Monday, October 31, 2016

453. අසූචි හත්පොලේ පමණක් නොව හිස්මුදුනෙහිද සියතින්ම ආලේප කොටගත් සුපිරිසිදු මහතාගේ කථාව


පසුගිය මහ මැතිවරණයෙන් රනිල්ට මනාප ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් හිමිවිය.
මෙහි දැක්වෙනුයේ රනිල්ගේ ප්‍රචාරක පෝස්ටරයක් රැගත් ඔහුගේ ආධාරකරුවෙකි.

අපේ ගරු අගමැති උතුමෝ හත් පොලේ පමණක් නොව ඉස මුදුනේද අසූචි ආලේප කොට ගෙන වදාලෝය. අහෝ ඛේදයකි ඉරකි තිතකි.

අල්ලස් හා දූෂණයෙන් තොරව සියලු රාජ්‍ය මූල්‍ය ගනුදෙනු කටයුතු විනිවිද භාවයෙන් කරන්නෙමැයි පරසක්වල ගසා ජනාධිපතිවරණය ජයග්‍රහණය කොට අගමැති ලෙස දිව්රුම් දීමෙන් යම්තමට මාසයක් ගත වන්නට ද පෙර මහ බැංකු අධිපති ධුරයට ඔහුම සිංගප්පූරුවෙන් ගෙන්වා පත්කල අර්ජුන් මහේන්ද්‍රන් නම් මූල්‍ය විශාරදයෝ තම බෑණනුවන්හට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් අයුතු වාසියක් ලබා ගන්නට උපකාර කල බව දැන් නිල වශයෙන්ම සනාථවී ඇත. ඒ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එළිදැක්වීමෙනි.

මෙම මහා වංචාව පිළිබඳව තොරතුරු හෙළිදරව් වූයේ එය සිදුවූ ආසන්නයේමය. එනම් එසේ කරුණු හෙළිදරව්වී දැනට මාස දහ අටකට අධික කාලයක් ගෙවී ගොස් ඇත. මේ මුළු කාලය මුළුල්ලේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එ.ජා.ප.ය කලේ පශ්චාත් භාගය කඩාදැමූ කඩියන් මෙන් රටපුරා දුවමින් මේ මහා මංකොල්ලය යට ගැසීමට තැත් කිරීමය. නැතහොත් එහි කිසිදු දූෂණයක් වංචාවක් සිදුවී නොමැතිබව පරසක්වල ගැසීමය. එසේද නැතහොත් අවම වශයෙන් යම් අක්‍රමිකතාවයක් සිදුවුනද ඊට මහ බැංකු අධිපතිගේ කිසිදු සම්බන්ධයක් නොමැතිබව පෙන්වීමටය.

ඒ සඳහා රනිලාණන් පත්කල යූ.ඇන්.පී. පෙරකොරෝද තුන් කට්ටුවෙන් සැදි කමිටුවෙන් මහ බැංකු අධිපතියාණෝ නිදොස් කොට නිදහස් කරන ලදහ. එහෙත් උකුණු හිසක තරම් හෝ මොළයක් සහිත කිසිවෙකුට ඒ වනාහී හුදෙක් ධවල සුණු ආලේප කිරීමක් පමණක්ම බැව් රහසක් නොවීය. එසේ සුදුහුණු ආලේප කොට බුමුතුරුණ යටට තල්ලු කොට සියල්ල අවසානයයි අතපිසදමා ගැන්මට රනිල් ප්‍රමුඛ නඩය කුමන්ත්‍රණය කලද ඒ වැළකී ගියේ පොදු මහජනයා කෙරෙන් මෙන්ම දූෂණයට විරුද්ධව ජනාධිපතිවරණ සමයේ නැඟී සිටි සිවිල් සංවිධාන වෙතින් ඊට එල්ලවූ දැඩි විරෝධය හේතුකොටගෙනය.

අවසන ජවිපෙ සභාපතිත්වයෙන් යුත් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මගින් බැඳුම්කර මගඩිය පිළිබඳව විමර්ශනයක් කිරීමට ඉඩ දීමට රජයට සිදුවිය.

දැන් නිල වශයෙන්ම බිළාල තෙම පැසෙන් ඉවතට පැන ඇත්තේය. මිස්ටර් ක්ලීන්ගේ කීර්ති නාමය ඒ හා සමඟම නාය ගියේ අරණායක සාමසර කන්දේ පදාසයක් නායගියාටද වඩා දරුණු ලෙසටය. මිස්ටර් ක්ලීන් යන විරුදාවලිය වනාහී රනිලාණන් හට ශ්‍රී ලංකාවේ අගමැති පදවිය දැරීමට ඇති එකම සුදුසුකම බව මගේ අදහසයි.

