Friday, February 24, 2017

486. The Story Of My Marriage - 37 - Making Love For The Greater Good Of Our Beloved Mother India…..

ක්‍රිෂ් සහ අනන්‍යා - 2 States චිත්‍රපටයෙන්

"ඕක අල්ලල දාන්න සෙන්දිල්...මේක මේ ප්‍රශ්ණයක් කරගන්න තරම් දෙයක් නෙවෙයිනෙ.." රාමනුජම් සෙන්දිල්ගේ උරහිසට අතක් තබා පැවසීය. මද වේලාවක් කල්පනාවේ නිමග්නව හුන් සෙන්දිල් හිස සොලවා කැමැත්ත පළකලේය. 

"ස්තූතියි හැමෝට" එසේ පවසමින් මම කුකුල්මස් අඩංගු භාජනය පොලිතීන් කවරයකින් වසා ශීතකරණයෙහි තැන්පත් කළෙමි. "ආ තව එකක් කරුණාකරල එයා එන වෙලාවට උඩ කෑල්ලට කමිසයක් ඇඳගෙන ඉන්ට හොඳද? ඔය නූලක් විතරක් දාගෙන හිටියට හොඳටම මදි...මේක ඉතාම කාරුණික ඉල්ලීමක්…"

එදින පස්වරු දෙකට පමණ අනන්‍යා අප නවාතැනට පැමිණියාය.

ඉතාම ආචාර ශීලී සහ ශිෂ්ඨසම්පන්න ලෙස මම ඇය අප නිවහනේ ප්‍රධාන දොරටුව අසළදී පිළිගෙන සාලයට කැඳවාගෙන ආයෙමි. 

සාලයෙහි මගේ සගයෝ එළිසබෙත් මහ රැජින බකිංහැම් මාළිග අංගනයේ තම උපන්දින වෙනුවෙන් පැවැත්වෙන ආචාර පෙළපාලියක් පිරික්සීමට පැමිණෙන තෙක් පොරොත්තුව සිටිනා හමුදා අනුඛණ්ඩයක් මෙන් සීරුවෙන් සිටියෝය. ඇය ඔවුන් එකිනෙකාට ආචාර කරද්දී ඔවුහු ලජ්ජාශීලි ලෙස එකිනෙකා දෙස හොරැහින් බලමින් ඇඹරුනෝය. සෙන්දිල් ඇය අමතා දමිල භාෂාවෙන් කතා කලේය. දමිලයෝ දමිල භාෂාව නොදන්නවුන් ඉදිරියේ දමිලයෙන් කතා කිරීමට මහත් කැමැත්තෝය. දමිල නොදන්නවුන් ඉන් පත්වන දැඩි අපහසුතාවය ඔවුන්ට මහත් ආහ්ලාදයකි. බොහෝසෙයින් නිහඬ යටහත් පහත් ජන කොටසක් වන දමිළයින් තම ආධිපත්‍යය පතුරවන්නට ලැබෙනා මෙම එකම අවස්ථාව මැනවින් ප්‍රයෝජනයට ගන්නෝය.

සියළු ආචාර සමාචාරයන් අවසානයෙහි ඇය මගේ නිදන කාමරයට ඇතුළුවූ වහා මම ඇය පසුපසින් ගොස් වැළඳ ගතිමි. 

"මේ හලෝ ඉස්සෙල්ලම දොර වහල ඉන්නවද?" ඇය මවෙතින් මිදෙමින් පැවසුවාය.

මම නිදන කාමරයෙහි දොර වසා අගුළු දා නැවත ඇය වැළඳ ගතිමි. එවරද ඇය මගෙන් මිදෙන්නට තැත් කළාය. "ඇයි දැන් මොකද ප්‍රශ්ණෙ?" මම නොමනාපයෙන් විමසීමි. 

"නෑ නෑ කිසිම ප්‍රශ්ණයක් නෑ මම කියන්නෙ මේ ඔය වැඩේ බැරියැයි පස්සෙ. මොකෝ තව පැය බාගයක් පැයක් ඉවසල හිටියට මගෙ කෑල්ලක් අඩු වෙනවය.."

"ඉතිං කෑලි අඩුවෙන්නෙ නෑ නම් තමයි. මොකද ඔයා ඉතිං කියන්නෙ?"

"කියන්නෙ අපි ඉස්සෙල්ල කාල ඉමුද? මම මේ පහුගිය මාස දෙකටම චිකන් කෑල්ලක් කටේ තිබ්බෙ නෑ කියල කිව්වොත් ඔයා විස්වාස කරනවද?"

