Monday, May 18, 2015

320. උතුරේ මළවුන් සැමරීම තහනම සහ එලඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය

Google Images
උතුරේ ත්‍රස්තවාදය පරාජය කොට සය වසරක් ඉකුත්ව ගොස් ඇත. ඒ අතර 2009 වසරේ මැයි මස අවසන් සටන පැවති වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයෙහිදී තම මියගිය ඥාතීන් හිත මිතුරන් සැමරීමට සංවිධානය කල සැමරුමක් පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගනිමින් තහනම් කොට ඇත. මේ පියවර පිලිබඳව දකුණේ බොහෝ පිරිස් අමන්දානන්දයට පත්වනු නිසැකය.එහෙත් මේ නියෝගයෙන් තහනම් කෙරෙන්නේ මිනිස් අයිතිවාසිකමක් බව බොහෝ දෙනෙකුට නොතේරේ. 


තම මළගියවුන් සැමරීම සෑම මිනිසකුගේම අයිතියකි.මියගියවුන් ත්‍රස්තවාදීන්ද, මිනීමරුවන්ද, අපරාධ කරුවන්ද යන්න ඊට අදාල නොවේ. තමන් කැමති පරිදි මරණය සැමරීමට මියගියවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන්ට පූර්ණ අයිතියක් ඇත. ඔවුන් උදෙසා පහනක් දල්වා යලිත් මෙවන් අකල් මරණයක් ඔවුනට නොවේවා! යලිත් මෙවන් දරුණු ව්‍යසනයක් දැකීමට සිදු නොවේවා! යනුවෙන් හදවතින් ප්‍රාර්ථනා කිරීමට දකුණට මෙන්ම උතුරටත් අයිතියක් ඇත.


පොලීසිය තහනම් නියෝගය ලබාගෙන ඇත්තෙ සාමය කඩවීමට ඉඩඇති බවට පූර්ව නිගමනයක පිහිටා සිටිමිනි. එසේ නිමනයකට එළඹීමට හේතුවූ කාරණා පිළිබඳව වාර්තාවී නැත. සත්‍යය  වශයෙන්ම එළෙස ඔවුනට විශ්වාසදායක තොරතුරු ලැබී ඇතැයි මොහොතකට සිතමු. එහෙත් එවන් අවස්ථාවක පොලීසිය කළ යුත්තේ සාමය කඩවීම වළක්වා සැමරුම බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ඉඩ සළසාදීමය. පොලීසියෙන් මහජනයා බලාපොරොත්තුවන්නේ එවන් ක්‍රියාමාර්ගයක් මිස මහජන රැස්වීමක් පිළිබඳව දැනුම් දුන් විගස අධිකරණය ඉදිරියට ගොස් තහනම් නියෝග ලබාගැනීමක් නොවේ.

පසුගිය ජනවාරි 8 වනදින දෙමළ ජනයා එක පොදියට ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ එවකට ඔවුන් පමණක් නොව මුළු මහත් දිවයිනම වෙලාගත් දුර්දාන්ත පාලනයෙන් මිදෙනු පිණිස තිසර ළකුණ ඉදිරියේ තම මනාපය ප්‍රකාශ කලේ වෙනත් සහසක් අපේක්ෂා ඇතිව නොව ස්වනිජබිමේ ගෞරවාන්විත ලෙස ජීවත්වීමේ අනුල්ලංඝනීය අයිතිය තමන්ටද සාක්ෂාත් කොටගනු පිණිස පමණක් බවට සැකයක් නැත. එසේවුවද ඒ අපේක්ෂාවට, ඒ අයිතියට මළවුන් සිහිකිරීමේ අයිතියද ඉඳුරාම අයත්බව එදින ඔවුන්ගේ මනාපයෙන් ජයග්‍රහණය,  කළවුනට නොවැටහීම ඔවුන්ගේ නොව අපගේද මහත්ම අභාග්‍යයකි.


ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩදියයුතු නැතිබව ද තර්කයක් ලෙස ඉදිරිපත්කෙරේ. එසේවීනම් සෑම වසරකදීම නොවැම්බර් මස ඉල් මහ විරු සමරුව යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමරනුයේද ත්‍රස්තවාදීන් පිරිසකි. නිරායුධ සිවිල් ජනයා තිරශ්චීන ලෙස කපා කොටා ඝාතනය කිරීම සහ පොදු ප්‍රවාහන සේවාවන්හි බෝම්බ ඇටවීම හැරුණු කොට කොටි සංවිධානය නිරතවූ ත්‍රස්තවාදී ක්‍රියාවන් සියල්ලෙහිම පාහේ ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමීහුද දශක දෙකහමාරකට පෙර කිසිදු චකිතයකින් තොරව නිරතවූහ.


කොටි සංවිධානය යටත් පිරිසෙයින් යුද වැදුනේ වෙනත් ජනවර්ගයක් හා සමඟ වන විට ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමීන් තිරශ්චීන ලෙස ඝාතනය කලේ සහ එයින්ද නොසෑහී චරිත්‍රානුකූලව අවසන් කටයුතු ඉටු කීරිම පවා තහනම් කලේ තම ජනවර්ගයටම අයත්වූවන්ය.බොහෝවිට වසර ගණනක් තිස්සේ ඇසුරුකල අසල්වාසීන්ය. එහෙත් කිසිවකු ඔවුනට ඔවුන්ගේ ඒ විරුවන් සැමරීමේ අයිතියට බාධා නොකරති. එලෙසම පොලීසිය කිසිදිනෙක ඉල්මහ විරු සමරුවට විරුද්ධව තහනම් නියෝගයක් අපේක්ෂාවෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කල බවක් මම අසා නැත්තෙමි.එසේ වුවද උතුරේ ජනයා ඊට සර්වසම වූ අයිතියක් ඉල්ලාසිටින කල අධිකරණ නියෝග මඟින් ඊට හරස් කපති. මේ පරස්පරය, මේ උභතෝකෝටිකය අප වටහා ගත යුත්තේ කෙළෙසද?


දෙමළ ජනයා තුල සිංහලයා කෙරෙහි කාලාන්තරයක් තිස්සේ ගොඩනැඟුනු අවිශ්වාසය සහ වෛරය තව දුරටත් කුළුගන්වනවා මිස වෙනත් කිසිදු සාධනීය කාර්යයක් ඉටු නොකරනා යුද ජයග්‍රහණය සැමරීම නම් මරාණ්ඩුවේ වාර්ෂික වියරු සංදර්ශනය අවලංගු කිරීම බොහෝදුරකට සාධනීය පියවරකි. එහෙත් ඒ සමඟම තර්කානුකූල ඊළඟ පියවර විය යුතුවූයේ මියගිය තම ඥාතී හිත මිතුරන් වෙනුවෙන් සමරු උත්සව දකුණේ පවත්වන අතර උතුරේ මියගියවුන් සැමරීමට ඔවුන්ගේ ඥාතීන්ටද ඉඩප්‍රස්ථාව ලබා දීමය. අවිශ්වාසය, සැකය සහ වෛරය නිෂේධනය කිරීමේ පළමු පියවර විය යුත්තේ එයයි. අධිකරණය ලවා තහනම් නියෝග ලබා ගැනීම නොවේ.

එහෙත් රජය මෙවන් පියවරකට යොමුවූයේ කවරහෙයින්ද යනුවෙන් විමසීම ජන වර්ග අතර සංහිදියාව මඟින් එක් ශ්‍රී ලාංකීය ජාතියක් කෙරේ පිය නඟනා අතිදුෂ්කර චාරිකාව සාර්ථක කූට ප්‍රාප්තියක් කරා මෙහෙයවීමේ කර්තව්‍යයට මහඟු අත්වැලක් වනු ඇතිබව නිසැකය.

ජාතිවාදය ඇවිලවීම ආපසු බලයට ඒමට ඇති පහසුම මාර්ගයවේ යනුවෙන් දෘඩ විශ්වාසයක එල්බ සිටිනා හිටපු ජනාධිපතිවරයාගේ වහළුන් සහ සට්ටඹියන් විසින් " ඔන්න කොටියාට රට පාවා දුන්නා  " යනුවෙන් රට පුරා මහත් කැළඹීමක් ඇතිකිරීමට ඇති අවකාශය වසාදැමීම මෙසේ උතුරේ මළවුන් සැමරුම් තහනම් කිරීමට තුඩුදුන් හේතුව ලෙස උපකල්පනය කිරීමෙහි වරදක් නොවන බව කිව හැක.එලෙසම මහ මැතිවරණයක් නොබෝ කලකින් පැවැත්වීමට නියමිතව තිබියදී ජාතිවාදයෙන් ඉතා පහසුවෙන් කුළුගැන්විය හැකි සිංහල බෞද්ධ ජන විඥානයට ආමන්ත්‍රණය කීරිමට මෙවන් තහනම් නියෝග මහෝපකාරී වන බවද නොරහසකි.

එහෙත් අවම වශයෙන් දශක සතරක කාලයක් මේ දිවයින විනාශ මුඛයට අද දැමීමට හේතුකාරක වූ ජනවාර්ගික අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ගෙන ඒමට නම් රජය බහුතර සිංහල බෞද්ධයින් අතර කිසිසේත් ජනප්‍රිය නොවන තීරණයන්ට එලඹීමට මෙන්ම ඒ ක්‍රියාත්මක කීරිමටද දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කල යුතුය. නිර්භීත විය යුතුය. තම සිංහල බෞද්ධ ඡන්ද පදනම රැකගනිමින් ඒ දුෂ්කර කාර්යයෙහි නිරතවීම දැළි පිහියෙන් කිරි කෑම හෝ අතුරේ යෑම හා සමානය. ඒ සඳහා අවශ්‍ය කැපවීම සහ ධෛර්යය සහිත රජයක් නොබෝදිනකින් එළඹෙන්නාවූ පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් තෝරා පත්කර ගැනීම රටේ අනාගතය පිළිබඳ සිතන සැමගේ වගකීම මෙන්ම යුතුකමද වන්නේය. ජනවාරි අටවන දින අපි මුල් පියවර තැබුවෙමු. මේ එළඹෙනුයේ එහි දෙවන පියවරයි.

65 comments:

  1. කාටෙයි කියන්නේ රවියෝ.. මමත් මේ ගැන ලියන්න ඉන්නේ..

    ආන් විමලනාත්ගේ ඉට්ටැයිල් එකේ එකක් දැම්මා.. ඇවිත් බැලුවා නම්..

    ReplyDelete
    Replies
    1. උබ නොලිය කොහොමද රනිල් ගෙන් ගතමනාව ගන්නෙ.දිග.... එකක් ලියපන්. මිණිමරු මහින්දයා, ඝෝට එක්ක එකතුවෙලා කුලී හමුදාව ලවුවා දෙමළ සමූල ඝාතනය කරපු හැටි.

      Delete
    2. මාතලන්,

      විමලෙ කොලම ඉට්ටැයිල් එකේ ලිපිය කියෙව්වා..මරු...ලොකු උන්නැහැගෙ අබයාරාම සීන් එක ගැන මමත් මේ දවස්වල සටහනක් ලියාගෙන යනව...

      Delete
  2. කතාකරලා වැඩක් නැත.....

