Saturday, February 4, 2017

479. A Traveler Under A Wintry Moon………….

සඳ පහනින් බබලන ශිශිර රාත්‍රියක් - Google Images


පමාවී සැපත්වූ ශිශිරය,
කටු අනී කෙස් අතරින් මහිසට,
හිස් වැස්ම ද අමතක වූ සඳ,
කුමක් කරමිද විඳිනු මිස මේ කටුක සීතල,

මහත් සඳ ඇත සීතලේ වෙව්ලමින,
හිම පියලි පැළඳි තුරු වෙත කොඳුරමින,
පත් ගිලිහි නුඹ දෑත් දිගහැර,
වැළඳගනු මා ළයට තදකර,

විල්තෙර කරා දිවෙන මාවත,
අසබඩ පතිත හිමපත් පයට යටවෙන,
සිහින්හඬ පවා සවණට ඇසෙන,
මහත්වූ හුදකලාවකි දසතම,

දෑසමත පතිත හිම පියලි පිසදමමින,
මෑත කොඳුරන මඳනලද මැඩගෙන,
දෑත ළයමත තරව බැඳගෙන,
තිරසරව පියවර තබන්නෙමි,
ඈත නිම්තෙර දිළෙන තරු එළිය වෙත,

28 comments:

  1. බලාගෙන තරු ඈතට සුන්දරව පෙනුනට ලඟට යන්න සීමාවක් තියාගන්න තිරසරව....

    ReplyDelete
    Replies
    1. අඳුරෙන් ආලෝකයට,

      හොඳ අවවාදයක්...:)........ස්තූතියි

      Delete
  2. තුරුපත් නිදියන - හිරිගඩු නැටවෙන
    පෙම් හිත් නැහැවෙන - සිසිල කොහෙද වෙන

    සියොතුන් නලියන - රහසක් මුමුණන
    නිසසල රජයන - සුළඟත් නැවතුන

    සඳ මල හිනැහෙන - ගුවනේ වැජඹෙන
    මීදුම පරදන - හැඟුමන් පුබුදින

    උණුහුම සිහිවෙන - සතුට දෝරෙ යන
    ආලය වෑහෙන - සොඳුරුයි අද දින......

    රවීගේ කවිය මරු. කතා වගේම මේ වගේ කවියක් දාන එකත් හොඳයි. ඔය කවිකාරකම නැතිකර ගන්න එපා රවියෝ...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී,

      හෙහ්,හෙහ්...අපේ කවිකාර සුමිතුරු තෙම.....

      ස්තූතියි දුමී...:)

      Delete
  3. එහෙව් සීතලක
    බෝතලය ලං කොට
    වඩියක් වත්කරගනු මිස
    වෙන කුමක් කරමුද

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      කවිය ලියන අතරෙ එහෙම තමයි කලේ...:)

      Delete
  4. මේකට කියන්නේ ප්‍රතිභාව කියලා... මං දන්නා තරමින්

    ReplyDelete
    Replies
    1. බුද්ධිකා,

      ස්තූතියි මැඩම්....:)

      Delete
    2. මාත් මේ වචනේ හෙව්වා විතරයි.
      මේකට කියන්නේ ප්‍රතිභාව කියලා... මං දන්නා තරමින් x 2

      Delete
  5. හුදකලාව තමයි කවි සිතුවිලිවලට පොහොර දාන්නේ

    ReplyDelete
    Replies
    1. මල්,

      සම්පූර්ණ ඇත්ත...සම්පූර්ණ ඇත්ත...:)

      Delete
  6. මම හිතුවේ මම මෙහෙ ඇවිත් තියෙනවා කියලා බලන් යනකොට නෑ.පස්සෙන් එන තැන් හොයා ගනන්ත් සෑහෙන වෙලාවක් ගියා.සිතුවිල්ල හරිම රහයි මම කැමතිම විදියෙ එකක්.ඔන්න දිගටම එන්න බ්ලොග් රෝලටත් දාගන්නයි හදන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතී............:)