"හරි හරි ඔයා මාස දෙකකින් චිකන් කාල නෑ. මම මාස හතරකින් අහවල් වැඩේ කරල නෑ."

මගේ ස්වරයේ වූ නොමනාපය කැටිවූ හඬ ඇගේ මුවට ගෙන ආවේ මද සිනහවකි. "හරි හරි ඉවසල ඉන්නකො තව පැයක් හමාරක්. කෝ බඩු? "

"මම ෆ්‍රිජ් එකේ දැම්ම"

දොර විවර කොටගෙන සාලයට ගිය අනන්‍යා ශීතකරණය විවෘත කොට කුකුල් මස් භාජනය පිටතට ගත්තාය. 

"ෂාහ්...ඔයා බියරුත් ගෙනල්ල. නියමයි….." බීර බෝතලයක් පිටතට ගත් ඇය එය එතෙකුත් සාලයෙහි රැස්ව හුන් මගේ සගයින්හට දිගු කලාය. "ඔයාලත් බොනවද එකක්? "

මහත් භීතියට පත්වූ ඔවුහු දෑත් වනමින් ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලේ යමක් වේගයෙන් තොල මතුරමිනි. බොහෝවිට ඔවුහු දෙවියන්ගෙන් සමාව ඉල්ලා සිටියා විය හැක.

අප පාපයෙහි ගැලෙනු මගේ සගයින්ගේ ඇස ගැටීම වළක්වනු පිණිස අප දෙදෙන බීර බෝතල සහ තන්දූරි කුකුළුමස් අඩංගු භාජනය මගේ නිදන කාමරයට රැගෙන ආයෙමු. දොර යලි වසා අගුළුදමා මගේ ලියන මේසයෙහි වූ පුටු දෙකෙහි හිඳගත් ඇය සහ මම බීර බෝතල දෙකක් පානය කරන අතර ගරු කටයුතු කුක්කුට රාජයාටද වග කීවෙමු.

"රයිට් කාල බීල ඉවරයි. මට තවත් ඉවසන්ට බෑ..දැන් එහෙනං ඔන්න බෑ කියන්ට එහෙම ඔට්ටු නෑ හොඳද?..." මම ඇය තරව වැළඳ ගනිමින් පැවසූයෙමි.

"මේ මගේ බඩ ෆුල් හොඳද? ගුඩුස් එහෙම ගියාට ගණං ගන්ට එපා ඔන්න ඈ…" අනන්‍යා පැවසුවාය.

ඇගේ දෙතොල් සිපගන්නා අතර මම රාමතෙල් හැරියෙමි. 

"ෂික්...අප්පිරියාවෙ බෑ……" ඇය සෙමෙන් මගේ කම්මුලකට පහරක් දෙමින් පැවසුවාය.

අප දෙදෙන දීර්ඝ කාලයක් තරව සිප ගතිමු. මගේ කුටිය තුල මෙන්ම පිටත ලෝකයෙහිද කාලය එක්වරම නතරව ඇතිබවක් මට හැඟිනි. සිප ගැන්මෙන් අනතුරුව අප ලෝකාස්වාද රතියෙහි නිරතවූයේ ඉතා වේගවත්වය. ඒ මේ වනාහී පුරා මාස හතරකට පසුව අපට ලැබුණු ප්‍රථම අවස්ථාව කරණකොටගෙන මෙන්ම පසුගිය දින කිහිපය තුල අප දෙදෙනටම මුහුණ දෙන්නට සිදුවූ උද්වේගකර අවස්ථාවන්ට ප්‍රතිචාරයක් ලෙස ආතතිය මුදාහැරීමක් ලෙසද විය හැක. (Something like letting off steam I reckon )

"මේ…. මයි ඩියර් මිස්ටර් සිටි බෑන්කර්..අපිට කෝච්චියක් අල්ලන්ට නෑ හොඳද? ඒ හින්ද ඊලඟ පාර වෙරි ස්ලෝලි ඇන්ඩ් වෙරි ජෙන්ට්ලි... යූ අන්ඩර්ස්ටෑන්ඩ්?"

"හෙහ්..ඒ කියන්නෙ තව පාරක් තියනව කියන එකද?"

"අපි බලමුකො …." ඇය මගේ මුහුණ සෙමෙන් අතගාමින් පැවසුවාය.

