Friday, December 13, 2013

234. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 7......දිඹුලාගල හාමුදුරුවෝ, කනේරු ඇට, සීනි, ග්‍රාමීය රෝහල් , පැරකොට් සහ කිරිමැටි


1. දණ ගැස්සවීම, පී.ටී. මැඩම්ගෙ ගෙදර ඉන්න එක්කෙනා සහ ...
2. ගුරුවරියක සමඟ මගේ ජීවිතය සහ ටී රෙක්ස්..........

3. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 3......මදුරු සංහාර මෙහෙයුම

4. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 4......කොලපත් බත් ගෙඩි.......

5. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 5......සූරයන්ගෙත් සූරයා,........

6. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 6......වෙන වැඩක් නෑ කන්ට,......

කළකට පස්සේ වෙළකට බැස්සේ..කිව්වලු..කවුද දැන් ඕක කිව්වෙ?...වෙන කවුද ඉතිං මී හරකෙක් මිසක්ක.....අපෙ ගුරුවිරී...ඔය ගුරුවිරී කියන්නෙ අපෙ අත්තම්මගෙ වචනයක්..ගුරුවිරී සමඟ මගේ ජීවිතේ ගැන විඩිං විඩේ මම ලිව්ව කොටස් හයක්. ඔය උඩ දාල තියෙන්නෙ එව්ව...

ඈ මා එක්ක දීග ඇවිල්ල කෙලිම්ම පදිංචි උනේ අපෙ කෝටස් එකේ. ඔය මේස කෑල්ලක් ඇඳක් පුටු හතර පහක් කාරිය මගෙ යාලුවො මම කලින් හිටපු තනිකඩ කෝටස් එකේ ඉඳල කලින්ම ගෙනත් දාල තිබ්බ. ඉතිං ඔව්ව ටිකක් එහෙමෙහෙ කරල අස්පස් කොරල දාල හිට අපි දෙන්න පදිංචි වෙච්චි.කිරිසුට්ටකුත් උතුරෝල එහෙම.

අහ්, තව කතාවක් තියනව කියන්ට.. සරණ මංගලෝත්සවෙං පස්සෙ සති දෙකක් නිවාඩු දාල ඔන්න හඳුදාවක නෙව ආපහු වැඩට යන්ට තිබ්බෙ. සඳුද පංදරම නැඟිටල යනවට වඩා යමු එහෙනං ඉරිද හවස කියල දාවල් බත් එහෙම කාල අපි දෙන්න පිටත් උනා එයයිලගෙ ගෙදරිං...

ඔන්න ගිහිල්ල අරගෙන ගිය ඇඳුං බෑග් කාරිය ක්වාටර්ස් එකේ දාල දෙන්න එක්කම ගියා ඒ කිට්ටුව තිබ්බ කඩමණ්ඩියට රෑට උයන්ට හාල්, එලෝලු මොක මොකව හරි එතනිං ගිහාම හාල් මැස්සෙක්, කරෝල කෑල්ලක් කාරිය ඇරගෙන එන්ට. අප්පටසිරි මෙන්න බොලේ වැඩේ... කඩවල් ඔක්කොම වහල....මහ ජංජාලයක් නෙව. එක කඩයක්වත් නෑ ඇරල..කඩ ඔක්කොගෙම වගෙ කහ කොඩිත් දාල..

" මොකද අනේ මේ?..." එයයි ඇහුව…

" කහ කොඩි දාන්නෙ නම් හාමුදුරුකෙනෙක් මලාම. හෙහ්..මලාම නෙවෙයි අපවත් උනාම "

" හා, හා, සාදු බලාගෙන. ඔහොමත් පයිනවද අද්දන බස් එකට? මෙතන රෝදෙට යටවෙල අපවත් උනහම මම එපාය වග උත්තර කියන්ට.."


අපෙ පාන්දර මේල් බස් එකේ රියදුරු විල්බට් අයිය ඔලුවෙ අත ගහගෙන එක දවසක් කෑමොර ගැහුවෙ නාවුල බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එක අද්දන කොටම දුවගෙන ඇවිල්ල නඟින්ට හදපු පොඩි හාමුදුරු නමකට.

ඒ ලඟම තමයි තිබ්බෙ පාර අයිනෙම ඉස්කෝලෙ. ඉස්කෝලෙ ඉස්සරහ ඉස්පිරිතාලෙ. ග්‍රාමීය රෝහලක්.වාට්ටු දෙකයි.පිරිමි වාට්ටුව සහ ගැහැණු වාට්ටුව. ස්ථාන භාර වෛද්‍ය නිලධාරී තුමා ඇවිල්ල ආර්.එම්.පී. කෙනෙක් නොහොත් ලියාපදිංචි වෛද්‍ය නිලධාරී කෙනෙක්. ඒ.එම්.පී ල නොහොත් සහකාර වෛද්‍ය නිලධාරීන් කාලයක් ගිහිල්ල වෛද්‍ය සභාවෙ ලියාපදිංචි උනාම ආර්.එම්.පීල වෙනව. කාලෙකට ඉහත එයාලට කිව්වෙ සහකාර වෛද්‍ය වෘත්තික සහ ලියාපදිංචි වෛද්‍ය වෘත්තික කියල. සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු කියල ඒ ගොල්ලො තමන්ගෙ වෘත්තීය නාමය වෙනස් කර ගත්ත.

ආර්.එම්.පී අපෙ හොඳ යාලුව. මේ නාත්තන්ඩිය දිහා ගෙවල්...කතෝලික.... මත්පැන් එහෙම පෙන්නන්ට බෑ.දැක්ක ගමන් ගසල අරිනව. සිගරටුත් එහෙමයි. මගෙ වෙඩිං එකට මිනිහ ආවෙ නෑ. ඒ කාලෙ ඒ පැත්තෙ පිස්සු බලු රෝගය පැතිරිල ගිහිල්ල තිබ්බ ගජරාමෙට. ඒ අහල පහල මිනිස්සු දෙන්නෙක්ද කොහෙද මලත් එක්ක. ඒ නිසා දවස් තුන හතරක මොකක්ද ඒ ගැන වැඩ සටහනක් තිබ්බ පොළොන්නරුවෙ. ඩොක්ටර්ට ඒකට යන්ට උනා.

" අනේ රවී…. තරහ වෙන්න එපා..මට එන්න වෙන්නෙ නෑ. උඹ දන්නවනෙ..මේ බල්ලො කේස් එක..අර සෙමිනා එකට යන්ටම වෙනව. උඹ වරෙංකො බැඳල..පස්සෙ මම එන්නම් ගෙදර වයිෆුත් එක්කම. "

මංගල්‍යාරාධනාපත්‍ර දෙන්න ගිහාම ඩොක්ටර් එහෙමයි කිව්වෙ. ඩොක්ටර්ගෙ වයිෆ් හිටපු ගමං මාසෙකට දෙහෙකට සැරයක් වගෙ ඇවිල්ල සතියක් හමාරක් ඉඳල යනව. හරිම ගුණ යහපත් මනුස්සය.

ඉතිං අපෙ ප්‍රියම්බිකාවියයි මායි පාර දිගේ ඇවිදගෙන යද්දි ඩොක්ටර් හිටිය ක්වාටර්ස් එකේ ඉස්තෝප්පුවෙ. 
අපි දැක්ක විතරයි " ආ..රවී කවදද ආවෙ? ..හෙලෝ " කියල අපෙ උන්දැ එක්ක හිනා උනා..

" අද ආවෙ ඩොක්ට, මේ මෙහෙ හොස්පිටල් එකේ ඩොක්ට..අර මම ඔයාට කිව්වෙ. ඩොක්ට මේ මගෙ වයිෆ්.." මම අඳුන්නලා දුන්න.

" මොකෝ ඩොක්ට මේ කඩවල් ඔක්කොම වහල අද? " 

සතුටු සාමීචි කතා බහ, ඒ කිව්වෙ මඟුල් ගෙදර විස්තර මගේ පැත්තෙන් සහ සෙමිනා එකේ විස්තර ඩොක්ටගෙ පැත්තෙන්...ඉවර උනහම මම ඇහුව.

" ඇයි අදනෙ දිඹුලාගල හාමුදුරුවන්ගෙ ආදාහනය..මුළු පොළොන්නරු දිස්ත්‍රික්කෙම අද කඩ ඔක්කොම වහල. "

" මාර වැඩේනෙ..අපි මේ දැන් ටිකකට ඉස්සරවෙලා ආවෙ..උයන්ට පිහන්ට හාල් පොල් ඩිංගක් ගන්ටෙයි කියල මේ කඩ පැත්තෙ යන්ට පිටත් උනේ. "

" ෂහ් එහෙමද?...මමත් තව ටිකකින් යනව යාලුවෙක්ගෙ ගෙදර මින්නේරියෙ..නැත්තං ඔය මොනව හරි.. "

" කමක් නෑ ඩොක්ට..අපි මොනව හරි කර ගන්නම්.." 


එහෙම කියල අපි දෙන්න ආපහු ආව.

 මගෙ තව යාලුවො අහල පහල ක්වාටර්ස් වල හිටියට හාහා පුරා කියල ආපු ඉස්සොරෝම දවසෙ කාගෙන්වත් බඩු ඉල්ලන්ට අපෙ එතුමී කැමති උනේ නෑ කොහෙත්ම.මට නං ඔව්වෑ ගාණක් නෑ..

" පිස්සුද ඔයාට? එහෙම මුල් දවසෙ හාල් පොල් ඉල්ලගෙන ගිහෑක? ලැජ්ජ නැද්ද? "

" එතකොට මොකද කරන්නෙ අද රෑට?. "

" මම කියන්ටද?... අපි ආපහු ගෙදර යමු.."

" ඈ??? "

මම කටත් බාගෙට ඇරගෙන එයා දිහා බැලුව. ඔව්..අන්තිම බස් එක කීයටද? හතර හමාර..මම වෙලාව බැලුව...තුනයි හතලිස් පහයි..වෙලා නම් තියනව..

" ගිහිල්ල? " 

"  ගිහිල්ල හෙට උදේ ආපහු එමු..දවල්ට ගෙදරින් බත් දෙහෙකුත් බැඳගෙන..වෙන කරන්ට දෙයක් නෑ.."

" හ්ම්ම්ම්ම්ම්..එහෙනං ඉතිං වෙන මක් කරන්නද? එහෙමවත් කරමු."

 මාස අටකට ඉස්සර ඉස්සර ඔය ඩොක්ට ගැන කතාවක් මම කියන්නම්ය කියල කිව්ව. .ඔන්න අද කියන්ටයි යන්නෙ ඒ කතාව හොඳද? අපි ඇවිල්ල එහෙම තමයි පොරොන්දු ඉටුකරන සංවර්ධන ලොතරැයිය...හෙහ්,හෙහ්,

හැලපානියා ඔතානියයි ජානුස් ද ග්‍රේට් තුමීයි නක්කලේකුත් දැම්ම ඔය කතාව කවදා කියයිද දන්නෙ නැතය කියල..අඩෝව්ව්ව්ව්..දැනගනියව් තොපි දෙන්නම... අපි ඇවිල්ල යමක් කරනව කිව්වොත් කරනව..

ඩොක්ට එක්ක අපි සතියකට දෙපාරක්වත් පොඩි ආතල් එකක් ගන්නව.හඳ පායල මහ දවල් වගෙ කිරි පාටට හතර අත බැබලෙද්දි ඒ දිහාවෙ බල බල ඩොක්ටගෙ ක්වාර්ටර්ස් එකේ සාලෙ දොරවල් වහගෙන බොන්ට සිද්ද වෙන එක තමයි අපිට කාල ඉන්ට බැරි.

වැඩේ දොස්තර මහත්තුරු ප්‍රසිද්දියෙ මත්පැන් පානය කරන්නෙ නැද්ද කොහෙද? එයාලගෙ ආචාර ධර්ම නොහොත් එතික්ස් වල එහෙම තියනව මම හිතන්නෙ. නැත්තං අර පහං දල්වල කියන්නෙ මොකක්ද ..හරි හිපපොටේමස් ආඥාව. ඔන්න බලමුකො වැඩේ හැටි මම එහෙ ඉන්නකලුත් ඕක ඩොක්ටර්ගෙන් අහන්නම්ය කියල හිතාගෙන හිටිය. ඒ මනුස්සය ගම් පලාතට ස්තාන මාරුවක් ලැබිල යනකලුත් ඒ වැඩේ බැරිඋනා නෙව. හෙහ්,හෙහ්, ඩොක්ටර්ට ස්තාන මාරුවක් ලැබිච්චි එකත් මරු කතාව..ඒක මතුයම් දවසක හොඳද?

" මඟුල මට යස්සය ආරූඩ වෙන්නෙ මිදුලෙ අච්චර හුළං වැදි වැදි ආතල් එකේ මේ වැඩේ කරන්ට තියෙද්දි මෙහෙම මේක අස්සට වෙලා මහා පව්කාර වැඩක් එහෙම නැත්තං නීති විරෝධී වැඩක් කරනව වගෙ කරන්ට වෙලා තියෙන එකට.."

