Friday, February 10, 2017

482. The Story Of My Marriage - 33 - The First Formal Meeting With My Future In Laws


දර්ශීය දමිළ රාත්‍රී භෝජනයක් - Google Images

කවුරුන් හෝ සාලයට දෙසට පැමිණෙන පියවර හඬ ඇසෙන්නට විය.

"මේ ශෝභා නැන්ද ඉස්සරහ ටිකක් පරිස්සමින් කතා කරන්න. මම කියන්නද? ඔයා පුලුවන් තරම් අඩුවෙන්ම කතා කරන්නකො. එයා කියන එව්වට හූමිටි තිබ්බම හොඳටම ඇති.." අනන්‍යා ඉදිරියට නැවී පහත් හඬින් පැවසුවාය.

"ඒ මොකද ඒ? හරි වැඩක්නෙ ඒක...." මම මගේ නොරිස්සුම සඟවාගන්නට කිසිදු උත්සාහයක් නොදැරීමි.

අනන්‍යා ඊට පිළිතුරු වශයෙන් කුමක් හෝ පැවසීමට තැත්කලද ඒ හා සමඟම ඇගේ මෑණියන් සංගීත ගුරුවරයාද කැටුව සාලයට පිවිසි හෙයින් දෝ කිසිවක් නොදොඩා හිඳ හුන් සෝපාවෙන් නැඟී සිටියාය. අනන්‍යාගේ මෑණියන් ගුරුවරයා පසුපස ඉතා සෙමෙන් ප්‍රධාන දොරටුව දෙසට ගමන් ගත්තේ දැඩි බලාපොරොත්තු කඩවූ සවභාවයක් මුහුණින් දක්වමිනි.

ගුරුවරයා ප්‍රධාන දොරටුව අසල මොහොතක් නතරව ආපසු හැරුණේය. "හරියකට පුහුණු වෙලාම නෑ නේද?" ඔහුගේ ස්වරයෙහි වූයේ අප්‍රසාදය හැඟවීමකි.

අනන්‍යාගේ මෑණියන් පහත් හඬින් යමක් පැවසුවාය. හිස දෙතුන් වරක් දෙපසට සෙලවූ ගුරුවරයා නික්ම ගියේය.

"අම්මා...මොකද වුනේ?" අනන්‍යා වහා තම මෑණියන් වෙත යමින් විමසුවාය. 

"මොකුත් නෑ..මොකුත් නෑ..කෝ තාත්තයි නැන්දයි? අපි කමු…. අපි කමු...දැන් රෑවෙලා…"

ඒ සමඟම අනන්‍යාගේ පියා සහ නැන්දා සාලයට ඇතුළුවූයේ දෑත් පුරා ආහාර පිරවූ බඳුන් ඔසවාගෙනය.මම වහා නැඟී සිටියෙමි. "හෙලෝ ආන්ටි..මමත් උදව් කරන්නද? "

"උදව් අවශ්‍ය නෑ. කරුණාකරල ගිහිල්ල අත් දෙක සෝද ගන්න………." ස්වාමිනාදන් මහතා මුළුතැන්ගෙය පිහිටි දිශාව සුරතින් දක්වමින් නියෝග කලේය.

රාත්‍රී ආහාරය උදෙසා අප සියළු දෙන සාලයේ එක් පසෙක එලූ කළාලයක් වටා හිඳ ගත්තෙමු.

අනන්‍යාගේ පියා කෙසෙල් කොළයක් මදෙසට දිගු කලේය. එය වහා සුරතට ගනිමින් මම කල්පනා කලේ මේ කෙසෙල් කොළය කුමක් සඳහාද යන්නයි. "මල ජංජාලයයි දැං මොකද කරන්නෙ? මේ කෙහෙල් කොළේ දුන්නෙ මොකටද මන්දා..අත පිහිද ගන්ටද එහෙමත් නැත්නම් මම මේක කන්ට ඕනද? කියන්ටත් බෑනෙ නිකම් මේ කෑමට පෙර පොඩි කටගැස්මක් වගෙ මේ ගොල්ල කෙහෙල් කොල කනවද දන්නෙ කවුද?"

මම පත්ව සිටිනා අසීරු අවස්ථාව වහා අවබෝධ කොටගත් අනන්‍යා මවිසින් කෙසෙල් කොළය අනුභව කිරීමට පෙර මගේ පිහිටට ඉදිරිපත් වූවාය. "මේ ඕක කන්ට එහෙම නෙවෙයි තියෙන්නෙ හොඳද? ඔය තමයි පිඟාන. ඕක ඉස්සරහ එළා ගන්ට. ඒ කරල මම කරන විදිහට කරන්ට හොඳද?" අනන්‍යා මදෙසට නැවී පහත් හඬින්  කෙඳුරුවාය. 

"හ්ම්ම්ම්..මම දන්නව...ඔයා හිතුවද මම එච්චර එකක්වත් දන්නෙ නෑ කියල?" මම ද එලෙසම පහත් හඬින් කෙඳිරීමි. 

"ඔව්..ඔව්...දන්නව නේන්නං...මම දැක්කනෙ කෙහෙල් කොළේ හරව හරව බැලුව හැටි...හිහ්...හිහ්... "

"මේ ඔයා මට හිනාවෙනවද? "

"කවුද දැන් හිනාවුනෙ? හරි හරි ඒකෙන් කමක් නෑ..මම කරන විදිහට කරන්ටකො..එතකොට කිසිම අවුලක් වෙන එකක් නෑ..තේරුණා නේද? "

"යස් මැඩම් ඔෆ් කෝස්…"

"රාධා!!!!!……….." සාලය පුරා විසිර ගිය ශෝභා නැන්දාගේ නිර්දය ස්වරය අනන්‍යාගේ සහ මගේ අන්‍යෝන්‍ය කෙඳිරීම් වලට විරාමය තැබුවේය. 

කළාලය මත වූ ආහාර බඳුන් පිළිවෙලකට සකස් කරමින් හුන් අනන්‍යාගේ මව වහා හිස ඔසවා තම නෑනන්ඩිය වෙත නෙත් යොමු කළාය. තමා ඉදිරියේ වූ කෙසෙල් කොළය ඉහළට එසවූ ශෝභා නැන්දා එහි කෙළවරක වූ දුඹුරු පැහැ තිතක් වැන්නක් සුරතෙහි දබරැඟිල්ල දිගුකොට දැක්වූවාය.

