Wednesday, February 8, 2012

96. ගෙදරදී ම බැංකුවක් සාදා ගන්නා අන්දම........

සල්ලි... සල්ලි... සල්ලි...

ලෝකේ තියෙන හැම ප්‍රශ්නෙම ලාවට හෝ සල්ලි ගෑවිලා... කොටින්ම ඒවායින් 10%ක පමණ විතරයි ලාවට ගෑවිලා තියෙන්නේ. ඉතිරි ප්‍රශ්න 90% ම ඇති වෙලා තියෙන්නේ සල්ලි නිසා.

ආදරය, බැඳීම්, මිතුරුකම් මේ හැම දේම මැනෙන ප්‍රධාන මිම්මක් බවට අද සල්ලි පත් වෙලා. පවුලක් නඩත්තු කරන්න කොච්චර නං සල්ලි ඕනෑද? ගෙදර මහ දෙන්නම හම්බ කලත් යාන්තන් දිවි ගැටගහන්න වෙලා තියෙන යුගයක, කුටුම්භයට පිටින් තියෙන නෑදෑකම්, මිතුරු කම් වෙනුවෙන් මුදලක් වැය කරගන්න බැරිව ගියහම තමයි තේරෙන්නේ මේ හැමදේම මැනෙන්නේ සල්ලි වලින් නේද කියලා.

"එච්චි කමට ඉතිරි කරනවා. අම්මාට තාත්තාට වියදම් කරන්නේ නැත්තං කාටද වියදම් කරන්නේ? ගුණයක් නැති දරුවෝ"

"ඕකුන්ට සල්ලි තියෙනවා, ඔය නැති බනේ ගැහැව්වාට. කථාව නං පණ දෙන්න වගේ. හදිසි අතමාරුවක් ඉල්ල ගන්න ගියහම පස්ස ගහනවා"



ඉතිං හද්දෙය්යනේ, සල්ලි ඉල්ලන්න යන මනුස්සයාට වගේම අනිත් කෙනාටත් හදිසි තත්ත්වයක් ඇති වෙලා වෙන්න බැරිද? ඒ මනුස්සයාට ඇත්තටම මුදල් අමාරුකමක් නිසා නැහැයි කිව්වා වෙන්න බැරිද? මොක වුනත් අන්තිමට ඉල්ලපු දේ දෙන්න බැරි වුනා නං බැණුම් අහන්න ලැහැස්ති වෙලා ඉන්න එක තමයි තියෙන්නේ.

ඔන්න බොරු නං කල්පනා කරලා බලන්න. ගෙදර දොරේ දානෙකට, මළ ගමකට, මගුළකට දහදිය මුගුරු හෙලාගෙන, දවල් රෑ නොබලා, වෙහෙස මහන්සි නොබලා බැහැගෙන කොටසක් වැඩ කරද්දි, තවත් කොටසක් ඇවිත් මුදල් විසි කරලා ඇඟ බේර ගන්නවා.

"අනේ කිසි ලෝභ කමක් නැතුව සල්ලි වියදම් කලා, ලෝස් බෝස් නැහැ, ඕනේ තැනදි ඕනෑ හැටියට සල්ලි වියදම් කලා. සල්ලි තියේ නං වැඩ කරන්නද මිනිස්සු නැත්තේ. කට්ටිය වැඩ කරන මුවාවෙන් හොඳට ගැහැව්වා" දෙපිරිස ගැන බොහොම විට අහන්න වෙන්නේ ඔය වගේ කථා. ඕක තමයි ඇත්ත.

ඇත්ත කොහොම වෙතත්, කාවටත් අතනොපා, හදිසි අවස්ථාවකදී හදිසි වෙලා එහේ මෙහේ නොදුවා, කොහොම හරි ජාමේ බේරගන්න පොඩි ක්‍රමයක් ගැන අදහසක් දෙන්නයි මං මේ හදන්නේ. මේ ක්‍රමේ ගැන කියන්න ටිකක් කල් ගන්න මට සිද්ධ වුනා. ඒකට හේතුව ක්‍රමේ ඔළුවට වැටුනට, අත්හදා නොබලා ප්‍රකාශ කරන එක සුදුසු නැහැ කියලා හිතුනු නිසා.

මුලින් ම කියන්න ඕනෑ, ‍මේ ක්‍රමය ගැන මුලින්ම අදහස දුන්නේ මගේ මහත්තයා. ඒ 2007 වසරේ පෙබරවාරි මාසේ දවසක. එයාගේ යතුරුපැදිය මිලදී ගත්තේ 2007 පෙබරවාරි 3 වනදා. අලුත් ම අලුත් යතුරුපැදිය නිසා අලුත් සෙල්ලම් බඩුවක් ලැබිච්චි දරුවෙක් වගේ උද්දාමයෙන් හිටපු එයාගේ හිතට තමයි මේ අදහස මුලින් ම ආවේ.

"රන්දි, සාමාන්‍යයෙන් අපි දවසකට කිලෝමීටර් 50ක් විතර බයික් එකේ යනවා එනවා. හැමකිලෝමීටරයට රුපියල ගානේ සාමාන්‍ය ගාණක් විදිහට දවසට රුපියල් 50ක් කැටේකට දැම්මා නං බයික් එකේ සර්විසස් වලට අපිට ගන්න සල්ලි ඉතිරි වෙනවානේ" ඔන්න එයාගේ ඒ අදහස.

මාත් ඉතිං හාඃ කිව්වාට මොකද ඒ කාලේ අපි බැඳලා හිටපු නැති නිසාත්, එයාට ඔය වැඩේ කරගෙන යන්න අමතක වෙන නිසාත් වැඩේ මාසයක් වගේ ඇතුලතදී ඇණ හිටියා. එහෙම කරගෙන ආවා නං, මේ දැන් මං ගණන් හදලා බැලුවා, පහුගිය 3 වෙනිදා වෙද්දි අපේ අතේ රුපියල් 91,250ක් තියෙන්න තිබුනා. හැබැයි අර කිව්වා වගේ සර්විසස් වලට වියදම් නොකලා නං තමයි ඔය ඉතිරිය.

ඉතිං යාළුවෝ බොහොම දෙනෙක් දන්නා පරිද්දෙන්, පසුගිය වසරේ පෙබරවාරි 11 වෙනිදා අපි මටත් ස්කූටරයක් මිලදී ගත්තා. ඉතිං ඔන්න දැන් අර යටගිය වැඩේ මතුකරගන්න නැවතත් අවස්ථාවක් උදා වෙනවා. අපි දෙන්නා නැවතත් පටන් ගත්තා ඉහත කියපු විදිහේ ඉතිරියක් කරන්න.

