Thursday, January 19, 2012

86. ආදර....නිල්.....දෑසේ.......8 - When my heart was bursting with love


'' ඇත්තටම මේ දරුව වගෙ තරුණයො දකින්ඩ ලැබෙන එකත් වාසනාවක් මේ කාලෙ....දැන් ඉන්න කොල්ලො කිසිම කමකට නෑ....''

මාම දිගටම දෙනව දේසනාව ඒක අස්සෙ අර කෙල්ල දොර ගාවට ඇවිල්ල මයෙත් එක්ක මුකුළුව....මම ඒ දිහාව බලාගෙනම මාමට හූ මිටි තියනව...

'' ඔය ලමයට කරදරයක් ද මගෙ මේ කතාව?...''

'' ඔව් මාමෙ.....''

චුට්ටි හිකිස් ගාල හිනා උනා....කට අත් දෙකින්ම වහගෙන කුස්සියට දිව්ව...එතකොට තමයි මට තේරුනෙ මාම අහපු ප්රශ්නෙ..

'' .ආ...මේ, මේ, මේ ඔව්.... නෙමෙයි ...මාමෙ නෑ මාමෙ නෑ...''

එතකොටම වසන්තය ආපු එක හොඳා.....යන්තම් ඒ හෙයියමාරුවෙං මම ගැලවුනා...

'' ලොකු මාම තාම මෙහෙද?.......මම හිතුවෙ ගෙදර ගිහිල්ලය කියල ''

වසන්ත දොර ගාව ඉඳලම කිව්වෙ අතේ තිබ්බ මල්ල චුට්ටිට දෙන ගමන්....

'' යන්ට තමයි මම හිටියෙ වසන්ත පුතේ...ඒත් මේ ළමය පරණ විස්තර අහන්ට ආසයි කියාපු හින්ද මම ටිකක් වෙලා ඔහෙ හිටිය කතා කර කර...''

වසන්තට මේක අදහ ගන්ට බෑ..මම එහෙම දෙයක් කිව්වද කියල මා දිහා බලල ඉඟි කරල ඇහුව.මම මොනව කියන්ටද?...පස්සට වෙලා දෙකට ගනින්ට බැරුව වාගෙ ඉන්න චුට්ටිව ඔලුවෙන් පෙන්නල අහක බලාගත්ත.

වසන්ත දැන ගත්ත මේක මොකක් හරි මේ කෙල්ලගෙ විසිවිත්තරයක් කියල.යටි තොල හපාන හිනාව විකාගෙන '' යමු මාමෙ මම මාමව ගිහිල්ල දාන්නම් '' කියල මාමත් එක්ක එළියට බැස්ස.

බයික් එක ස්ටාට් කරල ගේට්ටුවෙන් එලියට යනකල් තමයි මාත් හිටියෙ.. '' හිටපං උඹට.... අද මම '' එහෙම හිතාගෙන මම හැරෙන කොටම චුට්ටි ගේ දෙකක් වෙන්ට හිනා වීගෙන කුස්සියට දිව්ව. මමත් ඒ පස්සෙංම ගියා..

'' අනේ නෑ රවි අයියෙ, අනේ නෑ.... ආයෙ එහෙම කරන්නෙ නෑ....සත්තයි...ප්රොමිස් ''

චුට්ටි කුස්සියෙ සින්ක් එකටයි මේසෙටයි දෙක මැදට වෙලා බිත්තියට හේත්තු වෙලා අත්දෙක වන වන කෑගැහුවා...

'' ආයෙ නොකරන්න හොඳ දඬුවමක් දෙන්න තමයි මම මේ හදන්නෙ ''

මම එයාගෙ අත්දෙකෙන් අල්ලල මා ළඟට ඇදල අරගෙන වැළඳ ගත්ත.

