Friday, January 12, 2018

557. The Story Of My Marriage - 58 - " Why Are You Helping Us So Much?" Asked Mr. Swaminathan……

තන්ජවූර්හි පිහිටි ශිව දෙවියන් උදෙසා කැපවූ සුප්‍රසිද්ධ
බ්‍රිහාදීෂ්වර කෝවිලෙහි ඡායාරූපයක් ඉහත දැක්වේ.
 - Google Images

"අංකල්..මේ….මේ….අනන්‍යා මාත් එක්ක කිව්ව අංකල් අර බිස්නස් ප්ලෑන් ප්‍රසන්ටේෂන් එක හදාගන්න බැරුවයි ඉන්නෙ කියල…"

අනන්‍යා අමතේස්ට් ආපන ශාලාවේදී මා සමඟ ඒ පිළිබඳව පවසා දින තුනකට පසුව උදෑසන මංජුට ඉගැන්වීම් කටයුතු අවසාන කොට ස්වාමිනාදන් මහතාද සමඟ ඔහුගේ ෆෝඩ් රථයෙන් සිටි බැංකුව අසලින් බැසගැනීමේ අපේක්ෂාවෙන් ගමන් කරමින් සිටියදී මම පැවසූයේ හිස හරවා ඔහු දෙස බලමිනි.

වහා මදෙස හැරී බැලූ ස්වාමිනාදන් මහතාගේ මුව මඳක් විවර වූයේ මගේ අනපේක්ෂිත වදන් හේතුකොටගෙන හටගත් කම්පනය නිසා විය යුතුය.

මගේ වදන් ඔහු කොපමණ වික්ෂිප්ත කලේද යත් නොදැනුවත්වම ඔහුට තිරිංග පැඩලය පෑගිණි. එක්වරම මහාමාර්ගය මධ්‍යයේ නතරවුනු මෝටර් රථයේ පසුපස වෙනත් රථයක් නොගැටුනේ හුදෙක් අපගේ භාග්‍යය කරණකොටගෙන විශ්මයකට මෙන් ඒ අවස්ථාවේ එතරම් වාහන ගමනාගමනයක් නොපැවති බැවිනි.

උදෑසන මංජුගේ ඉගැන්වීමේ කටයුතු වලින් අනතුරුව සිටි බැංකුව දක්වා ප්‍රවාහන පහසුකම් සැපයීමේදී අනුගමනය කලයුතු ක්‍රියා පිළිවෙත පිළිබඳව ස්වාමිනාදන් මහතා සහ මා අතර අප්‍රකාශිත එකඟතාවයක් පැවතිණි. ඒ ප්‍රමුඛතා අනුපිළිවෙලින් මෙසේය.

කිසිම හේතුවක් නිසා අප අතර කතාබහක් නොවිය යුතුය. මෝටර් රථයෙහි අසුන්ගත් සැණින් මගේ කාර්යාල බෑගය විවෘතකොට ඉන් ලිපිගොනුවක් හෝ වාර්තා කිහිපයක් පිටතට ගන්නා මම සිටි බැංකුව අසල මෝටර් රථයෙන් බසිනාතෙක් හිස පහත්කොටගෙන ඒවා කියවන්නෙමි. 

ඒ අතර ස්වාමිනාදන් මහතා ඒකපත්‍ර භාෂණයක (Monologue) යෙදෙමින් මාර්ගයෙහි ගමන් කරනා අනෙකුත් සියළුම රියදුරන්ට ශාප කරන්නේය. එසේත් නැතහොත් මාර්ගය නිසි පරිදි නඩත්තු නොකිරීම පිළිබඳව චෙන්නයි නාගරික මාර්ග නඩත්තු දෙපාර්තමේන්තුවෙහි අධිපති තැනගේ සිට මාර්ග නඩත්තු කාර්යාලයෙහි කාර්ය මණ්ඩලයට කොන්ත්‍රාත් ක්‍රමයට දිවා ආහාර සපයන්නාගේ මෑණියන් දක්වා වූ සියල්ලන්ට පස් පඩංගුවේ බැණ වදින්නේය.

