Sunday, October 9, 2016

447. එෂැණිං පුවක් 14 - වේවැල් කසාය, තොරතුරු දැනගැනීමේ පණත ක්‍රියාත්මක කිරීම සහ ජනපති පුත් කුමර අළුයම් ප්‍රහාරක වස්තුව


ජනාදිපති තුමාගේ එකම පුත්‍ර රත්නය තම ආරක්සකයින්ද සමඟ අද දින අලුයම රාත්‍රි සමාජ සාලාවකට ප්‍රහාරයක් එල්ලකොට ඇති බව එෂැණ පුවක් වෙත වාර්තාවේ. මීට පෙරද එතුමා තමා ජනාදිපති පුත්‍රයා බව පවසමින් මෙලෙස හැසිරී ඇති බව රහසක් නොවේ.

මේ පිලිබඳව විසේස නිවේදනයක් නිකුත් කරන ජනාදිපති මාද්දිය ඒකකය පැවසූයේ තමාගේ පියා කවරෙක්ද යන්න අමතකවීම සඳහා විශේෂ අවුසදයක් පසුගිය සය මසක පමණ කාලය මුලුල්ලේ දිනපතා ජනාදිපති පුත්‍රයාගේ පස්චාත් බාගයට එන්නත් කල නමුත් පසුගිය දින කිහිපය තුල එම එන්නත ජනාදිපති මන්දිරයට නොලැබුනු බවයි. 

පසුගිය මාර්තු මස පැවති රාජකීය-ශා. තෝමස් වාර්ෂික ක්‍රිකට් තරඟයෙන් අනතුරුව පැවති උත්සවයේදී අනාරාධිතව වේදිකාවට ගොඩවූ සිද්ධියෙන් පසු මෙතෙක් එතුමා එවන් හැසිරීමක් ප්‍රදර්ශනය නොකලේ "Ego inhibitor" නමින් හැඳින්වෙන එම එන්නතේ බලයෙන් බවද මාද්දිය ප්‍රකාසකයා තව දුරටත් පැහැදිලි කලේය. 

යා පාලන රජයට අපහසුතාවයට පත්කිරීමේ චේතනාවෙන් මෙම එන්නත ජනාදිපති මන්දිරයට ලබාදීම වැළැක්වීමේ කුමන්ත්‍රණයක් සිදුවීද යන්න පිළිබඳව රහස් පොලීසිය මේ අතර පරීක්ෂණ ආරම්භ කොට ඇත. පසුගිය දිනවල රජයට විරුද්ධව කටයුතු කල සෞඛ්‍ය සේවයට සම්බන්ධ එක්තරා ප්‍රබල වෘත්තීය සමිතියක් කෙරේ රහස් පොලිස් අවධානය යොමු වී ඇති බවද සැළවේ.

එසේම දිනපතා එන්නත් භාවිතා නොකොට ස්ථිර වශයෙන්ම තමා කවුද? යන්න අමතක කරවීමට සුදුසු වෙනත් ප්‍රතිකර්මයක් පිලිබඳව සොයා බලනලෙස ජනාදිපතිතුමා තම කාර්ය මණ්ඩලයට නියෝග කොට ඇත. මේ සඳහා මේ දිනවල ප්‍රචාරයවන ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යයක කුඩා දරුවකුට අතීතය අමතක කරවීම සඳහා යොදාගත් අද්භූත බලය ප්‍රයෝජනයට ගත හැකිදැයි කරුණු සොයා බලමින් පවතී. 

එලෙසම ඉදිරි අනාගතයේදී ජනාදිපති පුත්‍රයා මෙලෙස හැසිරීමට නියමිත අවස්තාවන් පිලිබඳව නක්සස්තරානුකූලව සොයා බලා වාර්තාකිරීමේ වගකීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරියට පවරා ඇති බවද වාර්තා වේ. ජනාදිපතිතුමා තමන්ට විදේසගතවීමට අවසර දුන් බවට අසත්‍යයක් පවසා ආණ්ඩුකාරවරිය මුලාකොට විදේශ ගතවූ මධ්‍යම පළාත් මහ ඇමතිතුමා ප්‍රමුඛ පළාත්සභා මන්ත්‍රීන් කණ්ඩායම බෙල්ල මුලින්ම අල්ලා ගැනීමේ අභිප්‍රායෙන් මේ දිනවල කටුනායක ගුවන් තොටුපොලේ මගීන් පිටවන පර්යන්ත අසල රැකවල් ලා සිටින ගරු ආණ්ඩුකාරවරිය අදාල බෙල්ලෙන් අල්ලා ගැනීමේ කාර්යය ඉටුකරගත් වහාම මේ කාර්යයෙහි නිරත වනු ඇත.