    සිංහල මිනිස්සු මේ දමිල මිනිසුන්ට එල්ලකරන පීඩනය කොතෙක්දැයි වැටහෙන්නට, අපේ පුහු බෞද්ධයෝ ටික ඊළඟ ආත්මේ දමිළ කෙනෙක් වෙලා ඉපදෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඔය කියන පීඩනය
      ඔබ බස්වල ගිය නැති කෙනෙක්ද. බස් පුපුරවන විටවත් දෙමළ මිනිහෙකුට අතවත් තිබ්බද
      ඊනියා මායිම් ගමක නම්නොවෙයිනෙ ඉන්නෙ . ඒ මිනිස්සු බත් එක උයාගෙන කැලෑවට යනව පොඩි එවුන්වත් කිහිලි ගන්නගෙන. උතුරින් නැගෙනහිරින් වර්ග සමූලඝාතනය කරපුව අහල නැද්ද
      තනියම හිතන්න. අනෙ අම්මෝ මාර දමිල පීඩනයක්නෙ මේ රටේ තියෙන්නෙ කියන්නෙ නැතිව 2009 ට පෙර පත්තරයක් හොයාගෙන කියවන්න

      මේව මාධ්‍ය නාඩගම් .හොරා හොරා හොරා කියල සියපාරක් කියනකොට ඇත්ත වගෙ පේනව .
      ඒ වගේ දමිල පීඩනේ දමිල පීඩනේ දමිල පීඩනේ කියල තුන් තිස් පැයේම මන්තරේ වාගෙ ජපකරන කොට ඔබ විතරක් නොවෙයි අපිත් රැවටෙනවා.

      Delete
    2. මධ්‍යස්ත මතධාරිය මගේ යාළුවෙක් හිටිය මන්නාරමේ. පාරේ යනකොට (මේ කියන්නේ 1980 කලේ කතාවක්) කාණුවට බහින්න ඕනේ සිංහල පොලිස් කාරයෙක් එනකොට. ඒවා ලංකාවේ දකුණේ තිබ්බේ රොඩින් කියන ජන කොටසට විතරයි හුඟ කාලෙකට කලින්. එතකොට උසස් කුලයේ දෙමල මිනිහ එනකොටත් ඌ කාණුවට බහින්න ඕනේ . පොලිසිය එනකොට බැස්සේ නැත්නම් ගහනවා. කුලින දෙමල කෙල ගහනවා ඒ පැත්තට. මේ 1980. මන්නාරම. මම ඌට සැලකුවේ යාළුවෙක් වගේ. දෙමල වාමාංශික සන්නද්ධ කණ්ඩායමකට සම්බන්ධ වෙලා ඉඳල මැරුම් කෑව උන්ගේම කොටින්ගෙන්. ඒකයි ඛේදවාචකය.

      Delete
    3. අජිත් මහත්මයාණෙනි,
      එන්න වර්තමානයට. අතීතයේම එල්ලිලා ඉන්න එපා. අදහස හොඳයි ඒත් පැහැදිලි මදි ........

      Delete
    4. @ මධස්ථ (?) මතධාරියා:

      පීඩනය කියන්නෙ මෙන්න මේවටයි:

      1. පාසැල් දැරියන් හමුදා සෙබළුන් දූෂණය කිරීම සහ ඒ ගැන හඬක් නැගීමට අයිතියක් නොවීම.
      2. කලින් ගෙවල් දොරවල් හදාගෙන, වගා කරගෙන හිටපු ඉඩම් හමුදා කඳවුරු වලට යට කරගෙන සිටීම, මහා පරිමාණ ව්‍යාපෘති වලට බදු දී තිබීම සහ ඒ ගැන කරන්නට දෙයක් නැතිවීම,
      3. හැම තිස්සෙම තමන් ගැන සැකයෙන් ඇහැ ගහගෙන ඉන්න හමුදා සෙබළුන් ගේ ඇස් බැල්ම යටතේ සාමාන්‍ය දිවි පෙවෙත ගෙවන්නට වෙලා තිබීම,
      4. අතුරුදහන් වූ අය ගැන උද්ඝෝෂණය කරන අයට කොටි ලේබලේ ගහලා අත්අඩංගුවට අරන් නඩු නැතිව රඳවාගෙන සිටීම,
      5. ඔය ආදී දේවල් ගැන හ‌ඬක් නගන දේශපාලයන් / මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවේ නොසිටීම

      Delete
    5. 1. පාසැල් දැරියන් හමුදා සෙබළුන් දූෂණය කිරීම සහ ඒ ගැන හඬක් නැගීමට අයිතියක් නොවීම.
      "දැරියන් දුෂණය කිරීම හමුදාව මෙන්ම සිවිල් වැසියන් අතින්ද සිදුවී ඇත,උතුරෙ මෙන්ම දකුණේත්. වැලැක්වීමට දෙමල ජනයාට සුවිශේෂ වූ වරප්‍රසාද අවශ්‍යය නොවේ"

      2. කලින් ගෙවල් දොරවල් හදාගෙන, වගා කරගෙන හිටපු ඉඩම් හමුදා කඳවුරු වලට යට කරගෙන සිටීම, මහා පරිමාණ ව්‍යාපෘති වලට බදු දී තිබීම සහ ඒ ගැන කරන්නට දෙයක් නැතිවීම,
      " දැන් එම ගැටුම් බොහෝදුරට විසඳී ඇත. නමුත් 83ට පෙර උතුරේ හා නැගෙනහිර පදිංචිව සිටි සිංහල ජනයාගේ ඉඩම් ගැන කිසිවෙකු කතා නොකරයි.ඒ වෙනුවෙන් පෙනිසිටින්නට කිසිවෙකුද නැත "

      3. හැම තිස්සෙම තමන් ගැන සැකයෙන් ඇහැ ගහගෙන ඉන්න හමුදා සෙබළුන් ගේ ඇස් බැල්ම යටතේ සාමාන්‍ය දිවි පෙවෙත ගෙවන්නට වෙලා තිබීම,
      "බොහෝදුරට විසඳී ඇත. කාලය ප්‍රශ්නය විසඳනු ඇත. නැවතත් ලේ ගංගා ගලනවාට වඩා යම් කාලයක් මෙසේ පැවතීම හොඳය "

      4. අතුරුදහන් වූ අය ගැන උද්ඝෝෂණය කරන අයට කොටි ලේබලේ ගහලා අත්අඩංගුවට අරන් නඩු නැතිව රඳවාගෙන සිටීම,
      "විසඳෙමින් පවතී, දැන් එහෙම කරන්න බැහැ නේද? හදිසි නීතිය දැන් නැත "

      5. ඔය ආදී දේවල් ගැන හ‌ඬක් නගන දේශපාලයන් / මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවේ නොසිටීම
      "පත් කරලා එවපු අය මක්කයි කොරන්නේ, මිනිස්සු කුලප්පු කරකර පරණ නරා වලටම අදිනවාඔහෙලා උල්පන්දම් දෙනවා "

      මම මධස්ථ (?) මතධාරියා නොවේ.වෙනත් හොඳ ඇනෝවෙක්මි

      Delete
    6. @ AnonymousMay 19, 2015 at 10:35 AM
      ඔබ විසින් අජිත් ට සපයා ඇති පිලිතුරු මධස්ථමතධාරියා ඇතුළු ලංකාවේ බහුතර සිංහල මතධාරීන් විසින් අනුමත කරනු ලබන විසඳුම් නොවේ, ඔවුන් ගේ ප්‍රාර්ථනය එසේ නොවේවා යන්නයි. ඔබ පිලිතුරු දීමට ඉදිරිපත් වීම මගින් ගැටළු ඇති බව පිලිගෙන ඇතත්, පිළිතුරු වලින් පෙනී යන්නේ "ඔය ලැබිල තියන දේ මදිද?" වගේ එකක්,

      Delete
    7. පිළිතුරු දී ඇත්තේ අජිත්ට නොව ඩ්‍රකිටයි
      පිළිතුරු වලින් පෙනෙන්නේ දෙමළ ජනයාට සුවිශේෂ වූ ගැටළු නැති බවයි. ගැටලුව වන්නේ සැමට පොදු ගැටළු සඳහා දෙමල ජනයාට පමණක් විසඳුම් යෝජනා කිරීමයි.

      Delete
    8. උපේක්ෂා,

      / කතාකරලා වැඩක් නැත..... /

      ඇත්ත බං..කොච්චර කිව්වත් ඔච්චර තමයිය...;)

      Delete
  3. උතුරේ ත්‍රස්තවාදය ඉවර කලාට, දකුණේ ජාතිවාදය වැපුරුව එක දැන් සරුවට වැවිල. බැරිවෙලාවත් මළවුන් සැමරීමක් කලානම් ගොං බයියො ටික ජාතිවාදෙ ෆෝම් කරල ඩෙගා නටන හින්ද මේ වගේ තහනම් නියෝගයක් ගත්ත බව තමයි දැනගන්න ලැබුනෙ.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      ඒක තමයි මමත් කිව්වෙ..අනිවාර්යයෙන් මරාගෙ වහල්ලු අවුලවන ජාතිවාදයට ඉඩක් නොදෙන්ට වෙන්න ඕන මේ වගෙ තීරණයක් ගත්තෙ.

      Delete
  4. එතකොට දකුණේ පවත්වන ජයග්‍රාහී සැමරුම්

    ReplyDelete
    Replies
    1. වැව්,

      ඒක තමයි කියන්නෙ...හෙහ්,හෙහ්,

      Delete
  5. "එහෙත් අවම වශයෙන් දශක සතරක කාලයක් මේ දිවයින විනාශ මුඛයට අද දැමීමට හේතුකාරක වූ ජනවාර්ගික අර්බුදයට"

    ReplyDelete
  6. රවි මේ ප්‍රශ්නය දෙස බලන්නෙ අන්තවාදී ව බව මම දන්නවා. එක පාර්ශ්වයක් මර්ධනය කරල අනෙක් ජාතිවාදය පිනවන්න ඔබ කරන යෝජනාව සාධාරණ නෑ. අපි ජාතිවාදය පැරදවිය යුත්තේ සියල්ල එක මිටකට ගෙන.
    පසුගිය කාලෙ ඔබ මහින්ද විරෝධයට මුවාවෙලා බොහෝ දේවල් කිව්වා. ඒවට ඔබට සමාන අදහස් දරන බ්ලොග්කාරයො හුරේ දැම්මා.
    මම වැරැද්ද පෙන්නල දෙන කෙනෙක්.
    එල්ලුම් ගස් ගිය අයව සමරන්න රජය ඉඩ දෙන්නෙ නෑ. හේතුව ඒ අය දේශද්‍රෝහීන්ය කියල.රජයක් එහෙම තමයි. දේශද්‍රෝහීන් සමරන්න දෙන්නෙ නෑ. ඒ තර්කය සාධාරන නැතත් කොටි කියන්නෙ පැහැදිලිවම විදේශ බලවේගයක්. ජේවීපී එක එක්ක සසදන්න එපා.
    කොටි පිටුපස සිටියෙ රට දෙකඩ කරන්න උත්සාහ කළ බලවේගයක්. දෙකඩ වීම කියන්නෙ රටේ විනාශය.
    ඔබට මෙය සරල දෙයක් වුනාට රටේ බහුතරයකට සරල නෑ.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ,

      / අපි ජාතිවාදය පැරදවිය යුත්තේ සියල්ල එක මිටකට ගෙන. /

      මොකක්ද මේ සියල්ල එක මිටට ගන්නවයි කියන්නෙ? අනික ජාතිවාදය පැරදවීමට උතුරේ මලවුන් සැමරීම තහනම උදව් වෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් පැහැදි කරනවද?