මාසයක් දෙකක් දිනපතා මුදල් ඉතිරි කරගෙන යනවිට අපට දළ අදහසක් ලැබුනා මාසයකට සාමාන්‍යයෙන් ස්කූටරය ගමන් කරන දුර පිළිබඳව. ඒ සාමාන්‍යයෙන් කිලෝමීටර් 1500ක් පමණ. රුපියල ගණනේ තැබුවොත් රුපියල් 1500ක්.

ඉතිං පස්සේ පස්සේ මං කලේ මාසේ පඩිය ගත්තහම රුපියල් 2000ක් වෙන් කරන එක. ඉතිං කොහොම හරි මේ මාසේ පඩියෙන් රුපියල් 2000ක් වෙන් කලාට පස්සේ මගේ ගාව ස්කූටරයේ මුදල් වශයෙන් රුපියල් 22,000ක් තියෙයි. තාම ලීසින් කාලසීමාව ගෙවෙන නිසා සම්පූර්ණ රක්ෂණාවරණයම ගතයුතු වෙනවා. ඒ සඳහා අවුරුද්දට ම රුපියල් 10,000කට මදක් වැඩි මුදලක් අවශ්‍ය වෙනවා. ඉතිං බලන්න. අපි දෙන්නාට දැන් අමුතුවෙන් මාසේ පඩියෙන් ඒ සඳහා වැය කරන්න වෙන්නේ නැහැ. ස්කූටර් බැංකුවෙන් අපට ලෝන් එකක් ගන්න විතරයි තියෙන්නේ. පොළි රහිත ණයක්.

ඔව්... ලෝන් එකක්. ණයක්. මං එහෙම කියන්නේ හේතුවක් ඇතිව. ඉතිරි කරපු මුදලින් රුපියල් 10,000ක් ගත්තාට පස්සේ ඉතිරි වන්නේ රුපියල් 12,000යි. එතකොට ස්කූටරය ගමන්ගත් මුළු දුරට සමානුපාතික මුදලක් අප සතුව නැති වනවා. ඒ මුදල පියවන්න අවශ්‍යයි නේද? මොකද මං එහෙම කියන්නේ? එහෙම කියන්නේ, නිකමට හරි අපි අතේ ඔය ඉතිරිය නොතිබී අපි කොහෙන් හරි ණයක් ගත්තා කියලා හිතමු. සමහරවිට පොළියකුත් එක්ක ණය ගෙවන්න වෙන්නේ. ඊට නරකද අපේ ම බැංකුවට පොළි රහිත ණය ගෙවලා, මුදල පියවාගන්න එක.

ඉතිං අපි ඒ ණය මුදල පියවා ගන්න මාසෙකට වැඩිපුර වැය කරන්න බලාපොරොත්තු වන්නේ රුපියල් 1,000ක් පමණයි.

2,000 x 24 = 48,000

{(2,000 x 11 = 22,000) - 10,000)} + (3,000 x 12 = 36,000) = 48,000

ඉතිං කොහොම හරි දෙවසර අවසන් වෙද්දි රුපියල් 48,000ක පමණ මුදලක් අප අතේ තියේවි.

දැන් මං කියන්නම්කෝ මේ බැංකුවෙන් තියෙන ප්‍රතිලාභ.

1. අවශ්‍ය ඕනෑම මොහොතකදී භාවිතයට ගැනීම පිණිස සුළු හෝ මුදලක් අත තිබීම.

2. කොච්චර හම්බ කලත් ඉතිරියක් නැහැ කියන වදන ටිකින් ටික අහෝසි වී යෑම.

3. පවුල තුල සාමුහිකව මුදල් ඉතිරිය වෙත ටිකින් ටික හිත යොමු වීම. (මොන වියදම තිබුණත් ‍ගෙදර බැංකුවට රුපියල් 2000 වෙන් කල යුතුයි යන්න කල්පනාවේ නිරතුරු තිබීම)

4. සිට්ටු ක්‍රම, ණය ක්‍රම ආදියට මිනිසුන් ඇදෙන්නේ මුදල් ඉතිරි කිරීමේ පුරුද්දක් නැති කමින්. ඇයි අපට බැරි සීට්ටුවට හරියට ම මාසෙට මුදල් දෙනවා නම්, ගෙදර බැංකුවක් පිහිටුවාගෙන එහි ඒ විදිහට ම මුදල් තැන්පත් කරන්න. ඔව් අපට එහෙම පුළුවන්. සහභාගී වී සිටි අවසන් සීට්ටුවේ අවසන් කොටස ගෙවා අවසන්. සීට්ටු වලට සහභාගී නොවී අපේම ඉතිරියක්, හිතුනු හිතුනු වෙලාවට වියදම් කර නොගෙන රැක ගන්න අපට පුළුවන් බව වැටහී යාමද ගෙදර බැංකුවෙන් අප ලද එක් ප්‍රතිලාභයක්.

5. අවසන් සහ මේ වැඩෙන් අපි බලාපොරොත්තු වුනු ප්‍රධානම කාරණය තමයි කවදා හරි වෙනත් වාහනයක් මිලදී ගැනීමේදී අතැති මුදල් ප්‍රමාණවත් නොවු‍නහොත් ගෙදර බැංකුවෙන් ණයක්.



කොහොම වුනත් ඉතිරි කරන මුදල් රජයේ සම්මත බැංකුවක තැන්පත් කිරීම අනිවාර්යයෙන් කලයුතු වෙනවා. නැත්නම් ඔබේම උපදෙස් පිළිපදින කෙනෙක් ඔබගේ නිවසේ බැංකුව බිඳ මුදල් පැහැරගෙන යා හැකියි.

දැන් ඉතිං කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්, මේ තියෙන අටෝරාසියක් මූල්‍යමය ගැටළු එක්ක ඔය වැඩේට මාසෙකට රුපියල් 2000ක් හෝ ඊට වැඩි මුදලක් වෙන් කරන්නේ කොහොමද කියලා. ඉන්ධන, ලීසින්, තව තව වියදම්........... අපි හිතන්නේ මෙහෙමයි. අපිට අපි දිනපතා යන එන වාහනය වෙනුවෙන් ඒ වගේ මුදලක් ඉතිරි කරන්න බැරි තරම් ආර්ථික අහේනිය නම්, වඩාත් සුදුසු දේ බයික්කේ ගෙදර තියලා පොදු ප්‍රවාහන සේවයක පිහිට පතන එක තමයි. හා හොඳයි මොකද කියන්නේ? එහෙම නෙමෙයිද? ඒක එහෙම නෙමෙයි කියලා ඔහෙලා කිව්වත් ඒක එහෙම ම තමයි.