චුට්ටි එක පාරක් ඔළුව උස්සල අර නිල් ඇස් විදහල මා දිහා බලල මගෙ පපුවට තුරුළු උනා...ඒ වෙලාවෙ ඒ ඇස් වල කියවුනු කතාව මට මෙච්චර කල් ගිහිල්ල මේ දැනුත් ඇහෙනව වාගෙ....මම එයාගෙ නලල සිපගත්ත...

'' චුට්ටි....''

'' ම්ම්......''

'' අපි මෙහෙම හැමදාම ඉමු මගෙ රත්තරං ''

( පොඩ්ඩක් බොළඳයි වගේ නේද?....ඒත් ආදරේ කියන එක කොහොමත් බොළඳයි තමයි....කොච්චර සිරා ආදරයක් උනත් බොළඳ වෙන්නම ඕන තැන් තියනව...)

'' අයියෙ ...''

චුට්ටි ඔලුව උස්සල මගෙ දිහා බැලුව..ආයෙම ඒ ඇස් වල කඳුලු.....එයාගෙ තොල් වෙවුලුවා..මට ඒ වෙලාවෙ නම් ඉවසන් ඉන්නම බැරිඋනා..

(ඔය වෙලාවෙ මට මතක් උනා මගෙ හොඳ යාලුවෙක් කියාපු කතාවක්....A kiss is a lovely trick designed by nature to stop speech when words become superfluous. - Ingrid Bergman .ඔය Quotes කියන එව්ව දැනං උන්නටම වැඩක් නෑ...අවශ්ය වෙලාවෙ ඒව ක්රියාත්මක කරන්න ඕන)

මම හෙමිහිට පහත් වෙලා එයාගෙ වෙව්ලන තොල් සිප ගත්තා...අපි එහෙමමම් හිටිය මොහොතක්..දෙකක් තුනක්...කල්පයක් සේ දැනුනු නිමේශයක්....

'' රවි අයියෙ....''

'' ම්ම්ම්......''

'' ඇති අයියෙ...මට තවත් නම් ඉවසන්න බැරිවෙයි.....''

මම ඇගේ නෙත් අගින් ගලාගිය කඳුලු බිඳු දෙකක් මගෙ තොලගින්ම සිපගෙන දිග සුසුමක් හෙලල ආයෙම වරක් ඈව තදින් වැලඳගෙන මොහොතක් ඉඳල ඈත් උනා....චුට්ටි මගෙ අත් දෙක අල්ලගෙන ඔලුව උස්සල මගෙ ඇස් වලට එබුනා.

'' මයෙ අයිය මා එක්ක තරහ නෑ නේද?....''

'' ජාති ජාතීවත් නෑ චුට්ටි මොනව උනත් මම ඔයා එක්ක තුන් හිතකින් වත් තරහ නෑ....''

ඔන්න ආයෙම...චුට්ටි අත්දෙකෙන් මූණ වහගෙන ආයෙන අඬන්ට පටන් ගත්ත.

'' ඇයි චුට්ටි මේ.?... කියන්නකො ඔයා මාව පිස්සු වට්ටන්නයි මේ හදන්නෙ ...මොකක්ද මේකෙ තේරුම...? ''

ඒ පාර නම් මගේ ස්වරය ටිකක් තද උනා.

චුට්ටි අත්දෙක පාත දාල මා දිහා බලල කඳුළු අතරින්ම හිනා උනා....

'' මොකවත් නෑ අයියෙ....මොකවත් නෑ....අයිය අර විදිහට කිව්වම මට දරාගන්ට බැරි උනා එච්චරයි..අයිය යන්න ඉස්සරහට දැන් පොඩි අයිය එනවත් ඇති.....මම එන්නම් මූණ ටිකක් හෝදගෙන....''

