Thursday, February 2, 2012

96. ආදර....නිල්.....දෑසේ.......17 - The love story.... Chutti's perspective.



'' ම්ම්..පොඩි අයිය පළවෙනි නිවාඩුවට ගෙදර ආපු තැන නේද? ''

'' ආහ්..ඔව්නෙ.....ඔන්න ඉතිං පොඩි අයිය පළවෙනි නිවාඩුවට ගෙදර ආවයි කියමුකෝ...''

'' හූම්....''

'' මම පොඩි අයිය ගෙදර එනකල් මඟ බලාන හිටියෙ.....මගෙ ඉතිං අතිජාත මිත්රයනෙ....හිහික්, හික්....''

චුට්ටිගෙ හිනාව සාලෙ ඇතුලෙ රැව් දුන්නා...

චුට්ටි එතකොටත් හිටියෙ මගෙ පපුවට තුරුල් වෙලා....ඒකිට ඒකෙ සිහියක් නෑ....සනීපෙට ඉන්නව බළල් පැටියෙක් වාගෙ......හෙහ්, හෙහ්,

දැන් අර උද්වේගකර අවස්තාව ඉවරයිනෙ.....මට තේරුනා මෙහෙම වැඩි වෙලාවක් නම් මට ඉන්න බෑ කියල...එක්කො ****** නැත්නම් ඒත් *******වෙනව වෙනවමයි.....හෙහ්, හෙහ්,

'' කොයි දැන් හූ මිටි...රවි අයියෙ? ''

'' උඹ මේ හූ මිටි ගැන කතා කොරනව....ඔහොම්මම දිගටම හිටියොත් නං ගොයියො හූ මිටි කොහොම වෙතත්........ අද මේ කතාව නම් ඉවරයක් කරන්ට වෙන්නෙ නෑ......එච්චරයි ඕං මම දන්නෙ.... හෙහ් හෙහ්,...''

'' ඈ.....අනේ සොරි.....''

ඔන්න එතකොට තමයි කෙල්ලට මතක් උනේ තාම ඉන්නෙ මගෙ පපුවට තුරුල් වෙලා කියල........

'' අනේ සොරි අයියෙ මට මතකම නැති උනා.....''

'' No, problem, madam, you are welcome, you are perfectly free to do it any time ...but sorry ...not now...... heh, heh, ''

චුට්ටි විගහට මගෙන් ඈත්වෙලා කොණ්ඩෙ එහෙම අතින්ම හදා ගත්ත. මූණ නෙව බලන්ට වැඩේ....අවුරුදු කාලෙ අපෙ දොරකඩ ගහේ පලගන්න ජම්බු ගෙඩියක් වගෙ...හෙහ්, හෙහ්,

'' මොකෝ චුට්ටි ඔය රතු වෙලා?.....''

මටත් අම්මප කට තියාගෙන ඉන්ට බැරි හැටියක්....

'' කවුද.... මම? නෑ..... මම මොකටද රතු වෙන්නෙ....ඒ අයියට පේන හැටි....''

ඒ ටික කිව්වෙ නම් අහක බලාගෙන.

'' දැන් මේ රටේ නැති සම්ප්රප්පලාප කතා කර කර ඉඳල හරි යනවය...වසන්තය එනවත් ඇති ආපහු මෙලහකට.... හරි, හරි, රතු වෙච්චි එව්ව පස්සෙ බේර ගමු...හ්ම්ම්.....කතාව කතාව.....වහාම...''

මම නියෝග කලා...

'' එසේය ස්වාමීනී, ඔබ තුමා අවසර ලබා දෙන සේක් නම් වහා කථාව නැවත ආරම්භ කරමි.....''

චුට්ටි නැඟිටල දකුණු අත පපුවට තියාගෙන ඉණෙන් නැවුන ඉස්සරහට..

මයෙ පපුව පැලෙන්ට වගෙ ආව ආදරේ පිරිල ඉතිරිල ගිහිල්ල....මම දන්නෙ නෑ තව කොච්චර වෙලා මට ඉවසං ඉන්ට පුලුවන් වෙයිද කියල.