දැන් මං මේ උඩ කිව්වේ රුපියල් ලක්ෂ දෙකකට වඩා අඩු මුදලකට ගන්න පුළුවන් යතුරුපැදි වගේ වාහන සඳහා වන ගෙදර බැංකුව ගැනයි. අපි හිතමු තව ඉදිරිය ගැන. ඒ කිව්වේ රුපියල් ලක්ෂ දෙකත් පහත් අතර වාහන ගැන. ඕවාට බොහොම දුරට අයිත් වෙන්නේ ත්‍රීරෝද රථ සහ ඉන්ධන වැඩියෙන් දහනය කරලා දාන බෲම්ම්ම්ම්ම්......... හඬින් ඉගිලෙන බයික්ක........... ඒ බයික්ක ගැන වැඩි කථාවක් ඕනෑ නැහැ. අපි ත්‍රී රෝද රථ ගැන කථා කරමු.

මගේ ගණනය කිරීමට අනුව නං ත්‍රී රෝද රථයක් කියන්නේ දවසට ගමන් ගන්නා දුර ප්‍රමාණයෙන් 80%ක් පමණ ම මුදල් උපයන එකක්. ඉතිං එයාලා කැමති නං එයාලාට පුළුවන් එක කිලෝමීටරයකට රුපියල් 2-5ක් අතර මුදලක් ඉතිරි කරන්න. කිලෝමීටරයකට මීටර ටැක්සි එකක අය කිරීම රුපියල් 30-35ක් අතර ප්‍රමාණයක්. ඉතිං ඔය මුදලින් රුපියල් 10ක් ඉන්ධන වලට වෙන් කලත් රුපියල් පහක් ගෙදර බැංකුවට වියදම් කලත් තව රුපියල් 20ක් ඉතිරියිනේ. දන්න දන්න අයට කියලා දෙන්න. නැති බැරි කම් නැති වෙලා යන හැටි බලන්න. ඔය විදිහට එයාලා එක හිතින් එක කිලෝමිටරයට රුපියල් 5 ගණනේ ඉතිරි කලොත්, දිනකට අවමය කිලෝමිටර් 100ක් ධාවනය කලොත්, අවුරුදු පහකදී,

5 x 100 x 365 x 5 = රුපියල් 912,500යි

ත්‍රී රෝද රථය තියෙද්දීම ඔහුට හොඳ මෝටර් රථයක් ලීසින් මගින් හෝ මුල් රථය විකුණා සියලුම මුදල් යොදා අලුත් මෝටර් රථයක් අත්පිට මුදලට හෝ ඔහුට ගන්න පුළුවන් නේද?

ඒ අතරේදීම නොයෙකුත් ආයෝජන වලටත් මේ ගෙදර බැංකුව භාවිතා කරන්න පුළුවන්. කොටස් වෙළඳ පොළට, රත්‍රං උන් හිටි හැටියේ අවමිල වන අවස්ථා වලදී රත්‍රං මිලදී ගැනීමට, ඉඩම් මිලදී ගැනීමට ආදී වශයෙන් වැඩ කොච්චරක්ද?

ඉතිං ලක්ෂ 5ට අඩු වාහන ගැන කථාව ‍ඔහොමයි.

ලක්ෂ 5- 10ත් අතර (ඩිමෝ බට්ටා, අලුතින් ආපු ටාටා කාර් එක ආදිය) කිලෝමිටරයට රුපියල් 10ක් විතර පුළුවන් වෙයි. දිනකට අවමය කිලෝමීටර් 100 වුනොත්, වසර පහකදී, රුපියල් 1,825,000

ලක්ෂ 10-20ත් අතර වාහන, කිලෝමීටරයට රුපියල් 20ක් වුවහොත් වසර පහකදී, රුපියල් 3,650,000

මේ සේරම ගණනය කිරීම් කරන ලද්දේ දිනකට අවම කිලෝමීටර් ගණන 100ක් ‍ලෙස ගනිමින් වසර පහකට. සමහර දිනවල වාහනය ධාවනය නොවනවා මෙන්ම ධාවනය වන දුර ප්‍රමාණ අඩු වැඩි වෙනවා. ඒ කොහොම වුනත් ලොකු ඉතිරියක් නං සිද්ධ වෙනවාමයි.




මතක තබා ගන්න. ඔබට එක කිලෝමීටරයකට රුපියල් 20ක් වෙන් කරන්න බැරි නම්, ඔබ භාවිතා කරන රුපියල් ලක්ෂ 10-20ත් අතර වාහනයට ඔබ සුදුසු අයිතිකරුවෙක් නොවෙයි.

62 comments:

  1. අවුල කියන්නේ බැංකුවෙ චෙයාර්මන් ම සල්ලි ටිකට විදින එකනේ.. ප්‍රමුඛ එකට උනු දේම තමා වෙන්නේ හික් හික්...

    හොඳ කරමයක් හැබැයි...

    ReplyDelete
    Replies
    1. චෙයාමන්ලා තමයි වැඩේ කන්නේ පිස්සෝ...... අපිත් එහෙම චෙයාමන්ලා තමයි..... කොහොම හරි දත කාගෙන ඉවසපාන් පපුව කියලා වැඩේ කරනවා........ කොයි වේලේ සීලේ බි‍ඳෙයිද කියලා බයේ බැහැ... :)

      Delete
  2. හා හොඳයි මොකද කියන්නේ? එහෙම නෙමෙයිද? ඒක එහෙම නෙමෙයි කියලා ඔහෙලා කිව්වත් ඒක එහෙම ම තමයි.//

    මේ ටික කියවද්දි බයත් හිතුනා. අපේ නංගිත් ඔහොමයි. මතයක් තහවුරු කරන්නෙ ඕං ඔහොමයි.....
    .............

    ක්‍රමේ නං අන්තිම සරළයි වගේ. කරන්නත් ලේසියි වගේ. ඒත් අපි දවසකට යන්නෙ කි. මී. 20 යි. එතකොට මාසෙට

    20x30= 600
    600x20/-= 12000 මාසෙට. හරිද මං හදපු ක්‍රමේ. එතකොට අවුරුද්දට
    12000/-x12=144000/- මොනවා. මට වතුර එකක් දීහං කෙල්ලෙ...

    හරි ද මම හදලා තියෙනවා!

    ReplyDelete
    Replies
    1. හරි නොවෙන්නම් බුද්ධි........ කොහොමද වැඩේ....... කරලා බලමු නේද? මටත් ඉතිං කීයක් හරි දියන්නේ...... මේ දවස් වල ජීවන වියදමට හරියට දහදිය දමනවානේ..........

