඉක්මනින් එනව. ''
අපි දෙන්න ඒ කිව්වෙ මමයි චුට්ටියි......හෙමිහිට පඩි පෙල බහින්න පටන් ගත්ත.මට කියවුනු අර කතාව චුට්ටිගෙ හිතට බොහොම තදින් වැදුනු බව මටතේරුං ගන්න එච්චර අපහසු උනේ නෑ. මගේ හිතෙත් ඒ මට කියවුනු වචන කීපය ආයෙම ආයෙම හොල්මන් කලා. නොදැනුවත්වම කටින් පිටවෙන්නෙ හිතේ තියන අදහස්ය කියල කියන නේද?....එතකොට.....මේ මගේ හිතේ තියෙන අදහසද?.....එහෙම මගෙ යටි හිතේ කල්පනාවක් තිබ්බයි කියන එක එක අතකට පුදුම වෙන්න දේකුත් නෙවෙයි නේද?
පඩි පෙලේ මැදක් විතර බහිනකොට තමයි ඔන්න මට මතක් උනේ අපි දෙන්න අඩි කීපයක් ඈත් වෙලයි ඉන්නෙ කියල...අත් අල්ලගෙන පඩි නැග්ග අපි....පව්....මොනව උනත් මේ අවසාන මොහොතෙ චුට්ටිගෙ හිතට දුකක් දෙන්න මම කැමති උනේ නෑ...
'' සොරි නංගි...''
මම එහෙම කියල චුට්ටිගෙ අත අල්ල ගත්ත. ඒ අතේ සීතල මගෙ අතට දැනුන හොඳටම. එයත් ඒ අවස්තාව බලාපොරොත්තුවෙන් හිටිය වගෙ මගෙ අත තද කරල මිරික ගත්ත.
'' මම ලොකු කල්පනාවකින් හිටියෙ සමාවෙන්න....'' මම නැවිල චුට්ටිගෙ කණට කෙඳුරුවා.
'' කමක් නෑ..අයියෙ මට තේරෙනව...ඒකට කමක් නෑ....'' චුට්ටි තවත් මට ලංවෙලා මගෙ උරහිසට ඔලුව හේත්තු කරමින් කිව්ව ඇහෙන නෑහෙන ගානට.
පාර පුරා හඳ එළිය පැතිරිලා. හිටපු ගමන් හඳ මුවා කරගෙන පාවෙලා යන වලාකුළු වල හෙවනැල්ල පාර හරහ ඇදිල යන්නෙ හරියට කවුරු හරි පස්සෙං එලවගෙන එනකොට පණ බේරගන්ට දුවනව වගෙ. පාර දෙපැත්තෙම ගහ කොල සීතල හුලඟෙ හෙලවුනෙ කවුරුත් නොදන්න රහසක් මුමුණමින් වගෙ කියලත් මට හිතුනා. වෙන දවසක නම් මට කවියක් දෙකක් ලියන්ට මේ ඇති හොඳටෝම. චුට්ටිත් එක්ක මේ වගෙ අත් අල්ලාගෙන සඳ එළිය දෝරේ ගලා ගිය පාරක හෙමිහිට ඇවිද යන ගමන් එයාගෙ ඇස් දෙක දිහාවෙ අනිමිස ලෝචනෙන් බලාගෙන හෙමිහිට චුට්ටිට විතරක් ඇහෙන්ට මම එයා වෙනුවෙන්ම ගොතපු කවියක් කියන්න මට කවදාවත්ම නොලැබෙන විත්තිය මගෙ හිත දැනගෙන හිටියා.
සඳ දියෙන් තෙමීහිය,
මං පෙතේ ඇවිද යමි,
ඔබෙ සුරත අත් නොහැර,
අනන්තෙට පා නඟමි,
නිල් නයන යුග කැල්ම,
දකිනු යලි කෙදිනකද?