"සොරි සොරි........" එසේ පවසමින් අනන්‍යාගේ මව වහා නැඟීසිට මුළුතැන්ගෙයින් වෙනත් කෙසෙල් කොළයක් රැගෙන ආවාය. ෂිප්‍රා ලොකු අම්මා හැකි සෑම අවස්ථාවකම මගේ මවගේ වැරදි උළුප්පා දැක්වීමට කටයුතු කරන අන්දම මගේ මතකයට නැඟුනේ නිරායාසයෙනි. දිල්ලිය වේවා චෙන්නයි වේවා ..කිසිදු වෙනසක් නැත. ඔබගේ වැරදි සෙවීම තම ජීවිතයේ ඒකායන ප්‍රාර්ථනය කොටගත් ඥාතීහු විශේෂයෙන් කාන්තා පක්ෂයේ ඥාතීහු සෑම තන්හි සිටින්නෝය.

අනන්‍යා තමන් ඉදිරියේ වූ කෙසෙල් කොළයට බත්,සම්බාර්, අපූර්ව පෙනුමකින් යුත් වෑංජන දෙකක් සහ දුඹුරු වර්ණ කුඩු වර්ග දෙකක් බෙදා ගත්තාය. මම ද ප්‍රවේශමෙන් එදෙස බලා හිඳිමින් පියවරෙන් පියවර ඇය අනුගමනය කළෙමි.

"මොනවද අනේ මේ කුඩු ජාතිය?" මම ඇය දෙසට පහත්ව විමසීමි. 

"ඔව්වට කියන්නෙ වෙඩි බෙහෙත්. කාල බලන්නකො..නියමයි" ඇය මදෙස නොබලාම පැවසුවාය. මම කුඩු ස්වල්පයක් රස බැලීමි. එහි රසය මට දැනුනේ ලී කුඩු සහ මිරිස් කුඩු මිශ්‍රණයක්සේය.

"කොහොමද? මාර රසයි නේ?" අනන්‍යා ඇසුවාය. 

"ආය මොනවද? පුදුම රහක්නෙ…"

සෙමෙන් හිස ඔසවා මා ඉදිරියේ හිඳ සිටින අනෙකුත් පුද්ගලයින් ආහාර ගන්නා අන්දම විපරම් කල මට දැකගත හැකිවූයේ ඔවුන් පළමුව ඔවුන් පළමුව වෑංජන වලින් කුඩා ගුලි වැන්නක් සාදා කෙසෙල් කොළය මත පිළිවෙලට තබන අන්දමයි. ඉක්බිති ඔවුහු ඒ සියල්ල තලපයක් වනසේ හොඳින් මිශ්‍ර කොට අනුභව කළෝය. මමද මගේ අනාගත ඥාතීන් අනුගමනය කිරීමට උත්සාහ කළෙමි.එහෙත් වෑංජන ගුලි තලපයක් වනසේ තදින් මිශ්‍ර කිරීම මට මහත් අපුල දන වන්නක් විය. 

"මේ …..ඔහොම හරියන්නෙ නෑ. තව හොඳට අනන්න ඕක" අනන්‍යා පසෙකින් හිඳ මට උපදෙස් දුන්නාය.

"හරි හරි මේ අනනව තමයි…."

"මේ ළමයත් අනන්‍යාගෙම පන්තියෙද?" ශෝභා නැන්දා මුල් වරට මා අමතා කතා කලාය. 

"ඔව්...අයි.අයි.එම්. එකේ අපි දෙන්න එක පංතියෙ හිටියෙ.."

(සටහන 1 - මෙහි අයි.අයි.එම්.යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ කළමණාකරණ ක්ෂේත්‍රයේ පශ්චාත් උපාධි ප්‍රදානය කරන ප්‍රධානතම අධ්‍යාපන ආයතනය වන ඉන්දීය කළමණාකරන ආයතනයයි. (Indian Institute Of Management) එහි අහ්මදාබාද්හි පිහිටි විද්‍යායතනයෙහි ක්‍රිෂ් සහ අනන්‍යා අධ්‍යාපනය ලැබූහ. ඔවුන් හමුවනුයේද එහිදීය.)

"ඔය ළමය අයි.අයි.ටී. එකෙත් ඉගෙන ගත්තද?"

"ඔව්……….." මම මද සිනහවක් පා හිස සැලීමි. අනන්‍යගේ පවුලේ ඥාතීන් අතර මට යම් පිළිගැනීමක් ලැබෙන එකම කරුණ මගේ අයි.අයි.ටී. අධ්‍යාපනය පමණක්ම බව අනන්‍යා කලකට ඉහත මට පවසා තිබිණි.

"ක්‍රිෂ්, ඔයා ඔය අයි.අයි.ටී. එකේ ඉගෙන ගෙන තියන එක ඔයාට ලොකු වාසියක්. අපේ පවුලෙ කට්ටිය, ඇත්තම කිව්වොත් අපේ පවුලෙ විතරක් නෙවෙයි චෙන්නයිවල ඕන කෙනෙක් අයි.අයි.ටී. එකේ ඉගෙන ගත්ත කෙනෙකුට හොඳට ගරු කරනව. සළකනව.දෙයියන්ගෙ ලෙවල් එකෙන් පොඩ්ඩක් විතර පහළින් තියෙන ඊලඟ ලෙවල් එක..හිහ්..හිහ්..." වසර දෙකකට පමණ පෙර අහ්මදාබාද් අයි.අයි.එම්. ආයතනයෙහි මගෙ කුටියේ සයන මත වැතිර අලස සුවය විඳිමින් සිටිනා සවසක ඇය එසේ මට පැවසූයේ මගේ හිසකෙස් අතරින් ඇඟිලි යවා හිස පිරිමදිමිනි. ඇගේ දිගු අතැඟිලි මගේ හිස කෙස් අතරින් ගොස් මහිස පිරිමදිනු ලැබීමේ ආශ්වාදය විඳීමට මම බොහෝ සේ ප්‍රිය කළෙමි. ඒ සොඳුරු අතීතාස්මරණයෙහි නිමග්න වෙමින් මම ආහාර ගැනීම  නතර කොට මා පසෙකින් හිඳ සිටිනා අනන්‍යා දෙස බලා සිටින්නට වීමි.