මේ අතර ජනාදිපතිතුමා ඉතාම හැඟුම්බරව තම හිතවතුන් පිරිසකට ප්‍රකාස කලේ හිටපු ජනාදිපතිතුමා අරලිය ගහ මන්දිරයේ දැඩි ආරක්සිත බූගත බංකරයක් ඉදිකල හේතුව තමන්ට දැන් සක්සුදක්සේ පැහැදිලි බවය. තමන්ද තම නිලනිවසෙහි ආරක්සිත බංකරයක් ඉදිකිරීමට වහාම කටයුතු යොදන බවද එතුමා වැඩි දුරටත් පැවසීය.

මේ අතර පසුගියදා ලෝක ගුරු දිනය වෙනුවෙන් පැවති උත්සවයේදී ජනාදිපතිතුමා පැවසූ පාසල් යන සමයෙහිදී වරක් විදුහල්පති තුමා වේවැල කැඩෙනතෙක් තමන්ට පහරදුන් අවස්ථාව පිළිබඳ සිහිපත්කල මාද්දිය ප්‍රකාසකතුමා පැවසූයේ එදින වේවැල්පහර ලැබූ ජනාදිපතිතුමාට දින කීපයක් ගතවන තෙක් තම පියා කවුද යන්න පවා අමතකවූ බවකි. එබැවින් ජනාදිපති පුත්‍රයාටද එම වේවැල් කසාය ලබාදෙනු උදෙසා අදාල විදුහල්පති වරයා තවමත් ජීවත්ව සිටින්නේද යන්න පිළිබඳව වහාම සොයා බලන ලෙස ජනාදිපති තුමා විසේස පොලිස් විමර්සන අන්සයට නියෝග කල බවයි. එම විදුහල්පතිතුමා ජීවතුන් අතර නොසිටින්නේ නම් ඔහුගේ පුත්‍රයකු හෝ මුණුබුරකු හෝ ඒ පරම්පරාවෙන් පැවතෙන වෙනත් ඕනෑම අයකුහට "ජනපතිපුත් චරිතසෝදක" තනතුර ප්‍රදානය කොට දිනපතා ජනපතිපුත් පස්චාත් බාගයට වේවැල් කසාය දීමේ කාර්යය ඔහුට බාර කරනු ඇත.

එලෙසම තව දුරටත් කරුණු පැහැදිලිකල මාද්දිය ප්‍රකාසක තුමා ඉතාම හැඟුම්බරව මෙසේ ද පැවසීය. 

"අනික දැන් අපිට ඔය නයිට් ක්ලබ් ප්‍රහාරය දිහා මෙහෙම බලන්නත් පුලුවන්නෙ. කොහොමද? දැන් ඔය ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ජනාදිපති පුතා රෑ දෙකට ගිහිල්ල නයිට් ක්ලබ් එකට ඇතුල් වෙන්ට ගිහාම ඒකට ඉඩ නොදුන්නු නිසානෙ. ඉතිං කාගෙද වැරැද්ද? නයිට් කියන එකේ තේරුම මොකක්ද? නයිට් ක්ලබ් එකක් උනාම ඒම මුලු රෑම ඇරල තියන්න ඕනෙ. එච්චරයි"

