Wednesday, October 12, 2016

448. එෂැණිං පුවක් 15 - සමූපකාර වීරයා, ඒකාබද්ද විපස්සෙට නමක් සහ අයියෝ ලොක්කා


ඉස්ටේජ් වලට පැනීමෙන් ජනාදිපතිවරන
ජයගත් යුගය නිමාවූ වගයි

හි.ජ.කු.පා.ම. මහින්ද රාජපස්ස මහතා අතිවිසාල වැඩි චන්ද ප්‍රමානයකින් බත්තලංගුන්ඩුව සමූපකාරය ජය ගෙන ඇත. මීට පෙර කොට්ටුකච්චිය, එලුවන්කුලම, ඇටවීරගොල්ලෑව, අම්පෙගම යන සමූපකාරද එතුමා විසිට්ට ලෙස ජයග්ගරහනිය කල බව ඒකාබද්ද විපස්සයේ ප්‍රකාස යකෙක් පැවසීය. ලබන සතියේ පැවැත්වීමට නියමිත නල්ලදරන්කට්ටුව, ගවරම්මාන, බුල්නෑව, හරකාවැටුනුවැව, ගොමහන්දිය, තුම්පනේ සහ ගිලීමලේ යන සමූපකාර චන්ද වලින්ද එතුමා විසිට්ට ජයග්ගරහනියක් ලබනු ඇති බවට ප්‍රකාසක තුමා තම බලවත් විස්වාසය පලකලේය.

"අපි මේ සමුපාකාර චන්ද වලිං අපේ ඉදිරි ගමන නවත්තන්නෙ නෑ. මරනාදාර සමිති, අන්නියෝන්නිය උපකාර සමිති එතකොට මහිලා සමිති වගෙ එව්වගෙ චන්ද වලටත් අපි ඒකාබද්ද විපස්සෙ හැටියට ඉදිරිපත් වෙලා එව්වගෙ බලය අල්ලනව. ලබන සතිය වෙනකොට ලංකාව පුරහම තියෙන විසාකා කුලඟන සමිති, ශ්‍රී පුෂ්පදාන සමිති එතනිං ගිහාම සකසුරුවම් සහ නය දෙන සමිති, අමද්‍යප සමිති, සදාචාර වර්දන සමිති, පලදාවර්දන කමිටු, ඤාති සංගම්, ඒ එක්කම පොල් ත්‍රිකෝනයේ කිරි නිපදවන්නන්ගේ සමූපාකාර සමිතිය වගෙ එව්ව ඔක්කෝටම අපි නාම යෝජනා දෙනව"

"ඒ සියලුම සමිතිවල බලය ඇල්ලීමෙන් අපි මේ රටේ මෙතෙක් සිද්ද නොවුනු අමුතුම ගනයේ විප්ලවයක් කරල පෙන්නනව. ඒක තමයි අපේ පරමාර්තය. නිතර බන්දනාගාර ගතවන්නන්ගේ සුබසාදක සමිතියෙ නිලතල වලට අපිට අලුතෙන් ඉදිරිපත් වෙන්ට දෙයක් නෑ. කොහොමත් ඒකෙ සම්පූර්න නිලදාරි මන්ඩලයම රාජපස්සලම තමයි" ප්‍රකාසක තුමා තව දුරටත් කරුනු පැහැදිලි කලේය.

ඒකාබද්ද විපස්සය පිහිටුවන නව දේසපාලන පස්සයේ නම පිලිබඳව මාද්දිය වේදියෙකු ඇසූ ප්‍රස්නයකට ප්‍රකාසක තුමා මෙසේ පිලිතුරු දුන්නේය. 

"නම් බර ගානක් ලැබිල තියනව. ඇත්තටම විදේස වල ඉන්න අපේ හිතවතුන් පවා නම් එවල තියනව. දැනට අපි නම් දහයක්  ෂෝට් ලිස්ට් කරල තියනව"

1. මරා එක්ක කරුම ගෙවීමේ පෙරමුණ
2. මහින්ද සහ ජාතික අපතයින්ගේ සන්ධානය
3. ශ්‍රී ලන්කා කරුමක්කාර පක්සය. 
4. නීලකාස තක්කඩි පෙරමුන.
5. පට්ට හොරුන්ගේ සන්දානය.
6. අපේ හොරා අපට හොඳා පෙරමුන
7. සමස්ත ලංකා වහලුන්ගේ පක්සය
8. එක්සත් ලංකා ගෝත්‍රික සන්ධානය
9. හෙළ මස්තිෂ්ක පශ්චාත්බාග පෙරමුණ
10. ජාතික ද්විත්ව ගමන් බලපත්‍ර සහ මැණික් මළු පෙරමුණ


ටං.....ටිං....ටුං...............