      / පසුගිය කාලෙ ඔබ මහින්ද විරෝධයට මුවාවෙලා බොහෝ දේවල් කිව්වා. /

      මට මහින්ද විරෝධයකට අමුතුවෙන මුවාවෙන්න දෙයක් නෑ මධ්‍යස්ථ, මම මහින්දට කැමති නැත්තෙ අද ඊයෙ නෙවෙයි 2004 ඉඳල. සුනාමි සල්ලි ගහපු දවසෙ ඉඳල. මොකද මහින්ද කියන්නෙ බල ලෝභයම තම පරමාර්ථයක් කරගත්තු බලය වෙනුවෙන් ඕනම දහපදුරා නිහීන වැඩක් කරන්ට පසුබට නොවන මනුස්සයෙක්ය කියල මට ඒ කාලෙම තේරුන හින්ද. 2009 යුද්දෙ දිනුව උනත් ඒ අකමැත්ත නැති වුනේ නෑ.අද උනත් මහින්ද මම ඒ අවුරුදු දහයකට කලින් කරපු තක්සේරුව නිවැරදියි කියල දවසින් දවස ඔප්පු කරනව.

      / ඒවට ඔබට සමාන අදහස් දරන බ්ලොග්කාරයො හුරේ දැම්මා. /

      තමන් දරන අදහසට සමාන අදහසක් කවුරුහරි පල කලාම ඊට තමන්ගෙ එකඟත්වය පල කරල කමෙන්ට් එකක් දාන එක තමයි සිරිත.ඔබෙ අදහස් වලටත් එකඟ අය එහෙම කමෙන්ට් දායි...:)

      / ඒ තර්කය සාධාරන නැතත් .../

      ඔබේ තර්කය සාධාරණ නැහැයි කියල ඔබම කියන නිසා මම අමුතුවෙන් ඒ ගැන මොකවත් කියන්න ඕන නැහැනෙ....:)

      / කොටි කියන්නෙ පැහැදිලිවම විදේශ බලවේගයක්. ජේවීපී එක එක්ක සසදන්න එපා. /

      එතකොට ජේ.වී.පී. කියන්නෙ විදේශ බලවේගයක් නෙවෙයි කියල ඔබට සහතිකයි..එහෙමද? මම එහෙම කියන්නෙ ජෙ.වී.පී. කියන්නෙ විදේශ බලවේගයක් කියල කියන්න නෙවෙයි. ඒ ගැන ඇත්තටම මම දන්නෙ නෑ. අනික මම කියපු කරුණු වලට කොටි විදේශ බලවේගයක්ද ? නැද්ද? එතකොට ජේ.වී.පී. විදේශ බලවේගයක්ද ? නැද්ද? ඒ කාරණා කොහොමවත්ම අදාල වෙන්නෙ නැති හින්ද මම ඒ ගැන කරදර වෙන්නෙත් නෑ. මම බොහොම සරලව කිව්වෙ කොටි ත්‍රස්තවාදීන් නම ජේ.වී.පී. එකත් ඒ හා සමාන ත්‍රස්තවාදීන් කියල එච්චරයි. ජේ.වී.පී. එක ත්‍රස්තවාදීන් ගණයට නොවැටෙන්නෙ කොහොමද කියල කිසිම දෙයක් නොකිය ඔබ කියනව ජේ.වී.පී. එක ඒ ගණයට දාන්ට එපාය කියල. ..:)

      සරලව කිව්වොත් ඔබ කියන්නෙ මට හිතෙන්නෙ මෙහෙම දෙයක්. කොටියි ජේ.වී.පී යි දෙකම ඇත්තටම ත්‍රස්තවාදීන් තමයි. ඒත් ජේ.වී.පී. සිංහල නිසා අපේ එවුං හින්ද පොඩි චාන්ස් එකක් දෙමු..අන්න ඒ වගේ එකක්...

      / කොටි පිටුපස සිටියෙ රට දෙකඩ කරන්න උත්සාහ කළ බලවේගයක්. දෙකඩ වීම කියන්නෙ රටේ විනාශය. /

      මධ්‍යස්ථ මතධාරියයි කියල නම දාගත්තට ඔබ මෙතන ඉන්නෙ අන්තිම අන්තවාදී ස්ථාවරයකනෙ මහත්මයා. කොටි රට දෙකඩ කරන්ට උත්සාහ කලාය කියන එක ඇත්ත. ඒත් අපි කොටි සමූලඝාතනය කරල අවුරුදු හයක් වෙනවනෙ. දැන් ඇයි ආයම කොටිගැන කතා කරන්නෙ?

      අර ජපන් සෙන් කතාවක් තියනව අහල තියනවද හාමුදුරු දෙනමකුයි තරුණියකුයි ගැන. තරුණ සහ මහලු හාමුදුරු දෙනමක් ගමනක් යද්දි දකිනව රූමත් තරුණියක් මඩ කඩිත්තකින් එගොඩ වෙන්ට නොහැකිව බලා ඉන්නව.එයින් තරුණ හාමුදුරුවො ඒ තරුණියව එන්න නැඟනිය කියල ඔසවගෙන ගිහිල්ල එහා පැත්තෙන් තියනව. ඒ කරල හාමුදුරුවරු දෙන්න තමන්ගෙ ගමන යනව. හවස ආරාමයට ගිය ගමන් අර අනික් මහලු හාමුදුරුවො මෙහෙම කියනව. " ඔබ බොහොම වැරදි වැඩක් කලේ..පැවිද්දෙකුට වටිනවද ඒ වගෙ රූමත් තරුණියක් ඔසවගෙන යන්න? " තරුණ හාමුදුරුවො මෙච්චරයි කියන්නෙ. " මම ඒ තරුණිය මඩ කඩිත්තෙන් එගොඩ වුන තැන තියල ආව. ඔබතුමා මට පේන්නෙ තවමත් ඒ තරුණිය ඔසවගෙන ඉන්නව වගේ. "

      ඔය උත්සවේ කොටි සමරන්ටමය කියමු. ඉතිං මධ්‍යස්ථ මහත්මයා, කොටි ඉවරෙටම ඉවරයිනෙ. මැරිච්ච මිනිස්සු සැමරුවට මොකද වෙන්නෙ? ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ට ඉඩ දෙමු මැරිච්චි මිනිස්සුන්ට සමරලා ජීවිතේ අලුතෙන් පටන් ගන්ට. ඒ ජීවත්වෙලා ඉන්න මිනිස්සු එක්ක අපි කතාබහ කරමු. එහෙම නැතුව කලින් වගෙ දිගටම තහංචි දාන්ට ගියොත් ආයම පරණ තත්වය බොහොම ඉක්මනටම එන්ටපුලුවන්.

      / ඔබට මෙය සරල දෙයක් වුනාට රටේ බහුතරයකට සරල නෑ. /

      මේ වැඩේ සංකීර්ණ කරල මහා ලොකු දෙයක් වගෙ මවල පෙන්නල තියෙන්නෙ මරාගෙ වහල්ලු සහ සට්ටඹියො. ඒ තත්වය වෙනස් කරන්ට ඕන හැකි ඉක්මනින්.

      ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ බහුතර කැමැත්ත. ඒ වගේම ලංකාවෙ බහුතරය සිංහල බෞද්ධයින්. ඒ නිසා ඔවුන්ගෙ බහුතර එකඟතාවය නැතුව දෙන විසඳුමක් ප්‍රායෝගික වෙන්නෙ නෑ.

      Delete
    2. //පසුගිය කාලෙ ඔබ මහින්ද විරෝධයට මුවාවෙලා බොහෝ දේවල් කිව්වා. ඒවට ඔබට සමාන අදහස් දරන බ්ලොග්කාරයො හුරේ දැම්මා//

      එහෙම හුරේ දාන හෝ දාපු ගොඩේ මමත් ඉන්නවා/හිටියා.ඒ මහින්ද ගැන රවීයියා දරන මතය එක්ක මගේ මතයත් බොහෝවිට සමපාත වෙන නිසා.

      මේ පොස්ට් එකේදීත් එහෙමයි රවීයියා කියන මේ කරුණු එක්ක මම නැවතත් බොහෝදුරට එකඟ වෙනවා.හැබැයි මම කියන්නේ නැහැ උතුරේ තම මියගිය ඥාතීන් හිතමිතුරන් සැමරීමට එරෙහිව පොලිසිය අධිකරණයෙන් ගත්තු වරණය වැනි වරණයක් ඉල්මහා විරු සැමරුමටත් එරෙහිව ගත යුතුයි කියා.විය යුත්තේ ඉල්මහා විරුවන් සමරන්න ජවිපෙ එකට තියෙන අයිතිය අනෙක් අයටත් ලබා දීමයි.

      //එල්ලුම් ගස් ගිය අයව සමරන්න රජය ඉඩ දෙන්නෙ නෑ. හේතුව ඒ අය දේශද්‍රෝහීන්ය කියල.රජයක් එහෙම තමයි. දේශද්‍රෝහීන් සමරන්න දෙන්නෙ නෑ. ඒ තර්කය සාධාරන නැතත් //

      ඇත්ත,ම.ම එක මහා අසාධාරණ ක්‍රියාවක්.ඒ විදියේ අධිකරණ ක්‍රියාවකින් මරණ දණ්ඩනය දුන් අයෙකුව සමරන්න පවුලේ අයකුට හෝ ඉඩක් නොදීම හරියට මල මිනියෙනුත් පළිගන්නවා වගේ වැඩක්.

      //කොටි කියන්නෙ පැහැදිලිවම විදේශ බලවේගයක්.//,//කොටි පිටුපස සිටියෙ රට දෙකඩ කරන්න උත්සාහ කළ බලවේගයක්.//

      ම.ම,
      කොටි සංවිධානයට සාමාන්‍ය දෙමළ ජනතාව අතරේ යම් ප්‍රසාදයක් තිබ්බා.එහෙම වෙන්න
      එක හේතුවක් වුනේ දකුණේ සිංහලයින්ගේ ඇතැම් ක්‍රියාවන්. 83 කළු ජුලිය එක උදාහරණයක් විතරයි.

      ජාතිවාදය ඇවිස්සුවේ දෙපැත්තෙම අවස්ථාවාදී දේශපාලකයෝ.ගොදුරු වුනේ දෙපැත්තෙම නිරායුධ අහිංසක ජනතාව.

      Delete
    3. රවී මහත්මයා ,
      උතුරේ මළවුන් නෙමයි සමරන්නේ වෙනම රටක් අරමුණු කරගෙන මියැදුන ත්‍රස්තවාදින් කණ්ඩායමක්. ඒ සැමරීම " අනේ මුන් කරගත්ත මෝඩකමක්, අයෙත් මේවගේ දේවල් නම් සිද්ධ වෙන්න එපා" කියන අරමුණෙන් වෙනවනම් විතරයි සංහිඳියාවට ඒ සැමරීම වැඩක් වෙන්නේ. නමුත් ඒක එහෙම නෙමෙයි කියල ඔබත් මමත් අපි හැමෝමත් දන්නවා. ජ. වි.පෙ අරමුණ උනේ වෙනම රටක් නෙමෙයි නේද?