"ඒ එක්කම ඔය වගෙ ප්‍රස්න ආයම සිද්ද නොවෙන්ට අපි මෙහෙම වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන්ට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නෙ මෙහෙමයි. රජයේ ලියාපදිංචි සියලුම නයිට් ක්ලබ් රෑ හරි, පාන්දර, හරි එළිවෙලා හරි, කීයට හරි වහන්ට යද්දි ඊට කලින් ජනාදිපති මන්දිරේට කතා කරල සහසුද්දෙට දැනගන්ට ඕන ජනාදිපති පුත්‍රයා එනවද නැද්ද? මොකද? කොහොමද? කියල. එහෙම එන්නෙ නෑ කියල කිව්වොත් අන්න අවුලක් නෑ නයිට් ක්ලබ් එක වැහුවැහැකි. නැත්නම් බෑ"

"අපි බලාපොරොත්තු වෙනව ලබන මුදල් වර්සයෙ ඉඳල එහෙම කොන්දේසියක් බලපත්‍රයට ඇතුල් කරන්ට. එහෙම කලාම මේ වගෙ අනවශ්‍ය ප්‍රස්න මොකවත් ආයෙම එන එකක් නෑ. ඒ වගේම ජනාදිපති මාද්දිය අන්සෙ විසේස ඒකකයක් අපි පිහිටුවන්ට බලාපොරොත්තු වෙනව නයිට් ක්ලබ් වලට ඔය තොරතුරු දැනගන්ට "ජනපතිපුත් රාත්‍රි සමාජසාලා තොරතුරු අන්සය" කියල. මුලු රෑම ඒ අන්සය ක්‍රියාත්මකයි"

"ආ ..ඒ එක්කම තව එකක් කියන්ට ඕන. ජනාදිපති පුතා ගිහිල්ල නයිට් ක්ලබ් සිකුරිටි අන්සෙට "අඩෝ මම තමයි ජනාදිපතිගෙ පුතා" කියල තග දාපු එක ඇත්ත. ඒත් ඇත්තටම බැලුවොත් එතන මොකක්ද වෙලා තියෙන්නෙ? වෙන මොකවත් නෙවෙයි තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පණත එතුමා ක්‍රියාත්මක කරල. දැං මොකටද ඔය පණත විශේෂ පණතක් හැටියට සලකල සම්මත කර ගත්තෙ? පොදු ජනතාවට තොරතුරු දැනගන්ටනෙ. වෙන අහවල් දේකටද? එතකොට නයිට් ක්ලබ්වල සිකුරිටි කට්ටිය කියල කියන්නෙ පොදු ජනතාව නෙවෙයිද? එහෙම කොහොමද?එයාලත් පොදු ජනතාවට අයිතියි අනිවාර්යයෙන්ම. එතකොට ජනාදිපති පුතා කවුදැයි කියල නිච්චියටම අඳුනාගන්න එක පොදු ජනතාවට ඉතාම බලපාන, ඉතාම වැදගත් තොරතුරක් නෙවෙයිද?හුහ්, එහෙම නැතුව? ඒකත් අනිවාර්යයෙන්ම ඉතාම වැදගත් තොරතුරු ගණයට වැටෙනව"

"එහෙනං මොකද මෙතන වෙලා තියෙන්නෙ?.... වෙන මොකවත් නෙවෙයි පොදු ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අනුල්ලංඝනීය අයිතිය, එහෙමත් නැත්තං පාර්ලිමේන්තුවෙ ඒකමතිකව සම්මත වුනු පතෙ සඳහන් වෙන අයිතිය තමයි ජනාදිපති පුතා මේ ඉරිදා මහ පාන්දර ගෙහුං හිට අර පට්ට හීතලේ නිදිත් මරාගෙන ක්‍රියාත්මක කරල තියෙන්නෙ. එච්චරයි. මේ කිසියම්ම දෙයක් නොදන්න කට්ටිය බොරුවට කෑගැහුවට ඔන්න ඕකයි ඇත්තටම එතන වෙලා තියෙන්නෙ. ඉතිං එහෙම බලනකොට මොනතරම් පොදු ජනයා ගැන හිතන කෙනෙක්ද එතුමා? අනාගත ජනාදිපති කමට උනත් කදිමට ගැලපෙනවනෙ. එහෙම නේද?"