හැමදාම ඩොක්ටර් පළවෙනි ෂොට් එක දාගන්ට කලින් ඔහොම කියල මූණ කට ඇඹුල් කරගන්නව.

" ගණං ගන්න එපා ඩොක්ට ලඟ ලඟ දෙකක් නවා ගන්න. එතකොට ඔය අවසේස නොවැදගත් කාරණා අමතක වෙලා යයි. " බෝතලේ ඩොක්ටට දෙන ගමන් මම කියනව.

ඒ ඊමම තිබ්බ අපෙ ක්වාටර්ස් එකට ගියානං ඔය කිසි ගින්නක් නෑ තෙල් ටිකට වැඩේ කරන්ට තිබ්බ. ඒත් කොහෙද.. අර ඔන් කෝල් සීන් එකක් තියනවනෙ ඒ කියන්නෙ වාට්ටුවාසී ලෙඩෙකුට අමාරු උනොත් නැත්තං අමාරු ලෙඩෙක් අරං ආවොත් ඩොක්ටර් කෙනෙක් ස්ටෑන්ඩ් බයි ඉන්න ඕන පරික්සා කරල අවශ්‍ය ප්‍රතිකාර කාරිය නියම කරන්ට. හාල් පොත වාගෙ මුලු ඉස්පිරිතාලෙටම හිටියෙ අපෙ කතානායක තුමා විතරක් හින්ද රාජකාරියෙ යෙදි හිටපු හැමදවසකම මනුස්සය ඔන් කෝල් බයි ඩිෆෝල්ට්.

ඒ කලිං ලියාපු සටහනේ අදාල කොටස මෙහෙමයි...

මම ඔය බඳින්ට එහෙම කලිං වැඩ කලා මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක මායිමේ පිහිටි ප්‍රදේශයක කාලයක්. කිව්වම මොකද ඔය අපෙ අම්මණ්ඩි මට කොක්ක ගැහැව්වෙ ඒ කාලෙදිම තමයි. ඔය අපෙ බින්දි නෝන දන්නව යස අගේට ඒ පැත්ත ගැන. එයයි ඒ පැත්තෙ තමයි සයිකල් පදින්ට පුරුදු වෙන්ට ගිහිල්ල තියෙන්නෙ. සයිකල් පැදිල්ල කොහොම වෙතත් එරමිණියා පඳුරු අස්සෙ තමයි වැඩි හරිය ඉඳල තියෙන්නෙ සයිකලෙත් එක්කම. හෙහ්, හෙහ්,..රයිට් කියන්ට ආවෙ ඒක නෙවෙයි...එහෙ තිබ්බ ග්‍රාමීය රෝහලක්...ඕකෙ ඉස්තාන බාර වයිද්දිය තුමා අපෙ හොඳ බොක්කා.එයයි ඇවිල්ල ඒ. එම්. පී. කෙනෙක්. අර සහකාර වෛද්‍ය නිලධාරී කියන්නෙ. අන්න ඒ ගොල්ල.

මිනිහ මත්පැන් පානයට බොහොම ප්‍රියයි. අපෙ අතීසාර මිත්තරයෙක් උනෙත් එහෙම සින් එහෙකිං තමයි.එයා ගැන කතා තියනව බර ගාණක්..ඔන්න එක දවසක් මිනිහගෙ ක්වාටස් එකේ අපි හතර පස් දෙනෙක් එකතුවෙලා පොඩි කර්මාන්තයක් කරනව ( කර්මාන්තය= මධු පානය ) ඕන්න දැං අර සිරුරෙං නිකුත්ව ආත්මය අවකාශයට පාව යන්ට ඔන්න මෙන්න තියන අවස්තාවෙ වගෙ අපි ඉන්නෙ ( Out of body experience කියන්නෙ මම හිතන්නෙ ඔය සීන් එකට වෙන්න ඕන.... මේ දවස්වල මව්බිමේද පියබිමේද කොහෙද යනව ඔය සූක්සම සරීරය, ඕකට කියන්නෙ මනෝසීල කාය කියල...ගැන ලිපි පෙලක්..මමත් ඉන්නෙ මගේ ඔය අත්දැකීං ගැනත් හොඳවයිං ලිපියක් ලියන්ට...කොහොමද අයිඩියානන්ද එක ? නරකම නෑ නේද?....හොඳම ශාස්ත්‍රීය ලිපියට ලැබෙන සම්මානෙ එහෙම හම්බ උනොත් එපා කියන්ටයැ...හෙහ්, හෙහ්,)

කුවාටස් එකේ ඉස්සරහ තිබ්බෙ පළු හතරෙ දොරක්. වීදුරු දාල. එක වීදුරුවක් බිඳිල එක්ස් රේ කොලයක් දාල අලවල තිබ්බෙ.

" අනේ දොස්තර මහත්තයෝ දොර අරින්ට......දොස්තර මහත්තයෝ ….."
එක පාරටම අර දොර ගැලවිල වැටෙන සයිස් එකට කවුදෝ දොරට තඩි බානව..ගෑණු කටහඬක්...

අපි ඔක්කොම ගැස්සිල ගියා.දොස්තර ගොයිය අපිට කිය කියල හිටියෙ එදා මිනිහ ගෙදර යන්ටයි හිටියෙ ඒත් හදිස්සි මොකක්ද වැඩක් යෙදිල යන්ට බැරිඋනාය ඒ නිසා වයිෆ් කතාකරල හොඳටම දොස් කිව්වය කියල.

" අඩේ, ඔයනං අනිවාර්යයෙං උඹෙ වයිෆ්තුමී වෙන්නම ඕන. උඹ අ..අද ගි...ගියෙ නැතිනිසා ඔය හොයාගෙන ඇවිල්ල ති..ති...ඉයෙන්නෙ.." වචන පැටලි පැටලි මම කිව්ව…

දොස්තර ගොයියටත් එකපාරටම හිතෙන්ට ඇති අඩේ එහෙමවත්දෝ කියල...ටිකක් වෙලා බලා හිටිය දොර දිහාවෙ..ආයෙම ඔන්න අර මර විලාපෙ..

" අනේ බුදු දොස්තර මහත්තයෝ........."

" පිස්සුද යකෝ...ඒ අපෙ වයිෆ්ගෙ වොයිස් එක නෙවෙයි...අනික එයා ආවනං ඔහොම දොරට ගගහ ඉන්නෙ නෑ. කෙලින්ම දොර කඩාගෙන ඇතුලට එන්නෙ...හෙහ්, හෙහ්, "


ඔය ක්වාටර්ස් එක තිබ්බෙ ඉස්පිරිතාලෙ වත්තෙමයි. ඔන්නම් වැඩිම උනොත් ඉස්පිරිතාලෙ ඉඳල යාර පණහක් ඇති.

ආයෙම ඔන්න දොරට තඩි ගැහිල්ල. අර කැඩිච්ච වීදුරුව සර සර ගල හෙල්ලෙනව. කඩාගෙන වැටෙන්ට ඔන්න මෙන්න.

" දැං අර වීදුරුවත් කඩාගෙන වැටෙනව. මචං ගිහිල්ල බලපං " එකෙක් කිව.

" පොඩ්ඩක් නිදහසේ ඉන්ට දෙන්නෙ නැති හැටි අම්මප…"

තොල මතුර මතුර ගිහිල්ල මිනිහ දොර ඇරිය. ඉන්නෙ කවුද කියල අපිට පේන්නෙ නෑ. ඒත් කටහඬ ඇහෙනව.

" අනේ දොස්තර මහත්තයෝ මයෙ කෙල්ල වහබීල අනේ විගැහිං එන්ඩ ඔබ තුමාට බුදු බව අත්වෙයි…"

දොස්තරත් එක්ක අපිත් ගියා ඒ වෙලාවෙ ඉස්පිරිතාලෙට...එතන ඒ වෙලාවෙ මරු වැඩක් උනේ...දැන් ඒ කතාව ඔක්කොම නම් කියන්න බැරියෝ. තැචර් නෝන ගැනනෙ අද කතා කරන්නෙ..ඒ කතාව වෙන දවසක හොඳද?....


ඔන්න කෙල්ල ඉන්නව ඉස්පිරිතාලෙ ඕ.පී.ඩී. එකේ ( බාහිර රෝ ගීඅංශය ) බංකුවක හරහ දාල. වයස ඔන්නම් දාහතක් වගෙ ඇති. ලව් කේස් එහෙකට වහ බීල තියෙන්නෙ කියල අපිට පස්සෙ ආරංචි උනා. ඒ කාලෙ දිවි නහගන්ට සරල සහ අඩු වියදම් ක්‍රම දෙකක් තිබ්බ විශේෂයෙන් ඔය වියළි කළාපෙ ගොවිජනපද ආශ්‍රිතව. . වැඩිපුරම පේමෙං පැරදිච්චි දාසයෙ, දාහතේ මානවිකාවො තමයි ඔය දේශීය ක්‍රම සහ විධි අනුගමනය කලේ.

1. කනේරු ඇට සහ සීනි අනුභව කිරීම..මේකෙ තියනව විශේෂ අනුපාතයක්...හෙහ්, හෙහ්, අහන්න නම් එපා කියන්නෙ නම් නෑ.මොකද මේ බොලොග් ලියන අම්මණ්ඩිල බහුතරයක් නුහුගුණේ තදටම තියන උදවිය.නිකමට වගෙ දවල්ට බත් කාල කනේරුයි සීනියි කාල බලන්ටත් බැරි නෑ..මේ යස්සය මේ කියන්නෙ ඇත්තද කියල හොදිවිසි කරන්ට...

2. ඩිස්ප්‍රීන් සමඟ අරලිය මල් පෙති තලා අනුභව කරනු.

වෙද මහත්තුරු බෙහෙත් සීට්ටු ලියන්නෙ එහෙමයි. පත අට එකට සිඳ අඬු කෝප්ප භාගයක් මීපැණි තේ හැන්දක් සමඟ පානය කරනු.

ලක්බිමේ ඒ කාලෙ පලවුනා අපූරු විහිලු කතා අඩංගු තීරු ලිපියක්. යස් ඔය දැන් Numero Uno වන්දිභට්ටයෙක් වෙලා ඉන්න ගොයිය, විපරමා තමයි ඒක ලිව්වෙ.පශු වදන ලියන්නෙත් ඔය මනුස්සයම නේද?

හරි අනික් හැමදේකටම වගෙ වන්දිභට්ටයින්ට වන්දිභට්ටකම් කිරීමේ අනුල්ලංඝනීය අයිතියකුත් තියනව. ඒ ගැන ඒ ඇති දැනට. අර කලින් කිව්ව කතාව මෙහෙමයි. මොනව උනත් මනුස්සය ඒ වැඩේ නම් කලා මල් හතට. දැන් ඒ වෙනුවට පලවෙන අර කාගෙද කොමිට් කෑලි කියවන ගමන් හිනායන්ට නම් පත්තරෙත් එක්ක දෙන්ට ඕන නයිට්‍රස් ඔක්සයිඩ් සිලින්ඩරයකුත්.

හරි ඒ කතාව මෙහෙමයි. පිස්සු බල්ලෙක් කාපු මනුස්සයෙක් ගෙනාව වෙද මහත්තය ගාවට. රෝගියා පරීක්සා කරල බලල එහෙම බේත් සීට්ටුව ලියල දුන්න. අපි හිතමු මෙහෙමයි කියල..රසකිඳ, අමු ඉඟුරු, කළාඳුරු අල, පෙරුම්කායම් සම ප්‍රමාණයෙන් ගෙන ගලෙහි අඹරා කෑ මුඛයෙහි ගානු.

වෙද මහත්තය බේත් සීට්ටුව ලියල දීල කිව්ව හරි මේ විදිහට දවස් තුනක් කරල මට ඇවිල්ල ගුණපණ කියන්න... ඔන්න ඔහොම

ඔන්න දවස් පහකුත් ගියපි ආවෙ නෑ ලෙඩාගෙ කවුරුවත්ම මොකද? කින්ද? මන්ද? කියල කියන්ට. වෙද මහත්තයට ටිකක් විතර තරහකුත් ගියා. මෙච්චර කියලත් මේ මිනිස්සුන්ට මගෙ වචනෙ අමතක උන හැටි. හැබැයි ඔය අතර බල්ලො කාපු කට්ටිය තව තුන් දෙනෙක් ආව වෙද මහත්තය ළඟට..හ්ම්ම්ම්..මේ ලෙඩේ පැතිරෙනව වගේ මට පේන්නෙ..වෙද මහත්තය තමන්ටම කියාගත්ත.

ඊට පහුවදා ඔන්න වෙද මහත්තය ඒත් අල්ලපු ගමේ ලෙඩෙක් බලන්ට යනව. පාරෙදි හම්බ වෙච්චි අර බල්ල කාපු මනුස්සයගෙ ලොකු පුතා..

" මොකද ළමයො මම එදා දවස් තුනක් බෙහෙත් බැඳල ඇවිල්ල විස්තරේකියන්නෙයි කියලත් ඔය ළමයි ඒක සත පහකට සැලකුවෙ නෑ නේද? " වෙද මහත්තය ඇහුව අර පුතා දැක්ක ගමන්ම. 

