Monday, December 12, 2016

463. පුවක් එෂැණිං 19 - එම්බා රණවිරුවනි, සවන් දෙනු මැන, ඩෝරා මානසිකත්වයෙන් මිදීමට දැන් කාලය එළඹ ඇත්තේය.

මරාගෙන මැරෙන දරුණු කොටියකු ගල ග්‍රහයෙන්
ගෙන පරසක්වල ගැසීමට සූදානම්වන අපගේ
ශූර වීර නාවික හමුදාපති උතුමාණෝ...

දීර්ඝ කාලයක් පැවති යුද්ධයකින් පසු එහි නිරතවූවන්ට යුද මානසිකත්වයෙන් මිදීම ඉතා අසීරුය. කාලයක් තිස්සේ කොටින්ගේ බෝට්ටු වලට පැන ඔවුන් දෙකකුලින් අල්ලා පරසක්වල ගැසූ මහා වීරයින්ට එය කොහොමත් අසීරුය. ඉතා පැහැදිලිව දක්නට ලැබෙනා පරිදි සේවයෙන් ඉවත්වූ නාවික හමුදා නිලධාරීන්ටද එය ඉතා අසීරුය. උසස් නාවික හමුදා නිලධාරීන්ට උදක්ම අසීරුය. එසේ වුවද ඉතා කණගාටුවෙන් පැවසිය යුත්තේ ඩෝරා මානසිකත්වයෙන් මිදියයුතු කාලය එළඹ ඇති බව දැන්වත් ඔවුන් වටහා ගත යුතු බවය.

තවලමේ යන ගොනුන් ගෙජ්ජි සොලවන්නාක් මෙන් පදක්කම් සොලවමින් උසාවියට පැමිණෙන, මූල්‍ය වංචා චෝදනාවන්ට ලක්වූ හිටපු නාවික හමුදාපතිවරුන් සහ සිවිල් උද්ඝෝෂණයක් විසුරුවා හැරීමට කොට කලිසමකින් සහ ටී ෂර්ටයකින් සැරසී කඩා පැන මාධ්‍යවේදියකු ගල ග්‍රහයෙන් ගන්නා වර්තමාන නාවික හමුදාපතිවරයා අතර කිසිදු වෙනසක් නැත. ඔවුහු සියල්ලෝම යුද්ධය ඉවර කලේ අපිය එබැවින් අපිට රුචි දෙයක් රුචි පරිදි කිරීමට දින නියමයක් නැති බලපත්‍රයක් අපිට ඇත යන මානසිකත්වයෙන් හිස් උදුම්මවා ගත්තෝ වෙති.

වර්ජකයින්ගේ උද්ඝෝෂණය සාධාරණද අසාධාරණද යන්න පිලිබඳව මම නොදනිමි. ඔවුන් බොහෝ විට පරාජයට පත් මරා වාදීන්ගේ අනුදැනුම සහ උසිගැන්වුම් මත මෙවන් උද්ඝෝෂණයක යෙදෙන්නට ඇත. එහෙත් එසේ වුවද ඩෝරා යාත්‍රාවකින් ගොස් කොටින්ගේ බෝට්ටු වලට කඩා පැන ඔවුන් කකුල් කෙටි වලින් ගෙන පරසක්වල ගැසූ අයුරින් නිරායුධ සිවිල් වැසියන්ගේ උද්ඝෝෂණයක් විසුරුවා හැරීම කිසිම යුක්ති ධර්මයකට අනුව සාධාරණ නොවේ. තමන් වනාහී මහා රණවිරුවන් යයි ලේබල් ගසාගත්තවුන් සියල්ලන්ටම සිවිල් සමාජයක හැසිරෙන අන්දම පිළිබඳව පුහුණු පාඨමාලාවක් නොමිලේ පැවැත්විය යුතු කාලය එළඹ ඇත.