(සටහන 2 - අයි.අයි.ටී. යනු ඉන්දීය තාක්ෂණ ආයතනය යන්නයි (Indian Institute Of Technology) ඇතුලත්වීමට පවා ඉතා අසීරු මෙම තාක්ෂණ ආයතනයක ඉගෙනුම ලැබුවෙකුට ඉන්දීය සමාජය තුල ඉහළ තැනක් මෙන්ම මහත් ගෞරවයක්ද නිතැනින්ම ලැබේ)

"සුෂිලාගෙ අර කසින් කෙනෙක් ගැන මම කිව්වෙ...හරිෂ් ඒ ළමයගෙ නම...දැන් ඉන්නෙ සැන් ෆ්‍රැන්සිස්කෝවල...එයත් අයි.අයි.ටී. එකේ ඉගෙන ගත්තෙ" ශෝභා නැන්දාගේ හඬින් මම යලි පියවි ලොවට පිවිසියෙමි. 

"හරිෂ්? මට එහෙම නමක් මතක නෑනෙ..කොයි බැච් එකේද?"

"හරිෂ් ඉගෙන ගත්තෙ මෙහෙ. අයි.අයි.ටී. චෙන්නයි" තමාගේ කථාවට බාධා කිරීම පිළිබඳව මදක් අමනාපයෙන් යුතුව ශෝභා නැන්දා පැවසුවාය.

මම නිශ්ශබ්දව මා ඉදිරියේ ඇති වෑංජන හඳුනා ගැනීමට තැත් කළෙමි. මට නිසැකව හඳුනාගත හැකි වූයේ බෝංචි සහ ගෝවා පමණකි. "හලෝ..හලෝ..හඳුනා ගන්නට ලැබීම අප්‍රමාණ සතුටක්" මම බෝංචි සහ ගෝවා වෑංජන දෙකට පහත් හඬින් පැවසීමි. 

"හරිෂ්ගෙ දෙමව්පියෝ මේ දවස්වල එයාට මනමාලියක් හොයනව. රාධා……... ඔයා ගාව තියනවද අනන්‍යාගෙ නක්ෂත්‍රම් කොළේ? මට පුලුවන් ඒක හරිෂ්ගෙ අම්මට දීල බලවන්ට"

"අක්කෙ මේ…" අනන්‍යාගේ මෑණියෝ හිස පහතට හරවාගත්වනම තැතනුවාය.."දුවගෙ නක්ෂත්‍රම් එක තාම හදල නෑ. "

"මොකක්ද මල්ලි මේකෙ තේරුම?" ශෝභා නැන්දා අනන්‍යාගේ පියා දෙසට හැරී කෑගැසුවාය. "ඔයාගෙ මේ බිරින්දෑට තමන්ට ගැලපෙන හොඳ බෑණා කෙනෙක් හොයාගන්ට කිසිම උවමනාවක් තියෙන බවක් මටනම් පේන්නෙ නෑ."

මොවුන් අනන්‍යා වෙනත් තරුණයකු හට විවාහ කොටදීම පිළිබඳව මා ඉදිරියේම කිසිදු චකිතයකින් තොරව සාකච්ඡා කිරීම මට අදහාගත නොහැකිවිය.

"මේ මට ඔය බත් දීසිය මෙහාට දෙනවද?" මම එසේ හඬනඟා ඉල්ලා සිටියේ මට කිසිසේත්ම  බත් අවශ්‍ය නිසා නොව සාකච්ඡාව වෙනත් දිශාවකට හැරවීමේ පරමාර්ථයෙනි. 

"රාධා …...අක්ක කියන දේ ඔයා හොඳට හිතට ගන්න. තේරුණාද? අක්ක මෙව්ව ගැන හොඳට දන්නව" අනන්‍යාගේ පියා මාදෙස නොබලාම බත් දීසිය මවෙත දෙමින් තම බිරිඳ අමතා පැවසීය. තම සොයුරියන්ගේ අදහස් හිස් මුදුනින් අනුමත කොට තම භාර්යාවන්ට ප්‍රසිද්ධියේ දොස් පැවරීම බොහෝ ඉන්දියානු පුරුෂයින් අතර ඉතා ප්‍රචලිත පුරුද්දකි.

ශෝභා නැන්දා එවර කථාව ආරම්භ කලේ දමිළ භාෂාවෙනි. අනන්‍යාගේ මව සහ පියාද ඊට එකතුවූයේ දමිළයෙන්ම පිළිතුරු දෙමිනි. ප්‍රාදේශීය භාෂාවකින් හඬ ගැන්වූ චිත්‍රපටයක් මා ඉදිරියේ ප්‍රදර්ශනය වන අතර මා ඒ දෙස බලා සිටියේ   වේගයෙන් දිවෙන දුම් රියක් දෙස ගවයකු බලාසිටිනවාක් මෙනි. මිනිත්තු පහකට පමණ පසු තව දුරටත් ඉවසිය නොහැකිවූ මම කථා කළෙමි.

"මේ පොඩ්ඩක් සමාවෙනවද? "

"ඔව්..මොකද?" අනන්‍යාගේ පියා විමසීය.

"කරුණාකරල ඉංග්‍රීසියෙන් කථා කරනවද? මට ඔය ගොල්ලො කියන කිසිම දෙයක් තේරෙන්නෙ නෑ" අනන්‍යා වහා මදෙස හිස හරවා බැලුවාය. විශ්මයෙන් ඇගේ දෑස විසල්ව තිබිණි. "ක්‍රිෂ් ඔය ඇති. ප්ලීස් ඔයිට වඩා මොකවත්ම කියන්න එපා" ඇගේ දෑසෙහි වූයේ ඒ ආයාචනයයි.

"එහෙනං කරන්න තියෙන්නෙ ඔය ළමය දෙමළ ඉගෙන ගන්න…………" අනන්‍යාගේ පියා ගහෙන් ගෙඩියක් එන්නාසේ කියා දැම්මේය.

"ඔව්..සර්...මම එහෙමවත් කරන්නම්.." මම හිස පහතට හරවාගෙන පැවසීමි.

"ඒ කොහොම වෙතත් අපි කතා කලේ අපේ පවුලෙ පෞද්ගලික දෙයක් ගැන. එව්ව ඔය ළමයට කොහොමත් අදාල වෙන්නෙ නෑ" අනන්‍යාගේ පියා තව දුරටත් පැහැදිලි කලේය. මම හිස සොළවා ඒ පිළිගත් බව හැඟවීමි.

ඉක්බිති රාත්‍රී ආහාරය අවසාන වනතෙක් ශෝභා නැන්දා නොයෙක් පිරිමි නම් සහ ඔවුන් සේවය කරන විදේශීය සමාගම්වල නම් ලැයිස්තුවක් සභාවට ඉදිරිපත් කළාය. මා ඉදිරියේවූ කෙසෙල් කොළය මතවූ වෑංජන සියල්ල හොඳින් අනා ඇගේ මුහුණට දමා ගැසීමට මසිත පැනනැඟි බලවත් ආශාව මම මැඩ පවත්වා ගත්තේ දැඩි අසීරුවෙනි.