" අනේ එහෙම එකක් නෙවෙයි වෙද මහත්තයො. තවම එක දවසක්වත් ඒ කියපු විදිහට බෙහෙත් බඳින්ට උනේ නෑ.." 

වෙද මහත්තයගෙ ඇස් දෙක නළලට ගියා. 

" මොකක් කිව්ව? ඇයි ළමයො ඒ බෙහෙත් බඩු හොයාගන්ට අමාරු එව්ව නෙවෙයිනෙ කොහොමවත්ම? 

" නෑ, නෑ,බෙහෙත් බඩු ඔක්කොම අපි හොයාගත්ත. එතකොට බෙහෙත හදාගත්තට වෙද මහත්තයො කෑ මුකේ එව්ව ගාන්ට අර බල්ල අල්ලගන්ට එපාය. ඌ මහ වසවර්තියෙක්. ඌ අල්ලන්ට ගිය තුන්දෙනෙක්ව කෑව මේ පහුගිය දවස් ටිකට. වෙද මහත්තය බය වෙනට එපා. අද අපි කොහොම හරි ඌව අල්ලනව. අපි ගමේ කොල්ලො විස්සක් විතර ලෑස්ති වෙලයි ඉන්නෙ මදු එහෙම හදාගෙන." 

ලෙඩාගෙ පුතා කිව්ව බොහොම ආඩම්බරෙන් 

( ඔරිජිනල් කතාවට පොඩි එකතුකිරීම් කිහිපයක් කලෙමි.)

ඕකට කියන්නෙ සන්නිවේදනයේ බිඳ වැටීම කියල... කමියුනිකේෂන් බ්‍රේක් ඩවුන්..කියන්න හදන එක නෙවෙයි වෙන මොකවත් හීනෙකින් වත් නොහිතාපු දෙයක් තේරුම් ගන්නෙ ඒකයි ඔය සන්නිවේදනය ගැන පවත්වන සමුළු වල බොහොම තදින් අවධාරණය කරන්නෙ තමන් දෙන පණිවිඩේ එහෙම නැත්තං කියන්න හදන දේ පටලැවීමකින් අපැහැදිලිතාවයකින් තොරව තමන් දෙන්න නැත්නම් කියන්න හදන විදිහටම සම්ප්‍රේෂණය උනාද කියල සත්‍යාපනය කොට ගත යුතුය කියල.

වහ බීපු කෙල්ල ඕ.පී.ඩි. එකේ දිග ලී බංකුවක වැතිරිල ඉන්නව ඇසුත් උඩ තියාගෙන. අහළ පහළ ඉන්ට හිටින්ට බැරිතරමට නහය කඩාගෙන යන සැර ගඳක් ආව කිට්ටු වෙනකොටම....එතනම ඇණ තියාගෙන ඉඳගෙන මැදිවියේ ගෑණු මනුස්සයෙක් ඉහ අත් බදාගෙන විලාප තියනව. තව පහළවක් විස්සක් විතර සෙනඟ වටේ පොදි කනව.

ඒ පැත්තෙ සිරිතක් ඔය..වහ බීල හෝ බබෙක් හම්බවෙන්ට... මහ රාත්තිරියෙ හදිස්සියෙ ඉස්පිරිතාලෙට ඇතුල් කරන්නෙ වැඩිපුරම ඔය කාරණා දෙක හින්ද.ත්‍රී වීලර් එහෙක ලෙඩා දාගෙන ඔන්න ඉස්පිරිතාලෙට ගෙනාහම ඒ පස්සෙ ලෑම් මාට්ටර් දෙක තුනක පැටවිල ගමේ අහල පහල නෑදැ හිත මිත්‍රාදීන් සියළු දෙනාම ඔන්න එනව ඉස්පිරිතාලෙට.එහෙම නොකලොත් ඒක ඉස්පිරිතාලෙට ඇතුල් කරන තමන්ගෙ හිතවතාට / හිතවතියට ඥාතිවරයා/ඥාතිවරියට කරන විසාල අගෞරවයක්, මදි පුංචි කමක් ඒ වගේම තමන්ගෙන් ඉටුවියයුතු අනිවාර්ය වගකීමක් පැහැරහැරීමක් හැටියටයි ඒ පැත්තෙ සැළකෙන්නෙ.

" මේ ඔය කට්ටිය පොඩ්ඩක් එහාට මෙහාට වෙනවද? "

එතනට ආපු ඇටෙන්ඩන්ට්ගෙ ගෝරනාඩුවට වටවෙලා හිටපු සංවේගප්‍රාප්ත බන්ධුවර හිත මිත්‍රාදීන් එහාට මෙහාට උනා. 

" මොනවද බීල තියෙන්නෙ? "

එතන හිටපු මම හොඳට අඳුනන බෙදුම් ඇල ගොවි සංවිධාන ලේකම් මහත්තෙයෙක්ගෙන් මම ඇහුව හෙමීට. එක යායක ( ට්‍රැක් එක කියන්නෙත් ඒකටමයි ) ගොවීන් එකතුවෙලා ප්‍රධාන වශයෙන් ජලය බෙදාගැනීමේ කටයුතු උදෙසා පිහිටුවාගන්නා ස්වේච්ඡා සංවිධානය හැඳින්වෙන්නෙ බෙදුම් ඇල ගොවි සංවිධානය කියලයි. මුර ක්‍රමයක් සකස් කරල ඒ අනුව කුඹුරු වලට ජලය බෙදාහැරීමේ ජල පාලන කටයුතු කෙරුනෙ අපේ ආයතනයෙන් නිසා ඔය ගොවි සංවිධාන නිලධාරීන් සමඟ අපිට සමීප සබඳකම් පවත් වන්නට සිදුවුණා.

" ආ..මේ අපේ මහත්තයනෙ..පැරකොට් බීල තියෙන්නෙ. "

හප්පා..පැරකොට් කියන්නෙ වල් නාශකයක්.වල් නාශක තමයි සැරම. වල් නාශක ගහල කුඹුරෙ වතුර බැන්දම දවස් තුනකින්ද කොහෙද තමයි වල් මැරෙන්න ගන්නෙ. ඒ හින්ද ද කොහෙද වල් නාශක බිව්වම හොඳට සනීපයි වගෙ ඉඳල තුන්වෙනි දවසෙ තමයි වැලිගම්පිටි යනවයි කියන්නෙ.

වහබීල ඉස්පිරිතාලෙට ගෙනාහම වමනෙ කරවන්ට දෙන්නෙ සබන් වගෙ රහක් තියෙන ද්‍රාවණයක්. ඕක බීල වමනෙ කරන්ට ගත්තම වහ උඩට එන්නෙ උගුර බඩ පපුව ඔක්කොම ආපහු දවාගෙන. ඒ වෙලාවට ඇටෙන්ඩන්ට්ල කරන්නෙ එළිමහනෙ තියෙන ෂවර් එකක් යටට ගිහින් දාල ෂවර් එක ෆුල් ඇරල නාවන එක. නිකන් නෙවෙයි අමු තිත්ත කතාවෙන් බැණ බැණ..එව්ව අහනවට වඩා හොඳයි ආයම වහ ටිකක් බොන එක...හෙහ්,හෙහ්,

නහය වැහෙන්ඩ ලේන්සුවක් බැඳගෙන ඩොක්ට පාත්වෙලා ගෑණු ළමයගෙ නාඩි බැලුව.ඉනික්බිති අත් ඔරලෝසුව දිහාවෙ බලා හිටිය සෑහෙන වෙලාවක්. ඊට පස්සෙ හෙමිහිට ඔලුව හොල්ලල ඇටෙන්ඩන්ට් ගෙනාපු මෙටලික් පාට මොකක්ද උපකරණයක් පූට්ටු වෙලා තිබ්බ දත් ඇඳි අතරින් දාල කට ඇරවල පෙන් ටෝච් එකක් ගැහුව කට අතුලට..

" මේ මොනවද මේ? "
ඩොක්ට එක පාරට ඇහුවෙ කෙළින් වෙලා ආපහු හැරිල ටිකක් දුරට වෙලා බලා ඉන්න මිනිස්සු කැළත දිහාවෙ බලාගෙන.

" බුදු මහත්තයෝ ඔය කිරි මැටි… " එහෙම කිව්වෙ අර විලාප ගගහ හිටපු ගෑණු මනුස්සය.

" මොකක්? කිරිමැටි??? කිරිමැටි කොහොමද මේ ළමයගෙ කට ඇතුලෙ? "

ඒ ගෑණු මනුස්සය අසරණ විදිහට වට පිට බැලුව.

" මේ මේ අපේ විජේ බණ්ඩා මළය... එයා තමයි කිව්වෙ වහ බිව්වම කිරිමැටි දියකරල බොන්ට දෙන්නෙයි කියල.කෝ දැන් මෙතන හිටිය නේද? " 

 හෙහ්, හෙහ්, දැන් අල්ලයි විජේබණ්ඩගෙ වලිගෙ. මේ වගෙ වෙලාවට මිනිහ කරන්නෙ හීන් සීරුවෙ මඟ අරින එක.මම දන්නව ඔය විජේ බණ්ඩ. අති පණ්ඩිතය..නොදන්න මඟුලක් නෑ ඔය මිනිහ මේ නිල් අහස යට.

ඩොක්ටර් රැස්වෙලා ඉන්න මිනිස්සු ඔක්කෝම සිසාරා යන විදිහට වටේටම බැල්මක් හෙලුවා. ඊට පස්සෙ කතා කලේ අත් වැසුම් ගලවන ගමන්,

" මේ මම දොස්තර විබාගෙට ඉගෙන ගන්නකොට වහ බීපු මිනිස්සුන්ට ගැහැණුන්ට මොකක්ද කරන්න ඕන කියල ඉගෙන ගත්ත.ඒත් කිරිමැටි බීපු අයට මොකද 
කරන්න ඕන කියල අපිට කවුරුත් අපේ ගුරුවරු කියල දුන්නෙ නෑ. ඒ කියන්නෙ එහෙම එකක් අපි ඉගෙන ගත්තු වෛද්‍ය විද්‍යා ශාස්ත්‍රයෙ තිබුනෙ නෑ.ඒ නිසා කිරිමැටි පොවපු කට්ටිය කිරි මැටි අයිං කරල දුන්නොත් ඊට පස්සෙ මම ඉගෙන ගත්තු විදිහට මම වහ බීපුව අයින් කරල දෙන්නම්. "

එහෙම කියල " අපි යමු බං "  මා දිහා බලල කියාගෙනම ඩොක්ට ඉස්පිරිතාලෙන් එළියට බැස්ස.

පලි - එහෙම තද වෙලා එළියට බැස්සට ඩොක්ටර් අපහු ගිහිල්ල අර ගෑණු ළමයට ප්‍රතිකාර කලා. ඒ ළමයට ජීවිත හානියක් නම් උනේ නෑ දෙයියන්ගෙ පිහිටෙන්. ඒත් පැරකොට් වල සැරට වෙන්නැති බොහෝ විට ඇස් පෙනීම බොහොම දුර්වල උනා.

පපලි - අද අපේ එතුමිය aka ප්‍රියම්බිකාවිය aka ගුරු
තුමියගෙ උපන් දිනේ. කවිකාරිගෙ පේමෙ අවසන් කොටස ලිය ලිය ඉඳල ගුරුවරියක සමඟ මගේ ජීවිතය ගැන ආයම ලියන්ට උනේ ඒ හින්දයි. සමාවනසේක්වා!!! 


91 comments:

  1. "I wish you simple pleasures in life…
    Evergreen happiness
    A truly bright future
    Most of all Birthday Wishes
    Full of smiles and cheers"

    සඳාට සුබ උපන් දිනයක්!!! :)

    ReplyDelete
    Replies
    1. Poddi,

      A thousand thank Poddi,she wants me to express her gratitude for your warm wishes,

      පෞද්ගලිකව ස්තුති කිර්‍රිමට නොහැකිවීම පිළිබඳ ඕ තම කණගාටුව ප්‍රකාශ කොට සිටින්නීය.

      ඔන්න මෙහෙමයි දෙබස සිද්ද උනේ.

      මම - " මේ අර කට්ටියට ඇවිල්ල ඉස්තූති කරන්නෙ වත් නැද්ද අනේ? "

      ඈ - " මොන කට්ටියටද? "

      මම -" මගෙ යාලුවන්ට , බ්ලොග් ලියන අයට ..අර ඔයාට සුබ ප්‍රාර්තනා කරපු අයට.."

      ඈ - " මේ මම වෙනුවෙන් ඔයාම ස්තූති කරන්ටකො ඒ අයට. ආය මම කලාම මොකෝ ඔයා කලාම මොකෝ?"

      Delete
  2. mepamana diga hallak kiyawanna katada welawa thiyenne

    ReplyDelete
    Replies
    1. ගොඩක් නිදහස් වෙලාවක් අරන් කියවන්න

      Delete
    2. ඇනෝ,

      / mepamana diga hallak kiyawanna katada welawa thiyenne /

      සමාවෙන්න ...එක පාරටම කියන්න නම් අමාරුයි ඇනෝ..මම කියන්නද මට සතියක් වගෙ කල් දෙන්න..මම කට්ටියගෙන්ම අහල ඔයාට නම් ලිස්ට් එකක් එවන්නම්. හැබැයි ඊට කලින් මට ඔයාගෙ ඊ මේල් එක දෙන්න හොඳද?