මේ වර්ජකයින් විසින් පිටත්ව යාම අවහිර කොටගෙන සිටි හම්බන්තොට වරායට පැමිණි යුද නෞකා දෙක මුදා නොහැරියේනම් ජාත්‍යන්තර වශයෙන් අප රට බලවත් අපකීර්තියකට පත්වන්නට හේතු වියහැකියැයි සඳහන්ව තිබිණි. එවන් අපකීර්තියකින් අප රට බේරාදීම පිළිබඳව එළෙසම අප නාවික හමුදාපතිවරයා පුවත්පත් කලා වේදියකුගේ බෙල්ලෙන් අල්ලා සොලවනු දැක්වෙන ඡායාරූප ලොව පුරා ප්‍රසිද්ධ වූ කල අප රටට ලැබෙනා ගෞරවය පිළිබඳව ද අප සියල්ලන්ම නාවික හමුදාපතිවරයාට උදක්ම කෘතඥ විය යුතුය.

වර්තමාන නාවික හමුදාපතිවරයා වනාහී නාවික හමුදා ඉතිහාසයේ මෙතෙක් වැඩිම වීර පදක්කම් ලාභී නිලධාරියා බව ද සඳහන්ව තිබෙනු  දුටිමි. සෝට් බෑයකින් සහ ටී ෂර්ටයකින් සැරසී ඔහු නිර්භයව නායකත්වය දුන් මේ මහා මාගම්පුර වරාය මුදා ගැනීමේ මෙහෙයුමෙන් පසු ඔහුට වහාම "පරම වීර මාධ්‍යවේදී ගල ග්‍රහණ" සහ "අසභ්‍ය වදන් විශාරද විභූෂණ" යන පදක්කම් පිරිනැමීමට රජය කටයුතු කල යුතුය යන්න විශ්‍රාමලත් බොහෝ නාවික හමුදා නිලධාරීන්ගේ මතයයි.

ලබන ජනවාරියේ විශ්‍රාමයාමට නියමිත මේ නිලධාරියා තවත් සේවා දිගුවක් ලබා ගැනීම උදෙසා තම රජපාක්ෂික භාවය ප්‍රදර්ශනය කිරීමට මෙසේ කොට කලිසම් ටී ෂර්ට් ඇඳ උද්ඝෝෂණය මැඩ පැවැත්වීමට පැමිණි බවටද සැකයක් පවතී.

එහෙත් රජුගේ ඇඟේ වැසූ මැස්සා එළවීමට කඩුවෙන් කෙටූ අඥාණ වඳුරා මෙන් ඔහු රජයේ යහපාලන ප්‍රතිරූපයෙහි තැවරූයේ නැවත කිසිසේත්ම පහසුවෙන් සෝදා හල නොහැකි මඩ කන්දරාවකි.

37 comments:

  1. නීති අනුව සළකන්නට හැකියාවක් තියෙන වෙලේ
    පාති හරඹ දෑත යවා එකවර මිනිසාගෙ ගෙලේ
    ජාති අතර අපෙ අභිමන මින් තව රැකුණාද හෙලේ
    ප්‍රීති වෙන්න හැකිවෙයිදෝ රට තියෙන්නෙ ජරා වලේ......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී,

      හෙහ් උඹ වනාහී කවියෙකි මාර....:)

      Delete
    2. රවී,

      ඔහ් එය වනාහී ලපයකි තාර.......:)

      Delete
  2. ලබන අවුරුද්දේ විශ්‍රාම යනවා නම් ඒ රවී මේ රවීට වඩා ලාබාලයි නේ?

    ඒ කෙසේ වෙතත් ඒ රවී ගේ හැසිරීම නම් අඳ බාලයි.

    නා.හ. නොවෙයි නාහෙට නාහන වගේ.