'' මේ ළමයා....දැං...මදෑ ඔය විසිවිත්තර ....හ්ම්ම්...කතාව කතාව ...කියමු බලන්ට විගහට....මගෙ කටහඬත් නිකම් මහ රළුවට මට ඇහුනෙ......හොඳ හුස්මක් ඉහළට ඇදල මම හෙමිහිට පාතට දාල හිත පාලනය කර ගත්ත.

චුට්ටිටත් මගෙ වෙනස තේරෙන්න ඇති..... ඒ පාර කෝලං කිරිල්ල පැත්තක තියල පුටුවෙ ඉඳගෙන හරි බරි ගැහුන.

'' පොඩි අයිය එදා ආපු ගමන් මම ගියා කාමරේට. මම ගිය ගමන් පොඩි අයිය මාව බදාගෙන ඉම්බ. ඊට පස්සෙ ඇඳේ වාඩිවෙලා මටත් කිව්ව වාඩි වෙන්නෙයි කියල. ඔන්න ඊට පස්සෙ මෙන්න මෙහෙමයි උනේ....හරිද? ''

'' හූම්...කොහොමද උනේ? ''

'' පොඩි අයිය මගෙ කණට කරල කිව්ව ...... චුට්ටියේ, ඊයෙ අපෙ යාළුවො කට්ටිය පොඩි ආතල් එකක් දැම්ම තිසා වැව බන්ඩ් එකේ....දන්නැද්ද ඉතිං කොල්ලො උනාම....එතන මගෙ හොඳම යාලුවො දෙන්නගෙන් එකෙක්....මිනිහට නියමෙට සිංදු කියන්ට පුලුවන්....ආදර නිල් දෑසේ....නාරදගෙ සිංදුව කිව්වනෙ ඒ වෙලාවෙ.....ඕක ඉවර වෙලා ඔය නිල් පාට ඇස් ගැන ඔන්න පොඩි වාදයක් ගියා. මම නිකමට කිව්ව අඩේ, අපේ චුට්ටිගෙ ඇස් නම් නිල් පාටයි කියල....හෙහ්, හෙහ්, ''

'' පොඩි අයිය එහෙම කිව්වද?....මම ඇහුව.... ඒ වෙලාවෙත් මගෙ මූණ රතු උනා.....රවි අයියෙ...හි හික් ''

'' ඔව් අනේ,.... මම ඒ නිකමට කිව්වෙ...ඊට පස්සෙ අර මම කියපු යාලුව අන්තිමට මගෙං අහපි ....වසන්ත මොකක්ද බං එයාගෙ නම?....කියල...මට ඇත්තටම මතකයක් තිබ්බෙ නෑ මේකා මේ කවුරු ගැනද අහන්නෙ කියල..මම ඇහුව කාගෙද බං? කියල....ඒ පාර කියාපි උඹලගෙ චුට්ටි නංගිගෙ කියල...''

'' ඉතිං අයිය මොකද කිව්වෙ....මම ඇහුව....මගෙ පපුවෙ මොකක්දෝ නුපුරුදු හැඟීමක් ඇතිවීගන යනව ඒ හැඟීම පපුවන් පටන්ගෙන මුළු ඇඟ පුරාම දුවනව මට ඒ වෙලාවෙ දැනුන රවි අයියෙ. ''

'' ඒකට තමයි චුට්ටි කියන්නෙ.......''

මම එතනින් කතාව නවත්තල චුට්ටිගෙ මූණ බැලුවා.

'' ඔව් මම දන්නව අයියෙ ඒකට තමයි කියන්නෙ ආ...ද....රේ කියල....මම ඒ වෙලාවෙ ඒක දැනගෙන හිටියෙ නෑ...මම ඒ වෙලාවෙ දැනගෙන හිටියෙ එක දෙයයි..මොකක් උනත් ඒ නාඳුනන හැඟීමට මම ආසයි.... අන්න ඒ ටික විතරයි...එච්චරමයි....''

'' ඉතිං චුට්ටි?....''

මම ඇහුවෙ කතාවෙ ඉතිරිය දැනගන්ට නොඉවසිල්ලෙන්,

'' පොඩි අයිය කිව්ව.... ඉතිං මම කිව්ව චුට්ටිගෙ නම ගීතිකා කියල......''