උපරිම වශයෙන් මිනිත්තු විස්සකදී ස්වාමිනාදන් මහතාගේ ෆෝඩ් මෝටර් රථය සිටි බැංකුව ආසන්නයේ පිහිටි මාර්ග සංඥා අසලට ළඟාවන්නේය. එහිදී මම ඔහුට ස්තූති කොට රථයෙන් බසින්නෙමි. ඔහු හිස එක වරක් ඉහළට පහළට සොලවා මගේ ස්තූතිය භාරගත්බව හඟවන්නේය. මේ සම්පූර්ණ කාලය ඇතුලත ඔහු අවම වශයෙන් එක වරක් හෝ මදෙස නෙත් යොමු නොකිරීමටප්‍රවේශම් වන්නේය. 

අද මවිසින් මේ චිරාගත සම්ප්‍රදාය කඩ කොට ඔහු ඇමතීම ඔහුට මහත් කම්පනයක් වන්නට ඇත. 

අනන්‍යා ඊයේ සවස දින පහක රාජකාරි චාරිකාවක් උදෙසා තන්ජවූර් බලා නික්ම ගියාය. ඇගේ මවද ඇය හා එක්වූයේ තන්ජවූර්හි ශිව දෙවියන් උදෙසා කැපවූ සුප්‍රසිද්ධ කෝවිල වන්දනාමාන කිරීම උදෙසාය. ඊයේ උදෑසන අනන්‍යා මට දුරකථනයෙන් පැවසූයේ ඇගේ පියා හා සමඟ ඔහුගේ ව්‍යාපාර සැලසුම සකස් කිරීමට උපකාර කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට මේ ප්‍රශස්තම මොහොත වන බවය.

අනන්‍යා නිවසෙහි නොමැති හෙයින් මේ ඇය හමුවීම උදෙසා මවිසින් සැළසුම් කල කූටෝපායයක් බවට ඔහු සැක නොකරනු ඇත. එසේම අනන්‍යා සහ ඇගේ මව යන දෙදෙනම නිවසේ නොමැති බැවින් ඔහුට චකිතයකින් තොරව මගේ උපකාර ලබාගත හැකිවනු ඇත. 

"අපේ අප්ප මහ ආඩම්බරකාරය. අම්මයි මමයි ඉස්සරහ උනත් එයා මොනවහරි දන්නෙ නෑ කියන්ට එයා කොහෙත්ම කැමති නෑ"  ඇය පැවසූයේ බැරෑරුම් හඬකිනි.

"අනන්‍යා මොකටද තමුන්ට මේ විස්තර කියන්නෙ?" ස්වාමිනාදන් මහතා පහත් හඬින් කථා කලේ තම දෑතින් කිටි කිටියේ සුක්කානම් රෝදය ග්‍රහණය කොටගනිමිනි.

මම වරක් ඔහුගේ මුහුණ දෙස බලා යලි හිස පහත් කොට ගතිමි. "නෑ..මෙහෙමයි..මම මේ ඊයෙ පෙරේද අපේ බොස්ට බිස්නස් ප්ලෑන් එකක් හදල දුන්න. ඒක මම අනන්‍යා එක්ක කිව්වම තමයි එයා කිව්වෙ මේ විස්තරේ..." මම බොරුවක් පැවසුවෙමි.

"ඇත්තටම?..." ඔහුගේ මුහුණ හා සමඟම සුක්කානම මත රැඳි දෑතද යම් පමණකට ඉහිල් වූයේය.

"ඔව්..M.N.C. බැංකුවල වැඩ කරනකොට ඔය බිස්නස් ප්ලෑන්ස් හදන එව්ව එතකොට ප්‍රන්ටේෂන්ස් ගැන හොඳට දැනගෙන ඉන්න ඕන.."

(M.N.C.Banks=Multinational Corporation Banks= අන්තර්ජාතික බැංකු) 

අප පසුපසින් නතර කොට මහ හඬින් නලාව හැඬවූ බස් රථයක් හේතුකොටගෙන කලබලවූ ස්වාමිනාදන් මහතා වහා තිරිංග මුදා හැර මෝටර් රථය යලි පදවන්නට වූයේය.