42 comments:

  1. ඉස්සර අපිම හදාගෙන කියන නිව්ස් ස්ටයිල් එක මතක් උනා.. නැතුව නැතුව එහෙම තමා..:)

    ReplyDelete
    Replies
    1. නිම්නී,

      අපි කිව්වෙ "මොනවද ලතා මේ කතා"...කියල...:)

      Delete
  2. වෙන ගමනක් යන ගමන් චූ බර වැඩි වෙලා ගියේ අනේ. සිකුරුට්ටෝ කියලා තියනවා අර පඳුරට කොරලා යන්න වෙනද වගේ කියලා. ඒ වුනාට පොළොන්නරුවේ හිටිය කාලේ වගේ පඳුරක් පඳුරක් ගානේ කොරන්න පුළුවන්ද දැන්?

    ReplyDelete
    Replies
    1. විචාරක,

      ඒකනෙ බොලේ කොළඹ පඳුරු නැති එක හරි පාඩුවක්...:)

      Delete
  3. ඔය සේරම එකම ෆිල්ම් එකේ රීමේක් , නළුවො වෙනස් වෙනවා එච්චරයි.

    ReplyDelete
    Replies
    1. හසිත,

      එහෙම තමයි වෙන්නෙ...

      Delete
  4. Replies
    1. ප්‍රසන්න,

      ඇයි බොටත් නයිට් කුලබ් යන්ට තියනවය?

      Delete
  5. අනාදිපතිකමට සුදුසුයි කියල කියනව කොහොමද දන්නැ

    ReplyDelete
    Replies
    1. අටම්,

      සුදුසු ඇති සුදුසු ඇති..මොනවයින් අඩුවක්ද?

      Delete
  6. මේ මාද්‍ය ප්‍රකාෂකය රවි අයිය වගේ. මං කියන්නෙ ඒ කොටසෙ භාෂාව නිසා.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      පොරත් අපේ ගමේ බං

      Delete
  7. Replies
    1. රුවන්,

      බාප්පල පුත්තුනෙ...:)

      Delete
  8. යහපාලනය සැපද?

    (රත්නපුර රැස්වීමෙන් පසු සාරස තුමා බිසී බැවින් මෙය වෙනුවෙන් නඟන ලද ප්‍රශ්ණයක් බව කරුණාවෙන් සලකන්න.)

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      මෙව්ව මොනව උනත් අර පට්ට හොර ගෙඩිය නම් ආය ඕනම නෑ.

      අර කියල තිබ්බෙ මුස්ලිම් ජනයාට සියලු ආරක්සාව එයා දෙනවයි කියල. එයාට කෙල වුනේ ෆේඩ් බුක් සහ ඇමරිකන් ආණ්ඩුව හින්දලු. එහෙමත් කියල තිබ්බ.අපෙ අත්තම්ම ඔය වගෙ එව්වට කියන්නෙ එලෝ හැවිකාරෙං දොඩවනව කියල..

      Delete
    2. සරසා ගේ ගෝලයෙක් ඇවිල්ල් අ අ අ වගේ

      Delete
    3. ////මෙව්ව මොනව උනත් අර පට්ට හොර ගෙඩිය නම් ආය ඕනම නෑ//////
      ++++++++++++++++

      Delete
    4. මහින්ද සමග පෙර කරුමෙට සංවිධානය කරන මීලඟ ජනහමුව අංගොඩ මංසන්ධියේදි දුමින්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවත්වේ. භාරත මරාදැමු ස්ථානයේ සිට නොමිලේ ප්‍රවාහන පහසුකම්.

      වෙළඳ දැන්වීමකි. අනුග්‍රහය...මල්ලෙ පොල් ආයතනය.

      කෝ බං මේ සරසයා. තාම රත්නපුරේද...

      Delete
    5. සකල ශ්‍රී ලංකාවාසී සියලුම කරුමක්කාර ගෝත්‍රික වහළුනි එක්වව්!

      අප අතර කිසිදු භේදයක් නැත. දොස්තර, ඉංජිනේරු,ගණකාධිකාරීන්,ආචාර්ය මහාචාර්යවරු මෙන්ම ගොවි කම්කරු සහ රස්තියාදුකාර පාදඩයෝද ද අප හා උරෙනුර ගැටී එක් වී සිටින්නෝය. එකම සුදුසුකම වන්නේ පසුගාමී ගෝත්‍රික අදහස් වලින් සපිරි, වැඩවසම්,අන්තවාදියෙකු වීම පමණකි.