ඔළු ගෙඩිය යකාගෙ කම්මල වගෙ වෙලා තියෙද්දි මම කුස්සියෙං එළියට ඇවිල්ල සාලෙ ඉඳගත්ත.....දැන් නම් හොඳටම කළුවර වැටිල...මිදුළෙ අඹ ගහ ඉහළිං හඳ පායාගෙන ආව. පෝයට දවස් දෙකයි.....ටිකකිං චුට්ටිත් ඇවිල්ල මා ලඟ තිබුණු අනික් පුටුවෙ වාඩි උනා...අපි දෙන්න එක මොහොතක් මුහුණට මුහුණ බලා ඉඳල ආපහු අඹගහ අස්සෙං වැටෙන හඳ එළිය මිදුලෙ දෝරෙ ගලන දිහා බලා ඉන්න පටන් ගත්ත.

මතු සම්බන්ධයි....

44 comments:

  1. ඉතිරි ටිකත් ඉක්මනට දාන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි එදිරි...හරි හරි මේක ඉවරයක් කොරනකල් මටත් නින්ද යන්නෙ නැති තත්වෙට ඇවිදිල්ලයි දැන් තියෙන්නෙ...හෙහ්, හෙහ්,

      Delete
  2. ඉතුරු ටිකත් අද ඔනේ අයියේ ...එක ගැම්මට කතාව කියවලා ඉවර කරන්න තියනවා නම් කියල හිතෙනවා .... එත් කෝ නැනේ රවි අය්යගේ උනන්දුවක්..!!

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මප ටිකක් ඉඳහල්ලකො...මේ සුමානෙ දවසට එක ගානෙ දැම්ම...ඒත් මදිලු..........ස්තූතියි Ama,

      Delete
  3. මං නං ඉතුරු හරිය ගෙස් කොරන්න ට්‍රයි එකක් වත් දාන් නැහැ

    ReplyDelete
    Replies
    1. Very Good.....ඔබ්ට අන්න මොලේ තියනව.....ඔය ගෙස් වලින් වැඩක් නෑ...කතාවම බලමු නැද්ද?

      Delete
  4. සික් අපරාදෙ මේක ඊයෙ කියවන්න හිතුනෙ.............

    @ අමා

    අප්පා අපිටත් හිතෙනව.......

    අර කවුද දෙන්නෙක් ගං ඉවුරක් පැත්තෙ යන්න ගියා
    වෙච්ච දෙයක් නෑ දවස් දෙක තුනකුත් ගෙවුනා.......:D

    ReplyDelete
    Replies
    1. හුටස් අමාල දෙන්නෙක් ඒ ගමන
      ඉහතින් ලියා ඇති දෑ පහතින් කොමෙන්ට් කොර ඇති අමාට බව කරුනාවෙන් සලකන්න

      Delete
    2. හපොයි!!! නිශ්ට අමා පස්සෙන් යන්ට ගිහින් උනු වැඩේ...:D

      Delete
    3. හුහ්...! පස්සෙන් යන්න වැඩේමයි......


      ලියන කතාවක් පස්සෙන් නම් යනවා එකේ පලවෙනි කොටහට වහ වැටුන නිසා....................:D

      Delete
    4. හරි හරි ළමයි ... ඕකට රණ්ඩු වෙන්ට එපා. ඔන්න ඉතින් අමාරුවෙන් මන් ඉතුරු කෑල්ලත් ලියල දැම්ම. හිතේ තියෙන කතාව ලියාගන්ට නම් තව කොටස් කීයක් ලියන්ට වේවිද මන්දා!!

      Delete
    5. කොටස් කීයකින් හරි කමක් නෑ හිතේ තියෙන එකම ලියමු
      හරිය...

      ආන් දැක්කද පොඩ්ඩි අපි දෙයක් කිව්වොත් අහනවා...........:D:D:D:D

      Delete
    6. @ නිශ්,

      අම්මපා උඹටත් වෙච්චි හෙයියම්මාරුවක්...අමාල පටලවාගෙන,...හෙහ්, හෙහ්,

      මහරජ, ඒ Ama ත් මේ අමාත් හැර වෙනත් අමාලා සිටිත්ද?