"මට මෙහෙම කල හැකි අංකල්...හෙට අනිද්දම වගෙ අංකල්ට පහසු දවසක මට පුලුවන් අංකල් දැනට බිස්නස් ප්ලෑන් එකේ කරල තියන හරිය බලල අලුතින් එකතු කරන්න ඕන මොනවද කියල කියන්න..." මම පැවසූයේ ව්‍යාපාර සැළසුම සකස් කිරීමේ ගෞරවයෙන් වැඩි ප්‍රතිශතයක් ස්වාමිනාදන් මහතාට හිමිවන පරිදි කථා කිරීමට වගබලා ගනිමිනි.

"දැනටත් තමුන් මංජුට ටියුෂන් දෙනව. ඒ අස්සෙ මට උදව් කරන්ටත් අහනව. ඇයි තමුන් අපිට මේ තරම් උදව් කරන්ට ලෑස්තිවෙන්නෙ?"

පිළිතුරු දීමට පෙර මම සෑහෙන වේලාවක් කල්පනා කළෙමි. 

"මේකයි අංකල්..මේ චෙන්නයි වල මට යාළු මිත්‍රයො අඳුරන අය කවුරුවත්ම නෑ.ඒ වගේම මගේ ඥාතීන් කියල කියන්ටත් කවුරුවත්ම නෑ….." 

මගේ අවසන් වදන් කිහිපය ඇසූ ස්වාමිනාදන් මහතාගේ ඇසි බැම යුවල එක්වරම ඉහළ ගියේය.

"නෑ මම මේ කිව්වෙ ඔය ගොල්ලොත් ඇත්තටම බැලුවොත් මගෙ ඥාතීන් නම් නෙවෙයි" ස්වාමිනාදන් මහතාගේ වත යලි මඳක් පැහැපත් විය. "ඒත් මේ ඒත් මේ...හවසට වගෙ වැඩ ඇරිල අපි දන්න අඳුනන කට්ටිය ඉන්න ගෙදරකට යන්න තිබ්බනම් හුඟක් හොඳයි වගේනෙ නේද?"

මේ වනවිට මම බැසිය යුතු මාර්ග සංඥා අසලට මෝටර් රථය ළඟාවී තිබිණි. මම දොර ඉතා සෙමෙන් විවරකලේ යම් පිළිතුරක් දීමට ස්වාමිනාදන් මහතාට කාලවේලාව ලබා දෙමිනි. අවසානයේදි ඔහු තීරණයකට එළඹියේය..

"හ්ම්ම්ම්ම්..හරි තමුන්ට වෙලාව තියනව නම් හවස අපේ ගෙදර එන්නකො...මම මම කරල තියන හරිය තමුන්ට පෙන්නන්නම්"

"හරි අංකල්... මම අද හවස එන්නම්කො…" මම වැඩි උනන්දුවක් නොපෙන්වමින් පැවසූයෙමි.

කාබන් මොනොක්සයිඩ් දුම් වළාවක් චෙන්නයි පරිසරයට එකතු කරමින් ස්වාමිනාදන් මහතාගෙ ෆෝඩ් වර්ගයේ මෝටර් රථය සෙමෙන් ඉදිරියට ඇදෙන රථවාහන පෙළට එකතුවී නොපෙනී ගියේය.

38 comments:

  1. /මගේ වදන් ඔහු කොපමණ වික්ෂිප්ත කලේද යත් නොදැනුවත්වම ඔහුට තිරිංග පැඩලය පෑගිණි. එක්වරම මහාමාර්ගය මධ්‍යයේ නතරවුනු මෝටර් රථයේ පසුපස වෙනත් රථයක් නොගැටුනේ හුදෙක් අපගේ භාග්‍යය කරණකොටගෙන විශ්මයකට මෙන් ඒ අවස්ථාවේ එතරම් වාහන ගමනාගමනයක් නොපැවති බැවිනි.// මැවිලා පෙනුන හා හා
    කිෂ් වැඩේ ගොඩ දාගත්ත නේද ?

    ReplyDelete
    Replies
    1. මේ අජිත් ලොක්ක මොනවා කියනවාද මන්දා. ක්‍රිස් ගොයියා වාහනේ පදවනවා. බ්‍රේක් හිටන් ගහනවා, වතුර මාරු කරනවා. මේ මෙයා ඉල්ලන්නේ වාහනේ පැවරිමේ සහතිකය දෙන්න කියලා. දැනට දිලා නැතත් කමන්ගේම වාහනයකින් කරන් ඔක්කේම සෙල්ලම් කරලා තියෙන්නේ. නැද්ද රවි මහත්තයා?