      එලෙසම ඔබ දුර්දාන්ත මරා යුගයේදී මහජන මුදල් රිසිසේ කොල්ලකන්නට රාජානුග්‍රහයෙන් වරම් ලැබූවෙක්නම් එයද අතිරේක සුදුසුකමක් වනු ඇත.

      එසේ හෙයින් එන්න මා ප්‍රිය මිත්‍ර ගෝත්‍රිකයිනි, අන්තවාදියනි, නීල කාස තක්කඩියනි, පට්ට හොරුනි, අප එකා මෙන් නැඟී සිට මරා තක්කඩියා යලි බලයට පත් කොට මේ දිවයින විනාශ මුඛය කරා ගෙන යාම නතර කල තැන සිට නැවත අරඹමු!

      Delete
  9. දැහැමි මහතා රාත්‍රි සමාජ ශාලාවට ගියේ.?
    1)කොත්තමල්ලි පානය ප්‍රවර්ධනය කිරීමට
    2)ලලනාවන් තිසරපට ඇඳ ඇත්දැයි පරික්ෂා කිරීමට
    3)දුම්වැටි පානය කිරීමේ ආදිනව පැහැදිලි කිරීමට
    4)වෙනත් කාර්යකට
    නිවරදි පිළිතුර සඳහන් කර අනර්ඝ තත්වයේ මඩුවලිගයක් ගෙදරටම ගෙන්වාගන්න :D

    ReplyDelete
    Replies
    1. °•_•°] {`^`…´^´} (~•`_´•~),

      ඔබේ නිවැරදි පිළිතුර අදම SMS කොට "කාගෙද ගොං වස්සා FM " වෙතින් අගනා නාස් ලණුවක් සහ කර අඹන තිරිංගයක් දිනාගන්න

      Delete
  10. නයිට් ක්ලබ් කියන්නේ අපේ සංඟිස්කුරුතිය සබ්බියත්වය වනසන සිංහල බවුද්ද කමට එරෙහි විජාතික කුමන්ත්‍රණයක්.. ඉතිං එහෙම ඒවා කඩලා විනාස කරලා දාන්න ජනාධිපති පුතා හැටියට දහං බේබි ඉදිරිපත් වීමම කමෙන්ඩබල් නැද්ද හිටං?

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ මිත්‍ර,

      එහෙනං,එහෙනං,එහෙනං,

      Delete
  11. ඔය දහම් කියන්නෙ ඒ කාලෙ ඉඳන් වලියට බර, පිස්සු පූසෙක් කියල රෝයල් එකේ උගෙම බැචාල කියල තියෙනව. මූ අනික පාස් වෙච්ච විභාගෙකුත් නෑ. මූ අර පාසි කුඩාවල අනුන්ගෙ ගෑණියෙක්ගෙ ෆෝටෝ ගහන්න ගිහින් දා ගත්තු වලිය තමයි මුලින් ප්‍රසිද්ධ වුණේ. ඒක කොහොමහරි යට ගහල දැම්මා. දැන් හිටන්ගෙ ඌෂ්ණෙ හොඳටම ඔලුවට ගහලා, යන යන තැන පීඑස්ඩී කුක්කො එක්ක එක එකාට කෙලිනවා. හිටන්ගෙ මඩු වලිගෙ තියෙන්නෙ කොහෙද දන්නෙ නෑ. හැබැයි මූයි මූගෙ පීඑස්ඩී කුක්කොයි කොයි වෙලේ හරි කනවා බඩ කඩ පුරා. ඊට පස්සෙ මූව ගෙනියන්න වෙන්නෙත් සිංගප්පූරුවෙ මවුන්ට් එලිසබෙත් තමයි, මූණ හදන්න.