'' ඊට පස්සෙ මොකද උනේ?.......මම ඇහුවෙ පොඩි අයිය ඇඳෙන් නැඟිටල ෂර්ට් එක ගලවන අතරෙ..''

'' ඊට පස්සෙ මොකවත් උනේ නෑ...එච්චර තමයි..අපි එන්ට ආව ආපහු...මම එන්නම් වොෂ් එකක් දාගෙන චුට්ටි මට හොඳ කෙල්ල වගේ තේ එකක් හදන්න හරි? ''

‘’ පොඩි අයිය තුවායත් අරගෙන කාමරෙන් පිට වෙන්න ගියා, ‘’

'' පොඩි අයියෙ..... මම කතාකලේ බොහොම හෙමිහිට කියල මට අද වාගෙ මතකයි රවි අයියෙ, ''

'' ඇයි චුට්ටි.. පොඩි අයිය දොර ගාව නැවතිල ආපහු හැරුන. ''

'' එයාගෙ නම මොකක්ද පොඩි අයියෙ? ...මට පොඩි අයියගෙ මූණ බලන්ට බෑ. මම කතාකලේ බිම බලාගෙන...''

'' කාගෙද?....පොඩි අයිය හිනාවෙලා ඇහුව.....''

'' අර සිංදුව කියපු අයියගෙ... ''

'' ආ එයාද...... එයාගෙ නම.....එහෙම කියල ටික වෙලාවක් මගෙ මූණ දිහා බලා ඉඳල .....එයාගෙ නම රවී.... කියල කාමරෙන් පිටවෙලා ගියා. ''

'' රවී......ආදර නිල් දෑසේ සිංදුව කියපු ඒ ගායකයට දැන් ඔන්න නමක් තියනව..මම එහෙම්මම ඇඳ විට්ටමට හේත්තු වෙලා ඉඳගෙන කල්පනා කලා...මගෙ හිතේ මේ පොදි කන උතුරන හැඟීම මොකක්ද?......මීට කලින් කවදාවත් මම අත් නොවිඳපු මේ හැඟීම ද ආදරේ කියන්නෙ....එහෙම වෙන්න පුලුවන්ද?.....කිසිම දවසක හීනෙන් වත් නොදැකපු කෙනෙක් එක්කලා එහෙම ආදරෙන් බැඳෙන්න පුලුවන්ද? ''

'' ඒ ප්රශ්න එකකටවත් මම උත්තර දැනගෙන හිටියෙ නෑ රවි අයියෙ...මම දැනගෙන හිටියෙ ආදරේ හරි මොකක් හරි මේ මගෙ හිත පිරිලා පිටාර ගලන හැඟීම මම මීට කලින් අත්විඳල නෑ කවදාවත්ම..ඒ වගේම ඒ හැඟීමට මම ආසයි...එච්චරයි ''

'' හ්ම්ම්ම්...''

මම දිගම දිග සුසුමක් හෙලල පුටුවෙන් නැඟිට්ට....

'' එදා ඒ මොහොතෙ ඉඳල රවි අයිය මගෙ හිතේ පදිංචි උනා ආයෙ නොයන්නම....මට ලොකු ආසාවක් තිබුන අයියගෙ මූණ බලාගන්ට.. ඒත් මට කෙලින්ම ඒක පොඩි අයියට කියන්ටත් බෑ. වෙන ප්රශ්නයක් නෙවෙයි. මට ඕනම දෙයක් පොඩි අයිය එක්ක කිව්වැහැකි. ඒත් මේ ගැන කියල ..මගෙ හිතේ රවි අයිය ගැන මෙහෙම අදහසක් තියනව කියල කිව්වනම් පොඩි අයිය මා වෙනුවෙන් ඕනම දෙයක් කරන බව මම දැනගෙන හිටිය. ඒ නිසාමයි මට මේ ගැන එයාට කියන්න බැරිත්.....''

මගෙ උගුර කටත් වේලිල මේ වෙලාවෙ....මේසෙ ළඟට ගිහිල්ල මම ගුරුලේත්තුවෙන් වතුර එකක් වත් කරගත්ත වීදුරුවකට...සීතල වතුර....මම එක හුස්මට බීගෙන ගියා.