      ඔබ මධ්‍යස්ථට දීපු උදාහරණෙ තරුණිය එගොඩ උන තැන තියලා ආපු බවක් නම් පෙනෙන්න නෑ නේද? සිව්ර අස්සේ හංගගෙන ඇවිත් වගේ තමයි පෙනෙන්නේ.
      මට හිතෙන විදියට මේ සංහිඳියාව ඇති කරන්න සිංහල සමාජය විතරක් කැප වීම ගොන් වැඩක්. සිංහල සමාජය 83දී ජේ .ආර් ගේ උගුලේ අහුවුනාට පස්සේ සෑහෙන කැප කිරීමක් සංහිඳියාවට වෙනුවෙන් කරලා තියෙනවා. කුලීන දෙමළ නායකයො අහිංසක දෙමළ ජනතාව අන්දගෙන වෙනම රටක් කිය කියා යන ගමනට රවිලගේ කතාත් අනියම් සහයෝගයක් වෙනවා. දුක්විඳින අහිංසක දෙමළ මිනිස්සු ඊලම හදන්න ගිහින් තවතවත් පීඩාවට පත්වෙනවා කුලීන දෙමළ නායකයෝ දරුපවුල් පිටින් යුරෝපෙට වෙලා සැපට ඉඳගෙන අනාගත ඊළාම් නායකත්වයට පිඹුරුපත් හදනවා. රවීලා උඩගෙඩි දෙනවා .. අනේද කියන්නේ ...

      Delete
    4. Ano,

      / උතුරේ මළවුන් නෙමයි සමරන්නේ වෙනම රටක් අරමුණු කරගෙන මියැදුන ත්‍රස්තවාදින් කණ්ඩායමක්. /

      ඉතිං මොකද? මොන තරම් දරුණු ත්‍රස්තවාදීන් අපරාධකාරයින් වුනත් ඔවුන් කාගෙ හරි දරුවො, කාගෙ හරි සහෝදරයො, ඉතින් ඒ මව්පියන්ට සහෝදරයින්ට ඔවුන් සමරන්නට අයිතියක් නැද්ද? ඒ වගේම ඔවුන්ගෙ සහෝදර දෙමළ ජනයාට ඔවුන් ස්මරන්නට අයිතියක් නැද්ද? ඔවුන් ත්‍රස්තවදීන් නිසා ඔවුන් සැමරිය යුතු නෑ කියල තීරණය කරන්න ඕන දෙමළ ජනයා මිස රජය නෙවෙයි.

      /  ජ. වි.පෙ අරමුණ උනේ වෙනම රටක් නෙමෙයි නේද?  /

      හරි, ජවිපෙ අරමුණ වුනේ රටෙන් කෑල්ලක් නෙවෙයි මුලු රටේම පාලන බලය අල්ලගන්න එක. එතකොට ඔබේ තර්කය වෙනම රටක් සඳහා සටන් නොකරනව නම් ඕනම ත්‍රස්තවාදී ක්‍රියාවක් සාධාරණයි ..එහෙමද?

      යම් ක්‍රියාවක් ත්‍රස්තවාදීද නැද්ද කියල තීරණය කෙරෙන්නෙ ඒ ක්‍රියාවෙ අරමුණ වෙනම රටක්ද නැද්ද කියන කාරණය මත.....:)

      / කුලීන දෙමළ නායකයො අහිංසක දෙමළ ජනතාව අන්දගෙන වෙනම රටක් කිය කියා යන ගමනට රවිලගේ කතාත් අනියම් සහයෝගයක් වෙනවා /

      කුලීන දෙමළ නායකයො අහිංසක දෙමළ ජනතාව අන්දගෙන වෙනම රටක් කිය කියා යන ගමනට ඒ අහිංසක දෙමළ ජනයාට ඔවුන්ගේ මලගියවුන් පවා සිහිකිරීමට තහංචි දැමීම අනුමත කරන ඔබ වැනි ඇනෝලගේ කතාත් අනියම් සහයෝගයක් වෙනවා

      Delete
    5. //මම මහින්දට කැමති නැත්තෙ අද ඊයෙ නෙවෙයි //

      කම්කරු ඇමති වෙලා ඉන්නකාලෙ රටේ ආර්ථිකයට හානිදායක දීර්ඝ කාලීන විදිහට ගත්තහම සේවාදායක හා සේවායෝජක දෙදෙනාටම අවැඩක්වෙන එහෙත් ගැලරියට ජනප්‍රිය කම්කරු ප්‍රඥප්තියක් ගේන්න හැදුවා.
      මේ රටවලට වෙලාතියන ලොකුම හෙනේ තමයි මිනිස්සු චන්දෙ දෙන්නෙ ගැලරිකාරයන්ටම තමයි ප්‍රේමදාස , විජේවීර, රාජපක්ශ, වීරවන්ස, ඔක්කොම ගැලරියට තමයි

      ආර්ථිකය අමාරුවෙනකොට මිනිස්සු බනිනව ඒත් නාස්තිකාර ෂෝ එකක් හෝ ආවේගකාරී කතාවකින් ආයිත් රැවටෙනව.
      සිරිසේනගෙ මම දකින හොඳමදේ ප්‍රායෝගිකව තාර්කිකව බුද්ධියට කතා කිරීම

      Delete
    6. රවී ,

      "ඉතිං මොකද? මොන තරම් දරුණු ත්‍රස්තවාදීන් අපරාධකාරයින් වුනත් ඔවුන් කාගෙ හරි දරුවො, කාගෙ හරි සහෝදරයො, ඉතින් ඒ මව්පියන්ට සහෝදරයින්ට ඔවුන් සමරන්නට අයිතියක් නැද්ද? ඒ වගේම ඔවුන්ගෙ සහෝදර දෙමළ ජනයාට ඔවුන් ස්මරන්නට අයිතියක් නැද්ද? ඔවුන් ත්‍රස්තවදීන් නිසා ඔවුන් සැමරිය යුතු නෑ කියල තීරණය කරන්න ඕන දෙමළ ජනයා මිස රජය නෙවෙයි."

      ඒවා ඒ ඒ අය සමරගත්තට කමක් නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රාජ්‍ය/පළාත් රාජ්‍ය ආයතන ඒවා සැමරීමයි. එකෙන් වෙන්නේ මොකක්ද කියන එක උකුණු පුකක් තරමකවත් මොලයක් තියෙන ඕන කෙනෙකුට තේරෙනවා.

      "හරි, ජවිපෙ අරමුණ වුනේ රටෙන් කෑල්ලක් නෙවෙයි මුලු රටේම පාලන බලය අල්ලගන්න එක. එතකොට ඔබේ තර්කය වෙනම රටක් සඳහා සටන් නොකරනව නම් ඕනම ත්‍රස්තවාදී ක්‍රියාවක් සාධාරණයි ..එහෙමද?

      යම් ක්‍රියාවක් ත්‍රස්තවාදීද නැද්ද කියල තීරණය කෙරෙන්නෙ ඒ ක්‍රියාවෙ අරමුණ වෙනම රටක්ද නැද්ද කියන කාරණය මත.....:)"

      ජවිපෙ ත්‍රස්තවාදී වෙලාහිටියත් මොකද? ජවිපෙ ත්‍රස්තවාදී වෙලා හිටපු නිසා කොටි ත්‍රස්තවාදීන්ට අහිංසක මිනිස්සු ගම්මාන පිටින් කපා කොටා දාන්න ලයිසන් ලැබුනද? හිනාවෙන්න ඕනි නමුත් කටින් නෙවෙයි............:)

      අර සෙන් කතාව අමතක උනාවත්ද? හරී.............හොරා

      Delete
    7. Ano,

      / ඒවා ඒ ඒ අය සමරගත්තට කමක් නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රාජ්‍ය/පළාත් රාජ්‍ය ආයතන ඒවා සැමරීමයි. එකෙන් වෙන්නේ මොකක්ද කියන එක උකුණු පුකක් තරමකවත් මොලයක් තියෙන ඕන කෙනෙකුට තේරෙනවා. /

      උතුරු පළාත් සභාව පත්වුනේ දෙමළ ජනයාගේ අතිමහත් බහුතර මනාපයෙන්. ඒ නිසා ඒ තමන් පත්කරපු ජනතාවගෙ අභිඅලාෂයන්ට සංවේදී වෙන්නට සිදුවෙනව අනිවාර්යයෙන්ම.මහ ඇමති කලේ ඒක.

      / ජවිපෙ ත්‍රස්තවාදී වෙලාහිටියත් මොකද? /

      අන්න එහෙම එන්න. ජවිපෙ ත්‍රස්තවාදීන් කියල ඔබ පිළිගන්නවනම් මෙතන තර්කයක් නෑනෙ. ඔබ ජවිපෙ ත්‍රස්තවාදීන්ය කියල පිළිගන්නට මැලිවීමනෙ ගැටලුව වුනෙ.

      / ජවිපෙ ත්‍රස්තවාදී වෙලා හිටපු නිසා කොටි ත්‍රස්තවාදීන්ට අහිංසක මිනිස්සු ගම්මාන පිටින් කපා කොටා දාන්න ලයිසන් ලැබුනද? හිනාවෙන්න ඕනි නමුත් කටින් නෙවෙයි............:) /

      ඉතිං කවුද රත්තරනේ එහෙම එකක් කිව්වෙ? කොටි කරපු අමානුෂික ක්‍රියා මම කොහෙවත් සාධාරණීකරණය කරල එහෙම තියනවද? සරලව ආයෙම සාරාංශගත කරල කියන්නම් මම කියපු දේ

      1. කොටි සංවිධානය යනු අති අමානුෂික ත්‍රස්තවාදී සංවිධානයකි.ඔවුන්හේ අරගලයට සාධාරණ හේතු ඇතිමුත් තම ඉලක්කය කරා යන ගමනේදී ඔවුන් අනුගමනය කල ක්‍රියා මාර්ගය කිසිසේත් අනුමත කල නොහැක.

      2. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම වෙනුවෙන් මහින්ද, ඝෝඨාභය, ජෙනරල් ඇතුළු සියලුම සන්නද්ධ හමුදාවන්ට අපගේ ස්තූතිය හිමිවිය යුතුය.

      3. උතුරේ මියගියවුන් සාමාන්‍ය නිරායුධ වැසියන් වේවා, අවිගත් ත්‍රස්ත වාදීන් වේවා ඔවුන් සැමරීමේ අයිතිය උතුරේ වැසියන්ට හිමිවිය යුතුය.

      4. සෙන් කතාවේ එන තරුණිය ඔසවාගෙන සිටින මහළු හාමුදුරුවන් මෙන් කොතෙකුත් විනාශකල කොටින් කරමත තබා නොසිට, විශ්වාසය සහ අන්‍යෝන්‍ය අවබෝධය පදනම් කොටගත් අනාගතයක් කරා පියනැඟිය යුතුව ඇත.

      Delete
    8. Pra Jay,

      / කම්කරු ඇමති වෙලා ඉන්නකාලෙ රටේ ආර්ථිකයට හානිදායක දීර්ඝ කාලීන විදිහට ගත්තහම සේවාදායක හා සේවායෝජක දෙදෙනාටම අවැඩක්වෙන එහෙත් ගැලරියට ජනප්‍රිය කම්කරු ප්‍රඥප්තියක් ගේන්න හැදුවා. /

      මහින්ද කියන මනුස්සය එදා ඉඳලම හැම දෙයක්ම කලේ බලය ලබාගැනීමේ චේතනාවෙන්ම මිස වෙන දෙයකට නෙවෙයි. මම හිතන්නෙ මනුස්සයට ඔය බල වියරුව ඔලුවට ගැහුවෙ 1980 වගෙ වෙන්න ඕන. මැතිණිගෙ ප්‍රජා අයිතිය අහිමිවෙලා විජය, චන්ද්‍රිකා අනුර සහ මැතිණිය ඇර ගද්දි මහින්දට පෙනුන බොරදියේ මාලුබාන්ට මේක හොඳම අවස්ථාව කියල. හරියට සිටුවේෂන් එක මැනිපියුලේට් කලොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ බලය ගන්න එක අමාරුවෙන්නෙ නෑ කියල. රටේ බලය ගන්ට කලින් පක්ෂෙ බලය අරං ඉන්ට එපාය. 94 අවුරුද්දෙ චන්ද්‍රිකා ආපහු එනවට මිනිහ ඔයතරං දැඩිව විරුද්ධ වුනෙත් ඒකයි.මතකනෙ අර චන්ද්‍රිකා ඇවිල්ල පලවෙනි රැස්වීමෙදි ප්‍රසිද්ධියෙ කුණුහරප කිව්වයි කියන්නෙ.

