Thursday, May 28, 2015

322. කුකුළේගඟ මතක - 7 - සුරක්ෂිතතා පූර්ව උපක්‍රම, කැනරි කුරුල්ලන්, අවිච්චියන් සහ මනීෂා කොයිරාල



කුකුළේගඟ මතක ලියන්ට ඇවිල්ල හරි හමං විදිහට කුකුළෙ ගැන ලියවුනේ ඔන්න පළවෙනි, දෙවෙනි සහ තුන්වෙනි කොටස්වල විතරයිනෙව. හතර, පහ සහ හය ලිව්වෙ වෙන වෙන බූත. එව්වයෙ හැටි ඉතිං එහෙම තමයි. මක්ක කොරන්ටෙයි ?....නැද්ද?

රායිට්ස්....මුලිම්ම උඩ තියන පෝටොස් එක ගැන. ඕකෙ ඉන්නෙ මායි වැන්දයි අපි එක්ක වැඩ කරපු එක හුද්දෙකුයි. හුද්දා මහතා ඇවිල්ල ස්වීඩන් ජාතිකයෙක්. නම ඔස්බර්ග්. හෙණ දීගජන්තුව. අටේ දහයෙ පොර. පේනවනෙ පින්තූරෙම්ම.

ඔය අපි ඉන්නෙ පොළව යට පවර් ස්ටේෂන් එකට යන්ට තියෙන ප්‍රවේශ මාර්ගය විදිහට පාවිච්චි වෙන මේන් ඇක්සස් ටනල් එක ඉස්සරහ. ඔතනම පොඩ්ඩක් ඉස්සරහින් තමයි අපෙ ඔෆිස් එක තිබ්බෙ.ටනල් එකෙන් එළියට ඇවිල්ල තියනව පේනව නේද කහපාට ලොකු බටයක්?අන්න ඒකෙන් තමයි ටනල් එක ඇතුලට අලුත් වාතය යවන්නෙ පම්ප් කරල. වෙන්ටිලේෂන් ටියුබ් එක කියල ඒකට කියන්නෙ. 

ඔය ටියුබ් එකේ අග තියනව මහ විසාල පංකා..නැත්නම් ෆෑන්. එව්ව වැඩ කරනකොට පිටත වාතය ඇදල අරගෙන ටියුබ් එක දිගේ ඇතුළට පම්ප් කරනව. එතකොට ඒ ප්‍රෙෂර් එක හින්ද ඇතුලෙ තියන අපිරිසිදු වාතය ඉබේම ටනල් එක දිගේ තල්ලු වෙලා එළියට එනව. උමං මුහුණතේ ( Tunnel Face ) බ්ලාස්ට් එකක් කලාම පිටවෙන දුම සහ දූවිලි ඇදල එළියට දාන්නෙ ඔය ෆෑන් එක ෆුල් බ්ලාස්ට් රිවර්ස් දාල.

රයිටෝ...පෝටොස් එක ගැන ඒ ඇති..ආහ්. ඔය ෆොටෝ එක ගෙන්න ගන්ට ගිහිල්ල මට වෙච්ච ජංජාලෙ ගැන පොඩ්ඩක් කියලම ඉන්නංකො...හෙහ්,හෙහ්, ගිය සුමානෙ දවසක රෑ අපේ ප්‍රියම්බිකා තොමෝ එක්ක කතා කරද්දි මම කිව්ව මෙහෙම..

" මේ ළමයා..පොඩි වැඩක් කරනවද? " 

" මොකද්ද? " 

" මගෙ අර කෙළවරේම තියන පොත් රාක්කෙ යටම තට්ටුවෙ කබඩ් එකේ ඇති මගෙ ඇල්බම්. එව්වයිං එකක ඇති කුකුළෙ ඉද්දි මම ගත්තු පෝටොස්. අන්න ඒක හොයල ගන්ටකො.."

" ම්ම්ම්..ඉන්ට පොඩ්ඩක්.." ඈ ගිහිල්ල ඇල්බම් එක හොයාගෙන ආව. 

" ආ..මේකෙ තමයි තියෙන්නෙ මම හිතන්නෙ කුකුළෙ ෆොටෝස්. "

" ඕක පෙරළල බලන්ට ටනල් එකක් ඉස්සරහ මම ගත්තු ෆොටෝස් වගයක් ඇති. එව්ව මට පෙන්නන්ටකො. "

" ම්ම්ම්...කුකුළෙ නේද? ඉන්ටකො බලන්ට….." දැං ඔන්න මට පේනව ඈ ඇල්බම් එක පෙරළනව.

" මොකක්ද මේ ෆොටෝ එක? " ඈ එක පාරටම ඔලුව උස්සල ඇහුව..

" ආ..කුකුළෙ ෆොටෝස් හම්බුනාද? "

" කුකුළෙ එකක් නම් නෙවෙයි…...කාටද මේ තමුං ඉන්නෙ තුරුල් වෙලා? කවුද ඒ තේඋඩිච්චි? " 

" ඔන්න එකක් හොයාගත්ත..දැං ඕකද මම හොයන්ට කිව්වෙ? " 

" කියපු එක හොයන්ට බැරුවය? මොකද ඒක කොහෙවත් යන එකක්ය... නෑනෙ..ඊට කලිං කියල ඉන්ටකො කවුද මේ කියල.."

" කවුද? "

" ඉන්ට මම පෙන්නන්නං …" ඈ ඔන්න ෆොටෝ එකක් උස්සල පෙන්නුව. 

ඇත්තටම මට පැහැදිලි නෑ ඒකෙ කවුරු ඉන්නවද කියල.." මට හරියකට පේන්නෙ නෑ අනේ…"

" හුහ්...මොකද පේන්නෙ නැත්තෙ? එව්ව තමයි ඉතිං පේන්නෙ නැත්තෙ…" ඔන්න ඈ තව ටිකක් ෆොටෝ එක ලංකලා..

" කෝ බලමු……" ඒත් හරියකට පේන්නෙ නෑ...ඇත්තටම අපේ ගෙදර කාමරේ ලයිට් එක හරියටම තියෙන්නෙ ඔය කම්පියුටර් එක තියන මේසෙ උඩම වගෙ ඒකෙ එළිය වැටිල රිෆ්ලෙක්ට් උනහම මෙලොව දෙයක් පේන්නෙ නෑ....

" කවුද? ම්ම්ම්..කොණ්ඩෙ කර්ලි වගේ උරහිස ගාවට වගෙ....එහෙම ගර්ල් කෙනෙක්ද ටිකක් කෙට්ටු වගෙ." මම ඇහුව මේකෙ ඉවරයක් තියෙන්න ඕන නිසා.

" ම්ම්ම්..ඒ වගෙ නම් තමයි ….කවුද ඒ? " 

" මේ..සබීතා වගෙ නේද පෙනුම? "

" හුහ්..එහෙනං එගෙනං...සබීත වගේම තමයි... සබීතගෙත් මූණ මැද නහයක් තියෙනවනෙ...ඒ හින්ද සබීත වගෙ කියල කිව්වැහැකි.." ඈ කියාගෙන ගියා ටකරං වහළට දාරානිපාත වැස්සක් කඩාපාත් වෙන්නැහෙ...

" හරි හරි කළබල වෙන්ට එපා ඉතිං...ඔය මා එක්ක වැඩ කරපු කවුරුහරි වෙන්ට ඇති. කොහෙද ෆොටෝ එක අරං තියෙන්නෙ? තව කට්ටිය ඉන්නවද? "

" ඔව්...තව හත් අට දෙනෙක් ඉන්නව..කොහෙද වැව් කණ්ඩියක් උඩ.."

" ආ..ඔය අර පරාක්‍රම සමුද්‍රෙ ගත්ත එකක් වෙන්ට ඇති. අනික තව හත් අට දෙනෙක් ඉන්නවනං මම තුරුල් වෙලා ඉඳල ෆොටෝ ගන්නවද? "

" ආ..ඒ කියන්නෙ කට්ටිය නැති තැන්වල එහෙම ඉන්නවයි කියන එකද? " 

" ඔය ඉතිං..ඕකනෙ මොකවත් කරන්ට බැරි..කියන එක නෙවෙයිනෙ තේරුං ගන්නෙ..වෙන වෙන කෙහෙල්මල්නෙ කියවන්නෙ.." ඔන්න මගෙත් මූණ රතුවේගන ආව. 

" හරි හරි එව්ව ඇරිච්චාවෙ…" මගෙ මූණ රතුවේගන එනකොට එතුමීට තේරෙනව පට ගාල…" හරි කෝකද දැං ඔය ඕනය කිව්ව පින්තූරෙ..ඉන්ට බලන්ට…"

ඔන්න කොහොමහරි අන්තිමට පෝටොස් එකක් තෝරල එතුමියට කියල ස්කෑන් කරවල ගෙන්න ගත්ත. කොහොමහරි ඒ පෝටොස් ගෙන්නිල්ලෙං මයෙ ලේ මහිතේ පිච්චෙන්ට ඇති එක පයින්ටු දෙකකට එහා මිසක මෙහා නම් නෙවෙයි.අන්න එහෙමයි අපි තෙරුණෙයි? ඔහෙලා ඒ කියන්නෙ මයෙ පාටක / පාටවිකාවන් වෙනුවෙන් මහන්සි වෙන්නෙ.. ඔව්ව මතක තියාගන්ටලා... හොඳෙයි?

හරි ඒ පූර්විකාවෙන් පස්සෙ ප්‍රධාන කතාවට ප්‍රවේශ වෙමු....

කුකුළේගඟ මතක - 3 කතාවෙ අන්තිමට මම පලි කෑල්ලක් ලිව්ව මෙහෙම...

පලි - සාතිශය සංවේගයෙන් වුවද මතු සම්බන්ධයි යනුවෙන් සඳහන් කිරීමට සිදුව ඇත. හිනිදුමගේ කතාව සහ කුකුළේගඟ සුරක්ෂිතතා පූර්ව උපක්‍රම ( Safety Precautions කියන එකේ පරිවර්තනය මම මෙහෙම ලිව්වෙ. කළ්‍යාණ මල්ලි, හරි නේද? ) පිළිබඳව ඉදිරි සටහනෙහි ලියමි.

රයිට් එතන පොරොන්දුවෙච්චි එව්වයිං හිනිදුම නොහොත් හින්නගෙ කතාව මම ලිව්ව.එතකොට එහෙමනං තව ලියන්ට තියෙන්නෙ කළ්‍යාණ මලයට පොරොන්දු වෙච්චි සුරක්ෂිතතා උපක්‍රම නොහොත් / හෙවත් / A.K.A.  සේෆ්ටි ප්‍රිකෝෂන්ස් ගැන විතරයි. රයිට් එහෙමනං ඒ ගැනත් ලියලම ආපහු යමු සරෝජිනී සහ අසෝකා ගැන කතාවට. මතකයි නේද ඒ දැරිවියො දෙන්න?..හෙහ්...මතක නැද්ද මන්ද..හරි ඒ ගැන වදවෙන්ට එපා. එයාල ගැන ආයම කියනකොට මතක් වෙයි..

ඕකේ..දෙන්...කුකුළේ සුරක්ෂිතතා උපක්‍රම ගැන...ඔය සේෆ්ටි කියල සංකල්පයක් මම මුලින්ම ඇහුවෙ කුකුළේ ගඟ ව්‍යාපෘතියෙ වැඩ කරන්ට ගියාට පස්සෙ.ඊට කලින් මම අර මහ කැළේ මැද්දෑවෙ රාජකාරි කොරන කාලෙදිවත් ඉම්පස්සෙ ගොවි ජනපදවල රාජකාරි කොරන කාලෙදිවත් ඔහොම සේෆ්ටි කන්සෙප්ට් එකක් අපි දැනගෙන හිටියෙ නෑ.දැං අර කැළේ මැද ඉන්දැද්දි නම් සේෆ්ටි වැදගත් වුනේ දවල් දවසෙ සයිට් එකේ වැඩ කරද්දිට වඩා බිං කරුවල වැටුනට පස්සෙ. විශේෂයෙන්ම එලිෆස් මැක්සිමස් නොහොත් අපි ඒකාලෙ ආදරෙන් ඇමතූ විදිහට අල්ලිස් උන්නැහේලගෙන් බේරෙන්ට වට අඩි හතර පහක ගහකට දණි පණි ගාල නැඟගන්න එක තමයි ඒ කාලෙ සේෆ්ටි ප්‍රොසීඩියර් එක. අනික් එක රෑ බෝ උනාට පස්සෙ එකෙක් මලාය කිව්වත් කෑලි පහේ බැස්ටිය අතේ නැතුව එළියට නොබහින එක. ඒ පොළොං, මාපිල් සහ නාගයින් හින්ද.

කුකුළෙගඟ ආවට පස්සෙ තමයි ඔය සේෆ්ටි ෂූස්, හෙල්මට්, ඕවර් ඕල්, හානස්, ගොගල්ස්, බූට්ස්, ලුමිනස් වෙස්ට් ..ඔය රටේ නැති සුරක්ෂිතතා ආම්පන්න ඇහැට දැක්කෙ.

හරි දැං කුකුළෙ සුරක්ෂිතතා උපක්‍රම ගැන කතා කරමු. ඒ සම්බන්ධව විස්තරයක් කළොත් මෙහෙමයි. පළවෙනි එක...උමඟ ඇතුලෙ වාතයේ පිරිසිදු කම සහතික කිරීම. මේ වැඩේ බොහොම වැදගත් මොකද ඔය පොළව යට හාරගෙන හාරගෙන යද්දි හිටපු ගමං ඔන්න අහුවෙනව විෂ වායු තියෙන හරියක් . ඒ ගැන නොදැන ගියොත් එහෙම ගිය ඔක්කොම ඉවරයි. 

එංගලන්තෙ අමරිකාවෙ එහෙම ගල් අඟුරු පතල්වල ඔය හිටපු ගමං විස වායු හම්බවෙන ප්‍රශ්ණෙට මූණ දීල තියෙන්නෙ මෙහෙමයි. උමඟ හාරගෙන මුලින්ම යන කට්ටිය කූඩුවක දාපු කැනරි කුරුල්ලෙක් අරගෙන යනවලු.කැනරි කුරුල්ලා කියන්නෙ බොහොම ලස්සනට සිංදු කියන පුංචි කුරුල්ලෙක්. උතුරු අප්‍රිකාවට ඔබ්බෙන් අත්ලන්තික් සාගරයෙ පිහිටල තියන කැනරි දූපත් තමයි මේ කුරුල්ලගෙ නිජබිම කියල කියන්නෙ.