'' අයියට තිබහද?...තේ ටිකක් හදන්නෙයි?....''

'' එපා චුට්ටි...දැන් ඕන නෑ.....වතුර බිව්වනෙ ඒ ඇති.''

මම වතුර එකක් චුට්ටිටත් ගෙනත් දුන්න.

'' තෑන්ක්ස් අයියෙ...මමත් තිබහෙ හිටියෙ......''

චුට්ටි වතුර එක බොන අතරෙ මම අත් දෙකේ ඔළුව ගහගෙන කල්පනා කලේ මොකක්ද මම මේකට දැන් කරන්නෙ කියල.

හරි, චුට්ටිට කතාව ඉවර කරන්ට දෙමුකො ඉස්සෙල්ලම..ඊට පස්සෙ එයා එක්කම කතාකරමු මොකද්ද කරන්නෙ කියල.....මම එහෙම තීරණය කරල ඔලුව ඉස්සුවා.

වතුර බීල ඉවරයි...එයා මා දිහා බලා ඉන්න බැල්ම දැක්කම මගෙ පපුව ආයෙම ගිනිදැල් වලින් වෙලිල ගියා.

'' පොඩි අයිය මේ හැම දෙයක්ම දැනගෙනයි ඉන්නෙ කියලත් මම දැනගෙන හිටිය. ඒත් එයා බලාගෙන හිටියෙ මම මේ ගැන එයාට කෙලින්ම කියයි කියල.එයාගෙ හැටි එහෙම තමයි.කවදාවත් කිසිදෙයක් අහන්නෙ නෑ. මටම .....මටම කිව්වොත් වැරදියි ඇත්තටම..මටයි ඔයාටයි තීරණයක් ගන්න එයා ඉඩ දීලයි තියෙන්නෙ. ඔන්න බලන්නකො මම කියන්නෙ බොරුද කියල...ඔයා නොකිව්වොත් කිසිම දවසක එයා ඔයාගෙන් මේ ගැන කිසිම දෙයක් අහන්නෙ නම් නෑ...එහෙම තමයි එයාගෙ හැටි.....''

34 comments:

  1. තෝව කොටියම කාපිය.. මේ කරන අලුගුත්තේරු වැඩේට..

    ReplyDelete
    Replies
    1. මොකදෑ අප්ප කරන්නෙ.....ආදරේ හැටි එහෙම තමයි......

      අම්මප මේ චුට්ටි හින්ද මම බැණුං අහන තරමක්....එදත් එහෙමයි....අදත් එහෙමයි......

      Delete
  2. අම්මෝ වටේ යනවා..කුතුහලය අවුස්සනවා... :/

    ReplyDelete
    Replies
    1. මොන කුතුහලයක්ද අනේ......

      '' හාව මොකද මී වදේ වටේ කැරකෙන්නේ? ''

      '' හාවො කොහෙද බං මී වද කන්නෙ? ''

      '' ඉතිං....ඒක තමයි බොල කැරකෙන්නෙ.....හෙහ්,හෙහ් ''

      Delete
  3. කොටියා කෑවොත් කතාවේ ඉතුරු ටික ලියන්නේ වසන්තයා ද..?
    එක්කෝ රවි අයියා කතාව ඔක්කොම ටික ලියලා එක පාරම පබිලිස් කරන්ඩ... ඊට පස්සේ කොටියා බැරි නං දිවියා කෑවත් අපට මොකෝ..? හිකිස්....
    (අර තරු වල තේරුම හොඳ දෙයක්ද.. නරක දෙයක් ද..?)

    ReplyDelete
    Replies
    1. හම්මෝ.........තරු වල තේරුම අන්තිම අසබ්බියයි....හොඳ එකක් නම් අය අහවල් මඟුලටද තරු දාන්නෙ....කෙලින්ම ඒකම ලියනව නෙව.......හෙහ්, හෙහ්,

      ඔය උඩ තියන පින්තූරෙ බලාපංකො...ඔය විදිහට විනාඩි පහක් හයක් ඉන්නකොට.......හෙහ්, හෙහ්,

      Delete
  4. ඔන්න ඔහොමයි චුට්ටිගෙ හිතේ කවදාවත් දැක්කෙ නැති රවි ගැන ආදරයක් ඇති වුනේ....