      Delete
  3. මේක නම් හිතලා බලන්න ඕන වැඩක්..
    ඒත් ඔය කි.මී ට 20 ගානෙ ගණන් බලන එකෙන් වෙන්නෙ මාසෙ පඩිය මදිවෙන එක අප්පා..ඒත් පුළු පුළුවන් විදිහට කරලා බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. රූ........ මං කිව්වානේ........ අපට තිබෙන වාහනයේ මිලත්, අපි කිලෝමීටරයකට වෙන් කරන මුදලත්, අපි දිනකට ගමන් ගන්නා දුරත් අතර සූත්තරයක් මේක....... ඔය තුන ම ‍හෝ එකක් අපට නොගැලපෙන මට්ටමේ නම් ඒකේ තේරුම අපි වාහනයට ගැලපෙන්නේ නැහැ කියන එකයි.....

      ඒ වගේ වෙලාවට තමයි ගොඩක් අය වාහන ගෙදර තියලා පොදු ප්‍රවාහන සේවා මගින් ගමන් බිමන් යන්නේ......... ඒක එක අතකට හරි නේද? මේ සූත්තරය සමබර වෙන්න නම් පොඩි පොඩි එජස්ට්මන්ට් කරලා, වාහනයේ මිලට සමානුපාතික වන මුදලක් කිලෝමීටරයට ඉතිරි කල යුතු වෙනවා......... කරලා බලන්නකෝ..... මං ආසයි ප්‍රතිඵල දැනගන්නට

      Delete
  4. ඔයිට සමාන ක්‍රමයක් මම මේ දින වල දී කරමින් ඉන්නවා..,
    .
    1. ගත්තා කොලයක්.., ගැහුවා කොටු 100ක්
    2. පස්සේ ඒක නම්බර් කලා 1 සිට 100 දක්වා.
    3. පස්සේ රු1000කට එක කොටුව බැගින් කොටු වලට කතිර ගහගෙන යනවා..,
    4. පටන් අරන් සති 3 දෙයියනේ කියලා 5න් 1ක් විතර සම්පූර්ණ කරගත්තා..!
    .
    ලේසියි වැඩේ. ගෙදර බැංකුව මම කොහොමත් විශ්වාස කරන එකක්..!
    වටින ලිපියක් ජය..! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලිෂාන්....... ඔයාගේ ක්‍රමයත් හොඳයි තමයි

      Delete
  5. මුලින්ම අලුත් වචනයක් ඉගෙන ගත්තා....... 'එච්චි' කියන එක කලින් අහලා තිබුනෙ නෑ..

    සංකල්පෙ නම් හොඳයි වගේ..ඒත් ක්‍රියාත්මක කරන්න නම් ටිකක් අමාරුයි වගේ පේන හැටියට නම්..අතේ සල්ලි අඩුවෙද්දි හොරාට හොරාට අත යයිද සල්ලි මල්ලට?

    අනික අක්කෙ..සීට්ටු වලින් අතට මුදල් ඉස්සෙල්ලා එනවනෙ..පස්සෙනෙ ගෙවන්නෙ (කලින් නොම්මරයක් වැටුනොත්)..එතකොට වාසියි..

    මම තාම රැකියා විරහිත උපාධිධාරියෙක්.. :)
    ජොබක් හම්බුනදාක බලන්නම්කො ඔය ක්‍රමය අත්හදා බලලා..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. එච්චි කම් නොකර අලුත් අලුත් වචන එකතු කරගන්න එක තමා හොඳ... :)

      තමන්ව පාලනය කරගන්න පුහුණු වෙන එක තමයි මුල් කාලයේ අමාරු..... ඇඳුමක් ගත්තේ නැහැ කියලා අපි මැරෙන්නේ නැහැ... ෆෝන් එකක් ගන්න, රීලෝඩ් දමන්න, බිල් ගෙවන්න, කඩචෝරු කන්න ඔය වැඩ සේරමට ම කලින් ගෙදර බැංකුව තර කිරීම මුලට දාගත්තා නං අනිත් වැඩ බැංකුවෙන් සහන ණය අරගෙන කරගන්න පුළුවන් වෙනවා.

      සීට්ටු....... ඔය ගැන අපි කථා වුනා... අපි හිතපු මාස 25ක් යන සීට්ටුවක 17 විතර ලැබුනා කියලා.... ඉතිං ඒ වගේ දීර්ඝ සීට්ටුවකට මුදල් හිර කරලා පොලු ලැබීමේ ප්‍රවනතාව ගැන දිනපතා ලේ පුච්චාගෙන රිස්ක් එකක් ගන්නවාට වඩා ඒ මුදල මාස්පතා ගෙදර බැංකුවේ තැන්පත් කිරීම හොඳයි නේද?

      ඔව් මල්ලී, කරලා බලන්න......... මුලින් ම වාහනයක් ගන්න අමාරුයිනේ...... බස් එකේ යන දුරට කීයක් හරි ඉතිරි කරන්න බලන්න........ ඒක ඔයාට ඉදිරි වැඩක දී ඵලදායී ලෙස ප්‍රයෝජනවත් වෙයි.........

      Delete
    2. //හරී,මගේ නමේ මුල් අකුරු දෙක.මම මට එහෙම කතාකරනවට මම ගොඩක් ගොඩක් කැමතියි.මම ඉතින් හැම දෙයක් ගැනම ටිකක් වෙනස් විදියට හිතන හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ කියල හිතන කෙනෙක්.//

      ඔන්න ඔහොමයි හීනලන්තේ නං තිබුනේ........ :D

      Delete
    3. ඒ ඉස්සර :)

      ඒක වෙනස් කරන්න ඕනෙ.. :)

      --
      හරී
      http://dreamsofharee.blogspot.com/
      --

      Delete
  6. මේ.... ළමයා....... අයිඩියා එකනම් මරු,

    දෙන්නෙයි තවත් ඔරිජිනල් අයිඩියාස් රාජයෙක්.... මෙහෙමත් කරන්නකො....ඉන්ටනෙට් එකේ එල්ලිලා ඉන්න පැයකට රුපියල් 10 ගානෙ වෙන් කරන්න . එතකොට දවසට ඔයා අවම පැය 10 වත් ඉන්නවනෙ ඔන් ලයින්. ( 10 x 10 = රු. 100 ) ඒ එක දවසට...සතියෙ දවස් 5 ට රු. 500. මාසෙට රු. 2,000.

    මාර්තු පලවෙනිද දෙයියනේ කියල වැඩේ පටන් ගත්ත නම් 2015 පෙබරවාරි අන්තිම වෙනකොට රු. 72,000 එකතුවෙලා ( රු. 2,000 x මාස 36 ).... අන්න එතකොට පුලුවන් ඔය කිරි ටොයියෙක් වාගෙ ඇක මත පරිගණකයක් එහෙම ගන්ට සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව.......