ලෝකාස්වාද රතියෙහි නිරතවූ පසුව මම අනිවාර්යයෙන්ම පත්වන අර්ධ නිද්‍රාජනක තත්ත්වයට මම එළඹෙමින් පසුවුනෙමි. රාමනුජම්ගේ කුටියෙන් නික්මෙන සිහින් රාගධාරී සංගීත රාවය මගේ දෑස් සෙමෙන් පියවන්නට වූයේ නිරායාසයෙනි. 

"මේ හලෝ..මොනව හරි කියනවකො..පිරිමි ඔහොම්මමයි..ඔය වැඩේ විතරමයි ඕන….." අනන්‍යා මගේ බත්කෙණ්ඩ ප්‍රදේශයට පා පහරක් එල්ල කළාය. 

"මොන වැඩේද?" සයනයෙහි හිඳගනිමින් මම ඇසූවෙමි. 

"මොන වැඩේද කියන්නෙ? දැං අපි කරපු වැඩේ...ලිංගික කාය කර්මය…….." 

ඇය සයවන වසරෙහි ඉගෙනුම ලබද්දි ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව ඉගැන්වූ ගුරුවරිය භාවිතා කල එම වදන අදාල කාර්යය හැඳින්වීම සඳහා යොදාගැන්මට ඇය බොහෝසේ ප්‍රිය කලාය.

"ඔව්..ඔව්..මට ඕකම විතරයිනෙ ඕන..ඒ හින්ද තමයි මම ඔයාගෙ මල්ලිට උදේ පාන්දර පහට පාඩම් කියල දෙන්න කැමතිවුනේ. ඒ හින්දම තමයි මම අද උදේ පාන්දර පැය හතරක් මේ කෙමිස්ට්‍රි නෝට්ස් පාඩම් කලේ......" සයනය අසලම වූ මගේ ලියන මේසයේ ලාච්චුව විවෘත කොට එහි වූ රසායන විද්‍යා කෙටි සටහන් ගොන්න පිටතට ගෙන ඇයට පෙන්වමින් මම පැවසුවෙමි. 

"මම බොරුවට ඔයාව කේන්ති ගස්සන්න එහෙම කිව්වෙ අනේ…………….." ඇය ඉදිරියට නැවී මගේ කොපුල සිපගනිමින් පැවසුවාය. "යූ ආ සෝ ස්වීට්...කිසිදේකට බයවෙන්න එපා හොඳද? මම අද කිව්ව කියල ලියල තියාගන්න. වැඩිකල් නොයාම මගෙ අම්මයි තාත්තයි බොහොම පැහැදිලිව තේරුම් ගන්නව ඔයා කොච්චර හොඳ කෙනෙක්ද කියල. අන්න එදාට එයාල මටත් වැඩිය ඔයාට ආදරය කරන්ට පටං ගන්නව. ආය ඒකෙ දෙකක් නෑ.,..හිහ්...හිහ්..."

"හරි..හරි...හරි….අපි බලමුකො " මම පැවසුවෙමි.

"බලන්ට දෙයක් නෑ. වැඩේ වෙන්නෙ එහෙම තමයි…." ඇගේ නෙතු සඟල දීප්තිමත්ව බබලන්නට වූයේය. "මම දන්නව ක්‍රිෂ් මේ වැඩේ ලේසි වෙන්නෙ නෑ. මගෙ අම්ම තාත්ත ටිකක් අමුතු කට්ටිය. මට පොරොන්දු වෙන්න මොනවා උනත් ඔයා මාව අත අරින්නෙ නෑ කියල"

"සත්තකින්ම නෑ අනන්‍යා මම පොරොන්දු වෙන්නම්. මම ඔයාව අත අරින්නෙ නෑ…." මම ඇගේ කාලවර්ණ කෙස් කළඹ අතරින් මගේ ඇඟිලි යවා පිරිමදිමින් කෙඳිරීමි.

"තෑන්ක්ස් ක්‍රිෂ්....අයි රියලි ඇප්‍රිෂියෙට් වට් යූ වුඩ් ඩූ ෆො මී...." දෑස් සෙමෙන් පියාගනිමින් අනන්‍යා පැවසුවාය. "මෙහෙම එකට තුරුලු වෙලා කතා කරකර ඉන්න එක..ක්‍රිෂ් ..මම හිතන්නෙ ඒක ලිංගික කාය කර්මයටත් වඩා අපූරුයි..නැද්ද? "

"මට ඒකට එක පාරටම උත්තරයක් දෙන්න බෑ..මැඩම්...දෙකම හොඳයි කියලයි මට හිතෙන්නෙ……" සයනයෙන් නැඟිට විදුලි පංකාවෙහි වේගය වැඩිකරමින් මම පැවසුවෙමි.