    ReplyDelete
    Replies
    1. රසික,

      සම වයසෙ වෙන්න ඕන...හෙහ්,හෙහ්, ඉයන්ගෙ සමකාලීනයෙක්ලු රෝයල් එකේ...:)

      Delete
  3. "කොටින්ගේ බෝට්ටු වලට පැන ඔවුන් දෙකකුලින් අල්ලා පරසක්වල...." මොන බොරු කතාද ? මුන්ගෙ ඩෝරා කීයකට කොටියො කෙලියද ? ඕකෙ අනිත් පැත්ත නම් හරියයි. අනික මොන නේවි උසස් නිළධාරියද ඩෝරා එකේ ඉඳන් අණ දුන්නෙ ? මුන් යුද්ධ කාලෙ වටේ බොඩිගාඩ්ලා තියාගෙන කඳවුරු අස්සෙ හැංගිලනෙ හිටියෙ. කණිෂ්ඨ නිළධාරීන් තමයි ඩෝරාවල ඉඳන් යුද්ධ කළේ. දැන් අර ආයුධ නැති, සිවිල් ජනතාව උද්ඝෝෂණය කරද්දි, මේ ගෝරිල්ලා, වීරයා වගේ අණ දීගෙන ඇවිත් මාධ්‍ය කාරයන්ට ගහලා හෙන වීරයා වෙන්න දඟලනවා. රනිලගෙ පස්ස ලෙවලා ගත්ත තනතුර රකින්නත් එපායැ.

    ReplyDelete
    Replies
    1. //අනික මොන නේවි උසස් නිළධාරියද ඩෝරා එකේ ඉඳන් අණ දුන්නෙ? මුන් යුද්ධ කාලෙ වටේ බොඩිගාඩ්ලා තියාගෙන කඳවුරු අස්සෙ හැංගිලනෙ හිටියෙ. කණිෂ්ඨ නිළධාරීන් තමයි ඩෝරාවල ඉඳන් යුද්ධ කළේ//

      හෙහ් හෙහ්, පව් අනේ ඔයා. ඔයානම් නියම කුක්කු පැටියෙක්. බලාගෙන සූප්පුව කටෙන් වැටෙයි.

      Delete
    2. Robert,

      /මුන් යුද්ධ කාලෙ වටේ බොඩිගාඩ්ලා තියාගෙන කඳවුරු අස්සෙ හැංගිලනෙ හිටියෙ. කණිෂ්ඨ නිළධාරීන් තමයි ඩෝරාවල ඉඳන් යුද්ධ කළේ./

      එහෙමම කියන්නත් එපා. පෙරමුණට ගොස් රට වෙනුවෙන් සටන් කල ජේෂ්ඨ නිලධාරීන් බොහොම ඉන්නවා. මෙතුමත් එහෙම වෙන්න ඇති. ඒත් මෙතන වැරැද්ද හම්බන්තොට වරාය සේවකයින්ගෙ උද්ඝෝෂණය පාලනය කරනව කියන්නෙ මුලතිව් මුහුදේ කොටි බෝට්ටුවලට ගහනව වගෙ නෙවෙයි කියන එක මෙතුමා දන්නෙ නෑ.

      අනික මාධ්‍ය වේදීන්ට එතන වෙන්නෙ මොනවද කියන එක වාර්තා කරන්නට පූර්ණ අයිතිය තියනව.මොකද නේවි එකෙන් ඇවිල්ල බැස්ස ගමන් ඒක යුද මෙහෙයුමක් වත් එතන ආරක්ෂිත කලාපයක්වත් වෙන්නෙ නෑනෙ.

      Delete
    3. මං දැක්කා බ්ලොග් ලියන තව නේවි ගොබිලෙක් හරියට කළු කොටි කඳවුරක් බිමට සමතලා කරල වගේ උඩ පැන පැන තප්පුලනවා. මුන් පැන්සොන් ගිහිනුත් තාම ඉන්නෙ බංකර් මානසිකත්වයෙනෙ. සම්පූර්ණයෙන් පුනරුත්ථාපනය කරන්න ඕනෙ මේ වගේ උන් සිවිල් සමාජෙට දාන්න ඉස්සෙල්ලා.

