Tuesday, August 16, 2011

33. මගේ කතාව - 3 ............ සාම්ප්රාදායික පිරිමියකු වීමෙන් මිදෙන්නට අසමත් වූයෙමි.



මගේ කතාව - 1


මගේ කතාව - 2


'' මම කතාව පටන් ගන්නම් අයියෙ මගෙ පොඩි කාලෙ ඉඳලම.......අපෙ අම්ම අප්පච්චි දෙන්නම ගුරුවරු......මට වයස අවුරුදු තුනක් වෙද්දි අප්පච්චි නැති උනා. ඊට පස්සෙ මගෙ මුලු ලෝකෙම උනේ මගෙ අම්ම.......අම්මගෙ මුලු ලෝකෙම උනේ මම..............''

" ඔන්න ඔය හින්දම අම්ම මාව පුදුම විදිහට ආරක්ෂා කලා. මට පොඩි කාලෙ අහල පහල කිසිම ළමයෙක් එක්ක අඩු ගනනෙ කතාබහ කරන්ඩවත් අම්ම ඉඩ දුන්නෙ නෑ. අපෙ අම්ම කිව්වෙ ඒ අය අපේ තත්වෙට ගැලපෙන්නෙ නෑ කියල. ඒ නිසා පොඩි කාලෙ ඉඳලම මම ගෙව්වෙ බොහොම හුදකලා වුනු ජීවිතයක්.හැම දෙයක්ම අම්මගෙන් අහල කරන්න, අම්ම කියල විදිහට කරන්න මට සිද්ද උනා කිව්වොත් අයියෙ ඒක තමයි ඇත්ත."

" ඔන්න ඔහොම තමයි අම්මගෙයි මගෙයි ජීවිත ගත උනේ. මම ඉගෙන ගෙන ඉවර වෙලා යුනිවර්සිටි ගියා උනත් ඒ තත්වය එහෙමම තමයි, කිසිම වෙනසක් උනේ නෑ. මම තාම අම්මගෙ පොඩි එකා...........හෙහ්, හෙහ්,"

රංජිත් අයියයි ජානකී අක්කයි මයෙ කතාව අහගෙන හිටිය සාවධානව. ඉඳහිට මිදුලෙ අඹ ගහේ වවුල්ලු පොර කන සද්දෙ විතරයි ඇහුනෙ. මුලු ලෝකෙම නිස්සද්දව මගේ කතාව අහගෙන ඉන්නව කියලයි මට හිතුනෙ....................

" රස්සාව කරන කාලෙ උනත් මම වැඩ කලේ අම්මට ඕන විදිහට. ඇන්දෙ අම්ම තෝරල දුන්නු ෂර්ට්, කලිසම්...........කෑවෙ බිව්වෙ අම්ම උයල දුන්නු දේවල්, අම්ම මගෙ මුළු ජීවිතයම පාලනය කරන වග මට නොතේරුනා නෙවෙයි, ඒත් මොකක්දෝ මටම නොතේරෙන හැඟීමක් නිසා මම ඒ අම්මගෙ පාලනයට කැමති උනාදෝ කියලත් දැන් මට හිතෙනව."

මම කතාව නවත්තල රංජිත් අයිය දිහාවෙ බැලුව. රංජිත් අයිය මා දිහා බලා හිටිය මිසක කිසිම දෙයක් කිව්වෙ නෑ........ඒ කියන්නෙ මට කතාව කරගෙන යන්න කියනව වගෙ......මම දිගටම කතා කලා......

" ඔන්න ඔය අතරෙ තමයි මට සචිනි මුණ ගැහුනෙ......සචිනි අපේ කම්පනි එකට ආවෙ රීසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට.........රංජිත් අයියට මතක ඇතිනෙ......"

රංජිත් අයිය මට එකඟතාවය පළකරන්න ඔළුව හොල්ලල වීදුරුවට පොඩ්ඩක් වක්කර ගත්තා.