      Delete
    2. Ajitha Kesakambala,

      Thanks machang...:)

      Delete
    3. උදාර,

      ඒක මෙහෙමනෙ බං...ක්‍රිෂ් ගොයිය ඇවිල්ල ඕල්ඩ් ෆැෂන්ඩ් ප්‍රේමවන්තයෙක්....වාහනේ එළවල විතරක් සෑහීමට පත්වෙන බුවෙක් නෙවෙයි. නීත්‍යානුකූලව වාහනේ තමන්ගෙ නමටම තියෙන්න ඕන කියලයි ක්‍රිෂ්ගෙ කල්පනාව...ඒකයි මේ ඔක්කොම හෙයියම්මාරු...

      Delete
    4. උදාර ළමයෝ බොහොම සියුම් , බොහොම සියුම් ඈ , මටත් දැන් නොවැ තේරුනේ

      Delete
    5. රවියා මට අජිත් ඛේෂකම්භල කියන නම දැම්මේ මට කේශ තියනවා කියල හිතාගෙන නම් හරියටම හරි.

      Delete
    6. අජිත්,

      කේස කම්බල කියන්නෙ බොලේ කේස කම්බස් කියන එක.. ඒ කියන්නෙ කෙස් නෑ කියල කියන්නෙ....මගෙත් එහෙම තමයි....හෙහ්,හෙහ්

      Delete
    7. ඒහෙමද මටත් ඔය පාලි තේරෙන්නේ නැහැ. කැප් එක දාගෙන ඉන්නකොට නිකමට හිතුන

      Delete
  2. වැඩේ ගොඩ දාගෙන තියෙන්නෙ මේ ලස්සනට!

    ක්‍රිෂ් ගේ යහපත් ක්‍රියා කලාපය හේතුවෙන් මාමණ්ඩිය හෙමි හෙමින් ක්‍රිෂ් ට ලං වන සේ, ස්ටෝරි ඔෆ් මයි මැරේජ් නොනවත්වා දිගටම ලිවීම හේතුවෙන් රවී තුමාට පාටකාවියන්ගේ නොමඳ ප්‍රාසාදය හිමි වේ!

    ReplyDelete
    Replies
    1. මානවී,

      හප්පා පාටිකාවියන්ගෙ ප්‍රසාදය හිමිවුනයි කියන්නෙ ආය වෙන මොකවත් ඕන නෑ....:)

      Delete
    2. පාටිකාවියන්= පාටි+කාවියන්

      Delete
  3. ඒ පාර බල්ලාගේ පශ්තාත් බාගෙට භූමිතෙල් ගැහුවා වගේ ඔය යන්නේ හැටට හැටේ...
    එළ එළ, ඔය ගැම්මෙන්ම වාන්පතුල් කතා, කොස් කිරන කතා වලටත් බහිමු, ඈ...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      ම්හ්ම්..දිගටම මේ සෙල්ලම කරන්ට වෙන එකක් නෑ බොල...මම කලිනුත් කිව්වනෙ මේ දවස්වල අනපේක්ෂිත විවේකයක් හම්බ වුනා..බට් ඉට් විල් කම් ටු ඇන් එන්ඩ් වෙරි වෙරි සූන්...:(

      Delete
  4. පාඨක සිත් අමන්දානන්දයට පත් කරමින් රවි තුමා විසින් මේ දුරුතු මහේ කලා වූ සේවය 2018 වර්ශය පුරාවට කරගෙන යාමට ශක්තිය ලැබේවා

    ReplyDelete
    Replies
    1. නිමේෂ්,

      ආ..ඔය ඉන්නෙ මම ඒත් බැලුව මොකෝ මේ ජෑකොඩිය මිසිං කියල

      (ජෑකොඩියල ඉන්නෙ සුරංගලයි ගමේ උංගෙ අත්තම්ම තමයි එහෙම කියන්නෙ)

      Delete
    2. Pra,

      එහෙමයි ස්වාමීනී!!!

      Delete
    3. හෙහ් හෙහ්...හැබෑවට?