ලස්සනට සිංදු කියනවට අමතරව ඔය කැනරි කුරුල්ලංගෙ තවත් විශේෂත්වයක් තමයි විස වායූන්ට ඉතාම සංවේදී වීම. මිනිස්සුන්ට විස වායුවක් දැනෙන්ට කලින් කැනරි කුරුල්ලට ඒක දැනෙනව. එතකොට ඌ හුස්ම හිරවෙලා දඟලනව. ඒක තමයි උමඟෙ වැඩ කරන මිනිස්සුන්ට අනතුරු ඇඟවීම වහාම ඉවත්වෙනු කියල. 

ලංකාවෙ කොහෙද කැනරි කුරුල්ලො හොයන්ට ඉන්නෙ..ඒ නිසා කුකුළෙ ඒ වෙනුවට යොදාගත්තෙ අවිච්චියො..අවිච්චියො දන්නව නේද? අර අවිච්චියං ආයිත් කියායායාං කියල කෑගහන්නෙ..අන්න ඒ කුරුල්ල තමයි අවිච්චියා. කුකුළෙ ටනල් වල වැඩ කරන අය හැමෝම උඩ සාක්කුවෙ අවිච්චියෙක් දාගෙන තමයි ටනල් එක ඇතුලට ගියෙ. ඌට කන්ට බජිරි අහුරකුයි බොන්ට වතුර පොඩි බෝතලේකට දාගෙන ඕවර් ඕල් එකේ යට සාක්කුවෙ. 

විඩිං විඩේ ඩ්‍රිල් කිරිලි, ANFO චාජ් කිරිලි, ( ANFO තමයි බ්ලාස්ටිං මෙටීරියල් එක විදිහට පාවිච්චි කලේ Ammonium Nitrate + Fuel Oil ) ඔක්කොම නවත්තල කට්ටිය උඩ සාක්කුව ඇරල බලනව අවිච්චිය සනීපෙං ඉන්නවද කියල. බැරිවෙලාවත් ඌ සෙට්ට පෝච්චි නං වහාම ඔක්කොමල එළියට දුවනව " අවිච්චිය මලෝ .පණ බේරාගෙන දුවපියෝ " කියල යටිගිරියෙං කෑගගහ. එහෙම හයියෙං කෑගහන්ට පුලුවං එවුං එකා ගානෙ හිටිය හැම ටීම් එකටම. අපෙ අත්තම්ම කියනව වගෙ ගිය ආත්මෙ ගන්ටාර පූජා කරපු එවුං. උංට කිව්වෙ මරහඬ තියන්නා කියල. ඔය මරහඬ තියන්නො බඳව ගත්තෙ ඩෙසිබල් කීයකිං කෑගහන්ට පුලුවන්ද කියල ටෙස්ට් එකක් එහෙම තියල. ඔය කටහඬ සක්තිමත් වෙන්ට වෙනිවැල් හොඳයි කියනවනෙ. කොම්පැණිය ගානෙ එවුංට දුන්න සතියකට වෙනිවැල් කිලෝ තුන ගානෙ තම්බං බොන්ට. අන්න දැක්කද එහෙමයි සුරක්ෂිතතා පූර්ව උපක්‍රම අනුගමනය කලේ අපි.... තේරුණාද?

අනික ඒ දවස්වල ඔය බදුරලිය, ලත්පඳුර පැත්තෙ නැඟලම ගිය බිස්නස් එක තමයි අවිච්චියො අල්ලන එක. අර කියැංනෑම් කොරියන් කොම්පැණිය වැඩකරපු පළාත්වල කොල්ලො කුරුට්ටො ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇවිල්ල කෑවයිං නොකෑවයිං නයි පොළොංගු පස්සෙ එලවන්ට තියාගත්ත වගෙ...හෙහ්,හෙහ්, අවිච්චියෙකුට ගෙව්වය කියනව මයෙ හිතේ රුපියල් දෙසීයක්ද කොහෙද...අපේ ඔය ලොක්ක එහෙමත් මම හිතන්නෙ නොවැරදීම පාට් ටයිම් අවිච්චියො අල්ලන්ට ඇති ඒ කාලෙ....ආය අහන්ට දෙයක් නෑ.උන්දැ කොහොමටත් කුරුල්ලො ගැන උනන්දු මනුස්සය වෙච්චි.

රයිට් විසවායූන් ගැන් ප්‍රිකෝසන්ස් එහෙමයි කියමුකො. ඊට පස්සෙ අංක දෙක. දැං ටනල් එක ඇතුලෙ හිල් විදල පුපුරන ද්‍රව්‍ය පුරවල චාජ් කරල අහවරයි කියමුකො. ඔව්ව ඔහොම නිකම්ම තිබ්බට ගල පුපුරනවය? නෑ නෙව. එව්වගෙ සේව නූලට ගිණි තියන්ට එපාය. නූල හුඟක් දිගට තියන්ටත් බෑ. මඟදි නිමුනොත් කාරිය. ඒ හින්ද සේවනූලෙ උපරිම දිග සාමාන්‍යයෙං අඩි විස්සක් තිහක් වගෙ තමයි. ඉතිං ඕකට ගිණි තියාල හොඳට ඇවිලීගෙන යනවද කියල ටිකක් වෙලා බලා ඉඳල පණ එපයි කියල දුවගෙන එන්ට ඕන.

ඉතිං ඔය ගිණි තබන්නා නොහොත් ෆයර්මන් තතතුරට ගත්තෙ දක්ස ධාවකයො. දෙසීය, හාරසීය සහ අටසීය අඩුගානෙ දිස්ත්‍රික් මීට් එහෙකදි තර්ඩ් ප්ලේස් වත් ගත්ත එවුං තමයි ඔය තනතුරට බඳව ගත්තෙ. අනික කෝකටත් කියල එවුංගෙ පිටට තියල හොඳ ගනකම කොට්ටෙකුත් බැඳල තිබ්බ බැරිවෙලාවත් කරුමෙටවත් බ්ලාස්ට් වෙලා විසිවෙලා ආපු ගල් කෑල්ලක්වත් කොන්ද හරහට වදියිවත් කියල. මතකද අපේ මැදිදුර ධාවන ශූරයෙක් හිටිය ඒ කාලෙ සුගත් තිලකරත්න කියල. අන්න එයා තමයි ඔය ගිනි තබන්නන්ට වැඩිදුර පුහුණුව දුන්නෙ.

ඊගාවට හෙල්මට්, ආරක්ෂිත සපත්තු සහ බූට්ස් වල තත්වය නොහොත් කොලිටි එක සහතික කිරීම. හෙල්මට් චෙක් කලේ මෙහෙමයි. ටනල් එක ඇතුලෙ හෙල්මට් දැමීම අනිවාර්යයි. එහෙම නීතියක් තියෙන්නෙ බ්ලාස්ට් එකේදි බුරුල් වෙලා තියෙන ගලක් දබෝං ගාල ඔලුවට වැටෙන්ට පුලුවන් අවදානම නිසා. එහෙම බුරුල් වෙලා තියන තැන් වලට අපි රොක් බෝල්ට් ගහල ආරක්ෂා සහිත කරනව. ඒත් කියන්ට බෑනෙ. බෙටර් සේෆ් දෑන් සොරි කියල ඉංග්‍රීසි Idiom එකකුත් තියෙන නිසා හෙල්මට් සහ බූට්ස් වල තත්ව පරීක්ෂාව අනිවාර්යයෙන්ම කලා. 

හෙල්මට් වල කොලිටි එක බැලුවෙ ඔන්න ටනල් එකේ වහලට තියන උසට හරියටම සමාන අට්ටාලයක් වගෙ එකක් ගහනව යකඩ බට වලින්. ඊට පස්සෙ වැටෙයි කියල හිතන්ට පුලුවන් ලොකුම සයිස් එකේ ගලක් සාමාන්‍යයෙන් කිලෝ දහයක වගෙ එකක් අරගෙන එක්කෙනෙක් අර අට්ටාලෙ උඩට නැඟල බිම හෙල්මට් එකක් තියල ඒක උඩට අත අරිනව. එහෙම ගල වැටුනම නිරුපද්‍රිතව තියෙන හෙල්මට් විතරයි පාවිච්චියට ගන්නෙ..හෙහ්, ආය වෙනම කියන්ටත් දෙයක්ය නේද? ගල පත බෑවිල හෙල්මට් එක කුඩු සංසාර උනොත් ආය ඒක පාවිච්චිත් කළෑක? නේද?

ඔහොම කොලිටි ටෙස්ටිං කාලයක් කරගෙන ගියා අවුලක් නැතුව. ඊගාවට අපේ සේෆ්ටි ඔෆිසර් ඉන්නවනෙ. මිනිහට අපි කිව්වෙ සේෆ්ටියා කියල. ඔන්න කොම්පැණිය ගානෙ සේෆ්ටියා ඇරිය ඉන්දියාවෙ මාසෙක පුහුණුවකට. පුහුණුවට ගිහිල්ල ආපු ගමං මෙන්න සේෆ්ටියා කියපි අර කලින් ඉඳං අපි හෙල්මට් ටෙස්ට් කරපු විදිහ හරියන්නෙ නැතය ඒ ගල් පත බෑවිල්ල කරන්ට ඕන හෙල්මට් එක ඔලුවෙ දාගෙන ඉද්දිමය කියල. මනුස්සය ඒ නියෝගයට හේතු සාධක වශයෙන් කිව්වෙ හෙල්මට් එක හදල තියන මෙටීරියල් එකයි හිස් කබලයි අතර ඝර්ෂන සංගුණකයෙ අනුලෝමය එක යට එක්ස් කියල දාල, එක්ස් උක්ත කරල සමීකරණය විසඳපුවාම ලැබෙන අගය 1 ට වඩා අඩුනම්, ගලක් වැටුනම හෙල්මට් එකට කිසිම අනතුරක් නොවී හිස් කබල පුපුරන්න පුලුවන්ය කියල.

ඉතිං මොනව කරන්නද? ඊට පස්සෙ එහෙමයි වැඩ සිද්ද වුනේ..හැබැයි මොන එකක්ද මන්දා ඔය අලුත් හෙල්මට් ටෙස්ටිං මෙතඩ් එක ක්‍රියාත්මක කරන්ට ගත්තයිං පස්සෙ කොහොමත් මාසෙකට හත් අට දෙනෙක් අපේ ටනල් වල වැඩකරපු කාණ්ඩෙ රස්සාවල් දාල යන්ට පටං ගත්ත. පංගුවක් එහෙම රස්සාව දාල ගියා. ඊට වඩා දෙගුණයක් වගෙ කට්ටිය ඉස්පිරිතාලෙ ගියා. එහෙම ඉස්පිරිතාලෙ ගිය කට්ටියත් ආපහු වැඩට ආවෙ නෑ.

කට්ටිය සීග්‍රයෙන් අතුරුදහන් වෙන එක ගැන අපේ සේෆ්ටියා මා එක්ක කිව්වෙ මෙහෙමයි, මම ඇහුව වෙලාවෙ.....

" සේෆ්ටි මහත්තයෝ හරි වැඩක්නෙ මේක. අපේ කට්ටියෙං බාගයක් ඉස්පිරිතාලෙ බාගයක් ජොබ් එක දාල ගිහිල්ල..අනේ මංදන්නෙ නෑ..ඔය මහත්තයගෙ මේ සේෆ්ටි වැඩ පිළිවෙළ නං මට තේරෙන්නෙ නෑ." 

" අන්න ඕකනෙ කියන්නෙ..රවීලට මෙව්ව තේරෙන්නෙ නෑනෙ.දැං බලන්න ඔය ඉස්පිරිතාලෙ ගිය අය. එයාල ඔක්කොගෙම ඉස් කබලෙ ඝර්ෂණ සංගුණකය අර මම කියාපු විදිහට විසඳපුවම එකට අඩුයි අනිවාර්යයෙන්ම. මේක බොහොම භයානක තත්වයක්. අඩුගානෙ මේ ඉස්පිරිතාලෙ ඉන්න උදවිය තමංගෙ හිස් කබලෙ ඝර්ෂණ සංගුණකය හරි දැනගත්ත එක ලොකු දෙයක් නෙවෙයිද?ඒ කවුරු හින්දද? ඒ කවුරු හින්දද? මම හින්ද...  ඇත්තටම මට පිං සිද්ද වෙන්ට. " 

පලාගෙන පලාගෙන යනකොට යේකත් ඇත්ත තමා.

ඊගාවට අංක හතර..ටනල් එක ඇතුලෙ බ්ලාස්ට් කලාම වෙඩි බෙහෙත් පැතිරෙනව හැම තැනම. ටනල් එකෙන් උනන වතුර එළියට පොම්ප කරන කොට ඒ වතුර එන්නෙ අර වෙඩි බෙහෙත් මිශ්‍ර වෙලා. ඔතන අපේ ඔෆිස් එක පල්ලෙහායිම්ම තමයි ගලාගෙන යන්නෙ කුකුළේ ගඟ. ඉතිං මේ වතුර කෙලින්ම කුකුළේගඟේ වතුරට එකතුවෙන්න දෙන්න බෑනෙ. ඒ නිසා ඔය අපේ ඔෆිස් එක පිටිපස්සෙ හදල තිබ්බ පොළව හාරල සද්දන්ත සෙඩිමන්ටේෂන් පොන්ඩ් හතරක්. සිංහලෙන් කියන්නෙ අවසාදන පොකුණු කියල.

ටනල් එකෙන් එලියට එන අපිරිසිදු ජලය ඔය පොන්ඩ්ස් වල පිරිල දවස් ගාණක් තිබ්බම එව්වයෙ දියවෙලා තියන අර විෂ ද්‍රව්‍ය පොකුණෙ පතුලට කිඳා බහිනව, තැන්පත් වෙනව. ඊට පස්සෙ උඩ තියන පිරිසිදු ජලය පානයට එහෙම සුදුසුද කියල පරීක්ෂා කරල බලලා ටෙස්ට් එක පාස් වුනොත් කුකුළේ ගඟට වතුර යවනව.