" සචිනිගෙ ගතිගුණ වැඩ පිළිවෙල හැම දෙයක්ම මම මෙතෙක් දැනගෙන හිටපු කෙල්ලො හැමෝටම වැඩිය වෙනස්.සචිනි කියන්නෙ කියන දේ කරන, කරන දේ කියන ඒ වගේම තමන් විශ්වාස කරන දේ බය නැතුව හැමෝම ඉස්සරහ කියන්ට ධෛර්යය තියන කෙල්ලෙක්. A girl who is not afraid to speak her mind ...heh, heh. අන්න ඒ විදිහෙ කෙල්ලෙක්.මම මුලින් ඇත්තටම සචිනි ගැන පුදුම උනා........කෙල්ලෙක් වෙලත් තමන් විශ්වාස කරන දේ බය නැතුව කියන්ඩ, ඒ වෙනුවෙන් පෙනී හිටින්ඩ ධෛර්යය තියන කෙනෙක් කියන්නෙ මට මෙතුවක් කාලෙකට හමු නොවිච්චි කෙනෙක්. ඇත්තටම මට එහෙම ධෛර්යයක් තිබුනෙම නෑ. අම්ම තමයි මම වෙනුවෙන් හැම දේකටම තීරණ ගත්තෙ."

" ඔන්න ඔය නිසාමයි අයියෙ මම සචිනි එක්ක සම්බන්ධයක් ඇතිකර ගන්ට හිතුවෙ........."

" මට දැන් හිතෙනව......අපක්ෂපාතීව කල්පනා කරල බැලුවම.......... අම්ම ගැන මගේ යටි හිතේ තිබුනු අප්රසාදය......ඒ කිව්වෙ මගේ ජීවිතය අම්මට ඕන විදිහට පාලනය කරන එක ගැන මගේ හිතේ තිබුනු අප්රසාදය නිසාමද මම සචිනිට කිට්ටු උනේ කියල....."

ඇසළ පුරා හඳ ආයෙම මතු වෙලා........අහසෙ නෑ එකම වලාකුලක්වත්......හන්තානෙ කන්ද උඩින් හඳ පායල තියන අපූරුව බලන්ට ලස්සනයි.

මහ සද්දෙන් දිගට දිගේ කෝච්චියක් ගියා ගම්පල පැත්තට.හූ හඬ තියාගෙන. ටිකින් ටික ඒකෙ සද්දෙ මැකිල යනකල් මම නිහඬ උනා.

" බදුල්ල නයිට් මේල් එක " රංජිත් අයිය කිව්ව.


" එකොළහමාරයි" එහෙම කිව්වෙ ජානකී අක්ක.

"
ජානකී, නිදිමතනම් නිදාගන්ට " රංජිත් අයිය ආයෙම කිව්ව අක්ක දිහා බලන ගමන්.

" නෑ,නෑ, මට මොන නිදිමතක්ද? අජන්තගෙ කතාව අහලම ඉමු.....ඉන්න මම මේසෙ වහල එන්නම්........"

ජානකී අක්ක ආපහු ආවෙ මයියොක්ක පීරිසියකුත් අරගෙන, " ගන්න අජන්ත පේරාදෙණිය පොලෙන් ගෙනාවෙ අද උදේ "

" ඉතින් අජන්ත " රංජිත් අයිය මයෙ දිහාවෙ බලල මයියොක්ක කෑල්ලක් කටේ දාගත්ත.

" සචිනි ගැන මම අමුතුවෙන් කියන්ට ඕන නෑනෙ අයියෙ, අයිය දන්නවනෙ එයා ගැන හොඳටම........" මම ආයෙම කතාව පටන් ගත්ත.

" මම අර කිව්ව වගේ සචිනිට මම මේ තරම් කිට්ටු උනේ, අම්මට අම්මගෙ පාලනයට මගෙ යටි හිතේ තිබ්බ අකමැත්ත කියලයි මට දැන් හිතෙන්නෙ.....මට සමහර විට ඕන කරල තියෙන්න ඇත්තෙ අපෙ අම්මට යටත් නොවන අම්මට විරුද්ධව නැඟී සිටින භාර්යාවක් වෙන්න ඇති."

" ඔව් මල්ලි, එහෙම වෙන්න පුළුවන්, හුඟක් වෙලාවට අපි කරන දේවල් මොකට කරනවද කියල අපිටම තේරුමක් නැති උනාට ගැඹුරට කල්පනා කරල බැළුවොත් ඒ හැමදේකදිම අපිව මෙහෙයවල තියෙන්නෙ යටි හිත." රංජිත් අයිය කියන්නෙ හැමදෙයක් ගැනම බොහොම උනන්දුවෙන් කියවන හදාරන කෙනෙක්.