      Delete
  5. ශා කියල වැඩක් නෑ රවී අයියේ...උපරිමයි.
    හැබෑට මොකද්ද අප්පේ චුට්ටි මෙච්චර හංගන රහස? හ්ම්ම් මට එක එක දේවල් හිතෙනවා ...

    නැහ් අර මෙගා තිර පිටපත ඔයාට කියල ලියවගන්ට බැහැ. මොකෝ මේක අපේ රුපවාහිනියේ ගියානම් අර හොඳම කෑල්ල කොටු. හික් හික් වැඩක්ය ඉතින්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අමා,

      මොන රහසක්ද බං ....ඔහෙ ඇති රහසක් නෑ.....

      Delete
  6. රත්තරං කියල කිව්ව කියල ප්‍රසිද්ධියෙ කියන්න ගියාම පොඩි ලැජ්ජාවකුත් එක්ක බොළඳයි වගේ හැඟීමක් ආවට දෙදෙනෙක් අතරෙ ඒ සිදුවීම වෙනකොට ඊට වඩා දෙයක් නෑ බං අයියෙ. ලැජ්ජාවක් හිතෙන්නෙ වටේ පිටේ ඉන්න උන් මොනව හිතයිද කියල මිසක් තමන්ට ඇත්තටම එවෙලෙ හිතිච්ච දේ ගැන නෙමෙයි. මොකෝ මං කියන්නෙ බොරුය ?

    මං හරි කැමතියි කුස්සියෙ සින්ක් එක ලඟ බිත්තියට හේත්තුකොරාන උඹ චූටිව කිස් කරපු එකට නං. මොකෝ ඒක තමයි මේ ලියන කතාවෙ ක්ලයිමැක්ස් එක. ආයෙ එතනින් මෙහාවත් එහාවත් නොයා හරියටම එතන නැවතිච්ච හන්ද හරිම සුන්දරයි. පෙනි පෙනී කඩාගන්න බැරුව අත මානෙ තියන ගෙඩි කඩාගෙන කන ගෙඩිවලට වඩා හරි රහ මොන එහෙකටද මංද....

    ReplyDelete
    Replies
    1. Grass is always greener on the other side මචං, ඒකයි හේතුව.. අපි ඉතිං පුහුදුන් මිනිසුන් නොවැ.. :)

      Delete
    2. @ nawammawatha,

      ඇත්ත කතාව.....අපිට ඇතිවන හැඟීම් ගැන අපි මොනවටද බොල ලැජ්ජ වෙන්නෙ.....හැඟීම් කියන එව්ව ඔටෝ අපෙ හිතේ ඇතිවෙන එව්ව....එව්ව එහෙම ඇතිවෙනවට අපි මොනව කොරන්නද?....අපි ලැජ්ජ වෙන්නෙ වටේ පිටේ එවුං මොනව හිතයිද කියල තමයි.....හෙහ්, හෙහ්,

      / මොකෝ ඒක තමයි මේ ලියන කතාවෙ ක්ලයිමැක්ස් .../

      හරියටම හරි බං......හරියටම හරි....උඹ මම පත්කරගන්නව ඒහි භික්ෂුභාවයෙන් මගේ ස්වේච්ඡා නිල විචාරක පදවියට...හෙහ්, හෙහ්,

      Delete
  7. හ්ම්.... අදත් මේකයි එහෙනං කොලේ ආ???
    මෙච්චර වැඩ ගොඩක් තියාගෙන මං දැන් දවස් ගාණක් තිස්සෙ වචනයක්වත් කියන්නෙ නැතුව දාන දාන එක කියවල ගියා... මේක අද ඉවර වෙයි හෙට ඉවර වෙයි කියල.... අදනං මගෙ ඉවසීමෙ සීමාව පනින්ඩයි එන්නෙ...
    ඕං මං අද කිව්ව රවී අයියෙ උඹ මගෙ කසාද දවස වෙන්ඩ කලිං මේක ලියල අහවරයක් කලේ නැත්තං මං නරක ගෑනියි කියන්ඩ එපා හරිය??