එහෙත් මේ වාර්තාවෙහි ද බරපතල අඩුපාඩුවක් ඇත. මෙම බරපතල වඤ්ඡාව සිදුවූයේ රනිල්ගේ උපදෙස් මත බව අර්ජුන් මහේන්ද්‍රන් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කල බව වාර්තා විය. 2015 ජූනි මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර මේ පිළිබඳව පරීක්ෂණ කෙරුනේ ඩිව් ගුණසේකරගේ සභාපතිත්වයෙන් යුතු එවකට පැවති පොදු ව්‍යාපාර කාරක සභාව මගිනි. මහේන්ද්‍රන් රනිල් පිළිබඳව මේ ප්‍රකාශය කලේ ඒ කාරක සභාව ඉදිරියේ විය යුතුය. ඒ කෙසේ වුවද ඒ සාක්ෂි සලකා නොබැලීම විශ්මය ජනකය.

සුනිල් හඳුනෙත්තිගේ කාරක සභාව රනිල් නිදොස් කොට නිදහස් කලේය. ඊට කාරක සභාවේ එ.ජා.ප. මන්ත්‍රී වරුන්ගේ බලපෑම ද බොහෝ සේ හේතුවන්නට ඇත. මෙසේ වඤ්ඡා කල දැවැන්ත මුදල් සම්භාරයෙන් වැඩි ප්‍රතිශතයක් 2015 වසරේ අගෝස්තු මස පැවති මහ මැතිවරණයේ එ.ජා.ප. අරමුදලට බැරකල බවටද චෝදනා ඇත. මෙම මගඩිය ආරම්භයේ සිට රනිල් ප්‍රමුඛ එ.ජා.ප.මන්ත්‍රීන් මහේන්ද්‍රන් ආරක්ෂා කිරීමට පිටපොට ගසාගෙන දැඟලූ අන්දම අධ්‍යයනය කරන්නෙකුට මේ චෝදනාව පදනම් විරහිත ලෙස එක්වරම බැහැර කල නොහැක.

රනිලුන් එ.ජා.ප. නායකත්වයට පත්වූයේ ගස් නැති රටේ එඬරු ගහත් ගහක්වන න්‍යායෙනි. එල්ටීටීඊය විසින් එජාප මුල්පෙලේ නායකත්වය සමූල ඝාතනය නොකලේ නම් කිසිදු දේශපාලන පරිණතභාවයක් නොමැති රනිල්ට එජාප රජයක කැබිනට් ඇමති ධුරයකින් ඉහළට යාම සිහිනයක් පමණක්ම වන්නේය. ඔහුගේ දේශපාලන අපරිණත භාවයට 2001-2004 එ.ජා.ප. රජයේ අගමැති ලෙස ජනාධිපති චන්ද්‍රිකාගේ සටකපට පොරොන්දු වලට මුලාවී රාජ්‍ය බලය අහිමි කොට ගැනීම හොඳම උදාහරණයකි.

එලෙසම ස්ථානෝචිත නොවන විගඩම් කථා පැවැත්වීමෙහිලා ඔහුගේ හැකියාව ඉතා විශිෂ්ඨය. කුප්‍රකට පස්දුන් රට කථාව සහ බ්‍රේස්ලට් කථාව යමෙකුට ඉතා කලාතුරකින් පිහිටන මේ සහජ හැකියාවට මනා නිදසුන්ය. ඒ හැමෙකකින්ම ඔහුගේ ප්‍රතිරූපය පහසුවෙන් නිවැරදි කල නොහැකි සේ පළුදුවිය. ඒ සියළු සෘණාත්මක කරුණු මධ්‍යයේ වුව ඔහුට තම දේශපාලන දිවිය ඉදිරියට ගෙන යෑමට ආධාර වූ එක් ප්‍රධාන කරුණක් වූයේ රනිල් කිසිදු දූෂණයකට සම්බන්ධ නොමැතිබවට පොදු මහජනයා අතරවූ අචල විශ්වාසයයි. විමල් වීරවංශ වන් උපන්ගෙයි වාචාලයකු වුවද රනිල්ට දූෂණ චෝදනා එල්ල කීරිමට මැලිවූයේ එවැන්නක් කිසිවකු විශ්වාස නොකරන බව හොඳාකාරව දන්නා හෙයිනි.

එහෙත් මේ ජීවිත කාලයක් ගොඩනගාගත් ප්‍රතිරූපය යලි කෙලෙසකවත් ගොඩනැඟිය නොහැකි අන්දමට විනාශ කර ගැනීමට මිස්ටර් ක්ලීන්ට ගතවූයේ අගමැති පදවියට පත්කොට මාස තුනකටත් අඩු කාලයකි.

"කමක් නෑ ඔන්න ඔහෙ වෙන මොනව කරන්ටද? වෙන කවුරුවත් නැති එකේ රනිල්ම හොඳයි..අනික ඒ මනුස්සය අඩු ගානෙ හොරෙක් නෙවෙයිනෙ ඒකවත් මදෑ...." එසේ කියා සැනසුනු පොදු මහජනයා අතරට මම ද අයත්වීමි. එහෙත් රනිල්ට තිබූ ඒ එකම සුදුසුකමද ඔහු විසින්ම නිෂේධ කොටගෙන හමාරය. 