      Delete
  4. අයිසෙ මට මලක් එවනවකො

    ReplyDelete
    Replies
    1. Ano,

      මට ගමට එන්න
      කුරුලු පිහාටුවක් එවන්න
      පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
      කුරුලු පිහාටුවක් එවන්න....

      මල් නෑ බොල..ඔහෙට කුරුළු පිහාටුවක් එවන්නෙයි?

      Delete
  5. නේවි, ඩෝරා, යුද්ධ නැවු, මාගම්පුර... මේ කොහේ තියෙන ඒවද? මට මතක නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒක හොඳයි මතක නැති එක....:)

      Delete
  6. අපි දන්න එක නාවික හමුදාවේ නිලදාරියෙක් ඉන්නවා. ගෑනු ළමයි කියන හැටියට ඒ අයියා ගෝරිල්ලෙක් වගේ හරිම හොඳ කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      ඒ උඹලා දන්න නාවික හමුදා නිලධාරියා මේ දවස්වල ෆුල් සොමියෙ ඉන්නෙ......:)

      Delete
  7. හන්දියේ චණ්ඩියෙකු මෙන් අතින් පයින් වැඩ පෙන්වූ වත්මන් නාවික හමුදාපති දැක, හිටපු නාවික හමුදාපතියෙකු ගේ චණ්ඩි පාට් එකක් ගැන පැරණි කතාවක් සිහිවිය.

    https://rasikalogy.blogspot.com.au/2015/02/sri-lankan-high-commissioner-in.html?m=0

    ReplyDelete
    Replies
    1. රසික,

      නේවි කමාන්ඩර්ල ඔක්කොම රෝයල් ද මන්ද....හැබැයි ඉතිං කඳයි බඩයි රැවුලයි විතරයි වගෙ තමයි..:)

      Delete
    2. නේවි විතරක් නෙමේ බොල ආමිත් එහෙමයිලු. මහද ගගන තලේ නම් නාලන්දේ නේද.

      Delete
  8. මමත් කෙටි ලිපියක් ලියන්නම් රවී පසුව. එක දෙයක් විතරක් කියන්නම්. මෙය නිකම්ම නිකම් කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් නෙවෙයි. මෙය 'වැඩ ඇඳුමක්' working dress. ත්‍රිවිධ හමුදාවටම මේ ආකාරයේ කොට කලිසම සහ ටී ෂර්ට් එක සහිත ඇඳුමක් තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම් පිළිබඳව මහජනතාව දන්නේ නැති නිසයි මෙලෙස නිකම් 'ෂෝටක් සහ ටී ෂර්ට් එකක්' ලෙස දකින්නේ.

    ReplyDelete
    Replies
    1. OK.In that case are officers or solders allowed to go in to a military offense in a working dress. Considering that this is not an emergency situation where your camp is been attacked while you are on working dress and don't have time to change it.

      Delete
    2. Is it legal for officer or soldier to go to a military offense in a working dress? considering this is not an emergency situation where he did not have time to change his out fit.

      Delete
    3. විචා,

      මෙතන ප්‍රශ්නෙ කොට කලිසම ගැන නෙවෙයි විචා...හරි ඒක නාවික හමුදා නිල ඇඳුමක්මය කියමුකො. අර කළ්‍යාණත් එයාගෙ පෝස්ට් එකේ එහෙම කියල තිබ්බනෙ.

      මම කියන්නෙ සම්පූර්ණ නේවි සෙරිමෝනියල් කිට් එක ඇඳල ඇවිල්ල කලා උනත් මේ මනුස්සය මෙතන සම්පූර්ණ වැරදි විදිහට හැසිරුනේ කියන එක.

      Delete
  9. Correction: those two ships are not battle ships. They are vehicle carriers. The person who purposely mention them as battle ships in his blog to justify the misconduct of CoN has now removed that statement.