රාත්‍රී ආහාරය අවසන්වූ මහාම මම ඔවුන්ගෙන් සමුගෙන පිටත් වූයෙමි. මගේ නවාතැනට යාමට ත්‍රිරෝද රියක් කථාකර ගැනීමට සහයවන මුවාවෙන් අනන්‍යාද මා සමඟ නිවසින් පිටතට පැමිණියාය.

ගෙවත්තෙන් පිටව මාර්ගයට අවතීර්ණවූ සැණින් ඇය මගේ සුරත දැඩිව ග්‍රහණය කොට ගත්තාය. 

"මගෙ අත අතාරින්න. ඔයත් එක්ක කතා කරන්නවත් මගෙ හිත දෙන්නෙ නෑ..." මම මගේ සුරත මුදාගත්තේ නොරිස්සුම් සහගතව එසේ පවසමිනි.

"අර මොකද ඒ?" අනන්‍යාගේ ස්වරයෙහි වූයේ විශ්මයකි. පොල් ගස් රාශියකින් යුත් උද්‍යානයක පිහිටි පැරණි බංගලාවක් වන් විශාල ගෘහයක් පසු කරමින් අප ගමන් කලෙමු.

"ඒ මොකද කියල අහන්නෙ? ඇහුනෙ නැද්ද? ඔයාගෙ අම්මයි තාත්තයි නැන්දයි තුන්දෙනාම එක්තු වෙලා හදන්නෙ ඔයාව වෙන කාටහරි ඒ ගොල්ල කැමති කෙනෙකුට බන්දල දෙන්න. මොකක්ද අර නක්ෂත්‍රම් කියන්නෙ?

"ආ...ඒක මේ පොරොන්දම් සටහනක්"

"පොරොන්දම් කියන්නෙ? "

"මේ ක්‍රිෂ්…... ඔයාට ඔය ඔක්කොම තේරුම් කරල දෙන්න මට මේ වෙලාවෙ බෑ. අනික ඔයා එව්ව දැනගන්න ඕනත් නෑ. ඔයාට අදාලත් නෑ. ඔයාට අදාල වෙන්නෙ ඇත්තම කිව්වොත් මෙන්න මෙච්චරයි. ඒ ගොල්ල ඔය කොච්චර මනමාලයො හෙව්වත් එව්ව නිකං හීන විතරයි. මම කවදක හරි කසාද බඳින්නෙ ඔයාව. ඒක ස්ථිරයි. "

එසේ පවසා ඇය සුන්දර ලෙස සිනාසුනාය. ඉක්බිති මගේ සුරත ගෙන මුවට ලංකොට සිපගත්තාය. ත්‍රිරෝද රියක් අප වෙත ලඟාවෙමින් පැවතිණි. වහා අනන්‍යාගෙන් සුරත මුදාගත් මම ත්‍රිරෝද රිය නවත්වන ලෙස සංඥා කළෙමි.

"මේ ඔයා කලින්ම ගාණ කතා කරන්න. නැත්තං මට ආයෙත් ඒ මිනිහ එක්ක ගහ ගන්න වෙයි" මම පැවසූයෙමි.

"ආයෙත් කියන්නෙ? ඔයා කලිනුත් ත්‍රී වීල් කාරයෙක් එක්ක ගහ ගත්තද?"

"එහෙනං…...ඒත් මේ ඇත්තම කියනවනං ගහගත්තෙමත් නෑ. ඒත් තව පොඩ්ඩෙන් ගහගන්ට වෙනව. ඒක වුනේ ඊයෙ රෑ එයාපෝට් එකේ ඉඳල චමරියට එද්දි. හෙහ්,හෙහ්, කොහෙද මට ඉතිං ඒ විස්තර ඔයාට කියන්ටවත් වෙලාවක් තිබ්බය" මම නොනවත්වා කියාගෙන ගියෙමි. 

තමන් විවාහ වන්නේ මා සමඟ පමණක් බව අනන්‍යා දැඩි ලෙස තිරකොට පැවසූ පසු මගේ සිත මහත් ආනන්දයකින් පිරී තිබිණි.

***********************************

"2 States"  චිත්‍රපටයෙන් උපුටාගත් ගීතයක් පහත දැක්වේ. අර්ජුන් කපූර් සහ අලියා භාට් එහි ක්‍රිෂ් සහ අනන්‍යා ලෙස රඟන්නෝය.


65 comments:

  1. //////"මොනවද අනේ මේ කුඩු ජාතිය?///////

    ඇත්තටම මොනවද බං ඒ...

    ReplyDelete
    Replies
    1. අරූ,

      අනේ මන්ද බං...මටත් හිතාගන්න බෑ..භඝට් මෙහෙමයි ලියල තියෙන්නෙ...

      I followed Ananya as she loaded her plate with rice,sambhar, funny looking vegetables and two kinds of brown powders.

      "What's this?" I asked.

      "Gun powder, try it" she said.

      I tasted it. It felt like saw dust mixed with chilies.

      "Yummy no?"

      I nodded at Ananya.

      Delete
    2. මම හිතන්නේ මචං ඔය පලාතේ තියෙනවා චට්නි පුඩි හෝ පූඩි චට්නි කියලා ජාතියක්. එක එක රසයට හදාගන්න පුලුවන් මගේ හිතේ. ඒක ඩ්‍රයි පව්ඩර් එකක් තමයි. ගෙවල්වල හදනවා මගේ හිතේ. මම ඔමාන්වලදි දැකලා තියෙනවා මගේ හිතේ. අපේ උන්දැ නම් දන්නවා ඇති. හැලපයා දන්නවා ඇති.

      Delete
    3. අරූ,

      අම්මට වූඩු ඇත්තනෙ බං..චට්නි පුඩි තමයි මම හිතන්නෙ ඒ..

      මේ තියෙන්නෙ හදන විදිහත්...හෙහ්,හෙහ්,

      Delete
    4. මටත් හිතුනා බං හදන්න. අපිටත් බත් එක්ක කන්න හොඳයි වගේ. තෑන්ක්ස්.

      Delete
    5. අරුන අයියේ බොලා ඒ ප්‍රස්නෙ අහපු හැටි හරි වැරදී හරිය..."ඇත්තටම මොනවද බං ඒ.." බොලා මෙහෙම අහනකොට මට උත්තර දෙන්න හිතෙන්නෙ ඊයං කොලේ උඩ නයා වගේ දුවන ජාතියක් කියල හිටං...