2015 ජනවාරියෙහි පැවති ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් ඉක්බිති අගෝස්තු මස පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේත් ජයග්‍රහණය මම ප්‍රාර්ථනා කලේ වෙන කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන් නොව පුරා දසවසරක් බලපැවැත්වූ මරාගේ අධම පාලන තන්ත්‍රය වෙනස් කොට සාධාරණ, යුක්ති ගරුක සහ පාරදෘශ්‍ය පාලන තන්ත්‍රයක් ශ්‍රී ලංකාවෙහි පිහිටුවීම දැකීමේ අභිලාෂයෙනි.

එහෙත් ඒ අපේක්ෂාවන් රනිල් ප්‍රමුඛ එජාප මන්ත්‍රීන් විසින් බිඳදමා ඇත්තේ ඉතා සාහසික අන්දමිනි. 

එලෙසම මෙකරුණද පැවසිය යුතුමය. යහපාලන රජයක් පත්කිරීමෙහිදී ඒ වනාහී සියළු යුක්ති ධර්මයන් අනුව පෙර බුදුන් දවස ලිච්ඡවී රජදරුවන් මෙන් රාෂ්ඨ්‍ර පාලනයෙහි නිරතවේයයිද, නොබෝ කලකින් මෙදිවයින කේතුමතිය පරදන දෙව්ලොවක් හා සම වේයයිද මම සිහිනෙනුදු නොසිතුවෙමි. ඒ එජාප මන්ත්‍රීවරුද කලක සිට මේ මජර ජරාජීර්ණ දේශපාලනය නම් වූ නරාවලෙහි  බැස ක්‍රීඩා කරන්නෝ බව හොඳාකාරව දත් හෙයිනි. එහෙත් රනිල් කෙරෙහි මසිත යම් ප්‍රමාණයක විශ්වාසයක් පැවතිණි. ඒ ඔහු තම දූෂිත අන්තේවාසිකයින් යම් දෘඩ පාලනයකින් බැඳතබා ගනුතැයිද එසේම ඔවුනට රිසි පරිදි කටයුතු කීරිමට ඉඩ නොදෙනු ඇතැයි යන උපකල්පනය මත ගොඩනැඟුනු විශ්වාසයකි.

එහෙත් අහෝ ඛෙදයකි ඉරකි තිතකි. සුපිරිසිදු මහත්මා බලයට පත්ව නොබෝ කලකින් තමන්ද පසුගිය නීලකාස චෞරයන් ගෙන් කිසිදු වෙනසක් නොමැති බැව් සමස්ත මහජනතාවට සක්සුදක්සේ පැහැදිලි ලෙස තහවුරු කොට සිටියේ යලි වෙල්ලාවේ දමා තම්බා හෝ පිරිසිදු කොටගත නොහෙන ලෙස තම ප්‍රතිරූපයද විනාශ කොට ගනිමිනි. මේ අභාග්‍යමත් තත්වය කළමණාකරයට රජය ගන්නා පියවර කවරේද යන්න පිළිබඳව විමසිල්ලෙන් සිටීම රටේ අභිවෘද්ධිය පතන සියල්ලන්ගේ යුතුකම මෙන්ම වගකීමද වේ.

එළෙසම කිසිලෙසකින් හෝ අධම මරා පාලනය යලි බලයට පත්වීම වැළැක්වීමද ඒ යුතුකම සහ වගකීමේම එක් කොටසකි.

51 comments:

  1. රෙදි නැතුව කඩේ ගිය ජොකියො හොද වෙන්න හදනවා

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      බයියංගෙයි අපෙයි වෙනස අන්න ඒකයි. තාත්තල, අම්මල, බාප්පල පුතාල එකතුවෙලා කරපු හතරවරං ගැහිලි කොච්චර එලියට ආවත් බයියංට අර නීල කාස පට්ට හොරාට වැඩි එකෙක් නෑ..මොනව කරන්ටද එක අතකිං බයියො පව්..දාස මානසිකත්වය කියන එකෙං ගොඩ එන එක ලේසි නෑ...

      Delete
    2. @Ravi ++++++++

      තමන් වඩා අකමැති හොරු සිටීම යනු වෙනත් හොරුන් නොදැකීම නොවේ.

      Delete
  2. හොරකම් නොකිරීම සහ ආර්ථික කළමණාකරණය - දෙකම ඉවරයි. දැන් මොකද කරන්නේ.

    ReplyDelete
    Replies
    1. මල්,

      ඒක තමයි මල් මොකද කරන්නෙ?..:)

      Delete
  3. //එහෙත් මේ වාර්තාවෙහි ද බරපතල අඩුපාඩුවක් ඇත. මෙම බරපතල වඤ්ඡාව සිදුවූයේ රනිල්ගේ උපදෙස් මත බව අර්ජුන් මහේන්ද්‍රන් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කල බව වාර්තා විය//

    ජවිපෙ නායකයාගේ වැරදි අර්තකථනයට ඔබත් අහුවෙනවා නම් නූගත් මිනිසුන් ගැන මොන කථාද?