ඔය වතුර පරීක්ෂාකරන වැඩේට සතියකට සැරයක් විතර ආවෙ සේෆ්ටියගෙ ගෝලයො. බහුතරයක් ඔය ගෝලයො හිටියෙ මේ සුට්ටි කෙල්ලො. මම හිතන්නෙ ඔය ඒ ලෙවල් කරල යුනිවකුටි යන්ට ඉන්න එවුං හරි කෙමිස්ට්‍රි වගෙ මොනවහරි විෂයයක් කැම්පස් වල ඉගෙන ගන්න එවුං වෙන්න ඕන. 

ඔය ගෝලයො වතුර ටෙස්ට් කරන වැඩේ කලේ මෙහෙමයි. ඔන්න බීකරෙකට වතුර අරගෙන එව්වගෙ භෞතික ලක්ෂණ ලියාගන්නව. වර්ණය, ගන්ධය, පාරදෘශ්‍යභාවය අනම්මනම් ඔක්කොම. ඊට පස්සෙ ඒක සීල් කරල ලැබ් එකට අරං යනව. අපේ තිබ්බ State Of The Art ලැබ් එකක් . සියළු අංගෝපාංගයන්ගෙන් සපිරි. ලැබ් එකේ අර බීකරේ තියනව පැයක් හරියටම. ඊට පස්සෙ සේෆ්ටියගෙ අර ගෝලයො ඉන්නවනෙ කෙල්ලො. එවුංගෙං එකෙක් අර බීකරේ එහෙම පිටිම්ම බීල දානව. ඒ කෙල්ල පහුවදා නිරුපද්‍රිතව සේවයට රපෝර්තු කලොත් අන්න පොන්ඩ් එකේ වතුර Suitable to be released to nature. That means Kukule Ganga. ඉතිං වතුර ටික රිලීස් කරනව. කොහොමත් ඔය වතුර බීපු කෙල්ලංගෙං එවරේජ් 80% වගෙ ආපහු වැඩට ආවෙ නෑ කියල තමා මට ආරංචි වුනේ...හෙහ්,හෙහ්, 

ඉතිං ඔය කෙල්ලො ඇවිල්ල පල්ලෙහා සෙඩිමන්ටේෂන් පොන්ඩ්ස් දිහා යනව දකිනකොට වැන්දා ඔන්න කෑගහන්ට ගන්නව. ( වැන්දා මතකයි නේද? අපේ ටයිම් කීපර්..වැන්දා ද ස්ටෝරි ටෙලර් ) 

" බොස් බොස්.ඒයි බොස් මෙහෙ එන්ටකො මේ ජනේලෙ ගාවට අන්න සේෆ්ටි මහත්තයගෙ අලුත් ගෝලයො යනව පොන්ඩ් ගාවට සාම්පල් ගන්ට. " 

" ඉතිං ඔන්න ඔහෙ ගියදෙං බං මං මෙතන මේ වැඩක්. …" මම ඒ වෙලාවෙ උන්නෙ කලින් දවසෙ බ්ලාස්ටිං රිපෝට් එක ඩේටා බේස් එකට එන්ටර් කරමින්…

" ඒ වුනාට බොස්ට ආය මෙගෙම ආතල් එකක් දකින්ට වෙන්නෙ නෑ. මෙයත් අනිවාර්යයෙන් අද විතරයි වැඩට එන්නෙ. ෂෙහ්..කියල වැඩක් නෑ. හරියට මනීෂා වගේ. " 

මනීෂා කොයිරාල ගැන ඒ දවස්වල මගෙ තිබ්බ පොඩි ගෝ එකක්. ඕක වැන්ද දැනගෙන හිටිය. 

" එහ්..එහෙමද? හිටහං ඔහොම මාත් එනකල්.." වැඩේ පැත්තක දාල මම දනිපනිගාල නැඟිට්ට.

*********************

කළ්‍යාණ මිත්‍ර..ඔන්න බං මම පොරොන්දුව ඉෂ්ඨ කලා. කුකුළේ සේෆ්ටි ගැන ලියනව කිව්ව..ඒ වගේම ලිව්ව..අපි එහෙමයි හරිය?

116 comments:

  1. මොකද මේ මාතෘකාවට අදාලව ලියල? අනේ මන්ද... ආයේ නැහැ ඔක්කොම අතැඹුලක් සේ කියල. බොරු කියල කියන්නවත් බැහැ

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      / මොකද මේ මාතෘකාවට අදාලව ලියල? /

      පොඩි චේන්ජ් එහෙකටත් එක්ක හිතුන බොල මාතෘකාවට අදාලවම ලියන්න. අර න යන්නෙං වාක්‍යයක් ලියන්න කිව්වම " නෝනා, නාන්න නන් නාන්න, නොනාන්න නන් නොනාන්න " කියල ලියපු පොඩි එකා වගේ...:)

      On the topic, entirely on the topic, nothing but on the topic, :)

      / අනේ මන්ද... ආයේ නැහැ ඔක්කොම අතැඹුලක් සේ කියල. බොරු කියල කියන්නවත් බැහැ /

      ඔන්න ඉතිං..කවුද බං බොරු කියන්නෙ?.....:)

      Delete
  2. අර සේෆ්ටියගේ හෙල්මට් චෙක් කිරිල්ලයි, කෙල්ලෝ ටික වතුර බොන එකයි ඇත්තටම සිද්ද වෙච්ච ඒවද? නැත්නම් මේ ජොලියට වගේ ලිව්ව ඒවද

    අනිත් සේෆ්ටි කතා නම් පිළිගන්න පුළුවන් වගේ හිතුනත් අර දෙක නම් ටිකක් කචල් කචල් වගේ.

    සුද්දා වගේම අත්දෙක බැඳගෙන ඉන්නේ රවී අයියා නේද හෙහ් හෙහ්..

    මනිෂා කොයිරාල දැන් රඟපාන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඒ දෙක විතරද කචල්? පැතුමත් අහුවෙනවනේ මේ පචෝරිස් ට.. අනේ අර වනිතාවට තෑගී දෙන්න ඕනේ වසනවට මේ නස්පුට් මනුස්සයත් එක්ක!

      Delete
    2. මුළු පෝස්ට් එකේම නයි අරිනවා කියල රවී අයියව අපහසුතාවයට පත් කරන එක හරි ද? සුවච කීකරු පාටකයෝ වශයෙන් අපේ යුතුකමක් තියෙනවා ඉඳල හිටලා හරි ලණුවක් දෙකක් ගිලල උන්දෑගේ මේ සත් ක්‍රියාවට පොඩි සහයෝගයක් දෙන්න.

      අනිත් එක ඔය දැන් උඩින් ම මහලොකුවට දාගෙන තියෙන පොටෝ එකේ ඉන්නේ ඌ මයි කියල ඌ කියනවනම් අපිට පිළිගන්න වෙනවනේ..

      රවියගේ කතා වල ඇත්ත බොරු ප්‍රතිශතය මනින්න මොනවහරි සිස්ටොන් එකක් නැද්ද හැබැටම

      Delete
    3. Pathum,

      / සුද්දා වගේම අත්දෙක බැඳගෙන ඉන්නේ රවී අයියා නේද හෙහ් හෙහ්..  /

      එහෙනං..එහෙනං..කොහොමද ඉන්න ගාම්බීර පෝස් එක විතරක්...මෛල් කොයිල් වෙනව නේද? අන්න එහෙමයි අපි ...තේන්නාද?

      / මනිෂා කොයිරාල දැන් රඟපාන්නේ නෑ නේද? /

      ඔව් බං මනීෂට හැදුනා පිළිකාවක්. දැන් හොඳටම සනීපයි කියලයි කියන්නෙ.

      / අනිත් එක ඔය දැන් උඩින් ම මහලොකුවට දාගෙන තියෙන පොටෝ එකේ ඉන්නේ ඌ මයි කියල ඌ කියනවනම් අපිට පිළිගන්න වෙනවනේ.. /

      අඩේ...මම්ම තමයි බොල...හෙහ්,හෙහ්. ආය ඉතිං බොරු පෝටොස් එකක් දාන්නෙ අර අහවල් දේකටෙයි?

      / රවියගේ කතා වල ඇත්ත බොරු ප්‍රතිශතය මනින්න මොනවහරි සිස්ටොන් එකක් නැද්ද හැබැටම /

      "It's a feature of our age that if you write a work of fiction, everyone assumes that the people and events in it are disguised biography — but if you write your biography, it's equally assumed you're lying your head off." - Margaret Atwood - On Writing Poetry (1995)

       “Art is something that lies in the slender margin between the real and the unreal,” - Chikamatsu Monzaemon

      Delete
    4. උපේක්ෂා,

      / අනේ අර වනිතාවට තෑගී දෙන්න ඕනේ වසනවට මේ නස්පුට් මනුස්සයත් එක්ක! /

      නස්පුට් නෙවෙයි බොල..එක්කො නස්පුක් නැත්තං නසරානි හෝ නස්කූනි. නස්පුක් කියන්නෙ කණ සාක්කුවට වැටෙන්ට බීල ඉන්නකොට.." ඌ අද නස්පුක් වෙන්ට ගහල." .අන්න එහෙම..

      නසරානි කියන වචනෙ ඇවිල්ල තියෙන්නෙ ආරාබි වචනෙකින් Nasrani... ඇරබික් වලින් එහෙම හඳුන්වන්නෙ ක්‍රිස්තියානි භක්තිකයො. ඒ කියන්නෙ එයාලගෙ නිර්වචනෙ හැටියට මිත්‍යා දෘෂ්ඨිකයො.

      තෑගි ගැන කිව්වොත් ආය වෙනම දෙන්ට දෙයක් නෑ බං.. ඒ අම්මණ්ඩි හැම මාසෙම එයාට තෑග්ගක් දීගන්නව. " මම මේ මටම තෑග්ගක් දීගත්ත ඔන්න තමුං එක්ක ඉන්නවට " තෑග්ග අරගෙන අහකවෙලා අපාරදෙ කියන්ට බෑ මාව අන්න එහෙම දැනුම්වත් කරනව..එහෙම තමයි උන්දැ..බොහොම ආචාරසීලියි...ඇස්සාක් කටවහක් නෑ.

      Delete
    5. Nazareth කියන එකෙන් නේද?

      Delete
    6. ප්‍රා,

      / Nazareth කියන එකෙන් නේද? /

      ස්තූතියි..මම ඒ බව දැනගෙන හිටියෙ නෑ..හොයල බලනකොට ඇත්ත. යේසුස් වහන්සෙ ජීවත් වෙච්ච Nazareth නගරය හින්ද ක්‍රිස්තියානීන්ට ඒ නම කියල තියෙන්නෙ,

      Delete
    7. @ Pathum Herath: මුළු පෝස්ට් එකේම නයි අරිනවා කියල රවී අයියව අපහසුතාවයට පත් කරන එක හරි ද? සුවච කීකරු පාටකයෝ වශයෙන් අපේ යුතුකමක් තියෙනවා ඉඳල හිටලා හරි ලණුවක් දෙකක් ගිලල උන්දෑගේ මේ සත් ක්‍රියාවට පොඩි සහයෝගයක් දෙන්න.<<

      පැතුම් අහල නැද්ද මෙහෙම ආප්තෝපදේසයක් ඔය පුරාණ ඉරිසින්නාන්සෙලා කට කහනවට කියාපු?

      ලණු කෑවනම් කඹ රීපල්ලා.

      Delete
    8. Henry,

      / ලණු කෑවනම් කඹ රීපල්ලා. /

      මචං උඹ මේ සිංදුව අහල තියනව නේද?...:)

      Eating ropes would cause you to shit coils of halyards…hey…hey…hey…coils of halyards…hey …hey…hey…coils of halyards
      Eating clay would cause you to shit loads of bricks …hey…hey…hey…loads of bricks…hey …hey…hey…loads of bricks
      Eating fire would cause you to shit bags of charcoal …hey…hey…hey…bags of charcoal …hey …hey…hey…bags of charcoal
      When you shit halyards..hey…hey…hey…when you shit bricks..hey..hey…hey..when you shit charcoal

      Delete
    9. Reminds me of Debra Morgan. "Shit a brick and f*** me with it!"

      Delete
    10. Truth percentage?
      I'm guessing 40%???

      Delete
    11. Henry,

      / Reminds me of Debra Morgan. "Shit a brick and f*** me with it!" /

      Yep...I came up with the second line about clay & bricks with Debra on my mind. Here are some of my favourites of Deb.

      [getting dressed for the wedding] "Ugh, a dress. I feel like a transvestite. "

      ***********

      "Godd*mn pantyhose! Has anyone ever died from crotch asphyxiation? "

      ***********

      Debra: (excitedly) " A baby? a mother f**king rolly-poly, chubby cheeked s**t machine? Are you kidding me? "

      Dexter: " I've never heard it described in quite those words before, but yeah. "

      ***********

      " Don't make me come up with thought bubbles to put over those silent looks of yours. Just say what you're thinking."

      ***********

      " When things are going good, that's God's way of saying to cover your ass. 'Cause it's about to get bit. Hard. "

      Delete
    12. Prince of Moonshine,

      You are pretty close Mate...pretty close....:)

      Delete
    13. පැතුම්, අනිත් ඔක්කොම ඇත්ත... අර අවිච්චියාගේ සීන් එක ඇත්ත ම ඇත්ත! :D

      Delete
  3. පේ හිතවත් පත්තර මලයාගේ ආදරණිය මාමණ්ඩිය මොක්සුව සැපතට පත්වි ඇත

    ReplyDelete
    Replies
    1. අහෝ දුකකි! හිනා වෙලා හිනා වෙලා කොමෙන්ටුවක් දාල බලද්දි තමයි මේක දැක්කේ. පත්තර මල්ලී වෙනුවෙන් මාගේ බලවත් සංවේගය..

      Delete
    2. මගේ සාතිශය සංවේගය!!!