      Delete
    6. යකෝ එක්ස්පෝ.....මම නාග ලෝකේක හිටියා. නාගයාගෙ වර්ධනය සහ මර්ධනය ලඟදිම ලියනවා. ඒකට පොඩ්ඩක් දවස් යනවා. ඔහොම යන්න දීපන්. උඹ මාව කියවනවා නම්, තාම නයි පැටියා කාලේ ඉන්නේ :D

      Delete
    7. අඩෝ අරුන මට ඒක ඉව ව‍ටුන නිසා තමයි මෙහෙම කිවුවෙ...ඔවු මට තේරේ මිලන්කේ .. උඹ එන්න හදන පොට මට තේරේ...

      Delete
    8. http://food.ndtv.com/opinions/south-indias-spice-hero-how-to-make-the-famous-gunpowder-770020
      සම්බෝල වගේ මටනම් පේන්නේ .

      Delete
  2. ඉවසන් ඉන්න මෙතුවක් දේ හැකිවෙයිදෝ
    කොලයෙන් කෑම කෑවත් එය දැණුනාදෝ
    පැතුමන් ඇය ගැනම තවමත් තිබෙනවදෝ
    දුවපන් ඇයව ගෙන ඔය හිත කීවේ නැතිදෝ.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී,

      මූ එක්ක මේ රාජ්ජෙ කොරන්ට වෙන්නෙ නෑ අම්මප. මූ ඇවිල්ල කවි ගඟුලක් නෙව..

      පලි - ඔය රාජ්ජෙ කොරන්ට වෙන්නෙ නැති කතාව කියන්නෙ අපෙ අත්තම්ම...:)

      Delete
    2. ඔව් බං, මූ අහවල් වැඩේ කරනකොටත් කවි කවි කියද දන්නෑ කරන්නේ :D

      Delete
    3. "රාජ්ජෙ කොරන්ට වෙන්නෙ නෑ" අත්තම්මා ඔහොම කියන්න හේතු වුණ කතාවක් ඒ කාලෙ තිබ්බද ?

      Delete
    4. අරූ...
      හදලා දෙන්නද කවියක් අහවල් වැඩේ කරද්දි කියලා දාන්න. ...:)

      Delete
    5. අරූ,

      ඔව් බං මේකා එහෙම වෙන්නැති ෂුවර් ඇන්ඩ් ෂොට්...හැබැයි පුතෝ ඔය ඒ වැඩේ කොරද්දි කවි කියන එක නම් අමුවෙන් පිච්චිල මැරෙන්ට වෙන වැඩක්...

      දන්නවනෙ අර ජානකීහරණය ලියපු කුමාරදාස රජ්ජුරුවන්ට කාලිදාස කවියගෙ දරසෑයට පැනල දිවිනහගන්ට වුනේ ඔය අහවල් වැඩේ කරද්දි කවි කියලයි කියල....:)

      Delete
    6. පාරු කවි මොඩ්ල් එකේ එකක් ලියලා දීපං.... කවියයි, වැඩෙයි දෙකම එකට ඉවරවෙන සයිස් එකේ එකක්...

      Delete
    7. Aru,

      අන්තිම පදේ මචං මෙහෙම හොඳයි...

      "වැඩේ නම් දැං ඉවර වාගෙයි ඔන්න එහෙනම් මමත් බැස්සා"

      උඹ අහල තියනවද මචං අවුරුදු දහයකට වගෙ ඉස්සෙල්ල ලංකාවෙ ස්ටඩි එකක් කලා මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර හොයාගන්ට...

      "What would Sri Lankan males do immediately after sex?"

      මොකක්ද දන්නවද හොයාගත්තෙ?

      "90% of Sri Lankan males get up and go home immediately after sex"

      Delete
    8. දුමී,

      /"රාජ්ජෙ කොරන්ට වෙන්නෙ නෑ" අත්තම්මා ඔහොම කියන්න හේතු වුණ කතාවක් ඒ කාලෙ තිබ්බද?/

      එහෙම විශේෂ කතාවක් නෑ බං වැඩිපුරම මට තමයි ඔහොම කිව්වෙ...හෙහ්,හෙහ්.."මේ සුට්ටි පුතා එක්ක මම දන්නව මේ රාජ්ජෙ කරන්ට වෙන්නෙ නෑ..."

      Delete
    9. හිනා කාලා මැරෙනවා බං..ගෝ හෝම් ආෆ්ටර් සෙක්ස්..කතාවට. එල.

      "අනේ මගෙ සුදු තවත් පොඩ්ඩක් ඉන්න බැරිදෝ ගස්ස ගස්සා"

      කියලා යටින් කිව්වොත් ...ගෙදර යන්න වෙන්නෑ immediately after sex".

      Delete
    10. //හිනා කාලා මැරෙනවා බං..ගෝ හෝම් ආෆ්ටර් සෙක්ස්..කතාවට. එල.// x 2

      කවියට පේළි දෙකක්ම එකතුවුණා ඕං.

      Delete
    11. රවී අයියෙ.. උන්ටත් පිස්සුනේ බං.. ගිය වැඩේ කොරගන්නෙ නැතුව බිත්තිවල කවි ලිය ලිය ඉන්න.
      වන බඹරා මල නොතලා රොණටව නී
      මල දෙදරා පණ ගලවා ගිය සෙව නී
      ඕකට තමයි කියන්නෙ පුකේ අමාරුවට බෙහෙත් නෑ කියල

      Delete
    12. ඈ බං රවී අයියේ දැනුයි මට මීටර් උනේ.. කොලු සීන් එකත් සෙල්ලං නෑනෙ බං...

      වෙහෙර දසටක් පුරා කරවා දස අටක් මහ වැව් බැඳී
      වසර එකදා බිසව් අබිසෙස් මහා නුවම් තෙමගුල් යෙදී
      අජර කවියර පිනි ජනකීහරණ ඈ මහ කව් බැඳී
      කුමරදස් රද කාලිදස් නම් කිවිඳුහට සිය දිවි පිදී

      ඇකිලිස් ගේ ලවු කොල්ලට වෙච්ච දේ නිසානේ ට්‍රොයි පුරේටත් කෙල උනේ හිටං...බලං ගියහම කොලු සීන් සෑ හෙන්න බරපතයි නෙ බං....