    ReplyDelete
    Replies
    1. රොබට්,

      යස් බොහොම ලඟදිම කනව, බොහොම ලඟදිම කනව මදි නොකියන්ඩ...:)

      Delete
  12. කවුරු උනත් ඔහොම රඟන්නේ කොහෙන් හරි හොඳට බඩ කට පුරා කන්න ලැබෙනකල් තමයි...
    ඉස්සර මතකද මාලක කියල හරකෙක් උඩ පැන්නා මේ විදිහටම, හොඳ කෑමක් එහෙම කාල ඉවර වෙලා දැන් ඌ ඉන්නවද මළාද කියලවත් නැහැනේ...
    මේ යකා ඔහොම උඩ පැනලා කොයි වෙලාවක හරි වැලිගම්පිටි යන්නත් ඉඩ තියෙනවා, අර වැලි රාජු පොරෝ පාර කෑවා වගේ...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      කියලා වැඩක් නෑ බං..මේ ගොං වස්සො අර පී.එස්.ඩී. එකේ අම්බරුවොත් පිරිවරාගෙන මේ රෑ තිස්සෙ මඟුල් නටන්නෙ අපේ සල්ලිවලින් කියල හිතෙන කොට තමයි මයිල් කොයිල් වෙන්නෙ..

      Delete
    2. හරියට හරි බං.

      Delete
    3. ලොකුපුතේ......ඔය ලිස්ට් එකේ මාලක විතරක් නෙමේ නාමල්, යෝෂිතලා, නාරදලා, වගේ අමුම අමු අපතයෝ සෙට් එකක් ඉන්නවා. විභූති ලංකාවට ආපු දවසක තව බලාගන්න පුලුවන්. තාත්තලාගේ පුත්තුනේ බං. ඒ මදිවට බලය හරි උමතුවක්නේ අපේ එවුන්ට.

      Delete
  13. හැමදේම හරිම සාමාන්‍ය විදියට සිද්ද වෙනවා. මේවා එෂැණ පුවක් වල කියන්නත් දේවල් ද හැබෑටම..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      ඒකත් ඇත්ත තමයි බලාගෙන යනකොට

      Delete
  14. අන්න අන්න දැන් තමයි රටේ ආණ්ඩුවක් තියෙනවා කියලා පොඩ්ඩක් ඇඟට දැනෙන්නේ. තව අඩුවට තියෙන්නේ එකෙක් දෙන්නෙක් ගස් බඳින එක විතරයි මයේ හිතේ.

    ReplyDelete
    Replies
    1. කුරහන් මල්ලි,

      ඒකත් ඇත්ත තමයි එක අතකට...:)

      Delete
  15. ලොකුම ප්‍රශ්නෙ ලංකාවෙ චන්දෙන් පත්වෙන දේශපාලුවන් ප්‍රභූන් වෙලා උන්ගෙ පවුල් ප්‍රභූ පවුල් වෙන එක. උන් එහෙම වෙන්න කැමති එක පුදුමයක් නෙමෙයි ඒත් ජහමනයාත් උන් එහෙම වියයුතුයි කියලා හිතන එක! වඳින පුදන සයින්ස්කුරුතියනේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      ඔය වෙන මොකවත් නෙවෙයි ප්‍රා කුවේණිගෙ සාපෙ...සිංහල ජාතියට හරියන්නෙම නෑ,හරියන්නෙම නෑ.

      Delete
  16. //එෂැණිං පුවක්// :D :D ටික දවසකින් බුලත් වෙයිවත්ද?

    ReplyDelete
    Replies
    1. මෙඩූසා,

      එව්ව කියන්න බෑ...

      Delete
  17. http://www.lankadeepa.lk/index.php/articles/466728

    මේක ගැන මොකෝ කියන්නෙ.

    ReplyDelete
  18. 2නයිට් ක්ලබ් එකක් උනාම ඒම මුලු රෑම ඇරල තියන්න ඕනෙ. එච්චරයි" - රවියට විතරයි තේරුනේ

    ReplyDelete
  19. ඔය එන්නත හම්බවුනොත් මටත් කියපන්. කීප දෙනෙක් ඉන්නවා තට්ටං දෙකටම දවසට දෙසැරයක් ඇනලා දාන්න.

    ReplyDelete
  20. එකම තිර පිටපත.නළුවොයි කැමරා කාරයොයි විතරයි වෙනස්...
    කවුද ඉිතින් රියල් මෝඩයෙෝ අපිම මිසක්

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...