    ReplyDelete
    Replies
    1. හපොයි........ ඔන්න දුන්නා අයිඩියාවක්...... ඕකෙන් වෙන්නේ එල්ලිලා ඉන්න පැය ගාණ අඩු කරන්න වෙන එක තමයි........ මොකද ඔය විදිහට බැංකු තර කරන්න ගියොත්..... ගෙදර බැංකුව වුනත් ලේසි පාසු වැඩක්යෑ....................... :D

      Delete
  7. ඒහ්.... අයිඩියා ගොඩයි....
    අත්හදා බලන්න ඕන....වරදින්න කිසිම හේතුවක් නෑ...

    ReplyDelete
  8. අදහස හොඳයි..... ඒත්... අනේ මන්දා o_O

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කිව්වේ මොකද මන්දාය............ :)

      Delete
  9. ඔයාලා අලුත් ක්‍රමයක් විදිහට මේක ගැන කතාකලාට මට නම් මේ ක්‍රමය අලුත් නැහැ. මොකද තාත්ත විතරක් රස්සාවක් කරපු අපේ ගෙදරට බඩුගත්තෙ මේ විදිහට නිසා. හැම අවුරුද්දකම ඉතිරිකරන සල්ලි වලින් අවුරුද්ද අන්තිමට මොනවා හෝ ස්ථාවර වත්කමක් ගෙදරට එකතු උනා. ඒක අම්ම තාත්ත දෙන්නගෙම උත්සාහයේ ප්‍රතිපලය.

    දැං ඒ දෙන්නම ජීවතුං අතර නැහැ. ඒත් රජයේ සේවකයො වෙච්ච අපි තවමත් ඒ ක්‍රමය ඉදිරියට ගෙන යනවා. කවමදාවත් අපි සීට්‍ටු දාල නැහැ . ඒ වෙනුවට ජා.ඉ.බැ. වේ ගිණුමක ඉතිරි කරනවා. එක්කෙනෙකුට එක ගිනුමයි කියල නීතියක් එනතුරු අපිට ප්‍රශ්නයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි........ හැමදේම නැවත නැවත සිද්ධ වෙනවා කියන්නේ මේවාට තමයි මං හිතන්නේ......

      ඉතිං ඇත්තටම ඔයාලා ගෙදර මුදල් ඉතිරි කලාද? එහෙමත් නැත්නම් අපි වගේ කිලෝමීටර් ගණනට ඉතිරි කලාද? විස්තර කිව්වොත් හැමට ම උදව්වක් වේවි.

      ඔබේ ‍බැංකුව ගැන පැවසීම ගැන ස්තුතියි

      Delete
  10. හොද යෝජනාවක්,
    ඒත් හිත දමනය කරගැනීම තමයි අමාරුම වැඩේ.
    ඔයිට ටිකක් සමාන ක්‍රමයක් මමත් අනුගමණය කරනවා....
    හැබැයි මගේ චපල හිත නිතර නිතර ගෙදර බැංකුව හින්දලා දමනවා.

    ReplyDelete
    Replies
    1. මෙන්නෝ........ බැංකු මංකොල්ලාකරුවෙක්.......

      චපල සිත නිශ්චල කරගත්තා නං අපල ගෙවී සපල කාලයක් උදාවෙයි...... :)

      Delete
  11. හොඳ අදහසක් අක්කේ. ස්තූතියි. උත්සාහ කරලා බලලා ප්‍රතිඵල කියන්නම්කෝ.

    /*හා හොඳයි මොකද කියන්නේ? එහෙම නෙමෙයිද? ඒක එහෙම නෙමෙයි කියලා ඔහෙලා කිව්වත් ඒක එහෙම ම තමයි.*/

    ඒ කෑල්ල මරු! ඉගෙනගන්න වටින කියමනක්. :D :D :D

    ReplyDelete
    Replies
    1. අන්න හොඳයි. ප්‍රථිඵල දැන ගන්න මං සතුටුයි....

      අඩේ දැන් බලං ගියහම පෝස්ට් එකටත් වඩා කට්ටියට මතක මේ වාක්‍යයනේ......... :)

      Delete
    2. චිත්‍රපටි දෙබසකට හොඳයි

      -හරී

      Delete
  12. ඕව වටින වැඩ උනාට පැක්ටිකල් ගතිය අඩුයි වගේ කියල මට හිතෙන්නෙ...
    ඒ නිසා මම නම් කලේ මගේ ජීවිතයේ අවදානම රක්ෂණය කලා...
    සමාරවිට මට ඒක ලැබෙයිද කියල සුවර් එකකුත් නෑ..
    ඒත් අවසානෙ කල්පිරිල හරි ලැබෙයි නේ..

    ReplyDelete
    Replies
    1. ප්‍රැක්ටිකල් ගතිය වැඩියි කියලා කියන්න පුළුවන් දේවල්මේ ලෝකේ හරිම සීමිතයි දරුවා........ රක්ෂණාවරණයක් ලබා ගැනීමත් හොඳ ඉතිරියක් තමයි හිතුවහම........

      Delete
    2. රක්ෂණයකරන්නේ උන් අපිට ආදරේට නෙවෙයි අමිලයා.., උනුත් ගාණක් ගන්නවා.., ඔය ගෙවන ගාන හරියටම ගෙව්වොත් හරි ඒත් කරුමේට හරි මග හිට්ටොත් සොරිම තමා..!

      Delete
  13. ඔයා මට දවසකුත් කීව නංගො.. ඇත්තටම සලකල බලන්න ඕනා.. ඒත් ගිය මාසෙ පඩියෙන් තව රු.500යි ඉතිරියට තියෙන්නේ.. ඉතිරි දවස් ටිකට මේ මාසෙන් ඇඩ්වාන්ස් ගන්න මම?... බලමුකෝ...

    බුද්ධි මලේ - හා හොඳයි මොකද කියන්නේ? එහෙම නෙමෙයිද? ඒක එහෙම නෙමෙයි කියලා ඔහෙලා කිව්වත් ඒක එහෙම ම තමයි.//

    එහෙම ම තමයි අනේ..

    ReplyDelete
    Replies
    1. දරුවෝ ලොකු වෙනකොට අපේ බැංකුවත් මොනවා වෙලා තියෙයිද දන්නේ නැහැ ඉතිං...... මං මේ අවුරුද්දක් වැඩේ කරලා තමයි මේක ප්‍රකාශයට පත් කරන්න යෙදුනේ........ බලමු.... තව අවුරුද්දකින් මං කොයි තැනද කියලාත් මෙතැනටම ඇවිත් කියන්නම්කෝ.........