      Delete
    13. X-Porter,

      /ඇකිලිස් ගේ ලවු කොල්ලට වෙච්ච දේ නිසානේ ට්‍රොයි පුරේටත් කෙල උනේ/

      මල්ලි අයි ඩොන්නෝ දැට් සීන්..පිලීස් ටෙල් මී...:)

      Delete
    14. අඩෝ රවී අයියා.. මම පොඩි ශොට් එකක් ගහන ගමං මේ කොමෙන්ට් කොරන්නෙ... තබ්ලා පිස්සෙක් වසයෙන් දැන් මම අහගෙන ඉන්න ෂකීර් හුසේන් ගෙ ක්ලිප් එකක් දාන්න්නං. රාධා ක්‍රිශ්නා ගේ පොඩි ලවු වලියක් තබ්ලා එකෙන් . මට පිස්සු හැදිල ආයිත් හැදිල ඉන්නේ දැං.. බොටත් එහෙම වෙයිද කියල බලහං අයියේ...

      Delete
    15. https://www.youtube.com/watch?v=saXFC_ovH8Q

      Delete
    16. රවි අයිය බොලා හෝමර් ගේ ඉලියඩ් කියවල තියෙනවනෙ. ට්‍රොජන් යුද්දෙ. අකිලීස්, ඇලෙක්සැන්ඩර් ද ග්‍රේට් කොට්ටෙ යට තියං හිහිටිය පොත. ඇකිලීස්ගෙ ලවු කොල්ල petroclus miss understanding එකක් නිසා මැරෙනව හෙක්ටර් ගෙ අතිං. මේක නිසා ඇගමෙම්නොන් එක්ක වලියක් දාගෙන ගෙදර යන්න හිටිය ඇකිලීස් .... අනේ බං මේක දිග කතාවක්. මම හීනියට අනුමත වෙවී ඉන්න නිසා විස්තර කියන්න ටිකක් අවුල්. බ්‍රැඩ් පිට් හිටිය මේ http://www.watchfree.to/watch-601-Troy-movie-online-free-putlocker.html film එක බලපං අයියෙ. බොලා මේක බලල ඇති "ට්‍රෝයි". ඒත් ඉලියඩ් පොත කියවපං. මේක ඒ ආශ්‍රයෙන් හදපු හොඳ එකක්. ඒත් සමහර details නෑ.

      Delete
    17. X-Porter,

      මමත් මේ පොඩි කර්මාන්තයක් කරන ගමන්..නිවාඩු දවසනේ..

      මේකත් අහපං නිවාඩු වෙලාවක.... පැයක් තියනව..පැයම අහගෙන ඉන්ට පුලුවන් ඇස් දෙක පියාගෙන...මම සතියකට සැරයක් කොහොමත් අහනව...

      Zakir Hussein & Rakesh Chaurasia - Tabla & Flute in Harmony

      Delete
    18. Birds of a feather flock together කිවුවලු. බලං ගියහම එකම නාඩිනේ... චෞරාසියා කියන්නෙ පට්ට ෆ්ලූටිස්ට් නෙ අයියා..

      Delete
    19. අයියා අහල තියෙනවද හරි ප්‍රසාද් චෞරාසියාව. රකේශ් කියන්නේ හරී ගේ බෑනා. හරීගේ මාල්කෞන්ස් රාගය තමයි මගෙ favorite : https://www.youtube.com/watch?v=rXV23BzLPeU

      Delete
    20. හයියෝ ඔයා මාව පිස්සු කරනව

      Delete
    21. මචං රවි අයියේ. මේ කොමෙන්ට් එක බොගේ පෝස්ට් එකට අදාල නෑ. මගේ කලිං කොමෙන්‍ටුත් අදාල නෑ කියල දන්නව. අපිට පිස්සුනේ. එකම නාඩි වලට ඔය ලබ්බවල් අදාල නෑ. මේකට අපේ අරුන ගොයියවයි උගෙ අපි ලඟදි දැනගත්ත මල්ලිවයි අතුලත්. ඒත් මේ මූවී එක බලහං අයියේ.. " ආනන්දය වේදීය රමනීයයි මට ක්ලාන්තයි" Fiddler on the roof : http://putlockers.ch/watch-fiddler-on-the-roof-online-free-putlocker.html

      Delete
    22. රුසියන් විප්ලවේ මුවවිට රුසියන් ගමක වෙච්චි පලහිලවුවක්

      Delete
    23. X-Porter,

      මෙන්න උඹේ ඔලුව නරක් කරන්ට තව එකක්..පණ්ඩිත් රවි ශංකර්ගෙ දුව අනූෂ්කා...මේකෙ 53.30 ඉඳල විශේෂයෙන් අහපං...ජෝග් රාගය

      Anoushka Shanker

      Delete
    24. යකෝ මේ පිස්සු යෝනියෝ දෙන්නා මාවත් පිස්සු කරනවා. මාත් හීනියට යමක් සහ කමක් කරමින් ඉන්නේ. මේ ඔක්කොම ක්ලිප්ස් මම ෆුල් ආතල් එකේ අහන ඒවා. මට තව ගොඩක් ඒවා මතක් වෙනවා. තොපි දෙන්නට වඩා මට පිස්සුද මන්දා. හිටපන් තාම හරියට වැදුනේ නැහැ, පන්කජ් උදාස් එහෙම අහනවද.....

      Delete
    25. මොනාද මේ කතා දවල්ටත් නොකා. උඹ මාව වල්මත් කරරන්න යන්නෙ. මම සිතාර් ඉගෙන ගත්තේ දේවගේ සර් ගෙන්.අවුරුදු 15න් විශාරද.. සොරි... වැරදි වාක්‍යක්. ජෝග් රාගය රවී ශන්කර් ගෙන් . https://www.youtube.com/watch?v=9chNkmSzPSY ටාටය : කා‍ෆි ගාන සමය රාත්‍රී දෙවන ප්‍රහර්ශය (9-12) ආරෝහන: ස ග ම ප නි(කෝමල) ස (උච්ච)
      අවරෝහන: ස කෝමල නි ප ම ග ම කෝමල ග ස.අයිය උඹ හොල්මන් වෙයි ජොග් රාගයෙන් හදපු රහ්මාන් ගෙ සින්දුවක් http://chandrakantha.com/raga_raag/film_song_raga/jog.shtml සංගීතය සෙල්ලං නෑ නේහ්..තාලය කෙහෙර්වා.. ඒ කියන්නෙ ධගෙ නති නක ධින .. පිස්සු කොර නේ..