    (මට පේන්නෙ හනිමූන් ගිහිනුත් මුන්දැගෙ මේ කටන්දර කියවන්ඩ වෙයි වගේ මට)

    ReplyDelete
    Replies
    1. මම කියන්ටද වැඩක්! හනිමූන් ගිහින් ට්‍රයි කරන්ට ඔය කෑලි දෙක තුනක් අහුලගන යන්ට. :D:D:D

      Delete
    2. ඊලග එපිසෝඩ් එකේදි ගැලපෙන කෑලි දෙක තුනක් දාන්ඩ කියමු රවී අයියට නැද්ද අක්කෙ??

      Delete
    3. .@ hansakinkini,

      ස්ථානය - තෙත් කලාපීය වනගහනයක් අද්දර පිහිටි සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක්

      දිනය - 2012 ජනවාරි 31

      වේලාව - උදෑසන අට පසුවී විනාඩි ගණනක්

      දුහුල් තිරරෙද්දෙන් වැසුණු කාමරයේ පැවතියේ ඉතා මඳ ආලෝකයකි.

      උදෑසන හිරු පායා තිබුණද පිටත කැරලි ගැසෙනා අධික මිහිදුම් පටල හේතුවෙන් හිරු එළිය පතිත වූයේ ඉතා මඳ වශයෙනි.

      කෙමෙන් නින්දෙන් පිබිදුනු යජිත් කොට්ටයට යටවී තුබුණු වමතෙහි හිරි ඇර ගනිමින් සයනයෙහි හිඳගත්තේය. ජනනි මෙවිටද සිටියේ ඇඳ විට්ටමට හේත්තු කොට කොට්ටයට වාරු වී යටිතොල ද සපාගනිමින් ගැඹුරු කල්පනාවක නිමග්න වීය.

      '' ජනූ ඔයා කීයටද නැඟිට්ටෙ? '' ජිත් ඇගේ සුරත පිරිමදිමින් විමසීය.

      '' මට නින්ද ගියේම නෑ යජිත් ඊයෙ මුළු රෑම මම ඇහැරලා''

      ' මොකක්....ඇයි ලමයො මට කියන්න එපාය....ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් මට කියන්න '' යජිත් ඇගේ නලලත සිප ගනිමින් පැවසීය.

      '' නෑ යජිත් මේ ප්‍රශ්නෙට ඔයට විසඳුමක් දෙන්න බෑ.....මම ඒක හොඳාකාරවම දන්නව. මගෙ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න පුළුවන් එකම එක්කෙනයි මේ ලෝකෙ ඉන්නෙ....'' ජනනි පැවසුවේ සයනය ඉදිරිපස බිත්තියේ එල්ලා තිබූ නෙළුම් විලක දර්ශනයක් පිළිබිඹු කරන චිත්‍රය දෙස දෑස් ඉවතට නොගෙන බලා සිටිමිනි.

      ඈ අසල සයනයෙහි දිගාවී සිටි යජිත් එක්වරම කෙලින් වී හිඳ ගත්තේය. එවර ඔහු කතාකලේ මඳක් උස් ස්වරයකිනි.

      '' මොකක්ද ඔය මට විසඳුමක් දෙන්ඩ බැරි ඔයාට තියෙන මහ ලොකු ප්‍රශ්නෙ?....කිව්වනම් බලන්ට,''

      මෙතෙක් වේලා චිත්‍රය දෙස බලා සිටි ජනනි ඉන් දෑස් මුදවා යජිත් ගේ දෑස දෙස එක එල්ලේ මොහොතක් බලාසිට කටගඬ අවදි කලාය.

      '' ප්‍රශ්නෙ මේකයි...චුට්ටි රවීට ආදරෙයි..ඒත් ඒක රවී වසන්තට කියනවට චුට්ටි කැමතිම නෑ...මට තියෙන ප්‍රශ්නෙ ඇයි ඒ?..මොකක්ද ඒකට හේතුව?..''