      Delete
  14. සියල්ල පසුවට කල්තබා වැඩ කරන මට මේ වගේ එකක් හරි යයි ද මන් දා..දැන් වියදම් කරල පස්සෙ ඉතිරි කරන ක්‍රමේ තමා මට පුරුදු... සතෙන් සතේ රුපියලෙන් රුපියල ඉතිරි කරන්න කියල ඉස්සර අර ළමයා කියන දේ ඇහුව නම් දැන් අපි කෝටි පතියෝ.. කමක් නෑ.. දැන් පටන් ගත්තොත් 60දී වත් කීයක් හරි ඉතිරි කර ගන්න බැරියැ... හොඳ අදහසක්.. ඈ...

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ පැතුම් ට මේ වැඩේ කරන්න පුළුවන්...... කරලා බලමු නේද එහෙනං........

      Delete
  15. niyama plan ekakk neeeeeeeeeee..........
    Thanks........

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් තෑන්ක්ස් ප්ලෑන ක්‍රියාත්මක කරලා බලලා විස්තර කියමු එහෙනං

      Delete
  16. මේ ඔය බැංකුවෙන් මට ලෝන් එකක් ඕනෙමයි

    ReplyDelete
    Replies
    1. අන්න හොඳයි මකරෝ....... දැන්ම ඉඳන් ඉතිරි කරන්න ලබන අවුරුද්දේ බැරියෑ තමන්ගේම බැංකුවෙන් තමන්ටම ලෝන් එකක් පාස් කරගන්න :D

      Delete
  17. අක්කේ, හොද ප්ලෑන් එකක් ...... ස්තුති..

    නමුත් ,එතකොට ලක්ශ 10-20 වාහන පාවිච්චි කරන කෙනෙක් දිනකට කි.මී 100 ක් වෙනුවෙන් රුපියල් දෙදහක් වෙන් කරන්න ඕනෙ නේද ? ඒක ටිකක් අමාරු ඉලක්කයක් නේද ? මාසයකට හැට දාහක් කියන්නෙ ලොකු ගාණක් නෙ... :(

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාටත් සම්මානි,

      ඔන්න වැඩේ....... මේකනේ නගා, ඕනෑම දෙයක් ප්‍රායෝගික වෙන්නේ ඇතිවන ගැටළු වලට අපි හොඳ විසඳුම් හොයා ගත්තහමයිනේ. දැන් හිතන්න මෙහෙම............ ඔය ප්‍රමාණේ වාහනයක් තියෙන කෙනෙක්, නිකරුනේ දවසට කිලෝමිටර් 100ක් යයිද? නැහැ නේද? එයාලා ඉන්ධන දහනය කරගෙන එහෙම ගමනක් යනවා නම් යන්නේ හොඳ බිස්නස් එකකට බොහෝ වෙලාවට. නැත්නම් ට්‍රිප් එකක්. ට්‍රිප් එකක් වුනත් හයර් එකට යනවා නං මං යෝජනා කරපු දේ කරන්න පුළුවන් නේද? සාමාන්‍යයෙන් දිනපතා වැඩට යන එන කිලෝමීටර් උපරිම යන්නේ 40-50ක් අතර දුරක්. ඒත් කාර් එකකින් එච්චර දුරක් කෙනෙක් යනවා නං එයා බොහොම විට ආයතනයක ඉහල නිලයක් දරන කෙනෙක්. ‍ඒ හැර හිතුවාහම, බැලුවහම හොඩක් අය ලඟ පාත ඉඳන් තමයි කාර් වල යන්නේ, ඔය විදහට සංසන්දනය කලාම පොඩි අදහසක් එනවා නේද?

      Delete
  18. //හා හොඳයි මොකද කියන්නේ? එහෙම නෙමෙයිද? ඒක එහෙම නෙමෙයි කියලා ඔහෙලා කිව්වත් ඒක එහෙම ම තමයි.//

    මොක එහෙම නූනත ඔය බවලත් කාගෙත් ඒක එහෙම තමයි.

    ReplyDelete
  19. නියමයි අක්කේ මගෙත් ඔහොම දෙයක් හිත යට තිබුණා ඒත් ඒක ක්‍රියාතමක කරන්න තරම් හරි මඟපෙන්වීමක් තිබුණේ නැහැ. මේ ලිපියෙන් මං හුගාක් දේවල් ඉගෙන් ගත්තා. අද ඉදන් මමත් මේ වැඩේ පටන් ගන්නවා :)

    ReplyDelete
    Replies
    1. බොහොම සංතෝෂයි නංගි....... ප්‍රගතිය දැනගන්නත් කැමතියි පස්සේ දවසකදී

      Delete
  20. මාත් කිහිප පාරක්ම වේ වැඩේ කරලා තියෙනවා. ෆෝන් දෙකතුනක්ම ගත්තේ මේ විදියට තමයි. සාර්ථක ක්‍රමයක්. හැබැයි දැන්නම් අතේ සතේ නැහැ :(

    ReplyDelete
    Replies
    1. ඈ...... බොරු නේද ඔය කියන්නේ? කිලෝමිටර් වලට සල්ලි එකතු කලා? සික් විතරක් මං මේ පේටන්ට් බල පත්තරේ ගන්න කියලා හිටියේ..... :D

      Delete
  21. මං මේ තාම කල්පනා කරනව, මේ ක්‍රමේ අපිට ආදේශ කරන්නෙ කොහොමද කියල.

    ReplyDelete
  22. ප්‍රශ්නේ රුපියල් නං රුපියල් වෙනුවට ඩොලර්ස් ආදේශ කරගන්න මාමේ....... වෙන ප්‍රශ්නයක් නං කියමු බලන්න..... විසඳුමක් හොයා ගන්න බලමු........

    ReplyDelete
  23. ම්ම්..හොද අදහසක් තමා..
    ට්‍රයි එකක් දාලම බලමුකෝ මෙහෙම ඉතිරි කරන්න ..!!!

    ReplyDelete
    Replies
    1. හි හි.... කරලා බලමු... ප්‍රථිඵලත් කියමු. තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයිනේ

      Delete
  24. හොද වැඩක්,,, එත් ඉතින් සල්ලි ලග තියෙද්දී වියදම් වෙනවානේ..

    ReplyDelete
    Replies
    1. ම්ම්....... ඒක තමයි හැමදාමත් අපට තිබුනු අභියෝගය නේද? ඒ අභියෝගය ජයගත්තා නං ගොඩක් ප්‍රශ්න විසඳේවී........