      පක්ෂයක බලය ගන්ට ඊළඟට රටේ බලය ගන්ට උත්සාහ කරන එකේ ඇත්තටම කිසිම වැරැද්දක් නෑ. දේසපාලුවෙකුගෙ පරමාර්ථය වෙන්න ඕන ඒකනෙ. හැමදාම විපක්සෙ ඉඳල බෑනෙ.

      ඒත් ප්‍රශ්නෙ වෙන්නෙ බලය ලබාගැනීම සහ බලය රැකගැනීම එකම පරමාර්ථයකරගත්තු කපටියෙක් දේශපාලනයට ආවම. එහෙම වුනාම රටම අනාතයි. ඔය කොටි පැරැද්දුව එක වුනත් මම හිතන්නෙ මහින්ද කලේ ජීවිත කාලෙටම රටේ රජකම ගන්ට එකම ක්‍රමය ඒකයි කියල කල්පනා කරල. ඒ නැතුව වෙන කෙහෙල්මලකට නෙවෙයි.2005 චන්දෙදි බැසිල් උතුරට යවල කොටි එක්ක ඩීල් එකෙක් දාගත්ත මතකයිනෙ.

      Delete
  7. මේ හැම දේම සාපේක්ෂයි. යමෙක් අපේ ඔලුවට තුවක්කුවක් අල්ලගෙන ඉන්න කොට හිතෙන දේවල් නෙවෙයි තුවක්කුව අයින් කළාම දැනෙන්නේ. තුවක්කුව අල්ලගෙන ඉන්න කෙනාව බිම දාලා අපව බේරාගන්නා කෙනා ටික කාලයකට වීරයෙක් වෙනවා. ටික දවසක් යනකොට තුවක්කුව අල්ලගෙන හිටපු කෙනා ගැන අනෙක් අය කියන කතා අහලා ඔහු ගැන අනුකම්පාවක් ඇති වෙනවා. ඔහු අපේ ඔලුවට තුවක්කුව අල්ලන්න හේතුවුණු කාරණය සාධාරණීකරණය කරනවා. අවසානයේ අපි ඔහුගේ කරට අතදාගන්නවා. අපව බේරගත්තා කෙනා දිහා වපර ඇසින් බලනවා. ඔහු කළේ වරදක් බව අනෙක් අයට කියනවා. යම් කාලයක අපේ ඔලුවට තුවක්කුවක් අල්ලගෙන යමෙක් හිටි බව අමතක වෙනවා.

    ReplyDelete
    Replies
    1. Niranjan,

      හරි, යමෙක් අපේ ඔලුවට තුවක්කුවක් අල්ලගෙන ඉන්නව . අපිව බේරගන්ට කිසිකෙනෙකුට පුලුවන් වුනේ නෑ. ඒත් එක ධීර වීර පුරුෂයෙක් ඒ ඔලුවට තුවක්කුවක් අල්ලගෙන ඉන්න දාමරිකයට ගහල හරි මරල හරි අපිව බේරගන්නව. දැන් එහෙම කරපු පුද්ගලය අපේ වීරයා. හරි මෙතෙන්ට එනකල් මම ඔබ හා එකඟයි. කතාව වෙනස් වෙන්නෙ මතනින් පස්සෙ. අර අපිව බේරගත්ත පුරුෂයට එනව උද්දච්ච කමක්. මහන්තත්ත කමක්. මමයි උඹව බේරගත්තෙ . මට ඕන විදිහටයි උඹ ඉන්න ඕන. එහෙම කියල ඒ වීරය පටන් ගන්නව හිතු මතේ යකා නටන්ට. දැන් මේ මනුස්සයෙ කරන දේවල් ඉවසන්ට බැරි මට්ටමට එනව. මොකක්ද දැන් කරන්න ඕන? අනේ අර ඔලුවට තුවක්කුවක් අල්ලගෙන හිටපු මනුස්සයහෙන් අපිව බේරගත්තෙ මේ වීරයනෙ. ඒ නිසා ඔහෙ ඕන දෙයක් කරපුවාවෙ. කියල අපිට නෙවෙයි වගෙ ඉන්නවද නැත්තං?

      Delete
    2. නිරන්ජන් මෙතන කියන්නේ හමුදාව සහ එල්ටීටීඊ කියන පැති දෙක ගැන මිසක් රජා ගැන නෙවෙයි කියල මට හිතෙන්නේ

      Delete
    3. හැම එකටම මහින්දව ගාවගන්න එපා. මහින්ද එපාම කරපු එකා. උගෙ නමක්වත් කියන්න එපා.
      හමුදාව සහ ත්‍රස්තවාදීන් කියන දෙපාර්ශ්වය ගැනයි මේ කියන්නෙ. අලුත් පරපුර කියන ( මට උන්ව හදුන්වන්න වචන නෑ ) කොටින්ට සහෝදරත්වයෙන් ආමන්ත්‍රනය කරල තියෙන්නෙ.
      පැහැදිලියි. ඉතාම පැහැදිලියි .මෙතන අවශ්‍යකොටි අපරාධකරුවන් වීරත්වයට නැංවීමේ පොංගු තමිල් ක්‍රියාකාරකමක්.හමුදාව විතරක් නොවෙයි යුද්ධයටපක්ෂ වූ සියළු දෙනා විත්තිකරුවන්.

      Delete
    4. පැතුම්,

      ඔබ හරි..මම නිරන්ජන්ගෙ බ්ලොග් එක බැලුවා. ඔහු අදහස්කරල තියෙන්නෙ හමුදාව සහ කොටි තමයි. මයි මිස්ටේක්..මම හිතුවෙ මේ මහින්ද ගැන කියන්නෙ කියල.. :(

      Delete
    5. නිරන්ජන්,

      ඒ පිස්සු යක්කු ටිකක්. අලුත් පරපුර කෙහෙල්මල. ගොං පාට් තමයි...මම හමුදාව ඒ වගේම මහින්ද ගෝඨාභය ඒ වගේම ජෙනරල්..ඔය ඔක්කොම ත්‍රස්තවාදය ඉවර කරල දාන්ට කල මෙහෙය කවදාවත් අවතක්සේරු කරන්නෙවත් අමතක කරන්නෙවත් නෑ. ඒත් අපි එතනින් එහාට යන්න ඕන නැද්ද? ඒකයි මගේ ප්‍රශ්නය...

      Delete
    6. මධ්‍යස්ථ මතධාරියා,

      / පැහැදිලියි. ඉතාම පැහැදිලියි .මෙතන අවශ්‍යකොටි අපරාධකරුවන් වීරත්වයට නැංවීමේ පොංගු තමිල් ක්‍රියාකාරකමක්.හමුදාව විතරක් නොවෙයි යුද්ධයටපක්ෂ වූ සියළු දෙනා විත්තිකරුවන්. /

      එහෙම හරියටම ඔබට පැහැදිලිනම් අවුලක් නෑ. ඔබ මොනවහරි දැනගෙන වෙන්න ඕනනෙ ඒ වගෙ ස්ථිරවම ප්‍රකාශයක් කරන්නෙ. මම නම් හිතන්නෙ ඔය කැපී පෙනෙන්ට ආශාවෙන් දඟලන කොළු ගැටව් කට්ටියකගෙ වැඩක් කියල. රටේ තිබ්බ තත්වය ගැන කිසිම වැටහීමක් නැති අඳබාල කණ්ඩායමකගෙ ප්‍රකාශයක්. ඔය හැටි කලබල වෙන්ට උවමනා නෑ මට හිතෙන්නෙ ඒ කතාවට...

      Delete
    7. /මම නම් හිතන්නෙ ඔය කැපී පෙනෙන්ට ආශාවෙන් දඟලන කොළු ගැටව් කට්ටියකගෙ වැඩක් කියල. රටේ තිබ්බ තත්වය ගැන කිසිම වැටහීමක් නැති අඳබාල කණ්ඩායමකගෙ ප්‍රකාශයක්./

      ඒ වගේ ගොබ්බයෝ දෙලක්ෂ විසි හතර දාස් පන්සීය තිස් හයක (224,536) මරිමෝඩ ජන්ද වලින් තමයි ඔහෙලගෙ සිරා ගොඩ ගියේ
      උන් එදා රටේ තත්වය තේරුම් ගත්තනම් අද රටට මෙහෙම වෙන්නේ නැහැ

      Delete
    8. Ano,

      / ඒ වගේ ගොබ්බයෝ දෙලක්ෂ විසි හතර දාස් පන්සීය තිස් හයක (224,536) මරිමෝඩ ජන්ද වලින් තමයි ඔහෙලගෙ සිරා ගොඩ ගියේ /

      ඒ ගොබ්බ චන්ද දෙලක්ෂ ගාණ හින්ද තමයි කුඩු කාරයො, බඩු කාරයො, මිනීමරුවො රැලක් වටකරගෙන ඉන්න, මහජන මුදල් කිසිම හිරිකිතයක් නැතුව අම්මාගෙ අප්පගෙ බූදලේ වගෙ චන්දෙට වියදම් කරපු,පයිල් කොට්ටෙ යට තියාගෙන හොරුංව රකිනවයි කියල තමංගෙ කටිම්ම කියාපු, ඒකාධිපතියෙකුට, පෝරිසාදයෙකුට, රට කපටියෙකුට, නීලකාස හොරෙකුට දීපු කිසිම විචාර බුද්ධියක් නැති, මේ ලෝකේ සම්ම ජාතියක් තේරෙන්නෙ නැති,මේ තමන්ගෙ ඇස් ඉස්සරහ පෙනෙන්ට තියන ඇත්ත තෙරුම්ගන්ට බැරි, ඕන කපටියෙක් කියන ඕන ගොං කතාවක් එක හෙලා විස්වාස කරන කඳ බඩ තිබ්බට ඔලුව මොන්ටිසෝරි මොඩල් එකේ වාල්ලුංගෙ චන්ද 5,768,090 ක් අවලංගු වෙලා මේ රට සිම්බාබ්වේ වගෙ තත්වයකට පත්වෙන්ට තිබ්බ අභාග්‍යමත් අවස්ථාව වැළකිලා ගියේ.

      Delete
    9. දැන් ඔහේලා කඩේ ගිහින් ගෙනාපු අමබරුවෝ සෙට් එක ඊට දෙවෙනි නැහැනේ ආයිබෝන්
      උන් හොරකං කරන්නේ මහ දවාලේ පෙනී පෙනී. රට සිම්බාබ්වේ වෙන්න වැඩි කලක් යන එකක් නැහැ. බාර් ලයිසොන්ද.
      හයිවේ හදන්න ගණන් අඩුකලා කියල ප්‍රචාරය කරලා, පාරේ ලේන් වලින් දෙකක් කපලා මිනිස්සුන්ව අන්දලා එතනිනුත් ගසා කනවා.
      ඒ මදිවට හොරකං චෝදනා වලින් උන් උන්වම නිදහස් කර ගන්නවා.