      Delete
  4. ඔෆීසිය ඇතුලේ එකම ජංජාලයකි. මුන් ඔක්කොම බලනවා මොකෝ මේ 'අපේ සේෆ්ටියා' බඩ අල්ලං එහෙට හැරි හැරී මෙහෙට හැරි හැරී හිනා වෙන්නේ කියලා.. සෙස්ස පස්සට..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ මිත්‍ර,

      ඉහත සුරක්ෂිතතා සංකල්පයන්ට මා හිතවත් කළ්‍යාණ මලඬ, කොපිරයිට්ස් නැත.පේටන්ට්ස් ද නැත්තේමය. එබැවින් ඔබ රිසිපරිදි භාවිතයට ගත හැක. ඒ මගේ සතුටයි.

      Delete
  5. රවියො, උඹ තමයි දවසකටවත් මිනිහ මචං,
    මාර්ටින් වික්‍රමසින්හගෙ කෙටි කතාවක් මතක් වුනා..
    කොහොමද බොල මේ වගේ කටේ තොලේ නොගෑවි බේගල් ඇදබාන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      බොහොමත්ම ස්තූතියි.

      කොහේද බොල බොරු කියල තියෙන්නෙ? හෙහ්,හෙහ්, අඩේ අනික් අතට ඒ කියන්නෙ මාටින් වික්‍රමසිංහ මහත්තයත් පට්ට බේගල් ලිව්වයි කියල වත්ද?...:)

      Delete
    2. හෙහ්,හෙහ්..
      නැතුව, උන්නැහෙ බේගල් කියල කතාවකුත් ලිව්වෙ..

      Delete
    3. ඇනෝ,

      මාර්ටින් වික්‍රමසිංහ එහෙම එකක් ලිව්වද? මතක නෑ අප්පා...කෙටි කතාවක් වෙන්නැති

      Delete
    4. Upeksha,

      Heh…Why ever not? Thanks for the idea…:)

      Delete
  6. අවිච්චියා-
    http://en.wikipedia.org/wiki/Indian_pitta

    රවි වීරසිංහ මහතා -
    http://en.wikipedia.org/wiki/Baron_Munchausen

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      හෙහ්,හෙහ්..බොහොම ස්තූතියි ප්‍රා ප්‍රශංසාවට...:)

      Delete
  7. ///හෙල්මට් එක හදල තියන මෙටීරියල් එකයි හිස් කබලයි අතර ඝර්ෂන සංගුණකයෙ අනුලෝමය එක යට එක්ස් කියල දාල එක්ස් උක්ත කරල සමීකරණය විසඳපුවාම ලැබෙන අයට 1 ට වඩා අඩුනම් ගලක් වැටුනම හෙල්මට් එකට කිසිම අනතුරක් නොවී හිස් කබල පුපුරන්න පුලුවන්ය කියල.///
    ඈ......!!!!!

    ReplyDelete
    Replies
    1. සේෆ්ටියගෙ බේගල් මොනවද බං රවි අයියගෙ බේගල් එක්ක. මේ කතා ටික දැක්කනං සේෆ්ටිය ගල උඩ ඉඳල වැටෙනකොට හෙල්මට් එක ගලෝල ඒකට ෆේස් කරනව.

      Delete
    2. ඩ්‍රැකී,

      ඔතෙන්ට මල්ලි දාන්න ඕන වීට්ස්ටන් සේතුවේ මූලධර්මයයි ෆර්මි උභතෝකෝටිකයයි..එතකොට අවුලක් වෙන එකක් නෑ...:)

      Delete
    3. ප්‍රසන්න,

      මෙහ්...........අනේ පලයං බං යන්න...:)

      Delete
    4. (ලොකු අකුරින්) ඈ...!

      Delete
    5. ඩ්‍රැකී,

      හෙහ්,හෙහ්, කලබල වෙන්ට එපා බං...ඔය කටට ආවට කියන එව්ව...:)

      Delete
  8. මං මැන්චෝසන් චාරිකා කියවල ඉවර කළා විතරයි බොලං...!!!

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      අන්න බොලේ ඒක කෝකටත් හොඳයි..එහෙනං අවුලක් වෙන එකක් නෑ...හෙහ්,හෙහ්,

      Delete
  9. ඈ බං රවී අයියේ උඹ අහල නැද්ද ඉස්සර ඇමරිකාවේ ඔට්ටේලියාවේ එහෙම පතල් වල විෂ වායුව චෙක් කරපු මෙන්න මේ ක්‍රමය ගැන...
    මහ මිනිස්සු යන්න කලින් පාරෙන් අහුලා ගත්තු පොඩි කොල්ලෙක්ව යවනවලු පන්දමක් එහෙම දීල ඉස්සරහින්...
    මීතේන් වගේ වායුවක් තිබ්බොත් කළු පාට වෙන්න කර වෙච්ච කොළුවෙකුත්, වෙන විෂ වායුවක් තිබ්බොත් ඉතින් අර කැනරි කුරුල්ලාට වෙච්ච දේම වෙච්ච කොලු ගැටයෙකුත් ප්‍රතිපලය විදිහට ලැබෙනවලු.
    ඒ පෙරමග සළකුණු බලළලු උන් වැඩ පටන් ගන්නේ...

    ///අපේ ඔය ලොක්ක එහෙමත් මම හිතන්නෙ නොවැරදීම පාට් ටයිම් අවිච්චියො අල්ලන්ට ඇති ඒ කාලෙ....ආය අහන්ට දෙයක් නෑ.උන්දැ කොහොමටත් කුරුල්ලො ගැන උනන්දු මනුස්සය වෙච්චි.///

    මොන පිස්සුද රවී අයියේ, අපිට අල්ලන්න එකෙක්වත් ඉතුරු කරලා තිබ්බේ නැහැ අර සු**ය ලා...
    උන් ඉස්කෝලෙනුත් කට්ටි පැනලා ඇවිල්ලද කොහෙද අවිච්චියෝ අල්ලන්න
    අපි යද්දී එකෙක් නැහැ...

    මේ රවී අයියේ... මම මේ නිකමට වගේ අහන්නේ, එතකොට අවිච්චියෝ ලංකාවට එන්නේ නැති කාලේදී ටනල් එකේ වැඩ නතර කලාද...
    එහෙම නැත්නම් ඒ වෙනුවට ලංකාවේ කුරුළු වර්ගයක් ආදේශ කරගන්න ඇහැක් උනාද...?

    ///ඔව්ව ඔහොම නිකම්ම තිබ්බට ගල පුපුරනවය? නෑ නෙව. එව්වගෙ සේව නූලට ගිණි තියන්ට එපාය. නූල හුඟක් දිගට තියන්ටත් බෑ. මඟදි නිමුනොත් කාරිය. ඒ හින්ද සේවනූලෙ උපරිම දිග සාමාන්‍යයෙං අඩි විස්සක් තිහක් වගෙ තමයි. ඉතිං ඕකට ගිණි තියාල හොඳට ඇවිලීගෙන යනවද කියල ටිකක් වෙලා බලා ඉඳල පණ එපයි කියල දුවගෙන එන්ට ඕන.///

    බ්ලාස්ටින් හැට කෝටියක් විතර තිබ්බ සයිට් එකක් වෙලත් රවී ලොක්කල බ්ලාස්ටින් කරලා තියෙන්නේ අන්තිම සාටර් විදිහටනේ.
    අඩි 20 ක 30 ක සේව නුල් පුච්චනවා කියන්නේ එක බ්ලාස්ටින් එකකට මොන අපරාදයක්ද.
    මදුරු කොයිල් එකක පොඩි කෑල්ලක් කඩල ගැට ගහල පත්තු කරලා ආවනම් බලපන් කීයද යන්නේ කියලා...
    අනිත් එක ඒ වැඩේ කිසි රිස්ක් එකකුත් නැහැ... ටයිමින් වලට පත්තු වෙන්න ඕනෙනම් කොයිල් කෑලි වල දිග වෙනස් කරකර කපා ගන්න උනත් ඇහැකි.
    මදුරු කොයිල් කෑල්ල පත්තු කරලා ඕනෙනම් තේ එකක් උනත් බීලා එලියට යන්න බැරිය.
    මොකද ඉතින් ඕනේ කරන වෙලාව තමන් කඩා ගන්න කොයිල් එකේ දිග අනුව තමුන්ම දන්නවනේ.
    එතකොට අර පිටේ බඳින කෝට්ටේ ඕනෙත් නැහැ,
    හොඳට දුවන්න පුළුවන් එවුන් ඕනෙත් නැහැ.

    ඒ සුවිඩන් කාර කපටි සුද්දෝ උන්ගේ බිල වැඩි කරගන්න උඹලවත් අන්දලා අපේ රටේ මහජන මුදල් නාස්ති කෙරෙව්ව කියලයි මට හිතෙන්නේ...
    තවත් අඩුවට වැඩේ කරගන්න පුළුවන් හඳුන්කුරු වලිනුත්...

    උඹට කියන්න රවී අයියේ අපේ සයිට් එකෙත් ඉන්නවා අර උඹ කියපු ජාතියේ සේෆ්ටියෙක්...
    උඹලගේ හිටියා කියපු එකාගේ කපාපු පළුවක් වගේ තමයි ඒකත්...

    ReplyDelete
    Replies
    1. //මදුරු කොයිල් එකක පොඩි කෑල්ලක් කඩල ගැට ගහල පත්තු කරලා ආවනම්// හරියටම විනාඩි පාලොහක් එහෙට මෙහෙට වෙන්න ටයිමින් තියතෑකි.. අපි ඉස්කෝලෙ පත්තු කරල තියෙනව රතිඤ්ඤා කලින් දවසේ රෑ ටයිමින් තියල පහුවෙනිදා උදේ 7.30-7.45 ඇතුලත පුපුරන්න බුදු පිළිමේ පිටිපස්සේ හාන්දුරුවෝ මයික් එකෙන් පන්සිල් දෙන වෙලාවට.. හැක්. වැඩේ කියන්නේ දවස්ගානක් ට්‍රයි කරල කොයිල් එකේ දිග හරියටම ඇජස් කරල වැඩේ කරපු එකා අද මුළු ලංකාවම දන්න ප්‍රසිද්ධ ධර්ම දේශකයානං වහන්සේ කෙනෙක්..
      //උඹට කියන්න රවී අයියේ අපේ සයිට් එකෙත් ඉන්නවා අර උඹ කියපු ජාතියේ සේෆ්ටියෙක්...// grrrrrrrrrrr :p

      Delete
    2. හැක්.. හැක්..
      අම්මප ඔය ස්වීඩන් සුද්දන්ට වැඩිය ඔය බ්ලාස්ටිං වැඩේ තිතට අපේ කාලෙ ඉස්කෝලෙ ගිය කොල්ලෙකුට දුන්නනං කරල දෙනව. ඔය ලොක්ක කියල තියෙනව ව‍ගේ හඳුන්කූරු, මදුරු දඟර වලින් ටයිමින් බ්ලාස්ට් කරපු කී දෙනෙක් ඒ කාලෙ ඉස්කෝලවල හිටියද.

      Delete
    3. මාත් දන්න සේෆ්ටියෙක් ඉන්නව , ඒකගේ සයිට් සේෆ්ටි නං මන්ද . හැබැයි ඒක ඇල් වතුරත් නිමල බොනව පට්ට සේෆ්ටියට

      Delete
    4. ලොක්කා,

      / අර කැනරි කුරුල්ලාට වෙච්ච දේම වෙච්ච කොලු ගැටයෙකුත් ප්‍රතිපලය විදිහට ලැබෙනවලු...ඒ පෙරමග සළකුණු බලළලු උන් වැඩ පටන් ගන්නේ… /

      එහෙම කතාවක් අහල තිබ්බෙ නෑ මල්ලි..පොඩ්ඩක් හොයල බලන්ට ඕන...

      / මේ රවී අයියේ... මම මේ නිකමට වගේ අහන්නේ, එතකොට අවිච්චියෝ ලංකාවට එන්නේ නැති කාලේදී ටනල් එකේ වැඩ නතර කලාද...එහෙම නැත්නම් ඒ වෙනුවට ලංකාවේ කුරුළු වර්ගයක් ආදේශ කරගන්න ඇහැක් උනාද...? /

      නෑ බං අවිච්චියො එන්නෙ නැති කාලෙට ගන්ට ලංකාවෙ කුරුල්ලො ජාතියක් හොයාගන්ට බැරිවුනා ඒ වැඩේට. අපි දෙමලිච්චො ට්‍රයි කලා. අප්පෝ උංගෙ කෑගැහිල්ල නිසා වැඩේ අතෑරල දැම්ම. බට්ටිච්චො , සූටික්කොත් හරිගියේ නෑ. කේස් එක වුනේ උංට කන්ට දං, මාදං එහෙම හොයන්ට එපාය. එව්ව හොයන්නෙ කවුද?

      ඒ පාර කරපු වැඩේ ආණ්ඩුවට විස්තරේ කියල ලංකාවෙ ආණ්ඩුව මාර්ගයෙං ඉන්දියන් ආණ්ඩුවට විස්තරේ කියල අවිච්චියො ලංකාවට එන්නෙ නැති කාලෙට අපෙ කට්ටියක් ගියා හිමාල කඳුකරේ පාමුල වනාන්තරේට අවිච්චියො අල්ලං එන්ට. එක පාරක් මල්ලි මටත් ඔය චාන්ස් එක වැදිල මාත් ගියා ඔය ටුවර් එක. අම්මද බොල..ඒකනෙ බං ආතල් එක...හිමාලය කඳු පාමුල මහ ගණ වනන්තරේ මම දැක්ක දේවල් කියන්ට ගියොත් පෝස්ට් දහයක්වත් ලියන්ට වෙයි....හෙහ්...හෙහ්....කොහොම හරි කමක් නෑ. ඒ විස්තර ලිව්ව නොලිව්වා.. ඒක මතක් කරපු එකට මලේ උඹට අනේක වාරයක් පිං....