"ගෙදරදි අපි කිසිම දෙයක් ගැන අවංකව කතා කරන්නෙ නෑ....." අනන්‍යා කොට්ටයක් ඇඳ විට්ටමට හේත්තුකොට ඊට හේත්තු වූවාය. "අම්මයි තාත්තයි කිසිම දෙයක් ගැන කතා කරන්නෙ නෑ. ඇත්තම කිව්වොත් කතාකරන්නෙ නැත්තෙමත් නෑ. අපි ඔය රටේ දේශපාලන තත්ත්වය, කාළගුණය, හෙට කන්නෙ මොනවද? ඔන්න ඔය වගෙ වැඩකට නැති දේවල් ගැන වරු ගණං කතා කරනව. ඒත් අපේ ජීවිතයට වැදගත්වෙන දේවල් ගැන ඒ කිව්වෙ අපි එකිනෙකගෙ හැඟීම් ගැන..එව්ව ගැන වචනයක්වත් කතා කරන්නෙ නෑ. ක්‍රිෂ්, මම මේ ඇත්තමයි කියන්නෙ. මගේ හැඟීම් ගැන අවංකව මට කතා කරන්න පුලුවන් ඔයා එක්ක විතරමයි."

මම කිසිවක් නොපවසා නිහඬවූයෙමි. අනන්‍යා සයනයෙන් නැඟිට ඇඳුම් හැඳගත්තාය. පහත්ව බුමුතුරුණ මතවූ කොට්ටයක් අසුලා ගත් ඇය එහි උරය නියමිත පරිදි දමා සයනය මත තබා සකස් කලාය. ඇගේ සුරතින් ඇද මම ඇය සයනය මත මා අසල වාඩි කරවා ගතිමි.

"මේ ක්‍රිෂ්…...මම දෙයක් අහන්නද? ඇයි ඔයා තවම මට කිව්වෙ නැත්තෙ අම්මල තාත්තලට බම්බු ගහගන්න අපි දෙන්න ඔන්න ඔහෙ ගිහිල්ල කසාද බඳිමු කියල. ඇත්තම කිව්වොත් අපි දෙන්නට එහෙම කරන්ට කිසිම බාධාවක් නෑනෙ."

"ඔයා හිතන්නෙ මම එහෙම කරන්ට ඕනය කියලද? මම කියන්නෙ මේ අපි දෙන්න හිතු මතේට බඳිමුය කියල යෝජනා කරන්ට ඕනය කියලද? හරි අපි මෙහෙම හිතමු. මම එහෙම ඔයාට යෝජනා කලාය කියමු. මොකද ඔයා කියන්නෙ? එහෙම කරන්ට කැමති වෙනවද?"

"ක්‍රිෂ්..... ඇත්තම කිව්වොත් මට හිතාගන්ට බෑ ඔයා එහෙම යෝජනා කලොත් මම මොනව කියන්නද කියල. මම ඔයාට හුඟක් ආදරෙයි. ඒ වගේම මගෙ අම්මටයි තාත්තයිටත් හුඟක් ආදරෙයි. මට එයාලගෙ හිත් රිද්දන්න කොහෙත්ම ඕන නෑ. පන්ජාබි කොල්ලෙක් මගෙ අනාගත සැමිය හැටියට තෝරගෙන මම දැනටම එයාලගෙ හිත් රිද්දලයි තියෙන්නෙ. මට තවත් එයාලගෙ හිත් රිද්දන්න කිසිම ඕන කමක් නෑ. මට ඕන කොහොම හරි උත්සාහ කරල එයාලගෙ කැමැත්ත ගන්න අපේ විවාහයට. එයාලව ඔයාට කැමති කරව ගන්න. අපි දෙන්න බඳින දවසට ඒ දෙන්න හිනා කටක් පුරවගෙන අපි දෙන්නගෙ දෙපැත්තෙ ඉන්නව දකින්නයි ක්‍රිෂ් මට ඕන. විවාහයක් කියන්නෙ මොකක්ද කියල දැනුම් තේරුම් වෙච්චි දවසෙ ඉඳල මගෙ හීනෙ අන්න ඒක. ඉතිං ක්‍රිෂ් මොකද ඔයා කියන්නෙ?"