    තව දික් කරන්න එපා කතාව,..දැන් කතාවෙ මුලත් මතක නෑ වගේ

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ..තව එකයි....හෙටින් ඉවරයි......අම්මප මටත් දැන් මුල මතක නෑ ඔන්න ඇත්තම කිව්වොත්..හෙහ්, හෙහ්,

      පහුගිය කොටස් හත අටම ලිව්වෙ ආයෙම මුල ඉඳල කියවල අහවර වෙලා....මේ ඇත්තමයි......

      Delete
  5. අලේ...ඔහොම වැඩ කරන්නෙ ඇයි අප්පා... කුතුහලේ උපරිමයි.....

    බොහෝම අමාරුවෙන් කමෙන්ට් බොක්ස් එක ලෝඩ් කරගත්තෙ. :((( මොකක්ද කේස් එකක් එනවා අප්පා මේ කමෙන්ට් බොක්ස් එකට...

    ReplyDelete
    Replies
    1. ඔව් නිසුපා....පොඩි අවුලක් නම් තියනව....මටත් Comments වලට එතනම Reply කරන්න නම් Google chrome එකෙන් එන්න ඕන.....Post එකක් Publish කරන්න Internet Explorer එකට යන්න ඕන.....මේ සති දෙහෙකට කලින් Blogger Update උනානෙ. එදා ඉඳල තමයි මේ හෙයියම්මාරුව.....හෙහ්, හෙහ්,

      Delete
  6. හලේ මට තේරුනේ නැහැ මොකද්ද අර තරු තරු තියෙන්නේ?
    ඒක තේරුනේ නැති එක කතාව රස විඳින්න හෙන බාධාවක් රවී අයියේ. සික් ඔයත් රුපවාහිනියේ බලදාරිය වාගේ නේ.
    මට හිතෙන්නේ මේක තව අවුරුදු ගානක් යාවි. හික්

    ඊළඟ කොටස : චුට්ටි ගුරුලේත්තුවේ වතුර පිරවීම
    ඊළඟ කොටස : රවී අයියා නාන්න යාම සහ නාන කාමරේදී රවී අයියට හිතෙන දේවල්
    ඊළඟ කොටස : චුට්ටි නාගෙන එන රවී අයියට උණු උණු කෝපි එකක් දීම
    .... ඔහොම යන්ට බැරිය

    ඒක නෙවෙයි අර පින්තුරේ මොකෝ රවී අයිය ෂර්ට් එකක්වත් නැතුව. සික්. තනිකර සදාචාර විරෝධී.

    ReplyDelete
    Replies
    1. / හලේ මට තේරුනේ නැහැ මොකද්ද අර තරු තරු තියෙන්නේ? /

      මොනවද බං ඕක තේරෙන්නෙ නැද්ද?......අර උඩ පින්තූරෙ දිහාවෙ බලා හිටහං , විනාඩියක් දෙකක් ඇහිපිය නොහෙලා.....එහෙම ඉන්නකොට සාමාන්‍ය ලේ , මස් ඇට නහර තියෙන කොල්ලෙකුට මොනව හිතෙයි කියලද උඹ හිතන්නෙ?.....

      ඒකත් හිතාගන්න අමාරුම නම් ඉතිං....අර එරික් කියන උඹේ පෝරිසාදය ඉන්නෙ..ඒකගෙන්වත් අහපං.....වෙන මක් කරන්ටද?

      / ඊළඟ කොටස : චුට්ටි ගුරුලේත්තුවේ වතුර පිරවීම /

      ඒ ගුරුලේත්තු පිරවිලි හරියන්නෙ නෑ....අම්මෙ මුත්තෙ කිව්වත් හෙට නම් ඉවරමයි....ඔන්න ආයෙ ඤුරු ඤුරු ඔට්ටු නෑ හොඳේ........