      හැබැයි මෙහෙම දේකුත් නම් කිව්වැහැකි. හුඟක් ඇනෝලට නම් හෑලි කියවන්න වෙලාව තියෙයි. මොකද ප්‍රොෆයිල් එකක් හදාගන්න යන වෙලාවත් එයාලට ඉතුරුයිනෙ.

      Delete
    3. මගෙ නම දාපන් අයියෙ අවුලක් නැ

      Delete
    4. ඔන්න මගේ නමත් අමතක නොකර දාන්ට..

      Delete
    5. හොද රසයක් තියෙනවනම් හෑලි වුනත් ඕන හැටියේ කියවන්න පුළුවන්.. මගේ නමත් දාන්න රවී අයියේ..

      Delete
    6. මගෙත් නම දාපන් මචං

      Delete
    7. ‍මේ දිග ‍කොට අවුල බ්‍‍ලොග් අවකාශය පුරාම දැකල තියන එකක්. ‍මේ ඇ‍නෝ විතරක් ‍නෙ‍වේ ඕනතරම් ‍ප්‍රොෆයිල්කාර‍යොත් දිග වැඩියි කියන කතාව කියනව මම දැකල තියනව. ඒවාට ධනාත්මක ප්‍රතිචාර දක්වල "හරි ඊලඟ එ‍කේදි ඒ ගැන හිතන්නං" ව‍ගේ ‍පො‍රොන්දු ‍වෙන බ්‍‍ලොග් කාර‍යොත් ඉන්නව. ‍මේ තත්වය ‍වි‍ශේෂ‍යෙන්ම කෙටිකතාකරුවන්ට හානිදායකයි.
      ‍හොඳම ‍දේ තමයි දිග වැඩියි කියල හිතන අය දවස් ‍දෙකකට විතර කියවීම

      Delete
    8. මමනං කියන්නෙ ලියන්න පුලුවං එකාට එක පෝස්ට් එකකට පුලුවං තරං දිගට ලියන්න අරින්න කියන එකයි. මොකද ඕව දෙකට තුනට කඩන්න ගියාම සමහර කෑලි හැලෙන්න පුලුවං.

      Delete
    9. liyannage hatiyata thama...Ravindaranath mahaththayage post matanam kota wadiyi hondatama :-|

      Delete
  3. මාර ස්ථානෝචිත ප්‍රඥාවක්නේ තිබිලා තියෙන්නෙ... ආපහු යං ගෙදර... හි හි... අපි දෙන්න එහෙම නං ඔන්නොහෙ තේකක් බීලා නිදා ගමු කියල ආපහු ගෙදර එයි.... හි හි...

    හැප්පි බර්ත්ඩේ වේවා ගුරුතුමීට.... මෙච්චරකල් රවියයියා එකක් ඉඳලා මොලේ කොලොප්පං වෙලා නැතුව ඇති නේද ..... හි හි

    ReplyDelete
    Replies
    1. Hiru,

      / හි හි... අපි දෙන්න එහෙම නං ඔන්නොහෙ තේකක් බීලා නිදා ගමු කියල ආපහු ගෙදර එයි.... හි හි… /

      මෙවුන්දැ ගෙදර හැදිච්චි විදිහනෙ බං...අම්ම කියල දුන්නු විදිහ..තවමත් ඔය සමහර ඒ කාලෙ පුරුදු තියනව අතෑර ගන්ට බැරුව.

      එලෝලු මස් මාලු උයන්ට ඉස්සර හෝදනව දහ පාරක් විතර. අන්තිමට එව්වයෙ හොඳ හරිය වතුරටම දියවෙල ගිහිල්ල.කඩල තක්කාලි, එළබටු කන්නෙ පොත්ත අයිං කරල..උදේට කඩල තම්බපු දවසට කාල ඉවර වෙන්නෙ දොලහ කිට්ටු කරල. කඩල ඇටෙං ඇටේ අරිනව පොතු හෙහ්,හෙහ් මම කරන්නෙ විනාඩි දහයයි කඩල ටික ගිල දාල ඉවරයි. අරුන්දැ හෙමිහිට පොතු ඇර ඇර කාල ඉවර වෙනකල් එතනම ඉඳගෙන පොතක් කියවන එක. එවුන්දැගෙ කඩල රාජකාරිය ඉවර වෙනකොට මට පිටු දෙසීයක වගෙ පොතක් කියවල ඉවර කලෑකි. හුඟක් ඔය වගෙ කෑලි දැන් මඟ ඇරිල ...අවුරුදු දහ අටක් කියන්නෙ සෙල්ලමක් නෙවෙයිනෙ. මම හැබැයි ඔය කිසිදේකට උපදෙස් දෙන්ට ගියේ නෑ. අරම කරපන් මෙහෙම කරපන් කියල

      / මෙච්චරකල් රවියයියා එකක් ඉඳලා මොලේ කොලොප්පං වෙලා නැතුව ඇති නේද ..... හි හි /

      උන්දැටත් කලින් ඉඳලම තිබ්බ ඔය සිහිය ජුංඩක් එහා මෙහා වෙච්චි ගතිය. ඒකත් හොඳකට ගියා, එහෙම නැතුව කොහොමෙයි මා එක්ක ඉහ ගහල ඉන්නෙ. නැත්තං තුම්මාසයක් යන්ට කලියෙං පැදුරු කොට්ටත් අකුලගෙන උන්දැ පලච්චනව ගෙදෙට්ටම.

      Delete
    2. කඩල කමක් නෑ කියමුකො.. මුංඇට කව්පි වගේ එව්වත් පොතු ඇරල කනව නම් දෙයියන්ගෙ පිහිටයි... :)

      Delete
    3. සාතන්,

      මුංඇට කව්පී පොතු අරින්නෙ නම් නෑ බං..කඩල තක්කලි සහ එළබටු වගෙ එව්ව විතරයි.මං මුලිම්ම මේආතල් එක දැකල ඇහුවම කිව්වෙ අම්ම කිව්වලු පොතුත් එක්ක කෑවොත් පොතු බඩවැලේ ඇලෙනවය කියල. මං ඉතිං ඒකත් එහෙමද? කියල මුනිවත රැක්කා.තාම එහෙමම තමයි..හෙහ්,හෙහ්.

      Delete
    4. බොලේ, මාත් එළබටු කන්නේ පොතු ඇරලනේ. මයෙ සිත්තරා ඒ ගැන අහනකල්ම මං හිතාගෙන හිටියේ හැමෝම ඒවා කන්නේ ඒ විදිහට කියලා. ඒවායෙ පොතු කෑවම දිරවන්නේ නෑ කියලා මං පොඩි කාලේ අහලා තියෙනවා. ඒ හින්දා මම තාමත් ඒවා පොතු ඇරලා තමයි කන්නේ. පොත්ත ඇරගන්න බැරි එකක් පිඟානේ අහු උනොත් අර අයින් කරපු පොතු එක්ක ඒකත් අයිංම කරලා දානවා. :D

      පහු උනාට කමක් නෑ, සඳා අක්කට සුභම සුභ උපන්දිනයක් පැතුවයි කියන්නකෝ අයියේ, හොඳද. :) :) :)

      Delete
    5. සිත්තමී,

      / ඒවායෙ පොතු කෑවම දිරවන්නේ නෑ කියලා මං පොඩි කාලේ අහලා තියෙනවා. ඒ හින්දා මම තාමත් ඒවා පොතු ඇරලා තමයි කන්නේ. /

      හරි බං දිරවන්නෙ නෑමය කියමු. ඒත් එව්ව ඔච්චර වද වෙලා අයිං කොරන්නෙ මොකටෙයි? නොදිරවූ අනෙකුත් ආහාරත් එක්ක පිටවෙලා යාවි යන්ට යස අගේට. මොකෝ එහෙම නැතුං උඹෙ ආමාසයෙ පදිංචි වෙයි කියල හිතුවද?

      Thanks Madam for your wishes!!!

      Delete
  4. දැන්නං වල් නාශක එච්චර සැර නැ , මං සතියකට කලින් ගැහුවා වගුරේ තණකොල වලට , කියන අනුපාතය වාගේ දෙගුනයක් කලවං කරලත් ගහලා තාම මැරිලා නැ , දැන් ඉස්සර වාගේ ගදත් නැ , පාටත් නිකං ස්ටෝබෙරි කෝඩියල් වාගේ , කිසිම සැරක් නැ වහත් බාල කරලා , ගාන නං අඩුවක් නැ ලිටර් එකක් එක්දාස් දෙසීයක් , ඒ කාලේ ජාති බාන්ඩයක් තිබ්බා '' මොරකොඩපොච් '' කියලා අන්න බොනවනං වහ , ඔය කනේරුයි අරවයි මෙව්වයි කනකොට නියම මෙතඩ් එකට කෑවේ නැත්තං වැඩක් නැ ,

    රවි කාල තියනවද නියගලා අල . මං දවසක් කැවා මොන රහද බලන්ඩ හැපෙන්නේ නං හුලංකීරිය අල අමුවෙන් කනවා වාගේ , කඩ නං නිකං හාරගෙන හාරගෙන යනවා ,

    ඔය ලාඩප්පා ( ගිනිසීරිය ) මල් පට්ට විසයි අවුවේ තව් මරලා ගත්තහම ඉස්සර හරක් හිටං මැරෙනවා , මියන්ට බත් එක්ක දෙන්ඩ මරේ මරු

    කිරි මැටි වලින් හදපු බෙහෙතක් ඉස්සර පාවිච්චි කරලා තියනවා සිංහල වෙද කමේ බඩයන එක නවත්තන්ඩ , ඒක බලාගන ''කෙවුලින්ද '' මොකක්ද කියලා බටහිර වෙදකමේ ‍බෙහෙතක් තිබුනා කියලත් මම අහලා තියනවා . ඒක ටිකක් හොයලා බලන්ඩ ඕන කාරනාවක් , ඒ ගැන ලස්සන කතාවක් තියනවා ,

    බඩ යන සුද්දෙක්ට වෙද මහත්තයෙක් නියරෙන් කිරිමැටි අරගන බොන්ඩ දීලා , ඒකට බඩයැම නැවතිලා , අර කිරිමැටි එන්ගලන්තෙට අරගන ගිහින් පරික්ෂා කොරලා අර බෙහෙත හදාපු කතාවක් එකෙන් වෙන්නේ සියුම් මැටි අංශු බඩ වැල් වල සහ ආමාශයේ බිත්තිවල බැදිලා ජලය වහනය වෙන එක අඩු වෙලා බඩ යන එක නවතින එකලු , ඕන දැන මුත්තන්ට ඕන නං ඔය ගැන හොයන්ඩ පුලුවං ,

    අළු කෙහෙල් අල කොටලා මිරිකලා ගන්න ඉස්මෙනං ඔන්න ඔය වල්නාශක වලට හොද ප්‍රතිරෝධයක් තියනවා , වහ බීපු උන්ට පස්සේ ඇතිවෙන අතුරු ආබාධ එහෙම ඇති වෙන්නේ නැ අළු කෙහෙල් ඉස්ම බොන්ඩ දුන්නහම

    ඔන්න මෙව්වා කියුවා කියලා ඔය මහත්තයා මාව ''විජේ බණ්ඩා මළය'' ගේ කැළැසියට මාව දාන්නේ එහෙම නැ හරිය.



    ReplyDelete
    Replies
    1. ඔය බඩ යන එකට හොඳට තදට අමුඩයක් ගැගුවත් හරි. බොරුනම් එහෙම අමුඩයක් ගහලා මැල්ලුම්නට ඇත්තෝර කොල ටිකක් දාලා කාලා බලහන්කෝ.

      Delete
    2. අටම්,

      / ඒ කාලේ ජාති බාන්ඩයක් තිබ්බා '' මොරකොඩපොච් '' කියලා /

      මම හිතන්නෙ අටම් මල්ලි උඹැහෙ ඔය කියන්නෙ මොනොක්‍රොටොෆොස් ගැන වෙන්ට ඕන. හප්පා ඒක මාර වහක්. පරිසර හානි නිසා මුළු ලෝකෙ පුරාම වගෙ දැන් තහනම් කරල.

      / රවි කාල තියනවද නියගලා අල /

      පිස්සුද බොල?...මම කාල නෑ. නිතර නියඟලා කන්ට එපා බොල. ඒකෙං වෙන්නෙ ඒ විස ඇඟට පත්තියම් වෙනව. ඊට පස් සෙ හදිස්සියකටවත් දිවිනහගන්ට වෙන්නෙ නෑ.

      රස්පුටින් ගැන අහල තියනව නේද? මනුස්සය කරල තියෙන්නෙ පොඩ්ඩ පොඩ්ඩ වහ කාල සරීරය වහට පුරුදු කර ගත්ත එක. පස්සෙදි මිනිහව මරන්ට සාමාන්‍යයෙන් මිනිස්සු පස්දෙනෙක් මරන්ට ප්‍රමාණවත් වහ දුන්නත් මිනිහ මැරිල නෑ කියලයි කියන්නෙ. අන්තිමට වෙඩි තියලයි මරල තියෙන්නෙ.