" ඒත් එක්කම සචිනිගෙ සාම්ප්රදායික නොවන ගතියත් මගෙ හිත තදින්ම ඇද ගත්ත.සාමාන්යයෙන් ගැහැණු හිතන විදිහට නෙවෙයි එයා හිතුවෙ. හැම දෙයක් ගැනම එයාට එයාගෙන ස්වාධීන අදහස් තිබුන. ඒ වගේම තමන්ගෙ මතය කියන්ට එයා කොයිම වෙලාවෙවත් පොඩ්ඩක්වත් බය උනේ නෑ. " රංජිත් අයිය සිනහ මුසු මුවින් ඔලුව වනල මගෙ කතාව අනුමත කලා.

" මල්ලි සචිනි ගැන කිව්වම අම්ම මොකද කිව්වෙ? " ඒ
ජානකී අක්ක එහෙම ඇහුවෙ.

" අම්ම කිසිම දෙයක් කිව්වෙ නෑ....ඒ කියන්නෙ විරුද්ධ වෙන්ට හේතුවක් තිබුනෙ නෑ අම්මට, පුතාට හොඳයි කියල හිතෙනවනම් මට කමක් නෑ.එහෙමයි අම්ම කිව්වේ අන්තිමට."

" ඉතින් ඔන්න අපි බැඳල අපෙ ගෙදර පදිංචි උනා......වෙනම ගෙදරක් ගැන සචිනි කතාකලෙත් නෑ........"

" එයා එහෙම වෙනම පදිංචියට යන්න ඕන කිව්ව නම්, අජන්ත මොකද කියන්නෙ? " ඒ ඇහුවෙ අක්ක.

" එහෙම කිව්ව උනත් මට අම්මව දාල යන්න බැහැනෙ අක්කෙ කොහොමද මම එහෙම කරන්නෙ?" මම උත්තර දුන්නෙ ටික වෙලාවක් නිහඬව ඉඳල....

" හරි, හරි, දැන් එහෙම වෙනම ගේකට යන ප්රශ්නයක් මතු වුනේ නෑ කියනවනෙ අජන්ත.......ජානකී හරියට ලෝයර් කෙනෙක් වගෙනෙ හරස් ප්රශ්න අහන්නෙ " රංජිත් අයිය කිව්වෙ හිනා වෙවී.

හීතල ටික ටික වැඩි උනත් මත්පැන් වල බලපෑම නිසා මට සීතල ඇත්තටම දැනුනෙ නෑ.

" මට නම් සීතලයි, ඔයාලට නම් ගානක් නැතුව ඇති " ජානකී අක්ක ගෙට ගිහිල්ල ස්වේටර් එකක් ඇඳගෙන ආව.

" මුලින්ම ප්රශ්නයක් මතු උනේ සචිනි කලිසම් අඳින එකට අපෙ අම්ම අකමැති වුනු එකයි.අම්ම ඔය ගැන මට කිව්වම මම කෙලින්ම සචිනිට කිව්ව මීට පස්සෙ කලිසම් අඳින්ට එපාය කියල.මම හිතුවෙ සචිනි ඒකට විරුද්ධ වෙයි කියල.......නෑ, එයා ඒකට කැමති උනා......ආයෙ ටික දවසකින් සචිනි තනියම ......තනියම කිව්වට තනියමමත් නෙවෙයි එයාගෙ යාළුවෙක් එක්ක කොළඹ පොත් ප්රදර්ශනේ බලන්ට ගියාය කියල මම එයාට දොස් කිව්ව.එයා ඇත්තටම කලින් දවසෙ මට කිව්ව ඒ ගැන. මමම තමයි කිව්වෙ මට යන්ට වෙලාවක් නෑ කියල. ඒත් මම එයා පහුවදා යාළුවෙක් එක්ක ගියාය කියල එයාට දොස් කිව්ව. "

" එහෙම දෙයක් කලේ ඇයි කියල මල්ලි ඊට පස්සෙවත් කල්පනා කලේ නැද්ද? "
ජානකී අක්ක ඇහුවෙ බොහොම හෙමිහිට.

" මොකෝ නැතුව අක්කෙ, අක්කට ඇත්තම කියන්නද? ඔය අවස්තා දෙකේදිම අම්ම මට ඔය ගැන කිව්ව එක ඇත්ත.....ඒත් මට ඕන නම් තිබුන ඕක ඒ හැටි ගනන් නොගෙන ඉන්න....ඒත් මම එහෙම කලේ නෑ......අක්ක හිතන්නෙ ඒ ඇයි කියලද?......මම මේ කියන්නෙ අවංකවම ඇත්ත අක්කෙ,.......මටත් ඕන කම තියෙන්ඩ ඇති සචිනිගෙ ස්වාධීන කම පාලනය කරන්න..."