දෙදණට බරකල දෑතෙහි හිස රැඳවූ මම කෙස් අතරින් ඇඟිලි යවා හිස පිරිමදිමින් කතා කරන්නට වූයෙමි. "අනන්‍යා කොහොමත් අපි දෙන්නගෙ හිතුමතේට කසාද බඳින එකට මගෙ නම් කොහෙත්ම කැමැත්තක් නෑ…."

"ඇයි ඒ?.." අනන්‍යා දෙබැම රැළි කොටගෙන විමසුවාය. 

"එහෙම කරන එක බොහොම ලේසියිනෙ. රෙජිස්ට්‍රාර් කෙනෙක් ගාවට ගියා බැන්ද. අනික එහෙම කලාම අපි දෙන්නගෙ ප්‍රශ්නෙ විසඳෙයි. ඒත් ඒක එහෙම හරි යන්නෙ නෑ. අපි උත්සාහ කරන්න ඕන ඊට වඩා දෙයක් කරන්න ඊට වඩා හැමෝටම දැනෙන දෙයක් කරන්න…….."

"ඒ කිව්වෙ? මට තේරෙන්නෙ නෑ ක්‍රිෂ්….." සයනයෙන් නැඟිටගත් අනන්‍යා මේසය මතවූ කුකුළුමස් තසිම සුරතට ගෙන යලි හිඳ ගත්තාය. "මොකක් ගැනද ඔයා මේ කියන්නෙ? "

"මම කියන්නෙ අපේ රටේ මිනිස්සුන්ට හැදිල තියෙන මේ පිස්සුව ගැන. අපි ඔක්කොම ඉන්දියානුවො. එහෙම හිතන්නෙ නැතුව කවම කවදාකවත් මේ රට දියුණු කරන්ට බෑ. ඒත් අපේ අය හිතන්නෙ කොහොමද? දැන් මේ පැත්තෙ අය ගත්තොත් එයාල ඉස්සෙල්ල දමිලයො. ඊලඟටයි ඉන්දියානුවො වෙන්නෙ. අපේ පැත්තෙ අයත් එහෙමයි. එයාල ඉස්සෙල්ල පන්ජාබීන්. දෙවනුව තමයි ඉන්දියානුවො වෙන්නෙ. මේ පටු කල්පනාවල් වලින් මේ මෝඩ අදහස් වලින් මිදෙන්ට දැන් කාලය ඇවිල්ල. එහෙමයි මම හිතන්නෙ......"

අනන්‍යා දෑස් විදහාගත්වනම මදෙස බලා සිටියාය. "වාව්...ඔයා මෙහෙම සීරියස් කතා කරනව මම කවදාවත් දැකල නෑනෙ. මොකක්ද මේ හදිසි වාග් චාතූර්යයට හේතුව? තන්දූරි කුකුළද? බියර්ද? එහෙමත් නැත්නම් ලිංගික කාය කර්මයද? මට සන්තෝසවෙන්ටත් එක්ක කියන්න ක්‍රිෂ් හේතුව ලිංගික කාය කර්මය කියල. අනේ බොරුවට හරි කමක් නෑ කියන්නකො...." ඇය ඉඟි මරමින් පැවසුවාය.

"අනන්‍යා මේක කොහෙත්ම විහිලුවක් නෙවෙයි. මම ෆුල් සීරියස් මේ කියන්නෙ. ඉන්දියාව පුරාම භාවිතා වෙන මුදල් ඒකකය ඉන්දියානු රුපියල්. ඉන්දියාව පුරාම ගායනා කෙරෙන්නෙ එකම ජාතික ගීයක්. හැම ක්‍රීඩාවකටම අපිට ඉන්නෙ ඉන්දීය ජාතික කණ්ඩායමක්. ඒත් විවාහ වලට ගියාම අපි අපේ ප්‍රාන්තයෙන් පිට විවාහවලට කොහෙත්ම ඉඩ දෙන්නෙ නෑ. මේ වගෙ පසුගාමී චින්තනයක් කොහොමද අපේ රටේ දියුණුවට උදව් වෙන්නෙ? මේ මෝඩ අදහස් අයින් කරලම දාන්න ඕන. අඩුම ගානෙ අපිවත් ඒක කරන්න ඕන...."

"හරි මට කියන්න අපි කොහොමද ඒක කරන්නෙ? "

"අපේ දරුවො ගැන හිතන්නකො."