    ReplyDelete
    Replies
    1. Ano,

      Yes, I too read somewhere that they are ordinary merchant ships carrying cars. one has already unloaded and was prevented from leaving by port workers and the other was in the process of unloading when the strike commenced.

      Delete
  10. අතින් කටින් ගූ ඇදලත් ගඳ අඩුකරගන්න බැරුව දඟලන වෙලාවෙ රවී පිස්සු කෙලිනවානෙ.. ඔය එතන හිටියෙ සිවිල් වැසියො නෙමෙයි.මහා දරුණු සත්තු ජාතියක්.
    දැන් මේ සිද්දිය ගැන තව ලියවෙන්න ඕනෙ.බුකියෙ විනාඩි පහෙන් පහට ස්ටේටස් අප්ඩේට් වෙනවා.
    මේ රැස් බැහැපුවාම.....
    ඊලඟට තම්බියෙක්,දෙමළෙක්,සිංහලෙක් ට ගහල මරලා වගේ ටිකක් ලොකු ගේමක් බලාපොරොත්තුවෙන්න පුළුවන්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      ඔබටත් ජයවේවා....:)

      Delete
  11. කො.කා සභාපති තුමනි, මේ ඔබේ අවදානය පිනිසයි. තිලකසිත මහතා එරටින් නික්ම යාමත් සමග රවී මාමාගේ ලියවිලිවල දිග සිකුරිටි මට්ටමේ සිට කම්කරු මට්ටමට බැස ඇත. මේ ගැන ගොසිප් සයිට් කිහිපයක

    "රවියාට බ්ලොග් පෝස්ට් ලියාදුන්නේ තිලක සිත දැයි සැකයක්"

    යන මැයෙන් ප්‍රවෘත්ති කිහිපයක් විසුරුවා දැමීමෙන් නාවික හමුදාවට වූ මේ කැලල සර්ප් එක්සෙල් දුටු ග්‍රීස් පැල්ලමක් මෙන් යටගැසිය හැකි බව මගේ අදහසයි.

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ පුලුවන්, වෙන්ඩ පුලුවන්. මටත් පේනව අර මාගල් වගේ පල් හෑලි ලියපු මනුස්සය දැං ඇඩ්වාන්ස් ලෙවල් ලියන කොල්ලෙක් වගේ ෂෝට් නෝට් ගහන තත්වෙට ඇවිල්ල කියල.
      මේක ගැන සොයා බලන්න මාජ්ජ වේදියෙක්ගෙන් සමන්ඉත විසේස කොමිසං සභාවක් පත්කරල ඒ කොමිසමේ සාමාජිකයො බජට් එයාලයින් එකකින් ඩුබායි වලට යවන්න මම යෝජනා කර සිටිනව.

      එතකල් උඹලට පුලුවන් ඔය වගේ කැලෑ පත්තර ටිකක් ඇනෝ වේසයෙන් ජන අප්‍රිය බ්ලොග් අඩවි වල පල කරන්න.

      Delete
    2. සුරංග සහ ප්‍රසන්න,

      උඹල මේ දෙන්න මඟුලක් කියවනව. මට මාගල් ලියල දෙන්ට තියා තිලකය මෙහෙ ඉද්දි මාසෙකට පෝස්ට් දෙකක් ඌ ලව්ව ලියව ගත්තෙත් බොහොම අමාරුවෙං.

      දෙකක් දාල අර නේවි ලොක්ක මාද්දිය වේදියගෙ හොස්ස මිරිකල බෙල්ලෙං අල්ලල හොල්ලනව වගෙ තිලකයගෙ හීං තැනිං අල්ලල මිරිකල දෙතුං පාරක් එහාට මෙහාට හොලවල තමයි ඕකව පොරොංදු කරව ගන්නෙ පෝස්ට් එකක් ලියනවයි කියල.