" අක්ක දන්නවද බොහොමයක් පිරිමි කැමතියි ස්වාධීන අදහස් තියෙන සාම්ප්රදායික නොවන ගැහැණුන්ට ආදරේ කරන්න......ඒ තමන්ගෙ පෙම්වතිය කැපීපෙනෙන සුවිශේෂී කෙනෙක්ය කියන මාන්නය හින්ද....ඒත් කසාද බැන්දම ඒ ගතිය කොහෙන් ගියාද කියල නැතිවෙනව.තමන්ගෙ භාර්යාව අර කලින් පෙම්වතිය කාලෙ වගෙ ස්වාධීනව ඉන්නව දකින්ට පොදුවේ බොහොමයක් පිරිමි කැමති නෑ.......මමත් අන්න ඒ පොදු පිරිමි ගොඩටයි වැටෙන්නෙ......" සීතල හුළඟ තදටම හැමුවත් මගෙ නලලෙ දාඩිය බිංදු කීපයක් මතුවෙලා තිබුන. ඒ මම හිතන්නෙ මත්පැන් නිසා වගේම මගෙ කතාවෙ හැඟීම් බර ස්වභාවය නිසාත් වෙන්න ඇති.

අයියයි අක්කයි ඇහිපිය නොහෙලා මා දිහා බලාගෙන හිටිය.සඳළු තලේ මැද බාල්කෙන් එල්ලුනු විදිලි පහන වටේට කැරකුනු කුරුමිණියෙක් රංජිත් අයියගෙ කකුල් ගාවට වැටුන......හෙමිහිට නැගිටල කඩදාසි කෑල්ලකට ඌව අරගෙන එළියට වීසිකරපු රංජිත් අයිය වීදුරුව පුරවගෙන ආපහු ඉඳගත්ත.

" සිරා කතාවනෙ අජන්ත.......බීපු ටිකත් හිඳිල ගියා.....මේ ඇත්තමයි......තව එකක් කඩන්ඩ වෙයිද මන්ද.........හෙහ්,හෙහ්......" අයිය කිව්වෙ අක්ක දිහාවෙ හොරැහින් බලන ගමන්.

" මොනව කඩන්ඩද?........කතාව කියන්නෙ අජන්තනෙ.......අහගෙන ඉඳලද ඔයාගෙ වෙරි හිඳෙන්නෙ?.......මම කිව්වයි කියල හිතාගන්ට "
ජානකී අක්ක බොරු තරහක් මවාගෙන කෑගැහුව.

" හෙහ්....හෙහ්......හෙහ්....." රංජිත් අයියගෙ හිනාවෙ සද්දෙ මිදුලෙ අඹ ගහ පහුකරල ගම්පල පාර දිහාවට විහිදුනා.

මතු සම්බන්ධයි...............

28 comments:

  1. Ithuru Tikath ona........api balan innawa

    ReplyDelete
  2. අපේ අක්ක කෙනෙක් බැඳලා ගියා අයියලගෙ ගෙදර පදිංචියට. අක්ක ඒ ගෙදරින් පිට වෙලා කොහෙ හරි යනකල් ඉඳලා ඒ නෑනලා එයාගෙ අල්මාරිය අදිනවලු. ඒ අක්කට මුකුත් කියන්නත් බෑ. ඊට පස්සෙ ඒ අක්කා කොහෙ ගියත් අල්මාරිය ලොක් කරලා යතුර අරන් යන්න පටන් ගත්තා. එතකොට ඒ නෑනලා අයියට කේලම් කියලා ගෙදර මිනිස්සුන්ව ඒ අක්කා නිස්කාරනේ සැක කරනවා කියලා. ලොකු ප්‍රශ්නයක් උනා ඒ හන්දා. අනේ මන්දා පවුල් ජීවිතේ කියන්නෙ අතුරක යනව වගේ තමා.

    ReplyDelete
  3. මගේ කතාව කියෙව්ව 1,2,3 ඔක්කොම එක පාරම.ඉතුරු ටික කෝ ඉක්මනට ලියන්න.මේක ඇත්ත කතාවක් නෙමේ නේද?