      තමුන් වගේ අපතයෝ එක්කාසු වෙලා සුඛිත මුදිත කරපු ලංකාවට ඇවිල්ලා ෂපාන් එකේ ලක්ෂරි ජොබක් කරලා සැපට ඉන්නේ නැතුව තමුන්නාසේ පිටරටට වෙලා කඹුරන්නේ මොකටැයි.
      දැන් ලංකාව යුරෝපේ වගේ වෙලා තියෙන එකේ මෙන්න මෙහාට ඇවිත් රසාවක් කරගෙන නෝනා එක්කත් පොඩ්ඩක් ඉන්න බලනවා.
      ඒ මනුස්සයත් පවු නැද්ද මං අහන්නේ.

      බේගල් කෙළ කෙළ UNP එකට කඩේ ගිහින් ආත්මේ පාවා දෙන්නේ නැතුව දන්න දෙයක් ලියාගෙන හිටියනම් හොඳ නැද්ද.

      Delete
    10. Ano,

      / දැන් ඔහේලා කඩේ ගිහින් ගෙනාපු අමබරුවෝ සෙට් එක ඊට දෙවෙනි නැහැනේ ආයිබෝන් /

      ඔබ ඇත්තටම අවංකයි. ඒ ගෞරවය ඔබට දෙන්ට ඕන. මරා ඇතුලු කණ්ඩායම කරපු හොර මගඩි ඔබ නෑ කියන්නෙ නෑ. ඔබ කියන්නෙ දැං ඇවිල්ල ඉන්න අයත් ඒ වගේම හොරු කියල. වෙන්න ඇති. දේසපාලුවො කියන අය කවුරුත් එකයි. ඒත් අඩුගානෙ මහත්මයා දැන් ජනාධිපතිට, අගමැතිට විරුද්ධව පැමිණිලි කරන්ට හරි හැකියාව තියනව. අර සීය සීය එකතු කරල චන්දෙ කරපු ගොම්මංපිල මේ ඊයෙ පෙරෙයිද ගිහිල්ල පැමිණිලි කලේ අන්න ඒ වගෙ.

      හැබැයි අර ප්‍රේම ජයන්ත ගොයිය නං කියන්නෙ සංධානෙ බලයට ආපු ගමං මූල්‍ය අපරාධ විමර්ශණ රිකකය අහෝසි කරනවයි කියල..නරකම නෑ නේද ඒ කතාව? ඒ කියන්නෙ නීලකාස පට්ට හොරු රැළ බේරගන්ට ඕන නං අපිට චන්දෙ දීපියව් ....ඒකනෙ කියන්නෙ. අනුර කුමාර දිසානායක කියනව වගෙ දැං හරි පැහැදිලියි...අපේ රටේ සල්ලි කොල්ල කාපු එවුංට දඬුවම් දෙන්ට ඕනනං කාටද චන්දෙ දෙන්ට ඔනෙ කියල හරි පැහැදිලියි...

      / ඒ මදිවට හොරකං චෝදනා වලින් උන් උන්වම නිදහස් කර ගන්නවා. /

      ඉතිං ඒ තීන්දුව දුන්නෙ උසාවියකින් නේද මහත්මයා? ඔයාලගෙ ගොට්ට මහත්තය දුන්නෙ අපූරු සහතිකයක් අධිකරණයෙ ස්වාධීනත්වය ගැන සෑහීමට පත්වෙන්ට පුලුවන්ය කියල. ඉතිං ඒ වගෙ ස්වාධීන අධිකරණයකින් දුන්නු තීන්දුවක් වැරදිය කියලද ඔහෙ කියන්නෙ?

      නැත්තං අර කොටි මිනීමරන කොට උං ත්‍රස්තවාදියොය. ජේවීපී මිනී මරනකොට එහෙම නොවේය කියන තර්කය අනුව ගොට්ට අත්අඩංගුවට ගන්ට එපාය කියල නියෝග කරනකොට අධිකරණය ස්වාධීනයි, ඒත් රවී නිදහස්කරනකොට අධිකරණය පක්ෂග්‍රාහීයි වගෙ කතාවක්ද ඔබ තුමා ඔය කියන්නෙ?

      / ලංකාවට ඇවිල්ලා ෂපාන් එකේ ලක්ෂරි ජොබක් කරලා සැපට ඉන්නේ නැතුව තමුන්නාසේ පිටරටට වෙලා කඹුරන්නේ මොකටැයි. /

      ඔහේ බොහොම අබංක ( මේ වගට ඔබේම අබංක සෝමා..කියල අර ලව් ලෙටර් එකක් තියෙන්නෙ. ඒකෙං මේ අබංක කෑල්ල උපුටා ගත්තෙ ) කෙනෙක් කියල මට හිතෙන් හින්ද මමත් අබංක උත්තරයක් දෙහ්නං...මරා සහ සමාගම ගහපු ගැහිලි වල හැටියට මහත්මයා ලංකාවෙ භාණ්ඩාගාරෙ තනිකර හිස්වෙලයි තියෙන්නෙ. රන් රිදී මුතු මැණික් පුරවල තිබ්බ කල්දේරං ටික විතරලු ඉතුරු වෙලා තියෙන්නෙ. ඉතිං මේ අපි වගෙ පිටරට කඹුරන අය එවන තූට්ටු දෙකෙං ගහන බදුවලිං තමයි භාණ්ඩාගාරෙ ආයම පුරවන්ට වෙලා තියෙන්නෙ. අන්න ඒකයි දේශප්‍රේමීං හැටියට අපි තව දුරටත් විදෙසගතව කඹුරන්නෙ..අන්ඩර්ස්කර්ට්?

      / බේගල් කෙළ කෙළ UNP එකට කඩේ ගිහින් ආත්මේ පාවා දෙන්නේ නැතුව දන්න දෙයක් ලියාගෙන හිටියනම් හොඳ නැද්ද. /

      මම දන්න දේ තමයි අප්පේ බේගල් කෙලින එක. ඉතිං දන්න දේ තමයි මම මේ කරන්නෙ...:)

      ඔය මහත්මයත් තමංගෙ වටිනා කාලය මිඩංගු කරල මේ බේගල් කියවල එව්වට උත්තර බඳින්ට මහන්සි වෙන වෙලාවෙ අර අබයාරාමෙ පැත්තෙ ගිහිල්ල මරාගෙ සැපදුක බලල ආවනං හොඳ නැද්ද.?

      එහෙමත් නැත්තං අර මෝඩවංස, ගොම්මංපිල නඩේ එක්ක එකතුවෙලා මහින්ද එක්ක නැඟිටිමු කියල පෝස්ටර් අලවන්ට ගියානං හොඳ නැද්ද?

      එහෙමත් නැත්තං හෙට අනිද්ද ආයම ගොට්ට මහත්තය අල්ලස් කොමිසමට කට උත්තර දෙන්ට එන වෙලාව බලල එතනට ගිහිල්ල අර සිංහය විතරක් ඉන්න කොඩිය කාරිය වනල අපි ඔබ සමඟයි කියල ගිරිය යටිං බෙරිහං දුන්නනං හොඳ නැද්ද?

      Delete
    11. [ඔය මහත්මයත් තමංගෙ වටිනා කාලය මිඩංගු කරල මේ බේගල් කියවල එව්වට උත්තර බඳින්ට මහන්සි වෙන වෙලාවෙ අර අබයාරාමෙ පැත්තෙ ගිහිල්ල මරාගෙ සැපදුක බලල ආවනං හොඳ නැද්ද.?

      එහෙමත් නැත්තං අර මෝඩවංස, ගොම්මංපිල නඩේ එක්ක එකතුවෙලා මහින්ද එක්ක නැඟිටිමු කියල පෝස්ටර් අලවන්ට ගියානං හොඳ නැද්ද?

      එහෙමත් නැත්තං හෙට අනිද්ද ආයම ගොට්ට මහත්තය අල්ලස් කොමිසමට කට උත්තර දෙන්ට එන වෙලාව බලල එතනට ගිහිල්ල අර සිංහය විතරක් ඉන්න කොඩිය කාරිය වනල අපි ඔබ සමඟයි කියල ගිරිය යටිං බෙරිහං දුන්නනං හොඳ නැද්ද? ]

      දේශපාලනේ වෙනුවෙන් බ්ලොග් පෝස්ට් දමමින්, කමෙන්ටු සඳහා කාලය වැය කරමින් ඔබ ඔවුන්ටත් වඩා වැඩියෙන් කඩේ යන අයුරු ඔබටම නොදැනීම ලස්සන විහිළුවකි.

      මා වැනි බයි කුළයේ උන් එසේ කඩේ යන්නේ නැත. මා කරන්නේ ඔබ වැනි කේප්ප වස්සන් UNP ය නම්වූ කුඹුරේ තළු මරමින් තණකොළ කමින් සිටිනු දුටු විටකදී පුකට අල්පෙනෙත්තකින් ඇණ ආතල් එකක් ගැනීම පමණකි. එය මා හට සතුටකි.

      [ඒත් රවී නිදහස්කරනකොට අධිකරණය පක්ෂග්‍රාහීයි වගෙ කතාවක්ද ඔබ තුමා ඔය කියන්නෙ?]
      මේ අවස්ථාව සම්බන්ධව බැලු විට පක්ෂග්‍රාහී බව පැහැදිලියි. ගෝටාගේ සිද්ධිය අත පුච්ච ගන්න බයට කරපු දෙයක් විය හැකියි.
      එසේ බැලු කල අධිකරණය තවමත් එසේමය.

      [මරා සහ සමාගම ගහපු ගැහිලි වල හැටියට මහත්මයා ලංකාවෙ භාණ්ඩාගාරෙ තනිකර හිස්වෙලයි තියෙන්නෙ. රන් රිදී මුතු මැණික් පුරවල තිබ්බ කල්දේරං ටික විතරලු ඉතුරු වෙලා තියෙන්නෙ. ඉතිං මේ අපි වගෙ පිටරට කඹුරන අය එවන තූට්ටු දෙකෙං ගහන බදුවලිං තමයි භාණ්ඩාගාරෙ ආයම පුරවන්ට වෙලා තියෙන්නෙ. අන්න ඒකයි දේශප්‍රේමීං හැටියට අපි තව දුරටත් විදෙසගතව කඹුරන්නෙ..අන්ඩර්ස්කර්ට්?]

      අනේ මේ ඔයා දන්න ගැහිලි, දන්න එකම ගැහිල්ලත් දැන් මතක නැතුව ඇති තනියම පිට රටකට වෙලා ඉන්න නිසා.
      ඔය භාණ්ඩාගාර කතාව බලයට එන හැම මෝඩයම වගේ කියන කොමන් කතාවනේ.
      මහින්ද ගැහුවා, මහින්ද හොරා කියන කතා දැන් අමතක කරලා දාන්න.
      ඒ ඔයාලව ජන්දේ කාලේදී දක්කපු ගොපල්ලෝ ඔයාලව දක්කන්න පාවිච්චි කරපු අඬහැරයක් පමණයි.
      දැන් කුඹුර හාල ඉවරයි, ගොපල්ලෝ පවා දැන් ඒ අඬහැරය කියන්නේ නැති එකේ ඒවා කට පාඩම් කරගත්තු හරක් තතන තතන ඒවා කියනකොට ටිකක් අවුල් වගේ

      ඔයාගේ මන්දබුද්ධික ගොපල්ලෝ කරන වැඩ වලින් භාණ්ඩාගාරේ පුරවන්න වෙන්නේ නැහැ කවදාවත්. උන් මෝඩයි, කැතයි, නපුංසකයි.
      උන් සමහර විට භාණ්ඩාගාරේ පුරවයි උන්ට කඩේ යන වයසක උන්දලාගේ ඇට වලින්
      මෙන්න උන්ගේ වැඩ,

      පෙට්‍රල් රු 16 න් අඩු කිරීමේ පාඩුව මසකට රුපියල් මිලියන 45.4 යි. (මසක පරිභෝජනය ලීටර 2.84 මිලියන)
      ඩීසල් රු 33 න් අඩු කිරීමේ පාඩුව මසකට රුපියල් මිලියන 131 යි. (මසක පරිභෝජනය ලීටර 3.97 මිලියන)
      Payee Tax අවම සීමාව රු 50,000/- සිට 65,000/- දක්වා ඉහළ දැමීමෙන් විශාල පිරිසක් ටැක්ස් වලින් නිදහස් වේ
      ඉතිරි පිරිසගෙන් අය කරගන්නා ටැක්ස් ප්‍රමාණය අඩු කර ඇත. එක් අයෙකුගෙන් මසකට අහිමි වන මුදල මධ්‍යස්තව රු 500 ක් ලෙස සළකා, වර්ග දෙකටම අයත් පුද්ගලයින් 100,000 ක් ඇති බවට උපකල්පනය කිරීමෙන් රජයට මසකට අහිමි වන ආදායම රු මිළියන 50 යි.
      සෙල්ලං නැහැ, මිලියන 226.4 ක් කිව්වම.