      Delete
  7. හෆොයි ඔය සීතල නිසා මේ වෙලාවෙත් මාව ගැහෙනවා... කට කට කටකටකටකටකටකට.... ඒ මාව ගැහෙන සද්දෙ.....
    අයියගෙ කවිය අගෙයි...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      මමත් මේ කවිය ලිව්වෙ ගැහි ගැහි තමයි....:)

      අපිට මේ පාර ශීත සෘතුව පරක්කුයි. එහෙම තිබිල හිටපු ගමං මෙන්න දවස් දෙකකට වගෙ උඩදි මහ සීතලක් ආව.ඊයෙ හවස මම ගියා යාලුවෙකුගෙ ගෙදර.රෑ වෙනකල් එහෙ කතාකරකර ඉඳල ඔය පොඩි දුරනෙ කියල පයින්ම එන්ට ආව.ආව තමයි. මම කැප් එකක්වත් දාගෙන ගියේ නෑ. ඔලුවට කටු අනිනව වගෙ හීතල හුළඟ.

      අනික මම ටී ෂර්ට් එකක් විතරයි ඇඳගෙන හිටියෙ. සපත්තුත් නෑ. සෙරෙප්පු දෙකක් විතරයි කකුලෙ. පුන්සඳක්නම් තිබ්බෙ නෑ. පුර අටවක හඳත් නිකං හීතලේ ගැහි ගැහි ඉන්නව වගෙ මම දැක්කෙ.

      අත්දෙකත් පොරවගෙන දුවගෙන වගෙ ආව එපාට්මන්ට් එකට.ඒ එද්දි මට හිතුන දෙයියෝ සාලේ, සෙන්ටිග්‍රේඩ් 10 වගෙ වෙල මෙහෙම සීතල නම් මයිනස් යන රටවල්වල පයින් යන්ට උනොත් කොහොමද කියල.

      එහෙම හිතල කාමරේට ආපු ගමං ඉඳගත්ත කම්පියුටරේ ඉස්සරහ..එහෙම තමයි ඔන්න වැඩේ සිද්ද වුනේ...

      බොහොම ස්තූතියි නිර්මානි...:)

      Delete
    2. ඒකනේ.... එහෙම වෙලාවට ගල් ගෙඩි පතබානවා වගේ ඇති නේද:D]

      Delete
  8. මේක මරු! මම එක පාරට දැක්කේ translation එකක් වගේ. මීට වඩා regularly කවිත් ලිව්වා නම් තමා හොඳ!

    ReplyDelete
    Replies
    1. මලී,

      ස්තූතියි මලී...:)

      ලියන්න ඕන ලියන්න ඕන කවිත් ලියන්න ඕන...හෙහ්,හෙහ්,

      Delete
  9. Nidahas adyapanaya wenuwen..

    Meka balanna..
    http://4s7sw.blogspot.com/2017/02/blog-post.html?m=1

    ReplyDelete
  10. "...කටු අනී කෙස් අතරින් මහිසට..."

    Third person experience written in first person or first person experience taken place in good ol' hairy days?

    Just kidding. Awesome poem.

    ReplyDelete
    Replies
    1. Dude,

      This is not about me dear Henry dear Henry this is not about me dear Henry dear Henry this is not.....

      Thanks Mate....:)

      Delete
    2. කළ්‍යාණ,

      අඩේ උඹ සේෆ්ටි මැනේජර් නෙවද? කට කහනව කට කහනව කිය කිය ඉන්නෙ වහාම හොයල බලාපං එහෙම වෙන්න හේතු මොනවද කියල.

      ආය දෙකක් නෑ උඹලගෙ කොම්පැණිය අර අඩුගානට තියන බාල කෙමිකල්ස් පාවිච්චි කරනව ඇති සයිට් එකේ.පව් වැඩ කරන අහිංසක මිනිස්සු....යකෝ ඔව්වට ඉඩ දීල අහක බලා ඉන්ට එපා. සංසාරෙ පුරාවත් ඒ පව් ගෙවල ඉවර කරන්ට බෑ...

      Delete
  11. සඳ සිසිර සිසිල අරං
    තරු අරා වැඩි සඳ.....

    හරිම සීතල කවියක්!

    ReplyDelete
    Replies
    1. Kalayana,

      They are called "Cold Poems"...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...