    ReplyDelete
  4. සෑහෙන බොන්න වෙන කතාවක්, බීම නවත්තල දැන් ටික දවසක්, නැත්නම් බලන්න තිබුන වැඩ; මොන ප්‍රශ්නේ ආවත් ආන්ඩුවටමනේ වාසිය, හම්බ කරන එකෙන් බොනව, බීම විකුනා ලැබෙන ආදයමින් බදු ගන්නව, පිරිමි බීල බැනුම් අහනව.

    ReplyDelete
  5. ඔය තියෙන්නේ ඇත්ත. වෙනස් විදියක් කෙනෙක් දැක්කාම එයාට ආදරේ කරන්ට පෙළඹෙනවා. භාර්යාව උනාට පස්සේ එයාව ආන්ඩු මට්ටු කරලා එයාගේ 'නිදහස' නැති කරන්ට හදනවා. මේ සමහර අම්මලා කරන දේවලින් ඉදිරියේදී දුක් විඳින්ට වෙන්නේ අහිංසක ගෑනු ලමයින්ටයි. ලංකාවේ පිරිමි හැමදෙනාම මේ විදිය නම්:

    1. මෙයාලට හොඳ trainingදෙන්ට ඕනි බඳින්ට කලින්.

    2. නැත්නම් ඉස්කෝලවල පහල පන්තිවල ඉඳන් මේ ගොල්ලන්ව මෙයාලව පුහුනු කරන විෂයයක් තියෙන්ට ඕනි. (උගන්වන ගුරුවරුන්ට ඉතින් දෙවියන්ගෙම පිහිටයි.)

    3.නැත්නම් ඉතින් මෙයාලා නොබැඳ ඉන්ට ඕනි.

    මේවා අහපුවාම ලංකාවේ පිරිමියෙක්ව බඳින්ටත් බය හිතෙනවනේ...:D

    ReplyDelete
  6. බඳින්න කලින් මොනව කතා කළත් විවාහය තුලදී ලංකාවේ පිරිමි වැඩි දෙනෙක් සම්ප්‍රදායිකයි.
    මැණික්

    ReplyDelete
  7. @ මැණික්,

    සහතික ඇත්ත.

    @ රවී අයියා;
    හිතට එන ගැඟීම ගලප ගන්න බෑ..

    ReplyDelete
  8. මේ කතා පෙල තුල ලොකු සමජ විමසුමක් දකින්න ලැබෙනවා සිතේ. සම්ප්‍රදායීක රාමුව කියන ගිරය විස්තර කරන ලස්සන අපූරුයි.

    ReplyDelete
  9. බොහොමයක් පිරිමි කැමතියි ස්වාධීන අදහස් තියෙන සාම්ප්රදායික නොවන ගැහැණුන්ට ආදරේ කරන්න......ඒ තමන්ගෙ පෙම්වතිය කැපීපෙනෙන සුවිශේෂී කෙනෙක්ය කියන මාන්නය හින්ද....ඒත් කසාද බැන්දම ඒ ගතිය කොහෙන් ගියාද කියල නැතිවෙනව.තමන්ගෙ භාර්යාව අර කලින් පෙම්වතිය කාලෙ වගෙ ස්වාධීනව ඉන්නව දකින්ට පොදුවේ බොහොමයක් පිරිමි කැමති නෑ.......මමත් අන්න ඒ පොදු පිරිමි ගොඩටයි වැටෙන්නෙ......"

    මට කියන්න ඕනදේ ත් ඕකයි .මන් මොකටද ආයේ ලියන්න මහන්සි වෙන්නේ . කොපි ඇන්ඩ් පේස්ට් . සමහර පිරිමි චුට්ටක් වෙනස්. මේ අපේ බනිලගේ තාත්ත වගේ . සේරම පිරිමි නරකයි කියන එකත් පව්නේ ඉතින් මට සැහෙන නිදහසක් ලැබිල තියෙද්දී .

    ReplyDelete
  10. හ්ම්ම්ම්ම්.............. එක හුස්මට කි‍යෙව්වා සචිනිවයි ම‍ගේ කතාවයි ‍දෙකම. අ‍නේ මංදා...... තමා. ඒත් එකක් ‍පේනවා. අජන්ත තමං‍ගේ වැරදි දකිනවා ඒවා හදාගන්න උත්සාහ කරයි ව‍ගෙත් ‍පේනවා. ඒ නිසා ඉස්සරහට කතාව ‍පොසිටිව් ‍වෙයි කියලා හිතනවා.