      Delete
    26. අඩෝ අයිය ... උඹ මාව ටෙස්ට් කොරනවද අර යක්සය ජේසුව ටෙස්ට් කොරා වගේ.. මට නං පට්ට වෙරි

      Delete
    27. අඩෝ අරුන ; පන්කජ් ඇවිල්ල ගසල් පොරක්නෙ මට මතක හැටියට පොර එලියට ආවෙ 1980- 1981 වගේ මට වෙරි බන් . ඒත් පොට පොරගෙ පොඩි අඩුවක් තිබ්බ ගමක් කියද්දි පොර කෝමල ස්වර වලට යන්න අමාරු ගතියක්. දන් මට මතක නෑ. හිටහන් මම හොයල ක්ලිප් එකක් දාන්නන්

      Delete
    28. https://www.youtube.com/watch?v=lcp9daJx6ow

      Delete
    29. මචන් අරුන . පන්කජ් ජෙ සිංගින් පට්ට බන් මම අර කිඋව අඩුපාඩුව ගනන් ගන්න එපා ඒක අපි අතර තිබ්බ දෙයක්. ඒත් උගෙ ගසල් පට්ට. රවියයි මමයි රාග ගැනයි තාල ගැනයි පොඩ්ඩක් සංකීර්න රසයක් ගැන වලියක් ගියේ. ගසල් වෙනම ශයිලියක් . උඩ දැම්මෙ පොරගෙ ගසල් ආශ්‍රයෙන් කරපු ක්ලිප් එකක්

      Delete
    30. මොහොතකට සියල්ල අමතක කරලා මේ ගිටාර් එකට මොකද වෙන්නේ බලපන්. මේ ගීතයේ මියුසික් හදපු අරුණ ගුණවර්ධනම මේක ගයනවා. මේක මට හම්බවුනේ යසනාත්ගේ බ්ලොග් එකෙන්.

      මේක අහන්න ඉස්සෙල්ලා යසනාත්ගේ මේ පෝස්ට් එකත් කියවපන්. ඒකේම අමිල දිල්හාන්ගෙ ක්ලිප් එකත් අහපන්.

      Delete
    31. රවී සමාවෙයන් උඹේ ක්‍රිශ්වයි අනන්‍යාවයි වෙන අතකට අරන් ගියාට. භඝට් ලොක්කා වුනත්සතුටුවෙයි අපි වගේ පොරවලුත් ඉන්නවා නේද කියලා.

      Delete
    32. අරුනය මචන් තෑන්ක්ස් ලින්ක් ටිකට . ලස්සනයි. ශොට් එකක් ගහල අගනකොට පට්ට . ඒත් සොරි මචන් . මට මියුසික් වයිස් ගත්තම ඉම්පර්ෆෙක්ට් ගතියක් දැනෙනව. පොටෙන්ශියල් කොල්ලො අනිවා උන් ග්‍රේට් . ඒත් මචන් මට පොඩි අවුලක් දැනේ... නිකන් අඩු පාඩුවක්. අමරේ ආරාදනා කියද්දි ඒ හඬේ තිබ්බ පර්ෆෙක්ශන් එක නන්දා පෙම්ලොවදී දු‍ටු ඔහුමද මේ.. කියද්දි .. මර්වින් පෙරේරා සුවඳැති කුසුමක කියද්දි තිබ්බ හැඟීම් භරිත බව.. අනේ මන්දන්නෑ බං මට හිතේන්නෙම පර්ෆෙක්ශන් නෑ. කියල. බීල නිසාද දන්නෙ නෑ. ඒත් උන් හොඳයි. ඒත් අපි හිස් වෙලා ඉන්නෙ. අලුත් ක්‍රියේශන් ඕනෙ.

      Delete
    33. රවී.දුමි,එක්ස්පො... හෙට උදේට මේක බලන අපේ අනිත් එවුන් හිතයි අඩෝ මුන් මේකේ මුන් කෑම හදලා, බීලා, සින්දු කියලා, පොත්, නාට්ටි ඔක්කොම කරලා මාරු වෙලා කියලා. තාම කබරයා දාලා විතරයි ගිහින් නැත්තේ කියලා. මේක තමයි වෙන්න ඕන. මම හිතනවා අපි යමක් කතා කරා, අපි යමක් ඉගෙන ගත්තා කියලා. මේක තමයි රවියෝ වෙන්න ඕන. මේක තමයි වෙන්න ඕන. රන්ඩු නොවෙන ඕනම ආතල් එකක් ආතල් එකකි.

      ස්වාමිනාදන්ට හමබ්වෙන්න තිබුනේ අපි වගේ බෑණලා :D කොහොමත් පිස්සු පොරට, පිස්සු ඩබල් වෙනවා.

      එක්ස්පෝ... ගනන් ගන්න එපා.අපි කවුරුත් වෙරි වුනාට,ජීවිතය සයිබරයෙන් එහා රස විඳපු මිනිස්සු මචං. මේ සංසාර පුරුදු :D

      Delete
    34. අඩෝ අරුන අයිය .. මම කිවුවෙ මට අවංකවම හිතුනුදේ.. කොල්ලො බිවුවහම එහෙම තමයි. කතා කරනව ආගිව් කරනව. එක මතයකට එනව.. ඒත් අයිය උඹ කිවුව වගේ ඒක රහයි.. අපි උන්ව එන්කරේජ් කරන්න ඕනෙ අනිවා...මට දුක රවියගෙ බඝත් බුවාට වෙච්චදේ අද අප්පා..

      Delete
    35. අරුන අයියා සයිබරේ එන්න ඉස්සෙල්ල ලෝකෙ කරග්ගහපු උන්ගෙ ආතල් මේවා. සයිබරේ උන් මොනාද බන් අයියේ දන්නේ ඇඟට පතට වදින දේ ගැන. බඩ කට පිරෙන්න කාල ඩෙසර්ට් එකට පු‍ටුව උඩ ඉඳන් කොම්පියුටරේ ඉස්සෙරහ ඉඳගෙන ගත්ත එක්ස්පීරියෙන්ස් නෙමෙයි මේවා. බඩට ලුනුකැඳබීල හතරවටේ කරක්ගහල ගත්ත එක්ස්පීරියෙන්ස්

      Delete
    36. රවියා පිස්සු *කන්නෙක් කියලා මට තේරෙනවා. අපි බ්ලොග්ස් රසවත් කරමු. ජීවිතේ මහා සීරියස් නැති අපිට මේක සීරියස් කරගන්න ඕන්නෑ බං. මේ කුළියට ගත්ත ජීවිත බං. රෙන්ට් එක ගෙවන්න බැරිවුනාම ලැන්ඩ් ලෝඩ් හෙවත් මාරයා අපිට යන්න කියනවා. අපි ලයිට් බිල්, වතුර බිල්, කවුන්සිල් ටැක්ස් ගෙවලා ඉවර නම්..ණයත් නැහැ බයත් නැහැ. උඹලට තව වගකීම් ඇති. එතකං අල්ලගෙන යං :

      Delete
    37. රවියා පිස්සු *කන්නෙක් කිව්වේ සුන්දරතවය පැත්තෙන්. මම කියන්න හදන දේ රවිට තේරෙනවා. ඌට බොහෝ දේ තේරුම් ගන්න පුලුවන්.