      '' කවුද ඔය චුට්ටි, වසන්ත රවී...ඔයාගෙ යාළුවොද?....මම දන්නෙ නෑනෙ එහෙම කට්ටියක්...''

      '' නෑ එයාල ඉන්නෙ " ආදර නිල් දෑසේ" ඒක කතාවක්....''

      එවර යජිත් කතාකලේ මඳක් ඇරුණු මුවින් යුතුව ජනනිගේ වත දෙස නිමේශයක් බලා සිටීමෙන් අනතුරුවය.

      '' ඈ...කතාවක්...දැන් ඔය රෑ තිස්සෙ ඇහැරගෙන කල්පනා කලේ කතාවක් ගැනද?...ඔයාට නම් නුහුගුණේද කොහෙද? '' යජිත් මහහඬින් සිනාසුනේය.

      '' අන්න හරි චුට්ටිටත් ටිකක් නුහුගුණේ වගෙ තියනව තමයි, '' ජනනි ද යජිත් හා එක්වී සිනාසුනාය.

      '' හරි එව්ව ඇරිච්චාවෙ.....කවුද දැන් ඔය ප්‍රශ්නෙට විසඳුම් දෙන්ට පුලුවන් එකම එක්කෙනා?....''

      '' රවි අයියා...ඒත් මට ඔය යකා විශ්වාස නෑ.....මාමලයි බාප්පලයි ලොකු තාත්තලයි විඩෙන් විඩේ ගෙනල්ල ඕකා මේක ඇදගෙන යයිද මන්ද අපෙ ළමයි ලොකුවෙනකනුත්..එහෙමත් බැරි පුතයෙක් නෙවෙයි........''

      '' හෙහ්, හෙහ්, හේ.....ජනනි ඔයා බය වෙන්න එපා.....අපි ගියගමන්ම මට ඔය ප්‍රශ්නෙ මතක් කරන්නකො..එතකොටත් අර රවී කියන එකා ඕකෙ දෙකිං එකක් විසඳල තිබුනෙ නැත්නම් මම බලාගන්නම් ඉතුරු හරිය...හුහ්, ඔය රවිය දන්නෙ නෑ මේ යජිත් කියන්නෙ කවුද කියල....මම මේ කිරි බීල පලතුරු කාල හිටියට මම හෙණ වස පොරක්....දන්නවද?'' යජිත් පැවසූයේ තම පපුවට තට්ටු කර ගනිමිනි.

      '' අනේ තෑන්ක්ස් යජිත් දැන් තමයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ....ඔයා එහෙනම් චුට්ටිගෙ ප්‍රශ්නෙ මට විසඳල දෙනව නේද?.....ප්‍රොමිස් කියන්න.....''

      '' Yes , madam,,,,,I would do it for you...No problem....''

      '' හොඳ ලමය....එදා අර වෙඩිං එකේදි ඉස්සරෝම ඔයාව දැක්ක වෙලාවෙම මම දැනගෙන හිටිය ඔයා තමයි මගෙSoul mate කියල. ''

      ජනනි අපමණ සෙනෙහසින් යජිත් වැලඳ ගත්තාය.

      Delete
    4. ඔය තියෙන්නෙ ලෙසටම වැඩේ කොරල....!!! ඈ බං අයියෙ.. ඒ පාර චූට්ටි ගෙයි උඹෙයි කතාව පැත්තත තියල වෙන කතාවක් ලියන්ඩ පටං ගත්තද??