      / අනිත් එක ඒ වැඩේ කිසි රිස්ක් එකකුත් නැහැ... ටයිමින් වලට පත්තු වෙන්න ඕනෙනම් කොයිල් කෑලි වල දිග වෙනස් කරකර කපා ගන්න උනත් ඇහැකි.මදුරු කොයිල් කෑල්ල පත්තු කරලා ඕනෙනම් තේ එකක් උනත් බීලා එලියට යන්න බැරිය. /

      ඒක හරියන්නෙ නෑ බොල. ඒ මදුරු කොයිල් කේස් හරියන්නේ නැත. කුකුළෙ කියන්නෙ මල්ලි බොහොම දිය සීරාව තියෙන ප්‍රදේශයක්. ඔය ටනල් වල වහලෙං කොයි වෙලාවෙත් වතුර වැක්කෙරෙනව ඕසෙට. ඒ හින්ද කොයිල් පත්තු කරල යන්ට ගියොත් බඩුම තමා කොයිල් එක නිවෙනව. ඒකයි මම අර කලින් කිව්වෙ සේව නූකට ගිණි තියලත් ඒක අවුලක් නැතුව පත්තු වෙනවද කියල ටිකක් හෝදිසියෙන් ඉඳලයි අරම පණ කඩාගෙන දුවන්ට ඕන කියල...හෙහ්,හෙහ්,

      / උඹට කියන්න රවී අයියේ අපේ සයිට් එකෙත් ඉන්නවා අර උඹ කියපු ජාතියේ සේෆ්ටියෙක්...උඹලගේ හිටියා කියපු එකාගේ කපාපු පළුවක් වගේ තමයි ඒකත්…../

      අයියෝ මල්ලි සේෆ්ටියො ගැනනං කතා කරන්ට එපා...නීලකාස හොරු, නීලකාස හොරු...මරා තව හොඳයි කිව්වැහැකි....සමහරුංගෙ හිත රිදෙයි..ඒත් කොරන්ට දෙයක් නෑ...ඇත්ත කියන්ට එපාය...නැද්ද හොඳයි?

      Delete
    5. අඩේ... අර කොළු පැටවුන්ගේ කතාව කොහේ තිබිල කියෙව්වද කියල මට හරියටම මතක නැහැ බං... මාක් ට්වේන් ගොයිය කොහේදී හරිවත් කියල තිබ්බද මන්ද...

      ///නෑ බං අවිච්චියො එන්නෙ නැති කාලෙට ගන්ට ලංකාවෙ කුරුල්ලො ජාතියක් හොයාගන්ට බැරිවුනා ඒ වැඩේට. අපි දෙමලිච්චො ට්‍රයි කලා. අප්පෝ උංගෙ කෑගැහිල්ල නිසා වැඩේ අතෑරල දැම්ම. ///

      ඔන්න ඕකනේ රවී අයියේ කියන්නේ ඕවට දන්න කියන උන්ගේ සහයෝගය ගන්න ඕනේ කියලා.
      ඔය දෙමලිච්චෝ ඉන්නවා නේද, ඔකුන්ගේ ඔය දෙමල වර්ෂන් එක තමයි ඔච්චර කෑ ගහන්නේ. ඕකෙම සිංහල වර්ෂන් දෙකක් ඉන්නවා වැඩි සද්දයක් බද්දයක් නැති.
      හැබැයි ඉතින් තෝරලා බේරලා අල්ල ගන්න ඕනේ පිරිමි සත්තුන්ව විතරයි.
      ගෑණු සත්තුන්ගේ සද්දේ වැඩියි, දෙමළ වර්ෂන් එකට එහා...

      පිට රටින් එන අවිච්චියෙක්ව රුපියල් 200 ට ගත්තු එකේ, අර කියාපු පිරිමි සතෙක් රුපියල් 500 ක් දීල ගත්තත් පාඩු නැහැ. ඔය කුකුළේ දිහාවේ උන් ඕසෙට ඉන්නවා...

      ඉන්දියාවේ ගිහින් අවිච්චියෝ අල්ලන්න කීයක් කියල සල්ලි නාස්ති වෙන්න ඇත්ද.
      ඔය වගේ නාස්තිකාර වැඩ නිසා තමයි ප්‍රොජෙක්ට් වල ගණන් නිස්කාරණේ වැඩි වෙන්නේ.
      අපරාදේ සල්ලි...

      ///එක පාරක් මල්ලි මටත් ඔය චාන්ස් එක වැදිල මාත් ගියා ඔය ටුවර් එක. අම්මද බොල..ඒකනෙ බං ආතල් එක...හිමාලය කඳු පාමුල මහ ගණ වනන්තරේ මම දැක්ක දේවල් කියන්ට ගියොත් පෝස්ට් දහයක්වත් ලියන්ට වෙයි....හෙහ්...හෙහ්....///

      දැන් ඉතින් කමක් නැහැ සල්ලි වියදං වෙලා ඉවරයිනේ, මහජන මුදල් නාස්ති කරගෙන ඉන්දියාවේ ගියපු එකේ අඩු ගානේ අපිට කියවන්න ඒ කතාවක් දෙකක්වත් දාල හිටියනම්...

      ///ඒ හින්ද කොයිල් පත්තු කරල යන්ට ගියොත් බඩුම තමා කොයිල් එක නිවෙනව. ///
      එහෙනම් අඩි 20ක් 30ක් දිග සේව නුල් දාපු එක කමක් නැහැය කියමුකෝ. ඒත් බං ඉතින් මගේ හිතට හරි නැහැ මේ වැඩේ ගැන...

      ///අයියෝ මල්ලි සේෆ්ටියො ගැනනං කතා කරන්ට එපා...නීලකාස හොරු, නීලකාස හොරු...මරා තව හොඳයි කිව්වැහැකි....සමහරුංගෙ හිත රිදෙයි..ඒත් කොරන්ට දෙයක් නෑ...ඇත්ත කියන්ට එපාය...නැද්ද හොඳයි?///

      ඇත්ත ඇත්ත, පෙරාපු ඇත්ත...
      බලාගෙන ගියාම හැමතැනම ඉන්න සේෆ්ටියෝ එක වගේමද කොහෙද...

      Delete
    6. ඒ කියන්නේ සේෆ්ටියෝ කියන්නේ මරාට හපං නීලකාස හොරු එතකොට නෙහ්.. හිටපියවු.. මිං පස්සේ මාත් මේ රවිය කියල තියන ක්‍රමේට තමයි හෙල්මට් චෙක් කොරන්නේ. ලොක්කව තමයි පළවෙනි සෑම්පලේට ගන්නේ. අනේ මේ රවියව අවිච්චියෙක්ම කාල මැරෙන්න ඕනි මේ හදන පද වලට..

      Delete
    7. ලොක්කා,

      / අඩේ... අර කොළු පැටවුන්ගේ කතාව කොහේ තිබිල කියෙව්වද කියල මට හරියටම මතක නැහැ බං... මාක් ට්වේන් ගොයිය කොහේදී හරිවත් කියල තිබ්බද මන්ද…/

      ෂුවර් ඇන්ඩ් ෂොට්..මාක් ට්වේන් නෙවෙයිනම් ඔහොම කතාවක් ලියන්ට ඇත්තෙ චාල්ස් ඩිකන්ස් වෙන්න ඕන.

      / දැන් ඉතින් කමක් නැහැ සල්ලි වියදං වෙලා ඉවරයිනේ, මහජන මුදල් නාස්ති කරගෙන ඉන්දියාවේ ගියපු එකේ අඩු ගානේ අපිට කියවන්න ඒ කතාවක් දෙකක්වත් දාල හිටියනම්…/

      ලියන්ට ඕන ලියන්ට ඕන.." හිමාල කඳුපාමුල මහ හිමයේ චාරිකාවක්...අවිච්චියන් ඇල්ලීමේ මෙහෙයුමක මතක සටහන් ….."අන්න කොහොමද මාතෘකාව..පිස්සු හැදෙනව නේද? මට එහෙදි හම්බවුනා මල්ලි එක තාපසයෙක් වයස අවුරුදු තුන්දාහකට වැඩියි. බුදු හාමුදුරුවො ජීවමානව දැකල තියනව ඒ උත්තමය.

      / ඇත්ත ඇත්ත, පෙරාපු ඇත්ත...බලාගෙන ගියාම හැමතැනම ඉන්න සේෆ්ටියෝ එක වගේමද කොහෙද……/

      නෑ බං ඇත්තම කිව්වොත් යම් වැදගත් කමක් තියන සේෆ්ටියොත් ඉන්නව හාව හඳ දකින්නැහෙ අතරින් පතර..ඔන්න මේ කිට්ටුවම ඉන්නව එහෙම පොරක්....:)

      Delete
    8. කළ්‍යාණ,

      හරි හරි බං ඔහොම කලබල වෙලා පුලුවන්ද? කාම් ඩවුන්...කාම් ඩවුන්...:)

      Delete
  10. මේකේ පොඩි අඩුවක් තියෙනවා. "අවිච්චිය උඩ සාක්කුවට දාන්න කලින් උගේ කකුලේ නුලක් ගැටගහල ඒක බෙල්ලේ එල්ල ගත්ත. මොකද ලත්පඳුරේ අවිච්චියෝ සාක්කුවේ ඉන්නේ නෑ ඉගිලිලා යනවා" නියම සේෆ්ටි ක්‍රමය.

    ReplyDelete
    Replies
    1. කපිල,

      අඩේ ඇත්තම තමයි…... ඔන්න බලාපංකො මලේ ඒක අමතක වෙච්චි හැටියක්....:)

      Delete
  11. බොලාලගෙ සේෆ්ටි නං ස්ටේට් ඔෆ් දි ආර්ට් තමයි. ඔය මොන උපකරණ වලින් චෙක් කළත් අන්තිමට අනතුරට ලක් වෙන එකා ඒව දාගෙන ඉන්කොට මොන තත්වයක් ඇති වෙයිද කියන්න බෑනෙ. ඒ හින්ද මිනිස් නිදර්ශක පාවිච්චි කරල ටෙස්ට් කරන එක තමයි හොඳම ක්‍රමේ.

    //ඔය කටහඬ සක්තිමත් වෙන්ට වෙනිවැල් හොඳයි කියනවනෙ// මම දන්න වෙනිවැල් කියන බුවාගෙ නං එහෙම විශේෂත්වයක් පේන්න නෑ. :D

    අර ‍ෆොටෝ ඇල්බම් කේස් එකෙන් රවි අයිය ඔය තත්තෙං බේරිච්ච එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. උගේ ගාව ගැටේ නැහැනේ, ඌ නිකම්ම වෙනිවැල්...

      Delete
    2. ප්‍රසන්න,

      / බොලාලගෙ සේෆ්ටි නං ස්ටේට් ඔෆ් දි ආර්ට් තමයි. ඔය මොන උපකරණ වලින් චෙක් කළත් අන්තිමට අනතුරට ලක් වෙන එකා ඒව දාගෙන ඉන්කොට මොන තත්වයක් ඇති වෙයිද කියන්න බෑනෙ. ඒ හින්ද මිනිස් නිදර්ශක පාවිච්චි කරල ටෙස්ට් කරන එක තමයි හොඳම ක්‍රමේ. /

      අන්න මල්ලි උඹට තේරුණා...ඔය මොන කොයි විදිහෙ කාර්යක්ෂම සිස්ටම් හැදුවත් ඒ ඔක්කොම ක්‍රිඅයත්මක කරන්ට වෙන්නෙ මිනිසුන්ට. අන්න එතනයි ප්‍රධානම අවුල.

      / අර ‍ෆොටෝ ඇල්බම් කේස් එකෙන් රවි අයිය ඔය තත්තෙං බේරිච්ච එක ලොකු දෙයක්. /

      පිස්සුද බං? බේරුනා කෙහෙම්මලක්...එතන වුනේ සීන් එක තාවකාලිකව යට ගියා පමණි. නිවාඩුවට ගිය දවසට ඔක්කෝටම ඉස්සෙල්ල ඒකට වග උත්තර බඳින්ට වෙනව..අය ඒකෙ දෙකක් එහෙම නෑ...:(

      Delete
    3. @ ලොකු පුතා,
      +++++++++

      Delete
  12. මන් හිතන් හිටියේ රවී අයියට ඔය වගේ අවුල් ගියේ උපන් වෙලාවේ හැටියට කියල....දැන් නේ වැඩේ තේරුණේ ........
    සේෆ්ටි හෙල්මට් 1 ටෙස්ට් කරන්න ගිහින් ඔලුවට තඩාර් සයිස් ගලක් පතබැවිලා කියලා ..............
    :)

    ReplyDelete
    Replies
    1. පිස්සුද, මේ මනුස්සය උපන්තේකට ඔය ටනල් එක අස්සට ගිහිල්ල නෑ. ඉතිං මක්කටෙයි සේෆ්ටි හෙල්මට් දාන්නෙ.

      Delete
    2. Sacheera,

      / සේෆ්ටි හෙල්මට් 1 ටෙස්ට් කරන්න ගිහින් ඔලුවට තඩාර් සයිස් ගලක් පතබැවිලා කියලා ......./

      නෑ බං උපතිම්ම තමයි ඔය ගතිය පිහිටල තිබ්බෙ...:)

      Delete
    3. ප්‍රසන්න,

      / පිස්සුද, මේ මනුස්සය උපන්තේකට ඔය ටනල් එක අස්සට ගිහිල්ල නෑ. ඉතිං මක්කටෙයි සේෆ්ටි හෙල්මට් දාන්නෙ. /

      ආ..එහෙමද හිතාගෙන ඉන්නෙ? ඉඳහං ටනල් එක ඇතුලෙ මම ගත්තු ෆොටෝස් දෙක තුනක් දාන්නං ඊළඟ පෝස්ට් එකට..ඒත් පොඩි කොස්සක් තියෙන්නෙ ඔය පෝටොස් හොයන්ට කිව්වම අපෙ උන්දැ වෙන වෙන තොප්පිනෙ දාන්නෙ. අරකෙ ඉන්න අංගනාවි කවුද කියල අහයි..කරට අත දාගෙන මේ ඉන්න විසුරුමානෙ කවුද කියල අහයි. ඕකනෙ කාල ඉන්ට බැරි. හරි ඒ කොහොම වෙතා ඉඳහල්ලකො ටනල් එක අභ්‍යන්තරයෙ පෝටොස් දෙක තුනක් වත් කොයිමක් කරල හරි දාඤ්ඤංකො...