      Delete
    38. අඩේ අරුන අයියා අපි බීල රවියගෙ බ්ලොග චොර කරාද මන්දා... ඒත් අපි ආතල් එකක් ගත්තනේ.. ඒත් බං මේ මූවී එක බලපන්.. මම හිතන්නෙ බොලා බලල ඇති .. පට්ට රහයි බන්... Fiddler on the roof : http://putlockers.ch/watch-fiddler-on-the-roof-online-free-putlocker.html

      Delete
    39. මම බලන්නම්. උඹලා ෆිට් එකේ හිටපං.

      Delete
    40. බ්ලොග් අවකාසේ නවතම ආතල්. ඉස්පොන්සොර්ඩ් බයි රවියාස් බ්ලොග් නිදහස් සිතුවිලි .. බේ බද්දන්ගේ සිතුවිලි.... ඕන *තෙකුට කොමෙනට් වලින් සම්මාදන් විය හැක

      Delete
    41. අරූ සහ එක්ස්,

      අඩේ පිස්සු කොර...හෙහ්..හෙහ්..මම මේ යාලුවො කට්ටියක් ඇවිල්ල සෙට් වෙලා හිටියෙ. ඒකයි පැයක් දෙකක් මිසිං උනේ..උං කට්ටිය යන්ට ගියා...මම මේ නිදිය ගන්ට ආවෙ..

      ඊට කලින් ලැප් එක ඕෆ් කරන්ට යනකොටනෙ මේ සීන් එක දැක්කෙ..මදැයි ඉඳහං බලන්ට වෙලාව 1.20 යි. මේ ටික බලලම නිදියනව. අවුලක් නෑ හෙට නිවාඩුනෙ..හෙහ්..හෙහ්.. තෑන්ක්ස් ආයෙමත් බොලා දෙන්නටම..:)

      Delete
    42. අපි මේ ශොට් එකක් ගනං බොගෙ නගරදේකේ කතාව රසවිඳිනව හිටං

      Delete
    43. https://www.youtube.com/watch?v=HwdabVt2sBk

      Delete
    44. ඕං දෙනුවරක අන්දරය

      Delete
    45. අරූ සහ එක්ස්,

      මේක බලපං....සිතාර් එකයි වයලින් එකයි...Anoushka & Joshua Bell

      හැට ගණංවල රවිශංකරුත් කලා ඔහොම සිතාර් සහ වයලින් කොන්සර්ට් එකක්. ඒකෙ වයලින් එක ප්ලේ කලේ යෙහුඩි මෙනුහින්...ඇල්බම් එකේ නම East meets West....

      Delete
    46. රවි අයියේ බොලා මට තව බොන්නද කියන්නේ..

      https://www.youtube.com/watch?v=3XN8AiDvnZI
      මේකේ තබ්ලා අල්ලා රක්ඛා ෂකීර් හුසෛන් ගෙ තාත්තා

      මේක රවී විත් බීට්ලස් ඒස්ට් මිට් වෙස්ට්
      https://www.youtube.com/watch?v=_Ke1_45u2N8

      Delete
    47. මට මතක විදිහට ඊස්ට් මීට් වෙස්ට් කරේ ජෝජ් හැරිසන් එක්ක. වයලින් කරේ යෙහුඩි. මට මතක නෑ බං පට්ට වෙරි. ඒත් උඩ ටික මම අහන ලිස්ට් එකේ තිබ්බ

      Delete
    48. සොරි..ඊස්ට් මීට් වෙස්ට් එකේ වයලින් නෑ.. මේක බීට්ල්ස් එක්ක තමයි කරේ.. තබ්ල අල්ලා රක්ඛා . මගෙ ගාව LP රෙකොර්ඩ් එකක් තියේ ලංකාවෙ.

      Delete
    49. ///ඇකිලිස් ගේ ලවු කොල්ලට වෙච්ච දේ නිසානේ ට්‍රොයි පුරේටත් කෙල උනේ හිටං...බලං ගියහම කොලු සීන් සෑ හෙන්න බරපතයි නෙ බං....///

      මගෙත් ආසම ෆිල්ම් එකක් බන් "ට්‍රෝයි" කියල කියන්නේ...
      ෆිල්ම් එකේදී නම් අර කොළුවා අචිලියස් ගේ කොළුවා කියල නෙමෙයි කසින් බුවෙක් විදිහට පෙන්නන්නේ...
      ඒත් යුද්දේ අත ඇරලා සෙට් එකත් එක්ක ගෙදර යන්න ගියපු එකා වෙඩි කාපු ඌරෙක් වගේ ආපහු යුද්දෙට එන්ටර් වෙන්නේ නිකම්ම වෙන්න බැහැ කියල දැන් තමයි වැටහුනේ...

      බොලාගේ මේ සංවාදේ මරු, මේක යද්දී මම දෙකක් තුනක් දාල දොයි...

      Delete
    50. මීට පස්සෙ බොන වෙලාවට බීහං පාඩුවෙ මෙතන කොමෙන්ට් දාන්න එන්නැතුව. හැක්..

      Delete
  3. මට අර කෙහෙල් කොලේ පේන්නෙ විවිධ වර්ගයේ කුරුල්ලෝ එකට පාවිච්චි කරපු කක්කිචන් එකක් විදිහට. සේරම පොඩි පොඩි ගොඩවල් නෙ.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      එහෙම තමයි බොල දෙමළ ක්‍රමේට කන්නෙ..ගිහිං බලහං අර පහළ වීදියෙ තියෙන තෝස කඩේට...

      Delete
  4. නෙද්දකිං බොලා බඳින්න යන්නෙ ගෙදර පිඟානක්වත් නැති තරං හිඟන තැනකින්ද?

    මොනව උනත් හඳුංකූරු කුඩු කාල ඉතුරු උනොත් ඇති. හැක්..

    ReplyDelete
  5. ඉවසලා ඉවසලා බැරිම තැන ඊයෙ ෆිලුම් එක හොයාගෙන බැලුවා. මේක ඊට වඩා ගොඩක් රහයි.

    ReplyDelete
  6. කෙහෙල් කොලේ හරෝ හරෝ බලපු හැටි නම් පට්ට...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...