      Delete
  5. ඔය මාමණ්ඩිය ප්‍රසන්ටේෂන් එකට කොරල තියෙන දේ දැක්කම තමයි ක්‍රිෂාට මොළේ අමාරුව හැදෙන්නෙ. හැක්..

    මේක මේ විදියට නන්ස්ටොප් ගිහිල්ල අන්තිම හරිය අවුරුදු ගානක් අදීද දන්නෑ. හැක්..x2

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      නෑ..නෑ..එහෙම අදින්ට කල්පනාවක් නෑ..විල් ෆිනිෂ් ඇසැප්

      Delete
  6. කොටස් දිග මදි වුණාට කමක් නෑ, මෙන්න මෙහෙම එක දිගට අයියට ලියාගෙන යන්න පුළුවන්නම්. :)

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      ඇත්තටම පහුගිය කොටස් දෙක නැත්නම් තුන වගෙ ටිකක් කෙටිවුනේ කුසීත භාවය කරනකොටගෙන එහෙම නෙවෙයි..

      භගට් පරිච්ඡේද වෙන් කරල තිබ්බෙ එහෙමයි.අනික එකකින් එකකට සීනරි එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව.

      දැන් උදාහරණයක් ගත්තොත් අද කොටසින් පස්සෙ එන්නෙ ක්‍රිෂ්ගෙ ඔෆිස් එකේ සීන් එකක්...ඒක ටිකක් දිගට යනව. ඉතිං මම හිතුව ඒ ඔෆිස් සීන් එකේ බාගයක් පරිවර්තනය කරල මේකට ඈඳල දානවට වඩා හොඳයි ඒ සීන් එක අලුත් එපිසෝඩ් එකකින් ලියන එක කියල...:)

      Delete
    2. එහෙම හරියන්නෙ නැහැ...දිගට වගේම ඉක්මනටත් ඔනේ

      Delete
  7. අන්තිම ඡේදෙ කියවද්දි තමයි මං නොදැනුවත්වම තදකරගෙන හිටපු හුස්ම පහළට දාන්ඩ පුළුවං වුනේ. "ඇති ඔයිං බේරුණා" කියල හිතුණ.

    ReplyDelete
  8. මමනං හිතුවේ ඇන්නම තමයි කියල වාහනයක් පිටිපස්සෙන්.. හැක්.. හැක්.. කිරිසගේ වෙලාව තාම හොඳයි වගේ..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      ක්‍රිෂ්ගෙ වෙලාවට එහෙම දෙයක් උනේ නෑ..නැත්තං මාමණ්ඩිය ඒකටත් පස් පඩංගුවෙ බණීවි ක්‍රිෂ්ට....

      Delete
  9. Replies
    1. BEJ,

      අම්මෝ කියන මං එරන්දි...

      මං අම්මෝ කියපු එරන්දිගෙ හස්බන්ඩා...

      මං අම්මෝ කියපු එරන්දිගෙයි එයාගෙ හස්බන්ඩගෙයි බබා..

      (කොපි රයිට් - සුරා)

      Delete
    2. මළා.. මෙන්න දුර්ලභ අවස්ථාවක් ඔන් ද ස්පොට් රිප්ලයි ඇවිත් :) :) හැබෑට කෝ මේ සුරා... :) :)

      Delete
    3. BEJ,

      Today is Friday,
      For us here always a Holiday,
      So relaxing at home my dear BEJ,
      That's why replying on the spotනේ...

      Delete
  10. මදි මදි මදි.....................................................

    ReplyDelete
    Replies
    1. Madda,

      හරි හරි බං කෑනුගහ ඉඳු...:)

      Delete
  11. "කිරිසා" ගොඩ යන්නෙම ප්‍රසන්ටේසන් වලින් වගේ.... කලින් වතාවේ මැනේජර් බාලා රූකඩයක් කරගත්ත.... මේ සැරේ අනාගත මාමන්ඩි :P

    ReplyDelete
  12. මෙන්න මෙහෙම දවස ගානේ රස්සවට නොගිහින් හරි ලියනව නම් වෙන මොනාද ඉතිං! බයි ද වේ කෝ වාංපතුල්?

    ReplyDelete
  13. අර පටුන හදන කතිකාවට මොකද වුනේ? කාටවත් සජෙස්ට් කරන්නවත් බැහැ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...