සොඳුර ඔබ මෙන් මමද,
මිරිඟුවට පෙම් කළෙමු,
සෙනෙහෙ විල් දියේ පිපි,
මුකුලිත වු රත් නෙළුම,
හදවතට තුරුළු කොට,
සුවඳ හැමදා විඳිමි,
නෙලනු නොහැකිවූ සඳ,
පිපුණු නෙලුමේ සුවඳ,
සිව් සියක් ගව් දුරක,
මට දැනෙන බව දනිමි,
යමක් අපිට අහිමිය කියල දැනගත්තට අනේ ඔන්න ඔහෙ කමක් නෑ මොනව කරන්නද ඉතිං කියල හිත හදාගන්න එක ලේසි නෑ....ඇයි මෙහෙම දේවල් ලෝකෙ වෙන්නෙ.....මෙහෙම දෙයක් වෙන්ට මොකක්ද මම කරපු වරද කියල යටිහිත වැළපෙන එක වලක්වන්නම බෑ....අපිම දන්නව ඒකෙ කිසිම තේරුමක් නෑ කියල..ඒත් දෙයියනේ හිත කියන එකට වැට කඩොළු බැඳල උඹ මෙහෙම හිතපං අරම හිතන්න එපා කියල කියන්න කාටද පුළුවන්.... මට නොදැනිම දිග සුසුමක් පිට උනා.
චුට්ටි මගෙ අත රිදෙන තරමට තදින් මිරිකපු නිසා මට ඉබේම එයාගෙ මූණ බැලුනා. අනේ ඒ කෙල්ල මා දිහා ඇහිපිය නොහෙලා බලා ඉන්නව....ඇස් දෙකේ කඳුලු බිඳු දෙකක්....කම්මුල් දිගේ ගලායන්න ඔන්න මෙන්න. මගෙ පපුව ගිනිගත්ත ඒක දැකල. මම මොනවත් කිව්වෙ නෑ...මම දන්නව අඬන්න එපා කිව්වොත් චුට්ටි අනිවාර්යයෙන් මෙතනම වැලහින්න වගෙ අඬන විත්තිය. මම පාත්වෙලා එයාගෙ නලල සිප ගත්තා හෙමිහිට.චුට්ටි ඇඬුවෙ නම් නෑ. ඒත් වෙව්ලන යටිතොල හපාගෙන මගෙ මූණ එකම පාරක් බලල ආපහු බිම බලාගත්ත.සිහින් ඉකි බිඳුමකින් ඇගේ උරහිස් ගැස්සිලා ගියා. මම මේ වෙලාවෙ කියන ඕනම දේකින් ඉකි බිඳුම හැඬීමකට පරිවර්තනය වෙන බව මට ඉවෙන් වගෙ තේරුණු නිසා මම කලේ එයාගෙ අත තවත් තදින් අල්ලාගැනීම විතරයි.
එතනින් පස්සෙ කිසිම කතා බහකින් තොරව අපි ආව ගෙදරට එනකල්.
'' පොඩි අයිය එනකල් ඉමු නේද රවි අයියෙ බත් කන්ට..එතකල් බඩගිනිනම් තේ හදන්නද? ''
'' හරි එහෙනම් තේ එකක් බොමු....''
කුස්සියෙ උදේ ඉඳගෙන හිටපු පුටුවෙ මම ආයෙම ඉඳගෙන. චුට්ටි මේසෙ ලඟ තේ වක් කරනවා. උදේ අච්චර ආසාවෙන් මම බලාපොරොත්තු උනු දේ .....හෙමිහිට පිටිපස්සෙන් ගිහින් චුට්ටිව වැලඳගෙන ආදරෙන් සිප ගන්න......මට මේ වෙලාවෙ එහෙම දෙයක් කල්පනාවට ආවෙම නෑ.....මම බලාපොරොත්තුවෙන් හිටපු මොහොත....නෑ එක අතකට එහෙම කියන එකත් වැරදියි...මම කොයි මොහොතක හරි උදාවෙයි කියල බයෙන් හිටපු මොහොත උදාවෙලා කියල මම දැනගෙන හිටියා බොහොම පැහැදිලිවම. ඊයෙ හවස ආපු වෙලාවෙ ඉඳල මම දැනගන්න බලාහිටි ඒ කාරණය...ඒ රහස ....චුට්ටිගෙ කටින්ම එයාගෙ වචන වලින්ම දැන ගන්න මොහොත උදාවෙලා.
චුට්ටි මට තේ එක ගෙනත් දුන්න.
'' යමු අයියෙ සාලෙට....''
එයත් තේ කෝප්පයක් අරගෙන ඇවිත් මගෙ ලඟම වේවැල් පුටුවෙ ඉඳගත්ත.