"මම හිතල තියෙන්නෙ. එයාලට මගේ මූණ තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. ම්ම්ම්..ඔයාගෙ ඇස් දෙකනම් තිබ්බට කමක් නෑ. ඒත් ඇස් දෙක විතරමයි. වෙන මොකවත්ම බෑ. "

"ඒ කෙහෙම්මලක් නෙවෙයි මනුස්සයො මම කියන්නෙ. අපේ දරුවො පන්ජාබීත් නෙවෙයි. දමිළත් නෙවෙයි. එයාල ඉන්දියානුවන්. මේ පිස්සු විකාර මොකවත් එයාලට බලපාන්නෙ නෑ. මම කියන්නෙ මේකයි. ඉන්දියාවෙ ඉන්න ඔක්කොම කොල්ලො කෙල්ලො තමන්ගෙ ප්‍රාන්තයට පිටතින් කොල්ලෙක් හෝ කෙල්ලක් හොයාගෙන කසාද බැන්දොත් වැඩි කාලයක් යන්ට ඉස්සර මේ විකාර ඔක්කොම නැතිවෙලා යනව. මම කියන්නෙ අන්න ඒ ගැන."

"හා..හා..හා..දැන්නෙ මට තේරුනෙ..ඔයා මේ මට ආදරේ කරන්නෙ මාත් එක්ක අහවල් වැඩේ කරන්නෙ වෙන කිසිම දෙයක් හින්ද නෙවෙයි අපේ රටේ මතු දියුණුව උදෙසා...එහෙම නේද?"

"මෙහෙමයි ඉතිං ඇත්තම කිව්වොත්…. ඒකත් එක හේතුවක් කියල සමහරවිට කියන්ටත් බැරිකමක් නැත්තෙම නෑ කියල මම කිව්වොත්......." මම මද සිනහවකින් යුතුව පැවසීමි.

සයනය මත වූ කොට්ටයක් සුරතට ගත අනන්‍යා ඉන් මට දමා ගැසුවාය. 

අප දෙදෙනාගේම මවුබිම එනම් ඉන්දියාවේ මතු දියුණුව උදෙසා ඉක්බිති අප දෙදෙන නැවත වරක් ලෝකාස්වාද රතියෙහි යෙදුනෙමු.

37 comments:

  1. ටෞකන්ඩ... ලෝකාස්වාද රතිය... හෙහ් හෙහ්...

    ReplyDelete
  2. එක්සත් වීගෙන ඇඳට යමූ...
    රට වෙනුවෙන් රතියෙහි යෙදෙමූ....

    ReplyDelete
    Replies
    1. Suranga,

      පද දෙකක් අඩුයි බං..මෙහෙමයි වෙන්න ඕන...හෙහ්,හෙහ්,

      එක්සත්වීගෙන ඇඳට යමූ,
      ඇඳ මත ගුලිවී ඉන්නා සඳමාලිට ගහලා එලවා දමමූ,
      ( දුප් පරය යන්ට කොයිවෙලේ බැලුවත් ඇඳ උඩ..ඒ මදිවට පඬි හලනව ඕසෙට )
      ඇඳේ රෙද්ද ගසලා ආයෙම එලමූ,
      රට වෙනුවෙන් රතියෙහි යෙදෙමූ,

      Delete
  3. හැක්... රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා ටෞකනව කියන්නෙත් එසේ මෙසේ දෙයක් නෙමෙයි.

    ඒක නෙමෙයි බොලාලයි කාමරේ යතුරු හිලෙන් අර අනික් බුවාල ටික බලාගෙන හිටියෙ නෑ කියල ශුවර් ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      /ඒක නෙමෙයි බොලාලයි කාමරේ යතුරු හිලෙන් අර අනික් බුවාල ටික බලාගෙන හිටියෙ නෑ කියල ශුවර් ද?/

      භඝටා නම් එහෙම දෙයක් ලියල නෑ බං. ඒත් කිව්වත් වාගෙ එහෙම දේකුත් ලිව්වැකි තමයි. මම ලියන්නම් මෙහෙම ඊලඟ කොටසෙදි. මුං දෙන්න දොර ඇරල එලියට යනකොටම ලිස්සල වැටෙන සීන් එකක් ඇඩ් කරන්නං කතාවට..එහෙම හොඳා නේ?

      Delete
    2. මේකෙදි බොලා පඳුරු තලන්නැති හින්ද හොඳා. එහෙම නැත්තං මේක කියෝල භගට් කාරයට තමං කරපු ගොංකං ගැන සෑහෙන හිතන්න වෙනව.