      ඔන්න බලපං මම කියන්නෙ බොරුද කියල. ඔය ගොබිල යන්ට ගිහිල්ල දැං සුමාන තුනකට කිට්ටු වෙන්ට ආව. තවම එක අකුරක් ලිව්වෙ නෑ බ්ලොග් එකේ. අහන්ටත් දෙයක්ය? ලංකාවෙ කොහෙද ඉන්නෙ මම වගෙ උගෙ හීං තැනිං අල්ලල මිරිකල බය කරල ලියවගන්ට එවුං...හෙහ්,හෙහ්,

      Delete
  12. මේ සිද්ධියේ වැදගත් අතුරු ප්‍රතිපලයක් නම් රණවිරු බයි ආතල් තව සැරයක් සුන්වීමයි.

    ReplyDelete
    Replies
    1. ඕස්ට්‍රේලියන් පොයි ආතල් වලටත් වැඩි ආයුසක් නෑ. ළඟදීම කඩා වැටෙනවා.

      Delete
    2. රසික,

      මේ රණවිරු විකාරෙ දැං හොඳටම ඇති....:)

      Delete
    3. මේකිට ගිහිල්ල තෙන් ආතල්!

      Delete
  13. මෙය හිතා මතා පරණ කොන්තරයක් නිසා කළ පහර දීමක්දැයි රවීන්ද්‍ර විඡේගුණරත්න ගේ පහත ප්‍රකාශය අනුව සැක සිතේ!

    "මම මාධ්‍යවේදියකුට පහරදුන්නා නම් ඔහු රෝහල් ගතව ඉන්න ඕනෑ. එයා මාධ්‍යවේදියෙක්‌ නම් කියන්න ඕන මම අහවල් ආයතනයේ මාධ්‍යවේදියෙක්‌ කියලා. එයා මාධ්‍ය ආයතන කිහිපයක ඉන්නවයි කියලා කිව්වා. මෙයා කවුද කියලත් කා සමඟද හිටියේ කියලාත් මා කාලයක සිට දැනගෙන හිටියා."
    http://www.divaina.com/2016/12/12/news02.html

    ReplyDelete
    Replies
    1. Rasika,

      හහ්..ඒ කියන්නෙ මේක සිතා මතා තෝරා බේරා කල පහර දීමක්...කිව්වත් වගෙ නේවි ලොක්කා වෙඩි කාපු ඌර වගෙ ඈත ඉඳල දුවගෙන එන්නෙම මේ වාර්තා කාරය ඉලක්ක කරගෙනම තමයි. වීඩියෝ එක බලනකොට ඒක ඉතාම පැහැදිලියි.

      මොකක්ද දන්නෙ නෑ දෙන්නගෙ පරණ කෝන්තරේ? හැබැයි වාර්තා කාරය නම් කියන්නෙ නේවි කමාන්ඩර් කියල දැනගත්තෙත් පස්සෙ කියල.

      Delete
  14. විචාරක/ කල්‍යාණ,

    අර ෂෝයි කොලපාට සපත්තු දෙකත් නේවි එකේ 'වැඩ ඇඳුමේ' කෑල්ලක් වෙන්ට ඇති මයේ හිතේ. අනේ මගේ කට.
    උඹල හිටියේ ගැලවීමේ හමුදාවේද? ඔච්චරටම කඩේ යන්ට එපාල බන්.

    නොදන්නවනං කියන්නේ, මොන්ටිසෝරියේ තෑගි බෙදාදෙන්ට ජනාධිපති එන්නේ නැහැනේ බන්.

    ReplyDelete
  15. අපි සමහරක් කැමෙත්තෙන්ම ආපස්සට යන්න දඟලන අය බව මේ හිරිකිත වැඩේට යුනිෆෝම් අන්දන හැටියෙන් පේනවා. හෙලිවැල්ලෙන් කරන්න ඕන වැඩ සී රිග් එකෙන් කරත් එකයි, සෙරමෝනියල් කිට් එකෙන් කරත් එකයි.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...