      Delete
    5. ඒකනෙව බොලේ කියන්නෙ.....අලි මදිවට හරක් කිව්වළු....අර කතාව ලියන අස්සෙ උඹලගෙ කතාවත් ලියන්ට වෙච්චි හැටි අම්මාපල්ල...ඒත් උඹ ගැන කතාවක් නොලිය කොහොමෙයි.....ඊයෙ නිවාඩු දවස කියල බැළුවෙ නෑ...ලිව්ව...හෙහ්, හෙහ්,

      Delete
  8. දැන් ඉතින් ඉස්සරහට එන්නේ හොඳ හොඳ කෑලිලු. ඇස් වහගන තමයි ඔන්න කියවන්ට වෙන්නේ...හී හී ....

    ඔය කියන්ට තියනදේ එකපාර කියලා දැම්මානම්...:)))

    ReplyDelete
    Replies
    1. ඔහෙ ඇති කෑල්ලක් නෑ බොල, අහවල් කෑලි ආය.........

      එකපාර කියන්නෙ නැහැනෙව මේ බබලත්තු...ඒකනෙව පොඩ්ඩියෙ මෙතන තියන පුරස්නෙ........හෙහ්, හෙහ්,

      Delete
  9. අනේ හපොයි.මේ දිව අග තියෙනව එන්නෑ වගේ සීන් එකක්ද රවී.ළඟ ළඟ සීන් එක එනවා වගේ පේනවා ඒත් නෑ.. :-(

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, එහෙම එකක් තමයි සිතුවම්...හෙහ්, හෙහ්, ස්තූතියි ඔයාටත් හොඳේ.....

      Delete
  10. ලස්සනම ලස්සන කතාවක්..

    ReplyDelete
    Replies
    1. Thanks hithuvakkari, thanks so much,

      Delete
  11. අනේ මන්දා ඉවසීමේ සීමාව එහා මෙහා කරන්නවෙයි වගේ රවී..අපි ගැන පොඩි අනුකම්පාවක්වත් නැද්ද මන්දා?
    ලස්සන කතාව...

    ReplyDelete
    Replies
    1. ඔය සීමාව පොඩ්ඩක් එහාට මෙහාට කරපං......හෙහ්, හෙහ්, ඒකෙ අවුලක් නෑ

      ස්තූතියි ඔබටත් රූ.......

      Delete
  12. ඈ බං, උඹට ඔය වගේ වෙලාවට ඉන්ග්‍රිඩ් බර්ග්මාන්ගෙ quotesත් ඔලුවට එනවය බං..?? මටනං වෙන මෙලෝ මළදානයක් ඔලුවට එන්නෙත් නෑ, පේන්නෙත් නෑ.. :D

    ReplyDelete
    Replies
    1. මම ඇවිල්ල Classic පොරක් මලේ.....මං වාගෙ එවුං ආයෙ නෑ....ඒක තමයි වෙනස...හෙහ්, හෙහ්,

      Delete
  13. This is a truly wonderful story Ravi Ayya. So dramatic & romantic. මේ ඇත්තමයි, ඔෆිස් එකේ ගොඩ ගැහිලා තියෙන වැඩ කන්දරාව අස්සෙන් ඇවිත් කියෙව්වේ. හපොයි හිනාව තද කරගෙන මූණ රතු කරගෙන තමයි ආපහු වැඩට බැස්සෙ.

    රවි අයියා මේ කතන්දරේ චරිතයක් නොවී වෙන කෙනෙක්ව ඇතුල් කරලා ලිව්වනම් හිතට එකඟවම කතාව රසවිඳින්න තිබුණා. ඒත් මෙතන අයියා ඉන්න නිසා අපි දන්නවනේ කතාවේ අවසානය කොහොමද කියලා. ඒ නිසා ඒක අමතක කරලා තමයි මං කතාව කියවන්නේ... අනේ මන්දා මේ මගේ අවංක අදහස. ඒත් ඇත්තටම මේ කතාව හරීම ලස්සන, මං එදත් කිව්වා වගේ හරිම ආදරේ හිතෙන කතාවක්. ආසයි නවකතාවක් වගේ දිගට කියවන්න තිබ්බනම්.