      ඔහේට දැන්වත් තේරෙන්නේ නැද්ද ඔහේල රට ඉඳල සල්ලි සුට්ට සුට්ට එවලා පුරවන්න හදන්නේ ඔහෙලගෙ ගොපළු රෑන හිල් කරපු කල්දේරම් බව
      උන් ඒවා හිල් කරද්දීම තමයි එව්වයේ තිබුණු මුතු මැණික් රත්‍රන් හංග ගන්න ඇති.
      ආයේ මොකද, පුරුදු වෙන්න හොරකං කරනවා කියලයැ

      පව් අනී උයා......
      හැමදාම රට ඉන්නද අයිසේ කල්පනාව, මෙන්න මෙහාට ඇවිත් කෙළින්ම කඩේ යනවා.
      සල්ලිත් දෙනව කියන්නේ

      Delete
    12. හිතවත් ඇනෝ ( මහතානනි / මහත්මියනි / මෙනෙවියනි / ස්වාමීන් වහන්ස / අන්‍යාගමික පූජක තුමනි )

      ඔබ විසින් බොහෝ වෙහෙසව ලියූ දීර්ඝ ඵිළිතුර කියවා බොහෝ සතුටු වූයෙමි.නිර්නාමිකව හෝ කල ඒ දීර්ඝ අදහස් දැක්වීමට මගේ ප්‍රණාමය. එළෙසම ඔබ සත්‍යය වශයෙන්ම මරාගේ වහලකුනොව හුදෙක් විනෝදාශ්වාදය උදෙසා මරා වෙනුවෙන් කඩේ යන්නකු බව මගේ හැඟීමයි. එහි කිසිදු වරදක් නැත. ඔබ හා කල සංවාදයෙන් මම ද අපමන සතුටක් ලදිමි. ඒ පිළිබඳව ඔබට නැවතත් මාගේ ප්‍රණාමය.

      එලෙසම මේ සංවාදය මෙතෙකින් නතර කිරීමට මම තීරණය කලෙමි.ඒ යලිත් දිනයක ඔබ හා මෙවන් සාරගර්භ සංවාදයක යෙදීමට කරුණු ඉතිරිකොටගත යුතු බැවිනි. මවිසින් ඉදිරියටද " මරා හා ඔහුගේ වහලුන්" සහ " අබයාරාමයේ විත්ති " මැයෙන් යුතුව දීර්ඝ සටහන් මාලාවක් ලිවීමට අදහස්කොටගෙන සිටින බැවින් එම ලිපි පළවූ පසු යලිත් අපගේ සාරගර්භ සංවාදය ඇරඹිය හැක.

      Delete
  8. මේකේ තියෙනවා ලස්සන අදහසක්
    http://reargate.blogspot.com/2015/05/blog-post_17.html

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      කියෙව්වා..චාමි කියල කතාව ඇත්ත...:)

      Delete
  9. //ඒ සඳහා අවශ්‍ය කැපවීම සහ ධෛර්යය සහිත රජයක් නොබෝදිනකින් එළඹෙන්නාවූ පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් තෝරා පත්කර ගැනීම රටේ අනාගතය පිළිබඳ සිතන සැමගේ වගකීම මෙන්ම යුතුකමද වන්නේය. //

    අපි රැවටෙන්නෙ නෑ ඔය බයිලා වලට...

    ඔයගොල්ලෝ මොනවා කීවත් අපි නම් දෙන්නෙ මහින්ද මහත්තය එන පක්සෙට...

    ReplyDelete
    Replies
    1. Sa rasa,

      / අපි රැවටෙන්නෙ නෑ ඔය බයිලා වලට… /

      අනේ මම මේ කවුරුවත් රැවටෙයි කියල හිතල කියපු කතාවක් නෙවෙයි. මට හිතෙන විදිහට ඉදිරි මහ මැතිවරණෙදි රටට ආදරය කරන සියළු දෙනාම ගතයුතු ක්‍රියාමාර්ගය ගැන පොඩි සඳහනක් කලේ. එපමණකි...හෙහ්,හෙහ්,

      / ඔයගොල්ලෝ මොනවා කීවත් අපි නම් දෙන්නෙ මහින්ද මහත්තය එන පක්සෙට… /

      අවුලක් නෑ සරස, ඔයා කැමති කෙනෙකුට දෙන්ට. ගෙවල් දොරවල් ඔක්කොම විනාස වෙලා ඇඳිවත විතරක් ඉතුරු වෙච්චි මිනිස්සුන්ට ආධාර විදිහට හම්බ වෙච්චි සල්ලි තමන්ගෙ පෞද්ගලික ගිණුමක දාගත්තු මනුස්සයෙකුට උනත් කමක් නෑ ඔබ කැමතිනම් ඔබේ ඡන්දය දෙන්න.

      අපි හැමෝම මිනිස්සු තමයි. ඒත් මිනිස්සු විෂමයි, විවිධාකාරයි, ඒක මිනිස් ස්වභාවය. මිනිස්සු හැමෝටම සත්‍යය කියන එක අවබෝධ කරවල දෙන්ට බෑ, වෙන මොකවත් ඕන නෑ. බුදු හාමුදුරුවන්ගේ මස්සිනා. දේවදත්ත තෙරුන්ට සත්‍යය අවබෝධ කරවල දෙන්ට බුදු හාමුදුරුවන්ට වත් අන්තිම වෙනකලුත් බැරිවුනා. බුදු හාමුදුරුවො එක්ක එකම වෙහෙරෙ ඉඳලත් අන්තිමට දේවදත්ත පොළව පලාගෙන නරකාදියට ඇදගෙන ගියානෙ.

      ගුත්තිලයෙ මේ කව අහල තියනව නේද?

      ඉඳ ඉඳ එක වෙහෙර,
      විඳ විඳ දහම් මනහර,
      සිඳ බිඳ දුක් සසර,
      අහෝ දෙව්දත් නොදුටි මොක්පුර.

      තව එකක් විතරක් කියල ඉන්නං හොඳේ..මේ ලතින් පාඨය දන්නව ඇතිනේද?

      Disce aut Discede - ("Learn or Depart")

      මමත් ලතින් පාඨයක් ඒකට එකතු කරන්නම්...:)

      si numquam discant dont volo discere ( if you dont want to learn you will never learn )

      Delete
    2. //අවුලක් නෑ සරස, ඔයා කැමති කෙනෙකුට දෙන්ට. ගෙවල් දොරවල් ඔක්කොම විනාස වෙලා ඇඳිවත විතරක් ඉතුරු වෙච්චි මිනිස්සුන්ට ආධාර විදිහට හම්බ වෙච්චි සල්ලි තමන්ගෙ පෞද්ගලික ගිණුමක දාගත්තු මනුස්සයෙකුට උනත් කමක් නෑ ඔබ කැමතිනම් ඔබේ ඡන්දය දෙන්න. //

      ඔයා ලියපුවා කියෙවුවා....,

      කිසිම සිවිල් හෝ දේශපාලන බලයක් නැතිව ස ර ස වන මා කරනා මගඩි ගැන සිතුවාම මගේ චන්දය දීමට ගැලපෙන හාදයා මහින්ද මහත්තයා ය.

      මා අයිති වන්නේ පවුකාරයන් ගේ කන්ඩායමටය.

      ඔබ සිහිනෙන් වත් වැරැද්දක් නොකරන කෙනෙකු බව පෙනේ....

      එම නිසා ඔබට මහින්ද මහත්තයාට චන්දේ දෙන්න අමාරු වග මට වැටහේ...

      ඔය ලතින් ලියනවා...

      මට ලතින් තියා ඉන්ග්‍රීසි වත් හරියට තේරෙන්නේ නැත.

      අපිතුමාලා ඔබතුමාලා වගේ දේශීය විස්සවිද්යාල වල උපාදි සහ විදේශීය විස්සවිද්යාල වල පශ්චාත් උපාදි නොමැති නූගත් මහින්දවාදීන් වම්හ!

      Delete
    3. සරස

      / මට ලතින් තියා ඉන්ග්‍රීසි වත් හරියට තේරෙන්නේ නැත. /

      ලතින් පාඨය මම ලිව්වෙ පොරක් කියල කියන්ට එහෙම නෙවෙයි. ඒ ලතින් පාඨය ඔය මහත්තය උදේ හවස දැකල පුරුදුයි කියල මට හිතුන හින්ද. අඩුගානෙ ඒ කාලෙ මතක් වෙලාවත් ටිකක් සාධාරණව කල්පනා කරන්ට හිතයි කියල. ...:)

      ඔබලගෙ අතිඋතුම් නායක තුමා නම් මම බයියෙක් කියල බොහොම ආඩම්බරෙන් කියනවනෙ. මතකනෙ අය -වැය ඉදිරිපත් කරල බුරුසුව එහෙම පුම්බල දාපු ගොං පාට් එක? " කොහොමද බයියංගෙ වැඩ ? " කියල...බයියගෙ වැඩ මුලු රටම දැක්ක අවුරුදු දෙකක් බලයෙ ඉන්ට තිබ්බ එකේ චන්දෙකට ගිහිල්ල හත්පලේ ගාගත්ත එකෙන්...හෙහ්,හෙහ්,

      / අපිතුමාලා ඔබතුමාලා වගේ දේශීය විස්සවිද්යාල වල උපාදි සහ විදේශීය විස්සවිද්යාල වල පශ්චාත් උපාදි නොමැති නූගත් මහින්දවාදීන් වම්හ! /

      අහවල් උපාදිද සරස මහත්තය? රටේ වෙන්නෙ මොකද්ද කරන්ට ඕන මොකද්ද කියල තේරුං ගන්ට ඔය මොන කෙහෙල්මලක්වත් ඕන නෑ. කොමන් සෙන්ස් දන්නවද? සිංහලෙං කියන්නෙ සාමාන්‍ය බුද්ධිය කියල අන්න ඒක තිබ්බම ඕනවටත් වඩා ඇති....:)

      Delete
    4. නායකතුමා නොව ජේසු තුමා තමන් බයියෙක් කියා කියාගත්තත් මා නම් බයියෙක් නොවෙයි... අපේ පලාත්වල බයියෝ කියන්නේ බත්ගම කුලයේ උදවියටයි. මා කුලක්‍රමය අනුමත නොකරමි. එහෙත් මා අයිති වෙනත් කුලයකට කියා මට අපහාස කරනවාට කැමැති නැත.