මේ අතර ඒකාබද්ද විපස්සේ කැඳවුන්කරු ගරු මෝඩවන්ස තුමා (සීගිරි නොගිය නාමදාරී Cum මහල්ලා සහ මුහුද විසේසඥ) නිවේදනයක් නිකුත් කරමින් සකල ලන්කා වාසී ගෝත්‍රික වහලුන්හට තමං සමඟ එක්වන ලෙස ඉල්ලා සිටී.

සකල ශ්‍රී ලංකාවාසී සියලුම කරුමක්කාර ගෝත්‍රික වහළුනි එක්වව්! 

අප අතර කිසිදු භේදයක් නැත. දොස්තර, ඉංජිනේරු,ගණකාධිකාරීන්,ආචාර්ය මහාචාර්යවරු මෙන්ම ගොවි කම්කරු සහ රස්තියාදුකාර පාදඩයෝද ද අප හා උරෙනුර ගැටී එක් වී සිටින්නෝය. එකම සුදුසුකම වන්නේ පසුගාමී ගෝත්‍රික අදහස් වලින් සපිරි, වැඩවසම්,අන්තවාදියෙකු වීම පමණකි.

එලෙසම ඔබ දුර්දාන්ත මරා යුගයේදී මහජන මුදල් රිසිසේ කොල්ලකන්නට රාජානුග්‍රහයෙන් වරම් ලැබූවෙක්නම් එයද අතිරේක සුදුසුකමක් වනු ඇත. 

එසේ හෙයින් එන්න මා ප්‍රිය මිත්‍ර ගෝත්‍රිකයිනි, අන්තවාදියනි, නීල කාස තක්කඩියනි, පට්ට හොරුනි, අප එකා මෙන් නැඟී සිට මරා තක්කඩියා යලි බලයට පත් කොට මේ දිවයින විනාශ මුඛය කරා ගෙන යාම නතර කල තැන සිට නැවත අරඹමු!

ඔබට නැතිවීමට ඇත්තේ වැලිකඩ රජයේ බෝඩිමේ ඔබ සියලු දෙන නුදුරු අනාගතයේදී ගත කිරීමට නියමිත නිවාඩුව පමණකි.


ටං.....ටිං....ටුං...............


ඉංග්‍රීසි බාසාව පිළිබඳ ලොව පිළිගත් පාඨ ග්‍රන්ථයක් වන ඔක්ස්පර්ඩ් ශබ්ද කෝෂය තම නවතම සංස්කරණයෙන් අයියෝ යන වදන ඉංග්‍රීසි වදනක් ලෙස පිළිගෙන ඇත. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයෙන් "Aiyoo" යන වදනට පහත සඳහන් අර්ථකථන දී ඇත.

Aiyo (also Aiyoo) EXCLAMATION - In southern India and Sri Lanka, expressing distress, regret, or grief; ‘Oh no!’, ‘Oh dear!’.

Ex - Aiyoo is when a sitting president takes advice of his astrologers and calls for an election 2 years before due date  and loses comprehensively.

Ex - Aiyoo is when an ex-president challenges the government to investigate corruption and abuse of power during his regime and when the government does just that and put his kin & henchmen in jail to whine & lament that it is nothing but political revenge.

Ex - Aiyoo is when an ex-president who has won 2 presidential elections celebrates winning a rural co-operative society election by shouting from the roof tops.

"Aiyoo" යනු බලයේ සිටින ජනාධිපතිවරයකු තම දෛවඥයින්ගේ උපදෙස් පරිදි තම කාල සීමාව නිම වීමට වසර දෙකකට පෙර ජනාධිපතිවරණයක් කැඳවා ඉන් අන්ත පරාජයක් ලැබීමයි.

"Aiyoo" යනු "කෝ අර කියපු හොර මැරකං ඇල්ලුවාද?" යනුවෙන් හිටපු ජනාධිපතිවරයකු රජයට අභියෝග කොට රජය ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා ඔහුගේ ඤාතීන් සහ ගෝල බාලයින් සිරගත කල පසු "මෙන්න පළිගන්නවෝ " යනුවෙන් විලාප තැබීමයි.