      Delete
  4. ///අප දෙදෙනාගේම මවුබිම එනම් ඉන්දියාවේ මතු දියුණුව උදෙසා ඉක්බිති අප දෙදෙන නැවත වරක් ලෝකාස්වාද රතියෙහි යෙදුනෙමු.///

    මේක තමයි බොලන් මේ කතාවේ එළම කොටහ...
    හිනාව කැස්සකින් වහගෙන ශේප් උනා. නැත්තං ඔෆිස් එකේ එව්වෝ බලනවනේ මූට පිස්සුද කියල...

    ReplyDelete
    Replies
    1. Lokka,

      /හිනාව කැස්සකින් වහගෙන ශේප් උනා. නැත්තං ඔෆිස් එකේ එව්වෝ බලනවනේ මූට පිස්සුද කියල.../

      ඔන්න ඕකනෙ බං අපේ රටට වෙලා තියෙන්නෙ. හිනාවෙලා ජොලියෙ ඉන්න එකාට පිස්සුය කියලයි හැමෝම හිතන්නෙ. අනික් අතට මේ වෙනදේවල්වල හැටියට එහෙම හිනාවෙලා ඉන්ට පුලුවන් පිස්සෙකුටම විතරයිත් තමයි..:)

      Delete
    2. ///අනික් අතට මේ වෙනදේවල්වල හැටියට එහෙම හිනාවෙලා ඉන්ට පුලුවන් පිස්සෙකුටම විතරයිත් තමයි..:) ///
      දැන්නම් බුකියේ ඉන්න හැම එකාම වගේ සතුටින් හිනා වෙලා තමයි ඉන්නේ "දතා පුතා" නිසා...

      Delete
    3. ලොක්කා,

      දතා පුතා නම් මරු බඩුව නේ? කාලෙකින් ආවෙ නෑ ඔහොමබම්මන්නෙක්...මූ නිකම්ම බම්මන්නෙක් නෙවෙයි අන්තර්ජාතික බම්මන්නෙක්..:)

      Delete
    4. ////මේක තමයි බොලන් මේ කතාවේ එළම කොටහ...////

      සහතික ඇත්ත ඕයි.....මූ අද ජොයින්ට් එකක්වත් ගහලද. නිකං අමුතුම අමුතු කික් එකක් එනවා කියවන අපිටත්.

      Delete
    5. Oic... i got it now...

      ඒ වගේ එකෙක් ඇවිල්ලත් නෑ ආයෙ එන්නෙත් නෑ...

      ඔබාමා,මෝඩි එක්ක වුනත් හැප්පෙන්න පරිචයක් තියනවයි කියන්නේ.

      Delete
  5. රවීයියේ එක සිංහල පවුලක් ළමයි දහයක් හදන්න ඕන කියලා කෑගහන අර නානසාර හන්දුරුවෝ මේක දැක්කා නම් ලෝකාස්වාද රතිය හොඳට ප්‍රමෝට් කරලා ගන්න තිබ්බා.ජාතික ආලය,ජාතික ප්‍රේමය වගේ වචන එහෙමත් දාලා.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      උඹට අපෙ විමලෙ අයිය මතකයි නේද? විමලෙ අයිය ඕකට කිව්වෙ "ලිංගික කාය කර්මය" කියල...හෙහ්..හෙහ්..අඩේ විමලෙව අමතකම උනා..වාංපතුල් කතාවක් දෙකක් ආයම ලියන්ට ඕන...

      ලංකාවෙ ජනගහණය වැඩි කරන්ට ඕනය කියල නානා උඩ පැන්නට උන්දැ ජනගහණය වැඩි කරන්නෙ ප්‍රංශෙ කියල තමයි කට්ටිය කියන්නෙ...

      Delete
    2. අඩේ විමලේ අයියා කිව්වාම මට මතක් වුනේ එකපාරටම ජාතික වහල් පෙරමුණේ නායක රථ වාහන අයථා,ඩබල් පාස්පෝර්ට් ධුරන්ධර රිමාන්ඩ් බන්ධනාගාර සභික පචායුධ අයියව.

      "වාංපතුල් කතා" තමයි රවීයියේ මම ආසම සීරිස් එක මේකේ.

      Delete
    3. Manoj,

      ආ..ඒ විමලෙටනම් තව තියනව ටයිටල් මහ ගොඩක්...