'' රවි අයිය මම ඔක්කොම විස්තරේ අයියට කියන්නම් අකුරක් නෑර...අයිය මට එක පොරොන්දුවක් වෙන්න ඕන හැබැයි...හොඳේ? ''
චුට්ටි මගෙ උත්තරේ බලපොරොත්තුවෙන් මා දිහා බැලුව,
'' අයිය මා එක්ක තරහ වෙන්නෙ නෑ කියල මට පොරොන්දු වෙන්න ඕනෙ....කියන්න මා එක්ක තරහ වෙන්නෙ නෑ නේද? ''
'' නෑ නංගි මම ඔයා එක්ක ජාති ජාතිවත් තුන් හිතකින් වත් තරහ නෑ...''
මම කිව්වෙ අවංකවමයි....
********************
මේ කතාව අන්තිම කොටස මම ඊයෙ ලියන්නයි හිටියෙ, ඒත් පරිගණකයෙ ප්‍රශ්නයක් මතුවෙලා ඒ වැඩේ හරි ගියේ නෑ නෙව. මෙකුවි කිව්ව වගේ මමත් කල්පනා කලා කවදාවත් නැතුව මොකද එහෙම උනේ කියල..ඔක්කොම වෙන්නෙ හොඳටයි කියලත් කියල තියනවනෙ......අනික ලියාගෙන යද්දි තව ටිකක් කතාව ලිව්වොත් හොඳයි කියලත් මටම හිතුන.ඒ නිසා ඔන්න තරහ වෙන්න ඔට්ටු නම් නෑ....මගේ සහෘදයනි...තව කොටසක් ලියලම මේක ඉවර කරන්නම්...හොඳද?

අනේ අනේ පරිගණකයේ හැමදාම දෝෂ :/
ReplyDeleteහ්ම්ම් ඇත්තටම කතාව ඉවරවෙනවා කියලා හිතද්දී හෙන ලෝබකමක් හිතෙනවා... ඔන්න ඔහේ හිමිට ඉවර කරමු :)))
කිව්වොත් ඔහොම එකක්මනෙ...කොහෙද බං හැමදාම දෝස තිබ්බෙ?......සිකුරාද විතරයි.....
Deleteහැමදේකම අවසානයක් තියෙන්න එපාය වර්ණො....ඔන්න ඔහෙ ඇති මේක....
වැවක වතුර කොහොමෙයි අයියෙ කුප්පියකට පුරවන්නෙ, ඔන්න ඔහේ කියන්න තියන දේ හිතේ හැටියට ලියල දාන්න, ආයෙ පපුව හාරගෙන ඇඟිලි තලාගෙන ලියන මනුස්සයට නැති අමාරුවක්නෙ කියන අපිට තියෙන්නෙ, හෙහ් හෙහ්... [ඕකෙ අමාරුව අන්තිමට මොකෝ උනේ කියල දැනගන්න තියන තදියම නෙ]
ReplyDeleteපොඩි එකා කාලෙ අනුරාධපුරේ ට්‍රිප් එකක් ගිහිල්ල ආයෙම එන දවසෙ මං ආවෙ අනේ බස් එක දැං කැඩියං දැං කැඩියං කියල හිත හිත.
ඒකනෙව නවම්...බලාපංකො ඒකෙත් හැටි.....මේක ලියන්ට ගිහිල්ල ඒ කාලෙ මතක් වෙලා පහුගිය සුමාන දෙකම ඔන්න ඇඬූ කඳුලෙං හිටියෙ.....මුංට නෑ ඒකෙ වගේ වගක්......විජහට ලියාපිය, විජහට ලියාපිය.....කියල තමයි කොච්චරවත් කියන්නෙ.....හෙහ්, හෙහ්,
Deleteමොකෝ වැඩිපුර ලිව්වා කියලා අපි තරහා වෙන එකක්යෑ....
ReplyDeleteහෙහ්, තරහ වෙන්නෙ නං නෑ තමයි.....ඒත් ඉවරයක් කරන එක කෝකටත් හොඳයි...
Deleteලියන්ට ලියන්ට. අයියට බ්‍රේක් ගහන්න හිතෙනකල්ම ලියන්න. කොච්චර දිගට ගියත් මේ කතාව එපා වෙන එකක් නෑ. කතාවත් රසයි, අයියා ලියන විදිහත් රසයි.
ReplyDeleteස්තූතියි නංගි....ඔබ මට ලබාදෙන ධෛර්යයට....කොහොම ස්තූති කලත් මදියි කියලයි මට නම් හිතෙන්නෙ....
Deleteදෙන්න එක්කලා පන්සල් යෑම ගැන නම් සම්පූර්ණ ස්තූතිය අනිවාර්යයෙන්ම ඔබට හිමි වෙන්නම ඕන....