    අනුර කුමාර කිව්වේ කබ්‍රාල් ගේ කාලයේ කල පෞද්ගලික ණය ගැණීම් ක්‍රමය වෙනස් කොට ප්‍රසිද්ධ ටෙන්ඩර් හරහා ණය ගැණීම කළ යුතුයැයි රනිල් උපදෙස් දීම අනුව රනිල් මෙයට හවුල් බවයි. එය හොරකම් කිරීමට දුන් උපදෙසක් ද විනිවිදභාව වැඩි කිරීමට දුන් උපදෙසක්ද? එම උප්දෙස දීමෙන් රනිල් හොරකමකට හවුල් කියා ඔප්පු වෙනවාද?

    ReplyDelete
    Replies
    1. පින්වතුනි බලාගන්න මෙන්න වහල්ලු!

      හලෝ ඉයන්, රනිල්ගේ කීම පිට බැදුම්කර මගඩිය කරපු බව අර්ජුන් මහේන්ද්‍රන් කිව්වේ රනිල්ම පත්කරපු යුඑන්පි පෙරකදෝරු තුන්කට්ටුවටයි. උන්තුන්දෙනා හිනාවෙලා මේක යට ගැහැව්වා. පර්පේටුඅල් සේකුරිටිඑස් වලට ගොඩක් ප්‍රාග්ධන සම්පත් නැතිනිසා, ලන්සුව ඉදිරිපත් කරන්න ලංකා බැංකුවෙන් ණයවර සහතිකය ලබාගන්න රනිල් මැදිහත්වුණ කියල ලංකා බැංකු අධ්‍යක්ෂක කෙනෙක් කලින් කමිටුවට සාක්කි දුන්න. මේවා එකක්වත් මේ වාර්තාවේ නැහැ.

      Delete
    2. ඉයන්,

      මේ ප්‍රවෘත්ති දෙක බලන්න.

      අර්ජුන්ට බැඳුම්කර මගඩිය කරන්න කියා ඇත්තේ රනිල්…

      භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විගණකාධිපති වාර්තාව

      උපුටනය / මෙම වාර්තාව සැකසීමේදී විගණකාධිපති වෙත අනාවරණය වූ කරුණු අනුව සහ ඉහත සඳහන් ඡේද වලින් අවධාරණය කර ඇති කරුණු අනුව මහ බැංකු අධිපති විසින් ස්වකීය කාර්යය මෙහෙයවීමේදී මහ බැංකු අධිපතිවරයකුගෙන් අපේක්ෂා කරනු ලබන මට්ටමේ වෘත්තීමය විචක්ෂණ භාවයකින් (Professional due diligence ) කටයුතු කර ඇති බව තහවුරු නොවීය. / උපුටනය අවසන්

      රජයේ ප්‍රධාන විගණන නිලධාරියා වන විගණකාධිපතිම නිසි වෘත්තීය භාවයකින් කටයුතු කොට නැතැයි නිගමනය කල මහ බැංකු අධිපතිවරයා ආරක්ෂා කරන්නට රනිල් ඔය තරමට කස්තිරං ඇල්ලුවෙ අහවල් දේකටද රනිල් මේ වංචාවට සම්බන්ධ නැත්තං?

      ඔබ කියන විදිහට විනිවිද භාවය වැඩි කරන්ට රනිල්ට උවමනාවුනා නම් මෙහෙම චෝදනාවක් ආහම මුලින්ම කරන්න ඕන මොකක්ද? ඒ ගැන දැනුමක් තියෙන වෘත්තීයවේදීන් පිරිසකගෙන් සැදි ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයකට වැඩේ භාර දෙන එක නේද?

      අපේ ගරු අගමැති නොහොත් මිස්ටර් ක්ලීන් කලේ මොකද්ද? සිරිකොතේ වේලි වේලි ඉන්න දෙකයි පනහෙ පෙරකදෝරුවො තුන් දෙනෙකුට වැඩේ බාර දුන්න. සිරිකොත ලෝයර්ල ගැන දන්නවනෙ නේද? හරියට නාම යෝජනා පත්‍රයක්වත් හදාගන්ට බැරි අම්බරුවො. එහෙව් අය තමයි රනිල් පත්කලේ පරීක්ෂණ කමිටුවට. කොහොමද වැඩේ? මිස්ටර් බීන් කියල රනිලට ඒ කාලෙ මංගල දාපු නම තව හොඳ වැඩියි...හෙහ්,හෙහ්,

      මෙතන වෙලා තියෙන්නෙ ඉයන්, මරාගෙ ලෙඩේ ටික ටික රනිල්ටත් හැදීගෙන එනව. මරා හිතාගෙන හිටියෙ අවුරුදු ගානක් ඇදි ඇදී තිබ්බ යුද්දෙ ඉවර කලේ මං. ඒ හින්ද මම මොනව කලත් කාටවත් කිසිදෙයක් කියන්ට බෑ. මට ඕන විදිහට තමයි මම වැඩ කරන්නෙ කියල. රනිල්ට වෙලා තියෙන්නෙ රනිල් හිතනව මම තමයි මරාව එලවන්ට මූලිකත්වය ගත්තෙ. අනික මම විතරයි අද රටේ ඉන්න ඥාණවන්ත නායකය. රට ඉදිරියට ගෙනියන්ටනම් මම ඉන්නම ඕන. ඒ හින්ද අර සිංගප්පූරුවෙ ලී කුවාන් යූ වගෙ මට ඕන විදිහට මම වැඩ කරනව. කාටවත් අයිතියක් නෑ ඒ ගැන ප්‍රශ්න කරන්ට කියල.අර කියන්නෙ ඇඳ ගන්නව කියල.... රනිල් දැන් ඇඳගෙන ඉන්නෙ....:)

      Delete
  4. එහෙම දෙයක් අගමැති කියලා නැහැල්ලු නේද??????? අගමැති ගා ගත්තේ අද ඊයේ නෙමෙයි.... ඒක කරගෙන ගොඩක් කල් කොහොමත්.......