      ඒත් මැරූකොට ටනල් එක ඇතුලට නොයන එවුං හිටිය. අපේ ප්ලම්බිං ෆෝමන් එහෙම එකෙක්. ඕකා එහෙ හිටපු අවුරුදු තුනටම ටනල් එක ඇතුලට ගිහිල්ල තියෙන්නෙ එකෝම එක පාරයි. ඒත් ටනල් එක එලියෙ කට්ටියත් එක්ක කයියක් ගහගෙන ඉන්දද්දි පිස්සු බල්ලෙක් දුවගෙන ඇවිල්ල එතනට. ඒ අපර කට්ටියම පණ එපා කියල ටනල් එක ඇතුලට දුවල. ඒක තමයි පොර ටනල් එකට ගිය ප්‍රථම සහ අවසාන වතාව...

      Delete
    4. ෆොටෝස් ඕන නෑ අපි පිළිගන්නං ටනල් එක ඇතුලෙ හිටිය කියල. නැත්තං ඔය ෆොටෝ හොයන්න ගිහිල්ල ඔතන ගිනි විජ්ජුම්බරයක් උනොත් එහෙම මේ වගේ පණ පිහිටුවල දෙන බේගලයක්වත් ඇදබාන්න රවියෙක් ඉතුරු වෙන එකක් නෑනෙ. :D

      Delete
  13. ලස්සන ෆොටෝ 1 ආයේ ඇත්තමයි අයියව මාර ලස්සනකට පෙන්නේ ..........පාරේ දැක්කොත් එහෙම දැන් අනිවා අදුරගන්න පුළුවන්................ඇත්තම කිව්වොත් මට අයියගේ ඒ දවස්වල ඔලුවේ තිබ්බ සුදු කෙස් ගාණත් ගැනතහැකි යේ එකෙන්ම ..............

    ReplyDelete
    Replies
    1. Sacheera,

      / පාරේ දැක්කොත් එහෙම දැන් අනිවා අදුරගන්න පුළුවන්............./

      මේ මේ....අඳුරගත්තට කමක් නෑ..නුවරදි දැක්කොත් එක පාරට කඩාගෙන බිඳගෙන ඇවිල්ල අනේ අයියේ...කියල ඇඟේ එල්ලෙනව එහෙම නෙවෙයි හොඳද? අපෙ ප්‍රියම්බිකාස්ගෙන් හම්බවෙයි උඹට කං පුරවල. එක පාරක් ඒත් මයෙ බෝම හිතේසිවන්ත ලලනාවියක් නුවර ටවුමෙදි ...ඔන්න හරියටම කිව්වොත් වයිට් හවුස් එක ඉස්සරහදි ඔහොම ඇවිල්ල කතා කරල. ( අනේ මේ වෙන මොහොකටවත් නෙවෙයි මාව දැක්කම තංතෝසෙ උහුලගන්ට බැරුව ) අපෙ උන්දැ දෙකයි කතා කලේ ඒ කෙල්ල වැටි වැටි දිව්වෙ දළඳා වීදිය දිගේ උඩහට..දෙයියම්ප ඇත්ත....හෙහ්,හෙහ්,

      Delete
    2. හරියට හරි. දැන්නේ මට මීටර් වුනේ. ඒ වෙලාවේ නේද 'මොකෝ නඟා මේ තංතෝසෙ(න්) වගේ," කියලා අහලා ඒකිට අර වරහං ඇතුලේ තිබ්බ (න්) ඇහිලා නැතුව උඹේ ඔලුවට අතේ තිබ්බ පිත්තල මල් පෝච්චියෙං කෙලලා ඇරලා තිබ්බේ? ඒකනේ මේ ඔලුවේ ‍තෝන්තු ගතියට මුල...

      Delete
    3. Henry,

      / ඒකිට අර වරහං ඇතුලේ තිබ්බ (න්) ඇහිලා නැතුව උඹේ ඔලුවට අතේ තිබ්බ පිත්තල මල් පෝච්චියෙං කෙලලා ඇරලා තිබ්බේ?  /

      පිස්සුද බං?...ඒ කෙල්ල එහම පත බාපු එකක් නෑ. ඒකි මට සෙනෙහෙවන්තයි.." ආනේ..අයියත් කියන කතා..එහෙම තමයි අයියෙ..ඒත් හැමවෙලාවෙම එහෙම නෑ. එහෙම නැති වෙලාවක මම අයියට කියන්නම්කො.."ඔන්න ඔහොම කිය කිය ඇඹරි ඇඹරි හිටිය මිසක ...පිත්තල මල් පෝච්චියෙං නෙවෙයි අතේ තිබ්බ රෝලිං පින් එකෙන් ඒ වෙලාවෙ ඉස් මුදුනට පත බෑවෙ අපේ ප්‍රියම්බිකාස් තුමී.." හුහ්..ඔහෙට මොකටද එක එක ඩාංඩිඟිසියංගෙ අරවගෙ මෙව්වගෙ හැටි සුබාව ..."ඔන්න ඔහොම බැණ අඬගහල.

      Delete
  14. අර අවිච්චියගේ කතන්දරේ අහුවාම කතා ගොඩක් මතක් උනා..

    ලයිකා බැල්ලිගෙ කතාව. හොරාට කලින් මුට්ටිය දාලා බලන කතාව. මහින්ද ඇතුලට දාන්න කලින් බැසිල් දාලා බලන කතාව වගේ කතා ගොඩාක්...

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      යස් හරියටම හරි....අවිච්චියො ටනල් එක ඇතුලට අරගෙන යන එකයි බැසිල්ව රිමාන්ඩ් කරල ආණ්ඩුව හුළං අත බලන එකයි දෙකම එකයි තමයි...:)

      Delete
  15. රවි
    කවුද අර ස්විඩිශ් කාරයට වම් පැත්තෙන් ඒ වගේම අත් බැඳගෙන ඉන්න තට්ට පොර. ආ මට අමතක වුනා වැන්දා නේද?යකෝ කුකුලේ ගඟ කාලෙත් මුගෙ තට්ටෙනෙ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      කුකුළේගඟ කාලෙ නෙවෙයි බං ඕකා උපන්දවස්වල ඉඳලම යන්තමට වගෙ තට්ටෙ...හෙහ්,හෙහ්,

      Delete
  16. අනේ මන්දා රවී.මේ කතාවලට හිනාවෙනවද අඬනවද කියල තේරුම් ගන්න බැරුව හොල්මන්ද පොල්කොළ වෙලා ඉන්නෙ.
    අර බං ලංකාවට කතාකරල පරණ ඇල්බම් අවුස්සන එකනං මගෙත් ප්‍රියතම විනෝදාංශයක් නෙ.ඔව්ව හොයවන්න ගිහිං නොසෑහෙන්න කතාත් අහගන්නවා මොනා කරන්නද?

    ReplyDelete
    Replies
    1. හැලප,

      අඬන්නෙ මොකටද බං?...:)

      Delete
  17. //සුගත් තිලකරත්න කියල. අන්න එයා තමයි ඔය ගිනි තබන්නන්ට වැඩිදුර පුහුණුව දුන්නෙ.//

    හිටුකෝ ඉස්සරහ ලලන්ත බේකරියට පාං ගන්ඩ ආපුවහම මං මේක පෙන්නනව

    ReplyDelete
    Replies
    1. යකෝ ඒ කියන්නෙ ලලන්ත බේකරියෙ පිටි ගුලි කාලද සුගත් තිලකරත්න දුවන්න පුරුදු උනේ. මම හිතුවෙ මිනිහ සමබර පෝස්‍යදායී ආහාර වේලක් ගන්නව ඇතියි කියල. හපොයි.

      Delete
    2. අටම්,

      / හිටුකෝ ඉස්සරහ ලලන්ත බේකරියට පාං ගන්ඩ ආපුවහම මං මේක පෙන්නනව /

      ඒයි පිස්සුනම් කෙලින්ට එපාය. බොට මතකද සුගත් එක පාරක් ජපානෙද කොහෙද ඒෂියන් ගේම්ස් එහෙමට පස්සෙ තහනම් උත්තේජක ගත්තයි කියල අවුරුද්දක් විතර තරඟ තහනමක් දාල තිබ්බ. අන්න ඒ කාලෙයි ඔය කුකුළෙ ඇවිල්ල අපේ ෆයර්මන්ලව ට්‍රේන් කලේ.පස්සෙ මිනිහ චෝදනාවලින් නිදහස් වුනා.

      ඔය ඩ්‍රග්ස් වලට ටෙස්ට් කරනකොට සාම්පල් දෙකක් ගන්නව. Sample A සහ Sample B කියල ඒ සාම්පල් දෙකම පොසිටිව් වුනෙ නැත්තං චෝදනාවලින් නිදහස්. සුගත් මට මතක විදිහට බී සාම්පල් එකේ රිසල්ට් එකෙන් තමයි නිදහස් වුනෙ. පස්සෙ මනුස්සය මලල ක්‍රීඩා සංගමේ සභාපතිත් වුනා. ඔය අතීත කතාව ආයෙම උඹ මේ ගහෙං ගෙඩි එන්නැහෙ මතක් කලාම මනුස්සයට ඌරු ජුවල් යයි ඩෙෆිනීට්ලි. බොට කෙලල අරියි නොවරදීම අතේ තියන පාං ගෙඩියෙං මූණ පුරා. අන්න ඒ නිසා බොගෙ සෞඛ්‍යය ගන හිතල මම මේ කියන්නෙ. ඔව්ව මතක් කරන්ට එහෙම යන්ට එපා...

      Delete
  18. කැරකිල්ල වගේ... මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වගේ ලිපියක්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්ස්,

      හෙහ්, කැරකිල දෙකට නැවිල....

      Thanks Gus….:)

      Delete
  19. A.K.A. සේෆ්ටි ප්‍රිකෝෂන්ස් කියන සුද්දා ගැන ආයෙ දවසක ලියහං.

    ReplyDelete
    Replies
    1. Ok My Dear Henry the Ninth A.K.A. Dude ....:)

      Delete
  20. "Canary In A Coalmine"

    First to fall over when the atmosphere is less than perfect
    Your sensibilities are shaken by the slightest defect
    You live you life like a canary in a coalmine
    You get so dizzy even walking in a straight line

    You say you want to spend the winter in Firenza
    You're so afraid to catch a dose of influenza
    You live your life like a canary in a coalmine
    You get so dizzy even walking in a straight line

    Canary in a coalmine
    Canary in a coalmine
    Canary in a coalmine

    Now if I tell you that you suffer from delusions
    You pay your analyst to reach the same conclusions
    You live your life like a canary in a coalmine
    You get so dizzy even walking in a straight line

    Canary in a coalmine
    Canary in a coalmine
    Canary in a coalmine

    First to fall over when the atmosphere is less than perfect
    Your sensibilities are shaken by the slightest defect
    You live your life like a canary in a coalmine
    You get so dizzy even walking in a straight line

    Canary in a coalmine...

    THE POLICE

    One of my favorite songs...

    ReplyDelete
    Replies
    1. ++++++++++++++ Canary in a coalmine! felt the song more than ever. Thanks Dude :)

      Delete
    2. හෙන්රි, මචං මමත් හිතාගෙන ඉන්නෙ සිංදුවක් ලියන්ට.

      කුකුළේගඟ උමඟෙ උන්නු ඒ ආතල් ...අවිච්චියා..අවිච්චියා...ආ...ආ...ආ...ආ..ආ..ආ..ආ…..වි ච්...චි..යා…///

      Delete
    3. @කල්‍යාණ මිත්‍ර: You're welcome dude. Looks like both of us have some common interests. :D
      @Ravi :
      හිත හිතා ඉන්නෙපා, ලියාපං. උඹ මේ සින්දුව අහලා ඇති නේද? මේකෙ මාර ෆාස්ට් ටෙම්පෝ එකක් තියෙන්නේ. මේකට එක්සසයිස් කරන්න ගියොත් බඩුම තමයි. ඔන්නම් කරලා බලාපං.

      Delete
  21. රවී අයියට කියන්න මටත් ඔය වගේම පොටෝ සීන් එකක් වුණා. අනේ තාමත් ඇනිවර්සරිය වගේ...නෑ ඊටත් හපං, මාසෙකට සැරයක්වත් සමරනවා. මං ඉතිං බුකවගෙන බලා ඉන්නවා. ආයි බොරු කියන්නයැ, ඡායාරූප ශාක්ෂි සහිතයි.
    කැනරි කුරුල්ලො ගැන ෂර්ලොක් හෝම්ස් කතාවක තිබුණා මතකයි. හැබැයි ඒක කොනන් ඩොයිල් ලියපු එකක් නෙමේද කොහෙද.

    ReplyDelete
    Replies
    1. මාධවී,

      ඔහොම ෆෝටොස් සීන් තියනව ගොඩක් දෙනෙකුට...මක් කොරන්නද?

      / කැනරි කුරුල්ලො ගැන ෂර්ලොක් හෝම්ස් කතාවක තිබුණා මතකයි...හැබැයි ඒක කොනන් ඩොයිල් ලියපු එකක් නෙමේද කොහෙද. /

      මම හිතන්නෙ ඔයා කියන්නෙ " The canary trainer " ගැන වෙන්න ඕන....හරි..ඒක ලියල තියෙන්නෙ සර් ආතර් කොනන් ඩොයිල් නෙවෙයි…

      Delete
  22. දවසේ පැණය- "කවුද ඒ තුරුල් වෙලා උන්නු තේඋඩිච්චි? " :P

    ReplyDelete
    Replies
    1. මලිති,

      දවසේ පිළිතුර - මොන තේඋඩිච්චියක්ද? කෝ? කොහෙද?....:)

      Delete
  23. රවීයියලා ඔය කුරුල්ලෝ උඩ සාක්කුවේ දාගෙන ගියා වගේ තමයි ඒ දවස්වල අපේ සීයලාගේ කාලේ එහෙම සියා පහුවදා උදෙන්ම කොහේ හරි ගමනක් යන්න තියෙනවා නම් උදේ රැයින්ම නැගිටින්න ඕනේ නිසා රෑට නිදා ගන්න කොට සරම අස්සේ කුකුළෙක් දාගෙන තමයිලු නිදා ගත්තයි කියන්නේ.

    වැඩි සේෆ්ටියද රවීයියායි,සුද්දයි අර පොටෝ එකේ ජනනේන්ද්‍රිය අල්ලාගෙන ඉන්නේ :D ?