      නූතන පයිත්තියංගෝරස් නාමධාරී, මහල්ලා සහ මුහුදාභිධාන, සීගිරි නොගිය සංසදයේ අනුශාසක, ලෙමන් පෆ් භක්ෂක.....

      Delete
    4. විමලෙ නෙවෙයි විමලෙගෙ බාරියාව ශෂී නෝනෙ නම් රට ජාතිය වෙනුවෙන්ම පොඩි කොල්ලොන්ට රතිකෙලිය උගන්වනව

      Delete
    5. ලිංගික කාය කර්මය - වෙන හොඳ වචනයක් හොයල් දීපන්කො බං මේ මොකක්ද? මගේ කතාවේ ඊළඟ කොටසට වචනයක් හොයනවා.

      Delete
    6. අජිත්,

      මෙවුන්දම් සේවනය, මෛථූනයෙහි යෙදීම, රමණය කිරීම, රති ක්‍රීඩාව, සසඟෙහි නිරතවීම

      Delete
    7. /////"වාංපතුල් කතා" තමයි රවීයියේ මම ආසම සීරිස් එක මේකේ.//////

      මගෙත් ප්‍රියතම...අප්‍රියතම එව්වා නම් නැහැ..

      Delete
    8. ////මෙවුන්දම් සේවනය, මෛථූනයෙහි යෙදීම, රමණය කිරීම, රති ක්‍රීඩාව, සසඟෙහි නිරතවීම///////

      පොරක් ගැසීම :D මම හරි නරකයි නේද බං ?

      Delete
    9. පොර ගහනවා කියන එක කොල්ලුපිටිය , කොම්පඤ්ඤ වීදිය පැත්තේ කියන විධිහ.

      Delete
  6. රවි, අප්‍රේල් අග ලංකාවට යනවා, යමුද
    - කෑගල්ලෙ ඇනෝ

    ReplyDelete
  7. එකක් නොවෙයි හතර මසක් අහවල් දේ කර නැතිය
    දොරක් වසන්නටවත් මේ ක්‍රිෂ්ට සිහිය නැතිය
    ඉඩක් ලැබුණු තැන ඉවසුම පියඹා ගොස් ඇතිය
    වරක් නොව දෙකක් බිව්වලු දෙන්නා අම රතිය.....

    ජයවේවා!!!

    ReplyDelete
  8. http://www.onhealth.com/content/1/health_benefits_sex

    ReplyDelete
  9. අපි නම් ලෝකයේම දියුණුව උදෙසා කටයුතු කරනෙමු.

    ReplyDelete
  10. අන්න ලංකාවේ ජනවාර්ගික ගැටලු, සංවර්ධනය, ආගමික සමගිය මේ හැම දේටම හොදම විසදුම. වැඩි වැඩියෙන් ලෝකෝස්වාද රතියේ යෙදීම

    ReplyDelete
    Replies
    1. ජනවාර්ගික පුරස්නෙට නම් කලවමේ රති කෙලියෙ යෙදීම හොඳ විසඳුමක් තමා.. ඒ කියන්නේ සිංහල උන් දෙමළ උන් එක්ක, දෙමල උන් මුස්ලිම් උන් එක්ක, උන් දෙගොල්ලොම බර්ගර් උන් එක්ක යනාදී වශයෙන් එක අවුරුදු දහයක් කළානම් ජනවාර්ගික පුරස්නය අතීතෙට යනවා.. ආයේ බඩුම තමා....

      Delete
  11. ටෞකණ්ඩ දෙයියනේ ඊළඟ කොටහ ලියන්න මාසයක් දෙකක් මගහැරුණ අල්ලපනල්ලේ මෙන්න විසලෝ අනන්‍යා ක්‍රිෂ් එක්ක රතියෙ යෙදීල කියහන්කෝ..

    ReplyDelete
  12. හි... හී මුකුත් කියන්නෑමයි

    ReplyDelete
  13. මරු ඩබල බං!!! මෙහෙම ස්ත්‍රියෝ තමයි මිනිස්සුන්ව ජීවත් කරන්නේ. රවී දන්නවා ඕවා ගැන. මාත් චුට්ටක් දන්නවා...භඝට් ලොක්කා ලෝකේ කාපු එකෙක් :D

    ReplyDelete
  14. රමණීය, මරණීය, රමනය...

    ReplyDelete
  15. පට්ට... දිලීප ජයකොඩි මක්කටෙයි... අපිට රවි අයියා ඉන්නවා...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...