"Aiyoo" යනු දෙවරක් ජනාධිපතිවරණ ජයග්‍රහණය කල හිටපු ජනාධිපතිවරයකු දුර බැහැර ප්‍රත්‍යන්ත ගම් දනව්වක සමූපකාර ඡන්දයක් ජයග්‍රහණය කීරිම පිළිබඳ අමන්දානන්දයට පත්ව ප්‍රීතියෙන් ඔකඳවී ජයඝෝෂා නැඟීමයි.

30 comments:

  1. වහල් පක්‍ෂයේ සටන් පාඨයක්-

    ඒබ්‍රහම් ලින්කන් භංගවේවා!

    ReplyDelete
    Replies
    1. රසික,

      හොඳ වෙලාවට ස්පාටකස් ගැන දන්නෙ නෑ...:)

      Delete
  2. චී චී චී, අන්යෝනිය ගැන සමිති හදන්නේ නැතුව ස්වයෝනි සමිතියක් හදාගත්තනම් තමයි හොඳ. උන්නැහැට වෙලාවක් නැතිවෙයි අන්යෝනි සමිති ගැන බලන්ඩ කරන්ඩ.

    ReplyDelete
    Replies
    1. විචා,

      ස්වයෝනිය ගැන ආය ගැන ආය අහවල් සමිතියක්ද?..ඒක ඔහේ තියෙයි...:)

      Delete
  3. හදිස්සියේම මොකද දන්නේ නෑ අයියෝ එක ඔක්ස්පර්ඩ් ශබ්ද කෝෂයට දාන්න මතක් වුනේ.. ම.රා නිසා ද? දහම් බේබි නිසා ද?

    මේ ඔය ශබ්ද කෝෂයකට අලුත් වචනයක් එකතු කරද්දී මොනවාද සලකල බලන කරුණු...?
    ජාත්‍යන්තර භාවිතාවක් තියෙන්න ඕනේ ද?

    ReplyDelete
    Replies
    1. සිරිසේන ජනාධිපති වෙච්චි දවසෙ ඉදං , වැඩියෙන්ම කියන්ඩ වෙච්චි වචනයක් තමයි " අයියෝ සිරිසේන " කියල. ඕක ඔක්ස්පර්ඩ් එකට දානවද නැද්ද කියල ඉද්දි තමා දහං පුතා සංදර්ශනයක් දැම්මෙ

      Delete
    2. Pathum,

      /මේ ඔය ශබ්ද කෝෂයකට අලුත් වචනයක් එකතු කරද්දී මොනවාද සලකල බලන කරුණු...? ජාත්‍යන්තර භාවිතාවක් තියෙන්න ඕනේ ද?/

      Who picks the new additions? Is a crack team of caped wordsmiths holed up in a bunker in deepest Oxfordshire, spending day and night on the scent of words before eventually alighting on the contemporary relevance of … cheeseball (also in the 2016 list, defined as ‘someone or something lacking taste, style, or originality; or more prosaically, the breaded and deep fried cheese appetiser’)? “It might seem romantic,” says Jonathan Dent, senior assistant editor in the OED’s new words team, “but it’s a lot of standard research, checks and balances. Anything new that goes into the dictionary is drafted and researched by us. It’s all down to evidence.”

      The 15-strong new words team – out of a staff of 70 at the OED – work year round tracking words in corpuses – electronic text collections containing billions of words – and analysing online databases, as well as material submitted by the public through reading programmes. “We are always tracking new words that arrive in the language and start to be picked up widely,” Dent tells me. “OED traditionally waits for 10 years of evidence before we add a word but there are exceptions such as livermorium, a chemical element, in this update, which has only been around since 2012. At the same time the wider project of revising the whole text of the dictionary continues.”

      The updates are achieved through a fine balance of human endeavour and technology, a system introduced in 2000 when the OED went online. But in 1884, when the very first edition started publication it was a different story. “It took around 50 years for them to finish the first run,” Dent explains. “That was mainly done through the public reading books and submitting quotations on paper. As soon as it was finished in 1928 they had a whole extra volume’s worth of new words.”

      If you want to read more Yolo! How do they choose new words for the Oxford English Dictionary?