      Delete
  25. ඔය ක්‍රමය ප්‍රායොගිකයි කරන්න ලේසියි... ඒ වගේම ගෙදර බැංකුවේ ඉතිරි කරන මුදල් ටික අපිට ගන්න බැරි විදිහට හදලා බැංකුවකම තැන්පත් කලොත් පොලිය විදිහටත් තව කියක් හරි අපිට ලැබෙනවානේ..

    මම කලින් බස් එකේ ගිය නිසා බයික් එක ගත්තට පස්සේ හැමදාම බස් එකේ යන්න වියදම් උන මුදල (100) වැඩට යන දවස් ගාන අනුව හැම මාසේම (හොල්ඩ්) කරනවා

    එකෙන් තව ටික කාලෙකින් මට තව බයික් එකක් ගන්න පුලුවන්... එ වගේම ඒකට පොලියත් ලැබෙනවා...

    හදිසි උනු වෙලාවක බැංකුවෙන් ගන්න බැරි කමකුත් නැ

    ReplyDelete
  26. පරක්කු උනත් කියන්න දෙයක් තියේ. ඔය ජාතියෙ ඉතිරිකිරීම ගැන කියල තියනව ඩේල් කානගීද කොහෙද. එයා කියන විදියට කොච්චර අමාරුවෙන් ජීවත් වෙන කෙනෙක් උනත් ගානක් ඉතිරිකලා කියල අපහසුතාවය එච්චරටම වැඩි වෙන්නෙ නෑ. මගේ ලග ක්‍රමයක් තිබුන ඉස්සර. බැංකුවේ එකවුන්ට් එකකට යනව මාසෙකට පොඩි ගානක්. ගිණුමට අදාලව කාඩ් නෑ. හදිස්සියකදි සල්ලි ගන්නත් බෑ. බැංකුපොතත් මම ගත්ත ගමන් ඉරල දැම්ම. මොකද ඒක තිබුනොත්නේ සල්ලි ගැනෙන්නෙ.

    ReplyDelete
  27. ඔබට බිල් ගෙවීමට සහ නය ගෙවීමට අවශ්ය හදිසි ණය මුදලක් අවශ්ය වන අතර, ඔබ, ඔබේ මුල්යමය බරෙන් මිදීමට නිවැරදි ණය සමාගමක් වන MARY AUDREY LOAN COMPANY දී, අපි සියලු ණය වර්ග 2 ක පොලී ණයක් ලබා දෙනවා %, කරුණාකර ඊ-තැපෑල හරහා අප අමතන්න: maryaudreyloancompany@gmail.com හෝ WhatsApp හරහා +1 (412) 407-3952

    ReplyDelete
  28. සුබ දවසක්,

      හදිසි ණයක් ගැනීම? දැන් ඔබේ හදිසි ගනුදෙනුව සඳහා UNICREDIT FAST LOAN සම්බන්ධ කරගන්න. එය ඉතා පහසු සහ සුරක්ෂිත ය.

    සබඳතා තොරතුරු:

    ඉමාම්: unicreditfastloan@gmail.com

    දුරකථන: +17815611941

    WHATSAPP: +2348146606842

    ඔබ විශ්වාස කළ හැකි ණය ගනුදෙනුවක්.

    ReplyDelete
  29. ඔබේ ණය දැන් පැය 48 ක් තුළ ලබා ගන්න

    සුබ දවසක්

    ඔබට ව්‍යවසායකයෙකු වීමට අවශ්‍යද, ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට හෝ මහල් නිවාසයක් මිලට ගැනීමට හෝ ඔබ මූල්‍යමය විසඳුමක සිටීද, ඔබේ උදව් දැන් පැමිණේ, ඔබේ සිහිනය නැති වී තිබේද, සූදානම් වීමට උත්සාහ කරමින්, ඔබේ සිහින මැරෙන්නට ඉඩ නොදෙන්න, ෆ්‍රෙඩ් මහතා අමතන්න තවත්, ඉක්මන් සහ විශ්වාසදායක ණයක් සඳහා.

    අපි පහත දැක්වෙන ආකාරයේ ණය ලබා දෙන්නෙමු:

    1 ව්‍යාපාර ණය

    වෙළඳ
    ණය 3 වන මහල් නිවාසය

    ණය 4. ස්වයංක්‍රීය

    ණය 5. වාහන ණය ආදිය.

    100,000.00 සිට 500,000,000,000.00 දක්වා 3% ක පොලී අනුපාතයක් සමඟ අප සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති බැරෑරුම් සහ අවංක ගනුදෙනුකරුවන් සඳහා අපි ණය ලබා දෙන්නෙමු.

    අපගේ විද්‍යුත් තැපෑලෙන් (fredmorefinance@gmail.com) ඉක්මනින් අප අමතන්න.

    (fredmorefinance@hotmail.com)

    Whatssap අංකය: +919654763221

    අත්සන් කර ඇත

    අධ්‍යක්ෂක

    ෆ්‍රෙඩ් මහතා තවත්

    ReplyDelete
  30. ඔබට මූල්‍යමය උදව් අවශ්‍යද? ඔබ කිසියම් මූල්‍ය අර්බුදයක සිටිනවාද? නැතහොත් ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබට අරමුදල් අවශ්‍යද? ඔබේ ණය පියවීමට හෝ බිල් ගෙවීමට හෝ හොඳ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබට අරමුදල් අවශ්‍යද? ඔබට අඩු ණය ලකුණු ප්‍රමාණයක් ඇති අතර දේශීය බැංකු සහ වෙනත් මූල්‍ය ආයතනවලින් ප්‍රාග්ධන සේවා ලබා ගැනීම ඔබට අපහසු ද? අපගේ සමාගමෙන් මූල්‍ය සේවා ලබා ගැනීමට ඔබට ඇති අවස්ථාව මෙන්න. අපි පහත සඳහන් මුදල් පුද්ගලයන්ට ලබා දෙන්නෙමු.
    * වාණිජ මූල්‍ය
    *පෞද්ගලික මූල්ය
    * ව්‍යාපාර මූල්‍ය
    ඉදිකිරීම් මූල්‍ය
    * ව්‍යාපාර මූල්‍ය සහ තවත් බොහෝ දේ:
    සහ තවත් බොහෝ දේ 3% පොලී අනුපාතයට;
    විද්‍යුත් තැපෑල හරහා අප අමතන්න: Personalloanesay@gmail.com