      / ඒක බලාගන ''කෙවුලින්ද '' මොකක්ද කියලා බටහිර වෙදකමේ ‍බෙහෙතක් තිබුනා කියලත් මම අහලා තියනවා . /

      ඔබ හරි කෙඕලින් පාවිච්චි කරන බඩේ අමාරුවට බෙහෙතක් හදන්ට. තව පෝසිලෙන් නිෂ්පාදනය, දත් බෙහෙත්,සුවඳ විලවුන්, ආලේප කරන තීන්ත, සිමෙන්ති වගෙ බොහොමයක් හදද්දි කෙඕලින් ගන්නව.

      / අළු කෙහෙල් අල කොටලා මිරිකලා ගන්න ඉස්මෙනං ඔන්න ඔය වල්නාශක වලට හොද ප්‍රතිරෝධයක් තියනවා , /

      අළු කෙහෙල් කඳ පෙති ගහල ඒ ඉස්ම කියලයි මම අහල තිබ්බෙ. පොල්කිරිත් ගන්නව ප්‍රථමාධාරයක් විදිහට.

      Delete
  5. ගුරුවරීට සුභ උපන්දිනයක් වේවා. මේ සීරීස් එක ටිකක් ඇදල ලියහංකො.

    පුදුමයි පැරකොට් බීල හොඳවුනා කිව්වම. මම දන්න පොරක් බිව්ව පැරකොට්. ඉස්පිරිතාලෙ ගෙන්යන්න දුන්නෙත් නෑ. නමුත් බලෙන් වගේ ගෙනිච්ච. දවසක් විතර යද්දි ජීවිත ආශාව උපරිමයටම ආව. නමුත් බොහොම දුක් විඳල මැරුණ.

    පැරකොට් බීපු තවත් එකෙක් සති දෙකක් විතර ඉඳල මැරුන මතකයි. මැරෙන්න කලින් උගේ දිවේ කෑලි ගැලවුනා. ඒව දැක්ක නං කවදාවත් වහබොන්නෙ නෑ. ඒ වගේ තමයි ඉස්පිරිතාලෙදි ලැබෙන සැලකිල්ල. නිකං දූෂණ කේස් එකකට හිරේ ගියා වගේ.


    ReplyDelete
    Replies
    1. රාජ්,

      / මේ සීරීස් එක ටිකක් ඇදල ලියහංකො /

      ඔන්න බලාපංකො උඹ කියන එක. දැනටමත් හෑල්ල වැඩියි කියල චෝදනා එනව. ඒ අස්සෙ උඹ කියනව තව ඇදහංය කියල :)

      ගුරුවරීගෙ කතාව කියන්නෙ කවදද කියල උඹ මලේ මයෙං ඇහුව කීප විඩයක්ම නෙවද? :)

      පැරකොටුත් දැන් තහනම් කරලද කොහෙද තියෙන්නෙ.


      Delete
    2. ඔව්. උඹ දකින දකින තැන කිව්‍වෙ ‍මේ සීරීස් එක ලියන්න කියල.
      පැර‍කොට් නමින් නැතත් ‍මේ ජාතිය තාම තියනව. පැර‍කොට් වලට වැඩිය සැරයි රවුන්ඩ්අප් කියන වල් නාශකය.

      Delete
    3. අර වාංපතුල දැං ගෙවිල ඉවරද?

      Delete
    4. Praසන්ன,

      / අර වාංපතුල දැං ගෙවිල ඉවරද? /

      නෑ නෑ තව කොහෙද?... ඒකෙ තියනව ඉස්සරහට ලියන්ට කතන්දර සීයකට එහා පැත්තෙ...:)

      Delete
  6. aththatama una de man kiyannada........mokada Kavi kari gen guruwarita maru une kiyala............mehemai wela tiyenne.......guuthumi awa Birth day1 dawase blog1 patte kohomada eyage guna gayana karala tiyenne kiyala....eth hama thanakama KAVIKARI,KAVIKARI.......Gurutumi gana mukuth na......itin guruthumi damme nadda loku saddayak....Ravi aiyath itin angampora igana gattu sudaliye paramparawe wechchi kota oya podi podi sadda walata baya wenawada.....eth itin mona unath gedara undawath shape karaganna hitagena Damma Guruwari Samaga jiwite kiyala......Habai 1 liwwe suttama suttai Guruwari gana .....anna ehemai Mr.Ravi raulai kadai 2kama bera gatte.........

    Happy Birth Day Mrs.Ravi........(Rahasak kiyannada........Oyage Birth Day1ta dapu wish1nam anithima narakai.........meka onna dostarage Birth day1 unanam tikak hari hita hada ganna tibba......meka lesiyen athrinna epa hode......)

    ReplyDelete
    Replies
    1. Sacheera,

      අපෝ එහෙම උනේ නම් නෑ බොලේ...ඒ මහගෙ මෙව්ව කියවන්නෙත් ‍යලට මහට…

      ඔය මම කිව්වොත් අන්න ඔහෙ ගැන මම ලිව්ව ගිහිල්ල බැලුවනං කියල ඔන්න ගිහිං බලල මට පස් පඩංගුවෙ බැණ අඬගහයි " මොනවද අර ලියල තියන විකාර? ඈ මනුස්සයො මට රෙද්දක් ඇඳගෙන පාරක තොටක යන්ට ඉඩ තියන්නෙ නැද්ද හැබෑටම " කියල..හෙහ්,හෙහ්,

      Delete
  7. ගුරුතුමියට සුබම සුබ උපන් දිනයක් වේවා !!

    අද කවිකාරි ගැන ලිව්වා නම් හරි නැහැ නේන්නං ..අර බුල් බුල් තුවා දුසිමක් විතර ඕන වෙයි එහෙනම් .

    දන්නවා දන්නවා ඔය පළාත ..බයිසිකල් පදින්න නම් තවම බැහැ . සික් මාර මදිකමක් මෙහෙදී නම් . මෙහෙ උන් උපදින්නේත් බයිසිකලයක් එක්කද කොහෙද . අපිට නිකන් ඇවිදිනවා කනවා බොනවා වගේ තමයි මෙවුන්ට බයිසිකලය . සුද්දන්ට සුද්දීයන්ටත් එහෙමයි . අම්මපා කියන්න ලැජ්ජයි මෙහෙදී බයිසිකලයක් පදින්න බැහැ කියල .

    කනේරු ඇට කන්නේ සීනිත් එක්කද .

    ReplyDelete
    Replies
    1. බින්දි,

      / දන්නවා දන්නවා ඔය පළාත /

      ඔහෙගෙ අක්කණ්ඩි හිටපු දිහාම නෙවෙයි මේ. ඒත් ඒ කිට්ටුවම තමයි. මේ ඇවිල්ල අත්තනකඩවල.

      / අම්මපා කියන්න ලැජ්ජයි මෙහෙදී බයිසිකලයක් පදින්න බැහැ කියල . /

      පිටිපස්ස රෝදෙ දෙපැත්තට සුට්ටං රෝද හයි කොරාපු බයිසිකල් තියේ පුරුදුවෙන්ටම හදාපුව. අන්න ඒකකිං පුරුදු උනානං හරි අර වැව වටේ… :)

      / කනේරු ඇට කන්නේ සීනිත් එක්කද . /

      යස් කනේරු වල තියෙන සයනයිඩ් ද මොකක්ද විෂ රසායනය ක්‍රියාකාරී වෙන්නෙ සීනිවල තියෙන සුක්‍රෝස් එක්ක එකතු උනාමයි කියල මම ඒ දවස්වල කොහෙ හරි කියවපු මතකයක් තියෙනව.

      Delete
  8. කියවන්න වටින කතා ගොඩක් තියෙන අපූරුම බ්ලොග් පිටුව ඇස ගැටුනේ අදයි. බොහොම ස්තූතියි මේවා අපිත් එක්ක බෙදා ගත්තට, ඒ වගේම ගුරුතුමියට සුභ උපන්දිනයක් වේවා ! කියලා ප්‍රාර්ථනා කරමි. දුෂ්කර සේවය කරද්දී ජීවිතය ඉතා රසවත් එකක් කියලයි හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. යසූ,

      ඔබගේ සටහන් ද කියවීමි.හරිම රසවත් ඒ වගේම අපූරුවට පෙළගැස්වූ සටහන් පෙලක්....ස්තූතියි,

      සුබ පැතුමටද ආයෙම ස්තූතියි :)

      Delete
  9. එළි පහලියෙ හුලං වැදි වැදි බොන්න තියෙන එකේ කාමරයක් අස්සට වෙලා බොන එක මටත් පෙන්නන්න බැරි දෙයක් තමයි.
    ඔය වහ බීල ඉස්පිරිතාලෙ ගෙනියන උංට දෙන වද ගැනනං කියල වැඩක් නෑ. මාත් දැකල තියෙනව ඒ වගේ කේස්.

    ඩ්‍රිස්ප්‍රීන් සමග වෙරළු මල් එහෙම බිව්වොත් මොකක් වෙයිද දන්නෑ නේද? ඔය අපේ දේශක තුමා එහෙම ඒ වගේ ක්‍රමයක් අත්හදා බලයි මං හිතන්නෙ. :D

    ගුරු තුමියට සුබ උපන්දිනයක් පතනවා.

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      වහ කේස් එකනම් ආය කියල වැඩක් නෑ. මනුස්සයෙකුට දිවිනගගන්ට ඊට වඩා අමාරු ක්‍රමයක් තියෙන්නෙ මම හිතන්නෙ ගිනි තියාගන්න එක විතරයි.

      හෙහ්, හෙහ්, ටිකක් වැඩිවෙන්ඩ බීල කබ්රාල් දානකොට ඒ වෙලාවෙ නම් ගාණක් නෑ, ඒත් පහුවදාට කොහොමද උගුර කට ඔක්කොම දන දැවිල්ල ගලනාලයෙ ඉඳල. ඒ ඔය බඩේ තියෙන ඇසිඩ් එකට.නිකං හිතපං අර සත්තු නැත්තං වල් මරන්ට ගහන බේත් ගුඩු ගුඩු ගාල කෙලල ඇරියම කොහොමද කියල. අනික බං වහ බඩේ තියාගෙනත් බෑනෙ අනිවාර්යයෙං පිටකරන්ඩ ඕන. එකම ක්‍රමේ වමනෙම තමයි. ඉතිං එක පාරක් බඩට බහිනකොට පිච්චෙනව. ආයම වමනෙ කරනකොට දෙවෙනි පාරටත් පිච්චෙනව. හපොයි.සංසාරේ!!!

      Delete
  10. Wishing a happy birthday to Mrs.Ravi...

    ReplyDelete
  11. හැප්පි හැප්පි මෙව්වා ඩේ එකක් වේවා ටීචර්..

    අපිට මෙහෙම නම්. ටීචර් කොහොම දුකක් විඳිනවා ඇද්ද හැමදාම යාල්දේවියේ යනවා කිව්වම. ඇයි ඉතින් මූ ලියනවා වගේම වෙන්න ඇති නේ කතා කරන්න ගියාමත්. පවු ඒ මනුස්සයා. ගිය ජාතියේ පරාක්‍රම රෙඩියෝ එකෙ ලව්ස්කීපර් කුළියට දෙන රස්සාවක් කොලාද මන්දා.

    මේ ඒක නෙමෙයි, අර වහ බිව්වම වෙන ඇක්ස්පිරීයෝන්ස් ගැන පාලිත පෙරේරා වගේ කොමෙන්ට්‍රියක් දීලා තියෙන්නේ. උඹ මක්කටෙයි වහ බිව්වේ. ඒ විස්තරෙත් ලියහන්කෝ රවී අයියියේ.

    ReplyDelete
    Replies
    1. Maathalan,

      / ඇයි ඉතින් මූ ලියනවා වගේම වෙන්න ඇති නේ කතා කරන්න ගියාමත් /

      හෙහ්, ආය මොනවද? මම ඉතිං කතා කරනව. එවුන්දැ එවුන්දැගෙ වැඩ..නියමිත කාල ප්‍රාන්තර වලදි " ආ, එහෙමද? " " නෑ...ඉතීං? " " හප්පච්චියේ…" " මදැයි කොලා…" " හිහ්, හිහ්, හිහ්…" වගෙ ප්‍රතිචාර දක්වන්ටත් අමතක කරන්නෙ එහෙම නෑ.

      දිග කතා කියනකොට මතක් උනා මට අපිත් එක්ක වැඩ කරන්ට ආපු සුද්දෙක්...අනූවෙ දසකයෙ අග බාගෙ විතර අපෙ ආයතනයට ලැබුන විදේශාධාර ලොකු මුදලක්. මෙව්ව වියදම් වෙන හැටි හොයා බලන්ට එව්ව මෙහාට හුද්දෙක්. හුද්ද ඉතිං අපෙ කෑම්ප් එකේම පැලපදියං උනා.ගොවියංගෙ රැස්වීම් එහෙම බලල කරුණු එක් රැස් කරගන්ට හුද්දට ඕන උනා.හුද්ද මුලිම්ම ආපු දවසෙ උගෙ අතේ තිබ්බ නවල් එකක්. මම ඕක ගැන විස්තර අහල පස් සෙ ඌ මට ඒ පොත තෑගි දුන්න කියවල ඉවරවෙලා.