    ReplyDelete
    Replies
    1. Manoj,

      / රෑට නිදා ගන්න කොට සරම අස්සේ කුකුළෙක් දාගෙන තමයිලු නිදා ගත්තයි කියන්නේ. /

      උඹෙ හොඳ වෙලාවට මහ රෑ දෙගොඩ හරියෙ අර කුකුළ් තඩියට බඩගිනි එහෙම නොවුනෙ. බැරිවෙලාවත් එහෙම වුනානං උඹෙ තාත්ත කෙලින්ම කුකුළගෙ බඩේ...ඊටපස්සෙ ගොයියො උඹෙ තාත්ත කියල එකෙකුත් නෑ. ඒ අනුසාරයෙං උඹ කියල එකෙකුත් නෑ...හෙහ්,හෙහ්,

      / වැඩි සේෆ්ටියද රවීයියායි,සුද්දයි අර පොටෝ එකේ ජනනේන්ද්‍රිය අල්ලාගෙන ඉන්නේ :D ? /

      හෙහ්..ඇත්තම තමයි මටත් ඒ සීන් එක මීටර් උනේ දැන් නෙව...:)

      Delete
  24. යකෝ මේකෙ තියන බොරු කන්දරාව. අර කවුද රජ්ජුරුවන්ගෙ ලොකු තාත්තද කොහේද උඹ!

    ReplyDelete
    Replies
    1. රාජ්,

      හෙහ් උඹ කියන්නෙ ඔය සත්‍යවාදී හරිශ්චන්ද්‍ර රජතුමා ගැන වෙන්න ඕන. එතුමා මුළු ජීවිත කාලෙටම එකම බොරුවක්වත් කියල නෑ..හෙහ්, මම නම් ඉතින් එහෙමමත් නෑ ඇත්තම කිව්වොත්. ඉඳහිටල ඔය පොඩි බොරුවක් කියල තියනව.

      Delete
  25. පොටෝ එක දෑක්ක ගමන් අහන්න හිතුනෙ..අර වෑන්දය කියන පොර සබ්ජෙක්ට්ද බන් ? උඹයි සුද්දයි දෙන්නම ආරක්ශක පියවරක ඉන්නෙ ?

    ReplyDelete
    Replies
    1. Alee,

      අඩේ බොල කිව්වත් වාගෙ මට දැන් නෙව ඒ සීන්ස් එක මීටර් වුනේ. සුද්දයි මායි ආරක්ෂක පියවරක ඉන්නව මදිවට බලාපංකො වැන්දගෙ බැල්මට් එක යොමුවෙලා තියෙන්නෙ කොහෙටදැයි කියල....හෙහ්,හෙහ්,

      Delete
  26. ඉස්සර පතල් වල පාවිච්චි කළා කියන්නෙ ඩේවි ලාම්පුව නේද?
    හර්ෂ

    ReplyDelete
    Replies
    1. හර්ෂ,

      ඔව් පතල්වල හදිසියෙන් ගිනිගන්න වායූන් මුණගැහුනම සිද්ද වෙන ක්ෂණික ගිණිගැනීම් වලින් ඒ කාලෙ බරගාණක් මැරුනලු . ඒ ගිණිගැනීම වලක්වන්නයි සර් හම්ෆ්‍රි ඩේවි ආරක්ෂිත ලාම්පුවක් නිෂ්පාදනය කරල තියෙන්නෙ.

      Delete
  27. අනේ මම කියන්නේ මේ රවියාගේ කතා අපිත් විශ්වාස කරනවනේ !

    බොගේ සඳ මඬල ගහලා එලවයි හෙට අනිද්දට හැටහුට හමාරක් අතීත කතා මතක් කරන්න කියලා. මොකෝ උන්දැ දන්නවැයැ බොගේ අතිත කෙරුවාව හරියටම.

    ඒ වුනාට බොගේ බේගල් නැතිවුනාම අපිටත් බ්ලොග් කියලා දෙයක් නැ වගේනේ රවියෝ..

    ReplyDelete
    Replies
    1. Buru,

      / අනේ මම කියන්නේ මේ රවියාගේ කතා අපිත් විශ්වාස කරනවනේ ! /

      අන්න ඒකනෙ බං බොරුව වුනත් ඇත්තවගේ කියනවනෙ ..නැද්ද?

      / බොගේ සඳ මඬල ගහලා එලවයි හෙට අනිද්දට හැටහුට හමාරක් අතීත කතා මතක් කරන්න කියලා. මොකෝ උන්දැ දන්නවැයැ බොගේ අතිත කෙරුවාව හරියටම. /

      What you don't know won't hurt you…ඒක එකක්...අනික තමයි... On Need to know basis.

      / ඒ වුනාට බොගේ බේගල් නැතිවුනාම අපිටත් බ්ලොග් කියලා දෙයක් නැ වගේනේ රවියෝ.. /

      Thanks Madam….:)

      Delete
  28. මෙව්ව දැක්කම මගෙ අතේ ඇඟිලි දහය නලියංන ගත්ත. හුහ් පෙනේද අපේ ගංඔල ඉඳපු අසමජ්ජාතියො අපිට කියා තියෙන බේගල්........ දැංනෙයැ අපි හරියටම දන්නෙ ඔය බෝර දාපු ආකාරෙ එහෙම. ඉස්සර අපේ ගමෙං ඕකෙ වැඩට ගිය එවුං ගෙනාව වෑර් ජාතියක් තැඹිලි පාටයි කොළ පාටයි. එව්ව අස්සෙ තියෙන්නේ බකට් කම්බියකට ටිංගක් ඉතර ලොකු තනි කම්බියක් (බකට් කම්බිය දන්නැති නං හිතාගන්න පැසං කම්බියෙං කාලක් ඉතර). කාලෙයක් අපේ ගම ඒ වෑර් ඔලිං වැහිල තිවුනෙ. රෙදිවැල් බඳින්න, වැටවල් බඳින්න, හදිස්සියෙ තැනකට බලුප් එකක් දාගන්න, රේඩිවේකෙ සේවා අහුවෙනව හොර උනහම ඒරියල් කූරට තියල බඳින්න, ටෝච්චෙකේ බැස්ටි කෑලි එකිං එකේ එළිය බලන්න (ඉස්සර ඒකට ගත්තේ බිස්ටල් පැකැට්ටෙකේ ඊයං කොලේ. ඒකෙං විදිලිය ගමං කරනව), ඉඳිඅප්ප වට්ටි වියන්න, කිතුල් මල් කපන අයට රා මුට්ටිය එල්ලන්න, පොඩි එවුංට පොල්පිති ගොනා ඇදං යන්න, බඳින තුවක්කුවෙ මරුවැලට අදින්න, වන්ඩුවෙ තැම්බීම සඳහා කඩවැස්ම බඳින්න, වෙසක් කූඩු බකට් ආදිය එල්ලන්න, පනිට්ටුවෙ කොක්ක නැති උනහම ඒ වෙනුවට දෙකොනට අමුනල දාගන්න, පුබ්බයිසිකල් ඔල මැද පොල්ල වටේට ලස්සනට ඔතන්න, කොල්ලන්ට වලල්ලක් වගේ ගොතල අතේ දාන්න, වැසිකිලියෙ දොර ඇරෙනවට දොරට අමුනල අනිං කොන අතිං අල්ලං ඉන්න, දලු ගෝනි ගැටගහන්න, පොල් අතු, වී, හල් ආදිය දියේ බැඳ තියන්න, ආදී මෙකී නොකී දාසක් දේ ට මේ වෑර් ගත්ත. මදු වැලක්, පෝට වැලක් නැති උනත් ඔයිං වෑර් කෑල්ලක් මහ මූකලානෙ උනත් හොයාගන්න තිබුන. ඒක හිංද කැලේ වැල් ජාතිවලට තැනක් නැත්තටම නැති උනා. ඉතිං අපිට මේසා කප්රුකක් (නෑ නෑ කප් ලතාවක්) වූ මේ වෑර් වලට නමක් දෙන්න කල්පනා කරපු ගමේ වැඩිහිටියො ඔය වෑර් ගේන එකෙග්ගෙං ඇහුව මෙහෙම.

    “මොකක්දැ ලමෙයො මේ වෑර් ජාතිය, මක් කොරන්න ගන්නෙවුවද“

    එතකොට අදාල වෑර් ප්‍රවාහකය කියනව මෙන්න මෙහෙම.

    “ඔව්වෑං තමයි බෝර පුපුරොවන්නෙ. බෝරෙ හයිකොල්ල එතැන ඉඳං ඔය වෑර් පොටවල් දෙකක් ඇදගෙන එනව හුඟාක් ඉපිටහට. හීං වැලි ඇටෙයක්වත් වැදෙන්නැති දුරට. ඉං පස්සෙ අර වෑර් කොං දෙකට කරන්ටෙක දෙනව. එතකොට ගිඩීරියං ගාල අර බෝරෙ පුපුරනව. අපි වෑර් ටික අරං එනව.“

    ඉතිං බලන්න පිංවත්නි. අපේ ගම්වාසී අසුවල් පුත්‍රයින් අපිට කියල තියන ගජ බින්න. මුං මේ සුද්දංගෙ ගෙවල්ලොල පුටු වියන්න ගෙනාපු වෑර් මිටියක් හමාරක්ද කොහෙද පන්නල මයෙ හිතේ.


    ඔය පොටෝ එකේ ඉන්න එක්කෙනෙක්කත් මට හරියට පේන්නෑනෙ. අන්ද බූත ජාතකේ වගේ.

    ඕං තව එකක් මතක්කුනා. ඔය රවි මහත්තැංගෙ නෝනගෙ ගම පැත්තෙ මිනිස්සුංගෙ කකුල් කඩාපු ලැයිට් කනුවල අලෝල තිවුන කිව්ව මතකද පෝස්ටර් “සබරගමු පළාත් සභාවට කලු මල්ලි පත් කරමු“ කියල. ආං ඒ කලු මල්ලි ඉන්නෙත් ඔය පොජෙට් හංදියට ඩිංගිත්තක් එහා.

    තවත් එකක් මතක් උනා. ඔය පොජෙට්ටෙකේ උන්නද “ඩෑං“ කියල සුද්දෙක්. සුවිඩිස් කාරෙයෙක්? මිටි හාදයෙක්. මතකනං කියන්නකො.

    එහෙනං තියන්නාං. ආයි පස්සෙ ගන්නාං. බුස්සරණයි.

    ReplyDelete
    Replies
    1. ප.ලි. : ආයි මේ කතාව මං ගල් බෝර දාන මිනිහෙක්ට කීව. ඉස්සර කුකුලෙගග පොජෙට්ටෙකේ ගල් බෝර දාල තියෙන්නේ මේමයි. ඒකෙ වැඩ කොරපු ලොකු මහත්තැං කෙනෙක් මේම ලියල තියෙනව කියල.

      උන්දැ කිව්ව.

      “බෝර ඕන්නෑ ලමය. ඕං ඔය බෝර දාන කතාව ඩිංගක් හිමිට අදාල ගල් ගෙඩිය ගාව ඉඳං කීවනං. සිගිරිය උනත් කොංකිරිට් ගල් ගාන්ට පැලෙනව“

      Delete
    2. //බකට් කම්බිය දන්නැති නං හිතාගන්න පැසං කම්බියෙං කාලක් ඉතර// එතකොට පැසං කම්බිය දැකල නැති උං ඕකෙ සයිස් එක ඉතාගන්නෙ කොහොමෙයි ආයිබොන්ඩ.

      Delete
    3. ප්‍රසන්න,

      / එතකොට පැසං කම්බිය දැකල නැති උං ඕකෙ සයිස් එක ඉතාගන්නෙ කොහොමෙයි ආයිබොන්ඩ. /

      ඇයි බොල බකට් කම්බි හතරක් පැසං කම්බි එකයි කියල ඉස්සෙල්ල පැසං කම්බියෙ සයිස් එක හිතාගං..ඉම්පස්සෙ පැසං කම්බියෙං කාලක් බකට් කම්බි එකයි කිව්වම බකට් කම්බියෙ සයිස් එක යස අගේට තේරුං යනව නෙව.

      Delete
    4. රවිගෙ මල්ලිත් බ්ලොග් ලියන්න පටන් අරං වගේ.

      Delete
    5. Suranga,

      / ඉස්සර අපේ ගමෙං ඕකෙ වැඩට ගිය එවුං ගෙනාව වෑර් ජාතියක් තැඹිලි පාටයි කොළ පාටයි. /

      / “ඔව්වෑං තමයි බෝර පුපුරොවන්නෙ. බෝරෙ හයිකොල්ල එතැන ඉඳං ඔය වෑර් පොටවල් දෙකක් ඇදගෙන එනව හුඟාක් ඉපිටහට. හීං වැලි ඇටෙයක්වත් වැදෙන්නැති දුරට. ඉං පස්සෙ අර වෑර් කොං දෙකට කරන්ටෙක දෙනව. එතකොට ගිඩීරියං ගාල අර බෝරෙ පුපුරනව. අපි වෑර් ටික අරං එනව.“ /

      ඔය උඹ කියන්නෙ බ්ලාස්ටිං වයර් ගැන. පුපුරවන උමං මූණතේ වෙඩිබෙහෙත් පුරවපු සිදුරු ඔක්කෝටම ස්ඵෝටක ( Detonator ) සවිකරල එව්වයිං ඔය බ්ලාස්ටිං වයර් ඇදගෙන එනව මීටර් 100 -150 වගෙ දුරට. මීටර් 50 න් 50 ට වගෙ උමඟෙ මධ්‍ය රේඛාවට ලම්බකව උමං බිත්තිය හාරල හදල තිබ්බ මීටර් 10 වගෙ දිග සහ පළල කුටීර එව්වට කිව්වෙ Niche කියල. වාහනයක් හරව ගන්ට. එතකොට පස්සෙ ඕනවෙන උපකරණ මොනව හරි එතකල් ගබඩා කරල තියන්ට මේ Niche ප්‍රයෝජනවත් වුනා. ඔය නිච් එකකට ඇවිල්ල තමයි බ්ලාස්ට් එක කරන්නෙ. ටී.වී. රිමෝට් කන්ට්‍රෝලර් එකක් වගෙ කළුපාට උපකරණයක් තිබ්බ. ඒකට කිව්වෙ බ්ලාස්ටර් එක කියල. ඒකට අර වයර් ඔක්කොම සම්බන්ද වෙනව. ඒකෙ තියන රතුපාට ලොකු බොත්තම එබුවම තමයි විදිලිය පාස් වෙලා පිපිරීම සිදුවෙන්නෙ.