    ReplyDelete
    Replies
    1. කුරුටු,

      කිව්වයි කියල කියයිද?...:)

      Delete
  5. රනිල් තුමා ට සිරි ලන්කා දේසපාලනේ කොරන්න තියෙන එකම සුදුසුකම තාමත් කැඩිලා නැහැ...

    රනිල් තුමා ගේ ලමයෙක් කිසිදාක තම පියා ගේ බලේ හිතට අරන් හයිරන් දාන්න එන්නෙ නැහැ හිටන්!!!!

    සුවහසක් සිරි ලාන්කීය බත් කන හරකුන් මෝඩ ගෙම්බන් බවට පත් කොට අගමැති කමට පත් වූ රනිල්තුමා ට ජයවේවා!

    ස ර ස තුමා සැමදා රනිල්තුමා සමගයි!

    ReplyDelete
    Replies
    1. Sa rasa,

      අර ඔහෙගෙ කොලොම්බියන් කතාවයි රෝයල් කතාවයි නැති එක ලොකු අඩුවක්..

      Delete
  6. දේශපාලකයින් රට වෙනස් කරාවිය කියල‍ලොකු විස්වාසයක් අපිට තියනවා..අපි හිතනවා එයාලට ඒක පුලුවන් කියලා.. මේ ලෝකෙ මහපොලොවෙ තිබෙන ‍දේවලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා වෙනමම ගමනක් ගිය ආර් පේමදාස වගේ කෙනෙකුට හැර මෙම ක්‍රමය වෙනස් කරන්නට බෑ... මොකද පවතින නරක ක්‍රමයේ නරක විශාල ප්‍රමාණයක් නරන අඩ උඩ තැන්වල ඉන්නවා..එහම එය අයින් කරල වෙනම අය පත්කරල කනපිට ගහන එක ක‍ොහොමටවත් ලේසි නැහැ..මේ ‍වගේ සුළුතර බලය සහිත ආන්ඩුවකට ඒක ඉතා අමාරු කාර්යයක්..

    ReplyDelete
    Replies
    1. අමිල,

      ඔව් ඔබ හරි..එහෙම සම්පූර්ණ කණපිට ගැහීමක් වර්තමාන තත්වය අනුව බලාපොරොත්තුවෙන එක හීනයක් විතරයි.

      එහෙම අවස්ථාවක් තිබ්බ 77 ජේ.ආර්.ට, අපරාදෙකියන්ට බෑ ඒ මනුස්සයත් කණපිට ගැහිල්ලක් නම් කලා. අදටත් අපිට ඒ නරාවලෙං ගොඩ එන්ට බැරුව ඉන්නෙ...:)

      Delete
  7. හනේ හෆොයි රනිලානන්ට ගිය කලක්!

    ReplyDelete
    Replies
    1. කසුන්,

      පිරිසිදු රනිලාණ,
      හත් පලෙ ගාගත්ත,...:)

      Delete
  8. ජාතික තලයේ දේශපාලකයින් ගැන හිතුවාම රනිල් පිලිබඳ තිබුනේ උන්න හැටියට මලා මදැයි ආකල්පයක් පමනයි. ඇත්තටම දැන් වෙන කාගැනද හිතන්න ඉන්නේ. මේක ලොකු නූල් බෝලයක් වෙලා තියෙන්නේ අර්ජුන් හිරේ යනවද, නැද්ද කියන ප්‍රශ්නෙට වඩා. ඒ කියන්නේ ස්වාධීන පුරවැසියන් විශ්වාසය තැබිය යුත්තේ මොකාටද කියන එක. එහෙම කෙනෙක් පේන්න ඉන්නවද...මොනවා වෙලා හරි මේ දේවල් එලියට ඇදෙන එක සහ අදින එක ගැන ඉතාමත්ම සතුටුයි. වෙච්ච දේවල් එලියට ගැනීම පිලිබඳවත් මරා ලෝලීන් මේ තරමටම හඬ අවදිකරනවා නම් කොච්චර අගේද.. හැබැයි වෙන්නේ ඒකේ අනිත් පැත්ත. හඬ උස් ඔසවනවා කෙසේ වෙතත් ඒ සබ්ජෙක්ට් එකේදි වලිගේ නම් උස්සනවා.