    /*පොඩ්ඩක් බොළඳයි වගේ නේද?*/

    කොහෙත්ම නෑ. නවම් අයියා ඒ ගැන කියලා තියෙන කරුණු ටිකම තමයි මාත් කියන්නේ.

    /*මිදුළෙ අඹ ගහ ඉහළිං හඳ පායාගෙන ආව. පෝයට දවස් දෙකයි..*/

    පෝයට දෙන්නව පන්සලුත් යවනවා නේද? ඔන්න යවන්න ඕනෙ හොඳද?

    ReplyDelete
    Replies
    1. /රවි අයියා මේ කතන්දරේ චරිතයක් නොවී වෙන කෙනෙක්ව ඇතුල් කරලා ලිව්වනම් හිතට එකඟවම කතාව රසවිඳින්න තිබුණා. ඒත් මෙතන අයියා ඉන්න නිසා අපි දන්නවනේ කතාවේ අවසානය කොහොමද කියලා. ඒ නිසා ඒක අමතක කරලා තමයි මං කතාව කියවන්නේ... අනේ මන්දා මේ මගේ අවංක අදහස. ඒත් ඇත්තටම මේ කතාව හරීම ලස්සන, මං එදත් කිව්වා වගේ හරිම ආදරේ හිතෙන කතාවක්. ආසයි නවකතාවක් වගේ දිගට කියවන්න තිබ්බනම්.///

      මටත් කියන්න තියෙන්නේ මේ ටිකමය් අප්පා .. අය්ය මේකේ චරිතයක් නොවුනානම් හොඳය්-- එහෙම ලස්සන ආදරයක් පව්නේ-- මෙකුවී

      Delete
    2. @ siththami & mekuvi,

      ඇත්ත තමයි කතාව,මටත් එහෙම තමයි දැන් හිතෙන්නෙ...මම මේකෙ චරිතයක් නොවී හිටියනම් හොඳයි කියල, එහෙම උනානම් කුතුහලය අන්තිම වෙනකල් රඳවාගන්න තිබුනා.....

      කොහෙද උඹල ඔක්කොම Ideal opinion දෙන්නෙ අන්තිම මොහොතෙනෙ...හෙහ්, හෙහ්,

      Delete
    3. @ සිත්තමී.

      අඩේ බොලේ පන්සල් ගියේ නෑනෙ, නඟා කියන හින්ද එහෙම සීන් එකක් දාන්නත් නම් තිබ්බ. ඒත් කතාවෙ අනුපිළිවෙල බිඳෙයිද මන්ද එහෙම උනොත්....ඉන්නකො....මම දෙන්න පන්සල් යවන්න ෆුල් ට්‍රයි එකක් දෙන්නම්....හෙහ්, හෙහ්,

      Delete
  14. ane ayya hari narekay appa... hamedama math sambanday :( ade kathawenam mare romantic ,,, munath rathu wenewa appa kiyawaddi :P (blush)

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, මූණ රතු උනානම් ඒ ඔයා හොඳ හැදිච්ච කෙල්ලක් නිසා...හෙහ්, හෙහ්,

      ස්තූතියි ...ඔබටත්,

      Delete
  15. අයියෝ.. තව ටිකක් ඉවසන්න වෙනවා.
    අර හෙහ් හෙහ් කියන එක කියවනකොට මට ඔබාව මතක් වෙන්නේ ඇයි මන්දා. ඔබාගේත් තියෙනෙව ඔය හෙහ් හෙහ් කෑල්ල..

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය හෙහ්, හෙහ් කෑල්ල අල්ලගත්තෙ අපෙ මිස්ට තිස්ස දොඩංගොඩ ගෙං......

      Delete
  16. අනේ ආදරය සුන්දර වරදක් :))

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමා....අනේ...ඒ වගේම ඒකෙ අනිත් කෑල්ලත් ඇත්තම ඇත්ත,

      " කිසිදා සමාවක් නම් නැතී"

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...