      / ඒක නෙවෙයි අර පින්තුරේ මොකෝ රවී අයිය ෂර්ට් එකක්වත් නැතුව. සික්. තනිකර සදාචාර විරෝධී. /

      මම කිව්වෙ අර චුට්ටි අඬල මයෙ සේට්ටෙකේ බාගයක් කඳුළු වලිම්ම තෙත් උනාය කියල. මම හිතන්නෙ ඔය පින්තූරෙ ඉන්න ඉලන්දාරියටත් එහෙම සීන් එකක් කලින් වෙන්ට ඇති.....ඒ නිසා කෝකටත් තෛලය කියල ඌ කලිම්ම සේට්ටෙක ගලවල පැත්තක තියල මයෙ හිතේ......හෙහ්, හෙහ්,

      Delete
    2. එරික් ගෙන් අහල එයා ඕක හරියට කියන එකක් නෑ.
      හරියටම දැන ගන්ට මාත් ඔහොම චුට්ටි වගේ එරික්ගේ තුරුලේ ඉඳල බලන්ටෝනේ.
      හ්ම්ම් ... එයාටත් ෂර්ට් එක ගලවන්ට කියන්ටද? නෑ මේ කතාව අවබෝධ කරගන්ට ඕනේ නේ ඒකයි හික් !

      Delete
    3. අමා,

      එරික්..!!?? අනේ පවු අර අසරණ ඩේමනයා, ඌට දැන් එතකොට බිංදුවද..??

      Delete
    4. අයියෝ නැහැ මෙයා. දෙන්නටම මගේ හදවතේ ඉඩ තියෙනවා.

      Delete
    5. @ අමා,

      ඈ බොල උඹෙ හදවතේ ඇනෙක්ස් එහෙකුත් තියනවද?.......හෙහ්, හෙහ්,

      Delete
    6. කට්ටිය එන එන විදියට ඒ හාර්ට් එක පාර්ටිෂන් කරන්න පුළුවන්ලු.. කවදාවත් ඉඩ නෑ කියලා ආපහු හරෝලා යවන්නෙ නෑලු.. :p

      Delete
    7. යා යා පාටිෂන් මැජික් වලින් ලේසියෙන් කරන්ට පුළුවනි!!

      Delete
  7. මෙගා එකක් මෙගා එකක් මෙගා එකක්... මෙන්න අදිනවෝ ..

    ReplyDelete
    Replies
    1. කෑනුගහ ඉඳහං...සරත්..... බොලා එක්ක බැහැ නෙව කිසි දෙයක් කොරන්න.....හෙහ්, හෙහ්,

      Delete
  8. මෙච්චර දවස් දුවගෙන ආපු එකේ ඉතුරු ටිකකටත් ඔන්න ඔහෙ එනවා එක්කො..

    ReplyDelete
    Replies
    1. හරි, හරි, හෙට විතරයි රූ.......ස්තූතියි හොඳේ.....හැමදාම දුවගෙන ආවට.....

      Delete
  9. දැන් මේ කතාව අතිශය වැඩිහිටියන්ට පමනක් වේගන එනබව දැනීගෙන යනවා. 18ට අඩු අය ඉන්නවා නම් කරුනා කරලා ඇස් වහගෙන කියවන්ට. අර එක පාරක් සිත්තමී කීව කතාවක් මට මතක් උනා. මේ කතාව කියවද්දි කතා නායකයා විදියට මටත් මැවිලා පේන්නේ (මවාගන්ට පුලුවන් තරමින් රවිමයි ) ඒකෙන් කතාවට හානියක් වෙනවද මන්දා. නිකං හිතන්ට මේ බ්ලොග් යායේ ගෑනු ලමයි ටික රවි අය්යා ෂර්ට් ගලවලා ඉන්න හැටි කල්පනා කරන්ට ගියොත් කොහොමද කියලා හී හී...

    ඔය කියාගන යන කතාවේ මුල දැන් කාටවත් මතක නැතුව ඇති.

    හැබෑටම කවදාවත් නොදැක්ක දෙන්නෙක් ඔහොම ආදරෙන් බැඳෙන්ට පුලුවන්ද?:)

    ReplyDelete
    Replies
    1. අපි ඒකනේ බලල සද්ද නැතිව ගියේ........:D:D:D

      Delete
    2. @ Podi kumarihami,

      / දැන් මේ කතාව අතිශය වැඩිහිටියන්ට පමනක් වේගන එනබව දැනීගෙන යනවා /

      ඉතිං මොකෝ බොල.....බ්ලොග් කියවන්ට එන්නෙ දෙකේ පංතියෙ එවුන් නෙවෙයිනෙ.....අනික දැන් දෙකේ පංතියෙ එවුනුත් ඔව්ව දන්නව......