      Delete
    3. කම්මල,

      ඊලඟ පාර Aiyoo Sirisena, Hitang, කියන වචන දානවලු....:)

      Delete
  4. ha.........ha..............patta...................!

    ReplyDelete
  5. අම්පෙගම සමූ පකාරෙ ඡන්ද දෙකක් තියන්නෙ කොහොමද බොල. අනිවාර්යෙන් ඔය දිනපු එක හොර ඡන්දයක් වෙන්න ඇති. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ස්තූතියි, වරද නිවරද කලෙමි

      Delete
  6. රවී කියල හාදයෙක් තමං ලියාගෙන ගිය සීරීස් ටික අතරමග නවත්තල කැලේ පැනල මේ වගේ මගුල් ලියනකොට සුවහසක් ලෝ වාසී බ්ල‍ොග් පාඨකයින් බහුලව පාවිච්චි කරන වදනක් ලෙස තමයි "Aiyoo" කියන එක ඔක්ස්ෆර්ඩ් සද්ද කෝසෙ තියෙන්නෙ.

    ReplyDelete
  7. ආණ්ඩුව පලාත් පාලන ඡන්දය තියන්නේ නෑ. මේ වෙලාවේ ඡන්දය තිබ්බොත් ඒක ආණ්ඩුවට අවාසියි කියලා මෛත්‍රීපාල මහතා සහ රනිල් මහතා දන්නවා. ඉතින් සීමා නිර්ණය කියන වචනේ ඉස්සරහට දාලා ඡන්දේ කල් දදා ඉන්නවා. ඉතින් ඒකාබද්දෙ අය කරන්නේ තියෙන මොකක් හරි ඡන්දයකට ඉදිරිපත් වෙනවා. ඒකෙන් ඒ අයගේ කණ්ඩායම දිනනවා. මේකේ සරළ සත්‍ය ඕකනේ.

    ReplyDelete
  8. දැම්මම සිංදුවක් ලියල තියා ගන්න. "මහ රජාණනි" පරණයිනෙ

    ReplyDelete
    Replies
    1. බද්ධේ හොරුන් කල පෙරහැරින්
      සමූපෙටත් දැන් රජු ඇතේ
      ඒ හොර රජුන් කල හොරවලින්
      සමූපෙට දැන් කෙලවෙතේ

      ආයුබෝවේවා මහරජාණෙනි

      Delete
  9. මරා සමග හොරා කෑ පෙරමුණේ කෑලි හැලෙමින් පවතින බව ආරංචියි.

    ReplyDelete
  10. අයියෝ .....😅😅😅😅

    ReplyDelete
  11. නීලකාස තක්කඩි පෙරමුණට, අයියෝ කියන්න තමා වෙන්නේ අපිට.

    ReplyDelete
  12. මේ සමුපේ ජයග්‍රහණ ගැන දැන්නේ තේරුනේ. මම ඒත් බැලුවා ලංකාසිනිව්ස් එකේ ඒකාබද්දෙට 190 සිරිලනිපෙට 1 කියල දාන්නේ මොනවාද කියල.

    ReplyDelete
  13. අයියෝ යනු කවිකොළ වල යෙදෙන එලිසමය රැකීමට යොදන සක්කයකි.

    ReplyDelete
    Replies
    1. බදුල්ලේ වතුර හිඳිලා නැත ගොයියෝ
      එනමුත් දුම සැරයි ඉන්නට බැහැ අයියෝ
      නිවාගන්න බැරුවද ගිනි මගේ දෙයියෝ
      මක්කා කොරනවද අම්මප මේ ******

      Delete
  14. "Aiyoo" යනු පසුගිය රජයේ දුෂිතයින්ට,මිනීමරුවන්ට එරහිව ඒ ඒ ආයතන නිත්‍යානුකුලව කටයුතු කරන විට ඒයට අප්‍රසාදය පළකරමින් ජනපතිවරයා කතා කිරීමයි.

    ReplyDelete
  15. අළුත් වචනයක් ඉගෙන ගත්තා.... whine - විලාප දෙනවා.... :)

    ReplyDelete
  16. පට්ට.!

    අර මස්තිෂ්ක පශ්චාත්භාග නමයි,
    අපේ හොරා අපට හොඳා පෙරමුණයි හොඳයි. ඒ දෙක ගැන එස්එම්එස් තරඟෙයක් තියමු.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...