    ReplyDelete
  11. මටනම් කියන්න කිසිම දෙයක් හිතාගන්න බෑ රවී අයියේ .. කතාව සුපිරිම ගනයේ කතාවක් කියලා මට දැනටමත් හිතිලා ඉවරයි ..

    රවී ඔයා ලියන හැටි නියමයි . කියවන කෙනාට කිසිම වැඩක් නැති වුණත් ඔයා අවට පරිසරයේ වෙච්ච සිදුවීම් කතාවට එකතු කරලා තියන හැටි අපූරුයි . ඒකෙන් කතාවට අමුතුම රසයක් දැනෙනවා . අපි ඒ ස්ථානයේ ඉන්නවා වාගේ හැඟීමක් දැනෙනවා ..

    අපි මොක්කුද බං .. උඹ තමයි සිරාවටම කතා ලියන එකා ..

    ReplyDelete
  12. @ සනෝජ් තරංග,

    හරි, හරි, ලියනව.......ලියනව........ඉක්මනට දාන්නම්.....

    ReplyDelete
  13. @ පිණිබිඳු.....

    / අනේ මන්දා පවුල් ජීවිතේ කියන්නෙ අතුරක යනව වගේ තමා. /

    ජීවිතේ හැමදේකම අඩු වැඩි වශයෙන් Risk එකක් තියනවනෙ නංගි.......පවුල් ජීවිතෙත් ඒ වගේම තමා......අතුරේ යන උදාහරණෙ නම් හරියටම හරි.....ගොඩක් වෙලාවට ප්‍රශ්න මතුවෙන්නෙ හැරපට, අත්වැල හයියට තිබ්බට හිටපු ගමන් හමාගෙන එන බලාපොරොත්තු නොවිච්චි තද සුළං කෝඩ නිසයි.......

    පවුල් ජීවිතේ, Foul ජීවිතේ නොවෙන්න වගබලාගන්න එක ඉතින් යුවති පති දෙන්නගෙම වගකීම..

    ReplyDelete
  14. @ නදී,

    ඇත්තමත් නෙවෙයි.......තනිකරම ගොතපු එකකුත් නම් නෙවෙයි.......සත්‍ය සිද්ධීන් කීපයක් ආශ්‍රයෙන්, මෙහෙම උනොත් කොහොම වෙයිද?.......එහෙම නැත්නම් එයා මෙහෙම හැසිරුනොත් අරය මොනව කරයිද?....කියල හිතල කල ප්‍රබන්ධයක්........

    ReplyDelete
  15. @ Dhayal Bathee,

    / මොන ප්‍රශ්නේ ආවත් ආන්ඩුවටමනේ වාසිය, හම්බ කරන එකෙන් බොනව, බීම විකුනා ලැබෙන ආදයමින් බදු ගන්නව, පිරිමි බීල බැනුම් අහනව. /

    අම්මප ඇත්ත කතාව......උඹ බොන්නෙත් නෑ කිව්වනෙ.....ඇරහං කට....අනේ ජානකී අක්කෙ ඔබහං මුගෙ කටේ ඔන්න ඔය ලොකුවයින් මයියොකු කෑල්ලක්කත්.....හෙහ්, හෙහ්,

    පිරිමි බීල බැනුම් අහනව,.........ඒ බැණුං කෝටිය ඉවසගන්ඩ බැරුව පහුවදා ආයෙත් බොනව......ආයෙම බැණුං අහනව........කොහෙං ගියත් කැරකිල, අතේ තියන තුට්ටු දෙක ආණ්ඩුවට යනව,

    ReplyDelete
  16. @ Podi Kumarihami,

    / 1. මෙයාලට හොඳ trainingදෙන්ට ඕනි බඳින්ට කලින්. /

    අන්න වැඩේ නෝනො.....මොකෝ කියන්නෙ ලංකාවට ඇවිත් අර පරණ වලව්වෙ මකුළු දැල් කඩල කාරිය, තින්ත සුට්ටක් විතර උලල එහෙම දාමු පාඨමාලාවක්.........හෙහ්, හෙහ්,

    නිවේදනයයි.