      බ්ලාස්ටිං වලට යන ඔක්කොම කණ් වැසුම් දාගෙන ඉන්නෙ. බ්ලාස්ට් කරල ඒ එක්කම පිකප් එකේ නැඟල පාගල එනව ටනල් එකෙං එළියට....ඒ එක්කම පස්සෙං එනව දූවිලි සහ දුම් වළාව...ඔය බ්ලාස්ටිං වයර් සෑහෙන ප්‍රමාණයක් යනව එක බ්ලාස්ට් එහෙකට. එව්ව ආපහු ගන්නෙ නෑ. වැඩ කරන මිනිස්සු ඔව්ව ඔතාගෙන අරගෙන යනව ගෙවල් වලට. උඹ ඔය කියන්නෙ ඒ වයර් ගැන.

      / රවි මහත්තැංගෙ නෝනගෙ ගම පැත්තෙ මිනිස්සුංගෙ කකුල් කඩාපු ලැයිට් කනුවල අලෝල තිවුන කිව්ව මතකද පෝස්ටර් “සබරගමු පළාත් සභාවට කලු මල්ලි පත් කරමු“ කියල. ආං ඒ කලු මල්ලි ඉන්නෙත් ඔය පොජෙට් හංදියට ඩිංගිත්තක් එහා. /

      අඩේ එහෙමත් එකක්ද බොල? හෙහ්...ඔන්න බලාපංකො ඒකෙත් හැටි....

      අද රෑ සතුටු සාමීචියෙ යෙදෙනකොට අපෙ නෝන මහත්තැංට ඔය බව කියන්ට ඕන..උන්දැයෙ ඉහේ මලප්පිපෙයි නොවැරදීම....හෙහ්,හෙහ්,

      / තවත් එකක් මතක් උනා. ඔය පොජෙට්ටෙකේ උන්නද “ඩෑං“ කියල සුද්දෙක්. සුවිඩිස් කාරෙයෙක්? මිටි හාදයෙක්. මතකනං කියන්නකො.  /

      හෙහ්..හිටිය නෙවෙන්නං.මිටියි. බාජු සෝට් බෑයක් ඇඳල දනිස්ස ගාවට මේස් දාල බූස් කුට්ටමක් දාල තමයි කොයි වෙලෙත් ඉන්නෙ. කාකි කමිස වලට බොහොම මනාපයි. අත් දෙකේම වැලමිටටට උඩ හරියෙ පච්ච කොටල තිබ්බත් වහෙ මතකයි. නම ඇවිල්ල ම්ට මතක විදිහට ඩැනියල් වෙස්ටිං වෙන්න ඕන.

      / එහෙනං තියන්නාං. ආයි පස්සෙ ගන්නාං. බුස්සරණයි. /

      ඕකේ..ඕකේ...එහෙනං බොටත් සියලු දෙයිහාමුදුරුවංගෙ පීටයි...ආරස්සාවයි!!

      Delete
    6. surangamlr ගේ කොමෙන්ටුව කියෙව්වම මට මතක් උනේ "God must be crazy" movie එකේ ආදිවාසි උන්ට හම්බවුනු කොකාකෝලා බෝතලේ. එකෙනුත් අටෝරාසියක් වැඩ කළා නොවැ ? ( හිනා වෙලා පන යන්න ආසන්නයි!)

      ඇත්තම නේන්නම්, රවියා මෙව්වා ටික ඒ ගල ගාවදි කිව්වා නම් අපුරුවට ගල කුඩේ කුඩු යනවා නෙව! පිස්සු හැදෙනවා

      Delete
    7. අඩේ උපේක්ෂා එකී. උඹත් බැලුවද ඒ මූවී එක? අපි බැලුවා ඒකෙ කොටස් දෙකම. ඇත්තම කිව්වොත් ඉස්සෙල්ල බැලුවේ පාට් ටූ. ඒකෙ රහට පළවෙනි එක හොයාගෙන බැලුවා.

      Delete
    8. මේ මොනවා අහනවද. කොච්චර පිස්සුද කියනවා නම් ඉස්සර ඔෆිස් ලන්ච් වෙලාවේ ඔයින් කතාවක් දෙකක් කියල බඩ අල්ලාගෙන හිනාවෙනවා. එකම ජෝක් එක උනත් පුදුම විදියට හිනා යන්නේ. මිනිහෙකුට ඔතරම් ක්‍රියේටිව් වෙන්න පුලුවන්ද හැබෑට?

      මම නම් වැරදිලා වගේ පලවෙනි මූවී එක බැලුවේ. දෙවැනි එක බලෙන්ම හොයල බැලුව.. පිස්සු හොඳ එක නේද?

      Delete
    9. ඒ ෆිල්ම් එකේ තුන්වෙනි කොටසකුත් තියෙනවා. නමුත් අර වගේ ලස්සන නැහැ. චීන අටමගලක් ගාවගෙන කතාව විකාරයක් වෙලා.

      මුල් කොටස් දෙකනම් මම දහ පාරකට වඩා බලල ඇති... :)

      Delete
  29. අවිච්චියටත් පව් කෙල්ලන්ටත් පව්. ශික් මෙහෙම සේෆ්ටි කාරයෝ ටිකක. කතාව නම් මරු.

    ReplyDelete
  30. ඒ කාලෙත් උඹ follically challenged නේද මචෝ? :D

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      සුට්ටං කාලෙ ඉඳලම එහෙමයි බං..ඒකට හේතුවක් තියනව. මොළේ සෛල හිතන්ට පාවිච්චි කරනකොට ඒ සෛල එකිනෙකා අතර පණිවුඩ හුවමාරු කරගන්න පාවිච්චි කරන රසායන ද්‍රව්‍යයක් තියනව. ඒකට කියන්නෙ ඩොපමයින් ( Dopamine ) කියල.

      Naturally when your brain is in hyper activity mode, a larger quantity of Domapine would be released. Dopamine has an adverse effect on proper functioning of follical roots. So obviously higher the functioning capacity of your brain, higher the risk of losing your mane prematurely. That comes with the territory, an occupational hazard of having an hyper active brain...heh,heh,

      Delete
  31. වැන්දා ඩි එස් ටී ගේ කතා, කතා විය නොහැක!
    පාටක පාට විකා කී රවී මහතුංගේම විය යුතුය!!

    ReplyDelete
    Replies
    1. තිස්ස,

      වැන්ද කිව්වෙ එක කතාවයි. අර මඟදි බයික් එක ලෙඩ දීල ගෙදරක නවාතැන් ගන්ට ගිහිල්ල වෙච්චි ජංජාලෙ..අන්න ඒ කතාව විතරයි...

      Delete
  32. ඇ රවි අයියෙ දැන් එ වගෙ දියුනු ක්‍රම භාවිතා කරන්නෙ නැද්ද

    ReplyDelete
    Replies
    1. දමිත්,

      ඒකනෙ බං කියන්නෙ..ඒකයි මට කටගාටූ..ඒකයි මට කටගාටූ...ඒ වගෙ පරිසර හිතකාමි සහ අසු වියදම්, කාර්යක්ෂම ක්‍රම වෙනුවට දැන් පාවිච්චි කරන්නෙ ඔක්කොම වියදම් අධික, නාස්තිකාර ක්‍රම...අනික ඔය සේෆ්ටි කියල මහ ලොකු බම්බුවක් නෑ බොල. ඕක ලොකු ඉෂූ එකක් කරගෙන තියෙන්නෙ මේ සේෆ්ටි ඔපිසරල එතනිං ගියාම සේෆ්ටි මැනේජරල. ඔවුවො තමයි මිනිස්සු බය කරල වවාගෙන කන්නෙ..ඔවුංගෙ තත්වෙ තියාගන්ට..හුහ්..අපි නොදන්න සේෆ්ටි...

      දැන් ඔන්න බලාපං අවුරුදු දෙදාහකට වගෙ ඉස්සර රුවන්මැලි සෑය හැදුව, එතකොට පරාක්‍රම සමුද්‍රෙ හැදුව. එතකොට ඒ කාලෙ මොනවද තිබ්බ සේෆ්ටි ප්‍රොසීඩියර්ස්? ඔය රුවන්මැලි සෑයෙ කොත, දේවතා කොටුව එහෙම හදපු මේසන්ල එහෙම ඔක්කොමල භාවනා කරල සෘද්ධිබල උපදවාගෙන හිටියයි කියලයි අපේ පුරාණ වංස කතාවල සඳහන් වෙන්නෙ.සුරක්ෂා වත්තු ප්‍රකරණය කියන පැරණි පුස්කොළ පොතේ බොහොම පැහැදිලිව එහෙම කියවෙනව. ඉතිං පය ලිස්සල පාතට වැටෙන අවදානමක් කොහෙත්ම නෑ.

      එතකොට දැං ඔය ඉන්න අපේ සේෆ්ටි මැනේජර්ලටත් කරන්න තියෙන්නෙ එහෙම දෙයක් නෙවෙයිද? තට්ටු දහය පාළහ උඩ වැඩ කරන මේසෙංල, ගෝලයො, වඩ්ඩල, වෑල්ඩර්ලට භාවනා පංති තියල සෘද්ධි බලය උපදවාගන්ට කටයුතු සළස්වල දෙන එක නේද? එයාල එහෙමද කරන්නෙ නෑ.. ඇයි එහෙම කරන්නෙ නැත්තෙ?..ආන්න වැදගත් ප්‍රශ්නෙ..රයිට් ...ඉඳහංකො මම ඔය ගැන ලියන්නං වෙනම සටහනක්.." අපේ පුරාණ රජ දවස මහා පරිමාණ ඉඳිකිරීම් වලදී යොදාගත් සුරක්ෂිතතා උපක්‍රම වර්තමානයෙහි යොදා ගත නොහැක්කේ ඇයි?"..අන්න මාතෘකාව...එළ නෙවද?

      ඔය සටහන මම ලියපු දවසට ඔන්න බලාපං ඔය සේෆ්ටි මැනේජර්ල කියල ඉන්න එවුං ඔක්කොගෙම රෙදි ගැලවෙන්නෙ සට සට ගාල..... සට සට ගාල...

      Delete
    2. මේ පෝස්ටුවම ඇති මයේ හිතේ ඒ සේෆ්ටි මැනේජර්ලාගේ රෙදි නම් ගැලවෙන්න. දැක්කනේ කමි එහෙම දාල තියෙන කොමෙන්ටුව? තව ආයේ ලියන්ට ගිහින් වෙන මොනවා ගැලවෙයිද මන්ද..

      Delete
    3. ඊට නරකද ඔය පුරාණ ක්‍රම ඉගෙන ගන්න තැනක් විදියක් එහෙම කියාදීල අපිවත් ගොඩ දාන එක? රෙදි ගලවන්නම බලං ඉන්නැතුව.. සේෆ්ටි බජට් එක අඩු කරනව කියුවොත් පඩිය ඩබල් කරල ඉල්ලුවත් දෙනවා අපේ මාමලා.. හැක්.

      Delete
    4. කළ්‍යාණ මලේ,

      ඔන්න බං පොරක් හම්බ වුනා. හැබැයි පොර ඉන්නෙ නේපාලෙ. ඒත් ගොයියො පාඩු නෑ. උඹලගෙ High Rise වල වැඩ කරන මේසෙංල, ගෝලයො එහෙම ඔක්කොම ඇරපං ඔය ෆ්ලෝටිං සාදු ගාවට ඉන්ටෙන්සිව් ට්‍රේනිං එහෙකට. කොහොමද ආතල් එක බොලාගෙ මේසෙංල එරමිණිය ගොතාගෙන අහසේ පළක් බැඳ කපරාරු කරන කොට. ගෝලයො පාවෙල ගිහිල්ල බදාම ගෙනත් දෙනව. හෙහ්..හෙහ්, ආතල් ද බ්‍රේව්..බොලාට ඔය ආස්චර්යය බලන්ට මීමැස්සො වගෙ පොදි කන මහ ජනයගෙං රුපියල් දෙසීය ගානෙ එකතුකරල නේපාලෙ ට්‍රේනිං කොස්ට් එක එහෙම පිටින්ම රිකවර් කර ගත්තෑකි එක මාස දෙකෙන්. ඔන්න බලපං බොරුද කියල මම කියන්නෙ?

      හෙල්මට්, සෙෆ්ටි බූට්ස්, හානස්, ස්කැෆෝල්ඩිං, රේලිංග්ස්, වෝනිං ටේප්ස් වලට යන කොස්ට් එක එහෙම්ම ඉතුරුයි. අනික බොලාට සයිට් එක ඉස්සරහ තඩි සයින් බෝඩ් එකකුත් ගැහුවැහැකි. " MAGA - The Pioneers in Spiritual Construction in The World " Safety First වෙනුවට අලුත් ස්ලෝගන් එක ඇවිල්ල Meditation First. උඹේ මල්ලි තනතුරු නාමෙත් වෙනස් වෙයි බොහෝ විට..Not Safety Manager any more ..now you would be Meditation Manager or Spiritual Manager...very good no???

      කැප්ටන්ට හදල දීපං ෆීසිබිලිටි රිපෝට් එකක් අදම..පොර එක පයිං කැමති වෙයි..අනිවා ඩෙෆා..ඔන්නං ඉඳහං මං ගානෙ දෙන්නං නොමිලේ රිපෝට් ටයිටල් එක.

      An Analytical Study of Cost Effectiveness Of Using Levitating Methods Practiced By Nepalese Buddhist Monks To Construct High Rise Buildings In Sri Lanka - With Special Emphasis On Safety Regulations - By Sumith Kalanasiri ( SLN )

      Delete
  33. අපේ ටීම් එකටත් සේෆ්ටි බූට් දීල තිබුනා ඇදුම් දීල තිබුනා.අ.පේ ඉන්න ඩයිවරයා ඒ බූට් කූට්ටං දෙකම උගේ ගෙදර අරං ගිහින් වැඩි පරිස්සමට..වැඩේ කියන්නෙ උගේ ගෙදර තියෙන්නෙ නුවරටත් එහා කදු පලාතක..ඌ ඒ ලබ්බ අරං ගිහින් මොනවා කරනවද මන්දා...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...