      ඔහොම හුද්දයි මායි ජිල්පිට් ද ගුල්පිට් උන නිසා අර රැස්වීම් වලට යනකොට ඒකගෙ පරිවර්තකයා හැටියට කටයුතු කරන එක අපෙ ලොක්ක මටම බාර දුන්න.හයියෝ ඒ සුද්ද හිටපු අවුරුද්දක් විතර කාලෙ වෙච්චි දේවල් කියල වැඩක් නෑ. " සුද්දෙක් සමඟ..." කියල ලිව්වැකි කොටස් විස්සක විතර කතාන්තරයක් අනෙ අම්මප.සුද්දට ඔන්න ඕන උනා අපෙ ඔෆිස් එකේ ස්ටාෆ් එකත් එක්ක කතා කරල කරුණු එක් රැස් කරගන්ට.නියමිත දවසෙ සුද්දයි මායි අපෙ ලොක්කයි විතරයි ඔෆිස් එකේ. අනික් ඔක්කොමල ලෙඩ නිවාඩු.

      අහ්..අර දිග කතාව ගැන කියන්ට ආපු කතාව කියන්ට බැරිවෙනව තව ඇබිංදෙං. අපි දෙන්න ඔන්න ගියා ගොවි රැස්වීමකට. ගොවි සංවිධානෙ ලේකම් ඇවිල්ල මයික් ටයිසන්ගෙ බාප්ප. කතා කරන්ට ගිහාම රෑ වෙනව එළි වෙනව තේරෙන්නෙ නෑ.අන්න ඒ ජාතියෙ පොරක්. පොර දුන්න බොහොම දීර්ඝ කතාවක්. සුද්ද අඳුන්වල දීල වික්ටෝරියා රැජිනගෙන් පටන් ගත්තම ප්‍රෙඩ්‍රික් නෝත් ඉඳල සෝල්බරි සාමි දක්වා. පොඩි එකාගෙ ඉතිහාස පොත රෑ දෙක වෙනකල් කට පාඩම් කලාය කියල මිනිහම මා එක්ක කිව්ව දෙකක් දාගත්තු වෙලාවක.

      වෙල්කම් ස්පීච් එක සෑහෙන දුරට ඇදෙන හින්ද සුද්දට මල පැනලයි හිටියෙ. මූණ කට එහෙම රතු වීගෙන ආව පිණි ජම්බෙ වගෙ.මිනිහට ඕන කලේ පට පට ගල ඩේටා රැස්කරගෙන මිනිහගෙ වීක්ලි රිපෝට් එක ලියල යවන්ට එව්ව කොහෙද අපිත් එක්ක.ලේකමා ඔහේ කියවගෙන යනව.කවුරුවත් ඌ කියන එව්වට ඇහුම්කම් දෙන්නෙ නෑ. ඒත් පොරට ගානක් නෑ. බැරිම තැන සුද්ද මා දිහාට නැමුන.

      " Ravi ...this welcome speech is sure getting rather long winded isn't it? "

      මට හිතුන සුද්දගෙ පැසර් එක තව ටිකක් නග්ගවන්ට ඕනය කියල.

      " Yes sir, rather lomg winded it sure is but its not the welcome speech, he is just intoducing the guy who is doing the actual welcome speech."

      " Whaaaat????.."

      සුද්ද කෑ ගහපු පාර මගෙ ඒ පැත්තෙ කණ දවස් දෙකක් යනකල් ඇහෙන්නෙ නැතුව තිබ්බ.

      / ගිය ජාතියේ පරාක්‍රම රෙඩියෝ එකෙ ලව්ස්කීපර් කුළියට දෙන රස්සාවක් කොලාද මන්දා. /

      පරාක්‍රම රේඩියෝ තාම තියද? ඇස් වාට්ටුවෙ දැං ඔය ඔඩෙල් එක තියන තැන ඕක ඒ දවස්වල තිබ්බෙ.

      / උඹ මක්කටෙයි වහ බිව්වේ /

      තාම නම් බිව්වෙ නෑ බොලේ. ඒත් බොලාගෙ බැණුං අහල මට දැං වහ බොන්ට තමයි හිතිල ඇත්තෙ හෙහ්,හෙහ්,

      Delete
  12. රවී මේ කියන්නෙ අරලගංවිල හොස්පිටල් එකද?

    ReplyDelete
    Replies
    1. නෑ රංගි. මේ ඇවිල්ල අත්තනකඩවල...මාතලේ පහුකරල A 9 පාරෙ කිලෝ මීටර් 40 වගෙ ගිහාම හම්බ වෙනව නාවුල හන්දිය. එතනින් දකුණට හැරිල ගිරිතලේ පාරෙ තව යන්ට ඕන කිලෝ මීටර් 50 විතර

      අරලගංවිල උඹ දන්නවය? අපේ ට්‍රේනිං සෙන්ටර් එක තිබ්බෙ එහෙ.

      Delete
    2. සමා වෙන්න රවී. කොහෙද මේ විශ් කරන්න ආවට බොලාගේ බ්ලොග් ලිවීම වගේ මටත් අන්තිමට ආව දේ කරන්න බැරි වුනා නෙව.
      මායියට සුභ උපන් දිනයක් වේවා කීවා ඔන්න.
      නෑ මම එහෙම ඇහැව්වේ දිඹුලාගල හාමුදුරුවෝ හා එහේට කිට්ටු රෝහල වුනේ අරලගංවිල නිසා. එහේ හිටියෙත් එක දොස්තර කෙනයි අපේ හිතවතෙක්. එයාත් නාත්තන්ඩියේ තමයි. එයා සිංහල නම් නෙමෙයි. ඒත් ආශ්‍රය කලේ ඔක්කොම සිංහල මිනිස්සු. සමහරවිට එහේ දෙමළ දන්න අයවත් නොඉන්න ඇති. මම දන්න මහවැලි බී හා සී වල තැන් තියෙනවා. වීර ලන්ද කියලා එකකුත් තිබුනා නේද? බොගේද ඒ ඒරියා එක? ඇයි එතකොට ඔය මැරුණ හාමුදුරුවෝ ඒ කාලේ මම වඳිනකොට මගේ ඔළුව බිමට නමාගෙන ඉඳලා තියෙනවා කොන්ඩේ කපලා ඉන්න සුද්දියෙක් වෙන්න එපා කියලා. අපේ අප්පච්චිගේ හොඳ යාළුවෙක්. මට ඉස්සර පන්සලට හම්බවෙන දානෙත් දීලා තියෙනවා කන්න.

      Delete
    3. රංගි,

      මම කලින් හිටියෙ බී කලාපයෙ තමයි. ඒ දවස්වල අපේ ඔය පිරිත් වලට එහෙම වැඩමවන්නෙ දිඹුලාගලහාමුදුරුවො තමයි. අප්පා කට තමයි කට..

      අපේ කෙල්ලො එහෙම පේන්ටවත් යන්නෙ නෑ. දානෙ බෙදන්ට වත්. ගියොත් මොකක් හරි කියනව.

      " ආ..මේ ළමය කොයි පළාතෙද? ",

      " මම හාමුදුරුවනේ කුරුණෑගල "

      " හ්ම්ම්ම්, ඇතුගල්පුර...කොහොමද දැන කසාද එහෙම බැඳලද? "

      " තාම නෑ හාමුදුරුවනේ " ඔන්න කෙල්ල කියනව ඇඹරි ඇඹරි

      " හ්ම්ම්ම්. මම වයස අහන්නෙ නෑ. ඒක හරි මදිනෙ (බැඳලද කියල අහන එක හරියටම හරියි කියලයි මම හිතන්නෙ හාමුදුරුවො හිතාගෙන ඉන්නෙ )ඒත් මට පේනව කසාදයක් කරගන්ට කල වයස හරිය කියල..කෙල්ලනේ උඹල ඔය ඇති නිකං හිටිය. අපේ ජාතිය වඳ වෙන්ටයි යන්නෙ. දන්නවනෙ නේද?..හදාපල්ල දරුවො. මේ කැළේට ඇවිල්ල කරන්නෙ බොහොම ලොකුසේවයක් රට වෙනුවෙන්. ඒත් ඒක මදි ජාතිය ගොඩ නඟාපල්ල."

      කෙල්ලො රටේ නොහිට දුවන්නෙ ජම්බු වගෙ රතු වෙල..හාමුදුරුවො යනකල් අපි ඉන්නෙ කටවල් නලියනව. කෙල්ලන්ට නිවනක් නෑ එදා ඉඳල.

      " මේ...වසන්ති ඇහුණ නේද හාමුදුරුවො කිව්ව?..ජාතිය ගොඩ නගන්ටෙයි කියල..කොහෙද බං උඹලගෙ නෑනෙ ඒ වැඩේට කිසිම උනන්දුවක්..මොකද කියන්නෙ? පටන් ගමුද වැඩේ?..."

      " මේ උඹ මගෙං ලුණු ඇඹුල් ඇතුව අහගන්ට තමයි ඔය.."වසන්ති පුපුරනව. හෙහ්, හෙහ්

      වීරලන්ද කියල මතකයක් නම් නෑ බං..මම හිටියෙ දිඹුලාගල හරියෙම නම් නෙවෙයි. තව මඩකලපුව පැත්තට වෙන්ට කිලෝ මීටර් පහළවක් තරම යන්ට ඕන.

      සුබපැතුමට ස්තූතියි හොඳේ..:)

      Delete
  13. මේ වගේ tv එකේ බලපු කතාවක් මතක් වුණා ඔයාගේ ලිපිය කියවද්දී..

    ගුරු තුමියට සුබම සුබ උපන්දිනයක්,,,, ඒ වගේම සතුටින් නිරෝගිව ඉන්න වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම පතනවා ඔයාලට ..

    ReplyDelete
    Replies
    1. අපූර්,

      / මේ වගේ tv එකේ බලපු කතාවක් මතක් වුණා ඔයාගේ ලිපිය කියවද්දී../

      කොයි කතාවද බොල ඉඳගෙන?

      1. කඩ වහල හින්ද ආපහු ගෙදර ගිය කතාව ඉඳගෙන.

      2. කෑ මුකේ බේත් ගාන කතාව ඉඳගෙන.

      3. වහබීල කිරිමැටි පෙව්ව කතාව ඉඳගෙන

      ඔය තුනෙං කොයි එකද බොල ඉඳගෙන?

      Delete
    2. රවී තුමණි ,අවසර කතාවම එකට කැටි කරලා කියෝගෙන් යද්දී ඒ චරිතවල හැසිරීම් සහ කතාවේ සිද්දි විස්තර කරලා තියෙන විදිය ..කතාවේ නම මතක නහ ... අම්මා තාත්තාගේ නම විතරයි මේ වෙද්දී හරියට මතක..වහබිලා ඉස්පිරිතාලේ ගෙනිච්ච සිද්දියට පස්සේ ඒවා කීප සැරයක් කියෙවුවා ඉදගෙන ..කියෝලා අහකවෙලා :D කල්පනා කොලා ඉදගෙන .....ඔෆිසියේදී අනෝමව බදාගත්ත එක මගේ ඔලුවේ තියෙනවා හොදේ ,,ඔහොම් යන්කො මං බලන් ඉන්නේ ඉදගෙන

      Delete
    3. අපූර්,

      / ඔෆිසියේදී අනෝමව බදාගත්ත එක මගේ ඔලුවේ තියෙනවා හොදේ , /

      මේ නිකං කයි කතන්දර හදන්ට එපා හරිද ඉඳගෙන? කවුද බොල බදාගත්තෙ ඉඳගෙන?..

      ආ...මම මේ උඹෙං අහන්ටමයි හිටියෙ?..." මම පොතක් කියෙව්ව සෝපාවෙ ඉඳගෙන "..දැං අපි මෙහෙම කියනකොට උඹ මේ වාක්‍යය කියන්නෙ කොහොමද හැබෑටම? " මම පොතක් කියෙව්ව සෝපාවෙ ඉඳගෙන ඉඳගෙන " ..එහෙමද?

      Delete
    4. ක්‍රියා පදයකට පරව මගේ අලංකාර පදය යෙදීමේදී එහි පෙර පදය නපුංසක ලිංග නම් වාක්‍ය සාමන්‍ය විදියට අවසන් කොට නැවත අනවශ්‍ය වාක්‍යක් අගින් බද්ද කර එහි මුලට ව්‍යන්ජනාක්සරයක් මුලට යෙදෙන 3 rd person siguler නාම පදයක් යොදා මෙසේ ලියමි ... ///මම පොතක් කියෙවුවා සොෆාවේ ඉදගෙන.රවියා පව් ඉදගෙන ///
      ...

      මෙහෙම

      Delete
    5. අපූර්,

      අම්මපල්ල උඹත් දන්න එව්ව ඉඳගෙන. අපි සලකනව මදි නෙව ඉඳගෙන.ප්‍රථම පුරුෂ ඒක වචන ඉඳගෙන.