    විවාහාපේක්ෂිත තරුණයිනි,

    විවාහ ජීවිතයට ඇතුලත් වීමට පෙර ඔබ අනිවා ඩෙෆා ෆලෝ කල යුතු මහා කෝස් රාජයා මෙන්න.

    පාඨමාලා සංවිධානය සහ ඉදිරිපත් කිරීම - ලොව සුපතල, නිල් අහස යට සහ මේ මහ පොළොව මත සියලුම කාරණා කටයුතු පිළිබඳ විශේෂඥ.....අති ගෞරවාර්හ ධුරන්දර......පොඩි කුමාරිහාමි මැතිණිය....

    Pre-nuptial training course for all unmarried young men who wants to stay in one piece & be sane,

    මෙම දින තුනක නේවාසික පාඨමාලාව අවසානයේ ඔබ පහත සඳහන් ගති ලක්ෂණ වලින් අනූන ආදර්ශමත් සහකරුවකු වීමට සුදුසුකම් ලබන බවට පො.කු.මැතිණිය සහතික වෙයි.

    ( සැ.යු.- ස්වාමියා යන්නෙන් අධිපති බවක් හැඟීයන බැවින් මෙහිදී සහකරු යන පර්යාය වදන යෙදූ බව කරුණාවෙන් සළකන්න.)

    1. වෙහෙස මහන්සි වී පාන් කියාගන්නට පවා නොහැකිව ගෙදර පැමිණිය කල්හි...." අනේ ,මෙයා.....මම අද ජිම් ගිය නිසා මොකවත් ඉව්වෙ නෑ......අර අලුත් තායි රෙස්ටොරන්ට් එකෙන් රෑට මොනව හරි ගේන්නකො" මේ වදන් වලට ප්‍රතිචාර වශයෙන් සිනාමුසු මුහුණින් "Okay Dear, no problem, will do it " පැවසීමට හැකිවීම.

    2." මේ අනේ අද මම උයනවා.....ඔයා කලින් එන්න හොඳේ රත්තරං " පැවසූ කල්හි සිතට පුරුෂ ධෛර්යය උපදවාගෙන යුදබිමට යන්නාවූ රණවිරුවකුසේ අධිෂ්ඨාන පූර්වකව නිවස කරා පැමිණීමට හැකිවීම.

    3. ඇය පිළියෙල කල ආහාර අනුභවයේදී අන්නසෝත්‍රය සහ ආමාශය කොපමණ විරුද්ධතා දැක්වුවද ඒ යටපත් කොට කෙතරම් අසීරුවෙන් වුවද ආහාරය ගිරියෙන් පහලට තල්ලු කරන අතර " කොහොමද අනේ කෑම?, රහද? " ඇගේ පැනයට පිළිතුරු ලෙස " අනේ ඇත්තමයි කෙල්ලෙ....මෙහෙම කෑමක් මයෙ ජීවිතේටම කාල නෑ" සිනාමුසු මුහුණින් පැවසීමට හැකිවීම ( Actually it's the absolute truth......)

    4. Finally the ability to say " yes dear, you are absolutely correct " with a radiant smile & a straight face to any absurd suggestion or idea she may come up with at a regular basis.

    එන්න .......තරුණයිනි, සාර්ථක විවාහ දිවියකට මඟ........ඔබත් පොඩ්ඩීගේ පාඨමාලාව හදාරා ප්‍රීතිමත් සහකරුවකු වන්න......

    ReplyDelete
  17. @ මැණික්,

    නවම් කියාපු එකම තමයි කියන්ට තියෙන්නෙ, සහම සහතික ඇත්ත. Certificate truth

    ReplyDelete
  18. @ nawammawatha,

    / හිතට එන ගැඟීම ගලප ගන්න බෑ../

    හෙහ්, හෙහ්, මටත් බොහෝවිට ඔහොම වෙනව උඹ ලියන එව්ව කියවද්දි......

    ReplyDelete
  19. @ ගල්මල්-Coral

    බොහොම ස්තූතියි ඩීන්, ඔබේ විචාරාත්මක අදහස් දැක්වීම මට ලොකුම ධෛර්යයක්....

    මේ සම්ප්‍රදාය කියන එක කඩා බිඳ දාන්න හිතන තරම් ලේසි නෑ ඩීන්, අපි හැමෝම ඒ උගුලෙ අහුවෙලා ඉන්නෙ.....