    ReplyDelete
    Replies
    1. අරූ,

      ඔබ හා එකඟයි. මට ඇත්තටම තියෙන්නෙ තරහකට වඩා කළකිරීමක්.මහේන්ද්‍රන් හිරේ යවන එකම නෙවෙයි වැඩේ. මට සීයට සීයක් විස්වාසයි කොහොමවත් එහෙම දෙයක් වෙන්නෙ නෑ කියල.අර කිව්වත් වගෙ මේ තත්වය කළනමණාකරණය කරගන්නෙ කොහොමද සහ මෙතනින් එහාට කොහාටද අපි යන්නෙ? අන්න ඒකයි ඉස්සරහට තියෙන ප්‍රධාන ප්‍රශ්න ...

      Delete
  9. ලංකාවේ සෙට් එක කවදත් ඇදෙගෙන නා ගැනීමට දක්ශයි නේ.

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      ආයෙත් අහලා...:)

      Delete
  10. අරුං රට කාගෙන, කාගෙන, කාගෙන, කාගෙන ගිහිල්ලා නවත්තපු තැන ඉඳන් මුං කාගෙන, කාගෙන, කාගෙන, කාගෙන නොයයි කියලා හිතුවේ නැතිනම් නම් තමයි වරද!

    මෙන්න ඒ ගැන කතාවක්.
    https://rasikalogy.blogspot.com/2015/01/que-sera-sera.html

    මරා පිලේ එකෙක් කීවා නේද, උංට තව අතුරුපස විතරයි කන්න තියෙන්නේ, යූඇම්පීය ආවාම කටගැස්මේ සිට කන්න වෙනවාය කියලා.

    මං හිතන විදියට මරාගේ හොරු කට්ටිකට ඇමතිකම් දුන්නු දවසේ ඉඳලා තමයි අලුත් ආණ්ඩුවේ අවගමනය එළිපිට පෙන්න ගත්තේ.

    මෙන්න ඒ දවසේ මට දැනුනු පශ්චාත්තාපය.
    https://rasikalogy.blogspot.com/2015/03/sad-reality-of-life.html

    ReplyDelete
    Replies
    1. Rasika,

      /මරා පිලේ එකෙක් කීවා නේද, උංට තව අතුරුපස විතරයි කන්න තියෙන්නේ, යූඇම්පීය ආවාම කටගැස්මේ සිට කන්න වෙනවාය කියලා./

      සන්ධානෙ මහ ලේකම් අර මහින්ද අමරවීර කියන ගොබ්බයනෙ ඕක කිව්වෙ.

      Delete
  11. මා මේ මහ බැංකු මූල්‍ය ගණුදෙණුව ගැන මූලාශ්‍ර වාර්තා හෝ කෝප් වාර්තාව හෝ කියවා නෑ.

    මට ඇති ප්‍රශ්නය නම් බිලියන විස්සක ණය සපයා, පර්ෆෙචුවල් සමාගම එක වසරක් තුළ ඔය කියන තරම් ලාබයක් ලබාගන්නේ කෙලෙසද කියායි. ඔවුන් ගේ ලාබය යනු මහබැංකු බොන්ඩ් සඳහා ලැබෙන පොළියෙන් වානිජ බැංකුවලින් හෝ අන් අරමුදල්වලින් ණයට ගත් මුදල්වලට ගෙවන පොලියෙන් පසු ඉතිරිවෙන මුදල නේද?

    දන්නා අයෙක් කරුණාකර පහදා දෙන්න!

    ReplyDelete
    Replies
    1. ඔය ලාභය ගන්නේ ඔය බැඳුම්කර ද්වීතීක වෙලෙඳපොළේ ඉහල මිලකට විකුණලා. ඒ කියන්නේ ඔය බැඳුම්කර අර කොටස් වෙලෙඳපොලේ විකුණනවා වගේ විකුණන්න පුළුවන්. එතකොට යම් අලෙවි කරුවෙක් මේ බැඳුම්කරවල අනාගත අගය ගැන ඉහල ඇස්තමේන්තුවක් තියනවා නම් එයා ඒක ඉහළ මිලකට ගන්නවා. ඒක කිසිම විදිහක වැ‍රැද්දක් නෙවෙයි. මේ වගේ ප්‍රාග්ධන ලාභ ලබන එක වැ‍රැද්දක් නෙවෙයි.

      Delete
  12. /* මෙසේ වඤ්ඡා කල දැවැන්ත මුදල් සම්භාරයෙන් වැඩි ප්‍රතිශතයක් 2015 වසරේ අගෝස්තු මස පැවති මහ මැතිවරණයේ එ.ජා.ප. අරමුදලට බැරකල බවටද චෝදනා ඇත. */

    ඒ ප්‍රකාශයේ පොඩි තාර්කික අවුලක් තියෙනවා.

    දැන් අප අදාල පර්ෆෙචුවල් සමාගම පසුගිය මුදල් වර්ශයේ දී අධික ලාබයක් ලබා ඇති බව දැන ගත්තේ, ඔවුන් ගේ ම ප්‍රකාශිත වාර්ෂික වාර්තාව නිසා නේද? පක්‍ෂ අරමුලදකට කෙලින්ම හෝ වක්‍රව හෝ අනියමින් හෝ ලබා දුන් මුදලක් වෙතොත් එය එක්කෝ අදාල ශේෂ පත්‍රයේ තිබිය යුතුයි නේද, නැතිනම් ලාබය ඔයිටත් වැඩිවිය යුතුයි නේ?