      දැනගැනීමට අවශ්යම නම්, මා බයියෙකු නොව ගොවිගම ගොයියෙකි!

      Delete
    5. Sarasa,

      / නායකතුමා නොව ජේසු තුමා තමන් බයියෙක් කියා කියාගත්තත් මා නම් බයියෙක් නොවෙයි../

      කලබල වෙන්න එපා..ඔබ බයියෙක් කියල මම කිව්වෙ නෑ. අනික මෙතන මම බයියෙක් කියල අදහස්කලේ බත්ගම කුලේ කෙනෙක් කියන එක නෙවෙයි. මේ පහුගිය දවස්වල මරාගෙ වහල්ලු හඳුන්වන්න පාවිච්චි කරපු බයියො කියන යෙදුම සලකලයි මම එහෙම කිව්වෙ.

      මමත් කුල ක්‍රමයට එකෙහෙලා විරුද්ධයි. ඒ වගේම මට කවුරුහරි කුලය ඇඟවෙන විදිහට බයියා නැත්තං පද්දා කියල කිව්වට මට අපහාසයක් වුනා කියල මම සලකන්නෙත් නෑ. හැබැයි මහින්දගෙ වහලෙක් කියන අර්ථයෙන් බයිය කියල කියනවටනම් මම කොහෙත්ම කැමති නෑ...:)

      Delete
  10. සැබෑ රණවිරුවන් යනු උතුරේ අපේම සහෝදර පිරිසක් ඝාතනය කළ මිනීමරුවන් නොව සංගීතයෙන් හදවත් සනහන අපියි කියල අලුත් පරපුර කියල පිරිසක් ගහපු පෝස්ටරයක් මම දැක්ක. මුන්ගෙ සින්දු අපිනම් අහන්නෙ නෑ. මුන්ට හදවත් සනසන්න හම්බවෙයි යුද්දෙ දිගට තිබ්බනම්. ගුටි කෑවකියල බොරුවට මාධ්‍ය සංදර්ශන තියපු හැටි මතකයි.

    මුන් මේ කියන්නෙ මොනතරම් අසික්කිත තිරිසන් ප්‍රකාශයක්ද
    අපට බස්වල බෝම්බ පුපුරවපු ඉතිහාසය අමතක කරන්න බෑ. කොටි මුන්ට සහෝදරයො වෙන්න ඇති.ඒත් අපට කොටින්වත් මුන්වත් සහෝදරයො නොවේ. මුන් මේ සල්ලිවලට පෙනී සිටින්නෙ බස් පුපුරවපු ගම්මාන කැතිගාපු ම්ලේච්ඡයො වෙනුවෙන්. මුන්ට ආර්ථික සම්බන්ධකම් ඇති. ඒ උඩ මෙහෙම හැසිරෙනව ඇති. ඒත් බහුතර ජනතාව මුන් ගැන දැනුවත්වීමත් මුන්ට වෛරකිරීමත් අවශ්‍යයි.

    ත්‍රස්තවාදීන්ට සහෝදරයන් කියල හමුදාවට මිනීමරුවන් කියන මුන් මොනතරම් සක්කිලියොද

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ ඔබ ගැන ආඩම්බරයි ..............

      Delete



  11. මධ්‍යස්ථ ට ජයවේවා

    ReplyDelete
  12. යූඇන්පී අයට ඕන වුනේ ප්‍රභාකරන් යටතෙ හරි කමක් තමන්ගෙ ආණ්ඩුවක්. සුනාමි ප්‍රශ්නවලට වඩා දූෂන චෝදනා යූඇන්පී ආන්ඩුවට ආවත් ඒව ගැන කතාවක් නෑ.
    මහින්ද හොරා හොරා හොරා කියල හයියෙන් කෑගහල හිමින් කියනව
    කොටි වීරයො වීරයො වීරයො කියල.

    ReplyDelete
  13. ත්‍රස්තවාදී ක්‍රියාවල නියුතුවූවන් පමණක් නොවේ මියගියේ. අහිංසකයින් බොහොමයි!

    ReplyDelete
  14. මේවගෙ නිදහස් සිතුවිලි එන්නෙ උබගෙ මැණියන්ගෙන් වෙන්න ඕනැ. එතුමිය උබ ලැබෙන්න දසමාසයකට කලින් බස් හෝල්ට් වල සංචාරය කෙරුව පිනෙන් ඔයවගෙ ප්‍රගතිශීලී අදහස් උබට ගලා එන්න වාසනාව ලැබිල තියෙන්නෙ. අනේ ඉතින් එතුමිය දන්නවැයි සිංහලද, දෙමළද, තම්බිද, හිපියද කියල.........

    ReplyDelete
    Replies
    1. Ano,

      / මේවගෙ නිදහස් සිතුවිලි එන්නෙ උබගෙ මැණියන්ගෙන් වෙන්න ඕනැ. එතුමිය උබ ලැබෙන්න දසමාසයකට කලින් බස් හෝල්ට් වල සංචාරය කෙරුව පිනෙන් ඔයවගෙ ප්‍රගතිශීලී අදහස් උබට ගලා එන්න වාසනාව ලැබිල තියෙන්නෙ. /

      නිර්නාමික, මේ... අපහාස කරන්න එපා හරිද? ඒ මනුස්සය ඔය බස් හෝල්ට් ගානෙ ගියේ නෑ. මිනිස්සු ගෙදරට ආවෙ..දන්නවද? මම දන්න කාලෙත් එහෙමයි. මොනව උනත් ඔබතුමා බොහොම වැදගත් ඇනෝ කෙනෙක්. ගෞරව කල යුත්තාට ගෞරව කරන්ට දන්නව. එතුමිය කියල බොහොම ගරුසරු ඇතුව ලියල තියෙන්නෙ ඒකනෙ.

       / අනේ ඉතින් එතුමිය දන්නවැයි සිංහලද, දෙමළද, තම්බිද, හිපියද කියල......./

      අනේ බං ඔය කවුරු උනහම මොකද? මේක බහුවාර්ගික බහු ආගමික රටක් නෙව...අනික අපි කවුරුත් දන්නවද අපෙ තාත්තල හරියටම කවුද කියල. ඩී. එන්.ඒ. පරීක්ෂණයකින් වුනත් කියන්න පුලුවන් 99.99% ස්ථිරයි කියල විතරයි. ඒ නිසා ඔය තාත්ත සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියල හොයන්ට දඟලන්ට එපා. තව ඊට වඩා කොච්චර වැදගත් දේවල් තියනවද මේ ලෝකෙ කරන්ට...නැද්ද හා?

      Delete
  15. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17031-2015-05-18-22-04-40

    ReplyDelete
  16. ඒ වුණාට එහෙම එකක් තිබ්බ නේස මං දැක්ක විග්නේස්වරන් මොකද්ද මංද ඉහ ඉහ යනව නන්දිකඩාල් කලපුව පැත්තෙ

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      විග්නේස්වරං ඉහ ඉහ ගියාද බං? ...හෙහ්,හෙහ්,

      Delete
  17. ඇත්තටම මට මේ වගේ සද්දන්ත දේසපාලන කටයුතු ගැන වැටහීමක් නෑ. හැබැයි මං දන්නව කොහෙවත් සීයට සීයක් හරි මිනිස්සු නෑ. අපිට තියෙන්නේ ඒ වෙලාවට, අදාල කාර්යයට සුදුසු අය තෝරා ගැනීම. ඔය ගැන මට දැනෙන දේ මං මගෙ පලමු බ්ලොක් ලියවිල්ලෙම ලිව්ව(http://yanhella.blogspot.com/2015/05/blog-post.html). දැං මගෙ ඔලුවෙ මොනවත් නෑ.

    ReplyDelete
    Replies
    1. සුරංග ,

      උඹ ඔව්ව ගනං ගන්ට එපා. අර වන්දනා ගමන ගැන ලියහං ...වන්දනා ගමන ගැන ලියහං ...:)

      Delete
    2. ඒ උනාට මෙන්න මේ ටික ලියන්නම ඕනි. ඔය ප්‍රභාකරන් මැරිච්ච දවසෙ අපි හිටියෙ දියතලාවෙ මැනුං හා සිතියං ගතකිරීමේ ආයතනයෙ. එතකොට අපි පුහුණු වෙන කාලෙ. ඔය සිද්ධිය ටීවී එකේ පෙන්නද්දි අපිත් එක්ක අපේ බැජ් එකේ හිටිය යාපනේ දෙමළ කෙල්ලෝ දෙන්න අඬන්න ගත්ත. මං හිතන විදිහට උංගෙ කවුරුහරිත් මැරිල. එදා අපි උංට අපේ සිංහල දේශප්‍රේමයෙන් දමල ගැහුව පාර උන් දෙන්න අඩලම ලෙඩ උනා. ඉතුරු වෙලාල හිටපු යාපනේම දෙමල කොල්ල විතරක් හිනාවෙවී හිටිය. හැබැයි ඌත් හිටියෙ හිත යටින් දුකෙං. තමුන් එක්ක ආව කෙල්ලො දෙන්නගෙ කඳුලක් පිහින්න උට හැටියක් නැති උනා. ඌ එහෙම කලානං අපේ එවුං ඌව දෙකට කඩනව ෂූවර්. ඉතිං අපි සිය ගානක් එක්ක උන්ට දුන්න පීඩනේ දරාගෙන ඉඳපු උං, ඊට මාස ගානකට පස්සෙ අපේ එවුංව යාපනේ එක්කං ගිහිං උංගෙ ගෙවල්වල නවත්තගෙන හොඳට සලකල තිබුන. අපේ එවුන්ට දෙන්න කියල ජීවිතේට දෙමල ගෙදරකට ගේන්නැති හරක් මස් පවා හදල දීල තිබුන.

      Delete
  18. රවී කාටද මේව අපි කියන්නෙ ඇත්තටම..... මහා දුකක් වගේම කලකිරීමකුත් දැනනවා... රටේ යහපත් මිනිස්සු ආදරයෙන්, සාමයෙන් ජීවත් වෙන්න කැමති මිනිස්සු ඉන්නවා බහුතරයක්... පටු දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් විස පොවන කුහක දේශපාලඥයොත්, ඒව ගෙඩි පිටින් ගිලින මෝඩ මිනිස්සුත් අඩු නැතිව ඉන්නවා...

    ජාති, ආගම් භේද නැති මනුස්සකම පිරුණු රටක් සිහිනයක්ම වෙන්නෙ මේ අමන වැඩ නිසා.. කාරුණික වචනයකින්, එක පහනකින් මහා හිත් වෙනසක් කළ හැකිව තිබියදී තවමත් කරන්නෙ හිත් පෑරීම... වෛරය වැපිරීම....

    ReplyDelete
    Replies
    1. තරූ,

      / ජාති, ආගම් භේද නැති මනුස්සකම පිරුණු රටක් සිහිනයක්ම වෙන්නෙ මේ අමන වැඩ නිසා.. කාරුණික වචනයකින්, එක පහනකින් මහා හිත් වෙනසක් කළ හැකිව තිබියදී තවමත් කරන්නෙ හිත් පෑරීම... වෛරය වැපිරීම..../

      කියන්නෙ කාටද? මේ සරල සත්‍යය වටහාගන්ට බැරි මොකද කියල හිතෙනකොටත් මහා දුකක් දැනෙන්නෙ....:(

      Delete
  19. සැමරුවේ නැයෝ වෙන්න පුලුවම්.ඒත් උන් ත්‍රස්තවාදියෝ. ඕක තෙරෙන්නේ නනේ මෙ බබලට​

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...