      Delete
  14. සුභ උපන් දිමයක් වෙවා අක්කේ.
    වෙන මුකුත් කියන්නෙ නැ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දමිත්...:)

      Delete
  15. මචං...උඹේ චීචර් නෝනාට සුභ උපන් දිනයක් සහ නිදුක් නිරෝගී කම පතනවා..තෑග්ගට වේවැලක් අරන් දීපන්, නැතුව කොහෙද උඹව හාම්බන් කරන්නේ. උඹ සෙලිබ්‍රේට් කරේ නැද්ද තාම.

    මචං මගේ යාළුවෙක් කිව්වා පොරගේ අඳුරන ඩොකෙක් හිටියාලු ගම්පහ පැත්තේ පොඩි ඉස්පිරිතාලෙක. හැන්දෑවෙනකොට නස්පුක් වෙන්න ගහලා ඉස්පිරිතාලේ ඇම්බියුලන්ස් එකේ නිදිකරවලාලු ගෙදර එක්කන් යන්නේ.

    වහබොන එවුන් ඕක කොහොම කරනවාද මන්දා බං...මම දවසක් වැරදිලා වොශින්ග් අප් ලික්විඩ් බීලා පුදුම දුකක් වින්දා. කුස්සියේ තිබුන ඒ ලික්විඩ් ප්ලාස්ටික් බෝතලෙ බිම වැටිලා පිපිරුනා..මම ඩෝප් මරගාතේ හිටියේ..ඒක විසිකරන්න බැරිනිසා වීදුරුවකට දාලා සින්ක් එක ගාව තිබ්බා..මම මහ රෑ ස්ට්‍රෝබෙරි ඩ්‍රින්ක් එකක් කියලා ගහලා දැම්මනේ. ඒ පාටමයි. ඒ සුවඳමයි. සංසාරෙ කියන්නේ වයිෆ් දුවට කෝල් කරලා විස්තරේ කිව්වා..මෙන්න ඒකි කියනවා..බය වෙන්න එපා තාත්ති තව ටිකකින් පිටිපස්සේ පැත්තෙන් බබල්ස් එයිලු. උන්ට විහිළු.

    ReplyDelete
    Replies
    1. අරූ,

      වහබොන කේස් නම් ඕන නෑ බං..ඔව්ව කුඹුරුවලට ගහද්දි අහල පහල ඉන්ට බෑ සැර. එහෙමත් තියෙද්දි ඔව්ව බොනවයි කියල හිතෙනකොටත් මගෙ බඩ පපුව හීතල වෙල යනව.

      ඒකෙං කියන්නෙ ඒ තරම් ආවේගයක් හිතට එනවයි කියන එක. වහ සහ නිදිපෙති තමයි ඔහොම ආවේග ආපුවම ලේසියෙන්ම අනුගමනය කරන දිවිනසාගන්නා කර්ම. කෝච්චියට පනින එක එල්ලිල මැරෙන එක වගෙ එව්වට ටිකක් වෙලා යනවනෙ. එතකොට බොහෝ විට ඒ ආවේගය නැතිවෙලා ගිහිල්ල.එහෙම නැති අවස්තාත් තියනව.ඒ කිව්වෙ සමහරු හැතැම්ම ගනං ගිහිල්ල කෝච්චිවලට පනිනව.

      හෙහ්,හෙහ්, නියම කතාව දුවගෙ..කොහොමද හරියටම කිව්වෙ බං?

      " Hey don’t you worry Thaththi , you can work part time tomorrow as a mobile bubble machine "

      ඒ වැඩෙත් නරකම නෑ බොල. උඹ නයිට් ෂිෆ්ට් එක කරන කොට දවල් පලයං පාට් ටයිම් ඒ වැඩේට. .. මෙන්න මේ වගෙ පුලුවන් නේද? පැයකට මචෝ පවුං දහයකට එහා හොයා ගත්තෑකි, හෙහ්, හෙහ්

      Delete
    2. එක ජොබ් එකක් කරන්නෙත් බොහොම අමාරුවෙන්....උඹ හදන්නේ puken bubbles ජොබ් එකත් පටන් ගන්න කියලද?

      Delete
  16. රවීගේ බිරින්දෑට සුභම සුභ උපන්දිනයක්..
    (හාල් තුනපහ නැතුව උයන්ට බෑ කියලා ගෙදර යමු කීවා ඇරෙන්න උන්දෑ ගැන වෙන මොකවත් ලියලා නෑ නේන්නං!!)

    ReplyDelete
    Replies
    1. රූස්,

      ඇත්තම කියන්නද? එතුමිය සම්බන්ධ සිද්ධීන් දෙකක් ගැන ලියන්ට හිතාගෙනයි ඉඳගත්තෙ. ඒත් මේ දොස්තරගෙ කතාව හින්ද වැඩේ කචල් උනා. මෙතනම පිටු හයක් වගෙ උනා. ඒ නිසා ගුරුවරියක සමඟ මගේ ජීවිතය ඉදිරි කොටස් වලට එව්ව ලියන්නං කියල හිතල මෙතනින් නවත්තල පබිලිස් කොලා. ඔන්න වෙච්චි වැඩේ.

      Delete
  17. බිරින්දෑට සුබ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මඟියානෝ..:)

      Delete
  18. ගුරුතූමීට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා..

    මම මේ කල්පනා කලේ මේ කාලෙට මේ ලියනවා වගේම අලංකාර සුන්දර වචන ඇය කොච්චරනම් අහන්න ඇත්ද කියලා.. වහ බිවුවයි කිවුවේ ඇත්තටමද ඈ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්,

      යස් වහබීපු කේස් එක ඇත්තම මගේ අත්දැකීමක්.. මම බොරුත් ලියනවයි කියල හිතුවද උඹ මේකෙ?....හෙහ්, හෙහ්,

      Delete
    2. නෑ නෑ එහෙම කේස් එක් නෙමෙයි.. එහෙනම් ඉතින් ඉස්සරහට ඒකත් ලියවෙයි කියලා හිතනවා..

      Delete
  19. රවීගේ ගුරුතුමියට සුබ උපන් දිනයක් වේවායි පතමි.
    අනික උඹ ඉතිං ගුරුතුමී ගැන ලිව්වත් කවිකාරි ගැන ලිව්වත් රණ්ඩු වෙන්ඩයැ,කියෝනව මිසක්ක.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලප,

      අන්න ඒකනෙ බං මොනව ලිව්වත් කියවන්ට එපාය නැද්ද? :)

      Delete
  20. "නිකන් නෙවෙයි අමු තිත්ත කතාවෙන් බැණ බැණ..එව්ව අහනවට වඩා හොඳයි ආයම වහ ටිකක් බොන එක..."
    හරියට හරි............ කොච්චර උත්සහ කළත් නවත්තන්න බැරි තත්වයක්.
    පොඩි උන් වැරදිලා වහ කාලා/බීලා ආවම අම්මලා බැනුම් අහන්නෙත් ඒ වගේ. වෙලාවකට දුක හිතෙනවා.

    ඒක නෙමේ.... හැපි බර්ත් ඩේ ටීචර් !!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිදූ....:)

      Delete
  21. දවසක් පහු උනත් කමක් නෑ..අපේ උපන්දින සුබ පැතුමත් එක් කර ගන්ඩකො එහෙනම් !

    ReplyDelete
    Replies
    1. වෙනී,

      ආ ඒකට මක් වෙනවද? දවසක් කියන්නෙ මොකද්ද බං මේ සසරේ ...ස්තූතියිහොඳේ...

      Delete
  22. >> අද අපේ එතුමිය aka ප්‍රියම්බිකාවිය aka ගුරුතුමිය <<

    ඔය කියන්නෙ අර වහ බීපු එක්කෙනා ගැන වෙන්නැති.

    අදනම් මම කොලේකුයි පැනකුයි ලඟ තියාගෙන ලිය ලිය කියෙව්වෙ.. මේ මම ගහපු ශෝර්ට් නෝට් එක. නැත්තන් ඉතින් මුන්දැගෙ මේ පඳුරු තැලිල්ල තේරුම් ගන්නවා සුම්මා. කියවන අනිත් අයටත් ඕක ප්‍රයෝජන් වෙයි.

    1. ගුරුතුමිය සමඟ කලකට පස්සේ වෙලකට බැසීම, ආපසු වැඩට යාම, කහ කොඩි, දොස්තර හමුවීම, කෑම නෑ, ආපහු ගෙදර යාම.

    2. සාදු බස් එකට නැගීම.

    2.1 සාශු බස් එකට නැගීමේ කතා ඉවරයි.

    3. ඩොක්ටර් ගැන කතාව, හුළන් වැදීම සහ ගේ අස්සේ ආතල් ගැනීම. ( ඩොක්ටර්ට ස්තාන මාරුව ලැබීමේ කතාව වෙන දවසක අසා ගනීමට සිහි තබා ගන්න )

    4. පොලොන්නරු දිස්ත්‍රිකයේ මායිමේ බින්දි බයිසිකල් පැදීම, එරමිණියා ගාල, ඒ එම් පී දොස්තර. පලු හතරේ දොර, එකකට එක්ස්‍රේ කොලය.

    5. දොරට තඩි බෑම, විලාප දීම, දොස්තරට මල පැනීම හා වහ බීපු කෙල්ල.

    6. සිය දිවි නසා ගැනීමේ නවතම විදික්‍රම පිළිබඳ උපදෙස්.

    7. වන්දිබට්ටයා හා හිනා කතාව. සන්නිවේදනේ බිඳ වැටීම

    8. නැවතත් අංක පහ වෙත යන්න. වහ බීපු කෙල්ලගේ කතාව.

    5.1 වහබීපු කෙල්ල, කිරි මැටි කැවීම, දොස්තරගේ දැනුම, හැරී යාම හා ආපසු ඒම, කෙල්ලව සුව කිරීම.

    9. අවසානය සමඟ ගුරුවරියකට උපන්දින සුබ පැතුමක්. ( එතකොට කවුද මේ ගුරුවරී.. ????? )

    ReplyDelete
    Replies
    1. @සෙන්නා,
      බ්ලොග් කියවලාම අඳුරගත්ත හොඳ යාළුවෙක් නිසයි මේ වගේ මැදට පැනලා ලියන්න හිතුවෙ..අහිතක් හිතන්න එපා...

      මම අත්දැකීමෙන්ම කියන්නේ ඔය කොල පෑන් පැන්සල් කතාවක් කියවීමේ හැකියාව තාර්කික බුද්ධිය කතාවක් කියැවීමේ සාම්ප්‍රදායික විදික්‍රම යනාදී නොයෙකුත් දේවල් රවීගේ පෝස්ටු කියවද්දි අමතක කරලා නැත්තං පෙට්ටගමක දාලා යතුරුදාලා එන්න..!!

      Delete
    2. සෙන්බට්ස්,

      හරියන්නෙ නෑ. හරි යන්නෙ නෑ. එහෙම කඩදහි පැංසල් ඇරගෙන සෝට් නෝට් ලියල තේරුම් බේරුම් කොරගන්ට බෑ බොල මෙව්ව..මෙව්ව ඇවිල්ල පස්තාච් හරිද මන්ද වචනෙ..ෆස්ටාච්, පෂ්තාජ්, පශ්ටාජ්..ඔය වගෙ එක ලඟිම්ම ගෑවී නොගෑවී යන වචන කීපයක් තියනව. හරිම එක මොකද්ද කියල මීටර් වෙන්නෑ මේ වෙලාවෙ..හා..ඒක මොකහරි..කියන්ට යන දේ තේරෙනවනෙ..නේද? ආ..එහෙනං මදැයි හොඳටෝම...

      කයිකාරිගෙ පේමෙ අංක 20 - රූස් මානවිකාවට දුන්නු උත්තරේ සෙන්නෝස් උඹටත් හරියටම හරි. ඒක මෙහෙමයි.

      ඔන්න ඕකනෙ වෙලා තියෙන්නෙ..බොලා මෙව්ව නිකං අර පොඩි කාලෙ හාවයි ඉබ්බයි ලබුකිරිබත් ඉව්ව කතාව..එහෙම නැත්තං නරිය මිදිවැල දිගේ දිවිය ලෝකෙට ගිය කතාව වගෙ කියල හිතන්ට එපල්ල..මේ ඇවිල්ල Postmortem කතා කලාව ආබාසයෙං ලියාපුව.

      මෙව්ව තේරුං ගන්ට බාත, ෆූකෝ,ඩෙරීඩා, ලකාන්, ජීජැක් එහෙම කියවල එන්ට ඕන තේරුණේ?...

      අම්මාපල්ල නිවාඩුවක් හම්බුනාම බොලා ඔක්කෝටම දාන්ට ඕන නොමිලේ පංතියක් " පෝස්ට් මෝටම් කතා කලාවෙන් ලියවුනු කෘතීන් රස විඳීම සහ එහි යටි වගාව වටහා ගැනීම" කියල නැත්තං හරි යන්නෙ නෑ මේ සෙල්ලම...

      රයිට්..රූස් නෝනා සංවිදානය කරනව අර කියාපු පංතිය බොහොම ළඟදීම. උඹත් නම දීපං එතුමියට.