    ReplyDelete
    Replies
    1. මේ ඕයි එක කමෙන්ට් එකක් දානවා. තමුසේ අති පණ්ඩිතයෙක් වෙන්න හැදුවට වැඩක් නෑ කමෙන්ට් හතරක් පහක් දාලා. බ්ලොග් පෝස්ට් එක කියවලා ටිකක් හිතලා කොමෙන්ට් එක ලියනවා. අර විචාරක ලොක්කා තමුසෙට දුන්න උපදෙස් ටික පිළිපදිනවා. විහිළුවක් වෙන්න එපා.

      Delete
    2. රසික,

      එම මුදල්වලින් කොටසක් පක්ෂ අරමුදලට බැරකිරීම ගැන චෝදනාවක් තියනවා. මම ඒ ගැනයි කිව්වෙ. එහෙම වෙන යම් යාන්ත්‍රණයක් තියනවාද කියා නොදනිමි.

      Delete
  13. කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒක ගැන එච්චර හිතන්න එපා අංකල්.

      Delete
  14. රට තියෙන්නේ නිර්වින්දිත තත්වයක. මධ්‍යම ආණ්ඩුව දන්නෑ ප්‍රත්‍යන්ත ප්‍රදේශවල තත්වෙ. කොටිම්ම රටේ මුදල් ඒකකය බඳු පාන් මිලවත් ඒකෙ බරවත් ස්ථාවර නෑ. රටේ හදිසි අවශ්‍යතාවකදි රටේ මිනිස්සු සම්මාදම් කරලා ඒ අවශ්‍යතාව සපුරා ගන්නවා. කොටිම්ම රටේ මහ ආණ්ඩුව ජනතාවට අදාලම නෑ.

    ReplyDelete
    Replies
    1. //රටේ හදිසි අවශ්‍යතාවකදි රටේ මිනිස්සු සම්මාදම් කරලා ඒ අවශ්‍යතාව සපුරා ගන්නවා. කොටිම්ම රටේ මහ ආණ්ඩුව ජනතාවට අදාලම නෑ//
      +++++++++++++++
      ඒ වගේම මහ ආණ්ඩුවටත් ජනතාව අදාලම නෑ

      Delete
    2. හැබැයි මිනිස්සු "නිර්වින්දනය"වෙලා නිද්‍රශිලිව උන්නේ ගිය ආණ්ඩුව තියනකොට.දැන් මේ ආණ්ඩුවට බනින හැටියට ගිය බනින්න මිනිස්සු ආවේ නැත්තේ ඒ ආණ්ඩුව හොඳ නිසාම නෙමේනේ.

      Delete
  15. පසුගිය මහා ජන්දයේදී ජවිපෙට ජන්දේ දෙන්න ගත්තු තීරණය හරි කියලා මේ වතාවේ පෙන්නුවේ රනිල්.කලින් වතාවේ මෛත්‍රි අර මහින්ද ගාවත් හිටපු කුජීත හොරු රැලකට ඇමතිකම් දීලා ඒ ගත්තු තීරණය හරි කියලා පෙන්නුවා.මේ වතාවේ රනිල් ඒ තීරණය හරි කියලා පෙන්නුවා.

    අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් රනිල් කරගත්තේ "ස්වයං ඝාතනයක්"වගේ වැඩක්.තමන්ගේ දේශපාලන ජීවිතයට රනිල් කරගත්තු ඒ හානියෙන් කෝප් කමිටුවේ හිටපු එජාප මන්ත්‍රීවරුන්ට වුනෙත් ලොකු හානියක්.යම්තම් හරි බේරුණේ රන්ජා විතරයි.දැන් මාධ්‍යකරුවෝ නගන ප්‍රශ්න වලට උත්තර දී ගන්න බැරුව "හර්ෂලා"එහෙම අබැරෙන හැටි දැක්කාම දුකත් හිතෙනවා.

    මේ ගැන පැරා වෙන්න ඕන නියම කතාවක් කියලා තිබ්බා.බටලන්ද කොමිසම ඉස්සරහා සාක්ෂි දීලා රනිල් නිර්දෝෂී පුද්ගලයෙක් විදියට නීතිය ඉදිරියේ පිළිගත්තා වුනත් මිනිස්සු,විරුද්ධ පාක්ෂිකයෝ තවමත් "බටලන්ද වධකයා" කියලා රනිල්ට කියනවා වගේ දැන් රනිල් මේ මහා බැංකු සිදුවීම අරබයා නිවැරදිකරුවක් උනත් මිනිස්සු "මහා බැංකු" හොරා කියලා කියන එක වලක්වන්න බැහැ වගේ කතාවක්.