    ReplyDelete
  31. මගේ පුතා marianlariseyloancompany බේරා ගැනීම ගැන මූල්‍ය කණ්ඩායම අගය කිරීමට කැමතියි. මගේ දරුවා කලක සිට අසනීප වී ඇති අතර ප්‍රතිකාර සඳහා මුදල් නොමැත, මගේ මූල්‍ය තත්වය නිසා කිසිවෙකු මට ණයට දීමට කැමති නැත. මේරියන් මහත්මියගේ සමාගම ණය ලබා ගැනීමට මිනිසුන්ට උදව් කළ ආකාරය ගැන මම ප්‍රධාන පිටුවේ අදහස් කිහිපයක් කියවා ඇත්තෙමි. එබැවින් මම ඇය හා සම්බන්ධ වී සියල්ල ඇයට පැහැදිලි කළෙමි. ණය මුදල සැකසීමෙන් පසු, මගේ ගිණුමෙන් ඊයේ දුරකථන ඇමතුමක් ලැබුණේ ඩොලර් 30.000 ක් මගේ ගිණුමට බැර වූ බවය. මම ඔබ සියලු දෙනා සමඟ මෙය බෙදා ගැනීම ගැන මට සතුටුයි. එය අතපසු නොකරන්න, දැන් ඔහුගේ විද්‍යුත් තැපෑලෙන් සම්බන්ධ වන්න: marianlariseyloancompany@gmail.com

    ReplyDelete
  32. හෙලෝ, මම ලබා දෙන මාරියන්ලරීස් ණය ගැතියන්
      සමාගම් සඳහා ණය 1% අඩු. ඔබට ණයක් අවශ්‍යද?
      ණය ගෙවීමට වහාම, හෝ ඔබට ව්‍යාපාර ණයක් අවශ්‍ය වේ
      ඔබේ ව්‍යාපාරය වැඩිදියුණු කිරීම, බිල්පත් ගෙවීම සහ සාරවත් බව වැඩි කිරීම
      ඔබේ සමාගම? ඔබ බැංකුව සහ වෙනත් මූල්‍ය ආයතන විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවාද? අපි පුද්ගලයන්ට, ව්‍යාපාරවලට හොඳ සේවාවන් සපයන්නෙමු
    ව්‍යාපාරික පුද්ගලයින් සහ කාන්තාවන් වන අතර අපගේ සමාගමට ලිවීමට සහ අප සමඟ ලියාපදිංචි වීමට කැමති පුද්ගලයින්ට උදව් කිරීමට අපි කැමැත්තෙන් සිටිමු
      බොහෝ අය මූල්‍යමය වශයෙන් පහත වැටී ඇත. කෙසේ වෙතත්, මූල්‍ය අවස්ථා පවතී
    ඔබේ දොරකඩ පියවරේදී, අදම MARIANLARISEYLOANCOMPANY@GMAIL.COM විද්‍යුත් තැපෑලෙන් අප හා සම්බන්ධ වන්න.

    ReplyDelete
  33. ඔබට හදිසි ණයක් අවශ්‍යද? හොඳ විශ්වාසයකින් ණයක් ලබා ගැනීමට උනන්දුවක් දක්වන අයට අපි ණය දෙන්නෙමු. අපි පුළුල් පරාසයක මූල්‍ය සේවාවන් සපයන්නෙමු: ව්‍යාපාර සැලසුම් කිරීම, වාණිජ හා සංවර්ධන මූල්‍යකරණය, උකස් හා උකස්, ණය ඒකාබද්ධ ණය, වාණිජ ණය, පුද්ගලික ණය, ශිෂ්‍ය ණය, අඩු කළ අනුපාත 1%.
    ආරක්ෂිත සහ අනාරක්ෂිත ණයක් සඳහා කරුණාකර ඔබේ අමතන්න. උනන්දුවක් දක්වන අපේක්ෂකයින් විද්‍යුත් තැපෑලෙන් අප අමතන්න: MARIANLARISEYLOANCOMPANY@GMAIL.COM

    ReplyDelete
  34. හෙලෝ; මම එලිසා රිවේරා, මම ණය නිලධාරියෙක් වන අතර මම මූල්‍ය වෙළඳපොළ සේවය නියෝජනය කරමි. කිසියම් හේතුවක් නිසා ඔබට මූල්‍ය ආධාර අවශ්‍යද? ඔබේ පිළිතුර ඔව් නම්, මගේ ණය වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සඳහා අද මගේ සමාගම හා සම්බන්ධ වීමට නිදහස් වන්න; විද්‍යුත් තැපෑලෙන් අප හා සම්බන්ධ වන්න
    (financialmarketservice@gmail.com).

    ඇයි අපි අහන්නේ ඇයි අපි? අපගේ මාර්ගගත ප්‍රාග්ධන වැඩසටහන අන් සියල්ලටම වඩා වෙනස් බව දැන් ඔබ දැනගත යුතුය.
    මෙන්න අපගේ කාරක ප්‍රාග්ධන වැඩසටහන වෙනස් වන්නේ කුමක් ද යන්න පමණි.

    ඉක්මන් අයදුම් කිරීමේ ක්‍රියාවලිය
    පැය 24 ක් වැනි කෙටි කාලයක් තුළදී
    ඩොලර් 500,000 දක්වා ලබා ගන්න
    ස්වයංක්‍රීය ගෙවීම්
    - අවශ්‍ය නැත
    ඉතා වැදගත්, සැඟවුණු ගාස්තු නොමැත
    - හොඳ ප්‍රවෘත්ති යනු වසංගතය අපගේ වේගවත් සේවා ණය දීමනාවයි.


    අනපේක්ෂිත මූල්‍ය සිදුවීම් සිදුවන බව අපට වැටහී ඇති අතර, අපි මෙහි පැමිණියේ උදව් කිරීමට ය.
    ඔබට ණය තහවුරු කර ගැනීමට, අනපේක්ෂිත වෛද්‍ය වියදම් ගෙවීමට, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවුලේ නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය වුවත්, ඔබගේ හේතු කුමක් වුවත්, අපි තේරුම් ගනිමු.
    මූල්‍ය වෙළඳපොළ සේවයේ අපගේ ඉලක්කය වන්නේ කාලෝචිත ආකාරයකින් පුද්ගලික ණය, ව්‍යාපාර ණය සහ උකස් ණය 2% ක දැරිය හැකි පොලී අනුපාතයකට ලබා දීමයි.
    සම්පූර්ණ විස්තර සඳහා විද්‍යුත් තැපෑලෙන් අදම අප හා සම්බන්ධ වන්න
    financialmarketservice@gmail.com

    අවංකවම

    ReplyDelete
  35. ඔබට ණය අවශ්‍යද? පුද්ගලික ණය? ව්යාපාර ණය? උකස් ණය? කෘෂිකාර්මික සහ ව්‍යාපෘති අරමුදල්? අපි සියලු වර්ගවල ණය 2% පොලී අනුපාතයකට ලබා දෙන්නෙමු! සම්බන්ධතා ඊමේල්;(richardcosmos5@gmail.com)

    හදිසි ණය දීමනාව.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...