      Delete
    3. රූස්,

      අනේ බොලේ ඔය සෙන්බට් ළමයගෙ නම දාගනිං අර පංතියට සහබාගි වෙන අයගෙ ලැයිස්තුවට. දැනට කී දෙනෙක් නම් දීල තියද? සික් පස් දෙනයි කිව..හ්ම්ම්ම් කමක් නෑ අපි බලමුකො..අම්මාපල්ල නිකං පංති පවත්තනව කියලත් මෙවුං ගෙන්න ගන්ට තියෙන අමාරුවක්..

      Delete
    4. විහිළුවක් බොලව් කෙරුවෙ.. ඔහොම ශෝර්ට් නෝට් ගහන් බ්ලොග් කියවන්න මට පිස්සු කියලා හිතුවෙයි ? මම විභාග කරන කාලෙවත් ගහපු නැති ඒවා බ්ලොග් කියවද්දි ගහයි ! :D:D

      අර පන්තිය පටන් ගද්දි කියන්ඩකො ඒකට ආවට පාඩු නැති වෙයි... :D

      Delete
    5. සෙන්නා..මම දන්නව බං..බොලාට ඒ හැටිම පිස්සු නැතිය කියල...හෙහ්,හෙහ්

      Delete
  23. ඔන්න මගෙන් පරක්කු සුභ පැතුමක්... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාතන්...:)

      Delete
  24. ඔයාගේ සඳාට තවත් සඳේක් සුභ පැතුවා කියන්න හොඳේ... :)

    ඔයයිගේ කතා කියවලා පුරුදු නිසාම හොඳා නේද.. නැත්නම් මේ ලියලා තියෙන කතන්දර වල සම්බන්ධයක් හොයන්න ගියානම් පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා නේද රවී....??
    මොනවා වුනත් හිත සැහැල්ලුවෙන කතා ටිකක් රවී... Thankx.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳා...:)

      ඔන්න ඉතිං ඔයත් පටන් ගත්ත සම්බන්ධ හොයන්ට….:)

      ළමයා.... හෝටලේකට බත් කන්ට ගියාම තියෙන දෙයක් ඕඩර් කරල කනව මිසක කෝකියා යටට ඇඳගෙන ද ඉන්නෙ නැත්තං සිවිල් පිටද?..ඌ අන්තිමට නෑවෙ ගිය සතියෙද? ගිය මාසෙද? ඌ නානකොට ගාන්නෙ බෝල සබන්ද? සවරිම් බාර්ද? බණ්ඩක්කා හේදුවෙ දෙවෙනි කෝකියද ගෝලයද? හාල අරලිය සම්බද? නිපුණද? ඔව්ව හොයන්ට ගියොත් බොලේ බත් වේලෙ රස විඳින්ට වෙන්නෙ නෑ. ඒ නිසා ඒ වැඩි විස්තර අර සම්බන්දෙ මේ සම්බන්දෙ හෙවිල්ල පැත්තක තියල කතාව රස විඳහං..එච්චරයි...හෙහ්, හෙහ්,

      Delete
    2. /// බණ්ඩක්කා හේදුවෙ දෙවෙනි කෝකියද ගෝලය//
      +++++++++++++++++

      Delete
    3. @ රවි,
      නියම උත්තරේ. හැක්.. හැක්...

      Delete
    4. ඉතිං ඒක නේන්නම් රවී කිවුවේ කිසි සම්බන්ධයක් හොයන්නේ නැතුව කතා ටික කියවලා රසවින්දා කියලා.....:) අනික කොහොමත් ඔය වැල්වට‍රම් හොයන්න යන කෙනෙක් නෙවේ අනේ මම.. :) ඔයා කමෙන්ට් එකෙත් ලස්සන කතාවක් ලියලා තියෙනවා.. :)

      Delete
    5. සඳා,

      හරි හරි බොලේ...මගෙ කමෙන්ට්ස්සුත් ඇවිල්ල පෝස්ට් එක වගේම තමයි. කිසිම සම්බන්ධයක් නෑ. දැං මගෙ කමෙන්ට් එක ඔයා කියපු දේට කිසිම අදාලත්වයක් නෑ. ඔහෙ මට හිතෙන එක මම ලිව්ව.

      ඒ නිසා ළමයා.... කියන්ට තියෙන්නෙ ආයම අර හෝටලේ කතාව තමයි. කෝකියගෙ විස්තර හෙවිල්ල පැත්තක තියල බත් කාහං..අන්න ඒ වගෙ මගෙ කමෙන්ට් එක ලියල තියෙන්නෙ ඔයා කියපු දේට අදාලවද කියල හොයාබලන එක පැත්තක තියල ජස්ට් එන්ජෝයී ඉට්. ඩිඩ් යූ අන්ඩර්ස්කර්ට් මැඩන්?

      Delete
  25. මේ ඕයි රවි අන්කල්! ලියන කෙහෙම්මලක් පිළිවෙලකට කාරිය ලියනවකෝ.. හතර අතේ තල තල ඉන්නැතුව! කළින් ලව් හුටපටයක් කියෝ කියෝ හිටියා! දැන් ඒ පාර වෙන මඟුලක්! අපි නිකං අන්දුන්කුන්දුන් වෙලා යනවනේ.. බොලාගේ බ්ලොගේ විතරක්යැ අපි කියවන්නේ.. මුන්දැගේ හිතේ මුන්දැ කියන කොරන ඔක්කොම අපිට මීටර් කියලා.. එකක් කියාල ඉවරකරනවකො.. පිළිවෙලකට.. බොලාගේ හැම වැඩක්ම ඔහොම්මම්ද??

    බ්යි ද වේ, හැප්පි හැප්පි බර්ත් ඩේ මෙව්වා එකක් වේවා නෝනාට!

    ReplyDelete
    Replies
    1. මනේක්ස්,

      ඔන්න ආව..ඔන්න ආව..උඹයි උඹේ අර නෑනන්ඩියි දෙන්නම එකයි.තකට තක..හාව හඳ දකින්නැහෙ උඩදාගෙන එන්නෙම බෙලිකටු මල්ල හොලෝගෙන.

      කලින් කිය කිය හිටපු ලව් හුටපටේ තාවකාලිකව නැවැත්තුව මේ සුමානෙට. එක මැන්ඩෙලා ගොයිය වල කජ්ජ ගැහැව්ව. මැන්ඩෙලා මත් එක්ක වැඩකලා මම අර මහ කැළේ මැද්දෑවෙ වැඩ කරන කලෙ. ඒ නිසා එවුන්දැ ගැන නොලිය කොහොමයි?...ඊගාවට පිරියම්බිකාස් ..එතුමීගෙ ජම්ම දිනේ යෙදුන..ඒක ගැන නොලිය කොහොමෙයි? ලියන්ටම ඕනනෙව..ඒ නිසා අර ලව් හුටපටේ ලිවිල්ල ජුංඩකට කල් ගියා. එච්චරයි.වහාම ලියනව ඒක වහාම ලියනව...වහාම ලියනව...

      Thanks Maneka for your Wishes !!!!

      Delete
    2. // බොලාගේ හැම වැඩක්ම ඔහොම්මම්ද??//

      මෙන්න මේ ප්‍රශ්නෙටත් උත්තර දෙන්න වෙයි .. :)

      Delete
  26. කතාව නම් දිග වැඩියි. පටන් ගත්තු කතාව මැද්දට එක එක අලුත් කතා එකතු වෙන හින්ද කියවන්න පටන් ගත්තේ මොකක්ද කියල මතක නැත වෙනවා. එත් RAVI ඒ විදියට කතාව ඇදුනට කියවන එක boring නම් නෑ . එක දිගට ම කියවන්න පුළුවන්. ඒ නිසා කතාව කොට කරන්න එපා.\\

    ලියල තියෙන දේවල් ගැන නම් මුකුත් කියන්න මම හිතන්නේ නෑ. එක comment එකක් කියල දෙයක් මතක් වෙන්නේ නෑ. stories ගොඩක් නේ. කමක් නෑ . post එක නම් පට්ට.

    ReplyDelete
    Replies
    1. ෂෙහාන්,

      ඉතිං?... මේ පැත්තෙ ආවමද කොහෙද නේ? ...වෙල්කම්..වෙල්කම්...:)

      මේ කතන්දර ශෛලියට කියන්නෙ පඳුරු තැලීමේ ශෛලිය කියල . Beating About The Bush කියල ඉංගිරිසියෙන් කියන්නෙ.නිර්මාතෘ දැනට වසර එකහමාරකට ඉහත අප අතරින් වියෝවූ ඔබා, aka ඔබ්සර්වර් aka සනත් විජේවර්ධන සහෘදයා.

      මේක මේ අර ඒ කාලෙ තිබ්බ අම්බිගා ගීතයෙන් ගීතය වගෙ. එක සිංදුවක් කියල ඒකෙ අන්තිම අකුරින් තවත් වෙනත් සිංදුවක් පටන් ගන්නව. මුලදි කියවන්ට පටන් ගත් අලුතම ටිකක් අඤ්ඤ කොරොස් වෙයි. හෙහ්, හෙහ්,

      ස්තූතියි ෂෙහාන්...:)

      Delete
  27. අය්යො මන් සැහෙන පරක්කු වෙලානෙ..ඒත් කමක් නෑ සඳා අක්කට සුභම සුභ උපන්දින්යක්!!
    හැබය් දැන් කෝ මේකෙ ගුරුවිරි සමග ජීවිතේ?

    ReplyDelete
    Replies
    1. මෙකුවි,

      ඔන්න ඔය වෙලාවට තමයි මට උතුර දකුණ මාරුවෙන්නෙ..කඩදහිය ලිපේ දාල දුවගෙන එනව..මම ඉතිං මගෙ ඔක්කොම රාජකාරි පැත්තක තියල මුන්දැට උත්තර බඳින්ට ඕන.කලින් කිව්වට ආයම අහනව..ආයම අහනව..කමක් නෑ..උඹ ඇවිල්ල මයෙ යාවජීව රසිකාවි වෙච්චි..උත්තර නොදී කොහොමෙයි...හෙහ්,හෙහ්

      / හැබය් දැන් කෝ මේකෙ ගුරුවිරි සමග ජීවිතේ? /

      ඉඳපං රූස් නෝන මහත්තැංට දුන්නු උත්තරේ උඹටත් වලංගුයි...

      ඇත්තම කියන්නද? එතුමිය සම්බන්ධ සිද්ධීන් දෙකක් ගැන ලියන්ට හිතාගෙනයි ඉඳගත්තෙ. ඒත් මේ දොස්තරගෙ කතාව හින්ද වැඩේ කචල් උනා. මෙතනම පිටු හයක් වගෙ උනා. ඒ නිසා ගුරුවරියක සමඟ මගේ ජීවිතය ඉදිරි කොටස් වලට එව්ව ලියන්නං කියල හිතල මෙතනින් නවත්තල පබිලිස් කොලා. ඔන්න වෙච්චි වැඩේ.

      Delete
  28. මම ලඟදි කියෝපු පොතක් මතක් වුණා. ඔරුවල බන්දු ලියලා තියනවා "ලුමුම්බාවෙන් බිහිවූ විජේවීර" කියලා පොතක්... ඒකෙ ඉඳලා හිටලා විජේවීරගෙ නමත් තියනවා...

    ඕක කිව්වහම මේ කතාවත් මතක් වුණා. දැන් හෝටලයකට ගිහින් මනුස්සයෙක් බත් කනවලු. මේ මනුස්සයා ඉඳගෙන ඉන්නේ මුදලාලි ඉන්න කවුන්ටරේ ලඟම මේසෙක. දැන් පොරට බත් කටින් කටට ටකස් ගාල ගල් හැපෙනවලු... පොරට මල පැනලා, ගල් අහක් කර කර බත් එක කනවලු. මුදලාලිත් ඉතින් නිකම්ම නොදන්නවා වගේ ඉන්න එක හරි නැති නිසා, බොහොම යටහත්පහත්ව ඇහුවලු... "මහත්තයා ගල් හැපෙනවා නේද?" කියල... පොර මලෙන්ම කිව්වලු.. "නෑ ගණක් නෑ, ඉඳලා හිටලා බත් ඇටත් හැපෙනවා" කියලා.

    මාත් මේ වෙන එකක් ලියන්න ඇවිත් ලියලා තියෙන්නේ, තවත් එකක්.. එහෙනම් ගුරුවිරීට සුභ උපන්දිනයක් වේවා කියලා මම කිව්වය කියලම කියන්න...

    ReplyDelete
    Replies
    1. @තිසර.......මේ පොත ඔරුවල බන්දු මියගියාට පසු කවුරුහරි කරපු මෝඩ ශෝ එකක් කියලත් මම කොහෙද කියෙව්වා. ඒක ඇත්තද?

      Delete
  29. suba upandinayak wewa guruthumiii !!

    eka parak ara upandine amathaka wela koththuwakda koheda genath dunna neda? meda para monawada genath dunne?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සයුරි!!!

      මේ පාර අමතක උනේ නෑ බං...උන්දැට සල්ලි යැව්ව ඕන කෙහෙම්මලක් ගනිංය කියල...හෙහ්, හෙහ්,

      අහල ඇතිනෙ මේ කතාව...

      " The Surest way to remember your wife's birthday is to forget it just once"

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...