      / මේ කතාව කියවද්දි කතා නායකයා විදියට මටත් මැවිලා පේන්නේ (මවාගන්ට පුලුවන් තරමින් රවිමයි ) ඒකෙන් කතාවට හානියක් වෙනවද මන්දා. /

      ඇත්ත පොඩ්ඩි, සිත්තමී ඔය කතාව කලින් කිව්ව. ඒ කතාවෙ ඇත්තක් තියනව....හැබැයි හැම දේකම දෙපැත්තක් තියනව කියනවනෙ....මේ කතාව මගේම කතාව කියල කලින්ම කියල ලියනකොට තමන් දන්නා හඳුනන කෙනෙක්ට වෙච්ච දෙයක්නෙ අනේ මේ කියල සමීප බවකුත් දැනෙනව කියල හිතෙන්නෙ නැද්ද?.......අනේ මන්ද..මට නම් එහෙම දැනෙනව.....

      / ඔය කියාගන යන කතාවේ මුල දැන් කාටවත් මතක නැතුව ඇති. /

      හැමදේකම දෙපැත්තක් තියන කතාව මෙතනටත් අදාලයි...හෙහ්, හෙහ්,

      මුල අමතක වෙන එකේ හොඳ වගේම නරකත් තියනව......

      / හැබෑටම කවදාවත් නොදැක්ක දෙන්නෙක් ඔහොම ආදරෙන් බැඳෙන්ට පුලුවන්ද?:) /

      එහෙම බැඳිච්ච කාගෙන් හරි තමයි පොඩ්ඩි අහල දැනගන්ට ඕන....දන්නෙ නැද්ද එහෙම කෙනෙක් කවුරුවත්?....අහල මටත් කියන්ටකො....හෙහ්, හෙහ්,

      Delete
    3. ඉවර වුනාම කමෙන්ට් කරන්නං කියල හිතන් හැමදාම කියවල යනව, දාහත් දවසක් ම දැන් ඒක කරානෙ...

      Delete
    4. හරි හරි චේජනා නඟේ, දාහත් දවසක් ආවට ස්තූතියි බොහෝමත්ම,

      තව එන්ටකො එකම එක දවසක්.........හෙහ්, හෙහ්, හෙහ්.

      Delete
  10. ඈ අය්යේ හැබෑට මේකේ අන්තිම කොටස රබර් ද? මොනා උනත් දෙන්නම පව් අප්පා..

    ReplyDelete
    Replies
    1. උඹ නම් කතා කරන්න එපා........අම්මප මේ ඉස්තිරියාවො කියන ජාතිය නම්.......මේ කියන එක නෙවෙයි තව විනාඩි පහකින්......අනෙ ඉවර කරන්න එපා....තව ලියන්න කිව්වෙත් ඔය කටින්ම නෙවෙයිද බොල.......

      Delete
    2. :D :D නෑ ඉතින් මන් කිව්වේ දැන් කී දවසක් තව එකම එකඊ කියල කිව්වද බොලේ..කමක් නෑ ඉතින් ඔය කිව්වට අය්ය කොච්චර ලිව්වත් අපිත් ඉතින් හැමදාම කියෝනව නෙව

      Delete
    3. Just kidding mekuwi, don't take mathematics five cents....okay?....heh, heh, heh,

      Delete
  11. සැහ් අසබ්බිය ඒවා හින්දා පොඩි උන් ටිකත් නරක් වෙනවා ඕන් දැන්...

    ReplyDelete
    Replies
    1. පොඩි එවුන් ඔක්කොමත් එක්කරන් ආවද නිමන්ති මෙහෙ එනකොට?....සැහ්, එහෙම කරන්න එපා...ආයෙ එනකොට උන්ටික සාමියාට බලාගන්නෙයි කියල තනියම වරෙන්.........හෙහ්, හෙහ්,

      Delete
  12. මේ කොටසත් කියෙව්වා

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...