    ReplyDelete
  20. .@ Bindi,

    / සමහර පිරිමි චුට්ටක් වෙනස්. මේ අපේ බනිලගේ තාත්ත වගේ . සේරම පිරිමි නරකයි කියන එකත් පව්නේ ඉතින් මට සැහෙන නිදහසක් ලැබිල තියෙද්දී ./

    මගේ සුබ පැතුම් බින්දි.....

    ඔබ ඇත්තටම වාසනාවන්තයි ඒ වගෙ සහකරුවෙක් ලබන්නට.....

    ඒත් මොකෝ මේ චුට්ටක්..........හොඳටම වෙනස් නැතෙයි?........හෙහ්, හෙහ්,

    ReplyDelete
  21. @ හා පැටික්කි (MS )

    එහෙම තමයි වෙන්න ඕන........මෙතනින් එහාට Positive වෙන්ඩම එපාය නේද?

    ReplyDelete
  22. @ හිස් අහස,

    ස්තූතියි සඳරු, සුපුරුදු ඔබේ වචන ටිකට.....ඒ වචන ටික මට වටිනව කෝටියක්...මේ ඇත්තමයි,

    / අපි මොක්කුද බං .. උඹ තමයි සිරාවටම කතා ලියන එකා ../

    නිකම් පිස්සු කතා කියන්න එපා බොල, අලිය දන්නෙ නෑ අලියගෙ සයිස් එක ......හෙහ්, හෙහ්,

    ReplyDelete
  23. නිරායාසයෙන්ම අන්තිමට යනකම් කියෙවුව. බොහොම ගුනාත්මකයි.. ඉස්සරහටත් කියවමු පණ්ඩිත කතා නොලිය..

    ReplyDelete
  24. අජන්ත කලින් සචිනිගෙ ස්වාධීන ගත් වලට ආදරේ කරල පස්සෙ ඒක වෙනස් කරන්න ගියා නම් ඉතින් වැරදියි.

    ReplyDelete
  25. @ සරත් ලංකාප්‍රිය,

    / ඉස්සරහටත් කියවමු පණ්ඩිත කතා නොලිය../

    ස්තූතියි සරත්, ආයෙ ලියන්නෙ නෑ පණ්ඩිත කතා.......හෙහ්, හෙහ්,

    ReplyDelete
  26. @ Kasun,

    වැරදියි, වැරදියි, ඉත්තේරුවෙන්ම වැරදියි,

    ReplyDelete
  27. ඔන්න මම අවසර නොගෙන මේ කතාවෙ වැදගත්ම වචන් ඩිංගිත්තක් වෙනස් කොලා මෙන්න මෙහෙම මගේ අත්දැකීම් අනුව හොහ් හොහ් හික්

    "බොහොමයක් පිරිමි කැමති ස්වාධීන අදහස් තියෙන සාම්ප්‍රදායික නොවෙන ගෑණු ලමයි තමගෙ හොඳ යාලුවො විදියට ඒත් සමහර වෙලාවට අතේ දුරින් තියාගන්න . විවාහවෙන්න සොයන්නේ සාම්ප්‍රදායිකව බොහොම සුකුමාල , සියුමැලි , ලද බොලඳ හැම දේටම ස්වාමියාගේ සහය පතන, බොහොම සුවිනීත ගෑනු දරුවන්ට .මොකටද අප්පා ඔය ස්වාධීන , සාම්ප්‍රදායික නැති පිරිමින්ගේ බාසාවෙන් කිව්වොත් ෆාස්ට් නම්බර්ස් කරේ එල්ලන් දුක් වින්දින්නෙ නේද මෙයා . හොහ් හොහ්

    දෙයි හාමුදුරුවනේ අපේ අනාගත එක්කෙනාගේ අම්මා මට කලිසං අඳින්න එපා කිව්වොත් ඉතින් මහ විනාසයක්. මම සාරියක් පොරවන්නේ අවුරුද්දට දෙතුන් සැරයක් නේ . හොහ් හොහ්

    ReplyDelete
  28. / දෙයි හාමුදුරුවනේ අපේ අනාගත එක්කෙනාගේ අම්මා මට කලිසං අඳින්න එපා කිව්වොත් ඉතින් මහ විනාසයක්. මම සාරියක් පොරවන්නේ අවුරුද්දට දෙතුන් සැරයක් නේ . හොහ් හොහ් /

    Please Calm down TG, calm down, this is an extreame case that I have written about, I dont think the actual situation is that bad, so please relax, okay?

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...