ඉබ්බෙක් දියේ දාල .. මේ වගේ යාළුවො අපිට හිටියේ නෑ
ReplyDeleteයාලුවො උනත් එහෙම කරන්නෙ යම් විශ්වාසයක් ගෞරවයක් තියන යාළුවො වෙනුවෙන් විතරයි. ඒ කියන්නෙ වසන්තගෙ මා ගැන තිබ්බෙ එහෙම හැඟීමක් කියන එකයි,මස්සිනා උනත් කර ගන්න තරමට......
Deleteසරත් ගෙ යාළුවො කිසි කෙනෙකුගෙ ඔයා ගැන එහෙම පැහැදීමක් තිබිල නෑ කියන එක තමයි එහෙනම් අපිට එන්න පුලුවන් නිගමනය....හෙහ්, හෙහ්,...විහිලුවක් කලේ හරිය?........අමනාප වෙන්න එහෙම ඔට්ටු නෑ ඔන්න,
:D
ReplyDelete:D,:D,:D,
Deleteආං ඔය අපේ ඉල්ලීමට එහෙම කන්දීල තියෙන්නෙ..
ReplyDeleteඔහොම අල්ලන් යං රවී අයියේ
එහෙනං, එහෙනං, උඹල කියන එක නාහ පුලුවන?......ඒත් වැඩිය අල්ලං යන්න නං බෑ බොල.......මේ ඇති...
Deleteei katawath me kaviya kochchara lassanada kiyala therila neththe!
ReplyDeleteහෙහ්, හෙහ්, ස්තූතියි, නිර්නාමික......
Deleteකොටස් වශයෙන් යන බව දැක්කම කියෙව්වේ නැහැ . මට ඕන වුනේ එක දිගට කියවන්න . ඔන්න අද සේරම කියෙව්වා . ලස්සන කතාව . ඉතුරු ටිකත් කියවන්න අසාවෙන් බලන් ඉන්නවා
ReplyDeleteස්තූතියි බින්දි,
Deleteමම ඒත් කම්පනා කලා මොකෝ කාලෙකින් මේ අහ නාවෙ කියල....හරි,හරි, Went down under නේද?
මමත් අදයි ආවෙ මේ පැත්තෙ..... මේ කොටස විතරක් කියෙව්වා... වෙලාවක් අල්ලගෙන ඉතුරු ටිකත් කියවන්න ඕන.....
ReplyDeleteසදරයෙන් පිළිගනිමු මියුරු...........
Deleteසඳ දියෙන් තෙමීහිය,
ReplyDeleteමං පෙතේ ඇවිද යමි,
ඔබෙ සුරත අත් නොහැර,
අනන්තෙට පා නඟමි,
රවි අය්යේ ඹයාටයි චුට්ටිටයි මෙහෙම යන්න පුළුවන් උනානම් ...
ජීවිතේ ගොඩක් දේවල් එහෙම තමයි අමා...සොඳුරු මතක පමණයි....සැබෑ නොවුනු සිහින......හෙහ්, හෙහ්,
Deleteමේ කතාව ඉවර නොවෙන වනම් මම කැමති.
ReplyDeleteඒත් දැන් එහෙම හිතුනට ටික කාලයක් ගියාට පස්සේ හිතේවි ඉවර කළා නම් හොඳය කියල...ඒක නිසා දැන් ඉවර කරන එක හොඳයි.
(තේරුමක් තියෙනවද මන්ද මේ කිව්ව එකේ...නුහුගුණේ නිසා මටත් මොනවා හිතෙනවද මන්දා)
හෙහ්, මොකද බොල තේරුමක් නැත්තෙ......මටනම් තේරුණා...ඒ කියන්නෙ මගෙත් ඔය නුහුගුණේ යහමිං තියන නිසාද මන්දා...හෙහ්, හෙහ්,
Deleteනෑ අමා....කතාව ඉවරයි....ආයෙ මොකවත් නෑ.....මෙතනින් වර්තමානයට.....
අපොයි ගොඩාක් මිස්වෙලා. ඒවා කියවලාම කමෙන්ට කරන්නම්....:D
ReplyDeleteරෝන්දෙ ගහල ඔය ඇවිත් ඉන්නෙ ....පොඩ්ඩි.....හෙහ්, හෙහ්,
Deleteකියවලාම ඉන්ටකො එහෙනං.....කොණක ඉඳල.....
තාම කොටස් කියෝගෙන යනවා.
ReplyDelete