    ReplyDelete
  16. මිස්ටර් ක්ලීන් ඉවරයි. ඒ එක්කම ඉතිහාසයේ පළමු වතාවට ඊලඟට පත්කරන්න ඕන කවුද කියල හිතන්න බැරි තරම් කුරුම්ටිටො ටිකක් ඉන්නෙ දෙවන පෙළ. අවංක මිනිස්සු කියල හිතාගෙන හිටිය හර්ෂද සිල්වා, අජිත් පී වගේ බුවාලත් අරිට හපං හොරු කියල හෙලිවුනා. දේශපාලනය කියන්නෙ වන්ෂොට් වගේ ෆිල්ම් එකක් කියල හිතාගෙන ඉන්න රංජ රජකරන්න හිතෙන්නෙ මේ වෙලාවට බං.

    ReplyDelete
  17. රවී අයියේ Designated Survivor කියල සීරිස් එකක් තියෙනවා. ලංකාව හදන්න අන්න ඒ කතාවේ වගේ දෙයක් වෙන්න ඕනේ.. හෙහ් හෙහ්..

    ReplyDelete
  18. මචං මිට කලින් තැනකත් මම ලිව්වා වගේ මට හිතෙන්නෙම රනිල්ට අවුරුදු දෙක පන්නන්න බහ වගේ. චන්ද්‍රිකාගේ කාලෙත් තමන්ගේ කට්ටිය් ගහන ගැහිලි නවත්වන්නැ බැරි වුන. අර කවුද ලියපු කුණු සුද්ද කරන කතාවේදී වුනත් කොල්මබ දිස්ත්‍රික්කයේ ඇමති කෙනෙක් කොමිස් වලියක් අදිනවා කියල ඒ සමාගමට අදාල කෙනෙක් කිව්වා. මට හිතෙනෙන් ලබන අවුරුද්දේ ජනවාරි 8 පහුවෙනකොට මෛත්‍රී රනිල්ගේ ආණ්ඩුව විසිරුවයි කියල.
    ඔය බැඳුම්කර වගේ වැඩ මේ ස්ටොක් එක්ස්චේන්ග් වල ඕන තරම් වෙනවා නේද. මේක අහුවුනා කෙලින්ම. (ගිය ආණ්ඩුව කලෙත් වුණා කියලයි මම දන්නේ. හැබැයි මෙච්චර් ලොකු ගානකට නොවේ. ඔය වගේ ඔත්තු දීම් හරියට වෙනවා). අර රාජරත්නම් ගේ ඇමෙරිකාවේ කෙස් එකත් ටිකක් මේ වගේ නේද?

    ReplyDelete
    Replies
    1. 19 වන ව්‍යවස්ථා සංශෝධනය එක්ක අවුරුදු පහක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ නේද?

      Delete
    2. Ajith & Manoj,

      කලින් පැවති ව්‍යවස්ථාවේ 70 වන වගන්තියෙන් කියවෙනවා මහ මැතිවරණයකින් අනතුරුව පත්වන නව පාර්ලිමේන්තුවක් වසරක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විසුරුවා හරින්නට ජනාධිපතිවරයාට හැකි බව. 19 වන සංශෝධණයෙන් මෙම 70 වගන්තියය 70(1) නමින් අනු වගන්තියක් අැතුලත් කරනවා - ඒ අනු වගන්තියට අනුව නව පාර්ලිමේන්තුවක් පත්ව වසර 04 ක් සහ මාස 06 ක් ගතවන තෙක් එය විසුරුවා හරින්නට ජනාධිපතිවරයාට බලය නැහැ. නමුත් පාර්ලිමේන්තුව විසින්ම සාමාජිකයන් 2/3 ක බහුතර අනුමැතියකින් සම්මත කරගන්නා යෝජනාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහොත් ඒ අවස්ථාවේ ඉහත කාල සීමාවේ බලපෑමකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයාට බලය තිබෙනවා.

      insightknowledge,blogspot.qa

      Delete
    3. ඕක මචන් පාර්ලිහොන්තුව විසුරුවා හරින්නේ නැතුව .කරන්න පුළුවන් දෙයක්නේ. අර පැත්තේ හොරු ටිකක් මේ පැත්තට අරගෙන තමන් කැමති කෙනාට අගමැති කම ගන්න කියුවම හරිනේ.

      Delete
  19. මෙයා තමුන්ට හොරකං නොකලට වටේ ඉන්න හොරුන්ට කන්ට දීල බලං ඉන්නවා..ඔන්න දැන් හම්බන්තොට වරාය චීනට සින්නක්කර දෙනවා. ඇයි යකෝ කොයි රටේද වරායක් පිට ර‍ටුන්ට දුන්නෙ ? විරුද්ද පස්සෙ හාල්පාරුවන්ට හෙණ ගහලා ජෙප්පොත් එක්ක. එකෙක්වත් මේකට විරුද්දව කතා කරන්නෙ නෑ. හිටං කාරයගෙ සරම ගලෝන ගියත් එයා දන්නෙ නෑ ..ඒකත් දෙනගන්නෙ පත්තරෙං

    ReplyDelete
    Replies
    1. වරාය සින්නකර දීම නම් සම්පූර්ණයෙන්ම වැරදියි.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...